Thursday, July 28, 2011

අපිට වැරදුනු හැටි හෙවත් ඈත මෑත කෘෂි ඉතිහාසය.

වැඩ ටිකක් වැඩි වූ නිසා අද මට විවේකය අඩු වුනා කෘෂි කර්මය පිලිබඳ ලිපිය ලියන්න. ඒත් මොනතරම් වැඩ තිබුනත් අද අපේ මාතලන් ගොයියාගේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථා ලිපිය සමඟ ඉතාමත් කැමැත්තෙන් එක් වුනා. ඊලඟට සොදුරු සුව අසපුවට සිදු වූ අකරතැබ්බයත් ගැන සවස තමයි දැන ගත්තේ. එයත් මගේ සිතට වදයක් වුනා. ඉතාම වටිනා බ්ලොග් අඩවියක් කෙසේ හෝ එම ප්‍රශ්නයත් දැන් අවසන්.

අද ඉඳන් මම ආයිත් රෑට පාඩම් කරනවා. අනේ මේ වල පයයි ගොඩ පයයි, තාම වැඩ තියනවා. ඒ අතරම මේකත් ලියන්න හිතුවා. එතකොට හෙට වැඩ ගොඩක් කරන්න වෙලාව ඉතිරි වෙනවා.

අපි මුලින්ම බලමු කෘෂි රසායනික කියන එකේ අදහස," මිනිසා විසින් නිපදවන ලද,
(1) වල් පැලෑටි විනාශ කරන රසායනිකයන්,
(2) කෘත්‍රිම පොහොර,
(3) වගාවට හානි කරන කෘමීන් විනාශ කිරීමට යොදා ගන්නා රසායනිකයනුත් යන මෙම රසායනික කෘත්‍රිම සංයෝගයන් (පලිබෝධ නාශක.) කෘෂි රසායනිකයන් වේ.

නවීන විද්‍යාවේ බොහෝ ජග්‍රහන හිමි කරගත් 1960 දශකයේ ලෝකය පුරා පැතුරුනු හරිත විප්ලව සංකල්පයට අනුව ප්‍රධානම වෙනස්කම් කීපයක් කෘෂි කර්මාන්තයේ ඇති විය.
1. රසානික පොහොර භාවිතය මඟින් අස්වැන්න වැඩි කිරීමට හැකි වීම සහ පොලවේ නිසරු බව නැති කර ගැනීමෙන් ඕනෑම තැනක් වගා බිමක් කර ගැනීමට හැකියාව ලැබීම නිසා වගාවට අවශ්‍යය බිම් ඉඩ වැඩියෙන් ලැබීම.
2. නොයෙක් කෘත්‍රිම ක්‍රම මඟින් (ජාන විද්‍යාව වැනි දියුණු ක්‍රම මඟින්.) වැඩි අස්වනු ලැබෙන, රෝග වලට ඔරොත්තු දෙන වඩා කාර්යක්ෂම ශාඛ දර්ශක වගාවට හඳුන්වා දීම.
3. ගොවි බිම් වෙත මිනිසා පෙරදී දැක්වූ සැලකිල්ල එපමනටම අවශ්‍ය නොවීම. එම නිසා ඒ ඒ අවස්ථාවලදී අදාල රසායනික වර්ගය වගා බිමට ලබා දීම පමණක් සෑහිනි.

නමුත් 60 දශකය ගෙවී 70 දශකය ලෝකයේ විද්‍යාත්මක දියුණුවේ ප්‍රායෝගික යුගය බවට පත් වීමත් සමඟ ඉහත කෘෂි රසායනවල මිල ක්‍රමයෙන් ඉහල යාමට පටන් ගති.
(1) 80 දශකය වෙත්දී, ගොවි බිම වැඩි ප්‍රමානයක් කෘත්‍රිම පොහොර භාවිතයෙන් තොරව භාවිතා කල නොහැකි තරම් රසායනික පොහොර භාවිතයට හුරු වී තිබීම විශාල ප්‍රශ්නයක් වීම.
(2) පලිබෝධ නාශක වලින් ලැබෙන ප්‍රයෝජන සීමා වීම යන නව ප්‍රශ්න ඇති විය. නව පලිබෝධනාශක හැම විටම අවශ්‍ය වීම.
(3) වඩාත් පොහොර යෙදීමත්, වසරින් වසර මේ යොදන ප්‍රමානය වැඩි කිරීමට සිදු වීම.
(4) කන්නයෙන් කන්නය වෙනස් පලිබෝධ නාශක භාවිතයට ගැනීමට සිදු වීමෙන් ගොවි තැනට යෙදිය යුතු ප්‍රාග් ධනය ඉතා වැඩි ප්‍රතිශතයකින් ඉහල යාම යන නව ප්‍රශ්ණ වලටත් කෘෂි ක්ෂ්‍රේත්‍රයට මුහුන දීමට සිදු වීම.

වඩාත් ලාභ ලබා ගැනීමේ අරමුණින් එක පලිබෝධ නාශකයක් ගැලපෙන්නේ එක් පලිබෝධකයෙකුට හෝ කිප දෙනෙකුට යන සංකල්පයෙන් මෙම රසායනිකයන් නිපදවන සමාගම් ක්‍රියා කිරීම නිසා ප්‍රාග්ධන ප්‍රශ්නය උග්‍ර ගැටළුවක් බවට පත් වීම. ඒ අතරම අධි අස්වැන්න ලබාදෙන ශාඛ දර්ශවලට මේ කෘත්‍රිම රසායනිකවල සහාය නොමැතිව වර්ධනය දුෂකර වීම යන පැහැදිලි බාධකයන් 70 අවසාන භාගය සහ 80 දශකය පුරාම මිනිසාට ඇති වූ ඉමහත් තර්ජනයක් විය.

එනම් අධි අස්වනු ලබාදෙන ශාඛ දර්ශක රසායනික සංයෝගවල සහායෙන් තොරව ලෙඩ රෝග වලින්, සහ කෘමීන්ගෙන් මෙන්ම පොහොර භාවිතයෙන් තොරව වර්ධනය වීම, අස්වැන්න ලබා දීම දුෂ්කර වීම මෙහිදී සිදු විය.
මෙවැනි හේතු නිසා වගාවන් සඳහා යන අමතර වියදම බොහෝ සෙයි උග්‍ර වීමෙන් දුප්පත් ගොවි ජනයාට තව දුරටත් වගාව කර ගැනීමට නොහැකි තත්වයක් උදා විය. දැන් අපි සිටින්නේ එවැනි ප්‍රශ්ණවල උපරිම තත්වයක් ඇති යුගයකය.

ආසනික කථා සත්‍ය හෝ අසත්‍ය වුවත් වගාව තව දුරටත් දුප්පත් ජනයාට කල හැකි මට්ටමක නොතිබෙන බව නම් බොහෝ පැහැදිලිය. එම නිසා මෙම ලිපි මාලාවෙන් මම අදහස් කරන්නේ අපේ පැරන්නන් තම වගාවන් කල ආකාරය කෙසේ දැයි යන මගේ දුප්පත් දැණුම බෙදා දීමටයි.

ඔබ අසා තිබෙනවාද කුඹුර කියන වචනය ඇති වූ සැටි. මේක 100% ඇත්තද කියන්න මම දන්නේ නැහැ. ඒත් මේක තමයි ජනශ්‍රැතිය.
ඔබ අහලා තියනවානේ අපේ මහා රාවණා අධි රාජ්‍යයා, මෙතුමාගේ මල්ලී තමයි කුම්භකර්ණ කියන්නේ. මේ කුම්භකර්ණ මාස හයක් එක දිගට නිදියනවලු. ඔහු ඇහැරෙන්නේ මාස හයකින් පමණලු. ඉතිං මේ අතරෙ ඇහැරෙන්න නම් රාවණා විශේෂයෙන්ම කිව්වොත් විතරලු. ඔය රාම රාවණා යුද්ධෙ අතරෙදි ඒ වගේ අවස්ථාවක් හරිම ලස්සනට විස්තර කරනවා රාමායනය නිකම් ඉන්න වෙලාවක කියවලා බලන්න.

(කුම්භකරණ මාස හයක් අයියා ලඟ රාජ්‍ය සේවයේත් මාස හයක් ඈත පිටිසර ගොවිතැනේත් ඉන්න නිසා තමයි මම හිතන්නේ ඔහු මාස හයක් නිදියනවා කියන්නේ. ඒ අයියා ලඟ නැති කාලය නිදියන හෙවත් රාජ්‍ය සේවයේ නොමැති කාලය ලෙස මම දකිනවා. )

කොහොම හරි මේ කුම්භකර්ණට ඒ නම වැටෙන්නේ ඔහු උපතින්ම කන දෙකට පැලී තිබූ නිසාලු. කුඹු (කැඩුණු/ බිඳුණූ) + කන් = කුඹුකන් = කුම්භකර්ණ ලෙස තමයි මේක හැදිලා තියන්නේ.
මේ කුම්භකර්ණ ජීවත්වෙලා තියන්නේ රාවණා රජතුමා සිටි ලංකා පුරයට බොහෝ ඈතින් අපේ නැගෙනහිර පලාතට අයත් වන කුබුක්කන් ඔයබඳ ප්‍රදේශයේ ප්‍රාදේශීය පාලකයා ලෙසයි.
ඒ පලාතේ තිබූ ප්‍රධානම ජල මාර්ගයට ඔහුගේ නම තමයි දමා ඇත්තේ "කුඹුක්කන් ඔය" ලෙස.

මොහුගේ තිබෙනවා විශේෂත්වයක් ඒ තමයි කෘෂිකර්මයට තදින් පෙම් බැදීම. ඒ නිසා ඔහු ඉතාමත් ක්‍රමානූකූලව වගා බිම සකස් කරන විදිය ලෝකයට ඉගැන්නුවා කියල තමයි ජන කථාවල සඳහන් වෙලා තියන්නේ. ඒ අනුව තමයි අපි අදත් කුඹුර සකස් කරන්නේ. ඒ නිසාලු කුඹුර කියන නම වැටුනේ. මේ කියන කුම්භකර්ණගේ තිබෙනවා විශේෂත්වයක්, ඔහු තමයි අපේ රාම රාවණා යුද්ධයේ සංකේතය වුනු සීතාගේ පියා. ඒ නිසා තමයි ඇය පොලවෙන් උපන් කුමරියක් ලෙස හැදින්වෙන්නේ. පොලවට පෙම්බැඳි මිනිසාගේ දියණිය කියන අර්ථය තමයි ඉන් ගම්‍ය වෙන්නේ. දැන් අපේනවා නේද රාවණා කාගෙවත් කුමරියක් පැහැර ගත්තේ නැහැ. තම ඥාති දියණියට වූ අසාධාරණයට එකට එක කලා පමණයි කියා. ඒ කථාව පස්සේ…………...

දැනට සලකන්නේ ලෝකයේ වී ගොවිතැන ආරම්භවෙලා තවම අවුරුදු 12000 - 10000 අතර කාලයක් තමයි ගතවෙලා තිබෙන්නේ කියායි. ඒ චීනය කොරියාව පකිස්ථානය වැනි රටවල පුරාවිද්‍යාත්මක සාක්ෂි අනුව. නමුත් කළණිය විශ්ව විද්‍යාලේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය කල පරීක්ෂණයකට අනුව නුවර එලිය සානුවේ දැනට අවු 20000 පෙර අපේ වී බීජ හදුනාගෙන තිබෙනවා. මේ අනුව ඔබට පැහැදිලි වෙන්නවා ඇති අපි මේ අවු 40 - 50 විතර කාලයක් තිස්සේ අපේ අවුරුදු 20000 විතර කාලයක් ක්‍රමයෙන් දියුණු වුනු වී වගාව විනාශ කර ගත්තා කියන එක. මම අහලා තියනවා මේ වෙනකොට ඉතා දියුණු රටවල ඒ කියන්නේ ඇමරිකාව වගේ රටවල අපි වගේ රටවල් අතීතයේ ප්‍රයෝජනයට ගත් වී නිදර්ශක එකතු කරලා තියාගෙන සිටිනවා කියලා. හැබැයි මේකෙ තිබෙන ව්‍යාපාරික අරමුණ කොහොම වුවත්, මෙහෙම හරි මේ දෙවල් ප්‍රවේසම් වුනු එක ගැන නම් මම සතුටු වෙනවා.


අපි එහෙනම් පොඩි විවේකයක් අරගෙන තව දිනකින් කෙලින්ම අපේ මාතෘකාවට බහිමු. ඒ කියන්නේ අපේ කෘෂිකාර්මික පාරම්පාරික දේශීය දැණුම ගැන. මේ වගේ පොඩි පොඩි වැඩ කෑලි නැතිව අපේ කථාව අංග සම්පූර්න නැහැයි මම සිතනවා. එහෙනම් හෙට හරි අනිද්දා හරි කෙලින්ම කථාව........

13 comments:

  1. රාම රාවනා කතාවෙනම් යම් යම් අර්බුද තිබෙනවනේ...මොනාවුනත් රාවනා රජ්ජුරුවො ගැනනම් අගයන්ඩ ඔන...ඇත්තෙන්ම අපේ ඉතිහාසය අරන් බලන කොට ඉතා දියුනු කෘෂිකාර්මික යුග කිහිපයක් තිබිලා තියෙනව නේද වෙදමහත්තය.....පැරකුම් රජතුමා ඉන් විශේෂයි මං හිතන්නේ...

    ReplyDelete
  2. "ගොවි බිම් වෙත මිනිසා පෙරදී දැක්වූ සැලකිල්ල එපමනටම අවශ්‍ය නොවීම. එම නිසා ඒ ඒ අවස්ථාවලදී අදාල රසායනික වර්ගය වගා බිමට ලබා දීම.."
    මෙන්න මෙතන තමයි අපිට වැරදුනේ. හැබැයි අපි තරම් ඉන්දියාව ඕවට නැඹුරුවුනේ නෑ නේද? මට මතක විදියට මෙහේ වී කිලෝ එක රුපියල් තිස් හතලිස් ගනන් වලට යනවෙලාවෙ ඉන්දියාවෙන් ඒ ගනනට කිට්ටු ගනනකට හාල් ගෙනාවා. එහේ නිෂ්පාදන වියදම ගොඩාක්ම අඩු වෙලා තියෙන්නෙ රසායනික ද්‍රව්‍යන්ට වහල් නොවීම නිසා නේද? අනිත් කාරනේ බීජ වෙනුවෙන් පිටරටට ඇදිලා යන මුදල කොච්චරද.ඔය මැලේසියන් එලවලු වර්ග එකකවත් ඊලග කන්නෙට බීජ හදාගන්න බෑනේ. ආයෙත් සල්ලි වලට ගන්නම වෙනවා.

    ReplyDelete
  3. ඉතා හොද කාලෝචිත ලිපියක ඇරඹුමක් ...... , වර්තමානය වන විට අපගේ ගොවි ජනතාව කෘෂි රසායනික වලට ඇබ්බැහි වී අවසන් ......... වර්තමානයේ දී කෘෂි රසායනික වලින් තොරව වී ගොවිතැන් කිරීමට නොහැකි ලෙස පරිසර පවා සකස් වී අවසන්.................

    පොඩි නිවරදි කිරීමක් කල යුතුයි
    2 වැනි කොමෙන්ටුව ගැන ඉන්දියාව යනු අධික ලෙස ඉතාම විශ සහිත ලෝකයෙ බොහෝ රටවල් විසින් තහනම් කරන ලද ඉතා ලාභ කෘෂි රසායනික භාවිතා කරන රටක් නමුත් ඔවුන්ගේ යෙදවුම් වියදම් සාපෙක්ශව අඩු වීම හා අධික නිශ්පාදනය මත ඔවුන්ට ඉතා අඩු මිලට කෘෂි නිශ්පාදන ලබා දිය හැකියි .

    ReplyDelete
  4. අපේ පස නිසරු වෙන්න ප්‍රධාන හේතුව තමා පස සංරක්ෂණය නොවීම. පසේ තිබෙන හියුමස් තට්ටුව සෝදාගන ගොස් ගල් බොරලු මතුවෙලා. මුලින්ම කරන්න ඕන මේ වගා බිම්වල පස ආරක්ෂා කර සෝදා පාලුව වලක්වා පසේ ඇති කාබනික පොහොර ආරක්ෂා කර ගැනීම. බොහෝ ගොවි ඉඩම් වල මෙය සිදු නොවේ. මේ නිසා රසායනික පොහොර බාවිතා කිරීමට සිදුවේ.
    මේ නිසා පසෙ ඉන්න ක්ශුද්‍ර ජීවීන් විනාශ වෙනවා. සියලුම විශ රසායනික පස සෝදා යාම නිසා ඇල , දොල, ගංගා ලිං වලට ගසා ගෙන ගොස් නොදැනීම අපේ ශරීරයට ඇතුල් වෙනවා..
    මිනිසාගේ ශරීර සෞබ්‍යට හිතකර නව ක්‍රමයක ජපානය විසින් සොයාගන තියනවාලු ක්ෂුද්‍ර ජීවී තාක්ශනය.මේ ක්‍රමය දනටමත් බොහෝ රටවල් බාවිතා කරනවාලු. අපේ රටට අවශ්ය වන්නේද මෙවනි හිතකර ගොවිතැන් ක්‍රමයක්.
    මෙමගින් අපේ ශරීරයට වස විස රහිත ආහාර වේලක් ලබාගන්න පුලුවන්.අපේ රටේද මෙය අත්හදා බලා තිබුනත් මේ ක්‍රමය ගොවි ජනතාව වෙත රැගෙනයා යුතුයි.මේම ක්‍රමය වැඩි දියුනු කර අනාගතයේදී වස විස අපේ පසට එක්වීම වලක්වා සෞබ්‍ය සම්පන්න ජනතාවක් බිහිකර ගැනීමට හැකිවනු ඇති.

    තවද මෙම තත්වය නිසා අපේ රටේ ධනය සුරාකැමට මේ
    බහුජාතික සමගම් වලටද නොහැකිවනු ඇති.
    කෘෂිකර්මය පිළිබඳව ඔබ අපිට කියාදුන් අනිත් රසවත් කරුනු වලට බොහොමත්ම ස්තුතියි.
    මේ ගැන මගේ දැනුම අල්ප වුවත් අදහසක් ඉදිරිපත් කලා..

    ReplyDelete
  5. මගේනම් අදහස වී වගාව අපිට ඔරොත්තු දෙන්නෙ නැති, මහන්සියේ තරමට ප්‍රතිපල නැති, වියදමේ තරම ලාබයක් නැති, වගාවක් ලෙසයි ඔයිට හොඳයි වෙනත් ආර්ථික බෝගයක් වවල. පිටරටින් සහල් ගේන එක. (ටැක්ස් නැතුව.) අනිවාර්යයෙන් ලාබයි මීට වඩා.. එතකොටවත් අර පරාක්‍රමබාහුගේ සිහිනේ සැබැවෙයි.. නැත්නම් ඉතින් නිශ්ශංකමල්ල ගලේ කොටපු දේ තමයි සදාකල්...

    ReplyDelete
  6. @ මාතලන් : ඔබේ අදහසට කිසිසේත්ම එකඟ විය නොහැකියි. ලංකාවේ ප්‍රධාන ආහාරය පිටරටින් එන තුරු හිටියොත් ලංකාවේ එවුන්ට බඩගින්නේ මැරෙන්න වෙන එක ඒකාන්තයි. වවාගෙන කන නිසා දැන් ආසනික් එක්ක හරි බත් කනවා නොවැ. කන්න මොකුත්ම නැත්නම් බතුයි සම්බෝලයි හරි අපිට කන්න ඇහැකි. හාලුයි පොලුයි දෙකම රටින් ගෙනාවම මරු... කොළඹට හරි හම්බන්තොටට හරි නියවන් ඉන්න වෙයි නැව බානකල්... අප්පා ඊට හොඳයි අපේ ආසනික් හාල් කනවා...!!!

    මේ ලිපි මාලාව ඉදිරියට යන එක ගැන සතුටුයි වෙද මහත්තයෝ... දිගටම ලියන්න...

    ReplyDelete
  7. හොඳ මාතෘකාවක් වෙද මහත්තයො..ගත හැකි දේ බොහොමයි.

    (මේ වගේ වැදගත් මාතෘකාවකට කෙටි අදහසක් දැක්වීම ගැන සමා වෙන්න)

    ReplyDelete
  8. “පරාක්‍රම රජදවස පෙරදිග ධාන්‍යගාරය කියා මේ කුඩා දිවයිනට පවසා ඇත්තේ විශාල හේතුවක් නිසාවෙන්. ඒ තමයි සමස්ථ ලෝකයේම වැඩිම ධාන්‍ය නිෂ්පාදයක් එකල මෙම දිවයිනේ තිබීම. අපට තියෙන ප්‍රශ්නය තමයි මේ කුඩා දිවයින එකල අතිරික්ත ධාන්‍ය  වගාවක් කලේ කෙසේද කියන එක. එයට හේතුව තමයි එකල වගා කළ ක්‍රමවේදයන් වල පැවති සරල බව. එම ක්‍රම අද භාවිතා කරන ක්‍රම වගේ සංකීර්ණ නැහැ. අපි සොයාගත් පරිදි එකළ ගොවියෝ වරකට සතර වතාවක්ම අස්වද්දා තිබෙනවා. කිසිදු කෘෂි රසායනයකින් තොරව, කිසිදු පොහොර භාවිතයකින් තොරවයි ඔවුන් එසේ කුඹුරු අස්වද්දා ඇත්තේ. අළුවීනැටි, මාවී, සුවදැල්, රත්දැල් අපේ සිංහල වී විශේෂ තමයි එකල වගා කර ඇත්තේ.
    එහෙම හිටපු අපිට කොතනද වැරදිලා තියෙන්නේ කියලා අවබෝධ කරගෙන අපේ අඩුපාඩු හදා ගත්තොත් අපිට හැකිවේයි නැවතත් ස්වයංපෝශිත ශ්‍රි ලංකාවක් බිහි කිරීමට.
    අනිත් කරුණ තමයි මේ අඩුපාඩු වැරදුන තැන් පෙන්න්වන්න ගියාම සැමවිටම වෙන්නේ මෙවා යටගහන්න උත්සාහ ගන්න එක. එක එක්කෙනගේ ලාබ ප්ර්යෝජන තකා... ඔන්න ඕක තමා අපිට වෙලා තියන හෙනේ....
    එහෙම නැතුව පිටරටින් හාල් ආනයනය කරන එකනම් කොහෙත්ම සුදුසු නෑ.මා නම් දකින්නේ ඒක ලැජ්ජාවට කරුනක් හැටියට...
    අපේ රටේ සෑම ස්වාභාවික සම්පතක්ම තියනවා නොඅඩුව අනිත් රටවල් හා සන්සන්දනය කිරීමේදී..
    එහෙම නැතුව පිටරටින් හාල් ආනයනය කරන එකනම් කොහෙත්ම සුදුසු නෑ.මා නම් දකින්නේ ඒක ලැජ්ජාවට කරුනක් හැටියට...
    චතුරංග එක්ක මාත් එකඟයි..// කොළඹට හරි හම්බන්තොටට හරි නියවන් ඉන්න වෙයි නැව බානකල්... අප්පා ඊට හොඳයි අපේ ආසනික් හාල් කනවා...//
    ආසියාවේ අශ්චර්ය වන්නට නම් අනිත් සංවර්ධනයන් වගේම අපෙ කෘෂිකර්මාන්තයද පෙර තිබූ තත්වයට ගෙන ආ යුතුයි...

    ReplyDelete
  9. @ චතුරංග හා දිල්හානී..

    ඔහේලා වවන්නෝ නොවෙයිනේ.. වවන්නන්ගෙන් අහන්න.. කොහොම හරි පොහොර සහනාධාරේ නිසා තමයි මෙහෙම හරි වැඩේ යන්නෙ.. කොහොමත් සෙට් එකක් ආසනික් කයි.. ලාබයක් ඇතුව විකුණගන්න බැරි උනාම.. සන්සාර චක්කරේ වගේ හැමදාම වෙන්නෙ ඕකනේ.. අනික ඔහේල දන්නවද පරාක්‍රමභාහූ මහ පරිමාණ වැඩ කොරල ඊට පස්සේ රට නන්නත්තාර උන වග..

    ReplyDelete
  10. අනෙ ඉතින් එහෙනම් හාලුත් .. රටින්ම ගේන්නකො. අපි වවන්නෝ නෙවේ කියන එකනම් වැරදි. තාමත් අපි කන්නේ අපේ කුබුරුවල හාල් පොල්....ඒවා දන්නෝ දනිති.

    ReplyDelete
  11. මම මේ හැම කමෙන්ට් එකකටම උත්තර දෙනවා. දන්නවනේ වැඩ ගොඩ ගැහිලා. කොහොමත් හෙට වෙනකොට අලුත් පෝස්ට් එකත් දානවා.
    ඔබ සැමට,
    සැමගේ කමෙන්ට් වලට ස්තුතියි. ඔබ හැම දෙනාම හරි විශේෂයෙන්, ගිම්හාණී, චතුරංග, සෑම් , රාජ්, රාජ්, මාතලං, මේ හැමෝම කියලා තියන දෙවලට ස්තුතියි. විශෙෂම දෙ ඔබ හැමෝම හරි. අපේ රටේ දෙ වවගන කන එක අපිට ආඩම්බරයක් තමයි. මටත් ඒක එහෙමයි. ඒත් දැන් ගොවියෝ මුහුන දෙන ප්‍රශ්න බැලුවහම මම හිතනවා මාතලං කියන දෙ ගත යුත්තක් තියනවා. මොකද අද පොහොර සහනාධාරය නැත්නම් ගොවියෝ ඔක්කොම එක පාර වහ බොනවා.

    මමත් දකින්නේ පරාක්‍රම බාහු කියන්නේ ලංකාව විනාශ කරපු කෙනෙක් විදියටයි. ලංකාවට නොගැලපෙන ආක්‍රමණ එතකොට බලලෝභීත්වය නිසා නිරපරාදෙ තම ලඟම ඥාතීන් පවා මරා දැමූ පාලකයෙක්. කොතරම් ඔහු දියුනු කලත් දෙවනි පරම්පරාවක් නොහදපු එක අපිට අද දක්වා පිරිහීමට හේතුවක් ලෙසයි මම දකින්නේ. අපෙ දැණුම මදි මේ වාගේ දෙවල් කියන්න/
    . ඒත් මට හිතෙන හැටි එ.

    ReplyDelete
  12. මේ හැම දේකටම විසදුම් තියනවා. නමුත් හරියාකාරව
    ක්‍රියාත්මක නොවීමයි කාරණාව. ප්‍රශ්න ගොඩකට ගොවියන්ට මුහුන දෙන්න වෙලා. පොහොර සහනාධාරය ගන්නත් දින දෙක තුන රස්තියාදු වෙන්න වෙලා. බලන්න ඔවුන්ගේ වටිනා කාලය.

    "අපි වවමු රට හදමු" කීවට වැඩක් නෑ. ගොවියන්ට පහසුවට පෝර ටිකවත් ලබාදෙන්න ඕන. නැත්නම් වැඩිකල් නොගොස්ම මාතලන් අය්ය කීව දේ සිදු වේවි...

    බොහොම ස්තුතියි වටිනා මාතෘකාවක් ගෙන ආවාට.

    (1) විනෝදාස්වාදය ගෙන දෙන ලිපියකුත් .....
    2) ස්ත්‍රී රෝග ගැන ලිපියකුත් ඉදිරිපත් කරන මෙන් ඉල්ල සිටිනවා....

    ReplyDelete
  13. මටත් හිතුනා මේකට හොට දාන්න. පරණ පොස්ට් එකක් වුනත් මම කැමති මාතෘකා ටිකක් ඇදලා අරන් තියෙන නිසාම.

    කුඹ්ක්කන් කුමාරයා පාලකයෙක් නෙමේ. එයා ඒවට වැඩිය කැමති නෑලු. එයා හිටියෙ රාවණාගෙ නංගිගෙ පාලන ප්‍රදේශයෙ. ඒ කාලෙ මිනිස්සු එක කන්නයයි වැඩ කලේ. ඒකෙන් ඇති මුලු අවුරුද්දම ජීවත් වෙන්ට. ඉතුරු මාස 6 නිකන් හිටියෙ. ඒ කාලෙ තමා අපි ඔය වෙහෙර විහාර වැව් අමුනු හැදුවෙ. කුඹුක්කන් කුමාරයා ඒ කාලෙ කලේ බලවත් ද්‍යාන වලට සමවැදුන එක. ඒකයි කුම්බකර්නයා නිදි කිව්වෙ. සිතා කුඹුක්කන් කුමාරයාගෙ නෙමේ. රාවනාගෙ තාත්තගෙ හරි මාමාගෙ හරි මට මතක නෑ.

    අපි ඒ කාලෙ වවපු වී වර්ග ලංකාවෙ පොළවෙ පොර දාන්නෙ නැතුව වවපු ඒවලු. ඒවට කෘමි උවදුරැ එහෙම නැතිලු. ඒත් සුද්දො ඇවිල්ලා රට වී වැව්වා. කන්නෙ කරවලයි රට හාලේ බතට කියලා කිව්වෙ අපි ඒ තරමට ඒවට අකමැති වුන නිසා. අන්තිමට ඒවා වී වෙලා අපි වවපුවා වල් වී වුනා. අපි කාපු පැණි දොඩම් අඹුල් දොඩම් වෙලා රටින් ගෙනාපු වතුර වගේ ඒවා පැණි දොඩම් වුනා. අපේ දේ නැති වුන නිසා තමා මේ දුක.

    ReplyDelete