මේ ලිපිය ඔබට ලියන්නට මම වසර 11 වැඩි කාලයක් බලා සිටියෙමි. මගේ දියණිය, ඔබ නොදන්නා අමිහිරි අතීතයක තතු අද මා ඔබට පවසන්නම්. මේ ලිපිය මගේ මිතුරු මිතුරියන් හා බෙදාගත්තත්, දනිමි ඔබ මගේ "වෙදගෙදර" රසිකාවියක් බව.
ඔබ මෙලොවට බිහි වූයේ ඔබේ මවත් මමත් නිසිකලට ඔබ වැනි අයෙක් අපට සිටියොත් යෙහෙකැයි සිතාගත් නිසාය. ඒ 1999 කාලයයි. එසේ ඔබ මෙලොවට ගෙනෙන්නට සිතා ඉතා කෙටි කලකින්ම ඔබ මෙලොවට එනබව අපට වැටහිණි. මම මගේ දිවියේ ඉතාම වැඩියෙන් සතුටු වූ දින කීපයෙන් එකක් වන්නේ එදාය.
කෙසේ හෝ ඔබේ මව සමඟ මට කිසි දිනක ඇයගේ සායන කටයිතු වලට යාමට නොහැකි විය. ඒ මම ඔබ වෙනුවෙන් ඔබ කිසිදා දැක නැති, මාගේ ඉතා මහන්සියෙන් තැනූ ව්‍යාපාරයටම කැප වී සිටි නිසාය.
කාලය ගත වී ඔබ මෙලොවට එන දිනය කෙමෙන් ලඟා වෙමින් තිබූ නිසා, අප පවුලේ, දැන් ඔබද දන්නා චාරිත්‍රයක් වන පිරිත් පිංකම සහ සාංඝීක දානය ඒ වසරේ අපි යොදා ගත්තේ 2000/04/30 වනදාටයි. ඔබගේ පැමිණීම වෙනුවෙන් අප ලක ලැහැස්ති වූයේ, එවන් පිංකමක් කර ඔබගේ පැමිණීමට ආශීර්වාද පතමිනි.
මේ කාලයේ මම එතරම් මුදල් අත ගැවසෙන්නෙක් නොවීමි. මා හරි හම්බ කල යමක් වෙතොත් මගේ කුඩා ව්‍යාපාරටම යොදවා ඉතා අපහසුවෙන් දිවි ගෙවීමි.
කෙසේ හෝ එදින පිංකම ඉතා හොඳින් අහවරකල මම කලින්ම කොළඹ බලා පැමිණුනේ මැයි දෙක සිට තවත් විශාල කටයුතු ගොන්නක් ඉටු කිරීමට තිබූ නිසයි. මැයි 01 උදේම කොළඹ බලා පිටත් වූ මාහට එකල අප විසූ නිවස ඉදිරියෙන් බසයෙන් බසින විටම බස්පොලේ මගේ ව්‍යාපාරයේ කළමනාකරු මා එනතෙක් නොඉවසිලිමත්ව රැදී සිටින අයුරු දැකගත හැකි විය.
කිසිම හේතුවක් නැතිවම ඔහු මාහට පැවසුවේ මට ඉක්මනින් නැවත මාතර පැමිනෙන ලෙස පණිවිඩයක් ලැබුනු බවයි. ඔහුව දැනුවත් කර තිබුනේ නැහැ, ඒ ඇයි ? කියා.
දියණිය, කිලෝ මීටර 160 පමන දුරක්, පැය පහකට ආසන්න කාලයක් පුරා මා ගමන්ගත් ආකාරය ඔබට කියන්නට තබා මටද ප්‍රශ්නයකි. මා ඒකාලයේ සිටියේ මෙලොව නොව අපායකය. මේ කාලයේ ජංගම දුරකථන වෙලඳ පොලේ තිබුනත් එතරම් භාවිතාවක් තිබුනේ නැති අතර මාහට එවැන්නක් නඩත්තු කිරීමට හයියක් තිබුනේද නැත.
කෙසේ නමුත් මගේ දඩුවම් කාලය නිමා කරමින් මාතර නිවසට පැමිනෙන මොහොතේ මට සිදු වූයේ මහත් අකරතැබ්බයකට මුහුණ පාන්නටයි.
ඔබගේ මව, මාමා (මගේ ප්‍රාණ සම මිතුරා), එකල ජීවත්ව සිටි ඔබගේ මාතර සීයා, අදද ඔබට ඔබගේ දෙවනි මව් වැනි ඔබගේ නැන්දා,(මෙකල නැන්දා ඔබගේ දඟකාර මල්ලී බලාපොරොත්තුවෙන් සිටි කාලයයි.) ඇතුලු කිසිවෙක් නිවසේ නොසිටියා. පමණක් නොව කිසිම දෙයකට නොසැලෙන මනසක් ඇති ඔබේ මාතර ආච්චි හෙවත් "අපේ ආච්චි" හඬමින් සිටියාය.
මට මේ කිසිවක් නොතේරේ. මගේ සිතටද කුමක්දෝ මහා පාලු මූසල සිතුවිල්ලක් ඇතුල් වී ඇත. මට වුවමනා හඬන්නටය. ඒත් මේ එයටද කාලය නොව. කිසිවක් දැනගන්නට නැත. ගෙදර කිසිම වාහනයක් නැත. කිසිවෙක් නැත. මා කුමක් කරන්නද??
මා රෝහලත් ගෙදරත් අතර දුර කීප ගමනක්ම දෙපයින් ගමන් ගත්තා පමනක් මට මතකයි. ඒ කොතෙක් වෙලාද කියා මට අදද අමතකයි. රාත්‍රියේ මට ඔබ සැන්දෑවේ, මෙලොවට පැමිණි බව දැණ ගන්නට ලැබිණි. නමුත් ඒ අතරම යමක් සිදු වී ඇත. සියල්ලන් මගේ ඒ සඟවයි.
ඔබගේ මාමා පැමිනෙන තෙක්ම මා කිසිවක් නොදැණ වුන්නාය. සිදු වී ඇත්තේ කිමෙක්ද?
ඔබේ මාමා මට කියූ පරිදි සිදු වී ඇත්තේ, ඔබ දින 20 පමණ කාලයක් තිබියදීත් ඉක්මනින් මෙලොවට පැමිණීමට තීරණය කර තිබීමයි. ඒ නිසා ඔබගේ මෑණියන් මා උදේ පිට වූ පසු රෝහල් ගතකර ඇත. මා නැවතත් මාතර එන අතරමඟදී ඔබ මෙලොවට පැමිණී ඇත. නමුත් සුන්දරව සැමරිය හැකිව තිබූ ඔබේ පැමිණීම එක්තරා නූගත් කාන්තාවකුත්, තම වගකීම නොදත් වෛද්‍යවරියකුත් නිසා අසුන්දර වීමට පාර කැපී තිබීමයි.
ඔබව මොලොවට පැමිණි මොහොතේම "මෙනින්ජයිටීස්" නම් රෝගය වැලදුනු බිලිදියක් හා එකට තබා තිබීමයි. ඔබ ඉතා කුඩාවට සිටි නිසාත් දින ගනනක් කලින් පැමිණි නිසාත් නොමේරූ දරුවන් තබන අංශයේදී වැරදීමකින් ඔබව එසේ තබා තිබී ඇත. ඔබේ නැන්දාද වෛද්‍යවරියක් බැවින් ඇය ඒ නොදකින්නට, අද ඔබ මෙලොව නැත. නමුත් ඒ වන විටත් ඔබට "ජිටරි" නමින් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන සියුම් වෙව්ලීම් තත්ත්වයත් රුධිරයේ සීනි ප්‍රමානය සීඝයෙන් අඩු වීමටත් පටන්ගෙන තිබිණි.
එතැන් සිට ඇරඹුනේ මහා සංග්‍රාමයකි. මා, ඔබේ මාමා නැන්දා ඇතුළු සැම දෙනා එකාවන්ව එම යුද්ධය පුරා මාස කීපයක් එක දිගටම කරගෙන් ගියාය. මා අත මුදල් නැත. දිනපතා මට උදේම ඔබේ "අපේ ආච්චි" යම් මුදලක් දෙයි. එම මුදල සවස් වන විට අවසාන වෙයි. කියා නිමකල නොහැකි මහා වේගයකින් අප වැඩ කලාය. ඔබව වෙනත් රෝහලකට මාරුකර ගැනීමට අපට අවශ්‍ය විය. නමුත් ඔබේ සිද්ධියෙන් තැතිගත් ඒ වෛද්‍යවරිය සතියකට නිවාඩුගෙන පිට වී සිටියාය.
අප කෙසේ හෝ ඔබව වෙනත් ලඟම රෝහලකට ගෙනගොස් එහි සිටි දැනට කොළබ ළමා රෝහලේ සිටිනා උතුම් වෛද්‍යවරියක් වෙත ඔබව බාරදුන්නාය. එහිදී අපගේ හිතවත් මිතුරු වෛද්‍යතුමෙක් තමාගේ නිළ නිවස අපට ලබා දීමට තරම් කාරුණික විය. එහි මාස කීපයක් ප්‍රතිකාර ලැබීමෙන් ඔබ කෙමෙන් සුවපත් වන අතට හැරිනි. ඒ මුළුකාලය පුරා මම මගේ ව්‍යාපාරය ගැන් කිසිවක් නොබැලූ අතර ඒ සියල්ල කලමනාකරු විසින් කරගෙන යන ලදි.
මාස තුනකට අධික කාලයක් උපන් දින පටන් රෝහලේම සිටි ඔබ අවසානයේ මාතර ගෙදරට පැමිණියාය. එතැන් පටන් ඔබට අවුරුදු තුනක් යනතෙක්ම අපේ සිත්වල ඔබ ගැන තිබූ බිය ඔබට කිසිදිනක කියාදීමට නොහැකියි මා දියණිය. කෙමෙන් ඔබද අනෙක් ලමුන් මෙන් වැඩෙනා බව අපට ඔබගේ ක්‍රියාකාරකම් තුලින් දැනුනත් ඔබ වෙනුවෙන් අවසාන් ස්කෑන් පරීක්ෂාව කල දිනතෙක් අපගේ හිත්වල ඇවිලුන ගින්න ඔබට කෙසේ තේරුම් කරන්නද. ඒ වන විට ඔබට වයස වසර පහකි.
දැන් ඔබ මාගෙන් නිතර අස ප්‍රශ්නයට පිලිතුරු ලැබුනු බව මම සිතමි. ඒ නිසා නැවත කෙදිනකවත් මට මල්ලියෙක් හෝ නංගියෙක් නැත්තේ ඇයිද කියා අසන්නට එපා. ඒ ඔබ වෙනුවෙන් අපේ කාලය වැය කිරීමට සිදු නිසා බව ඔබට වැටහෙනවා ඇතැයි සිතමි.
මගේ ඒ අමාරු කාලයේ අර කළමණාකරු අපේ ව්‍යාපාරය මා දස අතට ණය කාරයෙකු කරමින් නිමාවට පත් කර තිබිනි. මා වැටුනේ කබලෙන් ලිපට නොව අපායටය. එදින පටන් ගත් මගේ සංග්‍රාමය දැන් මම අවසන් කර සිටිමි. හෙට මා මලත් ඔබට ජීවත් වීමට දේ මා සොයාතබා ඇත.
අද ඔබ වැඩිහිටියෙකි. යෞවණියකි. මා දැන් ලොකු මහත් වූ ගෑණු දරුවෙක් සිටිනා පියෙකි.
ඔබෙන් මා ඉල්ලන්නේ එකම දෙයක් පමනයි. ලෝකයට වෛරකරන්න එපා. හැම දේ වෙන්නේ හොදටයි.
මිනිසුන් හිතා මතා වැරදි කරන්නේ නැහැ.
ඒ නිසා මිනිසුන්ට ආදරේ කරන්න.
"මිනිසුන් අතර මිනිසෙක් වෙන්න."
මේ සංවේගදායී පුවත මැද මේ කතාව කියන්න හිත හදා ගත්තේ අමාරුවෙන්.
ReplyDeleteකෙටියෙන් කියනවා නම් මගේ දරුවන් දෙදෙනා අතර පරතරය අවුරුදු අටකි. අවුරදු පහක් කියන්නේ ලොකු කාලයක් නෙමේ.
එකොලහත් වැඩි පරතරයක් නොවේ!
බොහෝ සෙයින් හද සසල කල ලියවිල්ලක්. නමුත් කතා හිත හැදුවා. දෝනියැන්දා වෙස් වලාගෙන පැමිණි ආශීර්වාදයක්. වෙද මහත්තයා අපේ සංස්කෘතියට ආදරේ මනුස්සයනේ. ඉස්සර අපේ ආච්චිලට අපේ වයසේ ළමයි යිටියා. අනේ මන්දා. ඕන එකක්..
ReplyDeleteඇත්තටම හරිම සංවේදී කථාවක්... මහ වෙදනා වගේම අනෙක් කාගෙත් තත්ත්වේ මේකම තමා. මිනිසුන් අතින් වැරදි වෙනවා තමා. ඒත් මෙච්චර නොසැලකිල්ලක් ?
ReplyDeleteපියෙක් විදියට ඔබේ හැඟීම් මට යන්තමින් හෝ තේරුම් ගන්නට පුළුවන්. ඒ වගේම දියණියට දකින්නට මේ කථාව බ්ලොග් අඩවියේම පළ කරන්නට සිතීමත් අපූරුයි. මම හිතන්නේ වෙදගෙදර පළ වුනු හොඳම අතීතාවර්ජනය මෙය වෙන්නැති !
ඔබේ කාර්යය තවත් හොඳට කරන්නට ඔබේ දූවටත් හැකියාව, ශක්තිය හා ධෛර්යය ලැබේවා...!!!!
අය්යෝ මගේ නංගි මට වඩා වසර 9ක් බාලය්. ඉතින් 11 ලොකු පරතරය වෙන එකක් නෑ. ලොකු අක්කි ආදරෙන් චූටි පැටියව බලා ගනීවි.
ReplyDeleteකතාව කියවාගන යනවිට ඇඟ කිලිපොලා ගියා. ඇහට කඳුලකුත් නැගුනා. එවැනි දියණියක් ලද ඔබ දෙදෙනාම වාසනාවන්තයෝ. ජීවිත්වීම සඳහා ඇය ගෙන ගිය සටනෙන්ම එය පේනවා ඇති.
ReplyDeleteඅතීතයේ ඇලී සිටිනවාට වඩා ඒවා අමතක කර ඉදීරියට යාම තමා වඩාත්ම හොඳ.
අප්පච්චි කෙනෙක් ගෙන් දියණියකට උපහාරයක් විදියටයි මා මේ ලිපිය සලක්න්නේ. ඔබ වැනි පියෙක් ලද ඇයත් ඇත්තෙන්ම වාසනවන්තයි.
වෙද මහත්තයෝ, මමත් ඔය වගේම සිද්ධියකට මුහුණපෑවා මීට මාස 11 කට කලින්.. ලංකාවේ, මගේ බිරිඳ ලඟ ඉන්න බැරිවෙලාවක, වෙන රටක ඉඳන් දරාගත්ත ඒ වේදනාව ආයෙත් මට දැනුනා..
ReplyDeleteවෙනද ඇවිත් කියවලා නිහඩවම ගියත් අද මේ ටික නොකියම යන්න බැරිවුණා... මගේ කොල්ලටත් දැන් මාස 11ක්, ලබන මාසේ උපන් දිනේ..
කෙල්ලට සුභ අනාගතයක්... බුදුසරණයි....!!!
තාත්තෙක්ගේ ආදරේ කියන්නේ මොකක්ද කියලා දැනුනා.
ReplyDeleteදුවේ නුඹ මගේ ප්‍රාණයයි . . .
ReplyDeleteමෙ ගීය හරිම ප්‍රේමනීයයි වෙද මහත්තයෝ . . .
දරුවෝ මල් වගේ හදන්න බෑ . . මොකද මල් ඉක්මනින් පරවෙන නිසා . .
ඇත්ත ඇති සැටියෙන් දරුවෝ නියම වයසෙදි දැන ගන්න ඕන . .
එතකොට එයාලට දෙමාපියෝ ගැන ආදරේ තව වැඩි වෙනවා . .
අවුරුදු 5ක් නම් මොනාද අප්පා . .
පසු ගිය සමයේ ඔබ ලියූ ලිපි තුලින් අපි ඔබව යම් තරමකට හඳුනා ගෙන ඉන්නවා. ඔබගේ ජීවිතේ මුහුනදුන් යම් යම් ඇත්දකීම් අපි සමග බෙදා ගත්තා . ඔබ බොහෝ දිරිමත් කෙනෙක්. අපිට ඔබගෙන් ගත හැකි ආදර්ශ බොහෝයි .
ReplyDeleteඔබගේ දියණිය ඔබගේ පව්ලට වාසනාව ගෙනාව. මම නිසාත් මගේ දෙමව්පියන් මේ වගේම දුක් විඳල තියනවා . ඒ වකුගඩු රෝගය නිසා.. මේ වගේ අත්දැකීම් බොහෝ මව්පියන්ට ඇති .
කෙසේ හෝ දැන් ඔබේ දියණිය නිරෝගී දරුවෙක්නේ .
ඇය හොඳින් ඉගෙනගෙන ඔබලාගේ අඩිපාරේ යාවි . ඒක
සහතිකයි ...
.
දියණිය යොවුන් විය අද දින පසු කරනා
ප්‍රාණය හා සමානයි ඔබෙ මව් පිය දෙදෙනා
දෙන්නට ඔබේ මව්පිය හට සැනසුම ගෙනෙනා
උගත මනා ශිල්පයමයි මතු රැකෙනා
"අප්පච්චි කෙනෙක් ගෙන් දියණියකට උපහාරයක් විදියටයි මා මේ ලිපිය සලක්න්නේ. ඔබ වැනි පියෙක් ලද ඇයත් ඇත්තෙන්ම වාසනවන්තයි"
ReplyDeleteමට කියන්න තියෙන්නෙත් පොඩි කුමාරිහාමි කියපු ඒ දේම තමයි.
ඔබතුමාගේ දියණිය මුහුණු දීපු තරම් බරපතල තත්වයක් නොවුනත්, අපේ දියණියත් ඉපදී දින කිහිපයකින් යම් ආසාදනයකට ලක් වුනා,ඒ අනතුරුදායක මට්ටමකට කහ වීමටත් ලක්ව සිටියදී. ජීවිතයේ වඩාත්ම අසරණ වුනු අවස්ථාවක් ඒක, ඔබ තුමාට කොහොම වෙන්න ඇතිද ?
ජය..
දෙමවුපියන්ගේ ආදරය යන්නෙන් ටිකක්
ReplyDeleteගොනු කර
ලියා ඇත වෙද මහතා.
බෙහෙවින් නියමය.
ටිකක් දිග වුනා නම් අපට තවත් තේරෙනු ඇත.
අම්මලා අප්පච්චිලාගේ ආදරය තේරුම් ගැනීම අතිශය අසීරුය.
ස්තූතියි.
තාත්ත කෙනෙකුගේ හැන්ගීම් බොහොම සංවේදීව දක්වන අපුරු ලිපියක් වෛද්‍ය තුමෙනි,අවුරුදු 11 සිතන්න දෙයක් නොවෙයි .මගේ මහත්තය සහ ඔහුගේ වැඩිමල් සහෝදරිය අතර අවුරුදු 10 පරතරයක් තියෙනවා.එත් අද ඔවුන් තරුණ වයසේ ඉන්න විට ඒ පරතරය පෙනෙන්නේ නැහැ.මටත් අක්ක කෙනෙක් ඉන්නේ ඒ නිසයි.මන් හිතන්නේ දැනටත් ඔබ ප්‍රමාද නැහැ කියලයි.
ReplyDeleteදෝනිගේ අනාගතයට සුබ පතමි!
මහ වෙදනාගෙන් බලාපොරොත්තු නොවුන විදියේ සංවේදී සටහනක්.
ReplyDeleteවාසනාවන්ත දියණියේ..නුඹට සුභ අනාගතයක්.
බොහොම සංවේදී ලිපියක් වෙද මහත්තයෝ
ReplyDeleteමිනිස්සු අතින් වැරදි වෙන එක ඇත්ත, ඒ උනාට මටනම් අර දොස්තර නෝනලා අතින් වෙච්ච වැරැද්ද අනුමත කරන්න බැහැ.
ඊට වඩා වගකීමකින් වැඩ කරනවානම් කොච්චර හොඳද.
දයාබර වෙදමහත්තය,මේ ලිපිය කියවුපසු මාහට ඇතිවු හැඟිම් විස්තරකල නොහැක...දෙමාපියන් දරුවන් කෙරෙ කෙතරම් කැපවිම් කරනවාද..ඔබ නම් දායාබර පියෙකි...මා ඔබට ගෞරව කරමි....
ReplyDeleteමම හැමදාමත් ලියන්න හිතන තාමත් ලියාගන්න බැරිවුන අපේ කටුක අත්දැකීම ලියන්න ආයෙත් හිතාගත්ත...
ReplyDeleteඔබ අර කියන අවුරුදු තුනක් විඳි වේදනාව හොඳින්ම දැනෙනා කෙනෙක් මම... ඇවුරුදු හතරක් තිස්සෙ තාමත්.... ඒ දරුණු අවිනිශ්චිත හිස් හැඟීමෙන් පීඩා විඳිමින් ඒත් බලාපොරොත්තු සුන් කර නොගෙන ජීවත් වෙනව....
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි...
ReplyDeleteපසු ගිය දිනවල මම කීප වතාවක්ම ඇසූ ගීතයක්. කියන්න ඇති දේ මේ ගීතය මාතෘකාවට ගැනීමෙන්ම හිතා ගන්න පුළුවන්....
හැමදාම ඇවිත් කියවලා ගියත් අද අකුරක් එකතු කරන්නට සිතුවේ ඔබවන් පියෙක් ලද දුවණිය හැමදාමත් වාසනාවන්ත බව කියන්නට..නිති පෙරලෙන දුක සැප ඇති මේ ජීවිතයේ සැමදේම අප සම සිතින් බාරගත යුතුමයි..
ReplyDeleteබ්ලොග් ලිපියක් කියවූවිට ඇහැට කඳුලක් ඉනූ මාගේ පලමු අවස්ථාව මෙයයි . ඔබගේ දියණියට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි
ReplyDeleteඒ දුව ඔයාලා විදපු දුක ගැන තේරුම් ගෙන ඇති හොදටම වෙද අයියේ... මොකද එක වතාවක් දරුණු ලෙඩක් එක්කත් අනෙක් වර දරුණු රිය අනතුරක් හේතුවෙනුත් මාත් එක්ක මගේ දෙමවුපියන් හොදටම බැට කෑවා...මම ඒ දැකපු දේවල් වලින් දෙමවුපියන්ගේ වටිනාකම හොදටම තේරුම් ගත්තා...
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteමටනම් කියන්න දෙයක් නෑ වෙද මහත්තයෝ .මේ ගෙවෙන ජීවිතේදී ඔය කියන දේවල් ගැන ඒතරම් අද්දැකීම් නැති මම නියපොතු හපන ගමන් මේක කියෙවුවා ඊට පස්සේ විනාඩි ගාණක් කල්පනා කළා මොනවද මම මේ ගැන කියන්නේ කියලා ..
ReplyDeleteතාත්තා කෙනෙක් ගේ ආදරේ එහෙනම් මේ වගේ .. මගේ නඟා නම් තාත්තගේ ආදරේ විඳ ගත්තේ මාස තුනයි ..
ලොකුවට දුකක් හිතට නොදැනුනත් ..හීනිවට කියාගන්න බැරි තරමේ වේදනාවක් මගේ හිතටත් දැනෙන්න ගත්තා ..
අපට ලියන්නට කිසිත් ඇවැසි නැත. නුබ හෙඩිමේම එය සඳහන් කර ඇත .... දුවෙ නුඹ මගෙ ප්‍රානයයි !
ReplyDeleteබ්ලොග් අවකාශේ දැකපු සංවේදී ලිපියක්... පියෙකුගේ ආදරය වචන වලට අපූරුවට හැරවිලා...
ReplyDeleteකෙල්ල දැන් සනීපෙන් නේ... ඒ මදැයි... ඇයටත්.. ඔබ දෙපලටත් සුබ අනාගතයක් පතනවා....
ඔබ සැමගේ ප්‍රතිචාරවලට ස්තුතියි. මම මේ ලිපිය ලියන්න හේතු වූයේ මගේ දියණිය දැන් වැඩිවිය පැමිණි ලමයෙක් නිසයි. මගේ අතීත කථාව බෙදාගත් ඔබ සැමට ස්තුතියි.
ReplyDeleteමම තව දරුවෙක් ගැන නොසිතන්නේ මමත් බිරිදත් දැන් වයස 44 සීමාවේ සිටින නිසයි. අපි බැන්දෙ 30 මුලදී වුවත් ඒ කාලයේ අවුරුදු තුනක් අපිට දරුවෙක් හදා ගන්න තරම් ආර්ථිකයක් ඉඩ ප්‍රස්ථාවක් තිබ්බේ නැහැ. අනිත් වැදගත්ම දේ අපි දෙන්න දෙපසක සිටියේ. ඒ නිසා මම රජයේ රැකියාවෙන් ඉවත් වෙලා මගේම ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒක ක්‍රමයෙන් දියුණු වෙනකොට තමයි මේ දරුවා අපි ලඟට ආවේ. හැබැයි එයා ඉපදුණු දවසේ සිටම ඒ ව්‍යාපාරය මට කරදරයක් වුනා. තවත් වසර දෙකක් පමණම මම ඒ ණය ගෙව්වා. ඒ වෙනකොට මට වයස 35 විතර. ආයිත් දරුවට අනාගතයක් හදන්න ගොඩක් මහන්සි වුනා. ඒ ඉවර වෙනකොට අපේ වයස 38 39 සීමාවට ඇවිත්.
වෛද්‍යවරයෙක් විදියට මම මහා දුකට පත්වෙලා සිටි අයට උදව් වෙලා තියනවා. මම දැන් ඉන්නේ හරිම සතුටෙන්. මට හැම දේම තිබෙනව. මගේ එකම පැතුම තව අයට මම ව්ගේ සතුටින් ඉන්න සලස්වන එක ඒ නිසා මම දැන් ඒ වෙනුවෙන් කැපවෙලා ඉන්නේ. ඔබ සැම මගේ ලිපියට දක්වපු සහයට මම ඔබට ආචාර කරනවා.
ඔබගෙ දියනියට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්තනා කරනවා !
ReplyDeleteදරුවෙක් ලෙඩ වෙනවා කියන්නෙ මහා බරක්. ඒක දරාන ඉන්න හරිම අමාරුයි.
ReplyDeleteලියන්න දෙයක් හිතෙන්නෙ නෑ හිතට වැදුන ගොඩක්.
හ්ම්ම්ම් දුවේ නුඹ මගෙ ප්‍රානයයි........................
ඔබේ දියණියගේ අනාගතය වාසනාවන්ත වේවා
ReplyDeleteඔබ වැනි පියෙක් ලැබූ දියණියකට ජීවිතයේ වරදින්නට ඉඩක් නෑ...
ReplyDeleteදුවට වාසනාවන්ත අනාගතයක් පතනවා!
ReplyDeleteඔබගේ දියනියට වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා.!!! වෙදනා, මට මොබතුමා සමග කතිකා කරගතයුතු වැදගත් යමක් තිබෙනවා.. දුරකතන අංකය හෝ විද්‍යුත් ලිපිනය ලබා දෙන්න.. ගොඩාක් පිං
ReplyDeletemaxxmadhu85@gmail.com
වෙද මහත්තයෝ , මටත් ඉන්නේ එක කෙල්ලක් .
ReplyDeleteඔය තරම් දරුණු තත්වයන් නොවුනත් , දරුවෙක් ලෙඩ උනාම තත්වය දනිමි .
දුවටයි ඔබටයි ජය.
මමත් දුවෙක් ඉන්න තාත්ත කෙනෙක් අයියෙ . . . . අයිය කියනදේ ඒනිසාමද කොහෙද බරටම හිතට දැනෙනව . . . .මට ටිකක් මතකයි අයියගෙ දූ පැටියව . . . සුභ අනාගතයකට සුභ පැතුව කියන්න චූටි දූට . . . . .
ReplyDeleteමම මේ පෝස්ට් එකට කොමෙන්ට් එකක් දාන්න පරක්කු උනේ තත්තගෙ ආදරේ ගැන කියන පහත සටහන හොයපු නිසා . . . .
අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ සද්දයි අතින් අල්ලන්න පුළුවනි පෙනෙනවා .. රසයි සිසිලයි ..ලේසියෙන් වටහගන්නපුලුවනි.. තාත්තගේ ආදරේ හුස්ම ගන්න වායුව වගෙයි. පෙනෙන්නේ නෑ. නමුත් නැතිවුනදාට දැනෙනවා..
අපි දේපල ලගදි ඔබතුමා මුණගැසුණි. අද පළමු වතාවට ඔබගේ බ්ලොග් සටහන කියවීමි ගැන මම ඉමහත් සතුටට පත්වුවෙමි . ඔබ කෙතරම් උතුම් කෙනෙක් ද යන වග මට අවබොඩ වූවෙමි.
ReplyDeleteවිවේකයක් ඇති විට නැවත ලියන්න බලපොරෝතුවෙන් මම නවතිමි.
මෙයට හිතවත්,
ඉමන්ති සහ ඉසුරු
සැම දේම ඉතාමත්ම හොඳින් සිදු වේවායි අපි දෙන්නා ගෙ ප්‍රාර්ථනාවයි
ReplyDeleteපුන්චි දුවට සුභ අනාගතයක් ප්‍රාර්තනා කරනවා....
ReplyDeleteදරුවෙක් ලෙඩ වෙනව තරම් හිතට අසහනයක් දැනෙන වෙන මොකක්වත් නැතුව ඇති කියලයි මට හිතෙන්නෙ... පොඩි කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනත් දෙය්යනේ අපි කොයිතරම් නම් විදවනවද ?
@ ඕනයා :
//අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ සද්දයි අතින් අල්ලන්න පුළුවනි පෙනෙනවා .. රසයි සිසිලයි ..ලේසියෙන් වටහගන්නපුලුවනි.. තාත්තගේ ආදරේ හුස්ම ගන්න වායුව වගෙයි. පෙනෙන්නේ නෑ. නමුත් නැතිවුනදාට දැනෙනවා..//
මේ කියමන නම් සහතික ඇත්ත... මගෙ මහත්තයත් දරුවට ආදරේ කරන විදිය දැක්කම මට තාත්ත කෙනෙක් ගෙ ආදරෙ හිතාගන්න පුලුවන්... අවාසනාවට මටනම් තාත්ත ගැන කිසිම මතකයක් නෑ....
වෙද මහත්තයාගේ දුවට සුබ අනාගතයක් !!!
ReplyDeleteමටත් ඉන්නවා අවුරුදු 2 දුවෙක් .දැන් එකී කියන කතා අහද්දී මට හිතෙනවා මේ ලෝකේ වාසනා වන්තම තාත්ත මමයි කියලා.එයාට රණ්ඩු වෙන්නත් ඕන මම මයි ,නැතුවම බැරිත් මමමයි .