Saturday, December 31, 2011

සුභ නව වසරක් වේවා!!!!! ඔබ සැමට ස්තුතියි!!!

අද මේ වසරේ අවසාන දිනය. මට මේ වසර වැදගත් වූ හැටි මම අද මෙහි සටහන් කරන්නම්. ඒ සියල්ලටම කලින්

මම ඔබට සුභ නව වසරක් පතනවා!!!!!!!!!

"සාමය සතුට විනෝදය පිරි දැණුම වැඩිවන, කාගෙ කාගෙත් ඇස් පෑදෙන, සියළු සත්වයින් දුකින් මිදෙන, සුභ නව වසරක් වේවා!!!!!

මුලින්ම කියන්නම් මගේ පුරසාරම්,

මේ වසර මට බොහෝ වැදගත් වසරක් වුනා. එනම් මේ වසරේ තමයි මගේ අධ්‍යාපනයේ මම කාලයක් බලා සිටි බලාපොරොත්තු ඉටු වුනේ. ඒත් එක්කම මට පර්යේෂණ කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය කැලනිය විශ්ව විද්‍යාලෙ පර්යේෂණ කමිටුවෙන් ලැබුනා. තව දුරටත් මගේ ජීවිතයේ මම ඉෂ්ට කර ගන්න ආශාවෙන් සිටි ඉහලම කඩඉමට එන්නට මට ලැබුනා. එහි වැඩ වලින් මේ වනවිට අඩකට වඩා අවසාන කර ගැනීමේත් හැකියාව මට ලැබුනා. සුපුරුදු විදියටම මට සිංහළ අවුරුද්දට විදේශ කීපයකම සංචාරය කරන්නත් මේ වසරේ වාසනාව ලැබුනා.

මගේ රෝගීන් වෙනුවෙන් සේවයක් කරගන්න ලැබුනා කියලා ලොකු සතුටකුත් මගේ හිතේ තියනවා.

මගේ දියණිය ඉතාම නීරෝගීව සිටින බවත් මම සැක හැර දැනගත්තා මේ වසරේ.

සුපුරුදු විදියටම මගේ සෙවනැල්ල බඳු බිරිද අපේ වෙදහාමිනේ මේ වසරෙත් මා වෙනුවෙන් තම ජීවිතය කැප කරලා සිටියා.

මේ හැම දෙයක් එක්කම මගේ පියාගේ අභාවය සිදු වූයේත් මේ වසරේමයි.

මා ඉතාම ආශාවෙන් සිටින මගේ බ්ලොග් ජීවිතය ඇරබුනේ මේ වසරේ. ඒක නම් මම හිතන්නේ මේ වසරේ මම ලබපු ලොකුම ජයග්‍රහනය කියලයි. ලිපි 86 ලියලා, කමෙන්ට්ස් 1570 ගනනකුත්, හිට්ස් 51000 ට වඩා ලබා ගන්නත් මට හැකියාව ලැබුනා. මේ සඳහා මට බොහෝ දෙනෙක් උදව් කලා. ඉන් අංක එක මාරයා, ගිම්හාණී, දුකාත්, කතන්දර, මාතලන්, බුවා, ලකී, ඕනයා, අභීත, රාජ් දෙපල, ඔබා අයියා, ජ්‍යෝතිෂ ලංකා, පොඩි කුමාරිහාමි, වගේ මේ වෙලාවෙ මගේ මතකයට ආවේ නැති අයටත්, මගේ බ්ලොග් රෝල් එකේ තිබෙන හැම බ්ලොග් අඩවියකම කතුවරුනුත් මට බොහෝ සහාය දුන්නා. මේ වෙලාවේ කියන්නම ඕනෙ ඇනෝනිමස් ආතල් බ්ලොග් අඩවිය මාව විවේචනය කල එකත් මගේ ඉදිරි ගමනට ලොකු හයියක් වුනා. බ්ලොග් ලෝකයේ නොයෙක් දේ කරන්නට මම ඉදිරියේදීත් උත්සාහ කරනවා.

මගේ මෝඩකම් ගැනත් පසුගිය වසරෙ මම කළ මෝඩකම් ගැනත් ඔබට වචනයක් දෙකක් කියන්නම්. මම කළ ලොකුම මෝඩකම ලෙස මම සිතන්නේ, 2011 වසරේත් සුපුරුදු ලෙසම මිනිසුන් ඕනවාට වඩා විශ්වාස කිරීම. ඉගෙනගත් පාඩම් වලිනුත් වැඩක් වුනේ නැහැ. සුපුරුදු ලෙසම මේ වසරෙත් බොහො පොලුවලට ඉලක්ක වුනා. ඒ නිසා දැන මම ඒ හැම කටයුත්තක්ම මගේ වෙදහාමිනේට බාර දීල තිබෙන්නේ. මීට පසු මට පොලු නොවැටේ යැයි සිතනවා.

මගේ මේ වසරේ නම් කිසිම හපන්කමක කරන්න බැරි වූ වසරක් ලෙස තමයි ලියන්න වෙලා තිබෙන්නේ.

කොහොමත් හැමදාම වගේ වැඩිම පුරසාරමුත් අඩුවෙන් මෝඩකමුත් කිසිම හපන්කමකුත් නැති තවත් එක් වසරක් මට මේ නිමා වූයේ.

රට ගැනත් හිතුවොත් මගේ ඊලඟ වසරේ ඒකායන පැතුම තවත් රටට අධි වේග මාර්ග, බොහෝ වැඩි දියුණු සංචාරක කර්මාන්තයක්, සෞඛ්‍ය අංශයේ දියුණුව, අධ්‍යාපනයේ දියුණුව, වැනි භෞතික දියුණුව සැලසේවා. රාජ්‍ය නායකයන්ට ජනතාවගේ දුක ගැන ඇස් ඇරේවා. ආගම් ගැන මිත්‍යා භක්තිය නැති වී ආගම් වලින් නිසි ප්‍රයෝජන ගෙන ලෝක සාමය ඇති වේවා, දුප්පත් මිනිසුන්ට සෙත සහණය ලැබේවා. මේ නව වසරේ මගේ පැතුමන්.

පසුගිය වසරේ මුහුණ දුන් විශාලම ඛේදවාචකය ලෙස මම සිතන්නේ උ/පෙ ළමුන්ගේ බලාපොරොත්තු කඩා වැටීම සහ අනභිබවනීය කීර්තියක් අත්කරගෙන තිබූ විභාග දෙපාර්තමේන්තුවට ඇති වූ කැළල. මේ සියල්ල වැඩි දුර නොගොස් විසඳේවා යන්නත් මගේ එක් පැතුමක්.

සියළුම දෙනා දන්නවා මේ වසර ලෝක විනාශය පිළිබඳව යම් කසු කුසුවක් ඇති වූ වසරක්. මම නම් සිතන්නේ නැහැ ලෝක විනාශයක් සිදු වෙතැයි කියා. නමුත් මිනිසුන්ගේ සංකල්ප වෙනස් වීමක් නම් මේ වන විට ඉතාම අවශ්‍ය වී තිබෙනවා. ඒ නිසා නරක සංකල්ප විනාශයක් වී හොද සංකල්ප මිනිසුන් අතර පැතිරේවා.

මිනිසුන් අතර හොද හිත, උගත්කම සහ අවබෝධය වැඩිවන තරමට ලෝකයේ දියුණුව ඇති වනවා යන්න මගේ මතයයි. එම නිසා මිනිසුන් අතර උගත්කම සහ අවබෝධය හොද හිත පැතිරේවා.

ලෝකයේ තත්ත්වය ගත් විට ලිබියාව, ඊජිප්තුව වැනි රටවල් වල ඇති වූ කැරලි තත්ත්වයන් සහ රජයන්වල ඇති වූ විප්ලව, එම රටවල මිනිසාගේ දියුණුවට හේතු වේවා. ලංකාවත් මේවාගෙන් පාඩම් ඉගෙන හරි පීල්ලේ යන ජනයාට හිතවත් ජනහිතකාමී රටක් බවට පත් වේවා.

මගේ ප්‍රියතම විෂයන් වන්නේ එකිනෙකට පටහැනි ලෙස පෙනෙන මට නම් එකම විෂයක් වැනිම සමීපව පෙනෙනා බුදුදහම, ආයූර්වේදය, සහ විද්‍යාවයි. මේ විෂයන් අතිනුත් අපට සතුටු විය හැකි ජයග්‍රහනයන් මේ වසරේදී අපට ලැබුනා. ඒ අතරින්, අයින්ස්ටයිගේ සාපෙක්ෂතා වාදයටත් යම් අභියෝගයක් එල්ලවූ සිද්ධි, සහ පර්යේෂණ සාර්ථක වීමත් , එම ලැබූ ප්‍රතිඵල විද්‍යාවටත් බෞද්ධ ධර්මයටත් එකඟව විස්තර කිරීමට හැකියාවක් ලැබීමත් අපේ භාග්‍යයක් ලෙස මට පෙනෙනවා. ඒ අතරම තවත් මම ප්‍රිය කරන විෂයක් වන අභ්‍යවකාශ විද්‍යාවෙනුත් අපේ යම් යම් ජයග්‍රහන ලබා ගත්තා. විශේෂයෙන්ම ආලෝක වර්ෂ 600 පමන දුරින් පෘතුවියට සමාන ග්‍රහ ලෝකයක් සොයා ගැනීමත් වැදගත්.

පරිසර දූෂණය අතින් තවත් මිනිස් සංහතියේ පැවැත්මට තර්ජන එල්ල වීම නැවතීමක් නැතුවම කෙරෙනවා. මේ ගැන නව වසරේදීත් අප සිතට ගත යුතු වෙනවා. පෘතුවිය ඇතිළු මේ විශ්වය තවත් අවුරුදු බිලියන 5කට අධික කාලයක් සුරක්ෂිතව පවතින බවත් මෑතකදී සොයා ගැනුනා. නමුත් අපේ මේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය එතරම් කල් පවතීවි යැයි මම සිතන්නේ නැහැ මේ යන පිළිවෙලට නම්. ඒ නිසා තවත් චිරාත් කාලයකට අපේ ශිෂ්ටාචාරය ආරක්ෂා කර ගැනීමට අපි සියළු දෙනාගේ දායකත්වය ලැබේවා කියා පතනවා.

අපි බ්ලොග් වලින් හමුවෙමු මේ වසරේදීත්.

මට දැන ගන්න ලැබුනු අන්දමට මේ වසරේදී බ්ලොග් කරුවන් ගාල්ලට එකතු වෙන්න හිතා ඉන්නවා. ඒක වටිනා දෙයක්. ඒ සැමටත් සුභ පතනවා. මා කොළඹ සිටිය යුතුම දිනයක් 07, නමුත් මම 08 මාතර. සහභාගීත්වය දැක්වීමට නොහැකි වුවත් සුපිරි හමුවක් සිදු වේවා!!!

2012 කාටත් ජීවිතයේ ලැබූ හොදම වසර වේවා!!!!

මගෙන්, 100 ලිපි සහ වෙන වෙන අවස්ථාවල මීට පසු ඒ ගැන සදහන් කිරීමක් හැර ලිපියක් ලියවෙන්නැති වෙයි. ඒ නිසා මම මේක අවස්තාව කර ගන්නවා. මට මේ බ්ලොග් ලෝකයේදී බොහෝ හොද මිනිසුන් හමුවුනා. ඒ හැමටත්. මට කමේන්ට්ස් එවූ සැමටත්, මා ලියූ දෑ කියවූ සැමටත්. මගේ ලිපි මූණු පොතේ පලකල සැමටත්, මා අගය කළ, විවේචනය කළ, මට බැනපු මේ සියල්ලන්ටම මම ස්තුති කරනවා.

ඔබ නිසා තමයි මෙතරම් දුරක් මට ඒමට අවස්ථාව ලැබුනේ.

මා නමින්ම සදහන් කල යුතු කීප දෙනෙක් සිටිනවා. ඒ අය නම්, ඉන්ද්‍රජිත් සමරජීව කොත්තු ඇඩ්මින් සහෝදරයා, කාලින්ග ඇතුලත් මුදලි, ප්‍රවීන් ඉන්ද්‍රනාම සොයුරා SBU ඇඩ්මින්වරුන්ටත් , ලාංකීය සිතුවිලි ඇඩ්මින්වරුන්ටත් මගේ ස්තුතිය හිමි වෙනවා.

මාරයා මගේ ගුරුතුමා, කතන්දර මගේ ගුරුතුමා, ඔබ දෙපලටත් මා ස්තුති කරනවා. ගිම්හාණී මගේ පළමු පාටකයා (ස්ත්‍රි ලිංග පදේ නම් දන්නෙ නැහැ. හැබැයි ඇය කාන්තාවක් බව ඇය හමු වී ඇති නිසා මම දනිමි.) පළමු කමෙන්ටුව ලබා දීමෙන් දුකා ඔබ දැක් වූ සහයට මම සදා ණය ගැතියි.

මට කිව යුතුම දෙයක් ඇත. එනම් මම ඉතාම කැමති බ්ලොග් කරුවන් තිදෙනෙක්ගේ බ්ලොග් මෑතක සිට මට නොපෙනී ගොස් ඇත. ඒ ඇල්කෙමියා, අරුණි අක්කා සහ යථාර්ථවාදියා හෙවත් හිතවත් නිහාල්ගේ බ්ලොග් අඩවියන්ය. මට ඔබ කියවා ගැණීමට නොහැකිව ඇත්තේ යම් කාර්මික තාක්ෂණික දෝෂයක් නිසා බව දනිමි. ඔබද මට නැතුවම බැරි මිතුරන් තිදෙනෙකි.

තමන්ගේ බ්ලොග් රෝල්වල මගේ බ්ලොගයේ නම දමාගෙන ඉන්නා සහෝදර ඔබටත් මම ස්තුති කරනවා. ඒ වගේම සුභ පතනවා!!!!

ඔබ සැමට ස්තුතියි!!!

ඉසුරු බෝ වේවා - සිත පහන් වේවා,
දිවිය සරු වේවා - පැතුම් ඉටු වේවා.

ගත සවිය වේවා - අපල දුරු වේවා,
යහපතම වේවා - අසිරි බෝ වේවා.

ආයු බෝ වේවා!!!!!!!

34 comments:

  1. සුබ නව වසරක් වෙදමහත්තයො...බොහොම ස්තුතී අප ගැන සඳහන් කලාට...ඔබගේ සියලු පැතුම් නව වසරේ ඉටුවේවා කියල පතමි. පුල්වන්නම් ජනවාරි 7 අපත් සමග ගාලු යන්න එන්න.

    ReplyDelete
  2. ඔබටත් එසේම වේවා!
    කවදාවත් comment නොකලත් මම නිතරම ඔබේ ලිපි කියවන කෙනෙක්. ඊයේ ඉඳල තමයි නමින් comment කරන්න හැකියාව ලැබුනේ.
    ජය පතනවා

    ReplyDelete
  3. අළුත් අරමුණු....අළුත් බලාපොරොත්තු සහ සතුට පිරුණු...සුභ අලුත් අවුරුද්දක් වේවා !

    ReplyDelete
  4. ඔබතුමන්ටත් වෙදහාමිනේටත් දියණියටත් සුභ අලුත් අවුරුද්දක් වේවා..! මතක් වුන එක ගැනත් සතුටුයි.

    ReplyDelete
  5. ඔබ තුමාගේ සියලු කටයුතු සිතූ පැතූ ආකාරයට එලෙසින්ම ඉටුවෙන වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  6. වෙද මහත්තයටත් ආයුබෝ වේවා...!

    අළුතෙන් හිතන්න ලැබෙන අළුත් වසරක්, නව පිබිදීමක් වේවා..

    පුරසාරම් කියන්න දේවල් වැඩි වැඩියෙන් කරන්න ලැබේවා. එව්වායිනුත් අපිටමනේ වාසි !!!

    සුභූ නව වසරක් හැමෝටම... ජයෙන් ජය !!!

    ReplyDelete
  7. මම ඔබේ ලිපි කියවනවා. සුබ නව වසරක්

    ReplyDelete
  8. සියලු යහපත් පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් වේවා!!

    ReplyDelete
  9. වෙද මහත්තයාට 2012 සාර්ථක කර ගැනීමට අවශ්‍යය ශක්තිය ධෛර්යය ලැබේවා!

    ReplyDelete
  10. වෙද පවුලට 2012 වසර වාසනාවන්ත නව වසරක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා.....

    ReplyDelete
  11. සුභ අළුත් අවුරුද්දක් වේවා වෙද මහත්තයෝ.......

    ReplyDelete
  12. ඔබටත් ආයු බොහෝ වේවා ...
    තව තවත් වෙදකමෙන් අනුන්ට සේවයක් කිරීමට ඉඩ සැලසේවා...

    ReplyDelete
  13. කරගෙන යන කාර්යයන් වඩාත් සාර්හාකව සිදු වන සුභ නව වසරක් පතනවා..

    ReplyDelete
  14. ප.ලි. ඔබතුමාට කියවීමට නොහැකි බ්ලොග් අඩවි 3ම වර්ඩ්ප්‍රෙස් නේද?

    ReplyDelete
  15. සියලු බලාපොරොත්තු සපිරි නවවසරක් වේවා !

    ReplyDelete
  16. ඔබටත් සුබ නව වසරක්....!!!

    තව, තව, රසබර, අරුත්බර ලිපි ලියවෙන අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  17. සුභම සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  18. මේ උදාවු වසර සුබම සුබ නව වසරක් වේවා

    ReplyDelete
  19. ඔබතුමාටත් සුබ නව වසරක් වේවා..

    කුරුම්නියා.

    ReplyDelete
  20. සුභ නව වසරක් වෙද මහත්තයට සහ පවුලේ සැමට

    ReplyDelete
  21. සුභම සුභ නව වසරක් නිරෝගිමත් අනාගතයකට වෙද මහතාටත් පවුලේ සියළු දෙනාටත් මා එක සිතින්ම ප්‍රාර්ථනා කරනවා....ජය වේවා තව තවත් ජයග්‍රහණ ලැබේවා...

    ReplyDelete
  22. සුභ නව වසරක් වේවා

    ReplyDelete
  23. සුභ නව වසරක් වේවා වෙද මහත්තයො...

    ReplyDelete
  24. ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  25. වෙද මහත්මාට සහ පවුලේ සැමට සුභ 2012 ක් පතනවා

    ReplyDelete
  26. ඔබටත් සුභ නව වසරක් වේවා!

    ReplyDelete
  27. වෙද මහත්තයා වෙද හාමිනේ ආදරණීය දියණිය ඇතුලු සැමට ශුභ නව වසරක් වේවා කියා පතන ගමන්ම ඔබේ ඉදිරි ජයග්‍රහණයන් ගැන අප බලාපොරොත්තු සහගතව සිටිනා බැව් දන්වමි.

    ReplyDelete
  28. වෙද මහත්තයාටත් සුබ නව වසරක් වේවා!

    ඒවගේම මේ වසර පුරාවටත් අපට කියවන්න බ්ලොග් ලිපි දෙන්ඩ ඉඩකඩ ලැබේවා කියලා පතන්නම්

    ReplyDelete
  29. පරක්කු උනත් වෙදනට සහ පවුලේ සැමට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  30. සුබ නව වසරක් වේවා...!!!

    ReplyDelete
  31. වෙද මහත්තයාටත් පවුලේ සැමටත් උදාවූ නව වසර සුභ නව වසරක්ම වේවා...!!!!

    ReplyDelete
  32. මම නම් අලුත් ඇවිත් තාම මාසයක්වත් නෑ.ඒත් ඔබ තුමාටත් යාලුවෝ හැමෝටමත් සුභ නව වසරක් පතනවා....!!

    ReplyDelete
  33. සුබ අලුත් අවුරුද්දක් වෙද මහත්මයටත් පවුලේ සැමටත්.

    ReplyDelete