Sunday, June 19, 2011

සදවට රන් තරු පොකුරු පිපේවා.(මඳසරුභාවය ගැන කථාව.)

දෙමව්පියෙකුට ඇති වටිනාම සම්පත තමයි දරුවෝ.
ඇයි අපි දරුවෝ හදන්නේ?
යම් කිසි ලාභ ප්‍රයෝජනයකටද?
අපි මොනතරම් උනන්දුවෙන් මහන්සියෙන් හැදුවත් දරුවො අවසානයේදී අයිති කාටද?

අපිටද?

නැහැ...

දරුවො අයිති සමාජයට. එහෙම නැත්නම් ලෝකෙ ඉදිරියට යන්නේ නැහැ.

ඇයි අද මම දරුවො ගැන මෙහෙම කථා කරන්නේ?
ඔබ දන්නවද ලෝකෙ අපි කුඩා කාලේ තිබුනු ලොකු ප්‍රශ්නයක් තමයි ජනගහනය වැඩි වීම. නමුත් අද ලෝකෙ තියන ලොකුම ප්‍රශ්නයක් තමයි ජනගහන වර්ධන වේගය අඩු වීම. මේකට හේතු මොනවද කියන එක ගැන කථා කරන්න මට හිතුනා. ඕනෙම කෙනෙක් කසාද බැදලා ඊලඟට බලාපොරොත්තු වෙන්නේ දරුවෙක් !!!!!!

(මෙහෙමනේ බැඳලා වසර කීපයක් ඉන්නවා ජොලි කරන්න, ඊට පස්සේ ගේ හදන්න, ඊටත් පස්සේ වාහනයක් ගන්න, දැන ලමයි හදන්න හිතනකොට 30 ගනන්, මේවා අද විශාල ප්‍රශ්න වෙලා තියනවා.)

මෙන්න මේ කාරනා නිසා මට හිතුනා ආයුර්වේදයට අනුව අපි මේ දේවලට මොකක්ද දෙන පිළිතුර කියලා කථා කරන්න. මේක ටිකක් දිගට යන මාතෘකාවක් නිසා මෙගා සීරීස් එකක් ලියන්න වෙයි.

මම මේ ලිපි පෙල ලිපි තුනකින් හෝ හතරකින් ඉවර කරනවා. හැබැයි හොද මාතෘකාවක් නොවුනොත් හරයටම ලිපි දෙකයි. කවුරුත් මේ ගැන අහන හැම ප්‍රශ්නෙටම මට හැකි විදියට ඊලඟ ලිපියෙන් දීර්ගව පිළිතුරු දෙනවා. ඔන්න ඔහොම තමයි මම මේ ලිපි ටික ලියන්න හිතුවේ.

අපි දැන් අපේ අතීතයට ගියොත්, මම අහලා තියනවා,"රුහුණේ මාගම ගෙදරක වහලෙකට නැඟපු කුකුළෙක් බහින්නේ අනුරාධපුරෙන්ලු" මේ තරමට ඒ යුගයේ ගෙවල් තිබුනලු. ඒ කියන්නේ අහලා තියන විදියට කෝටි හතරක විතර ජනගහනයක් සිටි බව තමයි කියවෙන්නේ.

ඒ මොනවා වුනත් එදා අපේ ඉතාම මෑත අතීතයේ පවා ගෙදරක ඉදලා තියනවා ළමයි 12 - 15 විතර. මගේ ඉන්නවා මගේම වයසේ මාමල ( දැන් නම් කථා කරන්නේ මචං කියලා)

ඒත් දැන් බලන්න පවුලක ළමයි ඉන්නේ එකයි, නැත් නම් දෙකයි, මම පොඩි ගානනක් කියන්නම් හදලා බලන්න, දෙන්නෙක් එකතුවෙලා ළමයි දෙන්නෙක් හදනවා. එතකොට මේ හැම පවුලම මෙහෙම කලොත් වෙන්නේ මොකද?
(ඒත් ප්‍රායෝගිකව එහෙම වෙන්නෙ නැහැ.)

අපේ ජනගහන වර්ධන වේගය අඩුවෙලා. අපේ විතරක් නෙමෙයි ලෝකෙ හැම රටකම වගේ මෙහෙමයි. මේක ඉතාම දරුනු විදියට බලපාල තියන රටවල් තමයි.
1. ඊශ්‍රායලය.
2. ස්කැන්ඩිනේවියන් රටවල්. (නෝර්වේ, ස්වීඩන්)
3. පින්ලන්තය.
4. බෙල්ජියම.
5. ජර්මනිය
මේ වාගේ ඉතාම ඉහල දියුණුවක් අත්කර ගත්ත රටවල් මේ ප්‍රශ්නෙට මුහුනදීල තියනවා.
ඒ වගේම අපි වගේ සමකාසන්න රටවල් මේ තත්වයට දැන් මුහුන දෙනවා.

මෙතන ලොකු ප්‍රශ්නයක් තියනවා. මේ රටවල් අවංකවම තමන්ගේ අතපසුවීම හදාගෙන තමන්ට වැරදුනු තැන සොයාගෙන මේ ප්‍රශ්නයට විසදුම් සොයමින් සිටිනවා. උදාහරනයක් විදියට ගත්තොත් ස්කැන්ඩිනේවියානු රටවල තිබුනු ලොකුම ප්‍රශ්නයක් තමයි මේ රටවල ජලයේ අඩංගු වූ රසදිය සාන්ද්‍රනය ඉහල යෑම. මර්කරි විෂ පුරුෂ බීජ විනාශ කරනවා. නමුත් මේ සිද්ධිය හදුනා ගත් විගසම මෙයාල ඒ සඳහා ඉදිරි පියවර වහාම ගත්තා. අද වෙනකොට ජලයේ ඇති රසදිය සාන්ද්‍රනය නියම මට්ටමටම ගෙනත් තියනවා. ඊලඟට ගත්තොත් මේ රටවල් තමයි අද නිසරුභාවය සඳහා හොදම තාක්ෂණික දියුනුවක් ලබා තියන්නේ.

නමුත් අපි වගේ රටවල තමන්ටම ආවේණික වුනු පර්යේෂණවල යෙදිල මේ ගැන තාම හොයා බලන්නේ නැහැ. අපි ගත්තොත් ආයුර්වේදය මම දන්න තරමින් සරුභාවය ගැන ලෝකෙටම ආදර්ශයක් වෙන්න අපිට පුළුවන්.

ඒත් අපි මොනවද කරලා තියන්නේ?

අද මේ රෝගී තත්වය සමහරුන්ට සල්ලි උල්පතක් නිර්මාණ්ය කරලා තියනවා. අහිංසක දෙමාපියන් තමන්ගේ ජීවිත කාලයම මහන්සිවෙලා උපයන මුදල් යොදවලා බලන් ඉන්නවා ඒත් වැඩක් නැහැ.

මම දන්න එක්තරා ආචාර්ය්‍ය වරයෙක් මේකෙදි භාවිවිතා කල හැකි ඉතා වැදගත් රසායනිකයක් සොයා ගත්තා මේ ලංකාවෙදිම. නමුත් ඒක දියුනු කරන්න ලබා දිය යුතු සහාය ලැබෙන් නැහැ.

තව වරක් මාත් සිටි තැනකදී අපේ රටේ ඉතා උසස් ආයතනයක ලොක්කෙක් සරුභාවය ගැන කරන පර්යේෂණ හැදින් වූයේ වැඩක් නැති වැඩ ලෙස. මම ඒ ගැන ප්‍රශ්න කලාම කියනවා" දියවැඩියාව වගේ රෝග තමයි මූලිකත්වය දිය යුතු රෝග කියලා" ඔන්න ඕකයි අපේ රටේ ප්‍රශ්නෙ. අපි හැමෝම හිතන්නේ තමන්ගේ ලෙඩ තමයි ලෙඩ විදියට. ඔය ආයතන ප්‍රධානියට දියවැඩියාව තියනවා. ඒ නිසා ඔහු බලන්නේ ඒ රෝගය ගැන විතරයි.

වැඩ සිද්ධවෙන්නේ මෙහෙම නම් අපි කරන්න ඕනෙ ලෙඩ්ඩු ආයතන ප්‍රධානීන් කරන එක. නැත්නම් කවදාවත් රටට වැඩක් වෙන්නැහැ.

අපි මේ හැම දේම කරන්න හැකියාව තියන ජාතියක්. අපිට සම්පත් තියනවා, හැකියාව තියනවා, දැණුම තියනවා හැබැයි ඕනෙකම නැහැ. අනික ආයතන පාලනය කරන්නේ මානසික රෝගීන්. මේක තමයි අපේ රටේ ප්‍රශනේ.

ආයුර්වේද බටහිර කියලා බෙදීමක් නැහැ. අපි කවුරුත් එකතුවෙලා වැඩ කරනවා නම් ලෝකෙ තියන ප්‍රශ්ණ ගනනාවකට පිළිතුරු අපි ගාව තියනවා.

දැන් මම එන්නම් නැවත සරු භාවය ගැන ප්‍රශ්නෙට.

ලෝකෙ 1970 වෙත්දි මුළු ලෝක ජනගහනයෙන් 5% විතර තමයි මේ ප්‍රශ්නෙන් පෙළුනේ.
එම 5% අපි නොයෙක් කාණ්ඩ වලට බෙදුවම,
ස්ත්‍රී මඳසරුභාවය 50% විතර
පුරුෂ මඳසරුභාවය 30% විතර
හේතුවක් නොමැති මඳසරුභාවය 20% විතර තමයි අපි දැක්කේ.

නමුත් ඔබ පුදුම වෙයි අද තත්වය ගැන අද වෙනකොට මේ අගයන් බොහෝ වෙනස් වෙලා.
2000 වර්ෂය වෙනකොට මේ අගයන්
ස්ත්‍රී මඳසරුභාවය 40%
පුරුෂ මඳ සරුභාවය 50%
හෙතුවක් නොමැති මඳසරුභාවය 10% ලෙස වෙනස් වුනා.

නැවතත් 2006දී ලෝකය මේ ගැන සොයා බැලුවා. එහිදී ලබාගත් තොරතුරු අනුව පෙනී ගියේ පුරුෂ මඳ සරුභාවය නැවතත් දරුණු ලෙස වැඩි වී ඇති බවයි.

මෙයටම අදාල පර්යේෂණයක නියැළුනා මගේත් ඉතා හිතවත් ආචාර්ය්‍ය වරියක් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ.
මෙතුමිය ඉතා නිවැරදිව අපගේ විශ්ව විද්‍යාල සිසුන් අතරින් තෝරාගත් සාම්පල කීපයක් වෘෂණ කෝෂවල වට ප්‍රමාණය මිනීමේදී පෙනී ගියා ඔවුන් වැඩි බහුතරයක් අනාගතයේදී පුරුෂ මඳසරුභාවයට පත් වීමට ඉඩ ඇති බව.
මේ අනුව අපට පෙනෙනවා ඉතා පැහැදිලිවම අප සිටින්නේ ගිනි කන්දක් පාමුල බව.

නමුත් ලෝකයට මේ පුරුෂ මඳසරුභාවට පිළිතුරු නැහැ. දැනට සොයා ගෙන ඇති ඉතා සීමිත බෙහෙත් ප්‍රමාණය කිසිසේත්ම මෙම රෝගයට ප්‍රතිකාර කිරීමට ප්‍රමාණවත් නැහැ.

හැම දේකම හොද පැත්තක්ද ඇති බැවින් අපේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට හැකි වුනා මේ සඳහා ප්‍රතිකාර සකසන්නට. දැනට මේ පර්යේෂණ ඉතා පුළුල් මට්ටමින් සිදු වෙනවා.
ඒත් මෙතනදි නොකියාම බැහැ. මේ පර්යේෂණ සඳහා රජය හෝ කිසිම ආයතනයක් මෙතෙක් අවශ්‍ය උපකාර කර නැහැ. බටහිර වෛද්‍යවරුන් කීපදෙනෙකුත් ආයුර්වේද වෛද්‍යවරයෙකුත් තම වියදමින් මේ කටයුත්ත මේ වන විට කරමින් සිටිනවා.

ඔන්න අපේ රට....

වඩාත් කනගාටු දායකම සිද්ධිය නම් බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාලයක් මේ පර්යේෂණ වලට අවංකවම අවශ්‍ය උදව් කරනවා.

අපේ රට වාසනාවන් නේද??

ඊලඟ ලිපියෙන් පුරුෂ මඳ සරු භාවයේ ලක්ෂණ හා එයට හේතු සඳහන් කරන්න ඉන්නේ, ඒ ගැන ප්‍රශ්න තියේ නම් කමෙන්ට් කරන්න ඒ අනුව ලිපිය ලියන්නම්.

16 comments:

  1. විවෘතව කතා කල යුතු මාතෘකාවක් . . . ඉතා වටිනා ලිපියක් . . . . ඊලඟ කොටසත් ඉක්මනට දාන්න

    ReplyDelete
  2. දුකා ස්තුතියි!
    මම මෙතන්දි පොඩි ඌන පූරණ්යක් කරන්නම්. මට මතක නැති වෙලා මේ කෑල්ල එකතු කරන්න.
    2000දී මුළු ලෝක ජනගහනයෙන් 15% මඳසරුභාවයට පත් වෙලා කියලා කියනවා.

    ReplyDelete
  3. මේ පිලිබඳ ලිපියක් අද පුවත් පතකද මා දුටුවා. එහි කියා තිබුනා නුවරඑළියේ සහ කොලඹ ප්‍රදේශවල පිරිමින්ගේ ප්‍රජනන
    හැකියාව පහත බැස ඇති බව. හේතුව නුවරඑළියේ රසායනික
    පොහොර භාවිතයද. කොලඹ අධික දුම නිසාද. ඔබතුමා කියා ඇති පරදි වෙනත් රටවල මේවාට වහා විසඳුම් සොයා ගෙන වැරැද්ද හදා ගන්නව ..
    ඒත් අපේ..රටේ...????? වසර ගනනාවක් පර්යේශණ කරල ..
    විසඳුම් සොයාගත්ත අයගේ බෙල්ල ලගින් කපල දානවා ...
    1.ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා විවාහවී දරුවන් හදන්නට සුදුසුම වයසත්..නුසුදුසු වයසත් පහදන්න .

    2.තවද ප්‍රතිකාර ගැනීමට මැලිවී බිරිඳපිට වැරැද්ද පටවන පිරිමින්ට
    ඔබගෙන් උපදෙසක්....
    ස්තූතියි

    ReplyDelete
  4. \\දෙන්නෙක් එකතුවෙලා ළමයි දෙන්නෙක් හදනවා\\

    හරි පුදුමයි..මේ සරල ඇත්ත කවදාවත් මම කොහේදිවත් කියවලා වත් අහලාවත් නැහැ..(මගේ කියවීමේ අඩුවක් වෙන්න ඇති)

    මගෙත් බිරිඳගෙත් පවුලේ මුලු සහෝදර සහෝදරියො ගනන 11 යි. විවාහක 9 දෙනා විතරක් සැලකුවොත් සහකරුවොත් එක්ක මුලු ගණන 18 යි. ඒත් අපි හැමෝගෙම දරුවන්ගෙ එකතුව 17 යි. එක් පවුලක දරුවො නැහැ.
    ඇත්තටම කාලෝචිත ඒ වගේම ප්‍රායෝගික මතෘකාවක්...

    ReplyDelete
  5. සමාජයේ මුල් බැහැගත් සමාජමය ගැටළුවක් විවාදයට ගැනීම පිළිබඳ ස්තූතියි....

    පුද්ගලිකව මමත් කැමතියි දරුවෝ පස් හය දෙනෙක් හදන්න.. ඒත් මේ භාහිර සාධක?

    ReplyDelete
  6. මේ දින වල කතා වන ආර්සනික් ගැටලුවේ ඇත්ත නැත්ත හරියටම පැහැදිලි නෑ. කොහොම වුනත් අයහපත් ආහාර පුරුදු වගේම , ආහාර වල අඩංගු කෘතීම රසායන මේවාට බලපානවා වෙන්න පුළුවන් නේද ?

    දැනට ජීවත් වන අයට වගේම, අලුතින් උපදින දරුවන්ට මේවා කොහොම බලපානවා වෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  7. ජනගහන වර්ධනය අඩු වීමේ පල විපාක දැන් නොදැනුණත් තව වසර කිහිපයක් යනවිට දැනෙයි. එතකොට ප්‍රමාද වැඩි වෙන්නත් පුළුවන්. ගිම්හානි කියන හැටියට, බොහෝවිට පුරුෂ පක්ෂය පිරික්සුමට ලක් වීමට මැළි වෙනවා. අනික් අතින් දරුවන් සඳහා වියහියදම් කිරීමට, ආදරය රැකවරණය ලබා දිය හැකි මට්ටමේ පවුල්වල තමයි එක දරුවෙක් ඉන්නෙ. දරුවන්ව හරියකට බලන්නෙ නැති මිනිස්සුන්ට මහ ගොඩක් ළමයි.

    දැන් කාලෙ කන බොන හැම දෙයකමත්, හුස්ම ගන්න වාතයෙත් ඇති රසායන ද්‍රව්‍ය ඊට බලපානවා ඇති. කොහොම වුනත් හේතුව හොයාගන්න ඕනනෙ ප්‍රතිකාරයක් කරන්න.
    ඉදිරි ලිපිවලින් මේ ගැන තව දැනුවත් කරාවියයි සිතනවා.

    ReplyDelete
  8. නලිනි කිව්වා වගේ විෂමතාවක් තියෙනවා, පෝසත් පවුල් වල ළමයි අඩුයි. දුප්පත් පවුල් වල ළමයි වැඩි වෙලා සමහරු ගඟටත් විසි කරලා යනවනේ..

    ජංගම දුරකථන භාවිතය ඉහල යාමත් මේකට බලපානවා වෙන්න පුළුවන් නේද ?

    තව දෙයක් මම අහලා තියෙනවා පෝරණු වල වගේ උෂ්ණත්වය වැඩි තැන් වල වැඩි වෙලා ඉන්න අයගේ සරු භාවය හීන වෙනවා කියලා.

    ReplyDelete
  9. පොදුවේ ගත්තම ලෝකේ ජනගහනය වැඩිවෙනව නේද, වෙද මහත්තයෝ? ලෝකෙට උහුලන්න පුලුවන් ජනගහනයෙ සීමාවක් තියෙනව නේද?
    මහාචාර්ය ස්ටීවන් හෝකින්ස් කියල තියෙනව මිනිස් වර්ගයා වෙන ලෝකයක් හොයා ගත්තෙ නැත්නම් ලොකු ප්‍රශ්නයක් වෙනව කියල මොකද වැඩිවන ජනගහනයට සරිලන සම්පත් නොමැති නිසා.
    මං කොහෙද යන්නෙ මල්ලෙ පොල් වගේ කතාවක්ද කිව්වෙ?
    මං හිතන්නේ යම් හරි අදාලත්වයක් ඇති!
    අනේ ඔබ තුමා කියන දේට අභියොග කරනව එහෙම නොවෙයි!

    ReplyDelete
  10. අර කිව්වත් වගේ හොඳ මාත්තුරුකාවක්නං තමා මේකත්...
    ඔහොම කරගෙන යන්කෝ කතාව මාත් බලං ඉඤ්ඤං...

    @අභීත...
    එහෙම කියලා බැහැ බං කොහොම හරි ඔය අඩු පාඩු තැනක් හරි බලලා උදව් කොරහං...පින් සිද්ධ වෙන වැඩ ඕව්වා...:D

    ReplyDelete
  11. අපේ අම්ම කියනව අම්මල පොඩි කාලෙ දරුවො 14,15,16 හිටපු පවුල් තිබ්බ කියල.ගොඩක් එහෙම දරුවො හදල තියෙන්නෙ ගොවිතැන් වලට අත් උදව්වටත් පහසු වෙන නිසාලු.ලොකු දරුවො පොඩි උන් බලාකියාගන්න නිසා "ඩේ කෙයාර්" දාන්න ඕනෙත් නෑනේ.:)ලොකුම දුව විවාහ වෙලා දරුවො හදද්දි අත්තම්මත් දරුවො හදනවලු.
    ඒත් දැන් නොයෙක් බාහිර සාධක නිසා හදන්නෙ දරුවො 1,2 තමා."ජීවනබරත්" එක්ක කොහොමැයි 10,15 හදල කන්ඩ බොන්ඩවත් දෙන්නෙ.දරුවො හදනව කියල හදන්නන් වාලේ හදලා වැඩක් තියනවද.හරියට එකෙක් හදාගත්තම මදිද?

    ReplyDelete
  12. ගිම්හානි,
    ඔබට තුති. ඔය සියළුම මාතෘකා කථා කරන්නම්. ඔබ මට ප්‍රශ්න දෙන තරමට මම ලිපි ලියන්නම්.

    ලකී,
    මගේ මිත්‍රයා ඔබ හරියටම තේරුම් අරගෙන. මට ඒ ගැන සතුටුයි.

    අභීත,
    මගේ නොවක් ස්තුතිය. ඔබ මට ධෛර්ය්‍යය දෙනවා. දිගට ලියන්නම්.

    ඉඳුනිල්,
    ඔබටත් ස්තුතියි. ඒ ගැනත් ලියන්නම්.

    නලිනි,
    ස්තුතියි. මම ලියන්නම් ආයුර්වේද්යේ මේක්ට ඇති විසදුම් ගැන. ඔබ මේ ගැන දැණුම ඇත්තියක් ලෙස මාව නිවැරදි කරන්න.

    දයාල් බතී,
    මිත්‍රයා ඔබ මගේ සුවිශේෂී බ්ලොග්කරුවෙක් මම ඔබට බොහෝ කැමති අයෙක්. හැම දේකට ම එකඟ වෙන අය මම මිත්‍රයෝ විදියට හිතන් නැහැ. මිනිසුන්ගේ ඇති විෂමතා නිසයි ලෝකය දියුණු වුනේ. අපි එහෙම මිනිසුන් වෙමු.

    මාරය මල්ලී,
    මගේ පරමාදර්ශී බ්ලොග් කරුවා. ඔබ කමෙන්ට් නොදැම්මට මගේ ලිපි බලන බව දන්නවා.

    නදී,
    එහෙම කියන්න එපා. කොහොමද අපේ නදී දරුවෝ 10, 12 එක්ක අවුරුදු උත්සවේට ආවම. ඔයා හරි නංගි (දුවද දන්නේ නැහැ.) මේ ප්‍රශ්න තමයි අපිට ඕනෙකම තිබ්බට වැඩක් නැහැ. හැකියාව ආර්ථිකය වගේ දෙවල් අපිට ලොකු ප්‍රශ්න තමා.

    සියළුම දෙනාට,
    මම අනිත් ලිපිය ලියනවා කමෙන්ට් වලට පිලිතුරු පමා වෙයි. පෝස්ට් එකෙන් ඒවා කථා කරනවා. අද මගේ නිවාඩු දිනය.ඒක බ්ලොග් කෙරුවාවට යොදන්න වෙනවා. හපෝයි මේ බ්ලොග් වැඩේ නම්......

    ReplyDelete
  13. ඉතාම වටිනා මාතෘකාවක්...මම දන්න ගොඩාක් තරුණ පවුල් ඉන්නවා දරුවෝ නැතුව වද විඳින..

    ගොඩාක් වෙලාවට මේ උපත් පාලන ගිලින පෙති භාවිතයත් මේ දරුවන් නැතිවීමට හේතුවෙනව කියලා මම අහලා තියෙනව..

    මේ ඔක්කොම ගැන ඔබතුමාගේ හා ආයුර්වේදයේ මතය දැනගන්න කැමතියි,.

    ReplyDelete
  14. වැදගත් මාතෘකාවක්. ඉදිරියටත් ලියන්න.

    ReplyDelete
  15. මා ලගදී දවසක බබාල නැති අයට ප්‍රතිකාර කරන
    ප්‍රසිද්ධ රෝහලකට ගියා. එහිදී මා දුටු දෙයක් තමා
    ගොඩාක් මේ තත්වයට මුහුන දෙන්නෙ පෝසත් පවුල් වල අය.
    එහි ප්‍රතිකාර ගන්න සිටි තරුණ අය දැක්කම හරීම පුදුම හිතුනා.
    ලස්සන තරුණ , බැලුවම කිසිම ලෙඩක් පේන්න නැති නාඹර කොල්ලො කෙල්ලො.මොකක්ද මෙයාලට තියෙන අඩුපාඩුව හිතා ගන්න බැහැ..

    ඒත් ගම්බද පලාත්වල මේ ප්‍රතිශතය අඩුයි කියල හිතෙනවා.

    අප මද සරුබවයෙන් පෙලෙනවද කියල විවාහයට කලින් දැනගන්න ක්‍රමයක් නැද්ද.(ඉගියක්වත්)

    ReplyDelete
  16. වර්තමානයේ පවුල් වල දරුවන් සීමා වීමට තවත් හේතුවක් ලෙස මවත් පියාත් දෙදෙනාම රැකියා වල නිරත වීම මා දකිනවා. දරුවන් ආරක්ෂිතව රැක බලාගැනීමට ක්‍රමයක් නොමැති වීම ප්‍රධාන ගැටලුවක් .

    ReplyDelete