Friday, December 23, 2011

තාමත් ඔසප් ප්‍රශ්නෙ. අද ඔබගේ ප්‍රශ්නවලට පිලිතුරු.

රාජ් said...
මේ කේස් එක නිසා ඇතිවෙන එක පාඩුවක් තමයි සරු කාලය හරියටම දැනගන්න බැරිඑක.(මේකෙන් බැදපු අයට තමයි අවුල.)


සරු කාලය කියන්නේ ඩිම්භ හොඳින් මෝරා පිටවන තත්ත්වයට පැමිණ ඩිම්භයක් පිට වී ශුක්‍රානුවක් හා සම්බන්ධ වී කළලයක් ඇති කිරීමට වඩාත් ඉඩ ඇති කාලයටයි. මේ කාලය වෙන්නේ සාමාන්‍ය ඔසප් චක්‍රයක එනම් දින 28 - 30 චක්‍රයක නම් හරියටම ඔසප් ඇති වී දින 12 - 14 අතර කාලයයි. ඩිම්භයක් නියම ප්‍රමානයට එනම් 18 මිලිමීටර් 23 මිලිමීටර් අතර වැඩෙන (Normal Maturation) හා ඒය ඩිම්භ කෝශයෙන් පිටවන (ovulation) කාලයටයි. මේක හඩා ගන්න හරි ලේසියි. මුලින්ම මාස ක්කිපයක ඔසප් දින ගනන ලියලා බලන්න. ඒ සාමාන්‍ය අගය අනුව මැද දිනය සිට දින 6 ඉදිරියටත් පසුපසටත් ගනින්න. මේ කාලය සරු කාලයටයි වැටෙන්නේ. නමුත් මේක ටිකක් වැඩි ආරක්ෂාවක් තියලා මම කිව්වේ. මෙතරමම දිග නැහැ සරු කාලය. කොහොම හරි සූදානම් සරීරෙ කියනවානේ. නමුත් ඔබට හොදින් ඔසප් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් ඇති වෙනවා. එතැනදි ඉතා විශ්වාසම ක්‍රමයක් නැහැ.


Anonymous said...
ගොඩක් හොඳ පොස්ට් එකක්.. වෙද මහත්තයෝ මට තව ප්‍රශ්නයක් තියෙනවා...
මගේ පුංචි කුමාරිටත් ඔය ප්‍රශ්නේ ටිකක් තියෙනවා..
ඒ කිව්වේ ඔසප් දවස් වලට ටිකක් අමාරුයි..
බද රිදෙන ගතිය එහෙම වැඩියි..සමහර වෙලාවට තමන්ගේ අනිත් වැඩත් පාඩු වෙනවා..
ඕවට තියෙන බෙහෙත් බොන ඒකෙන මොකක් හරි අතුරු ආබාධ තියෙනවද????
එක සාමාන්‍ය තත්වයක් කියල හිතන්න පුලුවන්ද?


Anonymous said...
වෙද මහත්තයා ඔය ඔසප් වීමේදී දැනෙන වේදනාව අඩු කර ගන්න ක්‍රම මුකුත් නැද්ද

කුඩා දරුවෙක් වැඩිවිය පැමිණි මුලම ඔවැනි තත්ත්ව සාමාන්‍යයි. මඟ හැරී යන්නත් ඉඩ තිබෙනවා. නමුත් කළ යුතුම වැඩ කීපයක් තිබෙනවා. ළමයාව ක්‍රියාශීලී ජීවිතයකට හුරු කරන්න. ක්‍රීඩා වලට යොමු කරන්න. තෙල් කෑම වැඩිය දෙන්න එපා. ඒත් ආසාවට දෙන්න. නැත්නම් පව්. අඩු කරන්න. පලතුරු, පලාවර්ග, ධාන්‍ය වර්ග වලට යොමු කරන්න. යම් දුරකට මඟ හැරේවි. පීනන එක සහ ටෙනිස් බැට්මින්ටන් වගේ ක්‍රිඩා බොහෝ සුදුසුයි.බෙහෙත් බොන්න පුරුදු කරන්න එපා. එවැනි දිනවලට යමක් මඳ රස්නෙන් බොන්න දෙන්න දියර ප්‍රමානය වැඩියෙන් බොන්න සලස්වන්න.

priyantha said...
මෙම තත්වයන් හා පැලෝපීය නාලයෙ වන පිළිසිඳගැනීම් අතර සම්බන්ධයක් පවතීද?
මානසික අසමබරතාවය යනුවෙන් හඳුන්වන්නේ සිතේ ඇති අසහනකාරී ස්වභාවයමද?.
උපත්පාලන පෙති දිර්ඝ කාලයක් ගැනීම මෙම තත්වයට හේතුවක් වේද?
හොඳ ලිපියක් වෙදනා. පිරිමි අයත් කියවා අවබෝධ කරගැනීම හොඳ පවුල් දිවියකට හේතු වෙයි කියා හිතනවා.


ඔව්. වෛද්‍ය මතය කුමක් වුවත් මම මේ පැලෝපීය නාළවල පිලිසිද ගැනීම (Ectopic Pregnancies) හා ඔසප්දෝෂ අතර සම්බන්ධයක් සැක කරනවා. මගේ මතය නම් එවැන්නක් තිබිය හැකි බවයි. එනම් අධික තෙල් බැඳීමේදී නාළවල අරය අඩු වෙන නිසා මෙය වෙන්න පුළුවන්. තවත් මම සැක කරන දෙයක් තිබෙනවා. රුධිරයේ ඇති කොලෙස්ටරෝල් නාළවල බැදීම නිසාද මෙවැනි පිළිසිද ගැනීම විය හැකියි.
ඔව් සිතේ ඇති අසහනකාරී තත්ත්වය මානසික අසමබර බව ලෙස දැක්විය හැකියි.
උපත් පාලන පෙති ගැනීම මම හිතන්නේ නැහැ එවැනි තත්ත්ව වලට හේතුවක් ලෙස. මගේ පුද්ගලික හැඟීම නම ඕවා ගැනීම අවශ්‍ය නැහැ කියන එකයි.


ඉඳුනිල් said...
අපේ හාමිනේට බබා ලැබිලා අවුරුදු 1 1/2 ක් යනකන් ඔසප් වුනේ නැහැ. වෛද්‍ය උපදෙස වුනෙත් එතරම් කාලයක් ඉවසා බැලීම.. ගර්භනී කාලයේදී ශරීරයේ ඇති වන හෝමෝන කල් පැවතීම නිසා එහෙම වෙන්න පුලුවන්ද ?

ඔබ දන්නවාද ඔවැනි දේ නිර්මානය වන්නේ ස්වභාව ධර්මයෙන්මයි. ශරීරයේ ඇතිවන හෝමෝනයක් (prolactin) තිබෙනවා එය නිසා තමයි කුඩා දරුවන්ට කිරි නිපදවෙන්නේ. මේ හෝමෝනයේ බලපෑම ඉතා වැඩියි දරුවෙක් ලැබී යම් කලක් ගතවන තුරු කොටින්ම කිරි දෙන කාලයේ. මේ හෝමෝනයේ තිබෙන තවත් කාර්‍ය්‍යයක් තමයි මේ කාලයේ ගැබ් ගැන්වීම් වලකන එක. ඒ නිසා හෝමෝනය බලවත්ව ඇති විට ඔසප් දෝෂ ඇති විය හැකියි. බබාලට කිරි දෙන කාලයේ නැවත ගැබ් ග්න්නේ නැහැ කියලා මිනිස්සු කියන්නේ ඒකයි. ඔබ කියන කරුණ එහිම ටිකක් දිග අවස්ථාවක්. නමුත් එය එතරම් ගැටළුවක් නෙමේ.


Gimhani said...
මේ ගැන මගේ යෙහෙලියකගේ ප්‍රෂ්නයක් ඔබ්ට ඉදිරිපත් කරන්නම්.
ඇයට විවාහ වෙලා දැන් අවුරුදු හයක් පමණ වෙනවා . දරු පල නෑ . ඇයගේ ඔසප් චක්‍රය හරිම අක්‍රමවත් . මාස 4-5 ගිහින් තමයි ඔසප් වෙන්නේ . ප්‍රථිකාර කලත් සුවයක් නෑ . අනිත් කරුන තමයි . තදබල වේදනාව . ඩිම්බ මේරිමත් ප්‍රමාණවත් නැතිලු .


ඔසප් චක්‍රය අක්‍රමවත් වීම දරුඵල නැති වීමට තදින් බලපානවා. මේ ගැන කියන්න වෙන්නේ ඇයගේ ඔඅසප් නිසියාකාරයෙන් නැවත සාදාගන්න.
ඊට පසු ප්‍රතිකාර කිරීමෙන් දරුවකු ලබා ගත හැකියි. ප්‍රතිකාර යනුවෙන් මෙහිදී අදහස් කරන්නේ ඖෂධම පමනක් නෙමෙයි.
1. ඖෂධ
2. ව්‍යායාම
3. මානසික සහනය ඇතිකර ගැනීම
4. ආහාර පාලනය
මෙවැනි පද්දතියක්ම තිබෙනවා ප්‍රතිකාර වලට අයත්. මේ හැම දේ ගැනම සොයා බැලිය යුතුයි. එවිට ඇයට සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකියි.

කපීකේකි said...
නිසි වයසේදී වැඩිවිය පැමිණුන කාන්තාවකට ඇයගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමාණූකූලව මසින් මස සිදු විය යුතුය. 
ඩොක්ටර් ඒත් මේ ලගදි VOG කෙනෙක් කිව්ව එහෙම මාසෙන් මාසෙට දින් 28කට වරක්ම වෙන්න ඔනේ කියල නියමයක් නෑ කියල.සමහර අයගෙ මාස කීපයකට සැරයක් වෙනවලු.ඒ හැටිලු.ඉතින් මොකද්ද ප්‍රශ්නේ කියල අහනව:/.


ඒකට බෙහෙත් දෙන්නත් බෑ කිව්ව අවිවාහක නිසා.දෙනව නම් දෙන්න වෙන්නෙ උපත් පාලන පෙති කියල.බැන්දට පස්සෙ නම් එහෙම පෙති බොන්න දීලා හෝමෝන බැලන්ස් කරන්න පුලුවන් කීව.අනික ඒ පෙති බිව්වම මහත් වෙනවලු.

වෙනත් අයෙක්ගේ මතයක් විවේචනය කිරීමට මට අයිතියක් නැහැ. අපි දෙගොල්ලන් මේ කථා කරන්නේ අවස්ථා දෙකක් ගැනයි. එතුමා කියන දේත් එක්ක මම 100% එකඟයි. මේ සාමාන්‍ය තත්ත්වයයි. නමුත් ඔබ මේ අහන්නේ වෙන කරුණක් කියා තමයි මට හිතෙන්නේ. ඔබ කියන දේ විවාහක දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න අයෙක් නම්, තත්ත්වය වෙනස්, ඇය තම සරු දින දැන ගත යුතුයි. තවත් මේ තත්ත්වය නිසා ඇයට නොයෙක් පීඩාවන් විඳින්න වෙන්න පුළුවන්. මෙන්න මේ කාරණයේදී ඇයට බෙහෙතක් කිරීම අවශ්‍යයි. ඔසප් ක්‍රමාණූකූලව සාදා ගැනීම එතරම් ප්‍රශ්නයක් නෙමෙයි. ප්‍රතිකාර ඇත්නම් දුක් විදින්න ඕනෙද?

ඔව් හෝමෝන බෙත් ගන්නකොට පරිස්සම් වෙන්න ඕනෙ. ඒ ගැන නිසි අවබෝධයක් ඇති වෛද්‍යවරයෙක් සමඟ පමනක් මේ ගැන කථා කළ යුතුයි. ඒත් ඔය ප්‍රථිකාර ක්‍රමය එනම් උපත් පාලන බෙහෙත් දී ඔසප් ක්‍රමාණුකූල කිරීම එතරම් සාර්ථක නැහැ. ඒ නිසා මම නම් මේතැනදි අර ගිම්හාණීගේ ප්‍රශ්නෙට වගේ පිළිතුරක් තමයි ඔබට දෙන්නෙ අවශ්ය. හැම දෙයක්ම ක්‍රමානූකූලව කිරීමෙන් මේ ප්‍රශ්නේ විසදා ගන්න පුළුවන්. බෙහෙත් නම් අවශ්යයි මගේ පුද්ගලික මතය.

ඩොක්ටර් ආයුර්වේදයේ "උදර වස්ති" කියල එකක් තියනවද? ඒකෙන් කරනව කිව්වෙ නොමේරූ ඩිම්බ (ඩිම්බකෝෂවල ඒකරාශී වෙලා තියන )ඒව අයින් කරන එකලු.පුලුවන් නම් පොඩ්ඩක් පැහැදිලි කරන්න.

ආයූර්වේදයේ උදර වස්ති කියලා දෙයක් තිබෙනවා. නමුත් ඔබ අහන්නේ මෙතැනදි ඒ ගැන නෙමෙයි නේද කාන්තාවන්ටම කරන උත්තර වස්ති ගැන මම හිතන්නේ ඔබට වචනේ පැටළුනා නේද?

උත්තර වස්ති කියන්නේ පැරැන්නන් භාවිතා කළ ඉතා හොඳක්‍රමයක්. එහිදී ගර්භාෂය පිරිසිදු කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. නවීනයේ කරන (D&C) තත්ත්වය හා සමානයි. දැන් නම් ඉතාම අඩුයි භාවිතා වෙනවා. ඒකට හේතුව මෙවැනි දේ ගැන නිසි දැනීමක් නැති පුදගයෝ මේවා වැරදි දේවලට ප්‍රයෝජනයට ගෙන ක්‍රමය විනාශ කරලා. මේ නිසා ජනතාව මේ ගැන බියක් දක්වනවා. ඔය (Endometriosis) එන්ඩොමේට්ට්‍රියෝසිස් තත්ත්වයට ඉතාම වටිනා ප්‍රතිකාර ක්‍රමයක්. මෙහිම තවත් අවස්ථාවක් තිබෙනවා කටී වස්ති කියලා. එහිදී කරන්නේ අදාල රෝගියා රෝගයට අදාල ක්ෂාය තම්බා එම ජලයේ වාඩි කරවා තැබීම.

හාතාවාරිය කැද හොදයි කියනවනේද මේ ලෙඩේට?
හාතාවාරිය කියනකොට එතැනම තිබෙන්නේ ස්ත්‍රී ලිංගික බවක් නේද? වචනයේ අර්ථයෙන්ම හාතාවාරිය කාන්තා ලෙඩට ඉතා හොදයි. වඩාත් හොද විදිහ තමයි කැඳ හදලා සතියට දිනක් බොන එක. කාන්තාවන්ට ඉතාමත් ගුණයි.


Anonymous said...
ගර්භාෂ ගෙඩි ඇති වෙන්න ඔසප්චක්‍රයේ අක්‍රමිකතාවය බලපානවද?


ආයූර්වේද මතය අනුව නම් කාන්තාවගේ ශරීරයේ සිදුවන ඉතාම වැදගත් සිදු වීමක් මේක. මේ හරියට සිදු නොවීමෙන් විශාල හානීන් ප්‍රමානයක් කාන්තා සිරුරට සිදුවිය හැකියි. එකක් තමයි ඔබ කිව් අවස්තාව. සියළුම ගෙඩි මින් නොසෑදුනත් බොහෝ දුරට ගර්භාෂයේ සහ ඩිම්භ කෝෂ වල ගෙඩි ඇති වීමට මේ තත්ත්වය බලපානවා. මේවා අකාර ක්කිපයක්ම තිබෙනවා.
1.Fibroids
2.Follicular cyst
3. වෙනත් අරබුද
4. එන්ඩොමෙට්ට්‍රියොසිස්

වර්ණා said...
හ්ම්ම් හොදයි. මටනම් තාම එහෙම කිසිම අවුලක් නැහැ. එත මම ලොකු ළමයෙක වෙලා මාස 3 ක් යනකම් ඔසප් වුනේ නැහැ. ඩොක්ටර් නම් කියුවේ බයවෙන්න එපා කියලා එත ඊලග මාසේ ඉදන් හරියටම වුනා.. බයෝ කරපු නිසා මම මේ ගැන ටිකක් දන්නවා..

එත් අපේ නංගි කෙනෙක් ඉන්නවා එයා දැන් වැඩිවියට පැමිණිලා අවරුදු 2 ක්. එයාගේ ඔසප් වීම තාම නැවතිලා නැහැ, කොච්චර බෙහෙත් ගත්තත්. තාම එයාට බෙහෙත් කරනවා. එයා දැන් ගොඩාක් මානසිකව වැටිලා ඉන්නේ. මේකට කුමක් කල යිතුද?

ඔබගේ තත්ත්වය සාමාන්‍යයෙන් දැකිය හැකි දෙයක් එය සාමාන්‍යයඉ. නංගීට නම් ප්‍රතිකාර කල යුතුයි. නැත්නම් ඇයට මතු උවදුරු ඇති විය හැකියි. මෙහි ඇයට කල යුතු ප්‍රතිකාර වලින් බොහෝමයක් ලියා තිබෙනවා. ආහාරය, ව්‍යායාමය, මානසික නොසන්සුන් භාවය ආදිය සාදා ගන්න. සුදුසු ප්‍රතිකාරයක්ද අවශ්යයි.


ඉන්ද්‍රා said...
මාස ගනනක් ඔසප් නොවී තියෙද්දේ ඒවා ඇග ඇතුලෙ එකතු වෙනව නේද?ඒහෙම වෙන එක හොදද?


ඉතාම කලාතුරකි හැර එහෙම එකතු වෙන්නෙ නැහැ. ඔබ දන්නවද සමහර කාන්තාවන් සිටිනවා කිසිම දාක මතු පිටින් ඔසප් සෑදෙන්නේ නැහැ. එවැනි අයට ඔසප් රුධිරය ඇගටම උරා ගන්නවා. ඒත් පැලෝපියන් ටියුබ් වලට ඔසප් රුධිරය ගලන අවස්ථා ඉතාමත් කලාතුරකි දක්නට ලැබෙනවා. එවිට නාල අවහිර වීමෙන් නිසරුතාවය ඇති වෙනවා. මේ හැම දෙයක්ම කලින් සැක කල හැකි කරුනු. ඔබ දින්පොතක් පාවිච්චි කරනවානම් තමන්ගේ ශරීරයේ ඇතිවන වෙනස්කම් සටහන් කර ගන්න. ඒ පලපුරුදු වෛද්‍යවරයෙක්ට මේ තත්ත්වය දැන ගැනීමට උපකාර වෙනවා. මෙහිදී වැදගත් කරුනු වන්නේ.
1. යෝනි ස්‍රාවයන් ඇතිවනවාද, ඒ දිනයන් මොනවාද/
2. යටි බඩ ප්‍රදේශයේ ඇතිවන වේදනාවන් මොනවාද? දිනයන්, ආදිය සටහන් කර ගන්න.
3. පියයුරුවල වේදනාවන් ඇතිවනවාද ඒ දිනයන් මොනවාද්/
4. බාහිරින් පියයුරුවල ඇතිවන වෙනස්කම්. මේ දේවල් මාස තුනකවත් සටහනක් ඔබගේ වෛද්‍යවරයාට ලබා දීමෙන් ඔබ ගැන බොහෝ දේ එතුමාට දැනගත හ්කියි.


Anonymous said...
කාන්තාවන්ගේ සුදයාම නම් තත්වය කුමක්ද එය හා ඔපස් වීම අතර සම්බන්ධයක් තිබේද එමගින් දරුපල හට ගැනීමට බාධාවක් ඇති වේද සුදයාම නවත්වා ගන්නේ කෙසේද


චතුරි said...
@ඇනෝ- ඕකටම නේද ඇග උණුකරවායාම කියන්නෙ ?


සුදයාම හා ඇඟ උනුකරවා යාම කියන දෙක දෙකක්.
ඇඟ උනුකරවා යාම මේක ලෙඩක්. මෙහිදී වන්නේ ශරීරයේ ආයූර්වේදයේ අපි සඳහන් කරන රස පදාර්ථයන් ශරීරයෙන් ඉවත් වීම. ප්‍රෝටීන හා වෙනත් ශරීරයට අවශ්‍ය පදාර්ථ මෙසේ ඉවත් විය හැකියි.

සුද යාම කියන්නේ ලෙඩක් නෙමෙයි. මේක සාමාන්ය තත්වයක්. සුදයාම ඇඟ උනුකරවා යාම හා පටලවා ගන්නවා බොහෝ දෙනෙක්. ඔසප් සෑදීමට පෙර මේ තත්ත්වය ඕනෙම කෙනෙක්ට අඩු වැඩි වශයෙන් ඇති විය හැකියි. මෙහිදී කිසිම රෝග ලක්ෂනයක් ඇති වන්නේ නැහැ. නිකම්ම යෝනි මඟින් යම් බෙලසුල් දියරයක් පිටවනවා පමනයි. මේ දියරයද නොයෙක් ආකාර විය හැකියි. ඇතැම් අයට මෙය ඉතා උකු ස්‍රාවයක් වන අතර සමහරකට යන්තමින් යෝනිමඟ තෙත් කරන ස්‍රාවයක් පමණයි. නොයෙක් ඖෂ්ධ නිසාත් මෙය ඝනකම් ස්වභාවයක් ඇති විය හැකියි. ඒත් මෙය කිසිම රෝගයක් නෙමෙයි.

තවත් අය ලිංගික උත්තේජනයකදී පිටවන ස්‍රාවයන් හා මෙය පටලවා ගන්නවා. ඒකත් නිවැරදි නැහැ. එයත් සාමාන්ය තත්ත්වයක්. මෙහිදීත් දියරයේ විවිධ වෙනස්කම් තිබිය හැකියි.

මේ හැමටම වෙනස් ඇඟ උනුකරවා යාමේදී පිටවන ද්‍රවය. එය ගඳක් සහිත් වෙන්න පුළුවන්. පැහයක් ගන්න පුළුවන්. මේ තත්ත්වය ඇති වීමට නොයෙක් හෙතූන් බලපානවා. යම් යම් රෝග, අධිකව ඖෂ්ධ භාවිතය. දිලීරමය රෝග. මේ වැනි බොහෝ හේතු මේ සඳහා දැක් විය හැකියි. මෙයට ප්‍රතිකාර කල යුතුමයි.



samadhi said...
මටත් ඔය ප්‍රශ්නේ තදටම තිබුනා. විවාහයට පෙර නියමිත අයුරින් සිදු උනත් විවාහයෙන් පසු ඉතාමත්ම අක්‍රමවත් උනා. මාස 10ක් විතරම ඔය තත්වෙ තිබුනා. ඊට පස්සෙ පලමු වරට සිදු වු පිලිසිඳ ගැනීමද අසාර්තක උනා. බටහිර වෙදැදුරන්ගේ මතය උනේ ප්‍රොලැක්ටින් හෝමෝනය අධික වීම නිසා ඩිම්භ මේරීම අක‍්රමවත් කියලා.තවත් පරීක්ශන ගනනාවකටම මුහුන දීමට තිබුනත් හිතා ගන්නවත් බැරි විදියට අපේ ප්‍රශ්නේ විසඳුනා. නමුත් ඉදිරිට්යට මගේ තත්ත්වය කුමනාකාර වෙයද කියලා අවිනිශ්චිතව ඉන්නේ.

ඔබ කියන ආකාරයේ රෝගීන් බහුලයි. නමුත් ඔබ නීරෝගීමයැයි ඉන් ඇඟ වෙන්නේ නැහැ. හෝමෝන පරීක්ෂාවක් කළ යුතුයි. ඉන් පසුව යමක් කළ යුතුයි. නමුත් දරුවා ලැබුන පසු ඔබගේ මේ තත්ත්වය බොහෝ දුරට විසදී ඇතැයි මට හිතෙනවා. මාස කීපයක් බලා කලින් ලෙසම නම් ප්‍රතිකාර කරන්න. හැබැයි මොනවා කලත් අර කලින් කියා ඇති පාලනයන් කල යුතුමයි.


Miyuru said...
අපේ ගෙවල් ළඟ අක්ක කෙනෙක් වැඩිවිය පැමිණුනායින් පස්සෙ කවදාවත් ආපහු එයාට ඔසප් වීමක් ඇතිවුනේ නෑ... එහෙම වෙන්නෙ ඇයි කියල කියන්න පුළුවන්ද... ඒ වගේම ඒකට බෙහෙත් තියෙනවද.... දැන් නම් එයාට වයස 45ක් විතර ඇති... එයා විවාහ උනෙත් නෑ මේ ප්‍රශ්නය නිසා....



අවාසනාවන්ත තත්ත්වයක් මම නම් හිතන්නේ ඇයව සුව කරගත හැකිව තිබුනා. මට එක් රෝගියෙක් ඔවැනි අයෙක් මුණ ගැසී තිබෙනවා. ඇය අද දරුවෙක්ගේ මවක්. මම හිතනවා ඇයටත් අභ්‍යන්තර ඔසප් ස්‍රාවය ඇතිවුනාද දන්නේ නැහැ. මොනවාටත් කල්ගියා වැඩියි.

23 comments:

  1. ඔබගේ පිලිතුර ගෑන සෑහීමට පත්වෙන අතර , ප්‍රශ්නත් සමගම
    …පිලුතුරු ඉදිරිපත් කල නිසා බලන අයට පහසුවක් ..
    …බොහොම ස්තූතියි .

    ReplyDelete
  2. අපොයි මට ප්‍රශ්නයක් අහන්ටත් බැරි උනා. ඒත් අර වේදනාව ගැන අහලා තිබුනු ප්‍රශ්නෙට ඔබ දුන් උත්තර අදාල කරගත්තා.

    අදනම් නියම වෛද්‍යාචාරයවරයෙක්ගේ ස්වරූපයෙන්ම උත්තර දීලා තියනවා...:D

    ගොඩාක් ස්තූතියි....

    ReplyDelete
  3. අර අක්කගෙ තත්වය හොඳ කර ගන්න තිබුණු එකක් කියල දැනගත්තම මට හරියට දුක හිතුනා.... එයා ගුරුවරියක්... ඒ දවස්වල එයා හිටියෙ හරිම මානසික ආතතියකින් විවාහය ප්‍රමාද නිසා... අන්තිමට විවාහ නොවීම හිටියා....

    මටත් කියන්න තියෙන්නෙ ගිම්හානි කියපු එකමයි... බොහෝම ස්තුතියි....

    ReplyDelete
  4. හොඳ පැහැදිලි කිරීමක්. ස්තූතියි මහ වෙදනාට...:D

    ReplyDelete
  5. බොහොමත්ම ස්තුතිය් මහ වෙදනාට. බබා උපත ලැබෙන තෙක් බලා ඉඳ පිලිතුරක් සොයා බලන්නම්.

    ReplyDelete
  6. හපොයි මට ලැජ්ජයි මගේ නම උඩින්ම තියෙන්නෙ.:))(විහිළුවකි)

    ඔන්න අද නං නියම විදියටම උත්තරදීල තියනව. ඔබට බොහොම පිං. අනිත් කාරණාව මෙතන කොමෙන්ටු දාපු අය(කලින් ලිපියට) විවෘතව තමන්ගෙ ප්‍රශ්න ඉදිරිපත් කරල තියනව(ඇනෝ වෙන්නෙවත් නැතුව සමහරවිට). ලිංගිකත්වය හා ඒ ලගින් යන මාතෘකා ප්‍රසිද්ධියෙ කතාකරන්න මැළිවෙන කාලෙක මේ විදියට සංවාදයක් ගොඩනැගීම ගැන බොහොම ස්තුතියි. අන්න ඒකයි වෙන්න ඕන දේ.

    ReplyDelete
  7. මදෑ මටත් උත්තර දෙනකං බලා හිටිය : - D

    ReplyDelete
  8. බොහොම ස්තුතියි. මේ වගේ දැනුවත් කිරීම් වල ප්‍රයෝජන බොහොමයි. ලොකු සේවයක්. අර මියුරු කියලා තියෙන තැනැත්තිය වගේ අපහසුතාවන්ට පත් වන අය කිහිප දෙනෙකුට හරි මේ වගේ ලිපි වලින් ඍජුව වගේ වක්‍රවත් පිහිට ලැබේවි.

    රාජ් සමගත් 100%ක එකඟ වෙනවා.

    ReplyDelete
  9. @ඔබා:
    අයියගෙ ප්‍රශ්න ටික ලබන අප්‍රේල් වෙනකං හෝල්ඩ් කරගෙන ඉන්න . . . .

    ReplyDelete
  10. පළමු ඇනෝ- වෙද මහත්තයට ගොඩක් ස්තුතියි..
    තව ප්‍රශ්නයක්..
    අර උත්තර දීල තියෙන විදියට කරාම ඇතිද වේදනාව අඩු කරගන්න?
    නිතිපතා බෙහෙත් ගන්න අවශ්‍ය වෙන එකක් නැද්ද?

    ReplyDelete
  11. මගේ ඇඩ් එකට විමසුම් ආවේ නැතෙයි...?

    ReplyDelete
  12. කපීකේකිDecember 23, 2011 at 5:46 PM

    බොහොමත්ම ස්තූතියි ඔබතුමාට පින්!!!

    ReplyDelete
  13. ගොඩක් දේවල් දැන්ගත්තා ස්තූතියි..ශරීරේ උෂ්නය ගැන ආයෙත් විස්තරයක් කරනවා කැමතියි..උෂ්නය වැඩි කෑම නිසා මානසික අපහසුවක් දැනෙනවද කියලා අහන්නත් ඔනේ(තරහ යාම වගේ)..

    ReplyDelete
  14. කවදා හරි දවසක මේ දැනකියාගත්ත දේවල් වලින් විරුද්ධ පාක්‍ෂිකාවකට උපදෙසක් දෙන්න බැරියැ

    ස්තූතියි වෙද මහත්තයෝ !

    ReplyDelete
  15. ගොඩාක් අයට නෙමෙයි ප්‍රශ්න තියෙන්නේ යෙහෙලියට,එහා ගෙදර අක්කට,ඔ‍ෆිස් එකේ එක්කෙනෙක්ට..හප්පේ වෙලාවට අපිට ඔහොම සීන් එකක් නැත්තේ....නැත්තං කියන්න වෙන්නේ මගේ යාළුවෙක්ට.යාළුවෙක්ගේ අයියට මෙහෙම උනා එහෙම උනා කියලනේ.......

    ReplyDelete
  16. ඇත්ටට ආපේ තිබුණු ගොඩක් ප්‍රෂාන් වලට පිළිතුරු ලැබුණා ඔබට ගොඩාක් පින්
    ඉමන්ති සහ ඉසුරු .....

    ReplyDelete
  17. ස්තුති ඩොක්ටර්

    ReplyDelete
  18. වෛද්‍ය තුමනි ඔබතුමා හමුවිය හැකි ආකාරය දක්වන්න.
    මෙය බලන කව්රුන් හෝ මෙතුමා හමුවිය හැකි ආකාරය දන්නවනම් දන්වන්න.
    ස්තුතියි
    turathnayeke@gmail.com

    ReplyDelete
  19. doctor mata pereiods 6wenida wenna tiyannewta kalin mata periods wenna widiyak natda

    ReplyDelete
  20. වෛද්‍යතුමනි මම 25 ක් වන විවාහක තරුණියක්. මට ඔසප් හැදෙන්නෙ උපත් පාලන පෙති ලබා ගත්තොත් පමණයි . ස්කෑන් පරීක්ෂණයෙදි කිව්වෙ ඩිම්බ මෝරන්නෙ නෑ කියල . මෙය සුව කල හැකිද ? මෙමගින් දරුවෙක් පිලිසිද ගැනීමට නොහැකිද

    ReplyDelete
  21. වෛද්‍ය තුමනි මට අවුරැදු 22. පලමු ඔපස් වීමෙන් පසු නැවත ඔපස් වීමක් වුනේම නෑ. මම බටහිර වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. එතනදි කිව්වේ මගේ ගර්භාෂය පොඩියි කියලා. මටත් දරැවෙක් හදන්න තියන හැකියාව නෑ කියලා කිව්වා. මේකට ආයුර්වේද ප්‍රතිකාර තියනවද?

    ReplyDelete
  22. වයස අවුරුදු 44 කෙනෙකුට පුළුවන් ද දරුවන් හදන්න ඔසප් චක්‍රය නැවතිලා ඉන්න 45

    ReplyDelete