Tuesday, November 8, 2011

අපි වෛද්යවරයා මුණගැසීමට යනකොට යන්නේ සූදානම් වෙලාද?

වෙද ගෙදර මේ දිනවල ලෙඩ්ඩු පිරිලා. ඒ මදිවට වෙදනා ලොකු ඉස්කෝලෙටත් යනවනේ. ඉතින් එතැන ඉන්න ගුරුවරු වෙදනට ගෙදර වැඩ ගොඩක් දීල නිසා දැන් ටික දිනක ඉඳලා වෙදනා වැඩ, වැඩ, වැඩ, අපෝ තව ටික දවසකින් ගෙදරිනුත් පන්නනවා.

අද මම ලියන්න යන්නේත් මගේ අත්දැකීමක් හැබැයි මේක සිදු වුනේ මේ ඊයේ පෙරේදා.

ඔන්න දවසක් ඉතාම ලස්සනට ඇදගත්තු නෝනෙකුයි, එයාගේ මහත්තයයි දෙන්න දෙමාල්ලො ආවා පොඩි ලෙඩකට බෙත් ගන්න. පොඩි කිව්වට පොඩිමත් නැහැ. ඒත් පොඩි ලෙඩක්. දැන් දෙන්න තරගෙට කථාව. කලින් බේත් ගත්ත තැන්, ඒ තැන්වල වෛද්‍යවරු කරපු මෝඩ වැඩ. මම ටික වෙලාවක් අහන් ඉඳලා මෙයාලගේ කථා තරගෙ අස්සෙම ඇහුවා

"දැන් මේ අය මෙච්චර බේත් ගන්න ගියානම් ඇතිනෙ මහ ගොඩක් වෛද්‍යවාර්ථා ගමුකො බලන්න මටත්"

ඔන්න දැන් දෙන්න කථාව නැවැත්තුව. මුහුණට මුහුණ බලා ගත්තා.
මෙයාල කියනවා.

"අනේ අපි හිතුවේ ආයූර්වේද නිසා ඒවා වැඩක් නැහැ කියලා"

මම "එතකොට ඔය අය ගියේ මේ ශරිර අරගෙන නෙමේද? දැන් ආවේ ආයූර්වේද ශරීරයෙන්? එහෙම නේද? එහෙනම් අපි ගමුකො ඔය වාර්ථා නැවැත. ඒකට යනවා ගෙඩි රුපියල් 25000/= විතර. මම බැලුවේ කලින් ඒවා තියෙනවනම් අත්‍යාවශ්‍යම ටික පමණක් ගන්න."

දැන් දැන ගත්තා වැඩේ වැරදුනා කියලා. ඇයි දෙයියනේ අපේ කොහෙද එක එක වෛද්‍ය ක්‍රමයට වෙන වෙනම පරීක්ෂා කොරන්න පහසුකම්. තියන එකෙ ඔක්කොම කරලා වැඩේ ගොඩ දාගන්න එක වෛද්‍යවරයාගේ වැඩක්. රෝගියාට තේරුම් කර දෙන්න ඕනෙ.

කොහොම හරි දින දෙකකින් මෙයාල ආවා මහා සංසාර සාගත මල්ලක් අරගෙන. මට හිතුනා කරපු මෝඩකමක් කියල. ඇයි? දැන් බලාපල්ලකො ඔය මහා මල්ලම.

ඒ සැරෙ කරපු මෝඩකමට සරියේ කියලා ගත්තා මහ මලෙන් ඔක්කොම වාර්ථා එලියට.

එතකොටනේ වැඩේ දැක්කෙ. මෙතැන තියන්නෙ වෛද්‍ය වාර්ථාම නෙමේ. මට පලවෙනියට අහු වුනේ කිලිටි හංකඩ ගැහුනු ලේන්සුවක්. තිබ්බා පැත්තකින්. ආයිත් දැන පිලිවෙලට බලනවා. මෙන්න එනවා කොපි පොත් වගයක්. ඒකත් වෛද්‍යවරයාට වැඩක් නැහැ. ඊට පස්සේ තිබ්බා වාර්ථා කීපයක්. ආය්ත් බස් ටිකට්. හොඳම වැඩේ කියන්නේ එක පාරටම මල්ලෙන් වැටුනා මොකක්ද කොලයක්. රෝස පාට මේක දැක්ක විතරයි දෙන්න කලබල වෙලා ඇදලා ගත්තා. ඒ ටිකට මම දැක්කා උකස් කියන නම. මට හිතුන දේම ඔබටත් හිතුනනේ.

මේක මම ලියන්නේ කාටවත් උපහාස කරන්න නෙමේ. හිතන්න ඔබට පසු තව කී දෙනෙක් ඉන්නවද වෛද්‍යවරයා මුණ ගැසෙන්න. අපි හිතන්නේ නැති දයක් මම ඔබට කියන්නෙ. අපි හැමවෙලේම

සමහර නොනලා එනවා මේකප් තට්ටුව හූරන්න පොල්ලෙල්ලක් ඕනෙ. හැබැයි අවශ්ය කරන දත්ත, ලෙඩේ ගැන විස්තර මුකුත් නැහැ. කාන්තාවගේ ඔසප් දිනය ඇහුවම මහත්තයාගේ මූණ බලනවා. මහත්තයා මතක් කරනවා. අර අපි පොලේ ගියේ. නැහැ අනේ නැන්ද හම්බු වෙන්න යත්දිනේ. මතක්ද. අපි ඉතින් අහන් ඉන්න ඕනෙ. මම ඕකට කරනවා හොඳ වැඩක් මගේ ලඟ තියනවා මේස දින දර්ශනයක් මම දෙනවා නෝනා අතට ඕක. කොහොමත් විනාඩි ගානක් යනවා වැඩේට.

තව කට්ටියක් ඉන්නවා එනව තමන්ගේ ජංගම දුරක්ථනයෙන් හෝ ගාල කථාව. මම නම් කෙලින්ම දැම්මා එලියට.

මම මේ කියන්නේ මගේ මිතුරු මේක කියවන අයටවත් යම් රෝගයකට බෙහෙත් ගන්න යත්දි වෛද්‍යවරයාට පහසු කරවන්න ඔබට ලැබෙන ප්‍රතිඵල විශ්මිතයි. වෛද්‍යවරයාට අභියෝග දෙන්න එපා. එහෙම කියන්න හේතුව මට මුණ ගැසී ටිබෙනවා සමහර රෝගීන් එයාල හිතන්නේ අපිට දිව්‍යඥ්ඤාණය තියනවා කියලා. සම්මජ්ජාතියේ ලෙඩේ නම් කියන් නැහැ. වෙන වෙන වැල් වටාරම්. හරියට පුළුවන් නම් හිතා ගනින් කියන්න වගේ.

තව සමහරි ඉන්නවා එලියේ ඉන්නකම් හදිස්සියි, අයිතිවාසිකම්, සල්ලි ගෙවලා එන්නේ කථා ගොඩයි. හැබැයි ඇතුලට ආවම එලියට දමා ගන්න දුම්මල ගහන්න වෙනවා.

මම ඔබට කියන්නේ ඔබගේ ලෙඩට බේත් ගන්න යනව නම්, වෛද්‍යවරයාගේ දැණුම, කරුණාව වැඩියෙන් ලබා ගන්න මේ ක්‍රම පරීක්ෂා කරලා බලන්න.
1. තමන්ගේ කථාව කෙටියෙන් ලස්සනට හදා ගන්න.
2. එම රෝගයට කලින් බෙහෙත් අරන් තිබේ නම් ඒ විස්තර.
3. කලින් ගත් වෛද්‍යවාර්ථා දින අනුපිලිවෙලට.
4. වෛදවරයාගෙන් ඇසිය යුතු ප්‍රශ්න.
5. තන්ගේ වැදගත් දිනයන්. කාන්තාවක නම් ඔසප් සෑදුන දින ආදිය ලියා ගත් කොලයක්.
6. ඖෂධ සඳහා එම රෝගියා යම් ආසාත්මිකතාවක් දක්වන්නේ නම් ඒ විස්තර.


මේ ආදී ලෙස පිලියෙල වී යන්න. එවිට වෛද්‍යවරයගේ කාලයත් තමන්ගේ කාලයත් ඉතිරි වෙනවා. ඒ වගේම තමන්ට හොඳ සේවයක් ලැබෙනවා.

33 comments:

  1. කතාව ඇත්තනෙ ලංකාවෙ වැඩි හරියක් ඉන්නෙ අදාල තැනට අනවශ්‍ය දෙවල් අරගෙන යන උදවිය එහෙම අයට පෙන්නන්න ඔන ලිපියක් ඔහොම කියුවට අපිත් සමහරවිට මේ කාන්ඩෙට වැටෙනවා එක හදාගන්න මෙ ලිපිය උදව්වක් !

    ReplyDelete
  2. අයියා වගේ ඉවසීමෙන් ඉන්න අය අඩුයි නේ දැන්..ඔය චැනල් කොරන තැණක ඔහොම කාලේ කෑවනම් අහගන්න තිබ්බ හොඳට...

    අනේ ඇත්තමයි සමහර ගෑනු න්ගෙ වැඩ නම්... ලේ කෝප වෙනව අප්පා...

    ReplyDelete
  3. මමත් මේ කියවනකම් ඇත්තටම දැන හිටියෙ නෑ බටහිර වෙදකමේදි ගන්න වෛද්‍ය වාර්තා ආයුර්වේද වෛද්‍යවරයෙක් හමුවෙන්න යනකොට ගෙනයාමෙන් ප්‍රයෝජනයක් වෙන බව... මා වගේ තව අය ඇති... ඒ නිසා මේ ලිපිය වැදගත් වෙයි හුඟ දෙනෙකුට...

    තව එකක් මා හිතන්නෙ මා නම් එහෙම හිතාගෙන ඉන්න ඇත්තෙ අපේ ගමේ ආයුර්වේද වෛද්‍ය තුමා ( වෙද අයියා ) පැරණි වෙද පරපුරේ කෙනෙක් නිසා , කිසිදාක වෛද්‍ය වාර්තා ගැන විමසා නැති නිසා වෙන්න ඕන... ( මා හිතන්නේ ඔහුට ඒවා කියවා අවබෝධ කර ගත නොහැකි විය යුතුයි )...

    ඒත් මා අද වෙනතෙක් සිතා සිටියේ ආයුර්වේදයේත් බටහිර වෙදකමේත් diagnosis එකකට එකක් වෙනස් බවයි...

    ReplyDelete
  4. ප්‍රයෝජනවත් ලිපියක් . . .බොහොම ස්තූතියි

    ReplyDelete
  5. මට බෲෆන් ඇලර්ජික්.. මන් ඒක හැම වෙලාවෙම කියනවා ඩොක්ටර්ට.. කොළයක ලියල පර්ස් එකෙත් දමා ගෙන ඉන්නෙ.. හදිසි වෙලාවක ඇක්සිඩන්ට් වෙලා කතා කර ගන්න බැරි උනොත් දකියි කියල හිතලා.. මේ ලිපියෙන් තව හිතන්න දේවල් ගොඩක් තියෙනවා.. මේ ළඟදි මන් ගියා ඩොක්ට කෙනෙක් ළඟට
    මම - "ඩොක්ට මට බෲෆන් ඇලර්ජික්"
    ඩොක් -" හොඳයි පුතා, ඉතින් පුතාට තියෙන ලෙඩේ කියන්නකො....."
    ඕන්න ඔහොමයි වෙන්නෙ

    ReplyDelete
  6. බොහෝ දෙනෙකුට මේ ලිපිය ප්‍රයෝජනවත් වේවි.. ඔය හැසිරීම් රටා අපේ අයගේ නිදන්ගත රෝග..

    ReplyDelete
  7. තව එක දෙයක්.
    තමාට තියන වෙන අසනීප ගැනත් වෛද්‍යවරයාට කියන්න ඒවා බෙහෙත් ගන්න ආපු ලෙඩේට සම්බන්ද කමක් නැහැ වගේ හිතුනත්.

    මේක මගේ අත්දැකීමක්. එක පාරක් මට හරිම වියලි කැස්සක් හදුනා. මසගනක් ඇත බෙහෙත් කලත් සනීප උනේ නැහැ. ඉතින් මම වෛද්‍යවරක් චැනල් කරලා ගිය බෙහෙත් ගන්න. ගිහින් කිව්වා මට මස කීපයක ඉඳල සනීප වෙන්නේ නැති කැස්සක් තියනවා කියල. ඉතින්ක් එය උගුර එහෙම බල බෙහෙත් දුන්න. වෙනසක් නැත්තම් සතියකින් එන්න කියල. වෙනසක් නැහැ අපහු ආව. ඒ පර ලේ සම්ප්ලේ එකකුත් බැලුව, පපුවේ X-RAY එකකුත් ගතට, ඓත් බෙහෙත් දුන්න. වෙනසක් නැහැ. තව සති දෙකකින් අපහු අව. බරවා test එකත් කළා. ඔක්කොම නගටිවේ. මේ වෙනකොට මම මී කැස්සට සැහෙන ගානකුත් වියදන් කරගෙන හිටියේ. ඊළඟ දවසේ මම වෛද්‍යවරයාගෙන් නිකමට ඇහුව මට සැහෙන කලෙක ඉඳන් ගස්ට්‍රිටිස් තියනවා කැස්සට එකේ සම්බන්දයක් තියනවද කියල. මොකද ඕක කලින් කිව්වේ නැත්තේ කියල මට Gas වලට බෙහෙත් දුන්න. සති කීපයකින් ලෙඩ දෙකම සනීප උනා.

    ReplyDelete
  8. සහතික ඇත්ත වෙදමහත්තයො..අපි දැන්ගන්ට එපයැ..අපිවගේම බෙත් ගන්ට නොයිවසිල්ලෙන් එලියේ තව මිනිස්සු ඉන්නව කියලා..අනික වෙදමහත්තුරුත් යකඩින් හැදිලැ...ඒ මිනිස්සුන්ගෙත් ඉවසිමේ සිමාවක් කියල දෙයක් තියෙනවනේ..එන ලෙඩා දැනගන්ට ඔනනේ තමන්ට තියෙන අමරුව හරියට කියන්ටත්...

    ReplyDelete
  9. බොහොම වැදගත් කාරනාවක් මතක් කරල තියෙන්නේ.

    වෙනි ගෙ කොමෙන්ට් එකෙන් මතක් වුනේ 'සනීප නෑ ඩෝ' කතාව.

    ReplyDelete
  10. මම නං දොස්තර ලඟට යද්දි වෙද අහහ්තය කියාපු කාරනා 6ම ඒ විදියටම පිලිපදිනව . . . මගෙ හාමිනෙත් පිලිපදිනව. . . එකම අවුල අහන්න හිටපු සමහර ප්‍රශ්න හාමිනේට මතක් වෙන්නෙ ගෙහර ආවම . . එතකොට මගෙන් අහනව ඇයි මතක් කලේ නැත්තෙ කියල. . .. . දීපංකො උත්තර

    @වෙනී:
    බෲෆන් ඇලජික් උනාට සිල්ඩෙන‍ෆිල් ජාති ඇලජික් නැතුව ඇතිනෙ . . . .

    ReplyDelete
  11. හිතුමතේ වෙද ගෙදරට ගොඩ වැදුනේ ඔන්න අදමයි...... ගොඩාක් වටිනවා අද කියවපු ගොඩාක් පොස්ට් වලට මම නොදන්න දේවල් ගොඩායි.. ඇත්තටම සමහර වෙලාවට මටත් ඔය කියන දේවල් ටිකම විදින්න තියනවා නේද කියලා හිතුනා (මම ඩොක්ටර් කෙනෙක් නෙමේනේ) මම ලගට එන සමහර අයත් ඔය කියන ගොඩාක් දේවල් අරගෙන එනවා.... ඒවා ඔක්කොම අයින් කරලා අපිම ඔය මල්ල ඇදලා හොයාගන්න ඔනා ඉතින් ලියකියවිලි...

    බොහොමත් ස්තුතියි මේ කාරණා මතක් කරලා දුන්නට....

    ReplyDelete
  12. අප්පා මම නම් ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ බේත් ගන්න ගියාට පස්සේ ආයේ බේත් ගන්න ගියේ ගිය සතියේ .. ඒ කීවේ මම බේත් ගත්තේ හරියටම අවුරුද්දකින් ..මේ වැස්සකට තෙමිලා සෙම්ගෙඩි පාරක් හැදිලා .

    අපේ පැත්තේ ඉන්න මම හොඳට දැන අඳුනන දොස්තර කෙනෙක් .එයා අපිත් එක්ක බුදු ෆිට් උඹ බං බොලං කියගත්ත කටින්මයි ..ඒක නිසා මම ඔහේ එතනට යනවා බේත් අරං ඔහේ අනවා ..

    දැන් මොනාද ඔය බෲෆන් සහ සිල්ඩෙන‍ෆිල් මට ඉක්මනින් කියන්ඩ කවුරුහරි කෙනෙක්

    ReplyDelete
  13. හොදවෙලාවට අපි ඔය සබ්ජෙක්ට් එක ගැන දන්නෙ නැත්තෙ නැත්නම් අපිටත් තිබුන ඔය මොනවහරි බෙහෙත් නම් ටිකක් දාන්න .. හික් ස්

    @ ඔනයා යකො මට තියෙන්නෙත් ඔය ප්‍රස්නෙමයි මම හිතන්නෙ ඒ මෙ වයිෆ්ලගෙ හැටි

    ReplyDelete
  14. අපිට තියනව නේ හිස්ට්‍රි ටේකින් කියල දෙයක් කරන්න!ඕක කරන්න ගියාම තමා ගලක් බැඳගෙන ගඟේ පනින්න හිතෙන්නේ!කියන්න ඕන දේ නෙවෙයි කියන්නේ,අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ!ඊගාවට ඕක හරියට ලිව්වේ නැතිනම් සර්ලගෙන් බැනුම් අහන්න වෙන්නෙත් අපිට නේ!

    ReplyDelete
  15. මතු ප්‍රයෝජනය සදහා සුරැකිව මතකයේ තබා ගනිමි......

    ReplyDelete
  16. බොරු මොකෝ මගෙත් ආසන්නම වාර්ථාවක් හොයාගන්න අමාරුයි , ඒත අපේ ආච්චි අම්මගේ වාර්ථා නම් පිලිවෙලකට තියාගෙන ඉන්නේ , හැබැයි ගෙදර අනික් අයගෙත් වාර්ථා හොයන්න ලේසි නැ

    ReplyDelete
  17. වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දන්වන්න
    sherath123@gmail.com

    ReplyDelete
  18. ඔබ මේ ලිපිය ලිපිය හරිම සිත් ගත් ආකාරයට ලියා තිබෙනවා . සම්පූර්ණ ඇත්ත කතාවනම්. බොහෝ අය යන්නෙ කිසිම් සූදානමක් නැතුව . එතනදී තමයි ඔක්කොම මතක් කරන්න පටන් ගන්නෙ . තවත් සමහරු ඉන්නව ගෙදෙර ඉන්න තරම් දරුවන් ටිකත් අරගෙන යනවා . අනේ ඉතින් අර වෛද්‍යවරයාට දරුවන් නලවන්නත් වෙනවා . මෙවා ගැන පොඩ්ඩක් හිතන්න ඕන අපේ කාන්තාවන් විශේෂයෙන් .. අනිත් එක තමයි ඕනම කාන්තාවකට හොඳයි තමන්ගේ ඔසප් දවස් පොඩි පොකට් කැලන්ඩර් එකක සටහන් කරනවනම් . එත් ඒක විතරක් නැත්නම්, නැත්නම් අපේ අය ඒකෙත් ගෙදෙර ගෑස් ඉවර උන දවසයි පොඩි එකාට බේත් විදපු දවසයි ඒවත් ඒකෙ ලියනව ..

    වැදගත් කරුණු ටිකක් . දැනුවත් කලාට ස්තුතියි ...

    ReplyDelete
  19. අර බෑග් එකේ අවශ්‍ය දේ තිබුනද?

    ReplyDelete
  20. ලොකු ජෝන්,
    ස්තුතියි. මම දකින්නේ අපි හැම විටම සූදානම් වෙලා ඉන්න ඕනෙ. කවදා කොතැනකදී, කොහොම ලෙඩ දුක් අපඉව වෙලා ගනීද කවුද දන්නේ. ඒ නිසා හැම විටම සූදානම් ශරීරෙ හොඳයි.

    පිස්සාගේ පලාමල්ල,
    මල්ලී මට නම් මේ ඉවසීම තිබෙනවා. අනික මම මේ දේවල් වලින් යමක් ඉගෙන ගන්නවා. හැබැයි හැමෝම එහෙම නැහැ. ඒ නිසා සූදානන් ශරීරෙ ඒකයි මම කියන්නේ.

    සපතේරු උන්නැහැ.
    ඔව් අපි දෙගොල්ලන්ටම මේ වාර්ථා ඕනෙ වෙනවා ඔබ වෙනුවෙන් ඒ ගැන දිනක ලියන්නම්. හැබැයි රෝග නිර්ණය එක වගේම නැහැ. මූලික සංකල්ප වලට අනුව තමයි අපි රෝග නිර්ණය කරන්නේ. බටහිර වෙනත් ක්‍රම තිබෙනවා. ඒත් රෝග නිර්ණයට මේ වෛද්‍ය වාර්ථා ආයූර්වේද වේවා බටහිර වේවා අවශ්‍යමයි. මේ ගැන හොඳ දැණීමක් දැන් අපේ වෛද්‍යවරුන්ට තිබෙනවා.

    දුකා,
    බොහෝම පින් අගැයීම ගැන.

    වෙනි,
    ඔබ ඉතාම නිවැරදියි. එහෙම තමයි කල යුත්තේ. ඒ ගැන හැම විටම දැණුවත් කරන්න. ඉතාම නිවැරදියි.

    ඉඳුණිල්,
    පිං, ඔබට ස්තුතියි!

    ආර්,
    මගේ ලිපියේ හරය ඔබ ඉතාම නිවැරදි ලෙස උදාහරනයකින් ලබා දුන්නා.

    රාජ්,
    ඔව් ඒක හරි. මමත් හරියට අපහසුතාවයකට පත් වෙනවා. මගේ ක්‍රමයක් තිබෙනවා. රෝගියා සමඟ මාසෙකට සැරයක් වැඩිපුර සාකච්චා කරනවා. එදිනට ඒ වගේ වැඩි වෙලා යන අය ඇතුලට ගන්නේ ඉක්මනින් යවන්න පුළුවන් අය ඉවර කරලා. ඒ ගැන මගේ ලඟ දත්ත තිබෙනවා කාටවත් කරදරයක් බෙන්න මම ඉඩ තියන්නැහැ. හැබැයි සමහර අය කලින් ඇවිත් වගේ දේවල් කියලා ඉක්මනින් යන්න හදනවා. මම ඒ අයට එදාට බේත් දෙන්නේ නැහැ. ඒ නිසා මාගැන දන්න අය ඉන්නවා ඉවසගෙන.

    ඔබා අයියා,
    ඒ කථාව දන්නේ නැහැනේ. හැබැයි බොහෝ අය එන්නේ නම් එහෙම තමයි. වාසනාවකට මගේ රෝගීන් සුව වෙලාද බලන්න වෛද්‍ය වාර්ථා අවශ්‍යයි. එහෙම නැතුව මුකුත් කියන්න බැහැ.

    ඕනයා,
    මලා අදනේ ඒ කෑල්ල දැනගත්තේ. මගේ කට්ටියත් එහෙම වෙන්න ඇති.
    වෙනියට නම් ඒවා ඕනෙ නැහැ. හැබැයි ඕනයා රට යන්න කලින් ඒ පැත්තේ ෆාමසිවල මේවා හිඟ වුනාලු නේද?

    හිතුමතේ,
    හිතුමතේ ආවාට බොහෝම ස්තුතියි. පිළිගන්නවා වෙද ගෙදරට. එන්න හැමදාම.

    හිස් අහස,
    පොඩ්ඩො මේවා ලොකු අයගේ බෙහෙත්. බ්‍රෆන් නම් වේදනා නාශකයක්. මතකද ඕනයා දාල තිබ්බ බුකියේ රූපයක්. අර සැමියන් පරිස්සම් කර ගන්න හැටි කියලා. අන්න දැන් තේරෙනවනේ.

    ලොකු ජෝන්,
    ඔන්න ඕනයාට තව කට්ටිය එකතු වෙනවා. අර එකතු කරපුවා දැන බෙදලා දෙන්න. ලොක්ක නම් දන්නේත් නැති එකේ.

    රතු මුහුද,
    මතු ප්‍රයෝජනවත් නොවේවා.

    ශිරාත්,
    ඔබට ඊයක් එවන්නම්.

    ගිම්හාණී,
    මම බැලුවා මොකදෑඅ පරක්කු කියලා. දැන් ගිම්හාණී නැත්නම ඒ පෝස්ට් එකෙන් වැඩක් නැහැ. ඔබගේ දක්ෂ පක්ෂ නැහැ නැහැ අපක්ෂපාතී විචාරය මට සතුටක්. ඔබට ස්තුතියි.

    බතී,
    තිබ්බා අනෙක් දේවල් අස්සන් අමාරුවෙන් හොයා ගත්තා. මම පස්සේ මා ගනනේ ඒවා වෙන වෙනම ෆයිල් කරලා ඇමිනුම කටු ගහලා සකස් කරලාත් දුන්නා.

    ReplyDelete
  21. බුවා,
    සමාවෙන්න ඔබව මඟ හැරුනා පිලිවෙලට එත්දි. ඒකනම් හොඳ වැඩක් නෙමෙයි. ඔබ සිටිනා තැනකම ඔබේ වෛද්‍යවාර්ථා අඩංගු ලිපි ගොනුවක් හැම විටම තිබිය යුත්යුයි. එවිට ඔබට යම් උවදුරක් වුවොත් ලගක ඉන්නා කෙනෙක්ට හරි ඔබව රෝහලට ගෙනියත්දී මේ ලිපි ගොනුව ගෙනිච්චම වෛද්‍යවරයාට ඉතා පහසුයි. නැත්නම් බොහෝ වෙලා යනවා නිසි ප්‍රථිකාරයක් ලබා දීමට. මොකද හැම වාර්ථාවක්ම අලුතෙන් ලබාගත යුතු නිසා. මේකටත් මිනිස්සුන්ට මල පනිනවනේ. මෙච්චර වෙලා ගියා බෙත් පෙත්තක් දුන්නේ නැහැ. වැඩ කෝටියයි. එහම බෙහෙත් දෙන්න බැහැ. හැබැයි ඔබගේ වෛද්‍යවාර්ථා එක්ක ඔබව ගෙනාවොත් ඒක ඉතාම පහසුවක් අපට.

    ReplyDelete
  22. මේ ලිපිය ගොඩක් වටිනවා වෙද මහත්තයෝ

    රිපෝර්ට් ටික කොහොමටත් ඉස්පිරිතාලේ තියෙන නිසා ඒකෙ ගැටළුවක් නැහැ
    මෙහේ හැම කෙනාටම අදාළව ෆයිල් එකක් තියෙනවා ඉස්පිරිතාලේ
    ඒක බලපු ගමන් දොස්තර දන්නවා සතා කවුද කියලා :)
    ඒත් ඉතින් කඩ්ඩෙන් සමහර ලෙඩ වලට සහ අපිට තියෙන අමාරුකන් දොස්තර මහත්තයට කියන එකනේ ගේම
    මමනම් ගොඩ වෙලාවට යන්න කලින් ඒ ටික කොලේක ලියාගෙන යනවා

    අද තමයි මම මුලින්ම වෙද මැදුරට ගොඩ උනේ(මට මතක විදිහට)

    ReplyDelete
  23. //හැබැයි ඇතුලට ආවම එලියට දමා ගන්න දුම්මල ගහන්න වෙනවා.//

    හපොයි ..දුම්මල කෙසේ වෙතත් ඔන්න අපි නම් තේ එකකුත් බීලයි ආවේ...

    ReplyDelete
  24. රෝගියා ඇඳගෙන යායුතු ඇඳුම ගැනත් සැලකිලි මත් වෙනවානම් හොඳයි කියලයි මට හිතෙන්නේ.සමහර අය සිරුරට ඉතාම හිරවෙන ඇඳුම් ඇඳගෙන ඇවිත් අපහසු තාවයට පත් වෙන බව දැක ඇත්තෙමි.

    ReplyDelete
  25. ලොකු පුතා,
    ඔබව සාදරයෙන් පිලිගන්නවා වෙද ගෙදරට.

    ලකී,
    තේ නොදී කොහොමද? දුරකතර ගෙවාගෙන ආවම.

    ඇනෝ,
    ඔබට ස්තුතියි. මම හිතලම නොලීවේ හැබැයි ඔබ ඒක මතු කලා. ඒ ගැන නම් කියලා වැඩ්ක් නැහැ. දිනක් කෙනෙක් ආවා ඇගේ ස්කෑන් පරීක්ෂණයක් කරන්න තිබ්බේ. මගේ ස්කන් පිළිබඳ වෛද්‍යවරියට මා ඉදිරිපිට පුදුම අපහසුතාවයකට පත් වෙන්න සිදු වුනා රෝගී කතගේ ඇදුම නිසා. රෝගී කතව සම්පූර්ණයෙන්ම නිරුවත් කරන්න වුනා ඇයගේ ස්කෑන් පරීක්ෂණය කිරීමට. මහම වදයක් වින්ද දවසක්. ඒ නිසා ඔබට ඉතාමත් ස්තුතියි ඒ ගැන කිව්වට.

    ReplyDelete
  26. සඳරූ මේක ආයි බැලුවොත්.. බෲෆන් කියන්නෙ තදබල වේදනා නාශකයක්..මගේ කොන්දෙ අමාරුවකට දීලා රෑ බිව්ව.. පහු වෙනිදා උදේ මගෙ තොල් ඉදිමුනා කාපිරියෙක්ගෙ වගේ..ඩොක්ටර්ටත් හිනා ගියා දැකල. සඳරූට දැම්ම ඕනි නැහැ සිල්ඩෙනෆිල් ගැන දැන ගන්න..
    ඕනයා - සිල්ඩෙනෆිල් මට ඇලජික් නැහැ.

    ReplyDelete
  27. මේක නම් සැබෑම වැදගත් ලිපියක් දොස්තර මහත්තයෝ... සමහර ලෙඩ්ඩු දොස්තර ලඟට ගියාම රටේම වැල්වටාරම් ටික කතා කරල තමයි එලියට එන්නෙ... දොස්තරත් එක්ක හිතවත් නම් ගතකරන කාලය තවත් වැඩියි...මොකෝ ලෙඩාව පන්නන්නයැ... ඉතින් අනිත් මිනිස්සු මොන ලෙඩේ තිබුනත් කාගෙන ඉන්න ඕන...
    අපේ ගෙදර නම් එක එක්කෙනාට වෙන වෙනම ෆයිල් තියෙනවා... ඕනම ලෙඩක වෛද්‍ය වාර්තා ටික යන්නෙ ඒවට... දොස්තර ලඟට යනකොට කියන්න, අහන්න ඕන කියලා හිතෙන දේවල් කොලේක ලියාගෙන යනවා... හැමදේම දොස්තරට කියන්නෙ මහත්තය, මගෙන් දෙයක් ඇහුවොත් ඇරෙන්න...

    ReplyDelete
  28. නැවත බැලුවෙමි සින්ඩෙෆිල් ගැන මම ඕනයාගෙන් අසාගතිමි .. ඔබ සැමත් ස්තූතියි

    ReplyDelete
  29. @වෙනී:
    හා හා හොරේ දැනුනා දැනුනා . . . .

    ReplyDelete
  30. ඕනයා ඒක මොන හොරයක්ද බන් උඹ කවදාවත් මගෙන් කෙලින් අහල තිබ්බෙ නැහැනෙ.. අහල තිබ්බනම් මන් කියනවා බොට ඔය රු. 700/= 800/= නොදී රු 80/=කින් විතර වැඩේ කර ගන්න හැටි ! මෙච්චර බෝ පැලේ වගෙ කේන්ති නොගෙන ඉන්න වෙද මහත්තයා බොලාගෙ බෙල්ලෙන් ඇදලා එලිය දමනවා මෙතන නොසංඩාල ප්‍රශ්ණ අහනවට..

    ReplyDelete
  31. ඉතා වැදගත් ලිපියක්.

    //සමහර නොනලා එනවා මේකප් තට්ටුව හූරන්න පොල්ලෙල්ලක් ඕනෙ//

    මේ ගැන නෝනලා හැමෝගේම බලවත් විරෝධය ඔවුන් වෙනුවෙන් ප්‍රකාශ කර සිටිමි....:D:D:D

    (රහසින්) කතාව ඇත්ත.:)))

    ReplyDelete
  32. @වෙනී"
    80/=ක් ඕනෙත් නෑ . . එරික්ස් රුපියල් 35යි...

    ReplyDelete
  33. හුඟක් වැදගත් ලිපියක්.
    ඉස්සර ඉන්ටර්න්ෂිප් කාලෙ සායනයට එන බහුතරයක් ලෙඩ්ඩු ලෙඩේ කියන්න පටන් ගන්නෙ මෙහෙම:
    "දැන් ටික දවසකට කලින්, ඔන්න මම රෑට උයල එහෙම ඉවර වෙලා, මෙයත් දැන්මම කන්ඩ බඩගිනි නෑ කිව්ව හින්ද, ටීවී බලන්ඩ ඉඳගත්තා. අපි දෙන්නා මෙහෙම මෙහෙම ඉඳගෙන හිටියෙ. ඉතින් ප්‍රවෘත්ති බලලා ඉවර වෙලා, ඊට පස්සෙ අට හමාරෙ නාට්‍යයත් බලන්න ගත්තා. ඒක බලලා ඉවර වෙනකොට නවයත් පහු වෙලා. ඊට පස්සෙ මං ඇහුවා දැන්වත් කමුද කියලා. එතකොට මෙයා....."

    සිහි නැති වුණු ලෙඩ්ඩු බලන එක ලේසියි. :D

    ReplyDelete