Monday, May 30, 2011

වාජීකරණයක් කරගමුද????????

අපේ කකා හෙවත් කතන්දර ශූරීන් මට එවපු කමෙන්ට් එකක් නිසා තමයි මේ ලිපියට පාර කැපුනේ.
ඔබ දන්නවා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියන්නේ ඉතාමත් ඈත අතීතයක් තියන විද්‍යාවක්. දැන් බටහිර වෛද්‍ය විද්‍යාවට වගේම මේකටත් ප්‍රධාන වෛද්‍ය ධාරා දෙකක් තියනවා.
1. කාය චිකිත්සාව
2. ශල්‍ය චිකිත්සාව
මෙහෙම උනාට මේ දෙක තවත් කොටස් කීපයකට බෙදෙනවා. ඒ බෙදීම හැම වෙලේම සිද්ධ වෙලා තියන්නේ ඒ ඒ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය අනුව.

මෙහෙමයි,…………...

1. ධන්වන්තරී සම්ප්‍රධාය - මේක ඉතා දියුණුව තිබුණු වෛද්‍ය ක්‍රමයක්. ධන්වන්තරී කියන්නේ ඉතා ඈත අතීතයක සිටි හොදම ශල්‍ය වෛද්‍යවරයෙක්. මෙතුමා ප්ලාස්ටික් සැත්කමක් කරන පිළිවෙල පවා ඉතා නිවැරදිව තම ග්‍රන්ථවල සටහන් කරලා තියෙනවා. මේ ග්‍රන්ථ අපේ වගේ රටවල භාවිතා නොකලට බටහිර රටවල හස්තසාර ග්‍රන්ථ. (විදේශීය බටහිර ශල්‍ය වෛද්‍යවරුන්ට මේ ග්‍රන්ථ ගැන මනා දැනීමක් ඇති බව මම දන්නවා.) මෙතුමාගේ ග්‍රන්ථය තමයි සුශ්‍රැත සංහිතාව. මෙය නවීන වෛද්‍ය ග්‍රන්ථයක් තරම්ම අංගසම්පූර්ණයි.

2. කාය චිකිත්සා සම්ප්‍රධාය - මේක ආත්‍රෙය මුණි ප්‍රධාන කාය චිකිත්සා සම්ප්‍රධාය. මෙහි ප්‍රධානම ග්‍රන්ථය තමයි. අග්නිවේෂ සෘෂිතුමා රචිත අග්නිවේෂ තන්ත්‍රය හෙවත් දැනට ව්‍යාවාර වන චරක තන්ත්‍රය. මෙය කාය චිකිත්සා සම්ප්‍රදායයි.

මෙම සම්ප්‍රධායන් ආයුර්වේදය ප්‍රධාන කොටස් අටකට බෙදා තියෙනවා.
චරක සහ සුශ්‍රැත සංහිතාවලදී අෂ්ටාංග ආයුර්වේදය හදුන්වන්නේ මෙසේයි.

1.කාය චිකිත්සා - Medical
2. ශල්‍ය චිකිත්සා - surgical
3. ශාලාක්‍ය චිකිත්සා - E.N.T.
4. භූත විද්‍යා - (මෙහිදී ජ්‍යෝතිෂය වැනි විද්‍යාවන්ද, යන්ත්‍ර මන්ත්‍ර ආදී විද්‍යාවන්ද ප්‍රගුණ කර තිබේ.)(Psycho - Somatic)
5. කෞමාර භෘත්‍ය - Pediatric, Obstetrics, Gynecology.
6. අගධ - Toxicology
7. රසායන - Rejuvenating, Vitaminology
8. වාජීකරණ - Fertility enhancing

මේ ආදී ලෙස තමයි මේ බෙදීම කර තිබෙන්නේ. මෙයට වෙනස් බෙදීම් කීපයක් ඇතත් මූලික සිද්ධාන්තමය ලෙස සමානයි.

අයූර්වේදයේ මේ බෙදීම් කීපයක් නවීන වෛද්‍ය විද්‍යාවටත් අනුකූලයි. මෙකෙදි
කාය චිකිත්සාව/ ශාලාක්‍ය චිකිත්සාව/ ශල්‍ය චිකිත්සාව කියන බෙදීම් නවීන හා ඉතාම සමානයි.

නමුත් කෞමාර භෘත්‍ය කියන්නේ නවීනයට වඩා පලල්ව පැතිරුණු විෂයක් ඒකට, ළමා රෝග, ප්‍රසව තන්ත්‍රය, කාන්තා රෝග කියන කාරනා තුනම අයිති වෙනවා. මේ තුන අද නවීන බටහිර විද්‍යාවට අනුව විෂය තුනක්. නමුත් මෙහිදී මේවායේ ඇති සමානත්වය බලා එකට යොදා තිබෙනවා.

අගධ තන්ත්‍රය කියන්නේ විෂවේදය නමින් හදුන්වන විෂය, දේශීය වෙදකමේ එන සර්ප විෂ කියන කොටසත් අයිති මේ විෂයට තමයි. හැබැයි මේ සර්ප විෂ කියන්නේ මේකෙන් ඉතාම සීමිත කොටසක් විතරයි. අහාර විෂ, රසායන විෂ, ඇතුළු පුලුල් විෂයක් මේ. ඊලගට එන්නේ භූත විද්‍යාව මේක ගොඩක් වෙලාවට මානසික තත්වයන් ගැන. අපේ වටිනා ජ්‍යෝතිෂය ( මාරය මල්ලි සහ ජ්‍යෝතිෂ ලංකා මේ ගැන කථා කරයි.) තොවිල් ඇතුලු මානසික රෝග සුව කරන විෂයක් තමයි මේ.

අනිත් දෙකෙන් ඊලගට මම කියන්නේ රසායන ක්‍රමය ගැන. ඒක ගොඩක් අය වැඩිය වටිනා විද්‍යාවක් විදියට නොහිතුවත් මේක ජාතියක නිරෝගීතාවට ඉතා වැදගත් වෙනවා. නවීන වෛද්‍ය විද්‍යාව අද මේ විෂයේ වටිනාකම තේරුම අරන් තියනවා. මේකටම තමයි අද පෝෂණවේදය කියන්නේ.

දැන් ඉතිරි එක ඒ කියන්නේ වාජීකරනය. මේ විෂය ගැන ඇත්තටම මම ගොඩක් කනගාටු වෙනවා. මොකද අනිත් විෂයන් යන්තමින් හරි තියනවා. නමුත් මේක, මේකෙ පරමාර්ථ වලින් බැහැර කරලා නිකම්ම නිකන් කුනුහරපයක් කරලා.

මේ විෂය යටතට වැටෙනවා. ස්ත්‍රි පුරුෂ සරුභාවය. මේ සදහා තමයි මේ විෂය දියුණු කලේ. නමුත් ඔබ දන්නවා අද මෙයින් ගන්න ප්‍රයෝජන. කොහොම හරි අද ලෝකයට ලොකුම ගැටළුවක් වෙලා තියන සරුභාවය කියන ප්‍රශ්නෙට පිළිතුරු මෙහි තියනවා.

මේ විෂය ඉතාමත් දියුණු විදියට ප්‍රයෝජනයට ගන්න අය අද ලංකාවේ ඉන්නවා. මම දන්නවා ඔවුන් සහ බටහිර අදාල විෂයන් ගැන ප්‍රවීනයන් එකට එක්වීත් වැඩ කරනවා.

ඉතිං කොහොම හරි මේ වෛද්‍ය ක්‍රමය අද ලෝකයට ගොඩක් අදාල බව නම් මම හොදටම දන්නවා. මින් ඒ කාලෙ කරලා තියන්නේ හොද නීරෝගී දරුවන් හදන්න උදව් ගන්න එක. එතකොට තව තියන විශෙෂයක් තමයි ස්ත්‍රින්ට අමතරව පුරුෂයන්ටත් මේ සදහා ප්‍රතිකාර යෙදීම. මෙවැනි ක්‍රම කොතරම් වැදගත්ද කියලා හිතෙන්නේ අද ලෝකෙ සරුභාවය ගැන තියන දත්ත බලද්දී.

{ඔබ දන්නවද?
මුළු ලෝක ජනගහනයෙන් 15% අද මඳ සරුභාවයෙන් පෙලෙනවා.
එම 15% න් 50% පුරුෂ පක්ෂයත්, 40% කාන්තා පක්ෂයත්, ඉතිරි 10% නොදන්නා හේතු මතත් දරුවන් නැතිව දුක් විදිනවා. බලන්න ආයුර්වේදයේ පුරුෂ මඳ සරුභාවයට හොදටම ප්‍රතිකාර තියනවා. කාන්තා තත්වයන්ගෙනුත් ඉතාම අපහසු කියන ගොඩක් රෝග වලට මින් සුවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ඉතිරි 10%ටත් හොද ප්‍රතිකාර අයුර්වේදයේ තියනවා.}

නැවතත් දිනයක මේ ගැන කථා කරමු.

5 comments:

  1. වෙද ශූරීන්ගේ දෑනුම අප හා බෙදාගත්තාට තුති, (වාජීකරන වලට තමයි ඉතින් අවන්කවම හිත යන්නේ,?!* )

    ReplyDelete
  2. වෙද මහත්තයෝ.. එතකොට අර වෙද පප්පගේ අරිෂ්ඨේ වගේ අරිෂ්ඨත් තිබිල තියෙනව නේද..? අද ඒව ඇත්තෙ නැද්ද..? දස මූලාරිෂ්ඨය කියන්නේ මුල් ජාති දහයක් ගන්න නිසාද..? ඒක බිව්වම මක්කැයි තියෙන ගුනාගුන...?

    ReplyDelete
  3. ඇත්තටම ඔබ තුමාගේ මේ බ්ලොග්කරණය විශිෂ්ට කටයුත්තක්. අපේ උරුමය නොදන්නා , ඒවාගේ වටිනාකම නොදන්නා, ඒවා පහත් කරලා කතා කරන කාලාකන්නි බහුතරයක් ඉන්න රටක ඔබ තුමන්ලා ජාතික සම්පත්. ඒත් ලොකුම ප්‍රශ්නේ ආයුර්වේද දැනුම , අපේ ජීව සම්පත් බටහිරෙන් කොල්ල කාලා එවන ඊනියා නිෂ්පාදන අපේම විනිමය පිට කරලා ලබා ගන්න පරිසරයක ආයුර්වේදයට හිමි තැන නොලැබීමයි.

    ReplyDelete
  4. මා කකාඅයියගේ පිටුවෙදි ඔරලොසුවෙ(ඔසප් චක්‍රය) කටු එහාට මෙහාට කර අඩුවැඩි කරන්නට හැකිද කියා හාස්යට අසපු ප්‍රශ්නෙට පිලිතුරු තියෙන්නෙ මෙතන වෙන්ට ඕන. මද සරු භාවයෙදි ඔබතුමන්ලා කරනවා ඇත්තේ ඒක වෙන්ට ඕන.අද බොහෝ විවාහක අයට තියෙනෙ ප්‍රශ්නයක් මේ මද සරුභාවය. නමුත් මෙහිදි පුරුෂ පක්ෂය බොහෝවිට ප්‍රතිකාර ලබ ගැනීමට මැලිකමක් දක්වනව. එය හරිම අපරාදයක් හැටියට මම දකින්නෙ.

    ඔබ වෛද්‍යවරයෙකු විදියට නිරොගී දරුපරපුරක් බිහි කිරීම සඳහාත් ඔවුන් දැනුවත් කිරීම සඳහාත් දෙන පනිවිඩය කුමක්ද?

    ReplyDelete
  5. අද තමයි මම මේ පෑත්තට ගොඩ වෑදුනේ,හොද වෑදගත් ලොපි ටිකක්නේ.ඇත්තටම් ආයුරුවේදය ගෑන අපි ද්න්න තරම ගොඩක් අඩුයි මේවගේ වටිනා මාතෘකාවක් ගෑන කතා කරන එක ගොඩක් වටිනවා

    ReplyDelete