පසුගිය සතියෙම මගෙන් ලියවුනේ එකම වර්ගයේ කථා. අවසාන ලිපියෙන් එය අවසන් කරලා මගේ සුපුරුදු ලිපි වලට යන්න මම සිතා සිටියත් ඊයේ සිදුවුනු සිදුවීමක නිසා මට හිතුනා අදත් මේ ලිපිය ලියල මීට පසුව එන සතියේ මගේ ලිපි වලට එන්න.
ඊයේ මගේ මිත්‍රයෙක්ගේ උපන්දින සාදයක් රාත්‍රියේ තිබුනා. එතැන සිටි අපේ තවත් මිත්‍රයෙක් නිසා තමයි මේ කථාව මට මතකයට ආවේ. ඔහු රජයේ ලියාපදිංචි උපදේශක වරයෙක්.
ඔහු විසින් අපට කියූ කථාවක් තමයි දැන් ටික කලකට පෙර මට මුහුණ දෙන්න සිදු වූ මෙම සිදුවීම මතකයට ආවේ. මම මේ කථාව ඔබට මෙසේ කියන්නම්. මෙහිදී කිසිම කෙනෙක්ට මේ අය හදුනා ගන්න පහසු නොවෙන ආකාරයට තමයි මේ කථාව මම කියන්නේ. ඒ නිසා තමන් දන්නා කියන, අහලා තියන, කිසිම කථාවක් සමග මේක සංසන්දනය කරන්න එපා. මම ඔබට කියනතෙක්ම ඒ කථාව දන්නේ අපි කීප දෙනයි.
මේ කථාවේ අම්මා ගැන මුලින් කියන්නම්. ඇය ඉහල මධ්‍යම පාන්තික පවුලක දරුවෙක්. උසස් අධ්‍යපනයක් නොලැබුනත් ඉහළ පෙලේ පාසලකින් අධ්‍යාපනය හැදෑරූ කාන්තාවක්. සමාජයට විනෝදයට ලැදි අයෙක්. ගෙදර දොර වැඩ වලට වැඩි උනන්දුවක් නැති ඇය තම සැමියාව පාලනය කරගෙන සිටින්නියක්. උසස් කාන්තා සමාජයේ පුහු ආඩම්බරයෙන් හැසිරීමට ප්‍රිය ඇත්තියක්.
මැය තම පාසැල් අවධියේත් තරුණ අවධියේත් පුරුෂ සමාගමයට දැඩි ලොල් සිතැත්තියක්. ඒ නිසාම පරපුරුෂ සේවණයටත් යොමූ මැය තම විවාහක පුරුෂයාට අමතරව තව පුරුෂයන් කීපදෙනෙක් වරින් වර ඇසුරට යොමු වූ අයෙක්. කෙසේ හෝ මැයගේ මේ සියළු රහස් සම්බන්ධතාවයන් යම් දිනකදී ඇයගේ සැමියාට හසු වනවා සේම ඉන් ඇගේ විවාහ දිවිය සෑහෙන කැලබීමකටද ලක් වෙනවා. අවාසනාවකට ඇය ඒ වන විට දෙදරු මවක්. වැඩිමල් දියණිය, ඊට වසර කීපයක් බාල පුතණුවන්.
දරුවන් දෙදෙනාගේ පිනට මේ යුවල ඉහත සියළු පෙර වරදවල් සාදාගෙන නැවතත් එක පවුලක් ලෙස ජීවිතය ගෙනියන්න යම් අධිෂ්ටානයක් ඇති කර ගන්නවා.
දැන් අපි බලමු මේ ස්වාමි පුරුෂයා ගැන. ඔහුත් ඉහළ මධ්‍යම පාන්තික පවුලක එක් දරුවෙක්. යම් පමණක ඉහළ ඉගෙනීමක් ලබා ඇතත් සමාජ වගකීම් දරා හෝ ලෝක යථාර්ථයන් එතරම් තේරුම් නොගත්තෙක් වන අතර දැඩි මිතුරු ඇසුරටත්, වෙනත් කාන්තාවන් ඇසුරටත්, මුදල් පාලනයකින් තොරව වියදමටත්, තම තරුණ වියේදීම පුරුදු වෙන්වා. මේ නිසා මොහුගේ මව්පියන් මොහුව තම පවුල් සමඟ සම්බන්ධයක් තිබූ තම සම සමාජ තලයක යුවතියක් වූ ඉහත කාන්තාවට ආවාහ කර දෙනවා. දරුවන් ලැබෙත්දී මේ පුරුෂයාට යම් වගකීම පිළිබඳ හැගීමක් සිතට ආවත් තම බිරිදත් සමග ඉහළ මද්‍යම පාන්තික ජීවිතය ගෙනයන්නට දරන වෙහෙස නිසා තම වගකීම් අමතක කර ජීවත් වීමට පෙලබෙනවා. එයට බිරිදගෙන්ද ලැබෙන්නේ නොමද සහයක්.
දිනක් නොසිතූ ලෙස බිරිදගේ අනාචාරයක් අතටම හසුවන මොහු දැඩි මානසික පීඩනයකට ලක් වනවා. වෛද්‍ය සහයෙන් කෙසේ හෝ තම සිත හදා ගන්නා මේ පුදගලයා තම දරුවන්ට දැඩි ලෙස ආදරය කරනවා. ඒ නිසාම බිරිදට සමාව ලැබෙන අතර ඇයට සියළු සමාජ සම්බන්ධතා පැවැත්වීම ඉන් පසුව නවත්වනවා. එපමණක් නොවෙයි තම ජීවන රටාවද අංශක 180 අනෙක් පැත්තට හරවන මොහු තම කුටුම්භයටම සීමා වීමට පටන් ගන්නවා.
කෙසේ වෙතත් මෙවැනි අයෙක් තම සිතේ ඇතිවන වෛරය එකපාරටම එලියට දාන්නේ නැහැ. මොහුත් ඒ වගේ අයෙක්. ඔහු බිරියගෙන් පලි ගන්න අපූරු ක්‍රමයක් සොයා ගන්නවා.........
අපි දැන් මේ දරුවො ගැන බලමු. පිරිමි දරුවා ඉතාම කුඩයි, මේවැනි දෙයක් තෙරෙන වයසක නෙමෙයි ඔහු සිටින්නේ. දියණිය වැඩිවිය පැමිණෙන්නේ මේ කාලයේම. අඹුසැමි අරෝව අවසාන වෙන්න බලපාන්නේත් මේ කාරණය. නමුත් මේ දියණියට මවගේ රහස් සියල්ලම ඉතාමත් රහසින් පියා විසින් හෙලි කරනවා. ඒ නිසා ඇය තම මව සමග දැඩි වෛරයකින් පසු වෙනවා. ඇය සලකන්නේ මව තමාට උපදෙස් දීමටවත් සුදුසු අයෙක් ලෙස නොවෙයි. මේ නිසාම මේ මව දියණියට හිතූවක් කර ගැනීමට හැර නිසොල්මන් වෙනවා. දැන් මේ තරුණ දියණිය මවගේ රැකවරනයේම සිටිය යුතු කාලයේ එම රැකවරණය ඇයම දැඩිව ප්‍රතික්ෂේප කරනවා. මෙය පියාගේ නොමඳ සතුටට හේතු වෙනවා. මේ අතර ඇය තම උසස් පාසලේ වෙනත් යෙහෙලියක් සමග ගැහැනු දරුවකුට නොමනා සම්බන්ධයක් පවත්වාගෙන යන බව ගුරුවරුන්ට වැටහෙනවා. මේ ගුරුවරුන් ඇයව ප්‍රසිද්ධියේ මේ ගැන විවේචනය කරනවා. මින් සිදු වෙන්නේ ඇය තම පාසැල තුලත් නොසලකා හැරීමට භාජනය වීම.
මේ තරුණිය ඉන් ඇතිවන තම කාන්සිය කොන් කිරීම වෛරය පිට කර ගන්නේ පාරතොටේදී ඇයට හමුවන පිරිමි ලමයෙක්ගෙන්. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා මේ පිරිමි ලමයා ඔවුන් හමු වූදෙවනි දිනම ලාභ කාමරයකදී ඇගේ යෞවනය බිලි ගන්නවා. ඇයට ඒ ගැන හැඟීමක් නැහැ. මේ සිදු වීම ගැන නොමේරූ තරුණිය සිතන්නේ ඇය ඇගේ මවගෙන් හොදටම පලිගත්තා යන අරුතෙන්.
කෙසේ හෝ මැය අතින් අත යන විට පියාට දැන ගන්නට ලැබෙනවා. ඉන් පසුවයි මේ යුවලට දැන් තමන් වැටී සිටින අපහසුව අමාරුව ගැන ඇස් අරෙන්නේ.
වෛද්‍ය ප්‍රතිකාර මඟින් තරුණියගේ සිතේ ඇතිව තිබූ වෛරී හැගීම් ඉවත් කලත්, ඇයව තව දුරටත් මේ රටේ තබාගෙන සිටීම ඉතාම අපහසු බැවින් දැන් ඇයත්, ඇගේ මවත් ඇතුලු මුළු පවුලම වෙසෙන්නේ ආසියානු කලාපයේම වෙනත් රටක.
විනිශ්චය ඔබයි.....
වරද කාගෙද??????
මා ගේ හැඟීම දෙමාපියන්ගේ...ප්‍රශ්න වලට ලමුන් අතරමැදියන් කර නොගත යුතු බවයි....තමන්ගේ ප්‍රශ්නවලට ලමුන් දුක් විඳිය යුතු නැතිවාක් මෙන්ම ඔවුන්ව සමාජයට හොඳ පුද්ගලයන් ලෙස යොමුකිරිමේ මුල් කාර්ය්‍ය පැවරි ඇත්තේ දෙමාපියන්ට බවය....
ReplyDeleteඑක පාරටම කාටවත් ඇගිල්ල ඩික් කරන්න බෑ.... එක් එක් කෙනාගෙ බුද්දි මට්ටම් අනුව තමයි හොඳ නරක තේරුම් ගන්නේ... දෙමව්පියන් කොයි තරම් පිස්සු කෙලියත් හොඳ තත්වෙක ඉන්න ළමයි වගේම.. කොච්චර වැදගත් විදියට ඉන්න දෙමව්පියන්ටත් වලත්තකමේ යන දරුවො ඉන්නවා... පින් පව් ද මන්ද
ReplyDeleteදෙන්නම
ReplyDeleteපවුල් ජීවිතේ හරියට ගෙනියන එක ලමයින්ගේ මානසිකත්වය හරියට හදන එක ලෙසි කාරියක් නොවේ
ReplyDeleteදෙමව්පියන් ගෙ වැරදි නිසා ලමයි ජීවිත විනාස කරගන්නව.ඒත් ඔය්වගේ පරිසරවල හොදට හැදෙන දරුවනුත් ඉන්නව.
ReplyDeleteමේ කියන දෙදෙනාම විවාහයට පෙර සිටම හොඳ චරිත ඇති අය නොවන බවයි පෙනී යන්නේ .කෙසේ හෝ තම බිරිඳගේ නොමනා ක්‍රියා අතට අසු උනාට පසු ඔහු සමාව දුන්නත් , මව පිලිබඳව දුවට කියපු එක හරිම වරදක්.මේවා දරුවන් අතරට යවපු එක මහ අණුවන කමක්. ඔහු එතරම් බුද්ධිමත් කෙනෙක් වෙන්න බෑ ....
ReplyDeleteඅනිත් කරුණනම් දියනිය මවගේ ක්‍රියා කාලාපයට අකමැතිනම් මවට ද්වේශ කරනවනම් ඇය කල යුත්තේ මවට වඩා ආදර්ශමත්ව සිටිම නේද . මේ මොකක්ද මේ කරල තියෙන්නේ මවගේ අඩි පාරෙම ගිහින් ...
අනේ මේ මවයි දුවයි කොහොම උනත් විදේශ ගත උන එකනම්
ලොකු දෙයක් ....
දරුවො වෙනුවෙන් කසාදය පවත්වගෙන යන්න හිතුව වගේ, ඒ වෙනුවෙන් වෛරී සිතුවිලි යටපත් කරගන්නත් තාත්තට පුලුවන් උනා නම්....
ReplyDeleteකලින් කතාවේ ආබාධිත සෙබලාගේ පවුල සමග මොවුන් සසඳා බැලුවොත් ....
ReplyDeleteවරද තමයි අපි අපිට සාපේක්‍ෂව අනිත් අයව විනිශ්චය කරන්න යෑම.
ReplyDeleteවිනිශ්චය දීමක් නම් කාටවත් කල නොහැකියි. ඒ අය එතනට පත්වීමට හේතු නැතිව කෙනෙක්ව විනිශ්චය කල නොහැකිබව තමයි මට නම් හිතෙන්නේ. ඇමරිකාවේදී, විවාහවීමට කලින් තමන් අදහන ආගමේ පූජකවරයෙක් ලඟට මගේ යෙහෙලියක්, ඇගේ පෙම්වතා සමග ගිහින් සාකච්චා කරනවා මම වරක් දුටුවා. මෙහිදී ඔවුන්ට ලැබුනු උපදෙස් ඉතාම වැදගත් බව කිවයුතුයි.
ReplyDeleteඉහලින් ජීවත්වනබව පෙන්වීමට දරන තැත බොහෝ දුරට ශ්‍රී ලාංකිකයන් අතර තිබෙන්නක්. එයාලා මොන රටට ගියත් ඉන්ට තනන්නේ ඒ විදියට. ඒ සමාජ ක්‍රමයත් සෑහෙන දුරට මේවගේ දේවලට අනුබලයක් කියලත් මට හිතෙනවා.
ලොකු මිනිස්සු වෙනස් කරන්ට හදනවට වඩා පුංචි ලමයි පොඩි කාලේ ඉඳලම වෙනස් කරන ක්‍රමයක් පාසැල් මට්ටමින්වත් තියනවනම්......
මං දන්න ගෙදරකත් ඔය දෙය ටිකක් වෙනස් විදියට උනා. මව්පිය දෙපලම නොමග. තාත්තට වෙන ගෙදරක දරුවන් තුනක් හිටිය. කසාද ගෙදර ගැහැණුම දෙකක්, කෙල්ලො ත් අඩු වයසින්ම නොමග ගියා. සමහර අනවශ්‍ය දේ අන්තර්ජාලයට පවා ඔවුන් ඇසුරුකල පිරිමි ළමයිං දාල තිබුන.ඉන් පස්සෙ ගමේ ඉන්ට බැරිතත්වයක් ඇතිඋනා. ගේදොර ඉඩකඩං කොටසක් විකිනුවා. අන්තිමට එක කෙල්ලක් ආසියාවෙ වෙනරටකට යැව්වා. බාල දුව අම්ම එක්ක. අම්ම් උගන්වන පාසැලටම දාගත්තා. තාත්තා පවුල් දෙකම නඩත්තු කරන්නෙ මැදපෙරදිග ඉඳලා. ලංකාවෙ පවුල් දෙකටමත් ලොකු දුවටත් සල්ලි හොයනවා. වරින්වර ගැහැණු දෙන්නා මැදපෙරදිග ගිහිං එනවා.හැබැයි ඒ අයට ඒක ප්‍රශ්නයක් නෙවෙයි වගේ තමා ඉන්නෙ. වටෙ අයට මේක ප්‍රශ්නයක් නිසා ඒ ළමයිංගෙ ආච්චි ඉන්නෙ නං මහා කලකිරීමකිං. කවුරුත් උන්දැට හින්ට් ගහගත්තු ගමං තමා.........
ReplyDeleteදෙමාපියන්ගේ වැරදි දරුවෝ පිටින් යවන එක ට හොඳ ම උදාහරණයක් තමයි මේ. හේතුව එක එක්කෙනාගේ බුද්ධි මට්ටම ම තමයි.
ReplyDeleteවරද කාගෙද කියල තීරනය කරන්න ඕනෙ අපි නෙමෙයි . . මොකද අපි ගන්න තීරන ගන්නෙ අපිට සාපේක්ශව නිසා . . . වරද කාගෙද කියල තීරනය කරන්න ඕනෙ ඔය කියන පවුලේ සාමාජිකයින් විසින්මයි . . . . .
ReplyDeleteඅම්මි තාත්තා අයාලේ ගියාට, ජීවිතේ විනාශ කර ගත්තට සමාජයෙන් හොඳයි කියලා අහන විදියට හැදෙන ලමයි ඉන්නවා. මට තියෙන හොඳම උදාහරණය මම !!! ලෝකේ හැස ළමයෙක්ම බලන්නේ තමන්ගේ අම්මා වගේ තාත්තා වගේ හැදෙන්න. මගේ නම් එකම බලාපොරොත්තුව තාත්තගේ පුතා කියන නාමේ නොඅහ ඉන්න...
ReplyDeleteවෙදනා කියපු කථාවේ හැටියට වැරදි කාරයා තාත්තා... අම්මත් තාත්තත් තමන් හැදුනු සමාජය නිසා නොමග ගිය අය. ඒත් තාත්තා අම්මා ගැන දුවට කියපු නිසා තමා දුවට අම්මා ඕනේ කාලේ ඈත්වුනේ. එහෙම නොවුනා නම් දුව හොඳට හැදෙන්නත් තිබුණා...
මගේ මතය > දෙමව්පියන්ගේ වැරදි නිසා දරුවන් දුක් විඳීම තමයි ලොකුම මානව හිමිකම් අහිමි කිරීමේ වරද !!!
ඇත්තටම ඉතින් මට නම් මේ ගැන කියන්න දෙයක් නෑ .. මම අහලා තියන විදිහට මිනිස්සු වැරදි කරන්නේ නෑ !!
ReplyDeleteමිනිස්සුන්ට වරදිනවා .!
මේ පවුලේ අයට ජීවිතේ වරදින්න ඇති .
විදේශගත උනා කියලා ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නෑ... දෙන්නම වැරදියි ....
ReplyDeleteසඳරු මල්ලි,
ReplyDeleteඋම්ඹෙ සමාජ දැක්ම ගැන හරි ආඩම්බරයි!
Kathandara, poddi and Onaya kiyala thiyana dewal lankiya samayata therenna thawa awurudu 20k wath yay.
වරද මේවා බ්ලොග් වල ලියන උන්ගේ..........
ReplyDeleteප්‍රියාදර මිතුරු සැමට,
ReplyDeleteඊලඟ පෝස්ට් එක විදියට මම ඔබ සැමගේ පිලිතුරු ( කලින් ලිපියේ සහ මේ ලිපියේ) ගැන කථා කරන්නම්. එතැනදීත් මේ වගේ කථා තව දෙක තුනක්ම කියන්නම්. මේ පෝස්ට් එක පිළිබඳව ඔබ දැක්වූ සහය මම ඉතාමත් ස්තුති පූර්වකව භාර ගතිමි. ඉදිරියේ බලමු ඇත්තටම මොක්ද වුනේ කියලා.
සඳරු ගේ අදහසට එකඟයි.. කවුරුත් වැරදි නෑ.. එයාලා ඉන්න මානසික තත්වත් එක්ක එයාලව ඒ තත්වෙට පත්වෙන්න ඇති..
ReplyDeleteකියවන අපට නොයෙක් නිගමන වලට එන්න පුළුවන් උනත් අවසානයේදී ඒ පවුලමට තේරුම් යන්න ඇති වරද කා අතද කියලා. එහෙම තෙරුම් ගියානම් හොඳයි, නැත්නම් පිටරට යෑම ප්‍රශ්ණයට පිළිතුරක් නෙවේ.
ReplyDeleteඅර කතාවක් තියෙන්නේ කැලේ මාරු උනාට .........කියලා.
පිට රටකදී අර දරුවා කබලෙන් ලිපට වැටෙන්න බැරි නැහැ.
ReplyDeleteවරද කාගෙද?
අම්ම, තාත්ත, සමාජය, ඇසුරු කළ ඔක්කොම අම්ම තාත්තගෙ දෙමව්පියනුත් ඇතුළුව. අර දියණිය හැර.
ඕනය සහ කතන්දර සමග මම එකඟ වෙමි
ReplyDelete