Wednesday, June 29, 2011

දිව ඔසු අංක 01 සුදුලූනු

පසුගිය සති දෙක ඉතාම වැඩ අධික කාලයක්. ඒත් ඉදිරියට කාලයත් එහෙමයි වගේ. වැඩ යෙදෙන්නේ ඒ පැත්තට බව මට දැන් ටික ටික පේනවා. මගේ දින චරියාව ආරම්භ වෙන්නේ 5.30 ඉදලා. නැවත නින්දට යන්නේ බොහෝ වෙලාවට 12- 12.30 විතර වෙලා. අනික මම නිවාඩු ගන්නේ මාසයකට දිනයයි. ඒ පෝයට විතරයි. ඉතිං දැන් මේක මගේ ජීවිතේ වෙලා. දැන් අවුරුදු ගානක්ම කරලා ඇගට පත්තියන් වෙලා තියන්නේ. වැඩක් නොකර ඉන්න බැහැ වගේ.

අද අපි බලමු අළුත් වැඩක්. මම හිතන් හිටපු දෙයක්. ඖෂධ ශාක හදුන්වා දෙන්න. මේවන විට මම ආයුර්වේදය, බුදුදහම, ඉතිහාසය වගේ මාතෘකා කථා කරලා තියනවා. අදින් පසු විවේක තියන විදියට ඔබට අවශ්‍ය වන ශාක ගැනත් ලියන්න හිතන් ඉන්නේ. ඔබ ඉල්ලන්න ශාඛ මම ඒවා ගැනම ලියන්නම්. ඉල්ලුමේ හැටියටයි සැපයුම.

මෙන්න අංක 1

සුදු ලූනු

උද්භිද විද්‍යාත්මක කුලය - රසෝන කුලයට අයත්ය. Alliaceae

උද්භිද විද්‍යාත්මක නාමය - Allium sativum Lin.

වෙනත් නම්-
1. රසෝන - රස ඌන හෙයින් රසෝන නම් ලබති. එනම් අම්ල රසය හැර අනෙක් ලවන, කටු, තික්ත, ක්ෂාය, මධුර යන රසයන් පහ යුක්තය. (අම්ල රසය ඌන හෙයින්.)
2. ලශුන - රෝගයන් සිඳ බිඳ ලන හෙයින් ලශුන නම් වෙයි.
3. උග්‍ර ගන්ධා - සුදුලූනුවල සංයුතියෙන් වැඩි ප්‍රමාණයක් 40% පමණ ගන්ධක අඩංගු නිසා මේ නම ලබයි.
4. මිලේච්ඡකන්ධ - සුදුලූනු යනු බටහිර රටවලින් අප වැනි රටවලට සංක්‍රමනය වූ ශාකයකි. අතීතයේ අපේ පැරැන්නන් බටහිර රටවල ජනතාව සැලකුයේ ඉතා මිලේච්ඡ අය ලෙසයි. එම නිසා මිලෙච්ඡයන්ගේ රට වලින් රැගෙන ආ ස්කන්ධයන් යන තෙරුමින් මෙසේ හැදින් වූහ.
5. යවනේෂ්ට - ග්‍රීක් ජනයා ප්‍රිය කල හෙයින්.


ඉංග්‍රීසි භාෂාවෙන් - Garlic

ඉතිහාසය
1. වේද ග්‍රන්ථවල විශාල තොරතුරු ප්‍රමානයක් ඇත. සුශ්‍රැත සහ කාෂ්‍යප සංහිතාවලද නොයෙක් විස්තර අඩංගු වේ.
2. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
3. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.
4. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.
ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි.

සුදුලූනු උපත
1. ඉන්ද්‍ර දේවියට දරු උපත් නැති වූ නිසා ඉන්ද්‍ර ඇයට අමෘතය පෙවීය. ඇය එය ඉතා සැර බැවින් ඔක්කාර කලාය. එසැනින් යම් ප්‍රමාණයක් බිම වැටුනි. ඉන් සුදුලූනු ඉපදවිනි. අපවිත්‍රව තිබූ බිමකට වැටුනු බැවින් ඉන් හටගත් සුදුලූනු ගන්ධයකින් යුක්ත වීය.
2. සුරා සුර යුද්ධයේදී අමෘතය පහල වූ වහාම රාහු අසුරිදු එය පානය කලේය. එවිට විෂ්ණු උහුගේ ගෙල සිඳලීය. ගෙල සිදි තැනින් වැටුනු අමෘතය නිසා සුදුලූනු ඇති විය.
3. මෙවැනිම බටහිර ප්‍රචලිත මිත්‍යා කථා අනුව, සාතන් ආදම්ගේ උයනෙහි ගමන් කරත්දී ඔහු වම් පය තිබූ තැනින් සුදුලූනුද, දකුණු පය තිබූ තැනින් රතුලූනුද පහල විය.
6. ක්‍රි.පූ. 3000 පමණ බැබිලෝනියන් වරු බලගතු ඖෂධයක් ලෙසත් ආහාරයක් ලෙසත් ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ.
7. බල්ගේරියානු ජනයා වසර 100 වඩා අධිකව ජීවත් වේ. ඔවුන් ඉතා තදින් සුදුලූනු වලට ඇබ්බැහි වී ඇති බැවින් එසේ වන බව ඔවුන්ගේ පිලිගැනීමයි.
8. ඊජිප්තු වැසියා අතීතයේ සිට සුදුලූනු ඉතා බලගතු ද්‍රව්‍යයක් ලෙස සැලකූහ.
ලෝකයේ සිදු වූ පලමු වැඩ වර්ජනයට හේතු වූයේද පිරමිඩ කම්කරුවන්ට නිසි පරිදි අවශ්‍ය සුදුලූනු ප්‍රමාණය නොලැබී යාමයි.

අඩංගු රසායනික උපාදාන.
1. විටමින් vitamins
2. මාංසජනක ධාතු 4 1/2% සිට 6 1/2, දක්වාද, Proteins
3. කැල්සියම් Calcium
4. කාබෝහයිඩ්‍රේට 28% -30% Carbohydrates
5. පොටෑසියම්/ පොස්පරස් Potassium/ Phosphorus
6. වාෂ්පශීලී තෛල පදාර්ථ ගන්ධක වලින් යුතුයි. Sulphur


ඖෂධවේදීය ක්‍රියාකාරීත්වය.
1. බැක්ටීරියා නාශක. Antibacterial
2. ගර්භාෂ උත්තේජක. Uterine Stimulant
3. දිලීර නාශක. Antifungal
4. ප්‍රතිප්‍රධාහකාරක. Anti-inflammatory
5. රුධිර සීනි මට්ටම අඩු කරන Hypoglycemic
6. සංධිප්‍රදාහ නැති කරයි. Anti arthritic
7. රුධිරයේ ලිපිඩ ප්‍රමාණය අඩු කරයි. Hypolipidaemic
8. ප්‍රතිකැටිකාරක. Anticoagulant
9. ප්‍රෝටීන අඩු කරයි. Hypoproteinemic
10.කොලෙස්ටරෝල් අඩු කරයි. Hypocholesteremic
11.රුධිර පීඩනය අඩු කරයි. Antihypertensive
12.පිළිකා සෛල නාශක Anticancer
13.වයසට යාම නවතයි. Antiageing
14.හෘදයට හිතයි. Cardioprotective
15.ප්‍රතිජීවී Antibiotic

සුදුලූනුවල ආයුර්වේදීය ගුණ.
ප්‍රජාස්ථාපනයි.
දරු සම්පත් ලබාදීමට සහ ගර්භයේ ආරක්ෂාවට ඉතා හොදයි. ශුක්‍ර ධාතු වර්ධනය, වාජීකරණ, ස්ත්‍රී බීජ වර්ධනයටත් හිත ද්‍රව්යයකි.

වයඃ කල්‍යානිය
එනම් ශරීරයේ පිරිපුන් පෙනුම ඇති කිරීම.

ජීවාණු නාශක ගුණය.
කාස, ශ්වාස, කාරක ජීවාණු විනාශ කරයි.

ආහාර ජීරණ පද්දතියෙහි.
බඩ ගින්න ඇති කරයි.

හිස කෙස්.
සුදුලූනු තෛලය හිසේ ගෑමෙන් හිස කෙස් වර්ධනය.

ස්වසන පද්ධතියේ.
සෙම ඉවත් කරයි.
සියළු ආකාර වාත රෝග වලට හිතයි. කුෂ්ඨ රෝග, මාන්දමට ආදි රෝගවලටද මෙය ගුණදායකයි.

සුදුලූනු ප්‍රයෝජනයට ගන්නා පිලිවෙල.
1. තදින් තැම්බීමෙන් ගන්ධක වාෂ්ප වී ගුණ හීන වේ.
2. ප්‍රතිශ්‍යා අවස්ථාවලදී සුදුලූනු බිකක් හක්කේ තබා හැපීමෙන් සහනයක් ලැබේ.
3. අධික ශීත විට සුදුලූනු හැපීමෙන් ශීත දුරු වේ.
4. රාත්‍රී ආහාරයෙන් පසු සුදුලූනු බික් කීපයක් තලතෙලින් බැද කෑමෙන් මහත් ගුණ දේ. නීරෝගී වේ.
5. මුත්‍ර හිරවුනු විට සුදුලූනු තලපයක් සේ අබරා ගෑම ඉතා ගුණ දායකයි.
6. උන රෝගීන්ට ඉතාමත් හිතයි.

සුදුලූනු වැලදීමට සුදුසු කාලය.
දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා කාලය ඉතා හොදයි.

වැලදිය යුතු මාත්‍රාව.

පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. නමුත් ග්‍රරෑම්ස් 240 සිට විවිධ වේ. තම කැමැත්ත අනුව ගැනීම වරදක් නොවේ.

27 comments:

  1. කොලෙස්ටරෝල් පාලනයටත් සුදුළුණු හොඳයි කියලා අහලා තියෙනවා.

    මම හිතන්නේ එදිනෙදා ආහාර වලට එක්කර ගන්න පුළුවන් ඒ වගේම පහසුවෙන් හොයා ගන්න පුළුවන් මේ වගේ ඖෂධ ගැන පැහැදිලි කිරීම ගොඩක් වටිනවා.

    මුලදීම නොවුනත් (බහුතරයකට අදාළ නැති නිසා), ප්‍රාණජීව ශාඛය (Desmodium gyrans) ගැන විස්තරයක් පල කරනවානම් සතුටුයි.මම අහල තියෙන විදියට දුර්ලභ ඖෂධීය ශාඛයක්. අහම්බෙන් ලැබිලා පැල කිහිපයක් වවා ගත්තත් වටිනා කම නොදන්නා කෙනෙක් ඒවා සහමුලින්ම විනාශ කර තිබුනා.

    ReplyDelete
  2. ඉතාම වටිනවා..බොහෝම ස්තූතියි

    ReplyDelete
  3. @වෙද මහතා : සමා වෙන්න කොලෙස්ටෙරෝල් ගැන සටහන මුලින් දැක්කේ නැහැ. :D

    ReplyDelete
  4. හැමදාම වගේ මරේ මරු... එතකොට අමෘතය කියන්නෙ සැර ජාතියක්නේ.... :-)

    ReplyDelete
  5. කට ගඳ ගැහැව්වට කරන්න දෙයක් නැහැ; දැන් ඉතින් සුදුලූනු කන්නම වෙනවා, වැඩියක්ම තිරිහන් වෙනවා යයි කියන නිසා.!

    ReplyDelete
  6. මේ පොස්ට් එකට නම් අදාල නැ.. එත් පුලුවන්නම් මට උදව් කරන්න... මම ගොඩාක් කෙට්‍ටු වෙලා.. මාස 2 , 3 කට කිලෝ 5 ක් විතර අඩු වෙලා මගේ බ්ලොග් එකේ නම් මම මේකට කරන්න ඕන දේවල් අහලා කරපුවා පොස්ට් එකක් දැම්මා... පුලුවන්නම් මහත් වෙන්න ( ගොඩාක් නෙමේ) කරන්න පුලුවන් වැඩ ටිකක් කියන්නකෝ

    ReplyDelete
  7. මම අහලා තියනවා සුදුළූණු කෑවාම දාඩිය ගඳ වැඩි වෙනවයි කියලා ඒක ඇත්තද?

    ReplyDelete
  8. සුඩු ලූනූ Gastritis වලට අගුනයක් නැද්ද ? මොකද සුදු ලූනූ කන්න ඔය විස්තරේ ටක්කෙටම දැන ගන්න ඕනෙ .

    අදික වැඩ රාජකාරි මැද මෙවැනි මිල කල නොහැකි තොරතුරු ලබාදීම පිලිබදවත් අපි මේ පල කරන කොමෙන්ට් හැම 1 ක කටම පිලිතුරු සැපයීම පිලිබදව ඔබතුමා ට ස්තුතියි .

    ReplyDelete
  9. වෙද මහත්තයා අළුත් වැඩකට අතගහලා... ගොඩ‍ක් සතුටුයි... වැඩ රාජකාරී මැද්දේ මේ කරන කැපවීම ගොඩාක් අගේ කරනවා. බොහොම ස්තුතියි මේ දැනුම බෙදා දෙනවාට

    ReplyDelete
  10. මේ බ්ලොග් එක නම් හරිම අගේ ඇති වටිනා බ්ලොග් එකක්..... ස්තුතියි අපිව දැනුවත් කරනවාට.

    සුදුළූණු වල Antioxident අඩංගුයි. මේ සුදුළූණු වල ගුණය හොඳින්ම ගැනීමට නම්, සුදුළූණු කපා විනාඩි 10 ක් වාතයේ තිබෙන්නට හැර අමුවෙන් ආහාරයට ගැනීම වැදගත් බව Alternative Medicine කරන සුදු දොස්තර මහත්තයෙක් මා සමග පැවසුවා.

    මේ ගැන ඔබේ අදහස කුමක්ද ?

    ඇල්කෙමියා

    ReplyDelete
  11. සුදුළූණු මී පැණි තුල මාසයක් දෙකක් පමන දාලා කනවා නේ ,,මේක කොලොස්ට්‍රෝල් වලට හොදයි කියලා මම අහලා තියනවා ඒක ඇත්තද

    ReplyDelete
  12. ඔබේ ලිපි රසවත්ව කියවා දැනුවත් වන්නට හැකි වැදගත් ලිපි පෙළක් ...මගේ වැඩසටහන් වල බොහෝ කැනේඩියානු ජාතිකයන් දැන් දැන් ආයුර්වේදීය ප්‍රතිකාර සඳහා දැඩි කැමැත්තක් දක්වනවා ..විශේෂයෙන්ම අසථි ආාධ සහ සම පිළිබඳව

    ලිපිය වැදගත් , තවත් තොරතුරු දැන ගැනීමට කැමැත්තෙන් ඉන්නවා ...

    ReplyDelete
  13. ඉඳුනිල්,
    ඔව් ඔබ කියලා තියන දේ හරි කොලෙස්ටරෝල් පාලනයට සුදුලූනු ඉතා හොඳයි. ප්‍රාණජීව ගැන ලියන්නම්.

    සමීර,
    ඔබගේ කමෙන්ටුව මගේ ධෛර්ය්‍යය වඩනවා.

    හරී,
    ඔව් මම හිතන්නේ අමුතය කියන්න ඇත්තේ මත් පැන් තමයි.


    ඩයාල් බතී,
    ඔබ වගේ අය සුදුලූනු කාල හරි නිරෝගීව තව කාලයක් ඉන්න ඕනෙ මේ රටට. කට ගද එනවට කරන වැඩ ඉදිරියේදී කියන්නම්.

    දේවා,
    මම හිතන්නේ ඔබ මුලින්ම පැය 12 නිරාහාරව ඉදලා, රුධිරයේ සීනි පරීක්ෂාවක් කරගතයුතුයි. ඒ කරලා මට කියන්න මම ඔබට අදාල උපදෙස් ඩෙන්නම්. ඔබේ ඊ මේලය මට දෙන්න.

    පූසා,
    ඔව් සුදුලූනුවල තියන විශේෂය තමයි මේ. මෙහි ගන්ධක එහෙම නැත්නම් සල්ෆර් තියන නිසා ඒ සල්ෆර් දාඩියත් සමඟ පිට වෙනවා. ඒ නිසා දාඩිය ගඳ එනවා.

    සමීර,
    මේක අම්ල පිත්ත එහෙම නැත්නම් ගැස්ට්‍රයිටී වලදි භාවිතා කල හැකි ඖෂධයක් නෙමෙයි. ඒත් තම්බා පාවිච්චි කිරීම ගුණයි.

    චතුරංග,
    ඉතාමත් නිහතමානීව ඔබගේ ආචාරය පිලිගන්නවා.

    ආරියනන්ද හෙවත් ඇල්කෙමියා,
    ඔබ මට ඉතා වටිනා කෙනෙක් මගේ ප්‍රියතම විෂය තමයි රසායන විද්‍යාව. ඒ නිසා තමයි මම ආයුර්වේදෙ මෙතරම් හොදින් කරන්නේ. මගේ රසායන් විද්‍යා දැනුම මම යොදන්නේ මේ ආයුර්වේදෙ දියුණුවට. නැත්නම් මට ලොකු පඩියක් අරගෙන හොද ජොබ් එකකට යන්න පුළුවන්. ඒත් මට මේ විදිය ගොඅඩක් වටිනවා. ඔබට සුභ පතනවා. හොද වැඩ ඇති රටට හිත විද්‍ය්‍යාඤ්ඥයෙක් වෙලා එන්න.
    සුදුලූනු ඉතාම හොද Antioxident එකක් තමයි.
    ඔව් ඔබගේ මිත්‍රයාගේ අදහස හරි. එවිට අර තද සැර ගතිය යනවා. හැබැයි ලංකාවේ අපිට වඩා හොද විදි ගොඩක් තියනවා. මීපැණි සමග කන එක එකක්.

    ඩිලාන්,
    ඔබ හරි සුදුලූනු කන ඉතාම හොද විදියක් තමයි ඒක. හැබැයි දාල තියන බෝතලේ 1/3 සුදුලූනු, 1/3 මීපැණි, 1/3 වාතය වෙන විදියට සකස් කරලා. සතියෙන් සතිය මීපැණි මාරු කරන්න ඕනෙ. දිනපතා උදේට එක බිකක් පමණ කෑමෙන් කොලෙස්ටරෝල් අඩු වෙනවා.

    මහේෂ්,
    ඔබට තුති. ඉදිරියේදී දෙන්නම්.

    ReplyDelete
  14. ශරීරයෙ බර අඩු කරගන්නත් මී පෑනි සමග සුදු ලුනු හොදද?

    ReplyDelete
  15. දියවැඩියාව තියෙන කෙනෙක්ට මී පැණි සමග සුදු ලුණු කෑම හොඳද??

    ඔබගේ සැම ලිපියක්ම කොමෙන්ට් නොදැම්මට මම කියවනවා...
    ඉදිරියටත් මෙවැනි ලිපි පල කිරීමට හැකිවේවායි මම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  16. වෙද මහත්තය එක ළඟ පොස්ට් දෙකක් දාලා නිසා මට මේක මග හැරිලානෙ...මේක නම් නියම මාතෘකාවක්..සුදුලූනු කියන්නෙ හැමදේටම ගුණ දෙන ඖෂධයක් දැන ගෙන හිටියා..ඒත් අපේ සුදුලූනු කෑම නම් හොද්දකින් එහාට යන්නෙ කළාතුරකින්...
    මේක නම් ගොඩක් කාලීන මාතෘකාවක් ....වෙලා තියන විදියට ලියන්න...

    ReplyDelete
  17. සුදු ලූනු කාලෙකට ඉස්සර මගේ හරිම අප්‍රිය කෑමක්. ඒත් අඩුරුදු දෙක තුනක ඉඳල හරිම ප්‍රිය කෑමක් බවට පත් උනා. ඒ කොහොමද කියන්න නම් දන්නෙ නෑ. ඒත් මෙච්චර ගුණ දායක දෙයක් කියල දන්නවනම් මම මීට කලින් කයි.

    සුදු ලූනු තම්බල කන්න තමා මම වැඩි පුරම ආසා.

    ReplyDelete
  18. මටත් කොලොස්ට්‍රොල් තියෙනවා. ඉංග්‍රිසි බෙහෙත් ගන්න කිව්වත් ගත්තේ නැ. අයුර්වේද ක්‍රමයට තමයි මමත් කැමති. දැනට මම කරපින්චා සම්බෝල හදාගෙන බත් කනකොට කනවා. කුකුල් මස් කන එක අවම කරලා තියෙන්නේ, ඒත් තෙල් කැමෙන් නම් සම්පුණයෙන් මිදෙන්න අමාරුයි දැනට ඉන්නේ මැදපෙරදිග නිසා. ඔබ කිව සුදුලුනු බෙහෙතත් කරන්න හිතෙනව.

    තව පොඩ්ඩක් එ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද?
    ඔබ කිව විදියට සුදු ලුණු මි පැණි වල දාල කොච්චර කාලයක් තියන්න ඔනිද?
    ඇයි සතියෙන් සතිය මි පණි මාරු කරන්නේ?
    3/1ක් වැතය තියන්න හෙතුව මොකක්ද?


    මිට අමතරව කොලස්ටරෝල් වලට ඇති බෙහෙත් මොනාද?

    ReplyDelete
  19. වෙද මහත්තය ඹබගේ දුරකතන අංකය හෝ ඊමේල් ලිපිනය ලබාදෙන්න.

    ReplyDelete
  20. ඔයාගේ ලිපිය හරි වැදගත් මෙවගේ ලිපි පලකරනවාට ඔබට ගොඩක් ස්තුතියි......

    ReplyDelete
  21. දියවැඩියාව සහ කොලෙස්ටරොල් දැනටමත් තියනවනම් මේ බෙහෙත පාවිච්චි කලාට කමක් නැද්ද
    එහෙම ඇහුවෙ මේකට මීපැණි දානනිසා

    ReplyDelete
  22. බොහොම ස්තූතියි දැනුවත් කිරීමට.

    ReplyDelete
  23. mageth asama Kemak.
    thanks godaariyak

    ReplyDelete
  24. අනර්ගයි...

    ReplyDelete
  25. වැදගත්ම දැනුම් ගොන්නක් ලබා ගත්තා..ඔබ තුමාට ස්තුතියි..ඒ වගේම මම පුරැද්දක් විදිහට සුදුලුනු බික් 2 ක් 3 ක් ප්රදාන දහවල් ආහර වේල සමග දිනපතාම වාගේ දැනට වසරක පමන සිට ආහාරයට ගන්නවා.එහි යම් දොසක් වේද..?

    ReplyDelete
  26. සුදු ලුණු අමුවෙන් කනඑක හොදයිද?

    ReplyDelete