Monday, December 5, 2011

කන්‍යාභාවය, දේවදාසියෝ සහ පෙම් කථාවක්.

අපේ දිනේෂ් දීපාල් සහෝදරයා මගේ සම්භාවනාවට පත් වුනු තරුණයෙක්. මෙතුමා තමන්ගේ සත්සමුදුර නම් ඉතා වටිනා බ්ලොග් අඩවියේ නොයෙක් වටිනා මාතෘකාවන් පිළිබඳ නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. මෙවර අපිට නිතර අහන්න නොලැබෙන ඉන්දියාවේ යථා සවභාවය ගැන ලියූ ලිපිය මගේ මතකය බොහෝ අවධි කළ ලිපියක්. මේ කෙටි සටහන ලියවෙන්නේ එම අවධි වූ මතකයේ පියවරක් ලෙසයි.

මම මේ කියන්න යන කාරණාව ඔබ අසා ඇති. එහෙත් මට මේ ගැන ලිවීමට දැඩි ආශාවක් ඇති වූ නිසා මෙසේ සටහන් කර තබන්නම්.

ඔබ දන්නවා යම් යුවතියක් විවාහ වී අඹුසැමි සම්බන්ධතාවක් පැවැත්තූ පසු , එම සම්බන්ධතාවය නිසා ඇයගේ කණ්‍යාභාවය නැති වී යනවා. ගැහැණියක් බවට පත් වූ කාන්තාවකගේ ඊලඟ අරමුණ වෙන්නේ බොහෝ විට මවක් වීම. මේක තමයි ස්වභාව ධර්මයේ චක්‍රය.

නමුත් ඔබ දන්නවාද…………………...?

ඉන්දියාවේ සිටිනවා කාන්තාවන් කොට්ටාශයක් මොවුන් හැදින්වෙන්නේ දේවදාසියන් මෙතනිනුත් ඒ ගැන තව දැනගන්න පුළුවන්.)ලෙස. මොවුන්ගේ ඇති විශේෂය තමයි මොවුන් යම් යම් දේවාල වල සේවාවට කැප වූ අය. මොවුන් ඉතාමත් තරුණ වයසෙදීම තම දෙමාපියන් විසින් දේව සේවය සඳහා දේවාලවලට පූජා කෙරුණ යුවතියන්. මොවුන් තෝරා ගන්නේ හරිම අපූරු ක්‍රමයකට.

මුලින්ම මම මොවුන්ට අත්වන ඉරණම පිළිබඳව ඔබ දැණුවත් කරන්නම්. මේ කාන්තාවන් එදා දේව සේවයට බඳවා ගත්තත් ටික කලකින්ම මේ දේවාල වල සිටිනා වයසක කාමුක පූජකයන්ගේ මනදොළ පිරිමැසීමට මොවුන් යොමු කරනවා. ඒ සඳහා අදාල කාන්තාවගේ කැමැත්ත කිසි විටෙක වැදගත් වන්නේ නැහැ. මෙය එක්තරා ආකාරයක වහල් සේවයක්. මෙය නවීන සමාජයේ හැඳින්වෙන්නේ ලිංගික වහල්භාවය යන නමින්.

ඒ කෙසේ වුවත් මේ කාන්තාවන් පූසාරින්ගේ ආශාවන් ඉටු කිරීම යම් කලකට සිදු කළත් ඊටත් පසුව දේවාල හා සම්බන්ධකම් ඇති පොහොසත් මිනිසුන්ගේ මනදොළ සැපිරීමට යෙදවෙනවා. අවාසනාවන්ත ලෙස මොවුන් තම තාරුණ්‍යය අවසන් වන විට ලාභ ගණිකා වෘත්තියට යොමු කරනවා. අවසන ඉතාමත් අසරණව කෙටි කාලයකින් ජීවිතය අවසන් වෙනවා. කොතරම් ඛේදවාචකයක්ද………..?

අපරට ඇත්තෙන්ම මේ වැනි විකාර සමඟ බලත්දී සුරපුරයකම තමා.

ඉතා කුඩා දැරියන් ළමා මනාලියන් ලෙස විවාහ කරදී සැමියන් මළ පසු මේ ළමා වැන්දඹුවන්ද මේතත්ත්වයට පත් කරවනවා. ඒ ගැන අප රටටද කීර්තියක් අත් කර දෙමින් චිත්‍රපටියක් (Water) තිරගත වුනා. (මෙතනින් ඒ ගැන දැන ගන්න.)

මෙම සේවයට කාන්තාවන් තෝරා ගන්නේ අපූරු ක්‍රමයකට. ඒ තමා මේ කාන්තාවන් සියල්ල නොවුනත් යම් ප්‍රමාණයක් කණ්‍යාවක් වශයෙන්ම ගැබ් ගැන්නුනු අය වීම, (ඉන්දියානු සමාජයේ සමහර විට පවුලක දරිද්‍රතාවය නිසා ගැහැණු දරුවන් මෙලෙස දේවදාසියන් ලෙස දේවාල වලට පූජා කරන අවස්ථාත් තිබෙනවා. ඒ හැමගේ ඉරණම පොදු එකක්.)

ඇත්තෙන්ම මෙහිදී මට ඇවැසි වූයේ ඔබව මේ කන්‍යා ගැබ් ගැන් වීම පිළිබඳ දැනුවත් කරන්න.

මෙය විය හැකිද……...?

ඇත්තෙන්ම විය හැකියි. (ඔන්න ඒ පාර මේ ගැන අතුරු කථාවකුත් මතක වුනා. ඒකත් අදම කියන්නම්.)

අද ඉරිදා මේ කථාව ලියන්න ගත්තේ සෙනසුරාදා පාන්දර. කොහෙද ඊට පස්සේ අතවත් තියන්න බැරි වුනා. දැන් පටන් ගන්නම් නවත්තපු තැනින්.

මේ කන්‍යාවන් දරුගැබ් දැරීම කියන ප්‍රශ්නේ බටහිර විද්‍යාවත් එක්ක බොහෝම හැල හැප්පීම් ඇතිකල දෙයක්. මේ නිසා ඉන්දියානු යටත් විජිත යුගයේ නොයෙක් වාද විවාද ඇති වෙන්න පටන් ගැනුනා. මේ නිසා බටහිර වෛද්‍යවරුන් කණ්ඩායමක් මේ ගැන කළ පරීක්ෂණයකින් හෙළි වූ කරුණු ඉතාමත් විශ්මය ජනකයි.

එනම් මොවුන් මේ ගැබ් ගැන්නුනු කාන්තාවන් සමූහයක් ඇත්තටම ඔවුන් කන්‍යාවන්ද කියා බැලූ විට ඔප්පු වූයේ ඔවුන් සත්‍ය වශයෙන්ම කන්‍යාවන් බවයි.

දෙවනි වර මෙම විද්වතුන් පරීක්ෂා කළා ඔවුන්ගේ, මෙම සිද්ධිය සිදුවන කාලය. සමූහ වශයෙන් මෙවැන්නක් වීමට හේතුව, මෙම සංසිද්ධිය හා මෙම ජනයා අතර පවතින යම් යම් සිරිත් විරිත් අතර යම් සම්බන්ධයක් පවතිනවාද? වැනි විශාල තොරතුරු තොගයක්ම.

මින් ඔවුන්ට හැඟී ගියා. මෙවැන්නක් හැම විටම වන්නේ, හිංදූන්ගේ පූජනීය චාරිත්‍රයක් වන සමූහ වශයෙන් පැමිණ ගංගානම් නදියේ ස්නානය කරන සමයේ බව.
(මම ඔබට කියන මේ කථන්දරය ගැන තවත් විස්තර ඔබට බලා ගන්න පුලුවන් මෙතැනින්.)

මේ අනුව එලැබුනු නිගමනය වූයේ මේ චාරිත්‍රය හා මේ සංසිද්ධියේ යම් සම්බන්ධයක් ඇති බවයි. අනතුරුව ඔවුන් ගංගානම් නඳියේ ජලය පරීක්ෂා කලා. ඇත්තෙන්ම සත්‍ය හෙලු වූයේ එවිටයි. මේ ජලයේ මිනිස් ශුක්‍රාණු අඩංගු වී තිබුනා.

අධික සීතලකින් යුත් ගංඟානම් නඳියේ ජලයට පිරිමි බැස්ස විට නොදැණුවත්වම ශුක්‍ර පහ වී ඒවා ජලයට එකතු වීමෙන් ගසාගෙන ගොස්, ස්නානය කරන කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඇතුලු වීමෙන් මෙය සිදුවන බවට මෙම විද්වතුන් උපකල්පනය කළා.

ශුක්‍රාණුවක් පැය හතරක පමණ කාලයක් සීතල ජලයේ ප්‍රාණවත්ව තබාගත හැකියි. ඒ වාගේම අධික සීතල ජලයට ඉබේ ශුක්‍ර පහවන තත්ත්වයකුත් ඇති වෙනවා. මේ ගැන මම විස්තර සොයද්දී මට දැන ගන්නට ලැබුනා. අපේ රටේ පැරන්නන් ජලය ස්නානය සඳහා ගංඟා තොටුපලවල් වෙන්කළ අපූරු ක්‍රමයක් ගැන, එනම් ඔවුන් හැම විටම පිරිමි නාන තොටුපළ සහ ස්ත්‍රීන් නාන තොටුපල වෙන වෙනම පිහිටුවනවා පමනක් නොවෙයි. මේ දෙකෙන් ස්ත්‍රීන් නාන තොටුපල හැම විටම ගංඟාවේ ඉහත්තාවෙන් පිහිටුවනවා. ඒ මේ සංසිද්ධිය නිසා නේද?
________________________________________________________________________

මම අර කලින් කිවු කථාව මේකයි. මේ සිද්ධියට මුහුණ දෙන්න මට සිදු වුනේ දැනට අවුරුදු 12 පමණ පෙරදියි. ඒ කාලයේ මම සාමාන්‍ය වෛද්‍යවරයෙක් විදියට රැකියාව කරන කාලේ. ගමේ හැම කෙනෙක්ම මාත් එක්ක හරි මිත්‍රයි. මේ ගමේ සිටි එක පවුලක සිටියා එක්තරා ගැහැණු ලමයෙක්. වයස මට මතක හැටියට අවුරුදු 18 විතර ඇති. ඒ ඒ ළමයාගේ උ/පෙ කාලේ. මේ ළමයා මිත්‍රවෙලා හිටියා ඒ ගමේම පිරිමි ළමයෙක් එක්ක. දෙන්නම මම හොඳින් දන්නා පවුල්වල ළමයි. දෙමාපියන් මගේ මිත්‍රයින්. නිතර මගෙන් බේත් හේත් අර ගන්නා පවුල්. එක් කාලයක් ආවා මේ ගැහැණු ළමයා නිතර ලෙඩ වනවා. කිසිම සනීපයක් නැහැ. මේ ළමයාගේ මව නිතර නිතර මා වෙත මැය රැගෙන එනවා. මට දැන් මේ ගැන පොඩි සැකයක් ඇති වුනා. මම පොඩි උපක්‍රමයක් යොදලා අම්මව පිටට යවලා, මගේ සාත්තු සේවිකාවක් සමඟ මේ ලමයාත් සමඟ පොඩි සාකච්ඡාවක් පැවැත්තුවා. මට මින් මගේ සැකය වැඩි වුනා. මේ දෙන්නටම (කොල්ලටයි, කෙල්ලටයි) හෙටත් අම්මලට නොකියා පැමිණෙන ලෙස දන්වා මම නිහඬ වුනා.

පසුවදා මේ යුවල මා හමුවට පැමිණියා. මුලින්ම ගැහැණු ළමයාගේ මුත්‍ර සාම්පලයක් පරීක්ෂා කිරීමෙන් ඇය ගැඹිනියක් බව මට වැටහුනා. මේ ගැන මේයාලව දැණුවත් කරලා, වෙන් වෙන්ව දෙදෙනාගෙන්ම ලබා ගත්ත තොර තුරු අනුව මොවුන් බාහිරව ලිංගික සංසර්ගයක යෙදීමෙන් මෙවැනි ප්‍රතිඵලයක් ඇති වී ඇති බව මට වැටහුනා. මෙහිදී මට තේරුම් ගියා දැන් මම කරනා දෙයින් තමයි මේ ජීවිත තුන රැකෙන්නෙ කියන එක. මෙයාලට දැඩි විදියට අවවාද කරලා, දැන්ම අම්මලාට එන ලෙස දුරක්ථන ඇමතුම් ලබා දුන්නා. ඒ විගසම දෙමාපියන්ද පැමිණියා.

සිදු වී ඇති දෙය දෙපසටම තේරුම කර දීමෙන් පසු මට හෙටම මේ දෙන්නා විවාහ කර කසාද සහතිකය නොපෙන්නුවොත් මම දැඩි තීරණයක් ගන්නා බව පිරිමි පාර්ශ්වයේ දෙමාපියන්ට දැඩි ස්වරයෙන් පැවසීමෙන් තමයි ඒ ජීවිත තුනම බේරා ගන්නට කළ මගේ සටන අවසන් වුනේ. සියල්ල ඒ විදියටම සිදු වුනා.

ඇය උ/පෙ බාහිර අපේක්ෂිකාවක් ලෙස සම්පූර්ණ කලා. ඒ කාලයේම ඒ ළමයාට අන්තර් ජාතික පාසලක ගුරු තනතුරක් ලැබුනා. ලස්සන දරුවෙකුත් ලැබුනා.

අද හොදින් කොහේ හෝ ජීවත් වනවා ඇති.

53 comments:

  1. හරි වැදගත් ලිපියක් . විශේෂයෙන් තරුණ පරපුරට. නැවත වරක් කියවන්න ඕන ලින්ක්ස් බලන්නත් බැරි උනා තාම.

    ඉස්සරම මට මතකයි අපේ අම්මල අපිට පිරිමි අයගෙ සරම් ඇඳගෙන නාන්න දෙන්න නෑ. හේතුව දැන් පැහැදිලියි ...

    ReplyDelete
  2. මම කෙලින්ම නම් කරන්න කැමති නෑ. වෙනත් ආගමකත් ඔය වගේ වෙන්න පුළුවන් ගැබ් ගැනීමක් ගැන තියෙනවා..

    විශේෂ දෙකක සතුන්ට අන්තර්-අභිජනනයෙන් සරු ජනිතයින් බිහි කල නොහැකි නිසා හොඳයි. හප්පා නැත්තන් වලිග සොඬවැල් වගේ අමතර අවයව තියෙන අය අපි අතර ඉන්නත් තිබුනා. :D, හැබැයි ඔය කොටළුවෝ එහෙම ඔය ක්‍රමේටත් හැදෙනවා ඇති..

    ප.ලි. අර බාහිර සංසර්ග ක්‍රමයෙන් ගැබ් ගැනීමෙන් පසුව, බාහිරවම ගබ්සා කර ගත්ත මගේ මිතුරු යුවලක් අද වෙනත් අය සමග විවාහ වෙලා හොඳින් වගේ ඉන්නවා.

    ReplyDelete
  3. මං හිතන්නෑ ඉන්දියාවේ තරම් ගැහැනියට අසාධාරණ කම් වෙන..තවත් රටක් ඇතිකියලා...මෙවට මූලික හේතු සමාජ දූෂණය....දිළිඳුකම...ජනඝහනය අධික බව...දේෂපාලනික අක්‍රමිකතා....ප්‍රිතූ මුලික සමාජය වෙන්ඩ පුලුවන්...
    මමනම් ආඩම්බරයි ඒ අතින් ලංකාව ගැන...මේහෙත් දුෂණය නැතුව නොවෙයි..නමුත් අනෙක් රටවල් ගත්තම සාරධර්ම....සංස්කෘතිය අතින් තාම අපි හොඳ තැනක ඉන්නව...
    මම හිතන්නේ වෙදමහත්තයා කියන ඔය කන්‍යාවන් දරුගැබ් දැරීම..පිළිබඳව බවලත් උදවිය වගේම පිරිමි අපිත් සැලකිලිමත් වියයුතුයි...
    අර පවුල පිළිඹඳව වෙදමහත්තය ගෙන තියෙන ක්‍රියාමාර්ගය නම් අති උසස්...

    ReplyDelete
  4. නොදත් බොහෝ දේ දැනගත්තා.ස්තූතියි.

    ReplyDelete
  5. හොඳ වැඩක් කලේ සතුටුයි... නැත්නම් ඒ ජීවිත කොහෙ නතරවෙයිද දන්නෙ නෑ..

    ReplyDelete
  6. විද්‍යාත්මකව සලකලා බැලුවම ශුක්‍රාණු හැදිල තියෙන්නෙ යෝනි මාර්ගයට ඇදිල යන විදියට. ඒ කියන්නෙ ආසන්නයේ තැවරුනත් ඇති. සීතල වෙලාවක ගගකදිත් මේක වෙන්න පුළුවන්. ඒත් බොහොම අඩු සම්භාවිතාවක් තමයි තියෙන්නෙ.
    වෙදන කරපු වැඩේ නං නියමයි. නැත්තං කොල්ල පැනල යන්නත් ඉඩ තිබුනනේ.

    ReplyDelete
  7. හොඳ ලිපියක්. ගැහැනිය මේ වගේ තත්වකට පත්වෙන එක ගැන නම් හිතට හරිම දුකයි. Water ෆිල්ම් එක මම බැලුවා. මම දන්න හැටියට ඒක ඉන්දියාවේ ෆිල්ම් කරන එක පවා තහනම් කලා. සමහර දර්ශන කැමරා ගත කලේ ලංකාවේ.

    මේ වෙනදේවල් ඇහුවාම හරි බයක් දැනෙන්නේ. මේ වගේ ලිපිවලින් ලංකාවේ ජීවත් වෙන සාමාන්‍ය ජනතාව දැනුවත් කරන්ට පුලුවන් නම් ඔබට පින්.

    ReplyDelete
  8. හප්පේ වටිනා විස්තර ටිකක්..අපිනං ඒ කාලේ පරිස්සමට ඕවා කරා...හික් හික් .....බාහිර කියන්නේ පරිබාහිරව....මගේ යාළුවෙක් හිටියා ඌට කියන්නේ "පසු වෛද්‍ය" කියලා....

    ReplyDelete
  9. "ඔබ දන්නවා යම් යුවතියක් විවාහ වී අඹුසැමි සම්බන්ධතාවක් පැවැත්තූ පසු , එම සම්බන්ධතාවය නිසා ඇයගේ කණ්‍යාභාවය නැති වී යනවා"

    මේ කියන විදියට විවාහ නොවී ලිංගිකව හැසිරුනොත් කන්‍යාභාවය නැතිවෙන්නෙ නැද්ද? :D

    යේසුසු වහන්සෙගෙ මවත් දේවදාසියක් සහ කන්‍යාවක් විදියටනෙ ගැබ් ගත්තෙ.

    කුමාරිහාමි,

    වෝටර් ච්ත්‍රපටිය සම්පූර්ණයෙන්ම රූගත කලේ ලංකාවෙ. ප්‍රධාන දර්ශණතල හදල තිබ්බෙ හිරන තොටුපොළ ගාව. ගෝනි සහ ප්ල්යිවුඩ් වලින් දේවාල මාලිගා හදල තිබ්බ හැටි බලන්න ලස්සනයි. ඒත් ඒ දර්ශණ තල දැකීම පස්සෙ ච්ත්‍රපටිය රසවිඳීමට ලොකු බාධාවක් උනා කියල හිතුන.

    ReplyDelete
  10. මම දන්න තැනකත් ඔය වගේ වැඩක් උනා . . . කෙල්ල ප්‍රෙග්නන්ට් . . . . රූට් කෝස් එකක් කරල බලද්දි ට්‍රිප් එකක් ගිය වෙලාවක කෙල්ල, කෙල්ලගෙ අයිය කලිං දවසෙ ඇඳපු සරම ඇඳගෙන වැවක නාල . . . . .

    ප.ලි.
    අපි නං . . හරීම පරිස්සමට තමා ඕව කොලේ . . බොහෝම සීරුවෙං . . . .

    ප.ප.ලි.
    යෙල්ලම්මා කියන්නෙ කර්නාටක් පැත්තෙ දේවදාසියන්ට කියන නම නේද ???

    ReplyDelete
  11. මම මේ බ්ලොග් එක වරක් කියවා ඇතත් මගහැරී තිබුන එකක්. වොටර් නම් මාත් බැලුවා. කන්‍යා භාවය ගැන නම් මගේ ආකල්පය අපේ සමාජයේ ඒ ගැන සිතනවා වැඩියි කියා. විවාහයට පෙර එය නැති කරගත් තරණියන් වෙනත් විවාහයක් කරගෙන හොඳින් පවුල රැකගන්නා විටෙක එය ආරක්‍ෂාකරන් ආ අය විවාහයෙන් පසුව හැසිරෙන ආකාරය අප්‍රසන්නයි. සාමාන්‍යයෙන් ඔබ කී පරිදි නානතොටුපල ගැන ඇති සම්ප්‍රදාය ගැන මට අදහසක් නෑ. එහෙත් අපි කුඩාකල මට මතකයි නාන්න වැඩිහිටියන් (අපේ ආත්තම්මා වැනි අය) සමග යන විට සාමාණයෙන් ගැහැණුන් හා ළමුන් මුලින් ස්නානය කරන අතර පිරිමින් නාන්නේ ඊට පසුවයි. මෙයින් තේරෙන්නේ මේ අවබෝධය අපේ පැරණි සමාජයේ තිබී ඇති බව නේද. ඒ වගේම ගිම්හානි කීවා මෙන් පිරිමියෙන් අඳින සරම ගැහැණියක් දියරෙද්දක් ලෙස අඳින්නේ තම ස්වාමිපුරුෂයාගේ නම් පමණක් බවත් මා දැක තියනවා.
    වටිනා ලිපියක්. දිගටම එන්නම් කියවන්න.

    ReplyDelete
  12. හොඳ ලිපියක්...ස්තුතියි.

    ReplyDelete
  13. වෙද මහත්මයාගෙන් තවත් හොඳ ලිපියක්, ස්තුතියි.

    'වෝටර් ' චිත්‍රපටය කල කෙනාගේ නම මේ වෙලාවෙ මතක නෑ, මම හිතන්නෙ ඇමෙරිකාවෙ ජීවත් වෙන ඉන්දියානු ජාතික කාන්තාවක්, එයාගේ හොඳ චිත්‍රපට කීපයක් මම දැකල තියෙනව. 'අර්ත් ' සහ 'ෆයර් ' එයින් මතක තියෙන දෙකක්.

    ReplyDelete
  14. එක සැරයක් මං කැම්පස් ඉන්න කාලෙ ට්‍රිප් එකක් ගිහින් ඇළක නානකොට කොල්ලො ටික අපට උඩහින් නාන්න පටන් ගත්තා.... ඒ ගමන කෙල්ලෙක් කෑගහල කිව්වා 'ගොඩට වරෙල්ලෝ...ඔන්න අප්පුහාමිලා එනවෝ...' කියලා.. එයා අදහස් කළෙත් වෙදනා අර තොටුපොළ ගැන කියපු දේමයි... ඒත් මං ඒක විශ්වාස කළේ නෑ මේ වෙනකම්... බැලුවාම වැඩේ ඇත්තනෙ බොලේ....

    ReplyDelete
  15. ඉන්දියාව ඔය වගේ නස්කූනි වැඩ වලින් පිරිච්ච තැනක්... ඔය ලමයි ඒ දෙමව්පියො බොහොම කැමැත්තෙන්ලු ගිහින් බාර දෙන්නෙ... දෑවැදි හොයල දීග දෙනවට වඩා ලේසි නිසා...

    ලිපියෙ විද්‍යාත්මක පාඩමත් හරි වටිනව... වෙද මහත්තයට පුලුවන් කමක් ඇතොත් සිංහල පත්තරේකට මේ ගැන ආටිකල් එකක් ලියන්න...බ්ලොග් කියවන මට්ටමේ ලමයින්ට නම් ඔය ගැන අවබෝධයක් ඇති කියල හිතෙනව... ඒත් ලංකාවෙ ලාබාල තරුණ තරුණියන්ගෙ නම් ඔය දේවල් ගැන දැනුම සෘණ...

    ReplyDelete
  16. වතුර කතාවනං විශ්වාස කරන්න අමාරුයි.

    අනිත් කේස් එක නං---- බුදු අම්මෝ!

    ReplyDelete
  17. @කතන්දර : ජීවය බිහි වුනේ ජලයේදී වගේම මාළුන් වර්ග බොහොමයක්ම සිදු කරන්නේ බාහිර සංසේචනය. ඒ කියන්නේ ශුක්‍රානු හා ඩිම්භ ජලයට නිකුත් කර ශරීර වලින් පිටතදී සංසේචනය සිදු කරවාලීම. අර අහවල් මාර්ගයේ තියෙන සැර දරා ගන්න පුළුවන් ශුක්‍රාණුවකට සාමාන්‍ය ජලයේ යම් වෙලාවක් රැදී සිටීම අපහසුවක් වෙන්නේ නැහැ. දිගු වෙලාවක් නෙවෙයි, මොකද ආශ්‍රුතිය නිසා ශුක්‍රාණුවේ ජීවී භාවය ඉක්මනින්ම විනාශ වෙන්න පුළුවන්.

    ReplyDelete
  18. @කතන්දර:
    බලද්දි නූලෙංද බේරිලා තියෙන්නෙ ????

    ReplyDelete
  19. දොස්තර කෙනෙක් ගේ කාර්යභාරය බෙහෙත් තුණ්ඩු පෙති කරල් වලින් කොච්චර ඈතට ගිය එකක්ද? නේද?

    ReplyDelete
  20. හරි වැදගත් ලිපියක් වෙදමහත්තයෝ....

    ReplyDelete
  21. @ Priyantha,
    Thank you, very much.

    ReplyDelete
  22. හප්පේ ඇඟ හිරිවැටිලා ගියා. තොටුපොල උඩින් පිහිටලා තිබුනට වැඩක් වෙන්නේ නෑ. මොකෝ පැදුර පෑගුවත් ඇතෙයි කියලනේ කියන්නේ..

    ReplyDelete
  23. ගිම්හාණී,
    ඔව් ඔය පිරිමින්ගේ තෙත සරම අදින්න දෙන්නේ නැහැ කාන්තාවන්ට තමන්ගේ ස්වාමි පුරුෂායාගේ හැරුනු විට, මම හිතන්නේ මේ සියල්ලටම හේතුව එකමයි.

    ඉඳුනිල්,
    මම මේ ලිපිය ලියුවේ වෙනත් ආගමිකයන් ගැනත් හොදට හිතලා. ඒ නිසා කිසිම සිත් රිදීමක් ඇතිවිය නොහැකියි.
    ඔබ දන්නවානේ ගබ්සාව ගැන මගේ අදහස. මම අන්තවාදී ඇති ඒත් වෛද්‍ය නිර්දේශයෙන් මවට වන අනතුරක් වලක්වා ගැනීමටත් සාක්ෂි සහිතව විකෘති දරු උපතක් වලක්වා ගැනීමට කියන දෙක හැර කිසිම ගබ්සාවක් මම අනුමටහ නොකරමි. මම යමක් දැන්ගත්තොත් ඒ වල්ක්වා ගැනීම සඳහා නීතිය හමුවට වුවද යාමට පසුබට නොවෙමි.
    සතුන් සමග සංසර්ගය කිරීම අනුමටහ් කළ හැක්කක් නොවේ. මගේ සමරිසි ලිපියේ මයට හේතුව ඇති. මට මුණ ගැසී තිබෙනවා මෙහෙම අය මම ඒ ගැන ලියන්න කැමති නැහැ.

    රාජ්,
    ඔබගේ අදහසටම මම සම්පූර්ණයෙන්ම එකඟයි.

    නඳී සහ මහේෂ්,
    ඔබ දෙදෙනාටම බොහෝම ස්තුතියි.

    රාජ්,
    බොලා දෙන්නා නම් මාරු කර ගනිල්ලා. ටැපලෙනවා හැම වෙලේම. ඔව් රාජ් ඔබ හරි. හැබැයි මම ඇස් දෙකින්ම දැක තිබෙනවා. මහ පාන්දර පට්ට සීතලේ මේ මිනිස්සු අයිස් වගේ වතුරේ බැහැගෙන නටන නාඩගම. එතැනදී නම් මේක අහම්භයක්ම නෙමෙයි. සෑහෙන්න ඉඩක් තිබෙනවා.

    පොඩි කුමාරිහාමි,
    අපි බලමු ඉදිරියට. දැනටමත් මට මේක දැකපු එක කතෘ කෙනෙක් කථා කලා. ඒත් කාලය මට ප්ලැටිනම් වගේ. බලමු.

    ඔබ නොදුටු ලොවක්,
    පරිස්සම ඈලියාවට යන්න පුළුවන් බවනේ මේ කියන්නේ. හෙක්... හෙක්...

    ඉන්දික,
    මට ඔබගේ පළමුවෙනි අදහසට කියන්න වෙන්නේ, ඔය මඟුල නම් නැති වෙන එකමයි හොඳ. මල වදයක්නේ. හයියෙන් කැසුවත් අම්මලා කෑගහනවා නේද?
    ඕකෙන්ම කාන්තාවන් මනින පිරිමි අනේ මන්ද?
    දෙවනි අදහස ගැන නම් මම කිසිත් නොකියමි. මම බුදු දහමට පසු ඉතාම ගරු කරන ආගම ක්‍රිස්තියානි. ජේසු තුමා බුදුන් වහන්සේ වැනිම මගේ වීරයෙක්. ඒ නිසා ඔය ගැන මම කථා නොකරමි.
    වොටර් චිත්‍රපටිය ගැන අදහසට මාත් එකඟයි.

    ඕනය,
    ඉති උඹ ගැන මම නොදන්නවායෑ මලේ.
    යෙල්ලම්මා කියන්නේ දකුණු ඉන්දියානු කට්ටිය.ප්‍රියන්ත,
    අප්පේ නැවතත් අදරයෙන් පිලිගන්නවා. ඔබ සමග මමත් එකගයි.

    කැන්ඩියන්,
    බොහෝම ස්තුතියි.

    ඔබ්සවර්,
    බොහෝම ස්තිතියි අයියේ. ප්‍රියන්ත ඔබට පිළිතුර දී තිබෙනවා. මමත් ආසම චිත්‍රපටි කීපයක්ම ඇගේ ඒවා.

    මියුරු,
    බලත්දි කෙල්ලො අප්පුහාමිලාට සෑහෙන්න බයයිනේ.

    සපතේරු උන්නැහැ.
    බලමුකෝ. ඔබට ස්තුතියි.

    කතන්දර,
    වතුර කෙස් එක නම් හරියටම හරි මම ඒක අත්හදා බලා තිබෙනවා. ජලයේදී පැයෙන් පැය විනාශවන ශුක්‍රාණු ප්‍රතිශතය පවා මම ගනනය කර තිබෙනවා.

    ඇනෝ,
    ඔබගේ විශ්ලේෂණය හරියටම හරි.

    සබිත්,
    ඒකනේ මල්ලි ගමේ නායකයෝ අතර වෙදමහත්තයා ඉන්නේ. අද නම් මුදල නිසා මේවා නැති වෙලා. අපි පුළුවන් හැටියට අපේ යුතුකම් කරන්න බලමු.

    ලොකු පුතා,
    බොහෝම ස්තුතියි.

    මාතලන්,
    මාතන් නැති අඩුව පහුගිය ටිකේම දැනුනා. හිරි වැටෙන් නැද්ද මේවා ඇහුවම.

    ReplyDelete
  24. මාරයා,
    දැණුයි තේරෙන්නේ නේද, අනේ.... අනේ... හෙක්... හෙක්...

    ReplyDelete
  25. හොඳ ලිපියක් මහ වෙදනා..සමහර කරුණු කනින් කොනින් අහල දැනගන හිටියත් මේ ආකාරයේ ලිපියක් කියවපු මුල් වතාව.සමහර කාරනා මෙතනින් එහාට ගෙනියන්න පුළුවන් නම් ගොඩක් හොඳයි..

    ReplyDelete
  26. බොලං මාරයෝ. ලතත් එක්ක දිය බුං ගැහැව්වට මේ කතාව කියවලා බය හිතුනා නේද ?

    ReplyDelete
  27. ලකී,
    ඉතිං, කොහොමද? ස්තුතියි ප්‍රතිචාරයට.

    ඇනෝ,
    මාත් බැලුවේ මාරයට මොකද වුනේ එක පාරටම කියලා.

    ReplyDelete
  28. // සිදු වී ඇති දෙය දෙපසටම තේරුම කර දීමෙන් පසු මට හෙටම මේ දෙන්නා විවාහ කර කසාද සහතිකය නොපෙන්නුවොත් මම දැඩි තීරණයක් ගන්නා බව //

    ඒ අහවල් දෙයක්ද කොරන්න හිතාන උන්නෙ,පොලෝසියටවත් අල්ලල දෙන්නද?

    ඕනයෝ උඩහ නාන තොටට යන්න වරෝ......... ඕනයෝ උඩහ නාන තොටට යන්න වරෝ......... [ගමම උඹයි මමයි වගේ වෙයි.. කාටෙයි ආඩම්බර]

    ReplyDelete
  29. වෙලාවෙ ප්‍රස්නයක් හන්දා දැනුයි කියවලා ඉවර කලෙ.

    …එහෙම බැලුවම ඔය ඒඩ්ස් වගෙ බයානක ලෙඩත් බෝවෙන්න පුලුවන්නෙ . අනෙ අම්මෙ මම නම් ලිදෙන්ම ඇදගෙන නානවා එක හොඳයි ළමයින්ටත් කියනවා ඇදගෙනම නාගන්න කියලා මොකද ලිඳට කවුරුත් බහින්නෙ නෑනෙ

    ReplyDelete
  30. වෛද්‍යය වෘත්තියේ බර කරටගත් ඔබතුමාට මාගේ ප්‍රණාමය.

    ReplyDelete
  31. මං දන්නේ නැ මෙහෙම අහන එක හරිද කියලා,ඒත් මේ කෙල්ලටයි කොල්ලටයි වෙලා තියන දේ පැහැදිලි නැනේ..බාහිර සංසර්ගය කියන්නෙ මොක්ද්ද? ප්‍රශ්නයක් නැත්තන් උත්තරයක් දෙන්ඩ.ඇනෝනිමස් ඇහුවේ ප්‍රශ්නයක්ද දන්නේ නැති නිසා.

    ReplyDelete
  32. උඩ ඇනෝ : ඒක ඔයා දන්නවානේ. පුරාණ කැටයම් ශිල්පියෝ එහි වචනාර්ථයෙන් හැඟවෙන කටයුත්තක් කලා.. ඔය කැකෑරෙන ලිංගික අසහනයට කොල්ලෝ කෙල්ලෝ කරන සිඟිති වැඩ විස්තර කරලා කියන එක මෙතනට අදාළ නැහැ.

    ReplyDelete
  33. ලින්ක් ඔක්කොම බැලුව යාඑවන් කීප දෙනකුටත් දුන්න..ඉන්දියාවට යන්න එපා කියල නෙමේ..අපි දකින බොහෝමයක් දේවල් වල නොදකින ඇත්ත තත්වය දැකගතයුතුයි කියල හිතුන නිසා.මේ ලිපිය හරිම හරවත් වෙද මහත්තයෝ..

    කුරුම්නියා.

    ReplyDelete
  34. @නවම් මාවත:
    මේ එනෝ . . . . .!!!!!!!

    ReplyDelete
  35. බොහොමත්ම ස්තූතියි වෙද මහත්තයෝ.මේවගේ දේවල් කාගෙන්වත් අහලා දැනගන්න පුළුවන් දේවන් නෙවෙයිනේ. ඉතිං දැනුවත් කිරීම හුගක් වටිනවා.

    ReplyDelete
  36. ටිකක් පමා වෙලා තමයි මේ ලිපිය දැක්කේ

    දැනං නොහිටි බොහොමයක් දේවල් මේ ලිපියෙන් දැනගත්තා . ඔය ජලයේ සිද්දිය ගැන මම ඇහුවෙත් අදයි ..

    දැනුයි මට තේරුනේ මේ බ්ලොග් එකේ තියන වැදගත්කම ..

    ReplyDelete
  37. ඇත්තටම කිව්වොත් ඔය අල්ලපු රටේ මිනිස්සුන්ව ඒ රටේ සමහර ආගම වල සමහර නායකයන් විසින් අම්බානකට ගොනාට අන්දවාගෙන යුතු ලබා ප්‍රයෝජන ලබා ගන්නවා ,, හරි උගත් කමක් නැති ,, ආර්ථික අතින් ඉතාම පහත ජනතාව තමයි ගොඩාක් වෙලාවට මේවට ගොදුරු වෙන්නේ ,, කාලයක් මම එක්ක වැඩකළ අල්ලපු රටේ බුවෙක් ,, පොර මේ රටට ඇවිල්ල අවරුදු 4 ටක පස්සේ මිනිහගේ පවුල ප්‍රෙග්නට් වෙලා ,, ඉතින් මිනිහට මාරම හැපී දෙය්යෝ දුන්න දරුවෙක් කියල ,, කසාද බැදපු අලුත එහෙම මිනිහ රට යනකොට පවුල්ව සහෝදරයෙක්ට හරි හිතවත්ම යාලුවෙක්ට හරි බාරදීළලු එන්නේ ,, ඉතින් ඒ විදියට ළමයි හැදුනම කියන්නේ දෙයියෝ දුන්න දරුවා කියලලු ( එතරමටම නූගත් කොටසක් ඔය රටේ ඉන්නවා ) ඉතින් ඒ වගේ මිනිස්සුන්ව මේ වගේ පහත වැඩ වලට නමම ගන්න එක බොහොම ලේසියි

    ReplyDelete
  38. මමත් දන්න සිද්ධියක් තියනවා මගේ මීතුරෙක් ගැන.එයා දැන් සීනමා කර්මාන්තයේ හැමොම දන්න පොරක්.එතකොට එයාගේ පෙර්‍මවතිය පාසල් යනවා.දෙන්නා භාහිරව එකතූර්‍වෙලා.කීයන විදිහට අහවල් තැනටත් ගොඩක් පහලින්.වෙන්න තියනදේ කොහොමහරි වෙලා.යාළුවා කේල්ලව සැකකලත් එක්ක.කොහොම හරි ලග හිටපු උන් යාළුවා .කේල්ල.කේල්ලගේ ගේදර අය.කොල්ලගේ ගේදර අය.දැනුවත් කළනිසා මීනිමැරැර්‍ම දේක තූනක් නැවතූනා.එ දරැවා අද ලස්සනට ඉන්නවා.රට මොකක් උනත් ලීංගීකත්වය ගැන එලීපිට කතා කලයුතූයි.ඔය ආසාව ඉෂ්ඪකරගන්නකොට සමාඡයේ උගත්යැයි සර්‍මමත උනුත් ගොන්කර්‍ම කරනවා.

    ReplyDelete
  39. වෙද ගෙදරට ආසිරි, පෝස්ටුව කාලීනය.

    ReplyDelete
  40. මම ඔබට ප්‍රථමයෙන්ම ස්තුතිකරනවා මාහට ලබාදී ඇති උණුසුම් පිළිගැනීම ගැන. ඒ වගේම පැමිනෙන්නට ප්‍රමාදවූයේ මේ දිනවල යෙදී ඇති වැඩ රාජකාරී බහුලවීම නිසයි. ඒ වගේම ඉතාමත් වැදගත් මෙන්ම අප බහුතරයක් නොදන්නා කරුණක් පිළිබදව දැනුවත් කිරීම ගැනත් ස්තුතිය පල කරමි...

    ReplyDelete
  41. මේ පොස්ටුව කාලීන එකක් නොවේ සර්ව කාලීන එකකි. ඉන්දියාව ගැන ලියන සත්සමුදුර හිමි තරුණයාට ශුභ පැතුම්, ඇත්තටම ඉන්දියාව යනු හාරන්න හාරන්න රන් මතුවන ආකරයක් බඳු මතෘකාවකි, දනුමට සත්සමුදුරකි.
    අසාදාරණ අමනුශ්‍ය කාලකන්නි අවිද්යාත්මක කෲර අනුකම්පා විරහිත අහස පොලව නුහුලනා අපරාදවලටද වලටද සත්සමුදුරකි, පූලාන් දේවීයගේ කතාවස්තුව උදාහරණයක්.

    ......71, 77, 88, 89, 2009 නිමා ඌ යුද්ධයේ පහර නොකෑ අයට අසාධාරණකම් වලට පාත්‍ර නොවූ අයට ලංකාව සුරපුරක් වගේ පෙනෙන එකට විරුද්ද වෙන්නෙ කොහොමද?

    ReplyDelete
  42. වෙද මහත්තයා... මොකෑ උනේ.. සද්දයක් බද්දයක් නැත්තේ...

    ReplyDelete
  43. මම මේ බ්ලොග් එකට ආවේ අදයි බැරෑරුම් කරුනු ගොඩක් සරලව ලියලා තියෙනවා සෑහෙන්න වටිනවා මීට අමතරව මම කියන්න කැමතියි ඔබ වගෙ අය සමාජයට අවශ්‍යයි කියලා.

    මේ ළගදි කොහේ හරි තිබිලා මම කියෙව්වා ගබ්සා නීතිය වෙනස් කරන්න යනවා කියලා බැලූ බැල්මට නම් හොදයි වගේ පේන්නේ මොකද දූෂණය වුනාම ගබ්සාව කරන්න නීතිගත කරන්නලු යන්නේ ඒත් තියෙන බය තමයි මේක මෙහෙම ඇවිත් පූර්ණ වශයෙන් ගබ්සා නීතිගත කරයිද කියන එක.

    එහෙම පූර්ණ වශයෙන් ගබ්සාව අනුමත රටක්ලු රුසියාව ඒ රටේ මේ නීතිය වෙනස් කරගන්න පිඹුරුපත් සකසනවයි කියලයි ආරංචිය.

    ලංකාවටත් එසේ විය යුතුද???

    ReplyDelete
  44. ඇත්තට ම කාලීන නෙවෙයි, සර්ව කාලීන පොස්ට් එකක්..

    ReplyDelete
  45. දැනුවත් කිරිමට ස්තුතියි......

    ReplyDelete
  46. අපේ පැරැන්නෝ ගෑනු පිරිමි වෙනම නාන තොටවල් හදපු එක දැනුයි වැටහුනේ..ඒ කියන්න්නේ අපේ පැරනි අයට හැමදෙයක් ගැනම හොඳ අවබෝදයක් තිබිලා තියෙනවා.

    ReplyDelete
  47. පැරැන්නෝ කිසිවක් නොදැන හිටි මහත් දුර්වලයින් කියා කියන බටහිර ගැත්තන්ට මෙන්න බඩු..

    ReplyDelete
  48. ලිපිය නම් හුගක් වැදගත් ,වැඩේ තියෙන්නේ ලිපිය කියවන්න විනාඩි 10 යි.කොමෙන්ටු කියවන්න පැයක්විතර යනවා.හික්,හික්
    කොහොම උනත් වැඩේ නියමය.

    ReplyDelete
  49. mama me blog ekata awe ada..harima wadagath lipiyak...mama aththatama me wage deyak danne ada... api me lagadi trip ekak gihin ganulamay pirimi lamay ekata nawa... mama me kathawa danagena ediyanam kawama dawath nanne na ekata...mata dan aththatama bayay...ehama unanam danaganna kochchara kalayak yanawada?.... godak pin me danumath kirimata....

    ReplyDelete
  50. ගොඩක් වටිනා ලිපියක්... බොහොම ස්තූති....

    ReplyDelete
  51. මේ දේවදාසියන්ට දෙවියන් පිනවීම සඳහා ම යැයි කියමින් සංගීතය, නර්තනය, අභිනව වැනි ශාස්ත්‍ර උගන්වන සිරිතකුත් ඉන්දියාවෙ තිබෙනවා. ඔවුන් කෝවිල්වලදී මේ ශාස්ත්‍රයන් උපරිමයෙන් ඉගෙන ගන්නවා. අවසන ප්‍රසිද්ධ වේදිකාවක දී ඔවුන්ගේ දස්කම් ප්‍රදර්ශනය කරනවා. ඒ කළඑලි මංගල්‍යය හැඳින්වෙන්නේ අරංගේට්‍රම් නමින්.
    එහි දී පාන අභිනයන්ගෙන් හැඟවෙන්නේ පුරුෂයකු උපරිම සංතුෂ්ටියට පත් කළ හැකි ආකාරයන්. මේ කළඑලි මංගල්‍යයට සහභාගී වන ධනවත් පිරිමි මේ දේවදාසියන් තමන්ගේ පරිභෝජනය සඳහා යොදා ගන්නවා. ඒ මිල ගෙවන්නේ කෝවිලටයි. එය කරන්නේ ද දේව පූජාවක් ලෙසිනුයි.
    ලංකාවේත් අරංගේට්‍රම් නමින් කරන්නේ ඒක ම තමා. හැබැයි ඒ නටන දරුවනුත්, ඔවුන්ගේ දෙමාපියනුත් සත්‍ය හේතුව දන්නෙ නැහැ.

    ReplyDelete