Saturday, October 1, 2011

ආයූර්වේදය කාගේ බූදලයක්ද?

අද මම ලියන්න සිතා සිටි ලිපිය මෙය නෙමෙයි. ඇත්තෙන්ම ඉන් 3/4 පමණ මේ වන විට ලියාත් අහවරයි.

ඒත් මට හිතුනා ඒ වෙනුවට මේ ලිපිය අදම දමන්න.

මම මේ ලිපිය ලියන්න කලින්ම කියන්න ඕනෙ මම මේක ලියන්නේ විවාදකට යන්නවත්, කාටවත් මඩ ගහන්නවත් නෙමෙයි.

ආයූර්වේද වෛද්‍යවරයෙකු ලෙස මට යුතුකමක් තිබෙනවා ආයූර්වේදෙට යම් හානියක් වෙනවනම් ඒ ගැන කථා කරන්න. විශේෂයෙන්ම මේ වන විට බ්ලොග් අවකාශයේ ආයූර්වේද අනන්‍යතාවක් සහිත එකම වෙබ් අඩවිය මේක නිසා මේ යුතුකම මගේ කර පිටම වැටිලා තිබෙනවා. ( මගේ ගෝල ගෝලියෝ දැන් මේ අඩවිය අනුව තමනුත් බ්ලොග් අවකාශයට එක් වීමට කැමැත්තෙන් සිටිනවා. ඉක්මනින් මම ඒ අයවත් මෙතනට එක් කරනවා.)

කෙසේ හෝ අද පුවත් පත් බලද්දි තමයි මේ අදහස මට ආවේ. විශේෂයෙන්ම ඉරිදා පුවත් පත් අරන් බලන්න මේ හැම එකකම තිබෙනවා අයූර්වේදය ගැන යම් යම් දැන්වීම මහා රාශියක්,
ඒවා නිශ්පාදන,
රුව රැකීම ගැන කොටින්ම කිව්වොත් හර්බල් සැලෝන්,
තව හර්බල් මසාජ්,
තව අයූර්වේද විටමින,
ලිංගික ශක්තිය ඇති කරන ආයූර්වේද ඖෂධ,
සති ගනන් පමා වූ කාන්තාවන්ගේ මාසික තත්ත්වයන් සැනින් ඉටුකර දෙන ස්ථාන,
දරුවන් නැති අයට දරුවන් ලබා දෙන ඩිස්පැන්සරි,
තව තව දේවල් මහා ගොඩයි. මේ අතර තිබෙනවා ටැබලොයිඩ් පත්තර. මේවායේ නොයෙක් නොයෙක් අය තමන්ගේ උපදෙස් ලබා දෙනවා ජනතාවට අර කලින් වගේ රුව රැකීමට, සෞක්‍ය රැකීමට……..

මගේ අම්මෝ මෙහෙමත් උපදෙස් ......

කවුද මේ උපදෙස් ලබා දෙන්නෙ,

නළු නිලියො,
ක්‍රීඩකයෝ.

කමක් නැහැ ඕනෙ කෙනෙක් ඔන දෙයක් කිව්වට ඒත්මට ලඟකදි දකින්න ලැබුනා එක් නිළියක් රුව රැකීමට උපදෙස් දෙන ගමන පොඩි ක්ෂායක් කියලා නිතර බොන්න කියලා. ඇය දන්නේ නැතුව ඇති ඒක ඖෂධ ශාක දක තුනක ක්ෂායක් වුවත් අපි එක දිගට සතියකට වඩා දෙන්නේ නැහැ. මොකද වැඩිපුර මුත්‍රා පිට වෙන්න ගන්නවා. එය හොඳ නැහැ. මෙන්න මෙහෙමයි මේ වැඩ.

නමුත් මේවා මේ මිනිස්සුන්ගේ අහිංසක ප්‍රයෝග. මේ අය කීයක් හරි හොයා ගන්න එහෙමත් නැත්නම් තමන් යම් තත්ත්වයක් ඇත්තෙක් බව පෙන්වන්න කරන දෙවල්. මේවට රැවටෙන පිරිස අද අඩුයි.

නමුත් හිතන්න යම් ආයූර්වේදෙට වගකියන බලතල ඇති ඒත් ආයූර්වේදෙ නොදන්න මහත්වරු කට්ටියක් මේකම වෙනත් විදියකට කලා කියලා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව.....

ජාතියක් පිරිහෙන වැඩක් නේද?

(මේක දිහා දේශපාලන ඇසකින් බලන්න එපා.)

ශ්‍රී ලංකාවේ නීතිය අනුව යම් ඖෂධයක් ලංකාවට ගෙන ඒමේ ක්‍රමවේදයක් තිබෙනවා. පාර්ලිමේන්තුවේ බහුතර මංත්‍රී ගනනක සම්මතයෙන් පනතක් ලෙස තමයි එම නීති ඇති කරලා තිබෙන්නේ. ඒකට අනුව මෙහෙම ඖෂධයක් ගෙන්වද්දී අනුගමනය කලයුතු ක්‍රමවේදයට අනුව ඒ පෝරම පුරවලා අදාල තත්ත්ව සහතික ගන්න වෙනම කෙනෙක් ඕනෙ ඒ ටික ඔසවන් යන්න. ඒ තරම් විශාලයි මේ පෝරම ටික. මේකට වගකීම ගන්න බැහැ සාමාන්‍ය කෙනෙකුට ඒ සඳහා අදාල ක්ෂ්‍රේත්‍රයේ විශේෂඥයෙක් විය යුතුයි. ඒ තරමට අපහසුයි ඒ ලියාපදිංචිය ලබ ගන්න.

පසුගිය කාලයේ මේවා ගැන එතරම් සොයා නොබලා හිතූ හිතූ හැටියේ ඕනෑම කෙනෙක්ට ඖෂධ ආනයනය කිරීමේ හැකියාව තිබුනා. ඒකෙන් අයුතු ප්‍රයෝජන අරගෙන කිසිම වැඩකට නැති ඖෂධත් ලංකාවට ආවා. නමුත් අපේ මිත්‍ර මගේ අති ජාත මිත්‍රයා වන වෛද්‍යවරයෙක්ව මේ ගැන සොයා බලන්න පත් කලා රජයෙන්. ඒ අනුව ඉතාම රටට හිතකර විදියට මේ පනත දැන් නැවත සකස් කර තිබෙනවා. ඒ අවශ්‍ය සංශෝධන පවා හදිසි කාරනයක් ලෙස ගෙන කැබිනට් අනුමැතිය ලබා නීති බවට පත් වෙලා තිබෙනවා.

නමුත් අද මේ වන විට දැඩි හස්තයකින් පාලනය වන තත්වයක් යටතේ රටට හානිකර ජනතාවගේ සෞක්‍යයට හානිකර ඖෂධ ගෙන්වීමේ තැතක් තිබෙනව.

මේ අදාල ඖෂධය 2008 දීත් ජනතාවට විකිණීමේ තැතක් ගැනුනා. නමුත් එය අපගේ උත්සාහයෙන් වැලකුනා. නමුත් දැන් නැවත වරක් මේ දෙයම දේශපාලන උවමනාවක් ලෙස මතු වී තිබෙනවා. මේ රටේ නැති ආයූර්වේද ඖෂධයක් ගෙන්වීමට තිබෙන සුදුසුම රට තමයි ඉන්දියාව. ජපානයවත් ඇමරිකාවවත් ලංකාවට ආයූර්වේද ඖෂධ ගෙන්වන්න සුදුසු රටවල්ද කියන එක මම ඔබට කිව යුතු නැහැ.

නමුත් මේ ඖෂධය මුලින්ම යෝජනා වූයේ බටහිර ඖෂධයක් ලෙස ගෙන්වීමට එහිදී පැමිණි දැඩි විරෝධය හමුවේ අකුලාගත් මේ පිරිස. නැවත දැන් හදිසියේම මෙය ආයූර්වේද ඖෂධයක් බවට පත් කර තිබෙනවා. මෙවැනි දේ මම අර කලින් කිව් වෙලද දැණ්වීම වලට වඩා භ්‍යානකයි. එනම් මේවා මේ වන විට ලෝකයේ කොහේවත් අනුමැතියක් නැති ඖෂධ. මෙරට වැසියන්ට වන හානිය බලා මෙහි තත්වය දැන ගැනීමට තමයි මොවුන් මේ සැරසෙන්නේ. ඒ විතරක් නෙමෙයි අහිංසක මිනිසුන්ගේ අතේ තිබෙන තුට්ටු දෙකටත් වැඩේ දෙන ගමන්...

අර කලින් කිව් දේවලින් හානි එන්නේ එක් පුද්ගලයටයි. ඒත් මේකෙන්......
ඔබම තීරනය කරන්න...

මම දන්නවා මම මේ දා ගත්තේ ලෙඩක් කියලා. මේ වන විට මේකට විරුද්ද වූ එක් අයෙක්ට තමන් දැරූ සියලු තනතුරු අහිමි කරලා.

මට කරන්න දෙයක් නැහැ. මරනවා ඇර මොකද මම කන්නේ මගේ මහන්සියෙන් නිසා.


අපි බලමු......

25 comments:

  1. අම්ම තාත්තව හරි ඇඩ් එකක් දාලා විකුනන්න පුලුවන් සමජයක ජීවත්වන අපිට හර්බල් කියලා ඕන කුනු ගොඩක් ඇගේ ගහන එක මහ ලොකු දෙයක් නෙමෙයි . මේ වගෙ ලිපියකින් හරි අපිට යමක් දැනගන්න සලස්වන එක ගැන හැමොම වෙනුවෙන් ස්තුතිකරන්න ඔනෙ.

    ReplyDelete
  2. නියමයි වෙදමහත්තයෝ,
    මේ පිළිබඳ කතිකාවතක් කළ යුතුය.

    ReplyDelete
  3. හරිම විකාරයක් වෙලානේ දැන් මේ නළු නිළියොයි ක්‍රීඩකයොයි දාල වෙලඳ දැන්වීම් හදලා ජනතාව රවට්ටන එක.වෙන දෙයක් වගේද දැන දැනම අපේ ශරීරයට අහිතකර දෙවල්,බෙහෙත් ගෙන්වන එක.. රටේ මුළු අනාගතයම පිරිහෙන වැඩක්නෙ..අපේ දේශීය වෙදකමට තැනක් දෙන්නෙ නැත්තේ තම තමන්ගේ වාසියට තමයි..

    බොහොම පිං ඔබ තුමාට මේ කරන සේවයට..

    ReplyDelete
  4. මම හිතන්නේ ඔබ තුමා කියන්නේ මේ ගැන : http://www.gossip9.com/2011/09/blog-post_6418.html .

    මේ කාරණය පිළිබඳව ඍජුව කතා කිරීම අගය කල යුත්තක්.

    කරුමෙට අපේ ඊනියා දේශප්‍රේමීන්ට මේවා පෙන්නේ නෑ.

    ReplyDelete
  5. ලොකු ජෝන්,
    සහෝදරයා එන පොට හොඳ නැහැ.

    ගොර්ඩෝනියා,
    ඔව ඒක විය යුතුම දෙයක්. හැබැයි අපිට මෙකෙදි කරන්න පුළුවන් පෙන්වා දීම විතරයි.

    ගිම්හාණී,
    ලූලා නැති වලට කණයා පණ්ඩිතයාලුනේ.

    ඉඳුනිල්,
    දැන් වෙන්නේ මේවායේ කිසිම ප්‍රමිතියක් නැති, වගකීමක් නැති තත්ත්වයක්. හැබැයි ඕක වැරදුනොත් ඔන්න බලන්න ආයූර්වේදෙට කී දෙනෙක් බනියිද කියලා. ඔය ඔවැනි දෙ ගෙන්වන මහත්වරුත් එතකොට බනින්නේ ආයූර්වෙදෙට. මේකත් හරියටම තෙල් කේස් වගේ වෙයි.

    ReplyDelete
  6. දේශපාලන කණ්ණාඩි වල අමුතු පාටට නොරැවටී, කශේරුකාව පණ ඇති නියම මහත්මයෙක් ලෙස ඔබතුමාට කළ හැකි ලෙස පළ කල මේ විරෝධය හා දැනුවත් කිරීමට ස්තුතියි...!!!

    ඒත් වැඩ වෙන හැටියට අපි කෑගහලත් වැඩක් නෑ නේද ? අනේ මන්දා !!!

    ReplyDelete
  7. චතුරංග,
    "වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව"
    එහෙම කියලා නිකම්ම ඉන්නත් බැහැ. මම පොඩි මිනිහෙක් ඒ නිසා මට හැකි දේ මම කලා. අපි බලමු මේ හැම දේම සාපේක්ෂයි. අපි කාට කාටත් අපි කරන දේවල් තනිවම විදින්න දවසක් එනවා. එදාට නියම විදිහට මුහුණ දෙන්න හැකි වුවොත් අපි යමක් කලා වෙනවා. නැත්නම් සදා දුකේ තමයි මේ කප ගෙවෙන් තුරා....

    ReplyDelete
  8. මාකටින් කරනවා කියන එකේ සීමාව ඉක්මවා ගිහින් ගොඩක් කල්..මොකක් හරි ලොකේ නැති කවදාවත් අහලා නැති ලෙඩක් ගැන මිනිස්සු බය කරලා බඩු ටික විකුන ගන්න මුන් බලන්නේ!ඒ අතර තුර ක්‍රියාදාමයේදී කාට මොනව උනත් උන්ට කමක් නෑ! ඔස්ටියොපොරෝසිස් කියයි හමේ රෝග 10ක් හොඳ වෙනව කියයි තව දාහක් ජාති කියයි..මට මතකයි ලඟදි මැලිබන් කිරි වලට දඩ ගහල තිබුන අඩංගු නැති ඒවා ආඩංගුයි කියල වික්ක කියලා,,වැඩේ කියන්නේ දඩ ගහල තිබුනේ කොම්පැනියට නෙවෙයි විකුනපු අහින්සක මුදලාලිට!!

    ReplyDelete
  9. සබිත්,
    ඇත්තෙන්ම මේවා දැන් අවසාන වෙන්න කාලෙ. අනේ මන්ද අපි යන්නේ දියුණුවටද එහෙමත් නැත්නම් පාතාලෙටද කියලා. ඔබට බොහොම ස්තුතියි.

    ReplyDelete
  10. කොමිස් කුට්ටියකට තමන්ගෙ අම්ම තාත්ත උනත් විකුනන්න ඉඩ දෙයි මේ උන්නාන්සෙල.

    ReplyDelete
  11. ඕනයා,
    මල්ලිගේ හඬ ඇහුන එකට සතුටුයි. ඔව් අපිට කරන්න වෙලා තියන්නේ විශාල රාජකාරියක්. ඒකට කමක් නැහැ මේ හැමදේම අපි කරන්නේ අපේ දරුවන් වෙනුවෙන්.

    ReplyDelete
  12. ඉතාම වැදගත් ලිපියක්. ඉදිරියටත් මේ ගැන ලියන්න

    ReplyDelete
  13. බ්ලොග් ගඩොල්,
    ඔව් මේකට මොකද වුනේ කියන එක මම නිතර දැනුවත් කරනවා. ස්තුතියි!

    ReplyDelete
  14. ලංකාවෙ ආයුර්වේදය විනාස කරන්නෙ ඕකෙම ලොක්කො තමයි. මම මාසයක් කළුතර මොල්ලිගොඩ ආයුර්වේදෙ නැවතිල හිටිය, එතන උන දේවල් දැකල හොරු සහ හරි මොකක්ද කියල තරමකට ඉගෙන ගන්න ලැබුන.
    වෙද මහත්තයො මීට වඩා අක්ෂර වින්‍යාසෙ සහ පද බෙදීම ගැන හිතුවනං වටිනව නේද?

    ReplyDelete
  15. ඉන්දික උපශාන්ත,
    ඔබ එතැන සිටියා නම් තත්ත්වය සහසුද්දෙන්ම දන්නව ඇති. ඔබ හරි. මෙතැනට පිටින් එන කට්ටිය මෙහෙ ඉන්න අයව බය කරගෙන තමයි ඉන්නේ. අපේ ගොන් වෙද්දුත් මුන්ගේ ඉංග්‍රිසියට බය වෙලා සහ මුන්ගෙන් ලැබෙන කටු වලට ඇති කෑදරකමට කටවල් වහන් ඉන්නවා. නමුත් උන්ට බය නැති අයත් ඉන්නවා. ඒ අයට දෙන්න තියෙන හැම වදයම දෙනවා.

    පද බෙදීම සහ අක්ෂර වින්‍යාසය ගැන නම් ප්‍රශ්න තිබෙන බව දන්නවා. ඒත් සමහර දවස් වලට මේක ලියන්නේ ඉතාම අසීරුවෙන්. නැවත බලන්නවත් විවේකය අඩුයි. ජීවන සටන ලොකු නොවැ. අපේ රෝගීන්ට ප්‍රතිකාර කරන ගමන් තමයි මේ හැම දේම කරන්නේ. ඒත් ඔබ කියන ලෙස නැවත ඒ ගැන බලන්නම්. ස්තුතියි.

    ReplyDelete
  16. තතු කියා දැනුම් දීම ඔබ වැනි තතු දන්නා අය විසින් කළ යුත්තකි. ජයවේවා! ගෙන්වා ගන්නට අවශ්‍ය දෑ වෙනුවට පසුම්බිය තර කරගත හැකි දෑ ගෙන්වා ගැනීම රටට ඇති ආදරයක් නොවේ. ඒ හඬ නැඟිය යුත්තේ ද ඔබ අතරින් ම ය.

    ReplyDelete
  17. මේ අර "පිළිකා බෙහෙතක් අත්හදා බලන්න ලංකාවේ රෝගීන් යොදා ගනී" කියන ගොසිප් ලංකා එකේ ලිපිය එහෙම අදාල කාරනාවද?

    මම නම් හිතන්නේ අපේ ආන්ඩුවේ මහත්වරු රට ජාතිය නගා සිටවන්න තමයි මේ වගේ වැඩ කරන්නේ . .

    බලන්න අපේ රෝගීන් යොදවලා පර්යේෂන කරලා බෙහෙතක් නිෂපාදනය කරලා ඒක බටහිර ටරවලට විකුනනකොට අපිට ආඩම්බරයෙක් කියන්න පුලුවන්නේ "ලෝකෙන් උතුම් රට ලංකාවයි . . ලංකාවයි සිරි ලංකාවයි" කියල . .

    ReplyDelete
  18. ගොසිප් නිවුස් එක ගැන නම් කියන්නේ ..ඇත්තටම පිළිකාවකින් පීඩා විදින කෙනෙක්,,ඒ අයගේ පවුලේ අය..මේ වගේ බෙහෙතක් තියනවා කියපු ගමන් ඒක පස්සෙන් දුවනවා ඒකට ගොඩක් අත්දැකීම මට තියනවා...
    ඇත්තටම මේවා රටට එළිකරද්දී මේව දකින එක්කෙනෙක් හරි අරවගේ පස්සෙන් දුවන එකක් නෑ මේ වගේ බෙහෙත් ගන්න...අත්හදා බලන බෙහෙත් අපේ රටට එනකන් බලධාරීන් ඇස් වහගෙන ඉන්න එකයි වැඩේ ඉතින්

    ReplyDelete
  19. oba weni aya ape ratata tawa bihiwewa

    ReplyDelete
  20. මෙවැනි හෙළිදරව් කිරීමකට ඉදිරිපත් වීම ගැන මගේ ප්‍රණාමය.

    ReplyDelete
  21. අරුණි අක්කා,
    ඔව් අක්කා අපි ලෝකෙට ඇහෙන්න හඬ නගනවා. ඒකනේ ඔබ වුවත් මේ ප්‍රතිචාර දක්වලා තියන්නේ. බලමු බලමු එක හීනෙන් එලිවෙන් නැහැලුනේ. තව දෙයක් මේ බෙහෙත හොඳ නම්, වැඩක් වේනම්, මේව ගෙන්වීමට මම එකඟයි. හැබැයි අපේ රටේ ජනතාව මේක පරීක්ෂා කරන්න යොදා ගන්නවට මම විරුද්ධයි. ඒක වුවත් කරන පිලිවෙලක් තියෙනවා ලෝක සම්මත පිලිවෙලක්.

    අක්කට කියන්න මම මගේ පරීක්ෂණයකට අවශ්‍ය සාම්පල පිටරටකට යවා ගන්න වින්ද දුකක්. හැබැයි ඒක හරි ගියා නම් නම්බුව, ආදායම දෙකම රටට. නමුත් ආචාර ධර්ම කමිටුව අවසර දුන් නැහැ. මම දැන් වෙන රටක් එක්ක මේදේ කරනවා. ඒ රට ඒකට අවසර දුන්නා. පේනවනේ, මේ හැම නීතියම හරහට හිටින්නේ රටට වැඩදායකදේට විතරයි. ඒත් කට්ටිය එකතුවෙලා යටිමඬි ගහගන්න නම් මේවා ප්‍රශ්න නෙමේ.

    දුකා,
    මේකනේ මල්ලී මේක ඇවිත් හරිම පුදුම රටක්. දන්නවනේ අපේ දීපාල් ගොයියාගේ අර ගීතය. අන්න ඒක තමයි දැන් අපේ ජාතික ගීය විය යුතු.

    ඩිලාන්,
    ඔබ දන්නවද කලින් හිටියා සෙනවිරත්න වගේ නමක් තියන මෑන් කෙනෙක් ඔය පිළිකා රෝගීන් දෙව්ලොව යවපු. ඔය මෑන්ගේ ජාවාරම අල්ලන්න ගිහිනුත් අපි හොඳ පරිප්පුවක් කෑවා. මරන තර්ජනද අරවද මේවද .... ඒත් දැන් මෑන් නෑ. අපි දිනුවා. බලමු නේද මේ පාරත්...

    ඇනෝ,
    ඔබට ස්තුතියි.

    ඔබ්සවර් අයියා.
    ස්තුටියි අයියා. අපි බලමු.

    ReplyDelete
  22. මේ ලිපිය හරිම වටිනවා.නියම විදියටම ලියවිලත් තියෙනවා.නළු නිලියො වෙළඳ දැන්වීම් වලට පෙනී හිටල කරන වැඩ හින්ද අපේ අය කොච්චර අමාරුවේ වැටෙනවාද?.මට මතකයි අපි පොඩි කාලේ ලංකාවේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් "මම කන්නෙම අහවල් සොසේජස් ජාතිය" කියලා ටී.වී වෙළඳ දැන්වීමකට පෙනී සිටිනවා ඒක දැකලා පුංචි අපිටත් සොසේජස් කන්න ඕන වෙනවා.මාධ්‍යත් මේවට වග කියන්න ඕන වෙද මහත්තයා.ඇයි මතකද? එක සැරයක් පුංචි ළමයෙක් පැහැරගැනීමක් ගැන ලංකාදීපේ පළවෙච්ච ලිපියක හොරු ඒ ළමයව සිහි නැති කරන්න ගත්ත බේතේ නමත් එක්කම පත්තරේ දාලා තිබුනා.තව ඒක ඕනෑම ෆාමසියකින් ගන්න පුළුවන් කියලත් දාලා තිබුනේ.අර ඉස්සර සූර්ය ග්‍රහණය වෙලාවෙ වධකහ සුදිය බිව්වම හැඩ වෙනවා කියලා කව්ද කෙනෙක් පත්තරේකට කියලා අනිත් අයත් ඒක කරන්න ගිහින් වෙච්ච අලකලංචිය මතකද?ඔය ටැබලොයිඩ් පත්තර තමයි අපේ රටට අනිතා වින්නැහිය අපේරටේ නිළියකට බබෙක් හම්බවෙන්න ඉන්නකොට ඒක නිළියටත් කලින් ඔය ටැබලොයිඩ් පත්තර කාරයෝ දැනගන්නවනේ.

    ReplyDelete
  23. බොහොම අගෙයි ඔබ තුමාගේ උත්සාහය. රට බල්ලට ගිහිං නොවැ තියෙන්නේ.. මොනවා කරන්නද..? මං නම් මෛත්‍රී භාවනාව පුරුදු කරණවා...

    ReplyDelete
  24. කන්න දෙනවනම්, අපට බොන්න දෙනවනම්, මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ, මොන කෙං ගෙඩියද තව ඕන කියන්නේ.

    ReplyDelete