Monday, June 6, 2011

බදින්න කලින් අහලා බලන්න "ගම්මිරිස් පිඹලාද කියලා"

අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්. ඒත් ප්‍රශ්න තියනවා නම් මම ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු දෙනවා.

අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම.

මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත් ආයුර්වේදය වගේ විෂයක් ගත්තම ඒක විනාශ වෙලා තියන තරමට නැවත ගොඩ නඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. මිනිසාට බැරි දෙයක් තියනවද? අපි කැලේ ගල් ගුහාවල ඉදල මේ තැනට දියුණු උනා නම් ඇයි අපිට බැරි මේක කරන්න. මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කරලා විවේචන වලට පිළිතුරු දීල තමයි ඉදිරියට යා යුත්තේ.

දැන් අපි බලමු මොකක්ද මේ ගම්මිරිස් කථාව.
ඔව් ඔබ අහලා තියනවද?
ඉස්සර (ගොඩක් කල් නෙමේ අපි කුඩා කාලෙත් මට මතකයි මෙහෙම කරනවා.)
ඉපදුණු ගමන් කුඩා පිරිමි දරුවො නාවද්දී ඔවුන්ගේ ලිංග ප්‍රදේශයට එම නාවන කෙනා, ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා.

නියමෙට තියෙන්න ඇති නේද????????

ඒත් ඇයි මෙහෙම කරන්නේ.
ඔබ දන්නවද් ලෝකයේ තියන අද වැඩිපුරම වේගයෙන් පැතිරෙන මාරන්තික නොවන බෝ නොවන රෝග අතරින් එකක් වන පුරුෂ මඳසරුභාවය ගැන. මේක අද ඉතා වේගයෙන් පැතිරෙනවා පුරුෂයන් අතර.

මේ රෝගය ඇති කරන හේතූන් අතර එක් හේතුවක් තමයි, කුඩා පිරිමි ලදරුවන්ගේ කෝෂ තුලට වෘෂණ ඇතුළු නොවීම. (undescended testicles)

ඕනෙම පිරිමි දරුවෙක් උපදින විට එයාගේ වෘෂණ තියන්නේ උදර කුහරය තුල. ඉපදිලා යම් කාලයකදී වෘෂණ, "වෘෂණ කෝෂය" තුලට ඇතුලු විය යුතුයි. (යම් ප්‍රතිශතයකට ) එහෙම නොවීම අද ලෝකයට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ වගේ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි.

මේකෙදි කරන්නේ අවුරුදු හත වෙන්න කලින් කුඩා ශල්‍ය කර්මයක් කරලා වෘෂණ නියම පිහිටීමට ගැනීම. නමුත් නිසි විදියට මේ දේ නොකලොත් දරුවා පුරුෂ මඳසරුභාවයට පත් වීමේ ඉඩක් තියනවා. මේකෙ තියන අනතුර මෙතනින් නවතින් නැහැ. වැඩිහිටි වියට පැමිණිලාත් මෙහෙම තිබුනොත්, හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඔහු පූර්ණ නිසරුභාවයට උවත් පත් වීමට ඉඩ තිබෙනවා.

කෙසේ හෝ මේ තත්වයට ශල්‍ය කරමය සිදු නොකර සිටීමෙන් අනාගතයේ යම් දවසක ඔහුට පිළිකාවක් උවත් වැලදීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. මේක ඉතා නරක තත්වයක්.

නමුත් ඔබ දන්නවද අපේ පැරන්නෝ මේ දෙවල් දැනගෙන සිටියා විතරක් නෙමේ මෙවැනි තත්වවලට නිසි පිළියම් පවා දැන සිටියා.

ඔය ගම්මිරිස් පිඹීම තමයි පිලිතුර.

එතකොට කොහොමද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට එනවා එහෙම නේද?

ඔව් ඒක ඉතාම සරල තත්වයක් මම මෙහෙම කියන්නම්, ඔබ දන්නවද?

ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.

මේ විදියට දින ගනනාවක් කරත්දි මේ ක්‍රියාවම ලොකු උදව්වක් වෙනවා කෝෂය තුලට වෘෂණ ගමන් කිරීමට. ඒ කියන්නේ අර අපි කියපු රෝග තත්වය මඟහැරගන්න මේක උදව් වුනා කියන එක නේද?

අපි මේ දැණුම ඇයි දැන් පාවිච්චි නොකරන්නේ?

මේක කවද හරි සුද්දෝ පරීක්ෂන කරලා ගම්මිර්ස් ක්‍රීම් එකක් හදලා ලංකාවට එව්වොත් අපි පැනලා කරයි නේද?

එහෙනම් අපි මේවා සුද්දන්ට කියලා දෙමුද ඉක්මනට ?

එතකොට මේ ලෝකෙ මෙවැනි රෝග වලට උදව්වක් වෙයි නේද?

41 comments:

  1. අපොයි අම්මෙ ඔබ තුමා කරන වැඩ. දැන් ඉතින් ළ්මයි නැති පිරිමින්ට මරු වැඩේ වෙන්නෙ.. විනාකිරි දාලා අච්චාරු දැම්මට එහා වැඩේ....

    ReplyDelete
  2. ඔබ තුමාට බෙහෙවින් ස්තුති කල යුතුයි. මෙවැනි
    දැනුවත් කිරීම් හරිම වටිනවා අපේ තරුණ පරපුරට.

    මේ සම්බන්ධව අපේ ප්‍රරවීනයන් අදහස් පලකරන නිසා
    වැඩිය නොලියමි..

    මංගල දැන්වීම් වලදී "ගම්මිරිස් පිඹ ඇත" කියා සඳහන් කරනවානම්
    අපටත් පහසුයි.


    තුති!!

    ReplyDelete
  3. හික්ස්..
    @මාතලන් අයියා,,
    මට බය තියෙන්නේ අපේ කට්ටිය
    උදඝෝෂණ පටන් ගනීද කියල මෙතුමාට විරුද්ධව.

    ReplyDelete
  4. මෙවැනි දේ පිළිබදව දැනුවත් කිරීම පිළිබදව ඔබතුමාට ගොඩක් පින්.

    ReplyDelete
  5. බොහෝම වටින ලිපි පෙලක් ඔබ තුමා ලියන්නේ . . ගොඩක් පින් මේ කාරියට

    ReplyDelete
  6. පිරිමි ළමයින්ට හින්දම හොඳයි තිං... සම්ප්‍රදායික විදිහට පැවැත ඇවිත් මේ සිරිත ඉටු කරාට විද්‍යාත්මක හේතුව හරියටම දැන ගත්තෙ අද තමයි...තුති....

    ReplyDelete
  7. .මාතලන්,
    කියලා වැඩක් නැහැ නේද?
    දැ ඉතිං ප්‍රීතියෙන් ඉන්න පුළුවන් නේද, නැතිනම් අපිට ප්‍රීතිය ගන්නත් සුද්ධට ගෙවන්න වෙනවනේ.
    ලමයි නැති අයට වෙන අසාධාරනේ ගැනත් ඉදිරියේදී මම ලියනවා.
    ස්තුතියි ඔබ වැනි අය නැතිනම් මේ වෙනකොටත් මම මේ බ්ලොග් කෙරුවාව අතහැරදාලා. මට ඕනෙ මගේ වැරදි ගැනත් ලියන අය, හොද වගේම ම්ගේ වැරදිත් පෙන්නුවම මට නැවැරදිව ලියන්න පුළුවන්

    ගිම්හානි,
    එහෙම දැන්වීමක් දැකලා මැරුනත් මට සැපයි. මට ගොඩක් ස්තුතියි.
    ජ්‍යෝතිෂ ලංකා,
    ස්තුතියි මිත්‍රයා, ඔබ වැනි අය මට මහා ශක්තියක්.

    දුකා,
    මාව කවෘත් දන්නේ නැති වෙලාවේ ඔබයි මාව අදුන්නලා දුන්නේ මට ඒක හැමදාම මතකයි.

    ReplyDelete
  8. හොඳ වෙලාවට මට ඉන්නෙ දුවෙක් . . . නැත්තං මම ඔය ගම්මිරිස් වැඩේ පටං අරගෙන හාමිනේගෙං බැනුං අහනව ගෙදර ගම්මිරිස් ඉවර කරල . . . . මොකද මගෙ ප්‍රියතම කෑමක් තමයි ගම්මිරිස් කියන්නෙ . . . .

    ReplyDelete
  9. අපේ පාරම්පරික වෛද්‍ය විද්‍යාවෙ වගේම ගොවිතැන් වලත් ලෙඩරෝග වලට සාර්ථක වගේම පරිසරයට සහ ජීවීන්ට හිතකර බෙහෙත් වර්ග, කෙම් ක්‍රම තියෙද්දෙ තමයි අපේ මිනිස්සු පිටරටින් එන දේ භාවිතා කරල නැති ලෙඩ හදාගන්නෙ.

    වැදගත් ලිපි පෙළක්.

    ReplyDelete
  10. ඇහ් මම එහෙම කලාද . . එහෙනම් මටත් සතුටුයි ඔබතුමාගේ මේ සේවයට මගේද පොඩි හරි දායකත්වයක් ලැබිලා තිබේ නම් . .

    ReplyDelete
  11. ඕනයා,
    මාත් ඔය බොට්ටුවෙම තමයි. මටත් මේක ගෙදර කරන්න වුනේ නැහැ. ඉන්නේ දුවෙක් නිසා.

    Praසන්ன
    ඔබ හරි තව ගොඩක් දේ ඉදිරියේදී ලියන්නම්. ස්තුතියි.

    දුකා
    ඔව් ඔබ තමයි මට මුලින්ම කමෙන්ට් එකක් දැම්මේ. මාරය මල්ලි තමයි අනික් අයගේ අවධානයට මාව යොමු කලේ. ඒවා ගොඩක් අගය කලයුතු වැඩ. මේ ලියවිලෙන් වැඩක් වෙනව නම්.

    ReplyDelete
  12. මම ඔය ගම්මිරිස් කතාව මුලින් ම ඇහුවෙ සැමුවෙල් ඇනස්ලි ලාගෙ විනෝද සමය වැඩසටහනකින්.. බර්ටි ගුනතිලක පොඩි එකෙක් වගෙ ලැජ්ජාවෙන් ඇඹරෙනකොට අමාරිස් අයියා කියනවා " මේකා හරි ලැජ්ජා කාරයා, ඉපදුන වෙලාවෙ ගම්මිරිස් පිඹින්න දුන්නෙත් මට විතරමනෙ " කියලා..එදා ඔය ගම්මිරිස් කතාව ගැන කවුරුවත් මට කියලා දුන්නෙ නැහැනෙ...මම හිතන්නෙ අවුරුදු 25 කට විතර පස්සෙ ඔබ තුමා තමයි මට මේක විසඳලා දුන්නෙ....කරන නොකරන එක කොහොම වෙතත් මේ වගෙ දැනුම බෙදා දෙන එක නම් ගොඩක් ලොකු දෙයක්.
    (මට නම් ඉන්නෙ පුතෙක්...දැන් නම් ඔය වයස පහු කරලා)

    ReplyDelete
  13. ඔය කතාව අහලා තිබ්බට හේතුව දැන ගත්තෙ අදයි!

    ReplyDelete
  14. අනෙ මහත්තයා මෙ පිටටම කියල දාන්න අපෙ ගෑනු දරුවන් වෙනුවෙන් යමක් මේ මද සරුබාවයෙන් මිදෙන්නට .

    මේ තත්වයට මූන දෙන අය මෙතන සිටින නිසා.

    ReplyDelete
  15. නියම ලිපියක්! දැන් එතකොට ගෑණු ළමයිට තව දෙයක් තියෙනව කොල්ලෙක් සැට් කරගනිද්දි සැලකිලිමත් වෙන්න!

    ReplyDelete
  16. ඔබ මේ කරන්නේ ඉතා ලොකු සේවයක්...

    මගේ අදහස නම් බටහිර විද්‍යාව රෝග සුව කිරීම සඳහා විවිධ රසායන ද්‍රව්‍ය (Chemicals) පාවිච්චි කරන අතර ආයුර්වේදය මේ සඳහා ස්වභාවික ද්‍රව්‍ය යොදා ගන්න බවයි.. බටහිර විද්‍යාවේ බෙහෙත් වලින් අතුරු ආබාධ ඇතිවන්නේ.මේ නිසා විය හැකියි.

    ඒ වගේම බටහිර බෙහෙත් නිපදවන සමාගම් ඉතා බලවත් නිසා අනෙකුත් වෛද්‍ය ක්‍රම ඉහලට ඒම වැලක්වීමට ඔවුන්ට බලය තිබෙනවා..

    (මා බටහිර විරෝධියෙකු නොවේ.. )

    ඉදිරියටත් බටහිර වෛද්‍ය විද්‍යාවේ හා ආයුර්වේදයේ වෙනස්කම් පිළිබඳව ඔබගේ අදහස් බලාපොරොත්තු වෙනවා..

    එසේම එදිනෙදා ජීවිතයේදී පාවිච්චි කල හැකි ආයුර්වේද ඖෂධ ගැනත් විස්තර ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා..

    ReplyDelete
  17. කලින් පොතක මේක අහලා තිබ්බාට මම හිතුවේ එ විහිලුවට කිව්ව කියලා..දැන් නේ දන්නේ මේක ඇත්ත තත්වේ... බොහොම වැදගත් ලිපි පෙලක් ඔබ ලියලා තියෙනවා...ජයෙන් ජය..

    ReplyDelete
  18. මම කලින් අහලා තිබුණෙ නෑ මේ ගැන.
    බොහොම ස්තුතියි පාරම්පරික වෛද්‍ය ක්‍රම ගැන දැණුම බෙදාගන්නවට.

    ReplyDelete
  19. ලකී,
    ඔබ හරි, මට නම් මතක නැහැ ඔය කියන නාට්‍යය නමුත් අපේ රටේ දෙවල් එහෙම හරි ජනතාව අතරට ඒ මිනිස්සු ගෙන ගිය එක ගැන සතුටුයි. ඔව් අපි මේවා සමාජගත කරමු. අපිට කරන්න තියන්නේ එපමනයි.
    ජය!

    බුද්ධි,
    ඔබට ස්තුතියි.

    හරී,
    නියම අදහස.

    ගිම්හානි,
    ලගදීම දානවා

    Nadun Kanchana (නඳුන් කාංචන)
    ඔබ ඔය කථාව කිව්ව එක හොදයි. මාත් බටහිර විරෝධියෙක් නෙමෙයි. හැබැයි මම හිතන්නේ " ලංකාවේ පීට්සා වික්කට කමක් නැහැ. ඇයි අපිට බැරි ඇමරිකාවෙ, එංගලන්තේ තලප හට් එකක් හදන්න. අපිට ආකල්පමය ප්‍රශ්නයක් තියනවා. ඔබ අපි මේ බ්ලොග් කෙරුවාවෙන්වත්, අපේ අයගේ ආකල්ප හදාගන්න උදව් වෙමු. අපිත් අපේ ආකල්ප හදාගමු.
    ස්තුතියි. ජය!

    සොදුරු සිත,
    ඔබට ස්තුතියි!

    නිම්ෂා,
    ඔබටත් ස්තුතියි!

    නලිනි,
    මම බටහිර බෙහෙතට නිගරු කරන්නේ නැහැ. ඒත් අපේ දේ රැක ගන්න බලනවා. මගේ අදහස මේවා එකතුවෙලා, කවදා හරි අපේ කියන ක්‍රමයක් හැදෙන්න ඕනෙ!

    ReplyDelete
  20. ඉස්සර අපේ සීයලා ඔය කතාව කියනව ඇහිලා තිබුනට ඒකේ අර්ථය මොකද්ද කියලා දැන් තමයි තේරුනේ.. බොහොම ස්තූතියි.

    ReplyDelete
  21. මට නං මතක ඒ පිඹින්නෙ බුරියට කියලයි. කොහොම උනත් වටිනා ලිපියක්. ලංකාවෙ විතරක් නෙවේ ලෝකෙ වැවෙන හැම පැලෑටියකම යම් කිසි ඖෂධීය ගුණයක් තියෙනවා. ඉස්සර තිබුනා " සෙනෙකොට් " කියල බඩ විරේකයක්. ඒක හදන්නෙ සෙනෙහෙකොළ වලින්. ඔය වගේ දේවල් කොච්චර තියෙනවද ? මේ වගේ දේවල් අළුත් පරම්පරාවට කියා දීමත් " ධර්ම දානයක්" කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
  22. මට නං තාත්තා කොච්චර ගම්බිරිස් පිම්බාද කියනවා නම්, දෙතුන් පාරක් ම මගෙන් චූ පාර මූණ පුරා කැවා ලු!

    ReplyDelete
  23. @ කතන්දර

    අපිට ආරංචී ඔහේට ඔය දේ උනා කියලයි කෙටි කාතාගෙන්... අනේ මන්දා කවුරු ඇත්ත කියනවද කියල....

    ReplyDelete
  24. මේ ලගදි අලුත ඉපදුන ගෑණු බබෙකුට අත්තම්මා ගම්මිරිස් පිම්බා,ඒත් ගෙදර අනිත් අය කැමතිවුනේ නෑ ඒකට.මොනව හරි "නරකක්" වෙයි කියල.(දන්ඩ ගත්තොත්,විසබීජ..වගේ ඒවා...)ගෑණු බබාලට එහෙම කරනෙ එකේ තේරුමක් නැද්ද එතකොට?ගම්මිරිස් පිඹින හේතුව දැනුයි දැනගත්තෙ.බොහොම ස්තූතියි.!

    ReplyDelete
  25. @නදී,
    මගෙ බුදු අම්මෙ යසයි ආත්තම්මා කරල තියෙනෙ වැඩේ නම්..
    මම මෙතුමගෙන් ඉල්ලා සිටිය ගෑනු දරිවියන් වෙනුවෙන්
    කල හකි මෙවැනි කෙම් ක්‍රමයක් කියන්ට කියලා.
    එතකම් ඉවසා වදාරන්න කියන්ට...

    ReplyDelete
  26. අපේ ආච්චි අම්මට බුදුසරනයි

    ReplyDelete
  27. ඔන්න අදයි මම මේ පැත්තේ ආවෙ ........

    එතකොට චූටි ගෑනු ලමයින්ගේ තන් දෙනට පිබින්නෙත් මොකද කියලා දැමිමනම් ..........

    තව අදාල නැති වුනත් ප්‍රශ්නයක් රස කාරක වෛද්‍ය ක්‍රමය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ කොටසක් නේද .....

    ඒක තෙල් පත්තු ආයුර්වේද වෙදකමට වඩා ඉස්සරහින් ඉන්නවා නේද ... (මා සිතන විදිහ, මට එවැනි ආයුර්වේද වෛද්‍යවරයෙකු හමු වී ඇත. විස්තර මගේ බ්ලොග් පිටුවෙහි සඳහන් කර ඇත.)
    මේ ගැනත් පැහැදිලි කිරීමක් කලොත් ......

    ReplyDelete
  28. මා ඉහත කමෙන්ටුව දැම්මේ හුදෙක් මාගේ දැන ගැනීම පිණිසයි.

    ReplyDelete
  29. කල්හාර දිසානායක,
    ඔබගේ ප්‍රශ්නය මඟ හැරියා නෙමෙයි. මට ඒක ටිකක් අමතක වුනා. මෙන්න මෙහෙමයි ඔය දේ සිද්ධ වෙන්නේ.
    ඔබ තෙල් පත්තුවෙදකම යනුවෙන් හදුන්වන්නේ දේශීය වෙදකමයි. මේක මම කලිනුත් කියලා තියනවා. ආයුර්වේද කියන්නේ ඉන්දියානු ක්‍රමයේ වෙදකම. ඒත් අද මේ දෙකම කලවමේ එකට යෙදෙනවා. මේක ප්‍රශ්නයක් නෙමෙයි.

    තවද ඔබ අසා ඇති රස වෙදකමත් අයත් වන්නේ දකුණු ඉන්දියාවට. විශේෂයෙන් ද්‍රවිඩ ජාතිකයන් අතර පැතිරිලා තියනවා. මේ වෙදකම තමයි නූතන රසායන විද්‍යාවේ ආරම්භයට හේතු වුනේ. මේකටම සිද්ධ වෛද්‍ය ක්‍රමය කියලාත් කියනවා. ඒත් මේක ආයුර්වේදයේම කොටසක්. පාවිච්චි කරන ඖෂධ වල පොඩි වෙනස්කම් කීපයක් පමණයි ඇත්තේ. සමහර් වෛද්‍යවරු තමන් එකම ක්‍රමයක් ලෙස මේ ඖෂධම ප්‍රයෝජනයට ගන්නවා. දැන් මම නම් මේ ක්‍රම තුනම එකම අවස්ථාවේදී පාවිච්චි කරනවා.

    ඔබගේ ඊලඟ ප්‍රශ්නයට නම් මම හිතාගෙන ඉන්නේ වෙනම පොස්ට් එකක් ලියන්න. ඔබ ඉතා වැදගත් දෙයක් ඇසුවේ. එහි වටිනා ගතයුත්තක් තියනවා.

    ReplyDelete
  30. ඉතා වැදගත් ලිපියක්.නොදත් දෙයක් දැනගත්තා.ස්තුතියි....

    ReplyDelete
  31. පොඩි ගැටලුවක්.... උපරිම අවුරුදු කීයක් වෙනකන් මේක කරන්න පුළුවන්ද? මේ වැඩේ වෙලාද නැද්ද කියලා ටෙස්ට් කරන්න විදිහක් නැද්ද? මොකද අපේ එකාට ඔය වැඩේ කලේ නෑ මම හිතන්නේ....

    ReplyDelete
  32. mahathmaya mata manasika wadayak wechcha gataluwak tiyanawa.oba tumama email ekakin sambanda karaganna widihak kiyanna puluwan nam loku udauwak...

    ReplyDelete
  33. මම අදයි පළමුවෙනි වතාවට පාරම්පරික වෛද්‍ය දැනුම ආශ්‍රිත ලිපි පළවන බ්ලොගයක් දැක්කේ. ඒකත් මහ වෙදනා ඇවිත් මගේ ක්වොන්ටම් ලිපියට කොමෙන්ටුවක් නොදැම්මා නම් තව කාලෙකට ප්‍රමාද වෙන්නත් තිබුණා.

    කොහොම වුනත් අතිශය වැදගත් සමාජ මෙහෙවරක් සිදුවන ලිපි කෝෂ්ටාගාරයක් මෙතන ඇති බැව් දැන ගැනීමම ඉමහත් සතුටක්.

    මුලක පටං මේ ලිපි හදාරන්න මා කාලය මිඩංගු කරන්න හිතා ගත්තා.

    ඔබට ස්තුතියි.

    ReplyDelete
  34. ඔන්න අද තමයි මේක හොයාගත්තෙ..සේරම කියෝල ඉන්න ඕනෙ.මේව ගැන අහල තිබුනට හරියට දන්නෙ අද තමා..ස්තුති මේව බෙදාගන්නවට.

    ReplyDelete
  35. අහල තිබ්බට හේතුව දැනගත්තෙ අද..... බොහොම වටින්ව මේ වගේ පාරම්පරික ක්‍රම ගැන තේරුම් කරල දීම.

    ගිම්හානි : හික් හික්... මංගල දැන්වීමට දන්න ඕනි මරු වක්කිය

    ReplyDelete
  36. මේ ලිපියට ස්තූතියි අදයි දැනගත්තේ

    ReplyDelete
  37. කල් ගියත් තරහ වෙන්න එපා වෙද අයියේ. මේක දාන්නම ඕන නිසයි දාන්නේ ඔන්න මටනම් ගම්මිරිස් පිඹලයි තියෙන්නේ.තවම තනිකඩයා වෙච්චි මට මේක බොහෝම වැදගත්

    ReplyDelete
  38. කකාගෙ පෝස්ටෙක පැත්තෙ ඉදන් ආවෙ.. අහලවත් තිබුනෙ නෑ එහෙම දෙයක් .:) ස්තුතියි

    ReplyDelete
  39. මම දන්න තරමින් නම් ගම්මිරිස් පිඹින්නේ දරුවකුගේ ඇහේ වතුර තියෙනවා නම් කඳුළු ඇවිත් ඒ වතුර නැතිවෙලා යන්නයි.. ගැහැණු බබාලටත් කරන්නේ ඒක නිසා නේ.. නැත්නම් ඇයි නාන වෙලාවට විතරක් කරන්නේ? අපේ ආච්චි අම්මා නම් මට හොඳට පිඹල තියෙනවා :D අපිත් ඉතින් ආච්චි අම්මව බයිට් කරන්න ඕන උනාම ඕක කියල තමයි මූණ රතු කරවන්නේ :D

    ReplyDelete
  40. මාත් අහල තියෙන විදිහට මේක කරන්නෙ නෑව්වාට පසු සීතල මකන්නයි කියලයි.
    ගැහැණු පිරිමි දෙපක්ෂයට ම ගම්මිරිස් පිඹිනවා මාත් දැකලා තියෙනවා.. ඒවා පිඹින්නේත් ඇඟේ වඩාත් ම සංවේදී තැන්වලට.
    ගැහැණු දරුවන්ගේ තන් පුඩුවලටනම් විශේෂයෙන් පිඹිනවා.

    ReplyDelete
  41. පල බූරුවො ගොන් කතා නොකියා

    ReplyDelete