Wednesday, June 1, 2011

පුංචි පවුල රත්තරන්ද????

ඔන්න මට හිතුනා 21+ එකක් කියන්න………...

මම අර වාජීකරන පෝස්ට් එකේ අන්තිමට කියලා තියනවනේ පස්සේ තව කථා කරමු කියලා. මේ ඒ කථාවලින් එකක්.

අපි අද නොයෙක් පවුල් සැලසුම් ක්‍රම අපි පාවිච්චි කරනවා.

මේක අන්න ඒ ක්‍රම ගැන කථාවක් ඒත් එහෙම වුනාට බය නැතුව, කියවන්න පුළුවන් විදියට මම ලියන්නම්.

අද නවීන කාලේ නම් මොනවද ඉතිං ගියා ගත්තා පෙව්වා. ඕවත් වැඩද????

එහෙම නේද ?????????????

ඒත් නිකමට හිතුනද කෝපි කාලේටත් එහා කාලෙ කොහොමද මේ වැඩේ කර ගත්තේ බය සැක නැතුව කියලා.
ඔන්න ක්‍රම 100% ෂුවර්.
අත්හදා බලන්න එපා……...
ඒත් කමකුත් නැහැ……………....
ඕනෙම නම් වැඩේ ෂුවර්…………….

අද අපි දන්නව ස්ත්‍රින්ට තියනවා නොයෙක් ඖෂධ වර්ග. මේවා දිනපතා ගන්න ඖෂධ සහ අදාල ඇසුරකින් පසු පැය කීපයක් තුල ගතයුතු ලෙසත් මේ වැනි ඖෂධ අද දියුණු වෙලා තියනවා. නමුත් අතීතයේ පාවිච්චි කරලා තියන්නේ එයිටත් වඩා ඉතාම පහසු උපක්‍රමයක්.

මෙහිදී කාන්තාවන් සඳහා තිබුනු ක්‍රම තමයි, ඉතාමත් තනුක අම්ලයක් වෙච්චි විනාකිරි පුළුන් වලට දමා ඇසුරකට පෙර යෝනි මාරගයට දමා ගැනීම. ඒ කියන්නේ විනාකිරි බිංදු කීපයක් පුළුන් වලින් පොඟවලා ඇතුල් කරනවා.
මෙකෙදි වෙන්නේ තනුක අම්ලය නිසා ශුක්‍රාණු විනාශ වී යාමයි. මොකද ශුක්‍රාණු ජීවීව තියන්නේ පී. එච්. 7.2 - 7.8 වගේ භාෂ්මික මාධ්‍යයක පමණයි. අන්න ඒ දැනුමින් ප්‍රයෝජන ගත්ත මේ පැරන්නෝ ශරීරයට ඉතාම හිතකර විදියට මේ ප්‍රශ්නෙට පිලිතුරක් සොයා ගත්තා කියන එක නේද????

තව දෙයක් තියනවා ඔබ දන්නවද අද අපේ බුලත් විට ගොඩක් මොඩ් වෙලා මුල් කාලීන බුලත් විටට ඔය දුම්කොළ තිබ්බේ නැහැ. තව ඒතකොට හුනු ගත්තෙත් නැහැ. මේක වැරදි දෙයක්. බුලත් තමයි මේකෙ ප්‍රධාන දෙය වන්නේ. ඔබට මතක නැතුව ඇති අපි පොඩි කාලේ අපේ ආච්චි අම්මල අපිට බුලත් විට කන්න දුන්නැහැ. හැම වෙලේම අපි බුලත් කනවා දැක්කොත් වසල හමාරයි බනිනවා. හෙතුවක් කියන් නැහැ. දැන්නෙ මේව දන්නේ.

මොකද එයාල අත්දැකීමෙන්ම දන්නවා මේකෙන් වෙන දේ. කෝකටත් කියලා මම බුලත් වල ආයුර්වේදීය ගුණ ගැනත් පොඩ්ඩක් ලියන්නම්.

බුලත් වාජීකරණයි. ඒ කියන්නේ කාම ශක්තිය ඇති කරනවා. නමුත් මේකෙ තියන සුවිශේෂම දේ තමයි බුලත් නිසා ශුක්‍රාණු විනාශ වෙනවා. මේක වෙන්නේ බුලත්වල තියන රසායනික ද්‍රව්‍යයන්ගේ බලපෑමෙන්.
බුලත්වල ආයුර්වේදීය ගුණයන්
බුලත් උෂ්ණයි, මේ උෂ්ණ දෙයින් ද,
තව දුරටත් මෙහි තියනවා තික්ත රස
මෙන්න මේකෙන්ද ශුක්‍රාණු මරනවා.
ඒ නිසා දැන් ඔබට වැටහෙනවා ඇති මේ බුලත් කියන්නේ වාජීකරණ වගේම, ශුක්‍රාණු නාශන දෙයක් කියලා.
පේනවා නේද පැරණි අය තම පරිසරය තම දැනුම කරගෙන තමන්ගේ ජීවිතය බරක් නොවී, ගෙනියපු අපූරුව

ඒකට අපි .....

සුද්ධ පව්නේ.....

උන් හදන බේත් ටිකක් ගිල්ලම උන්ට සල්ලි ලැබෙනවනෙ.....


උනුත් කීයක් හරි හොයා ගන්න එපාද නේද????

12 comments:

  1. අච්චාරු වෙයිද? :D

    ReplyDelete
  2. කියන්න බැහැ. එහෙම උනත් මොකද අච්චාරුනේ...
    අපි මේ කථා කරන්නේ දැන් තියන කෘත්‍රිම විනාකිරි නෙමේ. නියම ස්වභාවික විනාකිරි ගැන.
    දැන් තියන විනාකිරි දැම්මොත් ආයිත් ලගට යනු බොරු තමයි
    සැලසුම් වෙයි නියමෙට....

    ReplyDelete
  3. ඔහේ... එහෙනම් ඒක තමයි කාමසූත්‍රේ තියෙන්නෙ.. ක්‍රීඩවට පෙර බුලත් කන්නෙයි කියල..

    වෙද මහත්තය මගුලක් කියනව.. ඔය වැඩ කරන්න ගිහිල්ල අර ළුනූ ගෙඩියෙ සෙල්ලම කොරන්න ගිහින් අහගත්තු එකම තමයි අහගන්න වෙන්නෙ...

    ReplyDelete
  4. ඕක අපේ කට්ටියට හරියන්නේ , මෙන්තෝල්, විනාකිරි ,වර්ණක කලවම් කරලා ස්ප්‍රේ එකක් හදල ,Vinex වගේ නමකින් වෙළඳ පොලට ආවොත්. එකට ඉස්සර වෙලාම අපේ විනාර්කිරි වෙන රටකට යවන්න ඕනි. එහෙදි මික්ශ්චර් එක හදලා ආපහු ලංකාවට ගෙන්නන්න ඕනි...

    ReplyDelete
  5. දැන් හොයපන්කෝ පිරිසිදු විනාකිරි... ලේසියෙන් පාසුවෙන් කර ගන්න වෙන බෙහෙත් නැද්ද වෙද මහත්තයෝ.......

    අපේ වැඩිහිටිම කාන්තාවෝ බුලත් කන්න පුරුදු වුනේ අවුරුදු 30 පැනට පස්සේ කියනවනේ... එහෙනම් මේක වෙන්න ඇති සංසිද්ධිය.....

    ReplyDelete
  6. ඔන්න ඔහේ ප්‍රීතියෙන් ඉඳපල්ලා, ළමයිනේ!

    ReplyDelete
  7. සමා වෙන්ට ඕන මේකට කොමෙන්ට් කරන්න පරක්කු උනාට..ඒත් උදේම ඇවිත් බලලා ඒ වෙලාවේ කොමෙන්ට් එකක් ලියන්නේ නැතිව මේක මගේ බස් එකේ ෂෙයාර්පාරක් දැම්මා කාට කාටත් පරයෝජනවත් වැඩක් හින්දා...

    ඇත්තටම බොහෝම වටින ලිපියක්..විහිළුවකට ගන්නට වටින දෙයක් නෙවෙයි...ඔය ප්‍රශ්නේ හින්දා කොයිතරංනං ප්‍රශ්න ඇති වෙනවද අද රටේ...

    හැබැයි අර කිව්වත් වගේ පිරිසිදු විනාකිරි හොයන්නත් දැන් සෑහෙන ගේමක් දෙන්න ඕන...නැත්තං කෘතිම විනාකිරි පාවිච්චි කරන්ට ගියොත් වෙන්නේ වෙනම බෙහෙත් හොයන්ට..

    තව මේ වගේ හර බර ලිපි ලියන්ට හැකියාව ලැබේවා...
    මේ වගේ කොයිතරංනං ක්‍රම සහ විදි අපේ උදවිය දන්නවා ඇද්ද..ඔය ඇඳ විට්ටම උඩට නැගලා තුන් පාරක් බිමට පන්නවන කෙම වගේ ඒවා එහෙම..නැද්ද මං අහන්නේ..හික්...

    @කතන්දර...

    ප්‍රීතියෙන් ඉන්නනං බැරියෑ කාකා..ඒත් රේන්කෝට් දාගෙන නාලා වැඩක් ඇතෙයි...?

    ReplyDelete
  8. ප්‍රිතියෙන් සතුටින් ඉමු ඉන්න ඩිංග දැන් . . .

    ReplyDelete
  9. ඕවා දැනගෙන ඉන්න එක අපි කාටත් ප්‍රයෝජනයි නේ....

    ReplyDelete
  10. දැන්ම තියා විනාකිරි ටිකක් එකතු කරගන්න ඕනේ

    ReplyDelete
  11. පිරිසිදු විනාකිරි හොයනවට වඩා සුද්දගෙ කරමේ ලේසියි දැන් නම්...

    මාරය අයියා ඒත් හැබෑව... රේන් කෝට් දාගෙන නාල මක්කටෙයි....

    ReplyDelete
  12. හෑබෑට කොල්ලො පණ දාගෙන බුලත් කන්නේ කාමශාව වැඩි කරගන්න වෙන්නැති....

    ReplyDelete