එදා හවස ඇමරිකානු වෙලාවෙන් හවස 03 විතර ඇමරිකාවට පය තිබ්බ අපි හෝටලේට ගිය ගමන් වැටුණු වැටුණු තැන්වල නිදාගත්තා. තුන්දෙනාම නැගිටිනකොට වෙලාව මහරෑ. ඉක්මනට ගෙවල් වලට කතා කරලා කෑමක් බීමක් ගැන බැලුවා. හොටලෙත් කෑම නැහැ. නොදන්න රටක් ... මොන….. බඩගින්නට මොන නොදන්න රටවල්ද? ඉක්මනින් ඇදපැළදගෙන පාරට පැන්න අපි ඉබාගාතේ ගියා කෑමක් හොයාගෙන. එතකොට තමයි සේෆ් හවුස් දැක්කේ. එතන ඕනෙ පදන් කන්න දේවල් වැඩි හරියක් මස්. ඕනෙ කෙමනක් කියලා රෝස්ට් කුකුළෙකුයි පානුයි ගෙනත් හොදට කාල හෝටලේට ඇවිත් නිදාගත්තා.
පසුදා උදේම අපි ලෑස්ති වුණේ සම්මන්ත්‍රණයේ පළමු දිනට. ඉක්මනින් ලංකාවට කතා කළා. ඒ අපේ උදේ ලංකාවට හවස 6 විතර නිසා.
සම්මන්ත්‍රණයේ මාතෘකාව වුණේ ඖෂධ පැළෑටි සහ ආයූර්වේද නිෂ්පාදන වුවත් මගේ ප්‍රියතම විෂය වන ආයූර්වේද දර්ශනය සහ මූලධර්ම පිළිබඳවත් සාකච්ඡා වුවා. මම ඒවට නම් බොහෝම කැමැත්තෙන්ම මගේ දායකත්වය ලබා දුන්නා. මලයාසියාවේ සිට පැමිණි ආචාර්‍ය්‍ය රංජිත් මෙහෙන්ඩෙකාර් ශිවජිරො මහත්මිය සහ ඉන්දියානු ජාතික මහාචාර්‍ය්‍ය බූශන් පත්වර්දන් යන දෙදෙනා ඉදිරිපත් කළ මතයන් සමග මම ඉතාම කැමැත්තෙන් එකඟ වුණා. මම ලංකාවේදි දියුණු කළ සමහර මත ඔවුන් සජීවී පරීක්ෂණ මාර්ගයෙන් ඉදිරිපත් කිරීම මට ඇත්තෙන්ම ආස්වාදනීය වුණා. ඒ සමඟම අපේ රට ගැන යම් කනගාටුවකුත් ඇති වුණා.
ඒ වගේම මේරිලන්ඩ් බයෝ ටෙක්නොලොජි සෙන්ටර් නම් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්‍ය්‍ය ජුඩිත් ඒ. බ්‍රිට්z මහත්මිය මගේ පර්යේෂණ පිළිබඳ අසා මට ආරාධනා කළා ඒ ආයතනයේ පර්යේෂණ වලට සම්බන්ධ වන ලෙස. එය මා බාරගත්තා. මට ජීවිතයේ වෙන අරමුණක් නැහැ. කුඩා කල සිටම මම ප්‍රිය කළේ එයයි. නමුත් ලංකාවට පැමිණි විගස මගේ තවත් මිතුරියක් වන ආචාර්‍ය්‍ය සුනිති ගුණසේකර මහත්මිය යුරෝපා රටක ප්‍රධාන විශ්වවිද්‍යාලයක් හා ලංකාවේ සිට කරන පර්යේෂණයක් සදහා මාවද තෝරාගෙන තිබුණා. එම නිසා ජුඩිත්ගේ ආරාධනය කෙටි කලකට යටපත් කර ගැනීමට මා දැන් සිතා සිටිනවා.
ජෝන් හොප්කින් ආයතනයේ පැවැත්වූ මේ සම්මන්ත්‍රණය දින තුනක් පැවැති අතර දින තුනේදීම විටින් විට අපේ රටේ දායකත්වය ලබා දීමට අපට හැකි වුණා. දැනට ඇමරිකාවේ වෙසෙන වෛද්‍ය ස්වර්ණා සහ වෛද්‍ය සන්ධ්‍යා යන අපේ සොයුරියන් දෙදෙනාත් අප සමග එකතු වුණා, සම්මන්ත්‍රණය අතර මඟදී. ඔවුන් මේ වන විට ඇමරිකාවේ දී ඔවුන්ගේ ආචාර්‍ය්‍ය උපාධිය හදාරමින් සිටිනවා.
සම්මන්ත්‍රණය සදහා රටවල් විශාල ගණනක නියෝජිතයන් සහභාගි වුවත් සංවිධායකයින් මෙහි ප්‍රධාන රටවල් ලෙස ඇමරිකාවත්, ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් පිළිගත්තා. එම නිසා ඇමරිකානු රජයේ නියෝජිතයා ලෙස මෙරිලන්ඩ් රජ්‍යයේ ආණ්ඩුකාර මාර්ටින් ඔමෙලේ, ඇමරිකාවේ සිටින ඉන්දියානු තානාපතිනිය වන නිරූපමා රාවෝ සහ ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක යන මහත්ම මහත්මීන්ද සහභාගි වූවා.
සම්මන්ත්‍රණයේ දෙවනි සහ තුන්වන දිනයන් සාකච්ඡා සදහාම වෙන්වූවා. කෙසේ හෝ ඉතාම සාර්ථක සම්මන්ත්‍රණයක් තුන් දිනකින් අවසන් වූවා. කාලය ඉතා මඳ වුවත් සාර්ථක දින තුනක් බව නම් කිව යුතුයි.
දෙවනි දින ඇමරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මැතිතුමාගේ ආරාධනයෙන් තානාපති නිවසේ දිවා භෝජනයට සහභාගී වීමටත් අපට සිදුවුණා. එයත් මහත් අගය කළ යුතුයි. තානාපතිතුමා සමග පැවැත් වූ සාකච්ඡාවේදී අප පෙන්වා දුන්නේ ලංකාව සහ ඇමරිකාව යන රටවල් ආයූර්වේදය ඔස්සේ කෙසේ සම්බන්ධ විය යුතු ද යන කරුණයි. අප විසින් පෙන්වා දුන් සියලු කරුණු ඉතාම සංයමයෙන් එතුමා පිළිගත්තා. නුදුරේදීම ඇමරිකානු ආයෝජකයන් හා අප කණ්ඩායම අතර සාකච්ඡාවක් සූදානම් කරන බව එතුමා අපට දැන්වූවා.
මෙතැන් සිට දින ගණනාවක්ම ඇවිදීමට රටතොට බැලීමට ගත කළා.
ඇරුණි අක්කා අප සමඟ සම්බන්ධ වුණේ ඒ අනුවයි. ඇයත් සමඟ ජෝජ් ටවුන් සහ ඇලෙක්සැන්ඩ්‍රියා නගර බැලීමට ගියා.
ලංකාවෙන් ගිය මගේ මිතුරෙක් වන සිතාර ෆ්‍රනාන්දු හෙවත් වජිර නම් මිත්‍රයා ( ශ්‍රී ලංකා රගර් පිලේ හිටපු සාමාජිකයෙක්.) ඔහුගේ නිවසේ දින ගණනක් අප තබාගෙන සියලුම සත්කාර කළා. ඒ ගැන නම් ඔහුටත් ඔහුගේ ප්‍රිය බිරිඳටත් අප ණය ගැතියි. ඔහුගේ මිතුරන් වන කැළුම් සහ දිනේෂ් අපත් සමඟ වර්ජීනියා ගිය ගමන කෙදිනකවත් අමතක වෙන දෙයක් නෙමෙයි. අධික වේගයෙන් වේග පාලන කැමරා මඟ හරිමින් අපි හොඳ විනෝදයක් ලැබුවා.
වජිරගේ නිවසින් මගේ මිතුරන් දෙදෙනා නිව්යෝක් වෙතත් ඉන් නිව් ජර්සි වෙතත් ගමන් ගත්තා. මම තනිවම නැවත ලංකාවට පැමිණියා. මා එන ගමනේදී එයාර් ඉන්දියා ගුවන් යානය පැමිණිය යුතුව තිබ්බේ මුම්බායි වෙතයි. නමුත් ඔවුන් මා දැනුවත් නොකර එය දිල්ලි (Connecting Flight) වෙත ගෙනයනු ලැබුවා. මෙහිදී යන සහ එන ගමනේදී වූ සියලු සිද්දීන් නිසා මගේ ඉවසීමේ රතු කට්ට පැන තිබුණා. දිල්ලියේදී පළමුව කළේ එයාර් ඉන්දියා ආයතනයට ගොස් හොද සංග්‍රහයක් ඔවුන්ට කිරීමයි. ඇත්තෙන්ම එය මට නොසිතූ විරූ ප්‍රතිඵල ගෙන දෙන්නට සමත් වුණා. දිල්ලි සහ බොම්බෙ යන ගුවන් තොට දෙකේදීම ඔවුන් මා සාදරයෙන් පිළිගෙන අනෙක් ගුවන් යානය තෙක් කාලය මට වෙනම කාමරයක් සහ අවශ්‍ය සියලුම ආහාර නොමිලයේම ලබා දෙන්නට වග බලා ගත්තා.
මේ සටහන මින් නවතා මගේ සුපුරුදු ආයූර්වේද ලිපි මින් ඉදිරියට ලිවීමට අදහස් කරනවා. මුලින්ම මේ සතිය තුළදීම "පරමාණුක වාදය, සෛලීය වාදය, ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය" යන දුලභ මාතෘකාව පිළිබඳ ලිපියක් පළ කරනවා. එය මේ වන විටත් 90% වැඩ අවසන් කර තිබෙන්නේ. ඊටත් පසු දිගින් දිගට ඔබ වෙත මගේ ලිපි ඉදිරිපත් කෙරෙනවා.
ඔබ මවෙත දැක්වූ අනුග්‍රහය මවිසින් ඉතාම බැතිබරව අගය කරනවා.
බොහොම ස්තුතියි මිතුරනි, මිතුරියනි!!!!
ඔබගේ ඊළග පෝස්ට් කටුව ඉතා රසවත් හා වටිනා එකක බව විශ්වාසයි. මොකද එම මාතෘකා සුසංයෝගය විද්‍යානුකූලව වැදගත් කරුණු සත පදනම් වී ඇති නිසයි. ඔබට ලැබී ඇති පර්යේෂණ අවස්ථාව පිළිබදවත් සුභපැතුම්.
ReplyDeleteඔව් ඇත්තෙන්ම මම බොහෝ කැමති එවැනි මාතෘකා වලට. කියවන්න කියලා ඉල්ලා සිටිනවා.
Delete01. ///බොහොම ස්තුතියි මිතුරනි, මිතුරියනි!// අපොයි අල්ලා දාන්ඩ ඕක මොකද්ද?
ReplyDelete02. ///දිල්ලි සහ බොම්බෙ යන ගුවන් තොට දෙකේදීම ඔවුන් මා සාදරයෙන් පිළිගෙන අනෙක් ගුවන් යානය තෙක් කාලය මට වෙනම කාමරයක් සහ අවශ්‍ය සියලුම ආහාර නොමිලයේම ලබා දෙන්නට වග බලා ගත්තා./// අඬන්න ඕනැ කිරි එරෙන්න කියන්නෙත් මේ වගේම සංසිද්ධියකට වෙන්නැති නේද?
03. ///අධික වේගයෙන් වේග පාලන කැමරා මඟ හරිමින් අපි හොඳ විනෝදයක් ලැබුවා. /// මෙන්න මේක නම් ඉතා වැදගත්. ඕන අපේ රටට ගැලපෙන විදිහට වෙනස් කරලා කරන විදිහක් වෙද මහත්තයට කියලා දෙන්න බැරිද? ඇමරිකාවේ අද්දැකීමුත් අරගෙන. මෙහෙ දී නං රාළාමිලාව මඟ ඇරගන්න තිබ්බොත් හොඳටෝ ම ඇති.
04. මීට අමතරව කෙටියෙන් වුනත් අපි කැමති විදිහට සංචාරක තොරතුරු ගෙන ඒම ගැන වෙදමහත්තයට ස්තුතියි වන්ත වෙනවා. ඒ වගේම මීලගට එන ලිපි වල කෙටි හැඳින්වීම නම් මාඤ්ඤමිකයි. සමහර වචන අහලත් නෑ. ඒක නිසා බොහොම පරිස්සමින් ඒ ලිපි අපට තේරෙන උදාහරණ වලින් පහදා දෙන්න වෙද මහත්තයට හැකිවේවාවාවාවාවාවාවාවා කියලා ප්‍රර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසාන කරනවා. අසා සිටි ඔබ සැමට ස්තුතියි. :)
බුද්ධිගේ 4 වෙනි එක තමයි මටත් වැදගත්ම කියලා කියන්න හිතුනේ.. මාතෘකාව දැක්කම මට පොඩි බයක් ආවා මේක තේරෙන එකක් නැද්ද කියලා මට.....
Deleteබුද්ධි, හිරු.
Deleteමෙහෙන්ඩෙකාර් ශිවජිරො, බූශන් පත්වර්දන් වගේ වචනද?
ඔව් ඔව් බොහොම පරිස්සමින් ලියන්නෙ කල් ගියෙත් ඒක නොවැ.
Deleteමමත් ඔබේ ලිපි කලින් සිටම කියවූවා. නැවත්ත් අවන් ළිපි පලකරන්නේ නම් ඉතා අගය කරමි.
ReplyDeleteඔව් ලියන්නම්. කියවන්නන්ගේ ඉල්ලීම් වලටත් ඇහුම් කන් දිය යුතුයි. ඔබගේ කැමැත්තට එපෑ මම ලියන්න. එයයි නියම ක්‍රමය. ලියඥ.... ලියඥ.....
Delete"පරමාණුක වාදය, සෛලීය වාදය, ගැන අහල තිබුනත් ත්‍රිදෝෂ වාදය, සහ පංචභූත වාදය" ගැන අහල වත් නැහැ.
ReplyDeleteඅරුණි අක්කා , බ්ලොග්යාළුවෙක් එනව කීව ගමන් මට මතක් වුනේ අපේ මහ වෙදනා මහත්තයා තමා.
ආහ්... ඇමරිකා යන්න කලින් වෙච්චි පොරොන්දුවත් ඉඩ ලද විටක ඉෂ්ට කරන්න හොඳද.
"සුළු ළුණු මී පැණි බේත "
මට නම් හමුවුනා හොඳට හදපු බේතක්..ඒත් තවම භාවිතයට ගත්තේ නැහැ.
ලැබුනු දේ පාවිච්චි කරන්න. බොහෝම හොද බෙහෙතක්. නිරෝගී සුව ලැබේවා සිකුරුයි. ඔය මාතෘකාව ලියන්නම් ඉක්මනට. අරුණි අක්කා මට කිව්ව ඔබ ලියා ඇති දේ. මම කිව්වා මමත් ඔරිජිනල් මේඩ් ඉන් මාතර කියලා.
Deleteඊ ළඟ ලිපි එනතුරු බලා ඉන්නවා..
ReplyDeleteලංකාවේදී හරි සහයෝගයක් වටිනාකමක් නොලැබෙන දේ වෙන විදේශීය ආයතන එක්ක හරි කෙරෙන එකට සතුටුයි. නැතිනම් අන්තිමට ඒ දේවල් කාටවත් පලක් නැතිව යනවා. වක්‍රව හරි සමහර විට මුදලට හරි ඒ පර්යේෂණ වල ප්‍රතිපල අපේ මිනිස්සුන්ටත් ලැබේවි.. සුභ පතනවා ඔබ තුමාගේ ඉදිරි ගමනට.
මම එදා කියපු ආයුර්වේද නොවන කෙනා තමා අර නියෝජ්‍ය ඇමතිතුමා....
ඔව් මුලු ලෝකයේම සිටින්නේ මිනිසුන් තමයි කාට කලත් එකයි. එතුමා බොහොම නිවිච්ච කෙනෙක්. මම කතා කළ ටිකට හොදින්ම පැහැදුනා. දින දෙකක් මා සමගම සිටියා. හරිම නිහතමාණියි.
Deleteඉතා වැදගත් , රසවත් චාරිකාවක අවසානය. මම හිතන්නේ වරුණි අක්කගේ හමුවීම චාරිකාවේ සුන්දරම අවස්ථාවක් . ඔබලා විඳි සතුට කියවන අපේ සිත් වලටත් දැනෙන විදියට ලියල තියෙනව . ඒ වගේම වෛද්‍ය ස්වර්ණා මාද හදුනන සොහොයුරියක් නිසා බුකියේ ඔබ දැමූ පින්තූර නිසා ඇයව දැක ගැනීම මට මහත් සතුටක් .
ReplyDeleteනැවතත් ආයුර්වේද ලිපි පලකරන ඒක ගැනනම් ඉතාමත් සතූටුයි . කාටත් කියවා තේරුම් ගත හැකි වෙන්නට සරළව ලියාවියයි අපේක්ශා කරනව .
ජය !
අරුණි අක්කාගේ හමුවීම මගේ ජීවිතයේත් වටිනා මතකයක්. එවන් මිතුරියක් කෙදිනකවත් ලැබෙන් නැහැ කෙනෙක්ට. මගේ වාසනාවක් ඇය හදුනා ගැනීම. ඔව් මම කැමතිම ආයුර්වේද ලිපි වලට තමයි.
Deleteනියමයි වෙද මහත්තයා.බොහොම හොඳට රට ගැන අවධානයක් ලබාගත්තා.
ReplyDeleteඇත්තෙන්ම අපේ අරමුණ වෙලා තිබ්බෙත් ඉන්දියාව ලඟට අපේ රට තියන්න පුළුවන් බව පෙන්වන්න. එය හොදින්ම කෙරුනා.
Deleteඉදිරියට එන විස්තර බැලීමේ ආසාවෙන් ඉන්නවා. අර සුනිති ගුනසේකර කොහේ කෙනෙක්ද?
ReplyDeleteඇය මාතර කෙනෙක්. දැන් පදිංචිය නුගේගොඩ. දැනට ඉන්නේ පිටරටක. දන්නවද? ඇය ඉතාම වටිනා කෙනෙක්. ලංකාවට කීර්තියක් අත්කරදෙයි කෙදිනක හෝ.
Deleteකියෙව්ව.
ReplyDeleteබොහොම ස්තුතියි!!
Deleteඕං ඒකත් කියෙව්වා ! ,
ReplyDeleteඒත් , ඇමරිකන් ආයෝජන ගේන්න විමලය ඉන්න කන් පුලුවන් වෙයිද මන්ද ?
ඔය ගැන යම් සාකච්ඡාවකදී මතු වුනා. එය ලියන්න විදිහක් නැහැනේ.
Deleteසම්මන්ත්‍රණ කියන ඒව මටනම් බොහොම කම්මැළි වැඩ. දේශන අහන් ඉද්දි මට නින්ද යනව.
ReplyDeleteඅමෙරිකානුවො ආයුර්වේදය ගැන හුඟක් උනන්දු වගෙයි. එක පැත්තකින් ලාබදායී ව්‍යාපාරයක් විදිහට වෙන්න ඇති. අනික් පැත්තෙන් එහෙම හිතලා හරි පර්යේෂණවලට සහය දෙන්නෙත් ඔය රටවල්ම තමයිනෙ.
අර කිව්වත් වගෙ, ට්‍රැෆික් පොලිස්කාරයො මග ඇරල යන විදිහ ගැන පර්යේෂණ වාර්තාවක් දැම්මොත් මොකද? මමත් හුඟක් කල්පනා කරල තියෙනව ඔය විෂයනම්. පොලිස්කාරයින්ගෙ බඳ පටිය හරි තරුව හරි තොප්පියෙ ලාංඡනය හරි වගෙ දෙයක් අහු වෙන රේඩාර් එකක් තිබ්බනම් අපූරුයි. ඒ ගැන සම්මන්ත්‍රණයක් තිබුණනම් නින්ද යන එකක් නැහැ.
ලංකාවේ අමාරුයි වැඩේ. ගස් අස්සේ, කඩ අස්සේ විතරක් නෙවෙයි ගෙවල් අස්සෙත් ඉඳල කට්ටිය පාරට පනිනවනේ.. රේඩාර් වලට අහු වෙන්නේ නැහැ ලේසියෙන්.. :)
Deleteඅපි නම් දේශන අහන්නේ අපිට අවශ්‍ය කොටස විතරයි. අපි කැමති ටික මාර්ක් කර ගන්නවා ඒ වෙලාව කිට්ටුවෙලා ඇතුලට යනවා. නැත්නම් අපිත් නිදි තමයි.
Deleteඇමරිකානුවෝ බොහොම මනාපයි අලුත් දැනුමට. දැන් එයාලගේ කල්පනාව ක්‍රමයෙන් රසායනික බෙහෙත් අඩු කරමින් ශාක ඖෂධ එක් කර ගන්න එයාලගේ වෛද්‍ය කර්මාන්තය සදහා. අපේ වටිනා කියන ඖෂධ සහ දැනුම ඉක්මනින් එතනට එකතු වේවි මේ යන තත්ත්වයත් සමග.
වේගය ගැන නම් ඇමරිකාවේදි මගේ මිත්‍රයෝ සතුව යම් උපකරනයක් තිබ්බා ඉන් පේනවා කලින්ම වේග සීමා කැමරා සහ මීටර් අල්ලනව නම්. මම එකක් ගෙන්නත් හැදුවා ආයිත් බය වුනා කස්ටම එක ගැන හිතලා. කස්ටම් එකේ මිත්‍රයෙකුට කිව්වම එයා කියනවා අපරාදේ දෙකක්ම ගේන්න තිබ්බේ කියලා. බලමු ආයිත් ගිය දිනක.
ඇමරිකාවට ඉතින් අපේ වගේ රටවල් වලට දෙන කාබන් දීමනාවට කරන්න වැඩක් හොයාගන්නත් එපාය. ඔය කරන්න හදන්නේ නම් ඉතින් අපේ තියන දේවල් මොනවාද කියලා බලන එක වෙන්න ඕනේ.. :) ඇමරිකන් කාරයා මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයි නේ.
ReplyDeleteවෙදනා,
ReplyDeleteජයවේවා කිව්වා . අර ආප්ප පිඟාන නම් මාත් දැක්කා පින්තුර වල ...
මොනවා කියනවද ඇමරිකාවේදි උනු උනු ආප්ප ලැබුනම.......
Deleteහප්පේ ඇති යන්තම් ආයෙත් ආයුර්වේදේ, තරු අත් අකුරින් කැටයම් කොරන්න වගෙයි යන්නේ...
ReplyDeleteනැතුව නැතුව අයුර්වේදෙ නැත්නම් වෙදනෙක් නැත.
Deleteඔන්න මමත් කියෙව්වා
ReplyDeleteබොහොම ස්තුතියි!!
Deleteමෙන්න ඇවිත් !
ReplyDelete//මගේ ප්‍රියතම විෂය වන ආයූර්වේද දර්ශනය සහ මූලධර්ම පිළිබඳවත් සාකච්ඡා වුවා.//
ReplyDeleteඔබේ බ්ලොගිය ගොඩවැදුනේ අහම්බෙන් ,,මමත් ආයුර්වේද දර්ශනය පිළිබඳව දැන ගන්නට ඉතාම කැමැත්තෙන් සිටිනවා. ආයුර්වේදයට ඉන්දියානු ආගම් හා දර්ශනයන් නොමදව බලපා ඇති බැව් පෙනෙනවා. ඉන්දියානු බුද්ධිමතුන්ට අනුව් ඉන්දියානු දර්ශන සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඒ
1.ආස්තික දර්ශනය
2.නාස්තික දර්ශනය
වශයෙන් ..ආස්තික වශයෙන් හැදින්වෙන්නේ වේද ග්‍රන්ථ දැනුමේ පදනම හැටියට පිළිගන්නා ඉගැන්වීම්. ආයුර්වේදය වෙද ග්‍රන්ථ පිළිගන්නවා. නමුත් බුදු දහම් වේද් ඉගැන්වීම් ප්‍රතික්ෂෙප කරනවා. නමුත් ලංකාවේදී බුදු දහම සහ ආයුර්වෙදය ගසට පොත්ත මෙන් ඇළුනු සුසංයෝගයක් වෙනවා. අතීත්යේ අපේ පැවිදි යතිවරයන් බොහෝදෙනා ගමේ වෙද හාමුදුරුවෝ වශයෙන් කටයුතු කළා. මට තේරුම් ගන්නට බැරි ඉන්දියාවෙදි එකිනෙකට ප්‍රතිවිරුද්ධ දර්ශනයන් දෙකක් ලංකාවෙදී සහජීවනාත්මක වෙන්නේ කොහොමද කියන එකයි.
එහෙනං ලියමුකෝ බලන්න අපිටත් තේරෙන භාෂාවෙන්.
ReplyDeleteඇත්තම කිව්වොත් මටනම් දුකම අර පොලිස් ඩිටෙක්ෂන් ගැජට් එක නොගෙනාවට. ඔන්න ආයෙම ගියාම මටත් එකක් වෙදමහත්තයා.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
ඉදිරියේදි රටට ලෝකෙට වඩාත් වැඩදායක යමක් මහවෙදනාට කරන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා, ඇමරිකානු ගමනේ ප්‍රතිඵලයක් විදියට.
ReplyDeleteඅගේ කල හැකි බ්ලොගයක්.පමාවී හෝ පැමිණිම ගැන මම සතුටුවනව.සිංහලකම රුකෙන දේ විදිඑට දැනට තිබෙන දේ ආයර්වේද වෛද්‍ය ක්‍රමයයි.ඔබගේ්ලිපිය කියවනවිටදි දැනුන දෙයක් තමා වටිනා අපේ අය විදේශයන් ට ඇදී යන අයුරු.ඔබත් විදේශයකට යයිද?සමාවෙන්න ඇසුවාට
ReplyDelete