Sunday, November 13, 2011

මාතර බසේ අපූරුව.

අද මම ඔබට මගේ බ්ලොග් ඉතිහාසයේ පළමු වතාවට වෙනත් අයෙක්ගේ ලිපියක් එතුමාගේ අවසරය ඇතිව පලකිරීමටයි සූදානම. මේ ලිපිය ලියන්න මූලාශ්‍ර ලබා ගත්තේ සමරසිංහ ගුණසේකර මැතිතුමා විසින් ලියන ලද "අපේ ගම මාතර" නම් කෘතියෙනි. එම මුළු කෘතියම ඉතා රසවත් ග්‍රන්ථයක් වන අතර ඔබට මාතර රාහුල පාරේ නො.97 ලබා ගැනීමේ හැකියාව පවතිනවා. මෙම ලිපියේ අඩංගු "මාතර වචන" වැඩි ප්‍රමාණයක් ලබා ගත්තේ එතුමාගේ ග්‍රන්ථයෙනි.

හින්නිකිතර යමක් ඔබට පවසන්නේ භාෂාව ගැන මාගේ දැණුම සීමිත බැවිනි. මා කොළඹ සිටින්නේ නම් ඔබට එය පවසන්නේ කෙටියෙනි, නැතහොත් ස්වල්පයක් වශයෙනි. තවද මට මාතරදී එය ඩිංගිත්තක් ලෙසද පැවසිය හැක. එසේම පොඩිත්තක් කියාද කීවාට මාතරදී නම් කමක් නැත.

පෙර ටික කාලයකට කලින් විජය මාලනී රඟපෑ අපූරු චිත්‍රපටියක් කොළඹදී "මේ දෑස කුමටද" ලෙස නම් වෙත්දී මාතරදී එම නම අසාර්ථක වූ බැවින් " මේ දෑස මක්කටෙයි" යනුවෙන් ව්‍යවහාර වූවා යැයි කියනා විහිළුවක්ද අපේ විශ්වවිද්‍යාල සමයේ ප්‍රචලිතව තිබූ බව මට මතක තිබේ. මගේ දැනුමේ හැටියටද එය යම් සත්‍යයක් ඇත්තකියි සිතෙනුයේ මාතරදී "මොකටද" කියා මාද අසන්නේ නැති බැවිනි.

ඔබ මට මාතරදී ඔහේය. ඒ නිසා අද මා මාතර සිටිමින් ලියනා මේ ලිපියේදී ඔහේ යනුවෙන් ඇමතුවේ නම් ඒ ඔබටයි. ඒ කෙසේ වෙතත් මාතරදී ඔහේලා කාටවත් තමුසේ කියා ඇමතීමෙන් වලකිනවා නම් ඇඟට ගුණය. ඒ මාතරදී තමුසේ කියා ඇමතීම එතරම් සුහද ඇමතීමක් නොවන බැවිනි. හැබැයි මාතරදී හාමුදුරුවන්ද, මව මෙන්ම පියාද ඔහේම වන්නේය.

හොඳින් වැඩකර ඇඟ මහන්සි කරන මාතර කාන්තාවන් හීන්ය. නමුත් කොළඹදී නම් ඔවුන් කෙට්ටු බව අපට පෙනෙ. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඔවුන්ද කාන්තාවන් මෙන් හීනි නිසා හින්නෝ වෙතැයි සිතේ.

ඔහේලාට මාතරදී මාළු කන්න සිතුනොත් ඒ කුමන මාළුදැයි පහදා දෙන්න. නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජනවේ. මාතර ඇත්තන්ට සමහර විට හොද්දක් කන්නට සිතේ එනම් ඇටවල්ලන් වැනි මාළු කිරසට හෝ මිරිසට හොදි සාදා කෑමට සිතීමයි.

ඔහේලා කොළඹදී බත් උයනවා නේද? නමුත් මාතර දී බත් උයන්නේ නැත. මෙහිදී බත පිසියි. කොළඹදී බතක් උයා සම්බෝලයක් සමඟ කෑමට ගත හැකි වුවත් මාතරදී, හැකි වන්නේ බතක් පිහා සම්බලයක් සාදා ගැනීමටයි.

කොළඹදී අපි රසට කන කෙහෙල්මුව මාතරදී වතුමොයියාය. කොළඹදී කීර යනුවෙන් හඳුන්වන මැල්ලුමට ගන්නා කොල වර්ග මාතරදී පලාය. කොළඹ පොලොස් මාතරදී පැහි වේ. කොස් මාතරදී හෙරලි බවට පත් වේ. කරපින්චා මාතරදී කරපුන්චා වන අතර පපඩම් පප්පඩම් වේ. බිත්තර බිස්තර වන අවස්ථාද නැත්තේ නොවේ. යම් එලවළුවක් හෝ මාළුවක් උයා ගැනීමෙන් හට්ටියේ අඩියේ ඉතිරිවන බොරයට මම කවදත් ආසා ඇතත් මාතරදී මට ලැබෙන්නේ මායමය.

සූතිකාවන් හෙවත් දරුවන් වැදූ පිටම කාන්තාවන්ට දෙනු ලබන හොද්ද කොළඹදී තැම්බුන් හොද්ද වන විට මාතරදී එය කායම් හොද්ද නැතහොත් මායම් හොද්දයි.

ගස්ලඹු යනුවෙන් හඳුන්වන පලතුර මාතරදී පැපොල්ය. ඉතා රසවත් බීමක් සාදා ගත හැකි දිවුල් මාතර අයට ජූල්ය.

මාතර දරුවන්ට ආච්චිලා සීයලා නැත. ඉන්නේ ආත්තලා, මුත්තලා සහ සමහර අයට සිටින්නේ ආත්තම්මලා සහ මුත්තම්මලාය.

මාතරදී ප්‍රයෝජනයට ගන්නා උපකරනද වෙනස්ම ඒවාය. එනම් මාතර මිනිස්සු වෑයෙන් රහිති, උදැල්ලෙන් අහිති. කඩදාසි කරදාසි බවට මාතරදී පත් වේ. එසේම සබන් රබන් වන අවස්ථාද මම දැක ඇත්තෙමි. දණහිස් කටුවට මාතරදී වහරන්නේ දණ පොලොත්ත කියාය. ඒ නිසා දිය ලුණු දමන්නේ පොල්කටුවේ නොව ලුණු පොලොත්තේය.

මාතරදී මයිනා ගොන්කවඩියා වන අතර තණ කොළ පෙත්තා කොම්බුට්ටා බවට පත් වේ.

මාතර මිනිස්සු ළතෝනි දෙති. සමහර අය කෑගසති, ඒ වගේම තවත් විටෙක මොර ගහති. හැබැයි හැම විටෙකම දොඩති. මාතරදී දෙඩීම විවිධාකාරය. එකිනෙකා දෙඩන අතර කට්ටියක් පිස්සු විකාර දොඩවති. ඒ මාතර දී පමණය.

මගේ වෙද හාමිනේගේ පියා ජීවතුන් අතර සිටිත්දී සිංහළ අලුත් අවුරුද්දට කල ප්‍රධානම කාරියක් වූයේ අසල් වැසි ගෙවල් අලෙයි කරන්නට යාමයි. එතුමා ජීවත් වූ ප්‍රදේශයේ වැඩි දෙනෙක් තම ගෙය අලෙයි කර ගන්නට එතුමාවම නිති පතා කැදවූහ.


මාතර මව්න්ගේ ඇති ගුණයක් නම් මව්වත්කමයි. ඒ අතින් කාටවත් ඔවුන් පරාද නොවන බව මම නම් අත්දැකීමෙන්ම දනිමි. ඒ මාගේ වෙද හාමිනේගේ මව නිසාය. ඇය මට ඒ තරමට ලෙන්ගතුය. ලෙන්ගතු බවද මාතරදී දැකිය හැක්කකි. මේ සියල්ලටම හරියන්නට අලුකුත්තේරුවන්ද මාතර සිටිති. ඒ කවුදැයි මට වඩා හොඳින් මාතර මිනිස්සු දනිති. ඒ වැන්නන්ගේ කටකමිස්සිරියාව දැකිය හැක්කේ ඡන්ද කාලයටයි. හැබැයි විපක්ෂයට වැටුනොත් නම් ඔවුන්ගේ කටකමිස්සිරියාව නැති වී යයි. එවිට නැවත ඔවුන් කුරුන්ද කුරුන්ද ඊලඟ ඡන්දය එනතෙක් බලා සිටිති.

78 comments:

  1. අපේ ගම මාතර කෘතිය මම ගත්තෙ 2010 පොත් ප්‍රදර්ශනෙන්. කතුවරයාවත් හමු වුණා ඒ කුටියෙදි. :D

    මාතර නෑයන් නොහිටි මට මුළින්ම මාතර වැසියන් හා ආශ්‍රයක් ඇති වුණේ අහම්බෙන්. ඒ කතරගම ගිහින් ආපහු එන ගමනෙදි අප හා සිටි මිතුරෙකුගෙ නෑයන්ගෙ ගෙදර නවතින්නට යාම නිසා. අවුරුදු ගානකින් පය තැබීමක් තියා දුරකථන ඇමතුමක්වත් දී නොතිබුණාට ඒ අය අහම්බෙන් රෑ මැද කඩා වැටුණු නන්නාඳුනන අපව ඉතාම ආදරෙන් පිළිගෙන සැළකුවා. ඒ ගෙදර ගෑණු ළමයා මගෙන් ඇහුවා "ඔයා කොයි ඉස්කෝලෙයි?" කියලා. :D

    පස්සෙ කාලෙක මාතර වැසියන් හුඟ දෙනෙක් අඳුනගත්තා. කොළඹ ඉන්නකොට, මුළින්ම අඳුනගන්නකොටනම් ඒ ගොල්ලො කොළඹ වැසියන් විදිහට ඌරුව වෙනස් කරලයි කතා කළේ. පස්සෙ ෆිට් එක වැඩි වෙනකොට මාතර ඌරුවට බැස්සා. :D

    ReplyDelete
  2. ඔයැයිතුත් හින්නික් විතර මාතර අහට මනාපයි වගේ නේ.
    ඔය කොයි කවරුත් මාතර උදවියට මනාපයි, දක්ෂයි , ඒවාගේම කපටි. ඒවාගේම ස්වාමිභක්තිය අතින් හොඳම ගැහැනුන් ඉන්නේ මාතර කියැලැයි මං නම් අහල තියෙන්නේ.

    හොඳට රසට පිසින , ගැහැණු උදවිය ඉන්නෙත් ඒ අහම තමා.

    අනේ මන්දන්නෙ නැහ , දැන් නම් ඉතින් කලවම් වෙලා ,කොයි අහ ඉන්නෙත් එකම ජාතියේ ඈයෝ.

    ලංකාවේ කොයි ගියත් මාතර උදවියට කට්ටි විහිළු කරන්නේ මේ භාෂා ප්‍රශ්ණය නිසා තමයි.

    දොඩන් නැහැ අවාරේ.
    මේ දැස මක්කටෙයි
    ඒවැයින් බිඳක් විතරයි.....

    එහෙනම් ඔයැයිට ගොඩාරියක් ඉස්තූතියි෴

    ReplyDelete
  3. ඔහේ මක්කෙයි මේ ලියල තියෙන්නේ?? අපේ ගම විහිලුවට ගන්නවැයි??
    ඔහෙට කියන්න අපේ නැන්දා(තාත්තගේ අක්කා) කොළඹ ආවෙ ලඟදි!එයැයි පොලේ යන එකාට එලවලු ලිස්ට් එකක් දීලා අරං වරෙන් කියලා දවල්ට පිහන්න..මිනිහා ඇවිත් කියනවා නෝනා ඔක්කොම ගෙනාවා රට පුහුල් කියල ලියලා තියනවා..මුලු පොලේම හෙව්වා හම්බුනේ නෑ කියලා..පස්සෙ බැලින්නම් වට්ටක්කා වලටලු එහෙම කියන්නේ! අරූ ඕක අහගත්තු ගමන් ඔලුවේ අත ගහ ගත්තා එතනින් එහාට මුකුත්ම කිව්වේ නෑ :)

    ReplyDelete
  4. හරිම අපූරුයි..
    මාතර බසේ අපූරුව කිව්වම මම හිතුවෙ මහ වෙදනා කාර් එක පැත්තකට දාලා මාතර කොළඹ ලේලන්ඩ් බස් එකක පැයට කිලෝ මීටර් 20 සිට 100 දක්වා වෙනස් වෙන වේගෙන් ගතකරපු භයංකාර පැය හතරක් ගැන කියන්න හදනවා කියලා.. මේක එහෙම එකක් නෙවෙයිනෙ..

    මමත් ඔය පැත්තෙ අවුරුද්දක් දෙකක් හිටිය නිසා අත්දැකීම් නම් අපමණයි..ඒත් බොහොම දෙනෙක් නගරෙට ඇවිත් තෙම්පරාදු වෙලා නිසා මාතරටම ආවේණික වචන නම් ඒ අය අතින් කියවෙන්නෙ බොහොම අඩුවෙන්. ඒත් තවමත් වචන උච්ඡාරණය කරන විදියෙන් මාතර ගාල්ලෙ කෙනෙක් හඳුනගන්න එක නම් හරිම පහසුයි.
    හැබැයි මට හිතෙනවා ඒ වචන වල මොකක්දෝ අපේ කමක් තියනවා කියලා....

    ReplyDelete
  5. කතරගම රෑ බස් එකේ ගිය ගෑණුකෙනෙක් එක පාරට නැගිටල වටපිට බලල මුකුත් පේන්නෙ නැති තැන් ලඟ උන්නු මනුස්සයෙක්ගෙන් ඇහුවලු "මේ මාතරද?" කියල. මිනිහත් එකපාරට හිනාවක් එහෙම දාල "නැත් නැඟනියනි එතරම්ම නැත" කිව්වලු.

    ReplyDelete
  6. හරිම ලස්සන භාෂාවක් නේ. ලංකාව ඇතුලෙම උනත් දැනුනේ වෙනත් රටකට ගියා වගේ. 'ගම් පෙරලිය' ෆිල්ම් එක සහ තවත් මොකක්දෝ අලුත් ටෙලි ඩ්‍රාමා එකක් බැලුවා. 'ස්වයංජාත' මගේ හිතේ. ඒ දෙකම ඔය පැත්තේ කතා. බලනකොට දුවලා යන්ට හිතුනා.

    හැබෑට හොඳම භාර්යාවෝ ඉන්නේ ඒ පැත්තෙද?...:D
    රසට උයන්ට පුලුවන් අයත් ඉන්නේ ඒ පැත්තෙද?...:D

    මහ වෙදනාට පුලුවන් නම් උඩරට අය ගේ කතා ටිකකුත් දාන්ට පුලුවන් නම් හරිම අගෙයි.

    ReplyDelete
  7. වෙනසකටත් එක්ක ලියවුනු ලිපිය අගෙයි

    ReplyDelete
  8. "හොඳින් වැඩකර ඇඟ මහන්සි කරන මාතර කාන්තාවන් හීන්ය. නමුත් කොළඹදී නම් ඔවුන් කෙට්ටු බව අපට පෙනෙ. ඒ වගේම මාතර කූඹි නැති අතර ඉන්නේ හින්නෝය. ඔවුන්ද කාන්තාවන් මෙන් හීනි නිසා හින්නෝ වෙතැයි සිතේ."

    ඒ ඡේදය කියවන කොට මට හිතුනා ඇත්තටම කූඹින්ගේත්ශරීර හැඩය "ඉඟ සුඟ ගත හැක මිටින.." ... නේද ?

    ReplyDelete
  9. දයාබර වෙදමහත්තයෝ....ඔබ මෙසේ මුමුනද්දි..වර්ථමානයේ මා ලබන අද්දැකීම් සිහිවී මසිතයම් චමත්කාරයකින් වෙලී ඇත..ඒ මන්ද යත් මා සියනැකොරලයේ ඉපිද හැදිවැඩුන එකේකි...නමුත් මා ප්‍රියාදර බිරිඳ...මාතර...කඹුරුපිටිය ආසන්න ගමක එකීයකි.... ඉදින්..ඈ හා ඇගේ ආදරණිය දෙමාපියන් ඇතුලු නෑ සියන්ගේ බස් වහර මට නවමු අද්දකීමකි....
    ඒ විතරක් නොව දෛවයේ සරදමකට මේ මා මුල් රැකියාවෙදී ගොස් නැවතුන සුන්දර දෙනියාය ගම්පියස ඇගේ මවුගේ මුල්ගමය...

    ReplyDelete
  10. ඇත්තටම මාතර බස තමයි නියම බස කියල මාගේ මිතුරකු වූ අශෝක, වරෙක එතර රටක සිටියකදී අනෙක් ප්‍ර‍දේශ මිතුරන් හා වාද කලා.බස උච්ඡාරනය වෙනස් වුනාට නලිනි කිව්වා වගේ අපෙ ආගන්තුක සත්කාරත් බොහොම ඉහලයි.
    මට මතකයි දැනට අවුරුදු ගානකට කලින් දුරකතන හැම ගෙදරකට නොතිබුනු කාලේ,අපේ නුවර බාප්පා(අම්මගෙ නංගි බැදපු කෙනා) කාර්යාලයේ හිතවතුන් සමග රෑ මළ ගෙදරක එනවා කියලා හවස 6 ට විතර අපෙ ගෙවල් ළග ගෙදරකට 4n කරලා කියලා අපිට කියන්න කියලා මාලු මොනව හරි හදලා තියන්න කියලා.එයා ඇවිත් පනිවිඩේ කියලා කියනවා “මාර වැඩේ තමයි,මේ රෑ කොයින්ද මාලු ගන්නෙ කියලා“ අපේ අම්මා ඉතින් කියලා දුන්නා නුවර බසාව අපිට වැඩිය වෙනස් කියලා.....

    ReplyDelete
  11. "ඇහැක් විදියට කනක් අඳින්න" කියලා මාතර පැත්තේ ගුරුතුමෙක් නුවර පළාතේ ඉස්කෝලෙක ළමයින්ට කියපු කතාවකුත් අහලා තියෙනවා.

    ReplyDelete
  12. ඔහේ මක්කැයි මේ දොඩන්නේ. මේ කොදෙව්වේ මාතර හෝටලයක් නැති ටවුමක් ඇතෙයි. අපේ මුත්තත් සාලුව කරේ දාපූ ඔයි අහ වාහේ කෙනෙක් වග ඔහේ දන්නවයි.

    ReplyDelete
  13. මා මේ වනවිට ලංකාවේ නොයෙක් පැතිවල සේවය කර ඇත .එහෙත් කිසිම දිනෙක අනුන්ගේ විහිලු නිසා මාගේ මුල් උරුමය වෙනස් කරනොගත්තෙමි මාතර මිනිසුන් තමන්ගේ හදවතේ ඇති දේ කෙලින්ම පවසති.පපුවේ එකක් හා කටේ තවෙකක් ඔවුන්ගේ නැත (සාතිශය බහුතරය )

    ReplyDelete
  14. නලිනි,
    මේ කතුවරයා මාතරදීත්, කොළඹදීත් මගේ අසල් වැසියෙක්.
    මාතර මිනිස්සු හරිම විනෝදකාමී අය. ඒ වගේම හැම දෙයක්ම හරියට කරන උපතින්ම ඉතා විශාල බුද්ධි මහිමයක් ඇත්තන්. ඒ නිසා තමයි ඔවුන් කට්ටයි කියා අනිත් අය සිතන්නේ.

    සොදුරු සිත,
    ඔයැයිතුත් ආස වගේ මාතරට. ඔහේ දන්නවැයි මම අවුරුදු පාලහ විතර ඉඳලම කැමතියි මේ මාතර වෑංජන වලට. ඒකනේ හොඳම බිරින්දෑ කෙනෙක් මාතරින්ම සොයා ගත්තේ. ඔබ හරි මාතර කාන්තාවන් සැමියට සැලකීම අතින් නම් ඉස්තරම්. (මගේ බිරිද බ්ලොග් බලන්නේ නැහැ.)ඒ වගේමයි ඔවුන්ගේ කෑම පිසීමත්.

    සබිත්,
    ඔහේ මාතරෙයි, නියමනේ අපි මුණ ගැසෙමු මාතරදිම දිනක.

    ලකී,
    බුදු අම්මෝ බස් මතක් කරන්න එපා මතක් වෙනකොටත් හීගඬු පිපෙනව. එදා අතුරු ආන්තරාවක් නැතුව ගියානේ. ආයිත් මුණ ගැසෙමු.

    ඉන්දික,
    නියම කථාව. එහෙම ඒවත් තියනවා.

    පොඩි කුමාරිහාමි,
    කියලා වැඩක් නැහැ. හොඳම භාර්යාවෝ මාතර ඉන්න නිසානේ මෙච්චර වැඩ තියෙන මට බ්ලොග් ලියන්නත් වෙලාව තියෙන්නේ. මගේ බිරිදට දන්නවා මට වතුර එක ඕනෙ වෙලාව පවා. දවසක මුණ ගැහිලම බලන්නකො.
    බලමු මම උඩරට වැඩ කරලා තියනවා කාලයක්. ඒ නිසා කරන්ට බලන්නම්කො දිනක.

    ලොකු ජෝන්,
    බොහෝම ස්තුතියි මිත්‍රයා.

    ඉඳුනිල්,
    ඇත්තෙන්ම මාටර කාන්තාවන් නුවර අය තරම් ඡවි වර්ණයෙන් යුතු නොවූවත් හරිම හැඩකාරියො. කළු දොදොල් රසයි නොවැ. ඒත් මට නම් ඕක අදාල නැහැ. පාටයි හැඩයයි දෙකම හොඳයි.

    රාජ්,
    ඇත්තෙන්ම ඔබ වාසනාවන්තයි. ගුණවත් හැඩකාර මාතර කෙල්ලෙක් ලැබෙන්න.

    රංග,
    ඇත්තෙනම මට මාතරදි එපාම වෙන වැඩේ තමයි කාල ඉවර නැති එක. කොහේ ගියත් කන්න දෙනවා. නොකා ආවත් ටිකක් කෑවත් ඒක ඔවුන්ට කරන අගෞරවයක් වගේ. බැන්ද අලුත අපි නෑගම් ගියේ දිනකට එක ගෙදරක වෙන විදියකට. එපමණම හොඳයි ඔවුන්ගේ සැලකීම්.

    කැන්ඩියන්,
    ඔව් එහෙම කථාත් තියනවා ඔය ගොඩේ කට්ටිය එහෙමත් කියනවා තමයි.

    මාතලන්,
    ඔහේ අපේ එකෙක් බව මම නම් දන්නේ ඔහේගේ ලියවිල්ලෙ හැටියටමයි.

    හසරැල්,
    ඔබ හා එකඟ වෙමි. මේ මිනිසුන්ගේ වචන දෙකක් නම් මා දැක නැහැ තමයි කවදාවත්.

    ReplyDelete
  15. හරිම අපූරු ලිපියක් මේ කියන පොත හොයා ගෙන කියවන්න ඕනි..

    ReplyDelete
  16. මාතර හා සිංහල ගැන කතාකරද්දී යමෙක් එයට අවඥාවෙන් යුතුව ප්‍රතිචාර දක්වයි නම්(මෙහීදී එය සිදුව ඇති බව කියනවා නොවේ) කීමට ඇත්තේ හෙලයට පණ දුන්- පණ හෙලයට දුන මහපඬිරුවන හෙවත් සිංහලයට සිංහල ඉගැන්නූ කුමරතුඟු පඬින් පෝෂණය වූවේත් මාතර බසින් මිසැ අන් කවරකින්වත් නොවන බවයි. එය එසේ කොට තබා මෙහිදී කීමට යමක් ඇත.

    මාතර දී බස මෙසේ වෙනස් වනවා පමණක් නොව එය මාතර උප පෙදෙස් වලදී තවත් වෙනස් වේ.මේ වෙනස් වීම යනු අනන්‍ය වීමක් බවත් එය සුවිශේෂී යමක් බව මතක තබාගත යුතුය.

    ReplyDelete
  17. ලංකාවේ විවිධ පලාත් වල බස සහ උච්ඡාරනය වෙනස් වෙන්නේ ද, විවිධ කුල ගෝත්‍ර සිටින්නේ ද ඒ එක් කාල වකවානුවල ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ පදිංචි වූ අය ගේ පසුබිම නිසාය.

    එක්සත් ජනපදයේ අයිරිෂ්, ප්‍රංශ, යුදෙව්, මැක්සිකන් වැනි සම්භවය සහිත ජනකොටස් අද එකම ඇමරිකා එක්සත් ජනපදයක් ලෙස සිටියත් උච්ඡාරනය සහ සිරිත්, කැම වෙනස් වෙන්නාක් සේය.

    වසර 1915 පමණ ලියවුණු පියදාස සිරිසේන ගේ විමලතිස්ස හාමුදුරුවන් ගේ මුදල් පෙට්ටිය පොත බැලීමෙන් මෑත අතීතයේද ඒ වෙනස් කම් ගැණ මිනිසුන් දැන සිටි බව පෙනී යනු ඇත.

    ReplyDelete
  18. ///..කතන්දර Kathandara said...
    ලංකාවේ විවිධ පලාත් වල බස සහ උච්ඡාරනය වෙනස් වෙන්නේ ද, විවිධ කුල ගෝත්‍ර සිටින්නේ ද ඒ එක් කාල වකවානුවල ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් පැමිණ පදිංචි වූ අය ගේ පසුබිම නිසාය. ///
    --------------------------------------------------------------------------------------------
    මේ ගැන මහ වෙදනගෙ අදහස මොකක්ද...ඇත්තටම මේකට හේතුව ඉන්දියානු ආභාෂයක්ද ?

    ReplyDelete
  19. මම දැන් ඉන්නෙ මාතර. හෙට උදේට මට වැඩ මහ ගොඩක් තියේ. ඒ නිසා කෙටියෙන් කියමි. මේ අදහස මම නොපිළිගනිමි. මම නම් සිටින්නේ ලංකාව ඉන්දියානු සමාජය හා ඔය කියන තරම් බැදීමක් ඇති නොවුනා යැයි කියනා පිලේය. මගේ දැණුමේ හැටියට මා අවබෝධ කරගෙන සිටින්නේ එසේය. අපේ බසේ විවිධත්වයට හේතුව අපි නැවත කථා කරමු හෙට සවසට.

    ReplyDelete
  20. කේරල ආභාශය මාතර උදවියට නැතෙයි කියා සිතීමට අපහසුය...භූගෝලාත්මක වශයෙනුත් ඒ කියන්නෙ සිතියමෙ පිහිටා තියෙන අයුරිනුත් කැවුම් කොකිස් අලුවා ඉදිආප්ප(ම්) ආප්ප(ම්)වගෙ අපි සිංහල කියන කෑම ජාති වල මූලාරම්බය සිතා බැලීමෙනුත් මාතර අය කේරල වලින් ආ බව සැලකීම නිවරදිය....ඔහෙල මෙහෙම කීවට අමනාප වෙන්න කාරි නෑ..හින්නික්කක් විතර දන්නාලිය වෙව්ලලා ගියා මක්කයි මේ ලියවුනේ කියාලා...

    ReplyDelete
  21. ම්ගේ තාත්තා මාතර .. අම්මා නම් මේ පලාතේ . ඉතින් අපේ ගෙදර තිවුනේ අමුතුම බස් වහරක්

    මේ පලාතේ උදවිය වචන අදිනවා උපරිම දිගට .

    බොහෝ වචන අවසන් කරන්නෙත් නෑ

    උදා "වෙද මාමා බත් කෑවා ?" බොහෝ අය "කෑවද ?" කියලා අහන්නේ නෑ

    "කෙහේ යන්නේ ?" "කොහේද කියලා අහන්නෙත් නෑ"

    ඒ තමා මේ පලාතේ බස් වහර ඒක මාරම ගති අපි හැමෝම එක විදිහට කතා කලෝතින් කෝ එතන විවිධත්වයක් ..?

    ReplyDelete
  22. මම මාතර ඉඳල සියනෑවට ආපු දවස් වල කඩයකට ගිහිල්ල යතුරු කටුවක් ඉල්ලුව. ක‍ඩේ අයිය අහපි "මල්ලි මාතරද?" කියල. මාතරින් මෙහාට එනකොට යතුරු කටු, හෑට්ට කටු වෙනවලු. බැලින්නම් ඒ අයියත් මාතර.
    ලංකාවෙ කොහේ ගියත් මාතර මිනිහෙක්, මාතර බත් කඩයක් හොයාගන්න අමාරු නෑ.

    ReplyDelete
  23. මේක හරිම ලස්සන ලිපියක්. ඒ සමහර වචන මම නම් ඇහුවෙත් අද. ඇයි...
    රෙද්දෙකියි (රෙද්දකුයි )
    හැට්ටෙකියි (හැට්ටෙකුයි )

    ReplyDelete
  24. මගෙත් මුල් මාතර හැබැයි ඉන්නේ කන්දක් උඩ. උපන්නේත් කන්ද උඩ නිසා කතා බහ මෙහෙ විදිහට තමයි. හැබයි ගති ගුණ නම් හැමෝම කියන්නේ දකුණේ කියලා තමයි. මක්කෙයි කරන්නේ ලබා උපන් හැටි නොවැ

    ReplyDelete
  25. මම ඉන්නෙ මාතර නෙවේ හම්බන්තොට කියල ඔහේල දන්නව ඇතිනේ.ඔය බාසාව දැන් ප්‍රයෝජනයට ගන්නෙ අපහාසාත්මකව.අපේ ඔෆීස් වල පවා භාවිතා වෙන්නෙ දකුණෙ භාෂාව තමයි.මම අහල තියන විදියට චිංගීස් අයිත්මාතව් පොත් ලියන්න භාවිතා කල කිර්ගීස් භාෂාවයි රුසියන් භාෂාවයි අතර තියෙන්නෙත් ඔයවගේ පොඩි වෙනසක්.
    කොලඹදී කූඹි කියල එකට හදුන්වන සත්තු වර්ග ගනනාවකට නම් ගනනාවක් මෙහේ තියනවා.මේගැන වෙනම පෝස්ට් එකක් දාන්නත් හිතෙනව.

    ReplyDelete
  26. බ්ලොගර්ස්ලා සමහරු පෝස්ට් වල "ගනිපු" වචනෙ පාවිච්චි කරනව මම් දැකලා තියනව.මම් ඉතින් හිතා ගන්නව මෙයා මාතර පැත්තෙ කෙනෙක් වෙන්ට ඕනේ කියල.

    ReplyDelete
  27. මම් අවුරුදු 4ක් බදුල්ලෙ හිටියා. එහෙ අය කෑවද? ගියාද? කියල අහන්නෙ නෑ.එයාල අහන්නෙ කෑවා... බීවා... කියල ඈදලා කතා කරන්නෙ.නුවර පැත්තෙ අය කන්ට බොන්ට කියද්දි රජරට පැත්තෙ මිනිස්සු කන්ඩ බොන්ඩ යනව.සමහරු කන්න බොන්න යන්නෙ.මාතර අය කන්නෙයි බොන්නෙයි කියනව.
    ප්‍රාදේශීය ව‍‍ය්‍යවහාර කියන්නෙ මේවට නේද?

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. වෙදමහත්තයෝ...
    ඔහේ මේ ලියමන අපූරුවට ලියලනේ.
    මාත් ඔය බාසාවට කැමතියි...
    ආපී ගෙදර අතුගානවා කියන එකට ඔය පැත්තෙ ගේ පිහදානවා කියනවා.
    කීයද > කීයෙයි
    අයියා > අයියෙ
    කෑවද > කෑවෙයි
    ස්තූතියි..
    මම දන්න අක්ක කෙනෙක් ඔය බාසාව බලෙන්ම ඉගෙන ගත්තලු ලස්සන නිසා...

    ReplyDelete
  30. කොල්ලා: මක්කෙයි නගා දොඩන්නැත්තෙ ??
    කෙල්ල: දෙයියෝ දුන්න හැටි තමා අයියා

    ReplyDelete
  31. අනේ අම්මපා මාත් හරි මනාපයි මේ මාතර බසට . .

    ඔහේ දන්නවැයි . .

    කලින් කන්තෝරුවේ මැටි පූසා (සුදත්) මාතර . .

    අපි ඉතිං ඌත් එක්ක වෙලාවකට මාතර බාසාවෙන් කතා කරනවා

    ඉතිං වෙදනා මහත්තයෝ තව මක්කවත් නැතෙයි මාතර බාසාව ගැන ලියන්න .. . ??

    ReplyDelete
  32. ඔහේ ලිව්ව හොඳ ලිපියක් .හැබෑටම ඔහෙටත් මාතර නෑදෑයො ඉන්නව එහෙනම්

    මාත් බෙන්තර ගඟෙන් එහා රාජකාරිය මාතර -කොලඹ දෙපැත්තෙම .දාහෙන් සම්පතයි මාතර වැඩකොරන එක . උදේට කිරිහොදි , රතුබත් , කට්ටසම්බල් එක්ක කනවා . දවලටත් ඉතින් බල මාලු එක්ක රතු බත් වරදින්නෙ නෑ. මාතර ඕනෙම බත් කඩේක උදේ කෑමට බත් වරදින්නේ නෑ .ඒක වෙන්නැති හඳෙත් මාතර බත් කඩයක් තිබුණ කියන්නේ . කොලඹින් රාජකාරියට එන අපේ ඔෆිස් එකේ උන්දැල ඕව ඉල්ලලා පුදුම වදයක් තියෙන්නෙ.

    දානයක් මගුලක් වුනොත් ඉතින් මාතරදි අනිවාර්යෙන් රහ බලන කෑමක් කලු දොදොල් .කලු දොදොල් එක්ස්පර්ට්ල ඉන්නෙ මාතර .ඒ වගෙම තමයි ලූණු අච්චාරු දැමිල්ලත් වරදින්නේ නෑ . ඔහේ අහල තියෙනවද දීකිරි පොල් ගැන ? ඒව තියෙන්නෙත් මාතර දෙනිපිටියෙ. මාලු බඩ (මාලු බිත්තර නෙවේ), මාලු ඔලු එහෙම රහට උයන්න මාතර අම්මලා දස්සයි.මාතරදි තව වරදින්නෙ නැති දෙයක් කිරි පැණි.ඕනෙම දානෙක, මගුලක ,උස්සවේක කිරි පැණි වරදින්නේ නෑ.යස රහට කැවිලි පෙවිලි හදන , කෑම උයන මාතර අම්මල මට මුණ ගැහිල තියෙන්නේ දික්වැල්ල , ගන්දර , දෙවුන්දරදි එහෙම. කෑම බීම දීලා සංග්‍රහ සත්කාර කිරීමේන් මාතර මිනිස්සු හරි ඉහලයි කියල කිව්වහැකි .මට ඒ ගැන නම් ගොඩාක් අත්දැකීම් තියෙනවා

    මාතර මිනිස්සු මඤොක්කා වලට කියන්නෙ මයියොකු.කජු මාතරදි කජ්ජු වෙනවා . ලොකු පොඩි කවුරුත් වෙනසක් නැතිව ඔහේ කියල තමයි කතාව .අපේ ඔෆිස් එකේ ඩැයිවර් මහත්තුරු සිකුරාදට මගෙන් අහන්නේ "මිස් ඔහේ ගෙදර යනවැයි " කියල. ගම් වල මිනිස්සු රාජකාරි වැඩවලට කතාකරහම අහන්නේ "මිස් ඔහේ අපේ දිහා එන්නේ කවදැයි " කියල .කොලඹින් ආව ගොඩක් මිසීලට මුල් දවස්වල මේක තේරුම් ගන්න බැරුව මූණත් නරක් කරන් හිටියා.

    ReplyDelete
  33. matara ppl are bigheaded

    ReplyDelete
  34. මාතර වචනවල මග ඇරුනු තව දෙයක් මතක් කරන්නං ..ලෙලි ගහනවා හරි ලෙයිය ගහනවා හරි කියන්නේ කුනු හරුපයකි...එය පොත්ත අරිනවා හෝ පොතු ගහනවා ලෙස කිව්වොත් ගුටි නොකා බේරෙන්න අහැකිය....

    ReplyDelete
  35. වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දන්වන්න
    sherath123@gmail.com

    ReplyDelete
  36. ඔහේලා සීනිපොල්කොහු කාලා තියෙනවැයි?

    ReplyDelete
  37. කාරුනික නිවේදනයයි !!!

    වෙදමහතා හමුවීමට ප්‍රථම "ඔබ නොදු‍ටු ලොවක්" වෙත රුපියල් 500 ගෙවා රෙජිස්ටර් වන්න...

    ReplyDelete
  38. පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා දුරකථන අංකය සහ ලිපිනය ලබා දිය හැකිද ? රෝගියා මමයි

    මම මකරා .

    http://status-chanaka.blogspot.com/

    chanakam2000@gmail.com

    ReplyDelete
  39. ලිපියට පිලිතුරු පමා උනෙත් ඔබ කියන පැත්තෙ රව්මක් ගහන්න ගිය නිසා. මාතරම නොවූවත් ඒ කිට්ටුවටම වෙන්න කුඩා කල ජීවත් උන නිසා ඔබ කියා ඇති බොහෝ වචන මාත් කියනවා ..
    මට මතකයි මා කාර්යාලයට ගිය අලුත මේ වචන නුහුරු කොලඹ රටේ අය මට විහිලු කල හැටි.එත් පසු කලෙක එයාලටත් නොදැනීම එයාලත් මේ වචන භවිතා කරන්න ගත්තා.

    දකුණේ අය ආගන්තුක සත්කාරය අතින් ඉතාමත් ඉහලයි. ගෙදරට ආවත් පිට කෙනෙක් කන්න බොන්න දීල , ගෙදෙර තියන හාල් පොල් ටිකයි වත්තේ පිටියෙ තියෙන දේකුයි ඔක්කොම පටවල තමයි එවන්නේ...

    මාත් ආසයි එක එක ප්‍රදේශ වල වචන උච්චාරණය වෙනස් උනේ කොහොමද කියල ඔබතුමගෙන් දැනගන්න

    ReplyDelete
  40. හරී: මම නම් කාල තියෙනව.
    හැබැය් ඉතින් මාතරටම යන්න ඔනේ, මෙහෙදී කන්න වෙන්නෙ බොම්බය් මොටය් නෙ. (නම හරිද මන්දා)
    බොහෝමත්ම ස්තුත්ය් මහ වෙදනෝ අපේ ඌරුවට ඉඩක් දුන්නට.

    ReplyDelete
  41. @වෙද ගෙදර මහ වෙදනා
    ඔයැයි තාමත් දන්නෙ නැතෙයි මං මාතරෙයි කියලා. හයියෝ මෙහෙවු යාලුවො මක්කටෙයි හැබෑට.

    ඔයැයි දන්නවැයි , මාතර අහ තරම් මාළු ඇඹුල් තියල් හදන්න දන්න ඈයෝ මේ ලෝකේ කොහවත් නෑ. මාළූ ඇඹුල් තියල් හරියට පිස්ස නම් හට්ටිය අනිත් පැත්ත ගැහුවම මාළු කෑලි බීමහැලෙන්න බෑ.

    ඒව හරියට පිහනව නම් අගුරු කබලක් ඇතිලිය උඩිනුත් තියන්න ඕනි.

    ඔයැයි දන්නවැයි හොඳම මීකිරි තියෙන්නෙත් මාතර අහා තමයි. ඒවයෙතුත් හොඳ බලන්නෙ කිරි හට්ටිය අනිත් පැත්ත ගැහුවම කිරි හැලෙන්න බෑ ඔන්න...

    හොඳවයින් කිතුල් පැණිත් හොයා ගන්න ඇහැකි මාතර අහා තව ඇතුලට ගියහම ( දෙනියාය , ). ගස්යට පැහෙන තෙලිජ්ජ බොන්නත් ඇහැකි. ඔහෙ දන්නවැයි ,තෙලිජ්ජවිල කියලා ගමකුත් මාතර අහා තියේ.

    තෙලිජ්ජවිල හෙහ් ..........

    ReplyDelete
  42. ඔහේට කියන්න වෙදනා ගොයියෝ අපුරුයි නොවැ... මේ ඩිංගිත්ත කියෝලා මාතර ඇත්තෝ ගැන මහා හුඟක් ඇන ඇන්න ගත්තා නොවැයි මං... ඔහේ මේ දොඩෝලා තියෙන සමහර එව්වා අදමයි ඕං දැනගත්තේ... ඔහේට පිං !!!

    ReplyDelete
  43. මාතර බස... වටිනා ලිපියක්... කමෙට්න්ස් ටිකත් රස වින්දා....

    ඒත් දැන් ඔය තරම්ම වෙනසක් නෑ නේද... ඔක්කොම මුසු වෙලා.. අලුත් පරම්පරාවල් දැන් ඔය හුරුවට කතා කරනවා අඩුයි කියලයි මට හිතෙන්නේ.

    ReplyDelete
  44. ඔබ සැමගේ දයාබර කථා මා ඉතා සතුටෙන් අසා සිටියා. මට හැගුනු දේ තමයි අපි අපේ මුල්( ) වලට ඉතා තදින් ආදරය කරනවා. ඒ ගැන තමයි ඊලඟට ලියන්නේ. ඔබට ජය! වෙන වෙනම කමෙන්ට්ස්වලට පිලිතුරු ලියන්න තරම් අද මට වෙලාව මදි. ( චානක අරුන හෙවත් මකරා ඔබට මගේ විස්තර ලබා දෙන්නම් ඉක්මනින්)

    ReplyDelete
  45. මක්කැයි මෙපමන කල පමා උනේ හොඳ හොඳ දේ ලඟ තියාගෙන?

    ReplyDelete
  46. මම ඔය පොත ගත්තේ 2009 පොත් ප්‍රදර්ශනයෙදි. දැක්ක හැටියෙම විගහට පොත අතට ගත්තා. එවෙලෙ කතුතුමා මගෙන් ඇහුවා ඔහේ මාතරෙයි කියලා. කතුතුමාගෙන් මට පොඩි තෑග්ගකුත් ලැබුණා. මගේ තාත්තට තෑග්ගක් විදියට තමයි ඔය පොත ගත්තේ. හරිම රසවත් පොතක්. පහුණු දොහක මම මාතරින් හිරයක් ගන්න බලන් ඉන්න මගේ පෙම්බරයටත් මේක කියවන්න දුන්නා. මම නම් මගේ භාෂාව ගැන හරිම ආඩම්බරයි.

    මුදිතා

    ReplyDelete
  47. මම ලංකාවේ බොහෝ පළාත් වල ජීවත් වී ඇති නිසාත්, සියලුම පළත් වලින් පැමිනි සගයන් සමග ආශ්‍රය කර ඇති නිසාත් ඔය ප්‍රදේශීය ව්‍යවහාර දියා අවඥාවෙන් බලන්නෙ නෑ. . එයින් සිංහල භාෂාව තවත් වර්ණවත් වී ඇති බවත් දකිනවා. ඔයගැන ඉතාම උනන්දුවකුත් දක්වනවා. මේක අපට තව ද්ය්රටත් බෙදීමට නම් හේතුවක් කර ගැනීම අන්තිම ගොං වැඩක්. මම බස්නාහිර පළාතේ මුල් පදිංචි කාරයෙක්. ඔය ප්‍රාදේශීය ව්‍යවහාර ගැන අධ්‍යයනය කරන අය අපේ පළාත අමතක කරලයි තියෙන්නෙ. අන්න ඒක ගන මට තියෙන්නෙ තරමක අප්‍රසාදයක්.
    එතකොට ඔය මාතර එකෙකුට ඉඳහිට කවට කමක් කලාට ඒ අපහාසයකින් නෙවෙයි. මාතර එකෙක් මයි මට දවසක් කිවෙ, ඒ වුනාට ඩෝ බොලාගෙ පැත්තෙ බස් හිටෝනවනෙ කියලා.

    ඒ වගෙම, අන්තිම වශයෙන්, ප්‍රාදේශීය ව්‍යවහාර නැති භාෂාවක් කොහේවත් ඇතියි කියලා මම හිතන්නෙ නෑ.

    henryblogwalker the Dude

    ReplyDelete
  48. මම් පලමු රැකියාව කලේ අඵත්ගම බේරුවල.. ..වැඩ කරපු ගොඩක් ඈයො මාතර..ගාල්ල..බලපිටිය..ඇයි කලුවාමෝදර..මම කන්ද උඩ පැත්තෙ..රස කතාවල ඉවරයක් නෑ..මට තාමත් ලියුමක් ලියද්දි වැකියේ අගට හොදේ..කියල ලිය වෙනවාමයි.ඒ විතරද බොලේ..දවසක් වැස්ස වෙලාවක කුඩේ අටවන්න කියල මට කියවිලා..උන තාමත් මට කුඩේ අටෝපන් කියල ඉයල කියනවා.මෙතනත් ගන්දර දෙන්නෙක් ඉන්නවා..ඇයි ඒ ඈයෝ කන මිරිස්..මට ගෑස් හැදුනෙත් ඒකද මන්ද?

    කුරුම්නියා

    ReplyDelete
  49. @ වෙද ගෙදර මහ වෙදනා

    බොහොම ස්තූතියි . හදිස්සියක් නෑ.

    ReplyDelete
  50. මාතර හක්මණ නෙව මාත් හිච්චි එකා කාලෙ උන්නෙ ආච්චියි සීයයි පුංචි අම්මල රොත්තයි එක්ක.

    හැබැයි මේ මෑතක පොත් පත්තරවල එහෙමත් නැත්නම් ටී.වී කතාවල ලියවෙන ඇහෙන මාතර බාසාවෙ අමුතු වචන ඕනවට වඩා පාවිචිචි කරනව. එහෙම උනාම නම් අප්පිරියයි.

    ReplyDelete
  51. දන්නවද? මාතර ඉන්නවනේ කොඩව් කියල ජාතියක්

    ReplyDelete
  52. මමත් මාතර,ඇයි මාතර මාළු ඇඹුල්තියල්,ඇයි අහල තියෙනවද කුඹුස්ස මේවත් මාතර තියනව කියල ඔහේල දන්නවයි.

    ReplyDelete
  53. ඇයි
    අර අබ බයන්න වගේ
    පොල් ඔයන්න

    මාතරත් පැත්තෙන් පැත්තට බාසාව වෙනස් වෙනවා
    කතා කරන විදියෙන් මාතර එකෙකුට කියන්න පුළුවන් මොන ගමේද කියලා

    ReplyDelete
  54. @ samadhi:ඔය ඉන්නෙ කාලා තියෙන අය...

    ඇයි මාතර පැත්තෙ කඩවල අයිස් පැකටුත් නෑනෙ...තියෙන්නෙ බීම පැකට්...

    ReplyDelete
  55. මමත් මාතර. උපරිමේටම ලිපිය රස වින්දා.....අපේ ප්‍රාදේශීය ව්‍යවහාරෙ ගැන අවඥාවෙන් බලන අය විතරයි මට මාතරින් පිටදි හම්බ වුනේ. ඒ නිසා මේ ලිපිය කියවන කොට වගේම comments කියවන කොටත් මාර ලෙන්ගතු කමක් හිතට එනව, බාසාවට එහා ගිහින් මිනිස්සු විග්‍රහ කරන මිනිස්සුත් තාම ඉන්නවනෙ කියල හිතල. Maxx

    ReplyDelete
  56. නියම ලිපියක් මාතර බස තාමත් මම මාතර කෙනෙක් හමු උනාම මම පාවිච්චිකරනව.
    ඒ වගෙම තමා කෑම ඉවීමත් අපොයි මතක් උනාම ගිහින් කාල එන්න හිතෙනව.

    ReplyDelete
  57. වෙද මහත්මයට මේ පෝස්ට් එකට ලකුණු 'පහලහක්' දෙනව.

    බත 'පැහිල', ගොයම 'ඉදිල'.

    ReplyDelete
  58. වසිලිස්සාNovember 16, 2011 at 10:27 PM

    අඩමානෙට තියෙන්නේ - හෙලෙත්තහදුවට
    තෙතයි -හේතයි
    පොහොට්ටු - ගුප්පි
    කුහුබුවා - කොඩයා
    හුන්ඩු 2ක් - මනාවක්
    ජම්බෝල-මහනාරන්
    බොකුටු - සුලුපුටු
    මැ කරල්- ලීම
    මේ වගේ කොච්චර වෙනස් වචන තියෙනවද .මන් උඩරට ඉදන් මෙහෙට ඇවිත් අවුරුදු දෙකක් වෙලත් තාම අලුත් වචන ඉගෙනගන්නවා
    යටිබඩ කියන්නේ නරක වචනයක් එයාල යටිබඩට කියන්නේ පාත බඩ කියල .

    ReplyDelete
  59. aha maru ne appa. math mathara hariya. den num inne campus eke. mehe innawa rata watinma apu eyo. eth mama num bayanethuwa mathara widiyata tamai dodanne wede kiyanne den anith eyontath me widiyata dodanna huruwela newa. :D

    ReplyDelete
  60. ලංකාවේ කොහේ හිටියත් මාතර බත් කඩ තියෙන නිසා මගේ ගම අමතක වෙන්නේ නැ.. :)

    ඒ වගේම තමයි කොහේ ගියත් මාතර අය කොළඹ වැහි වහල වෙලාවකට හිතෙනව කොළඹ ගෙනියන්නේ මාතර උන්ද කියල... පිටකොටුවේ කඩ වලින් 50% වඩිය තියෙන්නේ මාතර අයගේ..

    ReplyDelete
  61. හින්නි මල්ලි>

    මා තර කළ මාතර
    අද ද මා තර කරයි

    ReplyDelete
  62. හරිම සතුටුයි අපේකම ගැන ලිව්වට. දැන් මේ වචන වලට සමහරක් හිනාත් වෙනව. ඒ උනාට මේ අපේකම!

    අපි පොල් ඔයන, පි‍ගන් නවන කට්ටියක් හොදේ...

    ReplyDelete
  63. "නැත්නම් මෙහිදී සියලුම මස් සහ මාළු වර්ග මාළු වේ. හැබැයි එලවළු මාතරදී වෑංජන වේ."
    මේකට නම් මට වැඩිය එකඟ වෙන්න බෑ. මං අහල තියෙන විදියට නම් එළවලු වලට වෑංජන කියන්නේ මාතරට නෙවි හලාවත පැත්තේ අය..... :)

    අනික රාජ් කියන "කොලඹදී කූඹි කියල එකට හඳුන්වන සත්තු වර්ග ගණනාවකට නම් ගණනාවක් මෙහේ තියනවා" කතාව ඇත්ත.
    හින්නා කියන්නේ තෙල් කූඹියට විතරයි. කොඩය කියන්නේ කළු කූඹියට.ඒ ඇරුනම කඩියෝ, දිමියෝ වගේ හැම දිහාවකම ඉන්න කූඹිත් මාතර ඉන්නවා.

    ReplyDelete
  64. අපූරු ලිපියක්.......

    අපේ රටේ තියෙන ප්‍රාදේශීය භාෂාවන් ගැන මටත් ටිකක් තේරුනා කැම්පස් එකේ යාලුවො එක්ක සෙට් උනාම...

    කොළඹ- මොකක්ද බං ?
    මාතර/ගාල්ල- මක්කයි බං ?
    කුරුණෑගල - මොකෑ බං ?

    කොළඹ/ගාල්ලෙදි "බල්ලෙකු එලවාගෙන ඒම" හම්බන්තොට/මොණරාගලදී "බල්ලෙකු අඹාගෙන ඒම" වෙයි

    අපි කියන " ලෑල්ල " බදුල්ලේ අයට " ලැල්ල " වෙයි( "ඈ" නැත )

    තව රත්ගම/දඩල්ලේ භාෂාව ලියන්නට තේරෙන්නේ නැත(දන්නෝ මතක් කර ගනිත්වා :) )

    අපි කියන විදියට "බස් නවත්වන තැන" කුරුණෑගලදී "බස් හිටෝන තැන " වෙයි

    මළ ගෙදරක අවසන් කටයුතු කිරීම ගාල්ල/මාතරදී "වැඩ කරන දවස" වෙන අතර කුරුණෑගලදී "මිනිය ගන්න දවස" වෙයි

    "හැමතිස්සේම" යන්න ඇල්පිටිය,අම්බලංගොඩදී "හැමනිතරම" වෙයි

    අම්මගේ නංගිට අපි "පුංචි අම්මා " කියන අතර අම්බලන්ගොඩ පැත්තේදී " මම්මා " වෙයි(ඔවුන්ට ලොකු අම්මා ලොම්මා නොවන්නේ ඇයිදැයි අසන්නට ගොස් ගුටි නොකා බේරුනෙමි :ඪ්)

    අපි ඉතින් ඕවා කිය කිය හිනා උනාට මමත් ගාල්ලේ නිසා සමහර මාතර වචන අපිත් කතා කරනවා....ඒව මට පේන්නෙ නැහැනෙ....:)

    ReplyDelete
  65. ඇත්ත. ඇයි අපි ඇහැක් හැටියනට තණකොළ අහිනව නෙ... කන්නෙ පුවාලු නෙ.

    ReplyDelete
  66. මාත් මාතර.. දැන් නම් දුර රටක ඉන්නේ..
    අපි හින්නි කාලේ ඇහිච්ච පාවිච්චි වෙච්ච බහ ගැන ලියාපු මේ ලිපිය කියෝන කොට මොකද්දෝ අමුතු ලෙන්ගතු කමක් දැනෙනො.. ඉස්කෝලේ ගුරුවරු හෙම පොතකි පැන්සලකි අරන් ඇහක් විදියකට කණක් අඳින්න කියපු හැටි..කරුවල වැටෙන්න කලින් ගෑණු ළමයා ගෙට එන්න ඔනෙයි කියල නීති දාපු හැටි..

    දැන් ඉන්න අහ අපේ රටේම වෙන පළාත් වල ඉඳන් ආපු එවුන් එක්ක දොඩන කොට මේ වෙනස හොඳට දැනෙනො..
    අවුරුද්දට ගෙදරින් එවන මුන් කැරලි, තලප එහෙම.. ම්ම්ම්..:)
    තා මිරිස් සම්බල්, මරක්කල අච්චාරු එහෙම මෙහේදි පිහින බතයි වෑන්ජනයි එක්ක කන කොට දැනෙන හැඟීම කියල නිම කොරන්න ඇහැකෙයි.. තව මෙවැයි අමතක වෙච්ච බහ තියෙනො.. ඒවත් මතක් කොරන් ආයි පාරක් ලිපියක් ලියන්න හොඳෙයි..

    ReplyDelete
  67. දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ මක්කයි මේ ඔහේ කරලා තියෙන්නේ ඒත් සමහර. දේවල් ඇත්ත උනා‍ට සමහර ඒව්වා වැරදියි මොකද මමත් මාතර‍. ඒත් වැ‍ඩේනම් පංකාදුයි

    ReplyDelete
  68. can see more word from book "MATARA BUS WAHARA"
    by Nandika Baddegam.
    interesting book and exploring one.....

    ReplyDelete
  69. "MAtara Jana Wahara" By Nandika Baddegama

    ReplyDelete
  70. වැඩෙ නම් මරු..සමහර වචන වල පොඩි අවුලක් තියෙනවා..අපි මාතර නේ ඒ නිසා එව්ව එච්චර දෙවල් නෙවෙයි..



    තිසූ

    ReplyDelete
  71. මම ගමෙන් ඇවිත් අවුරුදු දහයක වෙනවා සැරට කන්න පුරුදු වෙලා උන්න අපිට මෙහෙ කෑම එපා වෙලා. සමහර දවස්වලට අපේ මාතර ගෙදර ගිහින් ආපු මගේ යාලුවෝ කියන්නේ බොලගේ ගෙදරදී එපා වෙනකන් කන්න දුන්න... කන්න කියන එකයි බෙදන එකයි.. තමයි ගෙදර අයගේ වැඩේ.. තව එනකොට ගිහිපු වාහනේ පිරෙන්න ජාති පටවල තව මාස ගානකට අමතක නොවෙන්න්න කන්න දුන්න කියලයි..
    අපේ එවුන් මක්ක දෙඩුවත් මම දන්නවා ට්‍රිප් එකක් යන්න කතා කලොත් මුන් මාතර හරහා තමයි කොහේ යන්න වුනත් දාගන්නේ... මොකෝ දන්නවද කළු දොදොල් , මාළු ඇඹුල්තියල් මාළු තෙල් විනාකිරි, දැල්ලෝ ඇඹුල් තියල්, දැල්ලෝ පුරවල.. තෝරා මාළු බැදලා කන්න දීල අපේ ගෙදර එවුන්... මගේ යාලුවොන්ට මාතර කිවුවම මතක වෙන්නේ කන එකම තමයි... පොල්හේනේ මුහුදේ නාන්න ආයි යමු මචන් කියල නිතරම අපේ එවුන් කියන්නේ ඕකට තමයි.

    ReplyDelete
  72. බත් පිහනවා - බත් උයනවා
    පොල් ඔයනවා - පොල් ලෙලි ගහනවා
    හිච්චි - පොඩි
    හින්නිකිතර - පොඩි
    ජුල් - දිවුල්
    කොහොමෙය් - කොහොමද
    හින්න - කුබි
    කඩියා - කුබි
    ඇබලය - කුබි
    දිමියා - කුබි

    ReplyDelete
    Replies
    1. හින්නා , කඩියා , ඇඹලයා , දිමියා කියන්නේ වර්ග 4 ක්

      Delete
  73. මමත් මාතර කොල්ලෙක්
    මේ කියන දේවල් ඇත්ත කියල දැනෙන්නේ මාතරින් පිටට ගියාම තමයි . මාතර අපිට කෙනෙකුට කන්න දෙන එක්ක ලොකු දෙයක් නොඋනට අනිත් අයට එක හරි ලොකු දෙයක්.

    ReplyDelete
  74. Maathara Apita AAdambarayak....

    ReplyDelete
  75. ඔහෙලට කියන්න මමත් මාතරනො. දෑන් නම් මාතර භාශාව ඩින්ගක් විතර තමයි මගේ ගාව තියෙන්නෙ. කොලොම්පුරේ ඈවිල්ල ඉන්ගිරිසි දෙඩුවට මොකෝ ගම මාතර නෙව. :)

    ReplyDelete
  76. හින්නෝ කියන්නේ කළු කූඹින්ට හැම කූඹියටම හින්නා කියලා කියන්නේ නෑ
    බිස්තර/ කරදාසි /රබන් [සබන් ] වගේ වචන නම් පාවිච්චි වෙන්නේ නෑ
    මාත් මාතර වුනාට සමහර වචන ඇහැව්වේ අදමයි
    නිවැරදි සිංහල භාවිත වෙන්නෙත් මාතරම තමයි
    තව එකක් එළවලු වලට මාළු කියන්නේ මක්කට්ටෙයි මාළු වලට නොවැ මාළු කියන්නේ පිස්සුනේ :)

    ReplyDelete