Monday, October 17, 2011

අනතුරු ඇඟවීමයි!

කාලෙකට පස්සේ හිතුනා මගේ අත්දැකීමක් කොටලා දාන්න. මේ ගැන මට අදහසක් ආවේ ඊයේ පෙරේද කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වූ නිසයි.

මම ඔබට දැන් ටික කලක සිට වරින් වර මඳසරුභාවය ගැන එහෙමත් නැත්නම් දරුවන් ලබා ගැනීමේ අපහසුතා ගැන ලියනවා. මේ ගැන ලියන්න මාව පොලඹවන්නේ මගේ රෝගීන්. ඒ කියන්නේ සමහර රෝගීන්ගේ අත්දැකීම මට හිතෙනවා සමාජයට වැඩක් ඇති වෙයි කියලා. මේ නිසයි අද මම මේ ගැන ලියන්න හිතා ගත්තේ.

මේ ලිපි ලිවීමේදී මේ අයගේ අනන්‍යතාවයන්ට කිසිම හානියක් වෙන දෙයක් මම ලියන්නැහැ. ඒ වගේම මෙයාල සිටි රටවල් මම ලියන්නේත් නැහැ. තරුණයන් අතර කොරියානු භාෂා විභාගය ගැන තියෙන උනන්දුව නිසා තමයි මේ කථා මට මතක් වුනේ. මෙතැන කථා තුනක් තියනවා. ඒ වෙන වෙන කාලවල වෙනස්ම රටවල් තුනකදි අපේ තරුනයන් තුන් දෙනෙකට මුහුන පාන්න වුනු ඛෙදජනක සිද්ධීන් තුනක්. මේවා කියවලා යම් අදහසක් හිතට ගන්න කියා මම ඔබෙන් ඉල්ලනවා.

පලමුවැනි කථාව.
මේ තරුණයා බොහෝම කාලෙකට කලින් නීති විරෝධී විදියට යුරෝපා රටකට ඇතුල් වුනා. නමුත් මේ කාලේ ලංකාවේ තිබුනු ප්‍රශ්න ප්‍රයෝජනයට අරන් තමන්ගේ ගමේ නම කියපු ගමන් පිටුවහල් නොකර කෑම්ප් දාලා.

මේ පුද්ගලයා අසුවෙනකොට මොහු ඉදලා තියන්නේ කළු අප්‍රිකානුවන් පිරිසක් සමග. එම රටේ පොලීසිය මොවුන් සියල්ලන්ටම යම් කිසි එන්නතක් ලබාදීල තිබෙනවා. මේ එන්නත දීල තියන්නේ මොවුන්ගේ ඉකිලිය ප්‍රදේශයට. ඉතාම දැඩි වේදනාවක් ඇති වෙලා තියනවා. දින කීපයක් ඇවිදීමට පවා අපහසු තත්වයක් තිබිලා තියෙනවා.

නමුත් කොහොම හරි මේ පුද්ගලයා තමන්ගේ අසරණභාවය පෙන්වා දීල මේ රටේම සෑහෙන කාලයක් ඉදලා ලංකාවේ පදිංචියට පැමිණ, කුඩා ව්‍යාපාරයක් ඇරබුවා.

ඇත්තෙනම මට මොහු හමුවන විට විවාහ වී යම් තරමක සාර්ථක ව්‍යාපාරිකයෙක්. නමුත් ඒ වන විට ඔවුන්ට දරුවන් නැහැ. සොයා බැලීමේදී හෙලි වුනේ ඔහුගේ වෘෂන කෝෂ ශුක්‍රාණු නිපදවන්නේ නැති බවයි. අවසාන වශයෙන් කරන ලද ශල්‍ය කරමයකින් හා බයොප්සි පරීක්ෂණ කීපයකින්ම තහරු වූයේ ඔහුගේ වෘෂණ තුල ඇති සියලුම ව්‍යහයන් සිතාගත නොහැකි අයුරින් විනාශ වී ඇති බවයි. කිසිම ලෙඩ දුකක් ඇති වී නැති මේ පුද්ගලයා තදින් විශ්වාස කරනවා මේ සියලුම හානි ඔහුට සිදු වූයේ අර එන්නත නිසා බව. නමුත් අපට පැහැදිලි යමක් ප්‍රකාශ කල නොහැක්කේ පිලිගත හැකි විද්‍යාත්මක සාක්ෂි අප සතුව නැති නිසායි.

දෙවනි කථාව
මේ තරුණයා ඉතාමත් මහන්සියෙන් නීත්‍යාණුකූල මාරගයෙන් යුරෝපා රටකට පැමිණෙන්නේ මීට වසර ගනනාවකට පෙරයි. එහිදී ඔහුට නොසිතූ වාසනාවක් කඩා වැටෙනවා. පහසු රැකියාවක් විශාල වැටුපකට. මේ රැකියාව තමයි ඊයම් කූරු නිපදවන වැඩපලක ඊයම් උනුකරන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීම. මොහුට මේ සදහා විශාල වැටුපක් ලැබුනා.

මේ අතර වසර ගන්නකින් මොහු මෙම රටේදීම දැන හදුනා ගත් ශ්‍රී ලාංකික යුවතියක් හා විවාහ වුනා. ප්‍රතිඵලය පෙර කථාව පරිදිමයි. දරුවන් නැහැ. පසුව එම රටේ වෛද්‍යවරුන් සොයා ගත්තා මොහුගේ රුධිරයේ විශාල වශයෙන් ඊයම් අන්තර්ගත බව. ඒ නිසා එම ආයතනය මගින් පෙර වැටුපම මොහුට ගෙවමින් වෙනත් සුලු රැකියාවකට මාරු කලා. නමුත් දරුවන් සෑදීම අපහසුයි කියන එක තමයි මේ රටේ වෛද්‍ය මතය වුනේ.

කෙසේ හෝ නිවාඩුවකට පැමිණි අවස්ථාවක ආයූර්වේද වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වීමෙන් සීග්‍ර ලෙස රුධිරයේ ඊයම් ප්‍රතිශතය අඩු වී ගියා පමණක් නෙමෙයි මොහුගේ නිසරුභාවයත් නැති වී ගියා. අද එක් දරු පියෙක්, රැකියාව තවමත් එම රටේ එම ආයතනයේමයි. වෙනත් සැහැල්ලු රැකියාවක්.

තෙවනි කථාව
මෙම තරුණයාත් නීත්‍යාණුකූල මගින් යම් රටකට රැකියාව සඳහා යනවා. වසර 10 අධික කාලයක් රැකියාව කර ලංකාවට එනවා. මෙහිදී යුවතියක් හා විවාහ වෙනවා. මොහුටත් දරුවන් නැහැ.

හෙතුව පුරුෂ මඳ සරුභාවය. සිදු වී ඇත්තේ මොහු රැකියාව ලෙස මෙම රටේදී කර ඇත්තේ, ගෘහභාන්ඩ නිපදවන කම්හලක එම ගෘහ භාන්ඩ ඔප දැමීම. මෙහිදී ඔහුට හානි වී ඇති ආකාර දෙකක් හදුනා ගත හැකියි.
1. එම රසායනිකයන් ආඝානය වීම.
2. ඔප දැමූ භාන්ඩ නැවතත් වියලි බව ඇති කරවීමට යම් මට්ටමකට රත් කරනවා. එම රත් කිරීමේදී එම ස්ථානයේ උෂ්ණත්වය ඉතා අධිකව ඉහල යනවා. මෙන්න මේ ආකාර දෙකින්ම මේ පුද්ගලයාට හානි වී තිබෙනවා.
කෙසේ හෝ මොහු මේ වන විට තරමක සාර්ථක භාවයක් ඖෂධ වලින් ලබා ගනිමින් සිටිනවා.

මේ කථාවන් තුන ඉතාමත් කෙටියෙන් ඔබට කියන්නට මම සිතුවේ මින් ලබාගත හැකි ආදර්ශය නිසායි. අපි හැම කෙනෙක්ටම මුදලක් උපයා ගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. එය අපේ අයිතියක්. නමුත් අපේ රටේ දැන් තිබෙන තත්වය අනුව ජීවන වියදම හමුවේ තරුණයන් මෙවැනි තීරන ගන්නවා.

මම කියන්නේ මෙවැනි තීරන ගනිද්දි ඉතා කල්පනාකාරී වන්න.

යම් දෙයක් වූ පසුව එයට විසදුම් සොයනවාට වඩා හානියක් නොකරගෙන සිටීම වැදගත් බවයි මගේ හැගීම.

මේ ගැන නැවත නැවතත් සිතන්න.

19 comments:

  1. බොහොම වැදගත් උපදෙස් , සහ අත්දැකීම්

    ReplyDelete
  2. ඉතාම වැදගත් හෙළිදරව්වක්. කොහොම වුනත් මෙවැනි අයට ප්‍රතිකාර ලබා දීම ලොකු සේවයක් වගේම ලොකු පිනක්.

    ශරීරගත ඊයම් වගේ ලෝහ ඉවත් කිරීමට අපේ රස වෙදකම භාවිතා වෙනවා නේද?

    ReplyDelete
  3. හපෙ හප්පෝ....
    පිටරට ඉන්න උන් නේ වැඩියෙන්ම බලන්නේ...
    හීනෙන්වත් හිතන්නේ නැති දේවල් නේ...

    ReplyDelete
  4. මෙහෙම දෙයක් තියනවා,,මා සිටිනා රටේ රැකියා කරද්දි වෛද්‍ය සහතික හැම වසරකම ලබා ගැනීම සිදු කරන්න ඕනා,,,ඒ කියන්නේ සමහරවිට කර්මාන්ත ශාලාවක් ගත්තොත් එතනින්ම ඒ සේවය ලබා දෙන තැන් තියනවා,,ඔබතුමා කියන තොරතුරු වලින් මට පෙන්නෙත් මෙහෙ අය ගැනම තමා කියන්නේ,,අපේ අයගේ මම දකින දෙයක් තමා මේ රටේ මිනිස්සු ඒ වගේ තැන්වල රැකියා කරන්නේ පොඩි කාලයක්,,ඒත් අපේ අය වැඩි වැටුප නිසා දිගු කාලයක් වැඩ කරනවා

    ReplyDelete
  5. අපිට ඉස්කෝලෙ සූලොජි උගන්නපු කාන්ති ටීච කිවුවෙ පිරිමි ළමයි රස්සාවක් හොයාගන්නකොට පුලුවන් තරම් වැඩි උශ්නත්ව වලට මූන නොදෙන රස්සාවල යෙදෙන්න කියලයි. තවත් දෙයක් විශේෂයෙන්ම කිවුව . . . බස් එකේ යද්දි ඇංජිම උඩ වාඩි වෙලා යන්න එපා කියල . . . (එහෙම කියද්දි එකෙක් දෙන්නෙක් කලිසං බුරුල් කරල පවං ගහගන්නත් පටං ගත්ත)

    ReplyDelete
  6. බොහොම ස්තුතියි විස්තර ටිකට....

    ReplyDelete
  7. ඔබ මේ සඳහන් කරල තියන පලමුවන තරුණයාට මේ එන්නත දීල තියෙන්නෙ කුමකටද කියා ඔහු දන්නවාද.. හරි කනගාටුයි.. යස ඉසුරු සොයා ගිහින් වෙන දේවල් නේද..

    අධික උෂ්ණාත්වය මද සරු බාවයට හේතුවක් කියල අපිට කලින් ලිපිවලත් කියා දුන්නා...මගෙත් යහලුවන් කීප දෙනෙක් ඉන්නව මැද පෙරදිග සේවය කරන . ඒ බොහෝ අයට දරුවන් නැහැ...

    ඔබගේ මේ ලිපිය මගේ මූණු පොතේ පලකරනවා.. මම හිතනවා එය කාටහෝ ප්‍රයෝජනවත් වේවි කියලා... ස්තූතියි ඔබතුමා මේ කරන අමිල මෙහෙයට...

    ReplyDelete
  8. මුල්ම උදාහරනය හැර අනෙක්වා නම් ඇත්තටම අසා තිබෙන ඒවා. අර මුලින් සඳහන් කල දේ නම් හිතාගන්ටත් අමාරු, අමානුෂික සිද්ධියක්. ඒ වගේ දේවල් කාටහරි කියලා ඒ තත්වය වෙනස් කිරීමට හැකියාවක් නැද්ද? අපේ තරුනයන් පිට රට යද්දී මේ දේවල් ගැනත් අවදානයක් දැක් වූවොත් හොඳයි කියලා හිතෙනවා. ඒවගේම එයාලව මෙහෙම හරි දැනුවත් කිරීමට ඔබට ස්තූතිවන්ත විය යුතුයි.

    ReplyDelete
  9. බුවා,
    ස්තුතියි.

    නඳී,
    ඔව් සිතන කෙනෙක්ට.

    ඉඳුනිල්,
    ඔව් රස වෙදකමින් කල හැකියි.

    මාතලන්,
    ඔව් මම සැරබාල කරලා ලියලා තියන්නේ.

    ඩිලාන්,
    රට ගැන හෝඩුවාවක් දෙන්න බැහැ. ඒත් ඔබ කියන පරිදි ඔවුන් වෛද්‍ය සහතික වාර්ෂිකව ලබා ගන්නවා. ඒත් කරුමේ කියන්නේ අපේ කට්ටිය මේවා මඟ හරින ක්‍රම දන්නවා. මමවත් නොදන්න දේවල් අයථා ක්‍රම මම මෙයාලගෙන් ඉගෙනගෙන තිබෙනවා. ඒ ගැන නම් කවදාවත් මම ලියන්නේ නැහැ. ඒත් පුදුමයි ඔවුන්ගේ දැණුම ගැන නම්.

    ඕනයා,
    මල්ලි ඒ ගුරුවරු රත්තරන්.

    ඔබ නුදුටු ලොවක්,
    ඇත්තෙන්ම ඔබ නුදුටු ලෝකයන් කීපයක්ම මේ මිහි පිටම තිබෙනවා. ස්තුතියි.

    ගිම්හාණී,
    බ්ලොග් ලෝකයේ අංක එකේ රසිකාවියගේ වචනත් මට මහා දිරියක්.

    පොඩි කුමාරිහාමි,
    ඇත්තෙන්ම. මෙවැනි දේ මම අසා තිබෙනවා. ඒත් එවැනි අය දෙදෙනෙක් පමනයි මුණ ගැසී ඇත්තේ. අනෙක් කෙනාට නම් විශාල වශයෙන් මුදල් තිබෙන අයෙක්. දැන් මගේ යටතේ ඉන්දියාවේ රෝහලක නවත්වා ප්‍රතිකාර කරනවා.

    ReplyDelete
  10. බොහොම වටිනා ලිපියක්... කරුණු කාරනා කියලා දෙන ඔබට බොහොම පින්..

    ජය...

    ReplyDelete
  11. යකො මාත් මූදීන් එතේර අවුරුදු 3 ට විතර ගොහින් එන්ට හිතාන ඉන්නේ... බොම හොඳට හිතලා තීරනයක් ගන්ට ඔන..එහේනං.. හැබෑ බැංකු සෙස්තරේ වැඩකට තමා යන්නේනං.. එක කොහොම වෙයිද වෙදමහත්තයො...
    මොනාඋනත් කාරනේට බොහොම ස්තූතී වෙදමහත්තයෝ...

    ReplyDelete
  12. බොහොම වටිනා ලිපියක්....

    ReplyDelete
  13. පිටරට රස්සා වලට යන උදවියට මේවගේ කරදර ඇතිවෙන එක සුලභයි. මම කොලඹ ඉන්න කාලෙ නැවතිලා හිටිය ගෙදර අංකල් මේසන්වැඩ කරන කෙනෙක්. එයා අවුරුදු විස්සකට විතර කලින් මැදපෙරදිග රටක රජ කෙනෙකුගෙ මාලිගාවක වැඩට ගිහිල්ලා තියනවා.(රට මතක නෑ).එහෙදි පාවිච්චි කරපු කෙමිකල් වර්ග නිසා අත්වල කකුල් වල ඇගිලි පුපුරායාමේ රෝගයක් මේ මනුස්සයට තියනවා.
    හොද වැදගත් ලිපියක්.

    ReplyDelete
  14. ඔබ මදසරුභාවයට ප්‍රතිකාර කරනවද? මගේ හිතවතෙකුටත් ඔය ගැටලුව තියනව.හමුවෙන්න ක්‍රමයක් කියන්න පුලුවන් ද?

    ReplyDelete
  15. හුස්ම ගැනීමෙන් ඊයම් ඉතා පහසුවෙන් ශරීර ගත විය හැකියි. රුධිරයේ ඇති ඊයම් ප්‍රමාණය 10 (micrograms per deci litre) ට වඩා වැඩි නම් ඊයම් විෂ වීමේ අවදානමක් තියෙනවා. මේ රොගීන් දෙදෙනා ගේ ශරීර ගත ඊයම් ප්‍රමාණය ඊට වඩා වැඩි බවයි පෙනෙන්නේ. ඊයම් විෂවීමෙන් තවත් මාරාන්තික රෝග පසුවට ඇතිවිය හැකි බැවින් ඔවුන් දෙදෙනාම පරෙස්සමෙන් නිරීක්ෂනය කල යුතුය. නඛර සංයෝගයකින් (chelation compound ) ඔවුන්ගේ ඊයම් අයින් කිරීමෙන් සාමාන්‍ය අතට හරවා ගත හැක. දැනට අවුරුදු ගනනකට පෙර සායම් නිෂ්පාදනයේදී ඊයම් බහුල වශයෙන් භාවිතා කරන ලදී. ලෝකයේ බොහෝ රටවල මේ නිෂ්පාදනය අත් හිටුවා ඇත. එසේ වුවත් තවමත් ඊයම්, සායම් නිෂ්පාදනය කරන රටවල් ලෝකයේ ඇත. විනෝදයට ඉලක්ක වෙඩි තබන්නා වූ වෙඩික්කරුවන්ගේද රුධිරයේ ඊයම් ප්‍රමාණය අධිකය. නමුත් එය 10 ට අඩුය. ඔවුන්ට ඊයම් ශරීර ගත වන්නේ උණ්ඩය තුවක්කුවෙන් පිට වූ පසු ඒ සමග පිටවන වාතය ආශ්වාස කිරීම වැනි සියුම් වූත්, ඉතා කෙටි වූත් කාලයක ප්‍රථිඵලයක් වශයෙනි. නඛර සංයෝග ගැන ආයුර්වේදයේ සඳහන් වෙයි. අවශ්‍ය වන්නේ ඒ ගැන උනන්දු වී එය දියුණු කර ගැනීම පමණකි. බටහිර ශාස්ත්‍රයට වඩා මේ අතින් ආයුර්වේදය ඈත අතීතයට දිව යයි. දැනට ඕස්ට්‍රේලියාවේ ආයුර්වේදය පිලිබඳව පරීක්ෂන කරන බව මා අසා ඇත.

    ReplyDelete
  16. අර x-ray වල ලග හිටියාමත් ජිවිත කාලය කෙටි වෙනවා කියනවා නෙද? හැබයි ඩොක්ටර්ලට වඩා පඩිය වැඩිලු x-ray මැශින් එක ක්‍රියාත්මක කරන කෙනාට

    ReplyDelete
  17. වැදගත් ලිපියක්, විශේෂෙන්ම තරුණ අයට.

    ReplyDelete
  18. එදිරි....

    මේයගෙ ඩිස්පන්සරියට අපි කියන්නෙ බබ්බු ෆක්ටරිය කියලා. බඩු සුවර් ගිහින් බලන්න.

    ReplyDelete