Tuesday, September 18, 2012

මහවෙදනාගේ වතගොත


දෙමසකට ත් ටිකක් වැඩි නිහැඬියාවකින් පසු බොහෝ දේ ලිවීමට තිබේ. ඒ සියල්ල මෙහි කීමට හැකියාව ක් නැත ත්, කියන්නට හැකි දේ පමණ ක් මතකයේ හැටියට කැටි කොට  මෙසේ ලියමි.



ඒ 1986/ 1987 වසරයි.  උසස් පෙළ විභාගයෙන් පසු ජීවිතය ගැන බොහෝ ගැඹුරින් සිතන්න ට පෙළඹවීම ක් නොතිබුනත්, මා යායුතු අත මවිසින් කලින් ම තෝරගෙන සිටියෙමි.



රටේ තැන තැන ඇවිලෙන ගිනිය, ටයර් සෑ මෙන්ම ධර්ම චක්‍ර ද, එදිනෙදා භාවිතා වන වදන් බවට පත් වී ඇත.   උතුර මෙන්ම දකුණ ද ගිනි ගන්නා බවක පැහැදිලි සේයාවන් පෙනෙන්නට තිබිණි. නමුත් අපි බොහෝ අවස්ථාවල රාත්‍රී සාකච්ඡා වලට සහභාගී වීමු. ඒ මගේ නිවසේත් මිතුරන්ගේ නිවාස වලදීත් ය. එන පොට නරකට බව දැනගත් මිතුරන් කොටසක් අප කෙරෙන් දුරස් වීය.



පුරා වසර දෙකකට මඳක් අඩු කාලයක් කෙළි හැංගිමුත්තන් සෙල්ලම අහවර වන බව මටද පසක් වන්නට විය.  බොහෝ ප්‍රබලයන් ලොව හැර ගොසිනි. තවත් කුමන විප්ලවද?



ක්‍රමයෙන් විශ්වවිද්‍යාල ඇරඹෙමින් තිබිණි. මාද පැරණි සඟයන් සොයා ගියෙමි. අප අතර සිටි සමහර සොයුරෙක් අප අතැර ගොසිනි. ජීවිතයෙන්ම අතැර ගොසිනි. ඒ ඇති වූ කලකිරීම අද ද මසිත පෙළයි.



කෙසේ හෝ වසර 5 කාලයකින් නිම විය යුතු අපේ වෛද්‍ය අධ්‍යාපනය ඒ වන විටත් වසර කීපයකින් පසු පසට තල්ලු වී තිබිණි. තවත් වසර දෙකක් පමණ කාලයක් වැඩිපුරත් ගෙවමින් පස් වසරක අධ්‍යාපන කාලය වසර අටකින් නිම කරමින් අපි 1996 දී වෛද්‍යවරුන් ලෙස සමාජයට පා තැබීමු.



එතැන් සිට මට සිදු වූයේ යම් මූල්‍යමය ස්ථාවරයකුත්, වෛද්‍යවරයෙක් ලෙස සමාජමය ස්ථාවරයකු ත් ගොඩනඟා ගැනීමටයි. 2000 වසරේ මගේ දියණිය උපදින විට මා ඒ සඳහා යම් යම් ව්‍යාපෘතීන් දියත් කර තිබුණ ද දියණියගේ අසනීප තත්ත්වය නිසා ඒ සියල්ල විනාශ වී ගිය අයුරු මවිසින් ඔබට මීට පෙර කියා ඇත.



2001 වසරේ දී සියල්ල අලුතින් අරබා ඉතාමත් කෙටි කලකින් විශාල ආර්ථික දියුණුවක් ලබා ගැනීමට මට හැකි විය. යම් දියුණු තත්ත්වයක් ලබා ගැනීමත් සමඟ සියල්ල මගේ ප්‍රිය බිරිද වෙත පවරා දුනිමි. දැන් මම සියල්ලෙන් නිදහස් මිනිසෙක්මි. ඉතා ආශාවෙන් පැතූ මගේ උසස් අධ්‍යාපන කටයුතු ඒ වන විටත් බොහෝ ප්‍රමාද වී තිබිණි.  මගේ ඉලක්කය එයයි. 2003 වසරේදී මම නැවතත් උසස් අධ්‍යාපන කටයුතු ඇරබීමි. ඒ සදහා මට පැමිණිබාධක ද මම ඔබට කියා ඇත.



මගේ උපන් දිනය ද යෙදී තිබූ පසුගිය අගෝස්තු මස මම ආචාර්‍ය්‍ය උපාධියට සුදුසුකම් ලදිමි.



මගේ දෙමාපියන් මට ලබා දුන් නම රෝහණ ප්‍රියසුසන්තයි. මගේ පියාගෙන් මවෙත ලද නම රණසිංහ ආරච්චි යන්නයි. මේ දෙකම එකතු කර මම දැන් නම ලෙස භාවිතා කරන්නේ රණසිංහ ආරච්චිගේ රෝහණ ප්‍රිය සුසන්ත යන්නයි. මගේ මුල් ගම මාතරට ත් එහා ඈත රුහුණ වුවත් මගේ පියා ගේ හිතුවක්කාරකම් නිසා මා උපන්නේ කොළඹයි. හැදී වැඩුණේ වත්තලයි. මගේ මුල්ම පාසැල වන්නේ මාවරමණ්ඩිය දරණාගම මහා විද්‍යාලයයි. මගේ ප්‍රියතම බ්ලොග් කරුවකු වන හසිත ගුරුසිංහයන්ගේ මුල්ගම් පියස මගේ ද මුල් කාලය ගෙවුණු බිමයි.



ද මා ඉතා සාර්ථක වුවත් මේ සාර්ථකත්වය පිටුපස මට දිරිය දුන් දෙතුන් දෙනෙක් ඇත. ඒ මගේ මව, මගේ බිරිඳ සහ බිරිඳගේ මවයි. ඇයත් මට දෙවනි මව් කෙනෙකි.



මේ සටහන මෙහි තබන්නේ බ්ලොග් ලෝකයේදී යමෙක් මට කරන ලද අභියෝගයක් නිසායි. මේ මගේ නියම වත ගොතයි. දැනට මම වාසය කරන්නේ නුගේගොඩ නගරයේ ය. යමෙක්ට මා මුණ ගැසීමට ඉතාම පහසු තැනක මම වාසය කරමි.



ඔන්න මහවෙදනා යන නමින් මා මෙතක් කලක් ඔබ හමුවට ආවත් දැන් මගේ නියම වත ගොත ඔබ හමුවේ ඇත. ඒත් මහවෙදනා ලෙසින්ම දිගටම සිටීමට මම කැමැත්තෙමි.



මගේ ඇමරිකානු සංචාරය හා මගේ බ්ලොග් මිතුරන් ගැන යම් සටහනක් මේ සතියේම තබමි. ඒ අතරම මා ඉතා ආශාවෙන් සිටි තවත් ජයග්‍රහණයක් අද දින මට ලැබිණි. එනම් බටහිර රටක විශ්වවිද්‍යාලයක් හා මා සහයෝගී (Collaboration Research)  පර්යේෂණයක් කිරීමයි. ස්වීඩනයේ ප්‍රමුඛ විශ්වවිද්‍යාල ආයතනයක් ඒ සදහා සිය කැමැත්ත අද මට ඊයක් මගින් දැනුම් දුන්නාය.



මා නැඟි කන්ද අහවර වී ඇති බව මට දැන් දැන් පසක් වේ.



කෙදිනක හෝ මා මිය යන්නේ රටට බරක් නැති නිදහස් මිනිසෙකු ලෙස බැව් නම් මට හොදටම විශ්වාසය.



ප/ලි.



මා හදුනන බ්ලොග් කරුවෝ කීප දෙනෙක් සිටිති. ඒ සියල්ලන් ගැන මම ඊලඟ ලිපියෙන් කියමි. නමුත් ඉතා ඈත දුරු රටකදී සිංහල බ්ලොග් කාරියක වන අරුණි අක්කා මවෙත දක්වන ලද අනුග්‍රහය ඇත්තෙන්ම මට මහමෙරකි. අක්කේ ඔබ වැන්නන් මේ රට හැර ගොස් සිටීම අපේ අවාසනාවකි. පුරා පැය තුනක් ගතවන අධික දුරක්, කාලයක් ධනයක් වැය කරමින් අප බලන්නට මවක් මෙන් ඔබ පැමිණියාය. ඔබට හිස නමා ආචාර කරමි. මට ඔබ වෙත දෙන්නට ඇත්තේ එපමණකි.


ප/ප/ලි.
ලොකු ජෝන්ගේ අනුග්‍රහයෙන් බ්ලොගය නැවත සකස් කලෙමි. ඔඅබට මගේ ස්තුතිය. ගිම්හාණිටත් බොහෝම ස්තුතියි දුන්නු උපදෙස් වලට.


110 comments:

  1. ඇමෙරිකන් ගමන ගැන කතාව එනකම් අපි බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අවතාර් ඒක නෙමේ මේ නම ගත්තෙ ඇයි?
      පොඩි කතාවක් කියන්නම් ඇවටර් කියන එකේ තේරුම මොකක්ද? අර ෆිල්ම් එකකුත් ආවේ. ඕක හරියටම කියන්න නම් අපේ වර්ගපූර්ණිකාව ලියන ජයසේන ගොයියම අල්ල ගන්න ඕනෙ නෙවද?

      ඊලඟ කොටස සංචාරේ ගැන හෙග්.....

      Delete
    2. අවතාර් යනුත් රාවණ රජතුමා විසින් හදන ලද හෙළ නමකි. අරිසෙන් අහුබුදුවන්ගේ මගෙහි යමින් එහි පද නිරුක්තිය බලමු.
      අ=අමුඩය පිටින්
      ව=වකු‍ටු වී
      තාර්=තාර ගා ගැනීම

      "අමුඩය පිටින් වකු‍ටු වී තාර ගා ගැනීම" යනු පශ්චාත් ප්‍රදේශයේ තාර ගා ගන්න එකයි. අතීත හෙළයින් අතීසාරය සඳහා මෙම ප්‍රතිකර්මය සිදුකර ඇත.

      ලෝකයේ දක්ෂතම වෛද්‍යවරයා ලෙස සැලකුණු ශ්‍රී රාවණ රජතුමා, අතීසාරයට ඖෂධ යෙදූ අමුඩ හඳුන්වා දුන්නේය. පසුව අමුඩය පිටින්ම වකු‍ටු වී පස්ස පැත්තේ තාර ගා ගත් හෙළුවෝ අතීසාරය නිට්ටාවටම සනීප කරගෙන ඇත.

      එදා සිට "අතීසාරයට අමුඩය ගැසීම" හෙළයින් අතර ජනප්‍රිය වූ අතර ශ්‍රී රාවණ රජතුමා තමාගේ එම ප්‍රතිකර්මය "අවතාර්" ලෙස කෙටියෙන් හැඳින්වුවේය.

      Delete
  2. ජයෙන්...ජය...!!!

    ආයෙත් ලියමු.

    ReplyDelete
    Replies
    1. ලියමු සුමිත්. ඔබ ලියන ලිපි නිසා මගේ මේ ලිපියේ මුල් කොටස ගැන පැහැදිලි ඇති කට්ටියට.

      Delete
  3. ඔබ කියන්නට උත්සාහ කරන දේ වචන වලට පෙරලෙන්නේ නැති වුනත් හදට දැනුනි. මා හිතුවේ මට යම් අතපහුවීමකින් ඔබේ බ්ලොග් එකට ගොඩ වන්නට නොහැකි වුව යන්නයි. කෙසේ හෝ ඔබ පැමිණ ඇත. එය අපට සතුටකි. ඔබ ලබා තිබෙන ප්‍රගතියට අපගේ සුබ පැතුම්.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. දැනට නම් ලංකාව හැර යන්නේ නැහැ. ඒත් ඉදිරියේදී කියන්න බැහැ. දැනටත් ඇති ආරාධනා නම් බොහෝමයි.

      Delete
  4. //මේ සටහන මෙහි තබන්නේ බ්ලොග් ලෝකයේදී යමෙක් මට කරන ලද අභියෝගයක් නිසායි.//

    අපට හැමදාම මහ වෙදනා. අපි අගය කරන්නේ ඔබේ සටහන්. ඔබ අප හා බෙදා ගන්නේ ඔබට කැමති දේවල්. ඔබේ කැමැත්තෙන් හැර අනිකෙකුගේ අභියෝගයක් වෙනුවෙන් ඔබේ තොරතුරු එලියට දැමීමේ අවශ්‍යතාවයක් මා නම් දකින්නේ නෑ. එය කල යුත්තේ ඔබට අවශ්‍ය නම් පමණයි.

    ඔබ කිරීමට යන පර්යේෂණ සඳහා මගේ සුබ පැතුම්.

    අරුණි අක්කා හොඳ කෙනෙක් බව ඈ ලියන දේවල්වලින්ම පෙනෙනවා නේද? දිරිය නැති කෙනෙකුට ඒ වගේ ලියන්ට කවදාවත් බැහැ. එවැන්නියක් මුන ගැසීම ඔබේ වාසනාවක්. පොඩ්ඩිටත් දිනෙක ඒ වාසනාව ලැබේවා කියා හිතනවා.

    ReplyDelete
    Replies
    1. නැහැ පොඩ්ඩි මගේ සිතේ තිබ්බා දිනක මම නියම නමින් ලිවිය යුතුයි කියා. ඒකට පහසුවක් වුනා මේ සිද්ධිය. ආයූර්වේදේ ගැන ඇයි මම නිර්ණාමිකව ලියන්නේ???

      ඔබලාගේ මිතුරුකම නම් මට ලෝකයක් වටිනවා.

      Delete
  5. ඉතාමත් කෙටියෙන් සටහනක් තබමි.
    …ඔබේ ජයග්‍රහණය අපෙත්, මුළු රටේත් ජයග්‍රහණයක් විදියට මා දකිමි . ඒ වෙන කිසිවක් නිසා නොව ඔබ රට වෙනුවෙන් යමක් කරන සුවිශේශී කෙනෙකු නිසාය .

    …ඔබේ ඉදිරි කටයුතුත් , ඉදිරි අනාගතයත් වාසනාවන්ත එකක් වේවා !.
    …ඔබ යම් දිනක විදේශ රටක සේවයට යෑමට පුලුවන , නමුත් කොහේ ගියත් හැමදාමත් අප හා රැදී ඉන්න . මේ මාගේ ආදරණීය ඉල්ලීමක් .

    ReplyDelete
    Replies
    1. කොහේ ගියත් සිංහල බතම හොයන බයියෙක් මම නම්. අරුණි අක්කත් සෑහෙන අපහසුවකට ලක් වුනා. ඒත් මාතලන් කිව්ව වගේ පුරුදු වෙන්න ඕනෙ.

      ඔබලාගෙන් මැරෙන තුරු වෙන් නොවෙමි. අත හයිය තිබෙනතුරු ලියමි.

      Delete
  6. අර පොඩ්ඩි කියන විදිහට "ඔබේ කැමැත්තෙන් හැර අනිකෙකුගේ අභියෝගයක් වෙනුවෙන් ඔබේ තොරතුරු එලියට දැමීමේ අවශ්‍යතාවයක් මා නම් දකින්නේ නෑ". කියන කොටසට මමත් එකඟයි.

    නොරට ගිහින් ගත්තු පොටෝ නම් අපිත් දැක්කා. එතකොට අර පොටෝවෙ ඉන්නෙ අරුණි අක්කාද?

    හරි ඒවා වැඩක් නෑ....ඔච්චර ලෙංගතු බ්ලොග්කාරකාරියන්ට මොනාද ගෙනාවේ එගේ ගිය එක මතක් වෙන්ඩ......!

    ReplyDelete
    Replies
    1. අනේ චූටියෝ ඕවා ගනන් ගන්න එපා පොඩ්ඩිට දුන් පිළිතුර බලන්න.
      හොදහිත බාන්... හොදහිත... වෙන මොනවා ගේන්නද?

      Delete
  7. අදනේ මේ පැත්තේ ආවේ මම.. ඒත් ගොඩක් තැන්වල මම කමෙන්ට් දැකලා තියෙනවා... මේ කියන සිද්දියක් මට මතකයි..
    පල ඇති රුකට ගල් වදින එක නවත්තන්න බැනේ.. අනිත් එක මේ බ්ලොග් අවකාශේ තමන්ගෙ ඇත්ත වතගොත හෙලි කරන එක කල්පනාවෙන් කරන්න ඕනේ. ඉතිං තමන්ට අනන්‍ය නමක් ගත්තට ප්‍රශ්නයක් නෑ... කො‌ෙහාමත් මහ වෙදනා කියන නම අපිට හුරුයි....

    ඔබේ ජයග්‍රහණයට සුබපැතුම්....

    ලංකාව අතෑර යන්න හිතනවා කියලා කිව්වට නම් දුකයි.. නමුත් එහෙම යනවා නම් බ්ලොග් අවකාශේයේ රැදී සිටිවී කියලා හිතනවා....

    ReplyDelete
    Replies
    1. ලංකාව හැර යන්න තාම හිතා නැහැ. ඒත් එන හැටියකට බාරගන්නවා.
      අද ආවා වගේ හැමදාම එන්න. මිතුරුකමයි වඩා වැදගත්.

      Delete
  8. ඔබගේ ජයග්‍රහණය ගැන අපේ උණුසුම් සුබ පැතුම්...!!!

    ReplyDelete
    Replies
    1. රොබින් බොහෝම ස්තුතියි. ඔයා පොරට සුසන්ත කියලා කිව්වම මඤ්ඤං වෙලා. උන් මට කියන්නේ රෝහණ කියලා.

      Delete
  9. මහ වෙදෝ,
    බ්ලොග් ලොකෙ තමන්ගෙ අනන්‍යතාවය හෙළි කරන කට්ටිය බොහොම අඩුයි...
    ඒ තමන් ලියන දේ ගැන වැඩි විශ්වාසයක් නැති නිසා...
    ඔබ යමක් දන්න... දන්න දේ බෙදා ගන්න උත්සාහයක් දරන කෙනෙක්..... ඒ බව ඔබේ ලිපි වලින් කතාවෙන් පැහැදිළි වෙනවා....
    අඳුනා ගන්න ලැබීම බොහොම සතුටක්....
    "බෙහෙත්" වලට ඊට වඩා තුති...
    දැන් හතර වටේ පැටවු හැදෙනවා..... අල්ලපු ගෙවල්වලත්....
    එදා මටයි ඇල්කෙමිච්චිටයි හිනා අපි ඔබෙන් බෙහෙත් ගන්න ගියා කියලා.... එනකොටත් ඒ ගැන කතා කර කර ආවෙ....
    ඇමරිකා ගමනෙන් අනවශ්‍ය දේ නොදැක අවශ්‍ය දේවල් හිතට අරගෙන ආවා කියලා හිතනවා...
    අපි එහේ හිටියා නම් අනිවාර්යයෙන්ම ලංකාවෙ කෑමක් දෙනවා.... නමුත් ඊට වඩා වැඩි දෙයක් අපි ලංකාවෙදි හමු වෙච්ච එක...
    ඉතිං තවත් හොඳට ලියන්න...
    අර ස්වීඩන් සහයෝගීතාවය ගැන සුභ පැතුම්... මතක ඇතිව සාම්පල් අරන් යනකොට හරි යවනකොට හරි රේගුවට ගානක් දෙන්න අමතක කරන්න එපා...
    ඉතිං ලඟදිම ආචාර්ය මහ වෙදනා කියලා කියන්න ලැබේවා....

    ඇලා.

    ReplyDelete
    Replies
    1. පියල් මට ඊයක් එවන්න. ඔබේ ලිපිනයත් දුරබණු අංකයත් ඕනෙ. මිතුරෙක් ඉන්නවා ඔය කිට්ටුව හදුන්වා දෙන්න. අවුරුදු 25 වැඩිය ඔය කිට්ටුවමයි පදිංචිය.

      ආයිත් ලංකාවේදි හමුවෙන්න කලින් අපි ඔහෙදි හමුවෙයි. කෑමක් ඕනෙමයි.

      Delete
  10. ඔබගේ සාර්ථකත්වයට සුභ පැතුම්.
    ආයෙත් ලියන්න පටන් ගත්ත එක ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි ශානක මෙනමින් මිතුරෙක් මට බොහෝ කලකට පෙර සිටියා. දැන ඔබ ඉන්නවා. සතුටුයි.

      Delete
  11. Replies
    1. ඔව් අප දෙදෙනා මුලින්ම හඳුනා ගත්තේ සනත් අයියත් (ඔබා) එක්ක එකට එකම දිනයේ, ඒ ගැන මතක් වන විටත් හිතට මහා බරක් එනවා. හිත හොද මනුස්සයා යහපතක්ම වෙන්න ඕනෙ.

      Delete
  12. වෙද මහත්තයා. මගේ ඇස් වලින් කඳුළු එනවා. ඒකට මොකද කරන්නේ.... :D :D

    මට කියන්න තියෙන්නේ එච්චරයි...

    ReplyDelete
    Replies
    1. මහා මන්ත්‍රාචාර්‍ය්‍ය මාතලන් ධීමතාන් හැඩවූවාට ගැත්තාට සමාව දෙන සේක්වා!!
      (නැත්තන් පිල්ලියක්වත් එවයි.)

      Delete
  13. වෙද මාමාගේ ඇත්ත විස්තරේ.... දැනගත්ත එක වටිනවා..

    මටනම් වැඩිපුර වටින්නේ ලියන කියන දේවල් තමයි .. අනන්‍ය තාවය වැදගත් නෑ ඒ තරම්...

    නුගේගොඩ කිව්ව නේද පදිංචිය... අපි ඒ පලාතෙම තමා

    ReplyDelete
    Replies
    1. හොදයිනේ... පාගොඩින් යන එන වෙලාවක ගොඩ වැදිල යන්න.

      Delete
  14. මදැයි කාලෙකට පස්සෙහරි ආවඑක. වෙදන ගැන යම් යම් තොරතුරු කලින් දැනගත්තනේ. ඔබේ මෙහෙවරට සුභපැතුම්.

    ReplyDelete
    Replies
    1. ටැංකු, ටැංකු මේ රාජ් ඩබල ජූනියර් සීනියර් කියලවත් දාගත්තොත් නරකද? ටැපක්ලෙනවා හැම වෙලේම.

      Delete
  15. මට එක දෙයක් පැහැදිලියි... ඒ මෙහෙට වඩා එහේ නිදහසක් තිබෙන වෙලාව වැඩියි කියන එක...

    තනියම නැගිටින්න හදන මිනිහෙකුට වරදිනවා ගොඩාක් අඩුයි අයියේ...

    ReplyDelete
    Replies
    1. නිදහසත් තියනවා. ඒත් ලංකාවෙ වගේ වැඩ නම් නැහැ තමයි. සිකුරාදා හවස ලංකාවට ආව වෙලේ සිට අද මේ වෙනකම් වැඩ.

      Delete
  16. මම මේ අඩවියට ඉස්ඉස්සෙල්ලාම ආවේ අදයි.වෙද මහත්මයාගේ ආයුර්වේද වෙල ලිපි ටික එක එක කියවන්න ඕනා. වෙදමහත්මයා ගැනත් දැනගෙම මට ලිපි කියවන්න පුලුවනි. ඔන්න මම bookmark එකකුත් දාගත්තා. තෙරුවන් සරණයි!

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කියවන්න හැකි හැකි විදියට. බොහොම ස්තුතියි.

      Delete
  17. වෙදනා මාමේ ඡේද ටිකක් වෙන කරලා ලියන්න පුළුවන් නම් හොඳයි.. හරිම අමාරුවෙන් කියෙව්වෙ..

    ReplyDelete
    Replies
    1. හරී ඒක නම් මගේ වැඩක් නෙමේ. මට තේරෙන් නැහැ මොකක්ද වෙලා තියන්නේ කියලා මේ බ්ලොගර්වල වරදක් වගේ. මම උත්සාහ කලා වෙනස් කරන්න ඒත් වැඩක් වුනේ නැහැ. මම ලියපු විදියට නෙමේ පළ වෙලා තියන්නේ.

      Delete
  18. හැමදාම බ්ලොග් එක කියෙව්වට කමෙන්ට් කලේ නෑ.
    අද නම් කමෙන්ට් නොකර යන්න හිතෙන්නේ නෑ.
    වෙන කියන්න දෙයක් නෑ.
    අතගහන හැම වැඩේම උපරිම විදිහට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    තෙරුවන් සරණයි!!!

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් නම් මොනවද ඇවිත් කියවල යනව නම් ඇති.

      Delete
  19. ඒත් බැළුවා මොකද හිටි ගමන් අන්ඩර්ග්‍රවුන්ඩ් ගියේ කියලා... කොහොම උනත් උත්සාහ කළොත් අවශ්‍ය දේ ලැබෙයි... තවත් ඉදිරියට යන්න වාසනාව ධෛර්යය ලැබෙන්ට කියලා ප්‍රාර්ථනා කරනවා....

    ReplyDelete
  20. දිරිමත් සොයුර ඔබ අපට රටට ආඩම්බරයකි

    ReplyDelete
  21. ජීවිතයේ හැම ජයග්රැහණයකටම මගෙත් සුබ පැතුම්. දුෂ්කර ගමනක් ඇවිත් ලබන ජයග්රුහණය හරිම වටිනවා. ඔබේ මුල් ලිපි කියවල නැහැ. ඉඩක් හොයාගෙන කියවන්නම්. ඉදිරි ජීවිතයට දිරියෙන් මුහුණ දෙන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි.විවේක ඇති විටක කියවල බලන්න. යමක් ගත හැකි නම් ඔබට යමක් මගේ ලිපි හරහා ලැබුනා නම් මට ඒ ඇති.

      Delete
  22. කාලෙකින් වෙද ගෙදර පැත්තේ එන්නත් බැරිවුනා.. අළුතෙන් හුණු ගාලා හින්දා වැරදි තැනකට ආවද කියලත් සැකයක් ආවා...

    කොහොම වුනත් මේ විදිය හො‍ඳයි... අර Followers ලා නම් උඩට ගත්තොත් හො‍ඳයි කියලා හිතුනා...

    හරි, ඉතින් වෙද මහත්තයෝ, පෝස්ට් එක ගැන කියනවා නම් ඔබතුමා අභියෝගයට හොඳින්ම මුහුණ දීලා තියෙනවා... බ්ලොග් අවකාශයට යහපත් දැනුමක් සමග ආකල්ප වෙනසකුත් ඇති කරන්නට උත්සාහ කරන මේ වෙද ගෙදර බ්ලොග් එකට මම නම් එදා වගේම අදත් කැමතියි. ඒක ලියන ඔබතුමා සුසන්ත වුනත්, වෙන කවුරු වුනත් අපිට නම් වැදගත් නෑ. ඔබතුමා මහ වෙදනා නමින් දැන ගත්තම අපිට ඇති.

    නමින් වැඩක් නෑ... වැඩයි ඕනේ... වෙදගෙදරට ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. චතුරංග ඔබට මතකද ඔබ තමයි මට ලින්ක් දාන්න කියලා දුන්නේ. දැන තව දෙයක්. ඇයි මේ ලිපියේ ඡේද වෙන් නොවෙන්නේ? මම මේක ලියූවේ ඡේද ගනනාවකට වෙන්කර. නමුත් පබ්ලිෂ් වූයේ එකට එකම ගොඩේ එහෙම වෙන්නේ ඇයි? මට නම් මේලෝ දෙයක් තේරුම් ගන්න බැහැ.

      Delete
    2. මහවෙදනා... Windows Live Writer කියන සොෆ්ට්වෙයාර් එක පාවිච්චි කරනවානම් ඔය ප්‍රශ්න ගොඩක් විසදේවී... නිවාඩු වෙලාවක මේ ටියුටෝරියල් එක බලන්න...

      සියළු ජයග්‍රහණ වලට සුභපැතුම්..!

      Delete
    3. අලුත් පෝස්ට් එකක් ලියන තැනට ගියාම තියෙන්නෙ ඔප්ෂන් එකක්.(තරුවකුත් එක්ක). ඒක ක්ලික් කලාම අන්තිමට එන Press "Enter" for line breaks තේරුවම හරි. එන්ටර් කල ගමන් ඡේද වෙන්වෙනව.

      Delete
  23. සාර්ථක නැවත පැමිනීමක් ජය...

    ReplyDelete
  24. සුභ පැතුම්. දේශීය/ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය ගෙන යා යුතු ඉසව්ව ඔබ පෙන්නුම් කරනවා. අපේ සමහ‍ර "උගත්" මහත්තුරු අපේ දේ ගැන කරන තක්සේරුව විදේශීයව ඒ දේ වෙනුවෙන් ලැබෙන තක්සේරුවත් එක්ක සසඳලා බැලුවහම ඉතින්... දුකම තමා .... ඉදිරියේදී ඒ දේවල් වෙනස් වේවි කියල හිතමු අසුභවාදී නොවී ...

    ReplyDelete
    Replies
    1. රාමා මට මතකයි ඔබ මුල සිටම මට කමෙන්ට් කලා. කොටිනම මුල්ම කමෙන් 10 එකක් ඔබේ. මම හිතාගෙන හිටියේ විශාල ශරීරයක් ඇති තරුණයෙක්. බැලුවම බොහොම ලාබාල වයසේ අයක්නෙ. කොල්ලට වයඃ කල්‍යාණිය නියමෙට ලැබිලා තියනවා.

      Delete
    2. :-D වයඃ කල්‍යාණිය !!! ඔවු අප්පා, හරි අමාරුවෙන් බේරිලා ඉන්නේ ලාබාල ගෑනු ළමයින්ගෙන්..

      වයසනම් ඉතින්... ඔබතුමා උසස් පෙළ කරන කොට මම මොන්ටිසෝරි යන්න ඇති..

      Delete
  25. සාර්ථක නැවත පැමිනීමක් ජය...

    ReplyDelete
    Replies
    1. 20 / 20 ගහන්න තරම් කකුල සනීපයි වගේ. බොහෝම ස්තුතියි. අපේ බ්ලොග් කරුවන් අතර සිටින තරුණ ජවය හොදට ඇති අයෙක් ඔබ. ඔබේ ව්‍යාපෘතියට මම පොත් ලබා දෙන්නම් ඉක්මනින්ම.

      Delete
  26. අභියෝග වලට සැලිලා කොහොමෙයි. අනන්‍යතාවය හෙලිකිරීමෙන් මාර සැහැල්ලුවක් දැනෙනෙවා නේද .මමත් මගේ …පලමු වසර සැමරුමෙදි එහෙම කලා. එහෙනම් තව තව මේ බ්ලොග් ලෝකේ සරසමු . ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. මොනවද ලොක්කා අපි ඉන්න ටිකට මේහෙමවත් දෙයක් නොකෙරුවොත් ඇති වැඩක් තියේද? ඔන්න ඔහේ ලියලා දාමු.

      Delete
  27. ඔබේ ලිපි සියල්ලම කියව්වා.හැබැයි කොමෙන්ට් කලේ අද තමා.ආපහු අපි නොදන්නා දැනුම් සම්බාරයක් එක්ක ලියන්න.ඔබගේ අධ්‍යපන කටයුතු හොදින්ම සාර්ථක වෙන්න සුබ පතනවා...

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි! හැමදාම එන්න. දැන් නිතර ලියනවා.

      Delete
  28. ඔබේ ලිපි සියල්ලම කියව්වා.හැබැයි කොමෙන්ට් කලේ අද තමා.ආපහු අපි නොදන්නා දැනුම් සම්බාරයක් එක්ක ලියන්න.ඔබගේ අධ්‍යපන කටයුතු හොදින්ම සාර්ථක වෙන්න සුබ පතනවා...

    ReplyDelete
  29. මම හිතුව මහා වේදනා මගේ සම කාලිනයෙක් කියල බලපුවම ගොඩක් වැඩිමහල් නොව.
    ජය වේවා.
    ලෝකය තුල අපේ දේ ඉදිරියට රැගෙන යාමට නිරතුරු ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. අපෝ එච්චර නැහැ. ගතින් කෙසේ වෙතත් සිතින් නම් අඩවි රජාගේ වයසේ.

      Delete
  30. නැවත දකින්න ලැබීම සතුටක් වගේම නැවත හඳුනාගන්න ලැබීමත් සතුටක්... අනන්‍යතාව හෙලි කලත් නොකලත් ඔබතුමා අපේ ආදරණීය මහවෙදනාම තමයි.... අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා.ඉඩ ලද හැම විටකම ලියයි කියලත් හිතනවා... ජය වේවා මහ වෙදනානෙනි

    ReplyDelete
  31. ඔබ දැනටමත් රටට බරක් නොවන බැවු අපි දනිමු.. එසේ රටට බරක් වන ඇතැමුනට ඔබව බරක් වී ඇති අයුරක් පෙනේ.. ඒ ගැන කුමට වෙහෙසෙමුද.. ඔබ බ්ලොග් අවකාශයේ මා දුටු.. නිරහංකාරම සැබෑ මිනිසෙකි.. දිගාසිරි පතමි..

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔබ මාගැන තබන තක්සේරුව මට ඉහටත් උඩින් .

      Delete
  32. සුබ පැතුම් සියළු දේට ! ආයි ලියන්න...

    ReplyDelete
  33. ජයෙන් ජය මහ වෙදනා! සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා!

    ReplyDelete
  34. වේදදුරුතුමාගේ සාර්ථක ඉදිරිගමනට මගේ සුභපැතුම්!ඒ සමගම ඔබ සහ ඔබේ මිතුරන් වෙනුවෙන් වටිනා කාලය කැපකළ අපගේ හිතාදර අරුණි සහෝදරියට ආදර ගෞරවය පුද කරමි.

    ReplyDelete
    Replies
    1. කෙන්ජි ඔබට බොහෝම ස්තුතියි.

      Delete
  35. බොහොම සතුටුයි .. ඒ වගේම සියලු කටයුතු සිතන ලෙසින්ම ඉටුවෙන්නයි පතනවා !!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. වියට්නාම් වෛද්‍යවරු කීපදෙනෙක් මුණ ගැසුනා ඇමරිකාවේදි. හොද මිනිස්සු ලංකාවට එන්න කැමති වුනා. කවද හරි අපිත් එහෙම සම්මන්ත්‍රණයක් කරන්න ආශාවකුත් ඇති වුනා ඒ අය නිසා.

      Delete
  36. මහ වෙදනා,, උපරිමයි ph.d එකක් ගැහුවා කියල ඇහුවම.
    මගේ හිතේ අර වාජීකරණ බේත ගැන research කලොත්, ලෝක ප්‍රසිද්ද වෙන්නත් බැරි කමක් නෑ. හැබැයි,, සිංහල බේත් ටික සුද්දට දෙනව හෙම නෙමේ. බේත් කොම්පැනි ටික කෝටි ගානක් "කොස්ටරිකාව"ට දීල සත්තු ශාක අරන් ඒ වගේ දස දහස් ගුණයක් හම්බකලා.
    ලංකාවේ අඩුම nmr එකක් වත් නැති කොට පිටරට සරණ යන්න වෙනවා තමා. සුබ අනාගතයක්,,
    ජය වේවා,,

    ReplyDelete
  37. මහ වෙදනා,, උපරිමයි ph.d එකක් ගැහුවා කියල ඇහුවම.
    මගේ හිතේ අර වාජීකරණ බේත ගැන research කලොත්, ලෝක ප්‍රසිද්ද වෙන්නත් බැරි කමක් නෑ. හැබැයි,, සිංහල බේත් ටික සුද්දට දෙනව හෙම නෙමේ. බේත් කොම්පැනි ටික කෝටි ගානක් "කොස්ටරිකාව"ට දීල සත්තු ශාක අරන් ඒ වගේ දස දහස් ගුණයක් හම්බකලා.
    ලංකාවේ අඩුම nmr එකක් වත් නැති කොට පිටරට සරණ යන්න වෙනවා තමා. සුබ අනාගතයක්,,
    ජය වේවා,,

    ReplyDelete
    Replies
    1. දූපත් වැසියා මුලින්ම බොහෝම ස්තුතියි. බලමු කොහොමවත් අපේ දැනුම පිටට දෙන්නේ නම් නැහැ. ඒත් මේ මුලු ලෝකෙම ඉන්නෙ මිනිස්සු කාට කළත් එකයි. වරද ලාභය අසීමිතව ලැබීමයි. හැබැයි ලාභ ලැබීම වරදක් නෙමේ.

      Delete
  38. ඇමෙරිකන් ගමනේ ෆොටෝ කීපයක් අපිත් දැක්කා ..මූණු පොතෙන්..වැඩ් විස්තරත් කියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. කොහොමද ජෝති කතා කරන්න බැරි වුනා කාලෙකින්. අද හෙටම දුරබණුවෙන් හමුවෙමු නිවාඩු පාඩුවේ.

      Delete
  39. aiya i dnt know sinhala typing. i'll try next time. any way i'm realy happy about u.. congrats Aiye...

    ReplyDelete
  40. Aiya i dnt know sinhala typing & i'll try next time. Anyway i'm realy happy about u. congrats aiye....

    ReplyDelete
    Replies
    1. මේක හරිම ලේසියි. හමුවුන වෙලාවක කියලා දෙන්නම්. කොහොමත් දැන් එන්න වෙනවා. කෑම එහෙම අරගෙන. අක්ක එහෙම කතාවක් කිව්වා.

      Delete
  41. මම සර්ව දැකලා හමුවෙලා නැති උනත් මගෙ ඉගෙනීමේ කටයුතු වලට දුන්න උදව් කවදාවත් අමතක කරන්නේ නෑ...

    සර්ට කවදාවත් වරදින්නේ නෑ..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙන්න රජත් ඇවිත්, ටැන්ක්යු ඈ.

      Delete
  42. ඔබගේ ලිපි ඉතාමත් වටිනවා.. එසේම ඔබගේ සහ පවුලේ දියුණුව ගැනත් සුභපැතුම්... බ්ලොග් ලෝකය සහ ඒ ලෝකයෙන් අපේ පුද්ගලික ජීවිතවලට එල්ලවන බලපෑම් ගැන නම් මම හිතන්නේ එච්චර කරදර වෙන්න ඕනෙ නෑ... ඔබේ විදිය ඔබ රැක ගෙන යන්න.. ජය

    ReplyDelete
  43. ඔබගේ ලිපි ඉතාමත් වටිනවා.. එසේම ඔබගේ සහ පවුලේ දියුණුව ගැනත් සුභපැතුම්... බ්ලොග් ලෝකය සහ ඒ ලෝකයෙන් අපේ පුද්ගලික ජීවිතවලට එල්ලවන බලපෑම් ගැන නම් මම හිතන්නේ එච්චර කරදර වෙන්න ඕනෙ නෑ... ඔබේ විදිය ඔබ රැක ගෙන යන්න.. ජය

    ReplyDelete
  44. මම අදමයි ගොඩ උනේ මේ පැත්තට. මහ වෙදනා උසස් පෙළ කරද්දී තමා මම ඉපදිලා තියෙන්නෙ...

    මේ ඇවිත් තියෙන්නෙ සතුටු වෙන්න පුළුවන් ගමනක් නෙ...ඉදිරි ගමන වෙනුවෙන් මගෙනුත් සුබ පැතුම් මහ වෙදනා !

    ReplyDelete
  45. ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා පතනවා! ජය..!

    ReplyDelete
  46. ෆේස්බුක් එක තුලින් ඔබේ ගමන ගැනනම් දැන ගත්තා , සුබ පැතුම් ....

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි නිශාන්ත. එන අවුරුද්දේ මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ. බලමු ඔබටත් එන්න ලැබෙයි ද කියලා.

      Delete
  47. ඔබතුමාගේ ජීවිත අත් දැකීම් අප සමග බෙදා ගැනීම ගැන ස්තුතියි. ජයෙන් ජය. ශ්‍රී රාවණ සිද්ධම්!

    ReplyDelete
    Replies
    1. මීවනපළානේ උන්නැහැ මෙහෙත් ආවා ඈ... හොදයි ...හොදයි... ශ්‍රී රාවණ සිද්ධම්. රාවණා එයිනෙ ඉක්මනට???? පණිවිඩයක් එහෙම යවනව නම් මාත් මතක් කොළා කියන්න.

      Delete
  48. රාවණ සිද්ධම් ඈ...:D

    දැන් ඔය නුගේගොඩ කොයි හරියෙද ඉන්නවයි කිව්වේ...?

    ReplyDelete
    Replies
    1. තාම කිව්වෙ නෑ! ඔහොම යද්දි කියවෙයි!!!!:)

      Delete
    2. කියන්න දෙයක් නැහැ. මාරය දන්නව ඉස්පොට් එක. කිරිකඩේ කිට්ටුව නුගේගොඩ පැත්තට පාගොඩ පාරෙ.

      Delete
  49. ඔන්න මහ වෙදනාගෙ නොදු‍ටු තවත් මානයක් අද දැක්කා.
    අපේ උන් ගැන කියලා වැඩක් නෑ වෙදනා. වෙදනාගෙ හමේ පාට තද වැඩියි. කොන්ඩේ කලු වැඩියි. ඇස් නිල් පාට හරි, කොල පාට හරි වෙන්න ඕනෙ. ඉංග්‍රීසි අමෙරිකන් හරි යුරපියන් හරි ඇක්සෙන්ට් එකකින් කතාකරන්න ඕනෙ. අන්න එහෙම වුනානම් මෙලහකට ඔය වැඩේ ගොඩ ගිහින් සෑහෙන කල්.
    වෙදනගෙ ඩිෆෝල්ට් සෙටිං වල වැ‍රැද්ද මම නම් කියන්නෙ.

    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. අපි කොහොම කලත් අපිමනේ හෙන්ඩ්‍රි. කොහෝ ගියත් කොහේ හිටියත් අපි අපිමයි. අපි පටන් ගත්ත තැනක් එක්ක බලනකොට අපිට දැන් නැති වෙන්න දෙයක් නැහැ. මේ තියන හැම දෙයක්ම ලාභෙ. ප්‍රාග්ධනයක් නැතුව නොවැ ආවේ. ඉතින් උඩින් ගියත් එකයි යටින් ගියත් එකයි.

      Delete
  50. ඔන්න මහ වෙදනාගෙ නොදු‍ටු තවත් මානයක් අද දැක්කා.
    අපේ උන් ගැන කියලා වැඩක් නෑ වෙදනා. වෙදනාගෙ හමේ පාට තද වැඩියි. කොන්ඩේ කලු වැඩියි. ඇස් නිල් පාට හරි, කොල පාට හරි වෙන්න ඕනෙ. ඉංග්‍රීසි අමෙරිකන් හරි යුරපියන් හරි ඇක්සෙන්ට් එකකින් කතාකරන්න ඕනෙ. අන්න එහෙම වුනානම් මෙලහකට ඔය වැඩේ ගොඩ ගිහින් සෑහෙන කල්.
    වෙදනගෙ ඩිෆෝල්ට් සෙටිං වල වැ‍රැද්ද මම නම් කියන්නෙ.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  51. වෙද මහත්තයගෙ ජයග්‍රහණයට සුභපැතුම්!

    ReplyDelete
  52. කියන්න වෙන මුකුත් නෑ.. ජය වේවා කියලා තමයි කියන්න තියෙන්නේ.. හැබැයි දැන්වත් සතියකට එක පෝස්ට් එකක්වත් දානවද...?

    ReplyDelete
  53. ඔබ කවදත් හිතහොඳ දක්ෂයෙක්. ඔබ යන ගමනේ ජය නියතයි. අපේ ක්ෂේත්‍රය බබලවන තරුවක් නොව මන්දාකිණියක් වන්න.

    ReplyDelete
  54. සුභ පැතුම් හැම දේකටම!!

    ReplyDelete
  55. මාරයා ගාවදි දුටුවා එ් වගේම අරුණී සපිරෝ ගාවදිත් දුටුවා. ඒ නිසයි බෙහෙත් ගන්ට ‍නොමෙයි තැන බලල යන්ට ආවේ. මහවෙදනනි, වත ගොත නො‍ම වේ වැදගත්. කළ හොද වේ කවදත් මනරම්. දිගටම එනවා. සමහර විට බෙහෙත් එහෙම ඕන වේවි.

    ReplyDelete
  56. සතුටුයි හදවතින්ම ... මගේ ඉගෙනීම් කටයුතු වලදිත් ඔබතුමාගේ මගපෙන්වීම් ඉදිරියේදී බලා පොරොත්තු වෙමි.ඔබට ජය...

    කුරුම්නියා.

    ReplyDelete
  57. ස්තුතියි මාවත් සිහිපත් කළාට.

    ක්සැන්ඩර් අයියාට මම දවසක් කියපු දෙයක් මතක් වුණා. මිනිස්සු නාමිකව වේවා නිර්නාමිකව වේවා පෙනී ඉන්න එක ප්‍රශ්නයක් නෙමේ. අපිට වැදගත් වෙන්නේ ඒ මනුස්සයා කරන ක්‍රියාවන්. ඒක නිසා අභියෝග කියලා පෙන්නන පුස් පාට් ගැන හිතන්න එපා...

    ජයම වේවා :)

    ReplyDelete
    Replies
    1. මට මතකයි ඔය කතාබහ හසිත මල්ලි.. මුණුපොතේ සටහන් වුනු ඒ කතාව ඇත්තටම මට අලුත් මානයකින් හිතන්න ඉඩ දුන්නා..

      Delete