Wednesday, May 11, 2011

උතුම් මිනිසෙකුට ගෞරවයෙනි,!!!!!!!!!!!!

ඊයේ මම තියපු සටහන ඉතාම සාර්තකයි. මම වාගේ ආධුනික බ්ලොග්කරුවෙක්ගේ එක ලිපියක් එක් දිනක් තුල 70 පමණ කියවූවා කියන්නේ ඒක මට ඉතාම සතුටට කාරනයක්. ඒත් එක්කම කතන්දර් ශූරීන් සහ තිස්ස දොඩංගොඩ කියන ප්‍රවීනයෝ මට කමෙන්ට් දාල තිබ්බා. ඒක මට ගොඩක් සතුටක්. ඇත්තටම මේ බලපු හැම කෙනෙක්ම මට දුන්නේ ඉතාමත් වටිනා අගය කිරීමක්. කමෙන්ට් දාපු අයත් මට ගොඩක් ලොකු ශක්තියක් දුන්නා. ඔබ සැමට මම මගේ හදපිරි සතුට ස්තුතිය පිරිනමනවා.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

අද මම ලියන්න අදහස් කරන් හිටියේ අපේ රටට ඉතා වටිනා කියන දෙයක් ගැන කථා කරන්න. නමුත් මම දැන් ඒක වෙනස් කලා. දැනට මාලඟ මම මේ බ්ලොග් එකට දාන්න හිතන් ලියපු සහ එහෙම හිතන් නැතිව අරමුණක් නැතිව ලියපු ලිපි ගනනාවක් තියනවා. ඒවා මම ඉස්සර නම් කාලෙන් කාලෙට පත්තරවලට දානවා. මම තීරනය කලා මින් පසු ඒ හැම ලිපියක්ම මේ බ්ලොග් එකට එකතු කරන්න.
____________________________________________________________________________________

අද මම ලියන්න යන්නේ ගොඩක් අය නොදන්න දෙයක් ගැන. ඔයාල දන්නවද රේඩියෝ තරංග කෙටියෙන් කිව්වොත් රේඩියෝ එක සොයා ගත්තේ කවුද කියලා.....................????????????????????????????
මම දන්නවා ඔබ කියයි ඉතාලි ජාතික ගුග්ලි එල්මෝ මාර්කෝනි කියලා. හැබැයි මම කිවොත් ඒක වැරදි කියලා.

ඔබ පිලිගන්නවද????????????

අන්න ඒ කථාව තමයි මේ.
මේ ලියන්නේ මම හිතලා කියන දෙයක් නෙමෙයි.

1. Dr. Jagdeesh Chandra Bose. Hindu Student Council Publication. www.hindunet.org
2. Bose Invented Marconnies Wireless by Mita Mukarjee, The Telegraph Culcutta 1,11. 1977

මේවායින් ඔබටත් හොයා ගන්න පුළුවන් මම මේ කියන දෙය ගැන.
කොහොම හරි මුලින්ම මම කියන්නම් කවුද මේ රේඩියෝ තරංගවල නියම හිමිකරු කියලා.
ඔහු තමයි ඉන්දියානු ජාතික ජීව විද්‍යාඥයෙකු වූ ජගදීස් චන්ද්‍ර බෝස්. (ක්‍රි.ව. 1858 - 1937)
මෙතුමා ගේ පියා විනිශ්චයකරුවෙකු විය. මෙතුමා පාසල් ගියේ උසස් පාසලකට නොව පලාතේ විසූ දුප්පතුන් ගිය පාසලටයි.
මෙතුමාගේ ජීවිතයට බෙහෙවින්ම බලපා ඇත්තේ මෙතුමාගේ පියා දුන් තීන්දුවකින් සිරගත වූවෙක්. පසුව නිදහස් වූ මොහු මෙතුමාගේ නිවසේ වැඩ කිරීමට පැමිනෙනවා. ඔහු කථා සාගරයක්. එම කථා වලින් පෝෂණය වන කුඩා බෝෂ් තම නැණ නුවන ක්‍රමයෙන් දියුණු කර ගනිමින් කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයෙන් තම උපාදි ලබා ජීව විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. මෙතුමා බොහෝ පර්යේෂණ කර ඇත්තේ ශාඛ ගැනයි. ඒ අතර ශාඛ යනු තවත් එක ජීවීන් කොට්ටාසයක් බව පෙන්වීමට තම මුළු දිවියම කැප කර තිබෙනවා.
මේ පර්යේෂණවලදී ඔහුට වැටහුනු දෙයක් තමයි සෑම ශාඛයකටම යම් සංනිවේදන ක්‍රමයක් තිබූ බව. එනිසා එතුමා වෙහෙසෙනවා එම ක්‍රමය සොයා ගැනීමට. කොටින්ම ශාඛ සහ අදහස් හුවමාරු කර ගැනීමට. මෙහිදී කරන පර්යේෂණ වලදී තමයි එතුමා හදුනා ගන්නේ රේඩියෝ තරංග පිළිබඳව. ඒ වන විට චන්ද්‍ර බෝෂ් කල්කටාවේ ප්‍රසිඩන්ට් විද්‍යාලයේ ජීව විද්‍යාව මහාචාර්ය්‍ය වරයා විය. මෙම විද්‍යාලයේ කුඩා විද්‍යාගාරයක් තුල කෙටි තරංග ඇසුරින් වයර්ලසයක් ක්‍රියාකර පෙන්වීය. මේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය වූ බැවින් මෙවැනි සොයා ගැනීම ලොවට හෙලිදරව් වීම ඉතා සීමිත විය. අනෙක් අතින් ඉතාමත් අල්පේච්ඡ් ජීවිතයක් ගෙවූ මෙතුමා මේ සොයා ගැනීම ලොවට පෙන්වීමට ද එතරම් වෙහෙසක් නොගත්තේය. මේ අවධියේ ඉන්දියාවට පැමිණි ඉතාලි ජාතික නාවිකයෙකු වූ ලුයිජි සොල්විටට ආචාර්ය්‍ය බෝෂ්ගේ සොයා ගැනීම ගැන දැන ගන්නට ලැබීණි. ඉතා අවංක බ්‍රාහ්මණයෙකු වූ බෝෂ් තුමා මේ නාවිකයාට තම සියළු තාක්ෂණික දැනුම ලබා දෙනු ලැබිණි.

තම මිතුරෙකුද,ඉතාලි ජාතික විද්‍යාඥයෙකුද, වූ මාර්කෝණිට මේ සියළු විස්තර මෙම නාවිකයා විසින් දෙනු ලැබීය. කෙසේ හෝ පසුව බෝෂ් තුමාගේ සොයා ගැනීම ගුරු කොට ගනිමින් රේඩියෝව සොයා ගෙන නෝබෙල් ත්‍යාගය පවා දිනා ගනිමින් ලොව විසූ අංක එකේ විද්‍යාඥයෙකු වන්නට මාර්කෝනිට හැකි විය.

2 comments:

  1. පලමුව ඔබතුමට හදපිරි ස්තුතිය පුදකරමි.
    මක්නිසදයත් ඔබ විසින් සදහන් කර අති කරුනු මුල්වරට අසන්නට ලබුනෙ ඔබගෙන් හෙයිනි.

    ලිපිය කියවීමෙදි මාතුල සන්වෙගයක් අතිඋන බොශ් තුමා පිලිබන්දව. ඔහුව ඈගයිමකට ලක්නොවීමනිසා. කෙසෙඋනත් මර්කොනි එය ඉදිරිපත් නොකලනම් සමහවිට එය එතනම වෑලලී යන්නත් ඉඩ තිබුනා.

    ගොඩක් වෙලවට ඈගයිමට ලක්වියයුත්තන් නෙමෙ ප්‍රශන්සාවට ලක්වෙන්නෙ වෙනත් කෙනෙක්. මුලුජීවිත කාලයම දුක්වින්දල සොයගත් නව නිර්මාන සමහරු අඩු මුදලට ගන්න අවස්තා අපි අහල තියෙනව.

    මෙවනි හරවත් ලිපි තවත් ඉදිරිපත් කරනමෙන් ඉල්ලමි . ඔබට ජය.

    ReplyDelete
  2. ඔබට ගොඩක් ස්තුතියි.!!!!
    ඔබ දන්නවද අද අපි මේ දියුණුව කියලා කියන දේවල් මේ තත්වයට ගේන්න කී දෙනෙක් තම ජීවිත කාලය කැප කලාද කියලා. කොටින්ම අද මේ දේවලින් හරි හම්බ කරන අයවත් දන්නේ නැතුව ඇති. යම් පර්යේෂකයෙක් තමන්ගේ පර්යේෂණයක් ප්‍රායෝගික තලයට ගේන්න තම ජීවිතයෙන් කෙලින්ම අවු. 20 වැඩිය ගත කරනවා. නමුත් ඒ වෙනුවෙන් ඔහුට ලැබෙන දෙයක් නැහැ. එයින් ප්‍රයෝජන ගන්නේ හම්බ කරන්නේ වෙනම කොටසක්.
    කොහොම හරි විද්‍යාව කියන්නේ ඒකට තමයි. ඒක ස්වභාවිකයි. ඒත් සමාජයට ලොකු වගකීමක් තියනවා මේ වැනි අපේ සමාජයේ පුරෝගාමීන් යම් අගය කිරීමක් කරන්න. ඒක වෙනවද?

    ReplyDelete