Friday, June 10, 2011

තරු මහසෙන් යුද්ධය සහ තරු අකුරු.

තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම් පත………….
බලි තරු රාවණ ගැමුණු විජයබා විරුවන් ලද ලංකා……………

මේ ජනප්‍රිය ගී දෙකෙහි යම් සමානකමක් ඔබ දකිනවද?
බලන්න නැවතත් මේ දෙකේම තියනවා. තරු කියලා වචනයක්. මොකක්ද මේ තරු.
මෙන්න මේක තමයි අද මගේ ලිපියට පාදක වෙන්නේ.

මේකෙ පලවෙනි ගීයෙන් කියන්නේ තරු අත් අකුරු ගැන.

දෙවනි ගීයෙන් කියන්නේ අපේ පුරාණ මහා රජවරුන් කීපදෙනෙක් ගැන.
එතකොට අපිට මුලින්ම පැහැදිලි වෙනවා මේ තරු කියන්නේ රජකෙනෙක් කියන එක.
හොදයි දැන් අපි දන්නවා එහෙම රජ කෙනෙක් අපි අහලා නැති බව. ඔව් ඔබ තියා මමත් මේගැන දැන ගත්තේ මේ ආයුර්වේද කෙරුවාවට එකතු වුනාට පසු.

මේ තරු රජ පරපුර තමයි අද අපි කළුතර කියලා කියන නගරය ආශ්‍රිතව තම රාජධානිය ගොඩනඟාගෙන සිටි අති ප්‍රභල රජු. මෙතුමාගේ කාලය වෙන්නේ අහුබුදු ශූරීන්ට අනුව නම් ක්‍රි. පූ. 10,000 විතර. මම නම් මේ කාලය ගැන එතරම් තැකීමක් කරන් නැහැ. මොකද මේ තොරතුරු අපිට දැනට ගන්න තියන්නේ, ඉන්දීය දේවපුරාණය අතර්ව වේදය වගේ ග්‍රන්ථවල. මේ ග්‍රන්ථ මම දන්න විදියට ඉංග්‍රිසි භාෂාවෙන් තියනවා. නමුත් අපි තාම මේවා සිංහලට
පෙරලන්න හිතලවත් නැහැ.

කෙසේ වෙතත්,
මේ රජුගේ පරපුර රජ කරන්නේ අද උතුරු කළුතර කියන ප්‍රදේශයේ තමයි. ඒ කාලේ මේ ප්‍රදේශය හදුන්වන්නේ දෙශාස්ත්‍ර කළුතර නමින්. ඔබ කළුතර කෙනෙක් නම් පැරන්නන්ගෙන් අසා බලන්න 1920/30 පමණ වනතෙක් මේ ව්‍යවහාර තිබිලා තියනවා. දැන් මතක තබා ගන්න මේ දෙශාස්ත්‍ර කියන නම.

නැවත අපි බලමු එතකොට දකුණු කළුතරට කියලා තියන්නේ මොකක්ද.

මම දැනට අවු ගනනාවකට කලින් මේ ගැන හොයන්න කළුතර පොඩි රස්තියාදුවක් දැම්මා. ඒ වෙලේ මට මුණු ගැසුනා මිත්‍රයෙක්ගේ සීයා කෙනෙක් ඔහු දැනන් හිටියා මේ විස්තර.

මේ ප්‍රදේශයට කියලා තියන්නේ වේලාපුර කළුතර කියලා. ඒ කියන්න්නේ වේලා පුරය නමින් හැදිවූයේ කතරගමට. එතකොට ගගින් එගොඩ වේලාපුර හෙවත් කතරගමට යටත් ප්‍රදේශය.
මෙගොඩ තරු රජු පාලනය කල දේශාස්ත්‍ර කළුතර.

දැන් අපි බලමු මේ තරුගේ පවුලේ කට්ටිය ගැන.
ඔහුගේ සහෝදර සහෝදරියන් ඉදලා තියනවා 05 දෙනෙක් මොවුන්ගෙන් 04 පිරිමි. එක් කාන්තාවක් හිටියා. මොහුගේ පියා තමයි පියුම් රජු. එතකොට මේ අයගේ නම් තමයි
1. තරු පියුම්
2. විරු පියුම්
3. සුරු පියුම්
4.නල පියුම්
5. සරසවි පියුම්

මෙන්න මේ සරසවිය තමයි අපිට ඕනෙ වෙන්නේ.
ඇය තමයි අපි කවුරුත් දන්නා සරසවිය.
ඇගේ වල්ලභයා වෙන්නේ ගංඟාමුණි, පුතුනුවන් වන්නේ සරිත්, දැන් ඔබට දැනෙනවද මේ සරසවිය උගත් කාන්තාවක් බව. ඔව් ඇය තමයි අකුරු කියන ශිල්පය මෙලොවට බිහි කලාය කියලා දේව පුරාණයේ සඳහන් වන්නේ.

ඇය තම වැඩිමල් සොයුරා වන තරු රජුගේ නමින් මේ ශාස්ත්‍රය නම් කලා. දේශාස්ත්‍ර වන්නේ මේ නිසාලු. එතකොට අර කියන ගීයෙන් හැගෙන්නේ

ඔබට මම මේ පෙම්පත එවන්නේ ලෝකයේ තිබෙන පැරණිම අකුරින් ලියලා.

කෙසේද මගේ ආලය....
කාලයක් ලිව්වා ලිවිල්ලක් වෙද හාමිනේටත්....

මේ කාලයේදී ලංකාව කොටස් දෙකකට තමයි පාලනය කරලා තිබෙන්නේ. එක් කොටසක් තරු ප්‍රමුක පියුම් රාජ වංශය. අනෙක් කොටස අපිට ඉතා වැදගත් බුදුන් වහන්සේ හැරුනම වැඩියෙන්ම බෞද්ධයන්ගේ ගෞරවයට ලක් වෙලා ඉන්න මහසෙන් හෙවත් කතරගම රාජධානිය කරගත් කතරගම දෙවියන්ගේ, රාජධානිය මේක හදුන්වා ඇත්තේ වේලා පුර කියන නමින්. මේ නිසා තමයි මේ රාජධානිය පටන් ගන්නා තැන වන කළු ගං මෝය දකුණෙන් ඇති ප්‍රදේශය වේලාපුර කළුතර වූයේ.

නමුත් කාලයකදී මේ සරස්වතිය ලබා ගැනීමට සහ රට එක්සත් කිරීම යන පරමාර්ථ ඇතිව මහසෙන් රජතුමා තරු ප්‍රමුඛ පියුම් රජවරු සමඟ යුද්ධයකට යනවා. එහිදී පියුම් පරපුර පරාජය වෙනවා. නමුත් මහසෙන් රජතුමාට සරසවිය ලබා ගැනීමට හැකියාවක් ලැබෙන් නැහැ. ඇය කළු ගඟටම දිවි දෙනවා. මේ සිද්ධිය ඈත අතීතයේ සිදුවූ මනරම් යුද්ධයක් විදියට දේව පුරාණය සඳහන් කරලා තියනවා.

දැන් ඔබට මම පොඩි හෝඩුවාවක් දෙන්නම් අද මේ (තරු අකුරු) ගැන දන්නා උගතුන් කීපදෙනෙක් ලංකාවේ ඉන්නවා. (මේවා ලියලා හිරේ යන්න වෙයිද මන්ද?) එක්කෙනෙක් තමයි අප අතරින් ලඟදී වියෝවුනු අහුබුදුවන්, අනික් පුද්ගලයා තමයි මම ඉතා ගරු කරන උගතෙක් වන (දේශපාලනය මට වැඩක් නැහැ. මම ඒ ගැන හිතන්නේත් නැහැ.) වි.ජ.මු. ලොකුබන්ඩාරයන්. තවත් කෙනෙක් ඉන්නවා ඒ තමයි එතරම් විධිමත් අද්‍යාපනයක් නොලද්දත් අද මෙරට සිටින මගේ මිනුම් අනුව අංක 1 ගත ගැකි පුරාවිද්‍යාඥයෙක් වන ජයරත්න පතිරාරච්චි මහතා.

ඔබ දන්නවද සරසවියට අත් හතරයි. මේ අත් හතර මොනවද කියල??
1. එක් අතක ඇති පොතකි - දැණුම
2. තවත් අතෙක - ඇටවැල - සිහිය
3. තවත් අතෙක ගිරවා - කීමෙහි බිනීමෙහි නිපුණතාව
4. සතරවන අතෙහි වීණාව - ලලිත කලා නිපුණතාවය


දැන් හිතන්න අපි (මේ කථා මම නම් විශ්වාස කරනවා.) කොහොම ජාතියක්ද ඇයි අපිට මෙහෙම වුනේ...............

26 comments:

  1. මම හිතාගෙන හිටියෙ සරසවිය කියන්නෙ ඉන්දියානු දේවකතාවල එන චරිතයක් වෙන්නැති කියලා. තරු හා අත් අකුරු සම්බන්ධයනම් එහෙමවත් අහලා තිබුණෙ නෑ.
    එහෙම බැලුවහම මුළින්ම අකුරු ශාස්ත්‍රය ඇරඹෙන්නෙ ශ්‍රී ලංකාවෙ. පසුකාලීනව අප දන්නා ඉතිහාසයෙ වුණත් ලංකාවෙ අධ්‍යාපනයට, පොත පත දැණුමට ලොකු තැනක් දීලා තිබුණනෙ. දැනුත් වෙනත් තුන්වන ලෝකයේ රටකට වඩා අපි අධ්‍යාපනයට ප්‍රමුඛ තැනක් දෙනවනෙ. මේ මුතුන් මිත්තන්ගෙ ආභාෂය වෙන්නැති.

    බොහොම ස්තුතියි මේ තොරතුරු බෙදාගත්තට.

    ReplyDelete
  2. තරු අත් අකුරින්....
    මා සිතා සිටියේ මෙතනදි තරු කියන්නෙ ලස්සන අත් අකුරු කියලයි. අදයි ඒක දැනගත්තෙ.
    දැන්නම් පෙම් පතක් බෙහෙතකටවත් සොයගන්න නෑනෙ. ඔබේ ලියවිල්ලෙ තරමට සිතා ගන්න පුලුවන් කොහොම පෙම්පත් ලියන්න ඇතිද කියල.......

    සරසවි දේවිය ගෑන අසා තිබුනත් මෙතරම් විස්තර දන්නෙ නෑ.
    .. මේ ඉතිහාස කතා අසනකොට හරිම දුකක් ඇතිවෙනවා.
    තුති!!!

    ReplyDelete
  3. ඇති විශිෂ්ට ලිපියක්.වැළලිලා යන අපේ ඉතිහාසය මේ අයුරින් හරි මතු කිරීම පින් අයිති වෙන දෙයක්.මේ ඉතිහාසය නොදැන සිටීමම මොන තරම් අවාසනාවක්ද ?. ඔබ තුමාට පුළුවන් නම මේ ග්‍රන්ථ වල ඉංග්‍රීසි පරිවර්තන වල විස්තර ලබා දෙනවානම් ලොකු දෙයක්. මේ දේවල් ගැන කියවන්න මහා කෑදර කමක් ඇති වෙනවා ඔබේ ලිපි කියවන කොට :)

    ReplyDelete
  4. ඉඳුනිල් අයියා,
    ඉතිං කවද්ද ඔබතුමාගෙ ඇල්බම් එක රිලීස් කරන්නෙ????

    ReplyDelete
  5. වෙනදා වගේම අදත් දැනුම මහා ගොඩාක්....

    ReplyDelete
  6. ඔය කතා පිලි නොගත්තත්... එහි තිබෙන සාහිත්‍ය රසයෙත් හා නිර්මාණාත්මක බවෙත් කිසිම අඩුවක් නෑ.. ඕනෑම රටක තමන් ශ්‍රේෂ්ඨ ජාතිය කියල පෙන්වන්න තියෙන කතා අනන්තයි අප්‍රමාණයි.. ජාලේ සැරිසරන කොට ඕන තරම් අහුවෙනව...

    මම දන්නව ඔබ තුමා මා එක්ක තරහ නෑ කියල මගේ අදහස් ලියූවට..
    නමුත් මේ කතා මම බොහෝ රස විඳිනව මට සා: පෙල කරන කාළේ වගේ සිළුමිණ පත්තරේ ගියා මේ වගේ රසවත් ළිපි බොහෝමයක්, ඒව අනිත් අය අතර බෙදාගන්න කියල හොයන කොට. රට ඉඳල ආපූ අපේ නංගී විසිකරල දාලා. කාවෝ බෝ වෙනව කියල..

    @ ගිම්හානී

    අපේ පැත්තෙ නේන්නේ... තරහ වෙලයි....?

    ReplyDelete
  7. @ගිම්හානි : පලවෙනි ලිපිය කරගෙන යනවා. අද හෙටම පළ වේවි.

    @වෙද මහතා : ඔය පොත් ලංකාවේ අපිට හොයා ගන්න පුලුවන්ද ? (ඉංග්‍රීසි කොපිය , සංස්කෘතඃ හැමෝටමත් බෑඃ නේ ), බ්‍රහ්ම පුරාණේ කොටස් හතර ද ? ( http://amegabooks.com/search/ALL/brahma%20purana )

    ReplyDelete
  8. තරු අත් අකුරු ලිව්වට අදනෙ තේරුම දැන ගත්තෙ..ඒ කියන්නෙ සරසවිය ශ්‍රි ලාංකිකද ...
    බොහොම වටින තොරතුරක් සරල විදියට ඉදිරිපත් කරනවා...
    ඔබගෙ හැම ලිපියකින් ම මම අලුත් දෙයක් ඉගෙන ගන්නවා...හැකි සැම වෙලාවෙම ලියන්න. මේ වගේ අපි සාමාන්‍යය ජීවිතයේ භාවිතා කරන , ඒත් හරියට අගක් මුලක් නොදන්න දේ මොන තරම් තියනවද..?

    ReplyDelete
  9. පස්දුන්‍ රට ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ ගීතයේ මෙහෙම පදයක් තියෙනවා
    "දේශාස්ත්‍ර වේලාපුර කළුගං තීරේ" මොනතරම් අතීතයක් ද? මේ පැත්තෙ එන්න ලැබීම ගැන සන්තෝසයි

    ReplyDelete
  10. අහුබුදු ගේ කතා මාත් උනන්දුවෙන් ඇහැව්වා එක දවසක්, ටෙලිෆෝන් කරන කොට අපි හෙලෝ කියන්නේ ඉස්සර රාවණ රජු කාලේ අට ටෙලිෆෝන් කරද්දී අනිත් පැත්තේ ඉන්නේ "හෙළයෙක් ද" කියලා අහපු එකේ අද ටත් පැවතීම නිසාය, කියන කතාව අහන කං.

    මට මතක් වුනේ බෝතලේ නම හැදුණු හැටි අත්තනගල්ලේ පන්සලේ සීයා කෙනෙක් කියපු හැටියි.

    ReplyDelete
  11. නලිනි,
    බොහෝම ස්තුතියි!
    ඔව් මම දන්නවා තව අපි අපේ හරිම අතීතය දන්නේ නැහැ. අපි දන්නේ ඉන්දු ඉතිහාසය. ලොකුම කරුමේ අපිට දකුනු ඉන්දියානු භාෂා ගැන දැණුම නැති එක. කොහොම හරි අපි මේ දෙවල් සමාජගත කරමු.
    ඒක ඔබෙත් මගෙත් වගකීමක්.

    ගිම්හානි,
    මාතලන් බලන් ඉන්නවා ගිහින් එන්න.

    ඔබට ස්තුතියි. ඔබගේ ප්‍රශ්න වලට පිළිතුරු ලඟදීම ලබා දෙනවා. මේ ටිකේ වැඩ ගොඩ ගැහිලා.

    ඉඳුනිල්,
    ඉක්මනට බ්ලොග් එකට පෝස්ට් දමන්න. ස්තුතියි ආවාට.

    අභීත,
    බොහෝම ස්තුතියි.

    මාතලන්,
    කවදාවත් නැහැ. මට නෙගටිව් පොසිටිව් දෙකම ඕනෙ. හැබැයි මම නම් පිළිගන්නවා. ඔබට මගේ කොහොමත් ලොකු ගෞරවයක් තියනවා.

    කතන්දර,
    මම නම් මේවා පිළිගන්නේ අහුබුදුවන් කියපු නිසාම නෙමෙයි. ඔබ කියපු වගේ දෙවල් එතුමාගේ තිබුනා. අර ඉන්දියානු ගම්වල නම් සිංහල කරපු එක වගේ දේවල් මමත් පිළිගන්නේ නැහැ. හැබැයි
    මහා භාරතය
    රාමායනය
    වේද ග්‍රන්ථ
    දේව පුරානය
    තවත් ඉතාමත් දුර්ලභ හෙල අටුවාවන් කියවන්න
    මේ සියළුම පොත් තියනවා ජාම් නගර් ආයුර්වේද විශ්ව විද්‍යාලයේ.

    ReplyDelete
  12. ලකී,
    ඔබ ලඟදී සිට මට ගොඩක් ලොකු ශක්තියක් මේ දෙවල් තවත් ලියන්න.

    ReplyDelete
  13. මාරයි... අදත් තවත් අළුත් තොරතුරු !!! ස්තුතියි වෙද අයියේ... දිගටම ලියන්න, අපි කියවන්න එනවා.

    ReplyDelete
  14. සංජු,
    ඔබ මට දුන්නේ ඉතාම වටිනා තොරතුරක් මම හොයා ගන්නම් ඒ ලිව්වේ කව්ද කියලා. ඔබට පිං!

    චතුරංග,
    මල්ලී ගොඩක් ස්තුතියි. ඔයාල වගේ අයට මෙකෙන් වැඩක් වෙනවනම් අපේ උත්සාහය ගැන අපිට සතුටක් දැනෙනවා.

    ReplyDelete
  15. යකෝ දැන් ඉතිං පලයංකෝ වික්ටර් රත්නායක හොයාගෙන එහෙම ලිපියක් ලියන්න ඉගෙන ගන්න..අපි දන්නවයෑ ඔය අකුරු ජාතිය...

    ReplyDelete
  16. මාරය මල්ලී,
    ඒකත් ඇත්ත තමයි. ඒත් අහුබුදුනුවන් හොයන්න නම් මට යන්න දැන්ම බැහැ. තාම මේ බ්ලොග් එක පටන් ගත්තා විතරයි.

    ReplyDelete
  17. අපෝ මම අහලා තියෙන්නේ සරසවි දේවියවයි,කතරගම දෙවියන්වයි විතරයි මෙතනින්,,,මරු කතාවක් නේ අද දැනගත්තේ,,,වෙදකම් වගේම දිගටම මේ කතාත් ලියන්න මරු..මේවා දැනගන්න තියන ක්‍රම අඩු නිසා.. දේශපාලකයන්ව දෙකේ කොලේ දැම්මට ලොකු බණ්ඩාර මහත්තයත් සුපිරි වැඩකරුවෙක් වගේ නේද?

    ReplyDelete
  18. ඔය ඉතිහාස කතා ගැන මගේ අදහසත් තලන් අයියගෙ වගේ තමයි. ගොඩක් විට ඔය ඉතිහාසය උත්කර්ෂයට නංවන්නෙ නමක් කෑල්ලක් වගේ එකක් එහෙ මෙහෙ කරල ගලපලා. නමුත් ඒ සාහිත්‍යය රසයෙන් අනූනයි. බොහොම අපූරු චිත්ත රූප ෆැන්ටසි හදාගන්න පුළුවන් සාහිත්‍යයක් ඒක. ඉතිං මේ දැනුවත් කිරිල්ලට ඔබ තුමාට ස්තූතියි.

    තරු අත් අකුරු කිව්වම මමත් හිතාගෙන හිටියෙ තරු කැට වගේ රවුම් බබලන අත් අකුරු වෙන්න ඇති කියලා... දැන්නෙ තේරුම දන්නේ... සින්දු නම් පතුරුගහල තිබුණට තේරුම් ගැන හොයල ඉගෙනගන්නෙ නෑනෙ අපි.

    ReplyDelete
  19. වෙද මහතා : මගේ පලවෙනි බ්ලොග් ලිපිය පළ කලා. බොහොම ස්තූතියි දිරි ගැන්වීමට.

    ReplyDelete
  20. ඉඳුනිල් අය්යා,
    මා නම් ලිපිය කියෙව්වා.කමෙන්ට් දෑම්මෙ නෑ. සුබ මොහොතින්
    පීත්ත පටිය කපන්න ඕන හොද අතකින් නිසා. පසුව එන්නම්.
    ඔබට ජය!!

    ReplyDelete
  21. ගිම්හානි : බොහොම ස්තූතියි: මාරියෝ මල්ලිගේ වාසනාවන්ත දෑතින් පීත්ත පටිය කැපුණා.

    ReplyDelete
  22. කො අපිටත් දුන්නනං ඔය කියන තැනට යන්න ලිපිනය..

    ReplyDelete
  23. @ මාරයා : ලිපිනය - www.ramadasa.name

    ReplyDelete
  24. හරි ඉඳුනිල් මං දැනටමත් මගේ බ්ලොග් රෝලට දාලා තියෙන්න ඕක..පොඩ්ඩක් බලන්නකෝ අද හෙට ඇතුලත ට්‍රැෆික් වල යම් වෙනසක් තියේද කියලා..මට තාම සම්පූර්ණයෙන්ම කියවන්න හම්බ උනේ නැහැ...මං දැක්කා හොද ලිපියක් පල වෙලා තියෙනවා..ඒත් දැන්ම කියවන්න වෙලාවක් නැහැ..අද දවල් වෙලා බලමු..ස්තූතියි.බැව පමණින්ම තේරුම් ගත්තා වටින කියන බ්ලොගයක් බවට පත් වෙන බව

    ReplyDelete
  25. @මාරයා : බොහොම ස්තූතියි.

    ReplyDelete
  26. අකුරු ශාස්ත්‍රය සොයාගත්තේ බලි කියල තමා අහල තියෙන්නේ, එක වැඩි දියුණු කරලා කලේ තාරක ලු. . බලි කුරුටු කියන්නේ අකුරු ශාස්ත්‍රයක්. .. අදටත් හරක් ගේ හංවඩු ගහන්නේ බලි ගේ කුරුටු ශාස්ත්‍රයට කියනවා .නේ. .

    ReplyDelete