Thursday, June 30, 2011

සත්වයාගේ උපත හා විඤ්ඤාණයේ ක්‍රියාව.

බොහෝ දෙනෙක් මේ විඤ්ඤාණය ගැන කථා කරනවා. මට මගේ පසුගිය ලිපිවලදී මේ ප්‍රශ්නෙට මුහුන දෙන්න වුනා. ඒ නිසා මම කල්පනා කලා. මම බොහොම නිස්කලංකව මේ ගැන දීර්ග කාලයක් අරගෙන ලියූ ලියවිල්ලක් තිබෙනවා. ඒත් ඒක මම බොහොම හොඳට හිතලා පොත් පත් බලලා ලියූවක් නිසා මගේ බ්ලොග් ශෛලිය නැතිව ඇති. කාට හෝ ඒක ගන්න වුවත් අවසර තියනවා. ඔනෙ කෙනෙක් ගන්න. ඔය දීල තියන පොත් පත් රෙෆරන්ස් හරියටම හරි නැවත නැවත බලලා තියන්නේ.
මතනදී ගන්ධබ්බයා කියන්නේත් මේ විඤ්ඤාණයටම තමයි. ඒ ගැනත් ලියලා ඇති. අනික ඔබ දන්නවද අභය ගිරි මාහා විහාර භේදය ඇරබෙන්නේ මේ ගන්ධබ්බයා හෙවත් විඤ්ඤාණය ගැන දෙගොල්ලන්ගෙ ඇති මතවල පරස් පරතා නිසා තමයි.

විඤ්ඤාණය හා සත්වයාගේ පැවැත්ම
1. අස්සුතවන්ත සූත්‍රය - සංයුක්ත නිකාය 2,
2. මහා තන්හාසංඛ සූත්‍රය - මජ්ජිම නිකාය 1,
3. චේතනා සූත්‍රය 1 - සංයුක්ත නිකාය,
4. චේතනා සූත්‍රය 2 - සංයුක්ත නිකාය,
5. චේතනා සූත්‍රය 3 - සංයුක්ත නිකාය,
6. මහා නිධාන සූත්‍රය - දීඝ නිකාය,
7. අභිසමය සංයුක්තය - සංයුක්ත නිකාය,
8. විභංග සූත්‍රය - සංයුක්ත නිකාය,
9. විඤ්ඤාණක්ථිති සූත්‍රය - අංගුත්තර නිකාය 3 කොටස,
10. දශ ප්‍රශ්න - සාමනේර ප්‍රශ්න,
11. ලක්දිව මහායාන අදහස්

සත්වයාගේ උපත පිලිබඳ අපූර්ව සිද්ධිය මෙන්ම එය සිදුවීමෙහිලා මුල්වන විඤ්ඤාණය යන්නද නිරවුල්ව අවබෝධ කර ගැනීම ඉතා දුෂ්කර වූවකි. වේදාන්ත දර්ශනයෙන් වර්ණනා කරන ලද ආත්ම වාදය පිලිබඳ හැගීම් වලින් පිරී ගත් පෙරදිග, බුදුන් වහන්සේ දවස ජන සමාජයටද මෙය විස්තර කර දැක්වීම, ඉමහත් පරිශ්‍රමයෙන් කලයුතු ඉතා ආයාසකර වූවක් විය. සම කාලීන ආද්‍යාත්ම දර්ශනයන්ගෙන් හා බුදු සමය තුලම පැන නැගුනු නිකායවාදී අදහස් වලින්ද ආචාර්ය මත හා භෞතික විද්‍යාවේ ප්‍රභවයෙන්ද මුල් බුදු සමයේ යතා ස්වරූපය යටපත් වී තිබේ. එබැවින් මුල් බුදු සමයේ සූත්‍ර දේශනා හා අභිධර්ම පිටකාගත ධර්ම විස්තර ආශ්‍රයෙන් විඤ්ඤාණය හා සත්වයාගේ පැවැත්ම පිලිබඳ ගැබුරු ඉගැන්වීම් හදුනාගත යුතු වේ.
මුල් බුදු සමයේ සූත්‍ර දේශනා අනුව සංසාරගත සත්වයා කෙරෙහි සදාථනිකව උරුමව එන පොදු දායාදය වන්නේ දුකය. සංසාරගතව සත්වයාගේ දුඃඛය නොසිද පවතින්නේ උපත හෙවත් ජාතිය පදනම් කරගෙනය. සත්වයාගේ උපත හෙවත් ජාතිය සිදු වන්නේ විඤ්ඤාණය අභිවෘද්ධියට පත් වීමෙනි. මේ බව
සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ විභංග සූත්‍රය සනාත කරයි.
ජාතිය යනු කවරේද ?
1. ඒ ඒ සත්ව නිකායෙහි හට ගැනීමෙත්,
2. පිරිපුන් හට ගැනීමෙත්,
3. කුසට බැස ගැනීමෙත්,
4. ඉපදීමෙත්,
5. ස්කන්ධයන්ගේ පහල වීමෙත්,
6. ආයතනයන්ගේ ප්‍රතිලාභයත්
වේද මෙය ජාතිය යැයි කියනු ලැබේ.
(සංයුක්ත නිකාය විභංග සූත්‍රය 4 පිටුව )
මෙහි ජාතිය ලෙස සත්වයන්ගේ පහල වීම විස්තර වේ. එය අවිද්‍යා හේතු ප්‍රත්‍යයගෙන් ආරම්භව ජරා මරන ශෝඛ පරිදේව දුඃඛ දෝමනස්ස සහිත දුක් රැසේ පහල වීම දක්වා හේතු ප්‍රත්‍යවත් ක්‍රියාවලියක් ලෙස දැක්වේ. එය විඤ්ඤාණයේ අභිවර්ධනයයි.
මෙම විඤ්ඤාණය මුල් බුදු සමයෙහි විස්තර වන්නේ චිත්ත, මනෝ, හා විඤ්ඤාණ ලෙසිනි. මෙහි විඤ්ඤාණය හැදින් වීමට චිත්ත හා මන වශයෙන් අපර නාම දෙකක් දක්වා ඇති බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ අස්සුතවන්තු සූත්‍රයේ විස්තර කරයි.
Ø “මහනෙණි මේ යමක් සිත යැයිද, මනස යැයිද, විඤ්ඤාණය යැයිද, කියනු ලැබේ. එහිලා නූගත් පුහුදුන් පුද්ගල තෙමේ කලකිරෙන්නට නොසමත්ය.”
(සංයුක්ත නිකාය 2 කොටස අස්සුතවන්ත සූත්‍රය පිට 148)
ඉහත සදහන් සංයුක්ත නිකායේ පාඨයට අනුව චිත්ත, මනෝ, විඤ්ඤාණ යන වචන 3න්ම එකම අදහසක් පලකෙරෙන බව දැක්වේ. මේ නිසා මෙහිලා පලමුව චිත්ත මනෝ විඤ්ඤාණ යන්න විමසා බැලිය යුතුය.
චිත්ත මනෝ විඤ්ඤාණ හදුනා ගැනීම
චිත්ත යනු පෙල දහම තුල විවිධ ආකාරයෙන් විස්තර කොට තිබේ. චිත්ත යනු සිතයි. අභිධර්මයට අනුව චිත්ත යනු පරමාර්ථ ධර්මයකි. එය භවත්‍රයෙහි හා ලෝකෝත්තර වශයෙන් ක්‍රියාත්මක සිත් ප්‍රබේද 89 සේ ඉගැන් වේ. එහි ස්වරූපය ධම්ම පදයේ චිත්ත වග්ගය තුලින් මැනවින් හදුනාගත හැකිය.
Ø ඵන්දනං චපලං චිත්තං - දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරොති මෙධාවී - උසුකාරොව තෙජන

Ø නුවණැති පුද්ගලයා එහා මෙහා පනින්නාවූ,
එක් තැනක නොනවතින්නා වූ,
වැළැක් වීමට අපහසු වූ සිත ඇද හැර කෙළින් කරයි, (කුමක් මෙන්ද?)
ඊතල සාදන්නා ඊයේ ඇද හැර සෘජු කරන්නාක් මෙනි.
Ø වාරීජෝව තලේ චිත්තං
යන්නට අනුව සිත දියෙන් ගොඩලූ මත්සයෙකු මෙන් ඔබ මොබ දගලයි, සෙලවෙයි. මෙබඳු වූ සිත මාර බන්ධනයෙන් මුදවා ගැනීම සඳහා භාවනාවේ යෙදිය යුතු බව දක්වා තිබේ.
එසේම,
(1) දුංනිග්ගස්ස ලගුනු - නිග්‍රහයට පත් කිරීමට අපහසු වූ, කැමති කැමති අරමුණෙහි වැටෙන.
(2) දූරං ගමං - බොහෝ දුර ගමන් කරන.
(3) ඒක චරං - තනිව හැසිරෙන.
(4) අසරීරං - ඇසට පෙනෙන රූපයක් නැති.
(5) ගුහාසයං - හදවත නමැති ගුහාවෙහි වසන
මෙබඳු ස්වභාව ඇති සිත මාර බන්ධනය සිඳ මෝක්ෂයට පත් වේ. එය ආගන්තුකව පැමිනෙණ කෙලෙසුන්ගෙන් කිලිටි වන බවද දක්වා තිබේ.
මන (මනස )
මනස යන්නෙන් අදහස් කරන්නේ ෂඩ් ඉන්ද්‍රියයන්ගෙන් සය වැන්නයි.එය ආයතන විභාගයේදී, මනායතනයක්, කුසලායතනයක් වූ සංස්කාර ධර්මයෝ මේ මනස පෙරටු කරගෙන පවතී.
Ø මනෝ පුබ්බං ගමා ධම්මා
Ø මනස හා ධර්ම නම් වූ සංස්කාර අරමුණු ප්‍රත්‍ය කොට ගෙන ක්‍රියාත්මක වේ.
ධාතු විභාගයේදී එය මනෝ විඤ්ඤාණ යැයි කියනු ලැබේ. එය සය ආකාර වූ චක්ඛු විඤ්ඤාණාදී ප්‍රභේධයන්හි සය වැන්නයි. මෙ අනුව මන යනුද විඤ්ඤාණයේ එක් අවස්තාවක් හෙවත් ප්‍රභේදයක් බව පැහැදිලි වේ. චක්කු සෝතාදී අනෙකුත් ඉන්ද්‍රියන් මුල් කොටගෙනද චක්කු විඤ්ඤාණාදී වශයෙන් විඤ්ඤාණය පහල වේ.
විඤ්ඤාණය සිත විශේෂ ඥාණය යනුවෙන් මීට අර්ථ දක්වා තිබේ. මෙහි විඤ්ඤාණය යනු දැන ගැනීමෙ ලක්ෂණය ඇත්තේ විඤ්ඤාණයයි. ඒ බව
Ø පජානන ලක්ෂණං විඤ්ඤාණං ප්‍රජානන (දැන ගැනීමේ හැකියාව )
සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ විභංග සූත්‍රයේදී විඤ්ඤාණය ප්‍රභේද 6කින් දැක්වේ. ඊට අනුව, විඤ්ඤාණ කාය 6කි.
1. චක්ඛු විඤ්ඤාණ
2. සෝත විඤ්ඤාණ
3. ඝාණ විඤ්ඤාණ
4. ජිහ්ව විඤ්ඤාණ
5. කාය විඤ්ඤාණ
6. මනෝ විඤ්ඤාණ
මෙහි සඳහන් චිත්ත මනෝ විඤ්ඤාණය යනු විඤ්ඤාණයේම අපර නාමයක් ලෙස අස්සතුවන්ත සූත්‍රයෙහි සඳහන් වේ.
විඤ්ඤාණයේ පැවැත්ම හෙවත් ක්‍රියාකාරීත්වය
විඤ්ඤාණයේ පැවැත්ම චේතනාව මත ක්‍රියාත්මක වේ. මේ බව සංයුක්ත නිකායේ අභිසමය සංයුක්තයේ චේතනා සූත්‍රයේ තහවුරු කරයි.
Ø “මහනෙනි යමෙක් සිතයිද, කල්පනා කෙරේද, යමෙකුන් පවත්වාද, මෙය විඤ්ඤාණයේ පැවැත්මට අරමුණු වේ. අරමුණ ඇති කල්හි විඤ්ඤාණයාගේ පිහිටීම වේ.”
(සංයුක්ත නිකායේ 2 කොටසේ අභිසමය සංයුක්තයේ චේතනා සූත්‍රය 102 පිටුව )
සිතෙහි පැන නගින කුසලාකුසල ආදී සිතුවිලි රාගාදී අදහස් හා විවිධ සංකල්පනා අරමුණු කොට විඤ්ඤාණය පිහිටන බව මේ සූත්‍රයේදී පැහැදිලි කොට තිබේ. මෙසේ අරමුණු ඇති කල්හි පිහිටන විඤ්ඤාණය කිසි විටෙකත් එක් අරමුණක නොපවතින බවත් නොනවතින බවත්, අත්තක එල්බ ගනිමින් වනයේ සැරිසරන වානරයකු මෙන් අරමුණෙන් අරමුණට මාරුවෙමින් එල්බ ගන්නා මෙන් අස්සුතිවන්ත සූත්‍රයේදී දක්වා තිබේ.
සංයුක්ත නිකාය ප්‍රථමා චේතනා සූත්‍රය.
සත්වයාගේ පුනර්භවය සඳහා පාදක වන්නේ විඤ්ඤාණයේම පිහිටීම බව චේතනා සූත්‍රය විස්තර කරයි. එහි සඳහන් ආරම්මන සිතීම, කල්පනා කිරීම, විඤ්ඤාණයේ පැවැත්මට අරමුණු වේ.
Ø විඤ්ඤාණස්ස ටිතියා - විඤ්ඤාණ්යේ පැවැත්ම
Ø පටිත්තිතේ විඤ්ඤාණෝ විඳල් හෝ - විඤ්ඤාණය පිහිටි කල්හි, වැසුණු කල්හි
Ø පුනබ්භවාභි නිබ්භන්ති - මතු පුනර්භවය , හට ගැනීම වේ.
යැයි සඳහන් වීම විශේෂයෙන් මෙහිලා අධ්‍යනය කල යුත්තකි. එසේ පිහිටන විඤ්ඤාණය වැඩුනු විඤ්ඤාණය නාම රූපයෝ බැස ගන්නා බව ද්වීතීය චේතනා සූත්‍රය විස්තර කරයි.
Ø “මහනෙනි, යමෙකුන් සිතාද, යමෙකුන් කල්පනා කෙරේද, යමෙකුන් නැවත නැවත පවත්වාගෙන යාද, මෙය විඤ්ඤාණයේ පැවැත්මට අරමුණ වේ. අරමුණ ඇති කල්හි විඤ්ඤාණයේ පිහිටීම වේ. ඒ විඤ්ඤාණය පිහිටි කල්හි වැඩුනු කල්හි නාමරූපයෝ බැස ගැන්ම වේ. නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන ඇති වේ.”
Ø “තස්මිං පටිත්තිතේ විඤ්ඤාණනෙ විරූල් හෝ නාමරූපස්ස අවක්ඛන්ති හොති, නාමරූප පච්චයා සලායථනං”
(සංයුක්ත නිකාය ද්විතීය චේතනා සූත්‍රය 102 පිටුව)
මෙහි සඳහන් පිහිටි විඤ්ඤාණය, වැඩුනු විඤ්ඤාණය, නාමරූපයේ බැස ගන්නා බව ඉතා වැදගත් වූවකි. එසේ පිහිටි වැඩුනු විඤ්ඤාණය ඇති කල්හි තෘෂ්ණා නතිය වේ. තෘෂ්ණාව ඇති කල්හි ආගතිය ඇති වේ. (කර්ම හෝ කර්ම නිමිති හෝ ගති නිමිති ) මෙසේ ආගතිය ඇති කල්හි චුති උප්පත්තිය ඇති වේ. චුති උප්පත්තිය ඇති කල්හි මතු ජාති ජරා මරන ආදීන්ගේ හටගැනීම සිදුවන බවත් තෘතීය චේතනා සූත්‍රය සඳහන් කරයි.
Ø “තස්මිං පටිත්තේ විඤ්ඤාණේ විරූල් හෝ නතී හෝති
නතියා සති ආගතීං ගතී හෝති
ආගතී ගතියා සතී චුතූපපාතෝ හෝතී
චුතූපපාතෝ සතී ආගතීං ජාති ජරා මරණ සම්භවංති”
(සංයුක්ත නිකාය 2 කොටස තෘතීය චේතනා සූත්‍රය )
ඉහත සඳහන් සංයුක්ත නිකාය පාඨයට අනුව පටිච්ච සමුත්පන්න සත්වයාගේ නැවත මතුවීම පිනිස විඤ්ඤාණය අරමුණෙන් අරමුණ තෘෂ්ණා උපාජාන ඔස්සේ අභිවෘද්ධියට පත් විය යුතුමය. එසේ විඤ්ඤාණය අභිවෘද්ධියට පත් වන්නේ එය අරමුණක් ඇසුරෙහි පැවතුනොත් පමණි. එසේ වර්ධනය වූ විඤ්ඤාණය තෘෂ්ණාවයි. තෘෂ්ණාව ඇති කල්හි ආගතී හෙවත් කර්මාදී නිමිති පහලවීමට හේතු වේ. කර්මාදී නිමිති පදනම් කොට චුතිය හා උප්පත්තිය සිඳු වේ. මෙසේ විඤ්ඤාණය ප්‍රත්‍ය කොට නාම රූප පහල වීම සිඳුවන බවත්, නාමරූප ප්‍රත්‍ය කොට ගෙන විඤ්ඤාණය පවතින බවත් වේ. සූත්‍ර දේශනා අනුව හදුනාගත හැකිය.
Ø නතී - තන්හාව
Ø ආගතී ගතී - කර්මාදී නිමිති පහල වීමද
Ø චුතූපපාතේ - චුතිය හා උප්පත්තිය ඇති වීමද
Ø ජාති ජරා මරන ඇති වීමද ,
යන දේශනා පාඨ ඉතා වැදගත් වේ. ඒවා ගැබුරින් විචාරයට ලක්කොට අවබෝධයට යොමුකර ගැනීම අවශ්‍යය වේ.
විඤ්ඤාණය නාම රූපයෙහි පිහිට ලැබීමෙන් මතු ජාතී ජරා මරන ආදිය හට ගැනීම විය යුතු යැයි, දීඝ නිකාය, මහා නිධාන සූත්‍රය සඳහන් වේ. එම කරුණ සංයුක්ත නිකායෙහි නගර සූත්‍රයෙහිද වැඩි දුරටත් මෙසේ දැක්වේ.
Ø “මහනෙනි මේ විඤ්ඤාණය වූ කලී එහි නවතී, නාම රූප ඩෙකෙන් ඔබ්බට නොයයි. මේ ක්‍රමයෙන් උපන්නේ හෝ වෙයි. දිරන්නේ හෝ වෙයි. මරනයට පත් වන්නේ හෝ වෙයි. චුත වන්නේ හෝ වේ. එනම් නාමරූප ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වේ. විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාම රූප වේ. නැවත නාමරූප ප්‍රත්‍යයෙන් ෂඩායතන වේ”.
(සංයුක්ත නිකාය 2 කොටස නගර සූත්‍රය 162 පිට )
Ø “ඉධං විඤ්ඤාණං නාමරූපං හා නපරන් ගච්චති
එත්තා වතා ජායේත වා ජීයේත වා ජ්වේතු වා උප්පජ්ඡේද වා සද්ධ්ං
නාමරූප පච්චයා විඤ්ඤාණං විඤ්ඤාණ පච්චයා නාමරූපං නාමරූප පච්චයා සලායතනං”.
නාම රූප නමින් හැදින්වෙන පංචස්කන්ධ සංඛ්‍යාත සත්ව කාය ඇසුරෙහි විඤ්ඤාණය පවතින බවත් එම හේතුව නිසාම සත්වයාගේ උපදීම මැරීම දිරීම හා නැවත ඉපදීම සිදුවන බවත් ඉහත සූත්‍ර පාඨයෙන් විස්තර වේ.

දීඝ නිකායේ මහා නිධාන සූත්‍රයෙහි බුදුරඳුන් ආනන්ද හිමියන් අමතා සත්වයෙකු මව් කුස පිලිසිඳ ගැනීම හා සම්බන්ධව කරනු ලබන දේශනයද මෙහිලා වැදගත් වේ. මෙහිදී අවධානයට යොමු විය යුතු මජ්ජිම නිකායේ මහා තන්හා සංඛ සූත්‍රයේ එන, සත්වයාගේ පිලිසිඳ ගැනීම සිදුවීම කරුනු 3ක් එකාබද්ද වීම සම්බන්ධ දේශනයද මෙහිලා වැදගත් වේ. එහි සඳහන් වන්නේ,
Ø මව සෘතුභාවයට පත් වීමත්,
Ø මව්පියන්ගේ සංවාසයත්,
Ø ගන්ධබ්බයෙකුගේ අභිමුඛ වීමත් තුල ප්‍රතිසංධිය ලබන බවයි.

මෙම දේශන හා මහා නිධාන දේශනය සසදා බැලීම වැදගත් වේ.
Ø “ආනන්දය විඤ්ඤාණය මව් කුසට නොබසින්නේ නම් (මව් කුස ප්‍රතිසංධි වශයෙන් නොපහලවන්නේ නම් ) හුදු නාමරූපය (කලල ආදී වශයෙන් මිශ්‍රව ) මව් කුස පහල වන්නේද” ?
Ø “වහන්ස මෙය නොවන්නේමය”
Ø “ආනන්දය විඤ්ඤාණය මව්කුසට බැස (ප්‍රතිසංධි වශයෙන් පහලව ) පහ වන්නේ නම් (නිරුද්ධ වන්නේ නම් ) නාම රූපය මෙබඳු (පරිපූර්න ස්කන්ධ බවට ) පත් වන්නේද” ?
Ø “වහන්ස නොවන්නේමය”
Ø “ආනන්දය ලදරුම කුමරුකුගේ හෝ කුමරියකගේ හෝ විඤ්ඤාණය සිදෙන්නේ නාමරූපය වැඩීමට නැගීමට විපුල බවට පත් වන්නේද”
Ø “වහන්ස මෙය නොවන්නේමය”
Ø “ආනන්දය එහෙයින් විඤ්ඤානය යන මෙයම නාමරූපයට හේතු වේ. මෙයම නිධාන වේ. මෙයම සමුදය වේ. මෙයම ප්‍රත්‍ය වේ”.
Ø “තස්මාදී ආනන්ද ඒසේව හේතු ඒත්ං නිධානං ඒස සමුදයෝ ඒස පච්චයා නාම රූපස්ස යද්දිං විඤ්ඤාණං”
(දීඝ නිකාය 2 කොටස මහා නිධාන සූත්‍රය 92පිට )

විඤ්ඤාණය මව් කුසට පැමින නැවත පිටව ගිය පසු නාමරූප වශයෙන් ස්කන්ධ ඇති වී පහල වීමක් සිඳු නොවේ. විඤ්ඤාණය හෙතු කොට ගෙන නාමරූප එසේ පහලවුවත් යම් හෙයකින් කුඩා අවධියේ විඤ්ඤාණය සිදී ගිය හොත් නාමරූප වල වැඩීමක් නොවන්නේය, යන කරුණ මෙම සාකච්ඡාවෙන් පැහැදිලි වේ.
මුල් බුදු සමයේ සූත්‍ර දේශනා තුල සඳහන් වන මෙම අදහස් ගැන සාවධානව සලකා බැලීමෙන් පුද්ගලයාගේ උපත හා මෙලොව ජීවිතයේ පැවැත්මත් එම පැවැත්ම මුල් කොට ගෙන මතු උපත හට ගැනීමත් සිඳු වන බව තහවුරු කරන ක්‍රියාපද්ධතිය ලෙස,
Ø “විඤ්ඤාණ පච්චයා නාමරූපං- නාමරූප පච්චයා විඤ්ඤාණං”
යන පටිච්ච සමුත්පාදයේ මෙම අංගද්වය හේතුපාධක වන බව මැනවින් තහවුරු වේ. මෙම අංගද්වයෙන් පටිච්ච සමුත්පාදයේම සාරය ඇතුලත්ව ඇති බව විශේෂයෙන්ම සැලකිය යුතුය.

මේ නිසා මුල් බුදු සමයෙහි සූත්‍ර දේශනා වලට අනුව රූප ධර්ම ඇසුරු කොට උපතක් සිදුවීම හෝ නාමරූප ඇසුරු කොට අමුතුවෙන් විඤ්ඤාණයක් හා දෙවනුව නාමරූපයන්හි පහල වීම හෝ පලමුව නාමරූප හා විඤ්ඤාණයෙ පහල වීම හෝ සිඳු නොවේ.
පුද්ගලයාගේ උපත හා මෙලොව ජීවිතයේ පැවැත්ම ඉහත අංගද්වයේම සාපේක්ෂකත්වයෙන් සිඳුවන බව විශේෂයෙන් සැලකිය යුතුය.

Wednesday, June 29, 2011

දිව ඔසු අංක 01 සුදුලූනු

පසුගිය සති දෙක ඉතාම වැඩ අධික කාලයක්. ඒත් ඉදිරියට කාලයත් එහෙමයි වගේ. වැඩ යෙදෙන්නේ ඒ පැත්තට බව මට දැන් ටික ටික පේනවා. මගේ දින චරියාව ආරම්භ වෙන්නේ 5.30 ඉදලා. නැවත නින්දට යන්නේ බොහෝ වෙලාවට 12- 12.30 විතර වෙලා. අනික මම නිවාඩු ගන්නේ මාසයකට දිනයයි. ඒ පෝයට විතරයි. ඉතිං දැන් මේක මගේ ජීවිතේ වෙලා. දැන් අවුරුදු ගානක්ම කරලා ඇගට පත්තියන් වෙලා තියන්නේ. වැඩක් නොකර ඉන්න බැහැ වගේ.

අද අපි බලමු අළුත් වැඩක්. මම හිතන් හිටපු දෙයක්. ඖෂධ ශාක හදුන්වා දෙන්න. මේවන විට මම ආයුර්වේදය, බුදුදහම, ඉතිහාසය වගේ මාතෘකා කථා කරලා තියනවා. අදින් පසු විවේක තියන විදියට ඔබට අවශ්‍ය වන ශාක ගැනත් ලියන්න හිතන් ඉන්නේ. ඔබ ඉල්ලන්න ශාඛ මම ඒවා ගැනම ලියන්නම්. ඉල්ලුමේ හැටියටයි සැපයුම.

මෙන්න අංක 1

සුදු ලූනු

උද්භිද විද්‍යාත්මක කුලය - රසෝන කුලයට අයත්ය. Alliaceae

උද්භිද විද්‍යාත්මක නාමය - Allium sativum Lin.

වෙනත් නම්-
1. රසෝන - රස ඌන හෙයින් රසෝන නම් ලබති. එනම් අම්ල රසය හැර අනෙක් ලවන, කටු, තික්ත, ක්ෂාය, මධුර යන රසයන් පහ යුක්තය. (අම්ල රසය ඌන හෙයින්.)
2. ලශුන - රෝගයන් සිඳ බිඳ ලන හෙයින් ලශුන නම් වෙයි.
3. උග්‍ර ගන්ධා - සුදුලූනුවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් 40% පමණ ගන්ධක අඩංගු නිසා මේ නම ලබයි.
4. මිලේච්ඡකන්ධ - සුදුලූනු යනු බටහිර රටවලින් අප වැනි රටවලට සංක්‍රමනය වූ ශාකයකි. අතීතයේ අපේ පැරැන්නන් බටහිර රටවල ජනතාව සැලකුයේ ඉතා මිලේච්ඡ අය ලෙසයි. එම නිසා මිලෙච්ඡයන්ගේ රට වලින් රැගෙන ආ ස්කන්ධයන් යන තෙරුමින් මෙසේ හැදින් වූහ.
5. යවනේෂ්ට - ග්‍රීක් ජනයා ප්‍රිය කල හෙයින්.


ඉංග්‍රීසි භාෂාවෙන් - Garlic

ඉතිහාසය
1. වේද ග්‍රන්ථවල විශාල තොරතුරු ප්‍රමානයක් ඇත. සුශ්‍රැත සහ කාෂ්‍යප සංහිතාවලද නොයෙක් විස්තර අඩංගු වේ.
2. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
3. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.
4. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.
ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි.

සුදුලූනු උපත
1. ඉන්ද්‍ර දේවියට දරු උපත් නැති වූ නිසා ඉන්ද්‍ර ඇයට අමෘතය පෙවීය. ඇය එය ඉතා සැර බැවින් ඔක්කාර කලාය. එසැනින් යම් ප්‍රමාණයක් බිම වැටුනි. ඉන් සුදුලූනු ඉපදවිනි. අපවිත්‍රව තිබූ බිමකට වැටුනු බැවින් ඉන් හටගත් සුදුලූනු ගන්ධයකින් යුක්ත වීය.
2. සුරා සුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු උහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුලූනු ඇති විය.
3. මෙවැනිම බටහිර ප්‍රචලිත මිත්‍යා කථා අනුව, සාතන් ආදම්ගේ උයනෙහි ගමන් කරත්දී ඔහු වම් පය තිබූ තැනින් සුදුලූනුද, දකුණු පය තිබූ තැනින් රතුලූනුද පහල විය.
6. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
7. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.
8. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.
ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි.

අඩංගු රසායනික උපාදාන.
1. විටමින් vitamins
2. මාංසජනක ධාතු 4 1/2% සිට 6 1/2, දක්වාද, Proteins
3. කැල්සියම් Calcium
4. කාබෝහයිඩ්‍රේට 28% -30% Carbohydrates
5. පොටෑසියම්/ පොස්පරස් Potassium/ Phosphorus
6. වාෂ්පශීලී තෛල පදාර්ථ ගන්ධක වලින් යුතුයි. Sulphur


ඖෂධවේදීය ක්‍රියාකාරීත්වය.
1. බැක්ටීරියා නාශක. Antibacterial
2. ගර්භාෂ උත්තේජක. Uterine Stimulant
3. දිලීර නාශක. Antifungal
4. ප්‍රතිප්‍රධාහකාරක. Anti-inflammatory
5. රුධිර සීනි මට්ටම අඩු කරන Hypoglycemic
6. සංධිප්‍රදාහ නැති කරයි. Anti arthritic
7. රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අඩු කරයි. Hypolipidaemic
8. ප්‍රතිකැටිකාරක. Anticoagulant
9. ප්‍රෝටීන අඩු කරයි. Hypoproteinemic
10.කොලෙස්ටරෝල් අඩු කරයි. Hypocholesteremic
11.රුධිර පීඩනය අඩු කරයි. Antihypertensive
12.පිළිකා සෛල නාශක Anticancer
13.වයසට යාම නවතයි. Antiageing
14.හෘදයට හිතයි. Cardioprotective
15.ප්‍රතිජීවී Antibiotic

සුදුලූනුවල ආයුර්වේදීය ගුණ.
ප්‍රජාස්ථාපනයි.
දරු සම්පත් ලබාදීමට සහ ගර්භයේ ආරක්ෂාවට ඉතා හොදයි. ශුක්‍ර ධාතු වර්ධනය, වාජීකරණ, ස්ත්‍රී බීජ වර්ධනයටත් හිත ද්‍රව්යයකි.

වයඃ කල්‍යානිය
එනම් ශරීරයේ පිරිපුන් පෙනුම ඇති කිරීම.

ජීවාණු නාශක ගුණය.
කාස, ශ්වාස, කාරක ජීවාණු විනාශ කරයි.

ආහාර ජීරණ පද්දතියෙහි.
බඩ ගින්න ඇති කරයි.

හිස කෙස්.
සුදුලූනු තෛලය හිසේ ගෑමෙන් හිස කෙස් වර්ධනය.

ස්වසන පද්ධතියේ.
සෙම ඉවත් කරයි.
සියළු ආකාර වාත රෝග වලට හිතයි. කුෂ්ඨ රෝග, මාන්දමට ආදි රෝගවලටද මෙය ගුණදායකයි.

සුදුලූනු ප්‍රයෝජනයට ගන්නා පිලිවෙල.
1. තදින් තැම්බීමෙන් ගන්ධක වාෂ්ප වී ගුණ හීන වේ.
2. ප්‍රතිශ්‍යා අවස්ථාවලදී සුදුලූනු බිකක් හක්කේ තබා හැපීමෙන් සහනයක් ලැබේ.
3. අධික ශීත විට සුදුලූනු හැපීමෙන් ශීත දුරු වේ.
4. රාත්‍රී ආහාරයෙන් පසු සුදුලූනු බික් කීපයක් තලතෙලින් බැද කෑමෙන් මහත් ගුණ දේ. නීරෝගී වේ.
5. මුත්‍ර හිරවුනු විට සුදුලූනු තලපයක් සේ අබරා ගෑම ඉතා ගුණ දායකයි.
6. උන රෝගීන්ට ඉතාමත් හිතයි.

සුදුලූනු වැලදීමට සුදුසු කාලය.
දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ඉතා හොදයි.

වැලදිය යුතු මාත්‍රාව.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් ග්‍රරෑම්ස් 240 සිට විවිධ වේ. තම කැමැත්ත අනුව ගැනීම වරදක් නොවේ.

Tuesday, June 28, 2011

මඳසරුභාවයට විකල්ප ප්‍රතිකාර. ( කරලා බලන්න.)

අන්තිමට මම ලියූ සටහන අනුව අපි කථා කලා මඳසරුභාවයට පිළියම් යොදන ආකාරය.

ඒත් සමඟම ඔබට මතක ඇති අපි කථා කලා මඳසරුභාවයේ එක් කොටසක් වන පැහැදිලි හේතුවක් සඳහන් කල නොහැකි තත්වයක් ගැන.

අපි දන්නවා මේ ලෝකෙ වෛද්‍ය විද්‍යාව ඉතාමත් තාක්ෂණිකව දියුණු තත්වයක දැන් තියන්නේ. නමුත් ස්වභාව ධර්මය ඉක්මවන්න තාම මිනිසාට හැකිවෙලා තියනවද කියන ගැටළුව අපිට තියනවා නේද?
නීරෝගී විවාහක යුවලක් නිතර නිතර සංසර්ගයේ යෙදීමෙන් දරුවකු පිලිසිඳ ගැනීමේ ප්‍රතිශතය 40% පමණ තමයි වෙන්නේ.

ඔබ දන්නවාද අද තියන කෘතිම ක්‍රම මගිනුත් තාම මේ ප්‍රතිශතය ඉක්මවා යන්න බැහැ කියලා.

හොදම උදාහරන තමයි. අද ලෝකෙ තියන ඉතාම නවීනම ක්‍රම,
(1) ඩිම්භයක් නලයකට ගෙන එයට ශුක්‍රාණු දමා සංසේචනය කර වීම. IVF
(2) තවත් ක්‍රමයක් තමයි ඩිම්භය ශරීරයෙන් පිටට ගෙන එය සිදුරු කර ශුක්‍රාණුවක හිස පමණක් වෙන් කරගෙන එම සිදුරෙන් ඇතුල් කිරීම. ICSI
(3) තවත් අළුත් ක්‍රමයක් තියනවා මේ ක්‍රමය තාම ලංකාවට පැමින නැහැ. ශුක්‍රාණුව හිස පමණක් මව්ගේ ශරීරයේ තිබෙන ඩිම්භයට ඇතුල් කරන ක්‍රම. GIFT

මේ එකකවත් සාර්ථකත්වය තාම 40% පැමිණිලා නැහැ.

මේ සියල්ලෙන් අපිට පැහැදිලි වෙනවා නේද?

අපි මොනතරම් දියුණු වුවත් මේ ස්වභාව ධර්මයේ ප්‍රතිශතය ඉක්මවා යාමට අපිට හැකි වෙලා නැහැ කියලා.

ඔව් ඒක එහෙම තමයි මම හිතන් නැහැ.

අපිට ඒක කරන්න හැකි වෙයි කියලා. නමුත් අපි කල යුත්තේ මේ මඳසරුභාවයට හොඳ පිලිතුරක් සොයා ගන්න එක නේද? ඒත් ඒක ස්වභාව ධර්මය නොඉක්මවනවා වෙන්න පුලුවන්, ඒත් කාට හරි යහපතක් කරන්න පුළුවන් නම ඒ ඇතිනේද?

දැන් අපි බලමු කෙනෙක්ට ඉතාම හොදින් ඩිම්භ ඇති වෙනවා නම් ඒ අයගේ කායික ව්‍යුහාවේවත් හෝමෝන ක්‍රියාකාරීත්වයේවත් වෙනත් කිසිම ප්‍රශනයකුත් නැත් නම් පියාගේ තත්වයත් සාමාන්‍ය නම් ඇයි දරුවන් නොසෑදෙන්නේ කියලා.

මෙතන්දී මුලින්ම අපි බලමු දරුවන් ඇති කිරීමට අවශ්‍ය සාධක මොනවද කියන එක.
1. මවගේ හොදින් මේරූ ඩිම්භ.
2. පියාගේ අතිශයින් නීරෝගී ශුක්‍රාණු
ඇත්තෙන්ම මෙපමණයි අවශ්‍ය වන්නේ.

ඒත් ආයුර්වේද පුද්ගලයෙක් ලෙස මම දන්නවා මෙයිට වඩා දෙවල් අවශ්‍යයි කියලා.
ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරමු.

මම පොඩි උදාහරනයක් ගෙන්නම්. ( මගේ කොම්පියුටර් දැනීම බොහොම බාලයි. ඒත් මේක මම හදාගෙන තියන්නේ මේ දේ පැහැදිලි කරන්න. මගේ වරදක් තියනවා නම් කියන්න. ඒක මගේ දියුණුවටත් විෂයේ දියුණුවටත් වටිනවා.)
දැන් අපි දන්නවා මේ කොම්පියුටරවල හාඩ්වෙයාර් (Hard wear) සොෆ්ට්වෙයා (soft wear) කියලා කොටස් දෙකක් තියනවා ඒත් මේ දෙක වෙන වෙනම අරගත්තොත් ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා නැති කම්පියුටර් එකකට මොනවද කරන්න පුළුවන්? මොකක්ද ඒකෙන් තියන ප්‍රයෝජනේ?

මෙන්න මේ තත්වයට සමාන කරන්න පුලුවන් අපි මේ කියන තත්වයත්. අපි දන්නවා යම් අවස්ථාවක කලලයක් ඇති වූ පලියටම එය වර්ධනය වන්නේ නැහැ. මාස තුනක් වැනි කාලයක් තුල මේ තත්වය සම්පූර්ණ නොවී කලලය නැති වෙලා යන්න පුළුවන්.

ඒත් අපිට ඒකට හේතුවක් හරියට කියන්න අමාරුයි.(මේකට හේතු බුදු දහමේ චේතනා සූත්‍ර 1, 2, 3, 4 සඳහන් වෙලා තියනවා)

මෙවැනි ගබ්සා වීම් හරි බහුලයි. තාමත් මෙවැනි දෙ සිදුවන නියම හේතූන් සොයාගෙන නැහැ.

දැන් ඔබට පේනවා නේද මේ කලලය අර සොෆ්ට්වෙයාර් ඉන්ස්ටෝල් කරලා නැති කම්පියුටර වගේ අසම්පූර්ණයි. එම නිසා කලලය පිට වෙනවා. එහෙමත් නැත් නම්, මේකත් හරියට ක්‍රියාකාරී ශක්තිය(Activation Power) නැතිව කලලය විනාශ වීමක් බව අපිට පේනවා. ඒත් මොකක්ද මේ ක්‍රියාකාරී ශක්තිය කියන ගැටළුව දැන් අපිට එනවා නේද?

බටහිර විද්‍යාවන් තුල මේ තත්වය විස්තරවෙන් නැහැ. ඒත් ආයුර්වේදය, බුදුදහම වගේ අපේ විද්‍යාවන් තුල මේ ගැන කරුණු සඳහන් වෙනවා. ඔබට මතකද අපි දහම් පාසලේදී ඉගෙන ගත් ත්‍රිපිටක ධර්මයන් තුල, එහෙමත් නැත් නම් අභිධර්මයේ මේ වැනි තත්වයන් අපිට හමුවෙලා තියනවා.
ත්‍රිපිටකයේ එන මජ්ජිම නිකායේ මූල පන්නාසකයේ ඇති ප්‍රධාන සූත්‍රයක් වන මහා තණ්හාසංඛ සූත්‍රය අනුව මේ තත්වය ඉතාමත් හොදින් පැහැදිලි කල හැකියි.

එහි සඳහන් වෙනවා
1. යම් ස්ත්‍රියක් සෘතු ලබා නිසිකල ඇතිවන පුරුෂ සංයෝගය,
2. මව් කුසේ දරු ගැබක් හට ගැනීමට සුදුසු වාතාවරණයක් තිබීම.
3. සුදුසු ගන්ධබ්බයකුගේ ප්‍රවිශ්ටවීම.
යන මෙ කාරණා නිරෝගී දරුවකු ලබා ගැනීමේදී තිබිය යුතු මූලික සුදුසුකම් ලෙස.

දැන් අපි මේ කරුණු කීපය හොදින් විමසා බලමු.
එනම් නවීන වෛද්‍ය විද්‍යාව අනුවද මවගේ ඔසප් චක්‍රයේ 12 දින සිට ඇගේ සරු කාලය ආරම්භවන බව දක්වයි. ආයුර්වේද මතයද මෙයමයි. මෙහිදී බෞද්ධ මතයද එයම වීම මේ සියල්ලම ඉතා නිවැරදි බව මොනවට පෙන්වයි. මෙම මහා තණ්හාසංඛ සූත්‍රයේ අටුවාවට අනුවද මේ කරුණුම සනාථ වෙයි.
ඉහත කාරණා තුනෙන් පලමු දෙකම වෛද්‍ය විද්‍යාවට (ආයූර්වේද, බටහිර,) අනුව අපට විග්‍රහ කල හැකිය. නමුත් තුන්වන කාරණය මින් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට යම් එකඟත්වයක් දක්වයි. නමුත් මෙහි සම්පූර්ණම විස්තර අපට ලබා ගත හැක්කේ බුදු දහමට අනුවයි.

ඉහත මූලික කාරණා දෙකේදී අපට අවශ්‍යවන හෝමෝන, ආදිය ගැන මේ පලමු කරුනේදී සඳහන් වෙනවා. තවදුරටත් ගැනීමේදී ලිංගිකත්වය ඇති කරන හෝමෝන ගැන මෙහි සඳහන් වන බව අපිට පැහැදිලි වෙනවා. මේ පිළිබඳ ඉතාම පරිපූර්ණ විස්තරයක් මහාතණ්හාසංඛ සූත්‍ර අටුවාව පැහැදිලි කරනවා.

දෙවනි කාරණයට පැමිණි විට අපිට පෙනෙනවා. අපි අද නවීන වෛද්‍ය විද්‍යාව පමණක් නෙමෙයි ආයූර්වේදය පවා රෝග නිර්ණය කරන්න තාක්ෂණය යොදා ගන්නවා. මේ වැනි මඳසරු අවස්ථාවලදී නිසි දිනවල මවගේ ගර්භාෂය පිළිබඳ කරන ස්කෑන් පරීක්ෂා අද අපිට බොහෝ වැදගත් වෙනවා.

මේ ස්කෑන් පරීක්ෂාවෙනුත් අපි අවධානය යොමු කරන්නේ මවගේ,
1. ඩිම්භ නිසි ලෙස නිසි දිනට මෝරනවාද?
2. ගර්භාෂය ඇතුලු බිත්තිවල ඝනකම කලලයක් දැරීමට ප්‍රමාණවත්ද කියන කරුණුයි.
ඊටත් අමතරව ගර්භාෂයේ ඇතිවන රෝග ආදියෙන් තොරබව යන විශාල කරුණු ප්‍රමාණයක් මේ එකම කරුණකින් විස්තර වෙනවා.

හේතුවක් නොදක්වන මඳ සරුභාවය බොහෝ දුරට පෙනෙන්නේ මෙම ගන්ධබ්බ ප්‍රතිසංධියේ ඇතිවන දෝෂයක් ලෙසයි.

මෙහිදී ගන්ධබ්බ ප්‍රතිසංධිය බොහෝ විට කර්ම ගත තත්වයක් ලෙසම සැලකිය යුතු නැහැ. අප මෙහිදී හොදින්ම සැලකිය යුතු කරුණු කීපයක් මෙහිදී සඳහන් කරන්නම්. ඒ අනුව ජීවිත රටාව හැඩ ගස්වා ගැනීම නිසා ඔබට දරුවකු උපදවා ගැනීමේ හැකියාව ඇති වනවා. මේ උපදෙස් ඔබගේ දරුවන් නැති සහෝදර මිත්‍රාදීනට ලබා දී බලන්න.
සෑම විටම මතක තබා ගන්න මේ ගන්ධබ්බ කියන්නේ ආත්මය හෝ එවැනි දෙයක් නෙමෙයි. කලලයේ ක්‍රියාකාරී ශක්තියටයි. (Activation Power)

මේ ක්‍රම මඟින් දරුවන් ලබාගත් කීපදෙනෙක් මම නම් කරන්නම්. ( මගේ වෛද්‍ය ආචාර ධර්ම වලට මෙම හෙලි කිරීම ප්‍රශ්නයක් නෙමෙයි. මේවා ඔබ හැම දන්න කරුණු.)

1. විහාර මහා දේවිය විස්තර සඳහා දුටු ගැමුනු චරිතාපධානය බලන්න. එහි සඳහන් වෙනවා වෙහෙර දේවිය කුඩා සාමනේර කෙනෙක්ට තම කුස ඉපදෙන ලෙස කල ඉල්ලීම පිළිබඳ තොරතුරු.
2. රත්නවල්ලී බිසව පරාක්‍රම බාහු කුමරු පතා කල ආරාධනාව. එතුමිය තෙඳ බල විභීෂණ දෙවි යැද කල ආරාධනාව ගැන විස්තර මහා වංශයේ සඳහන් වෙනවා.
3. සවණ පරාක්‍රම භාහු මහා රජතුමාගේ දියණිය උලකුඩය දේවියට පුත් රුවනක් ලබා දීමට ආසිරි පතා විභීෂණ දෙවියන් යැද සිරි රහල් හිමියන් පබැඳූ සැළලිහිණි සංදේශයේද මේ තොරතුරු සඳහන් වෙනවා.

102 කව,
දිත් රුපු කිරුළු මල් දම් සුවද මී වැස
තෙත් සිරිපා යුත් සුරිඳුන් තිලෝ ඇස
සිත් පිනවන ඇති ආසිරි නුවණ යස
පුත් රුවනක් සොඳ දෙනු මැනවි ලෙස

4. ජාතියේ නියම පියා වන අනගාරික ධම්පල් තුමා ගැන එතුමාගේ මව් තුමිය වන මල්ලිකා හේවාවිතාරණ මැතිනිය මෙවැනිම ප්‍රාර්ථනාවක් කර ඇත.
4. බලංගොඩ ආනන්ද මෛත්‍රිය හිමියන් පිලිබඳව එතුමාගේ මවද මෙවැනිම ප්‍රාර්ථනයක් කර ඇති බව පොත පතේ සඳහන්ය.

දැන් අපට පෙනෙනවා අපගේ මව්වරුද අප ගැන එලෙස ප්‍රාර්ථනාවන් කරන්න ඇති. නමුත් අද අපි ගෙවන ජීවිත අනුව අපි මේවැනි දේ ගැන එතරම් තැකීමක් කරන්නේ නැහැ.

මෙවැනි ප්‍රාර්ථනාවක් නිකම්ම කරන්න බැහැ. ඒකට යම් පිලිවෙලක් තියනවා. මම ඔබට ඒ පිලිවෙල කියලා දෙන්නම්. මේ ගැන මම හොදටම අත්හදා බලා තියනවා මගේ රෝගීන් මාරගයෙන්. තව මගේ දෝණිය ලැබෙන්න සිටි කාලයේත් මම මෙවැනි දේ අත්හදා බැලුවා. මට නම් ප්‍රතිඵල 100% හරි. ඔබත් බලන්න. ඒ ප්‍රතිඵල අපි බලමු අනාගතයේදී.

මව් පදවිය ඇති කර ගැනීමට ඇතිකරගත යුතු අධිෂ්ඨානය.
1. අඹු සැමි සබඳතා නවතා දමා, දෙමාපිය සබඳතා පවත්වන්න.
එනම් අපි මෙහිදී ලිංගික සබඳතා පැවැත් විය යුත්තේ ඉන් ලැබෙන තෘප්තිය සතුට ගැන තැකීමකින්. කාමාසාවන් සංතර්පනය කිරීමට නෙමෙයි. මේ ක්‍රියාවට පෙර පංසිල් සමාඳන් වී හොද දරුවකු පතා දෙවියන්ට පිං දී යම් ගුණවත් නැණවත් අයෙක්ට ආරාධනා කරන්න. විශේෂයෙන් කෙනෙක්ට නෙමෙයි. අපිට ගැලපෙන කෙනෙක්ට අපි ලඟට පැමිණීමට පමණයි.
මෙහිදී දෙමාපිය සබඳතා ව්යනු හැම විටම ධාරක ප්‍රේමය මුල් විය යුතුයි.

2. මේ කාලයේ මව් පිය දෙදෙනාම අනෙකා ගැන දැඩි ප්‍රේමයකින් විසිය යුතුයි. වෛද්‍යවරයෙක් ලෙස මම දැකලා තියනවා සමහර කාන්තාවන් කියනවා දරුවෙක් ලැබුනාම සැමියා ගෙදර නාවත් කමක් නැහැ කියලා. මෙවැනි දෙවල් ඉතාම නරකයි. මේ සිතුවිලිම හේතු වෙනවා දරුවකු නොලැබීමට.

3. නිතරම පිරිසිදු සිතුවිලි වලින් සිටීම ප්‍රයෝජනවත් වෙනවා. සිතේ තරහව ක්‍රෝධය වැනි සිතුවිලි නැතිව ඉතාම සතුටෙන් සිටිය යුතුයි.

4. හැම විටම පිං කරන්න විශේෂයෙන් දරුවන් සම්බධව. නිතර සිතන්න මේ කරන දෙවල් අනුමෝදන් වෙලා මට මවක් වෙන්න උදව් වෙන්න.

ඔබ මේ ලෙස කරමින් උත්සාහ කරන විට, නිසි ලෙස අවශ්‍ය වෛද්‍ය උපදේශ ක්‍රියාත්මක කරන විට මම නම් හිතන් නැහැ කාටවත් දරුවො නැතිව දුක් විදින්න වේ කියලා.

තවත් පෙර කාලයේ තිබිලා තියනවා ඉතා අංග සම්පූර්ණ ක්‍රමයක්. අද නම් මෙවා විනාශවෙලා ගිහින්.

1. රිද්දි යාගය - මේ ක්‍රමය මාතර වැනි දකුණු පලාතේ තිබුනු ක්‍රමයක්. මම අසා තිබෙනවා. මෙවැනි යාගයකින් පසු ගමක සිටින විශාල කාන්තාවන් සංඛ්‍යාවක් ගැබ් ගන්නවා කියලා. සෞන්දර්ය්‍ය විශ්ව විද්‍යාලයේ කුලපති. මහාචාර්ය්‍යය කෝට්ටේගොඩ මැතිතුමා මේ ගැන පොත් කීපයක්ම ලියලා තියනවා.


2. කළු කුමාර යාගය - මේකත් හොදින්ම දන්න අය ඉන්නේ අම්බලන්ගොඩ ආදී ප්‍රදේශවල. මේ ගැනත් මහාචර්ය්‍ය කෝට්ටේගොඩ මැතිතුමා මෙන්ම ජේෂ්ට කථිකාචාර්ය්‍ය ලයනල් බෙන්තරගේ මැතිතුමා විශාල ග්‍රන්ථ දෙකක් ලියා තිබෙනවා

Thursday, June 23, 2011

මඳසරුභාවයෙන් මිදෙමු.

අද මඳසරුභාවයේ කථාව අවසන් කරන්න තමයි හිතන් ඉන්නේ. බලමු මොකද දැන් මගේ කථා බැංකුව කකාගේ තරම්ම නැති වුනාට ටිකක් කල් ඇදගෙන යන්න තරමට තියනවා. හැබැයි ඒවා දැන්ම දාන්නේ නැහැ.

අද මට කියන්න තියන්නේ මේ රෝගයට තියන ආයුර්වේද විසදුම් මොනවද කියන එක.

මම කලිනුත් කියලා තියනවා වාජීකරණ තන්ත්‍රය කියන්නේ මේ රෝගයට විසදුම් මහා රාශියක් ඇති විෂයක්. ඒත් අද වෙනකොට මේ වාජීකරණ තන්ත්‍රය කියන විෂය වෙනත් කාර්ය්‍යයන් වලට තමයි ප්‍රයෝජනයට ගන්නේ.

ඔබ දැන් දන්නවා ලෝකයේ මඳසරුභාවය කොටස් තුනක් තියනවා.
1. පුරුෂ මඳසරුභාවය - මේ රෝගයට ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුයි. මෙමගින් අපිට පුරුෂ රෝගීන් ඉතා සාර්ථකව සුවපත් කල හැකියි.

2. කාන්තා මඳසරුභාවය - මේ තත්වයට ආයුර්වේදීයව සහ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර තියනවා. ඉතා හොදින් මෙම වෛද්‍ය ක්‍රම මගින් මේ තත්වය සුවපත් කල හැකියි.

3. හේතුවක් පැහැදිලිව කිය නොහැකි මඳසරුභාවය - මෙය තමා අද ලෝකයේ තිබෙන අභියෝගය කිසිම ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැහැ.

දැන් අපි බලමු මේවා එකින් එක.
කොහොම වුවත් මුලින්ම කියන්න ඕනෙ වෛද්‍ය ආචාර ධර්ම අනුව ජනමාධ්‍යකින් ඖෂධ නියම කරන්න බැහැ. ඒ මොකද එක් එක් පුද්ගලයා අනුව එකම රෝගය වුවත් වෙනස් වෙනවා.(නානාත්ථ කායා නානාත්ථ සඥා) මේ නිසා නිසි පරීක්ෂාවකින් තොරව ඖෂධ කිසිම වෙලාවක ගන්න එපා.

මේ අනුව තමයි මම මෙහේදී අවශ්‍ය දෙවල් පමණක් කථා කරන්නේ.

ඔබ දන්නවා දැන්,

වෘෂණ කෝෂ වල උෂ්ණත්වය බලපානවා ශුක්‍රාණු ජනන ක්‍රියාව සම්පූර්ණ වීමට.

ඒත් අද අපේ සමාජ වටපිටාව අනුව මෙතරම් උනුසුම් රටක වුවත් අපිට මේ කලිසම් බෑය දාගෙන ඉන්න වෙනවා. එතකොට අපේ වෘෂණ වැඩියෙන් රත් වෙනවා. ඒ වෙලාවට මේ ශුක්‍රාණු ජනන ක්‍රියාව ඉතාමත් අඩු වේගයකින් තමයි සිද්ධ වෙන්නේ. අපිට මෙකෙදි පොඩි උපක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්.

1. අපි මුත්‍රා කරන හැම වෙලාවෙම වෘෂණ හොදින් සිසිල් කරන්න පුළුවන් ඇල් දියෙන්.

2. හවසට ගෙදර පැමිණිලා ඇග පත සොදනකොට ශීතකල ජලයෙන් වෘෂණ කෝෂ සේදීම කරන්න පුළුවන්.

3. අපි අදින යට ඇදුම් හැම විටම කපු පිලියෙන් මසා ගන්න පුළුවන්. ඇගට හිර නොවන ඉතා ලිහිල් ඇදුම් අදින්න පුළුවන්.

මෙවැනි ක්‍රම වලින් මේ ගැටළුව යම් ප්‍රමාණයකට විසදා ගන්න හැකියාව තියනවා.

අපි ආහාර ගැන කථාකල නිසා මම නැවතත් ඒ ගැන කථා කරන්නේ නැහැ.

ඊලඟට අපිට තියන්නේ ව්‍යායාම. අපි කරන රැකියාව අනුව අපිට ලැබෙන ව්‍යායාම ප්‍රමාණය ඉතා අඩුයි නම් අපි දිනකට සෑහෙන ව්‍යාම ප්‍රමාණයක් කල යුතුයි. ඒ කියන්නේ දිනකට අවම 3කි. මී. ප්‍රමාණයක්වත් ඇවිදින්න ඕනෙ. එහෙමත් නැත් නම් අපි දිනකට අවම වශයෙන් විනාඩි 40 වත් යම් ව්‍යායාමයක් කල යුතුයි. මේ ව්‍යායාම කිරීමෙන් අපේ ශරීරයේ දිනපතා ඇතිවන විෂ පදාර්ථ ශරීරයෙන් ඉවත් වෙනවා. එයිට අමතරව පේශීවල ක්‍රියාව එතනින් ගියහම මානසික සතුට වගේ විශාල වාසි බොහෝමයක් අපිට ලැබෙනවා.
ශුක්‍රාණු නිශ්පාදනයටත් මේ ව්‍යායාම නිසා ඇති වන්නේ ධනාත්මක උත්තේජනයක්.

ඊලගට අපිට වැදගත් වෙන්නේ. ලිංගික ක්‍රියාව මේක අපි වැඩියෙන් අවධානය කල යුතු දෙයක්. දැන් බලන්න මඳසරු පිරිම් අය හිතාගෙන ඉන්නවා මේවගේ රෝගයකදී ඉතා අඩුවෙන් තම බිරිදගේ ඔසප් චක්‍රයේ සරු කාලයේ විතරක් එකතු වීම (සංසර්ගයේ යෙදීම ) නිසා ශුක්‍රාණු ඉතිරි කරගෙන ඒ දින ගනනටම පිරිමහගන්න පුළුවන් කියලා. ඇත්තටම මේක මිත්‍යා මතයක්. මොකද අපි නිසි පරතරයක් තබාගෙන මේ කාර්ය්‍යයට යොමු වෙනව නම් ඒකයි බොහෝ වැදගත් වන්නේ.

එතකොට මොකක්ද මේ පිලිවෙල,

මෙහෙමයි,

මෙහිදී බලන්න පිරිමියෙක්ගේ ශුක්‍රාණුවක ආයු කාලය වන්නේ පැය 72 වගේ කාලයක් එතකොට හැම පැය හැත්තෑ දෙකෙන් දෙකටම පිරිමි පද්ධතියේ ශුක්‍රාණු නිපදවෙනවා. නේද නමුත් මේක එහෙමම නෙමෙයි යම් කාල පරතරයකට වරක් වනවා. ඒ කියන්නේ පැය 48 - 72 අතර කාලයකදී ශුක්‍රාණු වරින් වර අළුත් පරම්පරාවක් බැගින් නිපදවනවා.

(ඒත් ඔබ මතක තබා ගන්න දින 90 පමණ කාලයක් යනවා ශුක්‍රාණුවක් පියාගේ දෙහ සෛල මට්ටමේ සිට ශුක්‍රාණුවක් බවට පත් වීමට.)

මේ කාරණය නිසා අවම වශයෙන් හැම දින තුනකටම වරක්වත් පුරුෂයෙක් තම ශුක්‍රා තරලය පිට කිරීම ඉතාමත් වැදග්ත් වෙනවා. එවිට ශුක්‍ර තරල සාම්පලයක් තුල තිබෙන මැරුනු සෛල සංඛ්‍යාව අවම වෙනවා. මෙය ශුක්‍රාණුවක උපරිම ක්‍රියාව දැක්වීමට පහසුවක් වෙනවා.

මේ නිසා සරු කාලයේ දිනක් හැර දිනකුත් අනෙක් කාලවල සතියට තුන් වරක් පමණත් සංසර්ගයේ යෙදීම ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම තම සරු භාවයට වැදගත් වෙනවා. ( හොදින් මතක තබා ගන්න මම මේ කියන්නේ මඳසරු යුවලවල් වලට විතරයි. අනෙක් අයට "තමන්ගේ මැට්ටන් තම් මැට්ටන් කිව්වලු. මට මොකද?)

දැන් අපි පුරුෂ මඳ සරුභාවයේ ප්‍රතිකාර යටතේ ඇවතුම් පැවතුම්, ආහාරය ගැන, ඇදුම ගැන, ව්‍යායාම ගැන, ලිංගික ක්‍රියාව සකස් කරගත යුතු ආකාරය ගැන කථා කලා. අපිට තව ඉතිරි වෙලා තියන්නේ. හේතුවක් පැහැදිලි කල නොහැකි මදසරුභාවයට ප්‍රතිකාර ගැන කථා කරන්න විතරයි. ඒක අපි වෙනම පෝස්ට් එකක් යටතේ කථා කරමු හේතුව ටිකක් දිගයි. හෙට නෙමෙයි අනිද්දා ඒක ගෙන්නම්. එතෙක් ජය!
ප.ලි.
(කාන්තා සරුභායටත් මේ හැම දෙයක්ම අදාලයි. මම හිතනවා මේ ගැන ඕන තරම් ලියවිලා තියනවා ඒ නිසා මම එය නොලියා ඉන්නම් කියලා. නමුත් ඔබට අවශ්‍ය නම් මේකත් ලියන්නම්.)

ප.ප.ලි.
ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇසුවා ගැහැනු පිරිමි ලමුන් ලබා ගැනීම ගැන. මම නම් හිතන්නේ. සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න.

මොකද අපි දෙවියොද?

ඇයි අපි මේ ලෝකෙ තියන සමතුලිතභාවය බිද දන්නෙ. ඕව ගැන මගේ මතය නම් අපි අපේ සීමාවේ ඉමු කියන එකයි.

ඒ කෙසේ වෙතත් මම දැකලා තියනවා. සමහර ආයුර්වේද ග්‍රන්ථවල මෙහෙම දෙයක් ඒකට කියන්නේ "පුං සවණ ක්‍රමය" කියලා. ඒත් මට ඒ ගැන මුකුත් කියන්න බැහැ. මම අත්හදා බලල නැහැ. බලන්නේත් නැහැ.

ජයෙන් ජය!!!!

Wednesday, June 22, 2011

සඳවට රන් තරු...... අංක 3 (මඳසරුභාවයේ කථාව.)

දැන් අපි මේ මාතෘකාවේ ටිකක් දුරට ගිහින් ඉන්නේ. අපිට දැන් හිතාගන්න පුළුවන් යම් පුරුෂයෙක්ගේ සරුභාවය ගැන.

ඇවිල්ලා තියන කමෙන්ට් අතරේ මම දැක්කා ඉතා වැදගත් ප්‍රශ්න කීපයක්ම තියනවා. මම ඒ හැම එකකටම පිළිතුරු දෙන්නම්. හැබැයි මම කෙලින්ම කමෙන්ට් විදියට නැතුව ලිපියේ අන්තර්ගතය තුලින් මේ පිළිතුරුදීම කරන්න හිතාගෙන ඉන්නේ. මොකද මේ හැමදේම, මම දන්නවා ඉතා වැදගත් කියලා. ඒ නිසා ඔබට අවශ්‍ය ලෙසයි මේ සියල්ල ලියන්නේ.

අනෙක් වැදගත්ම දේ මේ වනතෙක් සිංහලෙන් මේ විෂය ගැන (පුරුෂ මඳසරුභාවය ) කිසිම පොත පතක් පලවෙලා නැහැ.

ඒ නිසා මේ බ්ලොග් සටහන් යම් දුරකට හෝ ඒ අවශ්‍යතාවය පිරිමහන්න යොදාගන්න හැකි නම් මගේ අරමුණ සාර්ථකයි.

අපි දැන් දන්නවා, පුරුෂයෙක් සරුභාවය නිරෝගී නම් ඔහුගේ තිබිය යුතු ලක්ෂණ. ඒත් අපි අද කථා කරමු මේ නිසා ඇති විය හැකි රෝග මොනවද කියන එක. වෙලාව තිබුනොත් හේතු බලමුකෝ.

මුලින්ම එන රෝගය තමයි සමහර පිරිමින් (මේ අය ඉතාම අඩු සංඛ්‍යාවක් තමයි සිටින්නේ) ලිංගික සංසර්ගයේදී ධාතු පිට වීමක් නැහැ.

(1) Aspermia - මෙවැනි අයට දරුවන් හැදීමේ හැකියාව ඉතා අඩුයි. මේකට ප්‍රතිකාර තියනවා. නමුත් මම හිතනවා මේ අයට බොහෝ විට මෙහෙම වෙන්නේ මානසික හේතු නිසා. හොද උපදේශන ප්‍රතිකාර අවශ්‍යයි. මේකත් අපේ රටේ වැරද්දක්. ම්නිස්සුන්ට නොයෙක් ප්‍රශ්න තියනවා ඒවා විසදගැනීම ඔවුන්ට අපහසු වෙලාවට ඒ සඳහා උදව් කිරීමට යම් ආයථන අවශ්‍යයි. උපදේශනය මූලික උපධියක් විදියට අපේ රටේ කැම්පස් කීපයකම තියනවා. නමුත් පශ්චාත් උපාධි නැහැ. ඒ නිසා වෘත්තීය උපදේශකයින් අප අතර ඉතාම අඩුයි.
ඒ කොහොම වුවත් මෙවැනි රෝගීන්ට වැඩිපුරම අවශ්‍ය වන්නේ උපදේශනයයි. වෙනත් ඖෂධ ප්‍රතිකාර ගැන වෙනම පෝස්ට් එකක් ලියනවා.

ඊලඟ රෝගය විදියට ගන්න පුළුවන්,
(2) Oligozoospermia පුරුෂ බීජ අඩු සංඛ්‍යාවක් තිබීම. මේ අය අද ඉතාම සීග්‍රයෙන් වැඩි වනවා. ඒ හේතූන් පසුව කථා කරනවා.
මේ අවස්ථාව තමයි තුන් වැනියට ගන්න තියන්නේ.

(3) Asthenozoospermia මෙහිදී වෙන්නේ ධාතුවල ක්‍රියාකාරීත්වය ඉතාම අඩු වීම. අපි මේ ධාතු වාර්ථා ගන්න කොට බලනවා ශුක්‍රාණුවල ක්‍රියකාරීතවයේ අවස්ථා තුනක්
1. ඉතාම හොදින් ක්‍රියාකාරී Active Motility
2. යම් පමණකට හොද ක්‍රියාකාරීත්වයක් පෙන්වන Slow Motility
3. සම්පූර්ණයෙන් මැරුණු Immortality

මෙම ක්‍රියාකාරී ශුක්‍රාණුත් කොටස් දෙකකට බෙදනවා.
1. progressive sperms මෙම ශුක්‍රාණු ඉතා පැහැදිලිව ඉදිරියට වේගයෙන් ගමන් කරන ශුක්‍රාණු. මේවායේ ගමන හැම විටම කෙලින් ඉදිරියට ලෙස වනවා.
2. non progressive sperms මෙම ශුක්‍රාණු හැම විටම ගමන් කරන්නේ සර්පිලාකාරවයි. මෙයි දරුවකු පිළිසිද ගැනීමේ සම්භාවිතාවය ඉතාමත් අඩුයි.

මේ සාධක හැම විටම ඉදිරිපත් කරන්නේ මුළු ශුක්‍රාණු සංක්‍යාවේ ප්‍රතිශතයක් ලෙසයි. එම නිසා අංක 1 අවස්ථාව 50% වැඩියෙන් තිබිය යුතුයි,

අවසාන සාධකය වන්නේ
(4)Teratozoospermia ශුක්‍රාණුවල රූප විද්‍යා නිවැරදි භාවයයි. මෙය වඩා වැදගත් සාධකයක්. මෙහිදී ඇතිවන විකෘති ශුක්‍රාණු මඟින් නොමේරූ දරු උපත් සහ මන්ධ බුද්ධික දරු උපත් ඇති විය හැකියි. මෙහි අගය 30% වඩා වැඩියෙන් තිබිය යුතුයි.

පුරුෂ මඳ සරු භාවයට බලපාන හේතු ලෙස අපට ප්‍රධාන කරුණු කීපයක් ගත හැකියි.
1. මානසික හේතු.
මගේ වර්ගීකරණයේ එන ප්‍රධානම සාධකය මේක තමයි. ඔබ මගෙන් ඇසුවා කොළඹ පිරිමින්ට වැඩියෙන් මේ ගැටළුවට මුහුණ දෙන්න වෙලා තියන්නේ ඇයි කියලා, මේක තමයි ඒ පලවෙනි හේතුව. බලන්න අද කොළඹ පිරිමින් මොන තරම් මානසික පීඩනයක් යටතේ වැඩ කරනවද? මානසික තත්වය මේ රෝගට ඉතා තදින් බලපානවා.

2. පරිසර සාධක
ඔබට මතක ඇති කාලයක් කොළඹ අධි අවධානම් කලාපයක් ලෙස සඳහන් වුනා. ඒ ඇයි? අපේ පරිසරයේ ඊයම් ප්‍රතිශතය ඉතා ඉහලයි. මෙහෙම වෙන්නේ අපි පාවිච්චි කරන ඊයම් මිශු ඉන්ධන නිසා. ඔබ දන්නවද (අපේ පිටරට ඉන්න මිත්‍රයෝ නම් දන්නවා ඇති.)අපි පාවිච්චි කරන 90 ඔක්ටේන් පෙට්‍රල් දැන් ලෝකයේ පාවිච්චිය ඉතාම අඩුයි. 95 සහ 97 තමයි වැඩියෙන් භාවිතා කරන්නේ. මේ නිසා අපේ කොළඹ නගරයේ වාතයේ ඇති දූවිලි, දුම්, අංශු ප්‍රමාණය අවධානම් මට්ටමට ඉහළයි. (මේ වෙනකොට මේ දැඩි අනතුරු මට්ටමෙන් පහලට පැමිණ තිබෙනවා. ඒක නම් සතුටට හේතුවක්. ඒත් මේක තවත් දියුණු වෙමින් පවත්වා ගත යුතුයි.)

අනිත් කාරනේ අපි ලංකාවට ගෙන්වන්නේ අවුරුදු තුනක් පිටරට භාවිතා කල වාහන. මේවා ඇයි ඒ රටවල භාවිතා නොකරන්නේ? ඒ රටවල් තම රටේ වාතය ගැන සැලකිලිමත් වෙනවා ඒකයි කාරනය. නසීලන්තයේ වසරකට දෙවරක් වාහනයක් අපේ භාෂාවෙන් කියනවනම් දුම් පරීක්ෂාවට ලක් කරනවා. මම හිතන්නේ බොහෝ රටවල් එහෙමයි. නමුත් අපි????? ( ඒත් දැන් නම් තත්වය වෙනස් වෙමින් පවතින බව පෙනෙනවා. ඒ ගැන නම් සතුටුයි.)

3. අහාර සාධක.
මේක ඉතාම වැදගත් තත්වයක්. අපි මේ ගැන කථා කලා අපේ ආහාර ගැන ලිපි වලදිත්. අධික වැඩ නිසාත්, අපි අද අපේ ආහාරයේ ඇති කොළ පැහැ එළවළු භාවිතය අඩු කරලා තියනවා. අපි වැඩියෙන්ම ගන්නේ තෙල් බහුල ආහාර. නමුත් අපි ඒ තරමට ක්‍රියාකරී බවක් දක්වන්නේ නැහැ. මේවා අපිට තිබෙන ප්‍රශ්න. පලතුරු භාවිතය ඉතා අවශ්යයි. ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වයට පලතුරු ඉතා වැදගත්.

මෙහිදී මතක තබා ගන්න මත් පැන්, සිගරට්, දුංකොළ, බුලත් කෑමෙන් වැලකීම ඉතා වැදගත්.
මෙහිදී මගේ කිරිපිටි ගැන ලිපිය.
ආහාර ගැන ලිපි දෙක (1) (2) කියවන්න කියා ඉල්ලා සිටිනවා.

4. උෂ්ණත්වය (ඌෂ්ණය ගැන ලිපිය.)
වෘෂණ කෝෂවලට ඉහල උෂ්ණත්වයක් ලැබීමත් හොද නැහැ. ඔබ දන්නවා වෘෂණ කෝෂවල පිටත සම රැලි බහුලව ඇත්තේ එහි පෘෂ්ටික ක්ෂේත්‍රඵලය වැඩි වී ඇතුලත උෂ්ණත්වය පිටතට යවන්න. ඔය රේඩියේටරවල වගේ.
අපේ ශරීර උෂ්ණත්වයට වඩා වෘෂණවල උෂ්ණත්වය අංශක 2 අඩුවෙන් තිබිය යුතුයි. එසේ නොවුනොත් වෘෂනවල ක්‍රියාකාරීත්වයට හානි වෙනවා.
ඔය ඉතා උනුසුම් තැන්වල වැඩ කිරීම, තව ඉහල විකිරණශීලීතාවයන්ට ගොදුරු වීම. වගේ දෙවල් නිසාත් ශුක්‍රාණු මැරෙන වේගය වැඩි වෙනවා.

5. ඇදුම් පැලදුම්,
ඔබ තරුණයෙක් විදියට ලස්සනට අදින්න කැමති බව මම දන්නවා. ඒත් හැමවෙලේම අපි ඇදුමක් තෝරා ගනනේ වැඩිපුරම ලස්සන ගැන හිතලා. නමුත් අපි යම් ලෙසකට හිතන්න ඕනෙ මේ වගේ ඌෂ්ණාධික රටක, ජීවත්වන අපිට ගැලපෙන ඇදුම ගැන. එසේ නොවුන විට තමයි අපිට මේ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙන්නේ.
ඔබ මතක තියා ගන්න විශේෂයෙන් අපේ පිරිමි ලමයි තමන්ගේ ඇදුම නිසා ඇගේ උෂ්ණත්වය වැඩි නොවෙන ලෙස ඇදුම අදින්න.

6. මඳසරුභාවයට බලපාන රෝග.
ඔබ දන්නවා අපිට ජීවිතයේදී නොයෙක් රෝග ඇති වෙනවා. මේ සමහර රෝග පිරිමින්ගේ සරුභාවයට හානි කරනවා.
i. කම්මුල්ගාය
කුඩා කල මේරෝගයට පිරිමි ලමුන් භාජ්නය වූ විට දෙමාපියන් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි.මේ රෝගය පිරිමි ලමුන්ගේ සරුභාවය අඩු කිරීමට හේතුවෙනවා. අද සිටින මඳ සරු පුරුෂයින්ගෙන් වැඩි ප්‍රමාණයක් කම්මුල්ගායට භාජනය වූවන්.
ii. දියවැඩියාව ඉතා විශාල ලෙස පිරිමි ශුක්‍රාණු වලට හානි කරන රෝග තත්වයක්.
iii. අධි රුධිර පීඩනය.මෙමගින්ද යම් තරමක හානියක් පුරුෂ ලිංගික කාර්‍යාවලියට සිදු වෙනවා.
iv. වෘෂණ කෝෂ තුල නහර ගැට ගැසීම. මේ තත්වය ආකාර දෙකකට සිදු වෙනවා.
(1) වෘෂන වලට රුධිරය සපයන රුධිර නාලවල ඇතිවන අවහිරවීම නිසා ඇති වන ශුක්‍රාණු නිෂ්පාදන ක්‍රියාවලියේ ඇනහිටීම.
(2) වෘෂණ තුල නිශ්පාදිත ශුක්‍රාණු ප්‍රවාහනය කරන නාලිකා හෙවත් ශුක්‍ර ප්‍රණාලිකා තුල ඇතිවන නහර ගැට ගැසීමේ තත්වය. මේ කියන කාරණා නිසාත් ශුක්‍රාණු ජනන ක්‍රියාවලියට බාධා ඇති වීමෙන් පුරුෂයෙක්ගේ මඳසරුභාවයක් ඇති විය හැකියි.
v. අධික උණ ඇති වීම.
vi. වෛරස අසාධන ( ඩෙංගු/මී උණ/පැපොල/සරම්ප.)

7. රසායනික ද්‍රව්‍ය භාවිතය.
මට මතකයි පසුගිය ලිපියේදී පැමිණි කමෙන්ට් අතර තිබූ නුවර එළියේ පිරිමි අතර මඳසරු භාවය ගැන සඳහන. මේ වැනි රසායනික ද්‍රව්‍ය භාවිතය නිසා පිරිමින් අතර මඳසරුභාවය ඇති විය හැකි බව බොහෝ පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා. නුවර එලිය කියන්නේ අධිකව රසායනික පොහොර, කෘමිනාශක භාවිතා කරන ප්‍රදේශයක්. මේ නිසා මේ මිනිසුන් නිතරම මේවැනි රසායනික ද්‍රව්ය සමඟ ගැවසීම වැඩියි. එම නිරාවරනයන් තුලින් ඔවුන්ට ඇති වන ප්‍රශ්න අතර මේ රෝගයත් එකක් වෙනවා. හැබැයි මේක නම් අර සහල් වල ආසනික් තියන කථාව වගේ එකක් නෙමේ. හොදින් ඔප්පු කල විද්‍යාත්මක පර්යේෂණයන්ට ලක්කල කාරනයක්.

මෙයට අමතරව නිතර නිතර රසායනික ද්‍රව්ය බහුල ආහාර ගැනීම. (රසකාරක/ කල්තබා ගැනීමේ කාරක/ වර්ණක/ වැනි දේ.

නිතර නිතර රසායනික නිරාවරණයට ගොදුරුවන රැකියා කරන අය.

විකිරණශීලී ද්‍රව්‍ය සමග රැකියා කරන අය.
මෙවැන්නන්ද පුරුෂ මඳ සරුභාවයට භාජනය වීමේ හැකියාවක් තිබෙනවා.

මෙවැනි රෝග වලට සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තිබෙන අතර වෛද්‍යවරයා තෝරා ගැනීමේ හැකියාව ඔබ සතු විය යුතුයි. ඒ සදහා මගේ ඔබේ ආයුර්වේද වෛද්‍යවරයා හදුනා ගන්න ලිපිය කියවන්න.
ඉක්මනින් නැවතත් එන්නම්. තාත්තට සනීප නැහැ. ඒ නිසා වැඩ ටිකක් අවුල්. ඒත් මේක ලියනවා.

(මේවට ලින්ක් දාන්න නම් ගියේ නැහැ. මේ ලිපි ලඟදී ලියපුවා නිසා තාම් ලේසියෙන් බලන්න පුළුවන්. තරහා වෙන්නෙ එපා.)

Monday, June 20, 2011

සඳවට රන් තරු...... අංක 02 (මඳසරුභාවයේ කථාව.)

මගේ කලින් ලිපියේ දෙවනි කොටස අද ඔබට දෙනවා.
දැන් මට මේ ආපු කමෙන්ට් ටික මම ගොඩක් අගය කරනවා. හැමෝටම ස්තුතියි. බලපු ඔබත් මගේ ධෛර්ය්‍ය වැඩි කලා. ඔබට යමක් දෙන්න ලැබුනා නම් මට ඒ ඇති.

ඇත්තටම ගත්තොත් මම මේ ඉන්නේ මෙහෙම බ්ලොග් ලියන්න පුළුවන් වෙලාවක නෙමෙයි. මම තව වසර දෙකකින් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරනවා. දැනටත් එක වසරක් ගෙවිලා ඉවරයි. ඉතිරි වසර දෙක මට වැඩ උපරිමයි. ඒ කොහොම වුවත් මම මේ බ්ලොග් කෙරුවාව නම් දැන් අතහරින් නැහැ.

අපි දැන් බලමු ලෝකයේ ජනගහනය වැඩි වෙනවද කියන කාරණය. ඔව් තාමත් ලෝකයේ ජනගහනය වැඩි වෙමින් තියන්නේ. එහෙනම් මොන කෙහෙම් මලටද අපි බය වෙන්නේ? නැහැ අපි බය විය යුතුයි. මොකද ප්‍රධාන ප්‍රශ්ණ කීපයකට අපිට මුහුන දෙන්න වෙලා.

1. ලෝකයේ ජනගහනය වැඩිම වේගයකින් වැඩි වුනේ 70 - 80 දශක වල. ඒකට හේතු වුනේ බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් ලබා ගත්ත දියුණුව උපරිමව දැනුනේ මේ කාලයේ කියන එක සහ මේ කාලයේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව වෙලදාමක් කියන මට්ටමට ඇවිත් තිබුනේ නැති නිසා.

2. ලෝකයේ දුප්පත් රටවල සහ දියුණු රටවලත් සමාජය මෙතරම් සංකීර්ණ වී නොතිබීම.

3. රසායන විද්‍යාව 60 දශකයේ ලැබූ දියුණුව නිසා, නව පලිබෝධ නාශක, පොහොර වරග, හොද බීජ නිපදවා ගැනීමට ලැබීම නිසා අස්වැන්න වැඩි වීම.

මෙවැනි තවත් නොයෙක් හේතු මේ සඳහා බලපෑවා.

නමුත් මේ ස්වර්ණමය යුගය දැන් ඉතා සීග්‍රයෙන් පිරිහෙනවා. ඔබ දන්නවා අද කෙරෙන පර්යේෂණවල ඉලක්කය වන්නේ මුදල්. ඉතාම හොඳ පරමාර්ථ වලින් කෙරෙන පර්යේෂණත් තියනවා. ඒත් ඒවට තියන බාධා වැඩියි.

කොහොම හරි දැන් අඅපි හිතන දේ නෙමෙයි වෙලා තියන්නේ තාමත් ප්‍රස්ථාරෙ වර්ධනයක් පෙන්නුවට මේ වර්ධන වේගය අඩු වෙලා. මේකෙ නියම ප්‍රථිඵල පෙන්නෙ තව දශක කීපයකින්.

මම පෙන්නලා දෙන්නේ මෙන්න මේ කාරනයයි.

ඔබට මම කියන දේ බලාගන්න පුළුවන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියොත්.

අපි දැන් බලමු පුද්ගලයෙක්ගේ සරුභාවය සඳහා වැදගත් වෙන සාධක ගැන.

ප්‍රධානම සාධකයක් තමයි වයස කියන සාධකය. සාමාන්‍යයෙන් පුරුෂයෙක්ට නම් මේ වයස කියන සාධකය එතරම් බලපාන්නේ නැහැ. නමුත් අවුරුදු 45 - 50 විතර ඉදලා ඉතාමත් සෙමින් සරුභාවය අඩු වීමක් පෙන්වනවා. නමුත් ඒක ඉතාම සුළු වශයෙන්.

ඒත් කාන්තාවකට මේ සාධකය බලපාන්නේ වෙනස් ලෙසකට. කාන්තාවකගේ අවුරුදු 20 - 30 අතර වයස ඉතාම ඉහල සරු භාවයක් පවතින වසර කීපයයි. ඒත් 30 - 35 කියන්නේ සරුභාවයක් හොදින් තිබුනත් යම් අනතුරු දායකත්වයක් ඇති කාලයක්. ඒකට හේතු වෙන්නේ අවුරුදු 35 පසු කාන්තාවකගේ සරුභාවයේ යම් යම් අඩු වීම් ඇති වන්නට පටන් ගන්නා නිසයි.

මෙහිදී අවුරුදු 38 පස්සේ ඉතාම වේගයෙන් කාන්තාවන්ගේ සරුභාවය අඩු වෙනවා. නමුත් අවු 45 විතර වනතෙක් දරුවෙකු සාදා ගැනීමට හැකියාව තිබෙනවා. (මගේ පුද්ගලික මතය නම් අවුරුදු 42 විතර වන විට ඩිම්හවල සරුභාවය නැති වෙනවා.) මේ නිසා අපි දැන ගන්න ඕනෙ කාන්තාවක් අවුරුදු 38 වනවිට මේ දරුවන් හැදීමේ වැඩේ ඉවර කරලා සිටීමට.

අපි හැම දේම කරලා දරුවො හදන්න ගියොත් වෙන්නේ මොකද කියන එක දැන් පැහැදිලියි මම හිතන්නේ.

ඊලඟට අපි බලමු අපිට දරුවො හැදීමට යම් බාධාවක් තියනවද කියලා අපි තේරුම් ගන්නේ කොහොමද කියලා.

මේකට අපි මුලින්ම බලන්න ඔනේ අපේ වයස හා අපි විවාහ වෙලා ගත කරපු කාලය කියන එක.
මුලින්ම කියන්න ඕනේ මෙතනදි බලන්න ඕනෙ අපි විවාහ වෙලා ගත කරපු කාලයෙන්, කිසිම උපත් පාලන ක්‍රමයක් නොගෙන දරුවෙක් බලාපොරොත්තුවෙන් අපි ගත කල කාලය ගැන, සහ කාන්තාවගේ වයස කියන සාධක දෙක ගැන.
# අපි විවාහ වෙලා කාන්තවගේ වයස අවුරුදු 20 - 30 අතර නම් වසරක පමණ කාලයක් බලාගෙන සිටීම එතරම් ප්‍රශ්නයක් නෙමේ.
# ඒත් කාන්තාවගේ වයස අවුරුදු 30 වැඩි නම් මාස හයක් කාලයක් බලාසිටීම ප්‍රමානවත් කියන එකයි මගේ නම් කල්පනාව.

මේ දෙවල් වලට අමතරව අළුතෙන් විවාහ වීමට සිටින යුවලක් තමන්ගේ සරුභාවය ගැන යම් යම් පරීක්ෂණ තියනවා. එම පරීක්ෂණවලට තම පුද්ගලික වෛද්‍යවරයා මාර්ගෙන් භාජනය වීම නම් මම හිතනවා ඉතාම වැදගත් කියලා. මෙකෙදි බට හිර වෛද්‍ය විද්‍යාවට අනුව තාක්ෂ්ණික පර්යේෂ්න රාශියක් තියනවා.
වැදගත්ම කීපය මම කියන්නම්.

1. පුරුෂයෙක්ගෙ නම් ඉතාම වැදගත් ධාතු පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම. මේ අනුව අපිට නිශ්චිතවම කියන්න පුළුවන් එම පුරුෂයා මඳසරුභාවයේ පෙලෙන්නෙක්ද කියලා.

2. කාන්තාවකගේ නම් පරීක්ෂණ රාශියක් තිබෙනවා. එනම් හෝමෝන පරීක්ෂා, ආදිය.
අපි මේවායින් මූලිකම හෝමෝන පරීක්ෂාවක් වන වත් කර ගන්නවනම් අනාගතයේදී සිත් තැවුලට පත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ.

මුලින්ම දැනගන්න ලැබුනොත් අපිට පුළුවන් මඳසරුභාවයට අදාල ප්‍රතිකාර මුලින්ම පටන් ගෙන ඉක්මනින් දරුවෙක් සාදා ගන්න. එහෙම නොවුනොත් වෙන්නේ කාලය , මුදල සහ තමන්ගේ මානසික විවේකය කියන වටිනා දේවල් නාස්ති වෙන එක.

දැන් අපි බලමු පුරුෂයෙක්ගේ මඳ සරුභාවය කොහොමද හදුනා ගන්නේ කියලා.
මේකට අපිට ඕනෙ වෙනවා තමන්ගේ ශුක්‍ර ගිනුම පරීක්ෂා කර ගැනීම. මේ ලැබෙන වාර්ථාව මත තමයි අවශ්‍ය ප්‍රතිකාර පද්ධතිය ගොඩනැගෙන්නේ.

ශුක්‍ර ගිනුමක් හදුනා ගැනීමට,
1. වරකට පිටවන ශුක්‍ර ප්‍රමාණය මි. ලී. 2-5 අතර වෙනවා.
2. ශුක්‍ර ගිනුමේ තිබිය යුතු ශුක්‍රානු සාන්ද්‍රණය මි.ලී. 1ට මිලියන 20 වැඩි විය යුතුයි.
3. මේ අතරින් ක්‍රියාකරී හොද චලනයක් දක්වන ශුක්‍රාණු ප්‍රතිශතය. ඉහත ප්‍රමාණයෙන් 50% වැඩි විය යුතුයි.
4. මුළු ජීවී ශුක්‍රාණු සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඉහත සාන්ද්‍රනයෙන් 75% ප්‍රමාණයක් ජීවී ශුක්‍රාණු තිබිය යුතුයි.
5. ශුක්‍රාණුවල 30% වත් හොඳ රූපවිද්‍යාත්මක නිවැරදි භාවයක් තිබිය යුතුයි.
මේ කියන අගයන් වලට ඉහලින් එම පුරුෂයාගේ ශුක්‍ර ගිනුම තිබුනොත් ඔහු ඉතා හොද සරු පුරුෂයෙක් බවට අපිට සහතික කරන්න පුළුවන්.


මට හිතෙනවා අදට මේ ඇති කියලා. හෙටත් තව කොටසක් කියන්නම්. මේ වැඩේ ඉවර වෙනකම්ම දිනපතා එනවා

Sunday, June 19, 2011

සදවට රන් තරු පොකුරු පිපේවා.(මඳසරුභාවය ගැන කථාව.)

දෙමව්පියෙකුට ඇති වටිනාම සම්පත තමයි දරුවෝ.
ඇයි අපි දරුවෝ හදන්නේ?
යම් කිසි ලාභ ප්‍රයෝජනයකටද?
අපි මොනතරම් උනන්දුවෙන් මහන්සියෙන් හැදුවත් දරුවො අවසානයේදී අයිති කාටද?

අපිටද?

නැහැ...

දරුවො අයිති සමාජයට. එහෙම නැත්නම් ලෝකෙ ඉදිරියට යන්නේ නැහැ.

ඇයි අද මම දරුවො ගැන මෙහෙම කථා කරන්නේ?
ඔබ දන්නවද ලෝකෙ අපි කුඩා කාලේ තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි ජනගහනය වැඩි වීම. නමුත් අද ලෝකෙ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි ජනගහන වර්ධන වේගය අඩු වීම. මේකට හේතු මොනවද කියන එක ගැන කථා කරන්න මට හිතුනා. ඕනෙම කෙනෙක් කසාද බැදලා ඊලඟට බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් !!!!!!

(මෙහෙමනේ බැඳලා වසර කීපයක් ඉන්නවා ජොලි කරන්න, ඊට පස්සේ ගේ හදන්න, ඊටත් පස්සේ වාහනයක් ගන්න, දැන ලමයි හදන්න හිතනකොට 30 ගනන්, මේවා අද විශාල ප්‍රශ්න වෙලා තියනවා.)

මෙන්න මේ කාරනා නිසා මට හිතුනා ආයුර්වේදයට අනුව අපි මේ දේවලට මොකක්ද දෙන පිළිතුර කියලා කථා කරන්න. මේක ටිකක් දිගට යන මාතෘකාවක් නිසා මෙගා සීරීස් එකක් ලියන්න වෙයි.

මම මේ ලිපි පෙල ලිපි තුනකින් හෝ හතරකින් ඉවර කරනවා. හැබැයි හොද මාතෘකාවක් නොවුනොත් හරයටම ලිපි දෙකයි. කවුරුත් මේ ගැන අහන හැම ප්‍රශ්නෙටම මට හැකි විදියට ඊලඟ ලිපියෙන් දීර්ගව පිළිතුරු දෙනවා. ඔන්න ඔහොම තමයි මම මේ ලිපි ටික ලියන්න හිතුවේ.

අපි දැන් අපේ අතීතයට ගියොත්, මම අහලා තියනවා,"රුහුණේ මාගම ගෙදරක වහලෙකට නැඟපු කුකුළෙක් බහින්නේ අනුරාධපුරෙන්ලු" මේ තරමට ඒ යුගයේ ගෙවල් තිබුනලු. ඒ කියන්නේ අහලා තියන විදියට කෝටි හතරක විතර ජනගහනයක් සිටි බව තමයි කියවෙන්නේ.

ඒ මොනවා වුනත් එදා අපේ ඉතාම මෑත අතීතයේ පවා ගෙදරක ඉදලා තියනවා ළමයි 12 - 15 විතර. මගේ ඉන්නවා මගේම වයසේ මාමල ( දැන් නම් කථා කරන්නේ මචං කියලා)

ඒත් දැන් බලන්න පවුලක ළමයි ඉන්නේ එකයි, නැත් නම් දෙකයි, මම පොඩි ගානනක් කියන්නම් හදලා බලන්න, දෙන්නෙක් එකතුවෙලා ළමයි දෙන්නෙක් හදනවා. එතකොට මේ හැම පවුලම මෙහෙම කලොත් වෙන්නේ මොකද?
(ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නැහැ.)

අපේ ජනගහන වර්ධන වේගය අඩුවෙලා. අපේ විතරක් නෙමෙයි ලෝකෙ හැම රටකම වගේ මෙහෙමයි. මේක ඉතාම දරුනු විදියට බලපාල තියන රටවල් තමයි.
1. ඊශ්‍රායලය.
2. ස්කැන්ඩිනේවියන් රටවල්. (නෝර්වේ, ස්වීඩන්)
3. පින්ලන්තය.
4. බෙල්ජියම.
5. ජර්මනිය
මේ වාගේ ඉතාම ඉහල දියුණුවක් අත්කර ගත්ත රටවල් මේ ප්‍රශ්නෙට මුහුනදීල තියනවා.
ඒ වගේම අපි වගේ සමකාසන්න රටවල් මේ තත්වයට දැන් මුහුන දෙනවා.

මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ රටවල් අවංකවම තමන්ගේ අතපසුවීම හදාගෙන තමන්ට වැරදුනු තැන සොයාගෙන මේ ප්‍රශ්නයට විසදුම් සොයමින් සිටිනවා. උදාහරනයක් විදියට ගත්තොත් ස්කැන්ඩිනේවියානු රටවල තිබුනු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ රටවල ජලයේ අඩංගු වූ රසදිය සාන්ද්‍රනය ඉහල යෑම. මර්කරි විෂ පුරුෂ බීජ විනාශ කරනවා. නමුත් මේ සිද්ධිය හදුනා ගත් විගසම මෙයාල ඒ සඳහා ඉදිරි පියවර වහාම ගත්තා. අද වෙනකොට ජලයේ ඇති රසදිය සාන්ද්‍රනය නියම මට්ටමටම ගෙනත් තියනවා. ඊලඟට ගත්තොත් මේ රටවල් තමයි අද නිසරුභාවය සඳහා හොදම තාක්ෂණික දියුනුවක් ලබා තියන්නේ.

නමුත් අපි වගේ රටවල තමන්ටම ආවේණික වුනු පර්යේෂණවල යෙදිල මේ ගැන තාම හොයා බලන්නේ නැහැ. අපි ගත්තොත් ආයුර්වේදය මම දන්න තරමින් සරුභාවය ගැන ලෝකෙටම ආදර්ශයක් වෙන්න අපිට පුළුවන්.

ඒත් අපි මොනවද කරලා තියන්නේ?

අද මේ රෝගී තත්වය සමහරුන්ට සල්ලි උල්පතක් නිර්මාණ්ය කරලා තියනවා. අහිංසක දෙමාපියන් තමන්ගේ ජීවිත කාලයම මහන්සිවෙලා උපයන මුදල් යොදවලා බලන් ඉන්නවා ඒත් වැඩක් නැහැ.

මම දන්න එක්තරා ආචාර්ය්‍ය වරයෙක් මේකෙදි භාවිවිතා කල හැකි ඉතා වැදගත් රසායනිකයක් සොයා ගත්තා මේ ලංකාවෙදිම. නමුත් ඒක දියුනු කරන්න ලබා දිය යුතු සහාය ලැබෙන් නැහැ.

තව වරක් මාත් සිටි තැනකදී අපේ රටේ ඉතා උසස් ආයතනයක ලොක්කෙක් සරුභාවය ගැන කරන පර්යේෂණ හැදින් වූයේ වැඩක් නැති වැඩ ලෙස. මම ඒ ගැන ප්‍රශ්න කලාම කියනවා" දියවැඩියාව වගේ රෝග තමයි මූලිකත්වය දිය යුතු රෝග කියලා" ඔන්න ඕකයි අපේ රටේ ප්‍රශ්නෙ. අපි හැමෝම හිතන්නේ තමන්ගේ ලෙඩ තමයි ලෙඩ විදියට. ඔය ආයතන ප්‍රධානියට දියවැඩියාව තියනවා. ඒ නිසා ඔහු බලන්නේ ඒ රෝගය ගැන විතරයි.

වැඩ සිද්ධවෙන්නේ මෙහෙම නම් අපි කරන්න ඕනෙ ලෙඩ්ඩු ආයතන ප්‍රධානීන් කරන එක. නැත්නම් කවදාවත් රටට වැඩක් වෙන්නැහැ.

අපි මේ හැම දේම කරන්න හැකියාව තියන ජාතියක්. අපිට සම්පත් තියනවා, හැකියාව තියනවා, දැණුම තියනවා හැබැයි ඕනෙකම නැහැ. අනික ආයතන පාලනය කරන්නේ මානසික රෝගීන්. මේක තමයි අපේ රටේ ප්‍රශනේ.

ආයුර්වේද බටහිර කියලා බෙදීමක් නැහැ. අපි කවුරුත් එකතුවෙලා වැඩ කරනවා නම් ලෝකෙ තියන ප්‍රශ්ණ ගනනාවකට පිළිතුරු අපි ගාව තියනවා.

දැන් මම එන්නම් නැවත සරු භාවය ගැන ප්‍රශ්නෙට.

ලෝකෙ 1970 වෙත්දි මුළු ලෝක ජනගහනයෙන් 5% විතර තමයි මේ ප්‍රශ්නෙන් පෙළුනේ.
එම 5% අපි නොයෙක් කාණ්ඩ වලට බෙදුවම,
ස්ත්‍රී මඳසරුභාවය 50% විතර
පුරුෂ මඳසරුභාවය 30% විතර
හේතුවක් නොමැති මඳසරුභාවය 20% විතර තමයි අපි දැක්කේ.

නමුත් ඔබ පුදුම වෙයි අද තත්වය ගැන අද වෙනකොට මේ අගයන් බොහෝ වෙනස් වෙලා.
2000 වර්ෂය වෙනකොට මේ අගයන්
ස්ත්‍රී මඳසරුභාවය 40%
පුරුෂ මඳ සරුභාවය 50%
හෙතුවක් නොමැති මඳසරුභාවය 10% ලෙස වෙනස් වුනා.

නැවතත් 2006දී ලෝකය මේ ගැන සොයා බැලුවා. එහිදී ලබාගත් තොරතුරු අනුව පෙනී ගියේ පුරුෂ මඳ සරුභාවය නැවතත් දරුණු ලෙස වැඩි වී ඇති බවයි.

මෙයටම අදාල පර්යේෂණයක නියැළුනා මගේත් ඉතා හිතවත් ආචාර්ය්‍ය වරියක් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ.
මෙතුමිය ඉතා නිවැරදිව අපගේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් තෝරාගත් සාම්පල කීපයක් වෘෂණ කෝෂවල වට ප්‍රමාණය මිනීමේදී පෙනී ගියා ඔවුන් වැඩි බහුතරයක් අනාගතයේදී පුරුෂ මඳසරුභාවයට පත් වීමට ඉඩ ඇති බව.
මේ අනුව අපට පෙනෙනවා ඉතා පැහැදිලිවම අප සිටින්නේ ගිනි කන්දක් පාමුල බව.

නමුත් ලෝකයට මේ පුරුෂ මඳසරුභාවට පිළිතුරු නැහැ. දැනට සොයා ගෙන ඇති ඉතා සීමිත බෙහෙත් ප්‍රමාණය කිසිසේත්ම මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් නැහැ.

හැම දේකම හොද පැත්තක්ද ඇති බැවින් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට හැකි වුනා මේ සඳහා ප්‍රතිකාර සකසන්නට. දැනට මේ පර්යේෂණ ඉතා පුළුල් මට්ටමින් සිදු වෙනවා.
ඒත් මෙතනදි නොකියාම බැහැ. මේ පර්යේෂණ සඳහා රජය හෝ කිසිම ආයතනයක් මෙතෙක් අවශ්‍ය උපකාර කර නැහැ. බටහිර වෛද්‍යවරුන් කීපදෙනෙකුත් ආයුර්වේද වෛද්‍යවරයෙකුත් තම වියදමින් මේ කටයුත්ත මේ වන විට කරමින් සිටිනවා.

ඔන්න අපේ රට....

වඩාත් කනගාටු දායකම සිද්ධිය නම් බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක් මේ පර්යේෂණ වලට අවංකවම අවශ්‍ය උදව් කරනවා.

අපේ රට වාසනාවන් නේද??

ඊලඟ ලිපියෙන් පුරුෂ මඳ සරු භාවයේ ලක්ෂණ හා එයට හේතු සඳහන් කරන්න ඉන්නේ, ඒ ගැන ප්‍රශ්න තියේ නම් කමෙන්ට් කරන්න ඒ අනුව ලිපිය ලියන්නම්.

Thursday, June 16, 2011

ලංකාවේ බුදුදහම සහ මිහිදු හිමියන්ගේ ආගමණය.

හැම පෝයටම මම ලංකාවේ ඉන්නව නම් කරන ප්‍රධානම වැඩේ අම්ම බලන්න යන එක. අද යන්න හිතන් ඉන්නේ ඒත් හෙට ඉදලා මගේ දෝණියට යුනිට් ටෙස්ට් පටන් ගන්න නිසා අද යන්නේ මම තනියම. මගේ අම්මට මම නොගියත් දෝණියයි, වෙද හාමිනෙයි ගියොත් ඇති.

හොදයි ඕවා ඔහොම තමයි.

මම අද හිතන් ඉන්නේ බුදු දහම ගැන ලිපියක් ලියන්න. කාරනා කීපයක් තියනවා මතු කර ගන්න. ඒත් කට්ටිය මට හොදට සලකයිද දන්නේ නැහැ. මේවා ලියන්න ගිහිල්ල.ඒකට කමක් නැහැ. අපි අපිනේ ඔන්න ඔහේ ලියලම දානවා.

මේක මම කුඩා කාලේ ඉදලම මට තියන ප්‍රශ්නයක් මට හිතෙන්නේ මිහිදු හාමුදුරුවෝද ලංකාවට බුද්ධාගම ගෙනාවේ?

අනේ මන්ද මට හැමදේම පේන්නේ වැරදි පැත්තෙන්නේ. ඒත් අපි හැම අවස්ථාවකම ඇත්ත හොයන්න ඕනේ නේද?

@ අපි දන්නවා ලංකාව කියන්නේ ඉන්දියාවට ඉතාම් කිට්ටුවෙන් තියන රටක්. ඒ රටේ යම් කොටසක ඇති වූ ඒ කාලයේ හැටියට ජම්බුද්වීපයේ මහා පෙරලියක් කරපු බුදු දහම ලංකාවට එන්නේ ඊට අවුරුදු සිය ගනනකට පස්සේ කියන කාරණය මට නම් සැකයි වගේ.

@ ඊලඟ කාරනය තමයි ඒක එහෙමනම් ලංකාවේ ඒ වෙනකොට තිබුනේ මොනවගේ ආගම්ද?

@ එහෙම නම් ඒ ආගම් ආවේ කොහෙන්ද?
අපි දන්නවා ලංකාවේ කවදාවත් ආගම් කතෘ කෙනෙක් ඉපදිලා නැහැ කියලා.

@ එතකොට බුදුදහම ස්ථපිත වූ පමණින් මේ ආගම් නැති වෙලා ගියේ ඇයි?

මෙන්න මේ ප්‍රශ්න ඇත්තටම මට ප්‍රශ්න. ඒ නිසා මගේ ප්‍රශ්නවලට මම දුන්න පිළිතුරු තමයි මේ.

අපි දන්නවා ඉන්දියාව කියන රට ඉන්දියාව වෙන්නේ සුද්දගෙන් පස්සේ. ලංකාව, ලංකාව වෙන්නේ 1972 විතර මේ ගැනත් අපි වෙනම කථා කරමු.
අපි බෞද්ධාගම ලංකාවට ආවයි කියන කාලයේ ලෝකයේ තිබුන වාතාවරනය සලකා බලමු. ඒ වෙනකොට මුළු ලෝකයටම සිටි මහා අධිරාජයා තමයි ධර්මාශෝක හෙවත් චන්ඩාශෝක. මේ රජු ලෝකයේ වැඩි කොටසක් මේ වෙනකොට පාලනය කලා. එතකොට ලංකාවේ රාජ්‍ය කලේ දේවානම් පියතිස්ස. මෙතුමා දැන සිටියා නම් ධර්මාශෝක රජුගේ ජයග්‍රහන ගැන නිසැකවම එකඟ වෙන්න ඇති සටන් නොකර යම් ස්වෛරීභාවයකුත් තබාගෙන යටත් නොවී යටත් වෙන්න.

කාලිංග යුද්ධය නිසා මිනිස් ජීවිත 150000, පමණ විනාශ වුනා කියන එක සාමාන්‍ය විශ්වාසයි. එහෙමනම් මොන තරම් ධනයක් විනාශ වෙන්න ඇතිද?
චන්ඩාශෝක මොන ක්‍රමයකින් හරි බුදු දහම ගැන ඇති වූ පැහැදීමෙන් පස්සේ රාජ්ය තාන්ත්‍රික භාවය උපයෝගී කරගෙන මේ නව දහම තම දිග් විජය ප්‍රතිපත්තිය ක්‍රියාවට නඟන්න තෝරා ගන්න ඇති. මේ වෙනකොට සිටි බමුණන් සියල්ල ආයුධ සන්නද්ධව රටවල් යටත් කිරීම කියන ප්‍රතිපත්තියේ සිටි නිසා (කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයට අනුව.) අශෝකට නව වෙනසක් ඔනෙ වෙලා තිබ්බ වෙලාවක මේ නව සොයා ගැනීම කන වැටෙන්න ඇති. එහෙමත් නැත්නම් බෞද්ධ කාලිංගයන්ගේ උපක්‍රමයක් වෙන්නත් ඉඩ තිබෙනවා.

මොන ක්‍රමයකින් වුවත් අශෝක තම දිග් විජය ප්‍රතිපත්තිය අත් නොහැරපු බව නම් විශ්වාසයි. මේ බෞද්ධ අශෝක තම දහම රටවල් නවයකට හදුන්වා දෙනවා.

අපි බලමු මම කියන මේ තත්වය එනම් ලංකාවට මිහිදු හිමියන් ධර්මය ඇත්තටම ගෙනාවද? කියන කාරනය. මම මේක විශ්වාස කරනවා. ඒත් මම හිතන් නැහැ ඒ වෙනකොට ලංකාවට බුදු දහම අළුත් කියලා. මේ අවධියේ ලංකාවේ නොයෙක් ආගම් පවතිනවා. ගස් ගල් ඇදහීම, දෙවියන් ගැන විශ්වාසය, හින්දු දහම, ආදී ඒ වෙනකොට ජම්බුද්වීපයේ තිබූ හැම දහමක්ම වගේ ලංකාවෙත් තිබෙනවා.

සියවස් කීපෙකට කලින් ඇතිවූ, ඒ අවධියේ ලෝකයේ සිටි ඉහලම අධිරාජයාට පිළිගත හැකි තත්වයට තිබූ බුදු දහම ලංකාවට ආගන්තුක වෙන්න තියෙන ඉඩ ඉතාමත් සීමිතයි.

එහෙම නම් අපි කොහොමද පිළිගන්නේ ලංකාවේ ඒ වෙනකොටත් බුදු දහම තිබුනා කියලා? කෝ අපිට සාධක?
ඒ සඳහා තිබෙන සාධක මොනවද කියන එක.

1. භූමියේ පිහිටීම ඇසුරින් තිබෙන සාධක. මෙහිදී අපිට තිබෙන ප්‍රධාන සාධකය තමයි ලංකාවත් භාරතයත් ඉතා කිට්ටුවෙන් පැවතීම.

2. අත් අකුරු බැලුවම නාගර අකුරු සිංහල අකුරු ඉතාම කිට්ටු සම්බන්ධයක් පෙන්වනවා.
භාෂාවන් ගත්තම ඉන්දියාව පුරා විහිදුනු හැම භාෂාවකම සිංහල භාෂාවට සමාන වචන ආදී දේ අප්‍රමාණව තිබෙනවා.

3. හැම වෙලේම ඉන්දියාවත් ලංකාවත් ලෙස යම් සුහද මෙන්ම විරුද්ධ වූත් සමාජමය හා සංස්කෘතික බැදීමක අප අතර පවතිනවා. (ඒ හරහා අතීතයේ සිටම අප අතර ඉතා තද බැදීමක් පැවතියා. මේ බැදීම අද අපට මහා ගැටළුවක් බවටත් පත් වී තිබෙනවා. නමුත් සත්‍ය නම් ඉන්දියාව, ලංකාවට තමා කැමති වුවත් අකමැති වුවත් ලඟම සිටිනා අසල් වැසියාය.)

4. ඓතිහාසික සාධක මේ සාධක අනුව මුලින්ම අපි දන්නවා පිලිගැනීමක් තිබෙනවා බුදුන් වහන්සේ ලංකාවට තුන් සැරයක් වැඩි බවට. එසේ වූවනම් ඒ අවස්ථාවල රාජකීයයන් පවා බුදුන් සරන ගියා නම් නමට හෝ බෞද්ධයන් කීපදෙනෙක්වත් සිටිය යුතුයි නේද?

5. මේකත් වැටෙන්නේ ඓතිසාසික සාධක වලට. පලමුවෙන් බුදුන් සරණ ගිය පුද්ගලයෝ වශයෙන් සඳහන් වෙන්නේ තපස්සු භල්ලුක දෙදෙනා. මොවුන් දෙබෑයන් වූ අතර ලෝකයේ පලමු නැව් සමාගම් හිමියන් විදියටත් සඳහන් වෙනවා. බුදුන් වහන්සේගෙන් ලබාගත් කේෂ ධාතු ලංකාවේ ගිරිහඬු සෑයේ තැන්පත් කලා නම් අඩු ගනනේ ඔවුන්ගෙන් පැවතෙන්නන්ගෙන් කීපදෙනෙක්වත් බෞද්ධයන් වෙන්න බැරිද?මහියංගනය චෛත්‍ය සෑදීමත් මිහිදු හිමියන්ට කලින් බුදුන් වහන්සේගේ ආගමනය නිසා සිදූවූ දෙයක් නේද?

6. මේ තවත් ඓතිහාසික සාධකයක්, ලංකාව සේද මාරගයේ ප්‍රධාන සංධිස්ථානයක් බව අපි දන්නවා. මේ සේද මාර්ගය බුදු දහම ප්‍රචලිත වෙන්න ඉතා උපකාරී වූවා කියන එකයි මගේ අදහස. බාමියන් බුදු පිළිම පවා ඇත්තේ සේද මාර්ගයේ තමයි. මේ සේද මාර්ගය අවට සියළුම රටවල් එකල බෞද්ධ බව ඉතිහාසය අනුව පෙනෙනවා. එම නිසා සේද මාරගයේ පැමිණි බෞද්ධ වෙළදුන් මේ දහම ලංකාවට ගෙනාවේ නැද්ද කියන කාරනයත් මට තිබෙන ප්‍රශ්නයක්?

7. මහා භාරත කාව්‍යයේ සඳහන් වෙන කුරු පංචාල යුද්ධයේදී මහා වීර දුර්යෝධනයන්ට ( මගේ වීරයා මොහු තමයි.) උපකාරයට පැමිණි අවට රටවල සේනා අතර රාවණ දේශයෙන් ගිය අපේ හමුදාවත් සිටියා. එහෙමන එපමන කලකට පෙරත් අපි සම්බන්ධ මිත්‍ර සංධාන තිබුනනම් බුදුදහම ඇති වූ පසුකල වෙනකොට යම් හෝ මිත්‍ර බෞද්ධ රටක් අපිට නොයින්න ඇත්ද?

8. මම විශ්වාස කරන විදියට රාවණා යුද්ධ කලේ තම ඤාති දියණිය වෙනුවෙන්. එහෙමනම් අපි බුද්ධ කාලයටත් ඈත අතීතයේ රාජකීය විවාහ ගිවිස ගැනීම් පවා කරල තිබේ නම්. ඊට බොහෝ පසු ඇති වූ බුදු දහම පිළිබඳ පනිවිඩය අපිට එන්න මෙතරම්ම පමා වුනාද?

මෙවැනි සාධක තවත් රාශියක් අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ ගැන.

එතකොට මේ මිහිදු හිමියන්ගේ කථාව බොරුවක්ද කියන කාරණය දැන් අපිට එනවා.

නැහැ. මම කලින්ම කිව්ව වගේ මම මේ කථාව විශ්වාස කරනවා තදින්ම. එහෙමනම් මේ කියන කාරණා කොහොමද වෙන්නේ?

මට හිතෙන්නේ මේක සොදුරු තර්ජනයක් මගින් කරපු සොඳුරු ආක්‍රමණයක්.
ඒ වගේ කථාවක් අපිට විශ්වාස කරන්න තියන සාධක මොනවද?

මට හිතෙනවා අපේ තිස්ස රජතුමා රජවෙලා ඔටුනු පැලදලා රාජ්‍යත්වය තහවුරු කර ගත්තට පස්සේ නැවත ආයිමත් ඔටුනු පලදින්නේ ඇයි?
අපි එහෙම දෙයක් කවදාවත් නැවත කරලා නැහැ.
කොහොම වුනත් රාජ්‍යත්වට වුවමනා සංකෙතමය භාන්ඩ අශෝක ඇයි ලංකාවේ මිත්‍රයට එවන්නේ?
මේක ආක්‍රමණයක් නොවන ආක්‍රමණයක් නෙමෙයි නම් එහෙම වෙන්නෙ නැනැ නේද?

ලංකාවට මිහිදු හිමියන් නොපැමිණියේ නම් අපට ඇති වන්නට තිබූ තත්වය කුමක්ද?
මම නම් හිතනවා එහෙම වුනා නම්
1. අද බෞද්ධයො ලංකාවේ නැහැ.
2. ලංකාව තවදුරටත් ස්වෛරී රටක් නෙමේ. අනිවාර්ය්‍යයෙන්ම අපි එහෙනම් ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක්.
3. අපේ ප්‍රෞඩ සංස්කෘතිය ඇති වෙන්නැහැ.
4. ලෝකයේ ප්‍රමුකම ලිඛිත ඉතිහාසයක් අපිට නොලැබී යන්නට තිබුනා.
5. ඉතාම පොහොසත් භාෂාවක් වන සිංහල අපට අහිමි වන්නට තිබුනා.
6. කොටින්ම අද අපි දකින මේ ලංකාව අද එහෙම නම් බොහෝ වෙනස් වන්නට තිබුනා.

අපි හිතුවොත් අපිට බුදු දහම පැමිණීමෙන් සිදූ පාඩු විදියට ගන්න දෙයක් තියනවද ?
1. අපේ ඉතාම පැරණි ආගම් බුදු දහම තුල සැඟව ගියා. එහෙත් ඒවායේ නෂටාවශේෂ දැනුත් බුදු දහම තුල තිබෙනවා.
2. අපේ අනුරාධපුර රාජධාණියට පෙර අතීතය අපට නැති වී ගියා.
3. මිහිදු හිමියන් නිසා ඇති වූ බුදු දහමේ ප්‍රභෝදය තුල පෙර අපේ රටේ බෞද්ධයන් සිටියාය කියන එක අපිට අමතක වුනා.

මෙවැනි කාරණා බලන විට දැනට අපිට පෙනෙන්නේ බුදු දහම නිසා අප ලැබු දෙවල් ඉතා වැඩි බවයි.

මිහිදු හිමියන් පැමිණීමෙන් අපේ රාජ්‍යත්වය ගැන වූ ස්ථාවර භාවය ඉතා වැඩිවූවා විතරක් නෙමේ අපේ රජවරුන්ට යම් රාජ්‍යතවය ගැන ස්ථාවර හැගීමක් ඇති වුනා. රට වැසියන් පවා ඒ වෙනසට කැමති වුනා. ඒ නිසා තමයි අපි අනුරාධපුරය රාජධානිය ලෙස තබාගෙන සිටි කාලය තුල ශ්‍රී මහා බොධියත්, රජය වෙනත් තැන් වලට ගමන් කිරීමදී දන්ත ධාතුවත් අපේ රාජ්‍යත්වය පිළිබඳ ඉහලම සංඛේතය වූයේ.

මේ කරුණු අනුව මට හිතෙනවා අපි බෞද්ධයන් වී සිටි කාලය දැනට වඩා තවත් සියවස් කීපයක් අතීතයට ගමන් කරනවා. නමුත් රටක් ලෙස අපි නියම බෞද්ධ රටක් බවට පත් වූයේ මිහිදු හිමි ආගමනයෙන් පසුවයි.

මේ ලිපිය ඊයේ දමාගන්න බැරි වුනා. මම ඒ නිසා අද මේක දැන් පබ්ලිෂ් කරනවා.
ජය!!

Tuesday, June 14, 2011

අඩහ කෑම දහස් වටී... සමබරව කෑම කෝටියක් වටී.

නදී, මාතලන්, ඉඳුනිල්, හරි, සමීර මේ කට්ටිය කමෙන්ට් වලින් ඉල්ලා සිටි ආහාර රටා ගැන ලිපිය අද දෙන්න මම හිතුවා. මේ ලිපිය මම පස්සේ ලියන්න හිතන් හිටි මාතෘකාවක්.

මුලින්ම ඉල්ලීමක් කරනවා මේ ලිපිය මම ලියන්නේ තනිකරම ආයුර්වේද විදියට. මේකෙදි නවීන විද්‍යා දැණුම භාවිතා කරන්න මම හිතුවේ නැහැ.
මම මේ බ්ලොග් එක ආරම්භ කරන්න හේතු වූ ප්‍රධානම කාරනයක් තමයි ආයුර්වේදය ගැන කථා කිරීම.

දැන් අපි දන්නවා ආයුර්වේදෙ කියන්නේ වෙනම ධාරාවක ඇතිවූ විද්‍යාවක් කියලා. මේකෙ භාවිතාවන මූල ධර්ම බොහෝ දුරට බටහිරට වඩා වෙනස්.

ආයුර්වේද මූල ධර්ම වල ආකාරයට කිව්වොත් ආහාර නිසා ශරීරයට ලැබෙන්නේ මොනවද?
ආහාරය නිසා ශරීරයට ලැබෙන්නේ ධාතූන්. මේ ලැබෙන දේවල් අපි වර්ග කලොත් ඒක ලියන්න වෙන්නේ මෙහෙමයි.

1. රස
2. රක්ත
3. මාංශ
4. මේද
5. අස්ථි
6. මජ්ජා
7. ශුක්‍ර

මේක අපිට මෙහෙම හදුන්වා දෙන්න පුළුවන්. අපි ආහාරයක් ගත් විට මේ දෙවල් එම ආහාරය ජීරණයෙන් අපිට ලැබෙනවා.

එතකොට මොනවද මේ?

ඔබ පටලවා ගන්න එපා. මේක බටහිර ආකාරයට කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන ආදිය නෙමේ.
ශරීරයේ වර්ධනයට ධාතුන් වැදගත් වෙනවා. ඊලඟට මේ ධාතූන් ශරීරයට ආකාර තුනකට වැදගත් වෙනවා.

1 ඊලග ධාතුව නිර්මාණයට හෙවත් රසය මගින් රක්තය සෑදීමට අදී ලෙස .
2 ශරීරික ක්‍රියාවන්ට උදව් වීමට හෙවත් ධාතූන්ට අදාල ශාරීරික කොටස් වර්ධනයට.
3 අනුයාතව නොවී වෙනත් ධාතූන් වර්ධනයට. (උදා. රසයෙන් මාංශ ධාතුව කෙලින්මද වර්ධනය කරයි.)

මේ ලෙසම අනෙක් ධාතූන්ද ප්‍රයෝජනවත් වෙනවා.මේවායේ ක්‍රියාවන්ද මේ ආකාරමයි.

දැන් එතකොට අපි ආහාර ගැනීමෙන් ආයුර්වේද විදියට අපි බලාපොරොත්තු වන්නේ කුමක්ද?
අපේ ශරීරයේ වැයවන ධාතූන් නිසි විදියට නැවත ලබා ගැනීම.
මෙන්න මෙපමනයි අප ආහාරයෙන් බලාපොරොත්තු වන්නේ.

දැන් අපි බලමු අපේ ආහාරයේ තිබිය යුතු දේවල් මොනවද?
ආයුර්වේදයට අනුව අපේ ආහාරය හැම වෙලාවෙම ප්‍රධාන ධාතූන් සප්තකය සපුරා ගන්න පුළුවන් ආකාරයට සකස් වෙලා තියන්න ඕනෙ.

අපි ගන්න ආහාරයේ අපි හිතමු වැඩියෙන් මේද ධාතුව අඩංගු වෙනවා කියලා. එතකොට මොකද වෙන්නේ අපි වැඩිපුරම ශරීරයට ගන්නේ මේද. මෙතන්දි මේ ධාතු සප්තකය සමබරව වැඩ කරන්නේ නැහැ.
ඇයි ?
එක තැනක වැඩිවීමක් තියන නිසා ධාතු චක්‍රය එක තැනක නවතිනවා.

එතකොට මොකද වෙන්නේ?

(ඉහත උදාහරනයට අනුව ) ධාතු චක්‍රයේ මේද වලට පහල තියන අස්ථි, මජ්ජා, ශුක්‍ර කියන ධාතු ශරීරයට අඩුවෙන් ලැබෙනවා. මතකද අපි කලින් කිව්වා ආහාරයෙන් ධාතු වෙන් කර ගන්න ප්‍රධාන ක්‍රියා තුනක් තියනවා කියලා. ඒ තුනෙන් පලමු ක්‍රියාවත් තුන් වැනික්‍රියාවත් මෙහිදී මේද ලඟ නවතිනවා. එතකොට දෙවනි ක්‍රියාව විතරයි යම් තරමකින් ක්‍රියාත්මක වන්නේ.

මෙහි ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද?

අධික මහතින් යුත් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක්. එතකොට ඔහුට හෝ ඇයට අස්ථි දුර්වල වීම (අස්ථි ධාතුව දුර්වල වීම නිසා), මඳසරුභාවය (ශුක්‍ර ධාතුව දුර්වල වීම නිසා), රුධිරගත දුර්වලතා (මජ්ජා ධාතුව දුර්වල වීම නිසා) කියන රෝග ඇති වීමේ ඉඩක් තියනවා.

ඔහුට හෝ ඇයට බොහෝ රෝග වැලදීමට තියන ඉඩ ඉතාම වැඩියි.

මේක ඕනෙම ධාතුවකට එකම ලෙසයි සිදු වන්නේ.

දැන් අපිට යම් තරමක දැනීමක් තියනවා.

එතකොට අපි බලමු අපේ ආහාරය කෙසේ විය යුතුද කියලා.
මේක ඉතාම පහසුවෙන් අපිට සකස් කර ගන්න පුළුවන්. ඔබව මම දැන් ගෙනියනවා බටහිර රටවලට බොහෝ බටහිර රටවල ආහාර ගන්නේ වේල් දෙකයි. (ඒ රටවලත් මේක අළුත් ප්‍රවනතාවයක්)
1. උදේ ආහාරය + දවල් ආහාරය = brunch
2. රාත්‍රී ආහාරය = dinner

පුද්ගලික අත්දැකීමක් මම කියන්නම්. මම දැනට වසර 15 පමණ සිට ආහාර ගන්නේ මේ ලෙසටයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. තව දෙයක් මෙතනදි අතරට පොඩි බඩගින්නට එහෙම මුකුත් ගැනීමත් සුදුසු නැහැ. සීනි නොදා තේ ඉතාම ස්වල්පයක් ගන්න. කිරි කලවම් කලාට කමක් නැහැ. හැබැයි බර ආහාර ගන්න හොද නැහැ.

කොහොම හරි අපි වගේ ශරීර හොරු, මේ කොම්පියුටර් එකට කොට කොටා ඉන්න අය, තව ඔය වගේ එක තැන ඉන්න අය, වේල් දෙකක් ආහාර ගත්තම ඇති කියන එක මගේ කල්පනාව.

ඕකෙ තව වැදගත් දෙයක් තියනවා. මේකනම් හොදටම මතක තියා ගන්න රාත්‍රී ආහාරය ඉවරවෙලා අඩුම ගනනේ පැය 1කට වඩා කාලයක් අවධ්යෙන් සිටීම ඉතාම වැදගත්. අපි රාත්‍රී ආහාරය රාත්‍රී 7 වගේ ගන්නව නම් ඉතා වැදගත්.
උදේ ආහාරයට අපි පොඩි දෙයක් ගන්නේ නැතුව හොද ආහාර වේලක් ගන්නව නම් අපි ඉතාම ක්‍රියාකාරී වෙලාව නිසා හොදින් ජීරණය වීමට මේ වෙලාව ඉතාමත් පහසුවක්.

මේකෙදි අපි වරද්ද ගන්න තැනක් තියනවා. අපි උදේට ගන්න ආහාරය කෙටියෙන් ගැනීම. මම හිතනවා හොද ආහාරයක් ගෙන දවල්ට පලතුරු වගේ දෙයක් ආහාරයට ගෙන රාත්‍රී 7 නැවත ආහාර ගෙන 10 පමන නින්දට යනව නම් ඉතා වැදගත් තමන්ගේ සෞක්‍යය තත්වය රැක ගැනීමට.

ඊලඟට අපි බලමු ආහාරයේ අඩංගු විය යුතු මොනවද කියන එක,සහ ආහාරයේ ප්‍රමාණය කියන කරුනු දෙක ගැන.
ආහාරයක අඩංගු විය යුතු දේ විදියට අපිට ගන්න පුළුවන් මොනවද?

1. ආහාරයේ නිසැකවම යම් රස කොටසක් තිබිය යුතුයි. මේ රස කොටස අපි ගන්නා බත්, අල, වැනි දේ මඟින් ලබා ගත හැකියි.

2. රක්ත කොටස ආහාරයේ අඩංගු වන්නේ මාංශමය දේ සමඟ. මස්, මාළු

3. මාංශ මෙහිදී වැදගත් වන්නේ ශරීරයේ නැවත සැකැස්මට වැදගත් දේවල්. එනම් මස්, මාළු, එළවළු, ධාන්‍යය, කිරි

4. මේද ප්‍රධානම මේද ප්‍රභවය වෙන්නේ ආහාරයේ අඩංගු තෛලමය කොටස්ය.

5. අස්ථි මෙහිදී ඔබ වඩා සැලකිලිමත් වෙන්න ඕනෙ. මම නම් මගේ වෛද්‍ය ජීවිතයටම අර අස්ථි බිදිලා කඩා වැටෙන වගේ රෝගීන් දැකලා තියන්නේ එක් අයෙක් පමණයි. ඒ රෝගියාත් පිරිමියෙක්. ඔහුට ඉතා දරුණු අස්ථි පිළිකාවක් තිබුනා. නමුත් අපි ජනසංනිවේදන මාර්ගයෙන් ජනතාවට දෙන්නේ මොනතරම් වැරදි දෙයක්ද? අපේ නිෂ්පාදන විකුන ගන්න මිනිස්සුන්ගේ නොදැනුවත්කම, බය යොදා ගැනීම මොනතරම් පහත්ද?
මේ අස්ථි ධාතුව වර්ධනයට ඉතාම හිතකරයි, මස්, පොඩි මාළු, විශේෂයෙන්ම ධාන්‍ය වගේ දේවල්.

6. මජ්ජා කිරි බිත්තර, මස්, මාළු, විශේෂයෙන් එලවළු, පලතුරු

7. ශුක්‍ර මෙහිදීත් විශේෂයෙන්ම පලතුරු, පොඩි මාළු, කොල පාට එලවළු.

අංග සම්පූර්ණවම නොවුනත් දැන් ඔබට හිතා ගන්න පුළුවන් ආහාරයේ අඩංගු වෙන්න ඕනෙ මොනවද කියන එක. මේ දේවල් අපි ආහාරයට ගැනීමේදී ප්‍රධාන කරුණු කීපයක් මතක තබා ගත යුතුයි.

1. ආහාරය ගන්නා අයගේ වයස. - නොයෙක් වයස් වල නොයෙක් අවශ්‍යතා තියනවා. උදා. කුඩා දරුවන්ට ලෙස නෙමේ වැඩිහිටි අයට. මේ දෙගොල්ලටම වගේ නෙමේ ගර්භනියකට ආදී ලෙස. මම හිතනවා ඔබට හැකි වෙයි මේ දැනුම භාවිතා කරලා මේ කාන්ඩ අනුව එක එක අයගේ අවශ්‍යතා අනුව ආහාරය සකස් කර ගැනීම කර ගන්න. ඕනෙම වෙලාවක අහන්න මම හැකි විදියට සහාය වෙන්නම්.

2. රැකියව මෙහිදී අපි හැම වෙලේම බලන්න ඕනෙ අපි කරන රැකියාව නිසා අපිට ශරීර වෙහෙසන්න වෙනවද? එහෙම නැත්තන් අපි එක තැනක ඉන්න අර කිව්ව ව්ගේ පුටු රත් කරන අයද කියන එක. ඒ අනුව අපි තීරනය කරන්න ඕනෙ අපිට වැඩියෙන් අවශ්‍යය වෙන්නේ මොනවගේ ආහාරද කියන එක. අපි ශරීරය වෙහෙසවන වැඩ කරනව නම් අපිට වැඩියෙන් ප්‍රෝටීන මේදමය අහාර ගත්තට ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි වැඩ කරන්නේ අඩුවෙන් නම් අපි වැඩියෙන් කරන්න ඕනෙ සමබර ආහාරය්ක් ගන්න එක.

3. අපිට තියන රෝග මොනවද කියන කාරනය අපි යම් කිසි රෝගයකින් පෙලෙනව නම් අපිට ඒ රෝගය අනුව පත්‍ය වෙන ආහාර අපි ගන්න ඕනෙ. එහෙම නැතුව ඊට අපත්‍යය ආහාර ගත්තොත් ඒ ලෙඩ වැඩි වෙනවා. මේ ගැන අපි හිතන්න ඕනෙ.

4. අපේ මානසික තත්වය අපිට යම් මානසික ප්‍රශ්න තියනවනම් අපි නිතරම ආහාරයෙන් පරිස්සම් වෙන්න ඕනෙ. මේ වගේ වෙලාවට අපි සැහැල්ලු ආහාර ගැනීම ඉතා වැදගත්.

ඊලඟට අපි බලමු අපි ගන්න ආහාර ප්‍රමාණය ගැන.
මෙතනදි මගේ අදහස ටිකක් වෙනස් මම හිතන්නේ අපි ගත්ත ආහාර බර එහෙමම ගැනීම වැදගත්. හැබැයි එම ආහාරයේ අන්තර්ගතය වෙනස් වෙන්න ඕනෙ. ඒ කියන්නේ අපි හිතමු උදාහරනයක් ලෙස අපි ගන්නවා පුරුද්දක් ලෙස 500ග්‍රරෑම් වේලකට. මගේ මතය ඒක වෙනස් නොකල යුතුයි. කරන්න ඕනෙ ඉහත කිව් සාධක අනුව අපි අපිට ගැලපෙන රටාවකට මේ ආහාරයේ අන්තරගතය වෙනස් කරනවා. ප්‍රෝටීන ලිපිඩ වෙනුවට පලතුරු එකතු කර ගන්නවා වගේ. එතකොට මුළු බර සමානව තියා ගන්නවා.
දැන් අපි අපේ ආහාරය ගැන යම් හැගීමක් ඇති කරගන්න තරමට දැණුමක් ඇති කර ගත්තා. ඒත් අපිට තව තියනවා දැනගත යුතු කරුණු කීපයක්.

1. අපි ශරීරයට ආහාර ගන්නවා කියන්නේ අපේ කායික තත්වය හොදින් පවත්වා ගැනීමයි. ඒ සදහා ඉහත කිව් ලෙස නිසි ධාතු පෝෂක සමබර ආහාරයක් ගන්න අවශ්‍ය බව අපි දන්නවා.

2. අපිට ආහාර වගේම වැදගත් වෙනවා ව්‍යායාම. හැම කෙනෙක්ම හරි විදියට දිනකට කිලෝ මීටර 03 වත් දුරක් ඇවිදින්න අවශ්‍යයි. නමුත් අපිට මේවැඩේ දැන් හරියට වෙන්නේ නැහැ. එහෙනම් මොකක්ද කල යුත්තේ. ගෙදරදිම යම් ව්‍යායාමක් කරන්න හුරු වෙන එක නේද?
හොදම වැඩේ තමයි රූපවාහිණිය බලන වෙලාවට ව්‍යායාමයක් කරන්න පුරුදු වෙන එක. එතකොට වැඩ දෙකම වෙනව. ( ඕනෑම ව්‍යායාමයක් විනාඩි 20 වැඩියෙන් කලයුතුයි.)

3. ඊලඟ කාරණ්ය තමයි මානසික තත්වය. මොන ආහාරයක් ගත්තත් වැඩක් නැහැ මානසිකව ප්‍රශ්න තිබේ නම්. මනස සමබරව තබා ගැනීම සෞක්‍යය ආරක්ෂා කරන ප්‍රධානම සාධකයක්.


ඔබ හොදට මතක තියා ගන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවා. ඒකෙන් 18 මේ කියන විදියට ගන්න. අනික් තුන පැලෙන්න කන්න. වැඩේ ඉවරයි!!!

Monday, June 13, 2011

කාන්තා අයිතිවාසිකම්........ලිපියේ දිගුව

මම කලින්ම කිව්වනේ මම මේක ලියුවේ විද්‍යා සම්මේලනකට කියලා, මේක මම කලේ 2010, දෙසැම්බර විතර. මුලින්ම දැම්මේ මේ පත්‍රිකාවේ හැදින්වීම, ක්‍රමවේදය වගේ කොටස් වලින් ගත්ත දේවල් නැවතත් ලියලා. නමුත් මගේ උපකල්පන ආදී ඉතිරි දේවල් තමයි මේ.

මෙහෙම කොටස් දෙකකට ලියන්නේ අනිත් අයගේ ප්‍රතිචාර දැන ගන්න හිතුන නිසා. හැබැයි අමාගේ කථාව නිසා මට හිතුනා දැන්ම සියළුම දෙවල් එක ලඟම දමන්න.

මේ ක්‍රම භාවිතයට ගැනුනේ 1977 කලින් කාලේ. ඔබ අපි සියල්ලන්ම දන්නවා 1977 කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ලොකු වෙනස්කම් සිදු වූ වසරක්.

විවෘත ආර්ථිකය එනවාත් සමගම මේ දෙවල් වෙනස් වෙන්න ගත්තා වේගයෙන්. මට ටිකක් විතර මතකයි ඒ යුගය.

ඔය කියන දෙවල් ඇත්තටම සිරිත් නෙමේ. මේවා මිනිස්සු භාවිතයට ගත්ත ක්‍රමවේදයන්. ඒ දෙවල් වෙනස් කලෙ නැහැ ඒ යුගවවල අය.

හොදට මතක තියා ගන්න මේ කියන කාලේ ලංකාවේ වැඩිපුරම ජීවත් වුනේ ගොවිතැනෙන්. වැඩිපුරම කාන්තාවො ගෘහණියයෝ. කුබුරක වැඩ කරනවා කියන්නේ ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් දිනකදී වැය වෙනවා කියන එක. මේ ගොවියන්ට ශක්තිය අවශ්‍යවෙනවා
1. ඉක්මනින්
2. විශාල වශයෙන්

මේ නිසා තමයි ඉක්මනින් ශක්තිය ලබාගත හැකි ආහාර සහ වැඩියෙන් ශක්තිය ලබගත හැකි ආහාර ලෙස මේ අයට ආහාර අවශ්‍ය වෙනවා. මේ නිසා තමයි බත් හැලියේ ඉහල කොටසේ බත පියාට ලබා දෙන්නේ.

එම බත ආකාර දෙකකට ඉදෙනවා.
1. කෙලින්ම ලැබෙන ගින්දරෙන්.
2. හැලියේ ඇති ජලය වාෂ්ප වී වසා ඇති මුට්ටියේ එකතු වීමෙන් වාෂ්පයෙන් ලෙස මේ ආකාර දෙක ඇති වෙනවා. මුට්ටියේ යට කොටසේ වාෂ්පය එකතුවෙන් නැහැ. වාෂ්පයෙන් ගින්දරට වඩා බත ඉදෙන වේගය වැඩියි.

ඒ නිසා සාපෙක්ෂව බතේ යට කොටසට වඩා හැලියේ ඉහල බත ඉදී වැඩියි. එනම් වැඩිපුර ජීරණය වී ඇති බව දැන් ඔබට වැටහෙනවා ඇති.

හොදි වලදී මේක මෙහෙම නෙමෙයි. ඔබට මතක ඇති ඒ කාලයේ අපේ අම්මල හොද්ද හැදි ගාන්න කලින් හැන්ද රත් කරනවා. මේ තරම් ප්‍රායෝගිකයි මේ අය.
පිරිමින්ගේ වැඩි ශක්ති අවශ්‍යතාවය ලිපිඩ මගින් සපුරා ගන්න ලේසියි උඩ කොටසේ එකතුවන ලිපිඩ නිසා ඒ නිසා හොද්දත් කලින් පිරිමින්ට බෙදනවා.

ඊලඟට කාන්තාවන්ට,
දැන් බලන්න කාන්තාවගේ වැඩ කොටස ඇය වැඩ කරන්නේ ගෙදර (එකල ) ඒ වැඩ ලෙහෙසි පහසු වැඩ නොවුනත් සාපෙක්ෂව ශක්තිය වැය වෙනවා අඩුයි. ඒ නිසාත් ඇය නිතර දුව පැන ගෙදර දොර වැඩ කරන නිසාත් ඇයගේ ආන්ත්‍රික චලනයන් හැම විටම හොදින් සිදු වෙනවා.

එම නිසා සාපෙක්ෂව රළු ආහාරයක් ජීරණය කරගත හැකියි. අද උදේ මම බැලුවා සොදුරු සුව අසපුව එය ඉතා වැදගත් ලිපියක්. කාන්තාවන් වැඩිපුර ලිපිඩ ආහාර ගැනීමෙන් (PCOS) තත්වයට පත් වෙන්වා. මේ කාරනය පැරණි ගෘහණියන් දැන සිටියා. එම නිසා තමයි කාන්තාවන් නිතර බර වැඩ නොවන නමුත් වැඩි වැඩවල යෙදුනේ. මේ ගැන වෙනම දවසක් ලියන්නම්.

කාන්තාවට ඉතාම අවශ්‍යයි. ඛනිජ ඔබ දන්නවා හොදි ඇතිලියේ යට එකතුවන බොරය කොතරම් රහද කියා. එම බොරය සම්පූර්නයෙන්ම පාවේ සමන්විත වෙල අතියන්නේ ඛනිජ ද්‍රව්‍ය වලින්. මේ නිසා කාන්තාවට අවශවන ශාරීරික පෝෂණය පහසුවෙන් සැපයුනා.

නමුත් අදට මේවා ගැලපෙනවද?????
ඇත්තෙන්ම අදට මේක ගැලපෙන් නැහැ.

ඇයි???

1. කාන්තාව අද එදාට වඩා වැඩ කරනවා. හැබැයි ඇඟ වෙහෙස වීම අඩුයි. මානසිකව පිරිමින් තරම්ම ආතතියකට ලක් වෙනවා. වගකීම් දරනවා වැඩියි. මේ නිසා කාන්තාවත් එදා ලෙසම ආහාරය ගත යුතු නැහැ.
2. පිරිමින් එදා තරම් වැඩ කරන් නැහැ. මෙතනදී මම මාතලන් එක්ක එකඟයි. නමුත් එදා වගේම ආහාර ප්‍රමාණයක් ගන්නවා. මේ නිසා ලෙඩ වැඩියි.


එතකොට …...

මේ හැම කාරණයක් ගැනම සලකා බැලුවම අපිට පේනවා අපි ජාතියක් ලෙස අපේ ආහාර රටාව අදට ගැලපෙන ලෙස සකස් කරගත යුතු බව.

කාන්තා අයිතිවාසිකම් සහ බත් බෙදීමේ අනුපිලිවෙල.

මම මේ කියන කථාව නිසා සමහර විට ගෙදරි පන්නලා දමයිද දන්නේත් නැහැ.

කොහොම හරි මේක බලන බවලත් අය මාත් එක්ක තරහ වෙන්න එපා.

මම හැමදේම වැරදි පැත්තෙන් බලන නිසා මට පේන හැටි තමයි මේ.

ඔබ දන්නවා ඒ කාලේ අපේ ගෙවල්වල තිබුනු සිරිතක් තමයි, පවුලේ පියාට තමයි කලින්ම කෑම බෙදන්නේ. ඊලඟට වැඩිමල් සහෝදරයන්ට. ඊටත් පස්සේ තමයි, ලමුන්ට සහ කාන්තාවන්ට ආහාර බෙදන්නේ. ඔබ නිකමට හිතුවද ඇයි මේ කියලා?

මේක මේ කාන්තා අයිතිවාසිකමක් බිද දැමීමක් එහෙම නෙමෙයි. ඉතාම හොද පැරණි සිරිතක්.

හැබැයි මේවා ඉතිං අදට නම් ගැලපෙනවද ?
එහෙම ගලපන්නෙ කොහොමද කියන එක අපි ඉදිරි දිනවල කථා කරමු.

ඔබ දන්නවා අපි බත් බෙදනකොට සිරිතක් වශයෙන් මුලින්ම බෙදන්නේ පියාට වැඩිමල් පිළිවෙලට පිරිමි අයට මේ අය ඉවරවෙලා ඊලඟට තමයි කුඩා අනුපිළිවෙලට අම්මට අන්තිමට වශයෙන් බත් බෙදන්නේ. හොදි මාළු පිනිත් මෙහෙමයි. ඇයි මේ?

මේකෙත් තියනවා යම් ක්‍රමයක්. මම මුලින්ම මේ ගැන ඇහුවේ අපේ ආච්චි අම්මගෙන් ඇය මට කිව්වා වැඩ කරලා වෙහෙසෙන අයට තමයි මුලින් බෙදන්නේ කියලා.

පහුවෙනකොට මට තේරුන දෙයක් තමයි මේ අය මෙහෙම කරන දෙයින් යම් වැඩක් තියනවා කියන එක. ඒ නිසා මේක ඉදිරිපත් කලා විද්‍යාත්මක සැසියකට එහිදී මේකට පක්ෂව ගොඩක් අය කරුණු ඉදිරිපත් කලා. ඒ පත්‍රිකාවම නොවුනත් මම ඉතාම කෙටියෙන් මේ ගැන ඔබට කියන්නම්.

ඔබ මේකට පක්ෂ විය යුතුම නැහැ. හැබැයි ඔබගේ අවංක අදහස් මට වටිනවා,

අපි ගොඩක් පිෂ්ට අහාරයට ගන්න ජාතියක්. මීට කලිනුත් අපි කථා කලා පිෂ්ටයට වඩා විශාල ශක්තියක් ප්‍රෝටීන හා ලිපිඩ (තෙල්) වල අඩංගු වෙනවා කියලා. පිෂ්ටවල තියන ශක්තිය ඉක්මනින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒත් ප්‍රෝටීන, ලිපිඩ එහෙම බැහැ. යම් කාලයක් අවශ්‍ය වෙනවා ශක්තිය ලබා දෙන්න.

හොඳයි,

දැන් අපි බලමු මුට්ටියේ බත් ඉදෙනකොට වෙන්නේ මොකක්ද කියලා. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් මෙහිදී පිෂ්ට අණු බිදිලා. ග්ලූකෝස්වල හා කාබෝහයිඩ්‍රේටවල අතර අවස්ථාවලට පත් වෙනවා. මෙහිදීත් මුට්ටියේ ඉහල කොටස් සාපෙක්ෂව වඩා ජීරණය වනවා.

මොකද?
එහිදී පිෂ්ට ජීරණය අකාර දෙකකින් සිදුවන නිසා.
1. ලිපේ ඇති ගින්දර මගින්,
2. වසා ඇති මුට්ටියේ සහල් හා මුට්ටියේ වැසුම අතර ඇතිවන ජල වාෂ්ප නිසා බත් මත ඇති කරන වාෂ්ප පීඩනය නිසා.

මේ නිසා වඩා ජීරණය වූ බත් ඇත්තේ මුට්ටියේ ඉහලින්ම. කුඹුරු, හේන් ගොවිතැන මූලික රැකියාව වුනු එකල ගොවියාට අවශ්‍යය මූලික ශක්තිය වහා ලබා දෙන්න මේ ඉහල ඇති බත සමත් වෙනවා. පහලට යන විට ඇති සාපේක්ෂව රළු බත ගෙදර දොර වෙහෙසී වැඩ කරන කාන්තාවට හා දුව පැන ඇවිදින දරුවන්ට මේ අනුව ගැලපෙනවා. එකල කාන්තාවට තිබූ වැඩ කොටස ඇයට දිනපතා විශාල වශයෙන් ශාරීරික ව්‍යායාම ඉබේම සිදුවන අයුරින් සැකසී තිබූ නිසා මේ රළු ආහාරය ඇයට දිරවා ගත හැකි වුනා.

හොදි ඇතිලිය ගත්තහමත් මේකෙම තවත් පැති කඩක් ඉන් දිස් වුනා. එනම් ඔබ අදම බලන්න හොද්දක් යම් ප්‍රමාණයකට නිවෙන විට එහි ඉහලින්ම අති වන්නේ මේද තට්ටුවයි එනම් මෙහිදී මේ අධි ශක්ති මේදය (ලිපිඩයි) පිරිමියාට වැඩියෙන් බෙදුනා. ඔහුට ඉක්මනින් පිෂ්ටයෙන් ලැබෙන ශක්තියට අමතරව වැඩිපුර අවශ්‍ය ශක්ති ප්‍රමාණය මින් පිරිමැහුනා.

එහිදී කාන්තාවට හොද්දේ යටින් වැඩිපුර ලබුනේ ඛනිජ ලවණ බහුල වඩා පෝෂ්‍යදායී කොටසයි. මෙය කාන්තාවට ඉතා වැදගත් වූයේ ඇයගේ මාසික ඔසප් නිසා රුධිරය බැහැරවන විට එම රුධිර නැවත සැකසීමටත්, නව ජීවියෙක්ට ජීවය දීමට යන මේ කාරනා වලටත් වැඩිපුරම අවශ්‍ය වුයේ ඛනිජ ලවණ නිසායි.

මේ අනුව ඔබට වැටහුනාද අපේ පැරන්නන් මේ සිරිත් ඉතා වෙහෙස මහන්සියෙන් වැඩ කරන සමාජයකට ගැලපෙන ලෙස සකස් කරගෙන තිබෙන බව.


මෙවැනි දේ අද සමාජයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද කියන කාරනය අපි සාකච්ඡා කරන්න ඕනෙ මම මේ ගැන මගේ පත්‍රිකාවේ සඳහන් කරලා තියනවා. නමුත් මට ඔබගේ අදහස් වඩා වැදගත් වෙනවා. ඕනෑම ආකාරයේ විවේචනයක් හා සාකච්ඡාවක් වැදගත් ලෙස අපි කරමු.

Friday, June 10, 2011

තරු මහසෙන් යුද්ධය සහ තරු අකුරු.

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත………….
බලි තරු රාවණ ගැමුණු විජයබා විරුවන් ලද ලංකා……………

මේ ජනප්‍රිය ගී දෙකෙහි යම් සමානකමක් ඔබ දකිනවද?
බලන්න නැවතත් මේ දෙකේම තියනවා. තරු කියලා වචනයක්. මොකක්ද මේ තරු.
මෙන්න මේක තමයි අද මගේ ලිපියට පාදක වෙන්නේ.

මේකෙ පලවෙනි ගීයෙන් කියන්නේ තරු අත් අකුරු ගැන.

දෙවනි ගීයෙන් කියන්නේ අපේ පුරාණ මහා රජවරුන් කීපදෙනෙක් ගැන.
එතකොට අපිට මුලින්ම පැහැදිලි වෙනවා මේ තරු කියන්නේ රජකෙනෙක් කියන එක.
හොදයි දැන් අපි දන්නවා එහෙම රජ කෙනෙක් අපි අහලා නැති බව. ඔව් ඔබ තියා මමත් මේගැන දැන ගත්තේ මේ ආයුර්වේද කෙරුවාවට එකතු වුනාට පසු.

මේ තරු රජ පරපුර තමයි අද අපි කළුතර කියලා කියන නගරය ආශ්‍රිතව තම රාජධානිය ගොඩනඟාගෙන සිටි අති ප්‍රභල රජු. මෙතුමාගේ කාලය වෙන්නේ අහුබුදු ශූරීන්ට අනුව නම් ක්‍රි. පූ. 10,000 විතර. මම නම් මේ කාලය ගැන එතරම් තැකීමක් කරන් නැහැ. මොකද මේ තොරතුරු අපිට දැනට ගන්න තියන්නේ, ඉන්දීය දේවපුරාණය අතර්ව වේදය වගේ ග්‍රන්ථවල. මේ ග්‍රන්ථ මම දන්න විදියට ඉංග්‍රිසි භාෂාවෙන් තියනවා. නමුත් අපි තාම මේවා සිංහලට
පෙරලන්න හිතලවත් නැහැ.

කෙසේ වෙතත්,
මේ රජුගේ පරපුර රජ කරන්නේ අද උතුරු කළුතර කියන ප්‍රදේශයේ තමයි. ඒ කාලේ මේ ප්‍රදේශය හදුන්වන්නේ දෙශාස්ත්‍ර කළුතර නමින්. ඔබ කළුතර කෙනෙක් නම් පැරන්නන්ගෙන් අසා බලන්න 1920/30 පමණ වනතෙක් මේ ව්‍යවහාර තිබිලා තියනවා. දැන් මතක තබා ගන්න මේ දෙශාස්ත්‍ර කියන නම.

නැවත අපි බලමු එතකොට දකුණු කළුතරට කියලා තියන්නේ මොකක්ද.

මම දැනට අවු ගනනාවකට කලින් මේ ගැන හොයන්න කළුතර පොඩි රස්තියාදුවක් දැම්මා. ඒ වෙලේ මට මුණු ගැසුනා මිත්‍රයෙක්ගේ සීයා කෙනෙක් ඔහු දැනන් හිටියා මේ විස්තර.

මේ ප්‍රදේශයට කියලා තියන්නේ වේලාපුර කළුතර කියලා. ඒ කියන්න්නේ වේලා පුරය නමින් හැදිවූයේ කතරගමට. එතකොට ගගින් එගොඩ වේලාපුර හෙවත් කතරගමට යටත් ප්‍රදේශය.
මෙගොඩ තරු රජු පාලනය කල දේශාස්ත්‍ර කළුතර.

දැන් අපි බලමු මේ තරුගේ පවුලේ කට්ටිය ගැන.
ඔහුගේ සහෝදර සහෝදරියන් ඉදලා තියනවා 05 දෙනෙක් මොවුන්ගෙන් 04 පිරිමි. එක් කාන්තාවක් හිටියා. මොහුගේ පියා තමයි පියුම් රජු. එතකොට මේ අයගේ නම් තමයි
1. තරු පියුම්
2. විරු පියුම්
3. සුරු පියුම්
4.නල පියුම්
5. සරසවි පියුම්

මෙන්න මේ සරසවිය තමයි අපිට ඕනෙ වෙන්නේ.
ඇය තමයි අපි කවුරුත් දන්නා සරසවිය.
ඇගේ වල්ලභයා වෙන්නේ ගංඟාමුණි, පුතුනුවන් වන්නේ සරිත්, දැන් ඔබට දැනෙනවද මේ සරසවිය උගත් කාන්තාවක් බව. ඔව් ඇය තමයි අකුරු කියන ශිල්පය මෙලොවට බිහි කලාය කියලා දේව පුරාණයේ සඳහන් වන්නේ.

ඇය තම වැඩිමල් සොයුරා වන තරු රජුගේ නමින් මේ ශාස්ත්‍රය නම් කලා. දේශාස්ත්‍ර වන්නේ මේ නිසාලු. එතකොට අර කියන ගීයෙන් හැගෙන්නේ

ඔබට මම මේ පෙම්පත එවන්නේ ලෝකයේ තිබෙන පැරණිම අකුරින් ලියලා.

කෙසේද මගේ ආලය....
කාලයක් ලිව්වා ලිවිල්ලක් වෙද හාමිනේටත්....

මේ කාලයේදී ලංකාව කොටස් දෙකකට තමයි පාලනය කරලා තිබෙන්නේ. එක් කොටසක් තරු ප්‍රමුක පියුම් රාජ වංශය. අනෙක් කොටස අපිට ඉතා වැදගත් බුදුන් වහන්සේ හැරුනම වැඩියෙන්ම බෞද්ධයන්ගේ ගෞරවයට ලක් වෙලා ඉන්න මහසෙන් හෙවත් කතරගම රාජධානිය කරගත් කතරගම දෙවියන්ගේ, රාජධානිය මේක හදුන්වා ඇත්තේ වේලා පුර කියන නමින්. මේ නිසා තමයි මේ රාජධානිය පටන් ගන්නා තැන වන කළු ගං මෝය දකුණෙන් ඇති ප්‍රදේශය වේලාපුර කළුතර වූයේ.

නමුත් කාලයකදී මේ සරස්වතිය ලබා ගැනීමට සහ රට එක්සත් කිරීම යන පරමාර්ථ ඇතිව මහසෙන් රජතුමා තරු ප්‍රමුඛ පියුම් රජවරු සමඟ යුද්ධයකට යනවා. එහිදී පියුම් පරපුර පරාජය වෙනවා. නමුත් මහසෙන් රජතුමාට සරසවිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන් නැහැ. ඇය කළු ගඟටම දිවි දෙනවා. මේ සිද්ධිය ඈත අතීතයේ සිදුවූ මනරම් යුද්ධයක් විදියට දේව පුරාණය සඳහන් කරලා තියනවා.

දැන් ඔබට මම පොඩි හෝඩුවාවක් දෙන්නම් අද මේ (තරු අකුරු) ගැන දන්නා උගතුන් කීපදෙනෙක් ලංකාවේ ඉන්නවා. (මේවා ලියලා හිරේ යන්න වෙයිද මන්ද?) එක්කෙනෙක් තමයි අප අතරින් ලඟදී වියෝවුනු අහුබුදුවන්, අනික් පුද්ගලයා තමයි මම ඉතා ගරු කරන උගතෙක් වන (දේශපාලනය මට වැඩක් නැහැ. මම ඒ ගැන හිතන්නේත් නැහැ.) වි.ජ.මු. ලොකුබන්ඩාරයන්. තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි එතරම් විධිමත් අද්‍යාපනයක් නොලද්දත් අද මෙරට සිටින මගේ මිනුම් අනුව අංක 1 ගත ගැකි පුරාවිද්‍යාඥයෙක් වන ජයරත්න පතිරාරච්චි මහතා.

ඔබ දන්නවද සරසවියට අත් හතරයි. මේ අත් හතර මොනවද කියල??
1. එක් අතක ඇති පොතකි - දැණුම
2. තවත් අතෙක - ඇටවැල - සිහිය
3. තවත් අතෙක ගිරවා - කීමෙහි බිනීමෙහි නිපුණතාව
4. සතරවන අතෙහි වීණාව - ලලිත කලා නිපුණතාවය


දැන් හිතන්න අපි (මේ කථා මම නම් විශ්වාස කරනවා.) කොහොම ජාතියක්ද ඇයි අපිට මෙහෙම වුනේ...............

Thursday, June 9, 2011

ඔබටත් ඇගේ ඌෂ්නේ වැඩිද???

ඔබ අප කවුරුත් ගමෙන් ආපු අය.

අපිට නොයෙක්වර ඇහිලා තියන වචනයක් තමයි, ඌෂ්ණය කියන වචනේ. මම කොළඹදීත් මේ කථාව අහලා තියනවා. නමුත් මට සා/පෙ, උ/පෙ කාලෙත් මේක තේරුනේ නැහැ. ආයුර්වේදෙට ගිහිල්ලත් ගොඩක් කල් යනකම්ම මට මේක තේරුනේ නැහැ. දැන් වෛද්‍යවරයෙක් විදියට රෝගීන් සමඟ කටයුතු කරන විට තමයි මේ කථාව මට යම් අවබෝධයක් ඇති වෙන්න පටන් ගත්තේ.

අපි බලමු ඌෂ්ණ රෝගීන් පෙන්වන ලක්ෂණ මොනවද කියලා.
1. සමහර ආහාර ගත් විට ඇගේ පලු මතුවීම වැනි ආසාත්මික ලක්ෂන ඇති වීම.
2. කට, තොල් පැලීම වණ වීම.
3. කකුල, යටි පතුල පැලීම.
4. ශරීරයෙන් නිතරම රස්නයක් වැනි පිට වීම.
5. අම්ල පිත්ත රෝගයට ගොදුරු වීම.
6. ලඟ සිටින අයට රෝගියාගේ ශරීරයෙන් රස්නයක් පිටවන බව දැනීම. නමුත් උන නොතිබීම.
මෙවැනි දහසකුත් එකක් ලක්ෂණ කියන්න පුළුවන්.

එතකොට අපි බලමු මොනවද මේ ඌෂ්ණ ආහාර කියලා.
1. බලමාළු, කෙලවල්ලෝ.
2. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ.
3. අන්නාසි.
4. අච්චාරු, විනාකිරි යෙදූ ආහාර.
5. මස් ( හරක් මස් සීතලයි. ඒක වෙනම කථාවක්.)
මෙවැනි ප්‍රෝටීන අධික හෝ ආම්ලික ආහාර වලට අපි ඌෂ්ණ ආහාර කියලා කියනවා.
(මෙයිට වඩා ගොඩක් තිබුනත් ලේසියට මම කීපයක් විතරක් ලිව්වා.)

ඔන්න දැන් අපිට යම් තරමක අවබෝධයක් තියනවා, උෂ්ණ ආහාර ගත්තම වෙන දේ ගැන, සහ එම ආහාර මොනවද කියලා.

මෙතනදි ඔබ දකින්න ඇති විශේෂයක් මේ හැම දෙයක්ම එක්කෝ ප්‍රෝටීන නැත්නම් ආම්ලික දේවල්. මෙන්න මේක තමයි මෙහි තිබෙන විශේෂම දේ වෙන්නේ.
ආයුර්වේදෙට අනුව ඉතාමත් සීමිත ආහාර කීපයක් හැරුනම අනෙක් සියළුම ප්‍රෝටීනමය ආහාර වලට ඌෂ්න ආහාර කියලා කියනවා. මේක වෙන්නේ ආයුර්වේදීය ගුණාංගයක් වන වීර්ය්‍ය කියන සංකල්පයට අනුවයි. ( ඒ ගැන පසුව කියලා දෙන්නම්)

එතකොට බලමු ප්‍රෝටීන කියන්නේ මොනවද?
අපි ප්‍රෝටීන කියලා කියන ආහාර,
ප්‍රෝටීන කියන්නෙත් අම්ල වර්ගයක්. ඒ කියන්නේ ඇමීනෝ අම්ල කියන මූලික අම්ල වර්ග 22කින් තමයි ප්‍රෝටීන් සෑදිලා තියන්නේ දැන් අපිට තේරෙනවා ප්‍රෝටීන් කියන්නෙත් අනෙක් අම්ල වගේම ආම්ලික ද්‍රව්‍යයක් කියලා.
එතකොට අම්ලවල ලක්ෂණ මොනවද කියන ප්‍රශ්නේ අපිට එනවා නේද?

ප්‍රෝටීනවල ඇති අම්ලවලින් වන ප්‍රයෝජන තමයි,
1. ප්‍රෝටීන පරිවෘත්තියේදී ඇමීනෝ අම්ල ඇති වේ.
2. මෙම ප්‍රතික්‍රියාව නිසා ශරීරයට විශාල ශක්ති ප්‍රමාණයක් ලබා දේ.
3. ඇමීනෝ අම්ල ශරීරයේ වර්ධනයට අත්‍යාවශ්‍යය.
4. මෙම අම්ල (නැතහොත් ප්‍රෝටීන ) විශාල වශයෙන් ගත් විට ශරීරයේ ආම්ලික ගතිය වැඩි වේ.
5. මෙතනදීත් ශාරිකව සමහර ලක්ෂණ පෙන්වනවා එම ලක්ෂණ බොහෝ දුරට ආසාත්මික ලක්ෂණයි.

නමුත් අපි මේ කථා කරන ඌෂ්ණය කියන්නෙ මේක නෙමෙයි. අපි බොහෝමයක් මෙම තත්වය ඌෂ්ණය යැයි වරදවා වටහා ගන්නවා. නමුත් මේක ඌෂණයේ එක් පියවරක් විතරයි.

දැන් මට හිතෙනවා මේ ලිපිය එක ටිකක් නීරස වෙයිද කියලා, මොකද මේක ටිකක් ටෙක්නිකල් වගේ නිසා. මම ඉතිං හොද ලියන්නෙක් නෙමෙයි හොද වෙදෙක්නෙ ඒකයි ඒ අමාරුවෙන් හරි ඉතිරි ටිකත් බලන්න.

තේරෙන ලෙස කිව්වොත් මේ ඌෂ්ණය හදුන්වන්න රස්නය (Temperature) කියන පදයවත් තාපය (Heat) කියන පදයවත් හරියන් නැහැ. මේක ඒ දෙකටම වෙනස් දෙයක්.

මම නම් බොහෝමයක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන අවස්ථාවල මේ වචනය වෙනස් නොකර ඌෂ්ණ (ushna) කියන පදය එලෙසින්ම කියනවා, එහෙමත් නැත්නම් ලියනවා. මොකද මේ වචනයට හරියන වචනයක් ඉංග්‍රීසි භාෂාවෙ මට හමුවෙලා නැහැ.

මෙතනදි අපි දැන් බලමු හරියටම ඌෂ්ණය කියන දේ ගැන,
ඔබ දන්නවද මේක බොහෝ සමීප වන්නේ වෛද්‍ය විද්‍යාවට නෙමෙයි. භෞතික විද්‍යාවට.
මේ විශ්වයේ ඇති ඕනෑම වස්තුවකට තියනවා විභව ශක්තියක්.(potential energy) ඒ ශක්තිය තමයි එම වස්තුවේ එයට ආවේණික වූ ශක්තිය වන්නේ. මේ විභව ශක්තිය ප්‍රයෝජනයට අරගෙන අපිට නොයෙක් කාර්යයන් කල හැකියි.

බලන්න ජලයේ විභව ශක්තිය තමයි අපි විදුලිය නිපදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ. අන්න ඒ වගේ.


මේ විභව ශක්තිය ශක්තිය යම් කාර්යයක් කිරීමේදී අපි ඒකට කියනවා එම ද්‍රව්‍යයේ චාලක ශක්තිය (kinetic energy) කියලා. එනම් කාර්යයන් කිරීමේ හැකියාව.
විභව ශක්තිය යම් ප්‍රමාණයක් චාලක ශක්තිය බවට හැරෙන කොට එතන,
( මේ විශ්වයේ 100% කාර්යක්ෂම දෙයක් නැහැ. ඒ නිසා තමයි හැම දේම අනියත වෙලා තියන්නේ. ඒක වෙනම කථාවක්.)
යම් ශක්ති ප්‍රමානයක් නාස්ති වෙනවා. (wastage energy)

PE = KE + WE


දැන් බලන්න යමෙක් යම් කාර්යයක් කරන විට ඔහුගේ හෝ ඇයගේ ශක්ති හානිය විශාල නම් අදාල කාර්යය කිරීමේ ශක්ත්‍යතාව අඩුයි. එනම් එහි ඵලදායීතාව අඩුයි. කෙනෙක් වයසින් වැඩිවන විට ඔහුගේ මේ ශක්ති හානිය වැඩිවී පරිවෘතීය ක්‍රියාවල ඵලදායීතවය අඩු වෙනවා. මෙහිදී තමයි ලෙඩ වෙන්න පටන් ගන්නේ.
මේ සංසිද්ධියට අපි කියනවා.,

ශක්ති හානිය = ඇගේ ඌෂ්නේ.

මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා.

ඔබ වෙනුවෙන් මම අමාරුවෙන් හරි කාලය යොදාගෙන ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නම්.

ඒ නිසා මේ ගැන යම් සාකච්ඡාවක් කරනව නම් මම ගොඩක් සතුටුයි.

Wednesday, June 8, 2011

පාතාල ලෝකෙට යන්න කැමතිද?

අද කිඅයන්න යන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් කථාවක්. හැබැයි ඒත් පොඩි දුකක් එනවා එහෙම අපිට මේ වුනේ මොකක්ද කියලා.

තව දෙයක් මට කවුරුත් සමාවෙන්න ඕනෙ මම මේ බ්ලොග් එක හරහා කිසිම මගේ වෙදකමට සම්බන්ද දෙයක් කියන් නැහැ. මට ඕනෙ මේක හරහා හොද මිත්‍රයො ටිකක් (අපේ වයසට වඩා අඩූ) හදාගන්න. ඒ අයට මේවැනි වටිනා ඉතිහාසයක් අපට තිබුනා කියලා අවබෝධයක් ඇති කරන්න. සහ ආයුර්වේදෙ වගේ අපේ වටිනා සම්පත් තරුණ පරම්පරාවට හදුන්වා දෙන්න. ඒ නිසා නැවත නැවතත් සමාව ඉල්ලනවා.

මේ ටිකේම අපි කථා කලේ ආයුර්වේදෙ නිසා මම හිතුව ටිකක් වෙනස් මාතෘකාවකට යන්න. හැමදාම දකින කුකුලාගේ කරමලෙත් සුදු වෙනවානේ අන්තිමට ආයුර්වේදෙ එපා වුනොත් බඩේ පාර.

ඔන්න කථාව මෙහෙමයි. ඔබ කැමතිද පාතාලෙට ?

මම කියනවා ඔබ වැඩි දෙනෙක් කැමතියි. සමහරු මේක කියවන්නෙත් පාතාල ලෝකෙයේ ඉදන්.
එතකොට කොහෙද මේ පාතාල ලෝකය තියන්නේ?
මෙතන තියන්නේ පොඩි වචනවල ප්‍රශ්නයක්.

අපි මෙහිදී පා + තල = පාතල, යන්න භාවිතයේදී තමයි පාතාල යනුවෙන් භාවිතා වෙන්න පටන් අරන් තියන්නේ.
එතකොට,
පාතල = පාද + තල
පාද = කකුල්
තල = පතුල
පාද + තල = පතුල
මෙහිදී පතුල = අපගේ යටි පතුල

එතකොට යටි පතුල යට කියන අර්ථය තමා මෙතන ගම්‍ය වෙන්නේ,
එතකොට පාතාලේ තියන්නේ කොහේද අපේ පතුල යට එහෙම නේද.
දැන් බලමු අපේ පතුල යට තියන රාජ්‍යය මොකක්ද?

මෙකෙදි අපි බලන්න ඕනෙ පතුල යට කියන්නේ පොලව යට නෙමේ. පොලව මතුපිට කියන අර්ථය ගත්තම හරියටම පොලව මතුපිට අපේ පතුල් යට තියන රාජ්‍ය තමයි ඇමරිකාව හරියටම කියනවනම් මද්‍ය ඇමරිකානු රාජ්‍යයන්. විශේෂයෙන්ම පීරු.

ඔබ දන්නවා මෙවර ලෝක මහා පුදුම වලින් එකක් ලෙස තේරුනා පීරු රාජ්‍යයට අයත් කදුකර පැරණි රාජධානියක නටබුන්. මේ අති පැරණි නගරය හදුන්වන්නේ මචු පිචු නගරය කියලා.
මෙහි තේරුම මාතා පීතා නගරය කියලා කියවෙන බව තමයි විශ්වාස කරන්නේ. මොකද මේ නගරය මුලින්ම ගොඩ නඟලා තියන්නේ විරුචන කියලා රජකෙනෙක්. මෙතුමා මහා රාවන අධිරාජයාගේ බිසව වන මන්දෝදරී බිසවගේ මලනුවන් කෙනෙක් විදියට තමයි සලකන්නේ. විරචන ගොඩනගපු මහා දේවාලයකුත් පීරු රාජ්‍යයේ තිබෙනවා. මේ දොවොල කැපවෙලා තිබිලා තියන්නේ හිරුට. රාවන මහා අධිරාජ්‍යාත් හිරු වන්දනාව කල කෙනෙක්.


රාවනාගේ හිස් දහය අතර පාතාලය බලාගන්නා හිසකුත් තිබෙනවා. ඒ කියන්නේ රාවනා පාලනය කල රජ්‍ය අතරින් පාතාලය එකක්.

Monday, June 6, 2011

බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලාද කියලා"

අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්. ඒත් ප්‍රශ්න තියනවා නම් මම ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු දෙනවා.

අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම.

මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත් ආයුර්වේදය වගේ විෂයක් ගත්තම ඒක විනාශ වෙලා තියන තරමට නැවත ගොඩ නඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. මිනිසාට බැරි දෙයක් තියනවද? අපි කැලේ ගල් ගුහාවල ඉදල මේ තැනට දියුණු උනා නම් ඇයි අපිට බැරි මේක කරන්න. මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කරලා විවේචන වලට පිළිතුරු දීල තමයි ඉදිරියට යා යුත්තේ.

දැන් අපි බලමු මොකක්ද මේ ගම්මිරිස් කථාව.
ඔව් ඔබ අහලා තියනවද?
ඉස්සර (ගොඩක් කල් නෙමේ අපි කුඩා කාලෙත් මට මතකයි මෙහෙම කරනවා.)
ඉපදුණු ගමන් කුඩා පිරිමි දරුවො නාවද්දී ඔවුන්ගේ ලිංග ප්‍රදේශයට එම නාවන කෙනා, ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා.

නියමෙට තියෙන්න ඇති නේද????????

ඒත් ඇයි මෙහෙම කරන්නේ.
ඔබ දන්නවද් ලෝකයේ තියන අද වැඩිපුරම වේගයෙන් පැතිරෙන මාරන්තික නොවන බෝ නොවන රෝග අතරින් එකක් වන පුරුෂ මඳසරුභාවය ගැන. මේක අද ඉතා වේගයෙන් පැතිරෙනවා පුරුෂයන් අතර.

මේ රෝගය ඇති කරන හේතූන් අතර එක් හේතුවක් තමයි, කුඩා පිරිමි ලදරුවන්ගේ කෝෂ තුලට වෘෂණ ඇතුළු නොවීම. (undescended testicles)

ඕනෙම පිරිමි දරුවෙක් උපදින විට එයාගේ වෘෂණ තියන්නේ උදර කුහරය තුල. ඉපදිලා යම් කාලයකදී වෘෂණ, "වෘෂණ කෝෂය" තුලට ඇතුලු විය යුතුයි. (යම් ප්‍රතිශතයකට ) එහෙම නොවීම අද ලෝකයට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ වගේ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි.

මේකෙදි කරන්නේ අවුරුදු හත වෙන්න කලින් කුඩා ශල්‍ය කර්මයක් කරලා වෘෂණ නියම පිහිටීමට ගැනීම. නමුත් නිසි විදියට මේ දේ නොකලොත් දරුවා පුරුෂ මඳසරුභාවයට පත් වීමේ ඉඩක් තියනවා. මේකෙ තියන අනතුර මෙතනින් නවතින් නැහැ. වැඩිහිටි වියට පැමිණිලාත් මෙහෙම තිබුනොත්, හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඔහු පූර්ණ නිසරුභාවයට උවත් පත් වීමට ඉඩ තිබෙනවා.

කෙසේ හෝ මේ තත්වයට ශල්‍ය කරමය සිදු නොකර සිටීමෙන් අනාගතයේ යම් දවසක ඔහුට පිළිකාවක් උවත් වැලදීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. මේක ඉතා නරක තත්වයක්.

නමුත් ඔබ දන්නවද අපේ පැරන්නෝ මේ දෙවල් දැනගෙන සිටියා විතරක් නෙමේ මෙවැනි තත්වවලට නිසි පිළියම් පවා දැන සිටියා.

ඔය ගම්මිරිස් පිඹීම තමයි පිලිතුර.

එතකොට කොහොමද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට එනවා එහෙම නේද?

ඔව් ඒක ඉතාම සරල තත්වයක් මම මෙහෙම කියන්නම්, ඔබ දන්නවද?

ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.

මේ විදියට දින ගනනාවක් කරත්දි මේ ක්‍රියාවම ලොකු උදව්වක් වෙනවා කෝෂය තුලට වෘෂණ ගමන් කිරීමට. ඒ කියන්නේ අර අපි කියපු රෝග තත්වය මඟහැරගන්න මේක උදව් වුනා කියන එක නේද?

අපි මේ දැණුම ඇයි දැන් පාවිච්චි නොකරන්නේ?

මේක කවද හරි සුද්දෝ පරීක්ෂන කරලා ගම්මිර්ස් ක්‍රීම් එකක් හදලා ලංකාවට එව්වොත් අපි පැනලා කරයි නේද?

එහෙනම් අපි මේවා සුද්දන්ට කියලා දෙමුද ඉක්මනට ?

එතකොට මේ ලෝකෙ මෙවැනි රෝග වලට උදව්වක් වෙයි නේද?

Saturday, June 4, 2011

ඔබගේ ආයුර්වේද වෛද්‍යවරයා හදුනාගන්න.........

මම මේ කරන්න හදන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මේකත් අපේ වෙද හාමිනේට නොපෙන්වා තමයි දාන්න වෙන්නේ.
ඔබ දන්නවා මේ වෙනකොට ලංකාවේ ආයුර්වේද කියලා වෛද්‍යවරුන් ගොඩක් ඉන්නවා.
මම අද ඔබට කියලා දෙන්නම් හරියටම ආයුර්වේද වෛද්‍යවරයෙක් හදුනා ගන්න ක්‍රමය.
1. පාරම්පරික වෛද්‍යවරු
2. උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු
3. විශේෂ වෛද්‍යවරු
4. විශේෂඥ වෛද්‍යවරු
5. කිසිම සහතිකයක් නොලබා සේවය කරන වෛද්‍යවරු
දැන් අපි මේ කට්ටිය වෙන වෙනම හදුනා ගනිමු.

පාරම්පරික වෛද්‍යවරු
මේ අය තම සේවය සලසන්නේ ඉතා ඈත අතීතයේ සිට එන තම තමන්ගේ මුතුන් මිත්තන් ආරක්ෂා කල වෙදකම් ක්‍රම මඟින්. ඇත්තටම මේ වෛද්‍යවරුන් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ලොකු සේවයක් කර තිබෙනවා. එනම් යටත් විජිත යුගයේ සිට ඉතා මහන්සියෙන් මේ වැදගත් ශාස්ත්‍රය ආරක්ෂා කිරීමයි. අද අපි ප්‍රයෝජනයට ගන්නේ මේ අය ආරක්ෂා කල දැනුම.

පාරම්පාරික වෛද්‍යවරුන් රජයේ ලියාපදිංචි කරන ක්‍රමයක් තිබෙනවා.
1. කිසියම් විභාගයකට මුහුනදී ඉන් සමත් වීම සුදුසුකම ලෙස සලකා. මෙහිදී පාරම්පාරික වෛද්‍යවරයෙක් තම පරම්පරාව හෝ තම ගුරුවරයාගේ පරම්පරාව නිවැරදිව සහතික කල යුතුයි.
මෙහිදී ඩී. ඒ. හෙවත් ඩිප්ලෝමාවක් ලබා දෙනවා. ඒ සදහා විධිමත් වසර කීපයක් වෛද්‍යරුන් යටතේ පුහුණුව සහතික කලයුතුයි.

2.ඊලග ක්‍රමය එම වෙද පරපුරේ සේවය සලකා ලබා දෙන ලියාපදිංචිය. මේක නම් දැන් නොකෙරෙන තරම් හේතුව දැනට සියල්ලන්ම ලියාපදිංචිකර අවසන්.

උපාධිධාරී ආයුර්වේද වෛද්‍යවරු
මේ සඳහා අද වන විට ආයතන තුනක් රටේ තියනවා.
1. කොළඹ විශ්ව විද්‍යාලය යටතේ රාජගිරිය ආයුර්වේද විද්‍යායතනය.
2. කැලණිය විශ්ව විද්‍යාලය යටතේ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනය.
3. යාපනය විශ්ව විද්‍යාලය යටතේ කයිතඩි ආයුර්වේද විද්‍යායතනය.

මේ ආයතන තුනෙන් උපාධි කීපයක් ලබා දෙනවා.
1. කොළඹ/ කැලණිය/ කයිතඩි තුනම - B.A.M.S.
2. කොළඹ/ කයිතඩි යුනානි වෛද්‍ය ක්‍රමය සදහා ලබා දෙන උපාධිය. B.U.M.S.

මේ ආයතන විශ්ව විද්‍යාලය තුලට ඇතුල් වීමට පෙර ලබාදුන් උපාධි
කොළඹ D.I.M.S.
යක්කල D.S.A.C.

යක්කල වික්‍රමාරච්චි ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත් වී ඊලග අවුරුදු කීපය ලබාදුන් උපාධිය ( කැලණිය විශ්ව විද්‍යාලය යටතේ) D.S.A.M.S.

මේ සියල්ලන් අදාල විශ්ව විද්‍යාල වලින් උපාධිධාරීන් ලෙස පිළිගෙන තියනවා. ඔවුන්ට විශ්ව විද්‍යාල ඕනෑම සිසුවෙකුට හෝ උපාධිධරයෙකුට තියන අයිතිවාසිකම් තියනවා.

විශේෂ වෛද්‍යවරු
මොවුන් ඉතාමත් සීමිතව ලියාපදිංචි කරනවා. නමුත් මේ අය පූර්න අයිතිවාසිකම් ඇති වෛද්‍යවරු නෙමෙයි. මොවුන් යම් යම් එක් විෂයක් පමණක් පිළිබඳ වෛද්‍ය ලියාපදිංචිය ඇති අය. උදාහරනයක් ගත්තොත්, කැඩුම් බිදුම/ පිස්සු බලු රෝගය / ගෙඩිවන / සර්ප විෂ මෙන්න මෙවැනි තනි විෂයක් පමනයි මොවුන්ට අයත් වන්නේ.

විශේෂඥ වෛද්‍යවරු
ඉතාමත් සීමිත ගනනින් 15 පමන පිරිසක් පමනයි දැනට අපට සිටින්නේ. ඉතාමත් ඉහලට මේ විෂය හදාරා ඇති මෙවැනි වෛද්‍යවරුන් තව බොහෝ ගනනක් මේ රටට අවශ්‍යයි. මොවුන් අතර දැනට මහාචාර්ය්‍යවරුන් දෙතුන් දෙනෙක්, අචාර්ය්‍ය උපාධිධාරීන් කීප දෙනෙක් හා අදාල විෂයෙන් තම විශෙෂඥතාවය ලබාගත් කීප දෙනෙක් අපට සිටිනවා. තවත් 30, 40 පමණ කන්ඩායමක් මේ අය අතරට එකතු වෙනවා ඉදිරි වසර කීපය තුල.

කිසිම සහතිකයක් නොලබා සේවය කරන වෛද්‍යවරු
මේ අය අද ආයුර්වේදයට මහා පිළිලයක් වෙලා තිබෙනවා. මින් සමහරුන් බටහිර බෙහෙත් කුඩුකර කලවම් කරදෙන වෛද්‍ය ප්‍රතිරූපකයන්, තව සමරුන් බටහිර ආයතනවල සේවය කල සේවකයන් නොයෙක් හෙතුමටහ් රැකියා අහිමි වූවන්. එතකොට අදාල පරීක්ෂණවලින් අසමත් වූවන් ලෙස පුළුල් ලෙස පැතිරී සිටිනවා. මේ අය ඉතා පහසුවට පෙනී සිටින්නේ ආයුර්වේද වෛද්‍ය නමින්. පසුගිය කල ඔබට මතක ඇති නොයෙක් දෙනා මේවැනි අය පත්තරවල් තමන් ගැන ලිපි දම්මා ගත්තා මහා ජීවකයන් ලෙස පෙනී සිටිමින්. මොවුන් සමාජයේ දේශපාලකයන් හදුනන ඉතා බලවත් පිරිස් ඇසුරු කරන යම් බලයක් ගොඩනගාගෙන සිටිනවා. මොවුන් ආයුර්වේදයේ සක්විතිලා.

මෙන්න මෙහෙම හමයි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සුදුසුකම් බලාගන්න වෙන්නේ.
ඔබට අයිතියක් තියනවා මේ ඕනෑම වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්න, ඔහුට ඇති සුදුසුකම් ගැන.


තව දෙයක් කියන්න ඕනෙ මම මගේ වෛද්‍ය ජීවිතයේ කරන ලොකුම සටන තමයි ආයුර්වේද වෛද්‍යවරුන් බටහිර බෙහෙත් භාවිතා කිරීමෙන් වලක්වන්න කරන සටන. මම කියනවා කිසිම ආයුර්වේද වෛද්‍යවරයෙකුට අයිතියක් නැහැ, මොනම හෙතුවකටවත් බටහිර බෙහෙත් භාවිතා කරන්න.

Friday, June 3, 2011

ඔබ සැමට මගේ ස්තුතිය!!!!!!

ගොඩක් අය මේ වගේ දේ කරන්නේ යම් සංධිස්තානයකදී ඒ කියන්නේ 100 පෝස්ට් එක වැනි. ඒත් මම විශ්වාස කරනවා යමක් කල යුතු නම් ඒක කලයුතු තැන කල යුතුයි. මම තව කල් බලන් ඉන්න තරම් නැහැ. කලයුතුදේ කලයුතුයි.

මේ කෙටි සටහන මට ඉතා වැදගත්. මම මේක ලියන්න හිටියේ අද නෙමේ. තව ටික දවසක් ගිහින්. මොකද මගේ බ්ලොග් ඉතිහාසයට තාම මාස1 1/2 ඒ කියන්නේ මම අප්‍රේල් 02 විතර මේක පටන් ගත්තට සින්ඩියක ලියාපදිංච් වෙලා, හරියට මේ වැඩේ පටන් ගත්තේ අප්‍රේල් 20 පහුවෙලා.
මම මුලින්ම කියලා තියනවා මම ඇයි බ්ලොග් ලියන්නේ කියලා.

මෙතනදි මම බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුනේ. අළුතෙන් මේ කාර්යය පටන් ගත්ත කෙනෙක්ට කොහොමත් මාස හයක්වත් යනවා සැලකිය යුතු රසිකයන් ගනනක් එකතු කරගන්න.

නමුත් මට මුල ඉදලම දිනකදී 100 හෝ ආසන්න ගනනක් රසිකයින් සිටියා. මම හිතන්නේ ඒ මට මුල්ම කමෙන්ට් එක දුන්න දුකා නිසා. තව කකා මගේ බ්ලොග් එකට ඇවිත් මොනවා හරි ලියලා යන්න ගත්තා ඒක මට ලොකු හයියක් වුනා. ඊලගට ජ්‍යෝතිෂලංකා, පොඩිගමයා. හැමදාම මොනවාහරි ලියපු ගිම්හානි, තව මගේ නොදැකපු මිත්‍රයා මාතලන් මේ අය නිතරම වගේ ඇවිත් ගියා මොනවා හරි කියලා.

ඒක මට ලොකු හයියක් වුනා. මම මුලින්ම කමෙන්ට් ගැන ලොකු බලාපොරොත්තු තිබ්බ කෙනෙක් නෙමේ. ඒත් ඒක මට ලොකු ශක්තියක් වුනා.

මේ අතර තව නොයෙක් දෙනා විටින් විට මට නොයෙක් දේ කිව්වා ඒ හැම මගේම සොයුරන්.
මට කාව හරි නම නොකියා මගහැරුන නම් ඒ අය මගේ හදවතින්ම පුදනවා. ඔබට මම හිස නමා ආචාර කරනවා. මගේ බ්ලොග් එක කියවපු හැමට ස්තුතියි.

දැන් මේ අය අතර සුවිශේෂී තව දෙන්නෙක් ඉන්නවා. එක් අයෙක් මාරයා මල්ලී. ඔබ දන්නවා මම බ්ලොග් කරනයට එන්න ලොකුම හේතුවක් උනේ ඔබයි.

ඔබ ඊයේ මගේ බ්ලොග් එක බස් එකට නග්ග ගත්ත නිසා මම හිතන් හිටපු මාස හයකදී විතර කරන්න තිබුනු දේ දැන්ම කරන්න උනා.

ඊලගට මම කියන්න ඕනෙ. ඉන්දි ගැන ඉන්ද්‍රජිත් සමරජීව. මම හිතන්නේ ලංකාවේ බ්ලොග් ආරම්භකයන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් චානකගේ ලිපි අනුව මට ඒක තේරුනා.
මම කීප වතාවක්ම ඊමගින් කල කරදර ඉවසමින් මට අවශ්‍ය දේ කර දුන්නා. මබට තුති!!!!

ඔබ සැමට මගේ ස්තුතිය!!!!!!

Thursday, June 2, 2011

සඟයිනි මම දන්නා නොදන්නා ඔබ සැමට නිවන් සුව!!!!!

අද මට වැඩ ගොඩක් තියන දවසක්. ඒනිසා බ්ලොග් පෝස්ට් එකක් නොලියන්නයි හිටියේ නමුත්, මට අදාල විෂය තුල නොවුනත් මගේ හදවත පාරන දෙයක් ගැන මට උදේම ලියන්න හිතුනා. මම සාමාන්‍යයෙන් දේශපාලන ලිපි ලියන්න අකමැතියි. ඒත් මේක එහෙම දෙශපාලන කෝනයකින් ලියන ලිපියක් නෙමේ.

අද උදේම මගේ මිත්‍රයෙක් මට කිව්වා කටුනායක සිද්ධිය නිසා තුවාල වුනු තරුණයා මිය ගිහින් කියලා. එවලේ තමයි මම හිතුවේ මේක ලියන්න.

මම කලිනුත් කියලා ඇති මට යාන්තමට මතකයි 71 කැරැල්ල. එවලේ ඒ ගැන මට තේරුමක් තිබුනේ නැහැ. ඊට පස්සේ මට මතකයි 1983 කළු ජූලිය. ඒ ගැන කථාව මම දන්න දෙවල් ලියන්නම් ජූලි 13 වැනිදා. ආයිත් මට හොදටම මතකයි. 1988, 89, 90 කාලේ ගැන. මේකත් මම වෙනම ලියන්න ඉන්නේ කවදාහරි දවසක විවේකයක් ලැබුනම. අද මම ලියන්නේ මගේ මිත්‍රයෝ මාත් එක්ක එකට හිටි අය අපිව දාල ගිය අය ගැන.

මට මෙහෙම සිද්ධියකට මුලින්ම මුහුණ දෙන්න උනේ 1987 වසරේ .
1987 අප්‍රේල් 21, මේ දිනේ මට හොදට මතකයි. මම උ/පෙ ටියුෂන් පංතියකට ගිහින් හිටියේ. මේ වෙනකොට අපි කන්ඩායමක් එකතුවෙලා පාඩම් කරනවා. එදා උදේ අපි තීරණය කලා මගේ ගෙදර පාඩම් කරන්න. ඒ කියන්නේ මම කොළඹට ඉතාම කිට්ටුව හිටිය නිසාත් අපේ අම්ම අපිට පාඩම් කරන්න ගොඩක් උදව් කරන නිසාත් කට්ටිය කැමතියි අපේ ගෙදරට. ඉතිං මම කලින්ම දවල් 12 විතර ගෙදර ආවා කට්ටියට කන්න ලෑස්ති කරන්න පාඩම් කරන්න අපිට උදව් වෙන අපේ මිත්‍ර ගුරුවරයෙක් වන පර්සි පෙරේරා ගුරුතුමාව මේකට ලෑස්ති කර ගන්නත් එක්ක.
මම ඔය වැඩ ඉවර කරනකොට ටිකක් හවස් වෙලා. දැන් මම පොඩි නින්දක් දානවා රෑට නිදිමරන්න හිතන්. ඔන්න එක පාරටම මාව උඩ විසි වෙලා ගියා. මට හිතාගන්න බැහැ. අපේ ගෙදර ජනේල හෙලවිලා. දූවිලි ඇග පුරාම. මට එක පාරටම හිතුනා බෝම්බයක් වෙන්න ඇති කියලා. ඉක්මනට ලෑස්ති වෙලා ගියා යාළුවො බලන්න. එතකොටම මට මගේ තව මිත්‍රයෙක් මුණ ගැසුනා. ඔහු අද ඉන්නේ ඔස්ට්‍රේලියාවේ. අපි දෙන්නම කොළඹට යන්න හිතුවත් යන්න බැහැ. දැන් අපේ තීරනය පයින් යන්න. ඔන්න අපි පොලිස් වාහනේක ආවා කොළඹට මොන කොහේවත් යන්න බැහැ. ඇවිදලා ඇවිදලා අපි අවා ගෙදර. කාලය ටික ටික යනකොට රෑ දහය දොලහ වෙනකොට අපිට ආරංචි එනවා අපේ මිත්‍රයෝ මේ සිද්ධියට මැදි වෙලා කියලා. පහුවෙනිදා උදේම අපිට මුණ ගැහුනා අපේ කට්ටියේ හිටිය කීපදෙනෙක් රෝහල්වල ඉදලා. මේ අයට කියන්න ලොකු ප්‍රශ්ණයක් තිබ්බේ නැහැ. කම්පනය විතරයි හැබැයි , අපේ කට්ටියේ සිටි එකම පෙව්වතුන් යුවල තාම අතුරුදහන්. කොහොම හරි මට මතක විදියට තවත් දිනකින් මේ දෙන්නගේ සිරුරු අපිට ලැබුනා කොළඹ මෝචරියේ සහ පොලිස් මෝචරියේ තිබිලා. මේක මගේ හද සසල කල සිදු වීමක් ඒ වෙනකොට. අදත් මම කටුනායක පාරේ යනකොට රිලවුල්ල කියන හරියෙන් යනවනම් "ඔබට මතක ඇති ඒ තියන මහ විශාල ගස් ටික" අන්න ඒ හරියේදි මේ දෙන්නව මතක් වෙනවා. මෙතන තමයි මේ දෙන්න පෙම් කල තැන හැමදාම.

ආයිත් මගේ මිත්‍රයෙක් වුනු කෙනෙක් පේරාදෙනිය විශ්ව විද්‍යාලේ වෛද්‍ය ශිෂ්‍යයෙක් ගැන. මෙතුමා මේ කියන දවසේ උදේ මාත් සමග කළුබෝවිල රෝහලේ යම් පුහුණුවීමකට සහභාගි වුනා. එතනදි මගේ අතින් උනු වරදකට මට හොදටම බැනලා. ඒ ගැන මාව වෙනම අරගෙන උපදෙස් දුන්නා. ඒ වෙනකොට ඔහු මට වඩා වැඩිමල් ශිෂ්‍යයෙක්. ඊට පස්සේ අපි දිවා අහාරය අරගෙන වෙන්වෙලා ගියා. පහුවෙනිදා උදෙ මට ලැබුනේ අදහා ගන්න බැරි තොරතුරක්. ඔහු අතුරුදන්වෙලා. මම අද වෙනකන් ඔහු දැක්කේ නැහැ. මගේ හිත මට ඔහු මියගිය බව හිතන්න ඉඩදෙන් නැහැ.

ඊලගට එන්නේ මහා භ්‍යානක කාලයක් මේක වෙනම කියන්නම් දවසක. ඒත් මේ සිද්ධි නිසා මගේ හිතවත්ම මිත්‍රයෝ ගනනාවක් මට නැති වුනා. සමහරු අදටත් ඉන්නවද නැද්ද කියලා අපි දන්නේ නැහැ.

ඊට පස්සේ 1990 ඔබට මතකද ?

අලිමංකඩ කදවුරට කොටි ගැහුවා. එතනදි මගේ ප්‍රාණ සම මිත්‍රයා මට නැති උනා. ඔහුගේ නම මම සඳහන් කරන්නම් ඔහුට ගෞරවයක් විදියට. ඔහු තමයි මේජර් දීපාල් හෙට්ටිආරච්චි. ඉතාම ගුණ යහපත් මිනිසෙක්. හොදම මිත්‍රයෙක්. අපි දෙන්න හැමදාම පාසල් ගියේ එකට ඔහු ශරීර ව්‍යායාමවලට යනවා. මම ඔහුගේ පොත් ගෙනියනවා. ඔබ දන්නවද ඔහු ඉතාම ප්‍රිය කල හරිම අසාවෙන් මිලදී ගත් ඔහුගේ මෝටර් සයිකලය ඔහුට පදින්න බැරි උනා.

ආයිත් නොයෙක් සිද්ධ් වලට අප මුහුන දුන්නා. නමුත් ජීවිත හානියක් කාටවත් උනේ නැහැ. එක අවස්ථාවක අපේ විශ්ව විද්‍යාල සටනකදී මගේ ලඟම හිටපු හාමුදුරු කෙනෙක් වෙඩි වැදිලා කකුල ගොඩක් තුවාල උනා. එතුමා අන්තිමට මහා අසරණ තත්වයට පත් උනා. උද්ව්වට ඔය කවුරුත් ආවේ නැහැ. මට නම් කලකිරුනා මේ දෙවල් වලට.

තවත් කාලයක් යත්දී මම නොදැන අපෙ එක් මිත්‍රයෙක් මිය ගිහින් තිබුනා. ඔහු ඉතාමත් දක්ෂ සිසුවෙක් හැබැයි අන්තිම කැත අකුරු. මම දැක්ක කැතම අකුරු ඔහුගේ ඒ නිසාම ඔහුට විශ්ව විද්‍යාලයට යන්න බැරි උනා. නමුත් ගිය අපිට වඩා නොගිය ඔහු දක්ෂයෙක්. මොලයේ ඇතිවූ පිළිකාවකින් ඔහු මියගිහින් තිබුනා. තවත් මගේ සගයෙක් උනු කෙනෙක් ඒත් මොලයේ පිළිකාවකින් මිය ගියා.

සඟයිනි මම දන්නා නොදන්නා ඔබ හැමට නිවන් සුව!!!!!

මට මේ දේවල් නැවත ඔළුවට ආවේ මම නොදන්න මේ තරුණය නිසා ඔබට නිවන් සුව!!!!!!!!

Wednesday, June 1, 2011

පුංචි පවුල රත්තරන්ද????

ඔන්න මට හිතුනා 21+ එකක් කියන්න………...

මම අර වාජීකරන පෝස්ට් එකේ අන්තිමට කියලා තියනවනේ පස්සේ තව කථා කරමු කියලා. මේ ඒ කථාවලින් එකක්.

අපි අද නොයෙක් පවුල් සැලසුම් ක්‍රම අපි පාවිච්චි කරනවා.

මේක අන්න ඒ ක්‍රම ගැන කථාවක් ඒත් එහෙම වුනාට බය නැතුව, කියවන්න පුළුවන් විදියට මම ලියන්නම්.

අද නවීන කාලේ නම් මොනවද ඉතිං ගියා ගත්තා පෙව්වා. ඕවත් වැඩද????

එහෙම නේද ?????????????

ඒත් නිකමට හිතුනද කෝපි කාලේටත් එහා කාලෙ කොහොමද මේ වැඩේ කර ගත්තේ බය සැක නැතුව කියලා.
ඔන්න ක්‍රම 100% ෂුවර්.
අත්හදා බලන්න එපා……...
ඒත් කමකුත් නැහැ……………....
ඕනෙම නම් වැඩේ ෂුවර්…………….

අද අපි දන්නව ස්ත්‍රින්ට තියනවා නොයෙක් ඖෂධ වර්ග. මේවා දිනපතා ගන්න ඖෂධ සහ අදාල ඇසුරකින් පසු පැය කීපයක් තුල ගතයුතු ලෙසත් මේ වැනි ඖෂධ අද දියුණු වෙලා තියනවා. නමුත් අතීතයේ පාවිච්චි කරලා තියන්නේ එයිටත් වඩා ඉතාම පහසු උපක්‍රමයක්.

මෙහිදී කාන්තාවන් සඳහා තිබුනු ක්‍රම තමයි, ඉතාමත් තනුක අම්ලයක් වෙච්චි විනාකිරි පුළුන් වලට දමා ඇසුරකට පෙර යෝනි මාරගයට දමා ගැනීම. ඒ කියන්නේ විනාකිරි බිංදු කීපයක් පුළුන් වලින් පොඟවලා ඇතුල් කරනවා.
මෙකෙදි වෙන්නේ තනුක අම්ලය නිසා ශුක්‍රාණු විනාශ වී යාමයි. මොකද ශුක්‍රාණු ජීවීව තියන්නේ පී. එච්. 7.2 - 7.8 වගේ භාෂ්මික මාධ්‍යයක පමණයි. අන්න ඒ දැනුමින් ප්‍රයෝජන ගත්ත මේ පැරන්නෝ ශරීරයට ඉතාම හිතකර විදියට මේ ප්‍රශ්නෙට පිලිතුරක් සොයා ගත්තා කියන එක නේද????

තව දෙයක් තියනවා ඔබ දන්නවද අද අපේ බුලත් විට ගොඩක් මොඩ් වෙලා මුල් කාලීන බුලත් විටට ඔය දුම්කොළ තිබ්බේ නැහැ. තව ඒතකොට හුනු ගත්තෙත් නැහැ. මේක වැරදි දෙයක්. බුලත් තමයි මේකෙ ප්‍රධාන දෙය වන්නේ. ඔබට මතක නැතුව ඇති අපි පොඩි කාලේ අපේ ආච්චි අම්මල අපිට බුලත් විට කන්න දුන්නැහැ. හැම වෙලේම අපි බුලත් කනවා දැක්කොත් වසල හමාරයි බනිනවා. හෙතුවක් කියන් නැහැ. දැන්නෙ මේව දන්නේ.

මොකද එයාල අත්දැකීමෙන්ම දන්නවා මේකෙන් වෙන දේ. කෝකටත් කියලා මම බුලත් වල ආයුර්වේදීය ගුණ ගැනත් පොඩ්ඩක් ලියන්නම්.

බුලත් වාජීකරණයි. ඒ කියන්නේ කාම ශක්තිය ඇති කරනවා. නමුත් මේකෙ තියන සුවිශේෂම දේ තමයි බුලත් නිසා ශුක්‍රාණු විනාශ වෙනවා. මේක වෙන්නේ බුලත්වල තියන රසායනික ද්‍රව්‍යයන්ගේ බලපෑමෙන්.
බුලත්වල ආයුර්වේදීය ගුණයන්
බුලත් උෂ්ණයි, මේ උෂ්ණ දෙයින් ද,
තව දුරටත් මෙහි තියනවා තික්ත රස
මෙන්න මේකෙන්ද ශුක්‍රාණු මරනවා.
ඒ නිසා දැන් ඔබට වැටහෙනවා ඇති මේ බුලත් කියන්නේ වාජීකරණ වගේම, ශුක්‍රාණු නාශන දෙයක් කියලා.
පේනවා නේද පැරණි අය තම පරිසරය තම දැනුම කරගෙන තමන්ගේ ජීවිතය බරක් නොවී, ගෙනියපු අපූරුව

ඒකට අපි .....

සුද්ධ පව්නේ.....

උන් හදන බේත් ටිකක් ගිල්ලම උන්ට සල්ලි ලැබෙනවනෙ.....


උනුත් කීයක් හරි හොයා ගන්න එපාද නේද????