Wednesday, August 17, 2011

කළු නික.

මගේ කලින් ලිපි වලට ලැබුනු කමෙන්ට් වලින් මම ලිපි කීපයක් ලියනවා. ඒවා ඉවර වෙනකන් මේ ගැන හිතන්න................................

පසුගිය ලිපි කීපය නිසා අලුතෙන් ලියන්න හොඳ මාතෘකා කීපයක්ම ලැබුනා. මුලින්ම වෙනසකටත් එක්ක, ඒත් අපේ මිත්‍රයෙක් ඉල්ලා තිබූ නිසා හිතුවා ශාකයක් ගැන ලියන්න. ඒත් තෝරා ගත්තේ එසේ මෙසේ ශාකයක් නෙමෙයි. ඔබ මම කවුරුත් දන්නෙ නැති, ඒත් ඕනෙවටත් වඩා අහලා තියන ශාකයක් මේ.

අපි සාමාන්‍යයෙන් කථාවට කියනවනේ කළු නික වගේ කියලා. ඒ කියමන අනුව ඒ කලු නික මොන වගේ දෙයක්ද කියලා අපිට හිතා ගන්න පුලුවන්නේ.

ඒ කියන්නේ ඉතාම දුර්ලභ දෙයක් කියන එක.

මේ කළු නික කථාව ගැන අපි යම් යම් අනුමාන හිතනවා. නමුත් 100% හරිද කියල මම දන්නේ නැහැ. ඒත් මම මෙහෙම දෙයක් හිතලා තියනවා. මේක මගේ නිර්මාණයක් විතරයි ඒ නිසා මෙහි සත්‍යාසත්‍ය භාවය 100% තහවුරු කරලා නැහැ. යමෙක් මේ ගැන තර්ක කලොත් මට කට උත්තරත් නැහැ. හැබැයි කවුරු හරි මේ ගැන පර්යේෂණයක් කරනවා නම් මගේ උපරිම සහාය දෙනවා. මට නම් දැනට කරන පර්යේෂණ හොඳටම ඇති ජීවිතේටම මෙච්චරයි. මගේ ක්ෂේත්‍රයෙන් පිට යන්න මට වැඩක් නැහැ. ඒ නිසා මගේ මේ සිතුවිල්ල කවුරු හරි අරගෙන පර්යේෂණයක් කරන්න මම 100% වැඩියෙන් සහය දෙනවා.

දැන බලමු කළු නික ගැන අපි දන්න දේ.
1. ඉතාම දුර්ලභයි.
2. වැවෙන්නේ බොහෝම සීමිතවයි.
3. කවුරුත් අදුනන්නේ නැහැ.
4. කළු පාටට සම්බන්ධයක් තියනවා.
5. නික කියන ශාක නාමය හා සමව නම් වෙලා තියනවා.

මෙතන්දි අපි දැන් දන්න දෙවල් එක්ක මේ කියන කාරණා ගලපන්න බලමු.

1. ඔව් දුර්ලභයිනේ, මොකද අපි දන්නේ නැහැ. එහෙනම් බලමු ආයුර්වේදෙ ශාක නාම කරන පිලිවෙල. මේකෙදි දන්නවද ශාක නාම කරන ක්‍රමයක් ආයුර්වේදෙට ආවේනිකව තියනවා. ඒ නාමයන් හැම විටම කොටස් කීපයක් අනුව තමයි හැදිලා තියන්නේ.
අ/ ශාකයේ පෙනුම අනුව නාම කරනය කිරීම. උදාහරනයක් විදියට ගත්තොත් කළුදුරු .
ආ/ ගුණයක් ඇසුරින් නම් කිරීම උදා. කොහොඹ - වරතික්තා
මෙවැනි ක්‍රම රාශියක් උපයෝගී කරගෙන තියෙනවා ආයූර්වේද ශාස්ත්‍රයෙහි ශාඛ නාම කරණය සඳහා.

2. මේ සීමිතව වැවෙන කථාව එන්නෙත් දුර්ලභයි කියන නිසානේ. එතකොට අපි දැනට දන්න තරමින් මේගැන දන්න දෙයක් නැහැ. ඒ කියන්නේ දැකලා සොයාගෙන කොහේවත් පිලිවෙලකට සටහන් වෙලා නැහැ.

3. ඉහත කියූ ආකාරයටම මේක කොහේවත් දැකපු බවට සටහන් වෙලා නැහැ කියන එකනේ.

4. ඔව් මේ සාධකය ඉතා වැදගත් අපි දන්නවා ඉහත 1 සාධකය අනුව අපිට ආයූර්වේද ශාක නාම කරණයේදී පැහැය ගන්නත් පුළුවන් නාම කරන සාධකයක් ලෙස. එතකොට අපිට එනවා පොඩි හෝඩුවාවක් ඔන්න කළු කියන පැහැය එක්ක මේ කළු නිකවල යම් සම්බන්ධයක් තියනවා කියලා.

5. නික කියලා හදුන්වන ශාඛ එක්ක මේකෙ සම්බන්ධයක් තියනවා. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි නික වර්ග වෙන්නේ නික, සුදුමල් නික, නිල්මල් නික, වගේ නික වර්ග. මේවා හැම එකක්ම අයත් වෙන්නේ Verbenaceae (නිර්ගුන්ඩී) කුලයට. හැබැයි මේ නික අතර කළු කියන පදය එක්ක සම්බන්ධයක් තිබෙන ශාකයක් නැහැ. ඒ තබා අපේ දකුණු ඉන්දීය කලාපෙ කිසිම භාෂාවක මේ නික එක්ක කළු කියන වචනය යන්නේ නැහැ. එහෙම නම් ඒකත් පැත්තකින් තියමු.

අපි දැන් බලමු මේ කළු නික සොයා ගන්න උපකාරී වෙන යම් තොරතුරක් ජන සාහිත්‍යයේ තියනවද කියලා, ඔව් මම අහලා තියනවා කපුටු කූඩුවල මේ කළු නික කෑලි කපුටන් ගෙනත් හංගනවා කියලා. ඒ ඔස්සේ හොයලා බැලුවම මට දැන ගන්න ලැබුනු දෙයක් තමයි කපුටු කූඩුවල නික තියා මොනම ශාකයක්වත් සොයා ගන්න අමාරු කියන එක. නමුත් අළුත හදාගෙන යන කපුටු කූඩු ගනනාවක් ආශ්‍රය කරගෙන කරපු සොයා බැලීමේදී අපිට පෙනුනා යම් කිසි කපුටු කූඩු කීපයකම හදුනාගත හැකි ශාක විදියට කරපිංචා ශාකවල දඬු තිබුනු බව.
ඔන්න අපිට ලැබුනා පොඩි ආලෝකයක්. මෙතනදි අපි කලේ මේ කරපින්චා ශාකය ගැන නැවත ශාක විද්‍යාත්මකව සොයා බැලූ එක.

එහිදී හරි අපූරු තොරතුරු රැසක් අපිට ලැබුනා.
1. කරපින්චා ඉතාම ඉක්මනින් කළු පැහැයට හැරෙනවා.
2. කරපින්චාවලට කියන පර්යාය නම් අතරේ තියනවා නිම්භ, කෘෂ්ණනිම්භ, සුරභිනිම්භ කියන පර්යාය නම් හෙවත් වෙනත් නම්.

ආයූර්වේද වෛද්‍ය විද්‍යාවේ ශාක නම් කිරීමේදී තිබෙන ඉතාම වෙනස් දෙයක් තමයි, ශාකවල නම වැඩිය භාවිතා නොවෙන නම් වලින් ඖෂධ සඳහා ගැනීම.( මේකත් අද බටහිර බෙහෙත් ලතින් නම් වලින් හදුන්වනවා වගේ වැඩක් වෙන්න ඇති. මේවා ඇති වෙලා තියන්නේ ඉතාමත් ඈත අතීතයේ නිසාත් ඒ පිළිබඳ පොත් පත් දැනට සොයා ගන්න අමාරු නිසාත් මේවැනි ක්‍රම අනුගමනය කල හේතුව සොයා ගැනීම අද හරි අපහසුයි.)

ඒ තොරතුර අනුව අපි බලමු මේ නම් වලින් ගම්‍ය වෙන අදහස මොකක්ද කියලා.

1. නිම්භ කියනවා - කොහොඹ වලට, නික වලටත් නිම්භ කියලා නමක් තියනවා.

2. සුරභි නිම්භ - මේ සුරභි කියන්නේ සිතූ පැතූ සම්පත් දෙන කියන අර්ථයනේ. එහෙමත් නැත්නම් සරුසාර කියන අර්ථයනේ, එතකොට සුරභිනිම්භ කියන්නේ ඕනෙම ලෙඩකට හොඳ කියන අර්ථය විදියට ගන්න පුළුවන්.

3. කෘෂ්ණ නිම්භ - මෙකෙන් කියන්නේ කෘෂ්ණ කියන්නේ කළු කියන එකට එහෙම නම් කළු නික කියන අර්ථය එනවා මේ කෘෂ්ණ නිම්භ වලින්. තව දුරටත් සොයා බැලුවම පේනවා කරපින්චාවල තියන අර ඉක්මනට කළු ගැහෙන ගතිය නිසා තමයි මේ කෘෂ්ණ නිම්භ කියන නම හැදිලා තියන්නේ කියලා.

අපේ ඉහත කියු සාධක හැම එකක්ම සපුරනවා මේ කරපින්චා ශාකය. කළු නික නමින් කරපින්චා ගැනීම ඉතාමත් දුර්ලභයි. සොයා ගන්න අපහසුයි ඒ නමින්, කළුපාට ගැහෙනවා ඉක්මනින්. නික කියන පර්යාය නාමය තියනවා. කපුටු කූඩුවලත් තියනවා. ඒ අනුව යම් සැකයක් ඇති කර ගන්න පුලුවන් මේ කරපින්චා වලටම කියන තවත් නමක් තමයි කළු නික කියන්නේ කියලා.

( තවත් දෙයක් මේ කරපින්චා, කොහොඹ, නික කියන ශාකවලට නික කියන නම තිබුනට ඒවා ආයූර්වේදෙවත් එකට ගන්නේ නැහැ. වෙනස් වෙනස් හෙතු නිසා නිසා තමයි මේ නාම කරණය ඇවිත් තියන්නේ.)

ඔන්න එහෙනම් කළු නික.

(මේ ගැන තව විද්‍යාත්මක පර්යේෂණයක් කරන්න කියලා මම ඔබ අතරින් කැමති කෙනෙක්ට ආරාධනය කරනවා.)

35 comments:

  1. අනේ මන්ද කළු නික ....

    ඉන්දියානු සමිබන්ධ යක් ඕකට තියනවා කියලා මම අහලා තියනවා ....

    ReplyDelete
  2. ඉතාම හරවත් ලිපියක්.වෙද මහත්තයා කියපු විදියට කලුනික කියන්නේ කරපින්චා වලට වෙන්නත් පුලුවන් මොකද එකින් එක ලිහලා ගත්තම එහෙම කියලත් හිතෙනවා....

    ReplyDelete
  3. //ඉතාම දුර්ලභයි.
    වැවෙන්නේ බොහෝම සීමිතවයි.
    කවුරුත් අදුනන්නේ නැහැ.//

    මේ කරුනු තුනම කරපිංචා වලට අදාල නෑනේ.
    'කලු නික' කියන්නේ කරපිංචා වෙන්ට බෑ කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ලාංකික ජන සමාජය තුල අතීතයේ සිට විශ්වාසයක් ලෙස එන සිතු පැතු සම්පත් ගෙන දෙන කළුනික නම් ඉතා දුර්ලභ ශාකය හඳුනාගැනීමට ඇති ප්‍රධාන ලක්ෂණය ලෙස කියැවෙන්නේ එම දැවය ජලයේ ගිලි යාමය . (කරපිංචා නම් පාවෙනවා.)

      ඇක්විලාරියා හා ගයිරිනොප්ස් ( වල්ල පට්ටා ) අගාර් රෙසිනය ඉතාම හොඳින් පිරුන ඉහලම පෙලේ අගාර්වුඩ් දැවය ජලය තුල ගිලි යන අතර කිලෝ ග්‍රෑමයක් රුපියල් ලක්ෂ ගණනක් වටී . මෙම දැව කොටස් අතීත ආසියාවේ රත්රන් වලට වඩා වැඩි මිලකට ගනු දෙනු වී ඇත .
      අපේ මුතුන් මිත්තන් අපට මේ පවසන්නේ මිත්‍යා ශාකයක් ගැන නොව ඔවුන් හොඳින් දැන සිටි අගාර්වුඩ් පිළිබඳව ද ? - චින්තක විජයවීර 2013

      වැඩි විස්තර http://ceylonagarwood.blogspot.com/

      Delete
  4. හොඳ තර්කයක්. කරපිංචා ඔය කියන තරම් දුර්ලභ නම් නෑ. හනේ.. මංදා..?

    ReplyDelete
  5. කළු නික හමුවූ කෙනෙක්වත් දැකපු කෙනෙක්වත් මෙතෙක් හමුවී නෑ.
    මෙයින් වාසනාව උදාවෙනව කියල අහල තියනව..
    ඒත් ජනපරවාදයේ තියෙන්නේ රූමස්සල කන්දේ තියනව කියල....

    ReplyDelete
  6. පොඩි කාලේ කවුරු හරි "කොහොමද?" කියලා ඇහැව්වාම අපි කියන්නේ "කොහොඹත් නික වගෙයි!" කියලයි.

    නික කොහොමද කියලා ඇහැව්වොත් දෙන උත්තරේ ඊට වැඩිය ජොලි එකක්.

    ReplyDelete
  7. ඕක ශාකයක්මයි කියල හරියටම විස්වාසද? මම හිතාන හිටියේ පොළොවෙං ගන්න දෙයක් කියල!

    ReplyDelete
  8. කලින් ලිපියේ කමෙන්ට්ස් වලට පිලිතුරු වෙනුවට එක් එක් අය කියලා තියන දෙවල් අනුව ලිපියක් ලියනවා. මේ ලිපියට පිලිතුරු වෙන වෙනම දෙන්නම්.

    වෙලාව ලඟයි,
    ඔව් ඔව් අපි කාටත් වෙලාව ලඟයි නේන්නම්. ඉතිං මගේ ලිපියේ මූලිකම තර්කය වෙන්නේ ඉන්දියානු භාෂාවන් අනුව ශාකවලට දෙන නම් නිසා තමයි මේ පටලැවිල්ල ඇති වෙලා තියන්නේ.

    අසංක,
    බොහෝම ස්තුතියි. මගේ තර්කයත් ඒකයි.

    පොඩි කුමාරිහාමි,
    ඔබ කියන දේ හරි. ඒත් මෙතන ශාකය නෙමෙයි දුර්ලභ වෙලා තියන්නේ නම. මෙහිදී ප්‍රයෝජනයට අරන් තියන්නේ ඉතාම දුර්ලභ නමක්. නමුත් ඒ නමට වඩා සුලභ නම් තියෙත්දී. මේක ආයූර්වේදයේ පාවිච්චි කරන එක උපක්‍රමයක්.

    චතුරංග,
    ඔව් මල්ලී පොඩි කුමාරිහාමිට දුන්නු පිලිතුර බලන්න. ස්තුතියි මේ පැත්තෙ එනවට.

    ගිම්හාණී,
    ඔව් ඔව් නමුත් රූමස්සල තියන්නේ කළුනික නෙමෙයි. ඒකට කියන්නේ කොන්තාලම් කියලා. මේක තියන්නේ රූමස්සල විතරයි. හැබැයි මාතර අපේ ගෙදරත් තියනවා මම හිටවලා.

    කතන්දර,
    කතන්දර "පල්" කථානෙ කියන්නේ.

    පොඩි ගමයා,
    ශාකයක් බවනම් ස්තිරයි. හැබැයි කරපින්චාද කියන එකයි ප්‍රශ්නෙ?

    ReplyDelete
  9. 1960 වසරේ පලවූ රසවාහිනී සගරාවක තිබු ලිපියක් බොහෝ කලකට පෙර කියවුවෙමි.ලිපියේ කතුවරයාගේ නම දැන් මට අමතකය.එම සඟරාවද දැන් මාසතුව නැත.එම ලිපියට අනුව ඇටි කුකුල් බිත්තර සහිත කුඩුවක් තෝරාගෙන එක බිත්තරයක් රන් කම්බියකින් බැඳ අනිත් බිත්තර සමගම කුඩුවේ තිබෙන්නට හරිනු ලැබේ.බිත්තර බිදී පැටවුන් එලියට එනවිට,රන් කෙන්දෙන් බැදී බිත්තරෙයේ සිටි පැටවුන්ට නිදහස් වීමට නොහැකිව සිටිති.එවිට කුරුළු මව් පියවරු කළුනික කෝටු කැබැල්ලක් රැගෙන විත් රන් කෙන්දෙ ස්පර්ශ වනලෙස තබති.එවිට රන් කෙන්ද බිදී පැටවුන් නිදහස් වෙති.කුරුල්ලන් විසින් කුඩුව අත්හල විට එය ගලායන දිය පහරක ඉතා ප්‍රවේසමෙන් විසුරවිය යුතුය.එවිට කළුනික කැබැල්ල පමණක් උඩු ගම් බලා පාවෙනු ඇත යන්න එම ලිපියේ සදහන්ව තිබුණා මට මතකය.ම එය අත්හදා බලා නැත.ලිපියට අනුව කරපිංචා විය නොහැකිය.ශ්‍රී පාද රක්ෂිතයේ ඇති දුර්ලභ ශාකයක් විය යුතුය.

    ReplyDelete
  10. ඇනෝ,
    අන්න හොඳයි. ප්‍රති තර්කයක් ආවා. මේ වගේ දෙයක් මමත් අහලා තියනවා. හැබැයි කරපින්චා ගැන වගේ තර්ක කරන්න අමාරුයි. කොයි හැටි වෙතත් හොඳ සාධකයක්. අපි ඒ ගැනත් හිතමු.

    ReplyDelete
  11. කලු නික කීවාම මතක් උනේ මේ ලගදි දවසක මං කොහේදි හරි දැක්කා ජනාධිපති තුමාට කව්ද කස්ටියක් කලුනික පැලයක් ගෙනල්ල දෙනවා ඕන් ...... නිව්ස් එකේ තිබ්බ විදිහට කෘශිකර්මෙන් හරි පරිසර අමාත්‍යන්ශෙන් හරි .............. ඔන්න කලුනික හොයන්න යන සෙට් එකට මං පොඩි හෝඩුවවක් හොයලා දුන්නා පොඩ්ඩක් කතාව ඇත්තද කියලා බැලුවනං..........

    ReplyDelete
  12. ඔය සිද්ධිය දැක්කා. ඒ දුන්නේ ප්‍රාණ ජීව කියන පැලෑටිය. හැබැයි ඒකත් ඉතාම හොඳ ඖෂධයක්. මේ යක්කු පුදුම ජාතියක්. හෙන ගහනවද හරි නම කිව්වම බොරු නොකර. දන්න තරම තමයි. අනික කළුනික හොයල දුන්න කියල මොනව හරි කඩා වඩා ගන්න බලන්න ඇති.

    ReplyDelete
  13. ප්‍රාණජීව ගහක්නම් අපේ ගෙදරත් තිබ්බා. ඒක වටිනා බෙහෙතක්ලු. ඒ ගැනත් මම අහන්නමයි හිටියේ..ප්‍රනජීවවල ගුන අගුනත් කෙටියෙන් කියන්න පුලුවන්නම්.

    තවත් දෙයක්. වෛද්‍ය සුජීව විතානගේ ප්‍රනජීව කියල බෙහෙතක් හදල තියනවනේ . ඒ බෙහෙතත් ප්‍රානජීව වලින් හදපු එකක්ද?

    ReplyDelete
  14. වේද මහතාගේ කරපිංචා තර්කයට යම් පදනමක් තියෙන බව පැහැදිලියි.අර ඇනෝ කියපු ඇටි කුකුළු කතන්දරේ මාත් අහලා තියෙනවා ඒත් ප්‍රබන්ධමය ස්වරූපයක් තමා ඒකෙන් පෙන්නේ.

    මම කලින් ඉල්ලීමක් කළා වගේ වෙද මහත්තයා ප්‍රාණජීව ගැන ලියනවානම් සතුටුයි.

    @ගිම්හානි : තවමත් ප්‍රාණජීව පැලැටි ඔබ ළඟ තියෙනවාද? බීජ හට ගන්නේ ජනවාරි මාසයේ. තියෙනවානම් අපටත් ලබා දෙන්න. වරක් පේරාදෙණිය උද්භිද උද්‍යානයට ප්‍රාණජීව බීජ ලබා දුන්නේ මම.අවාසනාවට වටිනාකම නොදන්නා කෙනෙක් මගේ ප්‍රාණජීව වගාව විනාශ කර තිබුනා. (වෙද මහත්තය ළඟ මේවා නැත්ද?)

    ReplyDelete
  15. @ඉඳුනිල්
    මාත් ඇනෝ කිව කතාව අහලා තිබ්බා.

    මේ ප්‍රාණජීව ශාකය අපේ ගමේ ගෙදර තිබ්බෙ. දැන් තියනවද දන්නෙත් නෑ. මැරිලත් ඇති. අපි ඒකෙ වටිනාකම දැන සිටියෙත් නෑ. තාමත් දන්නෙ නෑ මොනවට ගන්නවද කියලවත්. ඒ නිසයි මම ඇහුවෙ මේ සම්බන්දව.. ඒකෙ ලා කොලපාට කුඩා පත්‍ර... නේද තියෙන්නේ .

    ReplyDelete
  16. @ගිම්හානි : මම දන්නේ ප්‍රාණජීව දුර්ලභ ඖෂධ ශාකයක් කියන එක විතරයි. මට ලබා දුන්නේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. දැන් පන්සලෙනුත් ඒක වඳ වෙලා ගිහින්. කොළ පාට පත්‍ර වල නටුව අග තවත් කුඩා උප පත්‍ර දෙකක් තියෙනවා. මේ උප පත්‍ර වරින් වර තමන් විසින්ම චලනය වෙනවා.හවසට මුළු ශාකයම එක පොදියක් සේ හැකිලෙනවා.

    ReplyDelete
  17. ඔව් අපි ලගට වෙලා බලාගෙන ඉන්නව ඉස්සර ඒ කුඩා පත්‍ර සෙලවෙනහැටි.

    වෙද මහත්තයගෙන් ගුටි කන්න වේද දන්නේ නෑ. මාතෘකාවෙන් පිට කතා කරන්න ගිහින්...

    ReplyDelete
  18. I heard some stories about Rama Rawana war. Rama's suppoter, Hanuman need that Kalunika cos he need to give a treetment to Rama's brother. He was terrible damaged by the Rawana and need to give tough and direct treetment to cure the diseases. So Hanuman jumped through the sea and went to Himal. He was hurry and picked up the mountain hill, cos he couldn't find that Kalaunika exactly. Then came back to SL and give that plant to Rama's brother. Then he was dropped that hill to sea. I heard that is Roomassala wich is near to Galle.

    ReplyDelete
  19. manori,
    Thank you for your very good comment.
    mano the thing is at that time hanuman brought part of the himalayan with very valuable herbs. He searched mrutha sanjeewani, not kalunika. One day ill write about that plant.

    ReplyDelete
  20. කළුනික කියන්නෙ ගොඩක් දුර්ලභ දෙයක් කියලයි අහල තියෙන්නෙ... කරපිංචා බොහොම සුලබ දෙයක් නිසා මම හිතන්නෙ නෑ කළුනික කියන්නෙ කරපිංචා කියල...

    ReplyDelete
  21. හොඳ විග්‍රහයක් ඒත් කරපිංචා නම් වෙන්න බැය කියල මට හිතෙනව , අර ශ්‍රි පාද රක්ෂිතයේ කථාව නම් වෙන්න බැරි නැ , මොකද ශ්‍රි පාද රක්ෂිතයේ හඳුනානොගත් පැල්ටි , සතුන් සැහෙන්න ඉන්නවය කියල මම අහල තියනව . ශ්‍රි පාද රක්ෂිතය අනික් වනාන්තර වලට වඩා අඩුවෙන් තමයි පර්යේෂන වලට ලක්වෙන්නේ . එකක් මිනිස්සුන්ගේ විශ්වාස , අනික් අතට භූ විද්‍යාත්මකව හා දේශගුණිකව තියන දුෂ්කරතාවය

    ReplyDelete
  22. අදයි මේක දැක්කෙ.. මට මිස් වෙලා.. වෙද මහත්තය මගේ කොමෙන්ට් වලට තරහ නෑනේ.. ඔය අද පිස්සු කෙලින සිරස රේඩීයෝව පටන් ගත්ත කාලේ වැඩ සටහන් කලේ කිංස්ලීයි කුසුම් පීරිස්ගේ දුව තමාලී පීරිසුයි, සුරංගියි... ඒ කාළේ දුරකතනෙන් කෙලින්ම සම්බන්ද වෙන්න පුළුවන්. කින්ග්ස්ලී දවසේ ප්‍රශ්නය යොමු කලා..." කළුනික තියෙන්නේ කොහේද..???" එක නොසන්ඩාලයෙක් කෝල් කලා.. කින්ග්ස්ලිව නියමෙට ඇන්දුවා.. කළුනික ද අයියේ.. ඔව් ඔව් කළුනික තමයි.. මල්ලි දන්නවද කොහේද තියෙන්නෙ කියල.. දන්නව අයියේ.. එහෙනම් කියන්න බලන්න කොහේද තියෙන්නේ කියල.. ඔය සුරංගී අක්කගේ ගවුම ඉස්සුවම හරි.. ඉක්මනට උස්සල බලන්න.. ඒ ඓතිහාසික කෝල් එහෙන් පස්සෙ තමයි චැනල් එකෙන් නම්බරේට කෝල් කරල චෙක් කොරල ආන්සර් කොරන්න පටන් ගත්තේ..

    කොහොමෙයි කළුනික වල පවර් එක

    ReplyDelete
  23. මටත් කළුනික කියපු ගමන් ඔය කථාව මතක් උනා.
    ඒත් කියන්න බැරි නිසා නිකම් හිටියා..

    ReplyDelete
  24. පහු ගිය දවස් වල මෙ පැත්තෙ ගොඩවුනාට කොමෙන්ට් එකක් දාන්න තරම් සුදුසු සැහැල්ලුවක් නොතිබුන නිසා පොස්ට් එක කියවලා හොරෙන්ම ගියා වෙද මහත්තයො..සමාවෙන්න..

    ඔය සුරංගි ළඟ කළුනික හොයපු කතාව නම් මමත් අහලා තියනවා. හැබැයි සුරංගි ගෙ පියා කළුනික වගේ දුලභ හැකියාවන් ගොඩක් තිබුන , ඒ වගෙම කරපිංචා වගෙ රසය අරගන විසිකරලා දාපු, මසුරන් කටක් තිබුන මනුස්සයෙක්නෙ..

    ඔබ කියන දේ ගැන ටිකක් සොයන කොට මට මෙන්න මේක කියවන්න ලැබුනා.
    /නික ශාකයෙහි ප‍්‍රභේද දෙකකි. ළපටි කොටස් දම් පැහැති නික වර්ගය කළු නික වේ. නිල් පැහැ මල් ඇති ප‍්‍රභේදය නිල් නික වේ. වසර පුරාවට ම මල් හටගන්නා මේ ශාකයේ රවුම් කළු පැහැ ඵලයේ ඉහළින් විශාල වූ මණිය පිහිටයි.//

    සම්පූර්ණ ලිපියම මෙතනින් කියවන්නකො..මේ ගැන ඔබේ අදහස මොකක්ද ?

    ReplyDelete
  25. කියන්න තියන එක මාතලන් කියලනෙ . .. අපරාදෙ මම ටිකක් ප්‍රමාද උනා . . . .

    අපේ පංතියෙ හිටපු කෙල්ලෙක් එක දවසක් පංතියෙ සෙට් එකෙන් ඇහුව අලුත හදපු සිමෙන්ති මාළු ටැංකියක් ඉක්මනට පල් කරගන්න මොනවද දාන්න ඕනෙ කියල . . . මමතුමා කිවුව "නික" දැම්මනං ඉක්මනටම පල්කරගන්න පුලුවං කියල . . . . . කෙල්ල එදාම හවස ගෙදර ගිහිං තාත්තට කියල නික හියල දෙන්න කියල . . . ටැංකිය පල් කරන්න . . . තත්වය ශෝචනීයයි

    ReplyDelete
  26. http://www.elakiri.com/forum/showthread.php?t=662891

    ReplyDelete
  27. පොතක තිබුන කලු නිකවල විද්යාත්මක නාමය Litsea iteadaphne කියල. පොතේ නම "අප අවට පරිසරයේ ඇති ශාක වල උද්භිද විද්යාත්මක නාම" ලියල තිබුනෙ සමීර සන්ජීවන කියල කෙනෙක්. ISBN 955-8884-36-7. හැබැයි google කරල බැලුවමනම් මේ නම ගැන මුකුත්ම හම්බුනේ නෑ.

    ReplyDelete
  28. පොතක තිබුන කලුනික වල විද්යාත්මක නාමය "litsea iteadaphne" කියල. හැබැයි google කරල බැලුවම නම් කිසිම දෙයක් මේ නම ගැන හොයාගන්න බැරි උනා. "පොතේ නම "අප අවට පරිසරයේ ඇති ශාක වල උද්භිද විද්යාත්මක නාම" Ashirwada printers and publishers.

    ReplyDelete
  29. කළුනික කියන්නෙ බෙහෙත් වට්ටෝරුවක් විදියට මම දන්නෙ නම්. ඒ කියන්නෙ බෙහෙත් කීපයක එකතුවක්..

    ReplyDelete
  30. මෙම https://apeosupela.blogspot.se/2014/06/vitex-leucoxylon.html?m=1 පිටුවට අනුව කරුනකි කියන්නේ
    https://en.m.wikipedia.org/wiki/Litsea_iteodaphne

    ReplyDelete
  31. https://www.facebook.com/sutikka.fun/videos/2222758751281620/

    ReplyDelete
  32. https://www.facebook.com/sutikka.fun/videos/2222758751281620/

    ReplyDelete
  33. This comment has been removed by the author.

    ReplyDelete
  34. ‘කළු නික’ කියන්නෙ ‘නික’ වලම තවත් ප‍්‍රභේදයක්. වැවෙන්කෙ සීමිතව. හොයාගන්න අමාරුයි. දුලභයි. ඹෞෂධ ගුණයෙන් අනූනයි. ‘නික’ වල පැහැයට වඩා කළු හා දම් පැහැයට මිශ‍්‍ර නික කුලයේම ශාඛයක්. ‘නික’ ගසේ පත‍්‍ර හා පෙනුමට බොහෝ සමානයි. මේ කියන දුලබ ‘කළු නික’ ගහක් අපේ ගෙදරත් අඩි 10ක් 12ක් තරම් උසට විශාලෙට හැදිලා තියෙනවා. කළු පාටට හුරු දම් හා දම් පාට මල්.

    ReplyDelete