Tuesday, March 20, 2012

බුද්ධියට අහරක්.


මේ මගේ මිතුරන් දෙදෙනෙක්. ඔබත් කැමති නම් සහභාගී වන්න. අර පොත ඉතාමත් වැදගත් කියවා බලන්න.

Tuesday, March 6, 2012

ගුරුත්වාකර්ෂණය, පොළොවේ අරය පරිධිය සමඟ ශුක්‍රාණු.

ඉතාමත් දිගු කලක් බ්ලොග් එක ලියන්න බැරිවුනා. ඒකට හේතු වුනේ පසුගිය මාසයේ සිට මට, විශ්ව විද්‍යාලයේ විශාල වැඩ කොටසක් නැවතත් කරන්න වෙන එක. ඒවා මඟ හරින්න බැරි විදියටම මගේ කරමත වැටුනා. මේ කාලයේදී බ්ලොග් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙක් මා ගැන සොයා බැලුවා. ඒ හැමටම ස්තුතියි.
අද මේ කාලෙකට පස්සේ මම වැදගත් දෙයක් ඔබ හා බෙදා ගන්න සූදානම් වෙන්නේ.

ඔබ වැඩි දෙනෙක් දන්නවා මම ආයූර්වේද වෛද්‍යවරයෙක් ලෙස මගේ රැකියාව කරන කෙනෙක්. ඒ වගේම මම තවත් ක්ෂේත්‍ර කීපයකම වැඩ කරනවා. ඒත් මගේ රැකියාව "ආයූර්වේද වෛද්‍ය." මොන සුදුසුකම් තිබුනත් මොන සහතික තිබුනත් මගේ ප්‍රියතම විෂය වෙන්නේ ආයූර්වේදය.

මම බ්ලොග් ලියන්න පැමිනියේ ආයූර්වේද දැනුම බෙදා ගන්න මිසක වෙනත් කිසිම ලාභ ප්‍රයෝජනයක් බලාගෙන නෙමෙයි. මේ දැනුම අද වන විට විනාශ වී යන තත්ත්වයක තිබෙන්නේ. නමුත් මම කියනවා, මේ දැනුම වටින්නේ අදට නෙමෙයි හෙටට.

අපි බලමු අයූර්වේදය පිළිබඳව, ආයූර්වේදය කියන්නේ හුදෙකලා ලෙඩට ප්‍රතිකාර කරන ගමේ පැරණි මිනිසුන්ගේ වැඩක් නෙමෙයි. මේ විද්‍යාවට තිබෙනවා නොසැලෙන ශක්තිමත් අත්තිවාරමක්. මේ අත්ත්තිවාරම මත තමයි ආයූර්වේදය ගොඩ නැඟී තිබෙන්නේ. මේකෙ මුල චතුර්වේදයේ තිබෙන්නේ. ඒ කියන්නේ පැරණි භාරතීය වේද යුගය කියන කාලයට තමයි මෙය අයත් වෙන්නේ. ඉන්දියාවේ ආර්‍යාගමනයෙන් පසු ඇතිවෙන මේ වේද යුගය ලෝකයේ දැනට පවතින සියළු විද්‍යාවන්ගේ තිබිරිගෙය ලෙසත් හදුන්වන්න පුළුවන්. චතුර්වේදයේ සෘග්, යජුර්, සාම, අථර්වන් කියන මේ විද්‍යාවන්ගෙන් එකක් වන ලාබලම අතර්ව වේදයේ කොටසක් ලෙස තමයි මෙය ඇරඹිලා තිබෙන්නේ. නමුත් පසු කාලීනව චතුර්වේදය පංච වේදයක් බවට පත් වනවා මේ ආයූර්වේදය නිසා. ඒ වගේම වේද යුගයේ ජයග්‍රහනයන්ගෙන් අදටත් තම මුල් නමින්ම මිනිසාට සේවය සලසන එකම විද්‍යාව ආයූර්වේදයයි.

ආයූර්වේදය පිළිබඳව එහි ඇති විද්‍යාත්මක භාවය පිළිබඳව මම අද ඔබට කෙටි සටහනක් ගෙන එන්නම්.
වරදවා ගන්න එපා. මෙහිදී "විද්‍යාත්මක භාවය" නමින් මම හැඳින්වූයේ නවීන විද්‍යාවට එකඟ බව නෙමෙයි. එම විද්‍යාවන් (වේදයන් ) කෙතරම් මිනිසාට සේවය සැලසීමට සුදුසුද කියන එක.
________________________________________
ඔබ අසා තිබෙනවනේ ක්‍රිස්තු වර්ෂ 1703 දී සර්. අයිසැක් නිව්ටන් විසින් ගුරුත්වාකර්ෂණය පිළිබඳ නියමයන් ලොවට හෙලි කළා.

එයිට බොහෝ කලකට පෙර ඉන්දියාවේ විසූ භාස්කරාචා‍යර්‍යන් විසින් රචිත සිද්ධාන්ත ශිරෝමණී ග්‍රන්ථයේ එන මේ ශ්ලෝකය සලකා බලන්න.

ආකෘෂ්ටශක්ති ශව මහී තයා යත් - ඛස්ථං ගුරුස් ස්වාභිමුඛං ස්වශක්ථ්‍යා
ආකෘෂ්‍යතෙ තත් පතතීව භාති - සමෙ සමනතාත් ඣ පතත්‍යයං ඛෙ.
(සිද්ධාන්ත ශිරෝමණී 03, 6)

මෙකෙ තේරුම වෙන්නේ,
මධ්‍යාකර්ෂණය හෙතුවෙන් බර වස්තු පොළවට ඇදෙන බවත්, පොළව චන්ද්‍රයා ඈ ග්‍රහයන් ඒවා එකිනෙකට ආකර්ශණ විකර්ශන බල ඇති බවත්, එම තත්ත්වයන්ගේ යම් බල සමබරතාවයෙන් ඒවා අභ්‍යවකාශයේ තිබෙන බවත්ය.

මෙහිදී මේ පොතේ එන කරුනු ගැන බැලුවහම අපට පේනවා, නිව්ටනීය ගණිතය විතරක් නෙමෙයි සර්. අයින්ස්ටයිගේ මතයන්ට සමාන මතයන්ද මේ පොතේ විස්තරාත්මකව කියවෙන බව.
____________________________________________
"මධ්‍යෙ සමනතාදණ්ඩස්‍ය භූගෝලො ව්‍යෙයාම්නි තිෂ්ඨති බිභ්‍රාණඃ පරමාං ශක්තිං බ්‍රහ්මණො ධාරණාත්මිකාමි." (සූ‍ය්ර්‍ සිද්ධන්තය 12, 32.)

බ්‍රහ්මයා ගේ ධාරණාත්මක පරම ශක්තිය දරනුයේ බ්‍රහ්මාණඩය හෙවත් සක්වළ මැදැ අහසැ භූගෝලය සිටී.

මෙයින් කියවෙන්නේ අපේ ක්ෂීර පථයේ මැද බ්‍රහ්මාණ්ඩය නම් ශක්තියක් ඇති බවයි. නවීන විද්‍යාඥයන්ද මෙවැන්නක් මේ ඉතාම මෑතක්දී සොයාගෙන තිබෙනවා. එනම් අපේ ක්ෂීර පථය මැද්දෑවේ කළු කුහරයන් දෙකක් මගින් ඉතා විශාල ශක්තියක් නිකුත් කරමින් තිබෙන බව ඔවුන දක්වා තිබෙනවා.
_____________________________________________

ඊලඟට අපි බලමු මේ කරුනු, මේ කරුනු ගැන ඔබ යම් හැදෑරීමක් කරනවා නම් අගෙයි. මොකද මටත් මේක ගැන නවීන විදියට හොයන්න මේ දිනවල විවේකය අඩුයි. එහෙම සමාන කිරීමක් කරනවා නම් ඔබ මතක තබා ගන්න ගව්වකට සැතැපුම් හෙවත් මයිල පහක් පමණද මයිලකට හෙවත් සැතැපුමකට කිලෝමීටර 1.6 ද අඩංගු වන බව.
___________________________________________

යොජනාහි ශනාන්‍යාෂ්ටෞ භූකනො ද්විගුණානි තු තද්වගර්‍තො දශගුණාත් පදං භූපරිධිභවේත්.(සූර්‍යසිද්ධාන්තය 1-59)

පොළොවේ විෂ්කම්භය ද්විගුණ වූ යොදුන් අටසියයෙකි. (800/2 = 1600)
එහි වර්ගයේ දශ ගුණයේ වර්ග මූලය පොළොවේ පරිධිය වේ. යොදුන වත්මන් මයිල 5 නම් පොළොවේ පරිදිය වන්නේ, 1600/5 = 8000,
8000/8000 /10 = 640, 000, 000.
එනම් 640000000 හි වර්ග මූලය පොළොවේ පරිධියයි. මයිල 25298.22
http://en.wikipedia.org/wiki/Equator
____________________________________________
සූ‍යර්‍ සිද්ධාන්තයේ එන ඉහත සිලොවට වෙනස් ලෙස සිද්ධාන්ත ශිරෝමණියේ තෘතීය අධ්‍යායෙහි පනස් දෙවැනි සිලොවෙහි මෙම අගය දැක්වේ. එනම්,

"ප්‍රොක්තා යොජන සංඛ්‍යා කූපරිධිඃ සප්තාංගනන්දාබ්ධයස් තද්ව්‍යාසඃ කුභුජංගසායකභුවඃ සිද්ධාංශකෙනාධිකාඃ"

පොළොවේ පරිධිය යොදුන් 4967, නැතහොත් මයිල (සැතැපුම්) 4967/5 = 24835
පොළොවේ විෂ්කම්භය යොදුන් 1581 1/24 ලෙසද, එනම් මයිල (සැතපුම්) 7905 5/24, ලෙසද ගනී.
නෞව්‍ය මතය හා සිද්ධාන්ත ශිරෝමණී මතය කිට්ටුවෙන් යයි.
http://www.universetoday.com/15055/diameter-of-earth/
____________________________________________
"විෂ්කම්භො මණ්ඬලස්‍යෙන්ද්‍රෙඃ සහාශීත්‍යා චතුශ්ශතම්"

සූ‍යර්‍ සිද්ධාන්තයේ එන ඉහත සිලොවෙහි පරිදි සඳ මඬලේ විෂ්කම්භය මයිල (සැතැපුම්) 2400කි. යොදුන් වලින් නම් එය 480කි. කිලෝ මීටර වලින් 3840 කි. නමුත් නවීන මතය වන්නේ එය සැතැපුම් 2159 බවයි. කිලෝ මීටර වලින් 3474 බවද නවීන මතයයි. ඔබම තිරණය කරන්න. මේවා ඉතාම සුළු වශයෙන් හැර වෙනස් වන්නේ නැහැ නේද?
http://www.universetoday.com/19677/diameter-of-the-moon/
______________________________________________

සිද්ධාන්ත ශිරෝමණියේ දශවැනි අධ්‍යායයේ පස් වැනි සිලොවට අනුව සඳ මඬලට පොළොවේ සිට ඇති දුර වන්නේ යොදුන් 51566කි, හෙවත් සැතැපුම් 257830කි. නව්‍ය මතය අනුව එම දුර වන්නේ සඳ පොළොවට ඈත්ව ඇති විට 384399 කිලෝ මීටර් සහ ලංව පවතින විට 238854 කිලෝ මීටර් වේ.
______________________________________________
අපේ වායුගෝලයේ වපසරිය ගැනත් සිද්ධාන්ත ශිරෝමණිය සතරවන අධ්‍යායෙහි දෙවන සිලොව මෙහෙම කියනවා,

"භූමෙවර්‍ හිර් ද්වාදශ යෝජනානි භූවායුරත්‍රාම්බුදවිද්‍යුදාද්‍යම් තදූර්ධවයොගඃ ප්‍රවහඃ සනිත්‍යං ප්‍රත්‍යග්ගතිස්තස්‍ය කුමධ්‍යසංස්ථා"

එනම් යොදුන් දොලොසක් උසට වායුව පැතිර පවතී. මයිල හෙවත් සැතැපුම් 60 ද, කිලෝ මීටර 96 පමණද පැරණි මතය අනුව වායුව පැතිරී පවතිනවා. නමුත් නව්‍ය මතයෙන් කියවෙන්නේ 85කිලෝ මීටර පමණ වන තෙක් වාතය පවතින බවත් එය ක්‍රමයෙන් අඩුවෙමින් යන බවත්ය.

http://www.kowoma.de/en/gps/additional/atmosphere.htm
______________________________________________

පෘතුවිය ඇතුළු සියළුම ග්‍රහලෝක සූර්‍යයා වටා ගමන් කරමින් තිබෙන බව සෘග්වේදයේ පැහැදිලිවම සටහන් කර තිබෙනවා. මේ සියල්ලෙන්ම අපට පැහැදිලි වන්නේ කුමක්ද? පෘතුවිය ගෝලාකාර බවත් එය සූර්‍යයා වටා ගමන් කරන බවත් හෙලි කිරීම නිසා තම දිවි අහිමි වූ උගතුන් ලෝකයේ එක් පැත්තක සිටි යුගයට බොහෝ කලකට පෙර නූතන විද්‍යා දැනුමට සමාන දැනුමක් සහිත මිනිසුන් කොටසක ලෝකයේ තවත් පැත්තක වාසය කළ බව නේද?
______________________________________________
අපි තවත් එක දෙයක් ගැන සොයා බලමු. එනම් මිනිස් ඇසට තබා සමාන්‍ය අන්වීක්ෂයකටවත් නොපෙනෙන ශුක්‍රාණු පිළිබඳ මිනිසාගේ දැනුම තාමත් ඉතාම ලාබාලයි. නමුත් ඔබ විශ්වාස කරනවද ශුක්‍ර තරලයේ රසායනික ව්‍යුහය ගැන පැරැන්නන් කියා ඇති දේ සහ ශුක්‍රාණුව ගැන ඔවුන්ගේ දැනුම නූතන අපව පරදවන බව. වර්ෂ 1906 දී පමණ අති පුරාන ආයූර්වේද ග්‍රන්ථයක් වන අයූර්වේද ව්‍යාකරණ නම් ග්‍රන්ථය උබයසේකර රාජ වෛද්‍ය නම් ඉතා බහුශ්‍රැත වෛද්‍ය පීතෘවරයෙක් අතින් සිංහලයට පෙරැලී තිබෙනවා. මේ පොතේ පිටපත් දැනට ලංකාවේ දක්නට අසීරුයි. නමුත් මා සතුව එක් පිටපතක් තිබෙනවා. පෙර සඳහන් කළ සියළු පොතුත් මා ලඟ සුරැකිව තිබෙනවා. මාහට වෛද්‍ය පරම්පරාවක් නැතත් මා ඉතා වෙහෙස මහන්සියෙන් විශාල මුදලක් වැයකොට මේ වස්තුව උපාගෙන තිබෙන්නේ.

රාජවෛද්‍ය උබයසේකර මැතිදුන් ලියා ඇති ලෙසම මම ඔබට මේ කොටස ලබා දෙන්නම්.

ආත්‍රෙය නමින් හැඳින්වෙන්නේ, ලෝකයට වෛද්‍ය වෘත්තිය බිහිකළ උතුමන් අතරින් අයෙක්. කාලය නොගිනිය හැකි තරම් ඈත අතීතයක ජීවත් වූවෙක්. මෙතුමා ශුක්‍රාණුව පිළිබඳව ලියා ඇති මත උබයසේකර වෛද්‍ය තුමා උපුටා ඇත්තේ මෙපරිදියි. (සිලෝ භාෂාවෙන්ම ලියන්නම්. අර්ථයත් සමඟම.)

http://en.wikipedia.org/wiki/Hair
http://www.aqua-calc.com/convert/length/micrometer-to-nanometer
http://en.wikipedia.org/wiki/Spermatozoon
In male humans, sperm cells consists of a head 5 µm by 3 µm and a tail 41 µm long
http://www.metric-conversion.net/convert_micrometers_millimeters.htm
ඉහත වෙබ් අඩවිවල තොරතුරුත් වැදගත් වේ යැයි සිතමි.

කිඤචිත් ලවනකං ස්වාදු රසං භවතී නිශ්චයාත් සහස්‍රෛකොන ප්‍රමාණ ජලං දෘෂ්‍යති ශුක්‍රජේ.
ෂෂ්ටිප්‍රමාණකං තත්‍ර ධාතුබීජානි විද්‍යාතෙ දශප්‍රමාණකං යන් කිඤචිත් ක්ෂාරවගොර්‍ පි දෘශ්‍යතෙ.
ත්‍රිංශත් භාගානි චූණර්‍ නතු භවන්ත්‍යත්‍ර නශංසයඃ අති සූක්ෂමානි සත්වානි සහස්‍රෛකං චරන්ත්‍යපි.
කචස්‍ය දශ සාහස්‍ර භාග මස්‍ය ප්‍රමාණකම් සෘතුනී ගහර්‍ සමප්‍රාපෙත ශුධ මාතර්‍ වෙ පූවර්‍ කමර්‍ රූපෙන කලලං ජායතෙ.

ශුක්‍ර ධාතුව වනාහී නිශ්චය වශයෙන් මඳක් ලුනු රස වේ, Alkaline
මිහිරි වේ. Fructose
ඉන් නවසිය අනූනව කොටසක් ජලය අඩංගු වේ. Water
ධාතු බීජයෝ හැට කොටසකි. Spermatozoa
ක්ෂාර වර්ග හැට කොටසකි. Alkaline
තිස් භාගයක් සුනු කොටස් වේ. Lime
ඉතා සියුම් සත්වයෝ දාහක් පමණ සිටිය හැක. Bacteria's and other cells
මෙසේ වී ශුක්‍ර ධාතුව ඉසකේ රොදකින් දසදහස් භාගයක් පමණ (වරකට බීජ සංඛ්‍යාවෙන් මිලියන 20 සිට 60 දක්වා ප්‍රමාණයක් පිට වේ. ඉන් එක් වරකට ඩිම්භය වෙත ශුක්‍රාණු 20,000 පමණ ලැබිය යුතුයි.)
නිසි ලෙස ඔසප් වූ ස්ත්‍රයගේ ගර්භාෂයට පැමිණ, ස්ත්‍රී බීජයෝ සමඟ ඒකතුවෙන් පූර්වකර්මාණූරූපද එක් වීමෙන් කලල රූපය ඇති වේ.
_____________________________________________
කලල විද්‍යාව පිළිබඳ විශාල තොරතුරු මෙම ග්‍රන්ථවල ඇතත් මම මින් නවතිමි. කෙදිනක හෝ අවස්ථාවක් ලදොත් අපි ඒ ගැන කථා කරමු.
_____________________________________________
දැන් මම ඉතාම වැදගත් කාරනයක් වෙත ඔබගේ අවධානය යොමු කරන්නම්.
එනම් පුංසවනයයි. මින් අදහස් කරන්නේ අපගේ අවශ්‍යතාවයේ පිළිවෙලට ස්ත්‍රී පුරුෂභාවය දරුවා ඉපදීමට ප්‍රථමම තීරනය කිරීමයි. පුරාණ ආත්‍රෙය සංහිතාවේ මේ ගැන සඳහන් වෙන්නේ "ශරීර වණර්‍ ඥාන ලෙසයි. චරක සංහිතාව සිංහලට පරිවර්ථනය කරන ලද පිටපතෙහි මෙම ආත්‍රිය මතය පැහැදිලිව දක්වා ඇත.
"නර රේතස් අධික වීමෙන් ද, හීන වූ රසේන්ද්‍රයන් නිසාද පිරිමි දරුවෙක් පිළිසිද ගන්නා අතර, ගැහැනු දරුවෙක් පිළිසිද ගන්නේ, ශ්‍රෝණිතය ශුක්‍රයට වඩා අධික් වීමෙන්ද බවයි මෙහිදී පැහැදිලි කර ඇත්තේ.
මෙහි සිලොව පහත පරිධියි.
ආර් බුද්ධදාස,(පරිවර්ථක චරක සංහිතාව.) අග්නිවේෂ ප්‍රශ්නය සහ ආත්‍රෙය උත්තරය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව, පිටුව 342, 1960.

අථවක්ෂාමි දෙහස්‍ය වණර්‍ ඥානං මහා මතෙ නර රෙතො' ධිකත්වෙන තථා ශුක්‍රාධිකෙන තු. හීන රසෙන්ද්‍රියෛවර්‍ පි ජායතෙ පුරුෂාධිකඃ ස්ත්‍රී රෙතසා'ධිකත්වෙන හීන ශුක්‍රෙන්ද්‍රිය දපි රජසා ප්‍යධිකත්වෙන ස්ත්‍රී සමභූතිඃ ප්‍රජායතේ.

ඔබ දන්නවා යම් ද්‍රව්‍යයක ධ්‍රැවීයතාවය කියා අදහස් කරන්නේ කුමක්ද යන වග. ඇත්තෙන්ම ස්ත්‍රී පුරුෂ භාවයන් ඇති වීමට හේතු වන්නේ වර්ණදේහවල x ‍- y බව වූවට, එම අවස්ථාවේදී සංසේචනය වන්නේ කුමන ශුක්‍රාණුවද යන්න තීරනය වීමට මෙම ධ්‍රැවීයතාවය බලපාන බව නවීන විද්‍යාවෙන් දැන් සොයාගෙන තිබෙනවා.

ඔබ දන්නවද ඉහත සිලොව විස්තර කරන්නේ එම තත්ත්වයයි. පෙරහුන් මහා වෙදුන් එම තත්ත්වය පාලනය කරන බෙහෙත් ඖෂධ යොදමින් මේ අනුව ස්ත්‍රී පුරුෂ බව පාලනය කර තිබෙනවා. නමුත් අපට මේ දැනුමෙන් ප්‍රයෝජන ගැනීමට තරම් උද්භිද විද්‍යාව තවම දියුණු වී නැහැ. එනම් මේ වට්ටෝරුවල අඩංගු යම් යම් ඖෂධ අපට දැනට සොයා ගැනීමට හැකි වී නැහැ. කෙදිනක හෝ එම ඖෂධ නැවත හඳුනා ගනු ලැබුව හොත් ස්ත්‍රී පුරුෂ බව ජය ගැනීම ප්‍රශ්නයක් නෙමෙයි.
ඒත් මගේ පුද්ගලික මත නම් ඒ සදහා අප උත්සාහ නොකල යුතු බවයි. එනම් දෙවියන් ගේ දේ දෙවියන්ගේ. අපි අපේ දේ බලාගමු යන්න මගේ අදහස නිසයි.

http://www.babybygender.com/NewSite/Product_Information/Scientific_Review.asp

මම මේ ලිපිය ලිවීමේදී අදාල වෙබ් අඩවි වල සබැඳියන් පමණක් ඔබට ලබා දුන්නේ නැහැ. වෙබ් ලිපිනයන් තිබෙනවා. කැමති නම් ඒ අඩවිවලත් සැරිසරන්න. නැවතත් ටික දිනකට එන්න වෙන්නෙ නැහැ. හැබැයි ඉක්මනට ඔබව මුන ගැසෙන බලාපොරොත්තුවෙන් මම නවතිනවා.