Monday, June 13, 2011

කාන්තා අයිතිවාසිකම් සහ බත් බෙදීමේ අනුපිලිවෙල.

මම මේ කියන කථාව නිසා සමහර විට ගෙදරි පන්නලා දමයිද දන්නේත් නැහැ.

කොහොම හරි මේක බලන බවලත් අය මාත් එක්ක තරහ වෙන්න එපා.

මම හැමදේම වැරදි පැත්තෙන් බලන නිසා මට පේන හැටි තමයි මේ.

ඔබ දන්නවා ඒ කාලේ අපේ ගෙවල්වල තිබුනු සිරිතක් තමයි, පවුලේ පියාට තමයි කලින්ම කෑම බෙදන්නේ. ඊලඟට වැඩිමල් සහෝදරයන්ට. ඊටත් පස්සේ තමයි, ලමුන්ට සහ කාන්තාවන්ට ආහාර බෙදන්නේ. ඔබ නිකමට හිතුවද ඇයි මේ කියලා?

මේක මේ කාන්තා අයිතිවාසිකමක් බිද දැමීමක් එහෙම නෙමෙයි. ඉතාම හොද පැරණි සිරිතක්.

හැබැයි මේවා ඉතිං අදට නම් ගැලපෙනවද ?
එහෙම ගලපන්නෙ කොහොමද කියන එක අපි ඉදිරි දිනවල කථා කරමු.

ඔබ දන්නවා අපි බත් බෙදනකොට සිරිතක් වශයෙන් මුලින්ම බෙදන්නේ පියාට වැඩිමල් පිළිවෙලට පිරිමි අයට මේ අය ඉවරවෙලා ඊලඟට තමයි කුඩා අනුපිළිවෙලට අම්මට අන්තිමට වශයෙන් බත් බෙදන්නේ. හොදි මාළු පිනිත් මෙහෙමයි. ඇයි මේ?

මේකෙත් තියනවා යම් ක්‍රමයක්. මම මුලින්ම මේ ගැන ඇහුවේ අපේ ආච්චි අම්මගෙන් ඇය මට කිව්වා වැඩ කරලා වෙහෙසෙන අයට තමයි මුලින් බෙදන්නේ කියලා.

පහුවෙනකොට මට තේරුන දෙයක් තමයි මේ අය මෙහෙම කරන දෙයින් යම් වැඩක් තියනවා කියන එක. ඒ නිසා මේක ඉදිරිපත් කලා විද්‍යාත්මක සැසියකට එහිදී මේකට පක්ෂව ගොඩක් අය කරුණු ඉදිරිපත් කලා. ඒ පත්‍රිකාවම නොවුනත් මම ඉතාම කෙටියෙන් මේ ගැන ඔබට කියන්නම්.

ඔබ මේකට පක්ෂ විය යුතුම නැහැ. හැබැයි ඔබගේ අවංක අදහස් මට වටිනවා,

අපි ගොඩක් පිෂ්ට අහාරයට ගන්න ජාතියක්. මීට කලිනුත් අපි කථා කලා පිෂ්ටයට වඩා විශාල ශක්තියක් ප්‍රෝටීන හා ලිපිඩ (තෙල්) වල අඩංගු වෙනවා කියලා. පිෂ්ටවල තියන ශක්තිය ඉක්මනින් ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඒත් ප්‍රෝටීන, ලිපිඩ එහෙම බැහැ. යම් කාලයක් අවශ්‍ය වෙනවා ශක්තිය ලබා දෙන්න.

හොඳයි,

දැන් අපි බලමු මුට්ටියේ බත් ඉදෙනකොට වෙන්නේ මොකක්ද කියලා. මේක ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක් මෙහිදී පිෂ්ට අණු බිදිලා. ග්ලූකෝස්වල හා කාබෝහයිඩ්‍රේටවල අතර අවස්ථාවලට පත් වෙනවා. මෙහිදීත් මුට්ටියේ ඉහල කොටස් සාපෙක්ෂව වඩා ජීරණය වනවා.

මොකද?
එහිදී පිෂ්ට ජීරණය අකාර දෙකකින් සිදුවන නිසා.
1. ලිපේ ඇති ගින්දර මගින්,
2. වසා ඇති මුට්ටියේ සහල් හා මුට්ටියේ වැසුම අතර ඇතිවන ජල වාෂ්ප නිසා බත් මත ඇති කරන වාෂ්ප පීඩනය නිසා.

මේ නිසා වඩා ජීරණය වූ බත් ඇත්තේ මුට්ටියේ ඉහලින්ම. කුඹුරු, හේන් ගොවිතැන මූලික රැකියාව වුනු එකල ගොවියාට අවශ්‍යය මූලික ශක්තිය වහා ලබා දෙන්න මේ ඉහල ඇති බත සමත් වෙනවා. පහලට යන විට ඇති සාපේක්ෂව රළු බත ගෙදර දොර වෙහෙසී වැඩ කරන කාන්තාවට හා දුව පැන ඇවිදින දරුවන්ට මේ අනුව ගැලපෙනවා. එකල කාන්තාවට තිබූ වැඩ කොටස ඇයට දිනපතා විශාල වශයෙන් ශාරීරික ව්‍යායාම ඉබේම සිදුවන අයුරින් සැකසී තිබූ නිසා මේ රළු ආහාරය ඇයට දිරවා ගත හැකි වුනා.

හොදි ඇතිලිය ගත්තහමත් මේකෙම තවත් පැති කඩක් ඉන් දිස් වුනා. එනම් ඔබ අදම බලන්න හොද්දක් යම් ප්‍රමාණයකට නිවෙන විට එහි ඉහලින්ම අති වන්නේ මේද තට්ටුවයි එනම් මෙහිදී මේ අධි ශක්ති මේදය (ලිපිඩයි) පිරිමියාට වැඩියෙන් බෙදුනා. ඔහුට ඉක්මනින් පිෂ්ටයෙන් ලැබෙන ශක්තියට අමතරව වැඩිපුර අවශ්‍ය ශක්ති ප්‍රමාණය මින් පිරිමැහුනා.

එහිදී කාන්තාවට හොද්දේ යටින් වැඩිපුර ලබුනේ ඛනිජ ලවණ බහුල වඩා පෝෂ්‍යදායී කොටසයි. මෙය කාන්තාවට ඉතා වැදගත් වූයේ ඇයගේ මාසික ඔසප් නිසා රුධිරය බැහැරවන විට එම රුධිර නැවත සැකසීමටත්, නව ජීවියෙක්ට ජීවය දීමට යන මේ කාරනා වලටත් වැඩිපුරම අවශ්‍ය වුයේ ඛනිජ ලවණ නිසායි.

මේ අනුව ඔබට වැටහුනාද අපේ පැරන්නන් මේ සිරිත් ඉතා වෙහෙස මහන්සියෙන් වැඩ කරන සමාජයකට ගැලපෙන ලෙස සකස් කරගෙන තිබෙන බව.


මෙවැනි දේ අද සමාජයට ප්‍රයෝජනවත් වන්නේ කෙසේද කියන කාරනය අපි සාකච්ඡා කරන්න ඕනෙ මම මේ ගැන මගේ පත්‍රිකාවේ සඳහන් කරලා තියනවා. නමුත් මට ඔබගේ අදහස් වඩා වැදගත් වෙනවා. ඕනෑම ආකාරයේ විවේචනයක් හා සාකච්ඡාවක් වැදගත් ලෙස අපි කරමු.

19 comments:

  1. ජන්ජාලේ.. ජන්ජාලෙ ..මෙපමන දවසක් මම කාල තියෙන්නේ පියාගේ බත් පිගාන නෙව.

    වැදගත් ලිපියක්.
    ඡය!

    ReplyDelete
  2. මරු! බොහොම අපූරුවට පැහැදිලි කරලා තියනවා. මමත් අද ලිව්වා බෙහෙත් පැළයක් ගැන :D

    ReplyDelete
  3. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් සිරිතක් විදියට මිසක් දැන් නම් ඕකේ ඇති විද්‍යාත්මක පැත්තක් නෑ නේද වෙද මහත්තයෝ... මොනවා වුනත් හෙලයා කියන්නේ ස්වභාවධර්මයත් එක්ක ජීවත් වුනු, ස්වභාවික ජීවන රටාවකට හුරු වුනු ජාතියක්. සිරිතක් කියන එකත් නිකන්ම හැදෙන්නේ නෑනෙ. ඒකට පදනම් වෙච්චි කාරණා මතුකරලා දුන්නාට පිං...

    ReplyDelete
  4. මමනම් මෙතනදි දකින්නේ වැඩ වසම් සමාජ ක්‍රමය සහ අදිපතිවාදය කියන එක...

    ReplyDelete
    Replies
    1. මමත්...

      මම හිතන්නේ නෑ ඔවුන් ඒ දේවල් කලේ මේ හේතු දැනගෙන කියලා.
      කුඹුරු වැඩ නොකරන ඉස්කෝලේ යන වැඩිමහල් සහෝදරයෙක්ට උනත් මුලින් බත් ලැබෙන්න ඇති මම හිතන්නේ :)

      Delete
  5. මේ හෑම දෙයක්ම දැන් වෙනස් වෙලා ඇත්තටම. බත් මුට්ටියෙ බත් ඉදෙන්නෙ නෑ. බත ඉදෙන්නෙ rice cooker එකේ...දඩි බිඞියෙ..
    ගෙදර මුල් බත් පත කන්නෙ ගෙදෙර පියා නෙමේ.ගෙදරින් මුලින්ම පිට වෙන්නෙ ගෙදෙර ඉන්න පොඩි කෙලී. බලාගෙන යනකොට
    මේවත් අපේ ලෙඩවලට එක හේතුවක් වෙන්ට ඕන.

    ReplyDelete
  6. ඉස්සර අපේ ගෙදරත් ඔහොමයි,අප්පච්චිට තමයි බත් මුට්ටියෙ උඩින්ම තියන බත් ටික දෙන්නෙ.ඊට පස්සෙ අපිට,අන්තිමට කන්නෙ අම්මා.වැරදිලාවත් අප්පච්චි ගෙදර හිට්යෙ නැත්තම් කන වෙලාවට බත් මුට්ටියෙ පැත්තකින් තමයි බත් බෙදාගන්නෙ අපි.

    ReplyDelete
  7. ආ එත් මම් දැකල තියන දෙයක් කියන්නම්.ගෑනු පිරිමි දරුවො දෙජාතියම ඉන්න ගෙදරක,මාලු උයල තිබ්බ.අම්මා පුතාට මාලු කෑලි 2ක් බෙදුව දුවට බෙදුවෙ 1යි.සමහර විට පුතාට අම්ම වැඩි ආදරේ වෙන්න ඇති.
    ඒත් තරුණ දියණියන්ගේ පෝෂණය ගැන නේද වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ.
    ඒ අක්කි කෙට්ටුම කෙට්ටුයි,අය්යා අලියෙක් වගේ :))

    ReplyDelete
  8. ගිම්හානි,
    අද මම ටිකක් බිසි. බලමු වෙලාව ඇති විට එනවා. පිළිතුරු දෙන්න.

    ඔබ හරි වැඩක්නේ කරලා තියන්නේ. මගේ දුවත් ඔහොම තමයි.

    ඔබේ අනිත් ප්‍රශ්නේ මමත් හිතනවා මෙකෙන් යම් අදහසක් ගන්න පුළුවන් අපිට. ආහාර නිසා තමයි අද බොහෝ ලෙඩ රෝග ඇති වන්නේ. ලංකාවේ ප්‍රශ්නේ කෑම අඩුකම නෙමේ. වැඩිකම නැති එකාට නැත්තටම නැහැ. තියන එකාට පැලෙන්න. ඕකයි අපේ ප්‍රශ්නේ කොහොම හරි අපි මේවා ගැන තව කථා කල යුතුයි කියන එක මගේ අදහස.

    චතුරංග,
    නැහැ, දැන්නම් මේකෙන් වැඩක් නැහැ. මොකද අපි කෑම පිසින්නේ මැටි වලදේ නෙමෙයි. දරලිපේ නෙමෙයි. අනික ආහාරයේ පිළිවෙල බොහෝ වෙනස් වෙලා. ඒත් අතීතය අනාගතයේ කැටපතක් නේද? අපිට මේවා මඟින් ලැබුනු ප්‍රයෝජන ආදිය අපි දැන ගත්තොත් අපිට අනාගතයට වැඩක් ගන්න පුළුවන් නේද? මම බලන්නම් මල්ලි කමෙන්ට් එකකුත් දානවා. අනිවා!
    ජය !!

    මාතලන් මිත්‍රයා,
    මම ඔබට කැමතිත් ඕකයි. ඔබත් මම වගේ හැම දෙයක්ම බලන්නේ වෙනස් විදියට. ඒත් සුපුරුදු පරිදි මේ සැරෙත් අපි දෙන්නා දෙපැත්තේ. මොකද මම හිතන්නේ නැහැ ලංකාවේ වැඩ වසම් ක්‍රමය තිබුනා කියලා. හැබැයි මහනුවර යුගය මම දකින් නැහැ අපේ රටේ නියම රජවරු සිටි යුගයක් විදියට. ඒත් අපි මේ හැම දෙයක්ම බලන්නේ මහනුවරට සාපේක්ෂව. අපේ රටේ රාජ පරම්පරාව අවසන් වෙන්නේ කෝට්ටේ යුගයෙන් කියන එකයි මගේ අදහස. පලමුවෙනි රාජසිංහ හෙවත් ටිකිරි බන්ඩාරයන් තමයි මම දකින විදියට අපේ අන්තිම රජු. මේ ගැන මම පෝස්ට් එකක් ලියනවා.
    ඔබට ස්තුතියි මිත්‍රයා.

    නදී,
    අනේ නදී මම හිතන්නේ ඔබගේ මවත් මගේ නැන්දනිය වගේ. ඇයත් වැඩිපුරම ආදරේ පුත්තුන්ට. බෑනවන මට ආදරෙයි ඇයගේ දියණියට වඩා.

    ඒත් අපේ අම්මල ගොඩක් නිවැරදියි. ඔබ අදම බලන්න අපේ සුව අසපුව. අන්න ඒ නිසා තමයි අම්මල ගෑනු දරුවන්ට කෑම අඩුවෙන් දෙන්නෙ.
    ජය!!

    ReplyDelete
  9. ඔහොම කියද්දී මට මතක් උනේ..අපේ තාත්තණ්ඩියා මට කියලා තියෙන්නේ බත් මුට්ටියේ උඩටම එනවළු එක සුවිශේෂී හාල් ඇටයකින් හැදුන බත් ඇටයක්...ඒකට කියන්නේ "වීර බත් ඇටය" ඒක කන්න දීපුවම ඕනම කෙනෙක් පොරක් වෙනවළු..

    අපේ ගෙදරනං ඉතිං ඉස්සර හැමදාම මංගල පස්පිඩැල්ල වගේ බත් හැන්ද හැර උනේම මගේ මැටි කෝප්පෙටම තමා..දැන් තේරෙනවද ළමයින්ට මං මෙහෙම වීරයා වගේ ඉන්නේ කොහොමද කියලා..
    (අද අහ ගත්තෑකි මට මදි නොකියන්න..)

    ReplyDelete
  10. @මාරයියා,,
    හ්ම්ම්ම්...
    වීරය උන හැටි දැනගත්තා.....
    ඉතින් කියමු බලන්න මාරයා උන හැටි???
    ...
    වෙදමහත්තයා කිව්ව වගේ බෑණට බෙදන්න ගත්තට පස්සෙද??

    ReplyDelete
  11. ඔබ ඔය කියන කාරණය පිලිබඳව ප්‍රායොගික ගැටළු තිබුනත් දැනුවත් කිරිමට ස්තුතියි. මේ වගේ දේවල් දැනගෙන තියන එක ඔය වාද විවාද වලදි හරි වටිනවා.වර්තමානයේ කෑම ටික මේසයට එනකොට සේරම කණපිට හැරෙනවානෙ. අනිත් එක රයිස් කුකර් එකෙ උයන බත් බෙදන්න ඉස්සර මික්ස් කරගන්නවානෙ.

    මම ගෙදර ඉන්න කොටනම් ඕකෙ අනිත් පැත්ත වෙන්නෙ. මුලින්ම මුලු පවුලම එකතු වෙලා කුඩාම සාමාජිකයට කවලා ඉන්නවා.

    ReplyDelete
  12. විද්‍යාත්මකව බැලුවාම සත්‍යතාවක් පේනවා තමයි. කොහොම නමුත් වැඩ කරලා වෙහෙස වෙලා ගෙදර එන තාත්තට හොඳම බත් පත දීමේ වැරැද්දක් නැහැ.
    නමුත් අද කාලේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා. වෙහෙසෙනවා. බස් එකේ මිරිකිලා හෙම්බත් වෙලා ගෙදර එන්නේ තාත්ත විතරක් නෙවෙයි. අම්මත් එහෙමයි. ඉස්කෝලේ, කැම්පස් ගිහින් මහන්සි වෙලා බඩගින්නේ ගෙදර එන්නේ පුතා විතරක් නෙවෙයි. දුවත් එහෙමයි. ටිකක් හිතන්න, සැමියා වගේම බිරිඳත් රැකියාවට ගොස් වෙහෙස වෙලා එන්නේ. නමුත් සැමියා තේකක් බීල ටී වී බලන අතරේ ඇය රෑට උයල පිහල දරුවන්ගේ වැඩ බලන්නත් වෙනවා මහන්සි පිටින්ම... එතකොට ඇයට බඩගිනි දැනෙන්නේ නැද්ද? කොහොමත් ගැණු ඇයට වඩා පිරිමි අයට කන්නේ ඕනෙනේ. ඉතින් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් නදී කිව්වා වගේ අම්මාට, දුවට, අක්කට, නංගිට 'සෙකන්ඩ් ක්ලාස් සිටිසන්' කෙනෙක් ලා සැලකීම පව් නේද?


    ඉතින් ඉස්සර කාලේ සිරිත් අදට කොච්චර ගැලපෙනවද කියල ඒවා එහෙම්මම අනුගමනය කරන්න කලින් හිතන්න ඕනේ නේද? අනිත් එක, අපේ හොඳ සිරිත් කොපමණ තිබුනත්, හැම සිරිතක්ම හොඳ සිරිත් නෙවෙයි නේද? ඇත්ත ඇති සැටියෙන් දැක අපේ වැරදි හදා ගන්නවා විනා හැම දෙයක්ම justify කිරීමෙන් අමාරුවේ වැටෙන්නේ අපිමයි නේද?

    මට මෙන්න මේ ටික ටිකක් අපැහැදිලියි:
    "මේ නිසා වඩා ජීරණය වූ බත් ඇත්තේ මුට්ටියේ ඉහලින්ම. කුඹුරු, හේන් ගොවිතැන මූලික රැකියාව වුනු එකල ගොවියාට අවශ්‍යය මූලික ශක්තිය වහා ලබා දෙන්න මේ ඉහල ඇති බත සමත් වෙනවා."
    ගෙදර දොර වැඩ කිරීමේ සහ කුඹුරු හේන් ගොවිතැනේ වැයවන ශක්තීන් දෙවිදිහක් කියාද ඔබ අදහස් කරේ?

    ReplyDelete
  13. @ගිම්හානි..
    හපොයි නැහැ බෑණා වෙන්ට එපැයි බෑනට බෙදන්ට..තාම මං එහෙම විපතක වැටිලා නැහැ..දැන් "මාර වීර"

    ReplyDelete
  14. නොදැන සිටි දෙයක්.ඉතා මනරම් ලෙස කියවන්නාගේ දිගු කාලීන මතකයට කා වදින ලෙස ලියා තිබෙනවා.ඔබ බ්ලොග් අවකාශයට පැමිනීම අපේ දැනුම වඩ වඩා දියුණු කරනවා.ආයුර්වේදයට වඩා වැඩි යමක් මේ බ්ලොගයේ ඇති බව අද වැටහුනා.

    ReplyDelete
  15. මාරය මල්ලී, ලකී, අමා, ගිම්හානි, ජ්‍යෝතිෂලංකා, නදී, චතුරංග, ගිම්හානී, මාතලන්,

    ඔබ සැමට ස්තුතියි. මම මේ ලිපිය කොටස් දෙකකට දාන්න හිතුවේ. මට හිතුනා කට්ටිය කියන ඒවාත් ටිකක් අහලාම ඉතිරි ටික දාන්න. එහෙනම් අදම ඉතිරියත් දානවා.

    ReplyDelete
  16. නියම පැහැදිලි කිරීමක්.අපේ කාන්තා උදවිය ඕක දෙවෙනි පෙලේ සැලකීමක් කියලා හිතන්න ඕනි නැහැ.ස්වාමියාට වඩා කය වෙහෙසා වැඩ කරනවානම් මුලින් බෙදලා තියා ගන්න.

    ReplyDelete
  17. @අමා
    ඔයා කිව්ව වගේ ගෑණු දරවන්ට 'සෙකන්ඩ් ක්ලාස්' සැලකිල්ලක් කරන එක වැරදියි තමා. ඒත් හොඳට කල්පනා කරල බලන්න ගෙදර අම්මම නේද පුතාලටයි දූලටයි වෙනස් විදියට සලකන්නෙ. ඉතින් ඔයාලටම තමයි ඒක වෙනස් කරගන්න වෙන්නෙ.

    ReplyDelete
  18. mage mithuriyak innawa bangladesh eya rice cooker pawichchi karanne kamathi na.eke uyana bath guna na kiyala.wathura perala thama bath uyanne ona kiyala.eya bath uyanne dara lipe ho gas lipe.me kathawe sathyayak thiyanawada karunakara pahada denna.

    ReplyDelete