Thursday, June 23, 2011

මඳසරුභාවයෙන් මිදෙමු.

අද මඳසරුභාවයේ කථාව අවසන් කරන්න තමයි හිතන් ඉන්නේ. බලමු මොකද දැන් මගේ කථා බැංකුව කකාගේ තරම්ම නැති වුනාට ටිකක් කල් ඇදගෙන යන්න තරමට තියනවා. හැබැයි ඒවා දැන්ම දාන්නේ නැහැ.

අද මට කියන්න තියන්නේ මේ රෝගයට තියන ආයුර්වේද විසදුම් මොනවද කියන එක.

මම කලිනුත් කියලා තියනවා වාජීකරණ තන්ත්‍රය කියන්නේ මේ රෝගයට විසදුම් මහා රාශියක් ඇති විෂයක්. ඒත් අද වෙනකොට මේ වාජීකරණ තන්ත්‍රය කියන විෂය වෙනත් කාර්ය්‍යයන් වලට තමයි ප්‍රයෝජනයට ගන්නේ.

ඔබ දැන් දන්නවා ලෝකයේ මඳසරුභාවය කොටස් තුනක් තියනවා.
1. පුරුෂ මඳසරුභාවය - මේ රෝගයට ඉතා ප්‍රත්‍යක්ෂ ඖෂධ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සතුයි. මෙමගින් අපිට පුරුෂ රෝගීන් ඉතා සාර්ථකව සුවපත් කල හැකියි.

2. කාන්තා මඳසරුභාවය - මේ තත්වයට ආයුර්වේදීයව සහ බටහිර වෛද්‍ය විද්‍යාත්මක ප්‍රතිකාර තියනවා. ඉතා හොදින් මෙම වෛද්‍ය ක්‍රම මගින් මේ තත්වය සුවපත් කල හැකියි.

3. හේතුවක් පැහැදිලිව කිය නොහැකි මඳසරුභාවය - මෙය තමා අද ලෝකයේ තිබෙන අභියෝගය කිසිම ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැහැ.

දැන් අපි බලමු මේවා එකින් එක.
කොහොම වුවත් මුලින්ම කියන්න ඕනෙ වෛද්‍ය ආචාර ධර්ම අනුව ජනමාධ්‍යකින් ඖෂධ නියම කරන්න බැහැ. ඒ මොකද එක් එක් පුද්ගලයා අනුව එකම රෝගය වුවත් වෙනස් වෙනවා.(නානාත්ථ කායා නානාත්ථ සඥා) මේ නිසා නිසි පරීක්ෂාවකින් තොරව ඖෂධ කිසිම වෙලාවක ගන්න එපා.

මේ අනුව තමයි මම මෙහේදී අවශ්‍ය දෙවල් පමණක් කථා කරන්නේ.

ඔබ දන්නවා දැන්,

වෘෂණ කෝෂ වල උෂ්ණත්වය බලපානවා ශුක්‍රාණු ජනන ක්‍රියාව සම්පූර්ණ වීමට.

ඒත් අද අපේ සමාජ වටපිටාව අනුව මෙතරම් උනුසුම් රටක වුවත් අපිට මේ කලිසම් බෑය දාගෙන ඉන්න වෙනවා. එතකොට අපේ වෘෂණ වැඩියෙන් රත් වෙනවා. ඒ වෙලාවට මේ ශුක්‍රාණු ජනන ක්‍රියාව ඉතාමත් අඩු වේගයකින් තමයි සිද්ධ වෙන්නේ. අපිට මෙකෙදි පොඩි උපක්‍රමයක් භාවිතා කරන්න පුළුවන්.

1. අපි මුත්‍රා කරන හැම වෙලාවෙම වෘෂණ හොදින් සිසිල් කරන්න පුළුවන් ඇල් දියෙන්.

2. හවසට ගෙදර පැමිණිලා ඇග පත සොදනකොට ශීතකල ජලයෙන් වෘෂණ කෝෂ සේදීම කරන්න පුළුවන්.

3. අපි අදින යට ඇදුම් හැම විටම කපු පිලියෙන් මසා ගන්න පුළුවන්. ඇගට හිර නොවන ඉතා ලිහිල් ඇදුම් අදින්න පුළුවන්.

මෙවැනි ක්‍රම වලින් මේ ගැටළුව යම් ප්‍රමාණයකට විසදා ගන්න හැකියාව තියනවා.

අපි ආහාර ගැන කථාකල නිසා මම නැවතත් ඒ ගැන කථා කරන්නේ නැහැ.

ඊලඟට අපිට තියන්නේ ව්‍යායාම. අපි කරන රැකියාව අනුව අපිට ලැබෙන ව්‍යායාම ප්‍රමාණය ඉතා අඩුයි නම් අපි දිනකට සෑහෙන ව්‍යාම ප්‍රමාණයක් කල යුතුයි. ඒ කියන්නේ දිනකට අවම 3කි. මී. ප්‍රමාණයක්වත් ඇවිදින්න ඕනෙ. එහෙමත් නැත් නම් අපි දිනකට අවම වශයෙන් විනාඩි 40 වත් යම් ව්‍යායාමයක් කල යුතුයි. මේ ව්‍යායාම කිරීමෙන් අපේ ශරීරයේ දිනපතා ඇතිවන විෂ පදාර්ථ ශරීරයෙන් ඉවත් වෙනවා. එයිට අමතරව පේශීවල ක්‍රියාව එතනින් ගියහම මානසික සතුට වගේ විශාල වාසි බොහෝමයක් අපිට ලැබෙනවා.
ශුක්‍රාණු නිශ්පාදනයටත් මේ ව්‍යායාම නිසා ඇති වන්නේ ධනාත්මක උත්තේජනයක්.

ඊලගට අපිට වැදගත් වෙන්නේ. ලිංගික ක්‍රියාව මේක අපි වැඩියෙන් අවධානය කල යුතු දෙයක්. දැන් බලන්න මඳසරු පිරිම් අය හිතාගෙන ඉන්නවා මේවගේ රෝගයකදී ඉතා අඩුවෙන් තම බිරිදගේ ඔසප් චක්‍රයේ සරු කාලයේ විතරක් එකතු වීම (සංසර්ගයේ යෙදීම ) නිසා ශුක්‍රාණු ඉතිරි කරගෙන ඒ දින ගනනටම පිරිමහගන්න පුළුවන් කියලා. ඇත්තටම මේක මිත්‍යා මතයක්. මොකද අපි නිසි පරතරයක් තබාගෙන මේ කාර්ය්‍යයට යොමු වෙනව නම් ඒකයි බොහෝ වැදගත් වන්නේ.

එතකොට මොකක්ද මේ පිලිවෙල,

මෙහෙමයි,

මෙහිදී බලන්න පිරිමියෙක්ගේ ශුක්‍රාණුවක ආයු කාලය වන්නේ පැය 72 වගේ කාලයක් එතකොට හැම පැය හැත්තෑ දෙකෙන් දෙකටම පිරිමි පද්ධතියේ ශුක්‍රාණු නිපදවෙනවා. නේද නමුත් මේක එහෙමම නෙමෙයි යම් කාල පරතරයකට වරක් වනවා. ඒ කියන්නේ පැය 48 - 72 අතර කාලයකදී ශුක්‍රාණු වරින් වර අළුත් පරම්පරාවක් බැගින් නිපදවනවා.

(ඒත් ඔබ මතක තබා ගන්න දින 90 පමණ කාලයක් යනවා ශුක්‍රාණුවක් පියාගේ දෙහ සෛල මට්ටමේ සිට ශුක්‍රාණුවක් බවට පත් වීමට.)

මේ කාරණය නිසා අවම වශයෙන් හැම දින තුනකටම වරක්වත් පුරුෂයෙක් තම ශුක්‍රා තරලය පිට කිරීම ඉතාමත් වැදග්ත් වෙනවා. එවිට ශුක්‍ර තරල සාම්පලයක් තුල තිබෙන මැරුනු සෛල සංඛ්‍යාව අවම වෙනවා. මෙය ශුක්‍රාණුවක උපරිම ක්‍රියාව දැක්වීමට පහසුවක් වෙනවා.

මේ නිසා සරු කාලයේ දිනක් හැර දිනකුත් අනෙක් කාලවල සතියට තුන් වරක් පමණත් සංසර්ගයේ යෙදීම ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම තම සරු භාවයට වැදගත් වෙනවා. ( හොදින් මතක තබා ගන්න මම මේ කියන්නේ මඳසරු යුවලවල් වලට විතරයි. අනෙක් අයට "තමන්ගේ මැට්ටන් තම් මැට්ටන් කිව්වලු. මට මොකද?)

දැන් අපි පුරුෂ මඳ සරුභාවයේ ප්‍රතිකාර යටතේ ඇවතුම් පැවතුම්, ආහාරය ගැන, ඇදුම ගැන, ව්‍යායාම ගැන, ලිංගික ක්‍රියාව සකස් කරගත යුතු ආකාරය ගැන කථා කලා. අපිට තව ඉතිරි වෙලා තියන්නේ. හේතුවක් පැහැදිලි කල නොහැකි මදසරුභාවයට ප්‍රතිකාර ගැන කථා කරන්න විතරයි. ඒක අපි වෙනම පෝස්ට් එකක් යටතේ කථා කරමු හේතුව ටිකක් දිගයි. හෙට නෙමෙයි අනිද්දා ඒක ගෙන්නම්. එතෙක් ජය!
ප.ලි.
(කාන්තා සරුභායටත් මේ හැම දෙයක්ම අදාලයි. මම හිතනවා මේ ගැන ඕන තරම් ලියවිලා තියනවා ඒ නිසා මම එය නොලියා ඉන්නම් කියලා. නමුත් ඔබට අවශ්‍ය නම් මේකත් ලියන්නම්.)

ප.ප.ලි.
ඔබ මගෙන් ප්‍රශ්නයක් ඇසුවා ගැහැනු පිරිමි ලමුන් ලබා ගැනීම ගැන. මම නම් හිතන්නේ. සීසර්ට අයිති දේ සීසර්ට දෙන්න.

මොකද අපි දෙවියොද?

ඇයි අපි මේ ලෝකෙ තියන සමතුලිතභාවය බිද දන්නෙ. ඕව ගැන මගේ මතය නම් අපි අපේ සීමාවේ ඉමු කියන එකයි.

ඒ කෙසේ වෙතත් මම දැකලා තියනවා. සමහර ආයුර්වේද ග්‍රන්ථවල මෙහෙම දෙයක් ඒකට කියන්නේ "පුං සවණ ක්‍රමය" කියලා. ඒත් මට ඒ ගැන මුකුත් කියන්න බැහැ. මම අත්හදා බලල නැහැ. බලන්නේත් නැහැ.

ජයෙන් ජය!!!!

17 comments:

  1. ඔබතුමා මේ පිලිබඳව සෑහෙන දැනුවත් කිරීමක් කලා.අපි ගොඩාක් දේවල් අවබෝධ කරගත්තා අප කලයුතු හා නොකලයුතු...
    අපිට මේ කරුනු ඉතාමත් ප්‍රයෝජනවත් වේවි, විවාහ වෙන්නට සිටින අයටත් දරුපල බලාපොරොත්තුවෙන් සිටින අයටත්....
    ස්ත්‍රී පුරුෂ දෙපාර්ශයටම යම්කිසි වගකිවයුතු කොටසක් තියෙනෙබව අවබෝධ කරගත්තා නිරෝගී දරුවන් බිහිකිරීමට.
    ඔබ අප වෙනුවෙන් කල මෙහෙය විශාලයි. බොහොම පින්.

    ජය!!

    ReplyDelete
  2. "මේ කාරණය නිසා අවම වශයෙන් හැම දින තුනකටම වරක්වත් පුරුෂයෙක් තම ශුක්‍රා තරලය පිට කිරීම ඉතාමත් වැදග්ත් වෙනවා. එවිට ශුක්‍ර තරල සාම්පලයක් තුල තිබෙන මැරුනු සෛල සංඛ්‍යාව අවම වෙනවා. මෙය ශුක්‍රාණුවක උපරිම ක්‍රියාව දැක්වීමට පහසුවක් වෙනවා. "

    නොමග නොයන් පුතේ උඹට අතක් ඇතේ.....:D

    ReplyDelete
  3. අර කිව්වත් වගේ විවාහක අයට වගේම විවාහපේක්ශාවෙන් ඉන්න අයටත් බොහොම ප්‍රජෝජනවත් ලිපි පෙලක්.

    දැන් ගොඩක් ඉපදෙනව අහන්න ලැබෙන්නෙ ගෑනු බබාල. ඒකට මොකක් හරි හේතුවක් තියනවද?මම් අහල තියනව මත් ද්‍රව‍ය පාවිච්චි කරන පිරිමි අයගෙ "වයි" වර්නදේහ අඩංගු ශුක්‍රාණු සයිල වල චලනය "එක්ස්" වර්ණ්දේහ අඩංගු සෙල වලට වඩා අඩුලු.ඒකලු ගොඩක් ගෑණු බබාල ඉපදෙන්නෙ?මම් වැරදිද මන්ද?

    බොහොමත්ම ස්තුතියි!

    ReplyDelete
  4. බොහොම ස්තුතියි

    ReplyDelete
  5. හැමදාම කියනවා වගේම විශිෂ්ට ලිපි මාලාවක්.

    ReplyDelete
  6. ඉතා වටිනා ලිපියක්.බොහොම ස්තූතියි.

    ReplyDelete
  7. වෙද මහත්තය කළ මේ පින් බෙලෙන්..

    ඔබ් තුමාට ක්‍රිකට් ටීම් එකක් ලැබේවා....!!!

    මේවටනේ බොග් කියන්නෙ....

    වෙද මහත්තය හොඳා.....................යි.....!!!!

    ReplyDelete
  8. ඔන්න ලිපි සෙට් එකම බලලා හොදට හිතට ගත්තා දැන්ම ලෑස්තිවෙන එක හොදයි නේ වෙද මහත්තයා නේද,,,අපි තාම තනිකඩයෝ උනාට,,ලෑස්ති වෙන එක ලොකු දෙයක් නේ...ගොඩාක් ස්තූතී මේ ගැන මෙහෙම දැනුවත් කලාට,,

    ReplyDelete
  9. අපි නම් කොහොම හරි ඔය කඩුල්ල පැන ගත්ත නිසා බයක් නැහැ. ඒත් මේක මැද පෙරදිග ඉන්න අය ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන කාරණයක් කියලයි මට හිතෙන්නෙ.
    මොකද ශීත කාලෙට කොහොමත් හැමෝම පාවිච්චි කරන්නෙ උණු වතුර. ඊ ලඟට ආයෙ රස්නෙ කාලෙට හොට් කොල්ඩ් වෙනසක් නැහැ. මොන ටැප් එක ඇරියත් එන්නෙ උණු වතුර. මුලු අවුරුද්දම උණු වතුර නාන තරුණ පරම්පරාවට මොනව වෙයිද කියලා හිතන්නත් බැහැ.

    ReplyDelete
  10. @Luckey Ayya,
    ඔව් ඔබ කිව්ව කාරණය සමග මාත් එකගයි. මාත් දන්න කීප දෙනෙක් ඉන්නවා මැද පෙරදිග. බබාල නෑ. එක්කෙනෙක්නම් ලංකාවට ආවා බබෙක් හදාගන්න . වෛද්‍යවරයා උපදස් දීලා තියෙනෙවා කවදාවත් බබෙක් හදාගන්න ලබෙන එක්කක් නෑ රට ඉන්නකම් කියලා. මෙහේට ඇවිත් වසරක් විතර ගියාට පසු දැන්නම් ඉන්නවා බබෙක්.

    ReplyDelete
  11. නිතරම ලැප්ටොප් ලැප් එකේ තියාගෙන සහ මොබයිල් දුරකතන කලිසම් සාක්කුවේ දමාගෙන ඉන්න තරුන කෙනෙකුට මම මේ කාරනාව ගැන කීවා. එය වහාම නවත්වා දමනවා යයි කී බව ඔබට දන්වන්නේ සතුටිනි.

    ReplyDelete
  12. I heard that some fruits and vegetables increase the production of sperm. cane You name few Ayurvedic recommendations?

    ReplyDelete
  13. පහුගිය සතියේ මට කමෙන්ට් දාපු හැම කෙනෙක්ටම බොහෝම පිං. මම වැඩ ගොඩක් හිරවෙලා ඉන්න ගමන් තමයි මේ දෙවල් කලේ. ඒත් ඔබේ කමෙන්ට් මම කියවූවා. ඔබ මාව දිරිමත් කලා. එහෙම නොවෙන්න මට ලියා ගන්න විවේකයක් තිබුනේ නැති නිසා මේවා නොලිය වෙන්න ඉඩ තිබුනා. නැවතත් ඔබට ස්තුතියි.

    ReplyDelete
  14. ලිපි පෙලම කියෙව්ව..ගොඩක් වැදගත්..

    ReplyDelete
  15. ශුක්‍රාණු එක දිගටම හැදෙන එක වෙනවා. හැබැ‍යි කල් පැවත්ම පැ‍ය 72‍යි. ඒ කි‍යන්නේ ‍යම් වෙලාවක එක එක මට්ටමෙන් පරිණත වූ ශුක්‍රාණු ති‍යෙනවා කි‍යන එක‍යි. එහෙම නැතුව එක සෙට් එකක් ඉවර වුණාම අ‍යේ හැදෙනවා කි‍යන එක නෙවේ නේද? මොනවා වුනත් හොඳ එකක්. දිගටම ලි‍යන්න. ජ‍ය!

    ReplyDelete
  16. ඔබ තුමාට කියන්න පුලුවන්ද හැගීම් නැති වෙන එකට ප්‍රතිකාරයක්

    ReplyDelete
  17. SFA test eke vitality nil kiyala pennanne. mekaa beheth karana ayurweda weda mahaththayek innawanm kiyanawada? loku udawwak

    ReplyDelete