Thursday, September 20, 2012

මහවෙදනාගේ ඇමරිකානු ගමනේ මුල් දින කීපය ලංකාවෙන් ඇමරිකාවට.

මේ ගමන මගේ සිතේ තිබූවක් නොවෙයි. යොදාගෙන තිබූ වැඩ අනුව මට මෙවර සහභාගී වීමට තිබූයේ නොවැම්බර් මස පවත්වන ලෝක ආයූර්වේද කොන්ග්‍රසයේ සම්මන්ත්‍රනයටයි. එය ඉන්දියානු රජය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ආයූර්වේද සම්මේලනයකි. නමුත් ඇමරිකාවේ තිබෙන ඉතාම ඉහළ මට්ටමේ විශ්වවිද්‍යාලයක් වන ජෝන් හොප්කින් රෝහල සහ වෛද්‍ය විද්‍යාලය විසින් ඖෂධ පැළෑටි සහ අයූර්වේද නිෂ්පාදන පිළිබඳව වෙනම සම්මේලනයක් පවත්වන්නට සැලසුම් කර තිබුණා. අප සහභාගී වූයේ එයටයි. මට ඒ අවස්ථාව ලැබුණේ අහම්බෙන්. ඇත්තෙන්ම එම ආරාධනය පැමිණියේ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍යවිද්‍යා ආයතනය හරහායි. එහි ආචාර්‍ය්‍යය වරුන් දෙදෙනෙක්, පාලක මණ්ඩල සාමාජිකයෙක් (වෛද්‍ය උදාර අතපත්තු) සහ මා ලෙසයි කණ්ඩායම සෑදී තිබූයේ. නමුත් අවාසනාවට ආචාර්‍ය්‍යවරුන්ගේ වර්ජනය හෙතුවෙන් මාමිත්‍ර වෛද්‍ය කමල් සහ වෛද්‍ය නිමල් මහතුන්ට සහභාගී වීමේ වරම අහිමි වූවා. එය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක්.

වීසා පිළිබඳ ගැටලුවක් ඇති නොවූයේ ජෝන් හොප්කින් ආයතනය අපට ලබා දී තිබූ සියලු ලියකියවිලි ඇමරිකානු රජයේ ශ්‍රී ලංකා තානාපති කාර්‍යාලයට එවා තිබූ නිසායි. එම ආයතන අපට දැක් වූ අනුග්‍රහය ඉතා විශාලයි. කොළඹ ඇමරිකානු තානාපති කාර්‍ය්‍යාලීය සේවය ඉතාම ඉහළ මට්ටමකින් යුතු වූවා. අප කණ්ඩායමේ සියල්ලන්ටම එනම් ඉහත කියූ දෙදෙනාත්, මටත්, වෛද්‍ය උදාර මහතාටත්, ශ්‍රී ලංකාවේ සිටින හිමාලයා ආයූර්වේද නිෂ්පාදන ආයතනයේ කළමනාකාරවරයාටත් ඉතා පහසුවෙන්ම විසා ලබා දීමට ඔවුන් වගබලා ගත්තා.

එහෙත් සහභාගී වූයේ අප තිදෙනෙක් පමණයි. අනෙක් දෙදෙනාට ශ්‍රී ලංකා රජයේ අවසරය ලැබුණේ නැහැ. එය මේ ගමනේ මට ඇති වූ එකම සිත් වේදනාවයි.

ගමනට සියල්ල සූදානම් වුවත් අපේ සඟයින් දෙදෙනා කෙසේ හෝ එක්කර ගැනීමට ගත් උත්සහය අපතේ ගියා. ප්‍රතිඵලය වූයේ දිනය කට ලගටම පැමිණ ගුවන් ටිකට් ගැනීමට යාමේදී මහත් අපහසුතාවයකට පත් වීමට සිදුවීමයි. කලින් මා සහභාගී වෙනත් අවස්ථාවලදී මවිසින් කලින්ම ගුවන් ටිකට් මිලදී ගෙන තබා ගන්නා නිසා මට ඒ ගැන එතරම් අපහසුවක් වේ යැයි සිතුණේ නැහැ. නමුත් අධික මිල ගණන් යටතේවත් ඇමරිකාව වෙත ගුවන් ටිකට් ගැනීමට ආසන නැති බවයි අපට දැන ගන්නට ලැබුණේ. කෙසේ හෝ අවසානයේ ඉතා දුෂ්කර මාර්ගයක් වන ඉන්දියාව හරහා යාමට ගුවන් ටිකට් ලබා ගැනීමට අප සමත් වූවා.

ඉන්දියාව වෙත ගොස්, නැවත නිව්යොර්ක් වෙතත් ඉන්පසු ඇමරිකානු අභ්‍යන්තර ගුවන් ගමනකින් වොෂින්ටන් වෙත යාමටත් අපට සිදු වූවා. සාමාන්‍යයෙන් ඇමරිකාව වෙත යන අය බොහෝ විට කරන්නේ, ලංකාවෙන් එන්ගලංතය වෙතත් ඉන් ඇමරිකාව වෙතත් පියාසර කිරීමයි. වඩාත් පහසුම මාර්ගය වන්නේ දෝහා කටාර් වෙත ගොස් ඇමරිකාව වෙත යාමයි. ජපානය හරහා යන ක්‍රමයක්ද ඇතත් එයත් දුරින් වැඩි බවයි මගේ හැඟීම. වොෂින්ටන් වෙත යන්නන්ට දැන් මේ මස 20 වැනිදා සිට ඩුබායි හරහා යන්නත් ක්‍රමයක් ඇති වනවා. ඒ එමිරේට් ගුවන් සේවය වොෂින්ටන් ඩී. සී. වෙත පියාසැරීමට සූදානම් වන නිසා.

උදාර සහ මම, රමේෂ් සමඟ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් දිල්ලියට පැමිණියා. පැය 3 ටිකක් වැඩි කාලයක් ඒ සඳහා ගත වූවා. අපේ ගුවන් සේවයේ සත්කාරය ඉතා ඉහළයි. නොයෙක් ගුවන් සේවා වලින් ගමන් කර ඇති මා පළමුවෙන්ම එදිනයි ශ්‍රීලංකන් ගුවන් සේවයේ යානයක ගමන් ගත්තේ. මම හොදින්ම සෑහීමකට පත් වූවා.

අපි දිල්ලි ගුවන් තොටේ පැය කීපයක් ට්‍රාන්සිට් සිටිය යුතු නිසා වැඩි හදිසියක් නැතුව ඕපාදූප බලමින් රස්තියාදු වුණා. මතක තබා ගන්න ඉන්දියාවට ඇතුළු වීමේදී තමන්ගේ අතේ ඇති හැම බෑගයකම ගුවන් සේවයේ ටැග් එකක් එල්ලාගෙන යන්න. කොටින්ම තන්ගේ කෝට් කබා ආදිය අතේ ගෙනයනවා නම් ඒවයේද මේ ටැග් එල්ලාගෙන යන්න. අනෙක් කරුණ ඒවාට නිසි ලෙස ඉන්දියානු රේගු නිලධාරීන්ගේ මුද්‍රාවන් තබා ගන්නත් අමතක කරන්න එපා. යම් අමතකවීමක් වුවොත් ඔවුන් ඔබව නවතාගෙන මුල සිටම පිළිවෙලින් නැවත ඔවුන් ගේ පරීක්ෂාවන්ට ලක් කරනවා. එය මහත් කරදරයක්. මා මෙය නොදන්නවා වුවත් මගේ මිතුරන් දන්නා නිසා මා එදින එම කරදරයෙන් බේරුණා.

අපේ කටුනායක ගුවන් තොටත් සමග බැලීමේදී දිල්ලි ගුවන් තොට විශාල වුවත් අපේ නිලධාරින්ගේ ඇති මානුෂික බව ඔවුන් කෙරෙන් මා දැක්කේ නැහැ. අපේ පෙනුමත් ඉන්දියානු මොඩලයේ නිසා හැම විටම ඔවුන් අපව අමතන්නේ හිංදියෙන්. මම කීප සැරයක්ම ඔවුන්ට දැන්වූවා "මට ඔබ කියන කිසිවක් තේරෙන්නේ නැහැ. මම වෙන රටක වැසියෙක්" කියන එක. ඒත් සමහරක් හරක් වගේ නැවත නැවත ඒකම කළා. මම එන ගමනෙදී මේ ගැන ගුවන් තොට බලධාරීන්ට පැමිණිලි කළා. ඉන් මට සෑහෙන වාසියකුත් අත්වුණා ඒ ගැන පසුව ලියන්නම්.

ඊට පසු අපි එයාර් ඉන්ඩියා ගුවන් යානයකින් නිව්යෝර්ක් වෙත පිටත් වූවා. ඒක තමයි ගමන. මීට පෙර එක දිගට පැය 11 පමණ ගුවන් ගමනක යෙදී ඇති මට එතරම් බලපෑමක් සිදු නොවුණත් මගේ මිතුරන් දෙදෙනා සෑහෙන වෙහෙසට පත්වූවා. මධ්‍යම රාත්‍රිය වන විට අවදිව සිටියේ අප කීපදෙනෙක් පමණයි. අපි තුන්දෙනාත් ඉන්දියානු ජාතික අපේ වයසටම අයත් කීපදෙනෙක් එකට එකතු වී හොද හැටි විනෝද වුවා. ගුවන් සේවිකාවන්ට වෙන්කර ඇති කොටසේ ඔවුනුත් සමග කුළුපඟ වීමට අපට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ. කෑම බීම ඕනෙ පදන් ලැබුණා. ඉතා ළාබාල ඒත් එම්. බී. ඒ. උපාධිධාරිනියක් වූ මංද්‍රිකා අප සමඟ මිත්‍ර වූ අය අතරිනුත් විශේෂයි. හොද මාකටියර් කෙනෙක්ගේ ලක්ෂණ ඇගෙන් දක්නට හැකි වුණා. ඇය හැම විටම බොහොම පරිස්සමින් ඉන්දියානු ගුවන් සේවය මාකට් කළා. අපි අහුවෙයි ඕවට.

නිව්යෝර්ක් වෙත පැමිණීමට අපිට පැය 15 1/2 පමණ ගත වී තිබුණා. සෑහෙන වෙහෙසකර බවකින් නිව්යෝර්ක් ජෝන් එෆ් කෙනඩි ගුවන් තොට වෙත ගිය අපට ඉතා ඉක්මනින්ම ආගමන විගමන කටයුතු අහවර කර ගැනීමට හැකි වීම ඇත්තෙන්ම භාග්‍යයක්. සියල්ල පරිඝනක ගත කර ඇති නිසා ඉක්මනින් මගීන්ගේ කටයුතු කර ගැනීමේ හැකියාව තිබෙනවා.

නිව්යෝර්ක් ගුවන් තොටෙන් වොෂින්ටන් රේගන් ගුවන් තොට වෙත පිටත් වීමට ගිය අපිට මුහුණ දීමට සිදු වූයේ අපූරු ගැටලුවකටයි. ඒ තමන්ගේ රේගු කටයුතු තමන්ම ඔන් ලයින් කර ගැනීමයි. පිස්සු හැදෙනව, අපි එතැනට වෙලා කීපදෙනෙක් කරනවා බලන් ඉඳලා පුරුදුකාරයෝ වගේ වැඩේ කර ගත්තා. ඊට පසු ගුවන් යානා පැටියෙක්ට ගොඩවෙලා විනාඩි 51 පමණ වොෂින්ටන් වෙත පැමිණුනා.

එතැන් සිට කතාව දවස් කීපෙකින් දාන්නම්.

59 comments:

  1. "ගුවන් සේවිකාවන්ට වෙන්කර ඇති කොටසේ ඔවුනුත් සමග කුළුපඟ වීමට අපට වැඩි වෙලාවක් ගත වුණේ නැහැ."

    අක්කේ මෙන්නෝ..... මම කිව්ව තනියෙන් යවන්න එපා කියලා.... මේ කියන ටික.. තව නොකියන ටික.... අනේ අප්පේ.....

    ඉන්දියන් කාරයින්ගේ වැඩ ගැනනම් කුමන කතාද?

    ReplyDelete
    Replies
    1. අක්කා දන්නවා මම කොහොමත් ගෑල්ලමයි එක්ක වැඩිපුර කුළුපගයි කියලා.

      Delete
    2. මම ගොඩක් blogs වල දැක්ක මේ "ගැල්ලමයි" කියන වචනය පාවිච්චි කරලා තියනවා. අමනාප වෙන්න එපා මම හිතන්නේ නිවැරදි වචනය "ගැනුලමයි" වෙන්න ඕන. උචචාරණයේ පසුවට මේක එහෙම කතා කරාට ලියන කොට හරි වචනය ලියනවනම් හොඳයි. මොකද අනාගතයේ පොත් වෙනුවට අන්තර්ජාලය වැඩිපුර බාවිතවෙයි කියල හිතෙන නිසා ඒ කාලයේ ළමයි මෙය නිවැරදි වචනය කියල හිතුවොත්.

      Delete
    3. ඔව් ගෑල්ලමයි යන්න වැරදියි.

      නිවරදි වචනය ගෑල්ළමයි.

      Delete
    4. good post iyaa.. sinhala blog ekak tibunaa airport ekedi karanna one dewal aran yannna one dewal godak hoda blog ekak palaweni parata ema athdakimak ganna inna kenekta,, please kauru hari a blog eke address eka danawada..

      Delete
    5. චුටි මහත්තයා පොඩි කා‍ලේ ගැණු ළමයිට කිව්වෙ "ගෑල්ලමයි" කියලා. ඒ හින්දායි චුටි මහත්තයා කතා කියද්දි ඒ විදිහට ලියන්නෙ.

      Delete
    6. ශ්‍රී රාවණ රජතුමාත් ඒ කාලයේදී Alien ජීවීන් සමග බොහෝ දුරට කුළුපග වී තිබෙනව. ඒළියන් යනු කවුද කියා දනන්වද? පද නිරුක්තිය ගත් කළ, ඒ=එම, ළියන්=කාන්තාවන්.

      Delete
  2. අන්න හරි. ඔන්න ඔහොම විස්තර ඇතුව ලියමු.

    ReplyDelete
    Replies
    1. එහෙම හොදයි කියන එක බොහෝ දෙනෙක්ගේ අදහස නිසා දිගට ලියන්නම්. හැබැයි ඊලඟ ලිපියෙන් කොහොම හරි මේක ඉවර කරන්න ඕනෙ. මට තව වැදගත් ලිපි කීපයක්ම දාන්න තියනවා.

      Delete
  3. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. මේක වෙද මහත්තයගේ දෝනියැන්දත් බලනවා නේ. නැත්තම් මම දන්නවා කියන්න ඕන ටික. වෙදෙක්නේ....

    ReplyDelete
  4. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු. මේක වෙද මහත්තයගේ දෝනියැන්දත් බලනවා නේ. නැත්තම් මම දන්නවා කියන්න ඕන ටික. වෙදෙක්නේ....

    ReplyDelete
    Replies
    1. එහෙමද?? එකෙක් රටේ වෙදෙක්ගේ කතාවකුත් කියලා තිබ්බා මට ඇමරිකාවට නිව්ස් එක ආවා. හිටුකො අල්ලා ගන්න කන්කෙටියෙන්.

      Delete
  5. ඉතුරු ටිකත් කියවලාම බලමුකෝ....

    ReplyDelete
  6. මංද්‍රිකා ගැන කියද්දි මට මතක් වුනා ඔය රස්සාවම කරන රේවතී කියලා ගෑල්ලමයෙක්.

    මේ යන විදිහ හොඳයි. අපි එන්නං දිගටම කියවන්න.

    ReplyDelete
    Replies
    1. හොදයි කියවලාම බලමු. ඒ රේවතී මේ මංද්‍රිකා, ඔක්කොම ගෑල්ලමයි. මගේ හිත ගිය දේ තමයි ඒ ලමයට ඕනෙනම් අවු 25 ඇති හැබැයි එම්. බී. ඒ කරලා. අපේ ලමයි....

      Delete
    2. මෙහෙ මගේ එක්ක වැඩ කරන්න අවා පිලිපින් ජාතික තරුණයෙක්. අවුරුදු 28. MBA එකක් තියනවා. ඒත් කිසිම වැඩක් බෑ. පොත විතරයි. ඒත් අපේ රටේ අය? හොඳ දක්ෂයෝ ඉන්නවා මොනවත් නැති. වෙනස අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙදමහත්තයෝ.. අපේ ළමයි ඕ ලෙවල් කරද්දී ඒ ළමයි හයිස්කූල් යනවා. ඒ පස්සේ අවුරුදු දෙකක් නැතිනම් තුනකින් උපාධිය ගන්නවා. එතකොට අපේ ළමයි ඒ ලෙවල් කරනවා. ඔන්න..

      Delete
  7. "ඇය හැම විටම බොහොම පරිස්සමින් ඉන්දියානු ගුවන් සේවය මාකට් කළා."

    :)

    බොහොම පරිස්සමින් කියන්නේ ඇය ඒ මොහොතේ යම් අවදානමකට මුහුණු දී හිටපු නිසා..

    මට තේරුනේ නැහැ, ආචාර්ය වර්ජනය, රටේ ආයුර්වේද නියෝජනයට පටලවා ගන්නේ ඇයි කියන එක... අර ෆොටෝ වලනම් ආයුර්වේද නොවන කෙනෙකුත් ගිහින් ඉන්නවා වගේ දැක්කා...

    ReplyDelete
    Replies
    1. රාමා ඒ ගැන කියන්නම් මෙහෙම මේ දෙන්න ආචාර්‍ය්‍යය මංඩල නියෝජනය කරනවා. ඉතිරි ටික මට මෙහෙම කියන්න අමරුයි.

      ආයූර්වේද වෛද්‍යවරු සිටියේ දෙදෙනයි, මමත් උදාරත් පමණයි. එක් අයෙක් රමේෂ් ඖෂධ ආයතනයක් නියෝජිතයෙක්. තව දෙන්නෙක් හිටියා ඒ අය ගැන් ඊලඟ ලිපියේ කියන්නම්.

      Delete
  8. හ්ම් හ්ම් අයෙත් එඤ්ඤන්කො මේ පැත්තේ

    www.ibba.tk

    ReplyDelete
    Replies
    1. හොදයි එන්නකො සාදරයෙන් පිළිගන්නවා!!

      Delete
  9. නියමයි වෙද මහත්තයා. ඔබ අප රටට ආඩම්බරයක්. මේ මචෝ ඉන්දියාවෙ එයාපෝට් ගැනනම් කියල වැඩක් නෑ. ඉන්නේ හරිම මුස්පේන්තුවෝ. දිල්ලි විතරක් නෙමේ හයිඩ්‍රාබාද් විශෘකාපට්නම් ගයා බරනැස් චෙන්නායි මේ සේරම එකම මොඩලයේ.

    ReplyDelete
    Replies
    1. අපෝ ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. මුස්පේන්තුවොම තමයි.

      Delete
  10. ඊගාව කෑල්ලත් දාන්න.

    ReplyDelete
  11. අහ්, සංචාරේ විස්තරේ. :)
    අපරාදෙ, ස්ට්‍රයික් කරල ඉන්න හින්ද ලෙක්චර්ස් පාඩු කරගන්නෙම නැතුව ට්‍රිප් එක යන්න තිබුණ අර දෙන්නට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මේ ගැන විස්තර ලියන්න බැහැනේ නැත්නම් දැනගන්න වටින දෙයක් තියනවා. ඒත් නිහඬ වීම හොදයි.

      Delete
  12. ගුවන් සේවා දෙක ගැන සංසන්දනය කොහොමද (සැ.යු - ගැනු ලමයි ගැන නෙවෙයි )

    පිලිවෙලින් පිලිවෙලට ලියලා තියන විදිහ සංචාරක සටහනකට නියමයි , වෙද මහත්තයාගේ ඉස්සරහ ලිපි වලින් ඇමරිකාවේ ඇවිදින්න මාත් එන්නම් එහෙම නම් !

    ReplyDelete
    Replies
    1. සන්සන්දනය කරන්න හරිම ලේසියි. අපි 100 නම් ඉන්දියානු සේවය 50 ගන්නෙත් බොහෝම අමාරුවෙන්. මට හිතෙන්නේ මේකට හේතුව වෙන්න ඇත්තේ ඉන්දියානු සේවයේ වයස සාමාන්‍ය ගත්තම 35 විතර ඇති. අපේ 25 විතර. ඒ නිසා ඇතිවන ප්‍රසන්න බව අපේ උපරිමයි. අනික හැමවෙලේම හිනාවෙලා කතා කරනවා. ඉන්දියානු අර කලින් කිව්ව වගේ මුස්පේන්තුම තමයි. උන් හිතන්නේ ඒ මිනිස්සුන්ගේ හැටියට අපිවත්. අපේ සත්කාරිය එයිට වඩා දියුනුයි බොහෝම.

      Delete
    2. // සේවයේ වයස සාමාන්‍ය ගත්තම 35 විතර ඇති.//

      හප්පා ..ඇන්ටිලා නෙව

      Delete
    3. මං ඔබ උනා නම් කීයටවත් එයා ඉන්ඩියා ගන්න හිත හදා ගන්න පුලුවන් වෙයිද කියලා සැකයි..ඇරත් පැය 11 ගමනකට!

      Delete
  13. රසවත් අත් දැකීමක්. ඉදිරි ලිපි තව තවත් රසවත් වෙයි.

    පැය 11ක ෆ්ලයින් ටයිම් එකක් කියන්නෙ, බුදු අම්මෝ.....! මම නම් පැය 4 1/2 ගත කරන්නෙත් පුදුම අමාරුවෙන්.

    අර කතාවක් තියෙනවනේ, "බිම ඉන්නකම් හිත හිතා ඉන්නෙ කොයි වෙලාවෙද ප්ලේන් එකකට ගොඩ වෙන්නෙ කියලා. ඒත් ප්ලේන් එක නග්ගපු වෙලාව් ඉඳන් හිත හිත ඉන්නෙ, කොයි වෙලාවෙද ගොඩ බාන්නෙ කියලා...."

    ReplyDelete
    Replies
    1. දුමී ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. ගුවන් ගමනකට හොදම කාලය පැය 3-4 අතර තමයි. මේ ගමනට පැය 15 1/2 ගියා. ලංකාවෙන් ඉන්දියාවට පැය තුනක් පමණ ගියා සියල්ල පැය 18 - 19 අතර.

      Delete
    2. * /අර කතාවක් තියෙනවනේ, "බිම ඉන්නකම් හිත හිතා ඉන්නෙ කොයි වෙලාවෙද ප්ලේන් එකකට ගොඩ වෙන්නෙ කියලා. ඒත් ප්ලේන් එක නග්ගපු වෙලාව් ඉඳන් හිත හිත ඉන්නෙ, කොයි වෙලාවෙද ගොඩ බාන්නෙ කියලා...." /*

      දුමි අයියගේ කටේ රියලක් ඔබන්න හිතෙනවා අම්මපා..!!!

      Delete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. බෙහෙතක් හේතක් ගන්න අවැසි උනොත් වෙද මහත්තයා හමුවෙන්න එන්නම්. අපේ පැත්තටත් ගොඩ වෙලා යන්න.
    http://ithihaasaya.blogspot.com/

    ReplyDelete
    Replies
    1. බේත් ගන්න තරම් විපතක් නොවේවා. අදම ඔය පැත්තේ ගොඩවැදිලා යන්නම්.

      Delete
  16. සලංහන්තේ වගේ සීන් එකක්ද වෙදතුමෝ.. :)

    ReplyDelete
    Replies
    1. කොහොමත් තව එක ලිපියයි. එතනින් ඇමරිකාවට පුල් ඉස්ටොප්.

      Delete
  17. අනිත් ටිකත් කියවන්න ඕනි ඉක්මනටම.
    වෙදතුමා වගේ අය අපේ රට ටැ ආඩම්බරයක්!!

    ReplyDelete
  18. වෙද මාමේ ආයේ ඉන්දියාවෙදි අවුලක් වුණොතින් බය නැතුව මෙන්න මේ වචන සැට් එක මතක තියාන කොලේක ලියලා ඌට දෙන්න .. मैं तुम्हें मार तुम कमीने (ඕනෙම නම් ඕක ගූගල් එකේ ට්‍රාන්ස්ලේට් කරලා තේරුම හොයාගන්න )

    ඊලඟ කොටසත් කියවන්න ආසාවෙන් .. පින්තූර එහෙම නැද්ද ?

    ReplyDelete
    Replies
    1. මලේ කෙල්ලෙක් හිටියොත් ඕක අනිත් පැත්තට කියන්න ගිහින් මට මොනවා වෙයිද?? ( ඔබගේ දරුවා නිසා මම ගර්භනියක්) මට කියන්න වෙන්නෙ මගේ දරුවා නිසා ඔබ ගර්භනියක් කියලා. කාල වරෙන්කෝ......

      Delete
    2. දෙයි හාමුදුරුවනේ තේරුම ඒකද ? මම හිතාන උන්නේ වෙන එකක් කියලා වෙද මහත්තයෝ ඕක කියන්න එපා !!! ලෝක විනාසයක් වෙන්නේ

      Delete
    3. I kill you, you bastard මෙන්න තේරුම

      Delete
  19. වැදගත්ම හරිය එන්නෙ ඊළග කොටසිනතු පසුව වගේ.....

    ReplyDelete
  20. ඉන්දියාව ගැන වචනයක් වත් කියවන්න මම කැමති නැත. :)

    ඒත් ඇමරිකාව ගැන කියවමි.

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. රජාට ඉන්දියාව එපා වෙලා මොකෝ..... හි හි

      Delete
  21. අපිට නම් අඩු ගානේ පැය 11කවත් ගමන් තමයි නිතරම වැටෙන්නේ. අතීත මතක ඔස්සේ ටිකක් දුර ගියා මහ වෙදනාගේ රසවත් කතා අහලා. රොකී කඳු උඩින් පියාඹලා යන සිඟිති ගුවන් යානාවල පුලුවන් වෙලාවක් ගිහින් බලන්ට. තොටිල්ලක් පැද්දෙනවා වගේමයි. ඇඟ කිළිපොලා යන, අත්දැකීමක්. :D

    ReplyDelete
  22. මම හිතුවා ඔලිම්පික් ටීම් එක ගියා වගේ ක්‍රීඩකයෝ දෙන්නයි නිලධාරියෝ දහයයි වගේද දන් නෑ කියලා.. හි හි..

    හොද විස්තර ටික ඊළඟ ලිපියේ වගේ....

    ReplyDelete
  23. කාලෙකට පස්සෙ.. දැකීමත් සතුටකි!

    ReplyDelete
  24. පැය පහලොවක් එක දිගට යනවා කියන්නේ මාර කට්ටක් නෙ...flight එකේ කුස්සියට වෙලා ගෑල්ළමයි එක්ක කයියක් ගහන කොට කාලෙ යනවා දැනෙන්ට නැතුව ඇති..

    ReplyDelete
  25. අළුත් අත්දැකීමක් ලබල, අළුත් දැනුමක් අරගෙන එන්න අපි හැමෝටම එක්ක. සුබ පැතුම්. මේ අත්දැකීම කවදහරි රට යන අයටත් හරි වටිනවනේ... විස්තර කරල ලියල තියෙන එක හරිම වටිනවා.

    ReplyDelete
  26. ඉඳල හිටලා යද්දී වෙලාව ගානක් නෑ. ළඟ ළඟ යනවනම් තමයි ප්‍රශ්නේ. අනිත් එක මොකක් හරි කාලසටහනකට යනවනම් ටිකක් කලබල වෙනවා. අපේ ගුවන්සේවේ මට හම්බ වුන හොඳම එක කියන්න පුළුවන්.

    ReplyDelete
  27. අන්න හොඳයි. මහ වෙදනගේ දේශාඨන සටහන්. නියමයි.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
  28. වෙදනා, සුබ පැතුම් ...පින්තුරත් දැක්කා ...ලියමුකෝ ගමන් විස්තර ......
    ලංකාවට යනකොට නම් ශ්‍රී ලන්කන් යන්න කැමතියි , මොකද අහස් යානයට නැග්ග ගමන් ම නිකන් ගෙදර වගේ හැඟීමක් එන නිසා .....ඔබ ඒ ගුවන් ළඳුන්ගේ නාඩි බැලීමට ..ගුලි , කල්ක කිසිවක් දීමට යන්නට නැති බව විශ්වාසයි :) (එසේ කලානම් වැඩි ම උසකදී (අඩි30 දාහක් ) කල වෙද කම වීමට ඉඩ තිබුණි )

    තවත් එකක් ..අර පැය තුනක් ගෙවා ඔබ හමුවීමට ආ බ්ලොග් කාරිනියටද ආචාරය ...ඒ බොහෝ විට මම එවැන්නක් නොකරනු ඇතැයි සිතුනු නිසාය ..

    ReplyDelete
  29. හරිම විනෝදමත් චාරිකාවක් වගේ . වෙද නෝන නොගිය නිසා හොඳට කාල බීල විනෝද වෙලා තියෙන බව පේනවා . බුකියේ දාල තිබුන පින්තූර වලිනුත් දැක්ක ආප්ප පිගානක් දිහා කෑදරෙන් බලන් ඉන්නවා .

    …ඉතුරු කොටසත් ඉක්මනට ලියන්න .

    ReplyDelete
  30. ආයුබෝවන්!
    බොහෝ කලකට පසු බ්ලොගයක් වෙත ආවෙමි.
    වෙද මාමා සෑහෙන දේවල් ගොඩක් ලියා ඇත,
    කියවන්ට නම් වෙලාව අඩුය.
    එඅත් හෙමිඉට කියවිය යුතු ලිපි ඇත.
    කෑම ගැන ලිපියක් ඇති බව උඩින් බලං යන විට පෙනිණි, අපරාදේ සති 3කට විතර කලින් දැක්ක නම් හොඳයි.
    කෙසේ වෙතත් වෙද මාමාගේ බ්ලොගය ඇත්තටම වටිනා දැනුමෙන් පිරී ඇති බව පෙනේ.
    හුදී ජන හිතසුව පිණිස දිගටම ලියන්න.
    ඔබේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!
    මීට
    හිටපු බ්ලොග් කරුවෙක්. :)

    ReplyDelete