Monday, August 1, 2011

අඹුඩේ (Only For Gents) අනිත් අයත් කැමති නම් කියවන්න වගකීම් රහිතයි.

මම අද කථා කරන්න හිටියේ මේ මාතෘකාව නෙමේ. මම හිතන් හිටියේ වෙනද වගේ අද බුදුදහම ගැන ලිපියක් දාන්න. හෙට ආයිත් කෘෂි කර්ම දැණුම ලිපිය ලියන්න. ඒත් දැන් මට සදුදා උදේ නිවාඩු නිසා පත්තර බලනකොට දැක්කා, අද දිනය ජාතික ගොවි දිනය ලෙස නම් කරලා තියනවා. පුවත් පත ඒක වාර්තා කරලා තිබුන විදිය මගේ සිත් ගත්තා ඒක නිසයි මේ ලිපිය ලියන්න හිතුවේ.

ඔන්න දැන් පූර්විකාව ඉවරයි අපි දැන් ආයිත් එමු මේ ලිපියේ මාතෘකාවට. එයිට කලින් මම කියන්න ඕනේ,මම මෙහෙම කිව්වැයි කියලා මට නම් මම දැන් අදින යුරෝපීය ඇදුම වෙනස් කරන්න බැහැ. මම කාටවත් එහෙම කරන්න කියන්නේත් නැහැ. මේවා හුදෙක්ම අපේ දැන ගැනීමට පමණයි.

ඔබට මතකද, අපි කුඩා කාලේ අපේ සීයලා, මාමලා, ගොවිතැන් කරන කොට ඇන්ද ඇදුම. ඔව් ඔබ කාටත් මතක ඇති. මට නම් හොඳටම මතකයි. උන්දැලා බොහෝම නීරෝගී අය ඔය අරුමෝසම් ලෙඩ රෝග කිසිවක් තිබ්බේ නැහැ. අවුරුදු 80 - 90 ජීවත් වුනා. සමහරු 100 කිට්ටු කලා. අම්ගේ ආච්චි අම්ම 102 තාම හොඳට ඉන්නවා. ඒ කෙසේ වෙතත් මේ ඇදුම හෙවත් අඹුඩේ කියලා අපි හදුන්වන ඇදුමේ තියන විශේෂත්වය ගැන තමයි අද අපි කථා කරන්නේ.

ඔබට මේ අය අඹුඩේ අදින පිලිවෙල මතකද?

මේ කාගෙත් ඉනේ දිය ලණුවක් තියනවා. මේ දිය ලණුව ඉස්සරහයින් සහ පිටු පසින් කම්බි ලෙන්සුව එහෙමත් නැත්නම් අඹුඩ ලේන්සුව කියන තරමක් විශාල ලෙන්සුව දමලා ඉදිරියෙන් විශාල රැල්ලක් සමඟ රෙදි පටයක් වැටෙන්න සලස්වලා තමයි මේ ඇදුම ඇඳගන්නේ. මෙහිදී ප්‍රධානම දේ තමයි දිය ලණුවට ලේන්සුහ ගැට ගහන්නේ පිටු පසින්. ඒ නිසා මේක පිටු පසින් යන්තමට විලි වැහෙන ඇදුමක්. නමුත් ඉදිරිපසට එත්දි
බොක්කක් වැනි ආකාරයට රෙද්ද නැමිලා කෝෂ වලට ආරක්ෂාවක් දෙනවා. ඊට පසු නැවතත් දිය ලණුවට යටින් ශරීරය පැත්තෙන් ගොස් පිටතට රැලි ආකාරයට ඉතිරි රෙද්ද වැටෙන්න සලස්වනවා.

දැන අපි බලමු මේ සඳහා ගන්න රෙද්ද ගැන මම මුලින් කියූ ආකාරයට මේකට ගන්නේ කම්මි ලේන්සුවක් එහෙමත් නැත්නම් අඹුඩ ලෙන්සුව කියලා කියන ලේන්සුව. මේකෙ ඇති විශේෂත්වය තමයි.
1. රෙද්ද තනිකර පිරිසිදු කපු රෙද්දක් වීම.
2. අතින් හෝ වීවින් කියන අත් යන්ත්‍රයේ සකසා ගත් තරමක සවිවර බවක් තිබෙන ආකාරයේ රෙද්දක් වීම.
3. තරමක විශාල ලේන්සුවක් වීම.
4. ඉතාමත් සවිශක්තිය ඇති ආකාරයේ රෙද්දක් වීම.

දැන් බලමු මේකෙන් ඇති ප්‍රයෝජනවත් බව.
1. ලංකාව වැනි ඉතාමත් උනුසුම දෙශගුණයක් තිබෙන ඝර්ම කලාපීය රටක විශාල වශයෙන් හිරුරැස් වැටෙන අව්වේ වැඩ කරනකොට ශරීරයට ඇතිවන දාහය මම කියන්න ඕනෙ නැහැනේ. ඉතිං මේ දාහය නිසා පිරිමියාගේ කෝෂවලට වෙන හානිය මම කලින් ලිපියක කියලා ඇති.(ලින්ක් දාන්න මම දන්නෙ නැහැ.) ඒ පිරිමි මඳ සරුභාවයට පත් වෙනවා කියලා ඔබට මතක ඇති. එයින් මේ අය ආරක්ෂා වෙනවා. මොකද කපු රෙද්ද හොදින් උෂ්ණත්වය ශරීරයෙන් උරාගෙන පිට කරන නිසා.

2.සවිවර බව නිසා ඉහත කාර්ය්‍යම නැවතත් හොඳින් කිරීමට ලැබෙනවා. එනම් හොඳින් වාතනය වන නිසා.

3. විලි වසා ගැනීම ඉතාමත් හොඳින් මේ විශාල ලෙන්සුවෙන් කරගත හැකි වීම.

4. මේක තමයි මේ ලේන්සුවේ තිබෙන වටිනාකම වෙන්නේ. මෙහි සැකැස්ම සහ මෙය අඳින පිලිවෙල අනුව මෙහි ගැට වැටෙන ආකාරය අනුව මින් පුරුෂ කෝෂවලට විශාල ලෙස ඇතිවන තෙරපීම ස්වයංක්‍රීයව අඩු කරනවා. එනම් ඉදිරිපසින් ලෙන්සුව දමා තිබෙන ආකාරය අනුව එය ඇදීමකට ලක් නොවී ක්‍රමයෙන් විශාල පීඩනයක් ඇතිවන විට ස්වයංවම සැකසෙනවා. උදාහරනයක් ලෙස විශාල බරක් ඔසවා පසුව ඔවුන් නැවතත් ඉදිරිපසින් ලෙන්සුව අර රැල්ලෙන් පහතට අදිනව ඔබ දැකඇති ඒ නැවතත් ඒය කලින් තිබූ ආකාරයට සකසා ගන්න තමයි එහෙම කරන්නේ. තවත් කිවහොත් මෙමගින් ශරීරයේ ඉදිරිපස යටිකයේ පේශීන් හැම විටම ලිහිල්ව තබා ගන්න හේතු වෙනවා. මේ නිසා අපිට ඇතිවන ප්‍රයෝජන තමයි. පිරිමි මඳසරුභාවයට වැඩිපුරම හේතුවන කෝෂවලට රුධිරය සපයන රුධිරනාල සහ ශුක්‍රප්‍රණාලිකාවල ඇතිවන නහර ගැට ගැසීම කියන තත්වය මඟ හැර වීමට මෙම ඇදුම අදින පිලිවෙල වැදගත් වෙනවා.

අපි දැන් අඳින ආකාරයේ පිරිමි යට ඇදුම්වල තිබෙන දුරවල්තාවන් සියල්ලටම මේ අඹුඩය හොඳ පිලිතුරක්.

මම යොජනා කරනවා රෙදිපිලි නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියාව කරන බ්ලොග් කරුවන් සිටී නම් ඔබ නිර්මාණය කරන්න මෙවැනි ඇදුමක් නවීන ඇදුමක ඇති හොඳ ගුනයත් එක්තැන් කල, අපි ඕනෙ සපොට් එකක් දෙන්නම්. බ්ලොග්කරුවෙකු ලෙස නොමිලේ සහාය දෙන්නම්.

(බලන්න ජපාන සූමෝ ක්‍රීඩකයන්ගේ ඇදුම. ආදර්ශයක් ගන්න පුලුවන් ඉන්.)

ප/ලි. දැන් කට්ටිය මට බනින්න එපා නැවත අබුඩ ගස්සන්න හදනවා කියලා. මේක නිකම් ලිපියක් විතරයි.

15 comments:

  1. පිරිමි කෙසේ වෙතත් කාන්තා පාර්ශවයට නම් දැන් ඔබ් තුමා කියන ජාතීයේ ඒව වෙළඳ පොලේ තියෙනව.. මුලින්ම ආවේ වී කට්, අලුත්ම ඉට්ටයිල් එක ටී කට්, තනිකර අමුඩේ ඉස්සරහ ඉදිරියට වැටෙන කෑල්ල නැතුව. ඕනමනම් පිරිමි අයටත් අඳින්න පුළුවන්. මේ ගැන ලිපියක් වගේ ලොකු කොමෙන්ට් එකක් දැම්ම ටැබූ ආතට. ඒක දැන් නැති නිසා බලන්න විදියල් නෑ.

    තව විශේෂ වාසියක් තිබුන අමුඩේ.. එක ගෙයි කන ගෙවල් වල, අමුඩ ලේන්සුව කාමරේ දොරේ තියෙන කොට අනික දන්නව ඇතුලේ රාජකාරියක් බව ඌ ඉතින් කොයි වෙලාවෙද ඇතුලට රිංගන්නේ කියල කේන්තියටත් එක්ක විටක් හප හප ඇන තියාන බලන් ඉන්නව පිලිකන්නේ.. ගොඩක්ම පරක්කුනම් හයියෙන් කාරල ඇදල අරිනව බුලත් කෙල පාරක් මිදුලට...

    ReplyDelete
  2. පොඩි ප්‍රශ්ණයක් වෙද මහත්තයෝ.

    ඕක අඹුඩෙ ද ? එහෙම නැත්නම් අමුඩෙ ද ?

    මොකක් වුනත් මම අහලා තියන ඉතා ප්‍රසිද්ධ චරිත ගොඩක් කලිසමට යටින් අමුඩ ලේන්සුව ඇන්ද අය...

    @ මාතලන්

    දැන් මක් කරන්නද , තියන එකවත් දොරේ එල්ලමු නේද ?

    ReplyDelete
  3. හැමදාම වෙදගෙදරට ගොඩ වැදෙන පුරුද්දට මම අදත් ආවේ. බලනකොට (Only For Gents) .....
    ඒත් මමනම් හිතන්නේ විහිලුවට උනත් මේ කල යෝජනාවනම් හොදයි මට නම් හිතෙන්නේ. වෙන මොනවත් නිසා නෙමේ අපි දන්නවා මද සරු භාවයේදී මේ පුරුෂ යට අදුම්වල තියන ස්වභාවයත් මද සරුභාවයට හේතුවක් කියා ඔබ අපිව දැනුවත් කරල තියෙන්නෙ...
    ඇත්තටම හොද යෝජනාවක් . මෙහෙම අදින්නත් කැමති අය ඇති නෙව.....

    ReplyDelete
  4. වෙද මහත්තයො තවමත් අමුඩය අදින පිරිසක් සිටිනවා කිව්වොත් විශ්වාස කරන්වද ? හැබැයි කුඹුරෙ මඩේ නෙවේ ......... කාය වර්ධන ව‍ය්‍යාම කරන ක්‍රීඩකයින් හැබැයි හැමෝම නෙවේ මාත් කාලයක් ඔය ඇදුම ඇදන් පුනුවීම් කල නිසා දන්නව ඔය ඇදුම ඇන්දහම තියන ආරක්ශාව සහ පහසුව
    බර ඔසවන ව‍ය්‍යාම වලදී යටි කයට එන බර මනාව පාලනය කිරීමත් වෙනත් ඇදුම් මෙන් අන්වශ්‍ය තදවීම වැලැක්වීමත් සිදු වෙනවා .......
    අපිට ඔය ඇදුම මහලා දුන්නෙ අපේ මාස්ටර් ම තමයි ඉතින් .
    ( අමුඩය ඇදල ඒකට උඩින් බොටම් කලිසමක් ඇන්ද හොදේ )

    ReplyDelete
  5. අනිවා වෙදමහත්තයො ඔය අමුඩේ කායවර්ධන විය්‍යායාම්වලදි අදිනව...
    කොහොමත් තාම පිටිසර ගම්මානවල ගොවීන් අමුඩයෙන් බැහැර වෙලා නැ...හොඳ යොජනාවක්....

    ReplyDelete
  6. "හැබැයි කුඹුරෙ මඩේ නෙවේ ......... කාය වර්ධන ව‍ය්‍යාම කරන ක්‍රීඩකයින්"
    ඒ අමුඩෙද නැත්තං වවුලද? අපි නං කිව්වෙ වවුල කියල!

    ReplyDelete
  7. අමුඩෙ ඇඳන් හිරවෙච්ච බස් එකක එහෙම යන්න උනොත් පොලීසි යන්නත් වෙයි නෙව !

    මං නං බයිසිකලේ යන හන්ද මේ නවීන අමුඩෙන් පහසුවක් ලැබෙයි වගේ. මං නෙව දැං අඳින එකේ වදේ දන්නෙ....

    අර කිව්වත් වගේ කොලිටියට මහල අප්‍රභංශ නමක් ගහල ඔඩෙල් එකේ විකිනුවනම් නැගල යයි තමා..... ! ප්‍රමෝෂන්ල් කැම්පේන් එකකට අමුඩ ගස්සාපු කොල්ලො ටිකක් ලිප්ටන් වටරවුමෙත් හිටවන්න ඇහැකි.

    ReplyDelete
  8. @ ඉන්දික උපශාන්ත
    " ඒ අමුඩෙද නැත්තං වවුලද? අපි නං කිව්වෙ වවුල කියල!"

    ඕක ඉතින් අමුඩෙ අදින විදිහටම තමයි අදින්න තියෙන්නෙ හැබැයි පොඩි වෙනසකුත් තියනව තමා අමුඩෙ රෙදි කෑල්ල ඉදිරියෙන් තමයි පහලට වැටෙන්නෙ අපි ඇන්ද අමුඩය පිටුපසින් රෙදි කොටස අවසන් වෙන්නෙ ........
    මාස්ටර් කීවෙ අමුඩෙ කියලා තමයි .....

    ReplyDelete
  9. සමා වෙන්න පහු ගිය දවස ටිකේ අන්තර්ජාලයෙන් දුරස් වෙලා හිටිය නිසා මේ පැත්තේ එන්න බැරි වුනා.

    අමුඩේ අගය දන්නෝ දනීති. :)

    අමුඩෙට පොඩි මොඩිෆිකේශන් එකක් දාලා, ඇමුකට් එහෙම නැත්තන් ඇමුපෙන්ඩර් වගේ නමකින් වෙළඳපලට දාන්න පුළුවන්..

    ReplyDelete
  10. අඹුඩෙන් තියන තවත් ප්‍රයෝජනයක් තමයි . . . . රෑට හේනෙ නිදිමරද්දි පිට්‍ටු තම්බගන්න වන්ඩුව (වචනෙ හරිද මන්ද) විදියට අඹුඩෙ ඉස්සරහ එල්ලෙන කෑල්ල පාවිච්චියට ගන්න පුලුවන් වීම. හැබැයි ලිප ඉස්සරහ දන ගහගෙන ඉදිද්දි පරිස්සම් වෙන්න ඕනෙ ගින්දරෙන් . . . . .

    ReplyDelete
  11. ඔන්න ඔහෙ හදුන්වා දෙන්න අමුඩේ මොඩිෆයි කරලා,,අදිමු අපිත්

    ReplyDelete
  12. හික්ස් .. ඕනයා අය්ය අමුඩෙනුත් වැඩ ගොඩක් ගන්න වගේ කල්පනාව.
    හදිසියකට ඕනනම් හේනෙදී තේ කහට ටිකක් පෙරාගන්න..
    ගම හාමිනේට හදිසියකදී කිරි ගොට්ට විදියටත් පාවිච්චි කරගත හැකි වෙයි.

    ReplyDelete
  13. මාතලන්.
    අපරාදේ ටැබූ දැන් කියවන්න බැරි එක. කියවන්න පුළුවන් නම් ඒක හොඳ ලිපියක් වෙන්න ඇති.
    ඔව් ඔව් ඔය තියන්නේ එක එක කට්. හැබැයි ඕක ඇන්දම මොනර පිල් විහිදැව්ව වගේ නේද?

    ලකී,
    අනේ මන්ද. මම නම් දන්නේ නැහැ. හැබැයි මම ලියැව්වේ ඕකෙ ග්‍රාම්‍ය වහර මතුවෙන විදියට. ස්තුතියි.

    ගිම්හාණී,
    ඔබට බොහෝම ස්තුතියි. ඔබ දැන බ්ලොග් අවකාශ්යේ නැතුවම බැරි චරිතයක් වෙලා නේද?

    සමීර,
    ස්තුතියි, ඔබගේ දැනුවත් කිරීමට.

    රාජ්,
    ඔව් මමත් දැකලා තියනවා. ගම්බද මිනිස්සු තාම ඉන්න්වා. හැබැයි ටිකයි. වැඩිය ඉන්නේ රට ජංගි කාරයෝ.

    ඉන්දික උපශාන්ත,
    මලේ ඔය වවුලයි කායවර්ධන අඹුඩෙයි වෙනස් නේද, මට නම් හිතෙන්නේ වෙනස් කඉයලා.

    නවම්මාවත,
    නැහැ එතකොට කිසි ප්‍රශ්ණයක් වෙන්නෙඋඉ නැහැ. තව හොඳයි මට හිතෙන්නේ.

    ඉඳුනිල්,
    මලේ කරන්නකො පොඩි බිස්නස් පාරක් අපි ඉන්නවා සපොට් එකට.

    ඩිලාන්,
    ඔව් ඩිලාඅන් අපි අඹුඩෙට, අඹුඩෙ අපිට.

    ReplyDelete
  14. අමුඩේට දෙමලෙන් කියන්නේ කෝවනම් කියල. සිංහල ගොවියෙක් අමුඩයක් ඇඳල කුඹුරේ වැඩ කර කර හිටිය.
    ඒ සිංහල අලුත් අවුරුදු කාලේ. එතනින් ගියා මිනිහා අඳුරන දෙමල ජාතික මිතුරෙක්.
    අයියා කෝවනම් අවුලුදු ? කියල අහල තියෙනවා.
    සිංහල ගොවියා කිව්වලු හොඳයි හොඳයි කියල.
    අර මනුස්සය කියල තියෙන්නේ අමුඩේ ගැලවිලා කියල.
    ඇහිලා තියෙන්නේ කෝමද අවුරුදු කියල.

    ReplyDelete
  15. //මම කලින් ලිපියක කියලා ඇති.(ලින්ක් දාන්න මම දන්නෙ නැහැ.) //

    ඔබේ බ්ලොග් එකට පිවිසිලා පරණ ලිපියේ ලින්ක් එක කොපි කරගන්න. ලින්ක් එක ගන්න උඩ ඇඩ්‍රස් බාර් එකෙන් කොපි කරගන්න. බ්ලොගර් ගිහින් පෝස්ට් එක තුල ලින්ක් එක විදියට පාවිච්චි කරන වචන පෙල (“කලින් ලිපියක“) හයිලයිට් කරලා බ්ලොගර් ටූල්බාර් එකේ ‘ලින්ක්‘ බොත්තම ඔබන්න. දැන් එන තිරයෙන් ලින්ක් ඇඩ්‍රස් එකට අර කොපි කරගත්ත ලින්ක් එක පේස්ට් කරගන්න. එච්චරයි... මේක පුද්ගලිකව එවන්න ඊ-මේල් ලිපිනය හොයාගන්න බැරිවුනා. ඒකයි මෙතන දැම්මේ... සමාවෙන්න !!!

    අපේ දේ අගය කරන්න ඔබ ගෙන යන ව්‍යාපාරයට අවංකවම කැමතියි. ප්‍රායෝගික භාවිතය තමයි නවීකරණය කරන්න ඕනේ..

    ReplyDelete