Monday, October 24, 2011

කථා දෙකක්, අඬන්නද? හිනා වෙන්නද?

මම අද මේ කියන කථාව මම සාමාන්‍යයෙන් මෙතෙක් නොකී ජාතියේ එකක්. හැබැයි මම මේක කියන්නේ ඔබව පිනවන්න නෙමෙයි. මේ කථාවේ යටින් තිබෙන මහා ඛේදවාචකය ගැන හිතන්න. නමුත් මින් විනෝදයකුත් ලැබෙනවා.

අපි බොහෝ විට අන්ධ මනුෂ්‍යයෙක්, කොර පුද්ගලයෙක් එහෙමත් නැත්නම් ආබාධිතයෙක් දැක්කම අනේ අපොයි කියලා හිතනවා. හැබැයි අපිට හිතෙනවද මේ මිනිසාටත් අපි වගේම අයිතිවාසිකම් තිබෙනවා කියලා?

කොටින්ම පවුලක් වෙලා දරුවන් හදාගෙන ජීවත් වීමේ අයිතිය මොවුන්ටත් තියෙනවා කියලා අපි හිතනවද?


මම ඔබට මුල් කථාවට පෙර තව කථාවක් කියන්නම්. දැන් මේක මතක් වුනේ.
එක් දිනක් මගේ ලඟට පැමිණියා එක්තරා කාන්තාවක්. ඇය දරුවන් නොමැති අයෙක්. හැබැයි ඇගේ ස්වරූපය ඉතාමත් නිරෝගී. මම ඇයට දිනයක් ලබා දීල නැවතත් මාව හමු වීමට, වෛද්‍ය වාර්ථා කීපයක්ම ලියා දුන්නා නැවත එනවිට අමතක නොකර රැගෙන එන ලෙස.
මේ කාන්තාව පැමිණියේ තම මව සහ සොයුරිය සමග. මා ඇයට උපදෙස් දුන්නා නැවත එනවිට ස්වාමි පුරුෂයා අනිවාර්‍ය‍යෙන්ම එක්කරගෙන පැමිණිය යුතුයි කියා. ඇය එයට හිස වනා පිලිගත්තා.

දින කීපයක් යනවිට මට මේ කථාව අමතක වුනා. හදිසියේම දිනක් මගේ සේවක මහතෙක් මට දැණුම් දුන්නා යම් රෝගියෙක් පැමිණ සිටිනවා ඔහුට ඇවිදීමේ අපහසුවක් ඇති නිසා ඔහු පැමිණි වාහනයට ගොස් රෝගියා පරීක්ෂා කරන්න වන බව. ඒ අනුව මම ඔහුගේ වාහනයට ගියා.

ඔබට කියන්න ඔහුට දෙපයම නැහැ. මගේ හිත කඩා වැටුනා ඔහු දැක්කම. ඉතාම නිරෝගී තරුණයෙක්. යුද්ධය දරුණු අවධියේ බිම් බොම්බයකට හසු වී ඔහුට තම දෙපා අහිමි වෙලා. ඉනෙන් පහලට දෙපා යාන්තමට සලකුනක් පමනක් ඉතිරි වෙන්න කපා දමලා. ඒ වෙලාවේ ඔහුගේ ජීවිතය බේරා ගැනීමට ඔහුගේ වෛද්‍යවරුන්ට කල හැකිව තිබූ උපරිමය ඔවුන් කරලා.

මෙහි තිබෙන අනුවේදණීයම කොටස මේක නෙමෙයි. ඇය ඔහුගේ පෙම්වතිය. පසැල් පෙම්වතිය. ඇය ඔහුට පිටු නොපා ඔහුත් සමග විවාහ වී දැන් දරුවකුත් සාදා ගන්නයි ඇගේ වෑයම. අවාසනාවට ඔහුට ස්වභාවික ක්‍රමයකට දරුවන් ලබා දීමට තබා අබුසැමි හැසිරීමකවත් යෙදීමේ හැකියාව නැහැ.

අපිට, මගේ ගුරුතුමා වන බටහිර වෛද්‍යවරයෙක් ඇතුලු වෛද්‍ය කණ්ඩායමක උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ඇයට කෘතිමව දරු ගැබක් ඇති කරවීමට හැකියාව ලැබුනා. ඒ දරුවා අර ශ්‍රේෂ්ට මවගේත්, එම වීර පියාගේත් දරුවකු වීම මම නම් හිතන්නේ මගේ ජීවිතයේ මම කල ඉහලම දෙයක්.
________________________________________________

කෙසේ හෝ මම කියන්න ආව කථාව මේක නෙමෙයි.

මගේ හොදම මිතුරෙක් මේ කථාව මට කිව්වේ. ඔහුටම සිදු වූවක් නිසා මම විශ්වාස කරනවා.

මේ මිත්‍රයා කොළඹට ආසන්න මම ජීවත්වන නගරයේම ජීවත්වන අයෙක්. මොහු මට වඩා කල් මෙහි ජීවත් වී තිබෙනවා. කොටින්ම මම මාතර සිට මෙතනට කඩා පාත් වූවෙක් වන අතර ඔහුගේ උපන් ගම මේක.

දැන් කලකට කලින් මෙගම ජීවත් වුනාලු නීරෝගී දුප්පත් යුවලක්. අවාසනාවට ඔවුනට ඉපදී තිබෙන දරු දෙදෙනාගෙන් වැඩිමලාට උපතින්ම කථා කිරීමේ හැකියාව නැති ගොළු බිහිරි දරුවෙක්. මොවුන් මේ දරුවා අනෙකාට මෙන්ම හොදින් උගන්වා යම් දෑතේ රැකියාවකට යොමු කර තිබෙනවා. අනෙක් තරුණයා මෙන් නොව මොහු ඉතාම ගුණ ගරුක අහිංසකයෙක්ලු. අර බාල සහෝදරයා කාලයාගේ ඇවෑමෙන් විවාහයක් සිදු කරගෙන වෙනම පදිංචියට ගොස් තිබෙනවා.

දිනක් මේ බාලයා තමාගේ ගැප්බර බිරිදත් සමග මව පියා බැලීමට පැමිණියාලු. මේ වන විට පිටතින් බලන කෙනෙක්ට මේ කාන්තාව ගැබිණියක් බව පේන තරමට ගැබ මෝරා ඇතිකාලය.

මේ යුවල දැකි විගස ගොළු තරුණයාට යක්ෂ සේනාපතියා හිසට ආරූඩ වී, පලමුවෙන් තම බාල සහෝදරයාට පහර දී ඔහුගේ බිරිදත් සමග නිවසින් පන්නා දැමුවාලු. දැන් මෙතන එකම යුද්ධයක් මොහු හස්ත මුද්‍රාවෙන් යමක කියමින් මවට සහ පියාට පහර දෙනවාලු.

මෙන්න මේ අවස්ථාවේ තමයි මගේ මිත්‍රයා මෙතැනට පැමිණ ඇත්තේ. ඔහු පලාතේ යම් පිලිගැනීමක් ඇති අයෙක් නිසා ඔහුට හැකියාවක් ලැබුනලු මේ තරුණයාව පාලනයට ගන්න. ඒ තරුණයා මගේ මිත්‍රයාටත් අර මුද්‍රාබසම දෙසනවාලු. හැබැයි මගේ මිතුරාට මෙලෝදෙයක් තේරෙන්න නැතිලු. පසුව ඔහු මොහුත් සමග ගොස් තිබෙනවා ඔහුගේත් මිතුරෙක් වන මේ තරුණයාගේ ගුරුවරයෙක් හමුවට.

මෙන්න ගුරුතුමා කී කථාව…….

"මොහු කියනවා මොහුගේ මල්ලි බිරිදක් අරගෙන දැන් දරුවො හම්බ වෙන්නත් එනවා. මගේ මව්පියෝ කසාද බැදලා ඔවුන්ටත් අපි හම්බු වුනා. ඇයි මට විතරක් එහෙම කරන්න බැරි?"

ඔහු මේ හස්ත මුද්‍රාවෙන් පෙන්වා තිබෙන්නේ අපේ ඔබා අයියගේ කොන්දොස්තර මහත්තයා පෙන්නපු දේමයි...

25 comments:

  1. පළමු කතාවෙ කාන්තාව ගැන නම් කියන්න දෙයක් නෑ. ගෑණි හෝ මිණිහ හොදින් ඉදලත් අනාචාරෙ යන මිණිස්සුන්ට ගෑණුන්ට හොද ආදර්ශයක්.
    දෙවැනි කතාවෙත් ඉතිං තර්කය හරි.කොහොම උනත් දෙමව්පියන්ට තිබුනා මේ ගැන හොයලබලන්න. (මේ කතාව මම අහල තියනව කලිං. මට මතක විදියට පත්තරෙත් ගියා)මොකද රැකියාවකුත් කරනව නම් එච්චර ගැටළුවක් නෑනෙ.

    ReplyDelete
  2. ඔබ මුලීන් ලීයා ඇතී කරුන බොහොම සංවෙදී...එවැනී කාන්තාවන්ට පිරිමි අප ආචාර කලයුතුයි...ඔබ කල සත්ක්‍රීයාව මා බෙහේවින් අගයනව...
    අර දෙවන කාරනය ඇත්තේන්ම කනගාටු දයකයි..මන්ද යම් රොගයකින් පෙලුනත් ඔහුත් හැඟීම් දැනිම් ඇති පුද්ගලයෙක්..ඔහුගේ මානසික තත්වය ගැනහිතන කොට ඉතා අවාසනා වන්ත තත්වයක් එහොම නොවෙයිද....

    ReplyDelete
  3. වෙද මහත්තය, මුදල් අය නොකරම මට ඇඩ් එකකුත් දාල තියෙන්නෙ, බෙහෙවිම ස්තුතිවන්ත වෙනව ඒ ගැන.

    පළවෙනි කතාවට සම්භන්ද අය ගැන ගව්රවයක් ඇති වුනා.

    ඇත්තටම අපේ රටේ මොනයම් අංග විකල භාවයක් තිබුනත් ඒක ලොකු බාධකයක් වෙනව සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න.
    මම ඔස්ට්‍රේලියාවට ආව දවස් වල හිතුව, මෙහෙ අංග විකල අය හුඟාක් වැඩියෙන් ඉන්නව කියල. ඇත්තම තත්වය තේරුනේ ටික කාලෙකින්. මෙහෙ වෙලා තියෙන්නෙ, අංග විකල අයට රැකියා කරන්න, විනෝද වෙන්න, ඒ වගේම අනිත් එදිනෙදා සාමාන්‍ය ජීවිතේ කටයුතු කර ගෙන යාමට අවශ්‍ය සෑම පහසු කමක්ම රජයෙන් සලසල තියෙනව. ඒ නිසා මුළු ගැනෙන්නෙ නැතුව ඒ අයත් සමාජයේ ගැවසෙනවා. ඒ නිසා අඳ, ගොළු, බිහිරි, ඒ වගේම අනිත් විකලාංග භාවයන් තියෙන අය අපිට හැමදාම එදිනෙදා කටයුතු වලදී මුණ ගැහෙනව.

    ReplyDelete
  4. ඔබ තුමා ඉතින් හොඳ මනුස්සයනේ. වෙන වෙදෙක් ගාවට ගියානම් පර්යේෂනය එතනම කොරයි. මේ අපි වගේ වෙදෙක් උනානම් හෙම. දෙවෙනි කතාවෙදි ඇම්ඩා මගුල් ගෙදර ගියපු කතාව මතක් වෙලා මැවිලා පෙනුනා.

    මගේ කතාව - මම මේ පිළිබඳ පොස්ට් එකක් දාන්න හිතාගෙන හිටියේ. හිතුනොත් දානවා. ඒත් වෙද මහත්තය මගේ යාලුවා නිසා මේකෙත් දාන්නම්. ඔය අංග විකල අය අධ ගොළු බිහිරි අය විලියම් සින්ඩ්‍රම් (මොන්ගල්) කියන රෝගය තියෙන අය දියුණු රටවල කොන් කරන්නේ නෑ. ඒ අයත් සිවිල් සමාජයේ ඉන්නවා. විශේෂයෙන් විලියම් සින්ඩ්‍රම් රෝගීන් තනියම බස් වල යනවා කිව්වම් සමහර අය පුදුම වෙයි. ඉතින් මේ වගේ ආයාචනයක් කරන් ගීතයක් තියෙනව. ඒ ගීතයේ මිහිර මට වචන වලින් විස්තර කරන්න බෑ. මේකලා ගමගේ කියන අන්ධ ගායිකාවක් මේ ගීය ගායනා කරන්නේ
    බලන්න විඳින්න මෙතනින්

    ReplyDelete
  5. කාන්තාවක් වශයෙන් පළමුවන කතාවේ කාන්තාවට මගේ ආචාරය පිරිනමනවා. ඇයවන් කාන්තාවන් විරලයි කියා මට හිතෙනවා . ඔවුන් දැන් බොහෝ සතුටින් ඇති. සැමියාත් ඔත්පලව ඉන්න අවස්තාවක මේ දරුවා ඇයට මහා ශක්තියක්. ඇයට දරුවෙක් ලබා දීමට ක්‍රියා කල ඔබතුමා ඇතුලු මුළු වෛද්‍ය කන්ඩායමටම මේ පින අත්වේවා!

    දෙවන කතාවේ තරුනයා ගැනනම් ඉතින් පව් තමයි. ගොළු උනත් ඉතින් මොවුනුත් අනිත් තරුනයන් වගේනෙ . මට හිතෙනවා මේ වගේ අය අනිත් අයටත් වඩා සංවෙදී වැඩි කියලා .
    ලඟදී දිනක අපි දානයක් දෙන්න නිවාසෙකට ගිය වෙලාවක එතන හිටපු තරුන අංගවිකල ලමයි කීප දෙනෙක් මා ගාවට ඇවිත් මාව අතගාන්න පටන් ගත්තා . මම ඉතින් බොහොම ඉවසීමෙන් එතනින් ගැලවිලා ගියා.. මේත් මනුස්සයොනෙ .

    ReplyDelete
  6. පලමුවෙනි කතාව නම් හරිම සංවේදී එකක්... වෙදනා නම් හරිම පිං අතේ වැඩක් කරගෙන තියෙන්නෙ.... අර මාතලන් කිව්ව එක ඇත්ත...'වෙන වෙදෙක් ගාවට ගියානම් පර්යේෂනය එතනම කොරයි.'

    ඔබා මාම කිව්ව වගේ මේ රටවල ඉන්න ආබාධිත අයට තියෙන පහසුකම් දැක්කහම අපේ රටේ අය ගැන හරිම දුක හිතෙනවා....

    ReplyDelete
  7. ගැහැණියක් හැටියට අර පළමු කාන්තාවට මගේ ආචාරය...ඒ කතාව හරිම සංවේදීයි....

    ආබාදිත වෙනවා කියන්නෙ මොනතරම් මානසීක වදයක්ද කියන එක තේරෙන්නෙ අබාදිතව උන්න කෙනෙකුට විතරයි...ඒ අයත් අපි වගේම සාමාන්‍යය අය නේද

    ReplyDelete
  8. කතා දෙකම දෙවිදියකට පව්. මුල් කතාවේ ගැහැනිය සාමාන්‍ය ගැහැනියක් නොකරන විදියේ පරිත්‍යාගයක් කරලා තියනවා. අනෙක් අතට බැලුවාම තමන් ආදරය කරන කෙනා සමග ඉන්න එක තරම් තවත් සතුටක් නැත්නම් ඒ ගැන පුදුම වෙන්ට දෙයක් නෑ. විදේශ රටවල තියන සුදුසුකම් දැකකාම අපේ රටේ ජීවත්වෙන අංගවිකල (එක, එක නම් වර්ගවලින් මෙයාලා දැන් කාලේ හඳුන්වනවා.) අයට තියන පහසුකම් ඉතා සීමිතයි. මේ පලාත්ව්ල නම් තනියම වාහන එලවීම , කඩවල යෑම පවා එයාලා කරන්නේ තනියෙන්.

    මොන තරම් ආබාධිත යෙක් උනත්, ඒ මනුස්සයෙක්නේ කියන එක දෙවන් කතාවෙන් ඔප්පුවෙනවා. ඒ අසරණයත් පව්.

    කොහොම උනත් කරලා තියන සේවයට මහ වෙදනාට පිං.

    ReplyDelete
  9. ඔය ගැන කියන්න කතාවක් මටත් තියෙනවා මං පස්සේ වෙලාවක ලියන්නං...

    ReplyDelete
  10. පළවෙනි එක අඬල හිනාවෙන්න ඕන කතාවක්... දෙවෙනි එක හිනාවෙලා අඬන්න ඕන එකක්...

    දෙකම හිතන්න යමක් ඉතුරු කලා..

    ReplyDelete
  11. පලවෙනි කතාවේ කාන්තාවට ප්‍රණාමය.

    දෙවෙනි කතාවේ තරුණයා කියලා තියෙන එක ඇත්ත. එයාලත් පවුල් ජීවිතයක් ගත කරන්න පුලුවන් නේ.

    ReplyDelete
  12. අපට බොහෝ පාඩම් ඉගෙන ගත හැකි ලිපි දෙකක් . . .

    ස්තූතියි ඔබට

    ReplyDelete
  13. හැමදාම වගේ හිතන්න ඉඩ හසර ලබා දෙන ලිපියක් !

    ReplyDelete
  14. වෙද මහත්තයගෙ පුරුදු රටාවෙන් පිටට ගිය කතාවක් උනාට සුපුරුදු පරිදිම හිතන්න ගොඩක් දේවල් තියනව.

    ප.ලි.
    අර කියපු රන්ඩුව . . . . මොකද උනේ . . .????

    ReplyDelete
  15. හැඟීම් වලට වහල් වී අයාලේ යන අවධියක සැබෑ ආදරය හඳුනාගත් ඒ යුවතියට මගේ ආචාරය!
    වෙදමහතා මාතර කොහෙද? අපේ මහ ගෙවලුත් මාතර නොවැ!ඉසදීන් ටව්මේ!

    ReplyDelete
  16. එහෙම කාන්තාවන් මේ ලෝකේ ඉන්නවා නම් මල් තියලා වඳින්න ඕනි. මොකද කියනවා නම් අද වෙනකල් මම දැකලා තියෙන්නෙ තමන්ගෙ මනුස්සයා යුද්ධෙට ගිහාම වෙන මනුස්සයෙක් එක්ක කම්සැප විඳින ගෑනු. දැන් අවුරුදු 6 කට ආසන්න කාලයක් මමත් එහෙම ගෑණියෙකුට සාප කරනවා. නමුත් දැන් එහෙම වුණ එක මොන තරම් හොඳද කියලා හිතෙනවා.
    ගොළු කෙනෙකුට බඳින්න බැරි ඇයි? මම දැකලා තියෙනවා ගොළු තාරුණයෙකුට ගොළු තරුණියක්වම හොයලා අම්මලා විවාහ කරවලා දෙනවා.

    ReplyDelete
  17. Maha wedhana,
    Onna oka thmai mama Australiawe dakapu lokuma wenasa.Mama anith ratawal gana danne nee..
    Mulinma mea ratata awa kale mama hithuwe mea rate hariyata abadhithayin innawa kiyala..
    eth mage mithurek mata kiwwa.. nehe mea rata abadhitha naha..
    mea rate abadithayin anith ratawal wala wage gewal athule inne nee kiyala..
    puduma widiyata sama ayithin thiyenne..
    car park eke , public transport, ee hama deyakma siyalu abaditha ayata pahasu wena widiyatai hadala thiyenne..
    abadhithayin wiwaha weema, daruwan hadima harima sulaba deyak.kotinma mehe abadithayek diha kawuruthma Ane apoi kiyala balanne nee.. ehema balanna hethuwakuth ne..
    train ekedi one tharam muna gahenawa , mudra basin katha karara yana muthuru kalli..

    ReplyDelete
  18. අංගවිකල වූවෙකුට ඇති අභියෝග සාර්ථකව ජයගත් අය අතුරෙන් ඉස්සරහින්ම ඉන්න "Nick Vujicic" මගේ ජීවිතේට එන අභීයෝග ජයගන්න මට ගොඩක් උදව්වෙනවා...

    වසර ගණනක ඉඳන්ම ඔහුගේ රසිකයෙක් වුණු මට ඔහු මුණගැහිලා කතාකරන්න මාස කීපයකට කලින් අවස්ථාවක් ලැබුණා... එහිදී ඔහු බදාගෙන තත්පර කීපයක් හිටි මගේ ඇහැට කඳුළු ආවම ඔහු හිනාවෙවී සැහැල්ලුවෙන් විහිළු කලේ...

    "අඬන්න එපා, මට කඳුළු පිහින්න විදියක් නෑ.." කියලයි...

    මේ ඉන්නේ නික්...

    ReplyDelete
  19. සියළුම දෙනාට මම බොහෝමත්ම ස්තුති වන්ත වෙනවා මගේ මේ පෝස්ට් එකට පැමිණීම සහ කමෙන්ට් එකක් දැමීම ගැන. මට පිලිතුරු දෙන්න දෙයක් මෙතන ඉතිරි වෙලා නැහැ. ඔබගේ වටිනා අදහස් නිසා මගේ පෝස්ට් එක වඩාත් ආලෝකමත් වුනා. ඔබ හැමටම ස්තුතියි.

    ReplyDelete
  20. සමා වෙන්න ප්‍රමාද වී පැමිණීම ගැන. ඒ වගේම අනිත් අය කියපු දේවල්ම තමා කියන්න තියෙන්නේ. තමන්ගේ දැනුම හා වෘත්තීය නුපන් දරුවන් මරා දමන්නට පවා නොපැකිලව භාවිතා කරන මිලේච්ඡයන් සිටින පරිසරයක , ඔබතුමන්ලා මේ කරන සේවය මොන තරම් විශිෂ්ටද ?එහෙම වෘත්තියක් ලබා ගන්නත් පින් කරන්න ඕනි....

    ReplyDelete
  21. කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ... ආබාදිත අයට අපේ රටෙ තියෙන පහසුකම් සැලකීම ගැන නම් කොහෙත්ම සැහීමකට පත්වෙන්න බෑ...

    වටිනා ලිපියක් හැමදාම වගේ.... පලවෙනි කතාව ගැන කියනවනම් මේ අද අහන්න දකින්න ලැබෙන ඒව එක්ක ඔහොම චරිත ගැහනු ඉන්නවද කියල හිතෙනකොටත් පුදුමයි...

    ReplyDelete
  22. අන්න අර ඔබා අයියා කියලා තියෙන එක ගැන මමත් එකඟයි. බටහිර රටක ආබාධිතයන්ට විශේෂ වරප්‍රසාද ලබා දෙනවා. බලන්න ආබාධිතයන්ට වෙනම විශේෂ වාහන නැවැත්වීමේ පහසුකම් පවා තියෙනවා. රජය සහ සමාජය ඔවුන් ‍රැකබලා ගන්නවා. වෙන එකක් තියා ඔවුන්ට අපහසුතාවයක් දැනෙන අයුරින් ඔවුන් තිහා බලන්නවත් (Staring) එපා කියලා ලමයින්ටත් පොඩි කාලෙ ඉඳලා උගන්වනවා.
    අපේ රටේ ආබාධිතයෙකුට බොහෝ විට උරුම වෙන්නෙ හිඟමන තමයි.

    ReplyDelete
  23. මුලින්ම ලියා තියන කතාව කියෙවුවම පුදුම දුකක් දැනුනා ඒ පුද්ගලයා ගැන . කොහොමට ජීවිතේ ගෙවනවා ඇත්ද .ඒවුණත් අද කාලේ පොඩ්ඩ ඇත්තං වෙන කොල්ලෙක් හොයාන දුවන කෙල්ලෝ ඉන්න ලෝකෙක ඒ වගේ කෙල්ලෙක් ගැන මට විස්වාස කරන්නත් අමාරුයි ..

    ReplyDelete
  24. @Beetle

    මා මේ වීඩියො පටිය කලින් නරඹලා තිබුනත් ඔබට බොහොම ස්තුතියි නැවතත් මතක් කර දුන්නට...පුදුමයි මොහුගේ ආත්ම ශක්තිය ..

    ReplyDelete
  25. @මාතලන්..
    අනේ ලිංක් එකට ගිහාම ඉන්ද්‍රචාප උන්නැහේ නොවැ කෑ ගහන්නේ..

    @වෙදනා
    පළමු කාන්තාවට අනිවාර්‍යයෙන්ම ප්‍රණාමය පුද කළ යුතුයි..

    ගොළු පුද්ගලයා ගැන බොහොම දුකයි.. මං හිතන්නේ උත්සාහ කළා නම් බැරි වෙන එකක් නෑ..

    බොහොම හොඳ සාකඡ්ඡාවක්..

    ReplyDelete