රාජ්ගේ රාලහාමිලාගේ කථාව නිසා තමයි මට මේ කථා ටික මතක් වුනේ. මේක සිද්ද වුනේ මීට හරියටම අවුරුදු 20 උඩදි. ඒ කියන්නේ අපේ විශ්ව විද්‍යාල කාලේ. අපේ හිටියා බැචෙක් මෑන් රියල්ම ඩයල් එකක්. කිසි දිනක බ්ලොග් නොකියවන නිසාත්, ඌ දැන ගත්තත් මට ෂේප් කර ගන්න පුළුවන් නිසාත් ලියමි. අවසර නොගත්තෙමි. නමුත් කොල්ලා මට ලෙඩක් නොදාන බව මම දනිමි.
මෙයාට අපි නිමල් කියමු. ඇත්ත නම නම් නෙමේ. දකුණේ පොරක්. මගේ ජාති මිත්‍රයා අදටත්. කෙල්ලන් පේන්න බැරි ලෙඩක් තිබ්බා. අපි කට්ටියක් ගියත් නිමල් බසයේ වාඩි වෙන්නේ වෙනම සීට් එකක. ටික වෙලාවකින් කොහේ හරි ඉන්න කෙල්ලෙක් මුගේ ලඟට එනවා. පැණි හැලියට ඇඹලයො එන්න වගේ. ඒක නම් පුදුම පිනක් ගිය ආත්මේ කරපු.
මේකට වෙන්නේත් ඒ වගේම වැඩ. අපි මෙයාව පත්කලා ශිෂ්‍ය සභාවට. ඒ වැඩේ හරියටම කළා. හැබැයි අපේ ආයතනයේ ලොක්කො එක්ක රැස්වීමක් තිබ්බම නිමල් එතැනට ගියොත් ලොකු ලෙඩක්. මෙයා ගිය දාට අපේ ශිෂ්‍ය සභාවේ සභාපතිට වෙන වැඩක් නැහැ. මෙයා දිහා ඇහැ ගහන් ඉන්නවා.
ඔන්න දවසක් අපේ ශිෂ්‍යසභාවයි පාලක පංතියයි අතරේ පොඩි මීටිමක් තිබුනා. කට්ටියට මතක ඇති කාලයක් තිබුනා අර ආයූර්වේද ශිෂ්‍යයෝ මහා සටනක් කලේ 90 - 94 කාලේ අන්න ඒ කාලේ මේ. අපේ සමහරුනම් ඉපදිලාත් නැතුව ඇති. ඉතින් දැන් මේ මීටිම යනවා හෙන වලි. මමත් ඔය සභාවේ පොරක්, අපි දැන් අපේ මහාචාර්ය්‍ය තුමා එක්ක ගහ ගන්නේ නැති ටික විතරයි. මට එකපාරටම මතක් වුනා අපේ මිත්‍රයා වැඩි සද්දයක් නැහැනේ කියලා. බැලුවම පොර ඉන්නවා මීක් නැහැ, ඉන්නවා ලොකු කල්පනාවක.
එලියට ආවම තමයි වැඩේ තෙරුනේ, අපේ මෑන් අර මහාචාර්ය්‍ය තුමාගේ බත් එකට වැඩේ දීල අපි මරා ගන්න අතරේ. ඒ විතරක් නම් මැදෑ එතුමාගේ බත් ගේන ලස්සන පෙට්ටියයි, ඒක ඔතන ලෙන්සුවයි, කන හැන්දයි ඔක්කොම ගෙනල්ල. ඔන්න මෑන්ගේ වැඩ.
තව දවසක් මෙයා අර මහාචාර්ය්‍ය තුමාගේ කාර්යාලයට යන දුරකථන ලයින් එකට කටු ගහල වෙනම ලයින් එකක් හදල කෙලින්ම අපේ රෙස්ට් රූම් එකට දාල. දැන් දුරකථනය වැදිල විනාඩියකින් විතර අපේ එකෙක් ඉන්නවා ඒක උස්සන්න බලාගෙන. අපි දන්නවා අපේ කාර්යාලෙ අපිට විරුද්දව කරන කථා ඔක්කොම. මීටිමකට යනකොට අපි ලොක්කො කියන හැමදේටම ලෑස්ති වෙලා යන්නේ. ඇයි අපි දන්නවනේ කාරණා හැම එකක්ම කලින්ම.
මෙයාගේ ආදර කථාවත් ඒ වගේම තමයි. අපිට පහල වසරක කෙල්ලෙක් එක්ක සෙට් වුනා. කොටින්ම නිල නොවන පවුලක් තමයි. කෙල්ල ඉන්නෙම මුගේ කාමරේ. දෙන්නගේ වලි ඉවරයක් නැහැ. වලියක් වුනාම මේ කෙල්ල දුක් විදගෙන මූටත් එක්ක හදාගෙන එන බත් එක අපේ මෑන් කන්නේ නැහැ. මම අද කන්නේ නැහැ. මලත් කන්නේ නැහැ. ඔහොම කියලා යනවා හොස්ටල් එකට. කෙල්ල දුකෙන් ඇයි පොර කාල නෙමේනෙ ගියේ. මේකිත් කන්නේ නැහැ. අපිට හෙන වාසි අනුන්ගේ වලිය නිසා පත සයිස් බත් දෙකක්ම අපිට. අපිත් හරිම දුකෙන් දෙනවා වැඩේ. අපේ වෙද විදුහල ඉදිරිපිටම තියනවා පොඩි බත් කඩයක්.මෙයා කෙලින්ම හොස්ටල් එකෙන් පනිනවා පාරට අර කඩේට ගිහින් අස්සකට වෙලා හොඳ බත් එකක් කනවා. කාල ඇවිත් නිදියනවා, හත් අවුරුද්දක් කාල නැහැ වගේ. කෙල්ල අපි එහෙට මෙහාට වෙනකම් ඉඳලා හොඳ බත් එකක් බැදගෙන ආයිත් ඇවිත් කවලා, නාවලා, සිත් සතුටු කරලා යනවා, අපි එන්න කලින්ම. ඔන්න පින.
මේ කෙල්ලට කොල්ලෙක් ඉන්නවා ගමේ අපේ මෑන්ටත් ඕනෙම දේ ඒක. දෙන්නම දන්නවා. හැබැයි දෙන්නම ඒ ගැන කථා නැහැ. දවසක් මම යනව වෙදහාමිනේව බස් එකට නග්ගවන්න පිට කොටුවට. මෙන්න මෑන් ඉන්නවා පොඩි තේ කඩේක. මම දකින්නත් කලින්ම මට හස්ත මුද්‍රාවෙන් යන්න කියනවා. මගේ මොකෝ මමත් ගියා. මම නැවත යනකොට මෑන් මට කලින් ඇවිත්. වෙලා තියන්නේ කෙල්ලව බස් එකට ඇරලන්න ගිහින් මෙයාත්.එතකොට කෙල්ලගේ ගමේ කොල්ල කොළඹ ඇවිත්, ඉන්නවා දැකලා මේ මඟ හැරලා තියන්නේ. ඔන්න වැඩ. මෙහෙව් කොල්ලෙක් දැකලා තියා අහලවත් තියනවද?
එදා අපි බැනපු බැනිල්ලට වෙන එකෙක් නම් අදටත් මූණ බලන්නේ නැහැ. ඒත් මේකා හවසට එනවා "මචාන්" කියාගෙන.
අපේ වෙදහාමිනේගේ ගෙවල් ලඟමයි පදිංචිය. මගේ මාමණ්ඩිගෙන් තමයි පොඩි කාලේ ඉඳලම බෙහෙත් අරන් තියන්නේ. දවසක් අපේ මාමණ්ඩි බලනවලු මෙයා එහෙ ඇවිත් ගෙට එන්නෙ නැතුව කාර් එක ගාවට වෙලා ලේන්සුවක් අරගෙන එකම හරියක් පිහනවාලු. මාමණ්ඩි දන්න දෙයක් නැහැනේ එයා අහලා ඇයි ළමයෝ කියලා? එතකොට කිව්වලු නැ අංකල් මමත් පොඩි කාලේ ඉඳලම බේත් ගන්නේ මෙහෙන්නේ ඉතිං මගෙ සල්ලිත් මේ කාර් එකේ තියනවනේ කියලා. අපේ මාමණ්ඩි නැති වෙනකන්ම ඔය කෑල්ල කියමින් විනෝද වුනා.
තව දවසක් මුන් රස්තියාදුවක් යනකොට තේ බොන්න හිතිලා ඇවිත් අපේ වෙදහාමිනේලයි අහ. අම්ම ලොකු විස්කෝතු ටින් එකක් එහෙම ගෙනත් දීල, තේ හදනකම්. ඇයි වෙන්න බෑනාගේ මිත්‍රයෝනෙ. තේ එහෙම බීලා යන්න ලෙහෙස්ති වෙලා අහනවලු ඇන්ටි මට පොඩි සිලි මල්ලක් දෙනවද කියලා. අම්මත් කොහෙන්ද එකක් ගෙනත් දීල. කිසි කථාවක් නැහැලු. දාගත්තාලු අර බිස්කට් ටින් එකම සිලි මල්ලට. නෑ ඇන්ටි ඇන්ටි දුන්නට මේක ගෙනියන්න අමාරුයි. ඒකයි සිලි මල්ලට දාගත්තේ. තරහා වෙන්න එපා ඇන්ටි ටින් එකනම් එපා කිව්වලු. අම්ම අදත් කියමින් හිනා වෙනවා.
මෙයා ගැන හොඳම කෑල්ල එන්නේ දැන්.
හැමදාම අනුන්ට ගිනිගෙඩි දෙන පොරටත් දවසක් නියම වැඩක් වුනා. මෙයාට හැකියාව තිබ්බා ඕනෙම වෙලාවක අධෝවාතයක් පිට කරන්න. දවසක් කොල්ලො ඔට්ටුවක් අල්ලලා අදනම් එකපාරටම අධෝ වාතයක් පිට කරන්න බැහැ කියලා. මෑන් වැඩේ බාර අරගෙන. මම හිටියේ උඩ කාමරේක මේ සිද්ධිය වෙන්නේ පහල වැරැන්ඩා එකේ. අපි දැන් උඩ ඉඳන් බලා ඉන්නවා. අපි හිනා වෙන නිසා මෑන්ට නිකම් පරාදයි වගේ හැඟීමක් ආව. දන්න සෙල්ලම් දාල තැටමුව. මෙන්න දන්නේම නැතුව මළ පහ වුනා. මේක දැනුනා මෑන්ට කොල්ලො "ඊයා" කියමින් දුවන්න ගත්තා. පොර බැලුවා වටපිට කට්ටියම නහය තද කරන් ඈතට දුවනවා. මම එදා වගේ අසරණ මුහුණක් එයාගෙන් දැක්කේ නැහැ කවදාවත්.
එක පාරටම මෙයා නැමුන බිමට "නැහැ මචන්" කියලා අත් දෙකින්ම ගත්තා ඔක්කොම දිව්ව වැසිකිලියට. ඊට පස්සේ අපි මහ වෙලාවක් හිනා වෙලා අපේ දේශන වලට ගියා. මෙයා නැහැ. දවල් වෙන්න ඇරලා හෙමින් හෙමින් එනවා නේද. එදා නිමල් දකින අපේ ගුරුවරුත් නහය අතින් තද කර ගන්නවා.
එහෙම වෙලත් මේකගේ වැඩ නැවතුනේ නැහැ. කොහොම හරි නියම නමක් පට බඳුනා. "ගූ නිමා" කියලා.
අදටත් අපි ඒ නම තමයි පාවිච්චි කරන්නේ. දැන් නම් ලමයි ඉන්න තාත්ත කෙනෙක්. හැබැයි තාම අර සෙල්ලක්කාර ගති එහෙමමයි.
මදෑ . . . පාඩුවෙ හිටපු වෙදමහත්තයත් මඩ බිස්නස් එකට බැහැලා
ReplyDeleteහික්ස්!ගින්දර ඩයල් එකක් නේ!
ReplyDeleteඅගෙයි.. අගෙයි.. බොහොම අගෙයි.. යාළුවන්ට මඩ ගහන හැටි..
ReplyDeleteදැන් පොර වෙදමහත්තයෙක් ද ?
ReplyDeleteලෙඩ්ඩුන්ට දෙයියන්ගෙ පිහිටයි... !
පට්ට පොරක්නේ. මට මගේ පොඩි කාළේ මතක් උනා. ඔය වගේ ඒවා අපේ සෙට් එකේ පුරවලා. හෙමීට හෙමීට දාන්නම්. වෙද මහත්තයගේ කාඩ් අහගන්න ඌ බොග් දාන්නේ නෑලූනේ. මට පේන්නේ නම් වෙද මහත්තයත්. පිස්සු හොඳම එක වගේ...
ReplyDeleteයාළුවා බ්ලොග් එකක් දැම්මොත් කා ගැන ලියයිද ? :D
ReplyDeleteමාතලන් කිව්ව වගේ වෙද මහත්තයා හෙමිජ්ජා වගේ හිටියට අපිට වඩා පිස්සු (මට වඩා) පොරක් වගේ . . හි හි හී . .
ReplyDeleteඔය මහත්තයාව මුන ගැහෙන්න ඇත්තම් නිවාඩු ආ වෙලාවක . . .
ඊයක් එවන්න ඊ ලිපිනය ගන්න තැනක් කියන්නකෝ
අනේ ඔය යාලුවගේ ටැලිපෝන් නොම්බරේ දෙන්නකෝ මට . එයාගෙන් දැන ගන්න පුලුවන් වෙදමහත්තයගේ සෙල්ලම් ටික... කොහොම උනත් හරිම රස මඩක් මේක නම්.
ReplyDeleteඅනිත් අය ගහන මඩ වගේ නෙමේ. සුපිරි මඩක්..
තවත් එකක් ගැණු ලමයි ලඟට එන එක පිනක්ද වෙද මහත්තය?
නිමල් වගේ නමක් දැම්මේ ඇයි? මට වෙන කෙනෙක්ව මතක් වුණා. එයා මහ වෙදනාට වඩා සීනියර් කෙනෙක්. දැන් වෙදකම නෙමේ පරිපාලනය කරන්නේ.
ReplyDelete;-)
මරු කතා ටික . ඔය ජාතියෙ පොරවල් හැම කාලෙම ඉන්නව.
ReplyDeleteඅයියෝ...'ගූ නිමා'.... හික්ස්...
ReplyDeleteඊට පස්සෙත් කෙල්ලො ආවද කලින් වගේම....?
මේ පොරගෙ ලක්ෂණ වලට අනුව අර කෙල්ලව අතාරින්න ඇති කියල හිතෙනවා....
ReplyDeleteමරු කතා අහුර.
ReplyDeleteඅපෙත් එකෙක් හිටිය 'ගූ ලන්කට්' කියල.
කතාව දාන්න බැහැනේ, හැමෝම අහන්නෙ, උඹටද මේක වුනේ කියලනෙ.
"ට්‍රේඩ්මාක් පොරක්" ඔයවගෙ පොරවල් තමයි හිතෙ ප්‍රස්න ඇතිව සතුටින් ජීවිතය විඳින්නෙ මමනම් පොරට ගරු කරනවා.
ReplyDeleteමේක අසාධාරනයි.. නිමල්ව ප්‍රොමෝට් කරන්න බැරි වෙයිද බ්ලොග් එකක් ලියන්න..අපිට වෙද මහත්තයා ගැන දැන ගන්න අෆ්ෆා..වෙනදා ඇවිත් කියවලා ඔළුව පුරවාගෙන යනවා..අද ඇවිත් කියවලා.. හිනා වෙලා පන යන්නත් ආවා..
ReplyDeleteඅර ටෙලිෆොන් හැක් කිරිල්ලනම්...එළම වැඩක්...
ReplyDeleteඅපිට තැනක් නැති වෙයිද වෙද මහත්තයෝ.... රංග වරෙන් වස බොන්න..... :D :D :D :D
ReplyDeleteapoi apoi mara charithayakne ne doctor yaluwa...katha tika nam hodata hinawenna puluwan.. :)
ReplyDeleteනියම කතාව වෙද මහත්තයෝ.
ReplyDeleteවෙද මහත්තයත් අර ඔබා අයිය වගේ තමන්ගේ කතා අනුන්ගේ වගේ කියන මෙතඩ් එක නෙමෙයි නේද මේ කරන්නෙ :)
@ ලොකු පුතා,
ReplyDeleteපල පල යන්ඩ....
අහා... අද වෙද ගෙදර රස ගුලාවකී...!
ReplyDeleteඅර කිව්වා වගේ වෙදනාගේ පැටිකිරිය දැනගන්න ඔය මිත්‍ර සමාගමේ කවුරුවත් බ්ලොග් ලියන්නේ නෑනේ... ෂිහ් !!!
හොඳ මඩ ටික හැබැයි...
අපොයි ලමයිනුත් මේ කතා දැනගනීවිද? ලැජ්ජාවේ බෑ...:D
ReplyDeleteනිමල්, මරු කොල්ලෙක් නෙ ඒ කාලේ.
ReplyDeleteආදරේටත් කෑදරෙ නෑ...
පවු අප්පා නිමල් .. ඔය තරම් වැඩ කිඩ දාලා අන්තිමේදී අරවගේ මල පයින වැඩක් වුණාම කාටද අප්පා ජීවත් වෙලා ඉන්න හිතෙන්නේ .?
ReplyDeleteගූ නිමා මරු කාඩ් එක ..අපේ පංතියෙත් එකෙක් හිටියා උදය ගූ කියලා...උගේ නම උදය ගුනතිලක...කාඩ් එක උදය ගූ......
ReplyDeleteආ මෙයත් මඩ සීරීස් එකක් පටන් ගන්න වගේ
ReplyDeleteආහ්! මම ටිකක් පරක්කුයි. ඔය නිමල්ගෙ ඇඩ්‍රස්එක දෙන්න බැරිද මේ කතාටික ප්‍රින්ට්අවුට් අරගෙන තැපෑලට දාන්න:D
ReplyDeleteමගේ හිනාව ආරෝහනය උනා මේ කතා කියවද්දී.
නියම කතාවක්නේ!
ReplyDeleteපට්ටම මඩ පාර, මරු නිමලෝ
ReplyDeleteහික් හික් මරු නිමල්.
ReplyDelete