ජීවිතය කියන්නේ ගහක් නම් ඒ ගහේ ජීවය වෙන්නේ ආදරයයි. ඒ ආදරයට ජීවය දෙන මුල් වෙන්නේ,
1.දානය - දානය නිසා සමබරතාවයත් ඒ නිසා අපිට ඕනෙම මානසික තත්වයක් වන විසඳුම එහෙමත් නැත්නම් පිළිතුරු සොයා ගැනීම කියන ගුණාංගයදියුණු වෙනවා.
2. ප්‍රිය වචනය - මෙයින් අපට සහනය ඇති වෙනවා. ඒ සහනය නිසා ඇති වෙන වඩාත්ම වටිනා දේ තමයි සතුට.
3. අර්ථචර්‍යාව - මේ කියන මුල නිසා ජීවිතයට නැත්නම් ආදරයට ලැබෙන දේ තමයි, සමගිය. සමගිය නිසා සංවර්ධනය ඇති වෙනවා.
4. සමානාත්මතාව - මේ තමයි ජීවිතය කියන ගහේ ඇති ඊලඟ මුල වෙන්නේ, මින් නිදහසත්, නිදහස නිසා සාමයත් ඇති වෙනවා.
ආදරය නම් ජීවය ඇති ගස වටේ එතෙනවා,…………….
ආශාව නම් දුෂ්කර ක්‍රියාව,…….
ආශාව නැතිව සිටීම ඉතා අපහසු බැවිනි. මේ ආශාව නිසා ඇති වෙනවා රාගය, ලෝභය, මෝහය, ද්වේශය, කියන වැලේ ශාකා.
එනම් මේ සතරින් තොරව සිටීම අදරයට අපහසු බැවිනි, එසේ තොරව සිටීමට හැකි වන්නේ දුෂ්කර ක්‍රියාවෙනි. එහෙනම් අපිට දැන් තේරෙනවා ආදරය කියන්නේ මධ්‍යම ප්‍රතිපදාවක් කියලා. ඒ කියන්නේ ආශාවෙන් ලබන සියල්ල ඒ වෙනුවට ආදරයෙන් ලැබීමයි.
ආශාව හැම විටම ශරීරය තෘප්තිමත් කරයි, එනම් ආශාව එකතු වන්නේ ශරීරයටයි. නමුත් ආදරය එසේ නොවේ එය හැම විටම ජීවිතයට එකතු වේ. එනම් ජීවිතය ජීවත් කරන්නේ ආදරයයි.
හමුවන විට ඇති වීමත්,
ඇතිවන විට නැති වීමත්,
නැතිවන විට නැවත ඇති වීමත් ආශාවයි.
නමුත් ආදරය හැමදා පැවතීමයි.
ආරක්ෂාව අවශ්‍ය වන්නේ ආශාව ඇති විටයි. ආරක්ෂාව භයටයි. එනම් ආශාව නිසා බිය සැක ඇති වේ. නමුත් ආදරය ආරක්ෂාවට නොවේ, ආදරය සත්‍යයක් නිසා එහි බිය සැක කොයින්ද?
මේ ගසේ ආදරය කියන ජීවය තියනකොට සෑදෙන අතු තමයි,
1. මෛත්‍රිය - යම් තැනක මෛත්‍රිය තිබේ නම් එතැන ඇති වෙනවා නිවැරදි කල්පනා සහ නිවැරදි දැකීම.
2. කරුණාව - යම් තැනක කරුණාව තිබේ නම් එතැන ඇති වෙනවා නිවැරදි ක්‍රියාව සහ නිවැරදි වචනය කියන ගුණයන් දෙක.
3. මුදිතාව - මේ ගසේ ආදරය ඇති විට එතැන ඇතිවන ඊලඟ ශාකාව තමයි, මුදිතාව. මේ මුදිතාව ඇති විටදී, නිවැරදි උත්සාහය ඇති වෙනවා, ඒ නිසා නිවැරදි ජීවිතය ඇති වෙනවා.
4. උපේක්ෂාව - ආදර නිසා ඇතිවන ඊලඟ ගුණය වන්නේ උපෙක්ෂාවයි. මේ උපෙක්ෂාව නිසා නිවැරදි සිහිය ඇති වෙනවා. නිවැරදි සිහිය නිසා නිවැරදි සමාධිය ඇති වෙනවා.
හැබැයි ආදර කියන්නේ බලාපොරොත්තුවක් නෙමෙයි, තනිකරම පරිත්‍යාගයක් වෙනවා, බලාපොරොත්තුව ඇති තැන සැක ඇත. ආදරය සත්‍යයකි. ඒ තුල ඇත්තේ විශ්වාසයයි. ආදරයේ නියම ස්වභාවය පවතින්නේ ඒ කෙරෙහි එල්ලවන වෙනස්කම් අනුව, එය වෙනස් නොවූ විටය. වෙනස් වීම නිසා දුක ඇති වෙනම්, සතුට ඇත්තේ වෙනස් කිරීම තුලයි. වීම සොභා දහමේ ස්වභාවයයි. කිරීම මිනිස් දහමේ ස්වභාවයයි. ආදරය තුල ඇතිවන සෑම වෙනස් වීමකදීම පරිත්‍යාගය නොවෙනස්වේ නම්, සෑම විටම පවතින්නේ ආදරයයි.
ආදරය දෙන්නා ආදරය ලබන්නෙකි,
ආදරය ලබන්නා ආදරය දිනන්නෙකි,
ආදරය රකින්නා ආදරය දිනන්නෙක්ද වෙනවා.
ආදරය දිනන්නා ජීවිතය දිනන්නෙකි,
ජීවිතය දිනන්නා සමාජය දිනන්නෙක්ද වෙනවා. මේකෙන් කියන්නේ ආදරය අපට අයිති කර ගැනීමට නොව ආදරයට අප අයිති වීම සඳහා කියන එක නේද?
ආදරය වේදනාවක්ද?
වේදනාව තුල ආදරය ඇතත්, ආදරය තුල වේදනාවක් නැත. ඇත්තේ සතුටු කඳුළුය. අහිමි වුනු සම්පත් නිසා යම් වේදනාවක් සිතට එත්දී, අහිමි නොවුණු ආදරය රැක ගන්නට අපට හැකි වෙතොත්, අප හිමි වන්නේ ආදරයටයි. ජීවිතයේ අර්ථය වැටහෙන්නේ ආදරයේ වේදනාව තුළිනි.
ආදරය ලැබිය හැක්කේ ත්‍යාගය ලැබීම සඳහා දරණ ප්‍රයත්නය තුලින් නොවේ. ත්‍යාගය රැකීම සඳහා තමා යොමුවන ආකාරයෙනි. කෙසේ හෝ ආදරයට ත්‍යාග දෙකකි.
1. ආදරයට සම්බන්ධ වස්තුවයි.
2. ආදරයයි.
එනම් ආදරය ජයග්‍රහනයකි. එම ජයග්‍රහනයට හිමි ත්‍යාගය අහිමි වුවත් ආදරය අහිමි නොවේ. ආදරය ජීවිතය සඳහාය. ජීවිතය ආදරය සඳහාය,…………..
හැබැයි විවාහය එහි පැවැත්ම සඳහායි. තමා මෙලොව ආදරය කරන සුන්දරම වස්තුවට ඇති අයිතිය කිසියම් වෙනසක් වීමෙන් අත්හල විට ඒ කෙරෙහි ද්වේශයක් ඇති නොවේ නම් ඒ තුල ඇත්තේ ආදරයයි. එනම් හමුවීමත් ආදරය නොවේ. ආදරයත් හමුවීම නොවේ. හමුවීමත්.......... වෙන්වීමත් අතර ඇත්තේ ආදරයයි.
.......... මේ සියල්ල ඉහත ජීවිත ගසේ ඵල වැලයි.........
එතකොට දෙදෙනෙකුට ආදරය කොරන්න බැරිද ඔය කතාවේ විදියට..
ReplyDeleteනිකම් කරකවල අත ඇරිය වගේ ගතියක් දැනුනා...
ආදරයට ආදරය කරමි
ReplyDeleteආදරය ගැන පර්යේෂණ නිබන්දනයක් දැක්කමයි... :). හොඳ පැහැදිලි කිරීමක්.
ReplyDeleteආදරය ගැන වෙනස් විදිහට බැලුවේ අද තමයි ..එල
ReplyDeleteකොමෙන්ට් එකක් දාන්න ප්‍රමාද වුනේ ඔබ කියන දේ නියම විදියට වටහා ගන්න උත්සාහ කළ නිසයි..ඒත් සමහර තැන් තවමත් මටනම් ගැටළු සහිතයි.බලමු තව සැරයක් කියවලා....
ReplyDeleteසීලිමෙන් වැටුන හූනට වෙච්චි දේ උනා වගේ දැනුනා
ReplyDeleteඔබතුමා වෙදකම වගේම ආදරේ ගැනත් ලස්සනට අර්ථ දක්වලානේ..මාත් හිතන්නේ ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා. යම් යම් වෙනස්කම් ඇති උනත් පරිත්‍යාගය ප්‍රමුඛ වෙනවනම් එතන තියෙන්නේ නිකම්ම නිකම්ම ආදරයකුත් නෙමේ උතුම් ආදරයක්...
ReplyDeleteජීවිතයේ අර්ථය වැටහෙන්නේ ආදරයේ වේදනාව තුළිනි කියන එකත් සහතික ඇත්ත..
ආදරය ඇත්තේ කොතනද එතැන සුන්දරයි..සෑම දෙනාගේම සිත් තුල එකවගේම ආදරයක් ඇතිවෙනවානම් මේ ලොව මොනතරම් සුන්දර තැනක් වේද?
//වේදනාව තුල ආදරය ඇතත්, ආදරය තුල වේදනාවක් නැත.//
ReplyDeleteමම නම් හිතා හිටියේ මිහිර සහ වේදනාව දෙකම තියෙන්නේ ආදරය තුල කියලයි. දෙදෙනෙක් අතර පවතින ආදරයක එකිනෙකා අත්කරගැනීමේ ආශාවක් පවතිනවා. එතනදි ඉතින් අනිවාර්යෙන්ම වේදනාවක් ඇතිවිය යුතුමයි කියලා තමා මට නම් හිතෙන්නේ.
ඒ උනාට ආදරය ගැන හොඳ විග්‍රහයක් කරලා තියනවා. බොහොම හොඳ උපදෙස් ටිකක්....:)
@පො.කු
ReplyDeleteමේ සදහන් කරල තියන කරුන තේරුම් ගන්න පුලුවන් වෙන්නේ මේ තත්වයේ ඉන්න කෙනෙක්ට විතරයි. මහා ගැඹුරු දෙයක් මේ කියල තියෙන්නේ..මටනම් තේරුම් ගියා . මොකද මාත් ඉන්නේ මෙතන නිසා.
මාතලන්,
ReplyDeleteඇයි බැරි මේ කියන්නේ ප්‍රේමය ගැන දෙනෙක් ගැන තමයි, හැබැයි මේ කියන්නෙ සත්‍ය ප්‍රේමයේ භෘංග රාජයා ගැන.
දයාල්,
ඇත්තෙන්ම ආදරයට ආදරය කර්මි.
ඉඳුනිල්,
ස්තුතියි!!
බුවා,
බොහොම ස්තුතියි!!
ලකී,
තව කියවලා අපි කථා කරමු.
ඕනයා,
සීලිමෙන් වැටුනේ මොකද? හූනා හරි සතා තමයි. විශේෂයෙන් අර කාගෙද හූනා.....
ගිම්හාණී,
අපෝ ගිම්හාණීට මාර එක්ස්පීරියන්ස් වගේ ආදරේ. හොඳා ,....... හොඳා,..... ආදරේ සුන්දර වරදකී.....
පොඩි කුමාරිහාමි,
අනේ පොඩ්ඩියේ ආදරේට තණ්හාව ආවම හරි භ්‍යානකයි නොවැ.
සෑහෙන උනන්දුවෙන් යුතුව ලිපිය කියවූවත් අවබෝධ කරගත්තේ අඩුවෙන් බව කිය යුතුය.එහෙත් ආදරය තුල වේදනාව නැතයි යන්න නම් පිළිගත නොහැක.මගේ ජීවිත අත්දැකීම් අනුව නම් ආදරයක් පවත්වාගෙන ගෙන යාමේදී සතුට සැනසුම මෙන්ම වේදනාව අසහනයද එක ලෙසටම විදීමට සිදුවේ.ආදරයක් රැකබලාගැනීම මෙන්ම එය පෝෂණය කරගෙන ඉදිරියට ගෙනයාමද සතුටට වඩා සෑහෙන තරම් දුක ගෙන දෙන කාරණයක් බව මට සිතේ.
ReplyDeleteඇනෝ මිතුර,
ReplyDeleteඔබගේ ප්‍රශ්නයට පිලිතුර ලිපියේම ඇත. "ආදරය ඔබට අයත් නැත, ඔබ ආදරයට අයත්" මේ අනුව තෙරුම යනවා ආදරය කියන්නේ තන්හාවක් නෙමේ. තන්හාව තුල ඇතිවන සියල්ල දුකයි, වේදනාවයි. හැබැයි නියම ආදරය අයිති කර ගැනීමෙන් තොරයි. එහෙමත් නැත්නම් ආදර හැම් විටම අයිති විය යුතුම නැහැ. විවාහය කියන්නේ ආදරයම නෙමෙයි.
මට නම් ඇත්තටම අඤ්ඤකොරොස් .........
ReplyDelete"ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයයි"
ඔය උඩ තියෙන්නෙ නන්දා මාලිනිගේ සිංදුවක් එතකොට ආදරයයි ප්‍රේමයයි එකද .....
තේරුනේ නැති නිසා අහන්නෙ .......
ආදරය කියන්නෙ ආදරයක් බලාපොරොත්තුවෙන් කරන දෙයක් නෙමේද ....
මම ප්‍රේමය ආදරය ගැන දකින්නේ දෙකක් විදියට, ආදරය ඒක පාශ්විකව වුවත් කල හැකියි. හැබැයි ප්‍රේමය එහෙම නැහැ. ප්‍රේමය කියන කොට මට හිතෙන්නේ එතැන රාගයත් යම් තරමකට තියනවා. නමුත් ආදරය තුල එහෙම දෙයක් නැහැ නේද?
ReplyDeleteඔව් අපි ගොඩක්ම ආදරය කරන්නේ ආත්මාර්ථකාමී විදියට. නමුත් ආදරය එහෙම විය යුතු නැහැ. ඒ ප්‍රේමයයි. යමක් දෙනවා විනා යමක් බලාපොරොත්තු වෙන්නෙ නැහැ ආදරයේදී. අපි තව කථා කරමු. මම දන්න තරමින් කියන්නම්.
ආදරයත් ප්‍රේමයත් කියන්නේ දෙකක් කියල තමයි මටත් සිතෙන්නේ..
ReplyDeleteදරුවෙක් කොපමන වැරදි කලත්.. දෙමාපියන්ගේ සිත් තුල දරුවා ගැන තියෙන්නේ සෙනෙහසක්මයි.. ආදරයක්මයි..
ඉතින් ආදරයකදීද සිදුවෙන්නේ මේකයි කියා මටනම් සිතෙන්නේ..නමුත් මේ තත්වය සිතක් තුල පහසුවෙන් ඇති වන්නේ නැ. ආයාසයෙන් ඇති කරගන්නත් බෑ. යම් කෙනෙක් මෙවැනි ආදරයක් ලබනවානම් ඒ තැනැත්තා මුලු ලෝකෙම දිනූ කෙනෙක්..
ගිම්හානිගෙ අදහස කියෙව්වාම මට මතක් වුණේ බුදුහාමුදුරුවො දේසනා කරල තියනවා නේද භාර්යාවො කිහිපදෙනෙක් ගැන. එතනත් ඔය වගේ (ධනාත්මක පැත්තට) අදහසක් තියනවා කියලයි මට හිතුණෙ. උදාහරණෙකට සහෝදරියක්/මවක් වගේ බිරිඳක් ගැන කියනකොට.
ReplyDelete@Gimhani / වෙද ගෙදර මහ වෙදනා,
ReplyDeleteමම එකඟයි, මටත් එහෙම හිතෙනවා .......
ඒත් එතකොට නන්දා මාලිනී කියලා තියෙන්නෙ බොරුවක්ද .....
@පන්සල් හංදිය,
ReplyDeleteකල්හාරට පිලිතුරක් නොදී බෑනේ.
ඇත්තටම මේ ගීතය ගැනනම් අහන්න ඕන සුනිල් ආරියරත්නයන්ගෙන්. මම දැකලත් තියනව මේ ගැන විවේචන තියනවත්...
මට සිතෙන ආකාරයට ප්‍රේමයේ රාගයක් තියනවා. මෙතනදී දෙදෙනාම සක්‍රිය වන නිසා.ඒක ස්වාබාවිකයි.මෙතනදී හෝමෝන සක්‍රීය වන නිසා රාගික හැගීම් ඇති වෙන්න පුලුවන්.
ආදරයෙදී රාගික හැගීම් ඇතිවන්නේ නෑ. අනිත් කෙනා නොදනී හෝ අපිට පුලුවන් ආදරේ කරන්න. එතනදී ප්‍රතිචාරයක් ලැබුනත් නොලැබුනත් ආදරය කරන්න පුලුවන්.
මෙතනදී ඇතිවන ආදරය පූජනීය ආදරයක්..
ඔන්න මගේ අදහස කිව්ව. බලමු මෙතුමාගේ අදහස...
සමහරු පින, කුසල කියලා වචන දෙකකට කඩා ගත්තත් මේ දෙකෙන්ම කියවෙන්නේ එකම දෙයක් ගැන. ආදරයයි, ප්‍රේමයයිත් ඔය වගේම තමයි. භාවිතාවේ ලේසියට ඕක වෙන් කළාට දෙකෙන්ම කියවෙන්නේ එකම දෙයක් ගැන කියලයි මගේ අදහස. පිරිසිදු ආදරය තුල වේදනාවක් තියෙන්න විදිහක් නෑ. ඒක පරිත්‍යාගයක් නං කොහොමද වේදනාවක් තියෙන්නේ? ඕක ගනුදෙනුවක් කරගෙන ආශාව කළවං කොර ගත්තාම තමයි ඔය වේදනා ඔක්කොම.
ReplyDeleteඑක්කෙනෙක්ව ජීවන සහකරුවා විදිහට තෝරාගෙන එයත් එක්ක ශාරීරිකව හා මානසිකව එක්වෙලා ජීවිතය ගෙව්වට, අපේ ජීවිතයේ කීදෙනෙකුට අපි අවංකව ආදරය කරනවාද? ජීවන සහකරු කියන්නේ ඒ කීප දෙනාගෙන් එක් කෙනෙක්. ඒ බැඳීම ආදරය ම විතරයි කියන්ට බෑ. හැබැයි ආදරය විතරක් තියෙන තැන දුකක් නෑ..
මං හින්දා ඔබ නෙතගින් කඳුලක් හෙලන්නෙපා... ගීතයට පාදක වෙලා තියෙන්නෙත් ඔන්න ඔය අදහසයි.
මං කාලෙකට ඉස්සෙල්ලා ලියපු කොයි ලොව යන්නේ මරණින් පස්සේ ලිපියෙනුත් මේ සම්බන්ධයෙන් චුට්ටක් කතා කළා.
ඉතා අගනා ලිපියක් වෙද මහත්තයෝ...
ආදරය ගැන වෙනස් කෝණයකින් විමසුමක්. ඒ වෙනසට මම කැමතියි.
ReplyDeleteමට ආදරය ගැන කියන්නට නොතේරෙන හෙයින් මුකුත් නොකියමි.
අර්ථචර්යාව කියන්නෙ මොකක්ද?
මම ආදරය ගැන අහල තියෙන හොඳම අර්තකතනය තමයි Live, Let Live කියන එක... ඔබේ ලිපියෙත් එවැනි අදහසක් තියෙනවා.... හැඟීම් වලට සංවේදි නොවී ආදරය කියන්නේ මොකක් ද කියල හිතල බැලුවොත් අපිට ඕක ටිකක් වෙනස් ව්දියකට දකින්න පුලුවන් වෙයි...
ReplyDeleteඅන්තිමට මට මෙච්චර කාලෙකට බ්ලොග් අවකාශයේ වඩාම වැදගත් වෙච්ච ලිපිය ලැබුණා.ඔබට බොහොම පින්.මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ ඒක පාර්ශවීය ආදරයක් කරන කෙනෙක් එක්කෝ පිස්සෙක් නැත්තම් මෝඩයෙක් කියලා.ඒත් අන්තිමට මගේ හිත නිදහස්..මේක ආකර්ශණයක් නෙවේ ඇත්තම ආදරයක් කියලා මම දන්නවා...
ReplyDelete