මේක දැණුමක් ගන්න ලියන දෙයක් නෙමේ. මම මේ සිද්ධිය කියන්න හිතුවේ හැමදාම එකම වගේ කථා කියලා ටිකක් වෙනසකට. මේ සිද්ධිය වුනේ මම උ/පෙ කරලා ගෙදර ඉන්න දවස්වල. මේ කාලේ අපේ සඳරූ වගේ මරණ ගෙවල්, මගුල් ගෙවල්, පොලියට ගන්න කාලේ.
එක දවසක් මහ රෑ අපේ මිත්‍රයෙක් මගේ කාමරේ ජනේලෙට තට්ටු කරනවා. දැන් වෙලාව රෑ 10 ට විතර. ඒ කාලේ මම හිටියේ ගෙදරින් එලියට දොරක් තිබුනු පරණ තාලේ කන්තෝරු කාමරේ. (මහා භීෂණයත් එක්කම මට මේ කාමරේට සමු දෙන්න වුනා මවගේ බලවත් ඇවිටිල්ල නිසා.) ඉක්මනට මිත්‍රයා කාමරේට අරගෙන කථා කලහම අපේ යාළුවෙක්ගේ අම්මා නැතිවෙලා. මේයා ගැනත් කියන්න තියනවා. ඉතාම ඉහලට ඉගෙනගෙන ඒත් දැන් බොගම්බර හිරගෙදර සිරබත් කන යාළුවෙක්. මොකද මිනිහා සක්විතිගේ දෙවනි සක්විති වෙන්න ගිහින් එහාට යන්න වුනේ.
අම්මටවත් කියන්නැතුව මමත් මගේ පලමු මිත්‍රයත් මේ මලගෙදර ගියා. යනකොට අපේ මිත්‍රයෝ කීප දෙනෙක්ම එතැන. මේ කට්ටිය ගැන කියනවනම් හැමෝම වෙන්න දොස්තරලා, නැත්නම් වෙන්න ඉංජිනේරුවො, එහෙමත් නැත්නම් වෙන්න එකවුන්ටන්ස්ලා, ඔය වගේ මහජාතියේ අය තමයි හිටියේ. දැන මලගේ නැගලා යනවා. කථාබස්, හපන්කම්, පුරසාරම්, බැලුවම වැඩි හරියක් මෝඩකම්. මේ වගේ තැන්වලට අපේ නඩේ ගියාම ඔය සඳරූ කියනව වගේ ගමේ කාණ්ඩ දෙකක් ඇති වෙනවා. අර වෙන්න මහජාතියේ අයයි, ගමේ බයියෝ ටිකයි. මේ දෙගොල්ලොම වැඩ පෙන්නනවා. පොඩි තරගයකුත් මේ අය අතර තිබෙනවා එදා ඉදලම.
එදාත් සුපුරුදු පරිදි මේ තරගය ඉස්මතු වුනා. ඒකෙ පොඩි සාධාරනයකුත් තිබ්බා. ඇයි මේ මලගෙදර හැම වැඩේම කරන්නේ අර කොල්ලො ටික. අපේ උන් කයිය ගහනවා විතරයි. ඒත් වැඩි සැලකිල්ල අපිට. කැරම් ගැහුවත්, කාඩ් ගැහුවත් උන් දිනුම්. අපේ උන්ට හෙන තරහයි. අපේ කට්ටිය කථා වෙනවා. උ/පෙ ගැන කැම්පස් ගැන, කෙල්ලොත් අපේ උන්ට වැඩි සපෝට්.
මේ අතරේ ගමේ කට්ටිය අපිට කතන්දර කියනවා, හොල්මන් ගැන, අද්භූත දේවල් ගැන නා නාප්‍රකාර දේවල්. අපි බය වෙනවද එහෙම. පාඩම කරලා ඇටකටු උඩ නිදිය ගත්ත අපි?
මේ කාලේ අපේ ගමේ පංසලේ නායක හාමුදුරුවෝ අපවත් වෙලා මාස තුන ගෙවිලත් නැහැ. මේ ආදාහනය තිබ්බේ මෙතුමා ජීවිත කාලෙම මහන්සි වෙලා හදාපු පාසලේ පිට්ටනියේ. දැන්නම් මේක මහා විද්‍යාලයක්.
ගමේ කොල්ලො අපිට කියනවා. මේ නායක හාමුදුරුවෝ අර පාසල දාල යන්නේ නැහැලු. රෑට රෑට එතැන හොල්මං කරනවලු. මුන් අපිට මේක බලන්න යන්න කථා කරනවා. අපේ කට්ටියත් ටිකක් දැන් ගැස්සිලා ඒත් මේකට මුහුණ නුදුන්නොත් ගමේ ඉඳලා ඉවරයි. ඒ නිසා අපි තීරණය කලා බලන්න යන්න.
ඒත් වැඩේ කියන්නේ ගමේ කොල්ලො බයයි හොල්මන් වලට. පලවෙනි පාරම අපි දිනුම්. අපේ කට්ටිය දැන ෆුල් ෆෝම්. අද හොල්මන අල්ලන්නම තමයි යන්නේ. අපි ගියා මට මතක හැටියට 10 වැඩි පිරිසක්. තව ගමේ හිටිය නිර්භීතම කොල්ලො තුන් දෙනයි. ඔන්න ගමක හැටි. මෙච්චරයි නියම පුරුෂ ධෛර්ය්‍යය තිබ්බ කොල්ලො හිටියේ.
අපි දැන් ගජබා රජතුමා මුහුද දෙබෑකරගෙන ඉන්දියාව අල්ලන්න යනවා වගේ ඉස්කෝල වත්තට යනවා. මුලින්ම යන්නෙ, දැන් ඇත්තටම දොස්තර කෙනෙක් වෙච්චි මගේ අතීසාර මිත්‍රයෙක්. ඊලගට තව කීප දෙනෙක්. මම ඇතුළු ටිකක් බය අය දෙතුන් දෙනෙක් අන්තිමට. අර ඇත්ත දොස්තරයි ගමේ කොල්ලො තුන් දෙනයි අපිට හොල්මන ඉතුරු කරන පාටක් නැහැ. අපි පස්සෙ කෑල්ලක් හරි කඩා ගන්නව කියලා හිතලා හිමීට යනවා.
මේ පාසැල වත්තට තාප්පයක් නැහැ. තියන්නේ කටුකම්බි වැටක්. ඒකත් හරියට අඟල් 8 විතර පරතරයක් තියලා ගහපු අලුත් වැටක්. මේක තරණය කරන්නේ ගමේ කොල්ලන්ගේ උදව් ඇතුව. උන්නේ දන්නේ උන් දවල්ට පනින තැන්.
ඔන්න දැන් අපි වත්තේ, කට්ටිය ටික ටික ලංවෙනවා. අපි අන්තිම දෙතුන් දෙනා අතුත් අල්ලගෙන. මුලින්ම ගිය හතර දෙනා දැන් දෙවනි පෙලත් එක්ක එකතු වෙලා. කිසිම දෙයක් පෙන්න නැහැ. කථාව බොහොම හිමින්. ඇයි හොල්මන පැනලා ගියොත්,
මෙහෙම ගෙවුන කාලය අදටත් මට මතක නැහැ. විනාඩි 05, 10, 20 වෙන්නත් පුලුවන්. හැබැයි මට මතක හැටියට අපි මහා කලයක් බලන් හිටියා. ඒක අවුරුද්දක් දෙකක් විතර. මොන මගුලකට මේකට ආවද කියලමයි හිත කියන්නේ.
එක පාරටම අර නිර්භීතම තුන් දෙනා නැගිට්ටා, දැන් දුවනවා, මෙහෙම කියාගෙන "ඔන්න හාමුදුරුවො ඉස්සරහා" සහතික ඇත්ත මම බැලුවා මෙන්න ඉන්නවා හාමුදුරුවෝ අපිට ටිකක් ඉදිරියෙන්. දැන් කට්ටිය ආපහු දුවනවා. එච්චරයි මට මතක.
ටිකකින් ඇහෙනවා. එකෙක් කියනවා මචන් මගේ කන්නාඩිය නැහැ ඒක වැටුනා කියලා. දැන් අපිට නවතින්නම වෙනවා. බලනකොට නැවතුනේ අර මුලින්ම, අන්තිමටම ගිය දෙතුන් දෙනා විතරයි. අනිත් උන් දුවනවා ඇහෙනවා පේන්නේ නැහැ. යන්තම් විලාප ගහලා කට්ටිය නවත්තගෙන බැලුවම අපි දැන් මේ ඉන්නේ අර කම්බි වැටත් පැනලා. මට අදටත් මතක නැහැ මේක තරණය කරපු හැටි.
අපි මේ සියළුම දෙනා අර ගමේ තුන් දෙනා ඇතුළු නඩය සියළුම නැති වූ භාන්ඩ සෙරෙප්පු ආදිය හොයාගෙන මේක කාටවත් කියන් නැහැ කියලා පොරොන්දු වෙලා ආපහු ආවා මල ගෙදරට. මෙතන කිසි කෙනෙක් දන්නේ නැහැ මේ කථාව. අපි අර කොල්ලො තුන් දෙනාට හෙනට සලකනවා ඇයි බයයිනේ මුන් කිව්වොත් ?
ටික වෙලාවකින් ඔන්න තේ, කෝපි එහෙම එනවා, ගමේ උන් අපිට මේවා පෝලිමට ගේනවා " මහන්සි ඇතිනේ මහත්තුරු දුවලා" කිය කියා.
මොක වුනත් වැඩේ දෙල් බව අපිට තේරුනා. වෙලා තියන්නේ මහා කුමන්ත්‍රණයක්. උන් ප්ලෑන් කරලා තමයි අපිට අර ගේම සෙට් කරලා තියන්නේ. අපි ආවට පස්සේ කට්ටියක් වෙනම ගිහින් උන් තමයි හාමුදුරුවොන්ට රගපාල තියන්නේ.
එදායින් පස්සේ අපි මල ගෙවල් වල යාම සෑහෙන්න අඩු කලා.
හොඳ වැඩේ ...
ReplyDeleteඅයියෝ....ගම කාලනෙ...මදෑ හොල්මන් බලන්න ගියා...ගමේ බයියලා හිතුවට වඩා මොළ කාරයෝනෙ...
ReplyDelete//මම ඇතුළු ටිකක් බය අය දෙතුන් දෙනෙක් අන්තිමට//.
ReplyDeleteකතාවේ හොඳම කෑල්ල...:D:D:D
සික් මාත් ඒ කාලේ හිට්යනම් මාත් යනවා සුදු සාරියක් පටලවගෙන වෙදනව බය කරන්න ...
ReplyDeleteඒක නම් අපූරු කතාව තමයි. තාම අර ගමේ කොල්ලන්ව මුණගැහෙනවැයි? :D :D :D
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteනියම කතාව.. මම හිතුවා ඇත්තටම හොල්මන දැක්කා කියලා..
ReplyDeleteඅර කතාවට මම පොඩ්ඩක් සංවේදී උනා... ගමේ පොඩි කාළේ එකට හිටපු උන් අපිව දැක්කම රෙස්පෙක්ට් කරන එක. මම නම් අදත් උන් එක්කමයි. ඒත් උන් අපිව ආශ්‍රය කරන්නේ ගෞරවයකින්, ආදරයකින්, හිත රිදෙනවා එතකොට...
හැබැයි ඔය කාලේ මරපු මැරිල්ලට ඇත්ත හොල්මන් හැම තැනම ඉන්න ඇති. එහෙම හිටියනම් උනුත් හොඳ විනෝදයක් ලබන්න ඇති සීන් එක දැකලා...
ReplyDeleteමාතලන් කියපු කතාවම තමයි කියන්න තියෙන්නෙ . . . . අවුරුදු ගානකට පස්සෙ දකින පොඩි කාලෙ එකට හිටි ගමේ යාලුවො අපිට මහත්තුරුන්ට වගේ සලකද්දි එපා වෙනව . . . .ගොඩක් වෙලාවට පිට පාරෙං ගමේ ගිහිං එනව ඔය සිද්දිය නිසා
ReplyDeleteපුදනකොටම..කාපී යකා..කියන්නේ ඔවට වෙන්ටැතී...නෙද අපේ වෙද මහත්තයෝ...
ReplyDeleteනිර්භීත විඩියට ආපහු දුවලා තියෙනවනෙ !
ReplyDeleteමෙකෙ දැනුමක් ගන්න නැ කියුවට දැන් කාලෙ අයට මලගෙවල් වල යන්නත් දැනුමක් නෑ දැන් යන්නෙ මල් ගහන්නනෙ
ReplyDeleteකොහොමද ගට තියන එකෙක් හාමුදුරුවන්ට ගල්පාරක්වත් දුන්නනං ආතල් එක.
ReplyDeleteහික් හික්... එළ කතාව... වගේම මරු බයිට් එක....
ReplyDeleteමාතල ගෙයි ඕනයගෙයි කතාවට 100% එකඟයි... අර අභීත ලිව්ව " නවම් ආයෙ මීව ලියන්න එපා " පෝස්ට් එකෙත් කියවුනේ ඔහොම දෙයක්...
අනේ අපොයි..!
ReplyDeleteමගේ නං සිද්ධදය වෙනස්.
ReplyDeleteගමේ උං මාව දන්නේ නෑ, මං ගමේ උං දන්නේ නෑ. බඩු ෂේප්!
අනේ අපේ ගම්වලින් ගිය ලොකු ඈයෝ නම් ආයේ ගමේ පැත්තවත් බලන්නේ නෑ,,දෙමවුපියන්ව බලන්නෙත් දෙතුන්සැරයක් විතරයි...දැන් නම් මලගෙවල් වල ඔහොම යන අයත් අඩුයි,,අපේ ගම්වල නම් ඉතින් තාම යනවා රෑට ඉන්න,,කන්න බොන්න යහමින් දෙන හින්දා
ReplyDeleteහොඳ කතාව,
ReplyDeleteඅනේ ඇත්තට ඒකෙත් හැටි, මම ඔහොම ඇවිදල නෑනෙ,අ
ඒකත් හොඳයි..
මල ගෙවල් කීවොත් ඉතින් ඒ කාලේ කිසිම දුකක් දැනෙන්නේ නැති බව අවංකවම කියන්න ඕන ඒත් අපි මල ගෙවල් වල යන්නේ ඇස් වල කෙල ගාගෙන ඇයි ඇඬෙනවා වගේ පේන්න එපෑය දවසක් එකෙක් අපේ කොල්ලෙක් ගෙන් අහලා "මල්ලි ඔයාගේ කඳුලු වල මොකද පෙන නගින්නේ" කියලා
ReplyDeleteඅප්පා මම මල ගෙදර මිනිස්සු බුදියගත්තාමත් මිනිය මුර කරලා තියනවා . අපේ ගමේ ඔය මිනී රැකීමේ පොඩි ක්‍රම වේදයක් තියනවා ..වල රැකීමේ ක්‍රම වේදයකුත් තියනවා .
වෙදානා දුවන හැටි මැවිලා පේනවා .. මෙතන සෝක් එකට කතාව ලීවට "මයෙ අම්මෝ !" කියාගෙන දුවන්න ඇති
හහ් හහ් හහ් මාර වැඩේනේ.....
ReplyDeleteඅනේ මන්ද මට මැවෙන චිත්ත රූපෙ , සුදු ජාතික ඇඳුමක් ඇඳගත්තු වෙද මහත්තයෙක් වේට්ටිය කරට අරගෙන දුවනව, හම් සෙරෙප්පු පිටිපස්සෙන් උඩ ගිහිල්ල වෙද මහත්තයටත් ඉස්සරහින් වැටෙනව. වෙද මහත්තය ඒව අහුලන්න නවතින පාටක් නැහැ, දුවන ස්පීඩ් එකට කකුල් පේන්නෙත් නැහැ. හිකිz
ReplyDeleteඔබා අය්යගෙ චිත්ත රුපේනම් සම්පූර්ණ වැරදියි ...
ReplyDeleteඅපොයි, ගමේ කොල්ලො ටික ලස්සනට වැඩේ දීලනෙ. :D
ReplyDeleteගමේ අය කොහොමත් නගරෙ අයට වැඩියෙ smart!
ReplyDeleteගිම්හානි පැහැදිලි මදි, ඇය් කියල කිව්ව නං
ReplyDeleteනියමයි පුරාජේරු කියවන්න යනවට.කාලෙකින් හිනාවෙන්න කතාවක්... මෙහෙ රෝහලේ මෝචරිය ළඟින් ගිහින් වාට්ටුවට යන්න තියෙන කොරිඩෝවේ වාට්ටුවට යද්දී එද්දී හොල්මන් බහුල කලාපයක් කියන ඒ හරිය හොඳට බලාගෙනමයි යන්නේ තාම නෑ කවුරුවත් ඒ හරියෙදි මුණ ගැහුනේ. ඒත් මෙහෙ අවුරුදු ගණන් ඉන්න අයටනම් හොඳ හොල්මන් මුණ ගැහිලා තියෙනවා ඒ හරියේ. අනිත් කොණේ වැඩ කරද්දී ඉස්සර රාත්‍රියට වාට්ටුවට දුවද්දී යුද්ධෙ තියෙන කාලේ තැනින් තැන ඉන්නවා හමුදා සෙබළුන්... අපේ සමහරු බය කරනවා ඒ සක්මන් කරන හමුදාවේ අය හොල්මන්ද දන්නේ නෑ කියලත්...
ReplyDeleteඔබා අය්යා.
ReplyDeleteමම කිව්වෙ ඔයාගෙ චිත්ත රූපේ වැරදි කියලා ඔයා හිතාගෙන ඉන්නේ සුදු ජාතික ඇඳුමක් ඇඳපු වෙද මහත්තයෙක්නෙ . ඒත් ඉතින් මේ වෙදනා අදින්නේ ජාතික ඇඳුම නෙවේනෙ යුරෝපිය ඇඳුමනේ...
ජරා සිද්දිය! :)
ReplyDelete