Tuesday, June 28, 2011

මඳසරුභාවයට විකල්ප ප්‍රතිකාර. ( කරලා බලන්න.)

අන්තිමට මම ලියූ සටහන අනුව අපි කථා කලා මඳසරුභාවයට පිළියම් යොදන ආකාරය.

ඒත් සමඟම ඔබට මතක ඇති අපි කථා කලා මඳසරුභාවයේ එක් කොටසක් වන පැහැදිලි හේතුවක් සඳහන් කල නොහැකි තත්වයක් ගැන.

අපි දන්නවා මේ ලෝකෙ වෛද්‍ය විද්‍යාව ඉතාමත් තාක්ෂණිකව දියුණු තත්වයක දැන් තියන්නේ. නමුත් ස්වභාව ධර්මය ඉක්මවන්න තාම මිනිසාට හැකිවෙලා තියනවද කියන ගැටළුව අපිට තියනවා නේද?
නීරෝගී විවාහක යුවලක් නිතර නිතර සංසර්ගයේ යෙදීමෙන් දරුවකු පිලිසිඳ ගැනීමේ ප්‍රතිශතය 40% පමණ තමයි වෙන්නේ.

ඔබ දන්නවාද අද තියන කෘතිම ක්‍රම මගිනුත් තාම මේ ප්‍රතිශතය ඉක්මවා යන්න බැහැ කියලා.

හොදම උදාහරන තමයි. අද ලෝකෙ තියන ඉතාම නවීනම ක්‍රම,
(1) ඩිම්භයක් නලයකට ගෙන එයට ශුක්‍රාණු දමා සංසේචනය කර වීම. IVF
(2) තවත් ක්‍රමයක් තමයි ඩිම්භය ශරීරයෙන් පිටට ගෙන එය සිදුරු කර ශුක්‍රාණුවක හිස පමණක් වෙන් කරගෙන එම සිදුරෙන් ඇතුල් කිරීම. ICSI
(3) තවත් අළුත් ක්‍රමයක් තියනවා මේ ක්‍රමය තාම ලංකාවට පැමින නැහැ. ශුක්‍රාණුව හිස පමණක් මව්ගේ ශරීරයේ තිබෙන ඩිම්භයට ඇතුල් කරන ක්‍රම. GIFT

මේ එකකවත් සාර්ථකත්වය තාම 40% පැමිණිලා නැහැ.

මේ සියල්ලෙන් අපිට පැහැදිලි වෙනවා නේද?

අපි මොනතරම් දියුණු වුවත් මේ ස්වභාව ධර්මයේ ප්‍රතිශතය ඉක්මවා යාමට අපිට හැකි වෙලා නැහැ කියලා.

ඔව් ඒක එහෙම තමයි මම හිතන් නැහැ.

අපිට ඒක කරන්න හැකි වෙයි කියලා. නමුත් අපි කල යුත්තේ මේ මඳසරුභාවයට හොඳ පිලිතුරක් සොයා ගන්න එක නේද? ඒත් ඒක ස්වභාව ධර්මය නොඉක්මවනවා වෙන්න පුලුවන්, ඒත් කාට හරි යහපතක් කරන්න පුළුවන් නම ඒ ඇතිනේද?

දැන් අපි බලමු කෙනෙක්ට ඉතාම හොදින් ඩිම්භ ඇති වෙනවා නම් ඒ අයගේ කායික ව්‍යුහාවේවත් හෝමෝන ක්‍රියාකාරීත්වයේවත් වෙනත් කිසිම ප්‍රශනයකුත් නැත් නම් පියාගේ තත්වයත් සාමාන්‍ය නම් ඇයි දරුවන් නොසෑදෙන්නේ කියලා.

මෙතන්දී මුලින්ම අපි බලමු දරුවන් ඇති කිරීමට අවශ්‍ය සාධක මොනවද කියන එක.
1. මවගේ හොදින් මේරූ ඩිම්භ.
2. පියාගේ අතිශයින් නීරෝගී ශුක්‍රාණු
ඇත්තෙන්ම මෙපමණයි අවශ්‍ය වන්නේ.

ඒත් ආයුර්වේද පුද්ගලයෙක් ලෙස මම දන්නවා මෙයිට වඩා දෙවල් අවශ්‍යයි කියලා.
ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරමු.

මම පොඩි උදාහරනයක් ගෙන්නම්. ( මගේ කොම්පියුටර් දැනීම බොහොම බාලයි. ඒත් මේක මම හදාගෙන තියන්නේ මේ දේ පැහැදිලි කරන්න. මගේ වරදක් තියනවා නම් කියන්න. ඒක මගේ දියුණුවටත් විෂයේ දියුණුවටත් වටිනවා.)
දැන් අපි දන්නවා මේ කොම්පියුටරවල හාඩ්වෙයාර් (Hard wear) සොෆ්ට්වෙයා (soft wear) කියලා කොටස් දෙකක් තියනවා ඒත් මේ දෙක වෙන වෙනම අරගත්තොත් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා නැති කම්පියුටර් එකකට මොනවද කරන්න පුළුවන්? මොකක්ද ඒකෙන් තියන ප්‍රයෝජනේ?

මෙන්න මේ තත්වයට සමාන කරන්න පුලුවන් අපි මේ කියන තත්වයත්. අපි දන්නවා යම් අවස්ථාවක කලලයක් ඇති වූ පලියටම එය වර්ධනය වන්නේ නැහැ. මාස තුනක් වැනි කාලයක් තුල මේ තත්වය සම්පූර්ණ නොවී කලලය නැති වෙලා යන්න පුළුවන්.

ඒත් අපිට ඒකට හේතුවක් හරියට කියන්න අමාරුයි.(මේකට හේතු බුදු දහමේ චේතනා සූත්‍ර 1, 2, 3, 4 සඳහන් වෙලා තියනවා)

මෙවැනි ගබ්සා වීම් හරි බහුලයි. තාමත් මෙවැනි දෙ සිදුවන නියම හේතූන් සොයාගෙන නැහැ.

දැන් ඔබට පේනවා නේද මේ කලලය අර සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා නැති කම්පියුටර වගේ අසම්පූර්ණයි. එම නිසා කලලය පිට වෙනවා. එහෙමත් නැත් නම්, මේකත් හරියට ක්‍රියාකාරී ශක්තිය(Activation Power) නැතිව කලලය විනාශ වීමක් බව අපිට පේනවා. ඒත් මොකක්ද මේ ක්‍රියාකාරී ශක්තිය කියන ගැටළුව දැන් අපිට එනවා නේද?

බටහිර විද්‍යාවන් තුල මේ තත්වය විස්තරවෙන් නැහැ. ඒත් ආයුර්වේදය, බුදුදහම වගේ අපේ විද්‍යාවන් තුල මේ ගැන කරුණු සඳහන් වෙනවා. ඔබට මතකද අපි දහම් පාසලේදී ඉගෙන ගත් ත්‍රිපිටක ධර්මයන් තුල, එහෙමත් නැත් නම් අභිධර්මයේ මේ වැනි තත්වයන් අපිට හමුවෙලා තියනවා.
ත්‍රිපිටකයේ එන මජ්ජිම නිකායේ මූල පන්නාසකයේ ඇති ප්‍රධාන සූත්‍රයක් වන මහා තණ්හාසංඛ සූත්‍රය අනුව මේ තත්වය ඉතාමත් හොදින් පැහැදිලි කල හැකියි.

එහි සඳහන් වෙනවා
1. යම් ස්ත්‍රියක් සෘතු ලබා නිසිකල ඇතිවන පුරුෂ සංයෝගය,
2. මව් කුසේ දරු ගැබක් හට ගැනීමට සුදුසු වාතාවරණයක් තිබීම.
3. සුදුසු ගන්ධබ්බයකුගේ ප්‍රවිශ්ටවීම.
යන මෙ කාරණා නිරෝගී දරුවකු ලබා ගැනීමේදී තිබිය යුතු මූලික සුදුසුකම් ලෙස.

දැන් අපි මේ කරුණු කීපය හොදින් විමසා බලමු.
එනම් නවීන වෛද්‍ය විද්‍යාව අනුවද මවගේ ඔසප් චක්‍රයේ 12 දින සිට ඇගේ සරු කාලය ආරම්භවන බව දක්වයි. ආයුර්වේද මතයද මෙයමයි. මෙහිදී බෞද්ධ මතයද එයම වීම මේ සියල්ලම ඉතා නිවැරදි බව මොනවට පෙන්වයි. මෙම මහා තණ්හාසංඛ සූත්‍රයේ අටුවාවට අනුවද මේ කරුණුම සනාථ වෙයි.
ඉහත කාරණා තුනෙන් පලමු දෙකම වෛද්‍ය විද්‍යාවට (ආයූර්වේද, බටහිර,) අනුව අපට විග්‍රහ කල හැකිය. නමුත් තුන්වන කාරණය මින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට යම් එකඟත්වයක් දක්වයි. නමුත් මෙහි සම්පූර්ණම විස්තර අපට ලබා ගත හැක්කේ බුදු දහමට අනුවයි.

ඉහත මූලික කාරණා දෙකේදී අපට අවශ්‍යවන හෝමෝන, ආදිය ගැන මේ පලමු කරුනේදී සඳහන් වෙනවා. තවදුරටත් ගැනීමේදී ලිංගිකත්වය ඇති කරන හෝමෝන ගැන මෙහි සඳහන් වන බව අපිට පැහැදිලි වෙනවා. මේ පිළිබඳ ඉතාම පරිපූර්ණ විස්තරයක් මහාතණ්හාසංඛ සූත්‍ර අටුවාව පැහැදිලි කරනවා.

දෙවනි කාරණයට පැමිණි විට අපිට පෙනෙනවා. අපි අද නවීන වෛද්‍ය විද්‍යාව පමණක් නෙමෙයි ආයූර්වේදය පවා රෝග නිර්ණය කරන්න තාක්ෂණය යොදා ගන්නවා. මේ වැනි මඳසරු අවස්ථාවලදී නිසි දිනවල මවගේ ගර්භාෂය පිළිබඳ කරන ස්කෑන් පරීක්ෂා අද අපිට බොහෝ වැදගත් වෙනවා.

මේ ස්කෑන් පරීක්ෂාවෙනුත් අපි අවධානය යොමු කරන්නේ මවගේ,
1. ඩිම්භ නිසි ලෙස නිසි දිනට මෝරනවාද?
2. ගර්භාෂය ඇතුලු බිත්තිවල ඝනකම කලලයක් දැරීමට ප්‍රමාණවත්ද කියන කරුණුයි.
ඊටත් අමතරව ගර්භාෂයේ ඇතිවන රෝග ආදියෙන් තොරබව යන විශාල කරුණු ප්‍රමාණයක් මේ එකම කරුණකින් විස්තර වෙනවා.

හේතුවක් නොදක්වන මඳ සරුභාවය බොහෝ දුරට පෙනෙන්නේ මෙම ගන්ධබ්බ ප්‍රතිසංධියේ ඇතිවන දෝෂයක් ලෙසයි.

මෙහිදී ගන්ධබ්බ ප්‍රතිසංධිය බොහෝ විට කර්ම ගත තත්වයක් ලෙසම සැලකිය යුතු නැහැ. අප මෙහිදී හොදින්ම සැලකිය යුතු කරුණු කීපයක් මෙහිදී සඳහන් කරන්නම්. ඒ අනුව ජීවිත රටාව හැඩ ගස්වා ගැනීම නිසා ඔබට දරුවකු උපදවා ගැනීමේ හැකියාව ඇති වනවා. මේ උපදෙස් ඔබගේ දරුවන් නැති සහෝදර මිත්‍රාදීනට ලබා දී බලන්න.
සෑම විටම මතක තබා ගන්න මේ ගන්ධබ්බ කියන්නේ ආත්මය හෝ එවැනි දෙයක් නෙමෙයි. කලලයේ ක්‍රියාකාරී ශක්තියටයි. (Activation Power)

මේ ක්‍රම මඟින් දරුවන් ලබාගත් කීපදෙනෙක් මම නම් කරන්නම්. ( මගේ වෛද්‍ය ආචාර ධර්ම වලට මෙම හෙලි කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. මේවා ඔබ හැම දන්න කරුණු.)

1. විහාර මහා දේවිය විස්තර සඳහා දුටු ගැමුනු චරිතාපධානය බලන්න. එහි සඳහන් වෙනවා වෙහෙර දේවිය කුඩා සාමනේර කෙනෙක්ට තම කුස ඉපදෙන ලෙස කල ඉල්ලීම පිළිබඳ තොරතුරු.
2. රත්නවල්ලී බිසව පරාක්‍රම බාහු කුමරු පතා කල ආරාධනාව. එතුමිය තෙඳ බල විභීෂණ දෙවි යැද කල ආරාධනාව ගැන විස්තර මහා වංශයේ සඳහන් වෙනවා.
3. සවණ පරාක්‍රම භාහු මහා රජතුමාගේ දියණිය උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දීමට ආසිරි පතා විභීෂණ දෙවියන් යැද සිරි රහල් හිමියන් පබැඳූ සැළලිහිණි සංදේශයේද මේ තොරතුරු සඳහන් වෙනවා.

102 කව,
දිත් රුපු කිරුළු මල් දම් සුවද මී වැස
තෙත් සිරිපා යුත් සුරිඳුන් තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දෙනු මැනවි ලෙස

4. ජාතියේ නියම පියා වන අනගාරික ධම්පල් තුමා ගැන එතුමාගේ මව් තුමිය වන මල්ලිකා හේවාවිතාරණ මැතිනිය මෙවැනිම ප්‍රාර්ථනාවක් කර ඇත.
4. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් පිලිබඳව එතුමාගේ මවද මෙවැනිම ප්‍රාර්ථනයක් කර ඇති බව පොත පතේ සඳහන්ය.

දැන් අපට පෙනෙනවා අපගේ මව්වරුද අප ගැන එලෙස ප්‍රාර්ථනාවන් කරන්න ඇති. නමුත් අද අපි ගෙවන ජීවිත අනුව අපි මේවැනි දේ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.

මෙවැනි ප්‍රාර්ථනාවක් නිකම්ම කරන්න බැහැ. ඒකට යම් පිලිවෙලක් තියනවා. මම ඔබට ඒ පිලිවෙල කියලා දෙන්නම්. මේ ගැන මම හොදටම අත්හදා බලා තියනවා මගේ රෝගීන් මාරගයෙන්. තව මගේ දෝණිය ලැබෙන්න සිටි කාලයේත් මම මෙවැනි දේ අත්හදා බැලුවා. මට නම් ප්‍රතිඵල 100% හරි. ඔබත් බලන්න. ඒ ප්‍රතිඵල අපි බලමු අනාගතයේදී.

මව් පදවිය ඇති කර ගැනීමට ඇතිකරගත යුතු අධිෂ්ඨානය.
1. අඹු සැමි සබඳතා නවතා දමා, දෙමාපිය සබඳතා පවත්වන්න.
එනම් අපි මෙහිදී ලිංගික සබඳතා පැවැත් විය යුත්තේ ඉන් ලැබෙන තෘප්තිය සතුට ගැන තැකීමකින්. කාමාසාවන් සංතර්පනය කිරීමට නෙමෙයි. මේ ක්‍රියාවට පෙර පංසිල් සමාඳන් වී හොද දරුවකු පතා දෙවියන්ට පිං දී යම් ගුණවත් නැණවත් අයෙක්ට ආරාධනා කරන්න. විශේෂයෙන් කෙනෙක්ට නෙමෙයි. අපිට ගැලපෙන කෙනෙක්ට අපි ලඟට පැමිණීමට පමණයි.
මෙහිදී දෙමාපිය සබඳතා ව්යනු හැම විටම ධාරක ප්‍රේමය මුල් විය යුතුයි.

2. මේ කාලයේ මව් පිය දෙදෙනාම අනෙකා ගැන දැඩි ප්‍රේමයකින් විසිය යුතුයි. වෛද්‍යවරයෙක් ලෙස මම දැකලා තියනවා සමහර කාන්තාවන් කියනවා දරුවෙක් ලැබුනාම සැමියා ගෙදර නාවත් කමක් නැහැ කියලා. මෙවැනි දෙවල් ඉතාම නරකයි. මේ සිතුවිලිම හේතු වෙනවා දරුවකු නොලැබීමට.

3. නිතරම පිරිසිදු සිතුවිලි වලින් සිටීම ප්‍රයෝජනවත් වෙනවා. සිතේ තරහව ක්‍රෝධය වැනි සිතුවිලි නැතිව ඉතාම සතුටෙන් සිටිය යුතුයි.

4. හැම විටම පිං කරන්න විශේෂයෙන් දරුවන් සම්බධව. නිතර සිතන්න මේ කරන දෙවල් අනුමෝදන් වෙලා මට මවක් වෙන්න උදව් වෙන්න.

ඔබ මේ ලෙස කරමින් උත්සාහ කරන විට, නිසි ලෙස අවශ්‍ය වෛද්‍ය උපදේශ ක්‍රියාත්මක කරන විට මම නම් හිතන් නැහැ කාටවත් දරුවො නැතිව දුක් විදින්න වේ කියලා.

තවත් පෙර කාලයේ තිබිලා තියනවා ඉතා අංග සම්පූර්ණ ක්‍රමයක්. අද නම් මෙවා විනාශවෙලා ගිහින්.

1. රිද්දි යාගය - මේ ක්‍රමය මාතර වැනි දකුණු පලාතේ තිබුනු ක්‍රමයක්. මම අසා තිබෙනවා. මෙවැනි යාගයකින් පසු ගමක සිටින විශාල කාන්තාවන් සංඛ්‍යාවක් ගැබ් ගන්නවා කියලා. සෞන්දර්ය්‍ය විශ්ව විද්‍යාලයේ කුලපති. මහාචාර්ය්‍යය කෝට්ටේගොඩ මැතිතුමා මේ ගැන පොත් කීපයක්ම ලියලා තියනවා.


2. කළු කුමාර යාගය - මේකත් හොදින්ම දන්න අය ඉන්නේ අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල. මේ ගැනත් මහාචර්ය්‍ය කෝට්ටේගොඩ මැතිතුමා මෙන්ම ජේෂ්ට කථිකාචාර්ය්‍ය ලයනල් බෙන්තරගේ මැතිතුමා විශාල ග්‍රන්ථ දෙකක් ලියා තිබෙනවා

30 comments:

  1. මේ දිනවල අපේ ගෙදරත් මේ මාතෘකාව ඒ මන්ද කියනවානම් මගේ ඥාති සහෝදරියකට හත් වසරකට පසු දරු සම්පතක් .
    ඔබතුමා කියා තිබෙන ආකාරයට IVF එකක්. ඉතාමත් ප්‍රසිද්ධ අරෝග්‍යශාලාවක මේ ප්‍රතිකාරය කලේ.මට සිතෙන ආකාරයට දැනට ලක්ශ 5ක් පමන ගිහින්.
    ඒත් සති 3ක්වත් යන්නට පෙර ගබ්සා වීමක් උනා.ඇය ඉතාමත් පරිස්සමින් හිටියේ අපි ඒත් හිතුවා මොනා උනාද කියලා. නමුත් දැන් ඉතා පැහැදිලියි උනේ කුමක්ද කියලා.

    බෙහෙවින් ස්තූති ඔබතුමාට .

    ReplyDelete
  2. ස්භාවයේන් හරි යන්නේ නැති එක කොහොමද වෙනත් ක්‍රමයකින් හරි යන්නේ. ඕවා ගොඩක් කරන තැන් වල දි වැඩි පුරම වෙන්නේ තමන්ගේ ශුක්‍රාණු නෙමෙයි දාන්නේ වෙනත් අයගේ එවා. ඉතින් එ ගැනත් හිතන්න වෙනවා.
    අනික තමයි ලිපියේ කියා තියෙන කරැණු නම් 1000% ම හරි. එ වගේම අර අන්තිමට තියෙන දේ ගැන 100% සැලකිලිමත් වෙන්න ඕනි. මොකද අද කාලයේ වෙන්නේ හරි අමුතු දේවල්. කෙනෙකුට හරි යනවාට අනිත් අය කැමති නැ. ගොඩක් ම වෙන්නේ ඕවා පවුල් අතර නැයින් අතරම තමයි. එවගේම ඔසප් විම කිට්ටු වන විට අනවශ්‍ය හින හා සිහිනෙන් කැම ජාති කන බව පේනවා නම් එය ඉතාමත් නරක දේයකි. අනිවාර්්‍යයෙන්ම එ සදහා සුදුසු පියවරක් ගත යුතුයි.
    අනික් වැදගත් දේය නම් උදේ පාන්දර බුදුන්ට පහන් පත්තු කර ප්‍රාර්ථනය කරන්න ඕනි. දරැවන් නැති සැමට දරැවන් ලැබෙන්න කියා. එ​වගේම දෙදෙනාම හොද බෝසමිදු කෙනෙකු ලග සිල් සමාදන් විමත් හොදයි. තවත් ඉතින් කරන්න පුළුවන් හිමිදිරි පාන්දර ම පන්සලකට ගොස් බුදුන් ජිවමානව සිටිනවා යැයි සිතමින් බුදුන්ට බද්ධපුජාවක් පැවත්විම. මේ වගේ ගොඩක් දේ තියෙනවා කරන්න. එ වගේම තමන්ගේ අපල සහා වෙනත් බාධක ගැන දැනුවත් ව සිටිම ඉතා වැදගත්.

    ReplyDelete
  3. මෙවා හැම දෙයක්ම තමාගේ කර්ම ශක්තියක් හා වාසනා ගුනයත් එක්ක එන දේවල්.මෙහෙම ප්‍රතිකාර කරල සමහර අයට ලැබෙන්නෙ නිවුන්නු. එහෙම අයත් ඉන්නවා මා දන්නා.
    ආයුර්වේද ප්‍රතිකර්ම වලිනුත් මෙවනි අයට ප්‍රතිකාර කරල දරුපල ලබාදීල තියනවනෙ.

    ReplyDelete
  4. සෑහෙන්න වටින කාරනාවක්..මට දැන් ඔය කාරනා ටික පෙල ගස්සවන්න මතක නැහැ..නැත්තං ඔය දරු ඵල සම්බන්ධ කාරණාවේදී බුදු දහම අත අරින්න බැහැ.

    විහේෂයෙන්ම එක් තැනකදී මට හසු වූ දෙයක් තමා දරුවා මවු කුසින් ඉපදෙන මොහොත දක්වාම ගන්ධබ්බයින් කලලයට පිවිස එය පරීක්ෂා කර බලා..එහි අයිතියක් තමාට ඇතිදැයි සොයා බලනා බව...නිරන්තරයෙන්ම සිදු වෙන ක්‍රියා වලියක් මේක..දරුප්‍රසූතිය දක්වාම..ඒ සෑම වෙලාවකම එකෙක් පිටව යද්දී තවෙකෙක් වශයෙන් එතනට පිරිස ඇදෙනවා..සමහර විට මුලින්ම පැමිණි කෙනාටම එතන තමන්ගේ පුණ්‍ය ශක්තියට අනරූපයි නම් ඔහු එහි නවතිනවා..නැත්නම් ඔහු පිටව ගොස් වෙනෙකෙකු එතනට ප්‍රවිශ්ඨ වෙනවා.මෙහෙම හර කෙනා නාවොත් අවසානය දක්වාම තත්වය මේකයි...

    අවසානයේදී දරු ප්‍රසූතියට ඔන්න මෙන්න කියලා පිට වෙන අයත් ඉන්නවා..එහෙම වෙලාවට තමා අපි මල දරු උපත් කියන අවස්ථාව දකින්නේ කියන කාරනාවයි එතන සඳහන් වෙලා තිබුනේ...

    ඒ වගේම සමහරු අවසන් මොහොතේ පිට වෙන්න බැරි උනහම උපන්න හැටියේම වගේ නික්මෙනවා..උපන් හැටියේ මරනයට පත් වීම් ඒ ආකාරයි...

    සමහර කලල වලින් මුලින් ආ කෙනා පිට වෙලා යනකොටම එතනට ඇවිත් පරීක්ෂා කරන්න වෙන ගන්ධබ්බයෙක් නොවුන හොත් අර කෙනා පිටව ගිය මොහොතෙම කලලයේ බලය විනාශ වෙලා යනවා..ඒ වෙලාවට අපි ගබ්සා වීම් දකිනවා...

    මේ තමා ඒ පැත්තෙන් කල හැකි පැහැදිලි කිරිම...

    හැබැයි පිළි සිඳ ගැනීමක් ආරම්භයකදී ඉඳලම පුවවන් තරම් මව් පදවිය අපේක්ෂා කරන තැනැත්තිය පුණ්‍ය භූමී ඇසුරු කරන එකේ වාසියක් තියෙනවා..මොකද ‍පොත පතේ සඳහන් ආකාරයට මිනිසුන් පින් කරන්නට පැමිණෙන තැන්වල යම් තරමක පින් සහිත ගන්ධබ්බයින් නිතර ගැවසෙනවා... ඒ තමාට සුදුසු තැනක් හොයා ගන්න පහසු වෙන්න... ඒ නිසා අමාරුවෙන් කලලයක පිහිටවා ගත්ත කෙනෙක් නිතරම පාහේ ආගමික ස්ථාන ඇසුරු කිරීම හොඳ දෙයක්..ඒ ‍වගේම කනතු..පාළු තැන් ..නාන තොටවල්..මග හැර ඉන්නත් ඕන ඒ ඒ තැන්වල ඉන්න අයහපත් අයගේ ප්‍රවිශ්ටය වලක්වාලන්න..

    තව කියන්නනං දේවල් තිබුනට..මේක බලපු ගමන් අපේ විද්‍යාව කරේ තියාගෙන ඉනක්න සමහරු පටන් ගන්න බැරි නැහැ මට පිස්සු කියන්න..ඒ හින්දා මේ මදැයි...

    විශේෂයෙන්ම මං මේ ලිපි පෙළ මුල ඉදලම උනන්දුවෙන් බලාගෙන ආවේ මෙතනට එයිද කියලා හිත හිත..මොකද වෛද්‍ය විද්‍යාවට මගේ සාස්තරේ ගාවන්න අකමැති උනත් ඔය සම්බන්ධව මම කරපු වැඩ කිහිපයක්ම තියෙනවා..

    ආ මේ ලිපි පෙල ගැන මගේ අවධානය වැඩි උනේ මං දරු සම්පතක් බලාගෙන ඉන්න කේස් එකක් හින්දා නෙවෙයි..මොකද විවාහය කෙසේ වෙතත් දරුවන් තැනිම කියන කාරණාවට මගේ තාම කැමැත්තක් ඇත් වෙලා නැහැ... කවදා හරි දවසක බැන්දොත් එදාට අනිත් කෙනාගේ උවමනාවට තැන දුන්නොත් මිසක්..මම ඇත්තටම දරුවන් තැනීමට උවමනාවක් නැහැ..ඒ මගේ පෞද්ගලික කැමැත්ත හා මට සුවිශේෂී මගේ දැක්ම නිසයි.

    එහෙත් මං ජ්‍යොතිෂයෙදී කල අත්හදා බැලීම් ටිකක් තියෙනවා..දැන් නෙවෙයි මීට ටික කාලෙකට කලින්... මොකද වෛද්‍ය විද්‍යාවේදී වෛද්‍ය වරුන් යම් අංසයක් ගැන විශේෂඥ දැනුමක් ගන්න හදනවා වගේ මේ වැඩේදීත් අපිට තියෙනවා එක් එක් අංශයන් ගැන වැඩි දැනුමක්..එහෙමත් නැත්තං එක් කාරනාවකට සුවිශේෂ වෙන ගතියක්..සමහරු අපල කාල ගැන..දුක් කරදර ගැන වැඩිය කියනවා..සමහරු ධන ලාභ ගැන සොයා දෙනවා..තවත් සමහරු මැරෙන දවස හරියටම කියන්න බලනවා..තව සමහරු කේන්දරෙ අතට ගත්ත ගමන්..මේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද..සතෙක්ද..මිය ගිය අයෙක්ද ආදී වශයෙන් එක් එක් අංශවල දියුණුවක් ඇතව කටයුතු කරන්න හදනවා..ඒත් පොදුවේ හැමෝම ජ්‍යොතිෂවේදීන්..

    මගෙත් ඉස්සරම වැඩි උනන්දුවක් තිබුන අෂ දෙකක් තමා මරණය ගැන කියන එක ගැන හොයන එකයි...දරුඵල ගැන හොයන එකයි..පස්සේ මැරෙන එක අල්ලලා දාලා මං එල්ලුනෙත්ඔය දෙවැනි කාරනාව සම්බන්ධව..ඒත් ඔය ගැන අත්හදා බැලීම් කරන්න අපට ලැ‍බෙන අවස්ථාව අඩුයි... මොකද සමහර ජෝඩුවල පිරිමියා කැමති නැහැ වතාවත් පිළිපදින්න..අපිත් එක්ක සාකච්ඡා කරලා දරු කරුණු සකස් කරගන්න..

    ඒත් අමාරුවෙන් මම හොයා ගත්ත පවුල් 13ක් ඇසුරෙන් මම ඔය කාරනාව කරලා බැළුවා..සීයයට සියයක්ම හරි නොගියත් ඒ පවුල් 13න් 8ක් එයින් ප්‍රයෝජන ගත්තා...

    ඒ හැමෝම දරු උපතක් බලාපොරොත්තුවෙන් අවුරුදු 5කට වඩා බලාපොරොත්තුව හිටිය ශාරීරික වශයෙන් ඒ සඳහා සුදුසුකම් තිබුන අය...

    ඔය අත්හදා බැලීම් සඳහා මං හුගක් ඔය සම්බන්ධව දුවන්න පටන් ගත්තා...ඒකට උදව්වෙන හැම පුංචි දෙයක්ම උපයෝගී කර ගත්තා..එයින් එකක් තමා එය ගන්ධබ්බ කතාවයි කලලයයි අතර තියෙන සම්බන්ධය..

    කමෙන්ටුව දීර්ඝ උනාට තරහා වෙන්න එපා..ඒත් කවුරු හරි කෙනෙක් මේක සුළු කරලා දකින්න කලින් ටිකක් හරි ඒ ගැන හිතන්න ඕන හින්දයි මේ ටික කිව්වේ..

    සමහරු

    ReplyDelete
  5. මේ තොරතුරු දරුවන් අපේක්ෂාවෙන් ඉන්න අයට ගොඩක් වැදගත් වෙයි.

    ReplyDelete
  6. අනිත් කාරණාව තමා ගැබ් පෙලහර පැවැත්වීම..ඒ කාරනාවත් අද වෙනකොට සමාජයෙන් ගිලිහිලා යන දෙයක්..ඔය දොලදුක් කෑම කියන්නේ එයින් ශේෂ වෙච්ච ටිකක් විතරයි...

    සමා වෙන්න ලිපියේ ඔබ කියන්න උත්සහ කල දේට වෙනස් පැත්තකට මේ කතාව ගියානං...

    ReplyDelete
  7. ස්තුති ඇනෝට හා මාරයා අය්යට. ඔබලාගේ අදහස් ඉතා වැදගත් .
    මාත් මේ රටේ නැති ප්‍රශ්න පටලවන්නේ මෙතුමාට තාම විවාහවීවත් නැති මා වෙනුවෙන් නොවේ . කාට හෝ මේ ප්‍රශ්න ඇසීම තුලින් ප්‍රයෝජනයක් වේයි.

    ReplyDelete
  8. ගිම්හානි,
    ඔව් ඔය මොනවා කලත් වැඩක් නැහැ. හැම දේටම වඩා වැදගත් දේ තමයි හිත. හිත නොහදා මොනවත් කරන්න බැහැ. ඒ නිසා අපි මේ කරන්නේ එවැනි අයට පොඩි සේවයක්. මොකද අද සල්ලි රජවෙලා තියන ලෝකෙක මේවැනි කාරනා ගැන රෝගීන් සමඟ කථා කරන්නේ නැහැ අපේ වෛද්‍යවරු. බෙහෙත් විතරක් නෙමෙයි. තාක්ෂණය විතරක් නෙමෙයි, මේ හැමදේම අවශ්‍යයි.
    ස්තුතියි ඔබට.

    ඇනෝ,
    ඔබට ස්තුතියි. ඔබ කිව් කාරනා හරි. ඒත් වෙන අයගේ ශුක්‍රාණු නම් මේ ක්‍රම වලදී ගන්නේ ඒ රෝගියා දැනුවත්ව තමයි. ලංකාවේ නම් මොන වෛද්‍ය ක්‍රමයකවත් තාම එහෙම දෙයක් කරලා නැහැ. හැබැයි දෙදෙනාගෙම ලිඛිත අවසරයෙන් නම් දැනටත් කරනවා. ඔබට ස්තුතියි.

    මාරය මල්ලී
    මම දන්නවා ඔබ මේ දෙවල් ඉතාම හොදින් දන්න බව. කොහොමත් ඔබ කිව් කාරණා සඳහන් වෙනවා චේතනා 1,2, 3,4, සූත්‍රවල ඉතාම ලස්සනට. ඔබගේ පරීක්ෂණ ගැන මගේ හිත ගියා. බලමු දවසක යමක් කරන්න. තාම අපි අසදුස මිත්‍රයෝ නොවැ.
    නමුත් ඔබගේ ලිපියක් තරම් දීර්ග කමෙන්ටුව මගේ ලිපියට ආලෝකයක් සැපයූවා. මට ඕනෙත් ඒකයි. අපි හැමෝම මේවා ගැන දන්න දන්න දේ ගැන කථා කරමු. ඒක කාට හරි ප්‍රයෝජනයක් වෙයි.

    ReplyDelete
  9. තල්මස්සු අස්සේ හාල්මැස්සෝ කරක් ගහනවා වගේ වෙයිද මන්දා මං කියන්න යන දෙය. කොහොම වුනත් මටත් විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් මහා වෙදනා අයියා කියන්නේ අපට විශ්වාස කරන්න පුළුවන් ඇත්තක් ගැන බවයි. මීට කලිනුත් සමහරවිට වෙනත් තැන්වල කොමෙන්ට් වලදී මේ ගැන මං කියලා ඇති. ඒත් දැනුත් කියන්නම්. අවුරුදු 6ක පමණ ප්‍රේම සම්බන්ධතාවකින් පසුව විවාහ වන්නට වරම් ලැබුනු අපි දෙන්නට හිතුනේ අපි ඉක්මනින්ම දරු පැටියෙකු ලබා ගත යුතු බවයි. අපි විවාහ වෙලා ගියේ නුවර. පහුවදාම දළදා මාලිගාවට ගියා. එහිදීත් දෙන්නා කථා වෙලා නොවුනත් පසුව දැනගත්ත විදිහට දෙන්නම ප්‍රාර්ථනා කරලා තිබුනු දේ අතර මුලින්ම දරු පැටියෙක් හිටියා. ඊට පස්සේ විවාහ උත්සව කටයුතු වලින් පසුව කැළණි විහාරයට ගිය අවස්ථා වලදීත් පැතුවේ අයියා කියලා තියෙන විදිහටම තමයි. ඒ වගේම අපි ඉස්සර ඉඳන්ම ආව ගිය දේවාලයක් තියෙනවා, ගම්භාර දෙවියන්ගේ. ඒ දේවාලයට ගියපු හැම විටමත් පැතුවේ දරුවෙක්. ඉතිං අයියාට කියන්න අපි බැන්දේ 2008 දෙසැම්බර් 5 අපේ දුව ඉපැදුනේ 2009 සැප්තැම්බර් 7. :) හරියටම මාස 9යි දවස් 2යි. පසුකාලීනව දරුවෙකු යන මාර්ගය බොහොම දුරට දෙමව්පියන්ගේ ක්‍රියා කලාපය මත රඳා පවතීවි. දෙමව්පියන් යහපත් නම් දරුවා කරන සුළු සුළු වැරදි වලින් මුදවාගෙන යහපත් කෙනෙකු කරන්න පුළුවන්. දෙමව්පියන් අයහපත් නම් දරුවාටත් ඒ තත්ත්වය බලපානවා නේද? කොහොම වුනත් දරුවා විශාල පාපයක් කරපු කෙනෙක් හෝ අධික පුණ්‍ය ශක්තියක් ඇත්තෙක් වුනොත් දෙමව්පියන් කොහොම වුනත් ඔහු හෝ ඇය ගෙනා දේ අනුව යන බව මගේ විශ්වාසයයි. ‍අපි අපේ දුවට දෙන්න පුළුවන් හොඳම පරිසරය දෙනවා. ඒක විශ්වාසයි. එම නිසා ඇයගේ අනාගතය දිදුලාවි. දැනට තත්ත්වය කියනවා නම්, ඇය කරන කරන හැම දෙයින්ම අපට හිතෙන්නේ අපි මුල පටන්ම පතපු පැතුම නේද මේ අපේ ඇස් පනා පිට දිදුලන්නේ කියලා. සමහරවිට කෙනෙක් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියා දැනගත් මොහෝතේම, "අයියෝ" කියලා හිත නරක් කරගන්නවා. එහෙම නොවී, අනේ දරුවෝ අපේ ගාවට එන්න වගේ සිතුවිල්ලෙන් හිටපු අපේ ගාවට ආව අපේ දෝණි ඇගේ නම රනුලිමා (මවට රන් ආලෝකය) සේම මටත් මගේ සැමියාටත් ආලෝකයක්. ඉතිං අයියේ, දිග කොමෙන්ට් එකක් ලිව්වා. සතුට වැඩි කමට ලිව්වේ. මේ ලිපිය කියවන සහෝදර සහෝදරියන්ටත් කියන්න තිබෙන්නේ, කවදා හරි දරුවෙකු ඔබට අවශ්‍යයයි කියා සිතුනු විට මේ මහා වෙදනා අයියා පවසා ඇති ආකාරයටම කටයුතු කරන්න. ඔබට ඵලදායී ප්‍රතිඵල ලැබේවි. ඒක ස්ථිරයි.

    ReplyDelete
  10. මට මතකයි ඔබතුමාගේ පසුගිය ලිපියක සදහන් කලා මේ සදහා වැදගත් රසායනිකයක් සොයාගත්තා කියල එක්තරා අචාර්යවරයෙක්. ඒත් ඒක දියුනු කරන්න ලැබිය යුතු සහයෝගය ලැබුනේ නැති බවත්. මොනතරම් අභාග්‍යසම්පන්න තත්වයක්ද?මේවා කාගේ කර්මද කියා වටහාගත නොහැකියි.

    ReplyDelete
  11. weda mahathmaya mata dan 27k wenawa. ath mune raula wawela tiyenne bohama poddai.meka mata manasika wadayak wela .meka mada saru bawaya pilibada pashnayakda?pathi karmayak kiyanna puluwani nam loku udauwak

    ReplyDelete
  12. අද නම් කියවන්න දේවල් මහ ගොඩයි.වෙද මහත්තයාගෙ පොස්ට් එකයි, ගිම්හානි නගාගෙ ප්‍රශ්න, ඇනෝගේ අතිරේක දැනුම, මාරයාගෙ බණ සහ බ්ලා බ්ලා බ්ලා..රන්දිල්ගෙ අත්දැකීම් , මේක අද දැනුම් සාගරයක් වෙලානෙ..

    රෑ වෙලා නිවිසැනසිල්ලෙ කියවලාම අදහසක් එකතු කරන්නම්.

    ReplyDelete
  13. මුල් ලිපි වලට කදිම අතිරේකයක්.

    මම දන්නා බටහිර වෛද්‍යවරක් ඉන්නවා, ළදරු අවධියෙදී මට ප්‍රතිකාර කරපු. මට වයස 30යි.එතුමාගේ දරුවට අවුරුදු 10යි.හේතුව දිගු කාලයක් දරුවන් නොලැබීම නිසා ඇමෙරිකාවේදී IVF සහය ගැනීම, මම දන්නා විදියට ලංකාවට ඒ තාක්ෂණය එන්න කලින්. වෛද්‍ය දැනුමත් , ධනයත් තියෙද්දී අවුරුදු 20 ක් තිස්සේ දරුවන් ලබා ගන්න මොන තරම් ඔවුන් උත්සාහ කරන්න ඇතිද ?

    මගේ කතාවත් බොහෝ දුරට RanDil ගේ කතාවට සමානයි.

    පොඩි ගැටළුවක් තියෙනවා. සීමිත කළල නිසා ගන්ධබ්බයින් අතර ගැටුම ඇති වනවා වෙන්න පුළුවන් නේද ?

    ReplyDelete
  14. අවුරුදු 27 ඇනෝ : මගේ වයස ඊට ගොඩක් වැඩියි. විවාහ වෙලා මාස 17 යි. දරුවට මාස 15.මගේ "මූණේ" රැවුල නෑ. හැමෝගෙම සරු භාවය රැවුලෙන් මනින්න බැ‍.කොහොම වුනත් සැක නම වෛද්‍ය පරීක්ෂණ වලට යොමු වෙන්න. හොඳ හැදී දැඩි පිරිමි ඉන්නවා මද සරු අය. මොන දෙයට වුනත් හිත හිතා විඳවන්නේ නැතිව ඉක්මනින් විසඳා ගන්න එක හොඳයි.

    ReplyDelete
  15. වෙද මහත්තයට බොහොම ස්තුතියි මේ ඉතා වැදගත් ලිපි පෙලට ............................ , මාරයා ගෙ කොමෙන්ට් 1 ක ලිපිය ශක්තිමත් කරල තියන්වා මෙවැනි සන්වාද හරහා විවිධ විශය ක්ශෙෂ්ත්‍ර සම්භන්ධව බුද්ධිමතුන්ගේ අදහස් මගින් පෝශනය විය හැකියි ............ ,

    කලලයක් සම්පූර්ණ වීමට එනම් පින්වත් දරුවකු උපත ලැබීමට වින්ඥාණයක් මව් කුස පිලිසිද ගැනීම අත්යාවශ්යයි ,

    නමුත් මම ගන්ධබ්බයා යන්න පිලිගන්නේ නෑ එය " වින්ඥාණය " ලෙස නිවරදි විය යුතුයි .

    ReplyDelete
  16. @අන්තිම ඇනෝ
    ඔක්කොම හරි විවාහ වෙලා මාස දෙකෙන් බබෙක් ලැබුනා කිව්වම මාව කරකවල අතෑරියා වගේ

    @වෙද මහතා
    මේ වගේ වටිනා ලිපි ලිවීම ගැන ඔබතුමාට නැවත නැවතත් ස්තූතියි.

    ReplyDelete
  17. අද නම් ගොඩක් දේ දැනගත්තා,වෙද මහත්තයා, ඇනෝ,මාරයගෙන්. ඇත්තම කිව්වොත් මේවා මම දන්නේ නෑ අන්යාගමිකයෙක් හින්දා. බුදධාගමේ හැටියට මේ පැහැදිලි කිරීම් ගැන.

    ReplyDelete
  18. ලිපිය වගේම දාල තියන කොමෙන්ටු වලිනුත් ගතයුතු දේ බොහොමයි.

    මමත් දන්න කෙනෙක් ඔහොම දරුවො නැතුව ඉදලා,දැන් අවුරුදු 8කට පස්සෙ නිවුන් දරුවන් දෙන්නෙක් ඉන්නව.අර කීව වගේ කෘතීම ක්‍රමයක් තමයි යොදාගන තියෙන්නෙ.

    තවත් තරුණ ගුරුවරු ජෝඩුවක් හිටියා,එයාලත් විවාහ වෙලා වසර ගනනාවක් ගියත් දරුඵල තිබ්බෙ නෑ.පරීක්ශණ වලට අමතරව එයාලා නම් ආගමික කටයුතු ගොඩක් කරා.බබ්බු හම්බවෙන්න ඉන්න අයට දානමාන එහෙමත් දුන්න.උඩමලුවට ගිහින් බෝඪිපූජා එහෙමත් කරා.දැන් දුවයි පුතයි දෙන්නෙක් ඉන්නව.

    තව ගුරුවරියකගෙ බබාල 7දෙනෙක් විතර හම්බවෙන්නම ගිහින් නැතිවුනා,පිලිසිදගන නැතිවෙලා යනව,පස්සෙ එයානම් වෙන ලමයෙක් අරන් හදාගන්නව.ඔය කියන කිසිම ක්‍රමයක් එයාට හරි ගියේ නෑ.

    ReplyDelete
  19. @JHOTHISHALANKA & others : හෆ්ෆා මගේ අතින් වස වැරද්දක් නේ වෙලා තියෙන්නේ. ලොලේ ලොල්

    මට කියන්න ඕනි වුනේ, බැඳලා අවුරුද්දක් වෙන කොට බබාට මාස 2යි කියලා.

    මීට,

    අන්තිම ඇනෝ

    ReplyDelete
  20. ඔන්න ඉතින් තවත් ප්‍රශ්නයක්.
    සමහර අය ලංකාවේ පෙර අපරදිග ප්‍රතිකාර කරල කරල
    ප්‍රතිඵලයක් නැති උනාම ඉන්දියාවේ යනවා.අනේ ඉතින් ගිහින්
    මෙන්න ශෝක් එකට බබෙකුත් හදාගෙන එනවා. මේ කුමන හාස්කමක්ද?
    ඔබතුමාගේ ඊලඟ ලිපියට මේ අදහස් උපකාරවෙයි කියා සිතනවා.

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නේ පූසාරිට කියල කර ගත්තම තමා...

      Delete
  21. හොඳ ලිපියක් වෙද මහත්තයෝ.
    -පොඩිගමයා

    ReplyDelete
  22. රන්දිල් නඟා,
    මම ඔබගේ කමෙන්ටුව බලල බොගෝම සතුටු වුනා. ඔයා හරියටම හරි. අපි විවාහ වෙන්නේ ඉක්මනට අපේ දරුවො හදන්න තමයි. මිනිසාට කල හැකි හොඳම සේවය තම ජීවය අඛන්ඩව පවත්වා ගැනීමට තම දායකත්වය ලබා දීමයි. නැත්නම් ලෝකය ඉක්මනටම පාලු කතරක් වේවි.
    ඔබට ඉතාමත් ස්තුතියි, ඔබගේ අත්දැකීම බෙදා ගත්තට. ඔබට, ඔබගේ සැමියාට හා ආදර දියණියට වාසනාවන්ත අනාගතයක් පතමි. දිවිය සරු වේවා.

    ඇනෝ මල්ලී,
    ඔබගේ ප්‍රශ්නයට මගෙන් නොවුනත් ප්‍රමාණවත් පිලිතුරක් ලැබුනා අපේ මිත්‍රයගෙන්. කිසි දේකට බය වෙන්න එපා. රැවුල නෙමේ සරු භාවයේ මිම්ම. නමුත් සැක නම් වෛද්‍යවරයේක් මුන ගැසෙන්න.

    ලකී,
    ඔබ වැනි මිත්‍රයන් ලැබීමට අපි හරිම ලකී. ඔබ දැන් මගේ හොදම රසිකයෙක්. මම අළුත් ලිපියක් ලියූවිට බලනවා ඔබ මොනවද කියන්නේ කියලා. ස්තුතියි.

    ඉඳුනිල්,
    ඔබ මට බොහෝ ශක්තිය දුන් කෙනෙක්. ඔබටත් මම ප්‍රාර්ථනා කරනවා. සරු දිවියක්. තවත් ලියන්න. ඔබගේ බ්ලොග් අඩවිය ඉතාම හොදයි. නැහැ, මම දන්න තරමින් එහෙම ගැටුමක් නැහැ. ඒත් මේ අවස්ථාවට එන්නේ කර්ම විපාක අනුවනේ.

    ඇනෝ, ජ්‍යෝතිෂලංකාගේ ගැටළුව මටත් ඇති වුනා. ඒත් මම කියන්නේ ඔබ හරි, බදින්න පරක්කුනම් දරුවෙක් හදලා හරි බදින එක හොදයි. ජය සතුට පතනවා.

    සමීර, ඔබ ගැන මට කියන්න තියන්නේ ඔබ හරියටම හරි. ඒත් මම මේ ගන්ධබ්බ කියන වචනේම යොදා ගන්නේ මේක මිනිස්සුන්ට තෙරුම් කරන්න ලේසි නිසයි. විඤ්ඤාණය කිව්වම ටිකක විතර කට්ටිය පටල ගන්නවා. හැබැයි මේක අපි දෙන්නට විසඳ ගන්න අමාරුයි. මේ ගැන වාද විවාද කරලා තමයි අනුරාධපුර යුගයේදී මහා විහාරයයි. අභගිරියයි වෙන් වුනේත්.
    ජය!!!

    ජ්‍යෝතිෂලංකා,
    ඔබත් මම ඉතාම ප්‍රිය මිත්‍රයෙක්. ඔබට මම ගොඩක් ණයයි. ඔබලා තමයි මගේ බ්ලොග් අඩවිය මේ තත්වයට ගෙනාවේ.
    ජය!!

    ඩිලාන්,
    මේ දෙවල් ඉගෙන ගන්න කතෝලික හෝ වෙනත් ආගමික වීම ප්‍රශ්ණයක් නෙමේ. මේ තමයි ස්වභාව ධර්මය. අපි කාටත් පොදු දේ. මම පාසැල් ගියේ 1- 13 වනතෙක්ම කතෝලික පාසැලකට. ඒක අද මට විශාල උදව්වක් වෙලා. මගේ ඒ දැනීම නිසා මගේ කතෝලික රෝගීනට ප්‍රතිකාර කිරීම ඉතාමත් පහසුයි. ඉගෙන ගන්න වයසක්, විෂයක්, තැනක්, පුදගලයෙක් නැහැ. හැමෝගෙන්ම අපි ඉගෙන ගත යුතුයි. ඔබට ස්තුතියි. නිතම මේ පැත්තේ එනවට සහ මොනවා හරි දිරියක් වෙනවට.
    ඔබටත් ජය!!

    නඳී නඟා,
    සතුටුයි නිතර මේ පැත්තේ එනවට. ඔබට අවශ්‍ය පිලිතුර මගේ මිත්‍රයා මාරයා මල්ලී දුන්නා. ප්‍රතිකාර කල යුතුයි. ඒත් හරි විදියට නැත්නම් මුදලත් කාලයත් මානසික සුවයත් දෙක තුනම නැති වෙනවා. ඔබටත් දැන් වෙද ගෙදරම සාමාජිකාවක් වෙලා නේද?
    ස්තුතියි.

    අන්තිම අනෝ,
    ඒත් මම බැලුවා කලින් ඇඩ්වාන්ස් පේ කලාද කියලා. කොහොම වුනත් එකයි. ස්තුතියි.

    ගිම්හානි,
    මම මේ ගැන එතරම් කථා කරන්න කැමති නැහැ. මට මේ ගැන මගේම අත් දැකීම තියනවා. මම ඔය තැනක පුහුණුවෙලා තියනවා. ඒ ගැන මට එයිට වඩා කියන්න අමාරුයි. සමාවෙන්න.!!

    පොඩිගමයා,
    ස්තුතියි පොඩි ගමයා. මම ඉතාම ආසයි ඔබගේ විවේචනාත්මක ලිපි සහ කමෙන්ටු වලට. මම නිතරම ලොග් අඩවියට ලොග් වෙනවා.
    ජය, සතුට, සාමය!!!!

    ReplyDelete
  23. ධාර්මික බවින් භක්තිමත් වුද සහ ආදර බැම්මෙන් ශක්තිමත් වුද සිතට විශ්වකර්ම කල හැකි බවනේද ඔබ කියන්නේ!

    එය අප සැම තුල පහන් හැඟුම් ජනිත කරවයි!

    ----------------------------
    ඉතින් තව වෙනත් විදියේ දුක්බර කතාන්දරත් නවීන ව්ද්යාව තිරිසන් වැඩට යොදන අවස්තාද තියෙනවා.

    ඉන්දියාවේ සමහරුන් ඉපදුනු ගැහැනු ලමයින්ගේ ලිංග පරිවර්තනය කරනවා පිරිමි ලමයින් බවට, මේ පිරිමි ලමයින් වඳ බව දැන දැනම;
    දන්නවානේ ඉන්දියවේ පියාගේ නම ගෙනියන්න පුතෙකු ඉන්න ඕනයි කියන දේ මුල බැස ඇතිතරම්,සහ දුවෙක් පවුලට බරක් යයි පිලිගැනීම.

    වඳ හරි පුතෙක් වගේ එකෙක් ඉන්න ඕනේ!

    කාට හෙන ඉල්ලන්නද?

    ReplyDelete
  24. මේ ලිපිය කසාද බැඳපු, බඳින්න ඉන්න අය අනිවාර්යෙන්ම කියවිය යුතු - පිළිපැදිය යුතු ලිපියක්. මම හිතන්නේ සමීර කියා තිබෙන්නා වගේම ඔය ක්‍රියාකාරී ශක්තිය විඥානය විය යුතුයි කියලා. මම ඔය ගැන පොඩි පෝස්ට් එකක් කලා මගේ දැක්ම ගැන කියලා.

    ඉදිරියටත් දැනුම ලබාදෙන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා.

    ReplyDelete
  25. මාරය - මම මේක කියන එක දාලා වැඩකුත් නැත්ව ඇති. මොකද මේක මාරයාට යන්නෙ නැති නිසා. මම මේකෙ ඔක්කොම කමෙන්ට් කියෙව්වෙත් නෑ. ඒත් මේක දැක්කම මම දාන්න හිතුවා.

    පින් බිම් වල පින් තියෙන ගන්දබ්බයන් ඉන්නවා කියන කතාව බොරු එකක්. එහෙම ගන්දබ්යො කියන්නෙ තමන්ට ශරීරයක් හොය හොයා යන එවුන් ජාතියක් නෙමේ. ඒක මේ නූතන මනෝ විද්‍යාවෙන් හදාගත්ත බොරුවක්. බුදු දහමට අනුව කෙනෙක් මැරුනම චුති සිතට අනුව ප්‍රතිසන්දියක් පිහිටනවා. කාටවත් තමාට ඕන තැනකට යන්ට බෑ. ඒක වෙන්නෙ කර්මය හා චුති සිත අනුව. තමන්ට ඕන තැනට යන්ට පුලුවන්නම් කවුරුත් සතුත් වෙලා ඉපදෙන්නෙ නෑනෙ. සල්ලි තියෙන වැදගත් පවුල්වලට වැඩියෙන් ළමයි හම්බවෙන්න්ත් ඕනෙ. මොකද කවුරුත් කැමති වෙන්නෙ ඒවටනෙ.

    ReplyDelete
  26. බුදු දහම අපේ ජිවිත වලට මොනතරම් සම්බන්දද කියල මේ ලිපි සහ කොම්මේන්ට්ස් කියෙව්වම තේරුම යනවා. මම හිතන්නේ අපේ සංඝ රත්නය බණ දේශනා කරනකොට එහි විද්‍යාව සමග ඇති පැහැදිලි සම්බන්ධය පෙන්වා දෙනවනම් මිනිස්සුන්ට ගොඩක් වටීවි. අපේ මාධ්‍යය මේවා ගෙන කීමට හිරිකිතයක් දැක්වීම සහ නොයෙක් කුණුහරුප උලුප්පා දැක්වීම ගැන ඇත්තේ කනගාටුවකි. මේ බ්ලොග් එකට සුභ පතනවා. ගොඩක් දේවල් ඉගෙන ගත්ත.

    ReplyDelete
  27. කාම අසාවක් නෑතිව කොහොමඩ ශිශ්නය කෙලින් වෙන්නේ?

    ReplyDelete
  28. ape marrikarala aurudu 12 gataluwak nae. iui 5 kala.karanna hake seyalla kala. namut ape asarani.dan daruwek ganna hoyanawa

    ReplyDelete