Friday, June 3, 2011

ඔබ සැමට මගේ ස්තුතිය!!!!!!

ගොඩක් අය මේ වගේ දේ කරන්නේ යම් සංධිස්තානයකදී ඒ කියන්නේ 100 පෝස්ට් එක වැනි. ඒත් මම විශ්වාස කරනවා යමක් කල යුතු නම් ඒක කලයුතු තැන කල යුතුයි. මම තව කල් බලන් ඉන්න තරම් නැහැ. කලයුතුදේ කලයුතුයි.

මේ කෙටි සටහන මට ඉතා වැදගත්. මම මේක ලියන්න හිටියේ අද නෙමේ. තව ටික දවසක් ගිහින්. මොකද මගේ බ්ලොග් ඉතිහාසයට තාම මාස1 1/2 ඒ කියන්නේ මම අප්‍රේල් 02 විතර මේක පටන් ගත්තට සින්ඩියක ලියාපදිංච් වෙලා, හරියට මේ වැඩේ පටන් ගත්තේ අප්‍රේල් 20 පහුවෙලා.
මම මුලින්ම කියලා තියනවා මම ඇයි බ්ලොග් ලියන්නේ කියලා.

මෙතනදි මම බලාපොරොත්තු නොවුන දෙයක් සිද්ධ වුනේ. අළුතෙන් මේ කාර්යය පටන් ගත්ත කෙනෙක්ට කොහොමත් මාස හයක්වත් යනවා සැලකිය යුතු රසිකයන් ගනනක් එකතු කරගන්න.

නමුත් මට මුල ඉදලම දිනකදී 100 හෝ ආසන්න ගනනක් රසිකයින් සිටියා. මම හිතන්නේ ඒ මට මුල්ම කමෙන්ට් එක දුන්න දුකා නිසා. තව කකා මගේ බ්ලොග් එකට ඇවිත් මොනවා හරි ලියලා යන්න ගත්තා ඒක මට ලොකු හයියක් වුනා. ඊලගට ජ්‍යෝතිෂලංකා, පොඩිගමයා. හැමදාම මොනවාහරි ලියපු ගිම්හානි, තව මගේ නොදැකපු මිත්‍රයා මාතලන් මේ අය නිතරම වගේ ඇවිත් ගියා මොනවා හරි කියලා.

ඒක මට ලොකු හයියක් වුනා. මම මුලින්ම කමෙන්ට් ගැන ලොකු බලාපොරොත්තු තිබ්බ කෙනෙක් නෙමේ. ඒත් ඒක මට ලොකු ශක්තියක් වුනා.

මේ අතර තව නොයෙක් දෙනා විටින් විට මට නොයෙක් දේ කිව්වා ඒ හැම මගේම සොයුරන්.
මට කාව හරි නම නොකියා මගහැරුන නම් ඒ අය මගේ හදවතින්ම පුදනවා. ඔබට මම හිස නමා ආචාර කරනවා. මගේ බ්ලොග් එක කියවපු හැමට ස්තුතියි.

දැන් මේ අය අතර සුවිශේෂී තව දෙන්නෙක් ඉන්නවා. එක් අයෙක් මාරයා මල්ලී. ඔබ දන්නවා මම බ්ලොග් කරනයට එන්න ලොකුම හේතුවක් උනේ ඔබයි.

ඔබ ඊයේ මගේ බ්ලොග් එක බස් එකට නග්ග ගත්ත නිසා මම හිතන් හිටපු මාස හයකදී විතර කරන්න තිබුනු දේ දැන්ම කරන්න උනා.

ඊලගට මම කියන්න ඕනෙ. ඉන්දි ගැන ඉන්ද්‍රජිත් සමරජීව. මම හිතන්නේ ලංකාවේ බ්ලොග් ආරම්භකයන් දෙතුන් දෙනාගෙන් කෙනෙක් චානකගේ ලිපි අනුව මට ඒක තේරුනා.
මම කීප වතාවක්ම ඊමගින් කල කරදර ඉවසමින් මට අවශ්‍ය දේ කර දුන්නා. මබට තුති!!!!

ඔබ සැමට මගේ ස්තුතිය!!!!!!

13 comments:

  1. I see a significant percentage of the new generations is moving toward the ancient traditional medicine.

    People are starting to respect it.

    But how many of us have the knowledge to find and recognize these plants that use in aurvedha??

    Why don't you consider starting a place where people can find details about herbal medicine, their description and their image etc.

    ReplyDelete
  2. Dear friend,
    You are correct, We have place like that. That is navinna ayurvedic research institute. But the thing is they are doing all, exept research. Then what can we do?

    ReplyDelete
  3. ඇත්තටම අපියි ස්තූති කරන්න ඕන..අපට කියවන්න දෙයක් දෙනවට...

    මුල්ම කාලෙදි මම කලේ කියවන එක විතරයි..ඒක පිස්සුවක් වගේ උනා..එක දිගට අහුවෙන හැම බ්ලොග් එකම වගේ කියෙවුවා..ඉට පස්සේ ලියන්න ගත්තා..ඒකත් කොයි තරම් පිස්සුවෙන් වගේ වෙච්ච වැඩක්ද කියලා කියවන කෙනෙකුට තේරෙනවා..පස්සේ ලියන ගමන් කියවන එකත් සමබරව කරගෙන ගියා..දැන් ආයෙමත් මට ඕන කියවන්න..ඒත් ඇවිත් බැවවහම එදාට වඩා අද බ්ලොග් සෑහෙන්න තිබුනා උනාට කියවන්න ලැබෙන දේවල් ගැනනං එදා තරමටම අද සතුටක් දැනෙන්නේ නැහැ..සමහර බ්ලොග් හත අටක්ම ගත්තත් එකම දේ..එකම විදියට.. නමක් ගමක් විතරයි වෙනස්..

    එහෙම තියෙද්දී ඔබ වගේ කීපදෙනෙක් ඇවිත් කියවන්න දඟලන මට ඒකට ගැලපෙන යමක් දීම හුගාක් වටින දෙයක්..ස්තූති ඕනම නැහැ..තව ටිකක් වැඩිපුර ලියන්න ඒක තමා හොඳම දේ...බොහෝම ස්තූතියි මගේ නමත් මේකේ පටලවලා දැම්ම එක ගැන...

    ReplyDelete
  4. ඔබතුමාටද අපගේ හදපිරි ස්තූතිය.ඔබගේ බ්ලොගයේ කිසිම කෙනෙකුගේ comment එකක් නැති අවදියකයි මා එම බ්ලොගයට සම්බන්ධ උනේ.මෙය මා දුටු මොහොතේම මට වැටහුනා ඔබතුමාගෙන් අපට ,සමාජයට දැනීම් සම්භාරයක් ගතහැකි විශ්වකෝෂයක්
    බව.අනිත් අය එනතුරු ඔබව දිරිමත් කිරීමටයි මා දුවල ඇවිත් වදනක්
    සටහන් කලේ.ගොඩාක් සතුටුයි.

    ඉදිරියටත් අප වෙනුවෙන් හරවත් ලිපි ලියන්න ඔබට ධෛර්ය
    ලැබේවා!!

    ReplyDelete
  5. ඔබේ දැණුම් සම්භාරය බෙදාගනිමින් ගෙන යන මේ බ්ලොග් එක බෙහෙවින් වැදගත්. දිගටම මේ සද්කාර්යයේ යෙදීමට සුභ පැතුම්.

    ReplyDelete
  6. ඔයා වගේ කෙනෙක් බ්ලොග් එකක් ලියන එකට අපි ස්තූති කරන්න ඕන.ඔයාගේ පැමිණීමත් සමඟ බ්ලොග් අවකාශයේ තිබූ විශාල හිඩැසක් ඉවත් වුනා.මමත් වැඩි සම්බන්ධතා පවත්වන්නේ මගේ හිතට අල්ලන බ්ලොග් සමඟයි.ඒත් බ්ලොග් අවකාශේ අපි හැමෝම එක පවුලක් වගේ.ගැටවර පාසැල් සිසුවකු ලියන බ්ලොග් එකකින් පවා අපේ ජීවිතවලට යමක් ගන්න පුළුවන්.ස්තූතියි මා ගැනත් සදහන් කලාට.

    ReplyDelete
  7. තමුන්නැහෙගෙ ලියවිල්ල හරි වටිනවා. අපේ මිනිස්සුන්ට තිබුණු වෙදකම නැතිවෙන තැනට කරුණු සිද්ධවීම රටට වෙච්ච බරපතල් හානියක්. මේ දේවල් දන්න කියන උදවිය ඉදිරිපත් වෙලා අඩුතරමෙ මෙව්ව ගැන දල අදහසක්වත් දෙන එකෙන් හිතන මතන ගැටවුන්ට ඒවයෙ වටිනකම ගැන තේරුමක් එන්නෙ නැතැයි.

    ReplyDelete
  8. මේ වගේ දෙයක් කොරනවා කියන්නෙ, සේවයක් නෙමේ පින්කොමක්. මම හිතන්නේ මාරයගේ පබ්ලිසිටි වැඩසටහන යටතේ වෙද මහත්තයටත් පබ්ලිසිටි එකක් දිය යුතුමයි. මොකෝ දොස්තර නෝනට දීපූ පබ්ලිසිටි එකට නෝනට දැන් ලෙඩ්ඩු පිරිල, එයාලට බෙහෙත් දෙනව මිසක් අලුත් පෝස්ට් දාන්නත් වෙලාවක් නෑ වගේ.

    අපිට නැතත්, ඔබ තුමා ලඟට එන හැම ලෙඩාටම දොස්තර නෝන වගේ පෙනඩොල් එකක් හරි දෙන්න. එතකොට තවත් ලෙඩ්ඩු එයි.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්සයි, නිවාරණයි..

    සුභ අනාගතයක්..!!!

    ReplyDelete
  9. @මාතලන් අයියා,
    මසුරන් වටින කියමන් ටික..මටත් මේ කියා ගන්ට බැරුව හිටියෙ.
    මෙතනත් ඉස්පිරිතාලෙ වගේ වේද??(විහිලුවක්)
    කාලාන්තරයක් බලා ඉන්ට බෑ ඕං.

    ReplyDelete
  10. නලිනි කියන්නේ ගොඩක් වැඩ ඇති කෙනෙක්. ඇය ඔබගේ සතුට දැනුම වෙනුවෙන් ඉදිරියට ලියාවි. ඒ ගැන මම දන්නවා. මොකද මටත් මොනතරම් වැඩ තිබුනත් පොතක් නොකියවා, මොනවත් නොලියා ඉන්න හරිම අමාරුයි. ඒ නිසා ඇය දිගටම ලියයි.
    මම ආයුර්වේද වෛද්‍යවරයෙක් විදියට මට පුළුවන් ටරම් කල් මේ බ්ලොග් සටහන් තබනවා දැන් ඒක මගේ දැඩි වගකීමක් වෙලා. ඔබ සැමට මම කියා සිටිනවා කිසි දිනයක් මගේ වෛද්‍ය කටයුතු ගැන ප්‍රචාරය කරන්න මම මේ බ්ලොග් අවකාශය යොදා ගන්නේ නැහැ.
    ස්තුතියි.

    ReplyDelete
  11. මට පේන්නේ වෙද මහත්තය මම කිව්ව කාරනේ වැරදි විදියට වටහගෙන වගේ. මම කිව්වේ හැම කොමෙන්ට් එකටම රිප්ලයි එකක් දාන්න කියන කාරණාවයි..

    ReplyDelete
  12. අනේ නැහැ. එහෙම දෙයක් හැගුනානම් සමාවෙන්න ඕනෙ. දන්නෙ නැත්ද අපි ජීවත් වෙන්නේ පොල් කඩලානේ. ඉතිං කාලෙ හරි අමාරුයි සොයා ගන්න. ඒකයි අපි කාටත් එහෙමනේ.

    ReplyDelete
  13. වෙනස් ආකරෞයක් බ්ලොග් අඩවියක්.... අද තමා මුලින්ම ගොඩ වැදුනේ... කොනක ඉදන් කියවගෙන යන ගමන්.

    මගේ බ්ලොග් එකෙත් මේ අඩවියට සබැදියාවක් එක් කලා.... දිගටම කරන් යමු අයියේ....

    ReplyDelete