tag:blogger.com,1999:blog-33534707035795576542024-03-14T11:47:52.329+05:30වෙද ගෙදරවෙද ගෙදර යනු අපේ පැරණි උරුමයන්ගෙන් එකකි. එදා අපේ පැරුන්නන් වෙදකම, ගොවිකම වැනි දෑ රජකම මෙන් සැලකූහ. එනිසා මේ ව්‍යායාමය එම පැරණි වෙදකම, වැනි අපේ උරුමයන් සයිබර් අවකාශයේ කථා බහට ලක් කිරීමටයි. මෙහිදී වෙදකම් කරන මම "වෙදගෙදර මහ වෙදනාය".
වෙදගෙදරින් ඔබ හමුවට ගෙන එන්නේ මහවෙදනාගේ හපන්කම් මෝඩකම් සහ පුරසාරම්ය. හොදින් බැලූ විට හපන්කම් අඩුවෙනුත්, මෝඩකම් සහ පුරසාරමුත්, හැර අන් යමක් මෙහි නැත.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comBlogger128125tag:blogger.com,1999:blog-3353470703579557654.post-23115591077783373802019-06-29T13:49:00.002+05:302019-06-29T13:49:14.740+05:30මස් මාංශ අනුභවය හා ශ්‍රී ලංකාව

මස් මාංශ පරිභෝජනය පිළිබඳ නොයෙක් කතා බහ ලංකාව තුළ මේ වන විට ඇතිවෙමින් පවතින සමයකි. මේ සටහනෙන් අදහස් කරන්නේ ලංකාවේ මස් පරිභෝජනයේ ක්රමික වෙනස්කම් පිළිබඳ ඔබ දැනුම්වත් කිරීම විනා මස් පරිභෝජනයේ හොඳ නරක පිළිබඳ කතිකාවතක් ඇති කිරීම නොවේ. ඉදිරියේදී එවැනි සාකච්ඡාවක් කරන්නට බලාපොරොත්තු වන්නෙමු. ඒ සඳහා වන ලිපිය තව ටික දිනකින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. අද සටහන ම මාංශ භාවිතය මෑත අතීතයේ කෙසේ වෙනස් වූයේද? යන්න පිළිබඳයි.

ලබාගත හැකි වූ මුල්ම දත්ත අයත් වන්නේ 1961 වසරටයි. මෙහිදී ප්‍රධාන වශයෙන් ලාංකිකයන් ආහාරයට ගන්නා මස් මාංශ අතරින් පිළිවෙලින් එළු මස්, හරක් මස්, ඌරු මස් හා කුකුළු මස් පිළිබඳ අවධානය යොමු කරමු.

1961 වසරේදී ලංකාව තුළ ඉහත මස් මාංශ අතරින් එළු මස් එක් පුද්ගලයෙක්ගේ වාර්ෂික පරිභෝජනය කිලෝ ග්‍රෑම් 0.29 පමණ වේ. පිළිවෙලින් හරක් මස් 2.91 කි. ග්. ඌරු මස් 0.1 කි. ග්. කුකුළු මස් 0.63 කි. ග් ද වේ. මෙහි එකතුව එක් පුද්ගලයෙක්ගේ සියලුම මාංශ පරිභෝජනය 3.97 කිලෝ ග්‍රෑම් වේ. ප්‍රතිශත ලෙස ගත් විට ඒක පුද්ගල හරක් මස් පරිභෝජනය තම මාංශ අවශ්‍යතාවලින් 73.3% ද, කුකුළු මස් පරිභෝජනය ඒක පුද්ගල මාංශ පරිභෝජනයෙන් 15.87% ද වේ.

1970 වසර ගත්විට ඉහත ආකාරයටම එළු මස් කිලෝ ග්‍රෑම් 0.23 ද, හරක් මස් 2.95 ද, ඌරු මස් 0.11 ද, කුකුළු මස් 1.16 ද වශයෙන් වන අතර ඒක පුද්ගල සම්පූර්ණ පරිභෝජනය වසරකට 4.46 කිලෝ ග්‍රෑම් වේ. එය සියයට ගණනක් ලෙස ගත් විට හරක් මස් පරිභෝජනය 66.14% ද කුකුල් මස් පරිභෝජනය 26.01% ද වේ.

1980 දී මෙය වෙනස් වන්නේ මෙසේ යි. එළු මස් 0.2, හරක් මස් 1.91, ඌරු මස් 0.09, කුකුළු මස් 3.53 ද වේ. (සියල්ල කිලෝ ග්‍රෑම් වලිනි.) ප්‍රතිශතයක් ලෙස හරක් මස් 54% ද කුකුල් මස් 35.69% ද වශයෙනි.

1990 වන විට තත්ත්වය තවත් වෙනස් වේ. එනම් එළු මස් 0.11, හරක් මස් 1.63, ඌරු මස් 0.09, කුකුල් මස් 5.37 ලෙස ය. සමස්ථ අගය එක් පුද්ගලයෙක්ට වසරකට කිලෝ ග්‍රෑම් 3.17 වේ. හරක් මස් 51.42% ද කුකුල් මස් 42.27% ද වශයෙන් වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය ප්‍රතිශතයක් ලෙස ගණනය කළ හැකි ය.

2000 වසරේදී නැවත ඒක පුද්ගල මාංශ පරිභෝජනය වෙනස් වන ආකාරය මෙසේ ය. සියල්ල කිලෝ ග්‍රෑම් වලිනි. එළු මස් 0.14, හරක් මස් 1.71, ඌරු මස් 0.09, කුකුල් මස් 3.43, සමස්ථ වාර්ෂික ඒක පුද්ගල පරිභෝජනය 5.37, හරක් මස් 31.84% සහ කුකුළු මස් 74.05% ලෙස වේ.

2010 දී එළු මස් 0.08, හරක් මස් 1.61, ඌරු මස් 0.02, කුකුළු මස් 4.88 ද සමස්ථ අගය 6.59 කි. ගෑ ද වේ. එය ප්‍රතිශතයක් ලෙස හරක් මස් 24.43% ද කුකුළු මස් 74.05% ද වේ.

2013 දී එළු මස් 0.09, හරක් මස් 1.38, ඌරු මස්, 0.05 කුකුළු මස් 4.96, සමස්ථ අගය 6.48 ද වන විට ප්‍රතිශත ලෙස හරක් මස් 21.3% ද කුකුළු මස් 6.48 ද වේ. එහි ප්‍රතිශත අගයන් මෙසේ ය. හරක් මස් 21.3% සහ කුකුළු මස් 76.54% ලෙස වේ.

මේ අනුව ලංකාවේ හරක් මස් පරිභෝජනය ක්‍රමයෙන් අඩු වී ගොස් දැන් එය අවම අගයක් දක්වා වෙනස් වෙමින් පවතී. ලෝකයේ වාර්ෂික ඒක පුද්ගල මාංශ පරිභෝජනය 2015 දී පැවතුණේ එක් අයෙක්ට වසරකට කිලෝ ග්‍රෑම් 41.3 ලෙස සහ දකුණු ආසියාවට එම අගය 7.6 ලෙස ය. නමුත් 2013 දී අපගේ එම අගය වන්නේ 6.48 කි. එය කාලයට සාපේක්ෂව අවම සමානත්වයක් දරයි. 1964-66 අතර කාලයට සාපෙක්ෂව එම අගය ලෝකයට 24.2 වන අතර අපට 3.9 කි. නමුත් එම කාලයේ අපගේ භාවිතය 4.74 කි. මේ අනුවද පැහැදිලි වන්නේ වැඩිවන ජනගහනයට සාපෙක්ෂව අපගේ මාංශ පරිභෝජනය එතරම් වැඩි වී නැති බවයි. ඒ අතර ප්පගේ රුචිකත්වය හරක් මස්වල සිට කුකුළු මස් වත මාරු වී තිබේ.....

අනෙක් වැදගත්ම කරුණ වන්නේ අපගේ මාංශ භාවිතය හුදෙක් හරක් මස් හා කුකුළු මස්වලට සීමා වී පවතී. ලෝකයේ භාවිත කරන්නා වූ බොහෝ මස් මාංශ මෙහි දක්නට නැත. ඌරු මස් හා එළු මස් භාවිතය ද ඉතා දුර්වල වේ.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com6tag:blogger.com,1999:blog-3353470703579557654.post-19966872195513163542016-01-10T22:24:00.003+05:302016-01-10T22:24:42.519+05:30සිරිපා අඩවියේ ප්‍රවීණ විද්‍යා ආචාර්යවරියකගේ අත්දැකීමක්මෙම කතාව ඔබට එක සිතින් පිළිගන්න යැයි මම නො කියමි. මෙහි ඇත්තේ එසේ පිළිගත හැකි කතාවක් නොවේ. මෙම කතාවේ විශේෂය මෙයට මුහුණ දුන් පාත්‍ර වර්ගයා යි. ඇය ලංකාවේ ප්‍රකට විද්‍යා ආචාර්යවරියකි. සියල්ලේ ම විද්‍යාත්මක පදනම මැනවින් සොයන්නියකි. මනසේ ඒකාග්‍රතාව ඉතා හොඳින් පවත්වාගෙන යන බව ඇය හා නිතර ආගිය තොරතුරු, දේශපාලනය, ආගම, ආයුර්වේදය මෙන් ම නූතන විද්‍යාව පිළිබඳ සංවාදයේ යෙදෙන මම දනිමි.

ඊට ද වැඩි අරුමයක් තව තිබේ. එනම් ඇයගේ සැමියා මෙරට ප්‍රකට වාමාංශික දේශපාලන පක්ෂයක ප්රමුඛ ක්රියාකාරිකයෙකි. එහි නායකයා ඇයගේ පිය පස ඥාතියෙක් වන අතර මෙවර එම පක්ෂයෙන් ජනධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයා ඇයගේ මිතුරෙක් වන තවත් විද්‍යා දේශකයෙකි. මේ පසුබිම ඇයගේ මේ කතාව සනාථ කිරීමට නොව ඇය පිළිබඳ මගේ දෘෂ්ටිය ඔබට පහදා දීමට මවිසින් එක් කළ දෙයකි. මෙම තොරතුරු සත්‍ය ම බව ඔබට පසක් කරමි. මෙය සත්‍ය අද්දැකීමක් බව දිවුරා කියමි. ඒ එසේ වතුදු මෙය පිළිගන්න යැයි ඔබට බල නො කරමි. ඇය මට මේ කතාව පැවසූයේ දැනට වසර එකහමාරකට පමණ පෙර වුවද දිගු කලක් බ්ලොග් ලෝකය හා මගේ සම්බන්ධය නැවතී පැවති බැවින්, එය අකුරු කිරීමට නොහැකි විය.

මෙහි පාත්‍ර වර්ගයා එසේ ය. මෙය සිදු වී දැනට වසර කීපයක් ගෙවී ගොසිනි. නමුත් එහි බලපෑම ඉතා විශාල ය. ඒ එතරම් වාමාංශික පදනමක පිහිටි, පේරාදෙණිය විද්‍යා පීඨයෙන් උපාධි ලැබූ විද්‍යා ආචාර්යවරියක වන ඇය, ලෝකය විද්‍යාව නමින් හඳුන්වන කෝණයෙන් පමණක් නොව වෙනත් කෝණ වලින් ද මනින්නට ඉන් පසු පෙළබීම යි.

එක්තරා විෂය ක්ෂේත්රයක ප්‍රවීණයෙක් වන ඇයගේ සැමියා සිරිපා අඩවියේ යම් ස්ථානයක පැවති රැස්වීමකට සහභාගි වීමට තම බිරිඳ හා කුඩා දියණිය ද ගෙන පිටත් විය. හිමිදිරියේ ඔහුගේ කර්තව්‍ය ආරම්භ වන විට ඇය සිරිපා අඩවියේ සිට සිරිපා කන්ද දෙස බලාගෙන එහි යාමට හැකි දැයි එහි සිටියවුන්ගෙන් ඇසුවා ය. ඔවුන් ඇය වැළැක් වූයේ ඒ සිරිපා කරුණා නොකරන අවාරය බැවිනි. නමුත් එවන් දේකින් මෙල්ල වන තැනැත්තියක් නොවේ ඇය. කුඩා දියණිය ද සමඟ සැමි අවසරය ද ගෙන තනියට පිරිමි ළමයෙක් ද කැටිව සිරිපා කන්ද තරණය කරන්නට ඇය ආරම්භ කළේ අනෙක් අයගේ විරෝධය නොතකා ය.

ඉතා පහසුවෙන් ගෙනගිය දේ කමින් බොමින් ගිය ගමන කෙමෙන් කෙමෙන් බෙහෙවින් දුෂ්කර විය. ඒ කෙසේ වතුදු අධෛර්ය වන්නේ නොවේ ඇය. ඉතා දුෂ්කර ගමනකින් සිරිපා කරුණා කර නැවත එන්නට තනද්දී ඇයට සිතට අමුත්තක් දැනුණේ ඒ වන විටත් කාලය බෙහෙවින් ගෙවී ගොස් තිබීම නිසාවෙනි. නමුත් දිරිගෙන කුඩා දියණිය හා පිරිමි ළමයා ද කැටුව ඇය නැවත වේගයෙන් පැමිණෙමින් සිටියදී ආලෝකය සම්පූර්ණයෙන් නැතිව ගොස් දැඩි අදුර පතිත වන විට ආපසු ගමනේ තවත් යා යුතු දුර බොහෝ විය. දැඩි අසරණ තත්ත්වයට වැටුණු ඈ නුවණක් සොයමින් කල්පනා කළේ ගමන් මඟ සොයා ගන්නෙ කෙලෙසදැයි පසුතැවෙමිනි.

කෙසේ හෝ සිතේ සෝදිසියට ගමන් කරමින් මඳ දුරක් පැමිණිය ද, එය විශ්වාසදායී නොවිණි. හදිසියේ දර්ශනය වූ ඉතා කුඩා ආලෝකයක් විහිදුවන යමක් හැක ඒ ඉලක්ක කරගෙන කෙමෙන් යන්නට ඇයට හැකි වූයේ වාසනාවකට මෙන් ය. ක්‍රමයෙන් ඒ ආලෝකය ඉතා කුඩා අතුපැලකින් විහිදෙන බවත්, සිරිපා කරුණා කරන සමයේ පවතාගෙන ගිය ද පසුව අතහැර දමන ලද කඩයක් බවත් වැටහුණේ එහි ළඟා වූ පසු ය. කඩය අතහැර දමන ලද්දක් වුවත් එය පවත්වාගෙන ගිය තරුණයා එහි වූවෙන් ඔහුගේ උපකාර පැතීමට ඇය පසුබට නොවීය. ඇගේ කතාවට සවන් දුන් තරුණයා එවන් කාලයක මෙවන් අවදානම් ගමනක ඇති අවදානම් බව පිළිබඳ ඇයට පවසා ඔහු සතු විදුලි පන්දම ඇයට ලබා දී ඇයට තේ කහටින් ද සංග්‍රහ කළ අතර, ඉතා පුදුම ම සිදුවීම වූයේ තේ බීමටවත්, කඩයට පැමිණීමට වත්, යමක් කීමටවත් ගමෙන් පැමිණි තරුණයා ඉදිරිපත් නොවීම යි. ඔහු දැඩි ව බිය වී ඇති බව පසක් කරගත් ඇය, පිටිපසින් ඔහු එන බැවින්, ඒ පිළිබඳ එතරම් තැකීමක් නොකළා ය.

සිතින් මෙන් ම ගතින් ද දැඩි වෙහෙසට පත් මවට සහ දියණියට කඩේ තරුණයාගේ සංග්‍රහය අමෘතයක් ම විය. ඉන් පසු විදුලි පන්දමේ ආධාරයෙන් වේගයෙන් යාමට සිතූ ඔවුන්ට කඩේ තරුණයා තවත් උපකාරයක් ලබා දිමට ඉදිරිපත් විය. 'අක්කේ මේ ගමේ මාව ඕනෙ කෙනෙක් දන්නවා. කවුරු හරි හමු වුතොත් මගේ අක්කා කියන්න. ඔවුන් උපකාර කරයි.'යනුවෙන් පැවසූ මුත් ඔහුගේ නමවත් අසා ගන්නට ඇය සැරසෙන විටත් ඔහු නොපෙනෙන දුරකට ගොස් අවසන් ය. නමුත් විදුලි පන්දම බෙහෙවින් උපකාරී වන බැවින් ඉන් සැනසුණු ඇය වඩා වේගයෙන් අනෙක් දෙදෙනා ද කැටුව ගමවෙත සේන්දුවන විට ගමේ පිරිසක් ඇය සහ අනෙක් දෙදෙනා සෙවීමට මඟට එමින් සිටියහ.

මෙතුමිය මට පැවසූ ආකාරයට වඩාත් රසයක් ඇත්තේ කථාවේ ඉතිරි කොටසේ යි. ඇය පැමිණි පසු රැගෙන ආ විදුලි පන්දම කඩේ තරුණයා කියූ පරිදි නිසිතැන තබන්නට බලන විට එවැන්නක් ඇය අත නොතිබිණි. කළ උපකාරයට වෙනත් විදුලි පන්දමක් හෝ ගෙනත් තබන්නට හැකි යැයි ඇය තීරණය කළා ය. නමුත් එවිට මෙතෙක් ගොළුවකු සේ සිටි කොලුවා මෞන වෘතය හැර දමා, ඇය කඩයකට නොගිය බවත්, ඇයට පිස්සු යැයි තමා සිතූ බවත් බොහෝ දුෂ්කර මාධ්‍යයේ කළුවරේම ඇය පැමිණි බවත්, ඇය අත විදුලි පන්දමක් නොතිඹූ බවත්, ඇය පළපුරුදු කාරියක සේ පාර සොයා පැමිණි බවත් කියූ විට සියල්ලන් අන්ද මන්ද වූ බව ඇයට තවම මතක තිබේ. නමුත් මෙහි ඇති විශ්මිත කතාව වන්නේ, කොලුවාට අනුව ඔවුන්ට කිසිවෙක් මුණ නොගැසී තිබීමත්, ඇය පවසන පරිදි ඇය කඩේ තරුණයාගෙන් තේ බී විගස මනා ප්රබෝධයක් ඇති වූ බවත් ය. කුඩා දියණිය දැන් විශ්වවිද්‍යාලයෙන් ද පිටවූ තරුණියකි. ඇය මා හා පැවසූයේ මඟදී හමු වූ ලස්සන තරුණයෙක් ඔවුන්ට උපකාර කළ බව යි. අනෙක් කිසිවක් ඇයට මතක නැත.

මට නම් මෙය තේරුම් ගත නොහැක. ඔබට ඒ සඳහා යම් අර්ථ දැක්වීමක් දිය හැකි ද?

එක් දෙයක් පමණක් කියමි.

කාලමයෙනි, තොප විසින් සැක කිරීම සුදුසු ය. විමති ඉපදවීම සුදුසු ය. සැක කටයුතු තැන්හි තොපට විචිකිත්සාව උපන. කාලාමයෙනි, මෙහි එන්න. යමක් අනුශ්‍රවයෙන් ද නොගනුව. පරම්පරා කථාවෙන් ද නොගනුව. මෙසේ වීල යි ද නොගනුව. අපගේ පෙළ (පිටකය ) හා ගැලපෙතීයී ද නොගනුව. තර්ක ග්‍රාහයෙන් ද නොගනුව. නය ග්‍රාහයෙන් ද නොගනුව. ආකාර පරිවිතර්කයෙන් ද නොගනුව. සිය දෘෂ්ඨිය හා සැසඳෙති යී ද නොගනුව. භව්යරූපතායෙන් ද නොගනුව. මේ ශ්‍රමණයා අපට ගුරු යයි ද නොගනුව. කාලාමයෙනි මේ දහම් කුසල් ය. මේ දහම් අකුසල් ය. මේ දහම් වරද සහිතය මේ දහම් නුවණැත්තන් විසින් ගර්හිත ය. මේ දහම් සපුරන ලද්දාහු සමාදන් කොට ගන්නා ලද්දාහු අවැඩ පිණිස දුක් පිණිස පවත්නහ යි යම් කලෙක තෙපි ම දැනගන්නහු නම්, කාලාමයෙනි, එකල්හි තෙපි ම එය දුරු කරව.

කාලාම සූත්‍රය, මජ්ඣිම නිකාය.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com41tag:blogger.com,1999:blog-3353470703579557654.post-39727754845844570202015-12-31T11:42:00.001+05:302015-12-31T11:42:15.760+05:30පුනරාගමනය, ............ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!!2013 සිට අතහැර දැමුණු මගේ බ්ලොගය නව වසරේ නැවත ක්‍රියාකාරී කරන්නට උත්සාහ කරනවා. මේ ඒකට ලෑස්ති වීම. මම බ්ලොග්වලට ආවේ 2012 විතර. ඒකට බලපෑවෙ මාරයා සහ කතන්දරකාරයාගේ බ්ලොග් තව ද ලාස්ට් රෝ තමයි මම මුලින් ම කියවූ බ්ලොගය. මේ බ්ලොග් කෙරුවාව නිසා මා හඳුනාගත් බොහෝ දෙනෙක් ඉන්නවා. ඉන් පළමු හිතවතා අභීත, සහ ඕනයා. ඉන් පස්සෙ මගේ අද මට ඉන්න හොඳම මිතුරෙක් වන මාතලන් විශේෂයි. ඒ අතර ම ගිම්හාණි, රාමා දෙන්න. මට බ්ලොග්වල අ යනු ආයනු කියලා දුන්න අයත්, මගේ බ්ලොග් අඩවියට මුල්ම කමෙන්ට් එක දුන්න දුකාත් මට අමත වෙන්නෙ නැහැ. ඒ කාලෙ අද වගේ බ්ලොග් රාශියක් තිබ්බෙ නැහැ. තව මට මතක් වෙනවා අපිව අතහැර ගිය අපෙ ඔබා අයිය අවසාන දින කීපයකට කලින් මාව මුණ ගැහිලා ගිය ඔබා අයිය ගැන ඕනය සහ සුජාතා දුන්න ඒ ආරංචිය මම විශ්වාස කළෙත් නැහැ. කොහොම හරි ඔහු අපිව දාල ගියා. බොහෝ දෙනෙක් ඉන්නවා. නැවත ඒ අයට මගේ ස්තුතිය පුද කරනවා. මට අනියමින් ප්‍රසිද්ධියක් ලබා දුන්න ඇනෝනිමස් ආතල් බ්ලොගයටත් මම ස්තුතිවන්ත වෙනවා.

පසුගිය කාලේ බොහෝ ඇබ්බැහි වුණු බුකියෙන් ක්‍රමයෙන් ඉවත් වෙන්න මම තීරණය කර තිබෙනවා. ඒක මගේ තැන නෙමෙයි. මම තෘප්තිමත් වෙන්නෙ බ්ලොග්වල. මගේ තැනට මම නැවත එනවා.

2013, 2014, 2015 මම බොහෝ වෙහෙසුන වසර තුනක්. ඒ මගේ අධ්‍යාපන කටයුතු නිසා. ඒ දේවල් මේ වන විට අවසානයි. දැන් මගේ ජීවිතයේ වැදගත් තීරණයක් ගන්න කාලේ. ඇත්තට ම මම ඒ තීරණය මේ වන විට අරන් ඉවරයි. මේ තමයි මම ප්‍රසිද්ධියේ ඒ ගැන කතා කරන පළමු දිනය. මින් පසු කිසිම රැකියාවක් නොකර ඉන්න තමයි මගේ බලාපොරොත්තුව. මා කළ පර්යේෂණ ඉදිරියටත් අඛණ්ඩව ගෙන යනවා. නව පර්යේෂණත් කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා. තව ද, මින් පසු මෙතෙක් මා, ගුරුවරුන්ගෙන්, පොතපතින්, මිතුරන්ගෙන්, සහ මගේ රොගීන් වෙතින් ලැබූ දැනුම අනෙක් අයට බෙදා දෙන්න පොත පත ලිවීමට මගේ සම්පූර්ණ කාලය යොදවනවා. අවස්ථාවක් ලදොත් පමණක් යම් ඉගැන්වීමක් නොමිලයේ කර දෙනවා. හැබැයි කිසිවක් ස්ථිර ව බාර ගන්නෙ නැහැ. මේ ඇති, සිත් රිදීම් මින් මතු මට එපා.

වෛද්‍ය විද්‍යාව, බුදු දහම, දේශපාලනය, සාහිත්‍ය, දර්ශනය වැනි මගේ ප්‍රියතම විෂයන් සමඟ මම ඉදිරියට නැවත එනවා. ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!!!!!!!!Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com42tag:blogger.com,1999:blog-3353470703579557654.post-68780745092812909482013-11-30T13:24:00.001+05:302013-11-30T13:24:54.444+05:30සමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලාසමකය වටේ: ඇවිල්ල ඇවිල්ලා 'කැම්පස් සින්ඩිය' ඇවිල්ලා: සිතට තෘප්තිය පතා අපි බ්ලොග් ලියන්නෙමු. ඒ තෘප්තිය වඩාත් තීවෘ වන්නේ අප ලියනා දේ අරබයා පුළුල් කතිකාවක් ගොඩනැගෙන විටදී ය. අපේ වියමනක් වෙනුවෙන් ...Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com9tag:blogger.com,1999:blog-3353470703579557654.post-71718791364348446912013-10-07T13:27:00.001+05:302013-10-07T13:27:06.623+05:30මහ වෙදනා සමඟ මා ආ මග අහන්න... | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪මහ වෙදනා සමඟ මා ආ මග අහන්න... | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com3tag:blogger.com,1999:blog-3353470703579557654.post-17860884493299450242013-09-27T09:41:00.001+05:302013-10-05T09:16:38.857+05:30ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද? | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪ආයුර්වේදෙට දැන් යන්නෙ වයසක අය විතරද? | ♪♫♪♫♪ Buzz Radio [Official Blog] ♪♫♪♫♪Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com10tag:blogger.com,1999:blog-3353470703579557654.post-48400087691713666142013-08-01T11:43:00.002+05:302013-08-01T11:43:51.902+05:30අද අද එයි මරු පිංකර ගන්නෙඔබ කවුරුත් දන්නා පරිදි මම දේහපාලනය උගත්තෙක් මි. දේශපාලනය මට ආගන්තුක ය. ඒ පිළිබඳ ඇසූ දුටු කියවූ දෑ හැර අන් යමක් මම නොදනිමි. නමුත් මගේ බුද්ධි මානයට පිටින් වුවත් යමක හොද නරක මිනුම් කිරීමට සරි බුද්ධිය ක් මට ඇතැයි මම දනිමි. දශක කීපයක් ලැබූ ජීවන පරිචය ම ඊට ප්‍රමාණවත් ය.

දැනට මෙසිරිලක වාසස්ථානය කොටැති මම නොයෙක් විට ලැබූ විදෙස් අත්දැකීම් ද සමග මුසු කොට මෙසේ ලියා තබමි.

අප කුඩා කළ, මට දැනුම් තේරුම් ඇති වයසේ දී මෙරට දේහ පාලනය පිළිබඳ සෙවුමට පත් කොට සිටි රජයේ බලධාරියා වූයේ වෛද්‍ය රංජිත් අතපත්තු මහතා යි. ඒ එම තනතුර ට සුදුස්සෙක් පත් වූ අවසාන වතාව යැයි මට සිතේ. මන්ද එතනින් පසු දේහපාලනයත් දේශපාලනයත් දෙකම එක වලේ ම වැටෙන්න ට වූ බැවිනි.

මගේ ප්‍රියතම දේශපාලකයා වන ජේ. ආර්. ජයවර්ධනයන් ගේ මැති මඬුල්ලේ සිටි අතපත්තු මැතිඳුන් එම තනතුර ට එක් කළේ සෙසු පටු ප්රභාවක් ද නොවේ. ඊට ඇති හොදම නිදසුන නම් එතුමන් එම තනතුර හැර දමා ලෝක දේහපාලන සංවිධානයේ බලගතු තනතුරක ට පත් කිරීම යි. එවන් පුරුෂයන් අද කොහිද? ඉඳ හිට හීන් කෙදිරීම් හැර එක සීරුවට අහල ගම් හතකට එක විට අඬහැරයක් පාන්නට තරම් එකෙක් අද වෙසෙත් ද?

ඒ එසේ තිබෙන්නට හැර මම මේ හාන් හෑල්ල ලිවීමට සිත් වූ කාරණය ඔබට මෙසේ කියමි.

ඊයේ මගේ අසල් වැසියෙක් මා හා කියූ කතාව මෙසේයි. ඔහු අද දින උසාවිය ට කැඳවා ඇති ලු. ඉතාම අහිංසක පුද්ගලයෙක් වන මා අසල් වැසියා එතරම් වරදක් කෙදිනකවත් නොකරන වග නම් මම දනිමි. නමුත් මා වැරදිය. ඔහු මහ පොළව නුසූලන අපරාධය කාරයෙකි. දිනපතා උදේ සවස කුරුල්ලන්ට කෑම සහ බීමට ජලය දීමට තරම් වූ නොසන්ඩාලයෙකි. එපමණක් නොවේ තම ගෙවත්තේ රම්ප ගහක් වැවීමට තරම් අපරාධකරුවෙ කි.

මෙතෙක් කලක් ඉතාම රහසිගත ව කර ඇති මේ අපරාධය පසුගිය දිනක පොලොස් බලධාරින් ගේ උකුසු ඇස ට හසු වී ඇත. ඔවුන ට ඇත්තේ උකුසු ඇස් ය. පෙනෙන්නේ මේවා ය.

නමුත් රේමන්ඩ් පාර, පාගොඩ පාර, පූර්වාරාම පාර (ටික දිනක සිට අලුතින් කාණු බඳිමින් සිටිති.) ඇතුළු සියලු නගරය ට සම්බන්ධ වන කිසිම අතුරු පාරක කාණුව ක් සුද්ධ නොකරන බව මම දනිමි. මේවා සුද්ද කිරීම මගින් නගරයේ ඩෙංගු පාලනය කිරීම ඉතාම පහසුවෙන් කළ හැකිය. එනමුත් සමහර කාණු ඇත්තේ කොයිබක ද කියා නගර සභාව ත් නොදනී. උදාහරණ රේමන්ඩ් පාර කාණු ඇත්තේ පුද්ගලික ඉඩම් හරහය. ඒ කාණු දැන් වැහී ගොස්ය. මදුරු ආකරය.

නමුත් ඒවා එසේ වුවත් නගර නයුවන් නඩු අසා හිරේ දැමූ විට නගරයට කවර පිහිටක් ද? එම නිසා මේ නගරවල ඩෙංගු මර්ධනය කෙසේ වෙතත් රජයට ආදායමක් ගත හැකි වීම ම සිතට ප්‍රීතියක් නූපදවයි ද? අප එවන් දේශප්‍රේමීන් වෙමු. හිරේ වැටී, ඩෙංගු හැදී මියෙම්වා අපේ නගර නයුවන් සහ අපේ සසිරිබර මෙසිරිලක රටේ නයුවන් තිස්තුන් කෝටියකුත් තවත් ටිකක් වන දෙවියෝ ම බලත්වා. පඟර නැට්ටන් වන නගර වැස්සන් මැස්ස වැනි බෝවෙ ත්. ඒ අතරින් කීප දෙනෙක් මළාට බිය විය යුතු නොවේ. බෝ කිරීම සදහා ද බලකායක් සහ සේනාවක් ඇති බැවින් වෙසෙසින් ම හිතට ප්‍රීතියක් නොපැමිණේ ද?

එසේම ගම්පහ වැලිවේරියේ වැස්සන් ද මේ නටන්නේ පිස්සුවකි. ඔය එකෙක් දෙන්නෙක් මළාට දෙකෝටියක් වැස්සන් සිටින රටකට බරපතල හානියක් සිදුවේද? ඕවා දේශදෝහීන්ගේ පිස්සු කථාය. යම් විදියකින් එසේ වැස්සන් හමාර වුවොත් ප්‍රශ්නත් හමාර බව නොපෙනේ ද? ඒ නැතත් බලකාය සහ සේනාව බෝ කරණ වැඩේ භාර ගෙනැති බැවින් තුටින් නිදන්න. මදුරුවන් තමන්ගේ පෝෂණය සරි කර ගියාවේ.

අවසාන වශයෙන් මෙසේ කියමි.

අද අද එයි මරු පිංකර ගන්නෙ - කුමට ද හෙට මරු නේති යි සිතන්නේ…

ඒ වගත් මෙසේම යි.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com50tag:blogger.com,1999:blog-3353470703579557654.post-61795499850031756262013-07-04T08:13:00.002+05:302013-07-04T08:13:24.282+05:30සම්පයියක් සේ වැඩූ මිරිස් වැටියක් තනන ආකාරය, හෙවත් ආයුර්වේද වෙදසරණිය.මට විවිධ ආරේ මිතුරන් සිටී. ඒ අතර ඉතාම පහළ ම රැකියා කරන කම්කරුවන් මෙන්ම ඉහළ පෙළේ රැකියා කරන වුන් ද, මා වෙනුවෙන් පණ දීමට වචනයෙන් සැදී පැහැදී සිටින්නාක් මෙන් පෙන්වන්නන් ද, සැබෑවටම එසේ කිරීමට ඉදිරිපත් වන්නන් ද, මිතුරු වෙසින් සිටිති. මේ සියල්ලන්ට ම වෙනස් වූ මිතුරන් පිරිසක් ද දැන් මට සිටිති. එනම් මෙතෙක් මා දැක නැති මාගේ සයිබර මිතුරන් ය. මේ අය අතරින් අභීත, දුලිප්, ප්‍රදීප්, රාමා, මාරයා, නලිනි,…,…,….,.. වැනි කීප දෙනෙක් හැර මා දැක ඇත්තේ තවත් ඉතාම ස්වල්පයකි. නමුත් මේ දුටු නුදුටු සියල්ලන් මා දැක කතා බහ කරැති මගේ මිතුරන් මෙන්ම ආත්මීය මිතුරන් ලෙස මම සලකමි.

එවන් මිතුරන් කීපදෙනෙක් දැන් ටික දිනක සිට මට පොඩි පොඩි ඇඟැවීම් කරමින් සිටිති. මේ අය අතර රාමා, සහ දේශකයා, මෙන්ම සිරා ද සිටිති. දින දෙකකට පෙර දේශකයා ට දින කීපයකින් බ්ලොග් පෝස්ටුවක් දමමි යි මවිසින් දුන් පොරොන්දුව මට අමතක විය. ප්‍රතිඵල හැරෙන තැපෑලෙන් පැමිණ තිබේ. මේ ලියන්නේ ඒ නිසාය.

වරක් කීවාක් මෙන් "ඔබ වැනි මිතුරන් සදා වාසනාවන්."

මේ ලිපිය සයිබර අවකාශයේ සිටින මගේ සියලු මිතුරන්ගේ මිතුරුකම වෙනුවෙනි.

අපේ අසහාය ඉතිහාස ග්‍රන්ථය වන මහාවංසයේ පරිච්ඡේද ගණනාක් ම වෙන්කර ඇත්තේ දුටුගැමුණු මහරජ වෙනුවෙන් බව ඔබ දන්නවා ඇතැයි මම සිතමි. මහාවංශකරුට දුටුගැමුණුට වඩා වීරයෙක් තවත් නැත. මට නම් එසේ නොවේ. මට දුටුගැමුණු තවත් එක් රජෙක් පමණි. නමුත් මේ කතාව පැවසීමට දුටුගැමුණු මහරජු අපට ඉතා වැදගති.

දුටුගැමුණු මහ රජු යුද්ධය අවසානයේ තම දිග් විජය සැමරීමට මහා ක්‍රීඩා උත්සවයක් පැවැත්වූවා ලු. එහි එක් අංගයක් වූ ජල ක්‍රීඩාවට සම්බන්ධ වීමට ගැමුණු මහරජු ද සූදානම් විය. තිසා වැව අද්දර ජල ක්‍රීඩා බිමට පැමිණිම සදහා රජු තම සධාතුක ජය කුන්තය ආරක්ෂා සහිතව එක් තැනක සෘජුව සිටුවා තැබීය. ක්‍රීඩාවෙන් පසු කුන්තය ගැනීමට උත්සාහ කළත් එය එම බිමට යාවී ඇති බව දැක එය ජය බිමකැයි සලකා එහි දාගැබක් බැඳවී යැයි මහාවංස කතා කරු කියයි.

එම දාගැබ "මිරිසවැටිය" යැයි නම් වීය.

අපේ අද කතාවට පාදක වන්නේ මේ "මිරිසවැටි" යන නාමය ලැබීමට හේතු වූ සිද්ධියට සම්බන්ධ කරුණකි. එනම් මහ රජු තමන්ගේ රාජ භෝජනය හැමටම පළමු සංඝ රත්නයට වෙන්කර පූජා කරයි. ඉන්පසු තම පරිභෝජනය ලබා ගනියි. මෙය යි මහරජුගේ සිරිත. නමුත් දිනක් අහම්බෙන් මහරජු වැරදීමකින් යම් "මිරිස් වැටියක්" සංඝයාට වෙන් කිරීම ට ප්‍රථම තම පරිභෝජනය ට ගත් හෙතුවෙන් ඉන් ඇති වූ සිත් තැවුලට පිළියමක් ලෙස මේ මහා වෛත්‍ය රාජයා "මිරිසවැටිය" යැයි නම් කෙරුවේ ලු.

අද අපේ ප්රස්තුතය ලෙස මෙම "මිරිසවැටිය" යන නාමය යොදා ගැනීමට මම අදහස් කළෙමි.

කුමක් ද මේ අති දීර්ඝ කාලයක් පැවතීම ට සමත් දාගැබක් බැඳවීම ට තරම් හේතු වූ මිරිස්වැටිය? මෙය ඇත්තෙන්ම ප්‍රශ්නයක්? බොහෝ අය මෙය දකින්නෙ මිරිස් හොද්දක් ලෙසයි. නමුත් මා එය වෙනස් විදියකට දකින අතර ඔබටත් මිරිස්වැටියක් සාදා ගන්නා අන්දම පැහැදිලි කිරීමට මේ අවස්ථාවක් කරගමි.

මේ පිළිබඳව මහාවංස කතාකරු මෙසේ පවසයි "පෙර බත් කාලයෙහි සංඝයාට නො තබා අනුභව කරන ලද එකම මිරිස් වැටියක් දුටුවේය"

එලෙසම සද්ධර්මාලංකාරය මෙසේ ද පවසයි ".... සිහි මඳ ව දන් නො දී මළමිරිස් පැස්සක් සඳහන් කොට...."

සිංහල ථූපවංසය, බද්දේගම විමලවංශ සංස්කරණය, 1958, පිටුව 100 හි මෙසේ සඳහන් වේ. "ස්වාමීනී, සඳහන් නැතිව සංඝයා වහන්සේට නො දී මළමිරිස් පැස්සක් කෑමි"

පැරණි ලක්දිව බෞද්ධ ඉතිහාසය, ඊ. ඩබ්. අදිකාරම් මහතා මෙසේ පවසයි, ".....සංඝයාට කොටසක් නො දී මිරිස් ආහාරයක් ගත් වරදට දඩුවම් වශයෙන්...."

මිරිස් වැටිය පිළිබඳ මෙහි දී ප්‍රධාන අදහස් දෙකක් විද්‍යාමාන මේ.

1. මිරිස් ආහාරයක්.

2. මිරිස් පැස්සක් නැතිනම් මිරිස් වැටියක්.

මේ අනුව මූලික නිගමනයක ට බැසීම අසීරු නොවේ.

1. මෙය මිරිස් යෙදූ ආහාරයකි.

2. මෙය පැසක් ලෙස වැළදිය හැකි, නැතිනම් වැටියක් ආකාර ආහාරයකි.

මේ ආකාරයට තවත් නිරවුල් කරගත යුතු කරුණු දෙකක් ඇත.

1. කුමක් ද පැසක් යනු?

2. වැටියක් යනු කුමක් ද?

මේ කරුණු දෙකට පිළිතුරු සෙවීම පසෙකින් තබා තව කෙටි දුරක් සොයා බැලීමෙන් පසු නැවත මෙතැනට එමු.

මාරයා ඇතුළු සයිබරයේ උයන පිහන නඩේට මෙන්න ඔතුවක්. මම අද ඔබට රාජ භෝජනයකට මඟ කියමි. සකසාගෙන රස බලන්න. නුගේගොඩින් යනවා නම් අපිත් ආසයි මිරිස්වැටියකට……...

මේ කවි පංතිය කියවා බලන්න. (මූලාශ්‍ර, පුංචි බණ්ඩාර සන්නස්ගල, මහනුවර රජගෙදර සූපශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය, පිටුව 50.)

වම්බටු ලෙසට මස් අඹා පිසින කල

අමු මුං පොතු හැර සිනිඳු ව වැටූ කල

මෙ ලෙසම ඇඹූ මස් සරිව ඇඹරූ කල

අසමොදගම් දී අමු වයිතී ගත් කල

ලුණුත් කසාලා වරදිය කකියමින

බටුගෙඩි එහි සිටුවාලා එබුණු තැන

තිබු මස උඳු කැරලි කොට ඉරා තබමින

උම්බල මස් දැමූ පත් කඩ අඹව මින

කොතබුරු මිරිසිඟුරු අබ අසමොදග ම

කසා සැලුණු ලුනැඹුල් වටා ඇම

මස් මෙහිලා අනා ගෙන සැලී කැවුණ ම

වට පැසි මිරිස්වට මේ ඈ යෙදූ නම

මෙම පැඳි තුන අඩංගු වන්නෙ ආචාර්ය පුංචි බණ්ඩා සන්නස්ගල සූරීන් ඉතා වෙහෙස මහන්සියෙන් විමර්ශනය කොට රචනා කර ඇති මහනුවර රජගෙදර සූප ශාස්ත්‍ර පොත හා සිංහල සූප කළා සාහිත්‍යය නම් ග්රන්ථයෙනි. මෙම ග්රන්ථයට අනුව පැදි තුනෙ අර්ථය අපට විමසා බැලිය හැක. එනම් මින් අපට ලබාගත හැකි නිගමනය නම් මෙය ඉතා ඈත කාලයක සිට රජගෙදර භාවිතයට ගත් වට්ටෝරුවක් බවයි.

මෙහිදී මෙම ආහාරය සකසා ගැනීම පිළිබඳ උපදෙස් ම වෙත ලබා දුන්නේ මගේ මිතුරෙක් මෙන්ම ගුරුවරයෙක් ද වන මා හිතවත් වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමා යි.

මෙහි දී පළමුවෙන් ම මස් හොදින් මෘදු වීමට අමු මුරුංගා පොතු දමා, වම්බටු ගෙඩි පමණ සකසා ගත යුතුයි. එනම් අමු මස් මුරුංගා පොතු සමග ඇබරීමෙන් පසු කුඩා ගුලි සකසා ගත යුතුයි. එහිදී අසමොදගම් සහ වයිතී හෙවත් වර්ණකාරක ද, ලුණු, කහ, ඇතුළු මිරිස්, කොත්තමල්ලි, අබ, ඉගුරු ආදිය ද, ලුණු ඇබුල් ද තුන පහ දමා සකසාගත යුතුයි. සියල්ල සම්පූර්ණ වූ පසු එය ගැබුරු තෙලින් රන් වන් වන සේ බැඳ සකසා ගත යුතුයි. මෙහි උම්බල මස්, නැති නම් මළමිරිස් යනුවෙන් හඳුන්වන්නේ අමු මස් තෙලින් බැඳ ගැනීමෙන් පසු අවස්ථාවයි.

දැන් අපි මෙහි සදහන් වට පැසි මිරිස්වට යන කොටස විමසා බලමු. මිරිස්වට යන්න පාලියට නැගීමේදී "මරිචවට්ටි" ලෙස ලිවිය හැක. නැවත එය සිංහලට පෙරලීමේ දී මිරිසවැටිය යන නම භාවිතයට එන්නට ඇතැයි සැලකීමට අපට මෙහි සාධක ඇත. දැන් මිරිස් ආහාරයක් හෝ මිරිස් වැටියක් යන්න නිසා මිරිසවැටිය යන නාමය ආ ආකාරය ඉතා පැහැදිලි ඇතැයි සිතමි.

ඊළඟ ප්‍රශ්නෙ වට පැසි යන්නයි. වට පැසි යන්න භාවිතාවේ දී ම සිතට පැමිණෙන අදහස වන්නේ යම්, පැසක් / කූඩයක් / මල්ලක් / පැස්සක් / පසුම්බියක් / සම්පයියක් / පැහියක්, වැනි යමක් භාවිතයෙන් සාදන දෙයක් යන්න යි. මෙහිදී එසේ නම් මෙම මිරිස් වැටිය යනු පසුම්බියක් වැනි යමක් තුළ සාදනු ලබන්නක් බව අපට මේ අනුව අවබෝධ වනවා. සිලින්ඩරාකාර කොපුවැනි ආකාරයේ යමකට පසුම්බිය යන්න භාවිතය ට ගත හැකියි නේද? එවිට සම්පයිය යනු කොපු ආකාර වට පැස්සක් නොවේ ද? දැන් මේ කවි පංතියේ අවසාන කවියේ අවසාන පදයට අනුව වට පැසි මිරිස්වට යනු සම්පයියක් තුළ බහාලූ මිරිස් ආහාරයක් හෙවත් සම්පයියක් ආකාරයෙන් තැනූ මිරිස් ආහාරය යි. මෙසේ වන්නේ තෙලින් බැද ගැනීමෙන් පසු පිටත මස් හොදින් බැදී කොපුවක ආකාරයෙන් සකස්වන නිසාය.

සිංහල ථූපවංසය ත්, සද්ධර්මාලංකාරය ත්, මෙම කරුණ පිළිබඳ යම් විමසීමක් කර ඇත. එහිදී ග්රන්ථ දෙකම මළමිරිස් පැස්සක් යන වචන භාවිතා කරයි. මෙසේ වන්නෙ ඇයි? අපි ඉහත වට පැසි මිරිස්වට යන්න විමර්ශනයට ලක් කළෙමු. එහිදී සම්පයියක ලූ මිරිස් ආහාරය ලෙස මේ වට පැසි මිරිස්වට යන්න විග්රහ කළෙමු. දැන් මෙය කුමනාකාරයේ ආහාරය ද යන්න පිළිබඳ යම් වැටහීමක් ඔබට ඇතැයි සිතමි.

නවීනයේ අපේ නිවෙස්වල මාළු මිරිස් පුරවා සාදන ආහාරය ඔබ සියල්ල භුක්ති විඳ ඇතැයි මම සිතමි. මෙයත් ඒ ආකාරයේ ආහාරයක් ලෙස නොපෙනේ ද? අනෙක රජතුමා සාංගීක කිරීමට පෙර භුක්ති වින්දා නම් එය එසේ හුදෙකලාව භුක්ති විඳිය හැකි යමක් විය යුතුයි නේ ද?

මෙහි දී මට නම් සිහිය ට නැගෙන්නෙ නවීන සොසේජස් (Sausages) / Meat Balls වැනි ආහාරයක් ලෙස මෙය භාවිතය ට ගන්න ට ඇතැයි යන්න යි.

දැන් සියලු සැක දුරු කර සම්පයියක ආකාරයෙන් සකස් කර ගත් මිරිස් වැටියක් සාදා භුක්ති විඳීමට කිම ද බාධා?

ප/ළි.

හිතවතුනි මට මීට කලින් ලියූ මනෝවිද්‍යාත්මක ලිපි පෙළේ අවසාන ලිපිය සම්පූර්ණ කිරීමට තිබේ. නමුත් මම එය දැනට අතහැර දමමි. ඒ මතුවට උපදේශනය පිළිබඳ දීර්ඝ ලිපි පෙළක් ලිවීම ට බලාපොරොත්තු වන බැවිනි. මේ අධික රාජකාරී බහුල බව තව මාස කීපයක් යන තෙක් තිබේවි. ඊට පසු පුරුදු පරිදි ලියමි. ඔබට ජය!!!!

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com87tag:blogger.com,1999:blog-3353470703579557654.post-48555478095854547102013-04-04T11:29:00.001+05:302013-04-04T11:37:01.815+05:30මිතුරාගේ පියාගේ නියම රෝගී තත්ත්වය හඳුනා ගැනීම.පළමු කොටස.

අපිට මේ කතාවේ ඉතාම වැදගත් වන්නෙ මේ කොටසයි.

කායික රෝග ලක්ෂණ සහ මානසික රෝග ලක්ෂණ විස්තර ඇතුව බලමු.

කායික රෝග ලක්ෂණ.

1. මෙතුමා කලින්ම පාකින්සන් රෝගයට ගොදුරු වූ අයෙක්.

අනෙක් අපි කලින් කියූ සියල්ලම මානසික රෝග ලක්ෂණ යි.

1. ප්රචණ්ඩ වීම.

2. අසභ්‍ය වීම.

3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.

4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

මේ තමයි පාකින්සන් රෝගය පිළිබඳ විස්තර.

විකිපීඩියාවෙන් ලබාගත හැකි විස්තර.

පාකින්සන් ඇති වීමට හේතු.

පාකින්සන් රෝගයේ ප්‍රභේද

මෙම රෝගය පිළිබඳ මෙයට වඩා විස්තර ඔබට ජාලයෙන් ලබාගත හැකියි. දිනක අපි ඒ ගැනත් කතා කරමු.

පාකින්සන් රෝගයේ ප්‍රභේද වලින් 4 වන ප්‍රභේදය වන මෙහිදී අපේ කතානායක පියා හා සමවන බවයි මගේ අදහස. එම නිසා අපි ඒ පිළිබඳ වැඩි විස්තර සොයා බලමු.

මෙය ශරීරයේ අනෙකුත් පද්ධතීන්ගේ ක්‍රියාවන් ද අඩාල කරන්නාවූ රෝගයකි. විශේෂයෙන් ම මොළයේ වෙනත් පද්ධතීන් හි ක්රියාකාරීත්වයේ විශාල වෙනස්කම් ද මින් ඇති විය හැකිය. එනම් ක්‍රියාකාරීත්වය අඩු විය හැකිය. ශරීරයේ සමබරතාවය අඩු වේ. ස්වයංසාධක පද්ධතියේ ක්‍රියාකාරීත්වය බොහෝ අක්‍රමවත් විය හැක. පේශීවල දැඩි බව ඇති විය හැකිය. ස්නායුක සම්බන්ධීකරණය දුර්වල වේ. මෙම ක්‍රියාවන් එකක් හෝ කීපයක් හෝ සියල්ලම මෙහිදී ඇති විය හැක.

බොහෝ විට වයස අවුරුදු පනස් ගණන්වල මැද සිටින අයට මෙය බහුල වේ.

මෙම රෝගීන් සහ පාකින්සන් රෝගීන් වෙන් වෙන්ව හදුනා ගැනීම ඉතා අපහසුයි. මෙම රෝගීන්ගේ රෝග තත්ත්වයේ වර්ධනය වේගවත් වීම සහ පාකින්සන් රෝගයට ලබා දෙන ඖෂධ වලට ප්‍රතිචාර දැක්වීම දුර්වල වීමෙන් ද මෙම රෝගය හදුනා ගැනීමට යම් උපකාරයක් ලබාගත හැකිය.

ඉහත අප සඳහන් කළ රෝග ලක්ෂණයන් වන ප්රචණ්ඩ වීම, අසභ්‍ය වීම, නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම, සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම, යන ලක්ෂණ ඇති වූ අන්දම දැන් ඔබට සිතා ගැනීමට හැකි යි සිතමි. මොළයේ අවක්රියාකාරීත්වය නිසා මෙම සියලුම ලක්ෂණ ඇති වේ.

නමුත් දැන් අපට තවත් ප්‍රශ්නයක් තිබේ. එනම් අපේ මිතුරා පියා හා කළ සංවාදයයි. තව ද මිතුරා මළගිය ප්‍රාණකාරයෙක් හා පියා මාර්ගයෙන් කතා කිරීමයි. ඇත්තෙන්ම මෙය විය හැකි ද?

මම එය විය හැකියි නොකියමි. නොහැකියි ද නොකියමි.

නමුත් අමරාවික්කේපවාදීව නොව විද්‍යාත්මක පිළිතුරක් මෙයට ලබා දිය හැකිය. මම ඔබව දැන් බුදු දහම දෙසට ගෙනයමි.

ඔබට මතක ද? මා පසුගිය ලිපියේ කතා කළා චිත්ත, මන, විඤ්ඤාණ නම් මාතෘකාවක්. දැන් අපි බලමු ඉතා කෙටියෙන් සහ පාලියෙන් තොරව ඒ පිළිබඳ යමක් උගෙනීමට.

මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත්‍ර සාහිත්‍යයේ දී දැක් වේ.[1] මෙම චිත්ත, මන, විඤ්ඤාණ යන පදතුන වෙන වෙනම ගෙන ඉතාම කෙටියෙන් සලකා බැලීමට මම මෙහිදී අදහස් කරමි. නමුත් විඤ්ඤාණය පිළිබඳ වෙනම ඉදිරියේදී සලකා බලමු. (මගේ විෂය වන මඳසරුභාවය හා විඤ්ඤාණය අතර පවතින දැඩි සම්බන්ධය නිසා එය ඉතාම වැදගත් බැවින් එසේ එය වෙනම දිනක කතා කරමු.)

චිත්ත

චිත්ත සංකල්පය මිනිස් ඉතිහාසයේ මුල් යුගයේ සිටම මිනිසා විසින් ගවේෂණයට ලක් කෙරුණකි. බුදුන් වහන්සේගේ යුගයටත් කලින් එවැනි ගවේෂකයන් ඉන්දියාවේම විසූ බව ආලාර කාලාම, උද්දකාරාම පුත්ත, වැනි ශාස්ත‍්‍රෑන් පිළිබඳ සඳහන් වන සච්චක සූත්‍රයෙන් හෙලි වේ.[2] චිත්ත යන්නෙහි දී මනෝ, සහ විඤ්ඤාණ යන වචන දෙකෙන් ආවරණය නොවන මානසික ක්‍්‍රියාකාරීත්වය විස්තර කෙරේ. මානසික ක්‍්‍රියාවලියෙන් වැඩි ප්‍රමාණයක් මෙමගින් ආවරණය වේ. සිත කිලිටි වීම නිසා නොයෙකුත් රෝගාබාධ, සහ විවිධ ගැටලූ වලට ලක් වේ. එසේම සිත කිලිටි වන්නේ රාග, දෝෂ, සහ මෝහ වැනි අකුසල සහගත චිත්ත වේගයන් නිසාය.[3] කය හෝ මනස රෝගී වීම, අයහපත් චිත්ත වේගයන් ඇතිව යමක් කීම හෝ කිරීම නිසා සිදු වේ.[4] චිත්ත යනු සිතීම යන ක්‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයන්ගෙන්ගෙන් යුත් තත්ත්වය හෙවත් ඒවා රැස්කරගත් මානසික තත්ත්වය ලෙස විග්රහ කළ හැකිය.

මේ අනුව පුද්ගලයෙක් ගොඩනඟාගත් මානසික පදනම ”චිත්ත” යන පදයෙන් නියෝජනය වේ. පෘථග්ජන මානසිකත්වයේ ඇති සැලෙන සුළු බව ,

”ඵන්දනං චපලං චිත්තං”

යනුවෙන් දැක්වේ. ලෝකය මෙහෙයවන ප්‍රධාන බලවේගයක් ලෙස මානසික ක්‍රියාව දැක්වීමට යොදා ගෙන ඇත්තේද චිත්තයි.[5] චිත්තය යටි සිත , එසේත් නොමැති නම් උපවිඤ්ඤාණය ලෙසද හඳුන්වා දියහැක.

චෛතසික

සිත හා නොබිඳී පවතින සිත හා ඒකාබද්ධව පවතින ධර්මතාවක්, හෙවත් චිත්ත ගතිය චෛතසික නමින් හැඳින්වේ.

බෞද්ධ සූත්‍ර සාහිත්‍යගත සූත්‍රයන් අනුව බැලූ විට පහත සඳහන් සූත්‍ර මගින්ද චිත්ත සහ චෛතසික පිළිබඳ බොහෝ කරුණු අධ්‍යයනය කළ හැකිය. 1. මජ්ඣිම නිකාය චත්ථූපම සූත්‍රය,[6] 2. එම චූළහත්ථිපදෝපම සූත්‍රය,[7] 3. එම සතිපට්ඨාන සූත්‍රය,[8] 4. එම සබ්බාසව සූත්‍රය,[9] 5. එම දන්තභූමි සූත්‍රය,[10] 6. සංයුක්ත නිකාය අන්තරක්ඛිත සූත්‍රය,[11] 7. එම ගද්දුල බද්ධ සූත්‍රය,[12] 8. අංගුත්තර නිකායේ නිබ්බේධිත සූත්‍රය,[13] යනාදී සූත්‍ර ද මේ සදහා නිදසුන්ය.

මනෝ

ඇස, කන, නාසය, කය සහ දිව යන ඉන්ද්‍රිය්‍යන් පහට ”මන” ඉන්ද්රිය එක් වූ විට ශරීරයේ ඉන්ද්‍රිය්‍යන් සංඛ්‍යාව හයක් බවට පත් වේ. මෙහි අදහස ”මන” යනු ද ඉන්ද්‍රියක් බවයි.[14] පසිඳුරන් දියුණු කළ හැකිය. හික්මවිය හැකිය. මනසද හික්මවීම මෙන්ම දියුණු කිරීමද කළ හැකි බව මේ අනුව තේරුම් ගත හැකිය. අනෙක් ඉන්ද්‍රිය්‍යන් පහද මනසද රැකගැනීමෙන්ද, හික්මවීමෙන්ද, දියුණුවට පත් කිරීමෙන්ද, සිදු වන්නේ යහපතකි. ඇස, කන, නාසය, දිව, කය යන පසිඳුරන් මගින් විවිධවූ සංවේදනයන් ලබා ගනී.[15]

මනෝ යන්න ධම්ම නම් වූ ඉන්ද්රිය අරමුණු ඔස්සේ ක්‍්‍රියාත්මක වේ.

චක්ඛුනා රූපං දිස්වා සොමනස්සට්ඨානියං රූපං උපචරති..... මනසා ධම්මං විඤ්ඤාය සොමනස්සට්ඨානියං ධම්මං උපචරති..

මනස ඉන්ද්‍රියක් වුවත් අනෙකුත් ඉන්ද්‍රියන් මෙන් නොව අභ්‍යන්තර ඉන්ද්‍රියක් ලෙස ක්‍්‍රියාකරන බව පෙනේ.[16]

මනස සහ චිත්තය

නූතනයේ දී චිත්ත සංකල්පය පිළිබඳ සාකච්ඡ කරන විට මනස යන්න පිළිබඳව වැඩිපුර අවධානයක් යොමු කරයි. ඒ නුව මනසේ ප්‍රධාන කොටස් දෙකක් දකවාලිය හැකිය. 1. සඤ්ඤි මනස - මනස ලෙසින් මස්තිෂ්කය හෙවත් මොළය අදහස් කරයි. 2. උපවිඤ්ඤාණය යනුවෙනි - එනම් චිත්තය යි. ගුණපාල ධර්මසිරි මහතාගේ දාර්ශනික ප්‍රශ්න නම් ග්‍රන්ථයේ මේ පිළිබඳ පැහැදිලි විස්තරයක් අඩංගු වේ.[17]

දැන් ඔබ ඉතා පැහැදිලිව ඉතා දළ අදහසක් ලබා ගත්තා චිත්ත, මන, විඤ්ඤාණ සම්බන්ධව. මේ කතාව කොහොම ද අපේ මිතුරාගේ සිද්ධිය හා සම වන්නෙ. අන්න එතැන තමයි මේ ප්‍රශ්නයට පිළිතුරු තිබෙන තැන වන්නෙ. දැන් නැවත මම ඔබට පොඩි කාරණයක් කියන්නම්. අපේ රටේ සිටි මහත් දැනුමක් තිබූ යතිවරයාණන් කෙනෙක් තමයි වල්පොල රාහුල කියන්නෙ. එතුමා ගේ What the Buddha taught ග්‍රන්ථයේ තිබෙනවා මේ සටහන. අපි එතැනින් මේ ගැටලුව ලෙහන්න පටන් ගමු.

Right mindfulness (or attentiveness) is to be diligently aware, (1) KAYA, (2) Sensation or Feeling (VEDANA), (3) the activities of the mind (CITTA) and (4) Ideas, Thoughts, conceptions and things (DHAMMA). [page 48]

මෙහි සිංහල අර්ථය වන්නේ,

සම්මා සතිය නම් (1) කාය හෙවත් ශරීරයේ පැවැතුම්, (2) වේදනා, (3) චිත්ත හෙවත් සිතෙහි පැවැතුම්, (4) ධම්ම හෙවත් අදහස් සිතුවිලි හැඟීම් ආදිය යන මේවා පිළිබඳ මනා සිහියයි.

එනම් මනස යනු ඉන්ද්‍රියකි. මන යන ඉන්ද්‍රියට ගෝචර වන සිතුවිලි හැඟීම් අදහස් යන ධම්ම යනු මනසේ ක්‍රියාව නිසා ඇතිවන ඵලය යි. මේ කාය යනු පුද්ගල භාවයේ භෞතික තත්ත්වය යි. මේ අනුව මනේන්ද්‍රිය, ධම්ම, වේදනා සහ කාය යන මේවායේ සමායෝජනය නිරෝගී පුරුෂයා ය.

අපේ මිතුරාගේ පියා මනෙන්ද්‍රිය දුර්වල අයෙකි. එයට හේතු දෙකක් ඇත.

1. ඔහුගේ සිතුවිලි මේ කථාවේ අන්දමට පෙර ඔහුගේ දිවියේ ගැටලු ද පසුකාලීන දිවියේ ගැටලු ද නිසා දුර්වල වී ඇත. නිහඬ චරිතයක් බැවින් එම පසුගාමී චිත්තය ඔහුට මහත් පීඩාවක් ඇති කරයි. එය මනසේ ඒකාග්‍රතාවයට බාධාවකි. ප්‍රතිඵලය මානසික ආතතියයි.

2. ඔහු පෙළන කායික රෝගීතාවයන් ද හුදු මනේන්ද්‍රිය දුර්වල වීම නිසාම ඇතිවන ඒවාය. එය ද ඔහුගේ චිත්ත, වෛතසික, කායික ඒකාග්‍රතාවය සහ සමායෝජනය සමබරව පවත්වා ගැනීමට බාධාවකි. මේ නිසා යම් ආතතික තත්වයක් ඇති වේ.

දැන් අපට පහසුවෙන් පියාගේ රෝගී තත්ත්වයන් දෙකක් හඳුනා ගැනීමට හැකිය. ඒ ඉතා සුළු මානසික ආතතියක් සහ පාකින්සන් රෝගයේ හතරවන ප්‍රභේදය වන Multiple System Atrophy (MSD) යි.

මෙම රෝග දෙකෙන් පියා පෙළෙන බව මේ අනුව පැහැදිලිය. ඒ එසේ නම් ඔහුට යම් සුවයක් ආවේ කෙසේ ද? ඒ පිළිබඳ සදුදාට පමණ සලකා බලමු.

තවත් ගැටලුවක් ඇත. මිතුරා සමග කතා කළ මළගිය ප්‍රාණකාරයා කවුද? ඒ පිළිබඳත් සදුදාටම කතා කරන්නම්.

References

1. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 148.

2. මජ්ඣිම නිකාය 01, මහා සච්චක සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 566.

3. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත්‍රය තෘතීය භාගය, බු. ජ. මු. 2006, පිටුව 260.

4. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, යමක වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 26.

5. ඛුද්දක නිකාය, ධම්මපද පාලී, චිත්ත වග්ගය වග්ගය, බු. ජ. මු. 2006, පිටුව 34.

6. මජ්ඣිම නිකාය 01, වත්ථූපම සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 264.

7. එම, චූළහත්ථිපදෝපම සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 426.

8. එම, සතිපට්ඨාන සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 134.

9. එම, සබ්බාසව සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 18.

10. මජ්ඣිම නිකාය 03, දන්තභූමි සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 304.

11. සංයුක්ත නිකාය 01, අන්තරක්ඛිත සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 136.

12. සංයුක්ත නිකාය 03, ගද්දුලබද්ධ සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 256.

13. අඬ්ගුත්තර නිකාය 04, නිබ්බෙධික සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 200.

14. බුදුන් වදාළ ධර්මය, වල්පොළ රාහුල හිමි, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය දෙහිවල, 2010, පිටුව 31.

15. මජ්ජිම නිකාය 03, බු.ජ.මු. 2006, පිටුව 180.

16. මජ්ජිම නිකාය 03, බුද්ධ ජයන්ති මුද්‍රණය, 2006, පිටුව 180.

17. දාර්ශනික ප්‍රශ්න, ගුණපාල ධර්මසිරි, අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොළඹ 1970, පිටුව 71.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com19tag:blogger.com,1999:blog-3353470703579557654.post-1905185421550272652013-04-03T12:57:00.000+05:302013-04-03T12:57:36.224+05:30මිතුරෙක්ගේ අත්දැකීමක් සමඟ චිත්ත, මන, විඤ්ඤාණ.ඔබට මවිසින් පසුගිය ලිපියෙන් ඉදිරිපත් කරන්නට යෙදුණ බුදුදහම, ආයූර්වේදය සහ මනස සම්බන්ධ ලිපිය පළ කර ටික දිනකින් මගේ මිතුරෙක්ගෙන් මට ලැබුණු මේලයක සඳහන් විස්තර මෙහි දක්වමි. එය මගේ ද මිතුරාගේ ද සංස්කරණය ට ලක් වූවකි. එය ලැබීමත් සමඟ මම මගේ ඉදිරි ලිපි කීපය එය පාදක කරගෙන ඔබට ලබා දීමට අදහස් කළෙමි. මේ එහි පළමු පියවරයි.

කොග්ගල නිලමේ පොත ගැන 'පොත් කියවන අය' පිටුවේ තිබුණු සංවාදය දුටුවා. මට ඊට අදාළ අත්දැකීමක් තිබෙන නිසා ඒ ගැන ඔබතුමාට කියන්න හිතුනා. පුද්ගලික සීමාවන් නිසා මේක බ්ලොග් එකේනම් ලියවෙන එකක් නැහැ.

මීට වසර 8කට විතර කලින් හදිසියේම මගේ තාත්තා අස්වාභාවික විධියට හැසිරෙන්න පටන් ගත්තා. හැසිරීමත් සිහි කල්පනාවත් දෙකම. ඔහුගේත් , ගෙදර අයගේත් ආරක්ෂාවට බැඳ දමා තැබීමට සිදු වන තරමට.

ඔහුගේ හැසිරීම විටින් විට වෙනස් වුනා. වෙලාවකට බොහොම අහිංසකයි (හැබෑ මනුස්සයාටත් වඩා ), වෙලාවකට ප්‍රචණ්ඩයි, සමහර වෙලාවකටඅසභ්‍යයි (නිරුවතින් සිටීම, කුණු හරුප කීම , තවත් වෙලාවකට කතා කර ගන්න බෑ. සමහර වෙලාවට සිහි මුර්ඡා වෙලා වගේ. කටහඬ පවා වෙනස් ඒ මොහොතේ චරිතයේ හැටියට.

පාලනය කර ගන්න බැරි වුනාම අපට වෙන විසඳුමක් තිබුනේ නැහැ, අංගොඩ රෝහලේ නවත්වනවා හැරෙන්න. එහෙදිත් කිසිම වෙනසක් වුනේ නැහැ. නමුත් පහර කෑමක් නිසා තුවාල වෙලා සති දෙකකින් විතර අපි ආපහු ගෙදර එක්කරගෙන ආවා.

ඒ වෙන කොට තත්වය හොඳටම දරුණුයි. වෛද්‍යවරුන්ගේ මතය වුනෙත් කරන්නට කිසිම දෙයක් නැති බව.

අත් උදව්වට හිටපු මනුස්සයාවත් මරන්න හැදුවට පස්සේ, අන්තිමට අම්මයි, මමයි ගියා පංසලේ හාමුදුරුවෝ මුණ ගැහෙන්න. උත්තරේ වුනේ ගෙදර භූත විමානයක් කියන එක. හාමුදුරුවන්ගේ මතය වුනේ අමනුෂ්‍ය අය කීප දෙනෙක්ගේම බලපෑමට අහු වෙලා ඉන්නේ කියන එක සහ පිං කම් , අනුමෝදන් කිරීම් දිගටම කරන්න ඕනි කියන එක, ඒ අය පිටත් කරලා යවන්න.

එදත් ඉතින් පුරුදු විදියට මට පහර දෙන්න ආවම , බිම දා ගෙන ගැට ගැහැව්වා. මට තර්ජනය කරන කොට, මම කිව්වා, ඔය කතා කරන කෙනා මගේ තාත්තා නෙවෙයි කියල මම දන්න බවත් අහිංසක මනුස්සයෙකුට වැහිලා කරදර කරලා තවත් පවු පුරවා ගන්න එපා කියල. එතනදී ඒ කෙනා පටන් ගත්තා මාත් එක්ක කතා කරන්න. මගෙන් ඇහැව්වා ඇයි උඹලා පරම්පරා ඉඩම් ____ට (කුලහීන කියල කියවෙන පිරිසක්) දෙන්න හදන්නේ කියල. පාවිච්චි නොවන ඉඩමක් ඒකෙ අසල්වැසියෙකුට විකුණා දාන්න හිටියා තාත්තා. ඒ කතා කරපු කෙනා ඒ ඉඩමට බැල්ම දා ගෙන ඉඳල. ඒ දේ නොකරන්න මම පොරොන්දු වුනා. කතා කරන කෙනා කවුද කියල දිගින් දිගටම අහන කොට කිව්වා, ඒවා උඹල දැනගෙන වැඩක් නැහැ. අපි කොහොමත් මැරිච්ච මිනිස්සු කියල. පස්සේ නම කිව්වා, අපේ පරම්පරාවේ කාලයකට කලින් හිටපු කෙනෙක්.

තවත් තියෙන ප්‍රශ්න මොනවාද කියල ඇහැව්වම කිව්වා තව 5දෙනෙක්ම ඉන්නවා.තමන් එහෙ මෙහෙ වෙන කොට රිංගන්න බලං ඉන්න බව. පිං අනුමෝදන් කිරීම් කලොත් යනවද කියල ඇහැව්වම, මගෙන් ආයේ පොරොන්දුවක් අරගෙන අනිත් අය ගැනත් බලා ගන්න බව කිව්වා.

ඊට පස්සේ තාත්තා සාමාන්‍ය තත්වෙට ආවා. මාස කීපයක් යනකන් ටික ටික පරණ දේ විශේෂයෙන් ගොළු චරිතය සමහර වෙලාට පෙන්නුවත් පස්සේ ඒවත් නතර වුනා. අපිත් දිගටම දාන, බෝධි පුජා වගේ දේවල් කලා.

අර සංවාදෙට පස්සේ අර කෙනා ආයේ මාත් එක්ක කතාවට ආවෙත් නැහැ. කොග්ගලගේ වගේ ඇදුනු කේස් එකක් නෙවෙයි. වන් ඩේ සෙෂන් එකක්. . දැන් අවුරුදු 8ක් විතර ගත වෙලා.ආයේ එහෙම ප්‍රශ්නයක් ඇති වුනේ නැහැ. මේ සිදු වීම අදටත් දන්නේ මමත්, අම්මත් පමණයි. තාත්තට එහෙම දෙයක් මතක නැහැ. අපි මතක් කරන්න ගියෙත් නැහැ. ඔබතුමාට කියන්නෙත් මේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන බව දන්න නිසා. ඒ හැසිරීම් මානසික රෝගයක් නිසා කියල කියන්න පුළුවන්. ඒත් අර අත්දැකීම් එක්ක මට එහෙම දැනෙන්නේ නැහැ.

ඒ කතාව කොහේ හෝ ලියවිය යුත්තක්. ඒ කාලයේ මට පියාට පහර දී පාලනය කරන්න ගැට ගසා තබන්න පවා සිදු වුනා. අර අවසාන සංවාදෙට පස්සේ ඔහු මට වැන්දා. . පුතෙකුට ලැබෙන දුර්ලභ අත්දැකීම් ගොඩක් ලැබුණු කාලයක් ඒක.

තාත්තා නතර කළ රෝහලේම කලින් තාත්තත් ටික කාලයක් සේවය කරලා තියෙනවා , ඔහුගේ දෙවෙනි රැකියාව සාත්තු සේවකයෙක් හැටියට. ඉන් පසුව තමයි වැඩි දුර ඉගෙනීම් කරල තියෙන්නේ.

මම තාත්තගේ පුද්ගලික පසුබිම ගැනත් ටිකක් කියන්නම්. ඔහු සහෝදර සහෝදරියන් 6 දෙනෙක් හිටපු පවුලක බඩපිස්සා. දෙමාපියන්, වැඩිමහල් සහෝදරය සහෝදරයින් එක්ක ඔහුගේ ලොකු වයස් පරතරයක් තිබුණු නිසා කාගෙත් හුරතාලා හැටියට හැදිලා තියෙන්නේ. ඒ පවුලේ මුල දී ආර්ථික ස්ථාවරයක් තිබිල තිබුනත් ඔහුගේ පියා මිය ගිහින් කාලෙකට පස්සේ ඔවුන් හොඳටම ආර්ථිකව වැටිලා තියෙනවා. ඒ වුනත් වැඩිමහලු සහෝදරයෝ තමන්ට පුළුවන් වෙන කොට පවුල හොඳ මට්ටමකට ගේනවා. එක්කෙනෙක් ඇරෙන්න පවුලේ දරුවෝ ඉගෙන ගත්තා.

පාසැල් යාම අවසාන වුනාට පස්සේ තාත්තා ගුරුවරයෙක් හැටියට, රෝහල් සාත්තු සේවකයෙක්, පසුව ලිපි කාරයෙක් හැටියට වැඩ කරල තියෙනවා. විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් පස්සේ ඔහු දිගටම රජයේ සේවයේ ඉන්නවා. පසුව යෝජනාවක් නිසයි මගේ මවත් එක්ක විවාහ වෙන්නේ. මගේ මව පවුලේ එකම දරුවා, ඇගේ පියා හොඳ සිවිල් බලයක්, ධනයක් තිබුණු කෙනෙක්. ඔහුගේත් හැකි කාලයේ වටේ සිටි පිරිස , ඔහු රෝගී වෙලා දුර්වල වෙන කොට ඉවත් වෙනවා. ඉතින් මගේ මවටත් මිත්තනියටත් වෙන්නේ තිබුණු දේපල සහ වෙනත් දේ විකිණීමෙන් හා සුළු ආදායම් වලින් ජීවත් වෙන්න. අන්තිම කාලයේ උදව්වට එහෙමට කෙනෙක් ඉතිරි වෙන්නේ නෑ. කොහොමින් හරි මගේ මවට සිද්ධ වෙනවා මේ තත්වේදී අවුරුදු 19දීම විවාහ වෙන්න. හැබැයි දුටු පමණින් මගේ පියාට කැමති නොවුණු බව තමයි කියන්නේ. පියා මවට වැඩියේ අවුරුදු 10කින් වැඩිමල්. මට මේක හරියට දැන ගන්න ලැබුනේ නැහැ. නමුත් කාල සීමාවල් සැලකුවහම පැහැදිලියි විවාහ වෙලා අවුරුදු 10ක් විතර යන තෙක් ඔවුන්ට දරු ඵල නොලැබුණු බව.

ඊ ලඟට තාත්තා තමන්ට පුළුවන් උපරිමේ කලත් , මවගේ දේපල වලින් ඉතිරි වෙලා තිබුණු දේ වලින් උපරිම ආදායම් ගන්න බැරි වෙනවා සමාජයත් එක්ක , වංචා කාරයෝ , තන්හා කාරයෝ නිසා අපේ පවුලට ලැබෙන්න තිබුණු ධනය විශාල ප්‍රමාණයක් අහිමි වෙනවා. මේ _____________ තියෙන පැත්තක් නේ. අපට හිමි දේ හරියට ලැබුන නම් අද අපි කෝටිපතියෝ. . අදටත් මට පවා ඔය ගැටළු තියෙනවා, මම ____________ කර්මාන්තෙට යන්නේ නැහැ. ඉඩම් හවුල් කාරයින්ගෙන් කරදර වෙන කොට මවත් පියාත් කලේ බැරිම අවස්ථාවේ ඒවා විකුණන එක.

තාත්තා අන්තිමට හිටියේ ____________ සේවාවේ භාෂා පරිවර්තකයෙක් හැටියට. සමහර වෙලාවට __________ ගේ රාජකාරියත් කරන්න වෙනවා. ඒ අතර තුර ඔහුට ආයතන ප්‍රධානීන්ගේ බලපෑමට යටත් වෙලා වැඩ කරන්න වෙනවා. ඊට විරුද්ධව කරන්න දෙයක් ඔහුට නැහැ. අවසානයේ 1990 හරි 1991 හරි ආපු විශේෂ චක්‍රලේඛයක පිහිටෙන් ඔහු අඩු වයසෙන් විශ්‍රාම ගන්නවා.

විශ්‍රාම යාමෙන් පස්සෙත් තාත්තට කරන්න වෙන්නේ දේපල බලා ගැනීමත්, ඔහුට පුළුවන් දේ ඔහු කලා වගේම අපි රැකියාවක් කරලා ඉපයීමක් කර ගන්නකන් ඔළුව උස්සගෙන ජීවත් වෙන්න උවමනා දේ ඔහු හොයලා දුන්නා. නමුත් පසුව පාකින්සන් රෝගය සමග කායිකව දුර්වල වීමෙන් ඔහු ගෙදරට සීමා වෙනවා. පාකින්සන් හැදෙන්නෙ ඒ රෝගයට අවුරුදු 3, 4 කට කලින්. අදටත් ඒකට බෙහෙත් බොනවා.

අක්ක කෙනෙක් ඉන්නවා. විවාහ වෙලා වෙනම ඉන්නේ. මම දැන් ටයිප් කරමින් හිටියේ එයා ගැන තමයි. එයා අල්ලපු ගෙදර කොල්ලත් එක්ක යාළු වෙලා හිටියා. ඒ සම්බන්ධයෙ නොගලපෙනේ දේ බොහොම තිබුනා. අන්තිම වෙනකන් අම්මා තාත්තා මේ ගැන දැන ගත්තේ නැහැ, දැන ගත්තහම කලබල නොවී ඇයව ඒ උගුලෙන් බේර ගත්තා. නමුත් ලැජ්ජාවට පත් වුනා......

ඒ කොයි කාලෙද රෝගයට කලින් ද පසුවද?

කලින්

තාත්තට මිතුරෝ හිටියා, සීමිත පිරිසක්, පසුබිම සමාන අය. ගොඩක් අය රැකියාවේදී මුණ ගැහුණු අය. මත්පැන් පානයට එහෙම ඇබ්බැහි වුනේ නැහැ.

අම්මා ගැන තාත්තගේ හිතේ තියෙන්නේ ලොකු ගෞරවයක්.

ඇත්තටම ඇල් වතුරත් නිවලා බොන ජාතියේ අහිංසක මනුස්සයෙක් තාත්තා.

අවංකවම කියනවානම් ඉතින් විය යුතු සමහර දේ මග ඇරෙනවා, කාර්යබහුල වීම නිසාම. ඒ වගේම තාත්තාගේ කායික දුබල කම් නිසා ඔහු තවත් ගෙදරට සීමා වෙනවා. උදාහරණයක් ගත්තොත් සමහර වෙලාවට ඔහුට උවමනා වෙනවා දුර ගමනක් යන්න, නමුත් එතනට යන කොට ඔහුට බොහොම වෙහෙසයි. ආපහු යන්න ඕනි වෙනවා. අනුරාධපුරේට ගිහින් පැයකින් හැරිලා ආපු වෙලාවල් තියෙනවා. ඒ නිසා දැන් එක් දින ගමන් එහෙම යන්නෙත් නැහැ, යනවනම් දවසේ ගමන මග නතර වෙවී දවස් 3කින් විතර යන්නේ. ලඟ තැනකට වුනත් අපි කාටවත් විවේකයක් නැතිනම් යැවෙන්නේ නැහැ.

අද නම් මට කරන්න වෙන්නෙ බොහොම අමාරු රාජකාරියක්. මේ මගේ බ්ලොග් මිතුරෙක්ගේ කතාවක්. ඔහුගේ අනන්‍යතාවය අපට වැඩක් නැහැ. මෙය සම්පූර්ණ සත්‍ය කතාවක්. මම උත්සාහ කරනවා මනස පිළිබඳ යමක් ඔබට කියන්න මේ කතාව හරහා.

"සිත මහ පුදුම තැනක්"

මේ කථාවේ සඳහන් අපේ මිත්‍රයාගේ පියා අපේත් පියාණෙ, අපි ඒ නිසා එතුමා මෙහිදී "පියා" නමිනුත් අපේ මිත්‍රයා "මිතුරා" නමිනුත් හදුන්වමු. (අපේ පහසුව සඳහා.)

ඊළඟට අපි මේ කතාව විශ්ලේෂණයට භාජනය කරමු.

එතැනදී අපිට මුලින්ම වැදගත් වන්නෙ පියාගේ සාමාන්‍ය තත්ත්වය.

1. පියාණන් යමක් කමක් ඇති පෙළපතක අයෙක්.

2. පවුලේ බාලයා.

3. ඒ නිසාම නොයෙක් සුරතල මැද හැදුණ අයෙක්. විශේෂයෙන්ම වැඩිහිටි සහෝදරයන් සිටින තැනක ටිකක් වයස් පරතරය වැඩි බාලයා බොහොම වාසනාවන්තයි. කාගෙත් ආදරය ලැබෙනවා. පියා පවා වැඩියෙන්ම ආදරේ වන්නෙ එයාට.

එම පියා කළ රැකියාවන්.

1. ගුරුවරයෙක්,

2. සාත්තු සේවකයෙක්.

3. උපාධිධාරියෙක් ලෙස රටේ ඉහළ යැයි සම්මත රජයේ රැකියාවක්.

පියාගේ සාමාන්‍ය දිවියේ චරිත ස්වභාවය

1. බොහොම නිවුණු අහිංසක අයෙක්.

2. උගතෙක්.

3. නිහඬ චරිතයක්.

4. තම සහෝදරයින්ට, බිරිඳට, දරුවන්ට බොහෝ ආදරය කළ කෙනෙක්.

5. තම පරම්පරා දේපල වලට ප්‍රිය කළ කෙනෙක්.

6. තම තත්ත්වය පිළිබඳ සිතූ කෙනෙක්.

7. ඉවසිලිවන්තයෙක්.

8. තම නම්බුව පවුලේ නම්බුව වැනි දේ පිළිබඳ බොහෝ ඉහලින් සිතන අයෙක්.

පියාගේ මුල් කාලීන දිවියේ කඩා වැටීම්,

1. කුඩා කලම පිය සෙනෙහස අහිමි වීම.

2. එනිසා ආර්ථික අපහසුවක් ඇති වීම.

5. ඊරිසියාකරුවන්ගේ නොයෙක් ප්‍රශ්න.

6. මැදිවියට එනතෙක්ම විවාහය පමා වීම.

7. විවාහ වී කලක් යනතුරුම දරුවන් නොසිටීම.

පියාගේ පසු කාලීන දිවියේ ඔහුට ඇතිවූ ප්‍රශ්න

1. පාරම්පරික දේපල පිට යාම.

2. දේපල සම්බන්ධයෙන් ඇතිවන නොයෙකුත් ප්‍රශ්න. එම ප්‍රශ්න නිසා වතුපිටිවල ආදායම් නිසි පරිදි නොලැබීම. නමුත් එම ඉඩකඩම් වලින් වෙනත් අය බොහෝ ආදායම් රැස් කිරීම. අකමැත්තෙන් වුවත් ඉඩම් වෙනත් අයට අයිති වීම වැළැක්වීම සදහා පිටට විකිණීමට සිදු වීම.

3. රැකියාවේ ඉහළ නිලධාරීන්ගේ අකටයුතුකම් වලට මුහුණ දීමට සිදුවීම. රැකියාව කරණ තැන ඇතිවන නොයෙක් ගැටලුවලට පියා සතු විසදුම් නොවීම. රැකියාවෙන් කලින් ඉවත්වීම.

4. දියණිය නිසා ඇති වූ ලැජ්ජාව.

දැන් අපිට මේ පුද්ගලයා හදුනා ගැනීම ඉතාම පහසුයි.

මෙතුමා ආර්ථික අපහසුකම් වලට ලක්වන, එසේ වුවත් සම්ප්‍රදායික ධනයක් ඇති, උගත්, ඉතාම වැදගත්, නම්බුව දිවිය සේ සලකන, පැරණි ධනපති පංතිය නියෝජනය කරන කෙනෙක්.

බොහෝ අයගේ අසාධාරණකම් වලට ලක් වන නමුත් ඒ සියල්ල ඉවසන, තම පුද්ගලික දිවිය සාමකාමීව ගෙවන අහිංසකයෙක්.

රැකියාවේ තෘප්තිය නොලද්දෙක්. ඒ නිසාම දිවිය පවුලටම කැපකළ කෙනෙක්. තමාගේ තත්ත්වයට ගැලපෙන සීමිත මිතුරු ඇසුරක් ඇති අයෙක්.

මින් මෙතුමාගේ සමාජ ආර්ථික, මානසික තත්ත්වය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න හැකියි.

පියාගේ රෝග තත්ත්වයේ විග්‍රහයක් කර බලමු.

මේ තමයි රෝග ලක්ෂණ.

1. ප්රචණ්ඩ වීම.

2. අසභ්‍ය වීම.

3. නිසි අයුරින් කතා කිරීමට නොහැකි වීම.

4. සිහිමූර්ඡා වී සිටින්නාක් වැනි සිටීම.

පියාගේ කායික තත්ත්වය

මට හිතෙන හැටියට නම් ඔහු නීරෝගීව සිටියත් බොහෝ සවිශක්තිමත් අයෙක් නෙමෙයි. අපි අපේ මිත්‍රයගෙන් ඒ පිළිබඳව විමසාම මෙහි අනෙක් අර්ධය හෙවත් මනෝ විශ්ලේෂණය කරමු. මේ මින් නවතමු. දෙවනි කොටසින් රෝගය පිළිබඳ අවසාන විග්‍රහය බලමු. තුන් වැනි කොටසකට නොයා සිටීමට සිතනවා. නමුත් මෙහි බෞද්ධායූර්වේද කොටස දෙවනි කොටසින් ගෙනෙන්න බැරි වුවොත් තුන් වැනි කොටසක ට යනවා.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com29tag:blogger.com,1999:blog-3353470703579557654.post-24701968974666892292013-03-22T09:55:00.002+05:302013-03-22T09:55:52.729+05:30චිත්ත, මන සහ විඤ්ඤාණ. ඔබේම මනස තේරුම් ගැනීමට....ඇත්තෙන්ම සමාව ඉල්ලනවා ඔබ හැමගෙන් සති ගණනාවකින් කිසිවක් නොලිව්වට. සති ගාණකින් ලියන්න ආවේ ඔන්න කරන්ට් එක ගියා. අද 17 ඉරිදා මම දැන් සිටින්නෙ මාතර. එහෙනම් හෙට මේක සම්පූර්ණ කර හෙට හෝ අනිද්දා පළ කරන්නම්.

ඒකෙත් හැටි අද 22 ඔන්න අද තමයි නැවත් මේ පැත්ත මතක් වුණේ. බොහෝ දින ගණනක් මම මෙය නොලියා සිටියේ මට පහුගිය සතිවල අතපසු නොකළ යුතු රාජකාරී බොහොමයක් ම තිබූ නිසා යි. ඒ වැඩක් නැහැ.

අද මම සිතා සිටින්නෙ නැවතත් එක දිගට යන ලිපි පෙළක ආරම්භ කරන්නයි. ඔබ මෙයට අකමැති වේවි. නමුත් මේවා ලියා තැබිය යුතුයි. ඒ නිසා දිගටම අවසන් වන තෙක් ලියනවා. මොකද දැන් දැන් එනපොට හොද නැහැ. හැම දේම විකෘති වන කාලයක්.

මගේ විෂය වන ආයූර්වේදය සහ බුදු දහම තමයි මෙහි ඉලක්කය. ඔන්න එහනම් මාතෘකාව, "මනස" ඒ යටතේ අද මම සලකා බලන්නෙ, ඇත්තෙන්ම මනස කියා කියන්නෙ කුමක් ද කියන එක. වඩාත් නිවැරදිව කිව්වොත් අද දිනයේ මාතෘකාව වන්නේ, චිත්ත, මන විඤ්ඤාණ" කියන එක. මේ තුනෙන් කියන්නෙ එකක් ද එහෙමත් නැත්නම් තුනක් ද අපි මේ පිළිබඳ දන්නෙ මොනව ද, මෙවැනි දේ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ටිකක් ශාස්ත්‍රීය පැත්ත ගැනත් හිතනවා. එම නිසා තව කෙනෙක්ට අධ්‍යනය කළ හැකි ලෙස පරිශීලනය කළ යුතු ග්රන්ථ ආදියත් දක්වන්නම්.

මනස පිළිබඳව බුදුන් වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබූ විග්‍රහය තරම් පරිපූර්ණ විග්‍රහය ක් වෙනත් කිසිවකු විසින් මෙතෙක් ඉදිරිපත් කොට නැත. මෙම විග්‍රහය මුල් බුදුසමය ග්රන්තයන් තුළ හා පසුකාලීන ව ලියවුණු ග්රන්තයන් හි ද අඩංගු වේ. මෙම විග්රහයේ වැදගත් අවස්ථා කීපයක් ඇත.

1. සූත්‍ර පිටකයේ, නාම රූප විග්‍රහය, පටිච්ච සමුත්පාද විග්‍රහය. [1]

2. අභිධර්ම පිටකයේ චිත්ත චෛතසික විග්‍රහය. [2]

මෙම මනෝ විග්‍රහය සෑම මිනිසෙකු සම්බන්ධයෙන් ම වැදගත් වන්නකි. බෞද්ධ මනෝ විග්‍රහය ට අනුව මිනිස් ජීවිතය යනු නාම හා රූප කොටස් වලින් සංයුක්ත දෙයකි. එනම් පංචස්කන්ධය යි.

මිනිස් ශරීරය හෙවත් රූපය නිර්මාණය වන්නේ චතුර් මහා භූතයන් හෙවත් පඨවි, ආපෝ, තේජෝ, වායු යන සතරේ සමවායෙනි. නාම හෙවත් සිත රූපයටත්, රූපය හෙවත් ශරීරය සිතටත් අන්‍යෝන්‍ය ලෙස සමබරව ක්‍්‍රියා කරයි. බෞද්ධ මානසික විග්රහයට අනුව මෙය ජීවිතයේ ස්වභාවය යි. මෙම පදනමට අනුව මිනිසා යනු නාම රූප දෙකේ සංකලනය කි. එනම් ජීවිතය යනු පංචස්කන්ධය යි. සත්ත්වයා ඉඳුරන් මගින්

ලෝකය හඳුනා ගනී. [3]

මනසේ විවිධ පැතිකඩ.

මනස සහ මානසික ක්‍්‍රියාකාරීත්වය පිළිබඳව සඳහන් කිරීමට බෞද්ධ මූලාශ්රයන් නෙයෙක් පර්යාය පද යොදා ගනී. ඒ අතර ප්‍රධාන වන්නේ,

1. චිත්ත

2. මනෝ

3. විඤ්ඤාණ යන පද තුන යි. මෙම පද තුනම යොදා ගන්නේ එකම මානසික ප්‍රවාහය අධ්‍යනය කිරීමට බව සූත්‍ර සාහිත්‍යයේ දී දැක් වේ. [4]

මානසික ක්‍්‍රියාකාරීත්වය මනසේ නිරෝගීතාවය මනිනු ලබන ප්‍රධාන සාධකයක් වන අතර අප ඉහත විස්තර කළ පරිදි මනස සහ කයේ ඇති සමබන්ධතාවය මගින් මේ සාධකය කයට ද බලාපානු ලැබේ. එම නිසා මානසික ක්‍්‍රියාකාරීත්වය මානසික සහ කායික නිරෝගීතාවය පිළිබඳ ප්‍රධාන සාධකයක් බව ප්‍රකාශ කළ හැකිය. එලෙසම මානසික ක්‍්‍රියාකාරීත්වය පිළිබඳ ගැඹුර පැහැදිලි කර ගැනීමටත් චිත්ත මනෝ විඤ්ඤාණ යන පද යෙදී ඇති ආකාරය අනුව ඒවායේ අර්ථ සහ ඒ ඒ අවස්ථාවන්ට එම පදවල අර්ථය වෙනස් වන අයුරු සාකච්ඡා කිරීමටත් මෙහිදී බලාපොරොත්තු වෙමු.

පුද්ගල සිතේ මෙහෙය වීමෙන් මානසික ක්‍්‍රියාකාරීත්වය සිදු වෙයි. මෙය සචේතනික වූ ද (චිත්ත), මානසික වූ ද (මනෝ), විඤ්ඤාණික වූ ද (විඤ්ඤාණ), ක්‍්‍රියාවලියක් බැවින් මිනිසා තුළ ද නිබඳවම සිදු වෙමින් පවතී. [5] මේවා මනසේම ස්ථරායන තුනක් ලෙසද දැක් වේ.

ඇසත් රූපයත් එක් වූ තැන විඤ්ඤාණය හෙවත් ඒ පිළිබඳ දැනීම ඇති වේ. [6] එනම් බුදුන් වහන්සේ විසින් විඤ්ඤාණය ප්‍රත්‍යෝත්පන්න යැයි ද, ප්‍රත්‍ය මිස විඤ්ඤාණයට වෙනත් සම්භවයක් නැතැයි ද, මහා තණ්හාසංක සූත්‍ර දේශනාවේ දී මෙසේ දේශනා කරනු ලැබ ඇත.

පටිච්චසමුත්පන්නං විඤ්ඤාණං චුත්තං අඤ්ඤත්ර පච්චයා නත්ථි විඤ්ඤාණස්ස සම්බවොති.

චිත්ත තුළ එක් රැස් වී ඇති නාමයන් හෙවත් මානසික ධර්මයන් විඤ්ඤාණය පුබුදුවමින් එහි ක්‍්‍රියාව වැඩි දියුණු කරයි. එම විඤ්ඤාණය මනෝ ලෙස නැවත ක්‍්‍රියාත්මක වීම නිසා නාම ධර්මයන් නැවත සකස් වේ. මෙම මානසික ධර්මතාවයන් මෙලෙස චක්්රීයව සකස් වීමට තණ්හාව නම් වූ මානසික නැබුරුවද බොහෝ උපකාරී වෙයි. මෙය රෙද්දක් සකස් කරන උපමාවකින් අංගුත්තර නිකායේ පැහැදිලි කර ඇත. ”වියමනේ එක් කොනක සළායතනය. විෂය අරමුණු අනෙක් කොනේය. විඤ්ඤාණය මැදය. වියන්නා තෘෂ්ණාවයි”. [7] කෙලෙසුන්ගෙන් පිරි සිත විඤ්ඤාණය නමින් ද, තරමක් කෙලෙසුන් ප්‍රහීන කළ සිත මනස වශයෙන් ද, ඉතාම පිරිසිදු සිත චිත්තය යනුවෙන් ද හැඳින්වේ. [8]

ගැබුරු ධර්මයක් නිසාත් ආරම්භය නිසාත් කෙටියෙන් කොටස් වශයෙන් ලිවීමට අදහස් කළෙමි. ඊළඟට චිත්ත, මන , විඤ්ඤාණ යන අවස්ථා ද, පුද්ගල පෞරුෂය යන අවස්ථාව ද, ඉක්මනින් කියන්නට හැකිය. එනම් දැනට එම කොටස් ලියා අවසන් කරැත්තෙමි. එයට පසු මාතෘකාව ගැටුම් සමථය ට පත් කිරීමේ බෞද්ධායූර්වේද ක්‍රමවේදය පිළිබඳවයි. එය ලියමින් ඇත්තෙමි.

ජය!!!!!!

1. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංඛ සූත්‍රය, බු.ජ.මු. 2006, පිටුව 608.

2. අමරදාස රත්නපාල, අභිධර්මාර්ථ ප්‍රදීපිකාව 01 කාණ්ඩය, 1964, පිටුව 17.

3. විභංග ප්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.

4. සංයුක්ත නිකාය 02, අස්සුතවන්තු සූත්‍රය, බු. ජ. ත්‍රි. 2006, පිටුව 148.

5. විභංග ප්‍රකරණය 01, පටිච්චසමුත්පාද විභංගය, බු.ජ.මු. 2006, පිටුව 244.

6. මජ්ජිම නිකාය 01, මහාතණ්හාසංක සූත්‍රය, බු. ජ. මු. 2006, පිටුව 606.

7. අංගුත්තර නිකාය 04, බුද්ධ ජයන්ති මුද්‍රණය 2006, පිටුව 188.

8. වල්පොළ රාහුල හිමි, බුදුන් වදාළ ධර්මය, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මුද්‍රණය 2010, පිටුව 31.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com48tag:blogger.com,1999:blog-3353470703579557654.post-52805744399422588142013-02-05T08:20:00.002+05:302013-02-05T08:23:10.277+05:30නිදහස් දින, සැබෑ නිදහස, නිදහසේ අරුත, අහිමි නිදහස.........ආශ්චර්ය කරා.මම නොයෙක් විට නොයෙක් බ්ලොග් සහෘදයින්ගේ ලිපි වලට කමෙන්ට් ලෙස මගේ දේශපාලන දර්ශනය පිළිබඳ නොයෙක් නොයෙක් ඉඟි පළ කර ඇතත් කෙදිනකවත් මගේ මතය ලිපියක් ඇසුරින් ඉදිරිපත් කර නැත. මේ ලියන්නේ මගේ පළමු මෙන්ම අවසාන දේශපාලන ලිපියයි. නැවත ඉතාමත් දැඩි අවශ්‍යතාවයක් ඇති වුවහොත් හැර මෙවැන්නක් නොලියමි.

තව ද කිව යුතු දෙයක් ඇත. බ්ලොග් අවකාශය ට මා පැමිණ දැනට වසර දෙකක ට ඉතා ආසන්නය. ඒ ලිපි ලිවීමෙනි. නමුත් මා බ්ලොග් කියවීම ට ඇබ්බැහි වී දැනට වසර හතරක් හෝ පහක් පමණ වෙතැයි මට සිතේ. ඒ දිනවල තිබුණේ ඉතා ස්වල්ප බ්ලොග් ප්රමාණයකි. මට අහම්බෙන් කියවීමට ලැබුණු කොත්තු සිණ්ඩිය හරහා බ්ලොග් කියවීමි. සහෘදයින්ගේ බ්ලොග් සොයා ගත්තේ කකාගේ බ්ලොග් රෝලෙනි. පිස්සාගේ බ්ලොගයේ තිබූ ලිංකුවක් හරහා මාරයාගේ හෝරාව කියවීමි. එතැනින් ටැබූ ද, අන්තිම පේළිය ද කියැවීමි. දිනකට පැය 12 වැඩියෙන් ඔන් ලයින් සිටින මට මේ බ්ලොග් බොහෝමයක් පිළිබඳ දැණීමක් ඇත. ඕනෑම බ්ලොග් කරුවකුගේ භාෂා රටාව මට හොදින් හුරුය. එම නිසා ගහ දන්න මට කොළ අරුමයක් ම නොවේ යැයි ද මින් කියමි.

ඔබ දන්නා පරිදි මගේ වි. වි. අධ්‍යාපනය ලංකාවේ තරුණයන්ට මහත් ව්‍යසන යුගයක් වූ 88/89 න් ඇරඹී 1996 පමණ තෙක් ඉතා දීර්ඝ කාලයක විහිදුණකි. ඒ අපේ පාඨමාලාව වසර පහක අධ්‍යාපනය හා වසරක රෝහල් පුහුණුව ද සමගින් වසර හයක කාලයක් ගතවන දීර්ඝ අධ්‍යාපන පාඨමාලාවක් බැවිනි. එයට භීෂණ යුගය නිසා අතහැරුණු කාලයද එක්කල විට මේ නිවැරදිය.

90 මුල සිට ඉතා හිස් බවකින් යුතු වූ ලාංකීය දේශපාලන පීඨිකාවට අප පැමිණෙන්නේ නිරායාසයෙනි. එකල අපට පිරවීමට තිබුණේ ඉතා විශාල හිස්තැනකි. මේ යුගයට සාපේක්ෂ එය ඉතා දුෂ්කර කාලයකි. කෙසේ හෝ එවිට ලාංකීය දේශපාලනයේ එක්තරා ව්‍යාපාරයක මම ද සාමාජිකයෙක් වීමි. 80 දශකයෙන් ඇරඹි මගේ දේශපාලන ගමන 94 දී මම නවතාලීමි. ඒ හේතු ඇතිවය. එකල මම විවාහ වී නොතිබුණත් එම ව්‍යාපාරය පිළිබඳ නොයෙක් ගැටලු මට පැන නැඟී තිබිණි. ඒවාට පිළිතුරු පතා මම කළ සාකච්ඡා ඉතා නීරස විය. මගේ ප්‍රශ්න වලට කිසිම පිළිතුරක් නොලද තැන මම හුදෙකලා වීමි.

නිදහසේ සිතන්නට වීමි………………..

මේ මා ඒ සිතීමෙන් ලද මගේ ප්‍රශ්න වලට පිළිතුරුය. මේ පිළිතුරු මා නොයෙක් අවස්ථාවල යෙදුණු විදේශ සංචාර වලදී එම රටවල තත්ත්වයන් හා සැසඳීමි. ඒවාට අනුව මගේ අදහස් නැවත නැවත අලුත් කළෙමි. මේ ලියන්නේ එම සිතිවිලි සහ මගේ අධ්‍යාපනයෙන් මා ලද දැනුම ද, මා ලබාගත් සජීවී අත්දැකීම් ද, ඇසුරින් සකසා ගත්තකි. මෙය නිවැරදි යැයි මම කිසිසේත් නොකියමි.

දහසක් වැරදි ඇතැයි සිතමි.

නමුත් කොතනකින් හෝ ඇරබිය යුතුය.

මේ ඒ සදහාය.

ඉතිරිය ඔබ සතුය.

නිවැරදි කරන්න………………………..

මේ රටේ ව්‍යසනය ඇරබුණේ පරාක්‍රමබාහු මහ රජුගේ බලකාමී අතීතය නිසා බව මගේ හැඟීමයි. වසර 1500 වඩා කාලයක් ඉතා සවිශක්තිමත්ව ගොඩ නැගූ අනුරාධපුරය පරදන්නට නුවරක් තනන්නට ඉන්පසු අද වනතෙක් අපට හැකියාවක් නොමැති විය. ඒ කෙසේද?

කුමක්ද අපිට වුණේ??

සොයාගත යුත්තේ මෙයට පිළිතුරයි.

පොළොන්නරුවෙන් ඇරබි අපේ පල්ලම් බැසීම අද ද නැවතී ඇති බවක් පෙනේද? මට නම් නැත. අතීතයේ අදුරෙන් තවත් අදුරටම යන්නට කැස කවනා ලකුණු සැමතැන මට නම් පෙනේ.

බුද්ධිමත් මිනිසා සැමවිට,

"අතීතය පාඩමකට ගෙන වර්තමානයේ දී, අනාගතය උදෙසා අඩිතාලම දමයි".

වර්තමාන අපි එසේ කරමුද?

මෙහිදී මම ප්‍රශ්න අසන්නා පමණක් බවට පත් වෙමි.

ඔබගේ තීරණය වඩා වැදගත් බවයි මගේ හැඟීම.

1. අතීතයේ සිටම අපි උගත්කමට ඉතා ලොල් ජාතියක් වීමු. අභයගිරිය, ජේතවනය නටබුන් පෙන්වන්නේ ඒ අතීතයයි. එය අදට ද එසේමය. එසේ නම් උගතුන් බිහිකළ හැකි අධ්‍යාපනයක් අපිට තිබේ ද? මේ මාගේ පළමු ප්රශ්නයයි????????

2. අපි උගන්වන්නේ රටට අවශ්‍ය දෑ ද? පහත ඇති ලිංකුවෙන් වි. වි. ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවියට ගොස් ඔබට ම ඒ බලා ගත හැක. අපි විද්‍යාව දායාද කරගෙන උපන්නෝ වෙමු. මා එසේ කියන්නේ අතීත සංස්කෘතිය තනිකර වෛද්‍ය විද්‍යාව, රෝහල් පරිපාලනය, ශල්‍ය කර්ම, ගොඩනැගීම් ශිල්පය, සැලසුම් සම්පාදනය, වරාය, රේගු කටයුතු, මුදල් පාලනය, උද්‍යාන ශිල්පය, ජාතික සහ අන්තර්ජාතික වෙළදාම, නැව් නිපදවීමේ කර්මාන්තය, නොයෙක් ඉන්ජිනේරුමය නිපදවීම්, වැනි දහසක් දේ ක්‍රමානුකූලව පැවති බවට මේ නටබුන් දෙස් දෙන නිසාය. එම නිසා එම කර්මාන්ත මේ රටේ උගන්වන්නට ඇති බව අපට සිතිය හැක. අද අපි අපේ රටට සහ බාහිර ලෝකයට අවශ්‍ය දැනුම නිපදවනවාද?

යම් කිසි රටක ශ්‍රම බලකාය සකස් විය යුත්තේ පුහුණු කම්කරුවන්ගෙනි. ඒ වෛද්‍ය, ඉංජිනේරු, ගිණුම්කරු, සැලසුම්කරු, ගුරුවර, රියදුරු, කාර්මික නිලධාරී, හෙද හෙදි, කර්මාන්තකරු ආදී යම් වෘත්තීය පුහුණුවක් ලද්දන්ගෙනි. අපේ විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙහි මේ ගුණය රැදී ඇත්ද? අපි විදේශ සේවයට යවන්නෝ පුහුණු කම්කරුවන් ද? අපේ ගෘහ සේවිකාවන්ට හිස් ගැසුම් කන්නට වන්නේ කුමක් නිසාද? සිතන්න අපි ගෘහ සේවිකාවක යවා 40 දහක 50 දහක වැටුපක් ලබා ගන්නවාට වඩා අපේ පුහුණු කාර්මිකයෙක් විදේශයකට යවා ලක්ෂයක එකහමාරක ආදායමක් ඉපැයීමට සැලසුම් සකස් නොකරන්නේ ඇයි? අපේ උසස් පෙළ සමත්ව වි. වි. යන්නට නොහැකි වන 60 දහකට නැවත ඉගෙන ගන්නට ආයතන දියුණු කර ඇත්ද? අපේ කාර්මික විද්‍යාල වලට සිසුන් යොමු නොවන්නේ ඇයි? මේ ප්‍රශ්න වලට පිළිතුරු අප සතු ද?

3. අපේ රට පිළිබඳ සත්‍ය අපි අවබෝධ කරගෙන සිටිමුද? අතීතයේ සුළඟින් නැව් ගමනා ගමනය කරන කළ ඊසාන දිගින් සහ නිරිත දිගින් සුළං හමනා අපේ රට ඉතාමත් වැදගත් මන්සංධියක පිහිටියකි. නමුත් අද අපි සිටින්නේ නවීන නාවුක යුගයක බව අපි සිහි කරමු ද? න්‍යෂ්ටික ශක්තිය සහ පොසිල ඉන්ධන උපයෝගී කරගෙන නාවික ගමනා ගමනය ද අද බොහෝ දියුණු වී ඇත. එම නිසා සුළං බලයෙන් නැව් ගමනා ගමනය කිරීමේදී අපේ රටට තිබූ වටිනාකම තවමත් තිබේ ද? අනෙක් කරුණ අපේ වරායවල නවීන ලෝකයේ අවශ්‍යතා සපුරනවා ද? ලෝකයේ අහුමුල්ලක තිබෙන සිංගප්පූරු වරාය වෙත නැව් යාමට හේතුව අපි අධ්‍යනය කර ඇත් ද? සිංගප්පූරුව හොංකොං වැනි රටවල් තම නාවික ගනුදෙනු කරුවන්ට දක්වන අනුග්‍රහය අවම වශයෙන්ව ත් ඇති කිරීමට අපේ සැලසුම් ඇත් ද? හැබැයි අපිට නැව් නො එන ගොඩබිම් වරායක් ඇති බව නම් අපි දනිමු.

අපේ කොළඹ වරාය ඉන්දියාවට ඉතා ප්රයෝජනවත්ය. ඒ පිළිබඳ අප සිතා ඇත්ද? අපේ වරායන් ඉන්දියාවේ පරිහරණයට ලබා දෙන අතර අප ඉන් යම් වාසියක් අත්කර ගන්නවා ද? අපි හැම විටම වරාය බද්ද සහ සැපයුම් පිළිබඳ පමණක් සිතන්නෙමු. මේ ඇත් ද? රටක් වශයෙන් නැඟී සිටීමට මේ වරායන් නිදහස් කර නිර්බදු හදුන්වා දී නාවිකයන්ට ප්‍රිය තැනක් බවට කොළඹ නගරය හරවන්නට තාමත් පමා නැති බවයි මගේ නම් හැඟීම. ඉන් අපට කුමන වාසි ලැබිය හැකිද? නැතිවන බදු ආදායම උපයා ගැනීමට වඩා වාසිදායක් සැලසුම් අපට නැත්තේ ඇයි?

4. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක් ද? අපේ රටේ ඇති භෞමික පිහිටීම අනුව අපි තෝරාගත යුත්තේ කුමනාකාරයේ විදේශ ප්‍රතිපත්තියක් ද? අපිට සිටින මිතුරන් කවුද? අපේ නිෂ්පාදන ප්‍රධාන වශයෙන් මිලදී ගන්නා රටවල් මොනවාද? ඒ රටවල් සමග අපේ සම්බන්ධතා කෙසේද? අපිට අපේ නිෂ්පාදනයන් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන එන්නේ කුමන රටවලින් ද? එම නිෂ්පාදන අතිරික්තයන් බෙදා හදා ගැනීමට අපිට සිටින අසල් වැසියන් කවුද? මේ ගැටලු වලට පිළිතුරු අපේ විදේශ ප්‍රතිපත්තිය තුළ ඔබට සොයාගත හැකි ද?

උදාහරණයක් වශයෙන් සිංගප්පූරුවට ඇවැසි ජලය එන්නේ මැලේසියාවෙනි. මැලේසියා ජාතිකයන් රැකියාව කරන්නේ සිංගප්පූරුවේය. මේ දෙරට ඉතා සහයෝගීව දෙරටට ම ප්‍රයෝජනවත් ලෙස තම ප්‍රතිපත්ති සැලසුම් කර ඇත. අපි අපිට සිටින එකම අසල් වැසියා සමගවත් එසේ වාසිදායක දෙපසටම වැදගත් වන භාණ්ඩ හා සේවා හුවමාරුවක් සැලසුම් කර ඇත් ද?

5. අපේ රටේ බදු ප්‍රතිපත්තිය කුමක් ද? අපි ආකාර කීයක බදු අය කරමු ද? අපි බදු අය කරන්නේ ඇයි? මේ බදු අය කිරීමෙන් ලබන ආදායම අපි වියදම් කරන්නේ කෙසේද? ඔබ දන්නවනේ අපේ රටේ මුලු රජයේ සේවක සංඛ්‍යාව මිලියන 1.3 බව. පහත ඒ පිළිබඳ දත්ත ඇතුළත් ලිංකුවක් ඇත. ඒ බලන්න. අපි අපේ රටේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් යොදවන්නේ රටේ රාජ්‍ය සේවකයා පෝෂණය කිරීමට බව ඔබ දන්නවාද? එනම් මිලියන 1.3 සේවකයන් අතරින් එක් අයෙක්ගෙන් ඔහුත් සමග 4 දෙනෙක් යැපෙනවා නම් මුලු යැපෙන්නන් සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5 ඉක්මවනවා නේද? එවිට රටේ මුලු ජනගහනය වන මිලියන 20 න් කාලකට රජය මාස්පතා කෙතරම් මුදලක් වියදම් කරන්න වෙනව ද?

මෙවැනි රටක රජයකට රජයේ සේවකයාට පඩි නඩි ගෙව්වට පසු ඉතිරි වන මුදලින් රට සංවර්ධන කළ හැකිද? එවිට සංවර්ධනය සදහා මුදල් සොයා ගන්නේ කෙසේද? එවිට ණය ගත යුතුයි නේද? ණය ගැනීමේදී විදේශ කොන්දේසි වලට යටත් වන්නට වනවා නේද? කාලයක් ගත වීමේදී ණය ගෙවීමටත් ණය ගැනීමට වනවා නේද? එතනින් එහාට එම රටට ඉදිරියක් ඇත් ද?

දේශීය සහ විදේශීය ආයෝජකයනට ප්‍රිය තැනක් බවට අප රට හරවන්නට අපි කුමක් කළ යුතු ද? දැන් දැන් ලෝකය විශාල වශයෙන් මානව හිමිකම්, සේවක සුභසාදනය, ජනතාවගේ නිදහස් පැවැත්ම වැනි මානුෂීය ධර්ම වෙත ගමන් කරමින් සිටී. අපි ඒ ගැන සැලසුම් සකස්කර ඇත්ද? ආයෝජකයනට ප්‍රිය තැනක් කිරීමට අපේ සැලසුම්, යෝජනා, අපට ඒ සදහා ඇති බාධක හදුනාගෙන ඇතිද? එසේ නම් අපි ඒ වෙනුවෙන් එම බාධක ජය ගන්නට සකස් කර ඇති විසදුම් මොනවාද? ඒ සදහා කාලරාමුවක් සකස් කර ඇති ද?

6. අපේ රටේ දේශපාලකයා රටේ දැවෙන ප්‍රශ්න පිළිබඳ දැනුවත්ද? කොටින්ම ඔහුට ඒ පිළිබඳ විශේෂඥ්ඥතාවයක් තිබේද? එසේ නොමැති අය නම් ඔවුන්ව ඒ නියෝජිතභාවයට පත් කළේ කවුද? එසේ නම් වරද කාගෙද? ඔය ලැයිස්තුවල සුදුසු පුද්ගලයන් සිටියේම නැත්ද? ඔවුන්ව ඔබ තෝරා නොගත්තේ ඇයි?

7. රටක් වශයෙන් එහි මහජනතාව එම රටේ නීතිය, සමානාත්මතාව, අධිකරණය, ව්‍යවස්ථාදායකය සහ විධායකය, තම මානව හිමිකම්, පිළිබඳ තෘප්තිමත් ද? එසේ නැත්නම් ඒ ඇයි? එය එසේ වන්නට බලපාන කරුණු පිළිබඳ සිතීමේදී මහජනයාට එය වළක්වා ගැනීමට හැකියාව තිබූවා නම් ඔහු එය පැහැර හැරියේ ඇයි?

8. ලංකාවට වඩා හත් ගුණයක් විශාල නවසීලන්තයට මිලියන 4 ජනගහනයක් ඇති බව අපි දන්නවනේ. නමුත් වර්ග කිලෝමීටර 65 දහස් ගණනක් වන අපේ රටට තම ජනගහනය මිලියන විස්සකට ඉඩකඩ ලබා දීමට සිදුවී ඇති බව සත්‍යක් නේද? එහෙම නම් අපි ඒ සදහා කළ සැලසුම් මොනවා ද? තාප්ප බැඳ, තම ගෙමිදුල, වත්ත වෙන්කර ගන්නා ලාංකිකයා බොහොම ඉඩ නාස්ති කරනවා නම් ඉදිරි පරම්පරාව ජීවත්වන්නේ කොහේද?

9. රටක ජීවන තත්ත්වය මනින මිම්මක් ලෙස සෞඛ්‍යය ඉතා වැදගත්. අපේ සෞඛ්‍යය ප්‍රතිපත්තිය කුමක් ද? අපි සියල්ල නිදහස් රටක් විදියට සෞඛ්‍යයත් නිදහස්. ඒ කෙසේ වෙතත් මේ වැය දරන්න නැවත රටේ ජනතාවගෙන් මුදල් අය කර ගත යුතුයි නේද? අපි කෙළින්ම මේ සේවාවට අය කර නොගන්නවා නම් අපි ඒ සදහා අය කර ගන්නේ කෙසේ ද ? ඒ වැය දරන්න අපේ ආර්ථිකය ශක්තිමත් ද? එහෙම නම් එය සොයා ගන්න නැවත අපි බදු ආදායම් දෙස බැලිය යුතුයි නේද? ප්‍රශ්නෙ ආයෙත් මුලටම අපි ඇවිත් වගේ නේද?

10. ඉතා දියුණු ආර්ථිකයක් ඇති ජපානයේ ආර්ථික ශක්තියට එක් හේතුවක් වී ඇත්තේ එම රටේ ජනතාවගේ ඉතුරුම් බව ඔබ දන්නවාද? එම ඉතුරුම් සුලු වශයෙන්වත් කිරීමට අපේ ජනතාවට හැකියාවක් නැත්තේ ඇයි? අපි ජනතාවගෙන් අයකර ගන්නා බදු මුදල මසකට රුපියල් (සියලුම සෘජු සහ වක්‍ර බදු.) 4000 වේ යැයි සිතමු. බදු අය නොකරන ඒ ඒ සේවාවන් සදහා මිලක් නියම කර එය ලබා ගන්නා ක්‍රමයක් ඇති කර අපි ඒ වෙනුවෙන් මසකට වැය කරන මුදල අවම වශයෙන් රුපියල් 3000 වන්නේ නම් මසකට එක අයෙක්ට රුපියල් 500 වත් ඉතිරි කළ හැකියි නේද? මෙම ක්‍රම ඉතා දියුණු රටවලවල අත්හදා බලා ඇති බව වගකීමෙන් කියන්න හැකියි. මම මේ සටහන අවසනට ඒ පිළිබඳ ලියැවී ඇති පොත් කීපයක නම් යොදන්නම්. නිදහසින් පසු යම් නව ආර්ථික ක්‍රමයක් නැවත අපිට ලැබෙන්නේ ජේ. ආර් ජනාධිපතිතුමාගේ විප්ලවීය වෙනස්කම් නිසා. දශක කීපයක් සංශෝධනය නොවී එලෙසම පවත්වාගෙන යන එම ක්‍රමයට දැන් සංශෝධන අවශ්‍ය බව අපිට හැගෙනවා. නමුත් අපි ඊට සූදානම් ද? අපේ රටේ ආර්ථිකයේ නයුවන් ඒ සදහා දැනුවත්ද?

{මෙහිදී මවිසින් ලබාගෙන ඇති උදාහරණය සත්‍ය නොවේ යැයි ඔබට සිතේ නම් ඔබ නිවැරදිය. යම් භාණ්ඩයක් මිලදී ගැනීමේ දී ඔබට නොපෙනෙන බද්දක් එතුළ තිබේ. බොහෝ විට භාණ්ඩ මිල ඉහළ යනුයේ භාණ්ඩයේ බදු මුදල හිටි හැටියේ ඉහළ දැමීමෙනි. නිෂ්පාදන බදු කියා ද බද්දක් ඇති බව අපි දනිමු. නිෂ්පාදකයනට බදු නොව දිය යුත්තේ බදු සහනයි. එම නිසා හැම භාණ්ඩයකම බදු මුදල අඩු වීමෙන් මසකට උපයන දෙයින් විශාල මුදලක් ඉතිරි කර ගන්නට පාරිභෝගිකයාට හැකිය. එවිට එම මුදල අදාළ රාජ්‍ය ආයතනයේ සේවාවන් සදහා වන වියදම හෙවත් සේවාව සදහා ගෙවිය යුතු නියම මිල ගෙවීමෙන් අපිට යම් මුදලක් ඉතිරි කර ගැනීමට හැකි වේ. අනික එම මිල එවිට ගෙවන්නේ අදාළ සේවාව ලබා ගන්නා පුදගලයා පමණි. නැත හොත් විදුලිය සදහා අදිභාරය එය වැඩියෙන් භාවිතා කරන්නන් සේම ඉතාම අඩුවෙන් භාවිතා කරන්නන්ට ද ගෙවීමට සිදු වීමේ අත්දැකීම විද ඇති ඔබට මා පවසන දේ නිසැකවම වැටහෙනු ඇතැයි සිතමි.}

11. ඔබ මේ ටික සිතා ඇත්ද, අපි සිතමු මධ්‍යම පළාතේ දියුණුවට මාර්ග සෑදීමට අවශ්‍යයි කියා. ඒ සදහා වැය කළ යුත්තේ කවුද? තේ ආර්ථිකය දියුණු එම පළාත් වලට එම මුදලින් ඒ පළාතේ සංවර්ධනය කිරීමට හැකියි නේද? බස්නාහිර පළාත දියුණු කිරීමට මොනරාගල ඌව වෙල්ලස්සේ ගොවියා බදු ගෙවිය යුතුද? නමුත් බටහිර ජනයා ඔහු ලබන ප්‍රතිලාභයට ගෙවීම ඔහුගේ යුතුකම නේද? එසේම අනුරාධපුරයේ ජනයාට වැව් හදන්න ගෙවිය යුත්තේ බටහිර පළාතේ ජනයා ද? ඒ සහල් නිෂ්පාදනයෙන් ආදායම් ලබන්නේ අනුරාධපුරයේ එහෙම නැත්නම් රජරට වැසියා නම් ඒ ගෙවිය යුත්තේ ඔහු නේද?

12. රටක ජනතාවට හිතකර නොවන කිසිවක් දිගින් දිගටම තිබිය යුතු නොවේ. එසේ ඉවත් කළ යුතු දේ අපේ සංස්කෘතියෙන් ඉවත් කිරීමට අප සිතා ඇති ද? එසේ කිරීමට අපට ඇති සැලසුම් මොනවා ද. උදාහරණයක් ලෙස සමාජවාදී රුසියන් සමූහාණ්ඩුව තම විප්ලවයෙන් පසු රුසියන් භාෂාව ඉතාම පහසු ආකාරයට ඉගෙන ගැනීම සදහා ව්‍යාකරණ ඇතුළු සියලු දෑ නවීකරණය කළ බව ඔබ දන්නවා ඇතැයි සිතමි. ජපන් රජය ද එය එසේම කළ අතර, තම ජනතාවගේ ආහාර රටාව ජනයාගේ කාර්‍ය්‍යක්ෂමතාවට ගැලපෙන ලෙස වෙනස් කර ගන්නට උපදෙස් දිනි. මේ සියල්ලෙන් එම රටවල් ලබා ගත් දියුණුව විශාල විය. රුසියාව අධ්‍යාපන ලෝකයේ නොමැකෙන නමක් තබන ලදි. රුසියාවේ උපාධියක් නොගත්තෙක් ලොව කිසිම රටක නැත. ඒ එදා ඇති කළ වෙනස නිසාවෙනි.

13. අවසාන වශයෙන් කියන්නට යන්නේ අප උදම් අනන අපේ වසර 2500 වඩා පැරණි සංස්කෘතිය ලොව ඉහළම සංස්කෘතියක් බව මම එක හෙළාම පිළිගනිමි. නමුත් අප ඉන් පළ නෙලා ඇත් ද? අපට ඉන් ලැබෙන වාසිය කුමක් ද? මෙය මුදල් බවට හැර වීමේ ක්‍රම අප සිතා නැහැ නේද? අනෙක මම ද සම්බන්ධ ශ්‍රී ලංකා වි. විද්‍යාලයේ එක් අංශයක වසරක ආදායම කෝටි ගණනකි. අප අපේ විදේශීය සිසුන්ගෙන් උපයන දේය. අප සියල්ල වියදම් කර මහා භාණ්ඩාගාරයට ද මුදල් අතිරිකතයක් සෑම වසරක දීම ලබා දෙන්නෙමු. ඒ නිසා අපේ ආයූර්වේදය, බෞද්ධ ධර්මය, බෞද්ධ සංස්කෘතිය යනු මුදල් ආකර බව අප තවම් තේරුම ගෙන නැති බව නම් මට ඒකාන්තයෙන්ම කිව හැක. මේ සියල්ල මේ රටේ මිනිසුන් උදෙසාය. තනි තනි වශයෙන් ගත් කළ අප ඉන් ලබන පළ ප්‍රයෝජන බොහෝය. නමුත් රටක් ලෙස??????

එහෙම නම් මේ විසදුම් අපිට සොයා ගන්න බැරි ඇයි?

මේ පිළිබඳ මගේ මිතුරු කවදත් මගේ ප්රණාමයට පත් වූ බ්ලොග්කාරිනියක් වන අරුණි ශපීරෝ කියා ඇති දේ ඇයගේ බ්ලොග් අඩවියෙන් බලන්න. ලිංකුවක් දමමි.

මෙය තව දිගට ලිවීමට මට සිත් නොදේ. එම නිසා මෙතැනින් නවතමි. අපි ඔබට ඇති වූ ප්‍රශ්න පිළිබඳ යම් සාකච්ඡාවක් කරමු.

සැබෑ නිදහස කුමක් දැයි සිතමු.

නිදහසේ අරුත අපේ රටේ වැසියා නිසි ලෙස තේරුම් ගන්නේ කවදා ද???????

(1) Lanka News Paper - http://www.lankanewspapers.com/news/2011/5/66920.html

(2) Statistic Department Annual Report

(1) 2012 http://www.statistics.gov.lk/samplesurvey/Annual%20Report2010Sinhala.pdf

(2) 2011 http://www.statistics.gov.lk/samplesurvey/LFS%20Annual%20Report_2011.pdf

(3) 2010 http://www.statistics.gov.lk/samplesurvey/report%20-%202012Q2.pdf

(3) Pensions Department

(1) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=95&Itemid=53&lang=si

(2) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=98&Itemid=53&lang=si

(3) http://www.pensions.gov.lk/index.php?option=com_content&view=article&id=101&Itemid=53&lang=si

(4) UGC http://www.ugc.ac.lk/

(5) ශ්‍රි ලංකාව ආසියාවේ අහිමි ආශ්චර්ය, මිල්ටන් රාජරත්න, රාවය ප්‍රකාශන, 2012.

(6) අපට ගැලපෙන ආර්ථික ක්‍රමවේද, රොහාන් සමරජීව, සී. ජේ. අමරතුංග, රාවය ප්‍රකාශන, 2012.

(ප/ළි.

ලියා අවසන් කළේ දින දෙකකට පෙර වුවත් නිදහස් දිනයේ පළ කිරීමට සිතා සිටියත් මාතර සිට පැමිණ, දියණියගේ කටයුතු වලට දවස ගෙවිණි. නිවාඩු දිනයක සවස හතරට පමණ ලිපියක් පළ කරනවා ට වඩා එය අගහරුවාදා පාන්දරම පළ කිරීම යහපත් බව මම දනිමි. එනිසා කමන්න.)

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com46tag:blogger.com,1999:blog-3353470703579557654.post-82564735009055128852013-01-16T12:03:00.002+05:302013-01-16T12:03:29.015+05:30අනාගතයෙන් පැතිකඩක්.සෑහෙන කාලෙකින් කෙටි සටහනක්වත් ලියා ගන්න බැරි වුනා. ජීවිතයේ කිසිම දිනක නොලබපු අත්දැකීම් සමූහයකට මේ දිනවල මුහුණ දෙනවා. මේවා ගැන සිතන්න සිතන්න බොහෝම දරුණු විදියට සිත කලකිරීමක් ඇති වෙනවා.

මගේ ජීවිත මතකයන් එක්ක ගත්තම මට මතක ඈතම සිද්ධිය තමයි මගේ පියා ලෙඩ වෙලා සිටීම හා ඇවිදගන්න බැරිව සිටි පියාට ඇදටම හැම දෙයක්ම ලබා දීම. හදිසි වාහන අනතුරක් නිසා පාදය දරුණු ලෙස තුවාල වෙලා තිබ්බ බව දන්නේ බොහෙම කාලෙකට පස්සෙ. හැබැයි ඒක අපේ පවුලට සතුටට කාරණයක් වුනා. ඒ කුඩා අපට තාත්තව බලන්න එන අය ගේන ඔරෙන්ජ් බාර්ලි බොන්න ලැබීම. මොන කූල් බීම ද ඒ කාලේ. නිකන් සෝඩා, සහ ඔරෙන්ජ් බාර්ලි තමයි ප්‍රසිද්ධම. ලෙඩ්ඩු බලන්න ගෙනිච්චේ ඔරෙන්ජ් බාර්ලි.

අපේ අම්ම සතුටට පත් වන දෙයකුත් ඒ අතර තිබ්බ. ඒ 71 කැරැල්ල නිසා රාජ්‍ය සේවකයන් වුණු අපේ තත්තාගේ මිතුරන් විශාල සංඛ්‍යාවක් අනිවාර්ය්ය සේවයට කැඳවා තිබීම. මේ අසනීපෙ නොවෙන්න පියාටත් ඒ ඉරණම.

මට මතකයි අපේ ආච්චි (උන්දෑ අවුරුදු 100 ආයු ගෙව්ව.) චීත්ත රෙද්දට තියලා කොට්ට උරයක හාල් දාල, ඒ කාලෙත් නාගරික ජීවිතයක් ගෙවපු අපිට ගේනවා. මේ කියන කාලේ මට මතක විදියට 1971 විතර 72 වෙන්නත් පුළුවන්. මට වයස අවුරුදු 05 අද වෙනකොට කාලේ බොහෝම ගෙවිලා සිද්ධීන් වල මුල මැද පිළිවෙළ හරියටම මතක නැහැ.

මම පොඩි වුණත් තුන් දෙනෙක්ට අයියා වුණු නිසා මට කුඩා කළ සිටම වගකීම් බහුලයි. ඒක නම් මගේ අද ජීවිතයටත් සෑහෙන්න වටිනවා.

කොහොම හරි අබ්බගාත වුණත් තාත්තා ගෙදර සිටීම අම්මට බොහොම සතුටක් වුණා. පසු කාලෙක ඇයගේ වදනින්ම මට කියා තිබ්බෙ "ඔයාගේ තාත්ත නම් ඒ පාප කර්මෙට හවුල් වුණේ නැහැ" කියලා.

මේ සියල්ල දැක්ක මට 88, 89 කාලේ ඒ හැම දේටම මුහුණ දෙන්න වුණා. ඒ කාලේ තමයි ආපේ අම්ම තාත්තා ගැන මට ඉහත කියමන කියා තිබ්බේ.

විශ්ව විද්‍යාලෙට සුදුසුකම් ලබලා සිටි තරුණ ලේ හොදටම කැකෑරුණු ඒ සමය මට හොදින් මුල, මැද, අග අදටත් හොදින් මතකයි.

ඊට පස්සේ දීර්ඝ කාලීන සටන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සමඟ. 90 සිට 94 දක්වා ගිය කාලේ මට තාමත් අත ළඟ වගේ.

මම බුද්ධියෙන් සිතන්න පතන්න ආරම්භ වුණේ මේ 94 න් පස්සේ. කාගෙවත් අතකොළු නොවී තනියම සිටීමේ වටිනාකම මම 94 සිට හොදින් උගත්තා.

කල්පනා කරන විට මට සිහිවනවා අප කළ කී දෙයින් නිවැරදි මෙන්ම ඉතාමත් වැරදි තීරණත් අපේ ජීවිතේ තිබෙනවා. මමත් එහෙම තීරණ අරගෙන තිබෙනවා. මගේ ජීවිතේ පිළිබඳ ඉතාම සුබවාදී තීරණ මම ගෙන තිබෙනවා. මගේ සදාදර බිරිය මට ලැබුණේ එහෙම තීරණයක් නිසා. නමුත් අපි ගත්ත හැම තීරණයක්ම නිවැරදිද?

අද මම පිළිගන්නවා 1977 සිට වර්තමානය දක්වා මම ගත් තීරණ බොහෝ වැරදි. මා පිළි නොගත් දේ සහ මා පිළිගත් දේ අතර විශාල වෙනසක් තිබෙනවා. මා කළ ඒ වරද අද හදන්න බැරි තරම් විනාශයක් බවට හැරවිලා කියා මට තේරෙනවා. අපි හැමෝම මේකට අඩු වැඩි වශයෙන් දායක වුණා.

මා කුමක් කළ යුතුද?

තවත් වැරදි තීරණයක් ගැනීමක අබියස මම සිටින්නේ, ඒ මගේ දරුවා වෙනුවෙන්. මා අත්විඳි 71, මා සහභාගී වූ 88/89 මගේ දරුවා අත්විඳිනවාටත් අත්දකිනවාටත් මම එකඟ නැහැ. ඒ නිසා ඉක්මනින් මම තවත් වැරදි තීරණයක් ගන්නවා.

මට තියෙන ප්‍රශ්නේ ඒ කවදා ද කියන එක විතරයි. Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com55tag:blogger.com,1999:blog-3353470703579557654.post-74493894471613813032012-12-19T06:56:00.001+05:302012-12-19T06:56:38.933+05:30ඌෂ්ණය නිසා ස්ත්‍රි සහ පුරුෂ සරුභාවයට ඇති කරන අහිතකර බලපෑම.කලින් ලිපි කීපයකම අපි කතා කළා මඳසරුභාවය කියන මාතෘකාව. මම බ්ලොග් ලෝකයට පැමිණි විගස මේ පිළිබඳ සඳවට රන් තරු නමින් ලිපි කීපයක්ම ලියුවා මතකයි. ඊට පසුත් ලිපි කීපයක්ම මේ පිළිබඳ ලියූ බව මතකයි.

ඒ සියල්ලේ ලින්ක්ස් මෙහි පිළිවෙළින් දමන්නම්.

1.ලිපිය

2. ලිපිය

3.ලිපිය

4.ලිපිය

5.ලිපිය

පුරුෂ මඳ සරුභාවය/ එයට ප්‍රතිකාර/ආයූර්වේද වෛද්‍ය විද්‍යානුකූලව ඉන් මිදීමට ඇති මාර්ගය පිළිබඳ ඉතා වැදගත් කරුණු මෙහිදී සාකච්ඡාවට භාජනය කළා.

ඊට පසු කාන්තාවන්ගේ මඳ සරුභාවයට හේතුවන කාරණාත්, ඒවාට ප්‍රතිකාරත්, ඉන් මිදීමට ආයූර්වේද උපදෙසුත් පිළිබඳ සාකච්ඡා කළා.

1.ලිපිය

2.ලිපිය

3.ලිපිය

අද අපි කතා කරන්නේ ඉතාම වැදගත් ඒ වගේම ස්ත්‍රි පුරුෂ දෙකොට්ටාසයේම සරුභාවයට හානි කරන සාධකයක් පිළිබඳවයි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි මේ සංකල්පය අපි හඳුන්වන්නේ ”ඌෂ්ණය” "Ushnam" යනුවෙන්. ඉතාම වැදගත් කාරණය වන්නේ මේ ඌෂ්ණය යනුවෙන් හඳුන්වන්නේ උෂ්ණත්වයවත්, Temperature තාපයවත් Heat නොවන බවයි.

මේ පිළිබඳවත් අවස්ථාවකදී කතා කළ බව මට මතකයි.

1.ලිපිය

ආයූර්වේදයේ එන ඌෂ්ණ සංකල්පය යනු කුමක්ද?

එනම් ශරීරයේ ඉන්ද්රියයන් සහ සෛල වල ආවේණික විභව ශක්තිය, Potential Energy එහි ක්‍රියාකාරකම් වලදී වැය වන ශක්තිය Kinetic Energy ලෙස ක්‍රියා කරයි. මෙම විභව ශක්තිය ආහාරයෙන් අපට ලැබෙන ශක්තිය ලෙස සෛල සහ ඉන්ද්රියයන් වලට ලැබේ. මෙම ජෛව රසායනික ක්‍රියාකාරකම් සිදු වීමේදී ශක්තිය වැය කර එම අදාළ ක්‍රියාව සිදු වන අතර ඉන් යම් නියත ප්‍රමාණයකින් ශක්තිය හානී Energy Wastage වේ. ඉතාම කෙටියෙන් කියනවා නම් මිනිස් ශරීරයේ සිදුවන නොයෙකුත් ජෛව රසායනික ක්‍රියාකාරකම් නිසා සිදුවන ශක්ති සංසරණයේ Energy Flow එක් අවස්ථාවක් වන ශරීරයෙන් ශක්ති හානිය Energy Wastage වන අවස්ථාව නියමාකාරයෙන් සිදු නොවී කායික ශක්ති සමීකරණය අසමබර වීමයි. වැඩිපුරම ආයූර්වේදයේ රෝගී අවස්ථා වලට හේතු වන මේ තත්ත්වය ශක්ති හානියේ ඉතා වැඩි වීම් නිසා මෙන්ම ඉතා අඩු වීම් නිසාද සිදු විය හැකිය.

නවීන විද්‍යාවේ අර්ථ දැක්වීම් වලට මේ සංකල්පය යම් තරමක ආගන්තුක බවක් අපට පෙනෙනවා. නමුත් බටහිර වෛද්‍ය විද්‍යාවේ එන නොයෙකුත් රෝග කාණ්ඩ යටතට මේ ආශ්රිත රෝග ඇතුළු කර තිබෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත් ආසාත්මික රෝග Allergic Conditions ගත හැකියි. මෙපමණක් නොවෙයි ඉතා පුළුල් පරාසයක විහිදුණු රෝග රාශියක් මෙයට ඇතුළු වෙනවා.

දැන් අපි කතා කළ කායික විභව ශක්තිය ආයූර්වේදයේ දී භාවිතා වන්නේ කඵ කියන නමින්. ක්‍රියාකාරී කායික ශක්තිය අයූර්වේදයේදී වාතය නමින් හැඳින්වෙනවා. වැඩිපුර ශක්තිය හානිවන අවස්ථාව ඌෂ්ණ යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම නියමාකාරයෙන් වන ශක්ති හානිය හැඳින්වෙන්නේ පිත කියන නමින්.

වාත, පිත සහ කඵ යන කායික ශක්තීන් තුන පිළිබඳ සුශ්‍රැත මහාසෘෂිවරයා මෙසේ පවසයි.

විසර්ගාදාන වික්ෂේපෛඃ සොමසූර්‍ය්‍යයා නිලා යථා,

ධාරයන්ති ජගත් දේහං කඵ පිත්තා නිලාස්ථතා.

සුශ්‍රැත සූත්‍ර 21 අධ්‍යායය.

මෙහි අර්ථය වන්නේ,

යම් සේ චන්ද්‍ර, සූර්ය්ය, වාත යන වස්තුත්‍රය විසර්ග, ආදාන, වික්ෂේප යන කාර්‍ය්‍යයන්ගෙන් ලෝකය ධාරණය කරයි ද, ඒ ආකාරයෙන්ම කඵ, පිත්ත, වාත යන ත්‍රය ශරීරය ධාරණය කරන බවයි.

අපිට බහුලව අහන්න ලැබෙන ප්‍රශ්නයක් තමයි ඇඟ ඌෂ්ණ නිසා පිළිසිඳ ගැනීම් සිදු නොවන බව. මෙහි ඇති විද්‍යාත්මක භාවය කුමක්ද?

අප ඉහත අර්ථ දැක් වූ අකාරයට ශරීරයේ සිදුවන ජීව ක්‍රියාවක් වන ඩිම්භ සෛලයක මේරීම නම් ක්‍රියාවලියේදී මේ ඌෂ්ණය යන සාධකය මගින් අහිතකර අයුරින් යම් බලපෑමක් සිදුවීමේ ඉඩක් තිබෙනවා. එය අද ලෝකය පුරා පැතිරී පවතින මඳසරුභාවය නම් රෝග තත්ත්වයට බොහෝ සෙයින් හේතු වනවා.

ඩිම්භ සෛලයක මේරීම සිදුවන විට එම ක්‍රියාවට යෙදවෙන ඩිම්භ සෛලයේ විභව ශක්තිය හා එහි ශක්ති හානිය අතර ඇති අනුපාතය හැම විටම එකීය විය යුතුයි. නමුත් යම් විදියකින් එම ශක්ති හානිය නියමිත මට්ටමට වඩා වැඩි නම් එම සෛලයේ පැවතිය යුතු විභව ශක්තිය, එහි ක්‍රියාකාරී චාලක ශක්තිය සහ ශක්ති හානිය යන ශක්ති සමීකරණයේ හානිය පැත්ත වැඩි වූ විට ජීව ක්‍රියාවලි සඳහා යෙදවෙන ශක්තිය හෙවත් චාලක ශක්තිය ඉතා අඩු වී යයි. එවිට එම ජීව ක්‍රියාවලීන් නිවැරදිව සිදු නොවෙයි.

මෙහි අනිවාර්ය්යය ප්‍රතිඵලය වන්නේ,

1. ඩිම්භ සෛලයක් නියමිත ප්‍රමාණයට නොවැඞීම, Immature Follicles

2. කුඩා කුඩා ඩිම්භ සෛල විශාල ප්‍රමාණයක් ඇති වීම, Poly Cystic Ovarian Syndrome

3. ස්කෑන් පරීක්ෂාවක දී ඩිම්භ සෛල එකිනෙකට ඇලී මුදුවක ආකාරයෙන් පිහිටීම, Ring Type Structure වැනි තත්ත්වයන්ය.

මෙයට අමතරව මෙවැනි රෝගීන්ගේ දක්නට ලැබෙන තවත් කායික රෝග ලක්ෂණ කීපයක් ම ඇත.

1. රුධිරයේ කාන්තා හෝමෝන සාන්ද්‍රණයන් වෙනස් වීම.

2. පුරුෂ හෝමෝන සාන්ද්‍රනය ඉහළ යාම.

3. එහි ප්‍රතිඵලයක් ලෙස මුහුණේ රෝම වර්ධනය වීම.

4. ශරීරය අධිකව මහත් වීම.

මේ රෝගීන් අතර යම් යම් මානසික තත්ත්වයන් ද නිරීක්ෂණය කළ හැක. බොහෝ විට නොඉවසිලිමත් ගතිය, අවිශ්වාසය, කේන්ති යාම ඉතා බහුලයි.

මෙම තත්ත්වය පුරුෂයන්ටත් පොදුයි. බොහෝ විට ඌෂ්ණ ශරීර ඇති පුරුෂයන්ගේ පුරුෂ බීජ දුර්වල ක්‍රියාකාරී බව Motility පැහැදිලි වී තිබෙනවා. එම නිසා මෙම තත්ත්වය ස්ත්‍රී පුරුෂ දෙපිරිසටම තමන්ගේ සරුභාවය පවත්වා ගැනීමේදී හානි කරන බව කිව යුතුයි. පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනයේදී ඌෂ්ණයේ බලපෑම නිසා එහි ව්‍යුහයේ ඇති වන බලපෑම මගින් ශුක්‍රාණුවක රූප විද්‍යාත්මක විවිධත්වයට Morphology හානි සිදු විය හැකියි. එනම් තදින් ඌෂ්ණය ඇති ශරීරයක් හිමි පුරුෂයෙක්ගේ ශුක්‍රාණු නිපදවීමේදී එම ශුක්‍රාණු නිසි අයුරින් මේරීමට ලක් වන්නේ නැතුව තිබීම නිසා එම ශුක්‍රාණු මෙසේ විකෘති බවට පත් වීමයි. මෙම ඌෂ්ණයේ බලපෑමට දිගු කාලයක් භාජනය වීමෙන් සරුබව ඉතා ශීග්‍රලෙස අඩු වනවා දක්නට ලැබේ. එම තත්ත්වයට ලක්වන පුරුෂයන්ගේ ශුක්‍රාණු නිෂ්පාදන වේගය, Spermatogenesis ශුක්‍රාණුවල ක්‍රියාකාරීත්වය, සහ ශුක්‍රාණුවල රූප විද්‍යාත්මක විවිධත්වය ද බොහෝ දුරට අඩු වී ඇති බව පැහැදිලිව පෙන්වා දීමට හැකිය.

මේ අවස්ථාවන්ට ආයූර්වේදයේ ප්‍රතිකාර තිබෙනවා ද?

පැහැදිලිවම ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ මෙම අවස්ථාවන්ට ඉතා වටිනා ප්‍රතිකාර තිබෙනවා. මේ ප්‍රතිකාර අපි මෙහිදී ප්‍රයෝජනය ගන්නේ මඳ සරුභාවයට වුවත් සියලූම රෝග සම්බන්ධයෙන් ආයූර්වේදයේ අර්ථ දැක්වීම් මේ ආශ්‍රිතව තමයි සිදු වන්නේ. එම නිසා මඳ සරුභාවයට ප්‍රතිකාර කිරීමේදී පියවර දෙකක් යටතේ ප්‍රතිකාර කළ යුතුයි.

පළමු පියවර

1. ඌෂ්ණය ඉවත් කිරීම.

2. ඩිම්භ සෛල සහ පුරුෂ බීජ සෛල වර්ධනය, මෙම තත්ත්වයන් ඖෂධ ප්‍රතිකාර මගින් සුව කළ යුතුයි.

දෙවන පියවර.

මෙහිදී ප්‍රධාන වශයෙන්

1. ආහාර,

2. කායික නීරෝගීතාවය පවත්වා ගැනීම සදහා ව්‍යායාම,

3. මානසික නිරෝගීතාවය යන කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.

මේ අයුරින් ප්‍රතිකාර කිරීමෙන් ඉතා සාර්ථකව මඳසරුභාවය සුව කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාවට හැකියි.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com55tag:blogger.com,1999:blog-3353470703579557654.post-63210095522304709572012-11-26T09:40:00.000+05:302012-11-26T09:40:40.676+05:30සුඛාන්ත රතිය සහ සුරතාන්තය!!මේ මගේ සිතේ ලියැවී තිබූ මාතෘකාවක්…………

නමුත් එය පසුවට කල් දමමින් සිටියේ…………...

අපේ දේශකයාගේ පසුගිය ලිපිය හේතුවෙන් ඒ ලිවිය යුතු යි කියා මට සිතුණා. ඒ සදහා මගේ හිතේ පෙලැබීමක් ඇති කළ තවත් දෙදෙනෙක් සිටිනවා. ඒ මාතලන් සහ හිරු. ඔබ තිදෙනාට ම මගේ ස්තුතිය.

මෙම ලිපියේදී බුදු දහම, ආයූර්වේදය, සහ සාමාජීය වශයෙන් මෙන් ම වෛද්‍යවරයෙක් ලෙසත් මගේ අත්දැකීම් මෙන් ම නිගමන ද ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

මෙවැනි ලිපියක් ලිවීමේ දී අමතක නොකළ හැකි පුද්ගලයෙක් සිටිනවා. ඒ ඇමරිකානු ජාතික ඩී. එච්. ලෝරන්ස් (D. H. Lawrence). ඔබ නරබා ඇති දශක දෙකකට පමණ පෙර මෙරට තිරගත වූ Lady Chatterley's Lover චිත්‍රපටය . නමුත් මේ චිත්‍රපටය Lady Chatterley's Lover නවකතාව තරම් සුන්දර නැහැ. ඒ අතර ම තවත් මතක් කළ යුත්තෙක් සිටිනවා. ඒ විජයපාල වික්‍රමසිංහ මහතා. මෙතුමා මේ ග්‍රන්ථය සිංහලට පෙරළා තිබෙනවා. (සිංහල ග්‍රන්ථයේ නම වන්නෙ "සනහස බැදුණ තැන" යන්නයි.) ඉතා ගැබුරු වියත් ඉංග්‍රිසි භාෂාවෙන් ඇති මුල් පොත සරලව සුමට ලෙස මෙතුමා සිංහලයට පෙරළා තිබෙනවා. මා සතුව ඇති ඉතාම වටිනා සම්පතක් ලෙස මම මේ ග්රන්ථයන් දෙක සලකමි.

මවිසින් මෙහිදී සඳහන් කළ මේ ග්‍රන්ථය තරම් සජීවීව සුරතාන්තය විස්තර කළ අන් තැනක් මෙතෙක් මට සමු වී නැත. එයට ද යම් හේතුවක් තිබෙනවා. මිනිස් සංතානයේ පහළ වන ඉතාම ගැබුරු හැගීමක්, දැනීමක් වචන වලට පෙරලීමේ අපහසුවයි. එවැන්නක් කිරීමට භාෂාව පිළිබඳ ප්‍රාමාණික උගතෙක් විය යුතුයි. එවන් උගතුන් දෙපළක් වන මේ අනුවර්තක සහ නියම කතුතුමාගේ අදහස අනුව සුරතාන්තය යනු මේ යැයි යම් දල අදහසක් ලබා ගැනීමට Lady Chatterley's Lover ග්‍රන්ථය පිටුවහල් වනවා.

දැන් අපි බලමු බුදු දහමට අනුව ලියැවී ඇති දේ පිළිබඳව, ඔබට මතක ඇති මෙයට සමාන ලිපියක් මම ටික කලකට පෙරත් පළ කළා.

ස්ත්‍රී රූපය තරම් පුරුෂයන්ගේ සිත් ඇද බැඳ ගන්නා වෙනත් රූපයක් නැත. එසේම කාන්තාවගේ සිත ද ඇද බැඳ ගන්නා ප්‍රධානම රූපය නම් පිරිමි රූපයයි. තවද මෙය ශබ්ද, ගන්ධ, රස, සපර්ශ ආදී සියල්ලට ම ස්ත්‍රී පුරුෂ වශයෙන් ද එසේමයි. (අංගුත්තර නිකාය 1, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය 1960, පිටුව 2 - 5) ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය ඔවුනොවුන් කෙරෙහි දක්වන මේ විශේෂ ලබැඳියාව හුදෙක්ම ලිංගිකත්වය නිසාම පැන නැඟුණකි. ලිංගිකත්වයට පුද්ගලයා තුළ සහජයෙන්ම ඇතිවන මේ ලබැඳියාව හෙවත් තෘෂ්ණාව හේතුවෙන් භවයට ඇති ආශාව ද, ඇලීම ද, ඇති වේ. උදාහරණයක් වශයෙන් අංගුත්තර නිකායේ ම එන නකුල මාතා නකුල පීතා කථාවෙහි දී එම යුවළ ඊළඟ භවයේ දී ද එක් වීම ප්‍රර්ථනා කරයි. මේ ඇත්තෙන්ම ලිංගික බැඳීමයි.

අංගුත්තර නිකාය 05, ඉත්ථිබන්ධන සහ පුරුෂ බන්ධන නමින් සූත්‍රයන් දෙකක් සඳහන් වේ. මෙම සූත්‍ර දෙකෙහි අදහස වන්නේ ස්ත්‍රිය පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියටත් බැඳෙන ආකාරයයි. බුදුන් වහන්සේට අනුව අට ආකරයකින් ස්ත්‍රිය සහ පුරුෂයා එකිනෙකාට බැඳේ. එම ආකාර අට නම්,

1. රූපයෙන් ස්ත්‍රිය සහ පුරුෂයා බැඳේ.

2. හසිතයෙන් හෙවත් සිනායෙන් මේ දෙදෙනා බැඳේ.

3. වචනයෙන් හෙවත් කථාවෙන් මේ දෙදෙනා බැඳේ.

4. ගීතයෙන් ද, මේ දෙදෙනා බැඳේ.

5. රොදනයෙන් හෙවත් ඇඬුමෙන් ද, මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.

6. ආකල්පයෙන් හෙවත් අඳින පොරවන සළු පිළියෙන් ද මේ දෙදෙනාගේ බැඳීම ඇති වේ.

7. වනභඬගයෙන් හෙවත් වන මල් පළ ආදී තුටු පහටු වන දෙයින් ද මේ දෙදෙනා බැඳේ.

මේ සියල්ලටම වඩා තරව ස්ත්‍රි පුරුෂ බන්ධනය ඇති වන්නේ නම් පහසින්මය. එය අටවන අවස්ථාවයි.

කාමාස්වාදය යනු කවරේද?

මෙම මාතෘකාව බුද්ධ වචනය තුල බොහෝ වාරයක් භාවිතය. ඉන් කීපයක් මෙහි ඔබ වෙනුවෙන් දක්වමි.

(1) මනාප්‍රිය රූපදී ත්‍රෛභූමක වස්තුකාමය කැමතිවන ඒ සත්වහට ඉදින් ඒ වස්තුකාමය සමෘද්ධ වේ නම් හෙවත් (ලැබේ නම් ) ඒ ලැබ ඒකාන්තයෙන් තුටු සිත් ඇති වූයේ වෙයි. ඉච්ඡිතලාභ ප්‍රීතිමනස්කාදිය ආස්වාද කටයුතු හෙයින් මේ ආස්වාදයයි. එනම් මෙහි අර්ථය වන්නේ "යම් මිනිසෙක් හැල් ආදි කෙත්වතු හෝ ගෘහභාවස්තු ආදී වතු අමුණු හෝ ගවයන් අසුන් දස්කම්කරු පුරුෂයන් හෝ ස්ත්‍රීන් හෝ නෑයින් හෝ වෙනත් මනාප්පීය රූපාදී බොහෝ කාම වස්තූන් ක්ලේශකාම වශයෙන් පුන පුනා ප්‍රාර්ථනා කෙරේද මේ ආස්වාදයයි". ( ඛුද්දක නිකාය නෙත්තිපකරණ, දේසනාහාර විභංගය, බු. ජ. ත්‍රි. 1960.)

(2) මජ්ඣිම නිකාය 03, පුණ්ණම සූත්‍රය, බු. ජ. ත්‍රි. 1960, පිටුව 116. සඳහන් වන රූපය නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදය උපදී එවැනිම වේදනා, සඥ්ඥා, සංස්කාර, විඤ්ඤාණයන් නිසා යම් සුවයක්, සොම්නසක්, ආස්වාදයක් උපදී

ඉහත උදාහරණ දෙකෙන් අපට පැහැදිලි වන්නේ භෞතික වූ බඩු භාණ්ඩයන් මෙන්ම, ස්ත්‍රි ඇසුර, ස්පර්ශය, වැනි අත්දැකීම් වලින් ද අපට යම් සුවයක්, වින්දනයක්, ආස්වාදයක් ලැබිය හැකි බවයි.

(3) බුදුන් වහන්සේ විසින් දේශිත මජ්ඣිම නිකායේම එන සුභ සූත්‍රය මෙසේ පස්කම් සැපයෙහි ඇතිවන ප්‍රීතිය යම් පරිදි තෘණ කාෂ්ටෝපාදාන නිසා ගිනි දල්වා ද, ඒ ප්‍රීතිය එවැනියයි වදාරති. එනම් තෘණ කාෂ්ටෝපාදාන යනු සියුම් ඉන්ධනයන්ය. එවැනි දේ නිසා ඇතිවන ගින්න වඩා සෞම්‍යය. එම නිසා පස්කම් සැපය නිසා ඇතිවන ප්‍රීතියද සෞම්‍ය වේ.

බුදු දහමේ මේ මාතෘකාව පිළිබඳ බොහෝ උදාහරණ ඇතත් මේ ලිපිය වඩා කෙටි කර ගැනීමේ උත්සාහය නිසා මේ කරුණු පමණක් ඇතුළත් කරමි. මේ සියල්ලම එක්ව ගෙන සිතා බැලූ කළ අපට බුදු දහම අපගේ ඉහත මාතෘකාව පිළිබඳ දක්වන්නා වූ විග්‍රහය සබන්ධයෙන් යම් අවබෝධයක් ලබා ගැනීම උගහට වන්නේ නැත.

පුද්ගලයාට කාමය උපදන වස්තු ප්‍රධාන කොටස් කීපයකි. භෞතික වූ බෝග, වගා, ධන, ධාන්‍ය, ඉඩකඩම් වැනි දෑ ද, අභෞතික වූ ඇසට ප්‍රිය රූප, කනට ප්‍රිය ශබ්ද, දිවට ප්‍රිය රස, නාසය ප්‍රිය ගන්ධ, කයට ප්‍රිය ස්පර්ශය ද, මනසට ප්‍රිය සිතුවිලි ද වශයෙන් ය. මේවා ඇති විට පුද්ගලයා සොම්නසට පත් වේ, ආස්වාදයට පත් වේ. සතුටට පත් වේ.

මේ අනුව සිතූ කළ පුද්ගලයාගේ ලිංගික තෘප්තිය හුදෙක්, ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස, යන මේ ඉන්ද්රිය ප්රීණනය මුල් කර ගත්තක් බව පැහැදිලි ය. මේවා කාර්ය්යක්ෂම ලෙස පිනවීමට ලිංගික කාර්ය්යයේ දී සමත් වන පුද්ගලයා හොදින් ලිංගික තෘප්තිය ලබන අතර නොයෙක් හේතු මත ඒ අසමත් වන පුද්ගලයාට ලිංගික තෘප්තිය සම්පූර්ණ නොවේ. ලිංගික ක්‍රියාව නම් කාර්ය්යයේ දී පසිඳුරන් අවදිව තබා ගැනීම ඉතා අවශ්‍ය කාරණයක් බව අප දැනගත යුතුය. එනම් ඇස, කන, නාසය, මෙන්ම, දිව, සහ ශරීරය ද එක සේ මේ කාර්ය්යයේ දී එකාත්මික විය යුතුය. එමෙන්ම මනසින් සූදානම් වීම ද අතිශයින්ම වැදගත්ය. මනසේ සහභාගීත්වයක් නොමැතිව පසිඳුරන් පමණක් පිනවීමට යාම මේ කාර්ය්යය අසමත් කිරීමට හේතු වේ. එම නිසා අවදි මනසින්, අවදි පංචේන්ද්‍රියන්ගෙන් යුතු අය මේ දිනයි.

ලිංගිකත්වයේ ඉතාම වටිනා නීතිය නම් තමන්ගේ සැපය මෙන්ම අනෙකගේ සැපය පිළිබඳව ද, සැලකීමක් කිරීමයි. අප වැණි රටවල ඉතාම අඩු අවධානයකට ලක් වන අංශයක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකිය. හුදෙක් දෙදෙනෙක් සහභාගී වන මෙවැනි කාර්ය්යයක් කෙලෙසකවත් ආත්මාර්ථකාමී එක් පුද්ගලයෙකුගේ හුදු සැපය සදහාම වෙන් විය යුතු නොවේ. මෙහිදී තම සහකරු හෝ සහකාරියගේ සැපය පිළිබඳව ද යම් අවධානයක් යොමු කළ යුතුමය. තම ඉන්ද්රියයන්ගේ අවදි බව මෙන්ම අනෙක් පාර්ශ්වයේ ඉන්ද්රියයන්ගේ අවදිබව පිළිබඳ සැලකීම ඉතා වැදගත්ය. එවිටයි නිසි ලිංගික ක්ෂාන්තිය දෙදෙනාටම ලබාගත හැක්කේ. මනා සිහියෙන් හුදු අදාළ කාර්‍ය්‍යයම පිළිබඳ සිහියෙන් පසිඳුරන් පහම පිනවීමට යොමු වීම දෙදෙනාටම අවසාන සුඛාන්තය ලැබීමේ එකම මඟයි.

අප බොහෝ විට මේ කාර්ය්යයේ දී ඇස්, නහය, කන අමතක කරයි. නමුත් ඒ ද ඉතා වැදගත් සංවේදනයන් ලබා දෙන ඉන්ද්රියයන්ය.

සහකරුගේ හෝ සහකාරියගේ පියවි රූපය හොදින් දැකීම ම උත්තේජනයේ ආරම්භය ලබා දෙයි. එය සවිශක්තිමත් උත්තේජනයක් වන්නේ එකකුගේ සිරුර අනෙකාට රසඳුනක් වුවොත් පමණය. කන ද ඉතාම වටිනා ලිංගික අවයවයකි. කනට ඇසෙන ශබ්ද (සුසුම්, මුණුමුනුවන්, කෙදිරීම්) එකිනෙකා නඟන ශබ්ද ඔවුනොවුන්ගේ රතියේ ඇති ගැබුර වැඩි කරයි. නාසය ද එසේමය, එකිනෙකාගේ ගන්ධය යනු ඉතා වටිනා ලිංගික උත්තේජනයකි. එය රති ක්‍රීඩාවේ දී ඉතාම වැදගත් අංගයක් බව දන්නෝ කීයෙන් කීයක් ද? නවීන විද්‍යාවේ දී සොයාගෙන ඇති ෆෙරොමෝන යනු මේ ගන්ධය ඇති කරන ලිංගික උත්තේජනයට වැදගත් වන සාධකයකි. ලිංගික ක්‍රීඩාවේ දී හැම විටම එහෙන් මෙහෙන් කෙරෙන සිප වැළද ගැනීම් ක්‍රමවත්ව එකිනෙකාගේ රසය උරා බීම දක්වා දියුණු කර ගැනීමට හැකි නම්, ස්පර්ශය එකිනෙකාගේ ශරීරවල සුඛස්පර්ශය නියමාකාරයෙන් ලැබිය හැකි ආකාරයට දියුණු කර ගැනීමට ඔබ දක්ෂ වුවොත් සුරතාන්තය එතරම් අපහසු ඉලක්කයක් කියා මට නම් නොසිතේ.

මෙම ලිපිය මා සිතුවාට වඩා දිග්ගැසුණත් මෙය එකම ලිපියක් ලෙස ලිවීම මැනවැයි මට සිතේ. එම නිසා තවත් කුඩා කොටස් කීපයක් මෙයට එක් කරනවාට ඔබ විරුද්ධ නැතැයි සිතමි.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේදී මේ සම්බන්ධව ලියැවී ඇත්තේ කුමක් දැයි අපි සොයා බලමු. පළමුවෙන් මම නිතර කියවන මගේ හස්තසාර ග්රන්ථ කීපයෙන් එකක්වන චරක සංහිතා වේ එන තොරතුරු මෙසේ දක්වමි.

චරක සංහිතාව, ආර්. බුද්ධාස, (සිංහල අනුවාදය ), චිකිත්සිතාස්ථානය, සංයෝගශරමූලීය වාජීකරණපාද අධ්‍යායය, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව 1960, පිටුව 455.

ආත්මවත් පුද්ගලයා නිතර වාජීකරණ ඖෂධ භාවිතා කළ යුතු බවත්, චරක මුණිවරයාම පවසා තිබෙන අතර මෙහි දී වාජීකරනයන් ලෙස ධර්ම, අර්ථ, ප්‍රීති, යශස යන මේවා සඳහන් කර තිබේ.

ස්ත්‍රියගේ රූපා දි එක එක ඉන්ද්රියාර්ථය පවා අතිශයින්ම ප්‍රීත්‍යෝත්පාදක බව ද, එසේ වූ කළ රූප, රස, ගන්ධ, ස්පර්ශ, ශබ්ද, යන සියල්ලේම එකතුවෙන් සෑදී ඇති ස්ත්‍රී ඇසුර කෙතරම් වේ දැයි එතුමා මෙහිදී විමසනවා. මෙහිදී ද සඳහන් කරන්නේ කාන්තා ඇසුර හුදෙක් අභ්‍යන්තර ලිංගික එක්වීමකට වඩා මුළු පංචේන්ද්‍රියන්ගෙන්ම විඳිය යුතු කාර්ය්යයක් බවයි. එවැනි ලිංගිකත්වයකට සුරතාන්තය යනු එතරම් අභියෝගයක් නොවන බවත් මින් හැඟවෙනවා.

චරක සංහිතාව ඉහත අධ්‍යායයේ දී ම වෘෂ්‍යස්ත්‍රිය හෙවත් කාන්තාව වාජීකරණයක් ලෙස දක්වන වැදගත්කම පිළිබඳ බොහෝ විස්තර සඳහන් කර තිබේ.

(1) ප්‍රීතිය ස්ත්‍රීන් කෙරෙහිම පවත්නේය. ධර්මය, අර්ථය, ලක්ෂ්මිය, හා ලෝකය(සසර ) ස්ත්‍රිය කෙරෙහිම පවත්නේය.

(2) ස්ත්‍රියගේ වාජීකරණ ලක්ෂණ. මනා රූ සපුව, යෞවනෝදය, යහපත් ලලනා ලක්ෂණ වලින් යුතු බව, අවනත බව, (ඉතාම වැදගත් කාරණයකි. සමහර කාන්තාවන් ලිංගික හැසිරීමේදී තමාගේ ඒ පිළිබඳ ඇති අනවබෝධය නිසාම අවනත භාවය අඩුය. එවිට සුරතාන්තය කෙසේ ලබන්න ද?)

(3) රති ශාස්ත්‍රයෙහි නිපුණ බව.

යන මේ ලක්ෂණ ඇති කාන්තාව අති ශ්‍රේෂ්ඨ වාජීකරණ ය යැයි දත යුතය.

දැන් චරක සංහිතාවේ ම සදහන් වන ඉතා වැදගත් කරුණු සමූහයක් ඔබ වෙත ගෙන එමි. මින් කාන්තාවකගේ වාජීකරණ ගුණ වැඩි කරගෙන පුරුෂයා සහ කාන්තාව යන දෙදෙනාට ම ප්‍රබල සුරතාන්ත රතියක් ඇති කර ගැනීමේ මඟ හෙළි කර ගත හැකිය.

(1) රූපදී ගුණයෙන් දෙදෙනා සමාන වීම.

(2) යම් ස්ත්‍රියක් ගේ වචනය, ක්‍රියාව, වයස, ආදියෙන් පුරුෂයෙක් ගේ හද පැහැර ගනී ද එවැනි ස්ත්‍රිය නිසා පුරුෂයා ද, එම ස්ත්‍රියද රතිය සුඛාන්තයක්ම කර ගනී.

(3) යම් ස්ත්‍රියක් පුරුෂයෙකුට උත්සවයක් බඳු ද, එම ස්ත්‍රිය ද රති සුඛාන්තය ලබයි.

(4) යම් ස්ත්‍රියක් පුරුෂයාගේ මනස හා සමාන මනසක ආශ්‍රය ස්ථාන ඇති ද එවැනි කාන්තාව ද,

(5) යම් පුරුෂයෙක් හා ස්ත්‍රියක් සමාන සිත් ඇත්තී ද,

(6) ස්ත්‍රිය පුරුෂයාට වසඟ ද,

(7) ස්ත්‍රිය පුරුෂයාට ප්‍රිය දේම කරන්නේ ද,

(8) යම් ස්ත්‍රියක් සකළෙන්ද්‍රියයන්ගේ ශ්‍රේෂ්ඨ ගුණයන්ගෙන් පුරුෂේන්ද්‍රියයන් බඳින මදුවක් වැනි ද,

(9) යම් ස්ත්‍රියකගේ වෙන්වීමෙන් පුරුෂයා ට රති රහිත වීමෙන් ලෝකය කාන්තාවන්ගෙන් සිස් යැයි හැඟේ ද,

(10) යම් ස්ත්‍රියක් නැති වීමෙන් පුරුෂයාට තම ඉන්ද්රියයන් හිස් ලෙස හැඟේ ද,

(11) යම් ස්ත්‍රියක් නිසා පුරුෂයාට, භය, නොඇල්ම, ශෝකය, උද්වේගය හෙවත් නොසන්සුන් කම යන මේ හැඟීම් පහළ නොවේ ද,

(12) යම් ස්ත්‍රියක් ලැබීමෙන් පුරුෂයා ප්‍රේම කතා කියයි ද,

(13) යම් ස්ත්‍රියක් දැක පුරුෂයා අතිශය හර්ෂයට පැමිණේ ද,

(14) නිත්‍ය අතිවේගයාගේ ආනන්දයෙන් අපූර්ව යැයි සිතා යම් කාන්තාවක් වෙත පුරුෂයා නිතර එළබෙන්නේ ද,

(15) යම් කාන්තාවක් හා විසීමෙන් පුරුෂයා ට ඇති වීමක් නොවේ ද,

මේ කාන්තාව පුරුෂයාට වාජීකරණයක් ම වේ.

දැන් මේ ලියවිල්ලේ අවසානයට පැමිනැත්තෙමි. මේ සියල්ලම සලකා බැලීමෙන් හැඟී යන ප්‍රධානම කරුණු කීපය පහතින් සඳහන් කරමි. ඒ අනුව ඔබගේ නිගමනයන්ද මම බලාපොරොත්තු වෙමි.

(1) සුඛාන්ත රතියකට සුරතාන්තය ඉතාමත් වැදගත් වේ.

(2) පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ කායික සහ මානසික ප්රබෝධය සුඛාන්ත රතියකට සහ සුරතාන්තයට ඉතාමත් වැදගත් සාධකයකි.

(3) මනස සහ සිතිවිලි සේම පසිඳුරන් ද මේ රති ක්‍රියාවට ඒකාත්මික වීමෙන් මිස කිසි දිනක සුඛාන්ත රතියක් සහ සුරතාන්තයක් ලබා ගැනීම උගහටය.

(4) ආදරය ම මිස කය පිනවීම සුඛාන්ත රතියකට හෝ සුරතාන්තයක් ලැබීමට සුදුසු නොවේ.

(5) රතී ක්‍රියාව හුදෙක් මනෝකායික (Psychosomatic) ක්‍රියාවක් බව පැහැදිලිය.

(6) සුරතාන්තය තනිව ලබා ගත හැක්කක් නොවේ. ආත්මාර්ථකාමී වීමෙන් ලැබෙන්නේ සුරතාන්තයක් නොව නිකම්ම ධාතු පහ වීමක් පමණි.

සුදනෙනි කිම වීරිය නොකරන්නේ?Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com76tag:blogger.com,1999:blog-3353470703579557654.post-62273941295234653612012-11-13T10:00:00.000+05:302012-11-13T10:00:14.705+05:30අය වැය සහ දේශීය වෛද්‍යවිද්‍යාව.ඉදිරියේ එන 2013 වසරේ රජයේ ආදායම් සහ වියදම් පිළිබඳ ඇස්තමේන්තුව හෙවත් අයවැය යෝජනා පසුගිය 08 වැනිදා ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් ඇමති ධූරන්ධර, අතිගරු ජනාධිපති පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ ශ්‍රීමතාණන් විසින් ඉදිරිපත් කිරීමට යෙදුණා. මට නම් මේ ලෝකෙ වැඩක් නැහැ ඔය අය වැය කෙරුවාවෙන්. නමුත් 2013 වසරෙදි පොඩි වෙනසක් මෙතුළ මම දකින නිසා ඒ මට වැදගත් වන නිසාත් තමයි අකුරු කරන්නට සිතුවේ.

එනම් මේ වසරෙදි දේශීය වෛද්‍ය විද්‍යාව ගැන සදහන් වී ඇති කරුණුයි. මම එකින් එක ඒ පෙළ ගස්වන්නම්……

සමස්ත අයවැය ගැන කියන්නට මම අපේ මහාචාර්ය්ය මාතලන් මෙන් ආර්ථික කටයුතු පිළිබඳ වියතෙක් නොවෙමි. එනමුත් 34.2 යෝජනාව පිළිබඳව පමණක් මෙසේ ලියමි.

යෝජනා අංක - 01

ගරු කතානායකතුමනි, වැඩි වෙමින් පවත්නා බෝනොවෙන රෝග නිවාරණය හා වැඩිහිටි සත්කාර සේවාවන් පවත්වා ගැණීමට දේශීය වෛද්‍ය පහසුකම් පුළුල් කරනවා.

මේ යෝජනාව 34.2 සමස්ත යෝජනාවේ හරය ලෙස සැලකිය හැකියි. එනම් බෝ නොවෙන රෝග රටේ වැඩි වැඩියෙන් පැතිරෙමින් පවතින බව රජය පිළිගැනීම සහ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව ඒ අඩු කිරීමට යම් ශාක්‍යතාවක් දරන බවත් මේ යෝජනාවෙන් රජය පිළිගෙන තිබෙනවා. එසේම ඒ හැකියාව වැඩිකළ යුතු බවද ඒ සදහා රජය සූදානම් බවද මින් ගම්‍ය වනවා. ඒ නිසා මෙවර 2013 වසරේදී එම කටයුත්ත ඉටු කිරීමට ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධ විවිධ නිලතල දරන්නන් සූදානම් වියයුතු බවත් මින් හැඟවෙනවා.

එයිට අමතර කොටසකුත් 34.2,අංක - 01 යෝජනාවේම තිබෙනවා. එනම් වැඩිහිටි සත්කාර සේවයයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව මේ සඳහා විශාල හැකියාවක් දරනවා. නමුත් අවාසනාවට ඒ පිළිබඳ යම් හඳුනා ගැනීමක් මෙතෙක් සිදු වී නැහැ. එම නිසා මාගේ බලවත් ප්‍රසාදය එම කරුණ කෙරෙහි දක්වනවා. අමතරව මම මෙසේද යෝජනාව සංශෝධනයකට ලක් කිරීමට කැමතියි. එනම් රටේ පැවතුණු මහා 30 අවුරුදු යුද සමයේ අංග විකලතාවට පත් වූ සහ වෙනත් ආබාධිත තත්ත්වයට පත් වූවන් වෙනුවෙන් යම් ආයූර්වේදීය වැඩ පිළිවෙළක අවශ්‍යතාවය මේ වැඩිහිටි සත්කාර සේවය යටතේම ආරම්භ කිරීම සුදුසු බව මට පෙනෙනවා.

යෝජනා අංක - 02

එමෙන්ම පාරම්පාරික දේශීය ඖෂධ මෙන්ම වෛද්‍ය පහසුකම් මෙන්ම වෛද්‍ය ක්‍රමය සංරක්ෂණය කර ගැනීම සඳහා ප්‍රසිද්ධ පාරම්පාරික වෛද්‍යවරුන් අයූර්වේද දෙපාර්තමේන්තුව හා ආයූර්වේද රෝහල් පද්ධතියට සම්බන්ධ කරමින් දේශීය වෛද්‍ය ක්‍රම දියුණු කිරීමට ඉදිරි වසර 3 තුල ප්‍රමුඛත්වය දෙනු ලබනවා.

යෝජනා අංක - 02 යටතේ එන යෝජනාව ඉතාම කල්පනාවෙන් විග්රහ කළයුතු යෝජනාවකි. එනම් මෙහි පැතිකඩයන් කීපයක් පවතිනවා. අපි ඒ වෙන වෙනම ගෙන සලකා බලමු.

(1) පාරම්පරික දේශීය ඖෂධ සංරක්ෂණය කිරීම.

ඉතාම හොද යෝජනාවක්. මට මතකයි 1992 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ආයූර්වේද දෙපාර්තමේන්තුව මඟින්, පැරණි ආයූර්වේද වට්ටොරු ග්‍රන්ථාරූඪ කිරීමේ ව්‍යාපෘතියක් පැවතුණා. එහි දී එකතු වූ දැනුම "තල්පතේ පිළියම්" නමින් ග්රන්ථ රාශියක් ලෙස එළි දැක්වුණා. මේ ව්‍යාපෘතිය වි. ජ. මු. ලොකු බණ්ඩාරයන්ගේ සමයේ වූවක් බව ද සටහන් කරමි.

එවැන්නක් නැවත ඇරබිය නොහැකිද? එසේ කරනවා නම් නවීන තාක්ෂණය යටතේ විශාල දැනුමක් ක්ෂේත්රයට එක්කර ගත හැකි බව මට නම් බොහෝ විශ්වාසයි.

(2) පාරම්පාරික වෛද්‍ය ක්‍රමය රැක ගැනීම.

කළ යුත්තේ එම දැනුම විශ්වවිද්‍යාල පද්ධතිය වෙත අවශෝෂණය කර ගැනීමේ ක්‍රමයක් ඇති කර ගැනීමයි. පාරම්පාරික වෛද්‍ය ක්‍රමය බොහෝ වටිනා වුවත් එන්න එන්නම එය පිරිහෙමින් පවතිනවා. එම වෛද්‍ය පීතෘවරුන්ගේ දරුවන් ක්ෂේත්රයෙන් ඉවත් වෙමින් සිටිනවා. අනෙක නවීන තාක්ෂණය උපයෝගයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය මේ වන විට ක්‍රමයෙන් හිස ඔසවමින් පවතිනවා. එම නිසා එම වෛද්‍ය දැනුම විශ්වවිද්‍යාල වෙත අවශෝෂණය කර ගැනීමේ වැඩ පිළිවෙළක් මේ යටතේ ඇරබීම සුදුසු යැයි මට නම් සිතෙනවා. ඒ සදහා එම වෛද්‍ය පීතෘවරුන් වෙත මුදල් හෝ වෙනත් යම් පහසුකම් ඔවුන්ට ඇවැසි ලෙස ප්‍රධානය කළ හැකි ක්‍රමයක් ඇති කිරීම වඩාත් සුදුසු යැයි මට සිතෙනවා.

(3) පාරම්පරික වෛද්‍යවරුන් දැනටත් සීමිත සංඛ්‍යාවක් ආයූර්වේද රෝහල් වල රාජකාරීවල යෙදෙනවා. එම ක්‍රමය හොද දෙයක් වුවත් මෙලෙස යම් නියාමනයක් නැතිව ඇති කරන ක්‍රමයක් ආයූර්වේදයේ හිත සුව පිණිස හේතු නොවන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කළ යුත්තේ මම ඉහත දී යෝජනා කළ පරිදි පාරම්පරික දැනුම එම වෛද්‍ය පීතෘවරුන් වෙත සාධාරණ වූ ප්‍රතිදානයන් සපයමින් ලබා ගැනීමයි.

(4) මේ යටතේ ගම්‍යවන තවත් කරුණක් තමයි ඉදිරි වසර තුනක් කාලයක් තුළ රජය ආයූර්වේද වෛද්‍ය ක්රමයේ යම් විශාල දියුණුවක් බලාපොරොත්තු වන වග. එසේ නම් ඔවුන් ඒ සදහා මේ යෝජනාව යටතේ තීන්දු කර ඇත්තේ පාරම්පාරික දැනුම ආයූර්වේද පද්ධතියට එක් කර ගැනීම තුළින් එය වේගවත් කිරීමේ උපක්‍රමයයි. මට හැඟෙන අයුරු මෙය ඉතා හොද අදහසක්, වැරදි ක්‍රමවේදයක් ඔස්සේ ගොඩනඟන්නට යන බවයි.

ඇයි මම එසේ කියන්නේ?

දැනටමත් පාරම්පාරික වෛද්‍යවරුන් යම් යම් සුවිශේෂී හැකියාවන් ඇති අය තම දැනුම විශ්වවිද්‍යාල වල සහ රජයේ රෝහල් වල සේවය කිරීම තුළින් ශිෂ්‍යයන් වෙත ලබා දෙමින් සිටිනවා. ඒ ක්රමයේ නොයෙක් ගැටලු තිබෙනවා. එම වෛද්‍ය වරුන්ට තම සේවයට නිසි අයුරු සැලකීම් සිදු වන්නේ නැති වග මම හොදින්ම දන්නවා. මේ යෝජනාව අනුව කළ යුත්තේ ඒ සේවාව ඔවුන්ගෙන ඔවුන්ට නිසි ගෞරවයෙන් ලබාගෙන, ලබාදෙන දැනුමට සරිලන ප්‍රතිලාභයක් ඔවුන් වෙත නැවත ලැබෙන අයුරින්, එසේ වුවොත් මෙය ඉතාම වැදගත් යෝජනාවක්.

යෝජනා අංක - 03

එබැවින් වෛද්‍ය සංරක්ෂණ යෝජනා ක්‍රමයක් මඟින් සුප්‍රසිද්ධ දේශීය වෛද්‍යවරුන් එක් රැස් කර ශ්‍රී ලංකාවට ආවේණික දේශීය වෙදකම දියුණු කිරීමට යෝජනා කරනවා.

ඉහත අංක 2 යෝජනාවම නැවත වෙනත් අයුරකින් පැවැසීමක් මෙහිදී ද සිදු වනවා. එහිම සාරාංශගත අදහස නැවත මෙසේ පළකර තීබන බව පෙනෙනවා. ඇත්තෙන්ම මෙහි ඇති සැබෑ අර්ථය කුමක්දැයි මට දැනට නම් සිතා ගැනීමට අපහසුයි. විශ්වවිද්‍යාල තුනක සිසුන් දහසකට වැඩි ගණනක් වසරකට තම සේවය රටට ලබා දීමට සුදුසුකම් ලබනවා. ඒ අය අතරින් බොහෝමයකට රැකියා නැති තත්ත්වයක්ද තබාගෙන අයවැය ලේඛනයේ ඒ කිසිත් පිළිබඳ සඳහනක් නොමැතිව තිබියදී නැවත නැවත පාරම්පාරික වෛද්‍යවරුන්ගේ සහභාගීත්වය ගැනම පුනරුච්චාරණය කිරීම අයවැයකට සුදුසු දැයි මට නම් පැහැදිලි නැහැ.

අය වැය රජයේ ආදායම් වියදම් විස්තර සහ එන වසරේ තම රටේ ආර්ථිකය පවත්වා ගැනීමේ ප්‍රතිපත්ති ඇතුළත් කරන ලේඛනය විනා රැකියා සුලභ කරන ලේඛනයක් නොවේ යන්න මම පිළිගනිමි. නමුත් පාරම්පාරික වෛද්‍යවරුනට රැකියා ලබා දීමට විරුද්ධ නොවන අතර එය ලබා ගැනීමේ වාසිද ඇති බවත්, නමුත් එය කළ යුත්තේ නිසි නියාමනයකින් බවත් පැහැදිලිවම මෙහිදී ප්‍රකාශ කරන්නට කැමැත්තෙමි.

මෙහිදී සුප්‍රසිද්ධ යන වදනින් හැඟවෙන වෛද්‍යවරු එතරම් දක්ෂයින් නොවීමටත් හැකියි. නමුත් අප යෝජනා කරන්නේ විනාශ වී යාමට ප්‍රථම සමහර දේශීය වෛද්‍යක්‍රම ආරක්ෂා කර ගත යුතු බවයි. ඒ සදහා වැඩ පිළිවෙළක් රජය මැදිහත් වී විශ්වවිද්‍යාල තුළ ඇති කිරීමෙන් මේ ගැටලුව පහසුවෙන් රටට වැඩදායක ලෙස විසඳගැනීමට හැකි බව නම් මට විශ්වාසයි.

යෝජනා අංක - 04

එමෙන්ම බෝ නොවෙන රෝග සම්බන්ධව බටහිර වෛද්‍ය වරුන්ගේද සහභාගීත්වයෙන් දේශීය වෙදකම් පිළිබඳ පර්යේෂණ දියුණු කිරීමට 2013 දී රුපියල් මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කරනවා.

ඉතාම හොද යෝජනාවක් සහ මම කැමතිම යෝජනාව මෙයයි. ආයූර්වේදයේ උන්නතිය රැදී ඇත්තේත් මෙතුළයි. නමුත් මට මතක හැටියට 2010 හෝ 2009 පමණ මේ යෝජනාව අයවැය ලේඛනයක් තුළ අන්තර්ගත වූවා. එවර මිලියන 100 ප්‍රමාණයක් මේ සදහා වෙන්වූවා. අලුත් මිලියන 300 ගැනීමට ප්‍රථම පරණ මිලියන 100 වූ දේ ගැනත් සොයා බැලිය යුතුයි. ඒ නිසි අයුරු ප්‍රයෝජනවත් ව්‍යාපෘතිවල යෙදවූවාද? නැතිනම් නැති නාස්ති වී ගියාද? ඉන් ඵල නෙළුවෝ කවුද? මේවා ගැනත් යම් අවබෝධයක් ඇතුවයි මෙවර ලැබෙන මුදල සදහා ව්‍යාපෘති සකස් කළ යුත්තේ.

මේ යෝජනාවෙන් කියා ඇති පරිදි දැනටත් අප පර්යේෂණ වල යෙදෙනවා. නමුත් අපේ අමාත්‍යාංශයවත්, දෙපාර්තමේන්තුවවත් ඒ නොදන්නා බව මම දනිමි. (නොදන්නා සේ සිටින බව.) යම් ආකාරයකින් මිලියන 300 න් මිලියන 5 පර්යේෂණ සදහා වියදම කරන්නට කැමැත්තක් ඇත්නම් ඒ අභියෝගය භාර ගැනීමට මම කැමැත්තෙමි. රසායන විද්‍යාව, උදිභිද විද්‍යාව, බටහිර වෙදකම යන අංශ වලින් පී. එච්. ඩී. උපාධි ලබාගත් පුද්ගලයන් හා සමග ලෝකයේ වෙනත් රටක විශ්වවිද්‍යාලයක් ද, අපේ ආයූර්වේද පර්යේෂණ ආයතනය ද, සම්බන්ධ කරගෙන ආයූර්වේද පර්යේෂණයක් සිදු කර ඒ පිළිබඳ ප්‍රතිඵල රටට දීමට මම කැමැත්තෙමි. සියලු පුද්ගලයන් සහ වෙනත් රටවල විශ්වවිද්‍යාල සම්බන්ධ කර ගැනීමේ හැකියාවද මට ඇත. වියදම දැරීමට කැමති නම් ඒ අභියෝගය මම භාර ගනිමි. ( අපේ ආයූර්වේද පර්යේෂණායතනයේ පහසුකම් සැපයීමත් ඒ අධීක්ෂණයත් රජය භාර ගන්නවානම් පමණක් මෙය සිදු කරන්නට හැකිබවට මම කොන්දේසියක් ද ඉදිරිපත් කරමි.)

යෝජනා අංක - 05

තත්ත්වයෙන් බාල බටහිර මෙන්ම ආයූර්වේද ඖෂධ වරග රට තුලට ආනයනය කිරීම වැළැක්වීම සඳහා ත්‍රෛභාෂා සටහන් සහිතව තත්ත්ව පාලන කොන්දේසි ක්‍රියාත්මක කිරීමටද යෝජනා කරනවා.

ඉතාම හොද අදහසක්. ප්රමිතිකරණය අපේ වැනි තුන්වන ලෝකයේ රටවලට ඉතාම අවශ්‍ය දෙයක්. නමුත් අපි ඒ ගැන යම්කිසි සැලකීමක් නැති වීම අපි අපහසුවෙන් ලබා ගන්නා ජාතික ධනය විනාශ වී යාමට හේතු වනවා. එම නිසා මේ පිළිබඳ ආයූර්වේද පර්යේෂණද ආයූර්වේදය තුළ වහාම සිදු විය යුතුයි. දින තුන්සිය හැටපහම වසාගෙන සිටින ඇතුළත ඇත්තේ කිමෙක්දැයිවත් නොදන්නා ප්‍රමිතිකරණ අංශයකින් නම් මෙය බලාපොරොත්තු වීමට වඩා ලෙහෙසියෙන්ම ඉබ්බන්ගෙන් පිහාටු ගත හැකි බවද අවසාන වශයෙන් මතක් කරමි.

ඒ වගත් මෙසේමයි!!!

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com37tag:blogger.com,1999:blog-3353470703579557654.post-23818998473536582412012-10-25T12:24:00.003+05:302012-10-25T12:24:59.313+05:30ඩිම්භ කෝෂවල අඩංගුවන සජීවී සහ ක්‍රියාකාරී ඩිම්භ සංඛ්‍යාව සරුභාවය සදහා බලපාන ආකාරය සහ ඒ පිළිබඳව ඇති ආයූර්වේද ප්‍රතිකාර ක්‍රම.මේ ලිපිය මම ලියන්න හිතුවේ ඉතාමත් වටිනා දැනුමක් මින් ලබාගත හැකි නිසයි. මොකද මම දන්නා තරමින් මේ මාතෘකාව පිළිබඳ සිංහල භාෂාවෙන් ලිපි ලියවී නැහැ. අන්න ඒ අඩුව පිරවීමට මට හැකි දායකත්වයක් මම කැමතිම මාධ්‍ය වන බ්ලොග් කලාව හරහා ලබා දීමයි මගේ අරමුණ වූයේ.

මේ ලිපියේ හරය ඉතාමත් වැදගත් වන්නේ කාන්තාවන්ට සහ විවාහයන්ට. නමුත් මේ බ්ලොග් අවකාශයේ සිටින බොහෝ දෙනා මේ සීමාවට පැමිණ නැතත් ඉක්මනින් එතැනට පැමිණෙන බව දන්නා නිසා ඔබට වැදගත් වෙයි මෙය.

මම කීපවිටකම කතා කළ මාතෘකාවක් තමයි මඳසරුභාවය.

මා ඒ පිළිබඳව ලිපි පෙළක්ම ලියා ඇති.

අපි දන්නවා දැන් දැන් ලංකාවෙත් මඳසරුභාවය ඉතා විශාල වශයෙන් පැතිරෙමින් පවතිනවා. මේ නිසා දුක්වෙන යුවළවල් බොහෝමයි. මේ අය වියදම් කරන මුදලට සරිලන සේවයක් මේ අයට ලැබෙනවද?

මට තිබෙන එක් ප්‍රශ්නයක් මේක. අපි වගේ රටවල් බොහොම අකමැතියි යම් රටාවකට හුරු වුනහම ඉන් මිදෙන්න. මෙහිදී අපි අලුත් දැනුම සොයා යන්නේ නැහැ.

කෙසේ හෝ මා ඉතා මෑතකදී ලබාගත් මේ දැනුම ඔබට ලබා දෙන්නේ මින් ඔබට, ඔබේ හිතවතුනට ලැබෙන සේවය අපමණ නිසයි.

1 හැඳින්වීම.

කාන්තාවකට උපතින්ම ඩිම්භ කෝෂ යුගලක් සතුය. එහි ප්‍රධාන කාර්ය්ය වන්නේ ඩිම්භ හෙවත් කාන්තා බීජ රඳවා ගැනීමයි. උපතින්ම ඩිම්භ කෝෂ වල මිලියනයක් පමණ ඩිම්භ පවතී. මුලූ ජීවිත කාලය තුළම කාන්තාවකගේ ඩිම්භ වලින් ප්‍රයෝජනය ගැනෙන්නේ ඩිම්භ 400 පමණ ප්රමාණයකි. වයසට යාමේදී කාන්තා ඩිම්භ යම් ප්‍රමාණයකට තම ජීවී භාවය අඩු කර ගනී. එලෙස අඩුවන ඩිම්භ වල සක්‍රීය භාවය නැති වී යාම සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟයි. ආර්ථව හරණයේදී ඔසප් සෑදීම නවතින්නේ හෝමෝන ක්‍රියාවලියේ ඇතිවන වෙනස්කම් හේතුවෙනි.

මෙම අජීවී ඩිම්භ ඇති වීම සෑම කාන්තාවකගේම වයස තිස් ගණන්වල මැදහරියේදී ආරම්භ වී වයස අවුරුදු 45 පමණ වන විට සම්පූර්ණයෙන්ම ඩිම්භවල ක්‍රියාකාරීත්වය නවතී.

මෙම ක්‍රියාවට හේතු වන්නේ කාන්තාවකගේ ලිංගික හෝමෝන වල ඇතිවන අසමබරතාවය සහ අප වැඩිපුර අසා නැති ප්‍රති මුලේරියන් <a href="<http://en.wikipedia.org/wiki/Anti-M%C3%BCllerian_hormone>">Anti-Müllerian hormone හෝමෝනයේ අඩු වීමයි.

2 ප්‍රති මුලේරියල් AMH හෝමෝනය යනු කුමක්ද?

මෙය කාන්තා හෝමෝනයක් වන අතර එමගින් ජීවී ඩිම්භ සංඛ්‍යාව ආරක්ෂා කරයි. යම් ලෙසකින් ප්‍රති මුලේරියල් හෝමෝනය පහත වැටුනොත් එමගින් ඇතිවන ප්‍රතිඵලය වන්නේ ජීවී ඩිම්භ සංඛ්‍යාව අඩු වීමයි. එනම් රුධිරයේ ඇති ප්‍රති මුලේරියන් හෝමෝන ප්‍රමාණය ඇයගේ සක්‍රීය ජීවී ඩිම්භ සංඛ්‍යාව සමග සම්බන්ධකමක් පෙන්වයි. මේ නිසා මෙම අගය මැන ගැනීම මඳසරුභාවයෙන් පෙළෙන කාන්තාවකට ඉතා වැදගත්ය.

3 සජීවී ක්‍රියාකාරී ඩිම්භ සෛල අඩු වීමට ගොදුරු විය හැක්කේ කුමන ආකාරයේ කාන්තාවන්ද?

මෙවැනි අය බොහෝ විට,

1. ආර්ථවහරණය කලින් සිදු වීමේ පවුල් ඉතිහාසයක් දරයි.

2. ඩිම්භ කෝෂ වල යම් යම් ශල්‍යකර්ම සිදු කල කාන්තාවන්.

3. එන්ඩොමේට්ට්රියෝසිස් නමැති රෝගය ඉතාම දරුණු ලෙස ඇති කාන්තාවන්.

4. විකිරණ ප්‍රතිකාර වලට ලක් කිරීමකට භාජනය වූ කාන්තාවන්.

නමුත් බොහෝ ඩිම්භ කෝෂ තුළ සජීවී ඩිම්භ අඩු කාන්තාවන්ගේ මේ තත්ත්වය නිසි පරීක්ෂණයක් මගින්ම හදුනා ගත යුතුයි. එනම් සැඟ වී ඇති තත්ත්වයක් ලෙස මේ රෝගය ඇති කාන්තාවන් ඉතා බහුලය.

5. අවුරුදු 38 අඩු කාන්තාවන් අතරින් මේ අවදානමට ලෙහෙසියෙන්ම ලක් විය හැක්කේ සමාජ, ආර්ථික සහ පෞද්ගලික හේතු මත දරු උපත් පමා කළ කාන්තාවන් මේ උවදුරට ලෙහෙසියෙන්ම ගොදුරු විය හැකියි.

6. නොයෙක් හේතු මත දරු උපත් පමා වූ ඒ සදහා නොයෙක් ප්‍රතිකාර ක්‍රම වලට යොමු වූ කාන්තාවන්

7. අවුරුදු 40 වඩා වයස් ගත වූ කාන්තාවන්.

8. වයස අවුරුදු 40 වඩා වයස් වූ නමුත් දරු උපත් බලාපොරොත්තුවෙන් ප්‍රතිකාර ලබන කාන්තාවන්. ( ඩිම්භ මෝචනය කෘතිමව උත්තේජනය කරනු ලබන කාන්තාවන්.)

4. මෙවැනි රොගීන් බොහෝ විට ඇති වන්නේ හේතු කීපයක් නිසයි.

1. විවාහ වීමට කාලය ගත වීම.

2. විවාහ වී එක්වරම දරුඵල අපේක්ෂාවෙන් කෘත්‍රිම ගැබ් ගැන්වීම් ක්‍රම භාවිතා කිරීම.

3. පුරුෂ මඳසරුභාවය ඇති විට ඒ සඳහා ප්‍රතිකාර නොකර කාන්තාවන්ට කරන උත්තේජන ප්‍රතිකාර මගින් දරු සම්පත් ඇති කර ගැනීමට තැත් කිරීම.

4. නොයෙක් හේතු මත නළදරු උපත් වැනි ක්‍රමවලට අඩු වයසින් භාජනය වී කාන්තා හෝමෝන සාන්ද්‍රනය කෘත්‍රිමව වෙනස් කිරීම.

5. ප්‍රති මුලේරියන් හෝමොන තිබිය යුතු සාමාන්‍ය අගයන් වන්නේ,

1. සාමාන්‍ය අගය නැනෝග්රෑම් පර් මිලි ලීටර් 0.7 සිට 3.5 දක්වාය.

2. 0.3 සිට අගය අඩු විමේදී ඩිම්භ වල සඵලතාවය නැති වේ.

3. 0.3 - 0.7 දක්වා අගය වන්නේ සඵලතාවයේ අවම මිම්මයි.

4. අගය 3.5 සිට 5 දක්වා සඵලතාවයේ ඉහළ අගයයි.

5. අගය 5ට වඩා වැඩි වීමේදී එය අවදානම ඉහළ අගයක් වේ. එනමුත් පොලිසිස්ටික් අවස්ථාවේදී මේ ඉහල අගය ඇති වීම යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට හැකි අවස්ථාවකි.

6. මේ තත්ත්වය සදහා ආයූර්වේද ප්‍රතිකාර තිබේද?

පැහැදිලිවම මේ වැනි තත්ත්වයන් ආයූර්වේද ප්‍රතිකාර මගින් බොහෝ සාර්ථකව සුව කළ හැකිය. එනම් මේ සජීවී ඩිම්භ ප්‍රමාණය වැඩි කර ගැනීම සදහා අවශ්‍ය රසායනිකය වන DHEA <a href="<http://en.wikipedia.org/wiki/Dehydroepiandrosterone>">(Dehydroepiandrosterone) ආයූර්වේද ඖෂධ වල අඩංගු වන බැවින් ක්රමානුකූල ආයූර්වේද ප්‍රතිකාර මගින් මේ තත්ත්වය සුව පත් කර ගැනීමේ බලාපොරොත්තු තබා ගත හැකිය.

යම් කාන්තාවකගේ ඔසප් චක්‍රය ඉතාමත් අක්‍රමවත් නම්. දිගු කලක් තිස්සේ ඔසප් සෑදීම සිදු නොවේ නම් එම කාන්තාවන්ගේ සජීවී සක්‍රීය ඩිම්භ සංඛ්‍යාව මැන ගැනීම වැදගත්ය. එවැනි කාන්තාවන්ට දරුවන් ලැබීම පිළිබඳ බලාපොරොත්තු තබා ගත හැකිය. එනම් ඩිම්භ සෛල උත්තේජනය එතරම් වැඩි වාර ගණනක් සිදු නොවූ නිසා ඇයගේ වයසට සරිලන තරම් හානියක් ඇයගේ ඩිම්භ සෛලවලට සිදු නොවී තිබිය හැකිය. මෙවැනි අයත් ආයූර්වේද ප්‍රතිකාර මගින් කරනු ලබන ප්‍රතිකාර වලට සුදුසු අයයි.Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com45tag:blogger.com,1999:blog-3353470703579557654.post-63138322872495511122012-10-16T17:07:00.000+05:302012-10-16T17:07:08.127+05:30හොද මී පැණි හඳුනා ගැනීම.පසුගිය ලිපියේ අපි කතා කළේ මී පැණි සහ සුදුලූණු පිළිබඳව.

අද මා සාකච්ඡා කරන්න සිතා සිටියේ වෙනත් මාතෘකාවක්. නමුත් අපේ පහුගිය ලිපියට ලැබුණු ප්‍රතිචාර අතර බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් වී තිබුණා හොද මී පැණි සොයා ගැනීම පිළිවඳව. ඒ ගැන බොහෝ දෙනෙක් ප්‍රශ්න කරලාත් තිබූ බව ඔබට මතක ඇති. අන්න ඒ නිසා අද මම සිතා ගත්තා මේ අයට යම් දැනුමක් ලබා ගත හැකි ලෙස හොද මී පැණි සොයා ගන්නා ආකාරය පිළිබඳ ලියන්න.

මුලින්ම මට වුණු සිද්ධි දෙකක් කියන්නම්. ඔබ දන්නවද දන්නේ නැහැ. හසලක පැත්තෙ තිබෙන ඉතාම පිටිසර ප්‍රදේශයක් තමයි බලවර්ධන ඔය කියන්නේ.

1999 කාලෙදි මම මහනුවර තමයි රැකියාව කළේ. එවකට මගේ තනතුර වූයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ආයූර්වේද නිෂ්පාන. මට තිබූ විශාලම ප්‍රශ්නයක් තමයි මේ හොද මී පැණි සොයා ගැනීම. අපි බොහෝ කාලයක සිටම මී පැණි ලබා ගන්නේ මේ බලවර්ධන ඔය සිටින ඉස්කෝලෙ මහත්තයා නමින් හැදින් වූ අයෙක්ගෙන්. එතුමාගේ මී පැණි වලට ගහන්න මී පැණි මම අද වනතෙක්ම දැකලා නැහැ.

අපේ ආයතනයේ සභාපති තුමා මට මේ පුද්ගලයවම හදුන්වා දුන්නා මී පැණි ගැනීම සදහා. ඒ ගමන් හරිම විනෝදජනකයි. කෙසේ හෝ මම මාසයකට වරක් යා යුතුයි මේ මී පැණි ගනුදෙනුව සදහා. මී පැණි කිලෝ දහස් ගණනක් ආවාට ගියාට මිලදී ගෙන යම් නාස්තියක් වුවොත් මම ගස්. ඒ නිසා මේ වැඩේට මමම යනවා. දිනක් මම බලවර්ධන ඔය යනවිට ඉස්කෝලෙ මහත්තයාගේ කඩේ ඉදිරියේ වැදි පෙනුමැත්තෙක් කණුවකට තබා බැද තිබෙනවා. ජීවිත කාලයෙන් වැඩි කාලයක් කොළඹම සිටි මට මේක මහ ප්‍රශ්නයක්.

ඉස්කෝලෙ මහතයගෙන් මේ ගැන අහපු මට ලැබුණු උත්තරේ තමයි මේ.

" අපේ මහත්තයා මූ වැද්දෙක් නෙමේ මූ සිංහලයෙක්. මුලු වැදිරැහැම දන්න මාව රට්ටන්න මූට බැහැ. මේ මිනිහ මී පැණි ගෙනාවා වඳ පිටින්. මම බලාපුවහම ඔක්කොම වඳ පරණ වද කලින් මිරිකල පැණි අහක් කළ ඒවා. මූ කොහෙන් හරි පැණි නැති වඳ හොයන් සීනී වතුරේ වඳ පොඟවලා ගෙනත් මාව රට්ටන්න"

මෙහෙම කියලා දුන්න අර මිනිහට පයින් පාරක්. එතකොට මේක කෑගහනවා මරන්න හදනව වගේ. මට දැන් මාරම ජොළි වැඩේට.

ඔන්න මී පැණි එක කතාවක්. තව එකක් මම කලින් කියා ඇති අර සීනි දියකළ ජලය ටැංකි වලට පුරවා මැස්සන් ලවා ට්‍රාන්ස්පෝට් කළ කතාව. එය මතක ඇතැයි සිතනවා.

ඔන්න ඔහොමයි අපේ මී පැණිවල කොලිටිය.

නමුත් ඔබේ පැනයට මා පිළිතුරු සැපයිය යුතුයි. ඒ නිසා මා දන්නා සාම්ප්‍රදායික ක්‍රම ගැන අපි කතා කරමු.

මේ ලිපිය ලියන්න මම කතා කළා, වර්තමානයේ ආයුර්වේද විද්‍යාව පිළිබඳව ශ්‍රී ලංකාව, සහ ඉන්දියාව දෙරටේම ආයූර්වේද උගතෙක්, බුද්ධිමතෙක් ලෙස ප්‍රසිද්ධ වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා මැතිතුමාට. මෙතුමා මගේ ගුරුවරයෙක්, මිත්‍රයෙක්, සහෝදරයෙක්.

එතුමාත් සමගත් කතා කළ පසුවයි මේ ලිපිය ම'විසින් ලියනු ලබන්නේ.

(1) ක්‍රමය

මී පැණි ගින්නට ඇල්ලූ විට පිළිස්සෙන ද්‍රව්‍යයක්. හොද මී පැණිවල ජලය නැහැ. එනිසා එය ගින්නට ඇල්ලූ විට දැල්විය යුතුයි. නමුත් මට ඇති ප්රශ්නය පලතුරු වලට කාබයිට් දැමීමට තරම් කුරිරු සමාජය ගින්න දැල්විය හැකි යමක් කලවන් මී පැණිත් සමග එකතු නොකරයිද???

(2) ක්‍රමය

ඊළඟ ක්‍රමය වන්නේ, මී පැණිත් ජලයට එක් කිරීම. මී පැණි බිංදු කීපයක් පිරිසිදු ජලය අඩංගු වීදුරුවකට දැමූ විට එම පැණි බිංදු කීපය වීදුරුවේ අඩියට කිඳා බැසිය යුතුයි. මෙහිදීත් මිනිසාට හැකියාවක් තිබෙනවා යම් වංචාකාරී ක්‍රමයකට මේ පරීක්ෂණයෙන් බේරීමට.

(3) ක්‍රමය

මෙයත් වංචාකාරීන්ට සකස් කළ හැකියි. එනම් සාමාන්‍යයෙන් මී පැණි අවුන්ස 24 බෝතලයක් එනම් මිලි ලීරර් 750 ප්‍රමාණයේ බෝතලයක අඩංගු මී පැණිවල බර 1කිලෝ ග්‍රෑම් විය යුතුයි.

(4) ක්‍රමය

තවත් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක කරන්න තරම් අපි පොහොසත්ද ? හැකි නම් කරලා බලන්න. මී පැණි බල්ලන් නොකයි. මී පැණි ස්වල්පයක් බල්ලන්ට දුන් විට නොකනවා නම් ඒ පිරිසිදු මී පැණි වේ. බල්ලන්ට මී පැණි කවන්න ?????

මීට අමතරව විද්‍යාත්මකව මී පැණිවල විශිෂ්ට ගුරුත්වය මැනීම, මී පැණිවල අඩංගු රසායන ද්‍රව්‍යවල සංයුතිය මැනීම වැනි ක්‍රමද මේ සදහා උපයෝගී කරගත හැකියි.

මේ කිසිදු ක්‍රමයක් නොමැතිව පළපුරුද්ද, දැකපුරුද්ධ, සහ අතහුරුව ඇති අයට මී පැණි හඳුනා ගැනීම බෙහෙවින් පහසු වැඩකි.

ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යංශය මේ ගැන යම් අවධානයක් යොමු කිරීම වටී. යම් නිර්ණායකයක් ඇති වනවා නම් රෝගීන්ට මෙන්ම වෛද්‍යවරුනටද පහසුවකි.

සෑම මිනිසෙකුටම තමන් වියදම් කරන මුදලට සරිලන සේවයක් හෝ භාණ්ඩයක් ලැබීම සදහා අයිතියක් ඇත. ඒ ඉටුකරදීම රජයක වගකීමකි, යුතුකමකි.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com72tag:blogger.com,1999:blog-3353470703579557654.post-73519414110059144492012-10-12T18:56:00.000+05:302012-10-12T20:34:27.990+05:30සුදුලූණු සහ මීපැණි කෑවොත් ලෙඩ අඩුවෙයි, දිවි දිගු වෙයි.මම සුදු ලූණු ගැන ලිපියක් කලින්ම පළ කළා ඔබට මතක ඇති. එක නැවත බලලම ඉන්න.

ටික දිනකින් ලියන්න බැරි වුණා. නමුත් මගේ හදිසි වැඩ නිසා මෙහෙම පමාවෙනකොට මටත් නොදැනිම මගේ බ්ලොග් එක මට අමතක වෙනවා. අන්න එහෙම ඉන්න වෙලාවක මට මේ ඊය ලැබුණා. මට මතක් වුණා මට මගේ ලිපි කියවන්න සූදානම් මගේ මිත්‍රයො රොත්තක් සිටින වග. මේ ඉන් කෙනෙක්. ඔබට ස්තුතියි දේශකයා. ඔබ කලණ මිතුරෙක්....

"හිතවත් මහවෙදනෙනි, ඔබගේ ගැඹුරු ලිපි එනතුරු වෙද ගෙදර පාළුවට නොයවන්න. ඔබගේ ශාස්ත්‍රය ලිපි වෙනම ටැබකට ගොනු කර උඩින්ම කියා ඇති පරිදි ඔබගේ පාරම්බෑම් මෝඩකම් පුරසාරම් වලින්ද වෙදගෙදර පුරවන්න. එවිට බුලත් විටක් හපන්නට හෝ නට්ටිය එනු ඇත. ඔබ කියන්නේ පුරමසාරම් වැඩි පුර තියෙන බවක් නිසා ඒවා වැඩි පුර යොදන්න. අප ඒ සියළු දේ බැලීමට සුදානම්. ඔබ අත්කර ගෙන ඇති තත්වය වර්ධනය කර ගැනීමට මාගේ අවංක අදහස ප්‍රකාශ කළෙමි. සිතු දෙයක් කිරීම ඔබ සතුය. අවාසනාවට මාද පෝස්ට් 20 ක් පමණ ලියා ඇතත් තවම කියවන ප්‍රමාණය අඩුය. එසේ හෙයින් ඔබව කියවන අය අඩු කර නොගන්නේ නම් හොද බව හගිමි. මෙම කමෙන්කටුව පලකිරීම අවශ්‍ය නොවේ."

ඔබ දැන් දන්නවනේ මගේ රැකියාවේ විස්තර එතකොට මගේ වෙන වෙන කටයුතු පිළිබඳව. ඒ නිසයි මේ පමාව. නැතිනම් හපන්කම්, පුරසාරම්, සහ මෝඩකම් වලින් මගේ කෝෂ්ඨාගාරය පිරිල තිබෙන්නේ. ඉන් කොටසක්වත් ඔබ හමුවට ගෙන ඒමම මට මහත් සතුටක්.

අපි බලමු දැන් මී පැණි ගැන.....

ඔබ කියවා ඇති විද්‍යාචක්‍රවර්තීහුගේ බුත්සරණ කාව්‍යය. එය ඇරබෙන්නේ මෙසේයි.

"සුවයෙහි මිහිරි දන්නා දුක් හි දැඩිකම් දන්නා"

එහිම තවත් තැනෙක,

"නව බග සඳක් මෙන් මිහිරි වන්නා කැමති.....සත්පුරුෂයන් විසින් බුදුන් සරණ යෙමි"

මේ ආදී ලෙසින් සරල වූත් ඉතාමත් සුගම පද මෙහි පබඳෑ ඇත.

බුදුන් සරණ යාමෙන් සත්පුරුෂයනට ආධ්‍යාත්මික මිහිරකුත්, බැහැරි සිතන, දකින, අයට තමන් මිහිරි වන නියායෙකුත් එම පද වලින් පැහැදිලි කෙරේ.

එනම් ඇස, කන, නහය, දිව, ශරීරය යන මේ පසිඳුරන් සතප්පන, පිනවන, සනසන, සියල් දෑ මිහිරිය.

මිහිරට නොකැමැත්තෙක් සොයා ගැනීම ම උගහටය.

මලින් බර වසන්තය මී පැණි වලින්ද ආඪ්‍යය. එනිසා වසන්තය මංගල්‍යය කාලයකි. මහා කවි කාලිදාසයෝ සෘතු සංහාරයෙහි වසන්ත සෘතුව මෙසේ වර්ණනා කෙරෙති.

"ප්‍රඵුල්ල චූතාඬ්කුර තීක්ෂණ සායකො ද්විරේඵමාලා විලසධනුර්ගුණඃ

මනාංසි භේත්තුං සුරතප්‍රසඬ්ගිනාම් වසන්තයෝධඃ සමූපාගතඃ ප්‍රියේ!

තවත් තැනෙක,

ද්‍රමාඃ සපුෂ්පාඃ සලිලං සපද්මං ස්ත්‍රියඃ සකාමඃ පචනඃ සුගන්ධිඃ

සුඛාඃ ප්‍රදේෂා දිවසාශ්ච ර්‍යාඃ සර්වං ප්‍රියේ! චාරුතරං වසන්තේ"

"සොඳුර! සුපිපි අඹමල් නැමැති ඊ ඇති මී මැසි පෙළ නැමැති බබළන දුනුදිය ඇති, වසන්තයෝ තෙමේ රති කෙළියෙහි ඇලුනවුන්ගේ සිත් බිඳින්නට සපැමිණි යේ ය.

සොඳුර! වසන්ත කාලයෙහි සැම දෙයම අතිශයින් මනහර ය. වෘක්ෂයෝ සුපුෂ්පිතයහ. ජලාශයන් පියුමින් යුක්ත ය. කාන්තාවෝ රති කෙළියෙහි ලොල් යහ. සුළඟ මල්සුවඳින් අමෝදිත ය. මෙසේ වසන්තයේ සියලුම දේ මනහර යහ.

මිනිසා පමණක් නොව සියලු සත්වයෝ මිහිරට බොහෝ කැමතිය. මිහිරි සෑම දැයටම මී පැණි උපමා යැ. ගී සිංදු කනට මී පැණි දමනා සේ සමහරුනට මිහිරිය. තවකෙක්ට බුදු බණ එපමණකටම මිහිරිය. පිළිස්සුණු කයට මී පැණි තැවරීම ම සැපකි. බිඳක් ඇස ලෑමෙන් ඇසේ පෙනීම තවත් පෑදේ. මිපැණි ඉඳුරන් සනසයි. මතුද නොව ජරා මරණ දෙකද ඈත් කරයි. එබැවින් මී පැණි සැබවින්ම අමෘතයකි.

මී පැණි වනාහී මී මැස්සා නැමැති කුඩා පතඬ්ගයෙක් විසින් මල්වලින් එකතු කර ගන්නා යුෂයෙන් නිපදවන අර්ධ ඝන ස්‍රාවයකි. මිනිසා මව් කුස පිළිසිඳ ගත් දින සිට අවසන් හුස්ම හෙළනා තෙක් දිවි ගමනේ නොයෙක් අවස්ථාවලදී මී පැණි ඔහුට උපකාරී වේ.

මිනිස් කලලයේ හදවතෙහි රිද්මය ආරක්ෂා කර ගැනීමට ඉතාමත් විශ්වාසදායී ඖෂධයකි.

මී පැණිවල රසානික සංයුතිය මෙතනින් බලා ගන්න පුළුවන්.

මෙතනිනුත් පුළුවන්.

ඔන්න මේකත් බලලමු ඉමුකො.

තව විස්තර ඕනෙනම් මේකත් බලන්න පුළුවන්.

අපේ බ්ලොග් කාරිණියන් අතර සිටින පළපුරුදුම මනා හැකියාවක් ඇති අංක එකේ බ්ලොග් කාරිනියක් වන සොදුරු සිත මගෙන් කළ ඉලීමක් තමයි මේ ඉටු කරන්නේ.

හොදින් වියලාගත් තදින් වැසිය හැකි පිරිසිදු ජෑම් බෝතලයක් ගන්න. එහි 1/3 පමණ ප්‍රමාණයක් මී පැණියෙන් පුරවා ගන්න. එයට පිරිසිදු කරගත්, පොතු ඉවත් කළ සුදු ලූණු ගෙඩි බික් ගලවා දමන්න. භාජනයෙන් මී පැණි සහ සුදු ලූණු සියල්ලම මුළු පරිමාවෙන් 2/3 විය යුත්යි. ඉතිරි ප්‍රමාණය හිස්ව තබන්න.

දැන් මේ භාජනය හොදින් වසා දින කීපයක් තබන්න. මී පැණිවල ඝන තත්ත්වය අඩු වී එය දියාරු වූ පසු දිනකට එක් සුදු ලූණු බික බැගින් දිනපතාම උදේට හිස්බඩ ආහාරයට ගන්න. මෙය දිනපතා කිරීමෙන්,

1. ශරීරය කෙට්ටු කර ගැනීමට හැකියි.

2. හදවතේ බලය වැඩි වේ.

3. දියවැඩියාවෙන් ආරක්ෂා විය හැක.

4. කොලෙස්ටරෝල් ප්‍රශ්න ඇති නොවේ.

5. මලබද්ධයෙන් තොරව දිනපතා උදේ ශරීරකෘත්යයට විශාල පහසුවක් ඇති කරයි.

6. ඇසට ප්‍රියයි. ඇසේ පෙනීම දියුණු කරයි.

7. උණ අතිසාර ආදී රෝග වලින් පීඩිතව සිට සුව වෙමින් එන අවස්ථාවේදී ආහාරයක් ලෙස ඉතාමත් හිතකරයි.

8. ජීවාණු වලින් ආරක්ෂා කරයි.

9. චිර ජීවනය ලබා දෙයි.

අත්දුටුවයි…... සත්තයි…….

___සතුට ඇති කරයි_____!!!!!

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com95tag:blogger.com,1999:blog-3353470703579557654.post-73219021650746068882012-09-27T10:05:00.000+05:302012-09-27T10:07:32.964+05:30පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය.පරමාණුක වාදය යනුවෙන් හැදින්වෙන්නේ පරමාණුවක පැවැත්ම තහවුරු කරන වාදයයි. බටහිර දී ඩිමොක්රීටස් මුලින්ම පරමාණුවක පැවැත්ම පිළිබඳ අදහස ලෝකයට ලබා දුන්හ. තේල්ස් නම් දාර්ශනිකයාද යම් අදහසක් මේ ගැන ලබා දුන්නද ඩිමෝක්රිට්ස්ගෙන් ඇරබෙන පරමාණුක වාදය 1800 දී පමණ ජෝන් ඩොල්ටන්ගේ පැමිණීමත් සමග නවීන මත දක්වා දියුණු විය.

පරම + අණුව යනුවෙන් කියවෙන්නේ යම් ද්‍රව්‍යයක් බෙදිය හැකි කුඩාම කොටස යන්නයි. පරමාණුවක ඇති පරමාණුක අංශු, උප පරමාණුක අංශු යන බොහෝ දේ අද හඳුනාගෙන ඇත. නමුත් මේ කිසිවක් දැකිය හැකි නොවේ මේවා බොහෝ විට අද්‍රව්‍යමය ද්‍රව්‍ය ලෙසත් එසේත් නැත්නම් ශක්තීන් හා යම් විද්‍යුත් ආරෝපනයන් ලෙස අර්ථ දැක්විය හැකිය.

පරමාණුවක ව්‍යුහයේ පැහැදිලි සීමාවක් අද ද දැකිය හැකි නොවේ. යම් යම් උපකල්පන සහ සීමා කිරීම් මගින් මිනිස් බුද්ධියෙන් ගොණුකරගත් සම්මතයන්ට අනුව පරමාණුව පිළිබඳ උගෙනීම කරනු ලබයි. කොටින්ම පරමාණුව යන ප්රපංචය මිනිස් බුද්ධියට මිස ග්රහනයට ස්පර්ශයට බඳුන් නොවන දෙයකි. මිනිස් ඇසට කවර ලෙසකින් වත් ගෝචර නොවේ. මේ සියල්ල අනුව පරමාණුව යම් අද්‍රව්‍යමය වූ දෙයක් ලෙස හඳුන්වා දීම වඩා සුදුසු වේ.

බටහිර විද්‍යාවේදී මෙසේ පෝෂණය වන පරමාණුක වාදය නිසා අද මිනිසාට නොයෙක් පළ ප්‍රයෝජන මෙන්ම මහත් වූ විනාශයන්ද උරුම කරදීමට සමත් වී ඇත.

පෙරදිගදී ද පරමාණුව පිළිබඳ නොයෙක් මත ආදි සෘෂි යුගයේ දී ඉදිරිපත් වී ඇත.

මම විශ්වයේ උත්පත්තිය පිළිබඳව ලිපි පෙළක් ලියාගෙන ගිය බව ඔබට මතක ඇති. නමුත් මට ඒ ලිපි එක දිගටම ලිවීමේ හැකියාවක් ඇති වුණේ නැහැ. එම ලිපි වලදී මම කතා කළා අභෞතික දේ භෞතික ද්‍රව්‍ය බවට පත් වන පිළිවෙළ.

එහිදී අභෞතික සහ භෞතික ලෙස අදහස් කරන්නේ ද්‍රව්‍යමය නොවන යමක් ද්‍රව්‍යමය බවට පත් වන්නේ කෙසේද යන්න බවත්, එසේත් නොමැති නම් කිසිවක් නොමැතිව තිබූ විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට වූ විට එහි ද්‍රව්‍ය ඇති වුණේ කෙසේද යන්න බවත් මා ඔබට පවසා සිටියා මතකයි. ..………. දැන් පැහැදිලිනෙ.

මේ සදහා අපි උපයෝගී කරගන්නේ භාරතීය දර්ශන වාදයන් අතර තිබෙන ප්‍රධානතම දර්ශනයන් වන,

වෛශෙෂික දර්ශනය

මෙහි මූල කතෘ වන්නේ කණාද සෘෂිවරයා. මෙම දර්ශනයේ පරමාර්ථය වන්නේ ධර්ම සහ මෝක්ෂ ලාහයයි.

වෛශෙෂිකයන්ගේ මෙම වාදයන් තහවුරු කර ගැනීම සදහා ඔවුන්,

(1) පරමාණුවාද

(2) අනෙකාත්මවාද

(3) සත්කාය්යර්වාද

(4) පරමාණුනිත්යවාද

(5) ෂට්පදාර්ථවාද

(6) සෘෂ්ටිවාද

(7) මෝක්ෂවාද කියන මේ දැනුම උපයෝගී කර ගන්නවා. ඇත්තෙන්ම පරමාණුව කියන වචනය භාවිතයට පැමිණෙන්නේ මේ සමගයි.

ෂඩ් දර්ශන වලටම අයත් තවත් දර්ශනයක් වන,

සාංඛ්‍ය දර්ශනය

මේ සදහා උපයෝගී කරගත හැකියි. මෙහි නිර්මාතෘ වන්නේ මහර්ෂි කපිල මුනිවරයායි. කපිල මුනිවරයාට අනුව,

(1) අව්‍යක්ත

(2) ප්‍රකෘති, විකෘති

(3) මහත්

(4) පුරුෂ

(5) අහංකාර, යන මේවා පංචවින්ශති ලෙස හදුන්වයි.

මෙම පංච විංශති නැවත කොටස් දෙකකට බෙදෙයි. ප්‍රකෘති සහ විකෘති ලෙසයි.

ප්‍රකෘති යනුවෙන් සියල්ලකටම හේතුව වන, හෙවත් සියල්ලන් උපදවන. තමා කිසිවකු විසින් නූපදවන පදාර්ථ අර්ථ දැක්වේ. ප්‍රකෘතීන් යටතට පුරුෂ, මහත්, අහංකාර, සහ පංචතන්මාත්‍ර ගැනෙයි.

විකෘති වශයෙන් යම් කාර්යයක් කරන කිසිවක් නූපදවන, අන් හේතුවක් නිසා උපදින පදාර්ථ ලෙස දැක් වෙයි. විකෘතීන් වන්නේ, ඒකාදශ ඉන්ද්රිය සහ පංචමහාභූත වේ. ඒකා දශ ඉන්ද්රිය ලෙස පංචබුද්ධීන්ද්රිය (වන ඇස, කන, නාසය, දිව, සහ කය ද අයත් වේ.) පංචකර්මේන්ද්රිය (වන රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය ද අයත් වේ.) යන දහයද මනසද අයත් වේ. පංච මහා භූත ලෙස,

පෘථිවි, - යම් ද්‍රව්‍යයක ඇති ඝන බව, ස්කන්ධයක් ඇති බව, තද බව ඇති කරන බලය.

ආපෝ, - යම් ද්‍රව්‍යයක ඇති ඇලෙන සුළු බව හෙවත් ඒකරාශී වීමේ බලය.

තේජෝ,- යම් ද්‍රව්‍යයක හැඩය සහ ශක්තිය ඇති කරන බලය.

වායු, - යම් ද්‍රව්‍යයක ක්‍රියාකාරී බව ඇති කරන බලය.

ආකාශ, - යම් ද්‍රව්‍යයක අන්තර් අවකාශය ඇති කරන බලය.

නැවතත් පරමාණුව සලකා බැලුව හොත් අපට එහි ඇති ඉලෙක්ට්‍රෝන වලින් චල ගතිය හෙවත් වායු පදාර්ථයත්, න්‍යෂ්ටිය ගොනු වී ඇති අන්දම සලකා බැලීමේදී එහි ආපෝ පදාර්ථයත්, පරමාණුවක වැඩියෙන්ම ඇති අවකාශ පදාර්ථයත්, න්‍යෂ්ටියේ ස්කන්ධය මගින් පෘථිවි පදාර්ථයත්, අන්තර් න්‍යෂ්ටික බල මගින් තේජෝ පදාර්ථයත් යන භූත පංචකයේ පැවැත්ම තහවුරු කරගත හැකිය.

දැන් ඉතා පහසුවෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි. කිසිම හෙතුවක් නැතිව උපදින පංචතන්මාත්‍ර සහ පුරුෂ, මහත්, අහංකාර, යන ප්‍රකෘතීන් විශ්වාරම්භයේදී ඇති වේ. මේවායේ ප්‍රතිඵල ලෙස විකෘතීන් වන පංචමහාභූත ඇති වේ. මෙහිදී පංචමහාභූත යනු ද්‍රව්‍ය - අද්‍රව්‍ය අතර සීමාවේ ඇති පදාර්ථයට අයත් දෙයක් බව පැහැදිලිය.

විශ්වයක් ඇති වී පැවතී නැති වී එයින් නැවත නව විශ්වයක් ඇරබේ යනු පුරාණ සෘෂි මතයයි. එවිට මේ පංචතන්මාත්‍ර ඇති වේ. ඒවා ඇති වීමට නියම හේතුවක් නැත. යම් කිසිවක උදව්වක්ද නැත. එම පංචතන්මාත්‍ර මගින් ඇතිවන බලයෙන් පංචමහාභූත ඇති වේ.

එහිදී නැවතත් පංචතන්මාත්‍ර මගින් පංච බුද්ධි ඉන්දිය පහ සහ පංච කර්මේන්ද්රය පහ ඇති වේ. ඒ සමගම මනසද ඇති වේ. මනසේ ඇති වීමත් සමග මානසික දෝෂ වන රජස් තමස් සහ සත්ව ඇති වේ. මේවා ඉතාම ක්‍රමානුකූලව සිදු වන ප්‍රතික්‍රියාවන්ය.

ඊට පසු ක්රමානුකූල පිළිවෙළකට පංචමහාභූත එකට එක එක් වීමෙන් කායික දෝෂ වන තිදොස් ඇති වීමට ගනී. මේවා භෞතිකය. එනම්,

1. වාත - වායු සහ ආකාශ භූත එක් වීමෙන් ඇති වේ. කායික, මානසික සහ පාරිසරික ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ මේ වායු දෝෂය මගිනි.

2. පිත - තේජ භූතය ප්‍රධානව ඇති වේ. කායික, මානසික, පාරිසරික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ක්‍රියාකාරී බලය සපයන්නේ තේජ භූතය ප්‍රධානව සෑදී ඇති පිතෙනි.

3. සෙම - ප්‍රථිවි, සහ ආප් මහා භූත එක වීමෙන් ඇති වේ. කායික සහ මානසික මෙන්ම පාරිසරික පැවැත්ම තීරණය වන්නේ මේ සෙම හෙවත් කඵ නම් බලය නිසාවෙනි.

දැන් මම ඔබට කායික සහ මානසික දෝෂ වල නිර්මාණය ගැන යම් වැටහීමක් ඇති කළෙමි.

පරමාණුව වන්නේ ජීවී අජීවී සියල්ලේ මුල් තැනුම් ඒකකය නම්, සෛලය වන්නේ ජීවී වස්තූන්ගේ මුල් තැනුම් ඒකකයයි.

ඉහත පරමාණුවක පැවැත්ම පෙරදිග මට අනුව පැහැදිලි කළ ආකාරයටම සෛලයක පැවැත්මද මෙසේ පැහැදිලි කළ හැක.

සෛලයක න්‍යෂ්ටිය යනු එහි ක්‍රියාකාරී කොටසයි. එහි බලපැවැත් වෙන්නේ බොහෝ වාත දෝෂයයි. සෛලය බෙදීම මේ අනුව සිදු වේ. එහි සිදුවන සියලුම ජෛව රසායන ක්‍රයාවලට බලය දෙන්නේ මේ වාත දෝෂයයි.

සෛලයක පවතින සියල්ල බැඳ ගැනීමේ සහ එහි හැඩය පවත්වා ගැනීමේ හැකියාව ඇති කරන්නේ එහි බලපවත්වන සෙම් ශක්තියයි.

සෛලයක සිදුවන සියලුම ජෛව රසායන ක්‍රියාවන් පාලනය කරන්නේ එහි වූ පිත මගිනි.

මෙහි අඩංගු වන්නේ මවිසින් ලියන ලද මුල් ලිපියෙන් ගත් ඉතාම සංක්ෂිප්තයකි. මෙ ලිපිය මාස කීපයක් තිස්සේ සෑදුවකි. විටින් විට ලියාගෙන ගියෙමි. පසුගිය සතියේ ඒ ගැන යම් ඉඟියක් කළේ ඔබ ඊට අකමැති නම් පළ නොකරන්නටය. නමුත් ඒ ගැන යම් ධනාත්මක ප්‍රතිචාර ලද බැවින් පළ කිරීමට තීරණය කළෙමි. නමුත් මෙවන් කරුණු සරල සින්හලෙන් ලිවීම ඉතාමත් අපහසුය. කෙසේ හෝ ඒ ගැන මූලික අවධානය යොමු කළෙමි. යම් අපහසුතාවයක් ඇතොත් අපි ඒ ගැන කතා කරමු. මේ ලිපිය ලියන්නට පහත පොත් උපයෝගී කර ගතිමි.

1. F. Max Muller, THE UPANISHADS

2. බණ්ඩාරනායක අනුස්මරණ ආයූර්වේද පර්යේෂණායතන රජත ජයන්ති අනුස්මරණ කලාපය, 1987.

3. ඩී. එම්. ආර්. බී. දිසානායක, පදාර්ථ විඤ්ඤාණය, 1981.

4. ඩී. එම්. ආර්. බී. දිසානායක, දෝෂ ධාතු මල විඥානය, 1981.

5. ඩී. එම්. ජයසිංහ, පඤ්ච නිධාන ග්‍රන්ථය, 1984.

ඊළඟ ලිපිය සුදුලූනු සහ මීපැණි ගැන....

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com13tag:blogger.com,1999:blog-3353470703579557654.post-50318946845839391942012-09-24T09:16:00.002+05:302012-09-24T09:16:45.817+05:30ඇමරිකාවෙන් ලංකාවට සුපුරුදු පරිදි පුරුදු පරණ ජීවිතයට!!එදා හවස ඇමරිකානු වෙලාවෙන් හවස 03 විතර ඇමරිකාවට පය තිබ්බ අපි හෝටලේට ගිය ගමන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්තා. තුන්දෙනාම නැගිටිනකොට වෙලාව මහරෑ. ඉක්මනට ගෙවල් වලට කතා කරලා කෑමක් බීමක් ගැන බැලුවා. හොටලෙත් කෑම නැහැ. නොදන්න රටක් ... මොන….. බඩගින්නට මොන නොදන්න රටවල්ද? ඉක්මනින් ඇදපැළදගෙන පාරට පැන්න අපි ඉබාගාතේ ගියා කෑමක් හොයාගෙන. එතකොට තමයි සේෆ් හවුස් දැක්කේ. එතන ඕනෙ පදන් කන්න දේවල් වැඩි හරියක් මස්. ඕනෙ කෙමනක් කියලා රෝස්ට් කුකුළෙකුයි පානුයි ගෙනත් හොදට කාල හෝටලේට ඇවිත් නිදාගත්තා.

පසුදා උදේම අපි ලෑස්ති වුණේ සම්මන්ත්‍රණයේ පළමු දිනට. ඉක්මනින් ලංකාවට කතා කළා. ඒ අපේ උදේ ලංකාවට හවස 6 විතර නිසා.

සම්මන්ත්‍රණයේ මාතෘකාව වුණේ ඖෂධ පැළෑටි සහ ආයූර්වේද නිෂ්පාදන වුවත් මගේ ප්‍රියතම විෂය වන ආයූර්වේද දර්ශනය සහ මූලධර්ම පිළිබඳවත් සාකච්ඡා වුවා. මම ඒවට නම් බොහෝම කැමැත්තෙන්ම මගේ දායකත්වය ලබා දුන්නා. මලයාසියාවේ සිට පැමිණි ආචාර්ය්ය රංජිත් මෙහෙන්ඩෙකාර් ශිවජිරො මහත්මිය සහ ඉන්දියානු ජාතික මහාචාර්ය්ය බූශන් පත්වර්දන් යන දෙදෙනා ඉදිරිපත් කළ මතයන් සමග මම ඉතාම කැමැත්තෙන් එකඟ වුණා. මම ලංකාවේදි දියුණු කළ සමහර මත ඔවුන් සජීවී පරීක්ෂණ මාර්ගයෙන් ඉදිරිපත් කිරීම මට ඇත්තෙන්ම ආස්වාදනීය වුණා. ඒ සමඟම අපේ රට ගැන යම් කනගාටුවකුත් ඇති වුණා.

ඒ වගේම මේරිලන්ඩ් බයෝ ටෙක්නොලොජි සෙන්ටර් නම් ආයතනයේ විධායක අධ්යක්ෂ ආචාර්ය්ය ජුඩිත් ඒ. බ්‍රිට්z මහත්මිය මගේ පර්යේෂණ පිළිබඳ අසා මට ආරාධනා කළා ඒ ආයතනයේ පර්යේෂණ වලට සම්බන්ධ වන ලෙස. එය මා බාරගත්තා. මට ජීවිතයේ වෙන අරමුණක් නැහැ. කුඩා කල සිටම මම ප්‍රිය කළේ එයයි. නමුත් ලංකාවට පැමිණි විගස මගේ තවත් මිතුරියක් වන ආචාර්ය්ය සුනිති ගුණසේකර මහත්මිය යුරෝපා රටක ප්‍රධාන විශ්වවිද්‍යාලයක් හා ලංකාවේ සිට කරන පර්යේෂණයක් සදහා මාවද තෝරාගෙන තිබුණා. එම නිසා ජුඩිත්ගේ ආරාධනය කෙටි කලකට යටපත් කර ගැනීමට මා දැන් සිතා සිටිනවා.

ජෝන් හොප්කින් ආයතනයේ පැවැත්වූ මේ සම්මන්ත්‍රණය දින තුනක් පැවැති අතර දින තුනේදීම විටින් විට අපේ රටේ දායකත්වය ලබා දීමට අපට හැකි වුණා. දැනට ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය ස්වර්ණා සහ වෛද්‍ය සන්ධ්‍යා යන අපේ සොයුරියන් දෙදෙනාත් අප සමග එකතු වුණා, සම්මන්ත්‍රණය අතර මඟදී. ඔවුන් මේ වන විට ඇමරිකාවේ දී ඔවුන්ගේ ආචාර්ය්ය උපාධිය හදාරමින් සිටිනවා.

සම්මන්ත්‍රණය සදහා රටවල් විශාල ගණනක නියෝජිතයන් සහභාගි වුවත් සංවිධායකයින් මෙහි ප්‍රධාන රටවල් ලෙස ඇමරිකාවත්, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් පිළිගත්තා. එම නිසා ඇමරිකානු රජයේ නියෝජිතයා ලෙස මෙරිලන්ඩ් රජ්‍යයේ ආණ්ඩුකාර මාර්ටින් ඔමෙලේ, ඇමරිකාවේ සිටින ඉන්දියානු තානාපතිනිය වන නිරූපමා රාවෝ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්ර ඒකනායක යන මහත්ම මහත්මීන්ද සහභාගි වූවා.

සම්මන්ත්‍රණයේ දෙවනි සහ තුන්වන දිනයන් සාකච්ඡා සදහාම වෙන්වූවා. කෙසේ හෝ ඉතාම සාර්ථක සම්මන්ත්‍රණයක් තුන් දිනකින් අවසන් වූවා. කාලය ඉතා මඳ වුවත් සාර්ථක දින තුනක් බව නම් කිව යුතුයි.

දෙවනි දින ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මැතිතුමාගේ ආරාධනයෙන් තානාපති නිවසේ දිවා භෝජනයට සහභාගී වීමටත් අපට සිදුවුණා. එයත් මහත් අගය කළ යුතුයි. තානාපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී අප පෙන්වා දුන්නේ ලංකාව සහ ඇමරිකාව යන රටවල් ආයූර්වේදය ඔස්සේ කෙසේ සම්බන්ධ විය යුතු ද යන කරුණයි. අප විසින් පෙන්වා දුන් සියලු කරුණු ඉතාම සංයමයෙන් එතුමා පිළිගත්තා. නුදුරේදීම ඇමරිකානු ආයෝජකයන් හා අප කණ්ඩායම අතර සාකච්ඡාවක් සූදානම් කරන බව එතුමා අපට දැන්වූවා.

මෙතැන් සිට දින ගණනාවක්ම ඇවිදීමට රටතොට බැලීමට ගත කළා.

ඇරුණි අක්කා අප සමඟ සම්බන්ධ වුණේ ඒ අනුවයි. ඇයත් සමඟ ජෝජ් ටවුන් සහ ඇලෙක්සැන්ඩ්‍රියා නගර බැලීමට ගියා.

ලංකාවෙන් ගිය මගේ මිතුරෙක් වන සිතාර ෆ්‍රනාන්දු හෙවත් වජිර නම් මිත්‍රයා ( ශ්‍රී ලංකා රගර් පිලේ හිටපු සාමාජිකයෙක්.) ඔහුගේ නිවසේ දින ගණනක් අප තබාගෙන සියලුම සත්කාර කළා. ඒ ගැන නම් ඔහුටත් ඔහුගේ ප්‍රිය බිරිඳටත් අප ණය ගැතියි. ඔහුගේ මිතුරන් වන කැළුම් සහ දිනේෂ් අපත් සමඟ වර්ජීනියා ගිය ගමන කෙදිනකවත් අමතක වෙන දෙයක් නෙමෙයි. අධික වේගයෙන් වේග පාලන කැමරා මඟ හරිමින් අපි හොඳ විනෝදයක් ලැබුවා.

වජිරගේ නිවසින් මගේ මිතුරන් දෙදෙනා නිව්යෝක් වෙතත් ඉන් නිව් ජර්සි වෙතත් ගමන් ගත්තා. මම තනිවම නැවත ලංකාවට පැමිණියා. මා එන ගමනේදී එයාර් ඉන්දියා ගුවන් යානය පැමිණිය යුතුව තිබ්බේ මුම්බායි වෙතයි. නමුත් ඔවුන් මා දැනුවත් නොකර එය දිල්ලි (Connecting Flight) වෙත ගෙනයනු ලැබුවා. මෙහිදී යන සහ එන ගමනේදී වූ සියලු සිද්දීන් නිසා මගේ ඉවසීමේ රතු කට්ට පැන තිබුණා. දිල්ලියේදී පළමුව කළේ එයාර් ඉන්දියා ආයතනයට ගොස් හොද සංග්‍රහයක් ඔවුන්ට කිරීමයි. ඇත්තෙන්ම එය මට නොසිතූ විරූ ප්‍රතිඵල ගෙන දෙන්නට සමත් වුණා. දිල්ලි සහ බොම්බෙ යන ගුවන් තොට දෙකේදීම ඔවුන් මා සාදරයෙන් පිළිගෙන අනෙක් ගුවන් යානය තෙක් කාලය මට වෙනම කාමරයක් සහ අවශ්‍ය සියලුම ආහාර නොමිලයේම ලබා දෙන්නට වග බලා ගත්තා.

මේ සටහන මින් නවතා මගේ සුපුරුදු ආයූර්වේද ලිපි මින් ඉදිරියට ලිවීමට අදහස් කරනවා. මුලින්ම මේ සතිය තුළදීම "පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය" යන දුලභ මාතෘකාව පිළිබඳ ලිපියක් පළ කරනවා. එය මේ වන විටත් 90% වැඩ අවසන් කර තිබෙන්නේ. ඊටත් පසු දිගින් දිගට ඔබ වෙත මගේ ලිපි ඉදිරිපත් කෙරෙනවා.

ඔබ මවෙත දැක්වූ අනුග්‍රහය මවිසින් ඉතාම බැතිබරව අගය කරනවා.

බොහොම ස්තුතියි මිතුරනි, මිතුරියනි!!!!Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com37tag:blogger.com,1999:blog-3353470703579557654.post-723487798478269742012-09-20T09:41:00.001+05:302012-09-20T09:41:56.729+05:30මහවෙදනාගේ ඇමරිකානු ගමනේ මුල් දින කීපය ලංකාවෙන් ඇමරිකාවට.මේ ගමන මගේ සිතේ තිබූවක් නොවෙයි. යොදාගෙන තිබූ වැඩ අනුව මට මෙවර සහභාගී වීමට තිබූයේ නොවැම්බර් මස පවත්වන ලෝක ආයූර්වේද කොන්ග්‍රසයේ සම්මන්ත්රනයටයි. එය ඉන්දියානු රජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආයූර්වේද සම්මේලනයකි. නමුත් ඇමරිකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින් රෝහල සහ වෛද්‍ය විද්‍යාලය විසින් ඖෂධ පැළෑටි සහ අයූර්වේද නිෂ්පාදන පිළිබඳව වෙනම සම්මේලනයක් පවත්වන්නට සැලසුම් කර තිබුණා. අප සහභාගී වූයේ එයටයි. මට ඒ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. ඇත්තෙන්ම එම ආරාධනය පැමිණියේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යවිද්‍යා ආයතනය හරහායි. එහි ආචාර්ය්යය වරුන් දෙදෙනෙක්, පාලක මණ්ඩල සාමාජිකයෙක් (වෛද්‍ය උදාර අතපත්තු) සහ මා ලෙසයි කණ්ඩායම සෑදී තිබූයේ. නමුත් අවාසනාවට ආචාර්ය්යවරුන්ගේ වර්ජනය හෙතුවෙන් මාමිත්‍ර වෛද්‍ය කමල් සහ වෛද්‍ය නිමල් මහතුන්ට සහභාගී වීමේ වරම අහිමි වූවා. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.

වීසා පිළිබඳ ගැටලුවක් ඇති නොවූයේ ජෝන් හොප්කින් ආයතනය අපට ලබා දී තිබූ සියලු ලියකියවිලි ඇමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එවා තිබූ නිසායි. එම ආයතන අපට දැක් වූ අනුග්‍රහය ඉතා විශාලයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්ය්යාලීය සේවය ඉතාම ඉහළ මට්ටමකින් යුතු වූවා. අප කණ්ඩායමේ සියල්ලන්ටම එනම් ඉහත කියූ දෙදෙනාත්, මටත්, වෛද්‍ය උදාර මහතාටත්, ශ්‍රී ලංකාවේ සිටින හිමාලයා ආයූර්වේද නිෂ්පාදන ආයතනයේ කළමනාකාරවරයාටත් ඉතා පහසුවෙන්ම විසා ලබා දීමට ඔවුන් වගබලා ගත්තා.

එහෙත් සහභාගී වූයේ අප තිදෙනෙක් පමණයි. අනෙක් දෙදෙනාට ශ්‍රී ලංකා රජයේ අවසරය ලැබුණේ නැහැ. එය මේ ගමනේ මට ඇති වූ එකම සිත් වේදනාවයි.

ගමනට සියල්ල සූදානම් වුවත් අපේ සඟයින් දෙදෙනා කෙසේ හෝ එක්කර ගැනීමට ගත් උත්සහය අපතේ ගියා. ප්‍රතිඵලය වූයේ දිනය කට ලගටම පැමිණ ගුවන් ටිකට් ගැනීමට යාමේදී මහත් අපහසුතාවයකට පත් වීමට සිදුවීමයි. කලින් මා සහභාගී වෙනත් අවස්ථාවලදී මවිසින් කලින්ම ගුවන් ටිකට් මිලදී ගෙන තබා ගන්නා නිසා මට ඒ ගැන එතරම් අපහසුවක් වේ යැයි සිතුණේ නැහැ. නමුත් අධික මිල ගණන් යටතේවත් ඇමරිකාව වෙත ගුවන් ටිකට් ගැනීමට ආසන නැති බවයි අපට දැන ගන්නට ලැබුණේ. කෙසේ හෝ අවසානයේ ඉතා දුෂ්කර මාර්ගයක් වන ඉන්දියාව හරහා යාමට ගුවන් ටිකට් ලබා ගැනීමට අප සමත් වූවා.

ඉන්දියාව වෙත ගොස්, නැවත නිව්යොර්ක් වෙතත් ඉන්පසු ඇමරිකානු අභ්‍යන්තර ගුවන් ගමනකින් වොෂින්ටන් වෙත යාමටත් අපට සිදු වූවා. සාමාන්‍යයෙන් ඇමරිකාව වෙත යන අය බොහෝ විට කරන්නේ, ලංකාවෙන් එන්ගලංතය වෙතත් ඉන් ඇමරිකාව වෙතත් පියාසර කිරීමයි. වඩාත් පහසුම මාර්ගය වන්නේ දෝහා කටාර් වෙත ගොස් ඇමරිකාව වෙත යාමයි. ජපානය හරහා යන ක්රමයක්ද ඇතත් එයත් දුරින් වැඩි බවයි මගේ හැඟීම. වොෂින්ටන් වෙත යන්නන්ට දැන් මේ මස 20 වැනිදා සිට ඩුබායි හරහා යන්නත් ක්‍රමයක් ඇති වනවා. ඒ එමිරේට් ගුවන් සේවය වොෂින්ටන් ඩී. සී. වෙත පියාසැරීමට සූදානම් වන නිසා.

උදාර සහ මම, රමේෂ් සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිල්ලියට පැමිණියා. පැය 3 ටිකක් වැඩි කාලයක් ඒ සඳහා ගත වූවා. අපේ ගුවන් සේවයේ සත්කාරය ඉතා ඉහළයි. නොයෙක් ගුවන් සේවා වලින් ගමන් කර ඇති මා පළමුවෙන්ම එදිනයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක ගමන් ගත්තේ. මම හොදින්ම සෑහීමකට පත් වූවා.

අපි දිල්ලි ගුවන් තොටේ පැය කීපයක් ට්‍රාන්සිට් සිටිය යුතු නිසා වැඩි හදිසියක් නැතුව ඕපාදූප බලමින් රස්තියාදු වුණා. මතක තබා ගන්න ඉන්දියාවට ඇතුළු වීමේදී තමන්ගේ අතේ ඇති හැම බෑගයකම ගුවන් සේවයේ ටැග් එකක් එල්ලාගෙන යන්න. කොටින්ම තන්ගේ කෝට් කබා ආදිය අතේ ගෙනයනවා නම් ඒවයේද මේ ටැග් එල්ලාගෙන යන්න. අනෙක් කරුණ ඒවාට නිසි ලෙස ඉන්දියානු රේගු නිලධාරීන්ගේ මුද්‍රාවන් තබා ගන්නත් අමතක කරන්න එපා. යම් අමතකවීමක් වුවොත් ඔවුන් ඔබව නවතාගෙන මුල සිටම පිළිවෙලින් නැවත ඔවුන් ගේ පරීක්ෂාවන්ට ලක් කරනවා. එය මහත් කරදරයක්. මා මෙය නොදන්නවා වුවත් මගේ මිතුරන් දන්නා නිසා මා එදින එම කරදරයෙන් බේරුණා.

අපේ කටුනායක ගුවන් තොටත් සමග බැලීමේදී දිල්ලි ගුවන් තොට විශාල වුවත් අපේ නිලධාරින්ගේ ඇති මානුෂික බව ඔවුන් කෙරෙන් මා දැක්කේ නැහැ. අපේ පෙනුමත් ඉන්දියානු මොඩලයේ නිසා හැම විටම ඔවුන් අපව අමතන්නේ හිංදියෙන්. මම කීප සැරයක්ම ඔවුන්ට දැන්වූවා "මට ඔබ කියන කිසිවක් තේරෙන්නේ නැහැ. මම වෙන රටක වැසියෙක්" කියන එක. ඒත් සමහරක් හරක් වගේ නැවත නැවත ඒකම කළා. මම එන ගමනෙදී මේ ගැන ගුවන් තොට බලධාරීන්ට පැමිණිලි කළා. ඉන් මට සෑහෙන වාසියකුත් අත්වුණා ඒ ගැන පසුව ලියන්නම්.

ඊට පසු අපි එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් නිව්යෝර්ක් වෙත පිටත් වූවා. ඒක තමයි ගමන. මීට පෙර එක දිගට පැය 11 පමණ ගුවන් ගමනක යෙදී ඇති මට එතරම් බලපෑමක් සිදු නොවුණත් මගේ මිතුරන් දෙදෙනා සෑහෙන වෙහෙසට පත්වූවා. මධ්‍යම රාත්‍රිය වන විට අවදිව සිටියේ අප කීපදෙනෙක් පමණයි. අපි තුන්දෙනාත් ඉන්දියානු ජාතික අපේ වයසටම අයත් කීපදෙනෙක් එකට එකතු වී හොද හැටි විනෝද වුවා. ගුවන් සේවිකාවන්ට වෙන්කර ඇති කොටසේ ඔවුනුත් සමග කුළුපඟ වීමට අපට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. කෑම බීම ඕනෙ පදන් ලැබුණා. ඉතා ළාබාල ඒත් එම්. බී. ඒ. උපාධිධාරිනියක් වූ මංද්‍රිකා අප සමඟ මිත්‍ර වූ අය අතරිනුත් විශේෂයි. හොද මාකටියර් කෙනෙක්ගේ ලක්ෂණ ඇගෙන් දක්නට හැකි වුණා. ඇය හැම විටම බොහොම පරිස්සමින් ඉන්දියානු ගුවන් සේවය මාකට් කළා. අපි අහුවෙයි ඕවට.

නිව්යෝර්ක් වෙත පැමිණීමට අපිට පැය 15 1/2 පමණ ගත වී තිබුණා. සෑහෙන වෙහෙසකර බවකින් නිව්යෝර්ක් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොට වෙත ගිය අපට ඉතා ඉක්මනින්ම ආගමන විගමන කටයුතු අහවර කර ගැනීමට හැකි වීම ඇත්තෙන්ම භාග්‍යයක්. සියල්ල පරිඝනක ගත කර ඇති නිසා ඉක්මනින් මගීන්ගේ කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා.

නිව්යෝර්ක් ගුවන් තොටෙන් වොෂින්ටන් රේගන් ගුවන් තොට වෙත පිටත් වීමට ගිය අපිට මුහුණ දීමට සිදු වූයේ අපූරු ගැටලුවකටයි. ඒ තමන්ගේ රේගු කටයුතු තමන්ම ඔන් ලයින් කර ගැනීමයි. පිස්සු හැදෙනව, අපි එතැනට වෙලා කීපදෙනෙක් කරනවා බලන් ඉඳලා පුරුදුකාරයෝ වගේ වැඩේ කර ගත්තා. ඊට පසු ගුවන් යානා පැටියෙක්ට ගොඩවෙලා විනාඩි 51 පමණ වොෂින්ටන් වෙත පැමිණුනා.

එතැන් සිට කතාව දවස් කීපෙකින් දාන්නම්.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com59tag:blogger.com,1999:blog-3353470703579557654.post-28736041401928984042012-09-18T08:53:00.001+05:302012-09-18T15:36:57.168+05:30මහවෙදනාගේ වතගොත

දෙමසකට ත් ටිකක් වැඩි නිහැඬියාවකින් පසු බොහෝ දේ ලිවීමට තිබේ. ඒ සියල්ල මෙහි කීමට හැකියාව ක් නැත ත්, කියන්නට හැකි දේ පමණ ක් මතකයේ හැටියට කැටි කොට මෙසේ ලියමි.

ඒ 1986/ 1987 වසරයි. උසස් පෙළ විභාගයෙන් පසු ජීවිතය ගැන බොහෝ ගැඹුරින් සිතන්න ට පෙළඹවීම ක් නොතිබුනත්, මා යායුතු අත මවිසින් කලින් ම තෝරගෙන සිටියෙමි.

රටේ තැන තැන ඇවිලෙන ගිනිය, ටයර් සෑ මෙන්ම ධර්ම චක්‍ර ද, එදිනෙදා භාවිතා වන වදන් බවට පත් වී ඇත. උතුර මෙන්ම දකුණ ද ගිනි ගන්නා බවක පැහැදිලි සේයාවන් පෙනෙන්නට තිබිණි. නමුත් අපි බොහෝ අවස්ථාවල රාත්‍රී සාකච්ඡා වලට සහභාගී වීමු. ඒ මගේ නිවසේත් මිතුරන්ගේ නිවාස වලදීත් ය. එන පොට නරකට බව දැනගත් මිතුරන් කොටසක් අප කෙරෙන් දුරස් වීය.

පුරා වසර දෙකකට මඳක් අඩු කාලයක් කෙළි හැංගිමුත්තන් සෙල්ලම අහවර වන බව මටද පසක් වන්නට විය. බොහෝ ප්‍රබලයන් ලොව හැර ගොසිනි. තවත් කුමන විප්ලවද?

ක්‍රමයෙන් විශ්වවිද්‍යාල ඇරඹෙමින් තිබිණි. මාද පැරණි සඟයන් සොයා ගියෙමි. අප අතර සිටි සමහර සොයුරෙක් අප අතැර ගොසිනි. ජීවිතයෙන්ම අතැර ගොසිනි. ඒ ඇති වූ කලකිරීම අද ද මසිත පෙළයි.

කෙසේ හෝ වසර 5 කාලයකින් නිම විය යුතු අපේ වෛද්‍ය අධ්‍යාපනය ඒ වන විටත් වසර කීපයකින් පසු පසට තල්ලු වී තිබිණි. තවත් වසර දෙකක් පමණ කාලයක් වැඩිපුරත් ගෙවමින් පස් වසරක අධ්‍යාපන කාලය වසර අටකින් නිම කරමින් අපි 1996 දී වෛද්‍යවරුන් ලෙස සමාජයට පා තැබීමු.

එතැන් සිට මට සිදු වූයේ යම් මූල්‍යමය ස්ථාවරයකුත්, වෛද්‍යවරයෙක් ලෙස සමාජමය ස්ථාවරයකු ත් ගොඩනඟා ගැනීමටයි. 2000 වසරේ මගේ දියණිය උපදින විට මා ඒ සඳහා යම් යම් ව්‍යාපෘතීන් දියත් කර තිබුණ ද දියණියගේ අසනීප තත්ත්වය නිසා ඒ සියල්ල විනාශ වී ගිය අයුරු මවිසින් ඔබට මීට පෙර කියා ඇත.

2001 වසරේ දී සියල්ල අලුතින් අරබා ඉතාමත් කෙටි කලකින් විශාල ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මට හැකි විය. යම් දියුණු තත්ත්වයක් ලබා ගැනීමත් සමඟ සියල්ල මගේ ප්‍රිය බිරිද වෙත පවරා දුනිමි. දැන් මම සියල්ලෙන් නිදහස් මිනිසෙක්මි. ඉතා ආශාවෙන් පැතූ මගේ උසස් අධ්‍යාපන කටයුතු ඒ වන විටත් බොහෝ ප්‍රමාද වී තිබිණි. මගේ ඉලක්කය එයයි. 2003 වසරේදී මම නැවතත් උසස් අධ්‍යාපන කටයුතු ඇරබීමි. ඒ සදහා මට පැමිණිබාධක ද මම ඔබට කියා ඇත.

මගේ උපන් දිනය ද යෙදී තිබූ පසුගිය අගෝස්තු මස මම ආචාර්ය්ය උපාධියට සුදුසුකම් ලදිමි.

මගේ දෙමාපියන් මට ලබා දුන් නම රෝහණ ප්රියසුසන්තයි. මගේ පියාගෙන් මවෙත ලද නම රණසිංහ ආරච්චි යන්නයි. මේ දෙකම එකතු කර මම දැන් නම ලෙස භාවිතා කරන්නේ රණසිංහ ආරච්චිගේ රෝහණ ප්‍රිය සුසන්ත යන්නයි. මගේ මුල් ගම මාතරට ත් එහා ඈත රුහුණ වුවත් මගේ පියා ගේ හිතුවක්කාරකම් නිසා මා උපන්නේ කොළඹයි. හැදී වැඩුණේ වත්තලයි. මගේ මුල්ම පාසැල වන්නේ මාවරමණ්ඩිය දරණාගම මහා විද්‍යාලයයි. මගේ ප්‍රියතම බ්ලොග් කරුවකු වන හසිත ගුරුසිංහයන්ගේ මුල්ගම් පියස මගේ ද මුල් කාලය ගෙවුණු බිමයි.

අද මා ඉතා සාර්ථක වුවත් මේ සාර්ථකත්වය පිටුපස මට දිරිය දුන් දෙතුන් දෙනෙක් ඇත. ඒ මගේ මව, මගේ බිරිඳ සහ බිරිඳගේ මවයි. ඇයත් මට දෙවනි මව් කෙනෙකි.

මේ සටහන මෙහි තබන්නේ බ්ලොග් ලෝකයේදී යමෙක් මට කරන ලද අභියෝගයක් නිසායි. මේ මගේ නියම වත ගොතයි. දැනට මම වාසය කරන්නේ නුගේගොඩ නගරයේ ය. යමෙක්ට මා මුණ ගැසීමට ඉතාම පහසු තැනක මම වාසය කරමි.

ඔන්න මහවෙදනා යන නමින් මා මෙතක් කලක් ඔබ හමුවට ආවත් දැන් මගේ නියම වත ගොත ඔබ හමුවේ ඇත. ඒත් මහවෙදනා ලෙසින්ම දිගටම සිටීමට මම කැමැත්තෙමි.

මගේ ඇමරිකානු සංචාරය හා මගේ බ්ලොග් මිතුරන් ගැන යම් සටහනක් මේ සතියේම තබමි. ඒ අතරම මා ඉතා ආශාවෙන් සිටි තවත් ජයග්‍රහණයක් අද දින මට ලැබිණි. එනම් බටහිර රටක විශ්වවිද්‍යාලයක් හා මා සහයෝගී (Collaboration Research) පර්යේෂණයක් කිරීමයි. ස්වීඩනයේ ප්රමුඛ විශ්වවිද්‍යාල ආයතනයක් ඒ සදහා සිය කැමැත්ත අද මට ඊයක් මගින් දැනුම් දුන්නාය.

මා නැඟි කන්ද අහවර වී ඇති බව මට දැන් දැන් පසක් වේ.

කෙදිනක හෝ මා මිය යන්නේ රටට බරක් නැති නිදහස් මිනිසෙකු ලෙස බැව් නම් මට හොදටම විශ්වාසය.

ප/ලි.

මා හදුනන බ්ලොග් කරුවෝ කීප දෙනෙක් සිටිති. ඒ සියල්ලන් ගැන මම ඊලඟ ලිපියෙන් කියමි. නමුත් ඉතා ඈත දුරු රටකදී සිංහල බ්ලොග් කාරියක වන අරුණි අක්කා මවෙත දක්වන ලද අනුග්‍රහය ඇත්තෙන්ම මට මහමෙරකි. අක්කේ ඔබ වැන්නන් මේ රට හැර ගොස් සිටීම අපේ අවාසනාවකි. පුරා පැය තුනක් ගතවන අධික දුරක්, කාලයක් ධනයක් වැය කරමින් අප බලන්නට මවක් මෙන් ඔබ පැමිණියාය. ඔබට හිස නමා ආචාර කරමි. මට ඔබ වෙත දෙන්නට ඇත්තේ එපමණකි.

ප/ප/ලි.

ලොකු ජෝන්ගේ අනුග්‍රහයෙන් බ්ලොගය නැවත සකස් කලෙමි. ඔඅබට මගේ ස්තුතිය. ගිම්හාණිටත් බොහෝම ස්තුතියි දුන්නු උපදෙස් වලට.

Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com110tag:blogger.com,1999:blog-3353470703579557654.post-71469425386119107752012-07-10T08:35:00.001+05:302012-07-10T08:38:27.349+05:30105. කළු ජූලියේ මගේ මතක සහ අනාගත අභියෝග.ඒ 1983 ජූලි මාසයයි. සුප්‍රසිද්ධ කළු ජූලිය සිදු වූ ඒ අදුරු දිනයයි.

මගේ ජීවිතයෙන් වසර 16 පමණ ගෙවා තිබිණි. ඒ වනවිට අපේ සම වයස් සියල්ලන්ගේම උනන්දුව තිබුණේ වසර අවසන පැවැත්වෙන අ.පො.ස. සා/ පෙ, වෙතයි. මම ඉතා උනන්දු සිසුවෙක් වීමි. මගේ ඉලක්කයක් තිබිණි. ඒ සදහා ක්‍රමානුකූලව වෙහෙසෙමින් සිටියෙමි. දෙවන වාරයේ වාර විභාගයේ සෞඛ්‍යය ප්‍රශ්න පත්‍ර එදිනට නියමිත විෂය විය.

මේ කතාව මෙතෙක් මම කිසිවකුට නොකීවෙමි. ඒ මගේ සිත එයට මට ඉඩ නොඳුන් නිසා වෙනියි මට සිතේ. අද එය ඔබ හමුවේ තබන්නම්. මෙහි සියලු පාත්‍ර වර්ගයා ගෙන් බොහෝ අය ඔවුන්ගේ නියම නමින්ම හඳුන්වමි. කිසිවක් සැඟවිය යුතු නොවේ. ඉතිහාසයේ අපට වූ වැරදීම් (ඇත්තෙන්ම අපේ දෙමාපියන්ට ) අපගේ දරුවන් දැන සිටිය යුතුය. ප්‍රශ්න විසදීම යනු තුන් කල් බලා කළ යුතු කටයුත්තකි.

අප සිතන්නේ අද අප සියලු ජයග්රහණයන් ලබා සිටින වගය. නමුත් අද ද නිවැරදි කළයුතු දහසක් දේ තිබේ. අඩු ගණනේ අපේ දරු මුණුබුරන්වත් මේවා නිවැරදි කරනු ඇත. එසේම කල යුතුය. අප අපගේ පරම්පරාව කැපකර මේ කුරිරු යුද්ධය ජය ගත්තෙමු. ඒ ආරම්භ වූයේ අපේ දෙමාපියන්ගේ යුගයේය. නමුත් මෙහි තවත් විසඳිය යුතු තැන් තිබේ. අසීරුම කොටස වන එය අපගේ දරුවනට බාරයි.

මේ මාගේ සජීවී අත්දැකීම්ය.

ප්‍රභාත් අපත් සමග වත්තල විසූවත් ඔහුගේ ගම වූයේ බොරැල්ලයි. මම තැන නොදනිමි, නමුත් ඔහු පාසැල් පැමිණියේ බොරැල්ලේ මහගෙදර සිටයි. ඒ අකාලයේ ඔහුගේ පියා මියගිය දින සිටය. උදේම පැමිණි මා හා ඔහු අතර ඇති වූ දෙබස මෙපරිදි විය.

ප්‍ර. - මචං රෝ... ඊයේ මාර වැඩක්නෙ වුණේ!

මම. - ඇයි ?

ප්‍ර. - අපේ ගෙවල් දිගටම හමුදාව දාල. මහ රෑ කනත්තේ මොකක්ද කේස් එකක් ගියා. හමුදාවට යාපනේදි කවුද ගහලලු. ගොඩක් මැරිලා. (එකල කොටි ගැන අප අසා නැත. සුළුවෙන් ප්‍රශ්නයක් තිබ්බත්, අපගේ මතකට ඇතුළු වන ලෙස ප්රශ්නය පැනනැංඟේ 1983 පසුය.)

ඔන්න ඔහොම කතාවක් අද ද මට සිහි වේ.

මේ කියන කාලයේ එය මහ ලොකු නිව්ස් එකක් වූවත් විභාග උනන්දුව නිසාම කතාව යටපත් විය. කොහොමත් ප්‍රභාත් යනු ඕනෑම දෙයක් ඉතා අලංකාරව කීමෙහි බිණීමෙහි සමතෙකි. මගේ තරඟ කරුවෙකි.

අපේ පාසැල දෙමළ මාධ්‍ය සහ සිංහල මාධ්‍ය සහ සිංහල මාධ්‍ය යන මාධ්‍ය දෙකෙන්ම පංති පැවැත්වූවකි.

පී. එල්. සර් අපේ නියෝජ්‍ය විදුහල්පතිවරයාය. හොදම මිතුරෙක් තරම් ළමුන්ට සමීප මෙතුමා ඉතා තදින් දඩුවම් දීම ගැනද චිරප්‍රසිද්ධය. නමුත් කිසිවක් සිතේ තබා නොගන්නා අපූර්ව ගුරුවරයෙකි. මෙතුමා අපේ විභාගය පැවැත්වෙන අවස්ථාවල කොල්ලන්ගේ හොර ඇල්ලීමට හදිසියේ කඩා පනියි. එදින කෙදිනකවත් නැති කලබලයකින් පැමිණි මෙතුමා අපට දුන්නේ අරුම පුදුම උපදෙසකි.

අද දින මෙතැන් සිට පාසැල වසන බවත්,
අප දැනට ලියා ඇති ප්‍රශ්න පත්රයන් තමන්ගේ මේසය මතම තිබියදී පිටව යායුතු බවත්,
කිසිම හේතුවකට දෙමළ අංශය පැත්ත පළාතක නොයා යුතු බවත්,
වහාම නිවෙස් වෙත යායුතු බවත්ය.

මොන තරම් සතුටක්ද? පී. එල්. සර් දෙවියෙක්නෙ.

අපිඳු වහාම එළියට පැන්නේ පස්වනක් ප්‍රීතියෙනි. මා, මගේ මිත්‍රයෝ හැමොටම අවුරුදු මෙනි. අපි සිතුවේ ෆිල්ම් හෝල් එකකට පැන ගන්නයි. ඒ දිනවල බිග්බොස් පෙන්වමින් (මතක හැටියට හැදල හංදියේ සමුද්‍රා එකේ.) තිබිණි. එහි ඇති එක් දර්ශනයක් :D, බැලීමට විසි තිස් වාරයක් ගියවුන් ද අප සමග විය.

නමුත් පාරට බට අපට හමුවූයේ අරුම පුදුම වත්තලකි. මේ උදේ පාසැල පැමිණි ඇවරිවත්ත පාරද?

සතර අතින් නැඟෙනා දුම් රොටුය. මහා ගිනිජාලාවන්ය, කුමන නම් අරුමයක්ද??
හද්සියේම ප්‍රභාත්,,,,,,
මචෝ මම අර උදේම කිව්වේ මේ ඒ ගැන මොකක් හරිද දන්නේ නැහැ.

ඒත් සමඟම මහා සේනාවක් පැමිණේ..

"ඒයි පොඩි උන්…….. උඹලා එක්ක ඉන්න දෙමළු අපිට දීලා උඹලා පලයල්ලා ගෙවල් වලට.
උන් අත කඩු පොලු පෙට්‍රල් ආදී දහසක් ආයුධ විය. මහාමාර සේනාව පැමිණියා වැනිය.

ඒත් සමගම මසිතේ විදුලියක් කෙටිනි....ලින්ටා… වටපිට බැලීමි. ලින්ටා අප අතරය. උගේ මුහුණ දැක්කම මට සියල්ල පැහැදිලි විය.

මුලින්ම උන්නේ ජ...කර අයියාය. මගේ පියාගේ මිතුරෙකි. මම ඉදිරියට ගියෙමි.
ආ……. මල්ලි….. යන්න…. යන්න…. ගෙදර,
මම - ජ...කර අයියේ අපි එහෙනම් යනවා.

10 - 15 පමණ නඩයම මුවින් නොබිණූවත් යමක් ඒකමතිකව තීරණය කර තිබිණි.
ලින්ටා යමන් උඹව ගෙදර ඇරලන්න……....
උගේ මුහුණේ අසරණකම මසිතේ ඇති කලේ ලැජ්ජාවකි. ඒ ඇයිදැයි එකල පැටි වියේ වූ මට නොතේරිණි.

ලින්ටන්………………….

………….හොඩියේ සිටම සිංහල උගත් අප සමග දිවි ගෙවූ අපේ මිතුරෙකි. ඌ දන්න දෙමළක් නැත. අද ද සිංහල, ඉංග්‍රීසි හැර වෙනත් බසකින්, ලීමේ බිණීමේ හැකියාවක් ඔහුට නැත. වත්තල ගැමුණු පැලැස් පිටුපස අද කන්ටේනර් යාඩ් එකක් ඇති තැන ඔහුගේ නිවස විය. දැන් අප යනවා නොව දුවනවාය. හැමතින් පෙනෙන්නේ විපතක සේයාවන්ය. ලින්ටාගේ ගෙදර ගිය අප දුටුවේ යුද්ධයකි. ගෙදර සියල්ලන් ගෙනයාමට කවුදෝ පැමිණ තිබිණි. ඒ කවුදැයි දැන් මට මතක නැත.

තෙළඟපාත වෙලෙන් පැන්න කල මගේ නිවසට මිනිත්තු 5ටත් අඩු දුරකි. දැන් මගේ ඔළුවේ ඇත්තේ……….

"සිංණප්පා යි."

මගේ ඉංග්‍රිසි ගුරුවරයා. අපේ යාබඳ නිවසේ වෙසෙන යාපනේ චුන්නාකම් වල පදිංචි පුද්ගලයෙකි. ඔහුගේ පුතා රාසයියා අංකල්, ඇන්ටි, මහේන් මල්ලි, ලොකු නංගි, පොඩී මගේ ඉදිරිපිට පෙනී නොපෙනී යයි. අඩි දෙකට මම ගෙදර පැමිණියෙමි. ගෙට ගොඩවුණේ නැත කෙළින්ම අල්ලපු ගෙදර තාප්පය පැන්නෙමි. පෙර මේ ගෙවල් එක දිගට පේළි ගෙවල් මෙන් තිබූ ඒවාය. අපේ ගේ වෙන්කර සාදා ඇතත්, ඒ වනවිටත් කුස්සියෙන් දෙපසට මාරු විය හැකිය.

ඔවුන් ඒ වනවිටත් කළ යුත්ත කුමක්දැයි කතා කරමින් සිටියි. දරුවන්ද සමග අපේ ගෙදර පැමිණ කතා කරමුයි මා කීවිට, ඇන්ටි මට වැන්ද හැටි අදද මට මැවී පෙනෙයි. ඔවුන් උදේම සිද්ධිය දැන හෝ සැකකර සියල්ල එක්තැන්කර තිබිණි. ඒ පොට්ටනියත් සමග ඇඳිවත පිටින් ගේදොර ඇර තිබියදීම ඔවුන් පිටුපසින් අපේ ගෙට රිංගා ගත්තාය. මම ඒ පැත්තේ හිඩැස තදින් වැසූවේ නිරායාසයෙන් මිසක සිහි බුද්ධියෙන් නොවේ. දැන් මගේ මෙහෙයුමෙන් භාගයක් සපුරා ඇත. තාමත් මා පාසැල් ඇඳුමෙනි.

ක්‍රිෂ්ණා…………

දැන් මම කෙසේ හෝ නිවසින් පිටවිය යුතුය. ඒ එකල මගේ හොදම මිතුරා ගැන බැලීමටය. ක්‍රිෂ්ණමූර්ති සහ ශාන්තමූර්ති මගේ වයසේම මිතුරන් දෙදෙනෙකි. දෙදෙනා සොයුරෝ වෙති. අක්කා, ලොකු අක්කා, මූර්ති අංකල් මට ගෙදර උන් මෙන්ය. ඒ ගෙදරින් කී වෙලක් නම් කා ඇත්ද?

වහාම නිවෙස් තුනකට එහායින් ඒ ගෙදරට යන විට සියල්ල අවසන් වී තිබිණි. ගේ ගිනි ගනියි. මූර්තිලාට වූවක් මම නොදනිමි. මගේ පපුව කඩා හැළෙයි. වත්තට පැන බැලූවත් කිසිවෙක් නැත. විපතට පත් වූවන්ද, විපත කළවුන්ද නැත. මගේ අතේ ජීවිත ගණනාවක් ඇති බැවින් මම වහාම නිවසට නැවත පැමිණියෙමි.

මේ සටහන කෙතරම් දිගු වුවත් මට කෙදිනකවත් නැවත මෙය ලිවිය නොහැක. ඒ නිසා අදම ලියමි. පළ කිරීම ගැනද මම තවම තීරණයක් ගෙන නැත. කෙදිනක පළ කරමිදැයි මමද නොදනිමි. බ්ලොග් ලෝකයට පැමිණි මුලම මෙවැන්නක් ලිවීම සුදුසුදැයි මම නොදනිමි. මේ බ්ලොග් ලියන්නන් අතර මා දන්නා කිසිවෙක්ම නැත. මේ වැන්නක් බ්ලොග් පාඨකයන් කෙසේ පිළිගනියිද? (මේ ලිපිය 2011 ජූලිවල ලියූවකි.)

මගේ වැඩ නිසා මගේ මවට සෑහෙන ප්‍රශ්න ගණනාවක්... පස් දෙනෙකුගෙන් යුතු අපේ පවුලත්, රාසයියා අංකල්ගේ ගෙදර කට්ටියත් පෝෂණය කළයුතු නොවැ....

ඔන්න දැන් මාර සේනාව අපේ මිදුලේ. අපිට කියලා වෙනම මිදුලක් නැහැ. මේ ගෙවල් හතකින් පහකටම ඇත්තේ එක මිදුලයි. ගේ ළඟම තාප්පේ ගෙවල් අතර පරතරය අඩියක්වත් නැහැ. මා සහ මව මුන්ට දැන් මුහුණ දෙන්න ඕනෙ.

අර බැගෑපත් මුහුණු...

ඔවුන්ගේ ප්‍රමුඛයා බි…..දු එකල සිටි මැරයෙක් අකාලේ මියගියා.

ආ මල්ලී එන්න එපෑ අපිත් එක්ක.

මම - ඇයි අයියා..

මැරයා - මේක මල්ලි ජාති ආලෙන් කරන වැඩක්... අපේ කොල්ලො මරල මුන්ට බේරෙන්න දෙන්න බැහැනේ.

මම - එහෙමද? (මම එවිටයි දැන ගත්තේ, මට අසනීප වූ විට බෙහෙත් ගෙන්න එක්ක යන, ක්ලාස් එක්ක යන, අපි සමඟ සෙල්ලම් කරන රාසයියා අංකල් අපේ හමුදාවට බෝම්බ තියන්න ගිය බව. )

දැන් මේ මැරයා මගෙන් අහනවා කෝ මල්ලි එහා ගෙදර ... දෙමළු ටික?

මම - අනේ මන්ද?

මැරයා - මල්ලී මුන් පැනලනෙ.

මම - නැහැ... නැහැ…. අයියා දැන් හිටියනේ.

රාසයියා අංකල් ගේ ගෙට පිටුපස මහ වෙල අවුරුදු සිය ගණනකින් වපුරා නැහැ. මහ පංකැලේ.

මැරයා - පංකැලේ මුන් ඇති ගිනිතියපියව් ඕකට.

මම - අයියා දැන් මේකට ගිනි තිබ්බොත් අපේ ගේ, අර ගෙවල් ඔක්කොම ගිනි ගන්නවනේ.

කෙසේ හෝ නිවසත් අවට වෙල් යායත් ගිනි තැබීමේ මෝඩ ක්‍රියාව නොකර සිටීමට උන් පෙළබීමට මට හැකි වුනා. උන් ගියේ අපේ කොල්ලො මරපු රාසයියා අංකල්ගේ ගේ බිමට සමතලා කරලම දාලා.

විනාඩි දහයක් විතර අපිත් එක්ක කතා කළ මැරයෝ යන්න ගියා. අපේ ගේ වහලා වෙන්ද වගේම මිදුලේ නංගිලයි මල්ලියි තියලා මම ගියා අම්මත් එක්ක වත්තල, ගෙදරට බඩු ගේන්න.

මොන වත්තලක්ද??

එකම විශාලා මහ නුවරක්.

හැම පැත්තෙන්ම ගිනි ගන්නවා.
හැබැයි දෙමළ මිනිස්සු නැහැ. ඒ අවුරුදු ගණනක් සිංහලයොත් එක්ක එකට කාල බීල හිටපු මිනිස්සුන්ව කවුරුත් මැරයන්ට පාවලා දුන්නේ නැහැ.

වත්තල එකම කඩයයි ඇරලා තිබ්බේ. ග…..ගේ මුදලාලිගේ කඩේ. ඒත් මුදලාලි නැහැ. මිනිහ ගිහිල්ලා එහාපැත්තේ තෙල් කඩේ හිටිය, හමුදාවට බෝම්බ තිබ්බ, මුදලාලිගේ කඩේ කඩන්න. බැලුවම අපිට ගන්න තිබුණේ පිටියි හාල් සීනි වගේ දේවල්. මිනිස්සු කඩෙන් බඩු ගන්නවා සල්ලි ගන්න කෙනෙක් නැහැ. අපි දෙන්නත් අපිට අවශ්‍ය දේවල් අරගෙන සල්ලි නොදීම ආවා.

මෙහෙම දින තුනක් විතර ගත වුණා. වත්තල පොලීසියේ සිටි සාජන් කෙනෙක් වූ මගේ පියාගේ සොයුරෙක් මාර්ගයෙන් මගේ මව රාසයියා පවුල රජයට බාරදුන්නා.

මූර්ති පවුලත් අහල පහළ අය විසින් බේරාගෙන තිබුණා. උපතින් පමණක් දෙමළ වූ මූර්තිලා දෙදෙනාම සිංහල කාන්තාවන් පාවාගෙන අදද ඉතා හොදින් සිංහලයන් මෙන් ජීවත් වෙනවා.

ජීවිත කාලයක් අපත් සමග දිවිගෙවූ පහක් හයක් පමණ ප්‍රමාණයක් කුරිරු ලෙස ඝාතනය වූවා.

ඒත් ඒ සියලුම මැරයන් සහ ඒවාට අනුබල දුන් අය අද මේවන විට මෙලොව නැහැ. මට මතකයි එක අවස්ථාවක, එයිට බොහෝ කාලයකට පසු එම සිද්ධීන් වලට ක්‍රියාකාරීව සම්බන්ධ වූ අයෙක්, වත්තල හංදියේදී තම මෝටර් සයිකලය මත වාඩි වී සිටියදී ලඟින් ගිය කන්ටේනර් රථයකට යට වී මිය ගියා. හිස පොඩි වී තිබුනේ බයිසිකලයට කිසිම හානියක් නොවී. මම කියන්නේ නැහැ එය හාස්කමක් ලෙස නමුත් වසර කීපයක් යත්දි ඉතාම තරුණ වියේ සිටි ඒ සියල්ලන්ම මෙලොවින් චුත වී ගියා.

මේ ටික ලිව්වේ 2012 ජූලි මස හෙවත් ඊයේ පෙරේද.

යම් ලෙසක ඒ අමිහිරි සිද්ධිය 1983 ජූලි මස සිදු නොවුනානම් අද මේ රට මෙයිට වඩා බොහෝ වෙනස් වෙන්න තිබුනා කියන එක මට නිතරම සිතෙනවා.

අපි ළඟින් ඇසුරු කළ අපත් එක්ක එකට සිටි දෙමළ මිනිසුන් මේ දිනයෙන් පසු සිටියේ වියරු වැටිලා. මම ඒක දැක්ක, ඒ සිරිමාවෝ බණඩාරනායක විද්‍යාලයේ තිබුණු අනාථ කඳවුරට දින කීපයක්ම කෑම බීම අරගෙන මගේ මිතුරන් බලන්න මම ආව නිසා. එදින කුඩා මටත් සිතුණා මේ රටේ අනාගතය වෙනස් වන සිද්ධියක් බවට මේක හැරෙයි කියලා.

අන්තිමට ඒක එහෙමම වුණා. දහස් ගණනක් අහිංසකයෝ මළා මගේ ළඟම අය කීපදෙනෙක් අකාලයේ මිය ගියා. කුරිරු යුද්ධය නිසා අනාථ වූ ජාති දෙකේම පිරිස කොපමණද?

එදා උදේම කළයුත්ත කළේ සවස 4ත් පසු වී මට මතක හැටියට. එදා උදේම රටපුරා ඇදිරි නීතිය දමා හමුදාව කැඳවූවා නම්, මේ රටේ ඊට පසු ඇති වූ අඳුරු යුගයට අපේ දරුවන් මුහුණ නොදීමට තිබුණා. එදා අපි මුහුණ දුන්නේ නීතියක් නැති දිනයකට. එදා ඒ පැය කීපය අපේ ප්‍රදේශය පාලනය කළේ මැරයෝ.

මෙහෙන් ගිය, ඒ අවධියේ අපේ වයසේ සිටි සියල්ලන්ම ත්රස්තවාදයට එක් වෙන්න ඇති. ඒකෙන් උන් ප්‍රබල වුණා. ප්‍රතිඵලය අවුරුදු 30 දිග්ගැසුණු යුද්ධය.

ඒ විතරක්ද?

මොනතරම් ජාති දෙකටම අයත් උගතුන්, වියතුන්, අහිංසකයෝ, දරුවෝ, වෙනත් ජාතීන්, විනාශ වුණාද?

අද මේ රට මේ තිබෙන ජරා තත්වයට පත්වෙන්න ඒ පැය කීපය හේතු වුණා නේද?.

ඒ නිසා අපි අද ගන්න තීරණ අපේ අනාගතයට මොනතරම් බලපානවද?

මේ කියන කිසි දෙයක් ගැන අවබෝධයක් නැති මැරයන් යම් තැනක, යම් කාලයක එක් මොහොතකට ප්‍රබල වීම රටක අනාගතයට කරන බලපෑම කොතෙක්ද?

මේ සියල්ලම මම ජීවත් වූ දශක කීපය තුළ මට අත්දකින්න වුණා. ඒ නිසා අපේ දරුවන්ට මේ සියල්ලෙන් තොර රටක් සාදා දෙන්න අපි හැමෝම කැපවිය යුතුයි නේද?

මේ ලිපිය කිසිදා පළ නොකරන්න සිතා සිටියත් එය පළ කළ යුතුම යැයි මට සිතුණේ එදා ඒ අදුරු දිනය වගේම භ්‍යානක පෙරනිමිත්තක් මම අද දකින නිසයි. ඒ....

දරුවන් කාමුකයන්ට බිලි වීම......

රටේ සියල්ලන්ටම සමානව තිබිය යුතු නීතියේ ආධිපත්‍ය ගිලිහී යාම...

විශේෂයෙන්ම මහජනයා නීතිය විශ්වාස නොකරන තැනට රට පත්වීම......

මට හිතෙන්නේ මේ රට කුරිරු යුද්ධයෙන් ගලවාගෙන අපි යන්නේ හසරක් නැතුව ප්‍රපාතයට.

රටේ නීතියෙ ප්රමුඛත්වයට නංවන්න මේ අවුරුදු තුන හොදටම ඇති. දැන්වත් ඒ ගැන යමක් කිරීම ඉතාමත් සුදුසුයි.

හෙට පරක්කු වැඩියි කිව්වොත් .....Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com89tag:blogger.com,1999:blog-3353470703579557654.post-26747638717895339432012-07-05T08:57:00.000+05:302012-07-05T08:58:05.586+05:30104. තරබාරුව මට්ටු කරන උපක්‍රම.මේ ලිපියේ තුන් වැනි කොටස තමා මේ. මුලින්ම පටන් ගනිද්දී නම් ඒ තරම් කොටස් කරන්න හිතුවෙ නැහැ. ඒත් ලියාගෙන යත්දි වැඩි වුණා. අදනම් අවසානයි.

ඔන්න භාෂාව බොහොම සරලව දෙන්න උත්සාහ කරනවා. ආයූර්වේදයේ භාෂාව ටිකක් සංකීර්ණයි. ඒකට හේතුව නවීන විද්‍යාව සිංහලෙන් විස්තර කිරීමට මේ ආයූර්වේද වචන යොදා ගැනීම. දැන් ඒවා ඇත්ත වචන වෙලා ආයූර්වේද වචනවල අර්ථ යට ගිහින්. ඕකට තමා කියන්නේ කලින් කල පලින් පල කියලා.

අපි මුල් ලිපිය ලියන කොට මුලින්ම කිව්වනේ ඉතාම වැදගත් වන අර ශ්ලෝක පාඨය ඒ ගැන අපි දැන් බලමු. එනම් ධාතු යනුවෙන් අදහස් කරන්නේ,
1. ශරීරය
2. මනස
3. ප්‍රාණය

මේ තුනෙන්
ශරීරය යනුවෙන් අපේ මේ ශරීරයත්,මනස යනුවෙන් අපේ සිතත්, ප්‍රාණය යනුවෙන් ජීවයත් අදහස් කෙරෙන්වා.

අපි දැන් බලමු මේ ප්‍රාණය, මනස, ශරීරය සදහා කොහොමද ධාතු වැදගත් වෙන්නේ කියලා.
1. ශරීරයේ පෝෂණය ඇති කරන්නේ මේ ධාතූන් විසින්.
2. මනසේ සමබර තාවය ඇති කරන්නේ මේ ධාතූන් විසින්. ඒකනේ කුසගින්නේ ඉන්නා කෙනෙකුට ආහාරයක් පළමුව දී පසුව බණ කීමට ක්‍රියා කළේ අපේ බුදුරජාණන් වහන්සේ.
3. ප්‍රාණය යනුවෙන් මෙහිදී අදහස් කළේ ජීවය පවත්වා ගැනීම.

මෙතැනදි,
1. ශාරීරික ධාතූන් වන්නේ සප්ත ධාතූන්
2. මානසික ධාතූන් වන්නේ රජස්, තමස්, සත්ව කියන තුන.
3. ප්‍රාණ ධාතූන් වශයෙන් ගන්න තියන්නේ වා, පිත්, සෙම්, සහ මහාභූත පංචකය.

දැන් බලමු ශරීරයේ පෝෂණය ඇති කර ගන්නා පිළිවෙළ.
මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් වැදගත් වෙනවා.
1. ධාතුන්ගෙන් පරිපූර්ණ සමබර ආහාරයක් ගැනීම.
2. ශරීරයේ නිසි කාර්යක්ෂමතාව පවත්වා ගැනීම සදහා ව්‍යායාම නිසි පරිදි සිදු කිරීම.

දැන් අපි බලමු ධාතු නිසි ලෙස පෝෂණය කරන ආහාර මොනවද කියලා.
"ප්රානීණාං පුනර්මූලමාහාරඃ" මෙකෙන් කිය වෙන්නේ සත්වයන්ගේ පැවැත්මට මුල ආහාරයයි. එනම්,
(මම මෙතැන් සිට කෙළින්ම ආහාර වට්ටෝරු අනුව කියන්නම්. මම හිතනවා එය ඔබට ඉතා ප්‍රයෝජනවත් කියලා.)

ධාන්‍ය - හැම දෙනෙක්ම ඉතා වැඩියෙන් ආහාරයට ගත යුතුය.
බාර්ලි, තිරිගු, වී, - ඇඟ නිවෙන, ශීත ගුණය ඇති කරන, මුත්‍ර කාරක (ඇති කරන) ගුණ ඇත.

මුං, මෑ, කඩල, පරිප්පු, උඳු, කොල්ලු, තල - මාංශජනකයි එනම් මාංශ ධාතු වර්ධකයි. මස් වෙනුවට ධාන්‍ය පාවිච්චිය හොදයි.
මින් උඳු ඉතා වටිනා ආහාරයකි. පුරුෂ මෙන්ම ස්ත්‍රී ධාතු (ඩිම්භ ශුක්‍රාණු වර්ධනයට හිතයි.)මව් කිරි වර්ධනයටද උඳු ඉතා ගුණයි.
මින් කොල්ලු සෙම් අධික අයට ඉතා ගුණයි.

තල - කකුල්වල කොරල සෑදෙන ගැහැණු ළමුන්ට, යටි පතුල් පැලීමට, දත් නිසි ලෙස වර්ධනයට, කෙස් වර්ධනයට, සිහි බුද්ධිය ඇති වීමට (ගැහැණු ළමුන්ට :D ) ඉතාම ගුණයි.

මෑ බී විටමින් ඉතා අධිකයි.

දැන් මම පොඩි රහසක් කියන්නම්. කොල්ලු තමයි කාන්තාවන්ට මෙන්ම පිරිමින්ටත් ඇඟේ අනවශ්‍ය මේදය අඩුකර ගැනීමට ඇති හොදම ධාන්‍ය වර්ගය. කොල්ලු කුඩුකර ඇඟ ගෑමටද සුදුසුයි. කඳ බීමට මෙන්ම උයා කෑමටද සුදුසුයි. තැම්බීමේදී ටික වෙලාවක් වැඩියෙන් තම්බාගත යුතුය.

ක්ෂුද්‍ර ධාන්‍ය - අමු, මෙනේරි, තණ මීට ඇතුළත්ය. බත් වෙනුවට ආහාරයට ගත හැකිය. මුත්‍ර රෝගීන්ට ඉතා හිතයි. ඉතා සැහැල්ලු බැවින් අධි රුධිර පීඩනය සහ දියවැඩියා රෝගීන්ට මෙන්ම කොලෙස්ටරෝල් වැඩි අයටත් හොදයි.
තණ හාල්ද ඉතා වටිනා අධි රුධිර පීඩනය සමනය කරන ආහාරයකි.

ව්‍යංජන පිණිස ගත හැකි එළවළු, සහ කොළ වර්ග.
ප්‍රධාන වර්ග පහකි.
1. කොළ - තම්පලා, කටු තම්පලා, කූර තම්පලා, සුළුකූර, කතුරු මුරුංගා, කංකුං, ( මව් කිරි වර්ධනයට ඉතා ගුණයි.) මුගුනුවැන්න- දියවැඩියාවට හිතයි, මව්කිරි වර්ධනයටද යෝග්‍යයි. මුත්‍ර රෝගීන්ට හිතයි. නිවිති - සියලුම ධාතු පෝෂණය කරයි, ශරීරයේ රුධිර වර්ධනයට ඉතා අවශ්‍යයි. සාරණ - දියවැඩියා රෝගීන්ගේ ශරීරයේ ඉදිමුම් ගතියට හිතයි. කතුරු මුරුන්ගා ඉතා පෝෂ්‍යදායකයි. ගෙඳ, කොහොඹ පලා - දියවැඩියා අයට කලාතුරකින්වත් දෙනවා නම් ගුණයි. පෙනෙර කොළ, හීරැස්ස, මඩු දළු, සලාද කොළ, කලුකැම්මේරිය, කොහිල දළු,

2. මල් - කතුරුමුරුංගා - (රහසෙන් කොල්ලන්ට විතරයි... ස්වප්න දෝෂයට හිතයි.) කෙසෙල් මුව දියවැඩියා රෝගීන්ට හිතයි.,මුරුංගා මල්

3. ගෙඩි/ කරල් - බණ්ඩක්කා - මෙන්න බඩු දිය වැඩියාවත් එක්ක එන ලිංගික දුබලතා සදහ ඉතා ගුණයි. තිබ්බටු, එළබටු, කොස් - පොලොස් දෙකම දියවැඩියාවට හිතයි, බෝන්චි, දඹල කරල්,මෑකරල්, පුහුල්, දියලඹු මේවාද ශරීරයේ ගිනියම නිවන මුත්රකාරකයන්ය. තියඹරා - පිපිඤ්ඤා මෙන්ය. බ්ලෙන්ඩ් කර බීමකට නම් ඉතා සුදුසුයි. කරවිල මමද සතියකට සැරයක් කරවිල අනිවාර්ය්යෙන්ම කමි. දියවැඩියා නො එයි කිසිදා. වැටකොළු මගේ ප්‍රියතම ආහාරයකි. පතෝල, තුබ කරවිල,

4. දඬු - ඔබ පුදුම වෙයි මේ ගැන මම නම් මේක කාලා තියනවා. කෙසෙල් බොඩ මාළුව. ඉතාම ගුණයි. තරබාරුව නැති කරනවා පමණක් නෙමෙයි රුධිරයේ ශුද්ධියත් ඇති කරනවා. තල දඩු, පුහුල් දඩු, ලූනුමල් දඩු මුත්‍ර රෝගීන්ට ඉතාම ගුණයි.

5. අල සහ හතු වර්ග - රාබු, ස්ථූලභාවයෙන් පෙලෙන අයට එතරම් ගුණ නැත.එකක් පමණ කියන්නම්. හිරිතල් - ශුක්රධාතු වර්ධකයි. :D

( ඉතා විශාල ගණනක් තිබුණත් මම මෙහිදී තරබාරුව ගැන පමණක් සැලකිලිමත් වෙමි. ඔබට අවශ්‍ය නම් වෙනත් දිනක ඒ අවශ්‍ය දේ ගැනත් ලියන්නම්. ඒ ගැන ඉල්ලීමක් කරන්න.)

පලතුරු
පලතුරු කියන්නේ අධික තරබාරුව ඇති කෙනෙක්ට ඉතාම ප්‍රයෝජනවත් දෙයක්. හැබැයි පලතුරු ආහාරයට ගන්නකොට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරනව නම් හොදයි.
ඔබගේ ආහාරයෙන් යම් පමණ ප්‍රමාණයක් ඉවත් කරන්න. දැන් ඒ පමණට ගැලපෙන්න පලතුරු ප්‍රමාණයක් ආහාරයට ගන්න. මේක ඉතාම වටිනා දෙයක්. මේ නිසා ආහාර ගන්න ප්‍රමාණය ඔබ නොදැනීම අඩු වෙනවා. හැබැයි ඔබේ ආහාරයේ පරිමාව එකමයි. එවිට අනවශ්‍ය ලෙස බඩගිනි දැනෙන්නේ නැහැ.

කෙසෙල් ගෙඩි - ඉදුණු කෙසෙල් පලතුරක් ලෙස ඉතාම වටිනා දෙයක්. සුවදැල් සහ කෝලිකුට්ටු ඉතා ගුණදායකයි. පෝෂ්‍ය ගුණය වැඩියි. ආනමාලු සිසිල් කාරකයි. ඇබුල් කෙසෙල් ආහාර දිරවීමේ ශක්තිය ඇති කරයි. අමතර ආහාරයක් ලෙස ඉතාම ගුණයි. අහාරයක් වෙනුවටද ගත හැක. උදාහරණ ලෙස අධික රාජකාරී කටයුතුවල යෙදී සිටින ඔබට දිවා ආහාරය වෙනුවට කෙසෙල් ගෙඩියක් දෙකක් ගත හැක. ඉන් ශරීරයට අවශ්‍ය පෝෂණය නිතැතින්ම ලැබේ.

අඹ - ශුක්‍රාණු වර්ධනයට ඉතාමත් ගුණදායකයි. අක්මාවේ සහ ප්ලීහවේ රෝග ඇති අයට යෝග්‍යයි.

බෙලි - මේ පලතුරක් පමණක් නොව අංග සම්පූර්ණ ආහාර වේලකි. ඔබ අසා ඇති මේ කෙටි පදය " බෙලි දෙනකොට බඩ යනවා, බඩ යනකොට බෙලි දෙනවා" එනම් බෙලි නිසා මල වියලීම නැති කරන, මෙන්ම අධික මල පිටවීමත් (බඩ වේලීම, සහ බඩ බුරුල් කර යාමත්,) සුව කරනවා. කොටින්ම ඩුවල් ඇක්ෂන්.

දිවුල් - මෙහිත් පෝෂ්‍ය ගුණය අධිකයි. එනම් ආහාරමය අගය වැඩියි.

තව ඕනෑ තරම් පලතුරු ඇතත් මෙහිදී ආහාරමය ගුණය වැදගත් ආහාරයක් වෙනුවට ගත හැකි පලතුරු පමණක් මවිසින් ගන්නා ලදි. උදාහරණ පේර, නෙල්ලි, කොමඩු, තක්කාලි, දෙළුම්, දොඩම් මේවාද නිතර භාවිතයට සුදුසු පලතුරු වේ.

පාන වර්ග
මේ පානද මවිසින් මෙහි යොදනු ලබන්නේ ආහාරමය ගුණය වැඩි ඒවා පමණි. එනම් ආහාර වේලක් අතහැර ඒ වෙනුවට යොදාගත හැකි පානයන් පමණක් මෙහි යොදා ඇත.
ප්‍රධානම පානය පිරිසිදු ජලයයි.
කුරුම්බා, වෑවර, නෙල්ලි පානය (නෙල්ලි කෝඩියල් නම් නෙමෙයි.) අඹ, කොත්තමල්ලි සිසිල්ව ගෙන පානය, (මෙහිදී කොත්තමල්ලි වතුරෙන් අඹරා තුනී පෙරහනකින් පෙරා සීනි කපුරු ස්වල්පය බැගින් මිශු කර අවශ්‍ය පරිදි සිසිල් ජලය දා ගෙන පානය ඉතාම සුදුසුයි.
කැඳ වර්ග මේ ගැන වෙනම දිනකදී ලියන්නම්. දැනට කොළ කැඳ ලෙස පිරිමින්ට වැල්පෙනෙලත්, කාන්තාවන්ට හාතාවාරියත් ඉතාම ගුණ දායකයි.

කරපිංචා කොළ කැඳ මෙය අධික ස්ථූලතාවයෙන් පෙළෙන අයට ඉතාම හොදයි. සතියකට වරක්වත් ගත යුතුයි. දෙවරක් නම් වඩාත් හොදයි එයිට වැඩියෙන් ගැනීම නිරෝගී අයට නුසුදුසුයි. මින් අක්මාවේ ඇතිවන ෆැටි ලිවර් යන තත්ත්වය සහමුලින්ම සුව වේ. ( මා මෙය අත්හදා බලා ඇත. ඉතාම නිවැරදියි. දැන් අවුරුදු ගණන් තිබුණු අය සතියෙන් බලාපොරොත්තු තියන්න එපා. මාස කීපයක් කරන්න.)

තවත් දෙයක් කියන්න තියනවා ආහාරය ගැන ඒ ඔබ නිතර දකිනවා ඇති (අපේ ප්‍රවීණ බ්ලොග්කරු, මගේ බ්ලොග් ගුරු ) මාරයා මැතිතුමා මූණු පොතේ දි ඔහුගේ පාතරසය අතුළු අනෙක් රසයන් ඔක්කොමගේ ඡායාරූප පළ කරනවා. මම දකින විශේෂයක් තිබෙනවා ඔහුගේ ආහාර රටාවේ. මම ඔබටත් කියන්නේ අන්න ඒ ක්‍රමය පිළිපදින්න. බලන්න ඔහු හැම විටම බත් බෙදාගෙන තියන්නේ හරිම පොඩ්ඩයි. එළවළු මාළු පිනි ඊට වඩා බෙදාගෙන තිබෙනවා දකිනවා. ඒක ඉතාම නිවැරදි පිළිවෙළක්. ඔබත් එතුමාව අනුගමනය කරන්න.( හැබැයි අපිට නොපෙනෙන්න උන්දැ දීල අදිනවද දන්නේ නැහැ.)

තව පොඩි දෙයක් නුසුදුසු ත්‍රිත්වයක් තිබෙනවා ආහාරයේ. විශේෂයෙන් බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන්ට මේ දේ ඉතාම වැදගත්. මේක අනුගමනය කරන්න.
නුසුදුසු ත්‍රිත්වය.
1. සීනි
2. මේද
3. දිය ලුණු

අධික තරබාරුව අඩු කිරීමටත් ඒත් එක්කම බඩජාරිකමට කෑමටත් පොඩි උපක්‍රමයක් තිබෙනවා. දැන් බලන්න අපි සතියකට ආහාර වේල් 21 ගන්නවනේ. ඔබ මම මේ කියන ආකාරයට ආහාර වේල් 18 ගන්න. ඉතිරි වේල් තුන බඩජාරි කමට කන්න.

ඉතාම කෙටියෙන් ආහාරය ගැන දැනට ඉවරයි. ඊළඟට ව්‍යායාම.

දැන් මේක දිගයිනෙ..... මොනවා කරන්නද මන්ද...
ඔන්න ඔහේ ලියලම දානවා.

ව්‍යායාමයට සුදුසු පුද්ගලයන්.
ඉතා වැඩි මේද ප්‍රමාණයක් නිතිපතා ආහාරයට ගන්නා අය. බ්ලොග් අවකාශ සිටින ඇඟ නොසොල්ලා සිටින මිතුරු මිතුරියන් පොදුවේ තමන්ගේ නීරෝගී පැවැත්ම අපේක්ෂා කරන්නන් නිතිපතා ව්‍යායාම කළ යුතු වේ.

ව්‍යායාමයට සුදුසු කාලය.
ශීත හා කාලයේදී තරමක් වැඩිපුරත් අනෙක් කාල වලදී සමාන කාලයකුත් ව්‍යායාම කළ යුතු වේ. සාමාන්‍ය වශයෙන් වැඩුනු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව්‍යායාම මිනිත්තු 45 පැයත් අතර කළ යුතුයි. වඩාත් සුදුසු වන්නේ, ඇවිදීම, බයිසිකල් පැදීම, බැඩ්මින්ටන් ක්‍රීඩාව, ආදියයි. මේ අතරට සතියකට වරක් පිහිනීමත් සුදුසු වේ. ( අනෙක් ව්‍යායාමයන් කරන අතර.)

ප්‍රයෝජන නම් අධික මේද ප්‍රමාණය ඉක්මනින් දිය වීම. හෘදයේ ක්‍රියාව ක්‍රමවත් වීම. කාන්තාවන්ගේ මාසික ක්‍රියා නිසි අයුරින් සිදු වීම. ආහාර ජීර්ණය මනාව සිදු වීම. නිසි දේහ පෞර්ෂ්‍යත්වයක් ඇති වීම.

ව්‍යායාමය නිසි අයුරු කෙරුන බව දැනගන්නේ සියුම්ව පටන් ගන්නා දහදිය දැමීම නොකඩවා සිදුවන විටය.

දැන් මානසික තත්ත්වය මේ ඉතාමත් සියුම්ව බැලිය යුත්තකි. මොන රෝගයක්වත් මානසිකත්වයෙන් තොරව ඇති වන්නේ නැත. ඒ නිසා හිත හදාගෙන් එන දෙයට මුහුණ දීමෙන් සහ ඉහත ක්‍රම අනුගමනය කිරීමෙන් යම් කිසි වර්ධනයක් හෙවත් ශරීරයේ ස්ථූලභාවය යම් තරමකට අඩු කර ගත හැකි බව මට නම් විශ්වාසයි. අඩු ගණනේ මාසයක්වත් දිගටම පිළිවෙළකට කිරීමෙන් යම් ප්‍රතිඵල අත්කරගත හැක. ඒ මාස තුනක් පමණ කිරීමෙන් නිති සහනයක් ලද හැක.

ඉහත අප කියූ ආකාරයේ ආහාර ගනිමින් නිතිපතා ව්‍යායාම කරමින්, සැහැල්ලු මනසකින් සිටින පුද්ගලයාගේ ත්රිදෝෂය ඉතා යහපත්ව ක්‍රියා කරන අතර, ආහාරයෙන් ශරීරයට ලැබෙන පෝෂණය හෙවත් පංචභූතාත්මක බලපෑම ඉතා යහපත් වේ. එවිට සියක් වසක් ලෙඩ නැතුව සිටීමේ හැකියාව ලැබෙනු ඇත. :D

නිරෝගී සැප හැර වෙන සැපයක් මිහිපිට ඇත්ද?Dr. R. A. R. P. Susantha (Ph.D)http://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.com67