Saturday, October 29, 2011

සුදු මිනිස්සු සහ කළු මිනිස්සු.

මේකත් මට අහම්බෙන් මතක් වූ සිද්ධියක්. මේ සිද්ධිය සිදු වෙලා දැන් වසර 9 විතර ගෙවිලා. මම මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනයට සැරසෙන මුල්ම කාලේ මේක වුනේ. මේ සිද්ධියට මුහුණ දුන්න යුවල එයිටත් වසර ගනනාවකට කලින් සිටම හොදින් මාව හදුනනවා. මම වසර 1997 මගේ වෛද්‍ය ජීවිතය ආරම්භක කාලේ සිටම සම්බන්ධකම් පවත්වාගෙන ගිය පවුලක්. මේ පවුලේ කුඩා දරුවන් තුන් දෙනෙක් හිටියා. මට මතක හැටියට බාලම ලමයාට වයස ඒ කාලේ අවුරුදු 3 - 4 විතර ඇති.

මේ අයට තිබූ අඟ හිගකම් බොහෝමයි. ඉතාම අපහසුවෙන් ජීවිතය ගැටගහ ගත්තා කිව්වොත් හරි. ලමයින්ගේ සුළු සුළු ලෙඩට මම සමහර විට බෙහෙත් දෙන්නේ මුදලක පවා නොගෙන. පියා කරන්නේ රියදුරු රැකියාව. විවාහය සිදුවෙලා තියන්නේ, වයස අඩුවෙන්. කොටින්ම මට හිතෙන්නේ බාල වයස් විවාහයක් කියලා. ඒත් මට නියම වයස දැන ගන්න වුනේ නැහැ. ඒ දෙමාපියන් මම කිසි දිනක ලෙඩ වෙනවා දැක නැහැ. දරුවන්ට වුවත් තිබ්බේ පොඩි පොඩි සෙම අමාරු, බඩරුදාව වැනි දේවල්.

ලමයින්ගේ බඩ පුරවලා මේ දෙන්න දෙමාල්ලො හිස් කුසින් ඉන්න ඇති අනන්තවත්. මමත් සමහර වෙලාවට නිශ්චිත වැඩක් නැතත් මගේ සුළු සුළු වැඩට මේ රියදුරු මහතාව එක්කන් ගොස් මුදල් දෙනවා. එහෙම තමයි ජීවිතය රැක ගන්නේ. ඒ තරම් අපහසුවෙන් මේ අය ජීවත් වුනේ.

දිනක් මා හමුවට පැමිණි මේ පියා සහ මව මාත් එක්ක ලොකු කථාවකට ලැහැස්ති වන බව මට දැණුනා. එහිදී ඇති වූ කථා බහ අනුව මට තේරුම් ගියේ මේකයි. දැන් මෙයාල තව දරුවෙක් පිළිසිඳගෙන මෙයාලගේ අදහස ඒ දරුවා නැති කරන්න. මම කෙලින්ම මේ වැඩේට විරුද්ධ වුනා. මේ නූගත් අහිංසක යුවලට කියා දුන්නා මෙහි ඇති භ්‍යානක පැත්ත. ඒ වගේම මේවැනි දේ ලංකාවේ නීතියෙන් තහනම් බව ආදී දේ මම කියා දුන්නා.

මේ යුවලට අවබෝධය ඇති කිරීමට හැකි වුනා මේ ලැබෙන ලමයා සමහර විටක මුළු පවුලටම එහෙමත් නැත්නම් මුළු රටටම විශාල සේවයක් කල හැකි අයෙක් වුනොත්, එහෙමත් නැත්නම් ඔබ සියළු දෙනාගේ ආරක්ෂකයා මෙයා වෙන්නත් පුළුවන් නේද? කියන කාරණය මෙයාලට පැහැදිලි වුනා. අනික මෙතනදි අමාරුවෙන් හරි මේ දරුවා හදා ගත්තොත් ඔබ කරන්නේ විශාල පිනක් නේද? නැත්නම් ඔබම ප්‍රාණඝාත අකුසලයට සම්බන්ධ වෙනවා නේද? කවදා හරි මේක මතක් වුනහම ඔබට හිතට කොහොම දැනෙයිද? ආදී වශයෙන් තේරුම් කර දේ මේ යුවල ඉතා හොඳින් ග්‍රහනය කලා.

ඔවුන්ගේ රැකියා ප්‍රශ්නෙට අපට පුළුවන් උදව්වක්ද අපි මොවුන්ට ලබා දුන්නා. කෙසේ හෝ මෙහි ඇති විශ්මය දනවන කාරණය මෙයයි. ඔබ දන්නවද ඔවුන් ඒ කරගත් පින මේ හවයේදීම ඔවුන්ට පල දුන්නා. ඒ දරුවා ඉපදී දින කීපයකින් දිනක් ඒ පියා මා සොයා මහ රෑක මගේ ගෙදරට පැමිණියා. ඒ ඉතාම රහසිගතව.

මට මගේ සවන් විශ්වාස නැති වූ පුවතක් ඔහු මට හෙලි කලේ. ඔහු ගත් ලොතරැයියකට පලමු දිනුම ඇදී තිබුනා. පසුදා මම මගේ වාහනයෙන්ම ඔවුන්ව එම මුදල ගැනීමට යැව්වා. අද මොවුන් ඉතාම ලස්සනට ජීවත් වෙනවා. වැඩි දෙයක් බලාපොරොත්තු නැති මොවුන් එම මුදලින් ඉතාම කුඩාවට නිවස තනාගෙන. ලොරියක් මිලදීගෙන තම ජීවිකාව කරගෙන යනවා. හැම වසරකම මේ මිනිස්කම් දත් මිනිසා සිය පවුලම කැටුව මා බැලීමට පැමිණෙනවා.

දැන් වෙනත් කථාවක් කියන්නම්. මා මේ රැකියාව නිසා මිනිසුන් දහස් ගනනක් ආශ්‍රය කර තිබෙනවා. මේ හැමටම තිබෙනවා කථාවක් අපට පැවසීමට මේ හැම කථාවක්ම අප ඇසිය යුතුයි. වෛද්‍ය වෘත්තිය කියන්නේ මගේ වචනයෙන් කියනව නම් අනිත් අයට ඇහුම් කන් දෙන එකට. බෙහෙත් කියන්නේ හැම විටම බොහොම අඩු වැදගත්කමක් තියන දෙයක්. නමුත් ඒ අයගේ හිතේ තියන දේ අහලා ඒකට යම් උපදෙසක් දෙන එක ඒ මිනිස්සුන්ට හරියට වටිනවා. ඒ නිසා මගේ රෝගීන් එන්නේ පැය ගනන් ගත කරන්න බලාගෙන.

මේ සිද්ධියටත් දැන් ටික කාලයක් වෙනවා. මෙයාල ඉතාම වැදගත් යමක් කමක් ඇති මිනිසුන්. ඒත් මෙයාලට ඉන්නේ එක දරුවයි. ඒක මෙදෙන්නට මදි. දැන් උත්සාහය තව දරුවකු සාදා ගන්න. මට මේ අය එක්ක කථා කරනකොට තේරුනා යමක් කියන්න ඉන්නවා නමුත් ඒක කියා ගන්න බැහැ වගේ ගතියක්. කරුණාවෙන් අහනකොට හැමදේම එලියට එනවා. බලත්දි මෙයාල පැය 1/2 විතර කථාවක් මට කිව්වා. මේකයි වෙලා තියන්නේ.

දැන් මෙහෙම හිටියට කලින් ඉතාම අපහසුවෙන් ජීවිතය ගත කරලා තියන්නේ. ඒ කාලෙම දරුවකුත් පිළිසිඳගෙන ගෑනු ලමයෙක් ලැබිලා. ඉන් තවත් මාස තුනකින් පස්සේ තව ලමයෙක් පිළිසිඳගෙන. දැන් අතේ ලමයට මාස හතරක් විතරලු. මේක මේ අයට ඒ වෙලේ සිටි තත්ත්වය අනුව මහා බරක්. ඉපදිලා ඉන්න ලමයට ප්‍රමුඛත්වය ලබා දෙන්න හිතලා ඒ ලමයා ( දෙවනි ) ගප්සා කරවලා.

දැන් කාලයක් ගිහින් ඒත් නැවතත් පිලිසිඳ ගැනීමක් සිදු වී නැහැ. පසු කාලීනව මෙයාලගේ ව්‍යාපාර ඉතාම දියුණු තත්ත්වයට පත් වෙලා. දැන් දෙවනි ලමයෙක්ගේ අවශ්‍යතාවය ඉතාම තදින් දැනෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දෙමාපියන් හඬා වැටෙනවා අර සිද්ධිය ගැන සිතමින්.

මට මේ කථා දෙක දමන්න හිතුනේ වෙන දෙයක් නිසා නෙමෙයි. අපි හැමෝම තුල මේ දෙජාතියෙම මිනිස්සු ඉන්නවා. හැබැයි අපිට තියෙන ප්‍රශ්න තමයි අපි මේ දෙගොල්ලන්ගෙන් එලියට ගන්නේ කාවද කියලා තීරණය කරන එක.


හරියට ප්‍රකෘති විකෘති වගේ. ඔන්න දැන් අපි ආයෙත් විශ්වාරම්භ කථාව ආරම්භ කරන්න කාලේ ඇවිල්ලා......

25 comments:

  1. මේ කතාව නම් සහතික ඇත්ත..සමාජය කරන්නෙ කලු මිනිස්සු එක පැත්තකටත්, සුදු මිනිස්සු එක පැත්තකටත් දමලා වෙන කරන එක.. කලු මිනිස්සුන්ගෙන් එලියට එන සිදු මිනිස්සුන්ට කිසිම ඉඩ හසරක් නොදී මරා ගන්නවා !

    ReplyDelete
  2. හුඟක් මිනිස්සුන්ට ප්‍රශ්න මතක් වෙන්නේ වැඩේ අතේ පත්තු උනාම!ඔය දුප්පත් මිනිස්සු ලමයි 4,5 හදනවා..ඊට පස්සේ ගෙයින් ගෙට යනවා ප්‍රශ්න කිය කිය!ප්‍රතිකාරයට වඩා පරිස්සම හොඳයි කියන එක අපේ මිනිස්සුන්ගේ ඔලුවලට කවද යයිද මන්ද@

    ReplyDelete
  3. මේ වගේ දේවල් වලක්වගන්න මිනිස්සුන්ට මොනතරම් උපදෙස් මොන විදියට දුන්නත් අන්තිමේදි නතර වෙන්නෙ මෙතැන.... උගත් නූගත් කියල වෙනසක් නැහැ... හරිම කලකිරීමක් ඇතිවෙනව වෙලාවකට, අහන්න ලැබෙන ඒවා ගැන බලනකොට....

    සාබිත් කියල තියෙන එක හරියටම හරි....

    ReplyDelete
  4. මිනිස්සු කලුද සුදුද කියල අපිට තීරනයකරන්න බෑ . . . ඒක තීර්නය කරන්න ඕනෙ ඒ අයමයි . . තමන් කලු වෙනවද සුදු වෙනවද කියන එක.

    ප.ලි.
    ඔය ගබ්සා කතාවට නං මම කියන්නෙ සේෆ්ටි ෆස්ට් කියල හිතුවනං වැඩේ ශේප් කියලයි.

    ReplyDelete
  5. >>වෛද්‍ය වෘත්තිය කියන්නේ මගේ වචනයෙන් කියනව නම් අනිත් අයට ඇහුම් කන් දෙන එකට. බෙහෙත් කියන්නේ හැම විටම බොහොම අඩු වැදගත්කමක් තියන දෙයක්. නමුත් ඒ අයගේ හිතේ තියන දේ අහලා ඒකට යම් උපදෙසක් දෙන එක ඒ මිනිස්සුන්ට හරියට වටිනවා. ඒ නිසා මගේ රෝගීන් එන්නේ පැය ගනන් ගත කරන්න බලාගෙන.<<

    අන්න ඒ කොටස තමයි මගේ සිත් ගත් කොටස. හැම වෙද මහත්තයම ඔහොම නොහිතන එකයි කනගා‍ටුව. අනික සමහර දේශීය වෙදවරුන් ගැන මට තියෙන්නෙ කළකිරීමක්, යම් යම් සිද්ධීන් නිසා.
    අනික ළමයි ගැන වෙදනාගෙ ආකල්පය ප්‍රොෆයිල් ෆෝටෝ එකෙන්ම පේනවා.
    ඔය දුවගෙ කතාව කියනවා කියලා ඕනයගෙ පෝස්ට් එක යට දාලා තිබ්බා. ඉතින් මේ කියනකල් බලා ඉන්නෙ.

    henryblogwalker the Dude

    ReplyDelete
  6. ඔවැනි කතා කිහිපයක් මටත් අහන්න ලැබිලා තියෙනවා..

    ඒවාට වඩා විශේෂිත කතාවක් තියෙනවා. මේ දේ මගේ බ්ලොග් එකේ ලියනවාද නැද්ද දෙගිඩියාවෙන් පසු වුනේ මේ සිද්ධියට සම්බන්ධ අය අදටත් (අකමැත්තෙන් වුනත්) ආශ්‍රය කරන නිසා.. උගත්, දැනුවත් යැයි කියන අය පවා මේ දේවල් කරනවා පමණක් නොවෙයි, අනිත් අයවත් පොළඹවා ගන්නවා කියන එක මේකෙන් පැහැදිලි වෙනවා.

    අපේ පළමු දරු පිළිසිඳ ගැනීම සිදු වුනේ විවාහ වුනු අළුතමයි. ඔය ඕනයා සේෆ්ටි ෆස්ට් කිව්වට ඉඳ හිට පොඩි වැරදීම් වෙනවනේ.. :)) . අනපේක්ෂිත දෙයක් වුනත් අප දෙදෙනාම සතුටින් භාර ගත්තා. මේ ගැන දන ගත්ත අපි ලඟින්ම ආශ්‍රය කරන පවුලක බිරිඳ,ස්වාමියා දෙදෙනාම අපට කියා සිටියේ "අපෝ ඉක්මන් වැඩියි, තාම බැන්ද අලුතනේ, ළමයි හදන්න ගියොත් ලයිෆ් එක එන්ජෝයි කරන්න බැහැ. ඕක නැති කරලා දාමු..අපිත් උදවු කරන්නම්" කියලා.. මේ කියලා විනාඩි කිහිපයකට පස්සේ අර කාන්තාව "පාණාතිපාතා වේරමණී.... " කියලා මහා හඬින් පන්සිල් "කියෙව්වා"...

    ප්‍රායෝගික හේතුන් මත ඔවුන් සමග ආශ්‍රය අදටත් තියෙනවා. ඒත් අපේ දියණිය ඔවුන් (හදවතින් ද?) සුරතල් කරන විට, ඇය රැක බලා ගැනීමට උපදෙස් දෙන විට අපේ හිතට එන හැගීම මොන වගේද..

    මට පෙන්නේ නම් නැහැ, ඔවුන් අද මගේ දියණියගේ සුරතල් බලන විට , කලින් කල පාපී යෝජනාව පිලිබඳ පසු තැවීමක් තියෙන බව..

    මෙතන තියෙන වෙනස්කම් තමා අපි විවාහකව සිටියදී, මාසේ අන්තිම වෙන කොට රිම් ඒකෙන ගියත් කොහොම හරි දරුවෙක් වෙනුවෙන් වියදම් කරගත හැකිව තිබියදීත්, උගත් යුවලක් විසින් මේ දෙය අපට යෝජනා කිරීම..

    මීට සම්බන්ධ පුද්ගලයාගේ සහෝදරයෙක් සමග දවසක් මම මේ කතාව කිව්වා. එවිට ඔහුගෙන් මට දැන ගන්න ලැබුනේ අර යුවලට ගබ්සා කිරීම් නුපුරුදු දෙයක් නොවන බව.. විවාහ වීමට පෙර අනාචාරයේ හැසිරුණ කාලයේත්, විවාහ වී වසර ගණනාවක් ගත වන තුරුත් දරු ගැබක් ඇති වුනු සෑම විටම ඔවුන් ගබ්සා කර තිබෙනවා.. "ඊට සහාය දී තිබුනේ දරුවන් බිහි කරවා දීමට උදවු ලබා දිය යුතු, නාරි වේද විශේෂඥ කෙනෙක්".. ඉන් වසර ගණනාවකට පසු මොවුන්ට දරුවෙක් ලබා ගැනීමට උවමනා වීමෙන් පසු කිහිප වතාවක්ම විකෘති මල දරු උපත් පවා සිදු වෙලා තියෙනාවා.. දැනට ඉන්න එකම දරුවා ලැබිලා තියෙන්නේ ගබ්සා නවත්වලත් අවුරුදු ගණනකට පස්සේ..

    ප.ලි. යම් යම් සිද්ධීන් නිසා අසරණ වෙන අය නොදැනුවත්කම හා අසරණ කම නිසාම මේ දේවල් වලට පෙළඹෙනවා. අර අට වසරේ එකොළහ වසරේ පාඩම් වලට "ලිංගික විනය - නිසි කල එනතුරු ඉවසා සිටීම :) ", උපත් පාලන ක්‍රම (මේක ලිංගික විනය නැති කිරීමටත් හේතු වෙන්න පුළුවන්, ඒත් නොදැන සිටීමට වඩා දැන සිටීම වටිනවා නේද?") වගේ දේවල් ඇතුලත් කරන්න ඕනි.. ගබ්සා අඩු කිරීමට ඒ දේ සුළුවෙන් හරි උදවු වෙයි..

    සමා වෙන්න කමෙන්ට් එක දිගට ලිව්වාට.. කොහොමටත් මගේ බ්ලොග් එකේ ලියනවාට වැඩේ මේක මේ ලිපියට කමෙන්ටුවක් සේ සබැඳීම වඩා හොඳයි..

    තව දෙයක් තියෙනවා. අර උපදේශක යුවලගේ ක්‍රමයට නොවුනත් ඊට වඩා වෙනස් විදියට අපි අද අපේ සුරතල් දියණියත් එක්ක ලයිෆ් එක එන්ජෝයි කරනවා.. හැබැයි තව කාලයක් යනකම් සේෆ්ටි එක ෆස්ට්ම ෆස්ට්..

    ReplyDelete
  7. මම හිතන්නේ තව කාලයක් යනකොට ඔය ගබ්සා කිරීම අඩු වෙලා යාවි. හරි හැටි අවබෝධයක් නැති කම නිසා තමයි මේ වගේ සිදුවීම් බොහෝමයක් සිද්ද වෙන්නේ ..

    ඕනයා හරි සේෆ්ට් ෆ්‍රස්ට් ..

    ReplyDelete
  8. සමාජෙත් එක්ක මිනිස්සුන්ගේ ඔය කළු සුදු ගති වෙනස් වෙනවා මම හිතන්නේ...අපේ පරිසරයත් ඕවට බලපානවා....

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. මේ හැම දෙකටම මුල මෙ සමාජෙට බලපාන ආර්තික දුශ්කරතාවය කියලැයි මයෙ හිතෙ. පිටරට වලනම් තමන්ගෙ කුසෙ හැදිච්ච ප්‍රානයක් නැතිකරගන්න එක එච්චර serious විදිහට ගන්නෙ නෑ . ඒත් අපෙ රටෙ එහෙම කරන්න හදන්නෙ අර මම කියපු ආර්තික දුශ්කරතාවය මත පමනයි.

    ReplyDelete
  11. ගබ්සාව පිලිබඳවනම් මම අහන්නවත් බලන්නවත් අකමැතිම දෙයක් ආර්ථික ප්‍රශ්නත් වෙනත් හේතුත් මේවට බලපානවා ඇති. කෙසේ හෝ විවාහක යුවලක් කල යුත්තේ තමන්ට දරුවන් අනවශ්‍යනම් ආරක්ශිත පියවරක් අනුගමනය කරන එක, ප්‍රාණගාත නොකර..

    මා දන්නා දිළිදු මවක් සිටියා දරුවන් හය දෙනෙක් සිටියා ඇයට. සත් වෙනි දරුවත් පිලිසිද ගත්තාම දරුවා නැති කරන්න මොනවද බීලත් තියනව. ඒත් ගබ්සා වෙලා නෑ. නමුත් ඒ දරුවා තමයි පවුලට වාසනාව ගෙනාවෙ.

    මේ කරුණ සම්බන්ධව විතරක් නෙමේ ජීවිතේ සමහර දේවල් අපි හිතන්නෙ නැතුව අහිමි කරගන්නව. නමුත් ඒ අවස්ථාව අපිට කවදාවත් යලිත් එන්නෙ නැති වෙන්න පුලුවන්...

    ReplyDelete
  12. මගේ හිත ඇදලා ගත්තේ, කතාවේ ප්‍රධාන චරිතයයි. ඒ අපේ මහ වෙදනා.

    //වෛද්‍ය වෘත්තිය කියන්නේ මගේ වචනයෙන් කියනව නම් අනිත් අයට ඇහුම් කන් දෙන එකට. බෙහෙත් කියන්නේ හැම විටම බොහොම අඩු වැදගත්කමක් තියන දෙයක්. නමුත් ඒ අයගේ හිතේ තියන දේ අහලා ඒකට යම් උපදෙසක් දෙන එක ඒ මිනිස්සුන්ට හරියට වටිනවා. ඒ නිසා මගේ රෝගීන් එන්නේ පැය ගනන් ගත කරන්න බලාගෙන.//

    ලංකාවේ ඉන්න සමහර දොස්තරලා දිහා බලපුවාම අපේ මහ වෙදනා කොච්චර හොඳ වෛද්‍යවරයෙක්ද.......

    ReplyDelete
  13. මිනිස්සූ බුද්ධිමත් උනාම ඔය දේවල් හරියයි. ඒත් පොඩි කතාවක් කියන්නම්. අපේ ගෙවල් ගාව ඉන්නවා. දොස්තර ජෝඩුවක්. නෝනයි මහත්තයයි දෙන්නම දොස්තරලා. නෝනා ඉන්න වෙලාවට දන්න එකෙක්වත් යන්නේ නෑ. හරිම කරුනාවන්තයි. ඒත් බේත් අල්ලන්නේ නෑ කියලා. මහත්තයා සැරයි. සෙනග පිරිලා. අරයා බොරුවටෙයි ආදරෙන් කතා කොරන්නේ කියලයි මිනිස්සු කියන්නේ. මහත්තයගෙන් ගත්ත ගමන් ලෙඩ සනීපයි.

    ReplyDelete
  14. ගබ්සා කරීම නරක දෙයක් කියන එක පැහැදිලියි.. ඒත් සමාජයේ තියෙන ප්‍රශ්ණත් එක්ක මිනිස්සු ඒ තත්වෙට පත්වෙන එක පුදුම වෙන්ට දේකුත් නෑ... හැම දේම සැලසුම් සහගතව ඉවසීමෙන් කරන්න පුළුවන් නම් ප්‍රශ්ණ අඩුයි..

    වෙදනා වගේ දොස්තර මහත්තයෙක් මට නම් හම්බු වෙලා ම නැති තරම්...

    අනේ ඔබ තුමාට නම් ඔය සල්ලි උණ නොසෑදේවා...!

    ReplyDelete
  15. ඔබ වගේ දොස්තර ''මහතෙක් '' අපේ ගෙවල් පැත්තෙත් හිටියා . ගෙවල් ළඟම නෙමේ . හරියටම කියනවා නම් බියගම වෙළඳ කලාපෙට හැරෙන තැන . අපි ලෙඩක් හැදුනම එයා ලඟට ගිහින් ආවත් ලෙඩේ සනීපයි . ළමයින්ටත් හරි ආදරෙයි .
    කලුයි සුදුයි කියල කියන්න බැහැ. හැමෝම ඔය දෙකේ මිශ්‍රණයක් . ස්කෑන් කරලා ඔලුවේ වෙනස් කමක් තියෙනවා කියල නැති කරගන්නවදනැද්ද කියල දෙගිඩියාවෙන් ඉඳල අන්තිමට තියා ගන්න තීරණය කල පොඩි දොනියෙක් ඉන්නවා මගේ යාලුවෙක්ට . ජම්බු ගෙඩියක් වගේ යස පැහිච්ච ආච්චියෙක් එයා . මුණු පොතේ දකින ගානේ මගේ හිත පත්තු වෙනවා . ..අනේ මේ කෙල්ල නැති වුනා නම් කියල .

    ReplyDelete
  16. අපි ඉස්සර හිටිය ගෙවල් ගාව, ඉතා දිළිඳු පව්කක් ජීවත් වුනා. දරුවන් හය දෙනය්. ඒ තාත්ත කොය් තරඟ බැරි කම් තිබුනත් ඒ කාලේ කිව්වේ "වැලේ ගෙඩි වැලට බර නැහැ කියල". අද තරුණ වයසේ ඉන්න ඒ දරුවො සමාජයේ හොඳ තැන් වල ඉන්නව.

    ReplyDelete
  17. තමන් තීරනයක් ගත්තේ ඒ මොහොතේ තත්වය සලකා නිසා දෙවැනි පවුල දුක් නොවිය යුතුයි. ඉපදෙන දරුවා තමනට හරියට හදන්නට පහසුකම් නැත යයි කියා හිතෙනවා නම උපත් පාලන ක්‍රම කිරීම ඉතාම ඕනෑ කමකින් කල යුතු දෙයක්.

    ReplyDelete
  18. මට උදව්වක් ඕනේ.
    කීරඳ , පොන්නම්බලම් යන නම් දෙකින් හෑඳින්වෙන බේත් අවුශද දෙකක් තිබේද? ප්ලීස් ... උදව් කරන්න.

    ReplyDelete
  19. අපේ කොල්ලො දෙන්නම ලැබුනෙ බලාපොරොත්තු නොවිච්ච වෙලාවක. එහෙම කියල උන් දෙන්න නොගෙනාවනම් එහෙම ජීවිතේ මොනතරම් පාළුවක් වෙන්න තිබ්බද කියල දැන් හිතෙනව.
    බැඳපු උන් දරුවො නැතිකරන එක මහ අපරාධයක්!

    ReplyDelete
  20. ම්....මිනිස්සු අසරන වෙන වෙලාවට..කරන්න ඔන හොඳම දේ මොකද්ද කියලා නොපෙනෙන වෙලාවල් එනවනේ...ඔබ තුමා වගේ පුද්ගලයො..මේ වගේ සිද්ධිවලින් තැවෙන මිනිසුන්ව...සුවපත් කර එක ලොකු දෙයක්.......

    ReplyDelete
  21. මගේ මේ ලිපිය කියෙව් ඔබ සෑහෙන දෙනෙක් මට කමෙන්ට් එවා තිබීම මගේ සතුටට හේතුවක්. ඒත් අධිකව වැඩ යෙදී තිබෙන බැවින් වෙන වෙනම නමින් පිලිතුරු ලිවීමට වෙලාවක් වෙන් කර ගැනීමට නොහැකි වුවත් ඔබ සැම තමයි මගේ ශක්තිය. ඔබ හැමට හිස නමා ආචාර කරමි. ජය!!

    ReplyDelete
  22. මගේ ලගට රෝගීන් එන්නෙ පැය ගානක් ගත කරන්න බලාපොරොත්තුවෙන්...


    ඒ ක හුඟක් වටින දෙයක් වගේම අද කාලේ වෙදදුරෙක් ගෙන් දකින්න අමාරු දෙයක්... එහෙව් ඔබ වහේ කෙනෙක් අදුර ගන්න ලැබීම සතුටක්... බොක්කෙන්ම.


    මිනිස්සු කලු ද සුදු ද කියල අපිට තීරනය කරන්න බෑ මම හිතන්නේ... මොකද අපි බලන්නේ අපේ කන්නඩියෙන් ඒක මොන පාටද ???

    ඕනය හරි... සේෆ්ට් මුලට

    ReplyDelete
  23. කෙටියෙන්ම ඔබතුමා කරලා තියන්නෙ මහා පිනක්...
    සතුටින් අනුමෝදන් වෙනවා...

    ReplyDelete
  24. එදා සහ අද සසඳන්න අමාරුයි. අද ලෝකය දියුණුයි. හැම දේකටම ක්‍රම සහ විධි තියෙනවා. තමන්ගේ ආර්ථිකයට ගැලපෙන ප්‍රමාණයේ දරුවන් පිරිසක් හදා ගත්තා නම් හොඳයි පරාණ ඝාත කරන්නේ නැතුව.
    නැණැති දනා
    පමණ් දැනා
    දරු සුරතල්
    බලති මනා

    ReplyDelete
  25. වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දන්වන්න
    sherath123@gmail.com

    ReplyDelete