පසුගිය ටිකේ මම වැඩිය ජාලගත වුනේ නැහැ. ඒකට හේතු වූයේ මගේ පියාගේ තුන් මාසේ දාන කටයුතු යෙදී තිබූ නිසයි. හිතවත් සහෝදරවරුන් සොයුරියන් මා ගැන සොයා බැලූ බව මට දැන ගන්න ලැබුනා. ඒක මගේ හිතට බොහෝම හයියක් වුනා. මම මේ බ්ලොග් ලෝකයෙන් හඳුනාගත් මිත්‍රයන් ගනන බොහෝමයි.
ඉතින් නැවතත් ජාල ගත වෙන්න අවසථාව ලැබෙනවා. අද සිට බ්ලොග් ලෝකයේ මම ඉන්නවා.
සුපුරුදු ලෙස මම වැඩ.
අද මම කථා කරන්න හිතුවේ ඉතා වැදගත් මාතෘකාවක්. ඔබ දන්නවා මම කලිනුත් මම කථා කලා ශරීරයේ උෂ්ණය පිළිබඳව. මේ එහි දිගුවක්. අනෙක් කාරණය ඔබ මගේ ඒ කථාවේදී යම් යම් ප්‍රශ්න කිරීමක් කළා. මට තිබූ වැඩ නිසා එය ටිකෙන් ටික මඟ හැරුනා.
දැන් සූදානම ඒ ගැන නැවත කථා කරන්න. මම මුලින් මෙහෙම පටන් ගන්නම්. ඔබ දන්නවා, අපේ ගැමි ජනතාව පමණක් නෙමෙයි නාගරියක අය පවා කථා කරනවා ශරීරයේ ඌෂ්ණය වැඩි වෙලා වැනි දේ.
මොකක්ද මේ ඌෂ්ණය කියා අදහස් කළේ???
මෙතනදි මම මුලින්ම ඔබට මෙහෙම කියන්නම්. ඔබ දන්නවා ඇති, එහෙමත් නැත්නම්, මේදේ ඔබ ජීවිතේ එක දිනක් හෝ අත්දැකලා ඇති. ඔබට දැනිලා තිබෙනවද? ඔබේ ශරීරයේ මහා අපහසුකමක් ආහාර අප්‍රිය ගතිය, කම්මැලි බව, උණ සෑදීමට එන්නාක් බඳු හැගීම, ඇත්තෙන්ම යමේක් ඔබේ ඇඟට අත තබා ඔබට උණ නේද කියා ඇසුවත් උෂ්ණත්ව මානයේ ඔබට උණ සෑදී නැතිබව තහවුරු කරන බව. මෙන්න මේ දේවල් ඔබට දැනි ඇති ජීවිතයේ එක දිනක් හෝ. එසේ ඔබට හැඟී දැනී ඇත්නම් ඔබ ඌෂ්ණය පිළිබඳ යමක් අත්දැක තිබෙනවා.
මුලින්ම කියන්න ඕනෙ ඌෂ්ණය කියා කියනා දේ උෂ්ණත්වය (Temperature) හෝ තාපය (Heat) කියනා යෙදුම් වලින් හඳුනා ගත නොහැකියි. මම නම් මේ උෂ්ණය කියන පදය ලියන්නේ ඌෂ්ණය (Ushna) කියාමයි. වෙනත් භාෂාවකින් ලියූවත්, කොටින්ම මම මගේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා (Research Papers) වලවත් කෙදිනකවත් ඌෂ්ණය ලෙස ලියනවා හැර එයට අදාල ඉංග්‍රිසි යෙදුමක යොදන්නේ නැහැ.
ඒකට හේතුව මගේ පිළිගැනීම නම් මෙය බටහිර විද්‍යාවට මෙතෙක් අසු වී නැතියමක්.
ඌෂ්ණය යන්නෙන් අදහස් කරන්නේ තාපයත් (Heat) නෙමේනම්, උෂ්ණත්වයත් (Temperature) නෙමේ නම් කුමක්ද මේ ඌෂ්ණය??
ඔබ දන්නවා වාහනයක් ගත්තහම එම වාහනයේ ක්‍රියාකාරීත්වයත් සමඟම එම වාහනයේ එන්ජිම ආශ්‍රිතව සහ ක්‍රියාකාරී කොටස් ආශ්‍රිතව ඉතා තදින් රත් වනවා ඔබ දැක ඇති. එම රත් වීම පාලනය කිරීමට වාහනයේ යම් උපක්‍රම යොදා තිබෙනවා. එසේ නොවුනොත් වාහනයේ සියුම් ක්‍රියාකාරී කොටස් වලට හානී වෙනවා. මේ යාන්ත්‍රනයම ජීවී ක්‍රියාකාරීත්වයකදීත් එසේම සිදු වෙනවා.
එනම් මනුෂ්‍ය ශරීරයේ ශක්තිය උපදවා ගැනීමට ආහාර නම් ඉන්දනය භාවිතා කරනවා. ආහාර අප ගන්නේ විශාල අණු වශයෙන්. එම අණු ඉතා කුඩා අණු බවටත්, එම අණු මගින් ශක්තිය නිපදවීමත් යන මේ සමස්ථ ක්‍රියාකාරිත්වයේදීම ශරීරය ශක්තිය ප්‍රයෝජනයට ගන්නවා. එම ශක්තිය වැය කිරීම් වලදී අප කලින් කථා කළ පරිදි ශක්ති හානියක් එසේත් නැත්නම් යම්කිසි ශක්ති නාස්තියක් සිදු වෙනවා. මෙතෙක් මිනිසා නිර්මාණය කළ සහ ස්වභාවය ධර්මයෙන් නිර්මාණය කළ කිසිම නිර්මාණයක් 100% ශක්ති පරිභොජන හැකියාවක් නොදැරීම මෙයට හේතුවයි.
වාහනයක මෙම ශක්ති පරිභෝජන පද්දතියේ යම් දුර්වල වීමක් ඇති වූ විට අප දන්නවා වැඩි ඉන්ධන ප්‍රමාණයකින් යා හැකි දුර සීමිත වෙනවා. නමුත් එහිදී වාහනයේ අදාල පද්දති නිසි තත්ත්වයට නැවත අළුත්වැඩියා කළ පසු එම දුර්වලතාවය මඟ හරවා ගත හැකිබව ඔබ හොඳින්ම දන්නවා. එයට අමතරව වාහනක් නම් නිසි තත්ත්වයෙන් එය නඩත්තු කලයුතුයි. එවිට අදාළ පද්ධති නිසියාකාරයෙන් ක්‍රියාත්මක වනවා. එම නිසයි අපි කිලෝ මීටර 3000- 5000 අතරදී වාහනය යතාවත් කරන්නේ.
මනුෂ්‍ය ශරිරයත් ඇත්තෙනම යන්ත්‍රයක්. එහි ක්‍රියාකාරීත්වයටත් ඉන්ධන අවශ්‍යයි. ඒ වගේම එය නඩත්තු කළ යුතුයි. ඉන්ධන පරිභෝජන රටාවේ යම් වෙනස් වීමක් ඇතිවුවහොත් එය යතාවත් කළ යුතුයි. ඇත්තෙන්ම ආයූර්වේද වෛද්‍ය විද්‍යාව කියා කියන්නේ එයටයි. ඉන් සිදු කරන්නේ ශරීරය නම් යන්ත්‍රය යතාවත් කිරීම සහ නඩත්තු කිරීමයි.
වාහනයේ මේ රත්වීමට හේතුව එහි ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීම හෙවත් ඉන්ධන දහනයේදී යම් ශක්ති ප්‍රමානයක් නාස්ති (Energy Wastage) වීමයි. මෙම නාස්තිවන ශක්තිය වාහනයේ එන්ජිම රත් වීමට යෙදවෙනවා.
එසේම ශරීරයේත් ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ශක්තිය නිපදවීමේදී නාස්තිවන ශක්තියක් තිබෙනවා. එය ඌෂ්ණය ලෙසින් ශරීරය රෝගී කිරීමකට භාජනය කරනවා. ශරීරයෙන් ශක්තිය හානී වන ක්‍රමවත් රටාවක් පවතිනවා. ඉන් බැහැරව විශාල ලෙස ශක්තිය හානී වීම මෙහිදී අප ඌෂ්ණ ශරීරයක් ලෙස වරග කරනවා.
යමෙක් තම ශරීරයේන් දුම් පිටවන්නාක් වැනිදැනීමක් ඇතිවීම, අධික ලෙස කුස ගින්න නමුත් කොතෙක් කෑවත් ශරීර ශක්තිය නැති වීම, ක්‍රමයෙන් දුරවල් වීමක තමන්ට දැනීම, උදාසීන හැගීම දැනීම මෙවැනි දහසකුත් එකක් ලක්ෂන මෙහිදී ඇති විය හැකියි.
තවත් මෙහිදී යමෙක්ට අධික ලෙස ආසාත්මික රෝග ඇති වීමටද ඉඩක් තිබෙනවා. බටහිර විද්‍යාවෙන් මේ ආසාත්මික (Allergic) රෝග වලට කියන තවත් නමක් ලෙස ඌෂ්ණය හදුන්වනවා. නමුත් එය නිවැරදි නැහැ. එහිදී කිව යුත්තේ, ආසාත්මිකතාවය යනු ඌෂ්න ශරීරයක ඇති විය හැකි තවත් එක් රෝගයක් පමණයි. මේ කාණ්ඩයටම වැටෙන තවත් එක් රෝගයක් තමයි අම්ල පිත්ත රෝගය එනම් ගැස්ට්‍රයිටීස් නමින් ඔබ හදුන්වන රෝගය මෙයත් ඌෂ්ණ ශරීරයක ඇති විය හැකි තවත් එක් රෝගයක්.
මීලඟට බලමු ඌෂණයෙන් වලකින්නේ කෙසේද කියා. ගුරුමුෂ්ටියෙන් තොරව දෙන්නම් හැබැයි පස්සේ දවසක්.
ජම්බු ඌෂණද???
ReplyDeleteනියමයි . . . මගෙ හිතේ කාලයක් වැඩකරපු ප්‍රශ්නෙකට උත්තරේ ලැබුන . . .
ReplyDeleteප.ලි.
මම අර කලිං දවසක ඔබතුමාත් එක්ක කතා කරපු වෙලාවෙ අහපු ප්‍රශ්නෙයි ඌෂ්ණයයි අතරෙ සම්බන්දයක් තියනවද ?????
නොදන්න යමක් දැනගත්තා වෙදමහත්තයෝ...
ReplyDeleteබලමු උෂ්ණය වලක්වගන්නෙ කොහොමද කියල.
ReplyDeleteඋෂ්ණය පිලිබඳ ඉතිරි ලිපියත් ඉක්මනින් පලකරන්න.මේ ලිපි පෙළ සෑම කෙනෙකුටම පාහේ බොහෝ වැදගත් වනු නොඅනුමානයි.
ReplyDeleteබොහොම වටින ලිපියක්. ඉදිරි දිනක උෂ්නයේ ප්‍රතිවිරුද්ද ලක්ෂණය ගැනත් ලිපියක් පලකරන මෙන් ඉල්ලමි
ReplyDelete.
ReplyDeleteමම හිතන්නෙ කුඩා කාලයේ මටත් තිබුනේ උෂ්නාධික ශරීරයක් .
අම්ම නිතරම දියලබු එහෙම උයල කන්න දුන්න . ඇඟ සිසිල් වෙන්න කියලා . උෂ්ණය වෑඩි උනාම හිසරදයකුත් එනවා .
ඒත් දැන්නම් ඒක හොඳට සුවයි .
හප්පේ මටත් ඌෂ්ණෙද මංද මෙච්චරම මහත. වෙඩි වරුසාවක් මැදින් යන්න ඇහැකි දෙයියනේ කියල එකෙක්වත් වදින්නෙ නැතිවෙන්න.
ReplyDeleteඇපොයින්ට්මන්ට් එකක්ක් අරං ආවම "දොස්තර අද නිවාඩු" කිව්ව වගේ තැනකින් නෙ අද නවත්තල තියෙන්නෙ
මටත් හිතුනෙ නවම් අයියට හිතුන දේමයි... කොච්චර කෑවත් නිකන් පතුරක් වගේ...
ReplyDeleteඕනයට නම් දැන් තියෙන්නේ ඌෂ්නය නෙමෙයි හීට් එක.. මගේ ඇන්ජිමත් යතාවත් කර ගන්න වෙයි වගේ.. මට ඒ කාලේ ලෙඩක් හැදිලා අම්මලාගේ වදේට වෙද මහත්තයෙක් ගාවට යැව්වා. ඉතින් මම බෙහෙතුත් අරන් එනකන් කට්ටිය බලන් ඉන්නවා. ඇහුවා වෙද මහත්තයා මොකෑ කිව්වේ කියලා. මම කිව්වා කාම වාතයක්ද මොකක්ද කිව්වා පුලුවන් ඉකමනට කසාදයක් බැද ගන්න කිව්වා කියලා.. මට තිබුනේ ආම වාතේ.. දැනුත් ඉතින් වාතයක් තමයි..
ReplyDeleteඌෂ්ණය = Enthalpy ?
ReplyDeleteබොහොම හොඳ මාතෘකාවක්...මහ වෙදනා මේක තව ටිකක් විස්තර කරයි කියලා හිතනවා. ඒත් මම අහලා තියනවා ඌෂ්ණ කෑම තමයි ගුණ කියලා...
ReplyDeleteබොහෝම ස්තුතිය්!!
ReplyDeleteඅපි ඔබ තුමා හමු වුන වේලාවේත් මේ ගැන අපිට පැහැදිලි කර දුන්නා. මෙය කියව්වම ගොඩක් පැහැදිලි උනා
ඉසුරු සහ ඉමන්ති....
දැන් නේ උත්තරේ හම්බ උනේ
ReplyDeleteසෙනසුරාදා මටත් ඔය දේම උනා නේ....
ඉතුරු ටිකත් ඉක්මනට දාන්න
විස්තර කරලා තියෙන විදිහ අපූරුයි..
ReplyDeleteමිනිසා විසින් නිර්මිත බොහෝ දේ සැලසුම් කරලා තියෙන්නේ මිනිසාගේ හෝ සතුන්ගේ හැසිරීම, ශරීර ක්‍රියාකාරීත්වය ආදිය අධ්‍යයනය කරලා.. ලස්සනම දේ දැං අපි මේ නිර්මාණ වල ස්වභාවය, යාන්ත්‍රණය යොදා ගන්නවා අපේ හැසිරීම, ක්‍රියාකාරීත්වය විස්තර කරන්න...
කොහොම වුණත් මට නං වැඩිය ඔය ඌෂ්ණෙ නෑ මයෙ හිතේ..
ස්තුතියි වෙද මහත්තයා..
ඔය කියන ඌෂ්ණ ලක්ෂණ බොහොමයක් මටත් තියෙනවා. :D
ReplyDeleteබලා සිටිනවා ඌෂ්ණයෙන් වැළකීම පිලිබඳ ලිපිය එන තෙක්.
බොහොම ස්තුතියි.
එතකොට අර අම්මල අපිට තීනවයි කියන "ගිණියම"යි ඔය රජවරු ගාව ඉන්න උන්ට තීන "උෂ්ණය"යයි අයිති වෙන්නෙ මොන වර්ගෙටද?
ReplyDeleteමගේ ඇගත් හරිම උෂ්ණයි. ඔළුවේ කැක්කුමක් හැදෙනවා. ඇත්තමයී මට නම් ඒ වෙලාවට එන වේදනාවට මැරෙන්න හිතෙනවා. බොහෙත් ගත්තා. ඉරැවාරදේ කියලා තමයි කිව්වේ. අනේ මන්දා පොඩ්ඩක් මහත් වෙද්දී ඔය ඔළුවේ කැක්කුම හැදිලා ඇදට වෙලා නොකා ඉන්න වෙනවාමයි. ඒ මදිවට එක දවසක් නාන්න බැරි වුනොත් ඉදලා ඉවරයී. නාද්දී තැඹිලි බොද්දී ටිකක් හොදයී. මූණෙත් කුරැලෑ එනවා අනෙක් අයට සාපේක්ෂව ටිකක් වැඩිපුර.
ReplyDeleteඑතකොට බල මාළු, දෙල්, වගේ කෑම උෂ්නයි කියන්නෙ වැඩි කැලරි ප්‍රමාණයක් ලබාදෙන නිසාද?
ReplyDeletebalamalu nam allergic nisa suwar
Deleteවෙද මහත්මය මේ සඳහන් කරන උෂ්ණය, ආහාර වලින් ලැබෙන කැලරි ප්‍රමාණය සමග සම්භන්දයක් තියෙනවද?
ReplyDeleteමම මේ ගැන ලියන මෙන් ඔබතුමාගෙන් ඉල්ලීමට සිටියෙමි,
ReplyDeleteකීමට පෙරම ඔබ එය ලියා ඇත.
මම තවත් දෙයක් ඉල්ලීමි,
ඔබේ කාර්යබහුලත්වය නිසා එයට වෙලාව නැතුවා ඇති.
මේ ලිපිය දිගටම ලියන්න...
@ඔබා මාමා: අර ඉස්සෝ බැදුම බොහොම ඌෂ්ණයි.
ReplyDeleteසමහර කෑම කනකොට අපේ අම්මල කියනවා 'ඔය ගිනියං කෑම කන්න එපා දරුවෝ...' කියලා... මේ වගේ ආහාර තමයි දෙල්, බල මාළු, ඉස්සො වගේ ඒවා... මේකෙ ඇත්ත නැත්තත් පොඩ්ඩක් කිවා නම් වෙද මහත්තයෝ...
ReplyDeleteහොඳ ලිපියක්. බටහිර වෛද්‍යවරු මේ ඌෂ්න කෑම ගැන ගනන් ගන්නේ නෑ.
ReplyDeleteඌෂ්න කියන කෑම ජාති හැම තිස්සෙම රහ මොකද?
is this a histamine reaction?
ReplyDeleteමටත් ඔය උස්න ජාති කන්න බෑ කෑවොතින් අනික් පහුවදාට මගේ ඇස් දෙක කසන්න ගන්නවා උපරිමේට .. ඊලඟට ඇස් අරින්නවත් බෑ ..
ReplyDeleteකලින් ලියල තිබුන ලිපියේ ඉතිරිය ලියනතුරු බලන් උන්න එකෙක් තමයි මාත් ඕ0..වෙදමහත්තයෝ.ඉතින් ඉතිරු ටිකත් ලියමුකෝ..
ReplyDeleteකුරුම්නියා.
ඉතුරු ටිකත් ඉක්මනට දානවානම් හොඳයි....
ReplyDeletegodak wedagath lipiyak weda mahatthayo..hemoma wage ithuru tikath liyanakan math balan innawa..
ReplyDeleteකිසිකලක සාකච්චා නොකල දෙයක් මන් හිතන්නේ.. හරි වටිනවා !බොහොම ස්තුතියි.
ReplyDeleteසැමට,
ReplyDeleteහිතවත් මගේ මිතුරු මීතුරියනි, මේ දිනවල මම අධිකව වැඩ නිසා සියල්ලන්ටම එකට පිළිතුරු දෙමි. මේ ලිපියෙන් මතුවූ කාරනා ඊලඟ ලිපියෙන් සාකච්ඡා කරමි. ඔබ මට දක්වන සහායට හිස නමා ආචාර කරමි.
මමත් දැනගන්න ආසාවෙන් උන්නු මාතෘකාවක්....
ReplyDeleteමටත් පුද්ගලිකව වටින තොරතුරු!
ReplyDeleteමටත් මේ ගැන අහන්න දේවල් ගනනාවක් තිබ්බා. මේ ප්‍රතිචාර වලට අපේ වෙදනා දෙන උත්තර කියෙව්වම එයින් හුඟකට පිළිතුරු ලැබෙයි වගේ. අර ඔබා අයියා කියලා තියෙන දේ මමත් විශ්වාස කරපු දෙයක්.
ReplyDeletehenryblogwalker the Dude
වෙද මහත්මයා මේ ඌශ්නේ තියන මල්ලි කෙනෙක් ඉන්නවා කොටින්ම කිරි පවා අසාත්මිකව තිබුනේ,,දැන් නම් කිරි බොන්න පුලුවන්,,,කෑම වර්ග වලින් 90% විතර අසාත්මිකයි ඉන්නෙත් උතුරු යුරෝපා රටක 0 උශ්නත්වයෙදිත් මේ ළමයා ගාව රශ්නෙයි ඉපදුනු දා ඉදන්ම තමා මේ ලෙඩේ,, පුංචි හෝ කෑමක් අසාර්හ්මික උනු ගමන් ඇගේ කොහෙ හරි කසනවා,,කොටින්ම මාලු වගේ දෙයක් ගෙදර බැදලා තිබුනත් කසන්න ගන්නවා, සමහර වෙලාවට ඇස්,දිව ඉදිමෙනවා,,,කොහොමත් කාපු කෑම එක අසාත්මික වැඩි නම් මුලු ඇගම වගේ කසන වෙලාවලුත් තියනවා,,,කසන්න ගද්දි වගේම නම් බෙහෙතක් ගන්නවා ඒකට අඩු වෙනවා,,,සමහර දවස් වලට මුලු රෑම කසනවා,, මේ වගේ ලෙඩ්ඩු නම් උතුරු යුරෝපා රටවල ඉන්නවා කියලා කියන්නේ,,එයාලටම වෙන් කරලා කෑම පවා කඩේ තියනවා, මේවට විසදුම් තියනවා නම් පොඩ්ඩක් ඊලග ලිපියෙන් දැනුවත් කරන්න,,
ReplyDeleteමෙක නම් වැදගත් වැඩක්..අදයි දැක්කේ..ගොඩක් ස්තූතියි..කියෙව්වා දැනුම ගත්තා.
ReplyDeleteඋෂ්ණය ගැන මම හිතාගෙන හිටියාට වඩා වෙනස් අදහසක්. මම නම් උෂ්ණ කෑම කනවා. ඒවා රසින් වැඩියි තමා. ඒ වගේම මම අසා තිබෙනවා උෂ්ණ කෑම ගුණයෙන් වැඩියි කියා. මෙහි ඇත්තක් තිබෙනවාද?
ReplyDeleteකෙසේ නමුත් ඉතා වැදගත් ලිපියක්. මීළඟ කොටස එනතුරු ආසාවෙන් බලා සිටිනවා..
පොඩි කාලේ මට හරියට උෂ්ණ බිබුල් හැදුනා,ඒකාලේ ගෑවේ බොංජිලා වගේ එකක් මතක හැටියට,දෙයියනේකියලා දැං නං ඒව නෑ....
ReplyDeleteමටත් මේක හෙන ප්‍රශ්නයක් මගේ යටිපතුල් පැලෙන ලෙඩක් තිබුණා කාලයක් තිස්සේ ඕකට ඉතිං මම රටේ නැති ජාති කරලා හොද කරගත්තා කියමුකෝ (අපේ ආච්චිඅම්මා කියන්නේ උෂ්ණෙට කියලා,මම කට පරිස්සම් කරන්නේත් නෑ අහුවෙන හැමදේම ගිලිනවා)
ReplyDeleteකකුල් හොදවුණාට පස්සේ ඔළුව කැක්කුම් ආවා ටික කාලෙකින් ඔළුව වේලිලා වගේ කුඩු කුඩු වැටෙන්න ගත්තා ඒ හිසොරි නම් නෙමෙයි තෙල් ගෑවාම පීනසේට ආවා ඒ මදිවට දැන් කොණ්ඩේත් සුදු වෙලා.මට තාම 19 වයස ඒත් ඉතිං දැන් පොඩි එවුන් දැක්කාම සීයා කියන තත්වෙටම වැටිලයි ඉන්නේ.
ඔබතුමාගේ මේ වටිනා ලිපි පෙළ එනකන් අද ඉදං බලං ඉන්නවා.බොහෝම ස්තූතියි
මම අහන්න හිටි දෙයක් පොඩ්ඩි අහල තියෙනව. ඇත්තටම කන්ට හොඳ නෑ උෂ්ණයි කියන කෑම ගොඩක් රසයි. උදා: තක්කාලි , බල මාළු , ඉස්සො , දෙල්. මේ මගේ ප්‍රියතම කෑම. පහුවදාට තමා අමාරුව. දෙල් කන්නම බෑ , කටේ තුවාල.
ReplyDeleteඔය කියන උෂ්ණෙට පුහුල් වගේ දේ හොඳයි කියන්නෙ ඇත්තද ?
@ඔබ නොදුටු ලොවක්:
ReplyDeletepyralvex හරියයි බොන්ජිලා වෙනුවට