Wednesday, December 21, 2011

කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ.

සතියකට වැඩියෙන් මට පෝස්ට් එකක් ලියන්න බැරි වුනා. අද මේකත් ලියන්නේ හදිසියෙන්. ජනවාරි ඉඳලවත් සතියට දෙක ගානේ වෙන්න පොස්ට් දන්න තමයි හිතන් ඉන්නේ.

මේ පොස්ට් එකට එන්න හේතුව මගෙන් නිතර අහන ප්‍රශ්න කීපෙකට පිළිතුරු දෙන්න ඕනෙ නිසයි. මේක කාන්තා ස්පෙශල්. ඒත් පිරිමි බැලුවම මොකෝ.

කාන්තාවන්ටම විශේෂ වු පෝස්ට් එකක් මෙහෙම දමන්න කියන අදහස මට මුලින්ම කිව්වේ අපේ ගිම්හාණී නඟා. හැබැයි මම මුලින්ම බ්ලොග් කලාවට ආපු අළුතම. මම එවලේ හිතුව අනේ මොකටද ගෑනුන්ට විශේෂ කොරලා කොල්ලො සෙට් එක තරහා කර ගන්නේ කියලා. දැන් කට්ටිය මාව දන්නවනේ. ලඟදි අර සම්මානෙකුත් ලැබුනනේ බ්ලොග් කලාවෙන්ම. ඒ නිසා දැන් කමක් නැහැ කියලා ඔන්න දැම්මා කාන්තා ස්පෙශල් පෝස්ට් ඒකක්.

කොල්ලොත් බලන්න ඈ...

අපේ කාන්තා පාර්ශ්වේ අයට තිබෙන ප්‍රධානම ගැටළු තමයි මම මෙහෙම කථා කරන්න හිතුවේ.

මෙකෙදි කාට හරි යමක් වැඩිපුර දැනගන්න අවශ්‍ය නම් මට ඊයක් එවන්න හැකි හැකි විදියට පිලිතුරු දෙන්නම්. හැබැයි ඇනෝ ඇවිත් හරි කමෙන්ට් විදියටම අහනවානම් හොඳයි. ඒකෙන් අනිත් අයටත් යමක් දැන ගන්න පුළුවන් නිසා. මේ සැරේ විශේෂයක් විදියට හැම කෙනාටම වෙන වෙනම පිළිතුරු දෙනවා. මේ පෝස්ට් එකට එන එන හැම කමෙන්ට් එකටම පිලිතුරු දෙන්නම්.

මෙම තත්ත්වයන් ප‍්‍රජනක වයසේ (12 - 45) කාන්තාවන් අතරින් 5% - 10% අතර සංඛ්‍යාවකට ඇතිවේ. කාන්තාවකගේ ප‍්‍රජනක වයස වශයෙන් හැදින්වෙන්නේ, ඇයගේ වැඩිවිය පැමිණි වයස හා ආර්තවහරනය අතර වූ කාලයයි. සාමාන්‍යයෙන් මේ වයස අවුරුදු 12 සිට 45 දක්වා යැයි පිළිගනී.

නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය. එසේම එය අතිශ්‍යයින් සාමන්‍ය ක‍්‍රියාවකි. සාමාන්‍යයෙන් ඇතිවන ඔසප් වේදනාව සහ හෝමෝනමය වශයෙන් නව යෞවනියන්ට සමහර විට ඇතිවන සුළු අපහසුකම් මේ රෝග කාන්ඩය යටතට නොවැටේ. එය සාමාන්‍ය තත්ත්වයකි.

ඔසප් චක‍්‍රයේ අසාමාන්‍යතා සහ එම ක‍්‍රියාවලිය නිසි පරිදි සිදු නොවීම "කාන්තාවන්ට පීඩා ගෙන දෙන ඔසප් දෝෂ” රෝග කාන්ඩය යටතට වැටේ.

කාන්තාවන් නිසා ඇතිවන මඳ සරුභාවයට ප‍්‍රධාන හේතුවක් වේ.

මෙම තත්ත්වයන් ඇති වීමට හේතු.
1. පැහැදිලි හේතුවක් නියම ලෙස දැක්විය නොහැකියි.
2. හෝමෝන පද්දතියේ අක‍්‍රමිකතාවන් ඇති කාන්තාවන් අතර ඇති වේ.
3. හෝමෝන අක‍්‍රමිකතාවයන් ඇති කරවන දියවැඩියාව (2 වර්ගයේ*,
4. අධික ස්ථූලතාවය,
5. රුධිරයේ අධිකව කොලෙස්ටරෝල් ඇති කාන්තාවන්ට විශේෂයෙන් ඇති වේ.
6. ගර්භාෂගත රෝගයක රොග ලක්ෂනයක් ලෙසද මෙවැනි රෝග තත්වයන් ඇති විය හැක.
7. ජානමය තත්ත්වයන් නිසාද ඇතිවන බව සොයාගෙන ඇත.
8. ව්‍යායාම කිරීමෙන් තොරව නිශ්ක‍්‍රීය ජීවිත ගත කිරීම.
9. මානසික අසමබරතාවය.
10. වැරදි ආහාර පුරුදු. ( මේද බහුල ආහාර/ අධික සීනි භාවිතය/ ඌෂ්න ආහාර ඝනයට වැටෙන ආහාර වැඩියෙන් භාවිතා කිරීම./ කෘත‍්‍රිම ආහාර භාවිතය වැඩි වීම./ කෙටි කෑම.*
11. සමහර ඔෂධ වරග දීර්ඝ කාලීනව භාවිතය.

ලක්ෂන.
1. ඔසප් චක‍්‍රයේ ඇතිවන අක‍්‍රමිකතා.
2. ඔසප් දිනවලදී අධිකව හෝ මන්ද රුධිර වහනය.
3. නිසරුභාවය.
4. මුහුණේ රෝම වැඞීම.
5. අධික අථූලතාවය.
6. බෙල්ල අවට කළු වීම.
7. අසාමාන්‍ය ඔසප් වේදනාව.
8. ප‍්‍රමාණවත් ලෙස ඩිම්භ නොමේරීම.
9. රුධිරයේ පිරිමි හෝමෝන සාන්ද්‍රනය වැඩි වීම.
10. මානසික අසමබරතාවයේ ලක්ෂණ තදින් දිස්වීම. හිසරදය, ආතතිය, හිස කැරකැවීම් ගතිය, තෝන්තුවාව. කෙන්තියාම යන ලක්ෂන ඇති වීම.

රෝග නිර්ණයට වැදගත්වන පරීක්ෂා. 1. FSH (Follicular Stimulating Hormone), LH (Luteinizing Hormone), Progesterone Hormone, Estrogen Hormione , ප‍්‍රමාණය මැන ගැනීම. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
2. Trance vaginal / Ultra Sound Scan ස්කෑන් පරීක්ෂාවක් කර ගැනීම ඉතා වැදගත් වේ. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)
3. (HSG) Fallopian නාල පරීක්ෂාව. ( වෛද්‍ය උපදෙස්වලට අනුව කළ යුතුයි.)

මෙම තත්ත්වයන්ට ප‍්‍රතිකාර නොගෙන නොසලකා සිටීමෙන් ඇතිවන උපද්‍රව.
1. ඩිම්භ මේරීම අක‍්‍රමවත් වීම. ඩිම්භ මෝචනය සිදු වීමේදී වන අක‍්‍රමිකතා.
2. Endometriosis, Poly Cystic Ovarian Disease. Follicular Cyst, ඇති වීම.
3. නිසරුභාවය.
4. වයස්ගතවන විට ගර්භාෂගත මෙම තත්ත්වයන් වැඩි දියුණු වීමෙන් ගර්භාෂයට හානිවීම නිසා එය ඉවත් කිරීමට සිදුවීම.
5. කාන්තා සිරුරේ හැඩය හා ස්වභාවය වෙනස්වීම නිසා සිරුර අවලස්සන වීම.
6. අධික ලෙස සිරුර මහත් වීම.
7. වෙනත් රෝග රැුසක් ඇති වීමට හේතු වීම. (අධික රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝ ප‍්‍රමාණය වැඩිවීම.)
8. ආර්තවහරණය කලින් සිදු වීමට හේතුවීම.

ප‍්‍රතිකාර.
නිසි ප‍්‍රතිකාර සිදුකරන අතර,
1. ශරීරයේ මහත අඩු කර ගැනීම.
2. ආහාර රටාව පිළිබඳ සැලකිලිමත් වීම. ( එළවළු,/ පළතුරු,/ පලාවර්ග,/ ධාන්‍ය වර්ග වැඩිපුර භාවිතය.*
3. කොලෙස්ටරෝල් මට්ටම සහ රුධිර සීනි මට්ටම නියමාකාරයෙන් තබා ගැනීම.
4. මනස සමබරව තබා ගැනීම.
5. ශාරීරික ව්‍යායාම නිසි පරිධි සිදුකිරීම.

40 comments:

  1. මේ කේස් එක නිසා ඇතිවෙන එක පාඩුවක් තමයි සරු කාලය හරියටම දැනගන්න බැරිඑක.(මේකෙන් බැදපු අයට තමයි අවුල.)

    ReplyDelete
  2. ඒත් මම බැලුවා පරක්කු මොකද කියලා

    ReplyDelete
  3. මම කියුවෙ අලුත් පොස්ට් එකක් ගැන (වැරදියට වටහගන්න එපා)

    ReplyDelete
  4. ගොඩක් හොඳ පොස්ට් එකක්.. වෙද මහත්තයෝ මට තව ප්‍රශ්නයක් තියෙනවා...
    මගේ පුංචි කුමාරිටත් ඔය ප්‍රශ්නේ ටිකක් තියෙනවා..
    ඒ කිව්වේ ඔසප් දවස් වලට ටිකක් අමාරුයි..
    බද රිදෙන ගතිය එහෙම වැඩියි..සමහර වෙලාවට තමන්ගේ අනිත් වැඩත් පාඩු වෙනවා..
    ඕවට තියෙන බෙහෙත් බොන ඒකෙන මොකක් හරි අතුරු ආබාධ තියෙනවද????
    එක සාමාන්‍ය තත්වයක් කියල හිතන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. මගේ කුමාරිටත් තියන්ව ඔය ලෙඩේ මේකටත් ඉක්මන් රිප්ලයි එකක් ඔනෙ මහත්ත්යෝ

      Delete
  5. මෙම තත්වයන් හා පැලෝපීය නාලයෙ වන පිළිසිඳගැනීම් අතර සම්බන්ධයක් පවතීද?
    මානසික අසමබරතාවය යනුවෙන් හඳුන්වන්නේ සිතේ ඇති අසහනකාරී ස්වභාවයමද?.
    උපත්පාලන පෙති දිර්ඝ කාලයක් ගැනීම මෙම තත්වයට හේතුවක් වේද?
    හොඳ ලිපියක් වෙදනා. පිරිමි අයත් කියවා අවබෝධ කරගැනීම හොඳ පවුල් දිවියකට හේතු වෙයි කියා හිතනවා.

    ReplyDelete
  6. කාන්තාවන්ට පමණයි...!!!
    ඔසප් දෝෂ සුළු කාළයකට නවතාලිය හැක..

    වෙද මහතා බාරේ විමසන්න
    ස්තූතියි...

    ReplyDelete
  7. ඉස්සර පත්තරේ යන ඇඩ් වගයක් මතක් වුනා [දැනුත් යනවද දන්නේ නෑ]

    ඔසප්....ඔසප්...ඔසප්....!!!
    ඔසප් නැවතුන අයට , සතියෙන් නැවත ඔසප් ලබාදෙනු ලැබේ.
    වයිද්යාචාරය B.D. සෙනෙවිරත්න,
    බැලුම් මහර,
    ගම්පහ.

    පොර තට්ටයන්ට කොන්ඩෙ වවන ඇඩ් එකකුත් ඒ කාලෙ දැම්ම

    ReplyDelete
  8. වැදගත් ලිපියක්. මහ වෙදනට ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  9. අපේ හාමිනේට බබා ලැබිලා අවුරුදු 1 1/2 ක් යනකන් ඔසප් වුනේ නැහැ. වෛද්‍ය උපදෙස වුනෙත් එතරම් කාලයක් ඉවසා බැලීම.. ගර්භනී කාලයේදී ශරීරයේ ඇති වන හෝමෝන කල් පැවතීම නිසා එහෙම වෙන්න පුලුවන්ද ?

    ReplyDelete
  10. බොහොම ස්තූතියි ඔබතුමාට මතකයේ තියාගෙන ඉඳල මගෙ ඉල්ලීම ඉටු කිරීම ගැන .
    …කාන්තා රෝග කිව්වට මේ සම්බන්ධව පුරුෂයන්ද අනිවාර්යෙන් දැනුවත් විය යුතුයි .…මේ සම්බන්ධව නිසි අවබෝධයක් නොමැතිකම නිසා පවුල් ජීවිතෙත් ප්‍රශ්න ඇති කරගන්න අය ඉන්නවා .

    …මේ ගැන මගේ යෙහෙලියකගේ ප්‍රෂ්නයක් ඔබ්ට ඉදිරිපත් කරන්නම්.
    …ඇයට විවාහ වෙලා දැන් අවුරුදු හයක් පමණ වෙනවා . දරු පල නෑ . ඇයගේ ඔසප් චක්‍රය හරිම අක්‍රමවත් . මාස 4-5 ගිහින් තමයි ඔසප් වෙන්නේ . ප්‍රථිකාර කලත් සුවයක් නෑ . අනිත් කරුන තමයි . තදබල වේදනාව . ඩිම්බ මේරිමත් ප්‍රමාණවත් නැතිලු .

    ReplyDelete
  11. ස්ථූලතාවය, අථූලතාවය kiyanne monawada ?

    ReplyDelete
  12. කපීකේකිDecember 21, 2011 at 2:21 PM

    නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය.

    //ඩොක්ටර් ඒත් මේ ලගදි VOG කෙනෙක් කිව්ව එහෙම මාසෙන් මාසෙට දින් 28කට වරක්ම වෙන්න ඔනේ කියල නියමයක් නෑ කියල.සමහර අයගෙ මාස කීපයකට සැරයක් වෙනවලු.ඒ හැටිලු.ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියල අහනව:/.

    ReplyDelete
  13. මේ තොරතුරු පිරිමි අපත් දැනගතයුතු දෙවල් කියල මම නම් හිතන්නේ..මං හිතන්නේ එ දේ එකිනෙකා අතර ඇතිවන අවබොධය වර්ධනය කරන්න හේතු වෙනව..ස්තුතී ඔබට

    ReplyDelete
  14. කපීකේකිDecember 21, 2011 at 2:29 PM

    ඒකට බෙහෙත් දෙන්නත් බෑ කිව්ව අවිවාහක නිසා.දෙනව නම් දෙන්න වෙන්නෙ උපත් පාලන පෙති කියල.බැන්දට පස්සෙ නම් එහෙම පෙති බොන්න දීලා හෝමෝන බැලන්ස් කරන්න පුලුවන් කීව.අනික ඒ පෙති බිව්වම මහත් වෙනවලු.

    ReplyDelete
  15. කපීකේකිDecember 21, 2011 at 2:32 PM

    ඩොක්ටර් ආයුර්වේදයේ "උදර වස්ති" කියල එකක් තියනවද? ඒකෙන් කරනව කිව්වෙ නොමේරූ ඩිම්බ (ඩිම්බකෝෂවල ඒකරාශී වෙලා තියන )ඒව අයින් කරන එකලු.පුලුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

    ReplyDelete
  16. කපීකේකිDecember 21, 2011 at 2:34 PM

    හාතාවාරිය කැද හොදයි කියනවනේද මේ ලෙඩේට?

    ReplyDelete
  17. ගර්භාෂ ගෙඩි ඇති වෙන්න ඔසප්චක්‍රයේ අක්‍රමිකතාවය බලපානවද?

    ReplyDelete
  18. මේකට කාන්තාවන්ට වඩා පිරිමි පක්ෂය කොමෙන්ට් දාලා තියෙන්නේ ඒ අයටත් මේ ප්‍රශ්නෙ තියෙනවාද මන්ද?

    ReplyDelete
  19. @ano 2.54 : ගෑණු අපේ. ගෑණුන්ගේ ප්‍රශ්නත් අපේ.අපේ ප්‍රශ්නෙත් ගෑණු.

    ReplyDelete
  20. හොඳ ලිපියක්... කමෙන්ට් ටික ෆලෝ කරමි.

    ReplyDelete
  21. @ Observer
    මගේත් පරණම මතකයක්. මේක බලන්න.
    http://kathandara.blogspot.com/2011/05/blog-post_30.html

    පයිල්ස්, පයිල්ස්, පයිල්ස් කියලාත් ඇඩ් එකක් තිබුනා නේද?

    ReplyDelete
  22. හ්ම්ම් හොදයි. මටනම් තාම එහෙම කිසිම අවුලක් නැහැ.
    එත මම ලොකු ළමයෙක වෙලා මාස 3 ක් යනකම් ඔසප් වුනේ නැහැ.
    ඩොක්ටර් නම් කියුවේ බයවෙන්න එපා කියලා
    එත ඊලග මාසේ ඉදන් හරියටම වුනා..
    බයෝ කරපු නිසා මම මේ ගැන ටිකක් දන්නවා..

    එත් අපේ නංගි කෙනෙක් ඉන්නවා එයා දැන් වැඩිවියට පැමිණිලා අවරුදු 2 ක්. එයාගේ ඔසප් වීම තාම නැවතිලා නැහැ, කොච්චර බෙහෙත් ගත්තත්. තාම එයාට බෙහෙත් කරනවා. එයා දැන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. මේකට කුමක් කල යිතුද?

    ReplyDelete
  23. ඉතා හොද ලිපියක් ඩොකටර්.ගොඩක් අයට වැදගත් වෙයි.

    ReplyDelete
  24. @ කතන්දර Kathandara,
    හික්ස්...ගිහිං බැලුව, නියම ලිපිය, මට අමතක වෙලා තිබ්බ එකක්, මමත් කොමෙන්ට් දෙකක්ම දාල තියෙන්නෙ.

    ReplyDelete
  25. වෙදනා: මේ දවස් වල මටත් gyn ward :)


    මාතලන් : හික්ස්///ලයිසොන් තියෙන්න ඕන හරිද වෙදකම් කරන්න

    ReplyDelete
  26. වෙද මහත්තයා ඔය ඔසප් වීමේදී දැනෙන වේදනාව අඩු කර ගන්න ක්‍රම මුකුත් නැද්ද ?

    ReplyDelete
  27. ඉන්ද්‍රාDecember 21, 2011 at 11:33 PM

    මාස ගනනක් ඔසප් නොවී තියෙද්දේ ඒවා ඇග ඇතුලෙ එකතු වෙනව නේද?ඒහෙම වෙන එක හොදද?

    ReplyDelete
  28. මේ ලිපිය සෑහෙන්න වටිනවා එහෙව් එකේ මමත් ඔන්න දෙයක් බලලා ඉගෙන ගත්තා කවදාහරි මේ දේවල් මටත් වැදගත් වෙන්නේ නැතැයි.මට මේක කියවද්දි මතක් වුනා වෙද ගෙදර සිරිතක් ගැන.ඒ වෙද මහත්තයා ඔසප් වෙච්චි අයව වෙද ගෙදර නවත්තගන්නේ නෑ වෙදකම් කර කර හිටියත් මේක වෙච්චි ගමන් ලෙඩ්ඩුන්ව ගෙදර යවනවා "බුලත් විටේ කාලා ඉවරවෙලා එන්න" කියලා.

    අනික ඉතිං මේ දේ නිසා ගෑනු ලමයි සෑහෙන්න දුක් විදිනවලු නේද.මෙහෙම දේවල් ලියන් එකට ඔබතුමාට සෑහෙන පිං.පුරුෂ පාර්ෂවයටත් ගැටළු තියෙනවානේ ඒ ගැනත් ලියමු හොදේ මමත් පොඩි ඊයක් එවන්නම්කෝ

    ReplyDelete
  29. කාන්තාවන්ගේ සුදයාම නම් තත්වය කුමක්ද
    එය හා ඔපස් වීම අතර සම්බන්ධයක් තිබේද
    එමගින් දරුපල හට ගැනීමට බාධාවක් ඇති වේද
    සුදයාම නවත්වා ගන්නේ කෙසේද

    ReplyDelete
  30. @ඇනෝ- ඕකටම නේද ඇග උණුකරවායාම කියන්නෙ ?

    ReplyDelete
  31. සිරිකත පත්තරේ මතක් උනා.....අක්කල ගෙදර නැති වෙලාවට කියවලා මගේ දැනුම වැඩිකර ගත්තේ ඕලෙවල් කරන්නත් ඉස්සරින්......

    ReplyDelete
  32. ඔබට පිළිතුරු දීමට මට අද ඉඩක් නැත හෙට 23/12/2011 දින උදේම පිළිතුරු දෙමි. සමාවෙන්න.

    ReplyDelete
  33. මටත් ඔය ප්‍රශ්නේ තදටම තිබුනා. විවාහයට පෙර නියමිත අයුරින් සිදු උනත් විවාහයෙන් පසු ඉතාමත්ම අක්‍රමවත් උනා. මාස 10ක් විතරම ඔය තත්වෙ තිබුනා. ඊට පස්සෙ පලමු වරට සිදු වු පිලිසිඳ ගැනීමද අසාර්තක උනා. බටහිර වෙදැදුරන්ගේ මතය උනේ ප්‍රොලැක්ටින් හෝමෝනය අධික වීම නිසා ඩිම්භ මේරීම අක‍්රමවත් කියලා.තවත් පරීක්ශන ගනනාවකටම මුහුන දීමට තිබුනත් හිතා ගන්නවත් බැරි විදියට අපේ ප්‍රශ්නේ විසඳුනා. නමුත් ඉදිරිට්යට මගේ තත්ත්වය කුමනාකාර වෙයද කියලා අවිනිශ්චිතව ඉන්නේ.

    ReplyDelete
  34. මේව ගැන දැනගෙන ඉන්න එක හොදයි.ඉස්සරහට ප්‍රයෝජන වේවි.

    ReplyDelete
  35. @ ලොකු ජෝං

    හොඳ වෙලාවට දෙවෙනි කොමෙන්ට් එක දැම්මෙ, නැත්නං වසල හමාරයි මෙතන හෙහ් හෙහ්...

    ReplyDelete
  36. අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් වැඩිවිය පැමිණුනායින් පස්සෙ කවදාවත් ආපහු එයාට ඔසප් වීමක් ඇතිවුනේ නෑ... එහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද... ඒ වගේම ඒකට බෙහෙත් තියෙනවද.... දැන් නම් එයාට වයස 45ක් විතර ඇති... එයා විවාහ උනෙත් නෑ මේ ප්‍රශ්නය නිසා....

    ReplyDelete
  37. රතු කොඩි ප්‍රශ්න?

    ReplyDelete
  38. පොඩි වෙනසක කරනවා. විශාල පිලිතුරක් දිය යුතු අවස්ථාවලට ඊලඟ ලිපිය විදියට වෙන වෙනම පිලිතුරු දෙන්නම්. මෙතැනදී සාමාන්‍ය පිලිතුරු දෙන්නම්. ඒ පෝස්ට් එකත් දැන්ම ලියලා දන්නම්.
    ඔබට පිලිතුර මෙතැන නැත්නම් ඒ කියන්නේ ඊලඟ පෝස්ට් එකේ ඒක තියනවා.
    ජය!!

    ලොකු ජෝන්,
    මාර වැඩේ! දෙවනි කමෙන්ට් එකෙන් යන්තම ගොඩ ගියා නැත්නම් මමත් හොල්මන් මොනවා කියන්නද කියලා.

    මාතලන්,
    කරමුද බිස්න්ස් එක ගොඩම තමයි.

    ඔබා අයියා,
    ඔබීත් නැති අතරේ අනේ මන්ද මට ඔසී බේත් එවන්න ලයිසොම තියනවා. ඉක්මනට කියන්න. ඔය අර කන්දකපපු තැන හාදයා නේද? අපෝ කර ගත්ත පව් ගොඩ.

    පොඩි කුමාරිහාමි,
    ස්තුතියි.

    ඇනෝ සහෝදරයා/ සහෝදරිය,
    සමාවෙන්න. ප්‍රින්ටින් මිස්ටෙක් ගනන් ගන්න එපා. හරි වචනේ "අධික ස්ථූලතාවය"

    රාජ්,
    ඇත්තෙන්ම දෙන්න දෙමාල්ලො තමතමන් ගැන අවබෝධයට මේවත් හරි වැදගත් වෙනවා. ඔබට ස්තුතියි.

    ඇනෝ,
    ඔව් ඔව් මේවා කවුරුත් දැනගත යුතුයි නේද?
    අපි කාටත් අම්මෙක්, සහෝදරියන්, බිරිදක් සහ දුවෙක් මේ කියන අයගෙන් එක්කෙනෙක්වත් සිටිය යුතුයි නේද? ඔවුන්ගේ ප්‍රශ්න අපේත් ප්‍රශ්නනේ.

    අනිත් ඇනෝ
    ඔබට ස්තුතියි.

    පිස්සා,
    හොඳයි හොඳයි, දැන් ප්‍රයෝජනවත් වෙයිනේ.


    කතන්දර,
    මමත් ඔය ලිපියට කමෙන්ට් කලා මතකයි. මේක ලියද්දිත් මතක් වුනා.

    නඳී,
    බොහෝම ස්තුතියි නඳී.

    සබිත්,
    ඔව් ඔව් ලයොන් ගන්න ඕනෙ නැත්නම් ඉතින් වලි හරිය.

    ගැමියාගේ පත් ඉරුව,
    ඔබට ජය බොහෝම ස්තුතියි. ලියන්නම්.

    ඔබ නොදුටු ලොවක්.
    ඇත්තමයි මමත් ඉස්සර සිරිකත ලොලියෙක්.

    ජ්‍යෝතිෂ ලංකා,
    ඔබට ස්තුතියි.

    නවම් මාවත,
    ඒකනෙ මාවත් කරකවලා අත හැරියාවගේ පළමු එකට.

    ඩයාල්,
    අනේද කියන්නේ රතුකොඩි ප්‍රශ්න. දන්නවනේ අර හාමුදුරුවන්ගේ කථාව.

    අනිත් අයට ලිපියෙන් පිළිතුරු දෙනවා.

    ReplyDelete
  39. @නවම් මාවත:
    පිස්සු කෙලින්න එපා බොල . . . හෙන ගේමක් දීල කියවගෙන ආපු කොමෙන්ට් සෙට් එක දිගේ ආපහු පිලිවෙලට උඩට යන්න උනා ‍තෝ කල වැඩෙං. මීට පස්සෙ ඔහොම දානවනං කොමෙන්ට් එක තියන තැනත් දාපං. හොයාගන්න ලේසි වෙන්න

    ReplyDelete