කුඩා කාලේ ඉදලා මම විශ්වාස කලේ භෞතිකත්වය විතරයි. නමුත් ටිකෙන් ටික වැඩෙන කොට මට තේරුම් ගියා භෞතික වගේම අධ්‍යාත්මික ජීවිතයකුත් තියන වග. ඇත්තටම මම උ/පෙ කාලේ කිසිම අධ්‍යාත්මික දෙයක් විශ්වාස කලේ නැහැ. අපි වැඩෙනකොට අපිට එන ප්‍රශ්න වලට පිලිතුරු දෙන්න කෙනෙක් නොසිටි නිසා මම පෙලබුනා අසීමිතව පොත පත කියවන්න. ඒ තුලිනුත් මම ඉගෙන ගත්ත, රසායන විද්‍යාව කියන අතිශය රසවත් විෂය තුලිනුත්, ඊටත් පස්සේ මගේ විෂය වුනු ආයුර්වේදය කියන විෂය තුලිනුත්, මට අවබෝධ වුනා අපි දකින භෞතික ලෝකයට යටින් දිවෙන තවත් අධ්‍යාත්මික වූ ලෝකයක් තියනවා කියලා.
ඒ නිසා මට ඕනෙ වුනා ඒ ලෝකය හොයා ගන්න.
මෙතනදි මම වෛද්‍යවරයෙක් ලෙස සමාජයේ ජීවත් වෙන ගමන් මේ දේ මට කරන්න සිදුවුනේ. ඒත් මගේ වෙද හාමිනේ මට ලබා දීපු සහාය නිසා යම් තරමකට මේ ආයුර්වේදයත් ඒ තුලින් යන අධ්‍යාත්මිකත්වයත් ඉගෙන ගන්න මට ලැබුනා.
හැබැයි මතක තියා ගන්න මම මේ දෙවල් ප්‍රයෝජනයට ගන්නේ මගේ රෝගින් වෙනුවෙනුයි. මට නිවන් දකින්න නෙමෙයි. අපි තාම ඒ තත්වයට දියුණු නැහැ. ඒත් අපිට මේ දෙවල් තුලින් අනෙක් අයට යම් පිලිසරණක් වෙන්න පුළුවන් නම් ඒ ඇති.
මම අද කියන්න හදන්නේ ආයුර්වේදය කියන විෂය සහ බුදු දහම පොදුවේ එකම ලෙස සලකන සත්වයා නිර්මාණය ගැන.
සත්ව නිර්මාණය ඉතාම අසිරිමත් සිදුවීමක්.
සත්වයා සෑම විටම කොටස් දෙකකට බෙදෙනවා.
1. කායික හෙවත් භෞතිකව අපි දකින සත්වයා - රූපමය සත්වයා.
2. භෞතිකව දැකිය නොහැකි මානසික සත්වයා - මනස
මේ තමයි සත්වයාගේ ප්‍රධාන කොටස් දෙක.
මේ තත්වය බෞද්ධාගම වගේම ආයුර්වේදයත් මේ විදියටම දකිනවා.
කායික භෞතික ශරීරය නිර්මාණය වීම.
i. පඨවි - තද බව
ii. ආපෝ - රාශීභූත වීම
iii. තේජෝ - ශීත උෂ්ණ පරිවර්ථනය
iv. වායු - චලනය පැතිරීම
ආයුර්වේදයට අනුව සත්වයා නිර්මාණය වෙන්නේ පංචභූත වලින්. මෙහිදී ආයුර්වේදෙ අවකාශ භූතය අඩංගු වෙනවා. අනික්වා බෞද්ධ වගේමයි. තව දුරටත් ශරීරයේ ක්‍රියාව භෞතික වශ්යෙන් භෞතික ශක්තීන් තුනක එකතුවක්ද වෙනවා. එනම් වාතය, පිත හා සෙමයි.
වාතය ආකාශ සහ වාත මහා භූත වලින්ද,
පිත අග්නි හෙවත් තේජ භූතයෙන්ද,
සෙම ජල සහ පෘතුවි භූතයෙන්ද ගොඩනැගී තිබෙනවා.
මානසික ශරීරය නිර්මාණය වීම.
මින් පුද්ගල ශරීරයේ ශක්තිය වර්ධනය කරයි. මෙම ශක්තිය වර්ධනය ඒකරාශී කරන්නේ විඤ්ඤාණයයි. තව දුරටත් විඤ්ඤාණය
i. සංවේදනය - වේදනා
ii. සංජානනය - සංඤා
iii. ක්‍රියා රැස් කිරීම - සංඛාරා
iv. අවධි බව - විඤ්ඤාණය
මේ සියල්ලෙන්ම කියනුයේ පුද්ගලයා යනු භෞතික සහ මානසික සංයුතියේ එකතුවක් බවයි. යන අදෘෂ්‍යමාන අභෞතික ශක්ති සතරේ එකතුවෙන්ද, නාම රූප දෙකේ එකතුවෙන්ද පුද්ගලයා නමැති ක්‍රියා සංතතිය ගොඩ නැගේ.
පංචස්කන්ධ විභාගය
පුද්ගල භෞතික පදනම රූප ධර්ම යටතේත්,
මානසික පදනම,
i. වේදනා
ii. සංඤා
iii. සංඛාර
iv. විඤ්ඤාණ යටතේත් විග්‍රහ කරයි.
ආයතන විග්‍රහය යටතේ පවා මෙම බෙදීම කරයි.
01. චක්ඛු - 02. රූප
03. සෝත - 04. සද්ද
05. ඝාණ - 06. ගන්ධ
07. ජිහ්ව - 08. රස
09. කාය - 10. පොට්ටබ්බ
යන ආයතන 10 පුද්ගල භෞතික පදනමට අයත්ය.
සත් වැදෑරුම් ධාතු විග්‍රහය යටතේ,
1. රූප ධර්ම යටතේ ධාතු සතර පඨවි, ආපෝ, තේජෝ, වායු
2. නාම ධර්ම යටතේපුද්ගල විඤ්ඤාණය හෙවත් වේදනා, සංඤා, සංඛාර,
යන ධාතුන් 07 ගනී.
දහ අට වැදෑරුම් ධාතු විග්‍රහය යටතේ,
ඉන්ද්‍රිය
1. චක්ඛු
2. සෝත
3. ඝාණ
4. ජිහ්ව
5. කාය
6. මන
ඉන්ද්‍රිය ආරම්මණ
7. රූප
8. සද්ද
9. ගන්ධ
10.රස
11.පොට්ටබ්බ
12. සිතුවිලි
එනිසා පහල වන්නා වූ විඤ්ඤාණ
13. චක්ඛු විඤ්ඤාණ
14.සෝත විඤ්ඤාණ
15.ඝාණ විඤ්ඤාණ
16.ජිහ්ව විඤ්ඤාණ
17.කාය විඤ්ඤාණ
18.මනෝ විඤ්ඤාණ
බුද්ධ දෙශනාවට අනුව මිනිසා යනු ඇති වෙමින් නැති වෙමින් භවයෙන් භවය ක්‍රියාත්මක වන මනෝ කායික ජීව සංතතියකි.
ධාතු හෙවත් අටලොස් ආයතන, දොලොස් ආයතන සහ මේවායේ අනුපිළිවෙල නොසිද පැවැත්ම සංසාරයයි.
පුද්ගලයාගේ කවර ස්වභාවයක් වුවද ස්ථිර නොවේ. අභෞතික නාම පද්ධතිය සහ භෞතික රූප පද්ධතිය ස්ථිර නොවේ. භෞතික හා අභෞතික සංයුතියේ එකතුව පුරුෂයාය.
මහා තණ්හාසංඛ සූත්‍රය
පුද්ගලයාගේ නාම කාය හා රූප කාය ගොඩනැගෙන අයුරු විග්‍රහ කරයි.
1. මව සෘතු පැමිණීම.
2. මව පියාගේ සංසර්ගය නිසා භෞතික රූප කායට අවශ්‍යය වන පදනම සැකසේ.
3. ගන්ධබ්බාගමනයත් සමගම පුද්ගල රූප කාය නිර්මාණය වේ.
ධම්ම පදය
නාම කායේ පදනම වූ විඤ්ඤාණය ඉවත් වූ විට ශරීරය දිරාගිය දර කොටයක් බවට පත්වන බව පැහැදිලි කරයි.
නළ කලාප සූත්‍රය
නාම කායෙහි හා රූප කායෙහි අන්තර් සම්බන්ධතාවය විස්තර කරයි. බට දඩු එක් කිරීමෙන් (බැදීමෙන්) එය මිටියක් බව පැවසේ. එම බන්ධනය මිදීමෙන් ඒව විසිරේ එසේම නාම රූපවල එක් වීමෙන් පුද්ගලයා නිර්මාණය වේ. රෝගයක් කායිකද මානසිකදැයි බෞද්ධ විග්‍රහයට එක එල්ලේම තීරණය කළ නොහැක. කායිකව වැඩි බලපෑමක් ඇති නම් එය කායික රෝගයක් ලෙසද මානසිකව වැඩියෙන් පෙනේ නම් එය මානසික රෝගයක් ලෙසද හැදින්විය හැක. එසේ නොමැතිව රෝගයක් එක එල්ලේම කායිකද මානසිකදැයි විග්‍රහ කල නොහැකිය. එසේ වන නිසා කායික රෝගයක් නම් එයට මානසික බලපෑමක්ද ඇතිවන නිසා මානසිකවද ප්‍රතිකාර කලයුතුව ඇත.
වජිරා සූත්‍රය
අංග නිසි ලෙස ඇති විට රථය නැමැති ශබ්දය ගොඩනැගේ. එලෙස පංචස්කන්ධය ඇති විට පමනක් පුද්ගලයා යන ව්‍යවහාරය ගොඩනැගේ. පුද්ගලයා කායික හා මානසික වශයෙන්ද විපරීනාමයට බඳුන් වේ. සිත හා කය ඒකාබද්ධව ක්‍රියා කරන බැවින් රෝග පිළිබද අධ්‍යනයක යෙදීමේදී මානසික හා කායික යනුවෙන් රෝග නම් කිරීමක් කල නොහැකි බව බෞද්ධ දර්ශනය අනුව පැහැදිලි වේ. එනම් මනස කයටත් කය මනසටත් බලපෑම් කිරීමයි. කායික බලපෑම වැඩි රෝග කායිකත්, මානසික බලපෑඅම වැඩි රෝග මානසිකත් වේ.
විශුද්ධි මාර්ගය
භෞතික ශරීරය පිළිබඳව විග්‍රහ කිරීමේදී එහි පැවැත්ම පිළිබඳවද විශුද්ධි මාර්ගයේදී පැහැදිලි විග්‍රහයක් දක්නට ලැබේ.
විශුද්ධිය ගැන දක්වන විට මානසික සැහැල්ලුව පිණිස කායික බලපෑමද හේතුවන බව දකවයි.
Ø ප්‍රණීත ආහාර පාන ලැබීම
Ø යහපත් කාලගුණය
Ø යහපත් ඉරියව් පැවැත්ම
Ø මධ්‍යම ප්‍රමාණයෙන් වැඩ කටයුතුවල යෙදීම
Ø අධික වීර්යය ඇතියවුන්ගෙන් ඈත්ව සිටීම
Ø කාය විවේකය පවත්වාගෙන යාම (කායික ලෙඩ රෝග වලින් මිදීම )
Ø විවේකීව වාසය කිරීම (මානසික - භාවනා)
නිදසුන - ඕඝතරණ සූත්‍රය
අත්තහිත පරහිත සූත්‍රය (අංගුත්තර නිකාය )
Ø අධික වීර්යය තුලින් සැහැල්ලුව නැති වේ. එම නිසා එය ඉවත් කර ගැනීමට නම් සැහැල්ලුව ඇති කර ගත යුතුය. එයට අවබෝධයෙන් කටයුතු කල යුතුය.
Ø අවබෝධය - භව සංකල්පය - තමා - ශක්තිය -හැකියාව - ඉලක්ක ඇතිකර ගැනීම. ආදී කටයුතු ගැන විශ්වාසයෙන් කටයුතු කල යුතුය.
Ø අචින්ත්‍ය ධර්ම පිළිබඳ අවබෝධයක් තිබිය යුතුය.
i. ලෝක විසයය
ii. බුද්ධ විසයය
iii. ධම්ම විසයය
iv. කම්ම විසයය
මේවා පිළිබඳව අනවශ්‍ය ලෙස සිතන්නට යාම පුද්ගලයා උමතු බවට පත් කිරීමට හේතුවන බව මෙයින් කියවෙයි.
එබැවින් මුලින්ම තමා පිළිබඳව හදුනාගත යුතුයි. එය තමාගේ ලෝකයයි. එහිදී අනිත්‍යය, දුක්ඛ, අනාත්ම, ලෝභය, ද්වේශය, මෝහය, නිසා පුද්ගලයා මුලාවට පත් වී යථාර්තයෙන් ඈත් වෙයි.
එවැනි අයට කටයුතු බහුල වෙයි. එහෙත් ආශාවන් සීමා කල යුත්තාසේම කටයුතුද අල්ප විය යුතුය. ආශාවන් කළමණාකරනය කරගැනීම ලෙසද මෙය දැක්විය හැකිය. අල්පේච්ඡ සහ සංතුට්ඨි යන පදයන්ගෙන් ධර්මයෙහි එය දක්වයි.
මෙයට උදාහරන ලෙස සප්ත බොජ්ජංග ධර්ම දැක්විය හැකිය.
i. සති - සිහියෙන් ගැටළුව දෙස බැලීම, මුහුණදීම
ii. ධම්මවිචය - තම ගැටළුවට අදාල හේතු සාධක මොනවාදැයි බැලීම.
iii. විරිය - රෝගයෙන් සුවය ලැබීමට වීර්යය කිරීම.
iv. පීති - රෝගයෙන් සුවය ලබන විට එයවින්දනය කිරීම
v. පස්සද්ධි - විවේකය කායිකව හා මානසිකව වින්දනය කිරීම
vi. සමාධි - සිත එක අරමුණක පිහිටු වීම (ආනාපානසති / කායගතාසති )
vii. උපේක්ඛා - මැදහත්ව විඳීම
සතර සතිපට්ටාන ධර්මයන්ද මෙහිදී වැදගත් වේ.
i. කායානුපස්සනා - කායික හැදිනීම - චර්යාව අවධානය යොමු කිරීම - අතීත අනාගත පිළිබඳව ඇති සිහිකල්පනාවන් වර්ථමානයට ගෙන ඒමට උත්සාහ දැරිය යුතුයි.
ii. වේදනානුපස්සනා----
iii. චිත්තානුපස්සනා---- මනස
iv. ධම්මානුපස්සනා -----
වේදනානුපස්සනාව - රෝගියා ලවා තමාගේ කයට දැනෙන වේදනාව කෙරේ අවධානය ගෙන ඒම, වේදනාව දැනේදැයි රෝගියාගෙන් ඇසීම.
චිත්තානුපස්සනා - සිත ගැන විමසීම. සිතට එන සිතුවිලි ලෝභ ද්වේශ මෝහ ආදී දෙ පිළිබඳව රාගාදී අරමුණු වලින් වැඩියෙන් සිතට එන්නේ කුමන අරමුණුදැයි විමසා බැලීමට හුරු කරවීම.
මුලින් බාහිර ඊළඟ ආත්ම භවයක් ගැන සිතුවේ නැත. සිග්මන් ෆ්‍රොයිඩ්ද එතනින් නතර විය. නමුත් ඔහුගේ ගෝල කාල් යූං ඉන් එහා පුනර්භවයක් ගැන කථා කළහ. අධි මනෝ විද්‍යාවක් පිළිබඳව කිසිවක් නොකියා ඇත. පුද්ගලයාගේ රෝග සඳහා අවධානය යොමු කිරීමේදී ඇතැම් ඒවා මානසිකද කායිකද නොවේ. එසේ නොවන විට අධිමානසිකව ඇතිවන රෝගයක් විය හැකිය.
ඉතා වටිනා පැහැදිලි කිරීමක්. ක්ලෝනීකරණයේදීත් කලලයක් ඇති වන නිසා , සුපුරුදු පරිදි ගන්ධබ්බාගමනය සිදු වනවා වෙනවාද ? එහෙම නැත්නම් එකම විඥානය දුහිතෘ ක්ලෝන තුල තියෙනවාද? ක්ලෝනීකරණය සිදු කරන අය විඥානයක් කියලා දෙයක් දන්නවාද?
ReplyDeleteලිපියට ස්තුතියි!.
ReplyDeleteඑතකොට "ගන්ධබ්බයාට" ශරීරයක් නැද්ද?මම් අහල තියන්ව ඔවුන් සියුම් ශරීර ඇත්තවුන් කියල.
මිනිස් උප්පත්තියකදි විතරද ඔය ගන්ධබ්බ පැමිනීම වෙන්නෙ?
සමඩිම්බික නිවුන්නු ඇතිවෙද්දි, ගන්ධබ්බ දෙදෙනෙක්ගේ පැමිණිම එකවර සිද්ද වෙනවද?
නිකම් නිවන් ගියා වගේ ගතියක් දැනුනා... ප්‍රශ්න ගොඩක් තියෙනව.. මේ ටිකේ මාර බිසි... කතාව දුර දිග යයි වගේ....
ReplyDeleteඉතා හොඳ ලිපියක්.
ReplyDeleteමානසික රෝගවලදී ඔවුන්ට විශේෂිත කායික රෝගත් තිබේද?
ස්තූතියි
හපොයි වෙද මහත්තය මෙහෙ හිටු කියලා බර බර ලිපි දානවා.මට මේ එකක්වත් හිතට දැනෙන විදියට කියවන්න වෙලාවක් ලැබුනෙ නැහැ.
ReplyDeleteඅපිත් ඉන්නවා කියන්න විතරක් කොමෙන්ට් එකක් දැම්මා..
මේ දවස්වල හරිම බරපතලයි නොවැ. ඇනුවල් දාන්න වෙයිද ?
ReplyDelete