Wednesday, May 18, 2011

ආයුර්වේද සරණ ගියෙමි.!!!!!!!!!!!!!

වෙසක් ලිපිය හෙට විතර දානවා. මේක අදම දාන්න ඕනෙ මම වඩාත් කැමති ආයුර්වේදය ගැන හොද සංවාදයක් කරන්න.

කීපදෙනෙක්ම මට ආයූර්වේද ලිපි ලියන්න කියලා ඉල්ලීම කරලා තිබුනා. මම මේ බ්ලොග් එක පටන් ගන්න ආසන්නම හේතුව වුනෙත් ඒක තමයි. මොකද අද ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට ගොඩක් ලොකු ඉල්ලුමක් තියෙනවා. නමුත් මට සැකයක් තියෙනවා ඒ ඉල්ලුමට සරිලන ලෙස සේවය සැලසීමට අපි සූදානම්ද කියලා..........

මම මුලින්ම කියන්නම් මම මේ විද්‍යාව හැදෑරීමට යොමුවුනු හැටි. මම කලිනුත් කියලා තියනවා ගොඩක් වත් පොහොසත් කම් තිබුනු පවුලක කෙනෙක් නෙමෙයි. හැබැයි මම ගොඩක් ඉගෙනීමට බැදුනු කෙනෙක්. ඉතින් මගේ පළවෙනි උසස් පෙල ප්‍රතිඵල අනුව මට කැම්පස් යන්න අමාරු වුනා. දෙවනි පාර මාව තේරුනා විද්‍යාව උපාධියට. ඉතින් මේ කියන්නේ 1987 පමන කාලේ. ඒත් මට ඕනෙ වුනේ වෛද්‍ය විද්‍යාව කරන්න මේ කාලෙ මම දැක්කා පත්තරේ තියනවා ආයුර්වේදයට සිසුන් ගන්න දැන්වීමක්. ඒ කාලෙ සිසුන් ගත්තේ ප්‍රතිපාදන කොමිසම වෙනම සම්මුඛ පරීක්ෂණ තියලා. මම දැම්මා අයදුම් පත්‍රයක් ඒකට මට එනවා පිලිතුරු ලිපියක් සම්මුඛ පරීක්ෂණයට කැදවලා. ඒ සැරේ මම ගියා ඒකට. එතනින් මාව තේරුනා. මම මගේ විද්‍යා උපාධිය අත්හැරලා දාලා ආයුර්වේදයට යන්න තීරනය කලා. හැබැයි කවුරුත් ඒක අනුමත කලේ නැහැ. ඒත් මගේ තනි කැමැත්තට මම තීරනය කලා ආයුර්වේදය ඉගෙන ගන්න. ඒ වෙනකොට අපේ පරම්පරාවෙ කෙනෙක්වත් ආයුර්වේදය කරලා නැහැ. මේ වෙනකොටත් මම විද්‍යාව උපාධියට ඉගෙන ගන්නවා. නමුත් මට ලොකු විශ්වාසයක් තිබුනා ආයුර්වේදෙට ගියොත් මම දිනන වගට. ඉතිං දැන් හෙන කට්ටක් කාගෙන මම මේ දෙකම ඇද්දා ටික කාලයක්. කොහොම හරි ඒ විස්තර මම කියන්නම් මගේ විශ්ව විද්‍යාල ජීවිතේ ගැන කියන වෙලාවක………….

දැන් මට ඕනෙ කරන්නේ මොකක්ද මේ ආයුර්වේදෙ කියන්නේ කියලා කෙටි හැදින්වීමක් කරන්න
.
මුලින්ම කියන්නම් ආයුර්වේදෙ කියන්නේ පැරණි බ්‍රාහ්මන සමාජයේ තිබුනු වේදය කියන විෂය ක්ෂ්‍රේත්‍ර වලින් එකක්, පැරණි වේදය කොටස් හතරකට බෙදල තියනවා.
1. සෘග් වේදය
2. යජුර් වේදය
3. සාම වේදය
4. අථර්වන් වේදය
ඉදිරියේදී විස්තර ඇතුව මේ වේදය ගැන කථා කරමු. මේ චතුර් වේදයෙන් අථර්ව වේදය තමයි ආයුර්වේදයට මූල බීජ ඇති කරන්නේ.
ආයුර්වේදයේ මූල ධර්ම වලට මේ වේදයේ දෙවල් එකතු වෙලා තියනවා. ඒ කාලේ තිබුනු ආගම් විදියට දියුනු වුනු දාර්ශනික විෂයන්ද මේකට සම්බන්ධ වෙලා තියනවා. පදාර්ථ විඤ්ඤානය වගේ විෂයන් මේහි මූලික සිද්ධාන්ත නිර්මාණය කරලා තියනවා. කොහොමත් ආයුර්වේදය අදටත් ගත්තම දාර්ශනික ප්‍රවේශයක් තියෙන බව පෙනෙනවා.
ආයුර්වේදයට අනුව ගත්තම මේ ලෝකෙ නිර්මාණ්ය වේලා තියන්නේ පංචභූත වලින්,
1. පඨවි (පෘත්වි, ඝන බව )
2. තේජෝ ( උනුසුම )
3.ආපෝ (සිසිල් බව, එක් වීමේ ගුණය )
4. වායු ( වාතය, චලනය වීමේ ගුණය හෙවත් ජංඝම ශීලී බව )
5. අවකාශ (ආකාස භූතය හෙවත් හිස් බව ) (මේක ටිකක් විශේෂ ගුණයක් මොකද බුදුන් වහන්සේ තම ධර්මයේදී අනෙක් භූත හතර භූත රූප ලෙස විස්තර කලත් මේ භූතය විස්තර කරන් නැහැ.)
මම නම් මේ භූත ගුන ගැන දරන්නේ වෙනම මතයක්. මට හිතෙන්නේ මේව අපි හිතන විදිහේ දේවල් නෙමෙයි. මේ එකක්වත් අපිට ස්පර්ශ කරන්න, ගනනය කරන්න බැහැ. හැබැයි මේවා අපිට විදින්න පුළුවන් ඒ කියන්නේ මේවා ද්‍රව්‍ය කියන තත්වයට වඩා ද්‍රව්‍යම ශක්තීන් කියලා කිව්වොත් වඩා නිවැරදියි. කියන එකයි මගේ මතය. අපේ විද්‍යාවන්ට අනුව කාලය පවා ද්‍රව්‍යයක් විදියට තමා සලකන්නේ. මතක තියා ගන්න බටහිර ලෝකේ අද වෙනකොට කාලය ගැන අපේ පැරන්නෝ හිතපු දේවල් නිවැරදි බව පිළිගන්නවා. අද මම කියන්න යන ඊලඟ දේ තමයි ත්‍රිදෝෂය හෙවත් තිදොස, මේකට අයිති වෙනවා ගුණයන් තුනක්
1. වාතය
2. පිත
3. සෙම
යන කාරණා තුන. මේවාත් නිර්මානය වෙලා තියන්නේ පංච භූත වලින්. මේ තමයි ශරීරය නැත්නම් ජීවය නිර්මානයට දායක වෙන ප්‍රධානම අංග වෙන්නේ. මේකෙම තියනවා තව විශ්වය නිර්මානය වෙන්න දායක් වුනු තිදොසක් ඒක මේ වාගේ නෙමෙයි. එතනදී අපි බලන්නේ ගොඩක් ද්‍රව්‍ය පැත්තට බර වෙලා. ඒක ගොඩක් භෞතිකයි. ශක්තියක්ම කියන්න බැහැ. එතනදි පංචභූත වාගේ නෙමෙයි.මේකෙන් පැහැදිලි වෙනවා ආයුර්වේදයේදී පිළිගන්නේ ශක්ති ද්‍රව්‍යන් එකතු වීමෙන් භෞතික ද්‍රව්‍යයන් සෑදෙන බව කියලා.
ත්‍රිදෝශය ප්‍රධාන කොටස් දෙකයි.
1. ලෝකයේ ජීවය ඇති කරන්න දායක වුනු (මේක තමයි ද්‍රව්‍ය පැත්තට වඩා ශක්ති පැත්තට බර ) සහ
2. විශ්ව නිර්මානයට දායක් වුනු (ද්‍රව්‍ය පැත්තට බර )
(මේ පංචභූත සහ ත්‍රිදෝෂය ගැන නවීන විද්‍යාව ඇසුරින් සහ පුරාණ දර්ශනයන් ඇසුරින් ලිපියක් ඉදිරියේදී ලියන්න හිතන් ඉන්නේ.)

මෙතන තමයි මට කියන්න ඕනෙ කරන දේ තියන්නේ. ආයුර්වේදයට පහුගිය කාලෙ ආව චෝදනා බොහෝමයකට හේතු වුනේ මේ කාරනාව හරියට ආයුර්වේද වෛද්‍යවරුවත් තේරුම් ගත්තේ නැහැ. ඒ නිසා ප්‍රති විරුද්ධව ආපු බොහෝ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරුව ගියා මේකෙන් වුනේ ආයුර්වේදය බොරු කියලා උපකල්පනයක් හැදිලා ඒක තහවුරු වුන එකයි.
හැබැයි එකක් මතක තියා ගන්න ඕනෙ මේ සියළු ප්‍රශන් නිර්මාණය කලේ කීප දෙනෙක්,

1. භාෂා පරිවර්ථකයෝ - මේ අය 1950 ගනන් වලදි විද්‍යාව සිංහලෙන් උගන්නන්න කියලා විද්‍යාව වචන සිංහලෙන් කියනකොට පාවිච්චි කලේ ආයුර්වේද වචන හැබැයි මේවා යෙදුවේ නියම අර්ථයෙන්වත් නියම තැනකවත් නෙමේ.කාලයක් යනකොට මේවා සමාජගත වුනා. ආයුර්වේද නියම අර්ථ යට ගියා. වැරද්දල දුන්න තේරුම් නියම එකට වඩා ලිඛිතව මුද්‍රිතව ස්ථාපිත වුනා. මේවාට අභියෝග කරන්න ආයුර්වේද වෛද්‍යවරයා ලෑස්ති වුනේ නැහැ. ඒත් මම නම් ඕනෙම අභියෝගෙකට ලෑස්තියි. මේ ලියන දේවල වගකීම මම දරනවා.

2. රට නිදහස් වුන අවධියේ සහ මේ වෙනකම් හිටපු සියළුම රජයන් - අපේ රට නිදහස් වුනේ නාමික දේශපාලනයෙන් විතරයි. අපේ අද්‍යාපනය තාම යටත් විජිත යුගයේ නේද ? ලෝකයේ තියෙන ඉහලම තාක්ෂනය අපේ ලමයින්ට උගන්නනවද? අපි උගන්නන මාධ්‍යය වෙනස් කලා විතරයි. ඒකෙන් වුනේ අපිට ලෝකෙට යන්න තිබුනු අවස්ථාව නැති වුනා. අපේ රටේ දෙවල් අපේ විද්යාව වගේ දේවල් මේ අධ්‍යාපනයට එකතු වුනේ නැහැ. ඒ නිසා අදටත් අපි ඉගෙන ගන්නේ යටත් විජිත යුගයේ දේවල් විතරයි.

3. බෙහෙත් කොම්පැණි - තම වෙලද ව්‍යාපාර සදහා ඕනෙම ජරා වැඩක් කරන මේ ආයථන තම ගොදුරු බිමක් බවට ලංකාව හරවගන්න ලොකු උත්සාහයක් යෙදුනා. ඔවුන්ට තිබ්බ ලොකුම බාධාව වුනු මේ රටේ වසර දහස් ගනනක් පැලපදියම් වූ ආයුර්වේද ක්‍රමය නැති කරලා දාන්න මේ අය ඕනෙම මිලක් ගෙවන්න අදටත් ලැහැස්තියි. මේ ආයථනවල මුදල් බලය ඉදිරියේ අපේ රටේ හිටපු දුප්පත් ආයුර්වේද වෛද්‍යවරු මොනවා කරන්නද?

4. අපව යටත් විජිතයක් විදියට පාලනය කල ඉංග්‍රීසීන් - මොවුන් බටහිර ජාතීන්ගෙන් වෙනස් වෙන්නේ, ලෝකයේ ඉන්න එකම සභ්‍යත්ව ජාතිය තමන් කියන ලොකු මානසික මුලාවකට යටත් වෙලා හිටපු නිසා. මෙයාලට ඕනෙ කලා ලෝකය එංගලන්තය වගේ කරන්න. ඔබ දන්නවා ඇති ඔවුන් අපේ ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ දෙශීය වෙදකම, බුද්ධාගම, අපේ කර්මාන්ත, අපේ සංස්කෘතිය වගේ දෙවලට කල හානිය.

5. ආයුර්වේද වෛද්‍යවරුන්- තමන් ඉගෙනගත් කර්මාන්තය ක්‍රියාවට නගන්නැතුව අනුන්ගේ බේත් තමන්ගේ වගේ පාවිච්චි කල තවත් එසේම කරන වෛද්‍ය ප්‍රතිරූපකයන් ඉතා බහුලව අදටත් සිටිනවා. ඔවුන් තමන්ගේ බඩ රස්සාව වෙනුවෙන් තමන්ගේ ආත්මයත් අනිත් වෛද්‍යවරුන්ගේ ආත්ම ගෞරවයත් විනාශ කරමින් සිටිනවා. මේ අය අද දුලභ වුවත්, අපි මේ වෘත්තියට එන යුගයේ එසේ කිරීම සාධාරනීය කරනය කිරීම තම අයිතියක් ලෙසත් සැලකුවා. වාසනාවට අපි කල සටන අද යම් තරමකට ඵලදරා තියෙනවා. මේ පිරිස ඉතාම අඩු වී තියෙනවා. එපමනක් නොව අද එසේ කිරීම නිගාවට කාරනයක් බවටත් හැරිලා.

6. ආයුර්වේද ආයතනවල ඉහල නිලධාරීන් - මම මේ අයගෙන් බැටකන පුද්ගලයෙක්. කොහොම වුනත් මේ බ්ලොග් සටහන් අනුව මාව සොයා ගැනීම ඉතාමත් පහසු දෙයක්. ඒත් මම මේ හිස් මිනිස්සුන්ට බය නැහැ. මගේ හැකියාවන් මට විශ්වාසයි. ඒවා නැති කරන්න මොවුන්ට බැහැ. මේ අය අර කලින් කියපු අය එසේ වෙනත් ධාරාවක බෙහෙත් පාවිච්චි කිරීම අවනම්බුවක් බවට පත් වෙත්දී මොවුන් තමන් උපයාගත් ධනයත් තමන්ගේ දේශපාලන ගැතිකමත් මගින් ආයුර්වේද ආයතනවල ඉහල තනතුරු වලට රිංගා ගත්තා. එසේ හිදිමින් දැන් වෙනත් ක්‍රමවලින් පහර දෙමින් මේ රටේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තම පරවේණී බූදලයක් කර ගනිමින් සිටිනවා.

7. වෙලෙන්දෝ - ඕනෙම දෙයක් විකුනන්න බලන් ඉන්න වෙලද සමාජයට ආයුර්වේදෙ දියුණුව හොද කේජු කෑල්ලක් වුනා. නොයෙක් රසායනික බෙහෙත් වලින් තැම්බිලා හිටපු බටහිර ජනතාවට බොරු දෙයක් පෙන්නලා හර්බල් කියන සුලභ වචනේ යොදලා මෙයාල දුන්නේ නියම ආයුර්වේදයද කියන ගැටළුව මට තියනවා. ආයුර්වේදෙ වර්ථමානයේදී දියුණුයි කියන ලෙබලේ ගහ ගත්තේ ඒකට නිසි විදියටවත්, නිසි දවසෙවත් නෙමේ කියන එකයි මගේ අදහස. මම මේ කියන දේ ගැන සම්පූර්න වගකීම මම දරනවා.
මෙන්න මේ කියූ සියළු ව්‍යසනයන් වලින් ආයුර්වේදය විනාශ වුනා. තව දුරටත් විනාශ වෙනවා. ඒත් එහි තිබෙන හැකියාවන් විනාශ වී නැහැ. මේ සටහන මෙතනින් නවතින් නැහැ. තව දුරට මේ ගැන කථා කල යුතුයි. මගේ යුතුකම වගකීම ඒකයි.
මම ඉදිරියේදී කථා කරන්න බලාපොරොත්තු වෙනවා,
1. අවංකවම ආයුර්වේදයේ හැකියාවන් වගේම නොහැකියාවන් ගැන.
2. ආයුර්වේදයේ දාරශනික පදනම ගැන.
3. අපිට ආයුර්වේදය තුලින් ලෝකයට දිය හැකි දේ ගැන.
4. අපි රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය බවට ආයුර්වේදය පත් කරන්නේ කොහොමද කියන මගේ සැලැස්ම.
5. ආයුර්වේදය සහ බටහිර විද්‍ය ක්‍රමයේ ඇති සමානකම් හා වෙනස්කම් ගැන.
6. ඒ ඒ අවස්ථාවලදී පැන නඟින ගැටළු අනුව ඒවාට ආයුර්වේදයෙන් දිය් හැකි පිලිතුරු ගැන.
මේ මූලික කරුනුත් ඔබට අවශ්‍ය ඕනෑම මාතෘකාවනුත් ගැන මම කථා කරන්නම්.

හැබැයි අදට මෙපමනයි……………

6 comments:

  1. මෝදකයක් වගේ ලිපියක්... බොහෝ වටිනව.. එතකොට වෙද මහත්තයො.. සිංහල බෙහෙත් කියන්නෙ මොන්වැයි.. දිගටම ලියන්න.. හොරු වංචාකාරයො එලි කරන එක ඉතා වැදගත්....

    ReplyDelete
  2. ඉතාම හොද ලිපියක්.මමත් අහල තියෙනවා ආයුර්වේද ආයතන වල ඉහළ නිලධාරීන්ගේ ක්‍රියා නිසා නියම ආයුර්වේද වෛද්‍යවරුන්ට අසාධාරණකම් වෙනවා කියලා.බෙහෙත් කවලම් කරපු කෙනෙක්ට සල්ලි වලට ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකත්වය සහතික ලබාදුන් අවස්ථා තියෙනවා.බෙහෙත් කොම්පැනි වෙළෙන්දො වගේම නරක ආයුර්වේද වෛද්‍යවරුන්(ඔබ කීවා වගේ අනුන්ගේ බේත් තමන්ගෙ ඒවා වගේ පෙන්වන) නිසා ආයුර්වේදයට අයහපත් බලපෑම් ඇතිවන බවත් ලියපු එකත් හොදයි.අපි ඒ ගැන වැඩිය දැනන් හිටියේ නැහැ.ආයුර්වේදය වගේම ලංකාවේ බටහිර වෛද්‍යවරුන්ගෙත් තත්ත්වය බාල වෙලා වගේ.පිටරට වෛද්‍ය උපාධිය ලබාගෙන එන අයට මූලික සුදුසුකම් වත් නැහැ කියල කියන්නේ. පල්ලෙහා තියෙන ලක්බිම කලාපයේ මුල් පිටුවෙ රතු අකුරින් ටයිටල් ලයින් එක තියෙන ලිපිය බලන්න.
    http://www.lakbima.lk/archive/last_05_09_10/index.htm!

    ReplyDelete
  3. සිංහල වෙදකම කියන්නේ අපේ රටේ ඉතා ඈත අතීතයේ සිට රාවනා යුගයටත් එහාට ගිය වෙදකමට අපි හෙල වෙදකම කියන්නෙත් මේකටම තමයි. තව තියනවා යුනානි වෙදකම මේක අරාබි දේශීය වෙදකම, ලෝකෙ හැම රටටම තියනවා ඒ ඒ රටට උරුම වුනු දේශීය වෙදමකම් මේවා බටහිර වෙදකම නිසා ඔවුන්ගේ උපක්‍රමශීලී අක්‍රමනකාරී වැඩ පිලිවෙල නිසා යටප්ත් කරලා තියන්නේ
    ඒ නිසයි. ඉතිං දැ මේ ආයුර්වේද ක්‍රමය සහ අපේ දේශීය වෙදකම කියන දෙකම තියන්නේ ඔබ අප අතේ අපි මේවා මේ පුස්සන්ගෙන් රැකගමු. අපේ දරුවෝ මේවා නියම තැනට ගෙනියයි. ඔබට ස්තිතියි.

    ReplyDelete
  4. ආයුර්වේදය සහ බෞද්ධ සංකල්ප විද්‍යාත්මකව භාවිතා අපේ පාරම්පාරික දැනුම් පද්ධතිය පෝෂණය කර ගැනීම ඔබගේ
    සංකලපයයි.ඒ පිලබඳව ඔබ ඉතාමත් සාර්ථක හඳුන්වා දීමක්
    කරල තියෙනවා.

    කම්මැලිකමක් නැතිව කියවිය හැකි ලිපියක්.ස්තූතියි ඔබට.

    6. ඒ ඒ අවස්ථාවලදී පැන නඟින ගැටළු අනුව ඒවාට ආයුර්වේදයෙන් දිය් හැකි පිලිතුරු ගැන


    ඉහත මාතෘකාව යටතේ මටද ගැටලුවක් ඇති බැවින් දැන ගැනීම සඳහා ඉදරිපත් කරමි.
    බටහිර වෛදය පුතිකර්ම වලදී පුතිජීවක ඖෂඬ භාවිතා කරන බව අප දන්නා කරුනක්. එමගින් ඉක්මන් සුවයක් අපට ලැබෙනවා(තාවකාලිකව භෝ)

    ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේද එවැනි ඖෂඬ භාවිතා කරනවාද යනු
    මගේ ගැටලුවයි.(සමාවන්න මෝඞ පුශ්නයක්ද කියා මා ඇසුවේ)

    ඔබට ඡය!!

    ReplyDelete
  5. ජ්‍යෝතිෂ ලංකා
    ඔබට ගොඩක් ස්තුතියි. මේ පල් හොරුන් මම එලි කරන්නම්. අපි හැම විටම පිටත සිටිනා සතුරා ගැන දැනුවත් ඒත් ගෙදර සිටිනා සතුරා පේනවා අඩුයි. මට මතකයි අපි ලෑස්ති වුනා ජ්‍යෝතිෂය විශ්ව විද්‍යාල විෂයක් කරන්න ඒත් මේ කැනහිලුන් ඒකට අපිට ඉඩ දුන් නැහැ. අපි පරදින් නැහැ. කවදා හරි දිනනවා.

    ගිම්හානි, ඔබට ස්තුතියි. ඔබගේ ප්‍රශ්නය ඉතා වැදගත් ප්‍රශ්නයක් ඒත් මම ඒකට වෙනම පෝස්ට් එකකින් පිලිතුරු දෙන්නම්. මම අමතක කලොත් මට මතක් කරන්න. අනිවාර්යයෙන්ම පිලිතුරු දෙනවා.

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම මා ඔබතුමාට මතක් කරනවා මට තවවෙනතුරු
    එයට පිලිතුරු පුවත්පතකින්වත් සොයා ගැනීමට නොහැකි වූ නිසා..
    ස්තූතියි

    ReplyDelete