පරමාණුක වාදය යනුවෙන් හැදින්වෙන්නේ පරමාණුවක පැවැත්ම තහවුරු කරන වාදයයි. බටහිර දී ඩිමොක්‍රීටස් මුලින්ම පරමාණුවක පැවැත්ම පිළිබඳ අදහස ලෝකයට ලබා දුන්හ. තේල්ස් නම් දාර්ශනිකයාද යම් අදහසක් මේ ගැන ලබා දුන්නද ඩිමෝක්‍රිට්ස්ගෙන් ඇරබෙන පරමාණුක වාදය 1800 දී පමණ ජෝන් ඩොල්ටන්ගේ පැමිණීමත් සමග නවීන මත දක්වා දියුණු විය.
පරම + අණුව යනුවෙන් කියවෙන්නේ යම් ද්‍රව්‍යයක් බෙදිය හැකි කුඩාම කොටස යන්නයි. පරමාණුවක ඇති පරමාණුක අංශු, උප පරමාණුක අංශු යන බොහෝ දේ අද හඳුනාගෙන ඇත. නමුත් මේ කිසිවක් දැකිය හැකි නොවේ මේවා බොහෝ විට අද්‍රව්‍යමය ද්‍රව්‍ය ලෙසත් එසේත් නැත්නම් ශක්තීන් හා යම් විද්‍යුත් ආරෝපනයන් ලෙස අර්ථ දැක්විය හැකිය.
පරමාණුවක ව්‍යුහයේ පැහැදිලි සීමාවක් අද ද දැකිය හැකි නොවේ. යම් යම් උපකල්පන සහ සීමා කිරීම් මගින් මිනිස් බුද්ධියෙන් ගොණුකරගත් සම්මතයන්ට අනුව පරමාණුව පිළිබඳ උගෙනීම කරනු ලබයි. කොටින්ම පරමාණුව යන ප්‍රපංචය මිනිස් බුද්ධියට මිස ග්‍රහනයට ස්පර්ශයට බඳුන් නොවන දෙයකි. මිනිස් ඇසට කවර ලෙසකින් වත් ගෝචර නොවේ. මේ සියල්ල අනුව පරමාණුව යම් අද්‍රව්‍යමය වූ දෙයක් ලෙස හඳුන්වා දීම වඩා සුදුසු වේ.
බටහිර විද්‍යාවේදී මෙසේ පෝෂණය වන පරමාණුක වාදය නිසා අද මිනිසාට නොයෙක් පළ ප්‍රයෝජන මෙන්ම මහත් වූ විනාශයන්ද උරුම කරදීමට සමත් වී ඇත.
පෙරදිගදී ද පරමාණුව පිළිබඳ නොයෙක් මත ආදි සෘෂි යුගයේ දී ඉදිරිපත් වී ඇත.
මම විශ්වයේ උත්පත්තිය පිළිබඳව ලිපි පෙළක් ලියාගෙන ගිය බව ඔබට මතක ඇති. නමුත් මට ඒ ලිපි එක දිගටම ලිවීමේ හැකියාවක් ඇති වුණේ නැහැ. එම ලිපි වලදී මම කතා කළා අභෞතික දේ භෞතික ද්‍රව්‍ය බවට පත් වන පිළිවෙළ.
එහිදී අභෞතික සහ භෞතික ලෙස අදහස් කරන්නේ ද්‍රව්‍යමය නොවන යමක් ද්‍රව්‍යමය බවට පත් වන්නේ කෙසේද යන්න බවත්, එසේත් නොමැති නම් කිසිවක් නොමැතිව තිබූ විශ්වය ක්‍රමයෙන් ප්‍රසාරණය වන්නට වූ විට එහි ද්‍රව්‍ය ඇති වුණේ කෙසේද යන්න බවත් මා ඔබට පවසා සිටියා මතකයි. ..………. දැන් පැහැදිලිනෙ.
මේ සදහා අපි උපයෝගී කරගන්නේ භාරතීය දර්ශන වාදයන් අතර තිබෙන ප්‍රධානතම දර්ශනයන් වන,
වෛශෙෂික දර්ශනය
මෙහි මූල කතෘ වන්නේ කණාද සෘෂිවරයා. මෙම දර්ශනයේ පරමාර්ථය වන්නේ ධර්ම සහ මෝක්ෂ ලාහයයි.
වෛශෙෂිකයන්ගේ මෙම වාදයන් තහවුරු කර ගැනීම සදහා ඔවුන්,
(1) පරමාණුවාද
(2) අනෙකාත්මවාද
(3) සත්කාය්‍යර්‍වාද
(4) පරමාණුනිත්‍යවාද
(5) ෂට්පදාර්ථවාද
(6) සෘෂ්ටිවාද
(7) මෝක්ෂවාද කියන මේ දැනුම උපයෝගී කර ගන්නවා. ඇත්තෙන්ම පරමාණුව කියන වචනය භාවිතයට පැමිණෙන්නේ මේ සමගයි.
ෂඩ් දර්ශන වලටම අයත් තවත් දර්ශනයක් වන,
සාංඛ්‍ය දර්ශනය
මේ සදහා උපයෝගී කරගත හැකියි. මෙහි නිර්මාතෘ වන්නේ මහර්ෂි කපිල මුනිවරයායි. කපිල මුනිවරයාට අනුව,
(1) අව්‍යක්ත
(2) ප්‍රකෘති, විකෘති
(3) මහත්
(4) පුරුෂ
(5) අහංකාර, යන මේවා පංචවින්ශති ලෙස හදුන්වයි.
මෙම පංච විංශති නැවත කොටස් දෙකකට බෙදෙයි. ප්‍රකෘති සහ විකෘති ලෙසයි.
ප්‍රකෘති යනුවෙන් සියල්ලකටම හේතුව වන, හෙවත් සියල්ලන් උපදවන. තමා කිසිවකු විසින් නූපදවන පදාර්ථ අර්ථ දැක්වේ. ප්‍රකෘතීන් යටතට පුරුෂ, මහත්, අහංකාර, සහ පංචතන්මාත්‍ර ගැනෙයි.
විකෘති වශයෙන් යම් කාර්යයක් කරන කිසිවක් නූපදවන, අන් හේතුවක් නිසා උපදින පදාර්ථ ලෙස දැක් වෙයි. විකෘතීන් වන්නේ, ඒකාදශ ඉන්ද්‍රිය සහ පංචමහාභූත වේ. ඒකා දශ ඉන්ද්‍රිය ලෙස පංචබුද්ධීන්ද්‍රිය (වන ඇස, කන, නාසය, දිව, සහ කය ද අයත් වේ.) පංචකර්මේන්ද්‍රිය (වන රූපය, ශබ්දය, ගන්ධය, රස, ස්පර්ශය ද අයත් වේ.) යන දහයද මනසද අයත් වේ. පංච මහා භූත ලෙස,
පෘථිවි, - යම් ද්‍රව්‍යයක ඇති ඝන බව, ස්කන්ධයක් ඇති බව, තද බව ඇති කරන බලය.
ආපෝ, - යම් ද්‍රව්‍යයක ඇති ඇලෙන සුළු බව හෙවත් ඒකරාශී වීමේ බලය.
තේජෝ,- යම් ද්‍රව්‍යයක හැඩය සහ ශක්තිය ඇති කරන බලය.
වායු, - යම් ද්‍රව්‍යයක ක්‍රියාකාරී බව ඇති කරන බලය.
ආකාශ, - යම් ද්‍රව්‍යයක අන්තර් අවකාශය ඇති කරන බලය.
නැවතත් පරමාණුව සලකා බැලුව හොත් අපට එහි ඇති ඉලෙක්ට්‍රෝන වලින් චල ගතිය හෙවත් වායු පදාර්ථයත්, න්‍යෂ්ටිය ගොනු වී ඇති අන්දම සලකා බැලීමේදී එහි ආපෝ පදාර්ථයත්, පරමාණුවක වැඩියෙන්ම ඇති අවකාශ පදාර්ථයත්, න්‍යෂ්ටියේ ස්කන්ධය මගින් පෘථිවි පදාර්ථයත්, අන්තර් න්‍යෂ්ටික බල මගින් තේජෝ පදාර්ථයත් යන භූත පංචකයේ පැවැත්ම තහවුරු කරගත හැකිය.
දැන් ඉතා පහසුවෙන් ඔබට මෙය තේරුම් ගත හැකියි. කිසිම හෙතුවක් නැතිව උපදින පංචතන්මාත්‍ර සහ පුරුෂ, මහත්, අහංකාර, යන ප්‍රකෘතීන් විශ්වාරම්භයේදී ඇති වේ. මේවායේ ප්‍රතිඵල ලෙස විකෘතීන් වන පංචමහාභූත ඇති වේ. මෙහිදී පංචමහාභූත යනු ද්‍රව්‍ය - අද්‍රව්‍ය අතර සීමාවේ ඇති පදාර්ථයට අයත් දෙයක් බව පැහැදිලිය.
විශ්වයක් ඇති වී පැවතී නැති වී එයින් නැවත නව විශ්වයක් ඇරබේ යනු පුරාණ සෘෂි මතයයි. එවිට මේ පංචතන්මාත්‍ර ඇති වේ. ඒවා ඇති වීමට නියම හේතුවක් නැත. යම් කිසිවක උදව්වක්ද නැත. එම පංචතන්මාත්‍ර මගින් ඇතිවන බලයෙන් පංචමහාභූත ඇති වේ.
එහිදී නැවතත් පංචතන්මාත්‍ර මගින් පංච බුද්ධි ඉන්දිය පහ සහ පංච කර්මේන්ද්‍රය පහ ඇති වේ. ඒ සමගම මනසද ඇති වේ. මනසේ ඇති වීමත් සමග මානසික දෝෂ වන රජස් තමස් සහ සත්ව ඇති වේ. මේවා ඉතාම ක්‍රමානුකූලව සිදු වන ප්‍රතික්‍රියාවන්ය.
ඊට පසු ක්‍රමානුකූල පිළිවෙළකට පංචමහාභූත එකට එක එක් වීමෙන් කායික දෝෂ වන තිදොස් ඇති වීමට ගනී. මේවා භෞතිකය. එනම්,
1. වාත - වායු සහ ආකාශ භූත එක් වීමෙන් ඇති වේ. කායික, මානසික සහ පාරිසරික ක්‍රියාකාරීත්වය ඇති කරන්නේ මේ වායු දෝෂය මගිනි.
2. පිත - තේජ භූතය ප්‍රධානව ඇති වේ. කායික, මානසික, පාරිසරික ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ක්‍රියාකාරී බලය සපයන්නේ තේජ භූතය ප්‍රධානව සෑදී ඇති පිතෙනි.
3. සෙම - ප්‍රථිවි, සහ ආප් මහා භූත එක වීමෙන් ඇති වේ. කායික සහ මානසික මෙන්ම පාරිසරික පැවැත්ම තීරණය වන්නේ මේ සෙම හෙවත් කඵ නම් බලය නිසාවෙනි.
දැන් මම ඔබට කායික සහ මානසික දෝෂ වල නිර්මාණය ගැන යම් වැටහීමක් ඇති කළෙමි.
පරමාණුව වන්නේ ජීවී අජීවී සියල්ලේ මුල් තැනුම් ඒකකය නම්, සෛලය වන්නේ ජීවී වස්තූන්ගේ මුල් තැනුම් ඒකකයයි.
ඉහත පරමාණුවක පැවැත්ම පෙරදිග මට අනුව පැහැදිලි කළ ආකාරයටම සෛලයක පැවැත්මද මෙසේ පැහැදිලි කළ හැක.
සෛලයක න්‍යෂ්ටිය යනු එහි ක්‍රියාකාරී කොටසයි. එහි බලපැවැත් වෙන්නේ බොහෝ වාත දෝෂයයි. සෛලය බෙදීම මේ අනුව සිදු වේ. එහි සිදුවන සියලුම ජෛව රසායන ක්‍රයාවලට බලය දෙන්නේ මේ වාත දෝෂයයි.
සෛලයක පවතින සියල්ල බැඳ ගැනීමේ සහ එහි හැඩය පවත්වා ගැනීමේ හැකියාව ඇති කරන්නේ එහි බලපවත්වන සෙම් ශක්තියයි.
සෛලයක සිදුවන සියලුම ජෛව රසායන ක්‍රියාවන් පාලනය කරන්නේ එහි වූ පිත මගිනි.
මෙහි අඩංගු වන්නේ මවිසින් ලියන ලද මුල් ලිපියෙන් ගත් ඉතාම සංක්ෂිප්තයකි. මෙ ලිපිය මාස කීපයක් තිස්සේ සෑදුවකි. විටින් විට ලියාගෙන ගියෙමි. පසුගිය සතියේ ඒ ගැන යම් ඉඟියක් කළේ ඔබ ඊට අකමැති නම් පළ නොකරන්නටය. නමුත් ඒ ගැන යම් ධනාත්මක ප්‍රතිචාර ලද බැවින් පළ කිරීමට තීරණය කළෙමි. නමුත් මෙවන් කරුණු සරල සින්හලෙන් ලිවීම ඉතාමත් අපහසුය. කෙසේ හෝ ඒ ගැන මූලික අවධානය යොමු කළෙමි. යම් අපහසුතාවයක් ඇතොත් අපි ඒ ගැන කතා කරමු. මේ ලිපිය ලියන්නට පහත පොත් උපයෝගී කර ගතිමි.
1. F. Max Muller, THE UPANISHADS
2. බණ්ඩාරනායක අනුස්මරණ ආයූර්වේද පර්යේෂණායතන රජත ජයන්ති අනුස්මරණ කලාපය, 1987.
3. ඩී. එම්. ආර්. බී. දිසානායක, පදාර්ථ විඤ්ඤාණය, 1981.
4. ඩී. එම්. ආර්. බී. දිසානායක, දෝෂ ධාතු මල විඥානය, 1981.
5. ඩී. එම්. ජයසිංහ, පඤ්ච නිධාන ග්‍රන්ථය, 1984.
ඊළඟ ලිපිය සුදුලූනු සහ මීපැණි ගැන....
හ්ම් කියෙව්වා.. තේරුනා.. ඒත් බර වැඩියි වගේ.. තවත් සරළ උනොත් හොඳා.. මගේ අදහසක් පමණි... කියවගෙන යන කොට සෙම් කෝප වෙන ගතියක් වගේ එකක් ඇති උනා..
ReplyDeleteඔබගේ හර බර ලිපිය කියෙව්වා . ටිකක් බර තමා . ඒත් මීට වඩා පහසු කරන්න අමාරු බව වැටහෙනවා.
ReplyDeleteමම බලාගෙනෙ ඉන්නෙ ඊලඟ ලිපිය බලන්න සුදුලූනු සහ මීපැණි ගැන....
ස්තුතියි.මේ දේවල් තේරුම් ගන්න අමාරුයි තමා ස්වභාවයෙන්ම. ඒත් ගිම්හානි කියනවා වගේ මීටත් වඩා සරල කරන්න අමාරුයි තමයි.
ReplyDeleteමෙතන දෝෂ,වාත,පිත,සෙම කියල කියන්නේ පොදුවේ භාවිතා වෙන අර්ථ වලින් නෙවෙයි නේද...
දෙවියන්ගේ මැදිහත් වීමකින් තොරව පදාර්ථය ගැන මෙහෙම අර්ථ දැක්වීම් පෙරදිග තිබුන කියන එක නොකියා කියන කතාවක් තියෙනවා. පදාර්ථය ගැන විතරක් නෙවෙයි තවත් බොහෝ දේට ඒ කතාව අදාලයි. කොහොම වුනත් ඒ ඒ රෝදය නැවත විද්‍යාත්මකව හොයාගෙන තියෙන නිසා එහෙම නැතිනම් හොයාගෙන යන නිසා හා තවත් දේ නිසා ඒ කතා ගැන කතා කරන්න කැමති නැහැ.
මට කලන්තෙ වගේ ඔය සුවර් එකටම අපිව වෙදගෙදරට ගෙන්න ගන්න ලියපු පොස්ටුවක්.
ReplyDeleteමට මෙතනදි කියන්න තියෙන්නෙ,
ReplyDeleteඅයුර්වේද සිද්ධාන්තයි - නවීන විද්යාවයි,
ආගමයි - නවීන විද්‍යාවයි
වගේ කියලා, කියල හිතෙනව.
මේ ඥාණයන් ජනිත වීමේ දාර්ශනික පසුබිම සම්පූර්ණයෙන් වෙනස්.
මෙය දැනගෙන ගේමට බැසීම හොඳයි.
උදාහරණයක් ලෙස, බුද්ධාගමෙන් උත්තර නැති ප්‍රශ්න වලට ක්‍රිස්තියානි ආගමෙන් උත්තර තියෙනව වගේ බටහිර වෙදකමෙන් උත්තර නැති ප්‍රශ්නවලට ආයුර්වේදයෙන් තිබේ.
ලිපිය හොදයි. හැබැයි අපි වගේ හාදයන්ට ඕක තේරැම් ගන්න කීප සැරයක් කියවන්න වෙනවා. ස්තූතියි. හුගක් මහන්සි වෙලා තියෙනවා. හොදින් කියවා බලමු
ReplyDeleteහුඟක් වෙහෙස වෙලා කරුණු එකතු කරගත් බව පේනවා. අළුත් වචන ගොඩක්නෙ. කඩිමුඩියෙ කියවලා තේරුම් ගන්න අමාරුයි.
ReplyDeleteවටිනා පැහැදිලි කිරීමක්...
ReplyDeleteලිපියේ අන්තර්ගතය බෙහෙවින් හරවත් ,මාගේ දැනුම මදිබව හැගේ ...
ReplyDeleteපරම අණුව පිලිබදව පලමුවෙන්ම සඳහන්වෙන්නේ උපනිෂද් වල බව අසා තිබෙනවා. 'යාඥ්යවල්ක්‍ය' නම් මුනි වරයා ද ? මේ සොයාගැනිම හා සම්බන්ද වෙන්නේ? මඳක් පහදා දෙනවාද ? ස්තූතියි .
ReplyDeleteලිපිය හා ලිපියට පරිවාර ලේඛණ කිහිපයක්ද කියවා සිති පැහැදුනෙමි. මීට අමතරව දේශකයාගේ නෝනාත් කාලෙකට ඉස්සර වෙද හාමිනේ කෙනෙක් වෙන්ට ගොහිං මගදි නවත්වපු පොත් වගයකුත් බැලුවා ඇත්තටම වෙදතුමනි, කරුණු ඉදිරිපත් කිරීම ඔබට අපහසු දෙයක් නොවනත් ඔබ කිව් ආකාරයටම සරල සිංහලෙන් ඉදිරිපත් කිරීමම අභියෝගයකි. නැතිනම් පාලි සංස්කෘත ශ්ලෝක මගින් කරුණු ඉදිරිපත් කර ඇති අාකාරය මා දුටිමි. සංස්කෘත නොමැතිව බොහෝ කාරණා තේරැම් කිරීම අපහසු බව හැගේ. මේ ආකාරයෙන් කරුණු ඉදිරිපත් කිරීම අභියෝගයක් වන නමුත් ඔබ ඉතා දක්ෂ ලෙස එය ඉටු කර ඇත. තවදුරටත් ලියන්න. එය ඔබට හොද පන්නරයක් වනු ඇත. (අපිටත් ටිකක් තේරෙන්න ලියන්‍ට පුලුවන් වෙන්න)
ReplyDeleteරසායන විද්‍යාව දැනගෙන හිටියත් රසායනයේ මේ පැත්ත නම් අදමයි දැනගත්තෙ... මමත් බොහොම කැමතියි රසායන විද්‍යාවෙ පෙරදිග පැත්ත හදාරන්න... (අර කැළණියෙ ගණිතඥයා කියන දේ නම් නෙවෙයි) මේක අදහන්න වටින ලිපි මාලාවක ආරම්භය වේවා කියලා පතනවා...
ReplyDeleteඅර කිවුවා වගේ හුදී ජන පහන් සංවේගය සඳහා බර ටිකක් අඩු කරලා ටිකක් විස්තර සහිතව ලිවුවොත් නම් මසුරං.....
ඇලා
හිතවත් මහවෙදනෙනි, ඔබගේ ගැඹුරු ලිපි එනතුරු වෙද ගෙදර පාළුවට නොයවන්න. ඔබගේ ශාස්ත්‍රය ලිපි වෙනම ටැබකට ගොනු කර උඩින්ම කියා ඇති පරිදි ඔබගේ පාරම්බෑම් මෝඩකම් පුරසාරම් වලින්ද වෙදගෙදර පුරවන්න. එවිට බුලත් විටක් හපන්නට හෝ නට්ටිය එනු ඇත. ඔබ කියන්නේ පුරමසාරම් වැඩි පුර තියෙන බවක් නිසා ඒවා වැඩි පුර යොදන්න. අප ඒ සියළු දේ බැලීමට සුදානම්. ඔබ අත්කර ගෙන ඇති තත්වය වර්ධනය කර ගැනීමට මාගේ අවංක අදහස ප්‍රකාශ කළෙමි. සිතු දෙයක් කිරීම ඔබ සතුය. අවාසනාවට මාද පෝස්ට් 20 ක් පමණ ලියා ඇතත් තවම කියවන ප්‍රමාණය අඩුය. එසේ හෙයින් ඔබව කියවන අය අඩු කර නොගන්නේ නම් හොද බව හගිමි. මෙම කමෙන්කටුව පලකිරීම අවශ්‍ය නොවේ.
ReplyDelete