Wednesday, August 31, 2011

විශ්වයේ නිර්මාණය සහ පෙරදිග විද්‍යාව - 01

මේ ලිපිය මම දිගට ලියන්න සිතා සිටින ලිපි මාලාවක පලමු වැන්න. මම දන්නවා මේ ලිපි වලට එතරම් කට්ටිය කැමති නැහැ, ඒත් මේ විෂය ගැන ලියවුනු දේ අපිට කියවන්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින් නිසාත්, මේ විෂය ඉතාමත් වටිනා දෙයක් නිසාත් මේක ලියන එක වැදගත් කියලා මා සිතුවා.
මුලින් අපි බලමු මේ විෂය යම් පමණකට හදුනා ගන්න, මේ ප්‍රශ්නේ තමයි මේ ලෝකය ඇති වූදා පටන්ම මිනිස් සිත පෙලපු ප්‍රශ්න වලින් එකක් වෙන්නේ.

1. අපි (මිනිසා ඇතුලු සත්වයින්) ඇති වුනේ කොහොමද?

2. ලෝකය ඇති වුනේ කොහොමද?

3. මේ අහස පොලොව තරු ඉර වාගේ ස්වභාවික සංසිද්ධීන් ඇතිවුනේ කොහොමද?

මේ ප්‍රශ්න ඔස්සේ කල්පනා කිරීම නිසා තමයි නොයෙක් ආගම් ඇති වුනේ. එතකොට දර්ශන වාද වගේ දේවල් බිහි වන්නේ මේ ඔස්සේ, තවදුරටත් කියනව නම් මේ ලෝකෙ අද තියන තත්වයට දියුණු වූයේ මේ වැනි ප්‍රශ්න වලට පිලිතුරු සොයා යාමෙන් බව තමයි බොහෝ දාර්ශනිකයන් අද පවසන්නේ.

අපි මුලින්ම බලමු දැනට විශ්වය ඇති වූ ආකාරය එහෙමත් නැත් නම් විශ්වෝත්පත්තිය ගැන තිබෙන බටහිර දාර්ශණික මත මොනවද කියලා.

1. මහා පිපිරීම් වාදය. - මෙම මතයේ මූලිකයා වන ජෝර්ජ් ගැමෝව්, ඉතා කුඩා පරමාණුවකින් විශ්වය ආරම්භ වුනා කියලා තමයි පැහැදිලි කරන්නේ. මේ මතය මෙයට වෙනස් ක්‍රමයකින් ඇබේලමේත්‍ර නම් විද්‍යාඥයෙකු විසින්ද විස්තර කර ඇත. මෙහි ඉතා දියුණු මතවාදයන් දැන් ලොව පුරා දිනපතා සාකච්ඡාවට භාජනය වෙමින් ඇත.

2. ස්ථාවර තත්ත්ව වාදය. - මේ මතය ඇරබුනේ හොයිලි බොන්ඩ් සහ ගෝල්ඩ් නම් විද්‍යාඥයන් දෙපලගෙන් කියලා තමයි සඳහන් වෙලා තියන්නේ. මෙයට අනුව විශ්වයේ ආරම්හයක් නැත.

3. ස්ඵන්ධමාන විශ්ව වාදය. -ඉතාමත් මෑතකදී සාකච්ඡාවට භාජනය වීමට පටන් ගැනුනු මේ මතය බෝනර් නම් විද්‍යාඥයා විසින් විස්තර කිරීමට උතසාහ දරා ඇත. මින් කියවෙන්නේ ආරම්භයේදී ඝනීභූතව තිබුනු විශ්වය පසුව ක්‍රමයෙන් විසිරී ගිය බවයි.

මම මේ බටහිර දාරශණික විෂයන් ගැන නම් වැඩිය දෙයක් දන්නේ නැහැ. නමුත් මට ඕනෙ කරන්නේ ආයූර්වේදය සහ බුදු දහමත් අපේ පෙරදිග ලෝකයත් මේ විශ්වොත්පත්තිය ගැන සිතූ හැටි ගැන යම් සාකච්ඡාවක් කරන්න.

පැරණි භාරතීය සමාජයේ මේ විශ්වයේ උපත ගැන ප්‍රධාන මත දෙකක් විය.
1. විශ්වයේ ආරම්භය ගැන කථා කිරීම අරථ සම්පන්න නොවෙතියි කොටසක් කීහ.
2. අනෙක් කොටස එය අර්ථ සම්පන්න බව කීහ.
දෙවනි කොටස හෙවත් මේ විශ්වොත්පත්තිය විස්තර කල හැකි යැයි කී කන්ඩායම නැවතත් කොටස් දෙකකට බෙදා දැක්විනි.

1. මේ කණ්ඩායම විශ්වොත්පත්තිය පිළිබඳ සංශය වාදයක් ඉදිරිපත් කලහ.
2. කණ්ඩායම විශ්වයට මුලක් නැතැයි යන අඥාත වාදය ඉදිරිපත් කලහ. මේ කණ්ඩායමට බටහිර විද්‍යාඥයෙක් වන එම්මෑනුවෙල් කාන්ට්ද අයත් වේ. මොහුගේ මතයට අනුව කිසිම මිනිසෙකුට වස්තුවක යථා ස්වභාවය නියමාකාරයෙන් දැකගත නොහැක.

තවත් විශ්වයේ ප්‍රභවය විස්තර කල නොහැකි යැයි කී අයගෙන් කෙනෙක් විශ්වයට ආරම්භයක් නැතැයි කීහ. ඒ මතයට අනුව විශ්වය අනාධිමත් කාලයක සිට පැවතෙන්නකි. මහායාන බුදු දහමේදීද විශ්වයට ආදියක් හෝ අගක් නොමැති බව උගන්වයි. උපනිෂද් දාර්ශණිකයෝ ද මේ මතය දැරූහ. වෛශේෂික දරශනේ ආදි කතෘ වුනු මහා සෘෂි කණාදයන් තමයි මේ යම් මූල ධතුවකින් විශ්වය ඇරඹුනාය කියන මතය දැරූ අයගෙන් ප්‍රධානම වෙන්නේ. මේ කණාද සෘෂිතුමා තමයි මුලින්ම පරමාණුව ගැන කියලා තියන්නේත්. මෙතුමා නවීන පරමාණුව ගැන පරමාණුවේ ව්‍යුහය ගැන යම් නිවැරදි දෘෂ්ටියක් ඇතිව තම මත ඉදිරිපත් කර ඇති බව නම් කියන්න පුළුවන්. කෙසේ හෝ මේ විශ්ව උප්පතිය කිසියම් උදර්ජන පරමාණුවකින් වැනි භෞතික ද්‍රව්‍යයකින් විශ්වය ඇරබී ඇති බව ප්‍රකාශ කලහ.

තවත් දාර්ශණිකයන් කොටසක් භෞතික අභෞතික යන මේ දෙයාකාරයේම වස්තූන්ගෙන් විශ්වය ඇරබී ඇති බව ප්‍රකාශ කලහ. මින් ප්‍රධාන වන්නේ සාංඛ්‍ය දාර්ශණිකයෝය. ඔවුන් මේ මතයේ ප්‍රමුඛයන් වූ අතර, ප්‍රකෘති සහ පුරුෂ යන ආකාර දෙක මේ සඳහා හේතු වෙතැයි සැලකූහ. මේ අභෞතික ද්‍රව්‍යයකින් විශ්වයේ උපත සිදු විනැයි සැලකූවන් අතර මැවුම් වාදය පිලිගත්තවුන්ද විය. ඔවුන් විධාකාරයෙන්, ඊෂ්වරයා විසින්, නැතහොත් දෙවියන් වහන්සේ විසින් වැනි බලවේග වලින් මෙන්ම බ්‍රහ්ම වැනි තත්ත්වයන් මඟින් විශ්වය උපැදවූහයිද සඳහන් කර ඇත.

මේ විශ්වොත්පත්තිය ගැන පෙර සිටි ආයූර්වේද ආචාර්‍ය්‍ය වරුන්ද තම අවධානය යොමු කර ඇත. එහිදී ජගදෝත්පත්තිය, සත්වදේහෝත්පත්තිය වැනි කාරණාද විස්තර කර ඇත. මෙය විස්තර කිරීමට ප්‍රධාන වාද පහක් යොදාගෙන ඇත. මේ වාද පහ නම්.
1. ප්‍රකෘති, පුරුෂ වාදය.
2. පංච මහා භූත වාදය.
3. ත්‍රිදෝෂ වාදය.
4. සප්ත ධාතු වාදය.
5. රස, ගුණ වීර්‍ය්‍ය, විපාක, ප්‍රභා වාදය, යනුවෙනි. මින් අපිට මෙතැනදී වැදගත් වෙන්නේ ප්‍රකෘති පුරුෂ වාදය නම් වැදගත් දර්ශනයයි.

ප්‍රකෘති පුරුෂ වාදය.
මේ සිද්ධාන්තය ඇසුරින් විශ්ව නිර්මාණය වන ආකාරය සෛද්ධාන්තිකව පෙන්වා දීම සඳහා ආයුර්වේද විද්ඥයන් විසින් සාංඛ්‍ය දර්ශනයේ සහාය උපයෝගී කර ගත්හ. සාංඛ්‍යය දරශනය යනු පුරාණ භාරතීය ෂඩ් දරශනයන්ගෙන් එකකි. මෙය භාරතයේ පහල වූ දර්ශනයන්ගෙන් ඉතාම වැදගත් වූ දර්ශනයක් ලෙස භාරතීය දර්ශන පිළිබඳ විශාරදයෙක් වූ රිචර්ඩ් ගාර්බේ ශූරීන් ස්වකීය "සාංඛ්‍යය ප්‍රවචන භාෂ්‍ය සංස්කරණය" හි ලියා දැක්වූහ. ශ්‍රීමත් සර්වපල්ලි රාධාක්‍රිෂ්ණන් විසින් ශුද්ධ භාරතීය දර්ශන කෘතියෙහි, සාංඛ්‍යය දර්ශනය භාරතීය දර්ශන ඉතිහාසයේ ඇති එක් විශිෂ්ට ප්‍රතිඵලයකියි කීහ. මෙම සාංඛ්‍යය දර්ශනයේ ආදි කතු තුමා වන්නේ බ්‍රහ්ම පුත්‍රයෙකු ලෙස සැලකෙන කපිල සෘෂි තුමායි. මෙතුමා බුද්ධ කාලයේම සිටි අයෙක් ලෙසත්, බුදුන් වහන්සේටම කියන තවත් නමක් ලෙසත් සමහරුන් සලකනු ලබයි. නමුත් මෙතුමා වෙනත් කෙනෙකු වන අතර මහා සෘෂි වරයෙක් ලෙස සැලකේ. සාංඛ්‍ය යන ශබ්දයෙන් ප්‍රකට වන්නේ, බුද්ධිය, යන මූලික අර්ථයයි.

අද මෙතනින් නවතනවා. හැබැයි මේක දිගට යන ලිපි මාලාවක් නිසා මේ අතර වෙනත් ලිපි දමමින් තමයි දිගට ලියන්නේ. මේ ලිපි පෙල අවසාන කරන්න යම් කාලයක් යාවි. ඒ නිසා ඒ අතරට බලමු අපි හොද මාතෘකා ගොඩක් තියනවනේ....


Saturday, August 27, 2011

ආදරය!!!!

ජීවිතය කියන්නේ ගහක් නම් ඒ ගහේ ජීවය වෙන්නේ ආදරයයි. ඒ ආදරයට ජීවය දෙන මුල් වෙන්නේ,
1.දානය - දානය නිසා සමබරතාවයත් ඒ නිසා අපිට ඕනෙම මානසික තත්වයක් වන විසඳුම එහෙමත් නැත්නම් පිළිතුරු සොයා ගැනීම කියන ගුණාංගයදියුණු වෙනවා.
2. ප්‍රිය වචනය - මෙයින් අපට සහනය ඇති වෙනවා. ඒ සහනය නිසා ඇති වෙන වඩාත්ම වටිනා දේ තමයි සතුට.
3. අර්ථචර්‍යාව - මේ කියන මුල නිසා ජීවිතයට නැත්නම් ආදරයට ලැබෙන දේ තමයි, සමගිය. සමගිය නිසා සංවර්ධනය ඇති වෙනවා.
4. සමානාත්මතාව - මේ තමයි ජීවිතය කියන ගහේ ඇති ඊලඟ මුල වෙන්නේ, මින් නිදහසත්, නිදහස නිසා සාමයත් ඇති වෙනවා.

ආදරය නම් ජීවය ඇති ගස වටේ එතෙනවා,…………….

ආශාව නම් දුෂ්කර ක්‍රියාව,…….

ආශාව නැතිව සිටීම ඉතා අපහසු බැවිනි. මේ ආශාව නිසා ඇති වෙනවා රාගය, ලෝභය, මෝහය, ද්වේශය, කියන වැලේ ශාකා.
එනම් මේ සතරින් තොරව සිටීම අදරයට අපහසු බැවිනි, එසේ තොරව සිටීමට හැකි වන්නේ දුෂ්කර ක්‍රියාවෙනි. එහෙනම් අපිට දැන් තේරෙනවා ආදරය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලා. ඒ කියන්නේ ආශාවෙන් ලබන සියල්ල ඒ වෙනුවට ආදරයෙන් ලැබීමයි.
ආශාව හැම විටම ශරීරය තෘප්තිමත් කරයි, එනම් ආශාව එකතු වන්නේ ශරීරයටයි. නමුත් ආදරය එසේ නොවේ එය හැම විටම ජීවිතයට එකතු වේ. එනම් ජීවිතය ජීවත් කරන්නේ ආදරයයි.
හමුවන විට ඇති වීමත්,
ඇතිවන විට නැති වීමත්,
නැතිවන විට නැවත ඇති වීමත් ආශාවයි.
නමුත් ආදරය හැමදා පැවතීමයි.
ආරක්ෂාව අවශ්‍ය වන්නේ ආශාව ඇති විටයි. ආරක්ෂාව භයටයි. එනම් ආශාව නිසා බිය සැක ඇති වේ. නමුත් ආදරය ආරක්ෂාවට නොවේ, ආදරය සත්‍යයක් නිසා එහි බිය සැක කොයින්ද?

මේ ගසේ ආදරය කියන ජීවය තියනකොට සෑදෙන අතු තමයි,
1. මෛත්‍රිය - යම් තැනක මෛත්‍රිය තිබේ නම් එතැන ඇති වෙනවා නිවැරදි කල්පනා සහ නිවැරදි දැකීම.
2. කරුණාව - යම් තැනක කරුණාව තිබේ නම් එතැන ඇති වෙනවා නිවැරදි ක්‍රියාව සහ නිවැරදි වචනය කියන ගුණයන් දෙක.
3. මුදිතාව - මේ ගසේ ආදරය ඇති විට එතැන ඇතිවන ඊලඟ ශාකාව තමයි, මුදිතාව. මේ මුදිතාව ඇති විටදී, නිවැරදි උත්සාහය ඇති වෙනවා, ඒ නිසා නිවැරදි ජීවිතය ඇති වෙනවා.
4. උපේක්ෂාව - ආදර නිසා ඇතිවන ඊලඟ ගුණය වන්නේ උපෙක්ෂාවයි. මේ උපෙක්ෂාව නිසා නිවැරදි සිහිය ඇති වෙනවා. නිවැරදි සිහිය නිසා නිවැරදි සමාධිය ඇති වෙනවා.

හැබැයි ආදර කියන්නේ බලාපොරොත්තුවක් නෙමෙයි, තනිකරම පරිත්‍යාගයක් වෙනවා, බලාපොරොත්තුව ඇති තැන සැක ඇත. ආදරය සත්‍යයකි. ඒ තුල ඇත්තේ විශ්වාසයයි. ආදරයේ නියම ස්වභාවය පවතින්නේ ඒ කෙරෙහි එල්ලවන වෙනස්කම් අනුව, එය වෙනස් නොවූ විටය. වෙනස් වීම නිසා දුක ඇති වෙනම්, සතුට ඇත්තේ වෙනස් කිරීම තුලයි. වීම සොභා දහමේ ස්වභාවයයි. කිරීම මිනිස් දහමේ ස්වභාවයයි. ආදරය තුල ඇතිවන සෑම වෙනස් වීමකදීම පරිත්‍යාගය නොවෙනස්වේ නම්, සෑම විටම පවතින්නේ ආදරයයි.
ආදරය දෙන්නා ආදරය ලබන්නෙකි,
ආදරය ලබන්නා ආදරය දිනන්නෙකි,
ආදරය රකින්නා ආදරය දිනන්නෙක්ද වෙනවා.
ආදරය දිනන්නා ජීවිතය දිනන්නෙකි,
ජීවිතය දිනන්නා සමාජය දිනන්නෙක්ද වෙනවා. මේකෙන් කියන්නේ ආදරය අපට අයිති කර ගැනීමට නොව ආදරයට අප අයිති වීම සඳහා කියන එක නේද?

ආදරය වේදනාවක්ද?
වේදනාව තුල ආදරය ඇතත්, ආදරය තුල වේදනාවක් නැත. ඇත්තේ සතුටු කඳුළුය. අහිමි වුනු සම්පත් නිසා යම් වේදනාවක් සිතට එත්දී, අහිමි නොවුණු ආදරය රැක ගන්නට අපට හැකි වෙතොත්, අප හිමි වන්නේ ආදරයටයි. ජීවිතයේ අර්ථය වැටහෙන්නේ ආදරයේ වේදනාව තුළිනි.

ආදරය ලැබිය හැක්කේ ත්‍යාගය ලැබීම සඳහා දරණ ප්‍රයත්නය තුලින් නොවේ. ත්‍යාගය රැකීම සඳහා තමා යොමුවන ආකාරයෙනි. කෙසේ හෝ ආදරයට ත්‍යාග දෙකකි.
1. ආදරයට සම්බන්ධ වස්තුවයි.
2. ආදරයයි.

එනම් ආදරය ජයග්‍රහනයකි. එම ජයග්‍රහනයට හිමි ත්‍යාගය අහිමි වුවත් ආදරය අහිමි නොවේ. ආදරය ජීවිතය සඳහාය. ජීවිතය ආදරය සඳහාය,…………..

හැබැයි විවාහය එහි පැවැත්ම සඳහායි. තමා මෙලොව ආදරය කරන සුන්දරම වස්තුවට ඇති අයිතිය කිසියම් වෙනසක් වීමෙන් අත්හල විට ඒ කෙරෙහි ද්වේශයක් ඇති නොවේ නම් ඒ තුල ඇත්තේ ආදරයයි. එනම් හමුවීමත් ආදරය නොවේ. ආදරයත් හමුවීම නොවේ. හමුවීමත්.......... වෙන්වීමත් අතර ඇත්තේ ආදරයයි.

.......... මේ සියල්ල ඉහත ජීවිත ගසේ ඵල වැලයි.........

Friday, August 26, 2011

පැරණි රසාංග.

පසුගිය සතිය ඉතාමත් අධිකව වෙහෙසෙන්න සිදු වූ නිසා වෙදගෙදරට එන්න බැරි වුනා. ඒ ගැන මගේ කනගාටුව ප්‍රකාශ කරනවා.

කොහොමත් ඉදිරි කාලයේ ටිකක් වැඩ අධිකයි.

ඒ කියන්න අපි හොයාගෙනනෙ අපි කන්නෙ, ඉතිං ඒකනේ මේ ප්‍රශ්නෙ.

හොඳයි, කාලෙකින් ආපු නිසා ආපු ගමන් ලොකු මාතෘකා වලට නොගිහින් පොඩි කථාවක් කියන්නයි යන්නේ. මේක මේ ඇත්තටම වුනු දෙයක් ඒත් මේක ලියන්නේ මේ චරිත වලට නිගරු කරන්න නෙමෙයි. මේ මිනිස්සු මොනතරම් අපේ රටට වැඩ කරලා තියනවද කියලා කියන්නයි. තව මේ වගේ රස කථා කාලයේ වැලි තලාවෙන් යට යමින් තිබෙන නිසා නැවත මෙහෙම හරි මතක් කර ගන්නයි.

ඔබ දන්නවා කොළඹ ඇල්බට් ක්‍රෙසන්ට් පාරේ වෙහත් දැන් කොළඹ විශ්ව විද්‍යාලයේ අසල තිබෙන ශ්‍රාවස්තිය හෙවත් අපේ බස්නාහිර පලාත් සභා ප්‍රධාන කාර්‍යාලය. මේක තමයි අපේ කථාවේ ප්‍රස්තුතය වෙන්නේ.

මේ විශාල අලංකාර ගොඩනැගිල්ල ගැන මගේ මුල්ම මතකය වෙන්නේ, සුප්‍රසිද්ධ 88 - 89 කාලයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු කාලේ "එවකට" (එවකට )(හොඳට මතක තියා ගන්න "එවකට" ඈ..... ) ඉතා ප්‍රගතිශීලී තරුණ මංත්‍රීවරු විශාල සංඛ්‍යාවක් ලැගුම් ගෙන සිටිය ස්ථානය විදියට. අපි යනවා නිතරම ඔවුන් මුන ගැසෙන්න ඔතනට.

ඉතිං කථාව ඔන්න........

මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියන්නේ, ඒ කාලයේ ලංකාවේ විසූ ඉතාමත්ම ප්‍රකට ධනවතෙක් වන මුලින් සිංඤ්ප්පු බාස් උන්නැහේ නමින් හැදින්වූ, පසුව ශ්‍රී චන්ද්‍රසේකර මුදලිතුමා. මෙතුමා මේ ගොඩනැගිල්ල ඉතාම අලංකාරෙයෙන් සාදවා තමාගේ දියණියගේ වල්ලභයා වන වෛද්‍ය ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතා වෙත දායාදය වශයෙන් ලබා දීල තියනවා.

මේ චන්ද්‍රසේකර මුදලි තුමා ගැනත් රසවත් කථා විශාල ප්‍රමාණයක් තියනවා. බලමු පුළු පුළුවන් හැටියට එක එක දමන්නම්. දිනක් මෙතුමා ගියාලු, ඒ කාලේ ව්‍යාපාරිකයන් අතර ගමන් බිමන් සඳහා භාවිතය ගැනුනු ඉතාම වටිනාකමින් ඉහල ජපන් ජින් රික්ෂෝවක් මිලදී ගන්න. මෙතුමාගේ තිබුනු පුරුද්දක් තමයි තම ධනයේ හැටියට අදින්න පලදින්න උවමනාවක් නොතිබුනු එක. ඉතිං මේ අපිලිවෙලට ඇදගත්ත සිංහලයෙක් ඇවිත් මිල අධිකම රික්ෂෝවක් ගන්න හදනකොට මේ ආයතනයේ සිටි සේවකයන්ට මේක විහිලුවක් වගේ වුනාලු. කෙනෙක් කිව්වලු "උන්දෑ ගන්න රික්ෂො" කියලා. මේක ඇහුන ගමන් මේ මුදලිතුමා මේ ආයතනයේ එවලෙ තිබුනු හැම රික්ෂෝවක්ම එකවිට මිලදී ගත්තලු.

දැන් මේ කථාවේ කථා නායකයා තමයි මෙතුමාගේ බෑන පොඩ්ඩ. මෙතුමා ඒ කාලයේ ලංකාවේ සිටි එකම සිංහළ පශු වෛද්‍යවරයා. මේ නිසාමයි මුදලි තුමා තම දියණිය මෙතුමාට කරකාර බන්දලා දෙන්නේ.

දැන් මෙතුමා පදිංචිය අර අපි කිව්ව ශ්‍රාවස්තියේ. ඒ නිසාම මේ වෛද්‍යවරයා හැදින්වුනේ ශ්‍රාවස්තියේ සිටුවරයා නමින්. මෙතුමා අපේ සිංහළ අධ්‍යාපනය නඟා සිටුවන්න විශාල මෙහෙයක් කලා. මෙතුමාට ඒ සඳහා මාමණ්ඩියගේ මුදල් තිබුනා ඇති තරම්. ඔය පරමවිඥානාථි සමාගමට අයත් බෞද්ධ සිංහල පාසැල් බොහොමයක් මෙතුමාගේ ධන වියදමින් තමයි නඩත්තු වුනේ. මෙතුමට තම ආදායමෙන් සෑහෙන වියදමක් ඒ සඳහා ගෙවන්න වුනා. කොටින්ම අද අපි දන්න පාසැල් බොහොමයක් මෙතුමාගේ උත්සාහයේ ප්‍රථිඵල.

මෙතුමා තමාගේ මහාධනස්කන්ධයම වැය කලේ රටේ පාසැල් නඟාසිටුවන්න. අවසානයේදී මේ ධන කුවේරයාගේ ධනයත් අවසන් වෙනවා, ජාතික සේවයටම වියදම් කරලා. ඊට පසු මේ මහා මන්දිරය තවත් ධන කුවේරයෙක් වන හෙන්ඩ්‍රි වුඩ්වඩ් අමරසූරිය විසින් මිලදී ගන්නවා. නමුත් තම දිවියේ අවසන දක්වා මෙතුමාට අමරසූරිය මැතිතුමාගේ අනුග්‍රහයෙන් මෙහිම වාසය කරන්න ලැබෙනවා.

මේ කථාවේ හොඳම කෑල්ල තමයි මේ. මෙතුමා ඒ කාලයේ තිබුනු ප්‍රසිද්ධ පුවත්පත් ආයතනයක් වුනු මෝනින් ප්‍රයිඩ් ආයතනය මිලදී ගන්නවා. ඒ ආයතනයේ තමයි "සිංහළ සමය" පත්‍රය මුද්‍රණය වෙන්නේ. මේ පත්‍රයේ කතෘකමට පත් කරන්නේ ආතර් සිල්වා මැතිතුමාගේ ඤාති පුතෙක් වන උගත්, නවකථා කරුවෙක්, පුවත්පත් කලාවේදියෙක්, කවියෙක් වන ඇම්. සී. ෆ් පෙරේරායි. මාමයි බෑනයි වුනාට පෙරේරා මහතා මෙතුමාට ගරු කලේ නැහැ. ඒකට හේතුව වුනේ විවාහය නිසා මහ ධනයක් හිමිකර ගත් මෙතුමා තම පස ඤාතීනට නොසලකන්නේය යන සිතුවිල්ල.

දිනක් ශ්‍රාවස්තියේ මහා උත්සවයක් පැවැත්වීලු. මේ සඳහා පැමිණි ආතර් සිල්වාගේ ඤාතීනට ශ්‍රාවස්තියේ පහත මාලයේත්, බිරියගේ ඤාතීන්ට ශ්‍රාවස්තියේ ඉහල මාලයේත් වශයෙන් වෙන් වෙන්ව සැලකීමට සකස් කර තිබිනි. මෙහිදී අධික කෝපයට පත් අප පුවත්පත් කතුතුමා පහත කවිය ශ්‍රාවස්තියේ බිත්තියක අඟුරු කැටයකින් ලීවේලු.

අඹුවගේ නෑයින්ට සැලකුවේ උඩ මාලේ
සැමියගේ නෑයින්ට සැලකුවේ පාතාලේ
මෙහෙමට පවතිතොත් අඹු සැමි සැම කාලේ
කොහොමට සුතන් ඇති වෙද ගොන් වෙද රාලේ

මෙහෙම ලියන්නත් හේතුවක් වුනේ මෙතුමාට හැම සැප සම්පතක්ම ලැබුනත් දරු සම්පත් නොලැබීමයි.

කෙසේ හෝ මෙවැනි උතුම් ලංකා පුත්‍රයන් අප අතර සිටි නිසයි අපි වැඩි දෙනා අද මෙතැන ඉන්නේ.

ඔවුනට අපේ ප්‍රණාමය පුදමු.

Wednesday, August 17, 2011

කළු නික.

මගේ කලින් ලිපි වලට ලැබුනු කමෙන්ට් වලින් මම ලිපි කීපයක් ලියනවා. ඒවා ඉවර වෙනකන් මේ ගැන හිතන්න................................

පසුගිය ලිපි කීපය නිසා අලුතෙන් ලියන්න හොඳ මාතෘකා කීපයක්ම ලැබුනා. මුලින්ම වෙනසකටත් එක්ක, ඒත් අපේ මිත්‍රයෙක් ඉල්ලා තිබූ නිසා හිතුවා ශාකයක් ගැන ලියන්න. ඒත් තෝරා ගත්තේ එසේ මෙසේ ශාකයක් නෙමෙයි. ඔබ මම කවුරුත් දන්නෙ නැති, ඒත් ඕනෙවටත් වඩා අහලා තියන ශාකයක් මේ.

අපි සාමාන්‍යයෙන් කථාවට කියනවනේ කළු නික වගේ කියලා. ඒ කියමන අනුව ඒ කලු නික මොන වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුලුවන්නේ.

ඒ කියන්නේ ඉතාම දුර්ලභ දෙයක් කියන එක.

මේ කළු නික කථාව ගැන අපි යම් යම් අනුමාන හිතනවා. නමුත් 100% හරිද කියල මම දන්නේ නැහැ. ඒත් මම මෙහෙම දෙයක් හිතලා තියනවා. මේක මගේ නිර්මාණයක් විතරයි ඒ නිසා මෙහි සත්‍යාසත්‍ය භාවය 100% තහවුරු කරලා නැහැ. යමෙක් මේ ගැන තර්ක කලොත් මට කට උත්තරත් නැහැ. හැබැයි කවුරු හරි මේ ගැන පර්යේෂණයක් කරනවා නම් මගේ උපරිම සහාය දෙනවා. මට නම් දැනට කරන පර්යේෂණ හොඳටම ඇති ජීවිතේටම මෙච්චරයි. මගේ ක්ෂේත්‍රයෙන් පිට යන්න මට වැඩක් නැහැ. ඒ නිසා මගේ මේ සිතුවිල්ල කවුරු හරි අරගෙන පර්යේෂණයක් කරන්න මම 100% වැඩියෙන් සහය දෙනවා.

දැන බලමු කළු නික ගැන අපි දන්න දේ.
1. ඉතාම දුර්ලභයි.
2. වැවෙන්නේ බොහෝම සීමිතවයි.
3. කවුරුත් අදුනන්නේ නැහැ.
4. කළු පාටට සම්බන්ධයක් තියනවා.
5. නික කියන ශාක නාමය හා සමව නම් වෙලා තියනවා.

මෙතන්දි අපි දැන් දන්න දෙවල් එක්ක මේ කියන කාරණා ගලපන්න බලමු.

1. ඔව් දුර්ලභයිනේ, මොකද අපි දන්නේ නැහැ. එහෙනම් බලමු ආයුර්වේදෙ ශාක නාම කරන පිලිවෙල. මේකෙදි දන්නවද ශාක නාම කරන ක්‍රමයක් ආයුර්වේදෙට ආවේනිකව තියනවා. ඒ නාමයන් හැම විටම කොටස් කීපයක් අනුව තමයි හැදිලා තියන්නේ.
අ/ ශාකයේ පෙනුම අනුව නාම කරනය කිරීම. උදාහරනයක් විදියට ගත්තොත් කළුදුරු .
ආ/ ගුණයක් ඇසුරින් නම් කිරීම උදා. කොහොඹ - වරතික්තා
මෙවැනි ක්‍රම රාශියක් උපයෝගී කරගෙන තියෙනවා ආයූර්වේද ශාස්ත්‍රයෙහි ශාඛ නාම කරණය සඳහා.

2. මේ සීමිතව වැවෙන කථාව එන්නෙත් දුර්ලභයි කියන නිසානේ. එතකොට අපි දැනට දන්න තරමින් මේගැන දන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැකලා සොයාගෙන කොහේවත් පිලිවෙලකට සටහන් වෙලා නැහැ.

3. ඉහත කියූ ආකාරයටම මේක කොහේවත් දැකපු බවට සටහන් වෙලා නැහැ කියන එකනේ.

4. ඔව් මේ සාධකය ඉතා වැදගත් අපි දන්නවා ඉහත 1 සාධකය අනුව අපිට ආයූර්වේද ශාක නාම කරණයේදී පැහැය ගන්නත් පුළුවන් නාම කරන සාධකයක් ලෙස. එතකොට අපිට එනවා පොඩි හෝඩුවාවක් ඔන්න කළු කියන පැහැය එක්ක මේ කළු නිකවල යම් සම්බන්ධයක් තියනවා කියලා.

5. නික කියලා හදුන්වන ශාඛ එක්ක මේකෙ සම්බන්ධයක් තියනවා. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි නික වර්ග වෙන්නේ නික, සුදුමල් නික, නිල්මල් නික, වගේ නික වර්ග. මේවා හැම එකක්ම අයත් වෙන්නේ Verbenaceae (නිර්ගුන්ඩී) කුලයට. හැබැයි මේ නික අතර කළු කියන පදය එක්ක සම්බන්ධයක් තිබෙන ශාකයක් නැහැ. ඒ තබා අපේ දකුණු ඉන්දීය කලාපෙ කිසිම භාෂාවක මේ නික එක්ක කළු කියන වචනය යන්නේ නැහැ. එහෙම නම් ඒකත් පැත්තකින් තියමු.

අපි දැන් බලමු මේ කළු නික සොයා ගන්න උපකාරී වෙන යම් තොරතුරක් ජන සාහිත්‍යයේ තියනවද කියලා, ඔව් මම අහලා තියනවා කපුටු කූඩුවල මේ කළු නික කෑලි කපුටන් ගෙනත් හංගනවා කියලා. ඒ ඔස්සේ හොයලා බැලුවම මට දැන ගන්න ලැබුනු දෙයක් තමයි කපුටු කූඩුවල නික තියා මොනම ශාකයක්වත් සොයා ගන්න අමාරු කියන එක. නමුත් අළුත හදාගෙන යන කපුටු කූඩු ගනනාවක් ආශ්‍රය කරගෙන කරපු සොයා බැලීමේදී අපිට පෙනුනා යම් කිසි කපුටු කූඩු කීපයකම හදුනාගත හැකි ශාක විදියට කරපිංචා ශාකවල දඬු තිබුනු බව.
ඔන්න අපිට ලැබුනා පොඩි ආලෝකයක්. මෙතනදි අපි කලේ මේ කරපින්චා ශාකය ගැන නැවත ශාක විද්‍යාත්මකව සොයා බැලූ එක.

එහිදී හරි අපූරු තොරතුරු රැසක් අපිට ලැබුනා.
1. කරපින්චා ඉතාම ඉක්මනින් කළු පැහැයට හැරෙනවා.
2. කරපින්චාවලට කියන පර්යාය නම් අතරේ තියනවා නිම්භ, කෘෂ්ණනිම්භ, සුරභිනිම්භ කියන පර්යාය නම් හෙවත් වෙනත් නම්.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ශාක නම් කිරීමේදී තිබෙන ඉතාම වෙනස් දෙයක් තමයි, ශාකවල නම වැඩිය භාවිතා නොවෙන නම් වලින් ඖෂධ සඳහා ගැනීම.( මේකත් අද බටහිර බෙහෙත් ලතින් නම් වලින් හදුන්වනවා වගේ වැඩක් වෙන්න ඇති. මේවා ඇති වෙලා තියන්නේ ඉතාමත් ඈත අතීතයේ නිසාත් ඒ පිළිබඳ පොත් පත් දැනට සොයා ගන්න අමාරු නිසාත් මේවැනි ක්‍රම අනුගමනය කල හේතුව සොයා ගැනීම අද හරි අපහසුයි.)

ඒ තොරතුර අනුව අපි බලමු මේ නම් වලින් ගම්‍ය වෙන අදහස මොකක්ද කියලා.

1. නිම්භ කියනවා - කොහොඹ වලට, නික වලටත් නිම්භ කියලා නමක් තියනවා.

2. සුරභි නිම්භ - මේ සුරභි කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන කියන අර්ථයනේ. එහෙමත් නැත්නම් සරුසාර කියන අර්ථයනේ, එතකොට සුරභිනිම්භ කියන්නේ ඕනෙම ලෙඩකට හොඳ කියන අර්ථය විදියට ගන්න පුළුවන්.

3. කෘෂ්ණ නිම්භ - මෙකෙන් කියන්නේ කෘෂ්ණ කියන්නේ කළු කියන එකට එහෙම නම් කළු නික කියන අර්ථය එනවා මේ කෘෂ්ණ නිම්භ වලින්. තව දුරටත් සොයා බැලුවම පේනවා කරපින්චාවල තියන අර ඉක්මනට කළු ගැහෙන ගතිය නිසා තමයි මේ කෘෂ්ණ නිම්භ කියන නම හැදිලා තියන්නේ කියලා.

අපේ ඉහත කියු සාධක හැම එකක්ම සපුරනවා මේ කරපින්චා ශාකය. කළු නික නමින් කරපින්චා ගැනීම ඉතාමත් දුර්ලභයි. සොයා ගන්න අපහසුයි ඒ නමින්, කළුපාට ගැහෙනවා ඉක්මනින්. නික කියන පර්යාය නාමය තියනවා. කපුටු කූඩුවලත් තියනවා. ඒ අනුව යම් සැකයක් ඇති කර ගන්න පුලුවන් මේ කරපින්චා වලටම කියන තවත් නමක් තමයි කළු නික කියන්නේ කියලා.

( තවත් දෙයක් මේ කරපින්චා, කොහොඹ, නික කියන ශාකවලට නික කියන නම තිබුනට ඒවා ආයූර්වේදෙවත් එකට ගන්නේ නැහැ. වෙනස් වෙනස් හෙතු නිසා නිසා තමයි මේ නාම කරණය ඇවිත් තියන්නේ.)

ඔන්න එහෙනම් කළු නික.

(මේ ගැන තව විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න කියලා මම ඔබ අතරින් කැමති කෙනෙක්ට ආරාධනය කරනවා.)

Tuesday, August 16, 2011

"දහ අට සන්නි යකුම" - 03

අපි උපන්දින සමරලා, 50 ජුබිලියත් අරගෙන කවි කියලා එක විදිහක් වෙලා ඉන්නේ. එහෙම නේද?

ඔන්න එහෙනම් තොවිලෙ පටන් ගමු "මහා දහ අට සන්නි යකුම"...........

නෞව්‍ය බටහිර සහ පුරාණ දේශීය වෛද්‍ය ක්‍රම අනුව අපි බලමු මොනවද මේ සන්නි 18 කියලා.
ආයූර්වේද නැතහොත් අපේ පුරාණ දේශීය වෙදකමේ එන හැටියට සන්නි 18 කියවෙන්නේ මෙහෙමයි.

1. ක්‍රිට්ටි සන්නිය 2. කණ්ඩ සන්නිය 3. සිසිර සන්නිය
4. අන්දක සන්නිය 5. ප්‍රලය සන්නිය 6. අත්‍රිකා සන්නිය
7. අතීසාර සන්නිය 8. අසූවක සන්නිය 9. අරුක්කුච්චි සන්නිය
10. කෝල සන්නිය 11. මූර්තු සන්නිය 12. මුඩුක්කු සන්නිය
13. පිස්සු සන්නිය 14. වෙඩි සන්නිය 15. දෙව සන්නිය
16. කණ්ඩමාල සන්නිය 17. කපාල සන්නිය 18. වැදූගෙයි සන්නිය

ආයුර්වේද ශාස්ත්‍රයෙහි හඳුන්වන ලබන මෙම නම් ක්‍රමයට වඩා සුළු වශයෙන් වෙනස් වූ නම් ක්‍රමයක් 18 සන්නියෙහි භාවිත වෙතත් මේ සන්නි වලින් කියැවෙන රෝග තත්වයන් හා ආයූර්වේද ශාස්ත්‍රයෙහි කියැවෙන රෝගී තත්වයන් එක හා සමාන බව ඇතැම් යකැදුරන්ගේ විශ්වාසයයි.

සමහර රෝග ආයූර්වේද ශාස්ත්‍රයෙහි සඳහන් වන ආකාරයෙන්ම සන්නියෙහිද භාවිත වේ. එනම් කෝල සන්නිය, මූර්තු සන්නිය, පිස්සු සන්නිය, වෙඩි සන්නිය, දෙව සන්නිය, හා වැදූ ගෙයි සන්නියයි. නමුත් මෙහි නොගැලපෙන තැනක්ද මට නම් පෙනේ. එනම් වැදූ ගෙයි සන්නිය හා කෝල සන්නිය තනි සන්නියක් ලෙසත්, ආයූර්වේදයේදී රෝග දෙකක් ලෙසත් නම් කර තිබීමයි. මම මෙයට හේතුව සෙවූමුත් සොයා ගැනීමට හැකි නොවීය. යම් දිනක සොයා ගත හොත් ඔබට දන්වමි.

ආයුර්වේදයේදී රෝග හට ගන්නේ තුන් දොස් කිපීමෙනි. මෙම කායික රෝග තත්වයට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරයා අත්‍යාවශ්‍යයි. නමුත් මෙහිදී වන මානසික තත්වයට ප්‍රතිකාර කිරීමට මේ සන්නි යොදාගෙන ඇත. එනම් අෂ්ඨාංග ආයුර්වේදයේ සඳහන් වන භූත විද්‍යාව මෙහිදී මනෝ තත්වයට ප්‍රතිකාර කිරීමට උපයෝගී කරගෙන ඇත.

දැන් නවීන වෛද්‍ය විද්‍යාවේදී මෙම රෝග ගැන සඳහන් වනවාදැයි අප සොයා බලමු.
1. මූර්තු සන්නිය - Tetanus
2. පිස්සු සන්නිය - Rabies
3. වෙඩි සන්නිය - Ortifis Media/ Nervous complication of mumps
4. කපාල සන්නිය - Japanese Encephalitis
5. ක්‍රිට්ට සන්නිය - Cerebral malaria
6. කණ්ඩ සන්නිය - P.E.T. (Per Eclampsic Toxemia)
7. සිසිර සන්නිය - Malaria
8. අන්දක සන්නිය - Encephalitis Lethargies
9. ප්‍රලය සන්නිය - Tubercular Meningitis
10. අතීසාර සන්නිය - cholera
11. අත්පාස සන්නිය - Polio Mellitus
12. අසූවක සන්නිය - Marfans Syndrome
13. කෝල සන්නිය - Acute Toxic Encephalopathy
14. ගිනිජල සන්නිය - The Neurological Manife / Acute Prophyria
15. මුඩුක්කු සන්නිය - Hepatitis
16. සුර සන්නිය - Typhoid
17. කණ්ඩමාල සන්නිය - Tonsillitis
18. වැදූගෙයි සන්නිය - Puerperal Pyrexia

මෙහිදී වෙනත් පරම්පරාවක පොත පත ආශ්‍රයෙන් මම ලබාගත් දත්තයන් කීපයක්ද ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරමි. මෙම පරම්පරාවේ ඇත්තන් විසින් සන්නි සලකා ඇත්තේ මෙසේය.
1. අමුක්කු සන්නිය - වමනය ඇති කරවන ආමාශයික රෝග.
2. අභූත සන්නිය - භූත බැල්මක් සහිත මානසික රෝග.
3. භූත සන්නිය - භූත බැල්මක් සහිත උන්මාදය.
4. බිහිරි සන්නිය - බිහිරි බව
5. දේව සන්නිය - වසංගත රෝග
6. ගින්ජල් සන්නිය - මැලේරියාව වැනි අධිකව උණ ඇති කරන
7. ගොලු සන්නිය - කථා කිරීමට නොහැකි බව
8. ගුල්ම සන්නිය - පණු රෝග සහ ආමාශයික රෝග.
9. ජල සන්නිය - කොලරාව/ බුරුල් ලෙස මළපහ වීම.
10. කන සන්නිය - අන්ධ භාවය.
11. කොර සන්නිය - අංශභාගය.
12. මරු සන්නිය - මානසික විපරීතභාවය හා මරණය.
13. නාග සන්නිය - සර්පයන් සිහිනෙන් දකින නපුරු සිහින පෙනීම.
14. පිස්සු සන්නිය - තාවකාලික උන්මාදය.
15. පිත් සන්නිය - පිත්තාශය ආශ්‍රිත රෝග.
16. ශ්ලේෂ්ම සන්නිය - සෙම හා අපස්මාරය.
17. වාත සන්නිය - සන්ධි ප්‍රදාහය.
18. ගෙඩි සැරව, බිබිලි, ගෙඩි, චර්ම රෝග.

මෙම සටහන් පෙලෙහිම මම අවස්ථා හතරකදී 18 සන්නිය නම් කරලා තියනවා. පැහැදිලිව බැලුවොත් ඔබට පෙනෙයි මේ අවස්ථා හටහ්‍රෙදි එකිනෙකට ගැලපෙන සන්නි නම් වගේම නොගැලපෙන සන්නි නම්ද මම භාවිතා කරලා තියනවා. ඒකට හෙතුව වෙන්නේ මේ සටහන් මමත් අරගෙන තියන්නේ ඉතාම පැරණි පරම්පරා කීපයක සටහන් අනුව වීමයි. හැබැයි ඔබ තවත් පැහැදිලිව බැලූ විට පෙනෙයි, මේ සඳහන් වෙන අවස්ථා 18 එකම රෝග 18 හඳුන්වා දීමට භාවිතා කර ඇති බව. මෙහෙම වෙන්නේ නොයෙක් පරම්පරාවල සහ නොයෙක් පලාත්වල සිංහල භාෂාවේ ඉතා සියුම් වෙනස්කම් ඇති නිසායි. හැබැයි මතක තබා ගන්න මේ එකම මනෝකායික රෝග කාන්ඩයක් සඳහා භාවිතා කල විවිධ නම් බව.

හොඳයි දැන් අපි මේ සන්නි යකුමේ අවසානයට ලඟා වෙලා ඉන්නේ. දැන් අවසාන වශයෙන් අපි සොයා බලමු මේ 18 සන්නි සන්නි යකුමේදී භාවිතා කරන වෙස් මුහුනු අනුව රෝග හඳුනා ගැනීමට.

සන්නි යකුමේදී භාවිතා කරණ වෙස් මුහුනු අනුවද අදාල රෝගය හඳුනා ගත හැක. එම රෝග ලක්ෂණ වෙන් වෙන් වශයෙන් කැපී පෙනෙන අයුරින් වෙස් මුහුන සෑදීමට පෙර කලා කරුවන් දක්ෂ වී ඇත.

පිත් රෝග, වමනය ඇති වීම, ආමාශයික රෝග, ආහාර මාර්ග පද්ධතිය ආශ්‍රිත රෝග, පණු රෝග වැනි රෝග අවස්ථා නියෝජනය කරන සන්නි යකුමේදී භාවිතා කරන වෙස් මුහුන හැම විටම පිතේ පැහැය වන කොල පැහැයෙන් වර්ණ ගන්වනු ලබයි. ඉදිරියට නෙරා ආ දිවකින්ද යුක්තය.

පණු රෝග නිරූපණය වන්නේ අවපැහැ ගැන්වූ වර්ණ රටාව, මඟින් නිරක්තිය නිරූපණය කරයි.

මානසික රෝගියෙක් නිරූපණය කිරීමේදී මානසික රෝගියෙක් සතු චෛතසික විපරීතභාවය හොඳින් නිරූපණය පරිදි මානසික රෝගියාගේ වෙස් මුහුන නිර්මාණය කරයි.

බිහිරි බව නිරූපණය කරන විට වෙස් මුහුනේ අඩක්ම නාගයෙකු ආවරනය කරගෙන සිටින අන්දමින් නිරූපනය කරයි. එනම් සාම්ප්‍රධායික විශ්වාසය නාගයා යනු බිහිරි සතෙක් බවයි.

ගොළුබව නිරූපණය කිරීමේදී, මුව පළල්ව ඇරගෙන සිටින බවක් පෙන්වනු ලබන අතර දිව හෝ දත් නොපිහිටයි.

අන්ධභාවය නිරූපිත වෙස් මුහුනෙහි ඇස් නොපිහිටයි.

හිස් පළදනාවක් පැලද සිටින බවක් පෙන්වන වෙස් මුහුනෙන් දෙව කෝපය හෙවත් වසංගත රෝග නිරූපනය කරයි. එනම් හිස ඔසවන වසංගත රෝගයි.

මුහුන මත ඇති සැරව ගෙඩියක් පැහැදිලිව හඳුනාගත හැකි ලෙස නිරූපනය කරන්නේ චර්ම රෝග, ගෙඩි, වණ, පිළිකාය.

තද රතු පසුබිමකින් වර්ණ ගන්වා ඇති වෙස් මුහුනේ නළල ප්‍රදේශයෙන් ගිනිදැල්ලක් පිටවන බව පෙන්වීමෙන් නිරූපණය කරන්නේ මැලේරියාව ආදී අධික උණ ඇතිවන තත්වයන්ය.

අංශභාග තත්වය නිරූපණයෙහිලා යොඳන වෙස් මුහුනෙහි පැත්තක් ඇද වී ඇත.

කහ පැහැය බහුලව භාවිතා කරමින් නිර්මාණය කර ඇති වෙස් මුහුන මගින් සෙංගමාල තත්වය හෙවත් බිලිරුබීන් වැඩි වීම නිරූපනය කෙරෙයි.

මේ වන විට දහ අට සන්නි යකුම ගැන අපිට යම් අවබෝධයක් තිබෙනවා. අපි දන්නවා අද වගේ ඉතාම කාර්‍ය‍ය බහුල සමාජයක කොතරම් ලෙඩ, එනම් කායික රෝග ඒවා නිසා ඇති වූ මානසික රෝග තියෙනවද කියලා. එතකොට මේ හැම නිසා ඇතිවන කයටත් මනසටත් බලපාන මනෝකායික රෝඉග මේ සමාජයේ අති බහුලයි මට දැනෙන විදියට නම්. ඒ වෙනුවෙන් මම යොජනා කරන්නේ නැහැ තොවිල් පවිල් කරන්න කියලා. හැබැයි අපි මේ දෙවල් ගැන යම් හැදෑරීමක් කලයුතුයි කියන එක නම් මගේ එක යෝජනාවක්. මොකද මේ රෝග වෙනුවෙන් දැනට අපි අති විශාල මුදලක් වැය කරනවා. අපිට ඒ වැය නවතා දමන්න තරම් නොවුනත් යම් අඩු කිරීමක් කර ගැනීමට මේවැනි දෙවල් ප්‍රයෝජනයට ගන්න පුළුවන් බවයි මගේ හැඟීම.

ඊලඟ කාරනය තමයි අද කාලයේ මෙවැනි සන්නි යකුමක් හරි ඉදියට කරන්න හැකිය්ටාවක් ඇති අය ඉන්නවද කියන කාරණය. මම දන්න විදියට නම් බොහෝම ටික දෙනෙක් ඉන්නවා. ඒ අය ලෝකයේ නොයෙක් රටවල මෙවැනි දේ ගැන පර්යේෂණ කරන අයත් සමඟ එක් වී මෙවැනි දැණුම රැක ගැනීමට යම් මෙහෙයක් කරනවා. අද ලෝකයේ තිබෙන විද්‍යාත්මක දියුණුව සමඟ මේ දෙවල් වල ඇති සත්‍ය කොටස එකතු කර ගැනීමට අපිට හැකියාවක් ලැබුනොත් ලෝකයට යමක් අළුතින් දීමේ මහා පුන්‍ය කර්මය අපට කර ගන්න පුළුවන් වෙයි.

එහෙනම් ඔබ දැන් මේ ලිපි පෙල ගැන ඔබේ අදහස කියන්න. මම තවත් තොවිල් දෙකක් කරන්න හිතන් ඉන්නේ මේ බ්ලොග් අවකාශය තුඅල.
1. කඩවර සන්නිය
2. රට යකුම
ඒවා පස්සේ බැරියැ...........

Sunday, August 14, 2011

ඔබට ස්තුතියි,!!!!!!!!!! දහ අට සන්නිය සමඟ සන්නි කවි. 02

දැන් ලියන්න යන්නේ පොඩි පම්පෝරියක්. මොකද මම මේ බ්ලොග් එක පටන් අරන් අගෝතු 14 වෙනිදාට මාස 04 යි දින 12 වෙනවා. මේ හරියටම 50 වැනි පෝස්ට් එක. මට මෙතැනදි ස්තුති කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා. මගේ බ්ලොගර් සටහන් අනුව පේනවා දැන් හරියටම ලිපි 49 ලියලා කියලා. ඒ අනුව මේ 50.

මම ලියපු පලමු ඉතාම කෙටි සටහනකට පලමුවෙන් කමෙන්ට් කලේ දුකා. ඔබට ස්තුතියි සහෝදරයා. ඊට පසු මම නැවතත් ලියන්න ගත්තේ මැයි 01 විතර එතැන ඉඳලා දිගටම මම ලිපි ලිව්වා. හැබැයි මට නිතරම කමෙන්ට් කරන අය විදියට ගිම්හාණී, මාතලන්, ඉඳුනිල්, ලකී, රාජ්, දයාල්, වැනි අයත් ජ්‍යෝතිෂලංකා, පලාමල්ලේ පිස්සා මල්ලී, නදී, චතුරංග, හරේ, සමීර, ඕනයා, නලිනි, පොඩි කුමාරිහාමි, අනිත්කොන, සොදුරු සිත, ආදීන් මට දැක්වූ සහායට ඔබට මගේ ආචාරය. පොඩි ගමයාත් මට අමතක නැහැ.

ඊලඟට මාරයා මල්ලී මට දුන් සහය අමතක කරන්න බැහැ. බස් එකට දාගෙන, එතකොට බ්ලොග් රෝලට දාගෙන පලමු සහාය දුන්නේ, මාරයා මල්ලී, ඊලගට මට කියන්න තියන්නේ මගේ කුඩා බ්ලොග් එක තමන්ගේ බ්ලොග් රෝල්වල දාගෙන ඉන්නා ඔබ සැමට මම හිස නමා ආචාර කරනවා. කකා සහ නිහාල් ගුරුසිංහ, අරුණිෂපීරෝ, ඇල්කෙමියා ඔබත් මගේ ගෞරවණීය ආචාරයට සුදුස්සන්.

අභීත සහ තිස්ස දොඩන්ගොඩත් බුවාත් මට අමතක වෙන්නේ නැහැ. තව මෙකී නොකී සෑහෙන ගනනක් මට මේ වෙනකොට විශාල සහායක් දීල තියනවා. මා ගැන සමහර වෙනත් බ්ලොග් අඩවිවලත් යම් යම් විවේචන පල වුනා. ඒ ගැන මම ඔවුන්ටත් මගේ ආචාරය පුදනවා. මම බොහෝ දේ බලන්නේ වෙන අය බලන විදියට නෙමේ. ඒ නිසා එම කතුවරුන් නිසා මට ලැබුනු ප්‍රචාරය සහ මට මම ලියනදේ ගැන සිතන්න පෙලබවීම වැනි කාරණා විශාල උපකාරයක් වුනා. ඔබටත් ස්තුතියි. තව ඉන්නවා මට විශාල සහයක් දුන්නු පිරිසක් ඒ තමයි, සිංහල බ්ලොග් කියවනය හෙවත් සිංහල බ්ලොගර්හි කාලිංග ඔබට ස්තුතියි. තව මාව පළමුවෙන්ම සින්ඩියකට ඇතුලත් කල කොත්තුහි ඉන්දි ඔබට ස්තුතියි. ඊලඟට ලාංකීය සිතුවිලි හා හත්මාලුව ඇඩ්මින්වරුන්ට මගේ ස්තුතිය.

මා ඔබ වැනි හිරිමල් තරුනයක් නෙමේ. අද මගේ උපන් දිනය. දැන් මගේ වයස අවු 44. ඒ නිසා මම යම් දෙයක් ලියන්නේ දෙපාරක් තුන් පාරක් හොඳට හිතලා. ඒ වුවත් මගේත් වැරදි තිබෙනවා. ඒ වැරදි පෙන්වා දීම ඔබට ඇති අයිතියක් මම එයට ගරු කරනවා. එහෙනම් මට කා ගැන හරි ලියන්න අමතක වුනා නම් ඒ මගේ මතකයේ දුර්වල කමක් මිස ඔබ මට නොවටිනා නිසා නෙමේ. ඒ නිසා මට සමාවෙන්න ඔබගේ නම අතහැරිලා නම්. ඔබට ජය!!!

දැන් මගේ ලිපියේ ඊලඟ කොටස.
-------------------------------------------------------------------------------------------------------------------------------------

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ආකාරයට ගත් විට සන්නි ලෙඩ කියා අදහස් කරන්නේ සිහිය විසඥ වීමටයි. එනම් වාතය පිත සහ සෙම යන තුන් දොසම එක විට කිපී, මොළයත්, ස්නායූ පද්ධතියත්, විකෘත වීමෙන් මෙම රෝගය ඇති වේ. තවද මෙහිදී අපට පෙනෙනවා පසිඳුරන් අකර්මන්‍ය වීමක්ද මේ සමඟම වන බව. ඒ අනුව අපට පැහැදිලිව තේරුම ගත හැකියි, මේ දහ අට සන්නියෙන් ආවරණය වන රෝග සියල්ල මනෝකායික තාවකාලික රෝග බව.
අපි තව දුරටත් බලමු සන්නි ගැන, රුහුණු විශ්ව විද්‍යාලෙ සිංහල මහාචර්‍ය්ය විනී විතාරණ මහතා කියනවා, "සන්නි" කියන වචනේ ප්‍රාග් භාෂා ගනයට වැටෙනවා කියලා.

එතකොට මේ සන්නි 18 කියන්නේ ඇයි?

මෙහිදී මේ සන්නි 18 ලෙස ගැනෙන්නේ දේශීය ආයූර්වේද වෛද්‍ය විද්‍යා මත අනුව පැහැදිලි කල හැකි රෝග 18 සම්බන්ධ කරගෙනයි. දේශීය ආයුර්වේද ශාස්ත්‍රයේ සඳහන් වන මේ රෝග 18 සහ සන්නි යකුමේ සඳහන් රෝග 18 අතර හොඳ සහසම්බන්ධයක් පෙනේ.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාව කොටස් අටකින් යුක්තය එහි එන එක් කොටසක් වන්නේ භූත විද්‍යාවයි. මේ භූත විද්‍යාව යටතේ අප මෙහි කථා කරන සන්නි රෝග ගැනද කථා කරයි. මේව හැම විටම මනෝකායික රෝග වශයෙන් අපට හඳුනා ගත හැකිය. එනම් කිසියම් මානසික හේතුවක් නිසා ඇති වූ කායික රෝගයක් ලෙස ඇත්තෙන්ම මේ විද්යාව අද බටහිර විද්‍යාවටද ආලෝකයක් වෙමින් පවතී.

ඇතැම් මනුෂ්‍යයන් තමන්ගේ රෝගයේ තිබෙන කායික රෝග කොටස අතහැර මානසික කොටස මුල් කරගෙන ප්‍රතිකාර කිරීමට යාමෙන් මෙවැනි රෝග 100% සුව කරගැනීම උගහටය. එවැනිම කායික පැත්ත පමනක් සලකා කරන ප්‍රතිකාරයද එතරම් ප්‍රයෝජනවත් නැත. ඒ හෙයින් කායික මානසික දෙයංශයෙන්ම කරන ප්‍රතිකාර්ය සාර්ථක වෙයි. රෝගියා නිට්ටාවටම සුව කල හැක්කේ එවිට පමණි.

අද සමහර දේශීය විශ්ව විද්‍යාල මේ ගැන පර්යේෂණ පටන් ගෙන ඇත. (වැඩි විස්තර වුවත් දිය හැක.)
දැන් අපි බලමු මොනවද මේ සන්නි 18 කියලා.

මේ ගැන මම ටිකක් විස්තර ඇතුව වෙන් වෙන් වශයෙන් කියන්නම්.

1. භූත සන්නිය.
මින් නිරූපණය වන්නේ තාවකාලික සිහි මූර්ඡාවයි. බස ගොළු වීම, ඇස් දෙක අදුරු වීම. මුඛයේ කෙල කැටි ගැසීම. සිහිනෙන් ගැහැනු පෙනීම හා පිත ඔක්කාරය වීම.
වාත පිත්ත ඔක්කාර කැරෙන්නේ - භූතව තුන්යම හීන පෙනෙන්නේ
වාත ඇඟේ වැඩියෙනි දිය බොන්නේ - භූත සන්නි පුද ඉල්ලා එන්නේ

2. අභූත සන්නිය
මින් තාවකාලික සිහිමඳ ගතිය නිරූපණය වේ. කම්මුල් ඉදිමීම, ඇඟ කසා පලු මතු වීම, සන්ධි රිදුම, නිතර නිතර සීත් දිය ඉල්ලීම.
වාත ගුවන් තල බැස ඇවිදිල්ලා - භූත කරති දුටු තනදි අල්ලා
සීත සියළු ලෙඩ අත්හැරපල්ලා - අභූත සන්නි එයි අද ඉල්ලා

3. අමුක්කු සන්නිය
ඉවසුම් නොදෙන බඩ රුජාව, ගින්දර ආකාරයෙන් පපුව දැවීම, නෙත්දෙක රතු වීම, තද හිසරදය,හා කෑම අරුචි වී බඩ පෙරළුම ඇති වීම මෙහි රෝගී ලක්ෂණයි.
පපුවේ ගිනිජල් නිබඳ කරන්නේ - නෙත් දෙක රතු වී ඉසරඳ වන්නේ
රුති ඇති කෑමට බඩ පෙරලෙන්නේ - අමුක්කු සන්නිය මින් දැන ගන්නේ

4. වෙඩි සන්නිය
කණයට ගෙඩි හට ගැනීම, මුහුනින් තද උනුසුමක් රෝගියාට දැනීම, දෑත් දෙපාවලට දහදිය දැමීම.
තඩි අරගෙන වල ඇවිදින්නේ - උඩ මුගුරක් සුරත දරන්නේ
ගඩු හැමතැන සියොලඟ කකියන්නේ - වෙඩි සන්නිය පුද ඉල්ලා එන්නේ

5. වාත සන්නිය
තාවකාලික අංශභාගී රෝගී තත්වයකි. ඉවසුම් නොදෙන හිසරදය, ඇඟ සීතල කරවා අත් පය රිදුම් දීම, මුළු ඇඟම ගිනිගත් ආකාරයකින් දැවීම, කොරබවක් ඇති වීම, පමණට වඩා දිය බීම රෝගී ලක්ෂණයි.

6. කණ සන්නිය
තාවකාලිකව ඇස් නොපෙනී යාම. රළු පරොළු බස් තෙපලීම.
හඬ මොර ගා කණ සන්නිය එන්නේ - තැන් තැන් වල ගොස් වැඩි සිටින්නේ
ගුණ නැති රුදු බස් තෙපලන්නේ - කණ සන්නිය පුද ඉල්ලා එන්නේ

7. පිත් සන්නිය
පිත ආශ්‍රිතව හට ගන්නා රෝග මින් නිරූපනය වෙයි. ඇස් රතු වීම, විකාර දෙඩ වීම, කෑම අප්‍රිය වීම, නිතර නිතර කටට කෙල ඒම මෙහි රෝගී ලක්ෂණයි.

නෙත් දෙක රතු වී විකාර වීමද - බත් අමියා ඔක්කාර කිරීමද
තිස්සෙම කෙල ගසමින් ඔල්මාදද - පිත් සන්නිය පුද ඉල්ලා එයි අද

8. බිහිරි සන්නිය
මින් නිරූපණය කරන්නේ තාවකාලික බිහිරි බවයි. විදුලිය බඳු වේගයෙන් තමන් ඇවිදින්නාක් මෙන් දැනීමද, මකුළු දැලක වැටෙන බවක් සිහිනෙන් දැකීම රෝග ලක්ෂණයි.
නෑර අතින් යම මුගුරක් අල්ලා - හත බැසපි විදුලිය සොමි පුල්ලා
නෑර ඇවිත් ඇඟ නහර උපුල්ලා - බිහිරි සන්නො යකු එයි පුද ඉල්ලා

9. ගොළු සන්නිය
තාවකාලික ගොළු බව නිරූපණය වේ. දුනු, කොන්තායුධ, පොලු අතින් ගත් පිරිස් ඇනීමට එන බව සිහිනෙන් පෙනීම, එළිවන විට නිදිමත වැඩි වීම. නොනවතින බඩ රිදුම, කළු ඇදගත් සෙනඟ මැවී පෙනීම.
කළුවර තිස් පැය සීන පෙනෙන්නේ - එළිවුන තැන නිදිමත වැඩි වන්නේ
තොළු ගසමින් හඬ මොර ගසමින්නේ - ගොළු සන්නිය පුද ඉල්ලා එන්නේ

10. මූර්තු සන්නිය
නිතර නිතර බය වීම, බඩ පෙරලීමට පටන් ගැනීම, තුන් යමේ ඇවිදීමට සිත් වීම, ඇඟ ගිනිගත් ආකාරයකින් දැවීම රෝගී ලක්ෂණයි.
ගුවන් තලේ සක්මනට ගොසිල්ලා - රජුත් වෙසමුණි දොර සොල්ලා
අගුල්ලාපු යතුර උගුල්ලා - මූර්ති සන්නි යකු එයි පුද ඉල්ලා

11. නාග සන්නිය
විසකුරු සර්පයින් හාසමාන විෂක් ශරීර ගත වූ විට ඇතිවන ලෙඩ රෝගත්, බිබිලි නැගීම හා ඉදිමීමත්, නාග සන්නියෙන් අදහස් කරයි. බඩවැලේ ගෙඩි හට ගැනීම, ඇඟේ සම ගැලවී බිබිලි මතු වීම, නාගයන් නිතරම සිහිනෙන් දැකීම රෝගී ලක්ෂණයි.
වේඅග වෙලා ඇස් දෙක රතු පාටින - රාග මුලා දන දී මොර ගහගෙන
කෙණ්ඩ මේද ඇගයට සම් ඉගිලෙන - නාග සන්නි එයි පුද ඉල්ලාගෙන

12. දෙමල සන්නිය
වා, පිත්, සෙම්, යන තුන්දොස කිපීමෙන් රෝග වූ විට කට මැත දොඩවයි. නන් භාෂා කථා කරයි. එම රොගී තත්වය නිරූපණය කරන්නේ දෙමල සන්නියනි. නිතර නිතර හිස කැසීම බඩ රුදාව සමඟ වමනය යෑම රෝග ලක්ෂණයි.
ගල නම් අසමොල ගලේ වැසෙන්නේ - මුල නම් එවිසල් පුරේ උපන්නේ
බල නම් රට හැමතැන ඇවිදින්නේ - දෙමල සන්නි පුද ඉල්ලා එන්නේ

13. කොර සන්නිය
මින් නිරූපණය කරන්නේ තාවකාලික කොරබවයි. ගිනිගත් ආකාරයෙන් සංධි තද වී නිතර වේදනා දීම. අත් පා කොරබවක් ගැනීම රෝග ලක්ෂණයි.
දුර සිට බැල්මෙන් දිෂ්ටි හෙලන්නේ - කොර කොට අත් පා ඔත්පල කරන්නේ
වෙර කොට ආතුර මතුරමි සිතන්නේ - කොර සන්නිය එයි පුද ඉල්ලන්නේ

14. ගින්ජල් සන්නිය
අධික උණ ගතියක් ඇති වීම. උණ විකාර වීම, ගින්ජල් සන්නියෙන් පෙන්නුම් කරයි. ඉකිලියෙහි ගෙඩි හට ගැනීම, සිහි මඳවීම ඇඟයට පොඩි කිරීම හා විකාර දෙඩ වීම රෝගී ලක්ෂණයි.
ඇඟ යට පොඩි කරමින් ලේ සොල්ලා - කන බොන දෙ නැත රුජාව අල්ලා
ගත පණ නොදැනී නන් දෙඩවිල්ලා - ගිණිජල් සන්නිය එයි පුද ඉල්ලා

15. ගුල්ම සන්නිය
අධික රුජාව බඩ රුදාව හා වමනය යෑම අදහස් කරන අතර ඉවසුම් නොදෙන බඩ රිදුමක් හා බඩ පෙරලුමක් ඇති වීම, කැවිලි අප්‍රිය වීම, පැණි රස කෑම ප්‍රිය වීම, ආදිය රෝගී ලක්ෂණයි.
බඩ ඕ ගාමින් වැට පෙරලන්නේ - රුජාව ගනිමින් කැවිලි නොකන්නේ
පිළිහුඩු පැණි රස මස් ඉල්ලන්නේ - ගුල්ම සන්නි ලෙඩ මින් දැන ගන්නේ

16. පිස්සු සන්නිය
තාවකාලික උන්මාද ගතිය, පිස්සු සන්නියෙන් නිරූපිතයි. නිතර නිතර ඇඟ පලු දැමීම, බඩ රිදුම සහිත වමනය යාම, පිස්සු උන්මාද ගතිය, ඇගෙහි කස් කීලාස පෙන්වීම, සිහිනෙන් රෑ තුන්මංසල ඇවිදින බවක් දැනීම රෝග ලක්ෂණයි.
මස් අමියා බඩ ලෙඩ හටගන්නේ - කස් කීලාස ඇඟ කොර නොකරන්නේ
තිස් පැය තුන්මංසල ඇවිදින්නේ - පිස්සු සන්නි පුද ඉල්ලා එන්නේ

17. දෙව සන්නිය
දෙවියන්ගේ ලෙඩ යැයි විශ්වාසයේ පවතින සරම්ප, පැපොල, කම්මුල්ගාය, කොළරාව ආදී රෝගයන් නිරූපණය වන්නේ මේ සන්නියෙනි. නිතර මිනී මරන බව පැවසීම, ඇඟ කැක්කුම ගෙන ඇඟෙන් ලේ පිටවන බව කියමින් සිටීම හෝ ගේ දොර හා ගම් පාළුව කියවීම. මේවා රෝගී ලක්ෂණ වේ.
වානු නැතිව ඇඟ රුඳාව ගන්නේ - ලේහු නැතුව ඇඟ ලේ බින්දන්නේ
බෝව එසත් දවසින් පණ යන්නේ - දෙව සන්නි පුද ඉල්ලා එන්නේ

18. කෝල සන්නිය
වැදුම් ගෙය ආශ්‍රිතව රෝගාබාධයන් කෝල සන්නියෙන් නිරූපිත වේ. ආයුධයක් ගෙන එන්නෙකු සිහිනෙන් දැකීම, උගුර බඩ හා යටි බඩ කැක්කුම ගැනීම, තමා අවට සෙනඟ ඇවිදින බව දැනීම රෝගී ලක්ෂණයි.
කාලය නපුරට එන ගෙඩි උගුරෙන - ලීල නොවී බඩයට කැක්කුම් එන
බාල සෙනඟ ඉඩ කඩ ඇර ඇවිදින - කෝල සන්නිය එයි පුද ඉල්ලාගෙන

දහ අට සන්නි යකුමේදී, වර්ථමානයේදී මෙම සන්නි 18ම පැමිණෙන්නේ කලාතුරකිනි. හිරු උදාවට පෙර මහ කෝල සන්නි යකා පැමිණිය යුතු බැවින් ඊට පෙර අවශේෂ යකුන් පැමිණ අවසන් විය යුතුයි. ඉහත දක්වන ලද ව්‍යාධීන්ගේ නායකයා හෙවත් සමස්ත ව්‍යාධීන් 18ම සංකෙතවත් කරන්නේ මහ කෝල සන්නි යකාය.

මේ සන්නි 18 පිළිවෙලින්ම එන්නේ නැහැ. ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේවායේ පිලිවෙල, එතකොට නම් ආදිය ටික ටික වෙනස් වෙනවා. කොහොම හරි දැන් අපි ඉවර කලේ සන්නි නාඩගම් වල දෙවැනි භාගය තව තියනවා. මම හිතන් ඉන්නවා, තව දින දෙකකින් තුනකින් මේ ලිපි මාලාව අවසාන කරන්න. අද මම කියපු මේ සන්නි 18 ට ගැලපෙන ආයුර්වේද දැණුම සහ බටහිර දැණුම අපි ඊලඟ ලිපියෙන් කථා කරමු.

Thursday, August 11, 2011

දහ අට සන්නිය සමඟ කෝල කුමර පුරාණය, 01

දහඅට සන්නිය නමින් සුපතල මේ පුරාණ සම්ප්‍රධායික නැටුම සම්ප්‍රධායේ අඩංගුවන දෑ ගැන යම් සොයා බැලීමක් මම මීට වසර කිහිපයකට කලින් කලා. එම සොයා බැලීමේදී මගේ අරමුණ වූයේ මෙහි සත්‍යාසත්‍යතාවය බැලීම නෙමේ. මෙයින් අදට යමක් ගන්න පුළුවන්ද කියන එකයි. ඇත්තටම එහිදී මට තේරුම් ගිය කාරණා මම වෙදගෙදරට ගෙන්න හිතුවා. කාට හරි හිතෙනවනම් මේ තරම් දියුණු ලෝකෙක මොනවටද මෙවැනි දේ කියලා. මම ඒකට වරදක් කියන්නේ නැහැ. අපි කට කාටත් තම තමන්ගේ මත තියනවා. අපේ හැකියාවන් අනුව ඒ මත අපි ක්‍රියාත්මක කරනවා. මම නම් දකින්නේ සමාජයට හිරිහැරයක් නැත්නම් අනිත් අයගේ නිදහසට බාධාවක් නොවෙනවනම් මේ කිසි දෙයක වරදක් නැහැ.

මේ ගැන මම වැඩිය කථා කරන්නේ නැහැ. මේ බ්ලොග් අඩවිය දිනකට අයෙක් පමණක් කියවනවනම් මම ඒ එක් පුද්ගලයා වෙනුවෙන් ලියනවා.

දැන් දහ අට සන්නිය.....................

දහ අට සන්නියේ ඉතිහාසය.
රාජාවලීන් කිහිපයක් හරහා විහිදී ඇති මෙම ශාන්ති කර්ම සම්ප්‍රධායේ නැටුම් ක්‍රමය ඇරඹුනු තැන විදියට දැක්වෙන්නේ සංඛපාල නුවර හෙවත් එනම් පසු කාලීනව, (වරින් වර,) වපරක නුවර, මන්දාර නුවර, යන ලෙසින් පැමිණි විශාලා මහ නුවරයි. මෙහි ඉතිහාසය බුද්ධාන්තර කීපයක් හරහාත් විහිදිලා තියන බව පැහැදිලිව පෙනෙනවා. මේ කථා පුවතට මුලින්ම සම්බන්ධ වෙන්නේ පියුමතුරා බුදුන් වහන්සේ. ඒ යුගයේ තමයි මේ කථාපුවත මුලින්ම ඇරබිලා තියන්නේ.

මෙය මෙසේ ඇරඹී මහා ශාන්තිකර්මයක ලෙස අද දක්වා පැතිරී ඇවිත් තියනවා. මම දන්නවා කොළඹ වෛද්‍ය පීඨයේ ආචාර්ය්‍යවරුන් කන්ඩායමක් මේ ගැන යම් පරීක්ෂණයක් කලා.

සංඛපාල නුවර රජකල සංඛපාල රජුගේත් පදුමුත්තරා බිසවගේත් පුතුවූයේ වධකමාන කුමරායි. කෝල යක් වූයේ මෙතුමායි. තවත් අදහසකට අනුව (වඩාත් ප්‍රචලිත කථාව.) පෙර සිටි බ්‍රහ්මදත්ත පරපුරේ රජකෙනෙකුගේ බිසවට ගැබක් සිටි අවස්ථාවේ නිසිකල ගොස් ඇය වැදූයේ මස් වැදල්ලක් පමණක් බැවින් මෙය රජෙකුට අවනම්බුවක් නිසා මේ මස් වැදැල්ල විනාශ කිරීමට භාරගත් ඇමතියා එය රන් බඳුනක බහා නම් ලියවා ගංගානම් ගගේ පා කරවීය. රන් බඳුන වනාන්තරයේ භාවනායෝගීව සිටි තවුසන් පිරිසකට ලැබිනි. ඔවුන් එය විවර කර බැලීමේදී සම විනිවිද පෙනෙන වර්ණයෙන් යුතු කුමරකු හා කුමරික එහි සිටින බව දැක ඔවුන් දෙදෙනාව දරුකමට සාදා ගති. නිසිකල් පැමිණි පසු ඔවුන් දෙදෙනාවම ආවාහ විවාහ කර දීමෙන් ඇරඹුණු පරපුර ලිච්ඡවී පරපුර වීලු.(මහාචාර්ය්‍යය ජයසේන කෝට්ටේගොඩ මැතිතුම 1995)මේ පරපුරේ කුමරියක (අසුපාල කුමරිය ) හා සංඛපාල රජු අතර විවාහයෙන් සන්නි යකු හෙවත් කෝල යකු බිහි වී ඇත. එයද ඉතා රසවත් කථාවක් බැවින් මෙහි සඳහන් කරමි.

සන්නි යකා හෙවත් කෝල කුමරු පිලිසිඳ ගැනීමේදී අසුපාල කුමරිය සිහින තුනක් දැක ඇත.
1. මහා කෙළ නාරද සමඟ ගඳ කිලියේ සැතපීම.
2. උදාගිරි පර්වතය පලාගෙන පැමිණි සූර්ය්‍යයා නුවර ගිනි දවා අළු කිරීම.
3. තරු පිරිවැරූ චන්ද්‍රයා එම ගිනිකඳ නිවා සැනසවීම.

තම බිසව ගැබ් දැරූ බව නොදැන යුදයක් සඳහා රජු පිටත් විය. රැජිනට අඹ කන දොළක් ඇති වූයෙන් ඇමතියන් එය අඹ අවාරයක් හෙයින් මහත් වෙහෙසවී එක් අඹයක් සොයා දුන්හ. දොළදුක දැඩි බැවින් තනිවම අඹය කෑ බිසව කෙරෙහි සේවිකාවක් රොස් වූවාය. මැය රජු පැමිණි පසු බිසවගේ අනාචාරයක් ගොතා කීමෙන් බිසව කෙරෙහි රජුගේ සිත් බින්දාය. එවිට තදින් උදහස් වූ රජු බිසව මැරීමට ඇමතියකුට භාර කරවීය.

විලි රුදා හටගෙන සිටි බිසව එම "පසඟ" නම් ඇමැතියා විසින් පුබ්බෝරුව ගසක එල්ලා කඩුවෙන් දෙපළු කරවීය. පුබ්බෝරුව ගස කඩුව වැදීමෙන් කැබලි වූ නිසා පසුව කැබැල්ල ගස ලෙස හැදින්වූවාලු. වෛරී සිතින් මැරුනු බිසව එවලේම කුමරුවකු බිහි කලාලු. බිළිදා බිහිවන විට මව වදයේ සිටි බැවින් කුමරා "වධකමාන" නම් විය.

මවගේ සිතැඟි අනුව කුමරා වැඩෙත්ම තද දරුණු ගති ඇතියෙක් විය. මේ කුමරු වැඩෙත්ම දැඩි හිතැතියෙක් වූයෙන් ඒහා සමානම පිරිවරක් ඇති විය. ( මළ කුණට නොවැ මැස්සොත් වහන්නේ.) පිරිවර කැටිව කුමරා කැලෑ කොල වලින් සාදා ගත් ගුලු 18 අහරට ගන්නට ලක ලෑස්තිවන විට ඊශ්වරයා එම අහරට අමුත්ත(අමෘතය,) එක් කලෙන් වියරු වූ කුමරුන් ඇතුළු පිරිස විශාලා මහ නුවරට වැදී නුවර වනසන්නට විය.

මෙයින්ලු විශාලා මහ නුවරට රෝබිය, අමුනුෂ්‍ය බිය, යක්ෂ බිය යන තුන් බිය ඇති වූයේ. බුදුන් වහන්සේගේ රතන සූත්‍ර දේශනයෙන් මොවුන් සක්වල ගලින් එහාට පන්නා දැමිණි. එහෙත් කෝල සන්නි යකා අබැටක් තරම් වෙසක් මවාගෙන ගොම රිටක සැඟවී සිටියේලු. මොහු දුටු බුදුන් වහන්සේ එසේ කිරීමට හේතු විමසූ විට මනුෂ්‍ය ලෝකයට පැමිණ දොළ බිලි ලබා ගනිමින් ලෙඩ සුව කිරීමට පැතුවාලු. ඒ අනුව තමයිලු මේ දහ අට සන්නිය බිහි වූයේ.

මහාචාර්‍යය තිලක් කාරියවසම් මැතිතුමා 1976 දී මේගැන ඉතා වටිනා විවරනයක් කර තිබෙනවා. ජන සාහිත්‍යය මෙවැනි කථා වලින් ඉතාම පොහොසත් අපි බලන්න ඕනෙ මේවා ඇත්තද බොරුද කියලා නෙමෙයි. අපි දන්නවා මේ යම් යම් සංකෙත කථා මාරගයෙන් නොයෙක් ගැබුරු කරුණු විස්තර කරන ක්‍රමයක් අපේ තිබුනා. අන්න ඒක තමයි අපේ හරය වෙන්න ඕනෙ.

සන්නි යනු කුමක්ද?
ආයුර්වේදයේ සන්නි යනුවෙන් හැදින් වෙන්නේ තුන් දොසම කිපි අවස්ථා හෙවත් අසාධ්‍යය අවස්ථා.

සන්නි ලෙඩ ප්‍රධාන වශයෙන් වාතය පිත සෙම තුන් දෝස් නිසා ඇතිවන නමුත් මෙහිදී වැඩි වශයෙන් වාතවාහී නාඩී සහ මානසික එනම් සියුම් ස්නායු සම්බන්ධයක් පෙන්වනවා.

ඔබ හොඳින් බලන්න මේ සන්නි ශාන්ති කර්ම කවදාවත් යොදාගන්නේ නැහැ උපතින් වන රෝග සම්බන්ධව, හැමවෙලේම මේවා යොදා ගන්නේ හදිසියේ ඇති වූ රෝග සම්බන්ධවයි. බොහෝ වෙලාවට අපි දැකලා තියනවා මේ රෝග මනෝකායික රෝග (Psychosomatic) ලෙස හඳුන්වන රෝග කාණ්ඩයට අයත් වන රෝග ලෙස.
මේ මනෝකායික රෝග සුව කිරීමට පෙරදිග ශාන්ති කර්ම යොදා ගැනීම ගැන දැන් බටහිර රටවල පවා පිබිදීමක් තිබෙනවා.

උදාහරනයක් ලෙස ගත් විට හොඳින් සිටි අය සමහර විට හිටිහැටියේ ගොළුබවට පත් වෙනවා. මේවැනි රෝග බොහෝ විට මනෝකායික මූලයන්ගෙන් ඇති වූ රෝග ලෙස හඳුනා ගන්න පුළුවන්.(තවත් සංකීර්ණ මොළයේ ආබාධ තත්වයන් වන මොලයේ ගෙඩියක් ඇති වීම, වැනි තත්වයන් නිසා වන ගොළු බව මේ ලෙස ගත නොහැකියි. එය කායික පමණක් රෝගයක් නිසා.)

අද ලියාගෙන යනකොට මට මතක් වුනා මගේ මිත්‍රයො දුන්න උපදෙස වැඩිය දිගට ලියන්න එපා. එහෙනම් මෙතනින් කඩනවා.

අදට අවසාන වශයෙන් ඔබට පෙනෙනවාද අසුපාල කුමරිය සිහිනයෙන් දුටුවේ මේ වධකමාන කුමරුගේ පසු හැසිරීම කියලා. අපි හෙට සන්නි කවි එහෙම කියමු නේද?


දහ අට සන්නියේ ඊලඟ කොටස හෙට........

Monday, August 8, 2011

බෞද්ධ සංස්කෘතික කාර්යයන්හි ප්‍රයෝජන සහ මූලධර්ම.

පසුගිය දිනවල මම ලියූ ලිපියක් නිසා තමයි මේ ලිපිය ලියන්නට මඟ පෑදුනේ. තව ලිපියකට ඒ ලිපිය දැන් පාර කපලයි තියෙන්නේ. ඒ තමයි කසිනාදී භාවනා ගැනත් ලියන්න වෙනවා. කමක් නැහැ, මගේ මිත්‍රයන්ගේ ඉල්ලීම නිසා කොහොමත් මම ඒ ලිපි ලිවිය යුතුයි.
මේ ලිපියේ අරමුණ බෝධි පූජා වැනි සංස්කෘතිකාංග කොහොමද අපේ ජීවිතේට උදව්වක් කර ගන්නේ කියන එක පැහැදිලි කිරීම, (කොහොමත් මම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට කිසිසේත් බලාපොරොත්තු වෙන්නේ නැහැ, නිවන කියන මහා දරශනය ගැන ඔබත් එක්ක කථා කරන්න. මට ඒකට කිසිම සුදුසුකමක් නැහැ.)

(1) බෞද්ධ සංස්කෘතික කාර්යය
බෞද්ධ සංස්කෘතික කාර්යය යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ,
a. අභිචාර විධි
b. ශාන්ති කර්ම
c. පුද පූජා
d. වත් පිලිවෙත් ආදියයි.
නිදසුන් -
I. සීල සමාදානය
II. ජාතක දේශනා
III. බෝධි පූජා
IV. පරිත්‍රාණ දේශනා
V. පින් අනුමෝදනා
VI. ජීව මතක දාන
VII. ජ්‍යෙතිෂය
VIII. වතාවත්
IX. අපචායනය (වැඩිහිටියන්ට )
X. ධර්ම දේශනා
XI. ධර්ම ශ්‍රවණය
XII. බලු කපුටු දාන
XIII. අභය දාන
XIV. සමාජ සේවා
XV. දහම් පාසල්
XVI. බලි බිලි තොවිල්
XVII. යන්ත්‍ර මන්ත්‍ර
XVIII. සෙත් කවි
XIX. බාර හාර
XX. කෙම් පහන්
XXI. දේව පූජා
 
A. බෝධිපූජා
බෝධි පූජාවක් තුල මනෝචිකිත්සක අංගයන් ඇතුලත් වන අයුරු අවබෝධ කොටගත යුතු වෙයි.
Ø පංචස්කන්ධය පිලිබඳව ප්‍රධාන ලෙසට හිතේ අදහසක් පැවතිය යුතුය.
Ø ඇතිවන ප්‍රශ්න හා ගැටළු ලෝභ, ද්වේශ, මෝහ නිසා වන බැවින් ඒවා පිලිබඳව දත යුතුයි.
Ø ඒවාට ප්‍රතිකාර කලයුතු වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන අංග මගිනි.
Ø එම කර්ම තුනෙන් හැර වෙන කිසිවකින් මානසික කායික රෝග ඇති වන්නේ නැත.
මෙම කරුණු පිලිබඳ පුළුල්ව අවබෝධ කටයුත්තකි. මෙය අප තේරුම් ගන්නේ නිවන් මඟ තුලයි. එයින් පිට පැන සාමාන්‍ය ජීවිතයට එය සම්බන්ධ කොට බැලිය යුතුය. රෝගයක් ඇති වූ කල එය කුමන දෝෂයක් මුල් කොට ඇති වූවක්දැයි දැනගත හැකිවිය යුතුය. එවිට සැබෑ ජීවිතයේදී මේවා යොදා ගතයුතු ආකාරය පිලිබඳ වැටහීමක් ලැබෙනු ඇත. සංස්කෘතිය තුල මේවා ඇති බව බෝධි පූජා, බලු කපුටු දාන ආදිය තුලින් පැහැදිලි වෙයි. එවැන්නකදී පලමුව,
· පිරිසිදු වීම.
කෙනෙකුට කායිකව පිරිසිදු වීම කොතරම් අගනේද විශුද්ධි මග්ගයේදී අභ්‍යන්තරව හා බාහිර වස්තු පිරිසිදු කිරීම ලෙස මෙය අරුත් ගන්වා ඇත. භාවනා කිරීමට යද්දී බාහිර වස්තු ලෙස ඉන්නා ස්ථානය පිරිසිදු කිරීම අවශ්‍යය. බෝධි පූජාවකදීද තමා පලමුව පිරිසිදු වී පරිසරය පිරිසිදු කිරීමද කරනු ලබයි.
· සමාධිය
තමා සමඟ ද්වේශයෙන් සිටිනා කෙනෙකු සමඟ වුවද එවැනි අවස්ථාවකදී සමගි වෙයි. සමාජගත ප්‍රශ්නද ඒ අනුව නිරාකරණය වෙයි.
සිල් සමාදන් වීම් තුලින් සිත් තුල ලෝභ ද්වේශ මෝහාදී චේතනා අඩු වේ.
පින් දීම් ආදියෙන් පරිත්‍යාගී ගුණ වර්ධනය වේ.
උද්ධච්ච කුක්කුච්ච කල නරක සහ හොද ගැන පසුතැවිල්ල මෙවැනි ක්‍රියාකාරකම් මගින් බැහැර වෙයි.

දැන් ඔබට යම් දැනීමක් එන්නට ඇතැයි සිතනවා. එනම් බෝධි පූජාවක කිරීමේ නියම අරමුණ බොහෝ විට අදාල පුද්ගලයා යම් කරදරයක් සිටින විට, රෝගීව සිටින විට ඇතිවන මානසික පසුබෑම නැති කිරීමයි. එවිට "මට ධර්මයේ ආරක්ෂාව තියනවා. එනම් ධර්මය පිලිපදින්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා" කියන සිතුවිල්ල තදින් ඔහුගේ සිතට ඇතුළු වෙනවා. යම් ප්‍රශ්නයක් ජය ගන්න මෙයිට වඩා ඔසුවක්, පිලියමක් තව තියනවද කියලා මම නම් දන්නේ නැහැ. එවිට පුදගලයාගේ සිතේ ඇතිවන ඒ සහනදායී සිතුවිල්ල නිසා එම ප්‍රශ්නය දෙස හරි ලෙස බැලීමේ හැකියාවක් මෙන්ම එය නිසි ලෙස විශ්ලේෂණය කර ගැනීමේ හැකියාවත් ඔහුට ලැබෙනවා.  

B. ජාතක දේශනා
· බුද්ධිමය - බුද්ධිය - අදහස් - අදහස් ජීවිතය සකස් කරයි.
· භාවමය - හදවත - හැඟීම් -ජීවිතය අර්ථවත් වන්නේ හැඟීම් මගිනි.
බුද්ධිමය අදහස් ගණනය කල හැකි අතර යමක් කිරීමෙන් තවත් යමක් වේ යැයි පෙන්විය හැක. භාවමය දේ එසේ ගණනය කල නොහැක. අභිධර්මයේදී කරුණා මුදිතා ආදිය අප්පමඤ්ඤා ගණයට වැටෙන්නේ ඒ නිසාය. වෛරය වැනි සිතුවිලි බුද්ධිමය පදනමකින්,
"ඒ නම් ඒ ඇයිද ? යන ප්‍රශ්නයට"
"ඒ මේ මේ මේ හේතු නිසා යැයි"
ගණනය කොට බැලිය හැක. එබැවින් ඒවා විසදිය හැකි වන්නේද බුද්ධිමය අදහස් මගිනි.
බොහෝ මානසික ගැටළු භාවමය ලෙසම හටගනී. ඒවා බොහෝ සෙයින් සාහිත්‍යය මගින් සංසිඳුවිය හැකිය. මානසික ගැටළු එන්නේ තෘප්තිමත් නොවූ ආශාවන් නිසාය. සාහිත්‍ය කරුවන්, නාට්‍ය මගින්ද තම චරිතයට ගැලපෙන චරිතයක් තෝරා එයින් තෘප්තිමත් වෙයි. එසේ නොවුවහොත් එයින් අසතුටු වෙයි. ජාතක කථාවන් හි ද අවසනට සමෝධානයක් ඇත. එනම් පූර්වාපර සන්ධි ගැලපීමයි. එයින් සතුටක් ඇති වෙයි. අද නූතනයේ පවතින ටෙලි නාට්‍ය තුලින් පුද්ගල සිත පවට නැබුරු වීම වැඩිකර ඇත. සාහිත්‍යයේදී වස්තු බීජය වන්නේ ඉන් දෙන්නාවූ අදහසයි. එහිදී මානව චරිතවල මුහුණ දෙන්නාවූ සිද්ධීන්වලට අදාල කරගෙන ජීවිතයේ වින්දනයන් විදීමට සැලැස්වීම තුලින් එය සංසිදුවයි. එය වන්නේ සාහිත්‍යය මගිනි. එහිදී හැගීම් ශිෂ්ට ලෙස ඉදිරිපත් කිරීම සිදු වේ.
සාහිත්‍යයේදී ස්ථායීතාව හා රස ලෙස කොටස් 2කි. නිදසුනක් ලෙස රතිය ස්ථායීතාව ලෙස ගත් කල්හි එයින් වන්නේ රතිය ඇති කිරීමයි. එනම් ඇලීමයි. එය පුද්ගල ජීවිතයට එතරම් සුභ වූවක් නොවේ. රසය ලෙස ගත් කල්හි සෘංගාර රසය පෙන්විය හැක. එම රති ස්වභාවයම මෙහිදී රසයකට පෙරලා පෙන්වීමක් කරයි. මේ අනුව රතිය අයහපත් වන අතර රසය යහපත් වෙයි. ජාතක කථාවලින්ද හෙලිවන්නේ සැම මිනිසෙකුගේම ජීවිත අත්දැකීම්ය. ඒවා විශ්ලේෂණය කරමින් සිටීමෙන් ප්‍රතිඵලය අඩුවෙයි. එනම් බෙහෙතක් නම් එම බෙහෙත විශ්ලේෂණය කරමින් නොසිට එයි සුවයක් ලැබීමට අපෙක්ෂා කල යුතුයි.
Ø වෛද්‍ය ඩී. ජේ. හරිස්චන්ද්‍ර මහතා ලෝකයේ මෙතෙක් සොයාගෙන නොමැති මානසික රෝග ගනනාවක් ජාතක කථා තුල ඇතුලත් වන බව පවසයි.
Ø අශ්වඝෝෂ හිමියන්ද සාහිත්‍යය ආශ්‍රයෙන් බුදු දහම පැහැදිලි කොට ඇත. එය සාහිත්‍ය නමැති මී පැණියෙන් මිශ්‍රකොට දීමක් වැනිය.
Ø බුදුරදුන්ද ගාථා ආදී ක්‍රම ඒ සදහා භාවිතා කොට ඇත.
Ø සංගීතය දෙස බැලීමේදී ද බෞද්ධ ඒවායේ ස්වර භාණ්ඩ ඇත්තේ නැත. ඇත්තේ තාල භාණ්ඩ නාද කිරීමකි. ස්වර වලින්ද වන්නේ රාග ඇවිස්සීමයි. බෙර ආදී හඬවල් වලින් එවැන්නක් නොවේ.
බොහෝ වූ මානසික රෝග වලට ලෝභය බලපායි. Mumypycation (මළ මිණිය කල් තබා ගැනීම) වෛද්‍ය හරිස්චන්ද්‍ර මහතා පවසන ආකාරයට, අදින්න පුබ්බක ආදී කථා තුලින් එවැනි පුද්ගල චරිත උපහාසයට ලක් කරයි. එහිදී පුද්ගලයා ස්වයං විවේචනයට ලක් වීමෙන්ද වැරැද්ධ නිවැරදි කර ගනී. මෙහිදී වංචක ධර්මයන්ද බෙහෙවින් බලපානු ලබයි. එනම් සිතතුල ඇති භවගත ක්ලේෂයන්ය. එය ඇති බව තමන්ම නොදනී.
ජාතකවල ආ
පෝරිසාද - අදහස - මිනීමස් කන
සෝපාක - බල්ලෝ කන
චරිත තුලින්ද ඒ බව පෙනේ.
Ø පෙර භවයේ වංචක ධර්ම නිසා එවැනි පාපී දෙවලට පෙලබේ. අසාමාන්‍ය චර්යා ඇති වන්නේ එබැවිනි.
Ø අසාමාන්‍ය බිය නිසාද විවිධ අයුරින් හැසිරේ.
Ø කොසොල් රජුගේ සිහින 16 න්ද එරට තිබූ අධාර්මික බව ආදිය පෙනෙන්නට විය. එබැවින් එවැනි ස්වරූප සිහින මගින්ද හදුනා ගන්නට හැකිය.
Ø නැටුම් ගැයුම් මෙන්ම නාට්‍යානුසාරයෙන්ද එවැනි අසාමාන්‍ය චර්යා පෙන්වා එවා නැති කරලීමට මාර්ග පෙන්වා දීම කල හැකිය.
Ø ඒවායෙහිදී යම් යම් ගැටුම් ඇත්වන්නට සලස්වා ඒවා නිරවුල් කර ගන්නා ක්‍රමයද ප්‍රායෝගිකවම පෙනෙන්නට සැලැස්වීම විශෙෂයකි.
මේ අනුව ඉන්දියන් සමාජයේ, බොහොමයක් උපදෙස් දී ඇත්තේ කතන්දර මගින් බව පැහැදිලි වේ.
 
C. පරිත්‍රාණ දේශනාව
මෙය බහුල වශයෙන් භාවිතා වන මනෝ රෝග චිකිත්සාවකි.
පරි + තායති
පරි - සෑම අයුරකින්ම
තායති - ආරක්ෂා කරයි.
Ø පිරුවානා පොත් වහන්සේ
අද බොහෝ දුරට මේ සඳහා පිරුවානා පොත් වහන්සේ තුල ඇති සූත්‍ර භාවිතා කරයි. මෙයට කලින් සිටම ඇතැම් දේශනා ආරක්ෂාව සඳහා භාවිතා කල බව දත හැකිය. නිදසුනක් ලෙස රතන සූත්‍රය. මෙය පොතක් ලෙස සකස් වූයේ පසු කාලීනවය. මෙහි එන ඇතැම් සූත්‍ර ආශීර්වාද පතා දේශිත ඒවා නොවේ. එබැවින් පිරුවානා පොත් වහන්සේ ආශීර්වාද ලෙසම සකස් කල එකක්ම යැයි කිව නොහැක. එසේ එන සූත්‍ර අතර
Ø ධම්ම චක්ක පවත්තන සූත්‍රය
Ø වසල සූත්‍රය
Ø කාසී භාරද්වාජ සූත්‍රය
ආශීර්වාද සූත්‍ර ලෙස,
Ø සූරිය පරිත්ත සූත්‍රය
Ø චන්ද පරිත්ත සූත්‍රය
Ø රතන පරිත්ත සූත්‍රය
Ø ආටානාටිය පරිත්ත සූත්‍රය
Ø බොජ්ජංඟ සූත්‍රය
පිරිත් පොත පිළිබඳව සඳහන් කිරීමේදී මෙය සාමනේරයන් වහන්සේලාට බණ දහම් ඉගෙනීමට අත් පොතක් ලෙස මුල් කාලයේදී යොදා ගන්නට ඇතැයි ද අනුමාන කල හැක. එහි, දෙතිස් කුණුප කොටස් ගැනද, සිවු ප්‍රත්‍යාවේක්ෂාවන්ද, ආදී ධර්ම කොටස් දැක්වීම එයට නිදසුන්ය. ඒවා නිතර භික්ෂූන්ගේ භාවිතයට අවශ්‍ය ලෙස සකස් වූ කරුණුය. සමහර අටුවා වලද මේවා පිලිබඳ කරුණු සඳහන් තැන්වලදී භික්ෂූන් නිතර සිහි කටයුතු කරුණු ලෙස දක්වා ඇත.
මහා සමය සූත්‍රයේ දෙවිවරුන්ගේ නම් ගොත් රැසක් සඳහන් වේ.
මහාවනයේ බුදු රජානන් වහන්සේ සිටින විට, දෙවිවරුන් උන්වහන්සේ ලඟට යත්දී ඔවුන්ව භික්ෂූන්ට හදුන්වා දීමක් සිදු කරයි. එය භික්ෂූන් වහන්සේ මුල් කොට ගෙන සිදු කල ප්‍රායෝගික වැඩ මුළුවක් හා සමානය. (ආටානාටිය ) සතර වරම් ඩෙවිවරු බුදු රජානන්වහන්සේට හෝ භික්ෂූන්ට යක්ෂයින්ගෙන් කරදරය්ක් වෙයි නම් ප්‍රධාන අයට දන්වන මෙන් සූත්‍රයේ සඳහන් කරයි. මෙලෙස කී කල බුදු රජානන වහන්සේද එය අනුමත කොට ඇත. මුල් කාලීනව සාමනේරවරුන්ට පුරුදු කිරීමට යෙදුනකි.
අනුගමනය මුල් කොට ගත් එකක් නිසා බුදු දහමේ පිරිත් කියන්නට මත්තෙන් ධම්මස්සවන කාලෝ යැයි කියනු ලබයි.
 
පිරිතේ ආශීර්වාද ක්‍රම.
I. ත්‍රිවිධ රත්නයේ ගුණ සිහිකර ආශීර්වාද කිරීම.
නිදසුන් -
“ඉදම්පි බුද්දේ/ධම්මේ/සංඝේ, රතනං පණීතං”
ඉතා පැහැදිලිව ධජග්ග පිරිතේ සඳහන් වෙයි. එය සත්‍ය කරුණක් වීමට හේතුව ලෙස දක්වා ඇත්තේ, දේවාසුර යුද්ධයේදී දෙවියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා විසින්, බයක් ඇති වූ විට ප්‍රජාපතී, ඊසාන, වරුණාදී දෙවියන්ගේ කොඩියේ අඟ බලන ලෙස උපදෙස් දෙයි. එවිට එම බිය පහව යන බවද දක්වයි. එහෙත් බුදුන් වහන්සේ එය එසේ නොවන බව දක්වයි. එයට හේතුව දෙවියන් තුල රාග, ද්වේශ, මෝහ ආදී කෙලෙස් ඇති බව යැයි ප්‍රකාශ කරයි.
එයට බුදුන් වහන්සේ බුද්ධ, ධම්ම, සංඝ ආදී ගුණ සිහිපත් කරන ලෙසයි. එයට හේතුව නම් එම උතුමන් වීතරාගි, වීතදෝෂ, වීතමෝහ වන බවයි. එබැවින් එම ගුණ වලට විරුද්ධ වීමට ලොව කිසිවකුට නොහැකි බවද දක්වයි.
"යං කිංචි වා ඉධවා......."
එහෙයි සතෙකුට වුවද ස්වභාව ධර්මයට වුවද එම සත්‍ය හේතුවන බව දැක්වේ.
II. තමන්ගේ චරිතය මුල් කරගෙන කරන ආශීර්වාද
තමා විසින් දිගු කාලීනව රකිනු ලබන ප්‍රතිපත්තියක් ගැන සලකා කරනු ලබන ආශීර්වාද කිරීම.
a) නිදසුන අංගුලිමාල මහ රහතන් වහන්සේ.
"යතෝහ්ං භගිනි අරියාය.........."
ලෙසින් මම ආර්ය ජාතියේ උපන් තැන සිට කිසිදු ප්‍රාණඝාතයක් නොකලෙමි. ඒ බලෙන් ගර්භනීව සිටින නැගණියට සෙතක් වේවායි ප්‍රාර්ථනා කරයි. පැවිද්ද ලත් දිනේ සිට පුරාගෙන සත්‍ය ධර්මය එහිදී මුල් තැනට ගෙන ආශීර්වාද කරයි. එබැවින් යමකු ඉසින් යම් ප්‍රතිපත්තියක් ඉතා හොදින් පුරයි නම් එය ප්‍රයෝජනයට ගෙන යම් අධිෂ්ඨානයක් සිදු කල හැකිය.
b) තවද වට්ටක පිරිතේදී වනයේ ලැව් ගින්නකට හසුව අතරමංව සිටිනා වටු පැටවකුට සිදුවන කරදරයකදී ඒ වටු පැටවාගේ අසරණකම ගැන පවසා කියන සත්‍ය කථාව ඇසූ දෙවියන් විසින් ඒ පැටවාගේ දිවිය බේරා දෙන සිදු වීමකි.
පියාපත් තිබුනද ඉගිලෙන්නටනොහැක
දෙපා තිබුනද ඇවිදගන්නට නොහැක
c) මහා මංගල සූත්‍රයේ එන
මාතා පීතු උපට්ටාණං - අනවජ්ජානි කම්මාණී
ආදී පද වලින් කියන්නේ මංගල කරුණු ලෙස මේවා සෑම අයෙකු තුලම තිබිය යුතු බවයි. එබැවින් එම සූත්‍රයෙන් ගුණ ලැබීමට නම් ඒ ගුණ තමා තුල පුරුදු පුහුණු කල යුතුය. ඒ අනුව මේවායේ ආචාරාත්මක පදනම පැහැදිලි වෙයි. පිරිතක් ලෙස මෙය කියන්නා තුලද ඒ ගුණ තිබිය යුතුයි. එසේ නොමැති නම් ඒ පිරිත් භාවිතා කරන්නටද කිසිවකුට අයිතියක් නැත. තමා යම් ගුණයක් වර්ධනය කරනවා නම් ඒ පුද්ගලයා තුල යම් ශක්තියක්ද වර්ධනය වෙයි. පෙර වෛද්‍යවරුන් තුල අත් ගුණය පිහිටියේද එබැවිනි. උන් වහන්සේද යම් ප්‍රශ්නයක් ආ විට දින 7ක් වැනි කාලයක් නැවතී සිට ඇත. බොරුවක් නම් එය පවතින්නේ ද දින 7 වැනි කෙටි කාලයක් තුල පමණක් බැවිනි.
පිරිතක් කීමේදී පෙර සූදානම් වීම නොහොත් පේවීම.
පිරිතකදී,
Ø යථාර්ථවාදී බව
Ø ශබ්ද රසය, යන කාරණා තිබිය යුතුය.
යථාර්ථවාදී බව
බුදුන් වහන්සේ ශබ්ද කිරීම හෙවත් වචන පිට කිරීම සිතා මතා කල යුත්තක් බව පවසා ඇත. යමක් සිතා මතා කථා කල යුතුය. නූතනයට ගැලපෙන ලෙස නම් පිරිත් කීමේදී සෑම සූත්‍රයකට කලින්ම එම සූත්‍රය ගැන විස්තරයක් කිරීම කල යුතුය. ඇදීම වැඩි වූ විට රාග ඇවිස්සන ගීත බවට පත් විය හැකිය. එම ගීත වල ඇත්තේ ස්වර භාවිතයයි. එහෙත් බෞද්ධ සම්ප්‍රදාය තුල කථා කෙරෙන්නේ තාල ගැනය. වාදනයට ගන්නේද තාල භාන්ඩයන්ය. පිරිත් සූත්‍රවලද තාල මඟින් මිනිසා තැන්පත් වේ.

ශබ්ද රසය
ධර්මය දේශනා කරන විට යම් දුරකට ඇසෙන ලෙස දේශනා කල යුතු බව කියැවේ. තවද ඒවායේ අදහස් දැනගෙන කියන්නේ නම් වඩාත් යෝග්‍යය. මානසික ප්‍රශ්න ඇති අයට ද සූත්‍ර ධර්ම වල ඇති කරුණු ගෙන හර පෑමෙන් ඒවාට පිළියම් තමා විසින්ම යොදා ගැනීමට එහිදී හැකියාව ලැබේ. තවද ජාතක කථා මාධ්‍යයෙන් ද මෙයම සිදු වෙයි. පිරිත් සච්ඡායනයේදී වචන උච්චාරනය , මෙන්ම වචන නැවැත් වීමේදීද, යතිය, ඡන්දස බලා ඒවා නිසි තැන්වලදී සිදු කල යුතුයි.
උපදෙශනයේදී සංවේදීතාව උපයෝගී කර ගැනීම
Ø ජීවිතයක සංවේදී පැත්ත
Ø බුද්ධිමය පැත්ත ලෙස කොටස් දෙකක් ඇත.
බුද්ධිමය අංශයට ගැනෙන්නේ ආර්ථික ආදී ප්‍රශ්න හමුවේ පුද්ගලයා ඒවාට ක්‍රියා කරන ආකාරයයි. වෛරය ආදරය ආදිය මුල්වූ ප්‍රශ්න අදාල වන්නේ සංවේදීතාවය දියුණු වීමයි. එවැන්නකදී පුද්ගලයාට ඒවා විසදා ගැනීමට ඉවහල් වන්නේ සංවේදීතාවය දියුණු වීමයි. එවැන්නකදී බුද්ධියෙන් උපදෙස් දෙන්නට යාමෙන් තර්ක කිරීමටද සිදු වේ.
නිදසුනක් ලෙස අනාථ වූ දෙමාපියන් නොමැති දරුවන්ගේ ස්වරූපය දැකීමෙන් සිත වෙනස් වන්නාක් මෙනි. සංවේදීතාවය අවශ්‍ය වූවන් හට උපදේශනය කරන්නට යාමෙන් තත්වය අවුල් විය හැක. ඒවාට සංස්කෘතියට අනුව හැඩ ගැසී මෙන් හා සංවේදීව බැලීම තුලින් ඒවා නිරාකරනය කරගත හැකිවේ.

D. පින්කම් මනෝ චිකිත්සාවක් ලෙස කෙසේ වැදගත් වේද ?
දස පුඤ්ඤ කිරිය වත්ථු
දාන
සීල 1
භාවනා
 
පත්ති
පත්තානුමෝදනා 2
වෙය්‍යාවච්ච
අපචායන
 
දෙසනා
සුති 3
දිට්ඨිජු
 
වත්ථු ලෙස දැක්වෙන්නේ පින් කිරීමට උපකාර කර ගත හැකි කරුණු 10කි. එසේ නොමැති නම් පින්කම් වර්ග 10 නොවේ. පින්කම නම් එකකි. /පු - පිරිසිදු කරනවා යනුයි.
නරක ඉවත් කරගෙන හොඳ ඉතිරි කරගෙන සිත පිරිසිදු කරන්නේ පිනයි. මෙහි කරුණු 10ක් එන්නේ එම කරුණු 10ම කලයුතු බැවිනි. එකක් පමණක් සිදු කලාට පින අංග සම්පූර්ණ නොවේ. ඒ සඳහා සියල්ලම කල යුතුයි. එම පින්කම් කොටස් ලෙස ගෙන විශ්ලෙශනාත්මකව බැලීම ඉතා ප්‍රයෝජනවත් වේ. පින යනු කුසලය නොවේ. දළ වශයෙන් අභිධර්මයෙහි මෙය දශ පුණ්‍ය ක්‍රියා ලෙස දැක් වේ. මේවා සමාජ ජීවිතයේදී ක්‍රියාවට නැගිය හැකි දේවල්ය. ඒවා කෙරෙන්නේ නැවත යමක් බලාපොරොත්තුවෙන්ය. සංසාරික දිවියේ අවසන් ඉලක්කය නිවනය. එම නිවනට යන ගමනේ පාරිශුද්ධියක් ඇතිවීම විය යුතුය. එම පාරිශුද්ධිය මෙම පුණ්‍ය කර්ම තුලින් ඇතිවේ.
Ø දාන - භෝග සම්පත් ලැබීමට දන් දීම පුරුදු කිරීමයි. එය ලෞකික අපෙක්ෂාවකි.
Ø සීල - සග්ග හොඳ ඉපදීමක් බලාපොරොත්තුවෙන් කරන්නකි.
Ø භාවනා - නිබ්බාණ - නිවන් අවබෝධයට අවශ්‍ය වන්නකි.
 
"ඌණො හුත්වා ජහන්ති දෙහං"
සෑම අයෙකුටම කුමක් හෝ බලාපොරොත්තුවක් ඇතිව මැරෙයි. බෞද්ධ සමාජයේ පන්ති අරගලයක් නොවිය යුතුයි. ඉහළ සැප විදින්නවුන් සිටින්නේ පින් කල නිසාවෙනි. එබැවින් සම අයිතීන් වෙනුවෙන් අරගල කිරීමේ තේරුමක් නැති බව මේ අනුව වැටහෙයි.
දස පින් කිරිය වත් අතර
Ø පත්ති - පින් කිරීම/
පත්තානුමෝදනා - අනුන් කරන පින් අනුමෝදන් වීම
Ø ව්‍යෙවච්ච - වැඩිහිටියන්ට වතාවත් කිරීම
Ø අපචායන - ගරු කල යුත්තන්, පිදිය යුත්තන් පිදීම
යන කරුණු තුන සලකා බැලීමේදී මේ තුලින් සමාජ සාමග්‍රිය ඇති වේ.
සබ්බේ සත්තා, භූතා, සත්තා, - යනු දෙවියන්ට පින් අනුමෝදන් කිරීමෙදී සිතවත් නැති පිරිසකට පින් අනුමෝදන් කිරීමටයි.
පින් අනුමෝදන් වීම - අනුන්ගේ පින් අනුමෝදන් වීම යනු අන් අයගේ වැඩ අගය කිරීමයි. එයි මානසික සෞක්‍ය තත්වය දියුණු වේ. ඕනෑම අයෙකුගේ කැප වීමෙන් වැඩ කිරීම අගය කල යුතුයි. එහිදී දෙපාර්ශ්වයම සතුටු වෙයි. අන් අය කරන සියළුම හොඳ දෙවල් හිදීම සතුටු වීම මෙයින් ඇඟවෙයි.
නිදසුන -:
ආනන්ද හිමියන් දුකින් සිටින විට බුදුහිමියන් විසින් ආනන්දය, ඔබ බොහෝ පින් කල කෙනෙකි, යි. අගය කල සේක.
පත්තානුමෝදනා -: පින් අනුමෝදන් වීම. අන් අයගේ පින් ඉල්ලා අනුමෝදන් වීමකි.
ව්‍යෛවච්ච -: අන්‍යෝන්‍ය ගරු කිරීමෙන් සිටීම. මෙයින් කියැවෙන්නේ ගුණයෙන් උසස් අයට සැලකීමය. මෙවැනි අයට ගරු කිරීම උපදෙස් ගැනීම සප්ත අපරිහානී ධර්ම වලද එන කරුණකි. (වතාවත් කිරීම )
අපචායන -: ගුණවතුන් පිදීමයි. මේ කරුණු තුලින් සමාජයේ සංවර්ධනයක් වනවා සේම පිනක්ද සැලසෙනවා ඇත.
ඉහත දක්වන ලද කරුණු කිහිපය දෙස බැලීමේදී ඒ මගින් බොහෝ දුරට සමාජ සංවර්ධනයක් අපේක්ෂිත බව පෙනේ.
දෙසනා - ධර්මය දෙශනා කිරීම.
සුති - ධර්මය ඇසීම.
දිට්ටිජු - ඒ ඇසූ ධර්මයට අනුව දෘෂ්ටිය යහපත් කර ගැනීම.
පොදුවේ මෙම අවසන් කරුණු 3න් පැහැදිලි වන්නේ නම් නිවැරදි දෘෂ්ටියක් අවශ්‍ය බවයි. ඉහත සමාජ සාරධර්ම සංවර්ධනට යහපත් සන්නිවේදනයක් අවශ්‍ය වනවා මෙනම ඒවා ලබා ගැනීමද ක්‍රියාවට නැගීමද අවශ්‍ය වේ. ඒ අනුව බුදිමය අගය වැඩි කිරීමට ද ඒවා හේතු පාදක වේ. මේ කරුණු සියල්ල තුලින්ම පොදුවේ අපේක්ෂා කෙරෙනුයේ යහපත් වූ සංසාර ගමන් මගක්, හොඳ සමාජ සංවිධානයන්ද, බුද්ධිමය අගයන්ද වැඩි දියුණු කිරීමකි. මෙම කරුණු වලින් කියැවෙන ප්‍රධානම අදහස ලෙස ගත හොත් මිනිසුන්ගේ හිත් සංතෝෂයෙන් තැබීම මූලික වන බව පෙනේ.
 ආකඛෙඛ්‍යය සූත්‍රය (මජ්ජිම නිකාය )
මෙයින් අදහස් කෙරෙන්නේ "කැමති නම්" යන අදහසයි. එය අනියතාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියාවකි. ඔබ කැමති නම් නිරෝගී වන්නට සිතා ශීල, භාවනාදිය, කරන්න. සිල් රැක ජනප්‍රිය වන්නට සිතන්නේ නම් එය කරන්න. කෙනෙකු ජනප්‍රිය වන්නට බොරු ආදී පස් පව් ආදිය කරනවාට වැඩියෙන් එය ඉතාමත් වටී. එය මාර්ගය තේරුම් ගැනීමට ඉතාමත් හොද ක්‍රියාවකි. තේරුම් ගත් පසු නිවනට යයි. එතෙක් මේවා කරයි.
ආර්ථික ප්‍රශ්න විසදීමට සිතා කෙනෙක් සිල් ආරක්ෂා කරයි නම් එය යහපත් වේ. බුදු දහමේ දක්වන කරුණු අනුව එයින් දියුණුවක් ඇතිවන බව පෙනේ. එමගින් බෞද්ධ සංස්කෘතිය අර්ථවත් කරයි. සමාජය සුවපත් කරන්නේද මෙවැනි පින් කම් වලිනි. විමානවත්ථු, පෙතවත්ථු පින් පව් කලවුන්ට ලැබී ඇති ඵලයන් හා ආදීනව දක්වා ඇත. ඒ අනුව පුණ්‍ය ඵලය සැපදායක වන අතර පවේ ආදීනව දුක්ඛදායකද වන බව තහවුරු වෙයි.
ජිව මතක දාන
කෙනෙකු ජීවත්ව සිටියදීම පින් අනුමෝදන් වීමට කරන පින්කමකි. මෙයද මානසික රෝගියෙකුගෙන් ඇරබෙන්නට ඇතැයිද විශ්වාස කල හැක.
වතාවත් අතීතයේදී පවා ස්ථාන වලට ගරු කිරීමක් තිබෙන්නට ඇත. බුද්ධ කාලයේ සුජාතාව විසින් දරුවකු ලැබෙන්නට යැයි සිතා වනස්පති වෘක්ෂ පූජාවක් කලාය. මල් නොමැතිව ඵල හට ගන්නා වෘක්ෂයන්ට පූජාවක් කල විට දරු ඵල හට ගන්නා බවට විශ්වාසයක් මිනිසා තුල තිබූ බවට සාක්ෂි මින් ලැබේ.
සමාජ සේවා
ඉහත කරුණටම අයත් වේ.
යන්ත්‍ර මන්ත්‍ර
නිතර කීම යන අදහසයි. ජප කිරීම යනුද එයයි.
ජපතෝ නාස්ති පාතකම්
එකම දෙ නිතර නිතර භාවිතා කිරීම තුලින් කරදර අඩුවන් බව මින් කියවේ. නිතර නිතර කියන විට එයට හැඩ ගැසේ.
යමක් බහුලව කියයි නම් සිත එයට හැඩ ගැසේ. නැමෙයි. කරණීය මෙත්ත සූත්‍රය තුලද එම අංග ක්‍රියාත්මක කලයුතුයි කියා ආරම්භ කර ඇත. සීවලී පිරිතද මන්ත්‍රයක් ලෙස සකස් වී ඇත්තේ ඒවාසජ්ජායනා කරන විට ඒ අනුව ජීවත් වන්නට උත්සාහ ගනී. බිලිපූජා පළමුවෙන් තිබූ නමුදු පසුව සමාජයශුද්ධ වූවෙන් ඒ වෙනුවට "පිෂ්ට පසු යාගය" ලෙසින් පිටි වලින් එම සතුන් සාදා එම යාගයන් කිරීම සිදු කොට ඇත. මේවා බුදු දහමේ නොමැත. ඒ වෙනුවට වෙනත් අර්ථ කථන දීමක් බුදු දහමේ සිදු කොට ඇත.
 
E. ධර්‍ම දේශනාව මනෝ චිකිත්සක ක්‍රමයක් ලෙස වැදගත් වන අයුරු.
ථෙරවාද රටවල් අතර වැඩියෙන්ම බුරුමය හා ලක්දිව දක්නට ඇත.අනෙක් රටවල ඇතේ මේ වෙනුවට පිරිත් දේශනාය. ඉතා වටිනා මනෝ චිකිත්සක ක්‍රමයක් ලෙස සැලකිය හැක.
දීඝ නිකායේ කේවඩ්ඩ සූත්‍රයේ ප්‍රාතිහාර්‍යය තුනක් ගැන සදහන් වේ.
1. ඉද්ධි ප්‍රාතිහාර්‍යය (ගන්ධාරී)ගන්ධාරී විද්‍යාව දන්නාවුනට කල හැකිය.
විතක්ක විප්ඵාර සෑද ගැඹුරින් යමක් ගැන සිතන විට ඒ ගැන අන් අයටද දැනෙයි. විප්ඵාර යනු එයින් ශබ්දයක් පිටවීමයි.
2. ආදේසනා ප්‍රාතිහාර්‍යය (හික්මීම, / මණිකා)
3. අනුසාසනා ප්‍රාතිහාර්‍යය
මින් පලමු හා දෙවනි කරුණු ගැන බුදු දහමේ එතරම් සැලකිල්ලක් දක්වා නැත. එනම් බොහෝ දෙනෙකුට කල හැකි වූ බැවිනි.බුදුන් වහන්සේද නොකර බැරි තැන් වලදී පමණක් මේවා කල බව සඳහන් වේ.
නිදසුන් - මරණයට පත් වූවන් උපන් තැන් පැවසීම.
මහා පරිනිර්වාන සූත්‍රය
බුදු දහමෙහිදී අනුසාසනය අනුමත කර ඇත. එය අද අදහස් කරන උපදේශනය නොවේ.
iy;sl ;snQ mukska WmfoaYkh l, yels fkdfõ එය අවම සුදුසුකම පමණි.
 
අනුසාසනයේදී.....
· අනුන්ගේ දෙට ඇහුම් කන් දීම ඉතා අවශ්‍යය.
· "ආවිකතානිස්ස ඵාසු හොති" හිතේ තබාගෙන නොසිට ප්‍රකාශ කිරීම. ඉන් පහසුවක් ලැබේ.
· බුදු සමයේ උපදේශනයට සමාන කමක් දක්වන්නේ ආපත්ති දේශනාය. ( තව කෙනෙකුට කියා නිදහස් වීම. )
· තම වැරදි අන්‍යයන්ට පැවසීම. අරුණ නැගෙන්නට පලමු කල යුතුය. දින ගනනින් පසු නිකල යුතුය.
· උපදෙසනයටත් එහා ගිය උසස් බවකින් සැකසී ඇත.

උපදෙශකයා
1 උපදේශකයා තුලද වැරදි තිබිය හැක.
2 උපදෙශනය සමාජයේ, පවුලේ, සාමකාමී බව එකමුතුව ආදියට හේතු වේ.
3 ගැටළු වලට විසදුම් පමණක් ලබා ගැනීමට යොදා ගනියි.

අනුශාසකයා
1 අනුශාසනයේදී එසේ නොවේ. එසේ වැරදි තිබිය හැකි නොවේ.
2 අනුශාසනය ඉන් එහාට ගිය එකකි.
3 උසස් ගුණධර්ම වර්ධනය වේ.

"පළමුව තමන් මඩෙන් ගොඩවිත්, පසුව අන් අයද ගොඩගත යුතුය."
අනුශාසන - ශාස්/ උපදෙස් දීමේ ධාතුවයි.කෙනෙකුගේ දියුණුවට උපදෙස් දීම.
අනු - අසන්නාට ගැලපෙන්නා වූ ලෙසට මුලින් එය කල යුතුය.
බුදු පසේ බුදු මහ රහත් ආදීන්ට අන් අයගේ මනස ගැන දත හැකිය. නමුත් සාමාන්‍ය අයට එසේ නොමැත. එබැවින් එවන් උතුමන්ගේ චරිත විශ්ලේශනය මඟින් ඒ පිළිබඳව හැදෑරීම කල යුතුයි.අභිධර්මයේ පුග්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේ එම චරිත විග්‍රහය පුළුල් ලෙස දැක්වේ.
ශ්‍රද්ධා, බුද්ධි, විතර්ක/ රාග, ද්වේශ, මෝහ
රාග, ද්වේෂ, මෝහ යනු අයහපතට සිත යොමු වූ කල ක්‍රියාත්මක වන අයුරුය.
සද්ධා, බුද්ධි, විතක්ක යනු යහපතට සිත යොමු වූ කල ක්‍රියාත්මක වන අයුරුය.
ශ්‍රද්ධාවේ පදනම රාගයයි.
බුද්ධියේ පදනම ද්වේශයයි.
විතර්කයේ පදනම මෝහ සිතද වේ.
බුද්ධියේ පදනම ද්වේෂයයි. - එවන් පුද්ගලයා අන් අයගේ දැනුම විවේචනය කරමින් අළුත් දෙයක් වෙනුවෙන් අධ්‍යාපනය කරයි.
මෙම චරිත විග්‍රහයන්ගේ දැනීම උපදේශනයේදී අනිවාර්‍යයයි.
බුදු දහමේ එන සිවි පිළිසිඹියාවන්ද ප්‍රධාන අංග කීපයකි.
i. අත්ථ පටිසම්බිදා
ii. ධම්ම පටිසම්බිදා මෙම කරුණු මගින් පැහැදිලි වන්නේද සංනිවේදනය පිළිබඳ ඥාණයන් ගැනයි.
iii. නිරුක්ති පටිසම්බිදා
iv. පටිභාන පටිසම්බිදා
අත්ථ පටිසම්බිභිදා - ඵලය පිළිබඳ දැනුමයි.
ධම්ම පටිසම්භිදා - හේතු පිළිබඳ දැනුමයි.
මේ කරුණු දෙකෙන්ම ලෝකය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලැබේ. ලෝකයේ ඕනෑම කෙනෙකුට මේ දැනුම තිබිය හැකිය. එහෙත් එහි සීමාවන් (ප්‍රමාණාත්මක බවක් ) තිබිය හැක. පසේ බුදුන් වහන්සේටද මේ දැනීම ඇත.
"යෝ බුද්ධං පස්සති සො ධම්මං පස්සති
යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති."
නිරුක්ති පටිසම්භිදා - දැනගත් දැනුම ප්‍රකාශ කිරීමේ හැකියාව. බුදුන් වහන්සේ සත්තා දේව මනුස්සානං කීවේ මෙම හැකියාව ඇති අයටයි.
"ඒක සත වොහාරික කුසලෝ
සියළු භාෂා දැනීම සංනිවේදනය පසසුවකි. බුදු සමය මෙතරම් ජනප්‍රිය වූයේද විවිධ භාෂාවන්ගෙන් දෙසූ නිසාය.
 
පටිභාන පටිසම්භිදා
මිනිසුන් තේරුම් ගන්නේ කෙලෙසදැයි දැන ගැනීම.සංගායනාවන්ට මෙවැනි සිව් පිළිසිබියාපත් රහතුන් පමණක් ගත්තේ ඔවුන්ට සංනිවේදනය පිළිබඳ හැකියාවක් තිබූ බැවිනි.
අනුපුබ්බී කථා - අනුපිලිවෙල කථාව.
සාමුක්කංසික දේසනා - උසස් දේශනාව
පළමුවැන්න කථාව ලෙසද, දෙවැන්න දේශනාව ලෙසද දැක්වෙන්නේ සංනිවේදනයේදී මේ කරුණු දෙකම අවශ්‍යය කරන බැවිනි.
ධර්මය දේශනා කරන විට කථාවද දේශනාවද තිබිය යුතුය. දාන කථා සීල කථා ආදී වශයෙන් ඒවා සදහන් කරයි.
සාමුක්කංසී යනු උසා චතුරාර්ය සත්‍ය දේශනාවයි. ඊට සුදුසු මානසිකත්වයක් ගොඩනැංවීම සඳහා අනුපිළිවෙල කථාවක් පැවැත්වීම.
අනුපුබ්භී කථා
දාන කථා
සීල කථා
සග්ග කථා
 
"කාමානං ආදීනවං ඕකාරං සංකෙලෙසං නෙක්ඛමෛ ආනිසංසො
 
දාන කථා - පරිත්‍යාගයේ වටිනාකම
සීල කථා - ආචාර ධර්මයේ ඇති වැදගත්කම
සග්ග කථා - පින් කල විට ප්‍රතිඵල ලැබීම, දිව්‍ය ලෝක සැප
කාමානං ආදීනවං ඔකාරං සංකිලෙසං - කාමයන්ගේ ආදීනව හාඒවායේ ඇති ලාමක බව , සිත කලකිරවන බව
නෙක්ඛ්මෛම ආනිසංසා - එම කාමයන්ගේ වෙන්වූ විට ලැබෙන ආනිසංස
මෙම කරුණු දෙස බැලීමේදී බොහෝ විට පෙනෙන්නේ ප්‍රථමයෙන්ම දානාදී අරමුණු මගින් සිත ඉහළ මට්ටමට ගෙන ඒමත් ඉන් බැහැර වීමෙන් වෙන දෝෂයත් පෙන්නාදීමයි. ඒ අණුව චතුරාර්‍යය සත්‍ය දේශනාවට පසුබිමක් සකස් කිරීමද සිදු කරයි. මෙය සංනිවේදනයේ ඇති න්‍යයකි.දේශනාව යනු ප්‍රාතිහාරයකි. එයට කලින් සිත හැදීම කල යුතුය. මේ අනුපිළිවෙල කථාවෙන් ප්‍රතිඵලයක් තිබිය යුතුය. එය ඕනෑම අයෙකුට සමානය.
 
"යදා තෙ භගවා අඤ්ඤසි"
· කලල චිත්ත - සුදුසු යන අදහසයි. සිත සුදුසුය. එකක් බවට පත් කිරීම ඉන් කියයි.
· මුදු චිත්ත - නම්‍යශීලී සිතක් ඇති කල යුතුය.
· විනීවරණ චිත්ත - නීවරණ වලින් දුරු වූ සිතක් බවට පත් කල යුතුය. ඕනෑම කෙනෙකුට අදාල වන්නකි. අරමුණක් සිතන විට ථීනමිද්ධය නැතිව යයි.
· උදග්ග චිත්ත - සිත ඉහලට යාමට සැලැස්වීම.
· පහට්ඨ චිත්ත - සතුටු කරන්න. ඉලක්කය පිළිබඳව සතුටු කිරීම.
· ආනෙඤාපතක චිත්ත - නොසෙල්වෙන සිතක් ඇති කල යුතුය.
· කමමනීය චිත්ත - අකර්මණ්‍ය නොවන ක්‍රියාශීලී සිතක් ඇති කල යුතුය.
මෙම මනෝ චිකිත්සාවේදී තමාගේ අරමුණ ඉදිරියේ තබාගෙන එහි ප්‍රතිඵලය නිතර මෙනෙහි කරමින් කථා කල ‍යුතුය. බුදුන් වහන්සේ දේශනාවේදී "සමෝධානය" ලෙසින් කළ කී දේවල්වලට අනුව අවසානයක් තිබිය යුතුය. එනම් එකම ඉලක්කයක් තිබිය යුතුය. කරුණු රැසක් තිබුනද එයින් අවබෝධයක් නොලැබේ. එය එක්කොට සමෝධානය කිරීමෙන් නිවැරදි අවබෝධයක් ලැබේ. ඥාණවන්තයා යනු නොකියූ දේ කියන්නායි. මෙම ලක්ෂණය නැණවත් බවේ ලක්ෂණයකි.

දේශනා විලාසය.
දේශනා කිරීම අද සංනිවේදන විෂයක් ලෙස දියුණු කොට ඇත. අංග චලනය යන්න අනිවාර්‍යය දෙයක් නොවේ. ප්‍රකාශ කරන වචනය ප්‍රධාන වේ. වසර 2600 පමණ පැරනි බුදු දහම සාර්ථකව සංනිවේදන වී ඇති බව පෙනේ. එය දැනුදු තව තවත් ඉදිරියට යමින් පවතී. උපදේශනයේදී ද වචන සමූහයක් අවශ්‍ය නොවේ. එනිසා උපදේශනයේදී එතරම් ස්ථිර කිරීම අවශ්‍ය නොවේ.
බුදු දහමේ දෙශනා කිරීම නම් වූ කාර්‍යය නිවැරදිව පිහිටන්නේ කරුණු සතරක් සම්පූර්ණ වූ විටය.
අත්ථ පටිසම්භිදා - අත්ථ (ඵලය ) පිළිබඳ දැනීම
ධම්ම පටිසම්භිදා - හේතුව පිළිබඳ දැනීමය. එනම් දෙශකයාසතු විය යුතු ලක්ෂණයකි. කෙනෙකුට යමක් පිළිබඳව කථා කරද්දී ඔවුනගේ අවශ්‍යතාවය හදුනා ගත යුතුය.
නිරුක්ති පටිසම්භිදා - ඉහත දැනුම ප්‍රකාශ කිරීමේ හැකියාවයි.
පටිභාන පටිසම්භිදා - අසන්නා තේරුම් ගන්නේ කෙලෙසදැයි තේරුම් ගැනීමයි.
එකල මෙම තත්වයන් ලැබූ ගිහිව වාසය කලවුන් පවා සිටි බව පෙනේ. චිත්ත ගෘහපති, ඛුජ්ජුත්තරා, උපාලි ගෘහපති, ආනන්ද තෙරුන්.
මෙම කරුණු හෙවත් ඥාණ 4ටම පොදු ලක්ෂණ.
පුබ්බ යෝග - පෙරුම් පුරාගෙන ඒම
බාහුසමච්ච - දැනුම
දේසභාසා - භාෂා කීපයක් දැනීම
මේවාට අදාලව බොහෝ කොට නිතර නිතර කථාකිරීමක් නොහැගවෙයි. එය ක්‍රමාණූකූලව විය යුත්තකි. එසේ බොහෝ කොට කථා කරන්නේ නම් ධර්මයේ දැක්වෙන්නේ භස්සාරාමතා ගණයට වැටෙන්නේය.
නිදසුන - අංගුලිමාලව අනුසාසනී පටිභාරිය මගින් බුදුරජානන් වහන්සේ දමනය කලහ. එය අනෙකකින් කල නොහැක්කකි. "මම සිටියා නුබ සිටපන්" යන වාක්‍යය පමණක් දෙශනා කලහ.
එබඳු විධානයකින් හික්මුනු අංගුලිමාල තෙරුන් වහන්සේ මුවින් පිටවුනු "සථෝහං භගිණි...." ආදී වූ වචන කොතරම් බලවත් වූවාද අදද එම වචන පිරිත්තුලන් සෙත සලසන්නේය.
ඉහත දෙසුමේදී දැක්වූ කලල චිත්ත මුදු චිත්ත ආදී ලක්ෂණද ඉතාමත් යෝග්‍ය භාෂා ශෛලියක ලක්ෂණ සේ සඳහන් වේ.
කලල චිත්ත - අවස්ථාවට සුදුසු ලෙස සිත සකස් කිරීම.
මුදු චිත්ත - මළ ගෙදරකදී සංතෝෂ වීමට නොහැකි බව දැන අවස්ථාවට සුදුසු සේ කටයුතු කිරීම. ඒ අනුව බුදුන් වහන්සේ නිශ්ශබ්දතාවෙන්ද, ගාථා භාෂිතයෙන්ද, බසේ මුදු බව පෙන්වූ අවස්ථා ඇත. නූතනයේ ගීත තුලින්ද කරන්නට උත්සාහ ගනුයේ හිත් මොලොක් කිරීමයි.
 
ඒකංස ව්‍යාකරණීය - සෘජු පිළිතුරු දුන් අවස්ථා.
අජාසත් රජු සාමඤ්ඤ ඵල විමසූ විට ෂඩ් ශාස්තෘන් ඊට නොයෙකුත් අදාල නැති පිලිතුරු දුන් කල,
බුදුන් වහන්සේ රජුට කීවේ, "තමාගේ සේවකයෙක් සසර කලකිරී පැවිදිව රාජ මාලිගයට පැමිණි විට ඔබ කරන්නේ කුමක්දැයි ?"
රජු "මා වැද නමස්කාර කොට පිලිගන්නවා" යනුවෙන් පිලිතුරු දුනි. එයින් රජුගේ ප්‍රශ්නයටද පිලිතුරු ලැබුණි.
විභජ්ජ ව්‍යාකරණීය - බෙදා දැක්වීමෙන් පිලිතුරු දීම.
ප්‍රශ්නය - "ආත්මය සදා කාලිකද?"
බුදුරජානන් වහන්සේ මෙහිදී ආත්මය යන්නෙන් ආත්මය යන්නෙන් අරුත් කීපයක් අදහස් කරන නිසා ඔබ අදහස් කරන්නේ කුමක්ද කියා අසා එයට පිලිතුරු දෙයි.
පටිප්‍රච්ඡා ව්‍යාකරණීය - ප්‍රශණය අසන්නාගෙන්ම නැවත ප්‍රශ්ණ කොට පිලිතුරු ලබා ගැනීම.
නිදසුන් - දීඝ නිකාය පුරාම ඇත. මිලින්ද ප්‍රශ්ණය, කථාවත්ථුප්පකරණිය, කසීභාරද්වාජ සූත්‍රය, ධනිය ගොපාල සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය.
එබැවින් සංවාද ක්‍රමයම ඉතා සාර්ථක ක්‍රමයකි.
 
ථපනීය ව්‍යාකරනීය - පිළිතුරු නොදීසිටීමෙන් නිශ්ශබ්දව සිට ශ්‍රාවකයාටම අවබෝධකර ගැනීමට අවස්ථාව සැලසීමයි. නිශ්ශබ්දව සිටීම දඩුවම් ක්‍රමයේද සඳහන් වන තිණාවත්ථාරක නැවත නැවත යමක් ගැන කථා කිරීමෙන් ගැටළු මතුවේ නම් ඒවා වසා දැමීම ද කල හැකිය.
බුදුරජානන් වහන්සේගේ සංනිවේදනයේ ලක්ෂණ බොහෝ තැන්වලදී සඳහන් වෙයි.
නිදසුන -
1. අංගුත්තර නිකායේ එන එකදග්ග පාලියේ.
2. තවද මිහිරි හඬ ඇත්තන් අතර ප්‍රධානත්වය ලකුණිඨක භද්දිය තෙරුන් වෙත ලබාදී ඇත.
3. කුලපපසාදාකානං භික්ෂුනං යද්දිං කාලූදායි. ජනයාගේ සිත් පහදවන්නං අතර ප්‍රධාන තැන කාලූදායි තෙරුන්ටද
3. සංඛිතෙතන භාංසිතසස. කෙටියෙන් කී දෙය විස්තර කරන්නන්ගේ ප්‍රධාන තැන මහා කච්චායන තෙරුන්ටද ආදී වශයෙන් සංඉවේදනයේ හැකියාවන් බුදුන් වහන්සේ විසින් අගය කිරීමද "බෞද්ධ සංනිවේදනයේ" ඇති ලක්ෂණයකි.
සනිවේදනයේ බුදුරදුන්ටම ආවේනික වූ ඉතා අගනා ලෙස සකස් වූවක් බවට පත් වූයේ එය අවස්ථාවට උචිත ලෙස ගැලපුණු නිසාය. එනම් රෝගය පරීක්ෂා කොට බෙහෙත් නියම කිරීමක් බඳු ක්‍රමයකි. කිසි කලෙක උන් වහන්සේ කලින් සිතා සූදානම් වී කිසිවකට පිළිතුරු නුදුන්හ. මනෝ උපදේශනයද මෙයට සමානව සිදුවිය යුත්තකි. මනෝ රෝග හා උපදේශනයද දිය යුත්තේ ස්ථානයට හා පුද්ගල චරිත වලට අනුවය.
ඒවා මුලින් තීරනය කර කල හැකි නොවේ. එබැවින් ඒ ඒ පුද්ගලයාට දෙන මනෝ උපදේශනයන් ඔවුනොවුන්ට වෙනස් විය හැක. ඒවාට අළුත් අළුත් ක්‍රම නිර්මාණය කල හැකි විය යුතුයි. ඇතැම් විට එය අනාගතයට නොගැලපෙන්නක්ද විය හැකියි. ඒ කෙසේ වෙතත් එහි අරමුණ විය යුත්තේ එකකි. බුද්ධ චරිතය තුලද අපට එවැනි අවස්ථා කිහිපයක් හමු වෙයි.
1. කසී භාරද්වාජ බමුණාට කුඹුරක් මුල් කොට
2. සිඟාල ගෘහපතියාට දිසා වන්දනය මුල් කොට
3. කුම්භකාරට මැටි වලන් මුල් කොට
4. මාලා කරුවෙකුට මල් අරමුණු කොට
අපට මෙවැනි තැන් බොහොමයක් ත්‍රිපිටක සාහිත්‍ය තුලින් අධ්‍යනය කල හැකිය. ඒ සිඳු වීම් අනුකරණය මඟින් අපද මනෝ චිකිත්සාවට නව ශිල්ප ක්‍රම භාවිතා කිරීම සුදුසු බව පෙන්වයි.

පුණ්‍යානුමෝදනා
මිනිසාට මනෝ රෝග ඇති වීමට බලපාන ප්‍රධානතම සාධකය වන්නේ මරණයයි. මනුෂ්‍යය ඉතිහාසය තුල සියළුම ආගම්වල මෙය සාකච්ඡාවට බඳුන් වූවකි. මෙය පුණ්‍යානුමෝදනා පිංකමට ප්‍රධානතම හේතුවයි. ආසියාකරයේ බහුල වශයෙන් භාවිතා වෙයි. ජාතී, ජරා, මරණ යන දුක් වලින් ප්‍රධාන දුකක් වන්නේ මරණයයි. වනචාරී යුගයේ සිටම පිළියමක් නොමැති ගැටළුවක් බවට පත් වී ඇත.
 
මරණයට පිළියමක් නොමැති බව පැවසෙයි.
1. බිලි පූජා වලටද මිනිසා යොමු වූයේ සිතේ මරණය නිසා හට ගන්නා ලද ශෝඛය තුනී කර ගැනීමටය.
2. තවද කෘතඤඥතා ගුණය වැඩි කර ගැනීමද මෙයින් අපේක්ෂිතය.
3. අතීතය අමතක නොකිරීමද මෙයින් ගම්‍ය වේ.
රටවල දියුණුවත් සමග මිනිසා වර්ථමාණයෙහි පමණක් ජීවත් වේ. ඔවුනට උදව් උපකාර කලවුන් ගැන පවා අමතක කරන ස්වභාවයක් ඇත. ඒ අනුව මළවුන් පිළිබඳ චාරිත්‍ර වාරිත්‍ර තුල මිනිසාගේ තනිකම දුරු කිරීමද සිදු වෙයි. මිය ගිය අයවද තනි නොකරන ස්වභාවයක් මෙතුල ඇත.
මහායාන රටවල "බොන්" නමින් ප්‍රසිද්ධ උත්සවයක් ඇත. (චීනය, ජපානය, කොරියාව වැනි. ) මහායාන සූත්‍රයක් උල්ලම්භන නමින් ඇත. එනම් උල්ලම්භන > උබොන් > බොන් ලෙස මෙය සකස් වී ඇත.
උල්ලම්භන යනු එල්ලෙනවා යන අර්ථයයි. මෙය මළ ගිය අයට ආහාර දීමේ උත්සවයයි. මෙසේ පිංදීමෙන් මලගිය ඥාතීන් නරක උත්පත්තියකින් වැලකේ යැයි ඔවුන් විශ්වාස කරයි.
මළගිය ඇත්තන් වෙනුවෙන් කෙනෙකුගේ ජීවිතය බිලිදීම බුදුදහමට විරෝධී වේ. එයින් ඔවුන්ට කරන්නේ හානියකි. එබැවින් අතීතයේදී බිලිදීම වෙනුවට "පිෂ්ට පසු" යාගය ලෙස එම බිලිදෙන සත්වයා පිටි වලින් සාදා එය බිලි දුන්හ. බෞද්ධ සමීකරණ න්‍යාය පවතින න්‍යායන්ට අනුගත වීම මෙයින් අදහස් කරයි. බුදු දහමෙන් කරන්නේ පවතින ක්‍රමයන්ට අනුගත වීමකි. මේවා සියල්ල ශීල ඝනයට අයත් වේ. එනම් මිනිස් චර්යාවයි.
"සීල පරිභාවිතා සමාධි" සීලය සමාධියට හේතු වේ. බුදු දහමේ සමාධිය යනු මානසික ඒකාග්‍රතාවයි. සීලබ්බත පරාමාස නම් හොද නැති ඒවායි. එනම් යම් සීලයක් වෘතයක් නිසා මනස අවුල් වෙයි නම් ඒවා බුදු දහම බැහැර කරයි. එබැවින් මළවුන්ට පිං දීමේදී පිංකම් ඝනයට ලා සැලකිය යුතුවේ.
 
යන්ත්‍ර මන්ත්‍ර සෙත් කවි
හින්දු ආගමෙන් ලබා ගත් දේවල්ය. අශෝක යුගයෙන් පසු බුදු දහම විශාල ලෙස පිරිහුනි. ඉන් පසුව බලයට පත් වූයේ හින්දු රජවරුන්ය. එම් නිසා බෞද්ධ භික්ෂූන්ට හින්දු ආගමට අනුගත වීමට සිදු විය. එයින් පසු හින්දු චාරිත්‍ර බෙහෙවින් බුදු දහමට ඇතුල් විය. ඉහත කරුණු සමීකරණ න්‍යාය නම් වේ. තන්ත්‍රයානයේ පදනම වූයේද මෙයයි.
බුදු සමය
1. මුල් බුදු සමය
2. ථෙරවාදය
3. මාධ්‍යමික
4. යෝගාවචර
5. තන්ත්‍රයාන (ටිබෙට් සම්ප්‍රධාය )
මෙය බෙහෙවින් දියුණු වූයේ බලි, බිලි, යන්ත්‍ර මන්ත්‍ර තොවිල් ශාන්ති කර්ම බුදු සමය සමග ඈදා ගැනීම නිසාය. පසුව ඒවා මූලිකත්වයට පත් විය. මුල් බුදු සමයේදී මෙවා සීලය ලෙසින් තිබිණි. පසුව තන්ත්‍රයානික භික්ෂූන් වහන්සේලා ශාන්ති කර්ම කරන අය බවට පත් විය.
ඉන්දියාවට මුස්ලිම් ආක්‍රමන පැමිණීමත් සමග ආවේ සුළු පිරිසකි. (17 දෙනෙකු අසු පිටින් පැමිණ මුළු රාජ්‍යම අල්ලාගත් බව පැවසේ.) රජ මාලිගයේ ආරක්ෂාව ඉවත් කොට තන්ත්‍රයාණික භික්ෂූන් උදේ දවල් සවස සෙත් ශාන්ති කරමින් සිට ඇත.නැගෙනහිර ඉන්දියාවේ තන්ත්‍රයානික භික්ෂූන් වැඩිපුරම සිට ඇත. මොවුන් ඉතා ධනවත් අයයි. මෝගල් ආක්‍රමනයට එය හේතුවක් විය. ඔවුන් අතින් භාරතයේ පංසල් විශාල ලෙස විනාශ විය.
නිදසුන් - නැගෙනහිර භාරතයේ ඔරිස්සා ප්‍රාන්තයේ ලලිතගිරි, කණ්ඩගිරි, උදයගිරි යැයි පර්වත 3ක් විය.(එකක් අක්කර 25000/ 30000 පමණ විශාලය.)මෙහි විශාල වශයෙන් බෞද්ධ නටබුන් ඇත. ඒවායේ මල් ආසන යට විශාල වශයෙන් රන් රිදී මුතු මැනික් වටිනා දෙ සගවා තබා තිබී ඇත. දැන් මෙහි මිනිසුන් පදිංචි වී සිටී.
තන්ත්‍රයානය තුල ප්‍රඥා පාරමිතා සූත්‍රය ඉතා දීර්ඝය. එබැවින් මෙම භික්ෂූන්ද හින්දු ක්‍රමය අනුගමන කරමින් ප්‍රඥා පාරමිතා මන්ත්‍රයක් නිර්මාණය කර ඇත. "ඕම් මනිපද්මේ හුම්" වැනි මුළු සූත්‍රයම මෙය කියවූ විට කියැවෙන බව දක්වා ඇත.
ප්‍රඥා පාරමිතා දේව කාව්‍යයක්ද නිර්මාණය කලහ. එයට රූපයක්ද නිම විය. එම දේවතාවිය ලගට ගොස් ප්‍රඥා පාරමිතා මන්ත්‍රය කියවාපුද පූජා කලවිට ප්‍රඥා පාරමිතා සූත්‍රය කියවා අනුගමනය කල විට ලැබෙන සියළුම ප්‍රතිඵල ලැබෙන බව සඳහන්ය. අවලෝකිතේස්වර බොධිසත්ව ප්‍රතිමාවේ අත් 43ක් ඇත. ඒ සියල්ලටම ආභරන දී ඇත. එයි 3ක් හැර අනෙක් 40ම හින්දු දෙවි දේවතාවුන්ගේ අත්වල ඇති ඒවාය. අමිතාභ බුද්ධ ප්‍රතිමාවේ පපුවේ ඇති සවස්තික ලකුණද හින්දු ලකුණකි. එම ආභරන 43ට මන්ත්‍රද 43කි. ප්‍රතිපත්තිද 43කි. යන්ත්‍ර යනුවෙන් තව කොටසක් ඇති විය. තන්ත්‍ර යන්න බිහිවූයේ හොඳ පදනමකිනි. එහි අදහස නම්
"තන්‍යයතේ විස්තාර්යතෙ ඥණ මනෙනාති තන්ත්‍රඃ" ඥාණය පැතිරවීම යන අදහසයි.

මේ ලිපිය නිසා මම මගේ සියළු වැඩ දින දෙකකට පමණ නැවැත්තුවා. ඒත් මට සතුටුයි මට අවශ්‍ය ලෙස වැඩේ කෙරුනු නිසා. මින් ඔබට වැඩක් වේ යැයි සිතනවා.
 

Friday, August 5, 2011

ඔන්න එහෙනම් දියබත…………………

අද මම බොහෝ සතුටුවන දවසක්. කාලයක සිටම බලාපොරොත්තු වූ මගේ බලාපොරොත්තුවක් ඉටු වුනා. එනම් සිංහල බ්ලොග් කියවනයේ මගේ වෙද ගෙදර පල කරවා ගැනීම. කෙසේ හෝ මට ඊයේ කාලිංග දන්වා තිබුනා වෙද ගෙදර ඇතුලත් කල බව. ඔබට ස්තුතියි!

ඊලඟට මම ලියන්න හිටියේ පොඩි කෑමක් ගැන. නමුත් බෝධි පූජා ගැනත් ලියන්න හිතුනා චතුර විජේකෝන් අපේ වටිනා මිත්‍රයා නිසා. එහෙනම් අද ලියන්නේ අපේ පාරම්පාරික කෑමක් ගැන. අර සිංහල බ්ලොග් කියවනයට මගේ බ්ලොග් එක දැමීමේ ප්‍රීතිය නිමිත්තෙන්, එහෙනම් හරිනේ.....

ඔන්න එහෙනම් දියබත……………………………….

අපි කුඩා කාලේ නම් දියබත මමත් කාල තියනවා. අපේ අම්ම මට සතියකට සැරයක් නම හදලා දෙනවාමයි. මම හිතන්නේ අපේ බ්ලොග් අවකාශෙ ඇති දියබත රස බලපු අය. විශේෂයෙන් කියන්න ඕනෙ, මාරය මල්ලී, අරුණී, තව නම් මතක නැති කීප දෙනෙක් මට මතක හැටියට එක එක දේවල් උයන පිහන හැටි දැම්මා. ඔන්න මමත් මට පුළුවන් හැටියට දිය බත ගැන පොඩි විස්තරයක් කියන්නම්.

දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්.

දිය බතේ සාම්ප්‍රධායික වට්ටෝරුව.
1. හාල් පත භාගයක පමණ බත්,
2. ලියාගත් රතු ළුුණු අත්ලකින් භාගයක් පමණ
3. පොල් බෑයක කිරි,
4. දෙහි බෑවක ඇඹුල්,
4. ලුණු ස්වල්පයක්,
5. කිතුල් හකුරු අවශ්‍ය පමණ.

සකස් කරන අන්දම.
පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් (එතරම් වැදගත් නොවේ. වෙනත් භාජනයක වුවත් කම් නැත්, නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න.) ප්‍රමාණයකට වතුර පීරිසි කෝප්ප දෙකක් දමා, එයටම කපාගත් රතු ළුුණුද දමා, නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි.

පසුවදා උදයේ එහි වතුර ටික පෙරා ගන්න. ( අපි කුඩා කල මේ වතුර බීමට ගත්තා මතකයි. එසේ බීමටද හොඳයි.) ඉන්පසු ඉතිරි වූ බත් හා රතුළුුණු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර, මිරිකාගත් පොල්කිරි සමඟ එක්කර දෙහි ඇබුල් සහ ලුණු මිශ්‍ර කර කිතුල් හකුරු එක්කර උදේ ආහාරයට ගත හැකියි. ලේසියි, පාසුයි, වියදම අඩුයි. ඒත් මදෑ.

මෙහි ඇති වැදගත්කම. හෙවත් ප්‍රයෝජන.
1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි. බලන්න අද මේ රෝග තත්වය නිසා කී දෙනෙක් නම් දුක් විදිනවද, ඔබ මෙය පාවිච්චි කර අප දැණුවත් කරන්න. එවිට අන් අයටද මෙයින් ප්‍රයෝජනයක් ලැබීමට සිත් දෙයි. මේ නිසා අපේ රටට නාස්තිවන ධනය ශ්‍රමය කොපමණද, ඒ නිසා නිකමට වගේ අරන් බලන්න.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

මම මේකෙ පොඩි සංස්කරණයක් කරන්නම්, ඒ කියන්නෙ හවසට බත් ටිකක් ලිප තියලා හොඳින් නිවුනට පසු මේ ලෙස සකස් කරගෙන රෑට තබා උදේට දිය බත සකස් කර ගන්න. අනිත් කාරනේ තමයි අර මුට්ටියේ අඩිය අල්ලන කොටස් හොඳට සූරාගෙන මේලෙස පිලියෙල කර ගැනීමෙන් ද දිය බත සාදා ගත හැකියි. අඩියේ දංකුඩ ටිකක් ක්ෂාර ගතිය වැඩි නිසා ආමාශයේ ඇතිවන ආම්ලිකතාව නැති කිරීමට ඉතාමත් හොඳයි.

අපි ඉස්සර මොනතරම් නීරෝගී ජාතියක්ද?

මම හැමදාම අහන කාරණේ අපිට මොකද වුනේ?

මේවට සුද්දටවත් කාටවත් බැනලා වැඩක් නැහැ. අපි අපි එකතු වෙලා මෙහෙම අපේ පුරාන දැණුම භාවිතා කරලා මේ හැම ප්‍රශ්නෙටම කොයික වෙතත් පුළු පුළුවන් ප්‍රශ්න වලටවත් පිලිතුරු හොයා ගමු. එතකොට රටම කෙසේ වෙතත් මේ බ්ලොග් අවකාශෙ ඉන්න අපේ මිත්‍රයෝවත් හොඳ නීරෝගී අය වෙයිනේ. එහෙම අපි පටන් ගමු. මගේ දායකත්වය මම දෙන්නම්. ඔබත් බලන්න මේවා කරලා බලලා, වැඩක් නැත්නම් කෙලින් එන්න බැරි නම් ඇනෝ ඇවිත්වත් කියන්න මේක වැඩක් නැහැ. මීට පස්සේ බොරු කියන්න එපා කියලා. මම ලැහැස්තියි ඒක පිලිගන්න.


ප./ලි.
අපේ ලකීගේ ඉල්ලීම නිසා දවස් දෙකකට වරක් තමයි මීට පස්සේ ලිපි දාන්නේ. ඒක නම් මටත් හොඳයි.

Thursday, August 4, 2011

මනෝ චිකිත්සාවට ධ්‍යාන අංග උපයෝගී කර ගැනීම.

මම මේ ටිකේ නැවතත් ටිකක් වැඩ. ඒත් ලිපි ලියනවා. දැන් සති දෙකක් බෞද්ධ ලිපියක් දැම්මේ නැහැ. ඒ නිසා අද මම ලියන්නේ බෞද්ධ ලිපියක් හැබැයි මේක ලිව්වේ අද නෙමෙයි. දැන් ටික කාලෙකට කලින් ඒත් මේක ඉතාමත් වැදගත් අපේ දැණුමට. ඒනිසා මම දැන් ඔබට ලබා දෙනවා.
ධ්‍යාන අංග පිලිබඳ මට හැකි ලෙස පොඩි දැණුමක්. මේවා කාට හෝ එක අයෙක්ටවත් යම් ප්‍රයෝජනයක් ලැබුනොත් මට ඒ හොඳටම ඇති. මට ඕනෙ මගේ බ්ලොග් එකේ අපේ විද්‍යාවන් ගැන කථා කරන්න අවස්ථාව ලබා දෙන්න. ඒක තමයි මගේ එකම අරමුණ.

මෙතනදී ධ්‍යාන අංග කියලා හදුන්වන්නේ ,
1) විතක්ක
2) විචාර
3) පීති
4) සුඛ
5) ඒකාග්ගතා
යන ධ්‍යානාංග මනෝ චිකිත්සාවේදී උපයෝගී කර ගැනීමද කල හැක්කකි. කෙනෙකුගේ මනස බොහෝ විට අවුල් වන්නේ එක් අරමුණක සිත නොමැති විටයි. එසේ එක් අරමුණක් නොමැති විට කල යුත්තේ සිතට අරමුණක් නංවා ගැනීමයි.
 
විතක්ක
විතක්ක යනු සිතට යම් එක් අරමුණක් නංවා ගැනීමයි. මෙහිදී ධ්‍යාන සිත් පිළිබඳව සඳහන් කිරීමේදී සමසතලිස් කර්මස්ථාන වලින් එකක් සිතට නංවා ගැනීම කල හැකිය. අයහපත් අරමුණු ඔස්සේ සිත ගමන් කරන විට ඊට හාත්පසින්ම වෙනස් වූ යහපත් අරමුණු ඔස්සේ සිත නංවා ගැනීම කල හැකිය.
ලෝභ ද්වේශ මෝහ වෙනුවට අලෝභ අදෝෂ අමෝහ පදනම් වූ සිතක් ඇති කර ගැනීම මෙහිදී කල යුතුයි. ඒවා චරිත අණුව රාග ද්වේෂාදියට ගැලපෙන අරමුණකද තිබිය යුතුයි. එසේම වයසට ගැලපෙන අරමුණක්ද විය යුතුයි. කසිනාදී භාවනා වලදීද කරන්නේ මෙම පිළිවෙලමය. එනම් බාහිර අරමුණක් ලෙස එය සිතට නංවා ගැනීමයි. එසේ භාවනා කිරීමේදී සඳහන් ප්‍රධාන අවස්ථා 3ක් එයි.
1. පරිකම්ම නිමිත්ත - එයට සූදානම්ව ඒ භාවනාව ගන්නා නිමිත්ත පරිකම්ම නිමිත්ත නම් වේ.
2. උද්ග්‍රහ නිමිත්ත - ඇස් පියාගත් කල්හිද මුලින් දුටු ඉගෙන ගත් අරමුණ හෙවත් හිතේ ඇදගත් සටහනයි.
3. පටිභාග නිමිත්ත - උද්ග්‍රහ නිමිත්ත සිහිකරමින් සිටින විටදී නීවරණ තව දුරටත් දුරු වීමෙන් සිත පිරිසිදු වී භාවනා නිමිත්ත සියළු දොස් නොමැතිව ඉතා පිරිසිදුව පැහැදිලිව සිතට පෙනෙයි. එම පිරිසිදු වූ භාවනා නිමිත්ත ප්‍රතිභාව නිමිත්ත නම් වෙයි. එහි පාටක් හැඩයක් නැත. සිත තුල ඇතිවන දීප්තිමත් භාවයකි.
 
විචාරය / පීති / සුඛ / ඒකාග්ගතා
ධ්‍යාන අංග වල මුල් අංගය ලෙස විතක්කය ගැනේ. එනම් අරමුණු ගැනීමයි.
 
යෝගාවචරයාගේ අරමුණ කලක් ගතවන විට ඉබේම සිතේ නිර්මාණය වුවද යම් විටක එයද අඩුවක් දැකීමට ඉඩ ඇති වේ. එසේ අඩුවක් දුටුවහොත් පිරිහීමක් දුටුවහොත් එය පිලිසකර කොට නැවත නැවත එම අරමුණ සිතට නංවාලීම විචාරයයි.
 
ඕනෑම පුද්ගලයකුට මෙම නිමිති පහල වෙයි. එහෙත් ඒවා යහපත් වූ ඒවාම නොවෙති. එහි වටිනාකම තිබෙන්නේ යහපත් දේ සඳහා යොදවාලීමයි. ඒ අනුව නැවත නැවත මෙනෙහි කිරීමේදී එය යහපත් එකක් බැවින් එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රීතියක් හට ගනී. ණයකින් නිදහස් වූවකුට මෙනි. එනම් පංචනීවරනයන්ගෙන් සිත නිදහස් වීමයි.
 
එයින් පසු එම ප්‍රීතිය නිසාම සැපය ඇතිවේ.
 
සතුට ප්‍රීතිය හා සැපය නිසාම ඉන් අනතුරුව සමාධිය ඇතිවේ. මේවා පළමු දෙවන හා තෙවන සහ සතරවන යන ධ්‍යාන තත්වයන්ය.
 
එම සතර වන ධ්‍යාන අවස්තාවේදී සුඛ ඒකාග්ගතා තත්වයද ඉවත්ව උපේක්ඛා ඒකාග්ගතා තත්වයට පත් වේ. එනම් සිත මැදහත් භාවයට පත්වීමයි. මෙහිදී ප්‍රීති යන්න ඉතා වැදගත් ධ්‍යාන අංගයකි. මෙය සාමාන්‍ය ජීවිතය තුළදී වුවද උපමා කොට බැලූ විට මෙහි වටිනාකම පැහැදිලි වේ.නිදසුනක් ලෙස කාන්තාරයක අතරමං වූ අයෙකුට ඈත එක් ස්ථානයක ජලය පිළිබඳ සලකුණු පෙනෙයි. එවිට ඒ පුද්ගලයා ජලය දැකීමත් සමග නොයෙකුත් සංකල්ප චේතනා රැසක් ගොඩනංවා ගනී එනම් අරමුණු සහ බලාපොරොත්තුය. එය කෙසේද යත් ඒ ජලය මගින් තම පිපාසය සංසිදවා ගැනීමත් නෑම හා අනෙකුත් අවශ්‍යතා වලට එය යොදාගන්නා ආකාරය පිළිබඳව සංකල්ප රැසක් පහළ කර ගනී. මෙය ඉදිරි පැවැත්ම පිළිබඳව හේතුවන චේතනාවන්ය. සාමාන්‍ය ලෝකයේ පැවැත්මටද හේතු වන්නේ මේ චේතනාවන්ය ඉන් පසු ඒ චේතනා ඔස්සේ පුද්ගලයා බොහෝ ක්‍රියාවන්ට පෙලබේ. ඒ අනුව ප්‍රීති යනු සංඛාර ස්කන්ධයට අයත් ලක්ෂණයකි. මෙම ධ්‍යාන අංග වලදී පහළ වන පීතියද මෙම ප්‍රීතිය වැනිය. එසේ ජලය දැකීමෙන් සතුටුව එය භුක්ති විදින අවස්තාව සුඛය ලෙසද දැක්විය හැකිය.
 
බෞද්ධ උපදේශනය තුලින්ද කෙරෙන්නේ මෙබදුම කාර්‍යයකි. එනම් පිරිත් කීම, ජ්‍යොතිෂ, බොධි පූජා, ආදී කටයුතු සිදු කිරීමෙන් පුද්ගලයා තුළ යහපත් සංස්කාර හෙවත් චේතනා ගොඩනැංවීම සිදු කරනු ලබයි. එම චේතනාවල ඉදිරි පැවැත්ම පිළිබඳ යම් අඩිතාලමක් පවතී යැයි කිව හැකිය. හොඳ සංස්කාර හෙවත් හොඳ චේතනා ගොඩනැංවීම තුලින් පුද්ගලයා ඒ අනුව ක්‍රියා කොට යහපත් භාවයට ප්‍රතිඵලයට පත්වනවා ඇත.

Monday, August 1, 2011

යක්ෂ කථාවක් සමඟ ආදීවසීන්.

මේක ලියන්න හිටියේ ඊයෙ. නමුත් අර ගොවිතැනයි මගේ වැඩයි එක්ක ටිකක් බැරි වුනා. මේක බොහොම කෙටි ලිපියක්.

මට තියන්නේ පොඩි ප්‍රශ්නයක්.
ලංකාවේ ආදීවාසී දිනය වෙන්නේ ඊයේ 31, ජූලි. එහෙම නම් ආදීවාසීන් කියන්නේ කවුද?

එතකොට මේ ආදීවාසී දිනය කියලා සමරන්නේ කාවද?

ඔන්න ප්‍රශ්න.

දැන් මේ ආදීවාසී දිනයෙදී වැඩියෙන්ම රඟපාන්නේ අපේ වන්නියැලැත්තෝයි එයාගේ කට්ටියයිනේ. අපි බලමු ඇත්තටම මේක හරිද කියලා. මම නම් හිතන්නේ වැරදි.

ඇයි වැරදි?

මෙතන අපි නොහිතන දෙයක් තියනවා.

අපි හිතමු ඇත්තටම ලංකාවට විජය ආවා කියලා. මම නම් මේක ඒ හැටි පිලිගන්නේ නැහැ. ඒත් එහෙම හිතමු. විජයට වෙල්කම් එක දෙන්න අපේ කුවේනි රැජින ඉන්නවනේ. එතකොට එයාගේ සනුහරේ නෑයෝ, එයාගේ අග නගරය මේ වගේ දෙවල් ගැන ලියවිලා තියනවනේ. දැන් ආයිත් කියනවා විජය කියන ඉන්දීය ආක්‍රමණිකයත් එක්ක කුවේනි විවාහ වීමෙන් දරුවොත් ලැබූනළුනේ, ඔය දරුවන්ගෙන් වැදි ජනයා ඇති වුනා කියලනේ මතය තියන්නේ. එහෙම නම් වැදි ජනයා විජයටත් පස්සෙනේ ඇති වෙලා තියන්නේ. එතකොට බැලුවම මේකෙ ආදීවාසීන් වෙන්නේ කවුද?

ඕස්ට්‍රේලියාව - ඇබොරිජිනියන්ලා, නවසීලන්තය - මෞරි, කැනඩාව - ස්වදේශිකයන් කියා හදුන්වන ආදීවාසීන්, ඇමරිකාව - මායා, බ්‍රසීලය/ මෙක්සිකෝව ඇස්ටෙක්, මේ අය අතරින් මම ඇත්තටම ආදීවාසීන් ලෙස දකින්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝල, සහ ඇමරිකා මායා අය පමනයි. මොකද අපේ මේ රටවල ඉදන් කියවන මිතුරු මිතුරියෝ දන්නවා මෞරියෝ කොච්චර ආසියාවේ අපිට සමානද කියලා, එතකොට කැනඩාවේ ස්වදේශිකයෝ කොතරම් ආසියාවේ අපිට රූපයෙන් සමානද කියලා. මට නම් හිතෙන්නේම මේ අය මම අර කලින් ලිපියක ලිව්ව පාතාලෙ අය වෙන්න ඇති. රාවණා රජතුමාගේ මිනිස්සු වෙන්න ඇති.

එතකොට මේ රටවල ආදීවාසීන් වෙන්නෙ මේ අයද?

අනිත් අතට බැලුවහම අපේ රටේ වැදි ජනයා ආදී වාසීන්ද?

මගේ මතය නම් අපේ ආදීවසීන් තමයි, යක්ෂ, නාග, දේව අය. මේ අය අතරින්, යක්ෂ කියන්නේ යකඩ භාවිතාකල අය හෙවත් මේ රටවල සිටි කාර්මික ජනතාව. නාග කියන්නේ නාවික ජනයා, එතකොට දේව කියන්නේ පාලන බලය තිබුනු මේ රටවල් පාලනය කල අය, මේ අය එක එක කාලවල වෙනවෙනම බලවත් වුනා, ඒවා තමයි අපි දෙව පුරාණ ආදී කථාවල කියවන යුද්ධ මේ ලෙස අපිට මේ කථාව ලඝු කරන්න පුළුවන්.
මේ රටේ ආදී වාසීන් වෙන්නේ එතකොට මේ අය බවයි මට නම් හිතෙන්නේ. එතකොට මේ දිනය වෙන්නේ අපේ දිනය නේද?

බොරු නම් අහලා බලන්න

රත්න + යකාගෙන් (රත්නායකගෙන්)
මෑන් ඉන්නවා අන්න යකහටුවේ.
මේක නම් යක්ෂ කථාවක් නේද.
අනේ මොන යකාද ඕවා පිලිගන්නේ,
මේ මොන යකෙක්ද?
ඒ වුනාට එහෙම කියන්න එපා යකෝ.
මේ ඒක නෙමේ මට යකෙක් කන්න බඩගිනියි.
මට යකා වැහෙන්නේ ඔය වෙලාවට තමයි.

දැන් මොකද කියන්නේ?
කවුද යක්කු???
එතකොට ආදීවසීන්???????

යක්කු තමයි දන්නේ

අඹුඩේ (Only For Gents) අනිත් අයත් කැමති නම් කියවන්න වගකීම් රහිතයි.

මම අද කථා කරන්න හිටියේ මේ මාතෘකාව නෙමේ. මම හිතන් හිටියේ වෙනද වගේ අද බුදුදහම ගැන ලිපියක් දාන්න. හෙට ආයිත් කෘෂි කර්ම දැණුම ලිපිය ලියන්න. ඒත් දැන් මට සදුදා උදේ නිවාඩු නිසා පත්තර බලනකොට දැක්කා, අද දිනය ජාතික ගොවි දිනය ලෙස නම් කරලා තියනවා. පුවත් පත ඒක වාර්තා කරලා තිබුන විදිය මගේ සිත් ගත්තා ඒක නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ.

ඔන්න දැන් පූර්විකාව ඉවරයි අපි දැන් ආයිත් එමු මේ ලිපියේ මාතෘකාවට. එයිට කලින් මම කියන්න ඕනේ,මම මෙහෙම කිව්වැයි කියලා මට නම් මම දැන් අදින යුරෝපීය ඇදුම වෙනස් කරන්න බැහැ. මම කාටවත් එහෙම කරන්න කියන්නේත් නැහැ. මේවා හුදෙක්ම අපේ දැන ගැනීමට පමණයි.

ඔබට මතකද, අපි කුඩා කාලේ අපේ සීයලා, මාමලා, ගොවිතැන් කරන කොට ඇන්ද ඇදුම. ඔව් ඔබ කාටත් මතක ඇති. මට නම් හොඳටම මතකයි. උන්දැලා බොහෝම නීරෝගී අය ඔය අරුමෝසම් ලෙඩ රෝග කිසිවක් තිබ්බේ නැහැ. අවුරුදු 80 - 90 ජීවත් වුනා. සමහරු 100 කිට්ටු කලා. අම්ගේ ආච්චි අම්ම 102 තාම හොඳට ඉන්නවා. ඒ කෙසේ වෙතත් මේ ඇදුම හෙවත් අඹුඩේ කියලා අපි හදුන්වන ඇදුමේ තියන විශේෂත්වය ගැන තමයි අද අපි කථා කරන්නේ.

ඔබට මේ අය අඹුඩේ අදින පිලිවෙල මතකද?

මේ කාගෙත් ඉනේ දිය ලණුවක් තියනවා. මේ දිය ලණුව ඉස්සරහයින් සහ පිටු පසින් කම්බි ලෙන්සුව එහෙමත් නැත්නම් අඹුඩ ලේන්සුව කියන තරමක් විශාල ලෙන්සුව දමලා ඉදිරියෙන් විශාල රැල්ලක් සමඟ රෙදි පටයක් වැටෙන්න සලස්වලා තමයි මේ ඇදුම ඇඳගන්නේ. මෙහිදී ප්‍රධානම දේ තමයි දිය ලණුවට ලේන්සුහ ගැට ගහන්නේ පිටු පසින්. ඒ නිසා මේක පිටු පසින් යන්තමට විලි වැහෙන ඇදුමක්. නමුත් ඉදිරිපසට එත්දි
බොක්කක් වැනි ආකාරයට රෙද්ද නැමිලා කෝෂ වලට ආරක්ෂාවක් දෙනවා. ඊට පසු නැවතත් දිය ලණුවට යටින් ශරීරය පැත්තෙන් ගොස් පිටතට රැලි ආකාරයට ඉතිරි රෙද්ද වැටෙන්න සලස්වනවා.

දැන අපි බලමු මේ සඳහා ගන්න රෙද්ද ගැන මම මුලින් කියූ ආකාරයට මේකට ගන්නේ කම්මි ලේන්සුවක් එහෙමත් නැත්නම් අඹුඩ ලෙන්සුව කියලා කියන ලේන්සුව. මේකෙ ඇති විශේෂත්වය තමයි.
1. රෙද්ද තනිකර පිරිසිදු කපු රෙද්දක් වීම.
2. අතින් හෝ වීවින් කියන අත් යන්ත්‍රයේ සකසා ගත් තරමක සවිවර බවක් තිබෙන ආකාරයේ රෙද්දක් වීම.
3. තරමක විශාල ලේන්සුවක් වීම.
4. ඉතාමත් සවිශක්තිය ඇති ආකාරයේ රෙද්දක් වීම.

දැන් බලමු මේකෙන් ඇති ප්‍රයෝජනවත් බව.
1. ලංකාව වැනි ඉතාමත් උනුසුම දෙශගුණයක් තිබෙන ඝර්ම කලාපීය රටක විශාල වශයෙන් හිරුරැස් වැටෙන අව්වේ වැඩ කරනකොට ශරීරයට ඇතිවන දාහය මම කියන්න ඕනෙ නැහැනේ. ඉතිං මේ දාහය නිසා පිරිමියාගේ කෝෂවලට වෙන හානිය මම කලින් ලිපියක කියලා ඇති.(ලින්ක් දාන්න මම දන්නෙ නැහැ.) ඒ පිරිමි මඳ සරුභාවයට පත් වෙනවා කියලා ඔබට මතක ඇති. එයින් මේ අය ආරක්ෂා වෙනවා. මොකද කපු රෙද්ද හොදින් උෂ්ණත්වය ශරීරයෙන් උරාගෙන පිට කරන නිසා.

2.සවිවර බව නිසා ඉහත කාර්ය්‍යම නැවතත් හොඳින් කිරීමට ලැබෙනවා. එනම් හොඳින් වාතනය වන නිසා.

3. විලි වසා ගැනීම ඉතාමත් හොඳින් මේ විශාල ලෙන්සුවෙන් කරගත හැකි වීම.

4. මේක තමයි මේ ලේන්සුවේ තිබෙන වටිනාකම වෙන්නේ. මෙහි සැකැස්ම සහ මෙය අඳින පිලිවෙල අනුව මෙහි ගැට වැටෙන ආකාරය අනුව මින් පුරුෂ කෝෂවලට විශාල ලෙස ඇතිවන තෙරපීම ස්වයංක්‍රීයව අඩු කරනවා. එනම් ඉදිරිපසින් ලෙන්සුව දමා තිබෙන ආකාරය අනුව එය ඇදීමකට ලක් නොවී ක්‍රමයෙන් විශාල පීඩනයක් ඇතිවන විට ස්වයංවම සැකසෙනවා. උදාහරනයක් ලෙස විශාල බරක් ඔසවා පසුව ඔවුන් නැවතත් ඉදිරිපසින් ලෙන්සුව අර රැල්ලෙන් පහතට අදිනව ඔබ දැකඇති ඒ නැවතත් ඒය කලින් තිබූ ආකාරයට සකසා ගන්න තමයි එහෙම කරන්නේ. තවත් කිවහොත් මෙමගින් ශරීරයේ ඉදිරිපස යටිකයේ පේශීන් හැම විටම ලිහිල්ව තබා ගන්න හේතු වෙනවා. මේ නිසා අපිට ඇතිවන ප්‍රයෝජන තමයි. පිරිමි මඳසරුභාවයට වැඩිපුරම හේතුවන කෝෂවලට රුධිරය සපයන රුධිරනාල සහ ශුක්‍රප්‍රණාලිකාවල ඇතිවන නහර ගැට ගැසීම කියන තත්වය මඟ හැර වීමට මෙම ඇදුම අදින පිලිවෙල වැදගත් වෙනවා.

අපි දැන් අඳින ආකාරයේ පිරිමි යට ඇදුම්වල තිබෙන දුරවල්තාවන් සියල්ලටම මේ අඹුඩය හොඳ පිලිතුරක්.

මම යොජනා කරනවා රෙදිපිලි නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියාව කරන බ්ලොග් කරුවන් සිටී නම් ඔබ නිර්මාණය කරන්න මෙවැනි ඇදුමක් නවීන ඇදුමක ඇති හොඳ ගුනයත් එක්තැන් කල, අපි ඕනෙ සපොට් එකක් දෙන්නම්. බ්ලොග්කරුවෙකු ලෙස නොමිලේ සහාය දෙන්නම්.

(බලන්න ජපාන සූමෝ ක්‍රීඩකයන්ගේ ඇදුම. ආදර්ශයක් ගන්න පුලුවන් ඉන්.)

ප/ලි. දැන් කට්ටිය මට බනින්න එපා නැවත අබුඩ ගස්සන්න හදනවා කියලා. මේක නිකම් ලිපියක් විතරයි.