Monday, June 20, 2011

සඳවට රන් තරු...... අංක 02 (මඳසරුභාවයේ කථාව.)

මගේ කලින් ලිපියේ දෙවනි කොටස අද ඔබට දෙනවා.
දැන් මට මේ ආපු කමෙන්ට් ටික මම ගොඩක් අගය කරනවා. හැමෝටම ස්තුතියි. බලපු ඔබත් මගේ ධෛර්ය්‍ය වැඩි කලා. ඔබට යමක් දෙන්න ලැබුනා නම් මට ඒ ඇති.

ඇත්තටම ගත්තොත් මම මේ ඉන්නේ මෙහෙම බ්ලොග් ලියන්න පුළුවන් වෙලාවක නෙමෙයි. මම තව වසර දෙකකින් මගේ අධ්‍යාපන කටයුතු අවසන් කරනවා. දැනටත් එක වසරක් ගෙවිලා ඉවරයි. ඉතිරි වසර දෙක මට වැඩ උපරිමයි. ඒ කොහොම වුවත් මම මේ බ්ලොග් කෙරුවාව නම් දැන් අතහරින් නැහැ.

අපි දැන් බලමු ලෝකයේ ජනගහනය වැඩි වෙනවද කියන කාරණය. ඔව් තාමත් ලෝකයේ ජනගහනය වැඩි වෙමින් තියන්නේ. එහෙනම් මොන කෙහෙම් මලටද අපි බය වෙන්නේ? නැහැ අපි බය විය යුතුයි. මොකද ප්‍රධාන ප්‍රශ්ණ කීපයකට අපිට මුහුන දෙන්න වෙලා.

1. ලෝකයේ ජනගහනය වැඩිම වේගයකින් වැඩි වුනේ 70 - 80 දශක වල. ඒකට හේතු වුනේ බටහිර වෛද්‍ය විද්‍යාව ක්‍රමයෙන් ලබා ගත්ත දියුණුව උපරිමව දැනුනේ මේ කාලයේ කියන එක සහ මේ කාලයේ ලෝකයේ වෛද්‍ය විද්‍යාව වෙලදාමක් කියන මට්ටමට ඇවිත් තිබුනේ නැති නිසා.

2. ලෝකයේ දුප්පත් රටවල සහ දියුණු රටවලත් සමාජය මෙතරම් සංකීර්ණ වී නොතිබීම.

3. රසායන විද්‍යාව 60 දශකයේ ලැබූ දියුණුව නිසා, නව පලිබෝධ නාශක, පොහොර වරග, හොද බීජ නිපදවා ගැනීමට ලැබීම නිසා අස්වැන්න වැඩි වීම.

මෙවැනි තවත් නොයෙක් හේතු මේ සඳහා බලපෑවා.

නමුත් මේ ස්වර්ණමය යුගය දැන් ඉතා සීග්‍රයෙන් පිරිහෙනවා. ඔබ දන්නවා අද කෙරෙන පර්යේෂණවල ඉලක්කය වන්නේ මුදල්. ඉතාම හොඳ පරමාර්ථ වලින් කෙරෙන පර්යේෂණත් තියනවා. ඒත් ඒවට තියන බාධා වැඩියි.

කොහොම හරි දැන් අඅපි හිතන දේ නෙමෙයි වෙලා තියන්නේ තාමත් ප්‍රස්ථාරෙ වර්ධනයක් පෙන්නුවට මේ වර්ධන වේගය අඩු වෙලා. මේකෙ නියම ප්‍රථිඵල පෙන්නෙ තව දශක කීපයකින්.

මම පෙන්නලා දෙන්නේ මෙන්න මේ කාරනයයි.

ඔබට මම කියන දේ බලාගන්න පුළුවන් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියොත්.

අපි දැන් බලමු පුද්ගලයෙක්ගේ සරුභාවය සඳහා වැදගත් වෙන සාධක ගැන.

ප්‍රධානම සාධකයක් තමයි වයස කියන සාධකය. සාමාන්‍යයෙන් පුරුෂයෙක්ට නම් මේ වයස කියන සාධකය එතරම් බලපාන්නේ නැහැ. නමුත් අවුරුදු 45 - 50 විතර ඉදලා ඉතාමත් සෙමින් සරුභාවය අඩු වීමක් පෙන්වනවා. නමුත් ඒක ඉතාම සුළු වශයෙන්.

ඒත් කාන්තාවකට මේ සාධකය බලපාන්නේ වෙනස් ලෙසකට. කාන්තාවකගේ අවුරුදු 20 - 30 අතර වයස ඉතාම ඉහල සරු භාවයක් පවතින වසර කීපයයි. ඒත් 30 - 35 කියන්නේ සරුභාවයක් හොදින් තිබුනත් යම් අනතුරු දායකත්වයක් ඇති කාලයක්. ඒකට හේතු වෙන්නේ අවුරුදු 35 පසු කාන්තාවකගේ සරුභාවයේ යම් යම් අඩු වීම් ඇති වන්නට පටන් ගන්නා නිසයි.

මෙහිදී අවුරුදු 38 පස්සේ ඉතාම වේගයෙන් කාන්තාවන්ගේ සරුභාවය අඩු වෙනවා. නමුත් අවු 45 විතර වනතෙක් දරුවෙකු සාදා ගැනීමට හැකියාව තිබෙනවා. (මගේ පුද්ගලික මතය නම් අවුරුදු 42 විතර වන විට ඩිම්හවල සරුභාවය නැති වෙනවා.) මේ නිසා අපි දැන ගන්න ඕනෙ කාන්තාවක් අවුරුදු 38 වනවිට මේ දරුවන් හැදීමේ වැඩේ ඉවර කරලා සිටීමට.

අපි හැම දේම කරලා දරුවො හදන්න ගියොත් වෙන්නේ මොකද කියන එක දැන් පැහැදිලියි මම හිතන්නේ.

ඊලඟට අපි බලමු අපිට දරුවො හැදීමට යම් බාධාවක් තියනවද කියලා අපි තේරුම් ගන්නේ කොහොමද කියලා.

මේකට අපි මුලින්ම බලන්න ඔනේ අපේ වයස හා අපි විවාහ වෙලා ගත කරපු කාලය කියන එක.
මුලින්ම කියන්න ඕනේ මෙතනදි බලන්න ඕනෙ අපි විවාහ වෙලා ගත කරපු කාලයෙන්, කිසිම උපත් පාලන ක්‍රමයක් නොගෙන දරුවෙක් බලාපොරොත්තුවෙන් අපි ගත කල කාලය ගැන, සහ කාන්තාවගේ වයස කියන සාධක දෙක ගැන.
# අපි විවාහ වෙලා කාන්තවගේ වයස අවුරුදු 20 - 30 අතර නම් වසරක පමණ කාලයක් බලාගෙන සිටීම එතරම් ප්‍රශ්නයක් නෙමේ.
# ඒත් කාන්තාවගේ වයස අවුරුදු 30 වැඩි නම් මාස හයක් කාලයක් බලාසිටීම ප්‍රමානවත් කියන එකයි මගේ නම් කල්පනාව.

මේ දෙවල් වලට අමතරව අළුතෙන් විවාහ වීමට සිටින යුවලක් තමන්ගේ සරුභාවය ගැන යම් යම් පරීක්ෂණ තියනවා. එම පරීක්ෂණවලට තම පුද්ගලික වෛද්‍යවරයා මාර්ගෙන් භාජනය වීම නම් මම හිතනවා ඉතාම වැදගත් කියලා. මෙකෙදි බට හිර වෛද්‍ය විද්‍යාවට අනුව තාක්ෂ්ණික පර්යේෂ්න රාශියක් තියනවා.
වැදගත්ම කීපය මම කියන්නම්.

1. පුරුෂයෙක්ගෙ නම් ඉතාම වැදගත් ධාතු පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම. මේ අනුව අපිට නිශ්චිතවම කියන්න පුළුවන් එම පුරුෂයා මඳසරුභාවයේ පෙලෙන්නෙක්ද කියලා.

2. කාන්තාවකගේ නම් පරීක්ෂණ රාශියක් තිබෙනවා. එනම් හෝමෝන පරීක්ෂා, ආදිය.
අපි මේවායින් මූලිකම හෝමෝන පරීක්ෂාවක් වන වත් කර ගන්නවනම් අනාගතයේදී සිත් තැවුලට පත් වෙන්න අවශ්‍ය වන්නේ නැහැ.

මුලින්ම දැනගන්න ලැබුනොත් අපිට පුළුවන් මඳසරුභාවයට අදාල ප්‍රතිකාර මුලින්ම පටන් ගෙන ඉක්මනින් දරුවෙක් සාදා ගන්න. එහෙම නොවුනොත් වෙන්නේ කාලය , මුදල සහ තමන්ගේ මානසික විවේකය කියන වටිනා දේවල් නාස්ති වෙන එක.

දැන් අපි බලමු පුරුෂයෙක්ගේ මඳ සරුභාවය කොහොමද හදුනා ගන්නේ කියලා.
මේකට අපිට ඕනෙ වෙනවා තමන්ගේ ශුක්‍ර ගිනුම පරීක්ෂා කර ගැනීම. මේ ලැබෙන වාර්ථාව මත තමයි අවශ්‍ය ප්‍රතිකාර පද්ධතිය ගොඩනැගෙන්නේ.

ශුක්‍ර ගිනුමක් හදුනා ගැනීමට,
1. වරකට පිටවන ශුක්‍ර ප්‍රමාණය මි. ලී. 2-5 අතර වෙනවා.
2. ශුක්‍ර ගිනුමේ තිබිය යුතු ශුක්‍රානු සාන්ද්‍රණය මි.ලී. 1ට මිලියන 20 වැඩි විය යුතුයි.
3. මේ අතරින් ක්‍රියාකරී හොද චලනයක් දක්වන ශුක්‍රාණු ප්‍රතිශතය. ඉහත ප්‍රමාණයෙන් 50% වැඩි විය යුතුයි.
4. මුළු ජීවී ශුක්‍රාණු සංඛ්‍යාව සාමාන්‍යයෙන් ඉහත සාන්ද්‍රනයෙන් 75% ප්‍රමාණයක් ජීවී ශුක්‍රාණු තිබිය යුතුයි.
5. ශුක්‍රාණුවල 30% වත් හොඳ රූපවිද්‍යාත්මක නිවැරදි භාවයක් තිබිය යුතුයි.
මේ කියන අගයන් වලට ඉහලින් එම පුරුෂයාගේ ශුක්‍ර ගිනුම තිබුනොත් ඔහු ඉතා හොද සරු පුරුෂයෙක් බවට අපිට සහතික කරන්න පුළුවන්.


මට හිතෙනවා අදට මේ ඇති කියලා. හෙටත් තව කොටසක් කියන්නම්. මේ වැඩේ ඉවර වෙනකම්ම දිනපතා එනවා

15 comments:

  1. 1. ඔබ තුමාගේ මේ කැපවීම ඉතා වටිනවා. මේ ලිපියේ තියෙන දේ ගැන ගොඩක් අය හිතන්නේ තමන්ට වැරදුනාට පස්සේ.

    2. වැරදි දෙයක් කරනවානම් සමා වෙන්න. මාතෘකාවට ලඟින් යන මේ වීඩියෝව හුදු විනෝදය උදෙසාම මෙතන දන්නා උත්සාහ කරනවා.යම පමණකට එකේ තියෙන දේවල් ස්වභාවික තත්වයන්ට සමානයි වගේ.

    http://www.youtube.com/watch?v=lC_fLR2tn9A&feature=related

    ReplyDelete
  2. තවත් හොඳ ලිපියක් . . .

    කෘමිනාෂක අඩංගු ආහාර ගන්නා අද ලෝකයේ ජීවත් වෙන අපි බොහෝ අයට මේ ලිපිය ප්‍රයෝජනවත් වෙයි.

    දන්න කියන අය අතරේ බෙදා හරින්නම් . . .

    ඉතුරු ටිකත් හෙමීට ලියන්න . . .

    ReplyDelete
  3. බොහොමත්ම ස්තූතියි මේ දැනුවත් කිරීම් වලට.
    හප්පේ එහෙනම් ඉක්මනට බදින්න වෙනව 30 වෙන්නත් තව ඒ හැටි කලක් නෑ නෙව.

    හිතන්නකො අපිට අවශ්‍යයි කියල පිරිමි දරුවෙක්,ඒ වෙනුවෙන් ගන්න පුලුවන් විශේශ ආහාර පාන තියනවද?ඒ කියන්නෙ පිරිමි දරුවෙක් ලැබෙන්න උත්තේජයක් වෙන ආහාර පාන?මම් පත්තරේක දැක්ක එහෙම දෙයක් කියල තියනව, අයුර්වේද දොස්තරනෝනා කෙනෙක්.එයා මේ මදසරුභාවයට ප්‍රතිකාර කරන ගොඩක් ප්‍රසිද්ධ කෙනෙක් මගෙ මතකෙ හැටියට.

    ReplyDelete
  4. තවත් වැදගත් ලිපියක්.. මද සරු බව ඇතිවෙන්න හේතු ගැනත් ටිකක් කියන්න.. මම අහලා තියෙනවා සමහර ආහාර වර්ගත් මේ සඳහා බලපානවා කියලා.. ඒ එක්කම වැරදි පුරුදුත්...

    මද සරු බවට සම්බන්ධයක් නැති උනාට, අර විසේ වැඩි පිරිමින්ට අලු කෙසෙල් දෙනවා කියන්නේ...හික්ස්.. ඒ වගේ මේ චක්‍රයට බලපාන තව ආහාර පානත් ඇති නේද...

    ඇත්තටම ඔබේ බ්ලොග් එක දැනුම උල්පතක්.

    ReplyDelete
  5. මා විසින් අසන ලද ප්‍රශ්න සියල්ලටම ඉතාමත් පැහැදිලි
    සාර්ථක පිලිතුරු ලැබුනා. බෙහෙවින් ස්තුති ඔබතුමාට.
    ජය

    ReplyDelete
  6. thank you lot sir!!we are waiting till the next part.

    ReplyDelete
  7. පින්සිද්ධ වෙනව මේ කොරන වැඩේට.. මමත් දන්න අය හැමෝටම කියල තියෙන්නෙ වෙද මහත්තය ගැන...

    ඒ උනාට දෙහදක් අතර ඇතිවන ආදරයට ඔය සේරම යටයි නේ..?

    මම දන්නව මාත් එක්ක වෙද මහත්තය අමනාප නොවන වග.....

    ReplyDelete
  8. ගොඩක් ස්තූතී ලිපියට,,,ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් බ්ලොග් එකක්,,වෙද මහත්තයා,,මේ වගේ වැදගත් බ්ලොග්ස් ඇවිල්ලා ටික දවසකින්ම නවතිනවා එයලගේ කාර්යබහුල බව හින්දා,,කාලයක් බ්ලොග් එක්ක ඉන්න ලැබේවා කියලා පතනවා!!

    ReplyDelete
  9. මගේ ප්‍රශ්නවලටත් පිලිතුරු ලැබුනා, ස්තූතියි, වෙදමහත්තයාට;

    තව යෝජනවක් කරන්න තියෙනවා, එයනම්;
    හැකි වෙලාවට විකල්ප ප්‍රතිකාර-Alternative therapies ගැනත් ලිපි පෙලක් ලියන්න.මෙය ලාකික අනන්නයතාවය තිබෙන තැනක්.

    දයල් බතී ලියන්න පටන්ගත්ත දවස්වල ලියන ලද විකල්ප ප්‍රතිකාර-Alternative therapies ගැනබ්ලොගයක්.

    http://dayal-bathee.blogspot.com/2010/09/urine-therapy-moraji-deshai-and-john.html

    ReplyDelete
  10. ඔබතුමාගෙ ඊලග ලිපිය ලියන්නට පෙර තවත් ගැටළු කීපයක්
    නිරාකරණය කරගන්න හිතුවා. මට සමාවෙන්න ඕන මා ඔබතුමාට කරදර කරනවාදෝ කියලත් සිතෙනවා. ඒත් මා මේ පැන පැන ප්‍රශ්න අසන්නේ මා වෙනුවෙන් නොවේ. කාට හෝ කෙනෙක්ට යහපතක් වේවි කියලා සිතලා. ඔබතුමා මේ කරගන්නවූ පිනෙන් ඔබලාගේ ඉදිරි අනාගත පැතුම ඒ අකාරයෙන්ම ඉටු වෙන්නටත් පතනවා.

    1.සමහර පවුල් වල පලමු දරුවාගෙන් පසු දෙවන දරුවෙක්
    බලාපොරොත්තු උනත් ඔවුන්ට ඊට පසු කවදාවත් පිලිසිද
    ගැනීමක් වෙන්නෙ නෑ. මෙසේ වන්නේ ඇයි???
    2.සමහර අයට පලමු දරුවා බිහිවී දෙවන දරුවෙක් ..බලාගෙන සිටියත් පිලිසිද ගැනීම් සිදුවෙන්නේ නෑ.
    .වසර 15-16 ගියාට පසු මෙන්න දෙවියෝ දුන්න වගේ
    දරුවෙක් . මෙසේ සිදුවෙන්නේ .. කුමක් නිසාද? මෙතනදී ..ලොකු අපහසු තාවයකට පත් වෙනෙවා නේද?
    ඒ වගේම පලමු දරුවා මේ වෙනකොට වැඩිවියට පත් වෙලා නිස පවුල් තුල ගැටුම් ඇති උන අවස්ථා අසා තියෙනෙවා.


    ස්තූතියි

    ReplyDelete
  11. ඔන්න ඒකත් කියෙව්වා..සහ බෙදලා හැරියා...

    ReplyDelete
  12. ඔබ තුමා අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වෙනවා.ගොඩක් ස්තුතියි. බ්ලොග් කියවන්න ගිහින් අතපසු වෙන වැඩ ටික දැක්කම ඔබ තුමා මේවා ලියන්න මොනතරම් කැපකිරීමක් කරනවා ඇතිද කියලා හිතෙනවා.පවුලේ හැමෝටම හොඳ ඉවසීමක් ඇති නේද? ඒ හැමෝටම ස්තුතියි.

    ReplyDelete
  13. පොඩි ගැටළුවක් වෙද ගෙදරට ආපු මට. // ඔබ දන්නවා අද කෙරෙන පර්යේෂණවල ඉලක්කය වන්නේ මුදල්// යන්නට ඔබ එළඹුනේ කොහොම ද?

    ලාභ සෙවීමේ අරමුණින් වන පර්යේෂණයක දී දිගු කාලීන අනගිත්වය සොයා යෑමෙන් මිස දිගු කාලීන ලාභයක් ‍ලබත නොහැකි බව ‍පෙන්වා දෙන්නේ ලෝකය සපයන භාණ්ඩ හා සේවා දිහා බැලුවම. අනගිත්වයෙන් නිපදවන භාණ්ඩ හා සේවා සඳහා හැමදාම ලාභ උපයත හැකියි. අනගිත්වයෙන් තොර ගුණ්ඩු වලින් ලබන්නෙ කෙටි කාලීන වාසි පමණි. කවුරු කොහොම කිව්වත් දිගු කාලීන ලාභ සොයන්නෝ විසින් හැම දා සොයා ගියේ අනගිත්වය මිසක කෙටි කාලීන වාසි නොවන බව ඕනෑම භාණ්ඩයක් හෝ සේවාවක් දිහා බලා තමන්ට අවබෝධ කරගන්න පුළුවන් නේද? එහෙම නම් අද කෙරෙන පර්යේෂණ වල ඉලක්කය වන්නේ මුදල් බව සැබෑ වූවාට ඒ මුදල් හොයන්නට හැකියාව ඇත්තේ අනගිත්වය සොයා යෑම පමණින් නිසා බව කීමත් අමතක කළ නොයුතු ය. නැත්නම් මුදල් සෙවීම නරක වැඩක් කියලා මිනිසා මුදල් සෙවීමට නොගොස්, ලාභ සොයන්නට නොගොස්, අනගිත්වයත් පාවා දී නිකම් ඉන්නට පුරුදු වෙනවා.

    එතකොට පෙර හෝ අපර දෙදිගම විද්‍යාවේ දියුණුවක් ඇති වෙන්නෙත් නැහැ.

    ඉතිරිය නම් හරි අගෙයි. ජය වේවා!

    ReplyDelete
  14. අරුණි ශපීරෝ,
    මම බොහෝ ගරු කරන චරිතයක් ඔබ. ඔබගේ බ්ලොග් අඩවිය මම කියවන්නේ හොදටම නිවාඩු තිබෙන විටක පමනයි. එය නිකම් ආවාට ගියාට කියවිය හැකි බ්ලොග් අඩවියක් නොවෙයි. එතරම්ම මට නම් වටිනවා.
    ඔබ මට කෙටි සටහනක් හෝ දැමීම ගැන මගේ අවංකම ස්තුතිය ඔබට හිමි වෙනවා.

    මා මෙහිදී පැවසුයේ මේ වන විට ලංකාවේ තත්වයයි. මේකට හොදම උදාහරනය සහල්වල ආසනික කථාව. ලංකාවෙදි පර්යේෂණ කියන්න්නේ කාට හරි වාසි වෙන දේට විතරයි. ඒකෙන් අවසානයට මුකුත් නොලැබුනත් කමක් නැහැ. මම දන්න සමහර පර්යේෂ්න තිබෙනවා ඒවා එයාල කරන්නේ මුදල් ටික ගන්න විතරයි. හැමදාම පර්යේෂණ. අවසාන ප්‍රතිඵලයක් නැහැ. මෙවැනි දෙ අපමණයි. හොද පර්යේෂණත් හොද පරමාර්තත් තිබෙන අය සිටිනවා. හැබැයි ඔවුන්ට තිබෙන බාධා අපමනයි.
    ඔබේ පැහැදිලි කිරීම මමත් 100% අනුමත කරනවා.

    ReplyDelete
  15. එහෙම පර්යේෂණ නේද? හපොයි!! කියලා වැඩක් නෑ නේන්නම් ඒවා ගැන. :)

    ReplyDelete