මුලින්ම කියන්න ඔනෙ මම මේ දෙවල් ලියන්නේ අපි හෙට ඉඳලා මේවා කලොත් එන අවුරුද්දේ කිරි ඉතිරෙනවා කියන හැගීමෙන් නෙමේ. මම කියන්නේ මේ දෙවල් අපේ විද්‍යාව. අපි මේවා නවීන විද්‍යාවට අනුව හැඩ ගස්සගමු. අඩු ගානේ තව අවුරුදු 10 - 20 අතර කාලෙකදි අපේ දරුවෝ ලෝකයේ දෙපයින් නැඟී සිටියි එතකොට. අපි කාටවත් ණය නැති, බර නැති කෙලින් රටක් වෙයි. ඔය මොන ජගතටවත් අපි බය නැතිව කෙලින් මුහුන දෙයි. කෙටි කාලීනව යෝජනා හදාගෙන දිගුකාලීනව අපේම වුනු විද්‍යාවක් නවීන විද්‍යාවයි අපේ පාරම්පාරික දැණුමයි එකතුකරලා හදා ගමු කියන එකයි මගේ අදහස.
අපි දේශීය දැණුම කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද කියන කාරණය ඉතාම බරපතලව පැන නඟිනවා. බොහෝ විට අපිට හිතෙන්නේ මේ ආදී කාලීන මිනිසා නොදියුණු කාලේ එදිනෙදා තමන්ගේ ජීවිත ගැට ගහගන්න යොදා ගත්ත දැණුම කියන එක. එහෙමත් නැත්නම් අවිද්‍යාත්මක අකාර්ය්‍යක්ෂම අතීත දැණුම කියන එක. එහෙම නේද ඒත් මේවා ගැන අපි විශාල වශයෙන් අවබෝධ කරගෙන නැහැ. අපිට හිතෙන්නේ අපි දැන ඉන්න සමාජයේ තිබෙන නවීන විද්‍යාව තමයි ලෝකෙ තියන ඉහල දැණුම කියන එක. හැබැයි ඒක අර්ධ සත්‍යයක් විතරයි.
මගේ දැක්ම අනුව නම්, මට හිතෙන්නේ අපි මේ කථා කරන්නේ පද්ධති දෙකක් ගැන. එකිනෙකට වෙනස් සමාජ තලයන් දෙකක, වෙනස් කාලවල, වෙනස් අවශ්‍යතා මත ඇති වුනු, වෙනස් විදියට ස්වභාව ධර්මය අවබෝධ කර ගත්ත, වෙනස්ම පරිසර තත්වවලට මුහුන දෙන, මිනිසුන් කොටස් දෙකක් තමන්ගේ අවශ්‍යතා ඉටු කර ගන්න අවශ්‍ය දැණුම භාවිතයට ගන්න පෙලඹුනු ආකාරයන් තමයි අපි මේ සංසන්දනය කරන්න යන්නේ. නමුත් මේ නවීන විද්‍යා ලෝකය තවම ගෙවන්නේ තමන්ගේ ජීවිතයේ පලවෙනි වසර දහස. අපි මේ දෙශීය දැණුම කියන විද්‍යාවන් මේ ගෙවන්නේ තම ජීවිතයේ මොන අවධියද කියන්න ජගතෙක් මේ ලෝකෙ නැහැ.
ඒ නිසා පලමුවෙන්ම කියන්න ඕනෙ දේශීය දැණුම නවීන දැණුම එක්ක සංසන්දනය කරන්න එපා. ඒක හරිම නිෂ්ප්‍රයෝජන වැඩක්. අපි බලන්න ඕනෙ මේ දැණුමෙන් මිනිස් සමාජයට, මේ ලෝකයට යම් යහපතක් වෙනවද කියලා විතරයි. අපි මේ දැණුම පද්ධති දෙකම අපේ ප්‍රයෝජනයට ගන්න අවශ්‍යයි. එතකොට තමයි මිනිස් සමාජයට එන අභියෝග වලට (අඩු ගානේ ශ්‍රී ලාංකික අපිටවත්) පිලිතුරක් සොයාගෙන යන්න පුළුවන් වෙන්නේ.
දැන අපි බලමු දේශීය දැණුම කොහොමද ගොවිතැනට යොදා ගත්තේ කියන කාරණය.
පුරානයේ ගොවිබිම ඉදිවූයේ හැම විටම වනාන්තරයක් ආශ්‍රයෙන්මයි. නමුත් ඒ නිසා ගොවිතැනට වන සතුන්ගෙන් නොයෙක් බාධක පැණ නැගුණි. එපමනක්ම නොව යම් යම් රෝග, පලිබෝධ හානි, වලින්ද ගොවියාගේ අස්වැනනට හානි සිදු විය. මේ නිසා ඔහු හැම විටම මේවාට සුදුසු පිලියම් යෙදීය. ඒ පිලියම් පරිසර හිතකාමී විය.
1. කල් යල් බලා ගොවිතැන කිරීම.
ගොවි බිම සකස් කිරීමේ සිට අස්වැන්න ගෙට ගැනීම දක්වා සියළුම දේ නියමානුකූල කාල සටහනකට අනුව, නිසි කලට වේලාවට සිදු කරනු ලැබීය. එනම්, එවිට කාලගුන විපර්යාස වලින් සිදුවන අනතුරු, කෘමි උවදුරු, ලෙඩ රෝග, වැනි දේ අවම කර ගැනීමේ හැකියාව ලැබිනි. පසේ සාරවත් භාවය, වර්ෂාව යන මූලික සාධක දෙක ඉතා වැදගත් නිසා මසේ කල් යල් බලා කරන ගොවිතැන ඉතා ප්‍රවේසම්කාරී විය.
උදාහරන. අධික ලෙස ජලය අවශ්‍යවන මඩ වී ගොවිතැන වර්ෂා කාලය හා සම්බන්ධ කර ඇත. ඒ අනුව රටේ වර්ෂා රටාව අනුව බලා යල මහ ගොතැන කන්න දෙකක් හදුන්වා දී ඇත. ජලය අඩුවෙන් භාවිතාවන තල, ඉදල් ඉරිගු වැනි බෝග ජලය අඩු කාලයට සීමාකර තිබිනි. අහසේ වලාකුළු රටාව, කුරුල්ලන්, වැනි සතුන්ගේ හැසිරීම රටාව අනුව කාලගුණ අනාවැකි කීම ගැමි ගොවියාට එකල ඉතා සුළු කටයුත්තක් විය. නමුත් අද තාක්ෂණයත් සමඟ අපි ලබා ඇති දියුණුව නිසා මේ කල් යල් බලා වගා කිරීම එදාට වඩා අදට පහසුය. එවිට ස්වභාවික රටාවට හානියක් නොකර ඉතා ඉහල අස්වැන්නක් ලබා ගත හැකිය.
බොහෝ විට පමා වී වැපුරූ කුබුරු වලට කූඩිත්තන්ගේන් වන හානිය වැඩි බව ගොවි මහතුන්ගේ මතය. නමුත් මේ දැණුම අපි ප්‍රයෝජනයට ගැනීමට පර්යේෂණ කර නැති බැවින් අපි ඒම දැණුමට සිනා ව්මින් ඊලඟ කන්නයත් විනාශ කර ගනියි. දැන් කාලය පැමිණ ඇත, මෙවැනි පැරණි ක්‍රම අත්හදා බලා ප්‍රයෝජන ඇතොත් ඒ අනුගමනය කිරීමද නැතහොත් අතහැර දැමීමද වියදම් යන වැඩක්ද?
නවීන ක්‍රම හා මෙවැනි ක්‍රම අතර මිශ්‍ර ක්‍රමයක් අපට ගැලපේ යැයි මගේ කල්පනාවයි.
2. වගා ආරක්ෂණ ක්‍රම භාවිතය.
එදා හෙලදිව ගොවියා තම ගොවි බිමෙහි සිදුවන නොයෙක් වෙනස් වීම පාලනය කරනු වස් විවිධ ආරක්ෂන ක්‍රම යොදා ගත්හ. මෙවැනි ක්‍රමෝපායන් කීපයක් මෙසේය.
(1) කෙම් ක්‍රම. ආකාර තුනකි.
1. යාන්ත්‍රික ක්‍රම.
2. උපක්‍රමික ක්‍රම
3. අන්තරීක්ෂ සහ අධ්‍යාත්මික බලය යොදා සිදු කරන ක්‍රම.
(2) කරණ භාවිතය.
ඉතා පැරණි ක්‍රමයකි. ප්‍රධාන ආකාර දෙකකි.
1 සිංහ කරණ
2 දිවි කරන
මේවා භාවිතයෙන් වැට බැදීම, තවාන් දැමීම, පැල සිටුවීම, වැඩ ඇල්ලීම ආදිය සිදු කිරීමෙන් වගාව ආරක්ෂා කරගත් හැකිය යන්න මින් අදහස් වේ. මගේ කල්පනාව නම් මෙවැනි ක්‍රම බැලූ බැල්මට අවිද්‍යාත්මක වුවත් නවීන පරීක්ෂණ ක්‍රම වේදයන් අනුව මේවා ගැන නැවතත් සොයා බැලිමට කාලය පැමිණ ඇති බවයි. ඒ මන්ද යත් අපි අවුරුදු දහස් ගනනක අතීතයක් තිස්සේ මේ ක්‍රම මඟින් අපේ රටේ කෝටි ගනනක ජනතාවට කුසට බත සපයා ඇති නිසයි. නමුත් විද්‍යාව දියුණු මේ යුගයේ එය අපට දැන් දැන් මහා අමාරු කාර්ය්‍යයක් බවට පත් වෙමින් ඇති නිසාත්ය.
3. මිශ්‍ර බෝග වගාව.
එකවර බෝග කීපයක් වගා බිම තුල සිටුවීම. මින් අමතර වාසි බොහොමයක් අත් වේ. කෘමි උවදුර අවම වේ. රෝග වලක්වා ගැනීමේ හැකියාවද උපරිමය. මින් පසේ සරුබව දීර්ඝ කාලයකට ආරක්ෂා වීමද සිදු වේ. මේ ක්‍රමයට පලතුරු, එළවළු, පළාවර්ග, අල, වැනි දෑ සිටුවිය හැක. මෙහිදී වගා බිමේ පසට ගැලපෙන, එම පලාතේ දේෂගුනයට, සහ එම බෝග අතර තරඟකාරීත්වය අවම වන ලෙස බෝග තෝරා ගැනීමට ගොවියා වග බලාගනු ලැබීය.
මෙම ක්‍රමය අදටද ඉතා ගැලපෙන අතර හේන් ගොවියා ඉතාමත් සාර්ථකව යොදාගනු ලබයි. නමුත් අපිට සිදු වී ඇති සන්තෑසිය වන්නේ මෙවැනි දේ ගැන සොයා බැලීමට අප ජනතාවගේ මුදලින් උගන්නා අපේ දරුවන්ට අදාල ක්ෂේත්‍රයේ රැකියා නොමැති කමයි. මම පෞද්ගලිකව දන්නා කරුණක් නම් මෙවැනි පර්යේෂණ වලට යෙදවීමට සිටින තරුණ කෘෂි උපාධිධාරීන් විශාල ගනනක් එක්කෝ අදාල ක්ෂේත්‍රයේ නොවන ක්ෂේත්‍රවල රැකියා කරණ අතර ඉතිරි කොටසට රැකියා නොමැති බවයි. තවත් සුළුතරයක් විදේශ රටවලට ගොස් සිටිනා බවයි. තරුණ ශ්‍රමය විදෙස් ගත වීම මගේ දෘෂ්ටියෙන් නම මම අනුමත කරමි. හේතුව ඉන් අපට විදෙස් පුහුණුව සමඟ විදේශ විනිමයද ලැබෙන බැවිනි. තව දුරටත් උපාධිධාරීන් පිට රට යවන ක්‍රම ඇති වෙනවා නම් හොඳ බව මගේ කල්පනාවයි.
4. කාබනික වැටි බැදීම.
ගොවිතැන ආරම්භයේ සිටම අස්වැන්න නෙලා ගන්නා තෙක් බලපාන ප්‍රධානම සාධකයක් වන්නේ පසයි. පසේ ස්වභාවය වැඩි අස්වැන්න ලබා ගැනීමට ප්‍රධාන වශයෙන් බලපායි. එනම් සාරවත් පසක් අස්වැන්න ප්‍රමාණය වැඩි අතර පස නිසරු නම් අස්වැන්නද අඩු වෙයි. එකම බිමක දිගු කාලීනව වගා කිරීමෙන් එම බිමෙහි සාරවත් භාවය ක්‍රමයෙන් වියැකී යයි. ඒ සඳහා යොදා ගනු ලැබූ ඉතාම හොඳ පිලිතුරක් ලෙස වගා බිමෙහි කාබනික වැටි භාවිතය සැලකිය හැක.
බෑවුම් සහිත පොලවේ කරන වගා වලදී පාංශුඛාදනය ඉතාමත් බැරෑරුම් ප්‍රශනයක් වේ. මේ සඳහා ඉතාමත් හොඳ පිලිතුරක් මේ කාබනික වැටි බැදීම ලබා දෙයි. එනම් වගා බිමේ නිපදවෙන කාබනික අතිරික්ත ද්‍රව්‍යයන් මේ වැටි බැදීමට යොදා ගනී. කොම්පෝස්ට් සෑදීමට යොදා ගත නොහැකි අපද්‍රව්‍ය මෙසේ වැටි ආකාරයෙන් වගා බිමේ තැන්පත් කිරීමෙන්, එම කාබනික වැටි දිරාපත් වීමෙන් පසට කාබනික පොහොර, ඛනිජ ද්‍රව්‍යයන් ආදිය අඛන්ඩව ලබා දෙමින් පස සාරවත් කරයි.
5. පුරන් කිරීම.
දිගටම එකම බිමක වගා කිරීමෙන් පසට වන හානිය වලකාලීම මෙහි අරමුණය. එවිට යම් කාලයක් පසට විවේකයක් ලබාදීම මින් සිදු වේ. වගාව නිසා පසේ පෝෂක කොටස් නිරන්තරයෙන් පසෙන් ඉවත් වේ. තවද පසේ භෞතික, රසායනික, මෙන්ම ජෛව සාධකවල සමබරතාවද මින් විනාශ වේ. එසේම නිරන්තර වගාව නිසා කෘමි ව්‍යාප්තියද වැඩිවේ. මේ සියල්ලට පිලියම ලෙස එදා ගොවියා යොදා ගත්තේ යම් කාලයක් පසට විවේක දීම හෙවත් පුරන් කිරීමේ ක්‍රමයයි. එසේම මෙම පුරන් සමයෙහි වගා බිමේ රනිල ශාක සිටුවීමද කරනු ලබයි.
6. කොම්පෝස්ට් භාවිතය.
වර්ථමානයේ කරනු ලබන රසායනික පොහොර භාවිතය අතීත කාලයේදී නොකල නිසා පසේ සාරවත් භාවය රැක ගත්තේ කෙසේද?
මෙවැනි ප්‍රශ්න අපිට ඇති වූවාට ගොවියා ඉතාමත් බුද්ධිමත් ලෙස මේ ගැටළුවට පිලිතුරු සපයාගෙන ඇත. එනම් පසේ ජීවීභාවය ආරක්ෂා කරගනිමින් පස සාරවත් කිරීමේ ක්‍රමවේදයක් වන කොම්පෝස්ට් භාවිතයයි. රසායනික පොහොර භාවිතයෙන් පසේ සාරවත් භාවය තාවකාලිකව ඇති වුවත් පසේ ජීවී භාවය නැති කිරීමට හේතු වෙයි. නමුත් කොම්පෝස්ට් නිසා පස නිතරම එයට අවශ්‍ය ක්ෂුද්‍ර ජීවීන්ගෙන් සාරවත් කිරීමට අමතරව, එහි ජීවී භාවය පවත්වා ගැනීමටද හේතු වී ඇත.
මෙහිදී පසට ඉතා වැදගත් මෙහෙයක්,
1 දිරායන ශාක කොටස්,
2 දිරායන සත්ව කොටස්
3 ක්ෂුද්‍ර ජීවීන් නිසා සිදු වේ. එනම් පසට පෝෂණය ලැබීම සහ පසට පෝෂණය ඇති කර ගැනීමට උදව් දීම යන කාරනාවන්ද සිදු වේ.
7. බෝග මාරුව.
එකම බෝගය එකම බිමේ සෑහෙන කලක් වගා කිරීමෙන් එම බිමෙහි පසට ඉතා විශාල පෝෂක හානියක් සිදු වේ. මේ නිසා එයට පිලිතුරක් ලෙස ගොවියා සකසා ගත් ක්‍රමය වන්නේ මෙම බෝග මාරුවයි. මේ අනුව නොයෙක් අල වර්ග, රනිල බෝග, ආදිය වරින් වර වගා කිරීම සිදු කරන අතර එමගින් පසේ සාරවත් භාවය රඳා ගැනීමට විශාල පිටු බලයක් ලැබේ.
බෝග මාරුව නිසා පසේ තිරසාර පැවැත්ම මනා ලෙස රැකේ. උදාහරනයක් ලෙස ගත් විට,තක්කාලි, මිරිස්, දුම්කොල, ආදිය එක දිගටම වගා කල බිමක ඉහත ක්‍රම අනුගමනය කරමින් රනිල බෝග වගා කිරීමක් නොකලොත් එම පසේ නැවත වගා කිරීම දුෂ්කර වන අතර එම බෝග හිටුමැරීමේ රෝගයට ගොදුරු වේ.
දැන් අපි වගාවන් සඳහා මූලික කරුණු ගනනාවක්ම කථා කලා.
ඔබට පෙනෙනවා මෙම ක්‍රම ස්වභාවික තත්වයන්ට එරෙහි නොවූ එම ස්වභාවිකත්වයම අනුගමනය කරමින් සාදාගත් ක්‍රම බව.
නමුත් මට ඇති ගැටළුව මේවා ඇයි අපිට භාවිතා කල නොහැකි? අපිට කෘෂිකර්ම උපාධි දෙන විශ්ව විද්‍යාල ගනනාවක්ම තිබෙනවා. රැකියාවට මිනිසුන් තනනවාට වඩා මෙවැනි ජාතික ප්‍රශන ගැන යම් හැදෑරීමක් කිරීමට අපි පුරුදු වෙනවා නම්, මම හිතන්නේ පැරණි ගොවියාගේ මේ ක්‍රම වැඩි දියුණු කරලා අපේ රටේ මිනිසුන්ගේ බඩ ගින්න නිවන්න අපිට පුළුවන් වෙන දිනය වැඩි ඈතක නෙමේ.
ඒත් කවද අපි පටන් ගන්නේ?????
අපි ආයිත් හිතමු.
මේ කථාව නැවතත් කියනවා ලඟදීම ඒත් හෙට නෙමෙයි.
ජය!!!!
1 හා 2 යන කරුණු ඇර අනෙක් අදහස් හා එකඟවිය හැක.. පර්යේශන කරන අය මහත්තුරු නේ.. එයාල කුඹුර දැකලවත් නෑ.. මඩ.. ඊයා දැක්කමත් අප්පිරියයි.. එයාලා වවන්නෙ ටී වී එකේ.. ඔය ඉන්නේ එළු රැවුල්, නොපීරපු කොන්ඩ, (මහාචාර්ය බව ප්‍රදර්ශනය කිරීමේ ලක්ෂන.) ඒ මදිවට අමුඩ ලේන්සුව කරේ දාගෙන. (පත ටයි - සමහරවිට ගොයියා නියෝජනය කිරීමට විය හැක..) එයාලා වවන්නේ රූපවාහිනි සංස්ථාවේ, රෝයල් කොලීජියේ, කොළඹ වට රවුම් වල..
ReplyDeleteඅපි වවමු.. රට නගමු...
සුබ අනාගතයක්.... Shri Lanka...!!!
ඔබ කියන දේ ඇත්ත වෙද මහත්තයෝ,
ReplyDeleteමට මතකයි අපි පුංචි කාලේ අපේ ගම් වල කුඹුරු ගොවිතැන් කල හැටි. විශාල මඩ ඉඩම් හිමියෝ හිටියෙ එක්කෙනෙක් නැත්නම් දෙන්නෙක්. අනික් හැමෝම එකිනෙකා ගෙ උදව්වෙන් කුඹුරු කරපු කුඩා ඉඩම් හිමියෝ. ඒවට සහභාගි වෙලා අපි පුදුම සතුටක් ලැබුවෙ. ගෙදරට ගෙනා වී ගෝනි ටික දකින අපේ සීයලා ඒ සතුටම ලබන්න ඇති. ඒත් කාලයක් යනකොට කුඹුරු ප්‍රමාණය නියත වුනත් අස්වැන්න අඩු වුනා, ඒ අඩුවීම කුඩා ඉඩම් හිමියන්ට දරා ගන්න බැරි තරම් අඩු වීමක්. ඒ වෙනකොට ඒ කටයුතු බාරගන්න හිටිය අපේ පරම්පරාව කෘෂි කර්මය කියන්නෙ වෙනත් දෙයක් ඉගෙන ගන්න බැරි වුනොත් කරන රස්සාවක් විදියටයි හඳුන ගෙන තිබුනෙ. ගමේ හිටිය වගා නිළධාරිත් දේශපාලන පත්වීමක්. අද ඒ වෙල් යායම පුරන් වෙලා. මම දන්න තරමින් තෙත් කලාපයේ ඔයක් අසබඩ තියන අපේ ගමේ වී ගොවිතැන අද කෙරෙන්නෙම නැහැ.
..සමාවෙන්න මගේ කොමෙන්ට් එක ඉවර නැහැ, ඉතුරු ටික පසුව කොටන්නම්...
වැදගත් අදහස් ටිකක්. ඉතින් මේවා අපේ ගොවියන්ට බෙදා දෙන්නේ කොහොමද?
ReplyDeleteමානම් අපේ දේශීය දැනුම කියන්නේ අපේ අන්යතාවය කියා සිතන්නේ..
ReplyDelete1. කල් යල් බලා ගොවිතැන කිරීම.
මේ ක්‍රමය ටිකක් ගැටළු සහගතයි. අපේ රටේ දැන් විශාල දේශගුනික විපර්යාසයක් වෙලා. වර්ෂාව කාලය කියා කාලයක් සිතාගන්නට අමාරුයි. සමහර වර්ෂ වල මුලු අවුරුද්ද පුරාවටම වර්ෂාව.
2. වගා ආරක්ෂණ ක්‍රම භාවිතය.
එතරම් දැනීමක් නෑ.
3. මිශ්‍ර බෝග වගාව.
ඉතා සාර්ථක ක්‍රමයක්. අපිත් අත්හදා බැලුවා..
හොද ප්‍රථිපල ලබා ගත්තා...
4. කාබනික වැටි බැදීම.
මේ තමයි වැදගත්ම දේ. පස සංරක්ෂණය. පස නිසරු නිසානේ මේ තරම් පොහොර දාන්න සිදු වෙලා තියෙන්නේ..
5. පුරන් කිරීම.
ඔව් සමහර ගොවීන් මුං ඇට සිටවනවා . සාර්ථකයි...
6. කොම්පෝස්ට් භාවිතය.
මේ සදහා ගොවීන් දැනුවත් කිරීමත් . වැඩි වැඩියෙන් කොම්පොස්ට් නිශ්පාදනයත් කල යුතුයි..
ගිරිසීඩියා වැනි ශාකවල කොල ඉතාමත් සුදුසුයි පස සාරවත් කිරීමට. මේ නිසා අතරින් පතර මේ ගස් සිටුවන්න පුලුවන්. ඒවගේම වැටටත් මේව සිටුවා මෙම ගස් වලට ගම්මිස් වැල් යවන්නත් පුළුවන්.
7. බෝග මාරුව.
ඉතා සාර්ථක ක්‍රමයක්. අපිත් අත්හදා බැලුවා..
හොද ප්‍රතිපල ලබා ගත්තා...
ඒත් කවද අපි පටන් ගන්නේ?????
මෙතන තමා ප්‍රශ්නේ තියෙන්නේ...
පලමුව මේ ක්‍රියාත්මක කිරීමටනම් සෑම දෙනාටම මේ සදහා
උවමනාව තියෙන්න ඕන.රට ස්වන්පෝශිත කිරීමේ බරපතල වගකීම දරන ගොවීන්ගේ අවශ්‍යතාවයන් සොයා බලා දිය යුතු සෑම සහයෝගයක්ම දීම රජයෙහි මෙන්ම සමාජයේද බලවත් යුතුකමක්...
ඔබ කියන කරුණු වලට මාත් එකගයි .. හැබැයි පොඩි ගැටලුවක් තිබෙනවා වගා කන්නය සහ නියමිත කාලයට වගා කිරීම සම්භන්ධව ඔතනදි දේශගුණික සාධකත් ඊටත් වඩා නිසි වේලාවට වාරි යොජනා ක්‍රම මගින් ගොවීන්ට අවශය්‍ය ප්‍රරමාණයට ජලය නොලැබීමත් නිසා ප්‍රායෝගික ලෙස බොහෝ ප්‍රදේශ වල වගා කටයුතු ප්‍රරමාද වී අරඹන්නට සිදුවෙනවා .
ReplyDeleteගොඩක් වැදගත් ලිපියක්,,,කිවුවත් වගේ මේවා දැනුවත් කරන්නේ...
ReplyDeleteඇත්තෙන්ම වෙදමහත්තයො අපේ ක්‍රම සහ නවීන තාක්ෂණ ක්‍රම උපයොගී කොටගෙන කෘෂි ආර්ථීකය වර්ධනය කරගන්නව නම් ඉතා අගී
ReplyDeleteඑසේම ඔබ සඳහන් කල පිරිදී යම්කෙනේකු ප්‍රගුන කල දෙයෙහි නොයෙදි වෙනත් කර්මාන්තයක වැඩකිරිම ඇත්තෙන්ම අවසනාවන්ත තත්වයකි... උදාහරනයක් ලෙස කෘෂි උපාදි ධාරින් බැංකු ශෙෂ්ත්‍රයේ රැකියාව කිරිම මෙහිදි ඔවුන්ගෙන් කෘෂි ශෙෂ්ත්‍රයට සිදුවිය යුතු දායකත්වය නොලැබියයි....
නමුත් ඇත්තෙන්ම ඔවුනට කෙලින්ම ඇඟිල්ල දික්කල නොහැක රටේ ක්‍රීයාත්මක වන රැකියා ක්‍රම වෙදය අතිශයින්ම ගැටලුසහගත දේශපාලනික මඩ වගුරකී...
එසේම ගොලිය දෙශගුනික විපිරියාස හෙතුකොටගෙන අපගේ කාලගුනික චක්ක්‍රය බොහොදුරට වෙනස්වෙමින් පවති උදාහරනයක් ලෙස... පෙර කල චක්‍රයකට අනුව වැටුන වර්ෂාව මෙවන විට බොහොසෙයින් තුලනාත්මක බවින් තොරය...
ඉතින් කෙසේහො මෙවන් බොහො දැ අප ජයගත යුතුය...ජයවේවා..
වෙද මහත්තයා
ReplyDeleteඅදහස නම් හොඳයි.මම හිතන්නේ පරන සහ අලුත් ක්‍රම දෙකේම එකතුවක් කලොත් හොඳයි කියලා.අපේ තාත්තා වී ගොවිතැන් කරන කොට භාවිතා කල උදාහරනයක් කියන්නම්.ගොයම් කරල් පැහෙන කාලෙට මීයෝ කරල් කපාගන යනවා.එතකොට කරන්නේ පොල්පිති ඔලු ටිකක් කපාගෙන ගිහින් කුඹුරේ තැන තැන හිටවනවා.රෑට එලියට එන බස්සෝ ඒ පොල්පිති ඔලුවල වහනවා.වහලා ඉන්නකොට කුඹුරේ ඉන්න මීයන්ව දකිනවා.බස්සා මීයන්ව අල්ලගෙන කනවා.බොහොම සරල ක්‍රමයක් කිසිම වියදමක් නෑ.ඉස්සර හිටියා ආන්ඩුවේ නිළධාරියෙක් කෘෂිකර්ම ව්‍යාප්ති නිළධාරි කියලා.සින්හලෙන් කිව්වේ කෘෂිකර්ම ඕවර්සියර්.ගොවිතැන් ගැන උපදෙස් දුන්නෙ එයා.එයාට හොඳ පුහුනුවක් දීලා තිබුනා දැන් ඉන්න පන්දම්කාර වගා නිලධාරියා වගේ නෙමෙයි.මගේ බාප්පත් එහෙම කෙනෙක්.ඒ වගේම මම දැනගෙන හිටපු සේරම ඕවර්සියර්ලා අමුඩේ ගහගෙන ගොවිතැන් කරපු හොඳ ගොවිමහත්තුරු.
හොඳ කථාවකට හොඳ පෙරවදනක්... මේ කථාව ලියන්න වෙන්නේ අපෙන් ඉපදෙන පරම්පරාවට තමයි...!
ReplyDeleteදිගටම ලියන්න වෙද අයියේ...