Thursday, June 9, 2011

ඔබටත් ඇගේ ඌෂ්නේ වැඩිද???

ඔබ අප කවුරුත් ගමෙන් ආපු අය.

අපිට නොයෙක්වර ඇහිලා තියන වචනයක් තමයි, ඌෂ්ණය කියන වචනේ. මම කොළඹදීත් මේ කථාව අහලා තියනවා. නමුත් මට සා/පෙ, උ/පෙ කාලෙත් මේක තේරුනේ නැහැ. ආයුර්වේදෙට ගිහිල්ලත් ගොඩක් කල් යනකම්ම මට මේක තේරුනේ නැහැ. දැන් වෛද්‍යවරයෙක් විදියට රෝගීන් සමඟ කටයුතු කරන විට තමයි මේ කථාව මට යම් අවබෝධයක් ඇති වෙන්න පටන් ගත්තේ.

අපි බලමු ඌෂ්ණ රෝගීන් පෙන්වන ලක්ෂණ මොනවද කියලා.
1. සමහර ආහාර ගත් විට ඇගේ පලු මතුවීම වැනි ආසාත්මික ලක්ෂන ඇති වීම.
2. කට, තොල් පැලීම වණ වීම.
3. කකුල, යටි පතුල පැලීම.
4. ශරීරයෙන් නිතරම රස්නයක් වැනි පිට වීම.
5. අම්ල පිත්ත රෝගයට ගොදුරු වීම.
6. ලඟ සිටින අයට රෝගියාගේ ශරීරයෙන් රස්නයක් පිටවන බව දැනීම. නමුත් උන නොතිබීම.
මෙවැනි දහසකුත් එකක් ලක්ෂණ කියන්න පුළුවන්.

එතකොට අපි බලමු මොනවද මේ ඌෂ්ණ ආහාර කියලා.
1. බලමාළු, කෙලවල්ලෝ.
2. ඉස්සෝ, දැල්ලෝ, කකුළුවෝ.
3. අන්නාසි.
4. අච්චාරු, විනාකිරි යෙදූ ආහාර.
5. මස් ( හරක් මස් සීතලයි. ඒක වෙනම කථාවක්.)
මෙවැනි ප්‍රෝටීන අධික හෝ ආම්ලික ආහාර වලට අපි ඌෂ්ණ ආහාර කියලා කියනවා.
(මෙයිට වඩා ගොඩක් තිබුනත් ලේසියට මම කීපයක් විතරක් ලිව්වා.)

ඔන්න දැන් අපිට යම් තරමක අවබෝධයක් තියනවා, උෂ්ණ ආහාර ගත්තම වෙන දේ ගැන, සහ එම ආහාර මොනවද කියලා.

මෙතනදි ඔබ දකින්න ඇති විශේෂයක් මේ හැම දෙයක්ම එක්කෝ ප්‍රෝටීන නැත්නම් ආම්ලික දේවල්. මෙන්න මේක තමයි මෙහි තිබෙන විශේෂම දේ වෙන්නේ.
ආයුර්වේදෙට අනුව ඉතාමත් සීමිත ආහාර කීපයක් හැරුනම අනෙක් සියළුම ප්‍රෝටීනමය ආහාර වලට ඌෂ්න ආහාර කියලා කියනවා. මේක වෙන්නේ ආයුර්වේදීය ගුණාංගයක් වන වීර්ය්‍ය කියන සංකල්පයට අනුවයි. ( ඒ ගැන පසුව කියලා දෙන්නම්)

එතකොට බලමු ප්‍රෝටීන කියන්නේ මොනවද?
අපි ප්‍රෝටීන කියලා කියන ආහාර,
ප්‍රෝටීන කියන්නෙත් අම්ල වර්ගයක්. ඒ කියන්නේ ඇමීනෝ අම්ල කියන මූලික අම්ල වර්ග 22කින් තමයි ප්‍රෝටීන් සෑදිලා තියන්නේ දැන් අපිට තේරෙනවා ප්‍රෝටීන් කියන්නෙත් අනෙක් අම්ල වගේම ආම්ලික ද්‍රව්‍යයක් කියලා.
එතකොට අම්ලවල ලක්ෂණ මොනවද කියන ප්‍රශ්නේ අපිට එනවා නේද?

ප්‍රෝටීනවල ඇති අම්ලවලින් වන ප්‍රයෝජන තමයි,
1. ප්‍රෝටීන පරිවෘත්තියේදී ඇමීනෝ අම්ල ඇති වේ.
2. මෙම ප්‍රතික්‍රියාව නිසා ශරීරයට විශාල ශක්ති ප්‍රමාණයක් ලබා දේ.
3. ඇමීනෝ අම්ල ශරීරයේ වර්ධනයට අත්‍යාවශ්‍යය.
4. මෙම අම්ල (නැතහොත් ප්‍රෝටීන ) විශාල වශයෙන් ගත් විට ශරීරයේ ආම්ලික ගතිය වැඩි වේ.
5. මෙතනදීත් ශාරිකව සමහර ලක්ෂණ පෙන්වනවා එම ලක්ෂණ බොහෝ දුරට ආසාත්මික ලක්ෂණයි.

නමුත් අපි මේ කථා කරන ඌෂ්ණය කියන්නෙ මේක නෙමෙයි. අපි බොහෝමයක් මෙම තත්වය ඌෂ්ණය යැයි වරදවා වටහා ගන්නවා. නමුත් මේක ඌෂණයේ එක් පියවරක් විතරයි.

දැන් මට හිතෙනවා මේ ලිපිය එක ටිකක් නීරස වෙයිද කියලා, මොකද මේක ටිකක් ටෙක්නිකල් වගේ නිසා. මම ඉතිං හොද ලියන්නෙක් නෙමෙයි හොද වෙදෙක්නෙ ඒකයි ඒ අමාරුවෙන් හරි ඉතිරි ටිකත් බලන්න.

තේරෙන ලෙස කිව්වොත් මේ ඌෂ්ණය හදුන්වන්න රස්නය (Temperature) කියන පදයවත් තාපය (Heat) කියන පදයවත් හරියන් නැහැ. මේක ඒ දෙකටම වෙනස් දෙයක්.

මම නම් බොහෝමයක් වෙලාවට ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන අවස්ථාවල මේ වචනය වෙනස් නොකර ඌෂ්ණ (ushna) කියන පදය එලෙසින්ම කියනවා, එහෙමත් නැත්නම් ලියනවා. මොකද මේ වචනයට හරියන වචනයක් ඉංග්‍රීසි භාෂාවෙ මට හමුවෙලා නැහැ.

මෙතනදි අපි දැන් බලමු හරියටම ඌෂ්ණය කියන දේ ගැන,
ඔබ දන්නවද මේක බොහෝ සමීප වන්නේ වෛද්‍ය විද්‍යාවට නෙමෙයි. භෞතික විද්‍යාවට.
මේ විශ්වයේ ඇති ඕනෑම වස්තුවකට තියනවා විභව ශක්තියක්.(potential energy) ඒ ශක්තිය තමයි එම වස්තුවේ එයට ආවේණික වූ ශක්තිය වන්නේ. මේ විභව ශක්තිය ප්‍රයෝජනයට අරගෙන අපිට නොයෙක් කාර්යයන් කල හැකියි.

බලන්න ජලයේ විභව ශක්තිය තමයි අපි විදුලිය නිපදවා ගැනීමට ප්‍රයෝජනයට ගන්නේ. අන්න ඒ වගේ.


මේ විභව ශක්තිය ශක්තිය යම් කාර්යයක් කිරීමේදී අපි ඒකට කියනවා එම ද්‍රව්‍යයේ චාලක ශක්තිය (kinetic energy) කියලා. එනම් කාර්යයන් කිරීමේ හැකියාව.
විභව ශක්තිය යම් ප්‍රමාණයක් චාලක ශක්තිය බවට හැරෙන කොට එතන,
( මේ විශ්වයේ 100% කාර්යක්ෂම දෙයක් නැහැ. ඒ නිසා තමයි හැම දේම අනියත වෙලා තියන්නේ. ඒක වෙනම කථාවක්.)
යම් ශක්ති ප්‍රමානයක් නාස්ති වෙනවා. (wastage energy)

PE = KE + WE


දැන් බලන්න යමෙක් යම් කාර්යයක් කරන විට ඔහුගේ හෝ ඇයගේ ශක්ති හානිය විශාල නම් අදාල කාර්යය කිරීමේ ශක්ත්‍යතාව අඩුයි. එනම් එහි ඵලදායීතාව අඩුයි. කෙනෙක් වයසින් වැඩිවන විට ඔහුගේ මේ ශක්ති හානිය වැඩිවී පරිවෘතීය ක්‍රියාවල ඵලදායීතවය අඩු වෙනවා. මෙහිදී තමයි ලෙඩ වෙන්න පටන් ගන්නේ.
මේ සංසිද්ධියට අපි කියනවා.,

ශක්ති හානිය = ඇගේ ඌෂ්නේ.

මම හිතනවා ඔබට දැන් පැහැදිලි ඇති කියලා.

ඔබ වෙනුවෙන් මම අමාරුවෙන් හරි කාලය යොදාගෙන ඔබගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නම්.

ඒ නිසා මේ ගැන යම් සාකච්ඡාවක් කරනව නම් මම ගොඩක් සතුටුයි.

65 comments:

  1. මටත් ඔය තක්කලි,බලමාලු,බිලිං,අන්නාසි එහෙම කාපුවම කසන්න ගන්නව.ඉස්සො කකුලුවො දැල්ලොනම් කන්නෙම නැති තරම්.කෑවහම කකුල් යටිපතුල්වල දැවිල්ල, දුම් දානව වගේ.හරියට නින්ද යන්නෙත් නැ.ඒ නිසා බලමාලු එහෙම කනකොට කතුරුමුරුංගා මැල්ලුම් හදනව අම්ම.

    මම් අදුරන මහත කෙනෙක් ඉන්නව එයාගෙ ඇග උශ්ණයි කියල මීකිරි වගේ දේවල් කන්න කිව්වලු,බබාලත් තාම නෑ.ඩොස්තරලත් කියල තියනවලු ඇග උශ්ණගතිය නිසා එහෙම වෙන්නෙ කියල.දැන් හච්චිං ඇර ඇර මීකිරි,මුං ඇට එහෙම කනව :))

    ReplyDelete
  2. නදී.
    මම හිතන විදියට ඔබත් තදින් ඇඟ ඌෂ්ණ කෙනෙක්. අර යාළුවත් එහෙමයි. ඔය පලා මැල්ලුම කන එක ඉතාම හොදයි. මොකද ඒවාගේ කැලරි ප්‍රමාණය අඩු නිසා ඇතිවන ප්‍රතික්‍රියා හැම වෙලේම වෙන්නේ ශතිය උරා ගන්න පැත්තට, පැහැදිලි ලෙස කියනවනම් මේ වගේ දේවල් ආහාරයට ගන්නකොට අර අපි කියපු ශකති සමීකරනේට අනුව ඇතිවන නාස්තිවන ශක්තිය අඩුයි. අනික් කාරනය මේ නිසා ශරීරයේ ඇති විෂ පදාර්ථ නැති කරනවා

    හැබැයි යාළුව්ගෙනම් තත්වය ටිකක් හොද මදි මොකද ඇඟ ඌෂ්ණ අයගේ ඩිම්භ මෝරනවා අඩුයි ඒකට පිලිතුර ඔය දෙවල් කන එක නෙමේ. අනික ඇය පිත වගේම සෙම් බහුල අයෙක් බවත් මට හිතෙනවා.

    ReplyDelete
  3. ඔබතුමා ඔය කියන ලිස්ට් එකේ ආහාර කිසිවක් මාත් කන්නෙ නෑ.
    බල මාළුයි අඹ මාළුයි කාලා මාව මැරෙන්න ගියා.
    දැන් ඒවයෙන් වැලකිලා නිසා හරි පහසුවක් දැනෙනවා.


    මස් මාළු කෑමත් බොහෝ දුරට අඩු කල නිසා එය පසු කාලෙක
    පුශ්නයක් වේවිද සැකයි.

    ස්තූතියි.

    ReplyDelete
  4. වෙද මහත්තයෝ ඕක මුලු ලංකාවෙම තියෙන ලෙඩක්. ඉන්න තරමක් ඉන්නෙ උන කාරයො. එයාලට වෙද මහත්තයගේ බේත් දීල අල්ලයිද දන්නෙ නෑ.

    එතකොට අර හෙනෙක් කාල බීල හොඳින් ඉන්න කොට ඇඟේ මාළු නටන රෝගෙටත් බෙහෙත් තියෙනවයි..

    පිං සිද්ධ වෙනව මේ ලිපි පෙලට... බොග් කියන්නේ මේවනේ..

    ReplyDelete
  5. ගිම්හානි,
    නරකද ඔබත් බ්ලොග් ලියන්න ගත්තොත්, ඔබ හරි ඔය තනිකර ඌෂ්ණ කෑම එකට ගන්න හොද නැහැ. එතකොට ශරීරයට ඒක දරා ගන්න අමාරු වෙනවා.
    මස් නොකෑවට කාටවත් මුකුත් වෙන්නේ නැහැ. කෑවටත් ප්‍රශ්නයක් නැහැ.
    හැබැයි,
    තම පමණ දැන...
    කට පරිස්සම කොහොමටත් හොදයි.

    මාතලන්,
    ඔය කියන ලෙඩ දෙකටම මට දන්න වෙදමක් නැහැ. හැබැයි අපේ මහා ගෞතම බුදුරජානන් වහන්සේගේ දේශනාව අනුගමනය කරනවනම් ඔය ප්‍රශ්න නැහැ.
    මිත්‍රයා ඔබට ජය!

    ReplyDelete
  6. මට නම් කෑම බීම වලින් කිසිම හානියක් වෙන්නෙ නෑ,,,ඒත් අපේ ගම් වල මිනිස්සු ඔය කෑම වර්ග උයද්දී උශ්නය අඩු වෙන්න ක්‍රම ඕනා තරම් තියනවා නේද? මම මුහුදුබඩ ප්‍රදේශයක කෙනෙක් විදිහට,,ඔයා කියන කෑම ලිස්ට් එක අපේ ගෙවල් වල නිතරම තියන දෙයක්...

    ReplyDelete
  7. ඩිලාන්,
    ඔබ හරි මමත් මුහුදු බඩ කෙනෙක් වෙලා තියන්නේ මෙහෙමයි. මේ ඕනෙම ජාතියක් අපි නිතරම කනවා හැබැයි මේකෙත් කලාවක් තියනවා. උදාහරනයක් විදියට බලමාළු කනකොට පොල් කනවා.
    අද වෙලා තියන්නේ මේ කිසි දෙයක් ගැන දැනුමක් නැතිව ඔහේ කනවා. එතකොටයි ලෙඩ වෙන්නේ.

    ReplyDelete
  8. ඔබේ ලිපිය රසවත් ඒ වගේම වෙනස් ,අපි ඉගෙන ගත් ආකාරයට උශ්න යන පදය නැතත් ඊට සම්බන්ධ Histamin reaction කියල සිදුවීමක් තියෙනවා.ඒ වගේම food intolerance කියන සිදුවීමකුත් තියෙනවා , ඉදිරියේදී මෙහි පවතින හදිසි අනතුරුදායක තත්ත්වයන් පිළිබදවත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා , විවේකයක් ඇතොත් එන්න මගේ බ්ලොග් එකටත් ,
    http://nursinglanka.blogspot.com

    ReplyDelete
  9. මහේෂ් නිශාන්ත,
    ස්තුතියි. ඔබගේ බ්ලොග් එක මම කියවනවා. එහි තිබූ අඩු වයස් ගැබ් ගැනීම ලිපි මාලාව ඉතා වැදගත්.

    මෙම ලිපිය මම ලියූවේ ආයුර්වේද මූලයක් සිට. නමුත් මම එහි සදහන් කලා මෙම තත්වය වැරදියට භාවිතා කරනවා ආසාත්මිකතාව හා සම්බන්ධ කරගෙන. එය නෙමෙයි ආයුර්වේදයේ අර්ථය වෙනස්. අපි මේ ඌෂ්ණය කියන්නේ ඔබ කියන අවස්ථා (Histamin reaction කියල සිදුවීමක් තියෙනවා.ඒ වගේම food intolerance) නිසා නෙමයි.
    ඒත් අපි මේ කියන තත්වය තුල, එහෙමත් නැත්නම් අපේ ඌෂ්ණ රෝග කාණඩය තුල ඔය අවස්ථා දෙක ඉතා සුළු දෙයක් විතරයි.

    ReplyDelete
  10. මේ උෂ්ණයි කියන ආහාර වල තියන අතුරු ප්‍රතිපල වලක්ව ගන්න අපි සාමාන්‍යයෙන් අනුගමනය කරණ ක්‍රම ගැන තව ටිකක් කතා කරමුද...ඔය බල මාලු සමග පොල් කනවා වාගෙ..සාමාන්‍යය දැනීමට ගොඩක් වටිනවනෙ...
    ලිපිය දිග වුනොත් නීරස වෙයි කියලා කෑලි අඩු කරන්න නම් එපා. සමහරවිට ඔබ ඒ අඩු කරන්නෙ අපට වැදගත් ම කොටස වෙන්න පුලුවන්.

    ReplyDelete
  11. ස්තුතියි දැනුවත් කළාට , මම ඔබේ සටහන දිගටම කියවනවා , වැදගත් ලිපිමාලාවක්.

    ReplyDelete
  12. ලකී,
    මම ඔබ කියන කරුණ හිතට ගත්තා. ස්තුතී.

    ReplyDelete
  13. උෂ්ණය ගැන සයන්ටිෆික් පැහැදිලි කිරීමක්. සරලව ගත්තම ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලියේදී හානි වන ශක්තිය තමයි අපි උෂ්ණය කියල හඳුන්වන්නෙ නේද?

    ReplyDelete
  14. වටින ලිපියක්. ස්තූතියි

    ReplyDelete
  15. වෙද මහතා : සුපුරුදු පරිදි ඔබ තුමාගෙන් තවත් අර්ථවත්, ප්‍රයෝජනවත් ලිපියක්. මේ වගේ ලිපි නීරස වෙන්නේ නැහැ. හොඳ රසයි.මේවා අපිට කියවන්න ලැබෙන්නේ කලාතුරකින්.

    පොඩි කාලයේ ඉඳලා මට නොතේරුණු දෙයක් ඔය ආහාර වල උෂ්ණ, ශීත ගුණ, බොහොම ස්තූතියි දැනුවත් කිරීම ගැන. ගොඩක් දෙනා ඔය මාතෘකාව මිත්‍යාවක් විදියට බැහැර කරනවා, ඒ ඒවාට පදනමක් තිබෙන බව නොතේරීම .මේ වගේ මාතෘකා සංවාදයට ගැනීම අපේ ජනමාධ්‍ය වලින් කරන්නේ නැහැ.මේ වගේ බ්ලොග් ලිපි වලින් අඩුම තරමේ කිහිප දෙනෙකුට හරි මේ දැනුම ලැබෙනවා.

    ඒ වගේම ඔබ තුමාගේ පෙර ලිපියේ කමෙන්ටුවක සඳහන් කරපු ආකාරයට මාගේ බ්ලොග් අඩවිය අද ආරම්භ කළා. බ්ලොග් අඩවියට පිවිසෙන්න මේ සමගම ඔබතුමාට ආරාධනා කරනවා. අඩවි ලිපිනය http://www.ramadasa.name . දැනට පිවිසුම් ලිපිය පමණයි.

    ReplyDelete
  16. hare :-)
    මා ඔබගේ තේරුම් ගැනීම ගැන ඉතා පැහැදුනා. ස්තුතියි. මට ඉතාමත් සතුටුයි. මම බලාපොරොත්තු වූ කමෙන්ටුව මෙයයි.

    මනුසත්,
    ඔබට ස්තුතියි මිත්‍රයා.

    ඉදුනිල්,
    ඉතාමත් සතුටුයි. මම මේ බ්ලොග් කලාවට ආධුනිකයෙක් වුවත්, මගේ බ්ලොග් කලාව ඉදිරියට ගෙනයාමට මට උදව් කල අය බොහෝයි. ඒ අතර මාරයා මල්ලී විශේෂයි. ඔබ මට ගොඩක් ශක්තියක් දුන්න කෙනෙක්. මම දිනපතා කෙසේ හෝ ඔබේ බ්ලොගයත් බලනවා. ජයම පතනවා!!!

    ReplyDelete
  17. වෙද ගෙදර මහ වෙදනා : බොහොමත්ම ස්තූතියි ඔබතුමන්ට..

    ReplyDelete
  18. වෙද මහත්තයෝ මට මේක හරියට තේරුණේ නෑ. වැඩියම ශක්තිය නිපදවන ආහාර කියල බටහිර විද්‍යාඥයො කියන්නෙ ලිපිඩ(fat) අඩංගු කෑම නොවෙයිද? උන්නැහෙල කියන විදියට ප්‍රෝටීන් සහ කාබොහයිඩ්‍රේට් කියන දෙකම නිපදවන්නෙ සමාන ශක්තියක්.

    http://en.wikipedia.org/wiki/Food_energy

    එහෙමනං ආයුර්වේදයෙ තියෙන උෂ්ණ සංකල්පය ශක්තිය(energy) මගිං විතරක් පැහැදිලි කරගන්නෙ කොහොමද?

    තව දෙයක් මේ වගේ ප්‍රධාන සංකල්ප ගැන අර්ථදැක්වීම් අයුර්වේදයේ තියනවාද? උෂ්ණ ගැන එහෙම කෙටියෙං කියල තියෙන අදහස මොකද්ද?

    ReplyDelete
  19. මටත් ඔය ලෙඩ සේරම දැන් අවරුදු 5 ක් තිස්සේ තියෙනවා වේද මහත්තයෝ. ඕකට බේතක් නැද්ද ? මහා කරුම උෂ්නයක් මේක...

    ReplyDelete
  20. මමත් හිතං හිටියෙ උෂ්ණ කෑම කියන්නෙ අසාත්මිකතා ඇති කරන කෑම වර්ග වෙන්නට ඇති කියලා. එහෙම ඒවා ඇති වෙන්නෙ ප්‍රෝටීන නිසානෙ.

    මට ටිකක් විතර පැහැදිලි මදි මෙතන අදහස. ප්‍රෝටීන බහුල ආහාර ගත්විට, ඒවා දහනයෙන් පරිවෘත්තිය කටයුතු උදෙසා ශක්තිය ලබා ගැනීමේදී, අපතේ යන ශක්ති ප්‍රමාණය වැඩියි කියන එකද ඔබ අදහස් කරන්නෙ?

    බොහොම ස්තුතියි.

    ReplyDelete
  21. හොද ලිපියක්..මේ මේ සම්බන්ධව මගේ අත්දැකීම්.

    මං 16-18 ගැටයා සනිදියේ ඉදලම ඔය කිව්ව ඌෂ්න කෑම ටික එකක් නෑර කාපු එකා වෙච්චි..තක්කාලි...බල මාළු..කරවල..ඉස්සෝ..දැල්ලෝ..හරක් මස්...බිලිං..දෙල්..මුරුංගා..ඔය හැම එකක්ම මගේ ආහාර ලයිස්තුවේ ඉහලින්ම තිබුන ඒවා..හැබැයි මොන හෙනයක්වත් නැහැ...හොදට කනවා ඒ වගේම ඒ දවස්වල මං දවසට පැය 12-ක් 14ක් එක දිගට නැහීගෙන වැඩ කරනවා...

    ඒත් පස්සේ කාලෙක මං වැඩ අඩු වෙන් කරන කාලයක් ආවනේ..අප්පච්චියේ ඔය තියෙන්නේ..නිකං හිටියත් කකුල් පැලෙනවා...රත්තයා හොදටම..ඒ විතරක්ද පිත් අමාරුව ඕසෙට...

    ඒත් දැන්නං ආයෙමත් වැඩ වැඩි වෙනවත් එක්කම ලෙඩ අඩුයි...ඔය කියන කෑම ඕන එකක් අත අරින්නේ නැතිව හොදට නෙලනවා..

    මං දකින දේ තමා ඌෂ්ණ කෑමවල තමා ඇගට හයියක් දෙන දේ තියෙන්නේ..ඒත් කාලා නිකා ඉන්න ගියාම ඒ ශක්තිය පිට වෙන අතක් නැති හින්දාම ඔය කියනවා වගේ ඇගේ හීට් එක නගිනවා..හරියට ඕවර් හීට් වෙච්ච ඇන්ජිමක් වගේ...

    හොදට දාඩිය දාන්න වැඩ කරනවනං ඔය කිව්ව අමාරු එකක්වත් එන්නේ නැහැ...

    ReplyDelete
  22. ඇඟේ උෂ්නයට හිටැමීන් වල (මහේෂ් කියල තිබුනෙ) කියන්න තරම් දායකත්වයක් නෑ නේද ???? කොහොමත් හිස්ටැමීන් හියෙන්නෙ ස්කොම්බ්‍රොයිඩේ පවුලෙ මාලු වල විතරයි නෙ.

    ReplyDelete
  23. වෙද මාමේ.. මට තියනවා තොල් වියලීම හා තොල් පැලීම... මොකෝ කරන්නේ මේකට.... මාර අපහසුවක් මට මේ ලෙඩේ....

    ReplyDelete
  24. පොඩි ගමය, නලිනි, මාරයා, අත්වැල ඔබයි, නවියා,ඕනයා,

    ඔබ සැම වෙනුවෙන් මම මේ පෝස්ට් එක තවත් විස්තර ඇතුව ලියන්නම්. මම ඊයෙ මේක කෙටි කලේ නීරස වෙයි කියලා. නමුත් ලකී කිව්ව දේකින් මට තේරුනා මම වැරදි කියලා.

    ඔබගේ උනන්දුව මාව දිරිමත් කලා තවත් විස්තර ලියන්න.

    ඔබට පිං.

    ReplyDelete
  25. එළ මාරයාගේ පිහිටෙන් මම බලනවා වෙද ගෙදර...
    මගෙ ලෙඩේට බෙහෙතකුත් ලියනවනේ....

    ReplyDelete
  26. ඔය කෑම වර්ග කාල ලෙඩ නොවී ඉන්න ක්‍රමයක් තියෙන්නත් එපැයි. ඒ ගැනත් විස්තර කළොත් වැදගත්වෙයි.

    ReplyDelete
  27. බල කරවල, මිදි එහෙම කාපු හැටියෙ මට මාර සෙමක්නේ හැදෙන්නෙ ......
    නවතින්නෙ වීස් එකෙන් .......

    හොඳ ලිපි පෙලක් දිගටම ලියන්න ......

    ReplyDelete
  28. මගේ මව වෙනුවෙන් ඔබතුමාට මේ ප්‍රශ්නය යොමු කරමි.

    ඇයට ඔබ සඳහන් කල ආහාර කිසිවක් කෑමට නොහැකියි.
    කෑමට තියා හැන්දක්වත් ගෑවුනොත් ඉවරයි.
    කසන්නටත් පලු දමන්නටත් පටන් ගනී.
    නමුත් ඇයට කුකුල් මස් හා වේලුන හාල් මැස්සන් කෑවිට මෙසේ සිදු නොවේ.ඒ මන්ද කියා පැහැදිලකල හැකිනම්....
    ඔබ පැවසු ආකාරයටම ඇය යහමින් මස් මාංශ අනුභව කල කෙනක්.
    ස්තූතියි

    ReplyDelete
  29. මටත් පුcචි කාලේ අන්නාසි කාලා ඇගේ පලු දාලා කසන්න හැදුනා.හැබැයි දැන් මම ඉහල ලයිස්තුවේ තියෙන ඔනි කෑමක් කනවා කිසිම අවුලක් නෑ.මේ ගැන අපි දැනුවත් කලාට ඔබට බොහෝම ස්තුතියි.....

    ReplyDelete
  30. බලනකොට කස්ටියම 1 ක බෝට්ටුවෙ අපේ මාරයා ඇරෙන්ඩ !

    අදනෙ දන්නෙ උශ්නෙ කියන්නෙ මොකද්ද කියලා..........

    ReplyDelete
  31. @sameera...

    නැහැ නැහැ හරියට බැළුවොත් මාත් ඒකෙම තමා..මොකද මං තරං ඔය රෝගයෙන් පීඩා විඳපු එකෙක් නැතිව ඇති..එක වතාවක් මං තුන්මාසයක් ඇද උඩටම වෙලා වගේ හිටිය කාලෙකුත් තිබුනා ඒ කකුල් පැළිලා ..නියපොතු අස්සෙන් සැර පිට කරන්නත් ගත්ත හින්දා..

    ඒත් එදා මගේ පිහිටට හිටියේ බටහිර වෛද්‍යවරයෙක්..කොටින්ම කිව්වොත් ලංකාවේ පැරණිම බටහිර ආරෝග්‍ය ශාලාව ලෙස මා හට වරක් කවුරුන් හෝ පැවසූ "පිඹුර" රෝහලේ ඩී ඇම් ඕ මහත්තයා තමයි උන්නැහේ මං හිටිය පන්සලටම ඇවිත් මට ප්‍රතිකාර කරලා මාව ගොඩ දැම්මා..ඒ උන්නැහේගේ මාමණ්ඩියා වෙන මගේ චෛත්‍යවර්ධන කමිටුවේ ප්‍රධාන දායක මහතැන්ගේ ඉල්ලීම උඩ...

    උන්නැහේට පින් සිද්ධ වෙන්න මං මාසයක් යන්නත් කලින් පොලොවේ පය ගහලා ඇවිද්දා. ඊට පස්සේ මං ඔය චෛත්‍යය කරුමාන්තය එහෙම කොලේ..ඒ පින උන්නැහේටත් පිහිටනවා...

    හැබැයි ඊට පස්සේ දවසක මට අපේ මාමණ්ඩියෙක් වෙච්ච පරණ වෙදකම් එහෙම දන්න හිටපු විදුහල්පති කෙනෙක් මං පොඩි කාලේ මට කිව්ව කතාවක් සිහි පරාද උනේ...

    "කොළුවෝ පායන කාලෙට කන්න ඕන උෂ්ණ ජාතිමයි..ඒ කාලෙට හැදෙන්නෙත් එහෙම බෝගම තමයි..වහින කාලෙට කාපිය ඔය මුංඇට වගේ හීතල ජාති...එතකොට ඇග ඇතුලේ එකක් පිට එකක් වගේ වෙන්නේ නැහැ.."

    මං ඔය ක්‍රමයට හුරු උනා..දැන්නං දෙයියන්ගේ පිහිටයි මාමා බුදුන් දැක නිවන් දකින්න මං දැන් ඕන උෂ්ණ දෙයක් කෙලලා දානවා..පායන කාලෙට..වහින කාලෙට හොදට ඔය හීතල කියන ලබ්බවල් කෙලලා අරිනවා...
    දැන් ඔය ඉන්නේ මොකාද එකා වගේ...හැක් හැක්...

    ReplyDelete
  32. බොහොම ස්තුතියි ඔබ අප දැනුවත් කරන්න ලියන දේ වලට. මටත් ඉල්ලීමක් තියෙනවා ඔය උෂ්ණ හෝ සීත හෝ කෑම තුලනය කරගෙන කන හැටි ලිපියක් ලියන්න කියල...

    මම ත් හැමදාම බලමාලු දෙවේලටම හරි තුන් වේලටම හරි කන කෙනෙක්. දකුණේ මුහුදු බඩ අපේ ගම්වල නෑදෑයෝ සෑහෙන විදියට උෂ්ණ කෑම කනවා. ඉස්සෝ දැල්ලෝ බිලින් මේ හැම දෙයක්ම. මට උෂ්ණ කෑම වලින් හැබැයි කවදාවත් ඇඟේ පලු දාලවත්, එහෙම මුකුත් වෙලා නැහැ. හැබැයි තොල්, හම වියලි ගතියක් නම් තියෙනවා. නමුත් මට සීතල කෑම කෑවොත් නම් ටක් ගාල සෙම හැදෙනවා කියල තේරෙනවා. අනේ මන්ද. කොළඹ මගේ යාලුවොන්ට මම වගේ බල මාළු කන්න බෑ. පොඩි කාලේ ඉඳන් පුරුදු නැති නිසාද? නැත්නම් එක එක්කෙනාගේ ඇඟවල් වල හැටිද?

    ReplyDelete
    Replies
    1. මේකට කියන්නෙ දේශ සාත්ම්‍ය කියලා. තමන් ඉන්න ප්‍රදේශයේ තිබෙන ආහාර වලට තමන් හුරුවෙනවා. මුහුදුබඩ ප්‍රදේශවල අයට බලමාළු ගැටළුවක් නෑ. උඩරට එලළවළු පහත රට අයට ගැලපෙනවා මදි. අපි ඉන්න දේශයට පරිසරයට අදාළ ආහාර තමයි අපි අවට හැදෙන්නෙ. ්

      Delete
  33. හුගාක් වටිනා ලිපියක් මුලින්ම මේ ලිපියට ස්තුතීය පුද කරනවා...
    මගේත් ඇග උෂ්ණයී කියලා දොස්තරවරු කියල තියෙනවා
    එ නිසාම මම දැන් දිය බත් කන්න හුරු උනා
    එක හුගාක් ඇගට හොද දෙයක් කියල සිංහල වෙද තුමියක් මට කිවුවා...
    හැබැයී එකෙන් මටත් ගුණයක් තියෙනවා කියල හැගීමකුත් මට තියෙන නිසා අනිත් අයටත් මම යොජනා කරනව පුලුවන් නම් දියබතක් හදාගෙන උදෙට කන්න කියලා

    ස්තුතී

    ReplyDelete
  34. මගේ අලුත් බ්ලොග් අඩවියේ පළමු ලිපිය කියවීමට ඔබ සියලු දෙනාට ආරාධනා.

    http://www.ramadasa.name/%e0%b6%ba%e0%b7%94%e0%b6%bb%e0%b7%9d%e0%b6%b4%e0%b6%ba%e0%b7%9a-%e0%b6%87%e0%b6%ad%e0%b7%92-%e0%b6%91%e0%b6%9a%e0%b6%b8-%e0%b6%b6%e0%b7%9e%e0%b6%af%e0%b7%8a%e0%b6%b0-%e0%b6%bb%e0%b6%a7-%e0%b6%9a/

    ඉහත ලිපිනය වැඩ කරන්නේ නැත්නම් www.ramadasa.name ලිපිනයට පිවිස "යුරෝපයේ ඇති එකම බෞද්ධ රට කුමක්ද ?" යන ලින්ක් එක හරහා එම ලිපියට පිවිසෙන්න.

    මේ කමෙන්ටුවට ඉඩ ලබා දීම ගැන වෙද මහතාට මගේ ස්තූතිය.

    ReplyDelete
  35. ane weda mahaththayo mama watila inne wasa amaruwaka mama inne pitarataka.dawasak gawayo patawagena yana ithamath diga dumriyak dakala mata maha kampawak athiuna.a saththu tika as loku karagena marana baye yana hati penuna.mata mas malu kama epawelama giya.ange iron madi kiyala doctor chodana karanawa.eka parak le dennath giya.mama kohomahari panagaththa.ilangapara hadagena enawa kiyala.danne jathi monawa kawath issara wage na.dan mama monawage dewalda kanne oone.

    ReplyDelete
  36. මට ෙවද මහතා මුන ගැසි ෙබෙහත් ගත හැකි විදියන් තිෙබිනමි කරැණාකර දන්වන්න
    මාෙග් කකුෙල් සැදුනු දදයක් දැනට පවති ඵයට සිංහල ෙබෙහත් ගැනිම සුදුසු යයි මා අසා අැත

    ReplyDelete
  37. කරුණාකරලා සීතල ආහාර වලට උදාහරණ දෙන්ඩ පුලුවන්ද?? මට කවුද කිව්වා ගොටුකොල සීතල ආහාරයක් කියල?? ඒ ඇත්තද?

    ReplyDelete
  38. අදනේ උෂ්ණය ගැන ලිපිය හම්බුනේ,
    මං හිතන්නේ තව උෂ්ණය ගැන ලීවොත් හොඳයි.

    ReplyDelete
  39. අදනේ උෂ්ණ ලිපිය හම්බුනේ,
    ගොඩක් වටිනවා මේවා ගැන ලියන එක.
    තව මේ ගැන ලියන්න...

    ReplyDelete

  40. Your comment will be visible after approval.


    මේක දැම්මේ ආයෙත් එකක් ටයිප් කරලා දැම්මට පස්සේ...

    ReplyDelete
  41. Mata me dawaswala rubber serappuwath danna ba ange rasneta kakul dawillai

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. සීතල ආහාර මොනවද??? ඌෂ්ණෙන් ඈත් වෙන්නෙ කොහොමද???

    ReplyDelete
  44. සීතල ආහාර මොනවද

    ReplyDelete
  45. මේ ලිපිය ඉතාම වැදගත්.බොහොම ස්තූතියි. අදයි ලෙඩේ ගැන අවබෝධයක් ආවේ. අනේ මේ උෂ්ණය නැති කරගන්කෙ කොහොමද? කියන්න වෙද මහත්තයො.සීතල කෑම වර්ග මොනවද? කසාය බොන්න හොඳයියද? මොනවද විසඳුම් ?

    ReplyDelete
  46. මටත් මේ රෝගම තියෙනවා ඌශ්නෙත් තියෙනවා පීනසෙත් තියෙනවා මං මාර කරුමයක් ගෙවන්නේ ඌශ්න කාමක් කෑවොත් ඇග ඉදිමෙනවා තොලුත් ඔලුවත් කැක්කුමයි ඌශ්නෙන් මිදෙන්න සීතල කෑම කෑවොත් පීනසේ එනවා හරිම කරුම ලෙඩක් මේක

    ReplyDelete
  47. මගේ දිව අග නිතරම කසනව වගේ .චූටි තුවාල තියෙනවා.යටි තල්ලත් වන වෙලා වගේ .එහෙම වෙන්නේ ඇයි ??
    ප්‍රතිකාරයක් කිව හැකිද ?

    ReplyDelete
  48. මටත් උඌෂ්ණ ෝෝ ලෙසටඹ

    ReplyDelete
  49. මට තියෙන ගැටලුව නම් මගේ කකුල් දෙකේ ඇගිලි වල හම තුනී වෙලා ඉරි තැලුනු ස්භාවයක් ගැනීමයි. මෙය විටෙක ඉරි තැලි දියර ගතියක් එයි. මෙයට කරන්නේ කුමක්ද

    ReplyDelete
  50. Dulari
    වෙද මහත්තයා මම විවාහ වෙලා මාස 6 දරුවෙක් බලාපොරොත්තුව ඉන්නවා ඒත් තාම නෑ. මගෙ යටිපතුල් පැලෙනවා. කාලෙකට අතේ ඇගිලිත් නිකන් මැල්ලුම් ලියනකොට කැපිලා වගේ පුපුරලා.මගේ මහත්තයත් කියනවා මගෙ ලග ඉන්නකොට ඇගෙන් රස්නෙ දැනෙනවා කියලා. අනේ මට හරි බයයි මෙය දරුවෙක් සෑදීමට බලපායිද? මම ගත යුතු ආහාර මොනවද? හිගුරල එහෙම නිතර කන්න ඔනෙද අනේ මට පැහැදිලි කරන්න.

    ReplyDelete
  51. Dulari
    වෙද මහත්තයා මම විවාහ වෙලා මාස 6 දරුවෙක් බලාපොරොත්තුව ඉන්නවා ඒත් තාම නෑ. මගෙ යටිපතුල් පැලෙනවා. කාලෙකට අතේ ඇගිලිත් නිකන් මැල්ලුම් ලියනකොට කැපිලා වගේ පුපුරලා.මගේ මහත්තයත් කියනවා මගෙ ලග ඉන්නකොට ඇගෙන් රස්නෙ දැනෙනවා කියලා. අනේ මට හරි බයයි මෙය දරුවෙක් සෑදීමට බලපායිද? මම ගත යුතු ආහාර මොනවද? හිගුරල එහෙම නිතර කන්න ඔනෙද අනේ මට පැහැදිලි කරන්න.

    ReplyDelete
  52. මටත් අන්නාසි එහෙම කන්ඩ බැ.. මේ ලගදි සැමන් කෑවා.. ඒකට තක්කාලිත් දාලා තෙම්තපරිදු කරලා වගේ.. පහුවදා මගේ දිවේ ඇතුලේ උඩ දෙපැත්දතේ පොඩි බිබිලි වගයක් දාලා.. එකට බෙහෙතක් දැනගන්ඩ පුළුවන්ද

    ReplyDelete
  53. ඌශ්නයට ඇගිලි කකුල් බෙල්ලකැක්කුම එනවද

    ReplyDelete
  54. ගොඩක් වටිනවා මේවා ගැන ලියන එක.
    තව මේ ගැන ලියන්න...

    ReplyDelete
  55. ගස්ලබු සීතල පලතුරක්ද?

    ReplyDelete
  56. මගේ බඩේ දකුණුපස වේදනාවක් තියෙනවා.scan එකක් කරත් එතනදි කිසිම ලෙඩක් නැහැයි කිව්වා.මගෙ තොල් පැලිලා යටිපතුල් වේදනාවත් තියෙනවා.මේ උෂ්ණෙ නිසා ඇති උනු දෙයක්ද?appendicitis වලටත් නෙවෙයි කියල තමයි කිව්වෙ.මේ වෙන රෝග ලක්ෂනයක්ද වෙද මහත්තයා??පැහැදිලි කරන්නකෝ

    ReplyDelete
  57. මගෙත් ඔය කියන රෝග ලක්ශන් තියෙනව තව නෑවට පස්සෙ ටික වෙලාවක් යනක්ම් ඇග කසන්න ග්න්න්ව එත් ට්ක වෙලාවකින් එක මග හැරෙනව මට දැන ග්න්න ඕනි අහෙම වෙන්නෙ ඇගේ ඌශ්න නිසද කියල වැඩි පුරම කසන්නෙ පිට සහ බඩ පපුව වගේ

    ReplyDelete
  58. මම දිල්ශාන් මටත් ඔය ලෙඩේ තියෙනව අත් දෙක යට තුවාල වෙනව වැඩකරගන්න විදිහකුත් නෑ විසදුමක් නැත්ද

    ReplyDelete
  59. ඉතාමත් වටින ලිපියක්.

    ReplyDelete
  60. මට දැන් අවුරුදු 7ක විතර ඉදන් සුද යනවා.මුල් කාලෙ වගේ නෙමෙයි දැන් හරිම අමාරුයි.අසනීපෙත් හොදටම වැඩියි.හරියට දාඩිය දානවා.ඇග රැළි වැටිලා.තාම අවුරුදු 20යි.ඒත් ඊටවඩා වැඩි පෙනුමක් තියෙන්නේ.වයසට ගිහින් වගේ.කොන්දෙ කැක්කුම නිසා චූටි වැඩක්වත් කරන්න බැහැ.ඇග නිවෙන්න කියලා නෙල්ලි රසකිද,බාර්ලි,සව් කැද මාස 4ක් විතර එකදිගටම බිව්වා.ඒත් ඒ විදියමයි.😔 අනේ ඇයි මගේ ඇග නිවෙන්නෙ නැත්තේ.මං ගොඩාක් වතුර බොන කෙනෙක්.ඌශ්න කෑම කන්නෙ නැහැ අසනීපෙ නිසා පරිස්සම් වෙනවා.

    ReplyDelete
  61. බ්ලොග්වල වටිනාකම...ඌෂ්නෙ ගැන හොයනකොට මේ ලිපිය හම්බුනා..හරි වටිනවා...

    ReplyDelete
  62. වෙද ගෙදර වෙදැදුරු තුමනි. මගේ ඇග ඌෂ්ණද සිරිත ද කියා දන්නේ නැහැ. මොනම කෑමක් කෑවත් කහපාට සෙම යනවා නිතරම නාස් බ්ලොක් වෙනවා. නාසේ මස් දලු ඇවිල්ල තියෙනව. මාසෙකට වරක් දෙවරක් කන් බ්ලොක් වෙනවා. කිහිප පොලකින් ම සිංහල බෙහෙත් කරත් එය අඩුවක් වුණේ නැහැ දැනට වසර විස්සක් පමණ ඉංග්‍රීසි පෙත්තක් ගැනීමෙන් ජීවත් වෙනවා කීප පොළකින් ම කීවා ඇගේ උශ්නත්වය වැඩි නිසා මෙම හැදෙනවා කියලා තනිකරම කහ පාටට ගුලි ගුලි එළියට එන්නේ ඒ පෙත්ත බීමෙන් සියලු හන්දිපත් වේදනාව දැනෙනවා ජීවත්වන හෝ නිසා පෙත්ත බොනවා. පෙත්ත නැතිඋනොත් සෙම වැඩිවෙනවා. ඔබතුමා හමුවෙන ක්‍රමයක් තිබේද. මේකට ප්‍රතිකර්මයක් කරගන්න පුලුවන්ද කරුණාකර මට පිළිතුරක් දෙන්න ඔබතුමා තෙරුවන් සරණයි.

    ReplyDelete
  63. මගේ බඩ නිතරම පුරවලා දාලා Constipation වගේ තියෙනවා.නිතරම ඇග ඇතුලෙන් රස්නෙයි වගේ.සෙම කාරනවා.ඇග නිතරම රිදෙනෙවා.මහන්සි ගතිය තියෙනවා නිතරම වගේ වැඩක් නොකලත්.

    ReplyDelete
  64. Weda mahathmaya ushnaya saha , arshas rogaya athra sambhandayak pawathinwada ?. Arshas rogayen beerimata kalayuththee kumak da

    ReplyDelete