Friday, May 20, 2011

බුදු තෙමඟුල ගැන මගේ මතය....

මම හිතාගෙන හිටියේ මේ ලිපිය වෙසක් දවසට දාන්න. නමුත් මගේ වැඩත් එක්ක ටිකක් පහු වුනා සමාවෙන්න.
බුදුන් වහන්සේගේ තෙමඟුල කියන්නේ මොකක්ද කියන එක අපි කවුරුත් දන්නවා.
ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම කියන කාරනා වලින් බුදු වීම කියන කරුන හැරුනු විට අනිත් කරුනුවල තියන වෙනස මොකක්ද?
සිදුහත් කුමාරෝත්පත්තියේදී ඇත්තටම මේ සිදුහත් ලදරුවා නෙළුම් මල් හතක් උඩ ඇවිද්දද?
නැවත බුදු කෙනෙක් පිරිනිවීමෙන් පසු ඉපදෙන්නේ නැත්ද?
එහෙම නම් එහෙම වෙන්නේ කොහොමද?
මෙන්න මේ කියන කාරනා ඉතා කුඩා අවධියේ පටන් මගේ හිතට ලොකු ප්‍රශ්න වුනු කාරනා.
මම ඔබට කිවොත් මම මේ කියන කාරනය එනම් සිදුහත් කමාර උප්පත්තිය සිද්ධ වුනු වෙලාවේ මේ කියන විපරයාසය එනම් නෙළුම් මල් හතක් උඩ ඇවිද්ද කියන කාරනය මම නම් පිළිගන්නවා කියලා........
ඔබ හිතනවද මම හරි කියලා..................
ඔව් මට තේරෙන හැටියට මම ඒ කාරනය ඔබට කියලා දෙන්නම්,,,,,,,,,,

මුලින්ම අපි බලමු බුදු කෙනෙක් කියන්නේ කාටද?
එනම් සියළු කෙලෙස් නැති කල, කාලය ජය ගත්, (ඕනෙම අවස්ථාවක ආයු සංස්කාරය ඉවත් කරගත හැකි. මරණය ජයගත් ) සියළු දේ දත් උතුමන් අපි බුදු කෙනෙකුන් ලෙස පිලිගන්නවා. නමුත් රහතන් වහන්සේද මේ කියන සියළු ගුන දරනවා. එතකොට ඇයි මේ බුදු සහ රහත් දෙදෙනෙක් ලෙස සලකන්නේ. මෙන්න මේක තමයි අපි තේරුම් ගත යුතු වන්නේ,

මනුෂ්‍ය ශරීරය ස්නායු පද්ධතීන් දෙකකින් සකස් වෙලා තියනවා. කෙටියෙන් කිව්වොත්,
1. සුෂුම්නා ස්නායු පද්ධතිය.(සුෂුම්නාවෙන් ස්නායු ආරම්භ කරන.)
2. කපාල ස්නායු පද්ධතිය.(මොලයෙන් හෙවත් කපාලයෙන් ස්නායු ආරම්භ කරන ) ලෙස මෙය බෙදී තියෙනවා.

මේ බුද්ධත්වය සමග සම්බන්ද වැදගත් දෙයක් තමයි ෂඩ් චක්‍ර කියන පැරණි දැනුම. දැන් අපි බලමු මොකක්ද මේ ෂඩ් චක්‍රය කියන්නේ කියලා.

මනුශ්‍යය ශරීරයේ යට (ගුද මාර්ගයේ) සිට ඉහලට ගමන් කරන සේ මෙම චක්‍ර පිහිටා ඇත. මේවා පිලිවෙලින්,

1. මුලාධාර චක්‍රය - ගුද මාරගය ආසන්නයේ පිහිටා ඇත. ශරීරයේ සමතුලිතතාවය පවත්වා ගැනීමට ආධාර වෙයි. මුලින් බටහිර විද්‍යාඥ්ඥයන් විසින් ශරීරයේ සමතුලිතතාවය කන ආශිතව පතින බව පැවසුවත් දැන් මෙම චක්‍රය ආශ්‍රිතව ඇති බව පිලිගනී. ස්කන්ධය පිළිබඳ සංවේදනය ලබා දීම මෙහි ප්‍රධාන කාර්යයකි. කනේ කර්ණ ශංඛය මේ සමතුලිතභාවය පිලිබඳ සංවේදනය කරනු ලබයි. කෙසේ හෝ මෙය කෙලින්ම ගුරුත්වාකර්ශනයට ප්‍රතිචාර දක්වන ශරීරයේ පවතින ඉන්ද්‍රියයයි. අපට මෙම චක්‍රයේ ක්‍රියාවන් අපගේ පාලනයට ගැනීමට හැකි නම් ගුරුත්වාකර්ශණය හා ඇති බැදීම සිද්දැමිය හැක. එහි ප්‍රතිඵලය උඩින් ගමන් කිරීමේ හැකියාවයි.

2. ස්වාධිෂඨාන චක්‍රය
කටී කශේරුකා 1 - 3 අතර පවතී. වෘක්ක සහ මුත්‍රාශය ආශිතව පාලනය මෙයින් සිදු වේ. මේ චක්‍රයේ පාලනය තමා යටතට ගැනීමෙන් ගුද මාර්ගයෙන් ජලය ශරීරය තුලට ගැනීම වැනි ක්‍රියාවන් කල හැක. තවද මේ ඉන්ද්‍රියන් ආශ්‍රිත රෝග වලට ප්‍රතිකාර කිරීමේදී වැදගත් වෙයි.

3. මණිපූර චක්‍රය
පෘෂ්ටික කශේරුකා 5 - 12 අතර පිහිටයි. විශේෂයෙන් ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිතව ක්‍රියාත්මක වේ. මෙම චක්‍රය තම පාලනයට ගැනීමෙන් දිගු කාලයක් ආහාර නොගෙන සිටීම. ලබාගත් ආහාරය ජීරනය වූ පසු ඉතා සෙමින් ශරීරයේ දහනය කිරීම වැනි ක්‍රියාකල හැක. කොටින්ම ඉතා ස්වල්ප ආහාරයෙන් දිගු කාලයක් ජීවත් වීම කල හැක.

4. අනාහත චක්‍රය
සුෂුම්නාකාංඩයේ අනුපෘෂ්ඨික ආද්‍යඛංඩිකා සතර ඇතුලත පිහිටයි. හෘද්‍යය පාලනය ඌර්ධ්ව ශාරීර කොටස් පාලනය වැනි දේ මෙහි සිදු වේ. මෙහි පාලනය තම අතට ගැනීමෙන් හෘද්‍යය නවතා සිටීම වැනි ක්‍රියා කල හැක. නාසයෙන් කටින් දුම් පිට කිරීම වැනි ක්‍රියා මෙමගින් දැනටද සමහර යෝගීන් විසින් සිදු කරනු ලබයි.

5. විශුද්ධි චක්‍රය
මස්තිෂ්කය හා සුෂුම්ණා ශීර්ෂකය ආශ්‍රිතව ඇත. මෙමගින් ශරීරයේ පවත්නා විශාල ඉන්ද්‍රියන් සංඛ්‍යාවක් පාලනය කරයි. එම නිසා මෙහි පාලනය තම අතට ගැනීමෙන් මුළු ශරීරයේම පාලනය ලබා ගත්තාක් වැනිය.

6. ආඥා චක්‍රය
යුගලක් වශයෙන් ඇත. ඉහලින් කියූ සියළුම චක්‍ර පාලනය මෙයින් සිදු වේ.

දැන් මම ඔබට ඉතාමත් කෙටියෙන් මෙම චක්‍ර පිළිබඳ හැදින් වීමක් කලා. නමුත් මතක තබා ගන්න මේ අපි කථා කලේ මේ විෂයෙන් ඉතාම අල්ප මාත්‍රාවක් පමණයි නැත්නම් මේ ලිපිය ඔබට එපා වෙනවා සිකුරුයි. මෙය ටිකක් නීරස කථාවක් ඒත් අපි දැනගත යුතුයි කියලා මම හිතනවා. මේවා සගවාගෙන සිටීමෙන් අපිට වෙන යහපතක් නැහැ. වෙන්නේ මේ වටිනා දැනුම විනාශ වෙලා යන එකයි.
දැන් ඔබට තේරෙනවා නේද මේ චක්‍ර 6 පාලනය කිරීම අපි අතට ගන්න පුළුවන් නම් අපිට ගොඩක් වැඩ කරන්න පුලුවන්. එහෙම නේද?
හැබැයි මතක තියා ගන්න මේ කාර්ය්‍යය ඉතා අපහසු දෙයක්. පුරාණ සෘෂිවරු මේකට ගොඩක් වෙහෙසුනා. නමුත් යම් යම් ප්‍රතිඵල ලැබුනත් කාටවත් හරියටම මේ තත්වයන් ගොඩනගා ගන්න බැරි වුනා. නිඝන්ඨනාථ පුත්ත වගේ අය ටිකක් කිට්ටුවට ආවා. ඒ නිසා එයාලගේ දහම ගොඩක් සත්‍යයට කිට්ටු වුනා. ඒත් නිසි මාර්ගය සොයා ගත්තේ නැහැ.
ඉතින් අපිට තව එක චක්‍රයක් ගැන කථා කරන්න තියනවා මේකත් කථා කරලම අපි බලමු සම්බුද්ධත්වය සහ මේ අතර සම්බන්ධය.
7. සහස්සාර චක්‍රය
මේ චක්‍රය ඇත්තෙන්ම තවම නවීන විද්‍යාව අනුව පැහැදිලි කල නොහැකි බව තමයි පෙන්නේ. මේක තියන බව අපි සැක කරන්නේ මොලයේ, සමහර අය කියනවා මේක තමයි තෙවන ඇස කියලා හදුන්වෙන්නේ කියලාත්. නමුත් මම ඒක පිළිගන්නේ නැහැ. මට හිතෙන්නේ මේක මුළු මොලය හා සම්බන්ධ වෙලා තියනවා කියලා. ඔබ දන්නව ඇති මහාචාර්ය්‍ය A. D. P. ජයතිලක ශූරීන් වැදගත් සොයා ගැනීමක් කලා. අපේ මොලයේ තියන ඇලි සහ සානු අතර ඉතා කුඩා වැලි වැනි ද්‍රව්‍යයක් ඇලී තිබෙනවා මේවා මිනිසාගේ බුද්ධිය සහ සම්බන්ධයි කියලා. මේ දෙවල් බලද්දී මට හිතෙනවා මුළු මොලයේම මේ සහස්සාර චක්‍රය පැතිරී ඇති කියලා.

දැන් අපි මේ කථා කරපු දෙවල් අනුව බලමු මේකෙ අග මුල සසදන්න.
මුලින්ම පෙනවා නේද මුල් චක්‍ර හය අතරින් මුල් 5ම සුෂුම්ණාව සහ සම්බන්ධයි කියලා. එතකොට 6, 7 දෙක තියන්නේ මොලයේ එහෙම නේද?
පැරණි යෝගීන් මුළු ජීවිත කාලයම වැය කරලා හෙව්වේ මේ රහස තමයි ඒත් එයාල ගිය මාර්ගය වැරදුනා. එයාල බැලුවේ පහසුවෙන් දමනය කල හැකි සුෂුම්ණා චක්‍ර දමනය කරන්න. එතනින් එහාට එයාලට හිතන්න බැරි වුනා. ඔබ බෞද්ධයෙකු ලෙස දන්නවා අපිට අනාගාමී තත්වයට ආවත් මග්ගා මග්ග චිත්ත කියන චිත්තයේදී කෙනෙක් රහත් කියලා රැවටෙනවා. ඒත් එතරම් දුර ආවේ නැති මේ ලෞකික ධ්‍යාන සුෂුම්ණා චක්‍ර තුල ගමන් කල මේතුමන්ලා රැවටීම පුදුමයක්ද? අනිත් කාරනේ මේ චක්‍රවල අනු චක්‍ර තියනවා. මේවාතුල යාමෙන් නොයෙක් විජ්ජා (විද්‍යා) කරන්න පුළුවන් වෙනවා. මොවුන් මේ තුල අතරමන් වෙන්න ඇති. කොහොම වුනත් බුදුන් වහන්සේ මේ තුල යම් දුරකට ගමන් කලා. ඒක වැරදි බව වැටහිලා කෙලින්ම සහස්සාර පද්මය හික්මවීම තම අරමුණ කරගෙන ජය ගත්තා. මේක කරන්න පුලුවන් බුදු කෙනෙකුට පමණයි. ඒකට සෑහෙන දිගු කාලයක් ගත වෙනවා. ගෞතම බුදු හාමුදුරුවො සාර අසංඛ්‍ය කල්ප සහ තව අවුරුදු ලක්ෂයක් පෙරුම්පුරලා තමයි මේ තත්වය ලබා ගත්තේ. ඒත් මේ සුෂුම්ණා චක්‍රවලින් යම් ඵල ලබන්න එච්චරම අමාරු නැහැ. ඒක තමයි අදත් යෝගීන් කරන්නේ. අපිට වුනත් හොද කැපවීමක් තියේ නම් අඩු ගනනේ අනු චක්‍රයක්වත් දමණය කර ගැනීමේ හැකියාව තියනවා. මේ චක්‍ර තුලින් යන්න පුළුවන් උපරිම දුර සීමිතයි. මේවා ගොඩක් ලෞකිකයි. ඒත් කමක් නැහැ ඒකත් කලොත් යම් දෙයක් නේද???

රහත් භාවය අඥා චක්‍රය හා සම්බන්ධ දෙයක් විදියට තමයි මම හිතන්නේ. මෙන්න මෙතන තමයි බුදු කෙනෙකුගෙයි, රහතුන් වහන්සේ කෙනෙකුගෙයි වෙනස තියන්නේ. අනෙක් තත්වයන් වන සෝවාන් සකෘදාගාමී අනාගාමී වගේ තත්ව අඥා චක්‍රයම දමනය කිරීමේ නොයෙක් අවධි විදියටයි මට පෙනෙන්නේ. තවදුරටත් බැලීමේදී සුෂුම්ණා චක්‍ර තුලින් මේ තත්වයන් ලබන්න බැහැ. හැබැයි නොයෙක් මාරග ඵල තත්වයන් ලැබීමට හැකියි. ඒවා ගොඩක් ලෞකික දෙ විතරයි.

අපි දැන් මේ කථාව ඉවරයක් කරමු. එතකොට නෙළුම් මල් හතක් උඩ සිදුහත් ළදරුවා ඇවිද්ද කියන්නේ, මේකෙන් තේරෙන්නේ මේ උපන් පුද්ගලයා, තම චක්‍ර හතම ජය ගන්න කෙනෙක් කියන එක නේද?

මේක මට හිතෙන්නේ පොඩි උපායක් මොකද මේ සංසිද්ධිය මිනිස්සුන්ට තේරුම කරන්න ගොතාපු. මේ වගේ උපාය උපක්‍රම ගොඩක් අපේ පැරන්නෝ පාවිච්චි කරලා තියනවා යමක් වටහලා දෙන්න. බුදු දහමේ, ආයුර්වේදේ මේවා හරි බහුලයි. අනික ඔබ අහලා තියනවා නේද බුදුන් වහන්සේ එක්ක නිතරම පාවිච්චි කරන වචනයක් තියනවා "පද්ම" කියලා. මුණි පද්මේ, වගේ යෙදුම් මේවා යෙදුවෙත් ඔය අර්ථයෙන්ම තමයි. අද අපි මේ හැමදෙම අමතක කරලා. ඒකයි මම මේ ගැන කථා කරන්න හිතුවේ. නමුත් මට මේ වගේ ගැඹුරු විෂයක් ඔබට තේරුම කරලා දෙන්න තරම් දැනුමක් නැහැ. මට ඕනෙ කලේ යම් උත්තේජනයක් දෙන්න විතරයි. එම නිසා මේකෙ මොනව හරි අඩු පාඩු තිබුනොත් ඒ මගේ දැනුමේ අඩුවක් මිසක මේ විෂයේ දුර්වලකමක් නෙමේ.

5 comments:

  1. ඔබ කර ඇත්තේ බුදුදහමත් යෝග ක්‍රමත් අතර ඉතාමත් දුර්වල ඇමිණීමක්. මෙවැනි ලාමක අදහස් වලින් බුදුදහමටවත් යෝගී භාවනා ක්‍රමවලටවත් සිදුවන යහපතක් නෑ. බුදුදහමේ එන සියලු අභිඥා පිළිබඳව මීට වඩා සංගත පැහැදිලි කිරීම් ධර්මයේ අඩංගු වෙනවා.

    බෞද්ධ භාවනා ක්‍රම යෝගී ආකෘතියක් තුලට ගැනීමෙන් සිදුවනු ඇත්තේ වැඩිම වුවහොත් සසුන වැනසී යාම තවත් ඉක්මන් වීම පමණයි.

    ඔබ මේ ගැන සැබෑ උනන්දුවක් ඇත්තෙක් නම් (මා එය අනුමත නොකළද) කළයුත්තේ විෂය දෙකම ගැඹුරට හැදෑරීමයි (ප්‍රායෝගික දෑද ඇතුලුව). අපවත්වී වදාල බලංගොඩ ආනන්ද මෛත්‍රිය නාහිමිපාණන්ගේ පොත පතේ මේ පිළිබඳව සඳහන් වෙනවා.

    බුදුදහම විද්‍යාත්මක කිරීමට දඟලන වැඩේට පමණක් දෙවෙනි වන මෙවැනි වැඩ වලින් කරුණාකර වැලකෙන්න.

    ReplyDelete
  2. ගොඩක් ස්තුතියි ඔබගේ ඉක්මන් ප්‍රතිචාරයට.
    මම මේ විෂය හදාරා නැත. නමුත් කියවා ඇති දෑ අනුව මට හැගෙන දෑ මෙසේ ගොනු කලෙමු. ඒ ගැන මෙහි සදහන් කර ඇත. ඔබ මේ ගැන හදාරා ඇති බව පෙනෙන හෙයින් මම ඔබ කියන්නක පිළිගනිමි.

    ReplyDelete
  3. මමනම් බුදධාගම ගැඹුරට හදාරා නැති උනත් යම් තරමට දැනීමක්
    තියෙනවා.ඔබතුමා ඉදිරිපත් කරල තියෙන්නේ ඔබතුමා ඒ පිලිබඳ
    සිතන ආකාරයයි.ඒකෙ වැරැද්දක් නැහැ.ඔබ එය සඳහන් කරලත් තියෙනව. මමනම් ඒ තුලින් යම් දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි.

    ReplyDelete
  4. වටිනා ලිපියක් . අහල නැති ගොඩක් දේවල් දැනගත්තා. මේක කියෙවුවම නිගන්ඨානාථපුත්‍ර සහ බුදුහාමුදුරුවන් ගැන මගේ පරණ මතකයකුත් අලුත් වුණා. ඒ ගැන ඉදිරියේදී මගේ බ්ලොග් එකේ ලියන්න ඕනෙ

    ReplyDelete
  5. ඔබ සැමගේ ප්‍රතිචාර වලට ස්තුතියි. ඔබ යමක් ඉගෙන ගත්තා නම් දැනුමක් ලබා ගත්තා නම් මට ඒ සෑහේ.

    ReplyDelete