Monday, August 1, 2011

යක්ෂ කථාවක් සමඟ ආදීවසීන්.

මේක ලියන්න හිටියේ ඊයෙ. නමුත් අර ගොවිතැනයි මගේ වැඩයි එක්ක ටිකක් බැරි වුනා. මේක බොහොම කෙටි ලිපියක්.

මට තියන්නේ පොඩි ප්‍රශ්නයක්.
ලංකාවේ ආදීවාසී දිනය වෙන්නේ ඊයේ 31, ජූලි. එහෙම නම් ආදීවාසීන් කියන්නේ කවුද?

එතකොට මේ ආදීවාසී දිනය කියලා සමරන්නේ කාවද?

ඔන්න ප්‍රශ්න.

දැන් මේ ආදීවාසී දිනයෙදී වැඩියෙන්ම රඟපාන්නේ අපේ වන්නියැලැත්තෝයි එයාගේ කට්ටියයිනේ. අපි බලමු ඇත්තටම මේක හරිද කියලා. මම නම් හිතන්නේ වැරදි.

ඇයි වැරදි?

මෙතන අපි නොහිතන දෙයක් තියනවා.

අපි හිතමු ඇත්තටම ලංකාවට විජය ආවා කියලා. මම නම් මේක ඒ හැටි පිලිගන්නේ නැහැ. ඒත් එහෙම හිතමු. විජයට වෙල්කම් එක දෙන්න අපේ කුවේනි රැජින ඉන්නවනේ. එතකොට එයාගේ සනුහරේ නෑයෝ, එයාගේ අග නගරය මේ වගේ දෙවල් ගැන ලියවිලා තියනවනේ. දැන් ආයිත් කියනවා විජය කියන ඉන්දීය ආක්‍රමණිකයත් එක්ක කුවේනි විවාහ වීමෙන් දරුවොත් ලැබූනළුනේ, ඔය දරුවන්ගෙන් වැදි ජනයා ඇති වුනා කියලනේ මතය තියන්නේ. එහෙම නම් වැදි ජනයා විජයටත් පස්සෙනේ ඇති වෙලා තියන්නේ. එතකොට බැලුවම මේකෙ ආදීවාසීන් වෙන්නේ කවුද?

ඕස්ට්‍රේලියාව - ඇබොරිජිනියන්ලා, නවසීලන්තය - මෞරි, කැනඩාව - ස්වදේශිකයන් කියා හදුන්වන ආදීවාසීන්, ඇමරිකාව - මායා, බ්‍රසීලය/ මෙක්සිකෝව ඇස්ටෙක්, මේ අය අතරින් මම ඇත්තටම ආදීවාසීන් ලෙස දකින්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝල, සහ ඇමරිකා මායා අය පමනයි. මොකද අපේ මේ රටවල ඉදන් කියවන මිතුරු මිතුරියෝ දන්නවා මෞරියෝ කොච්චර ආසියාවේ අපිට සමානද කියලා, එතකොට කැනඩාවේ ස්වදේශිකයෝ කොතරම් ආසියාවේ අපිට රූපයෙන් සමානද කියලා. මට නම් හිතෙන්නේම මේ අය මම අර කලින් ලිපියක ලිව්ව පාතාලෙ අය වෙන්න ඇති. රාවණා රජතුමාගේ මිනිස්සු වෙන්න ඇති.

එතකොට මේ රටවල ආදීවාසීන් වෙන්නෙ මේ අයද?

අනිත් අතට බැලුවහම අපේ රටේ වැදි ජනයා ආදී වාසීන්ද?

මගේ මතය නම් අපේ ආදීවසීන් තමයි, යක්ෂ, නාග, දේව අය. මේ අය අතරින්, යක්ෂ කියන්නේ යකඩ භාවිතාකල අය හෙවත් මේ රටවල සිටි කාර්මික ජනතාව. නාග කියන්නේ නාවික ජනයා, එතකොට දේව කියන්නේ පාලන බලය තිබුනු මේ රටවල් පාලනය කල අය, මේ අය එක එක කාලවල වෙනවෙනම බලවත් වුනා, ඒවා තමයි අපි දෙව පුරාණ ආදී කථාවල කියවන යුද්ධ මේ ලෙස අපිට මේ කථාව ලඝු කරන්න පුළුවන්.
මේ රටේ ආදී වාසීන් වෙන්නේ එතකොට මේ අය බවයි මට නම් හිතෙන්නේ. එතකොට මේ දිනය වෙන්නේ අපේ දිනය නේද?

බොරු නම් අහලා බලන්න

රත්න + යකාගෙන් (රත්නායකගෙන්)
මෑන් ඉන්නවා අන්න යකහටුවේ.
මේක නම් යක්ෂ කථාවක් නේද.
අනේ මොන යකාද ඕවා පිලිගන්නේ,
මේ මොන යකෙක්ද?
ඒ වුනාට එහෙම කියන්න එපා යකෝ.
මේ ඒක නෙමේ මට යකෙක් කන්න බඩගිනියි.
මට යකා වැහෙන්නේ ඔය වෙලාවට තමයි.

දැන් මොකද කියන්නේ?
කවුද යක්කු???
එතකොට ආදීවසීන්???????

යක්කු තමයි දන්නේ

24 comments:

  1. "පරණ යක්කු" ගැන රස කතා...

    ReplyDelete
  2. හැබෑට එකතකොට කවුද බොලේ ආදිවාසීන්?

    ReplyDelete
  3. බරපතල ගැටලුවක් හැබැයි මෙහෙම හිතමු වැදි ජනතාව ඔය කියන් විදිහට කුවේණියගෙන් සහ විජයගෙන් ඇති උනේ නෑ කියලා එත කොට ඔවුන් පැවතෙන්නෙ කුමන ජන වර්ගයකින්ද ? යක්ක ද ?

    ReplyDelete
  4. @මාතලන්:
    හික් හික් . . . . ඔය යක්කු නං . . . . .

    ReplyDelete
  5. හප්පච්චියේ..මෙන්න වෙද මහත්තයට යකා වැහිලා වගේ ලියන්න අරන්.

    ReplyDelete
  6. මතක ව්දියටනම් යකහටුවක් අපේ ගෙවල් පැත්තෙත් තිබුනා...

    ReplyDelete
  7. මාත් එකඟයි.
    වැදි ජනතාව කියන්නේ කුවේණිගේ දරුවන්ගෙන් පැවත එන කට්ටිය.
    රාවණා රජ්ජුරුවන්ගේ හෙළ රාජ්‍ය මුළු ලෝකෙම පැතිරිල තිබුණා කියලා මං විශ්වාස කරනවා.

    ReplyDelete
  8. යක්කුන්ට බයනම් අපි සොහොනෙ ගෙවල් හදනවද???

    ReplyDelete
  9. @ Gimhani

    හපොයි..

    ගෙවල් කොහෙද නගේ....

    ReplyDelete
  10. බලාගෙන යද්දී ඒ කතාව ඇත්ත...

    ReplyDelete
  11. විජය රජුගේ පරපුර (වැද්දන්ද ඇතුළුව) පසුව ආ උදවිය. හෙළයෝ "මුල් වාසීන්". ඔබ තුමාගේ කලින් ලිපියකට මම දැමූ කමෙන්ටුවක දකිව්වා වගේ ඒ මතය අපිට තාර්කිකව පිළි ගන්න පුළුවන්.

    ඇත්තටම යකෙකුටත් වඩා දරුණු යකා නමින් ප්‍රසිද්ධ රත්නා-යකෙකු වන මගේ මිත්‍රයෙක් වැලිමඩ පැත්තේ ඉන්නවා. :-)

    අනිත් කාරණය, "ආදී වාසීන්" කියන වචනය වැරදි අර්ථයක් දෙනවා කියලා මට හිතෙන්නේ.ආදී වාසීන්ගේ පොසිල නම ඉඳ හිට හමු වෙනවනේ ...

    ReplyDelete
  12. මේ කතාව ඇහුවාම මට මතක් උනේ,.. ල0කාවෙ යුද්දෙ නැගල යන දවස්වල සුද්දෙක් මගෙන් අහපු ප්‍රශ්නයක්...සි0හල ජාතිය පටන් ගත්තෙ විජය කියන ඉන්දියානුවෙකු ගෙන්නම් ...දම්ළ ජාතිකයනුත් ඉන්දියාවෙන්ම ආව ජන වර්ගයක් නම් ...දැනට ල0කාවෙ ඉන්නෙ මේ ප්‍රදානම ජන වර්ග දෙකම ස්ව්දේශිකයන් නෙවේ නේද?... දැන් උඹලට තියෙන ප්‍රශ්නෙ කලින් ආව අයයි පස්සෙ ආව අයයි අතර අයිතිය පිළිබදව ප්‍රශ්නයක් නේද?..මම මේකට දීපු උත්තරේ නම් අහන්න එපා...

    ReplyDelete
  13. මම අහලා තියනවා මෙන්න මෙහෙම කතාවක්. දැනට අවුරුදු 10,000ටත් වඩා කලින්, මනු කියලා රජ කෙනෙක් මන්නාරම කියන නගරේ ඉඳලා රට පාලනය කරලා තියනවා. ඔහුගේ ඔටුනු පැලඳවීමේ උත්සවය හැම අප්‍රේල් මාසේ 14 වෙනිදම පවත්වලත් තියනවා. මෙයාගෙන් පස්සේ ආපු රජ පෙලපතකින් තමාලු රාවනා පැවතෙන්නේ.

    මේක මම හිතන්නේ කටකතාවක් විතරයි.

    ReplyDelete
  14. මාතලන්,
    ඔව් ඔව් පරණ යක්කු විතරක් නෙමෙයි තව ඉන්නවා කොක්කුත්.

    පූසා,
    ඒකනේ බොලේ මමත් අහන්නේ, කවුද බොලේ මේ යක්කු? සහ ආදී වාසීන්?

    සමීර,
    මම හිතන්නේ වැදි ජනයා කුවේනිගෙන් ඇති වුනු අය නෙමේ. කුවේනිගේ දරුවන් කුරුනෑගල ප්‍රාදේශීය පාලකයන් ලෙස ජීවත් වුනා කියන එක තමයි මතය.
    ඔබ බලන්න ලංකාවේ වැදි ජනයා සහ ඕස්ට්‍රේලියාවේ ඇබෝලගේ අතර සමාන වෙනස්කම්,
    බලන්න නහයේ හැඩේ, මුහුනේ ස්වභාවය, උඩුතොල, කෙස්, උස, කථාකරන නියම භාෂාව, ආගම, මේ මිනිස්සුන්ගේ ලිංගික චර්ය්‍යාවන්, මේ සියල්ල බොහෝ දුරට සමානයි. මගේ මතය නම් මේවැනි අය මානව පරිනාමයේම් යම් පහල අඩවියක් ඉන්න අය ඒ අය නූතන මිනිසාට 100% සමාන නැහැ. මේ අනුව ගත්තාම මූලිකම තර්කට්ය තමයි යක්කු අපේ ආදී වාසීන් කියන එක. හැබැයි මේ යක්කු අදටත් ඉන්නවා. ඒ අපි අත්‍ර මිශ්‍රවෙලා. ඔබා බලන්න අපේ ලාංකික සමාජය මූලික ස්වභාවය අනුව කොටස් තුනකට විතර බෙදන්න පුළුවන්
    1. හලාවත, මාතර, මහියන්ගනය, වගේ පලත්වල සිටින කළු කොට්ය දත් දිග අය. මම හිතන යක්කු මීයාල.
    2. රට මුහුදු බඩ ඉන්න තරමක් විශාල ශරීර ඇති මනා පෙනුමක් ඇති එළළු පැහැ අය නාගයන්,
    3. රට මැද සිටිනා පැහැපත් අය මේ බොහෝ දුරට දේව විය යුතුයි. හැබැයි මට ඒ ගැන සැක තිබෙනවා. මට හිතෙනවා මෙයාල නාගයන් විදේශිකයන් සමඟ මිශ්‍ර වීමෙන් ඇති වූ අයද කියලා. මොකද නාගයන් හොඳ මුහුදු යාත්‍රිකයන් නිසා. තවත් මේ අය නිතරම ජීවත් වෙන්න බලන්නේ උනුසුම අඩු පලාත්වල.
    4. දේව කියන්නේ උගත් පාලකයන් කියන එකයි මගේ මතය. ඒ කියන්නේ මේ ඔනෙම කෙනෙක්ට දේවයෙක් විය හැකියි.

    ඕනයා,
    අනේ මන්ද යක්කු කොක්කු කෝකත් එකයි.

    ලකී,
    යකා වැහුනම අමු යකෙක් තමා.

    තාරක,
    ඔව් ගම්පහ යකහටුව, යක්කල, වගෙඋඉ ප්‍රදේශ තියනවා. රටේ හැම තැනම තියනවා.

    පිසාචයා,
    ඔව් සහෝ අපි මේවා රැක ගමු. කවදා හරි අපේ දරුවොවත් මේවා හරියට සොයා බලයි.

    ගිම්හාණී,
    ඒක හරි, මඔන යකාත් යන තැනනේ.

    ප්‍රසන්න,
    ඇත්ත වගේම හරිම රසවත් නේද?

    ඉඳුනිල්,
    ඔව් ඔබ හරි.

    ඇනෝ,
    මට හිතා ගත්තෑකි ඔබ දෙන්න ඇති ඇට්ටි හැලෙන්න.

    පොඩි කුමාරිහාමි,
    මනු ඉන්නේ අවුරුදු 10,000 නෙමේ, 22000 - 30,000 විතර අතීතයේ. ලෝකයේ පලමු පාලකයා. ඔහුගේ පුතා තමයි. පොසොන් මස උපන් දිලිබ් කියන කුමරා. මනු ඔටුනු පැලැදි දිනය තමයි අදටත් අපේ අවුරුදු දිනය.

    ReplyDelete
  15. ඇත්තට වෙද මහත්තයො අපේ පුරානේ කියවනකොට ඔය යක්, නා , දේව කියන තුන් කට්ටුව තමයි ආදීවාසින් වියයුත්තේ..... ලංකාවේ ඉන්න වැද්දන් කුවෙනිගේ පරපුරෙන් බිහිවෙනව කියලනේ අතීතේ කියන්නේ...

    එතකොට වර්තමානයේ ලංකාවේ වැද්දන්ට වඩා අනේක් ජන කොඨ්ඨාශ යම්කිසි දියුනු ක්‍රම වෙදයන්ට හුරු වෙලා ඉන්න නිසා " සමාජිය ජන ජීවිතය" සහ වැද්දන් එවැනි ක්‍රම වෙද වලට සම්පුර්නයෙන්ම අනුවර්ථනය වෙලා නැතිනිසා ඔවුන් තවම ආදීකල්පිත ජනයන් ලෙස හදුන්වන්න පුලුවන් නේද...

    ReplyDelete
  16. යකෝ...... එහෙම බලාගෙන යද්දි වැද්දොත් මොක්කුද, යක්කු නෙව යක්කු...
    හැබැයි යකඩෝ මේ ලියමන වන්නියලෑ ඇත්තො දැක්කොත් එහෙම උන්දැට මළ යකා ආවේසවෙනව.. මේ මොන යකෙක් ලියාපු කෙංගෙඩියක්ද කියල කෙටේරියත් උරුක් කොරං වෙදගෙදර එන්නත් බැරි නෑ ඕං.

    ReplyDelete
  17. රාජ්,
    නැහැ රාජ් මම නම් හිතන්නේ ඔවුන් ආදි කල්පික නෙමේ මනුෂ්‍ය පරිණාමයේ ආදි පුරුකක්. හැබැයි හෝමෝ සේපියන්ස්ලාගේම අතුරු කොටසක් කියලයි. හෝමෝ සේපියන්ස්ල අතරත් අතුරු කොටස් ඉන්නවා. ඒ වගේ අය කියන එකයි මගේ මතය. ඔබ සෑහෙන දුරට මගේ මතය සමඟ කිට්ටුයි.

    නවම් මාවත,
    ඔය මහ වැද්ද අපි එක්ක ගේම ඉල්ලන්නේ අද ඊයේ නෙමෙයි. දැන් ටික කලක ඉඳලා. කොහොම හරි ඒක ටිකක් දිග කථාවක්. පසුව කියන්නම්. නීති ප්‍රශ්න තියනවා කියන්න බැරි.

    ReplyDelete
  18. යකෝ එතකොට මාත් යකෙක් ද ? මල කෙලියයි කිව්වලු මාත් මාතර. වෙන්ඩත් පුලුවං හැබැයි මොකද මාතර යන්තර මන්තර ගුරුකං වලට ප්‍රරසිද්ධ නිකං වෙන්ඩ බෑ නෙ ! කොහොමත් මාතර මිනිස්සු හොද වැඩකාරයො තමයි ඕනෙම කාර්මික වැඩක් යකඩ වැඩක් නියමෙට කරයි උපතින්ම ඒ හැකියාව තියනව නෙව.....

    ReplyDelete
  19. කුවේණි ගේ සහ විජයගේ දරුවොන්ගෙන් වැද්දෝ පැවතෙනවනම් ඒගොල්ලෝ ආදී වාසින් වෙන්නේ නෑ නේන්නම්! කතාව ඇත්ත තමයි බලන් යනකොට. (කුවේණි විජය කතාවේ ඇත්ත නැත්ත වෙනම සලකා බැලිය යුතුය)

    හී එතකොට මන් තුමිය නාගයෙක්‌!

    දැන් නම් හැබැයි අපි ඔක්කොම මිශ්‍ර වෙලා ඇත්තේ...මිශ්‍ර වෙන එකට මම නම් කැමතියි. එතකොට කුල මල ඔක්කොම බේද නැතිවෙනවනේ :)

    ආ තව ... මනු ඔටුනු පාලන දිනේද අපේ අවුරුදු? හැබැයි එදාටම තමයි දකුණු ඉන්දියාවේ දෙමළ අයටත් අවුරුදු...?

    ReplyDelete
  20. සමීර,
    මමත් මාතර. ඇත්තටම මම නම් දන්නවා මට තියන්නේ යක්ක ලකුණු.
    1. කොටයි.
    2. කළුයි.
    3. මහතයි.
    4. දත් ලොකුයි.
    5. කථාව ටිකක් සැරයි.
    මේවා යක්ක ලකුණු. මාත් එහෙමයි. ඒක මට නම් ආඩම්බරයක්. ඔබ ගැනත් මට සතුටුයි මාතර කොල්ලෙක්.


    අමා,
    අනේ අමෝ අපි ලංකාවේ මිනිස්සුන්ට කුල මල භේද තිබුන් නැහැ. අපේ ක්‍රමේ උගත්කම උඩ උසස් වීම තමයි. මම කලිනුත් කිව්වේ ඕනෙම කෙනෙක්ට උඩට යන්න පුළුවන් උගත්කම අනුව. හැබැයි මේක බිඳුනා 1500- 1400 විතර කාලෙ ඉඳලා. මේක වුනේ ඉන්දියානු ආභාෂය, ඒ ගැන ඉදිරියේදී ලියවෙයි.
    මිශ්‍රවීමේ වරදක් මමත් දකින් නැහැ.
    දකුනු ඉන්දියානුවෝ දෙමල නෙමෙයි. දෙමල කියන්නේ අවු 300- 400 විතර ඉතිහාසයක්. අපි ඒ ගැන කථාකල යුතුයි. නමුත් එයාල අපේ චාරිත්‍ර ගොඩක් අනුගමනය කරනවා. යුද්දෙ කාලේ මම මේකට නෙට් එකින් සෑහෙන ගේමක් දුන්නා. අපේ අවුරුද්ද දෙමල කියලා කැනඩා දෙමල කට්ටිය කරපු ප්‍රචාරයට විරුද්දව. නමුත් අද ඒ සටහන් මකලා. මා ගාව කොපි තියනවා පස්සේ දාන්නම්.

    ReplyDelete
  21. මටත් පොඩි කමෙන්ට් එකක් දන්නා හිතුන මොකද රාවන ගැන ලියල තිබුන නිසා. අමිලගේ බ්ලොග් එකේ තියනවා හොඳ ලිපියක් මේ ගැන. රාවන ගේ දඬුමොනරේ තාක්ෂනය ගැන මම හොයන නිසා. හොයාගතොත් සුද්දට හුලන්. එතකොට අපි යන්නේ හුලන් බලෙන්. (වේද යකා යකෙක් උනාට යක්කුන්ට බයයි )

    http://www.amiladgreat.blogspot.com/

    ReplyDelete
  22. චමින්ද,
    හෙහ් හෙහ් ..... මෙන්න යකෙක්, බුදු අම්මෝ මෙන්න යකෙක් නාකි යකෙක්(චමින්ද )

    රාවණාගේ අහස් යන්ත්‍රය යන්නේ සුලං බලෙන් නෙමේ, ඒකට ඕනෙ කරන්නේ රසදිය ඔය ගැන ගොඩක් දෙවල් තියනවා. රසදිය රික්තක බලය සමඟ යාන්ත්‍රක බලයක් ඇති කරනවා මේ තාක්ෂණය ඉතා වැදගත්. මම දන්න තරමට ඔය අභ්‍යවකාශ නැවතුම් මද්‍යස්ථානයක් රාවනාටත් තිබිලා තියනවා. ඒකෙ පාලකයා ඉන්ද්‍රජිත් රවණාගේ අතිජාත පුත්‍රයා. නමුත් ඔහුට රාමා එතනට යන්න දෙන්නේ නැහැ. වැරදි යු විදියට යුද්ධ කරලා යුධ අපරාධයක් කරනවා. බලත්දි අද වගේම තමයි එදාත් අවුරුදු 30 ගුටිකාපු එකාටමයි හැම කෙලියම. ඕවා ඔහොමතමයි. ඔහොම යන් ඔහොම යන්.
    අමිලගේ ලින්ක් එක ලබා දුන්නට ස්තුතියි.

    ReplyDelete
  23. "යකෙක් කන්න බඩ ගිනියි. මොන මල යකෙක් වැහිලද මන්දා " කියලා එක පැත්තකින් ඇහෙනකොට ඔය අපේ උඩරට පැත්තේ. මයෙ දෙයියා. කියලා කතා කරන විදිහක් ඇහෙනවා. වටිනා ලිපියක් වෙද මහත්තයෝ. රාවණා රජ්ජුරුවන්ගේ කාලේ ඉඳන්ම ආයුර්වේදයත් දියුණුව පැවතුනු බවක් මට ඇසී තිබෙනවා. තාන්ඩව සමය කියලත් ඇහුනා. මතක අඩුයි දැන් ඉස්සර කියවූ දේ ගැන. ඔය ආදි වාසී කතාව කෙසේ වෙතත් ඔවුන් වනය ආශ්‍රිතව ජීවත් වෙලා ඔවුන්ගේ අක්මුල් සිඳ ගත්තේ නැති බව මම පිළිගන්නවා. ශතවර්ශ ගණනාවක් තීස්සේ ටික ටික වෙනස් වෙන සමාජයේ රැල්ලට වෙනස් නොවී ඉන්නවනේ. විජයට කලින් ලංකාවේ රජවරු හිටියා. බොහොම දියුණු තාක්ෂණය භාවිතා කළ දියුනු ශිෂ්ටාචාරයක් අපට තිබුනා. මේ ගැන මතක්ක් කර අපට සිතන්නට කරුණු ලිව්වට බොහෝම ස්තූතියි.

    ReplyDelete
  24. මෙහෙමයි විජයට දාව කුවෙණිට දරුවන් දෙන්නෙක් හම්බුනා.එ තාමා ජිවහස්ථ,දිසාලා යන අය.. කුවෙණි යක්ෂ පාරම්පරාවට කල අවනම්බුව හා පාවාදිම නිසා "යක්දෙස්ගල" කුවෙනිගෙ දිව කාපා එක හාතුල් පහරකින් මරාදාමා..දරුවන් දෙන්නා සාමාජයට වැද්ද ගන්නැතුව පිටමන් කලා... ඔවුනගෙන් තාමා වැදි ජානයා බිහිවුනෙ..

    එමෙන් වැදි ජනයා අපෙ අදිවාසින් නෙමෙ..

    ReplyDelete