Monday, June 13, 2011

කාන්තා අයිතිවාසිකම්........ලිපියේ දිගුව

මම කලින්ම කිව්වනේ මම මේක ලියුවේ විද්‍යා සම්මේලනකට කියලා, මේක මම කලේ 2010, දෙසැම්බර විතර. මුලින්ම දැම්මේ මේ පත්‍රිකාවේ හැදින්වීම, ක්‍රමවේදය වගේ කොටස් වලින් ගත්ත දේවල් නැවතත් ලියලා. නමුත් මගේ උපකල්පන ආදී ඉතිරි දේවල් තමයි මේ.

මෙහෙම කොටස් දෙකකට ලියන්නේ අනිත් අයගේ ප්‍රතිචාර දැන ගන්න හිතුන නිසා. හැබැයි අමාගේ කථාව නිසා මට හිතුනා දැන්ම සියළුම දෙවල් එක ලඟම දමන්න.

මේ ක්‍රම භාවිතයට ගැනුනේ 1977 කලින් කාලේ. ඔබ අපි සියල්ලන්ම දන්නවා 1977 කියන්නේ අපේ රටේ ඉතිහාසයේ ලොකු වෙනස්කම් සිදු වූ වසරක්.

විවෘත ආර්ථිකය එනවාත් සමගම මේ දෙවල් වෙනස් වෙන්න ගත්තා වේගයෙන්. මට ටිකක් විතර මතකයි ඒ යුගය.

ඔය කියන දෙවල් ඇත්තටම සිරිත් නෙමේ. මේවා මිනිස්සු භාවිතයට ගත්ත ක්‍රමවේදයන්. ඒ දෙවල් වෙනස් කලෙ නැහැ ඒ යුගවවල අය.

හොදට මතක තියා ගන්න මේ කියන කාලේ ලංකාවේ වැඩිපුරම ජීවත් වුනේ ගොවිතැනෙන්. වැඩිපුරම කාන්තාවො ගෘහණියයෝ. කුබුරක වැඩ කරනවා කියන්නේ ඉතා විශාල ශක්ති ප්‍රමාණයක් දිනකදී වැය වෙනවා කියන එක. මේ ගොවියන්ට ශක්තිය අවශ්‍යවෙනවා
1. ඉක්මනින්
2. විශාල වශයෙන්

මේ නිසා තමයි ඉක්මනින් ශක්තිය ලබාගත හැකි ආහාර සහ වැඩියෙන් ශක්තිය ලබගත හැකි ආහාර ලෙස මේ අයට ආහාර අවශ්‍ය වෙනවා. මේ නිසා තමයි බත් හැලියේ ඉහල කොටසේ බත පියාට ලබා දෙන්නේ.

එම බත ආකාර දෙකකට ඉදෙනවා.
1. කෙලින්ම ලැබෙන ගින්දරෙන්.
2. හැලියේ ඇති ජලය වාෂ්ප වී වසා ඇති මුට්ටියේ එකතු වීමෙන් වාෂ්පයෙන් ලෙස මේ ආකාර දෙක ඇති වෙනවා. මුට්ටියේ යට කොටසේ වාෂ්පය එකතුවෙන් නැහැ. වාෂ්පයෙන් ගින්දරට වඩා බත ඉදෙන වේගය වැඩියි.

ඒ නිසා සාපෙක්ෂව බතේ යට කොටසට වඩා හැලියේ ඉහල බත ඉදී වැඩියි. එනම් වැඩිපුර ජීරණය වී ඇති බව දැන් ඔබට වැටහෙනවා ඇති.

හොදි වලදී මේක මෙහෙම නෙමෙයි. ඔබට මතක ඇති ඒ කාලයේ අපේ අම්මල හොද්ද හැදි ගාන්න කලින් හැන්ද රත් කරනවා. මේ තරම් ප්‍රායෝගිකයි මේ අය.
පිරිමින්ගේ වැඩි ශක්ති අවශ්‍යතාවය ලිපිඩ මගින් සපුරා ගන්න ලේසියි උඩ කොටසේ එකතුවන ලිපිඩ නිසා ඒ නිසා හොද්දත් කලින් පිරිමින්ට බෙදනවා.

ඊලඟට කාන්තාවන්ට,
දැන් බලන්න කාන්තාවගේ වැඩ කොටස ඇය වැඩ කරන්නේ ගෙදර (එකල ) ඒ වැඩ ලෙහෙසි පහසු වැඩ නොවුනත් සාපෙක්ෂව ශක්තිය වැය වෙනවා අඩුයි. ඒ නිසාත් ඇය නිතර දුව පැන ගෙදර දොර වැඩ කරන නිසාත් ඇයගේ ආන්ත්‍රික චලනයන් හැම විටම හොදින් සිදු වෙනවා.

එම නිසා සාපෙක්ෂව රළු ආහාරයක් ජීරණය කරගත හැකියි. අද උදේ මම බැලුවා සොදුරු සුව අසපුව එය ඉතා වැදගත් ලිපියක්. කාන්තාවන් වැඩිපුර ලිපිඩ ආහාර ගැනීමෙන් (PCOS) තත්වයට පත් වෙන්වා. මේ කාරනය පැරණි ගෘහණියන් දැන සිටියා. එම නිසා තමයි කාන්තාවන් නිතර බර වැඩ නොවන නමුත් වැඩි වැඩවල යෙදුනේ. මේ ගැන වෙනම දවසක් ලියන්නම්.

කාන්තාවට ඉතාම අවශ්‍යයි. ඛනිජ ඔබ දන්නවා හොදි ඇතිලියේ යට එකතුවන බොරය කොතරම් රහද කියා. එම බොරය සම්පූර්නයෙන්ම පාවේ සමන්විත වෙල අතියන්නේ ඛනිජ ද්‍රව්‍ය වලින්. මේ නිසා කාන්තාවට අවශවන ශාරීරික පෝෂණය පහසුවෙන් සැපයුනා.

නමුත් අදට මේවා ගැලපෙනවද?????
ඇත්තෙන්ම අදට මේක ගැලපෙන් නැහැ.

ඇයි???

1. කාන්තාව අද එදාට වඩා වැඩ කරනවා. හැබැයි ඇඟ වෙහෙස වීම අඩුයි. මානසිකව පිරිමින් තරම්ම ආතතියකට ලක් වෙනවා. වගකීම් දරනවා වැඩියි. මේ නිසා කාන්තාවත් එදා ලෙසම ආහාරය ගත යුතු නැහැ.
2. පිරිමින් එදා තරම් වැඩ කරන් නැහැ. මෙතනදී මම මාතලන් එක්ක එකඟයි. නමුත් එදා වගේම ආහාර ප්‍රමාණයක් ගන්නවා. මේ නිසා ලෙඩ වැඩියි.


එතකොට …...

මේ හැම කාරණයක් ගැනම සලකා බැලුවම අපිට පේනවා අපි ජාතියක් ලෙස අපේ ආහාර රටාව අදට ගැලපෙන ලෙස සකස් කරගත යුතු බව.

9 comments:

  1. පැහැදිලියි දැන්. අර ශක්තිය වැය වෙන හැටි අහපු ප්‍රශ්නෙට ඔබ හොඳ පැහැදිලි කිරීමක් දුන්න. බොහොම ස්තුතියි !

    ReplyDelete
  2. වෙද මහත්තයෝ මම නැති උනත් සාමාන්‍යයෙන් අපේ අය කන බත් ප්‍රමාණය වැඩියි නේද...? එළවලු ජාතී මස් මාළු කන්නේ හරිම ටිකයි.. ඔය ඩයටීෂන්ස්ල කියන විදියට බත් පොඩ්ඩකුයි.. මස් මාළුවලින් ග්‍රෑම් 100 ක් වත් කන වෙලාවට කන්න ඕනලු.. කතාව ඇත්ත උනත් ආර්ථික ප්‍රශ්නත් තියෙනවනේ.. සාමන්‍යයෙන් උදේට දවල්ට කන කෑම වේල ගැන පොඩ්ඩක් කිව්වොත්.. රෑ කෑම මග අරීන්න කියලයි හැමෝම කියන්නෙ.. ඒක හොඳ දෙයක්ද...?

    ReplyDelete
  3. @වෙද මහතා : දවසම වගේ එක තැන ඉඳල වැඩ කරන අපි වගේ අයට (පුටු රත් කරන අයට) සුදුසු අආහර ක්‍රමයක් තියෙනවාද ? :ද

    ReplyDelete
  4. අපේ කෑම රටාවට කියන ජනප්‍රිය නමනෙ බත් කන්දක් එක්ක හොදි ගංගාවක් කියන එක. තාම ඒව වෙනස් වෙලා නෑ. අනික ගොඩක් ගෙවල් වල රාත්‍රී ආහාරය තමයි බර වැඩිම එක. ගොඩක් විට ටීවී එක දිහා බලාගෙන ගිලින එකනෙ කරන්නේ. ඉතිං නොදැනීම කැවිලා තරබාරු වෙනවා.

    ReplyDelete
  5. වෙද මහත්තයා අපිට ගැලපෙන ආහාර රටාවක් කියලා දෙන්ඩ බැරිද ?

    ReplyDelete
  6. හොදම වැඩේ ර‍්ලග පෝස්ටුවෙන් අදට ගැලපෙන ආහාර රටා ගැන ලියන එක.ගොඩක් අයට වැදගත් වෙයි.අපි ගොඩක් කරන්නෙ එක තැන ඉදන් පුටු රත් කරන එකනේ,අනික නිදහසේ කන එකම කෑම වේල රාත්‍රී එක නිසා ටිකක් විතර වැඩියෙන් කන්නත් පුරුදු වෙලා.

    ReplyDelete
  7. මගේ අදහස ඉහල තියන කොමෙන්ට් වල තියන ඒවම තමයි. ඇත්තටම මටනම් දවසකට එක වේලක් වත් බත් කන්නම ඕන, ඇත්තටම අපි වගේ අයට සුදුසු ආහාර රටාවක් ගැන අපි කතා කරමුද , හැබැයි අවසාන තීරනය දෙන්න ඉස්සර අපට අදහස් දක්වන්න අවස්තාවක් ඕන...

    ReplyDelete
  8. මාත් හිතන්නෙ අපේ ආහාර රටාවයි ජීවන රටාවයි අතරෙ තියන නොගැලපීම ජාතිය ලෙඩ කරන්න හේතු වෙලාය කියල. එක ජනප්‍රිය බටහිර වෙදමහත්තයෙක් ලියාපු පොතක තිබුණ පරණ මනුස්සයෙක්ගෙන් එයාගෙ ආහාර රටාව ගැන විමසීමක් කරල. කෙටි උණත් බොහොම තේරුමක් තියන කතාවක් ඒක. පුළුවන් වුනොත් හොයල දාන්නම්.

    ReplyDelete
  9. //කාන්තාවට ඉතාම අවශ්‍යයි. ඛනිජ ඔබ දන්නවා හොදි ඇතිලියේ යට එකතුවන බොරය කොතරම් රහද කියා. එම බොරය සම්පූර්නයෙන්ම පාවේ සමන්විත වෙල අතියන්නේ ඛනිජ ද්‍රව්‍ය වලින්. මේ නිසා කාන්තාවට අවශවන ශාරීරික පෝෂණය පහසුවෙන් සැපයුනා.//

    අපිට වැරදුන තැනක් ඔබතුමා පෙන්නල දීල තියෙනවා.බලනකොට
    හොඳම පෝෂණ කොටස් ලැබිල තියෙන්න පොඩ්ඩිට(මට)නෙමේ.
    ඉතුරු වුන බත් ටික දාලා භොඳි හට්ටියෙ බොරටිකත් දාලා දීලා
    තියෙන්නෙ මෙච්චර දවස් අනේ අපේ ටොමියට නෙව.
    පොඩ්ඩිට මන්ද පෝෂනේ ටොමියට අධි පෝෂණේ.

    ReplyDelete