Friday, October 14, 2011

හාවගෙයි ඉබ්බගෙයි රේස් එක සහ ආයූර්වේදය නොනැසී පැවතීම.

සෞක්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.

දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ඒ හා සම්බන්ධ විවිධ සංඛාන තොරතුරු.

(1) PATIENT STATISTICS UNDER CENTRAL GOVERNMENT  AYURVEDA HELTHCARE CENTERS

1. Ayurveda Hospitals - 07
2.Dispeansary - 01
3.Beds - 523

(2) PATIENT STATISTICS UNDER PROVINCIAL COUNCILS  AYURVEDA HELTHCARE CENTERS

1. Ayurveda Hospitals - 62
2.Dispeansary - 208
3.Beds - 3102

Total
Hospitals - 69
Dispensary - 209
Beds - 3625

(3) Number of Hea lth Institutions and Beds by Type, 2007 (Annual Health Statistics)
1 Teaching Hospitals - 16
Beds - 18451
2 Provincial/ General Hospitals - 12
Beds - 7799
3 Base or District Base Hospitals - 44
Beds - 12391
4 District Hospitals - 161
Beds - 14417
5 Peripheral Units - 95
Beds - 5127
6 Rural or Estate Hospitals - 182
Beds - 5180
7 Cen. Disp. & Mat. Homes - 59
Beds - 596
8 Other Health institutes - 46
Beds - 4733

Total Hospitals - 615
Beds - 68694


අද මම ඔබට කියන්නේ ඔබ මවිත වන දෙයක්. දැන් ටික දිනක පටන් වෙදගෙදරින් ආයූර්වේදය ගැන නොයෙක් දේ ඔබ සමග කථා කලා. ඒ සෑම විටකදීම මට වැටහුන දෙයක් තමයි ඔබ සැම මේ ආයූර්වේදයට යම් කැමැත්තක් තිබෙන අය බව. ඒ එසේ වුවත් ඔබ යම් අපැහැදීමක් තිබෙන බව මේ විද්‍යාව යම් තරමකටවත් දියුණු නොකිරීම පිළිබඳව.

අද මගේ මේ සාකච්ඡාවේ තවත් එක් පියවරක් විදියට වර්ථමාන ආයූර්වේදය මුහුණ දීල තියන විශාලම ප්‍රශ්නය තමයි කතා කරන්නේ.

ලෝකයේ පලමුවැනි සංවිධානාත්මක රෝහල සෑදුවේ මම දන්න තරමින් දප්පුල රජතුමා අනුරාධපුර යුගයේදී. අදත් නටබුන් විදියට මිහින්තලේ තිබෙන්නේ ඒ රෝහල තමයි.

මේ රෝහල් සංකල්පය ලෝකයට අපි දුන්නේ ඒ තරම් ඈත අතීතයේදීයි. මේක දියුණුවෙමින් නොයෙක් අත පැතිරුනා. මම නම් හිතන්නේ ලෝකයේම මේ සංකල්පය පැතිරුනේ මෙතනින්. වසභ රජතුමාගේ කාලේ, (ඒත් අනුරාධපුර යුගයේ), අපිට පුළුවන් වුනා නම් රෝමයට තානාපති කෙනෙක් යවන්න, මේවැනි දෙවල් පැතිරීම ගැන අපි කථාකල යුතු නැහැ නේද?

මේ විදියට යුගයෙන් යුගය ආයූර්වේදය දියුණු වෙමින් පිරිහෙමින් පැමිණියා.

ආයූර්වේදයේ පිරිහීම ඌව වෙල්ලස්ස කැරැල්ලෙ පරාජයෙන් පසු 100% ස්ථාවර වෙනවා. ඒ ගැන වෙනම කථාකලයුතු දෙයක්.

කෙසේ හෝ මේ පිරිහීම කොතෙක් වුවත් (දින වකවානු අමතකයි ) වද කහ සුදිය තමයි ආයූර්වේදෙට මෑත යුගයේ විනය කැටපු ප්‍රධානම සාධකය වුනේ. නමුත් එම සංසිද්ධියට ආයූර්වේදයේ සම්භන්ධයක් නැහැ. ඒක වෙනම කථාවක්. ඒත් ඒ කන්ඩායමේ ආයූර්වේද වෛද්‍යවරුත් ඉදලා තිබෙනවා.

මේ මොන බාධක පැමිණියත් 1970 දශකය වනතෙක් රටේ ප්‍රධාන වෛද්‍ය ක්‍රමය වී තිබෙන්නේ ආයූර්වේදය. 1970 පමණ වනවිට ඇති වූ නව ලෝක ප්‍රවණතා, හා සමාජ ආර්ථික කරුනුවල බලපෑම, ඒ වගේම නව යටත් විජිත ව්‍යාප්තිය, වගේ සාධක ආයූර්වේදයේ තිබූ අසන්විධානාත්මක බව, විද්වත් භාවයේ තිබුනු පිරිහීම, වැනි කාරනාත් එක්ක මේ පිරිහීම බින්දුවටම වැටුනා කිව්වොත් මම හරි.

මම දන්න තරමින් 1929 විතර සිට තමයි නීතියෙන් ආයූර්වේදයට කෙනෙහිලි පටන් ගන්නේ. ඒ සුද්දන්ගේ කාලේ ඇති කරන නව සෞක්‍ය අන පනත් හරහා.

කෙසේ හෝ මම ඔබට පැහැදිලි සත්‍යයක් කියන්නම්,

"මේ අණ පනත්වල හැටියට මමද නීති විරෝධී වෛද්‍යවරයෙක්"

ඇයි මම එහෙම කියන්නේ, ලංකාවේ තාම නීතියෙන් ආයූර්වේද වෛද්‍ය ක්‍රමය පිලිගැනෙන්නේ නැහැ. අර සුද්ද ඇති කරපු සමහර නීති තාමත් එහෙමම තිබෙනවා. යම් යම් චක්‍රලේඛන සහ පනත් මඟින් යම් බලතල ඇතිව ආයූර්වේද අමාත්‍යාංශයක් පිහිටුවා තිබුනත් එතැන මේ නීති නිසා ඇති වී තිබෙන්නේ මහ අවුල් බවක්.

මම ඔබට එක් උදාහරනයක් දෙන්නම්……..

1960 ගනන් වලදී පලමුවෙන්ම ලංකාවේ ආන්ඩුව ඇතිකලා ආයූර්වේද දෙපාර්තමේන්තුවක්. එම ආයතනය 1962 ආයූර්වේද පනත මගින් තමයි ස්ථාපිත කලේ. නමුත් ජේ. ආර්. ජයවර්ධන යුගයේ ආයූර්වේද අමාත්‍යාංශයක් ඇති කලේ එසේ නොවෙයි. මේ නිසා අද මේ දෙපාර්තමේන්තුවද වඩා බලවත් එසේත් නැත්නම් අමාත්‍යාංශයද වඩා බලවත්, (කිකිලිද බිත්තරේද) වැනි කබ ඇදිල්ලක් ඇති වී තිබෙනවා.

නිසි පනතකින් නෙමෙයි මේ ආයූර්වේද වෛද්‍යවිද්‍යාවට මෙතෙක් නීතිමය රැකවරණය සලසන්නේ. තිබෙන පනත සංශෝධනය කර නැවතත් ආයූර්වේදයට තමන්ගේ හැකියාවෙන් නැගී සිටීමේ තත්වය ඇති කලොත් කිසිම අමාත්‍යාංශයක් මෙයට අවශ්‍ය නැහැ. සෞක්‍ය අමාත්‍යාංශයේම දෙපාර්තමේන්තුවක් බවට පත් වුවත් ඇති.

මේ නිසා සමාජමය වශයෙන් වෛද්‍යවරයාට අහිමිවන දේ බොහෝමයි. කොටින්ම අද ආයූර්වේද වෛද්‍යවරයාට තමන්ගේ රෝගියා වෙනුවෙන් වෛද්‍ය සහතිකයක් නිකුත් කල නොහැකියි. රක්ෂණ සහතිකයක් සඳහා ආයූර්වේද වෛද්‍ය සහතික වලංගු නැහැ. ( මා ඇතුළු කීප දෙනෙකුට මේ වරප්‍රසාද ලැබෙන අතර ඒ නීතියෙන් නෙමෙයි. අපේ කටේ හයියට සහ අපි වෙනුවෙන් කථා කරන්න මිනිසුන් සිටින නිසා. නමුත් නීතිමය රාමුවක් නැහැ.) වෙනරටකට අපේ ඖෂධයක් යවා ගන්න බැහැ. (ඒකත් මට නම් සුළු දෙයක්.) නමුත් මේ ප්‍රශ්න ආයූර්වේදයේ ප්‍රගමනයට විශාල ලෙස බලපානවා.

මම මේ කියන බනේ හරිවිදියට තේරුම යන්න සුළු උදාහරනයක් ගන්නම්. බලන්න ඉහත සටහනේ ඇති අංක 1, 2 සටහන්. මේ තිබෙන්නේ මේරටේ තිබෙන ආයූර්වේද රෝහල් ගනනත් ඒවායේ ඇති ඇදන් ගනනත්. අංක 3 සටහනේ දැක්වෙන්නේ මේ රටේ ඇති බටහිර රෝහල් ගනනත් ඇදන් ගනනත් දැක්වෙනවා. ඔබම සන්සන්දනය කරන්න. මම යම් උදව්වක් පමනක් කරන්නම්. හැම විටම විවේචකයා ඔබයි.

(මේකෙදි මම කියන්නේ ආයූර්වේදයත් මේ ගානට දියුණු කල යුතුයි කියලයි. නැතුව ආයූර්වේදය පමනක් තිබිය යුතුයි කියලා නෙමෙයි. අනෙක් රෝහල් ගනනත් මට හිතෙන හැටියට නම් හොදටම මදි.)

ආයූර්වේද රෝහල් ගනන - 69
ඩිස්පැන්සරි ගනන (රජයේ) - 209
රෝහී නේවාසික ඇදන් ගනන - 3102

ඒ අතරම බටහිර රෝහල් ගනන - (2007දී) 615
ඇදන් සංඛ්‍යාව - 68694

දැන් ඔබගේ තීරනය දෙන්න.........

14 comments:

  1. ඔබ වැන්නවුන්ගේ කටේ සද්දෙන් නොවුනොත් තව අවුරුදු සියයක් ගතවුවත් අපේ ආයුර්වේදය . . .
    එමමයි . . .
    අපේමයි . . .
    එතනමයි . . .!!!

    ReplyDelete
  2. ආයුර්වේදයට රාජ්‍ය අනුග්‍රහය ලැබෙන විදිය ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ තමයි. වීශේෂයෙන්ම ඔය වෛද්‍ය සහතික හා රක්ෂණ පිළිබඳ ඇති වෙන ගැටළු නිසාත් සාමාන්‍යය ජනතාව මේවාට යොමු වීම අඩු වෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම ජනතාවගෙ ආකල්ප වල ඇති කරන වෙනස වගේම ආයුර්වේදයට නිසි තැන ලබා දීමත් එක වර සිදුවිය යුතු දෙයක් බවයි ඔබ කියන දේ අනුව මට තේරෙන්නෙ.

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. වෙද මහත්මයා,
    මකා දැමු කොමෙන්ට් එක කරුණාකර කියවන්න

    ReplyDelete
  5. මගේ යාලුවෙක් ඉන්නවා එයට තාම බබාලා නෑ. එයාගේ ඩිම්බ මෝරන්නේ නෑ. දැන් වයස 32 වෙනවා. ඉංග්‍රීසි වෛද්‍ය ප්‍රතිකාර අවුරුදු 4 සිට ගන්නවා. එත් තාමත් වැඩක් උනේ නෑ. වෛද්‍ය තුමනි මෙයට ප්‍රතිකාරයක් තිබේනම් කියන්න. බොහොම පින්.

    ReplyDelete
  6. මේ දේවල් අහන කොට හිතෙන්නේ මෙච්චර කල් අදාළ රාජ්‍ය ආයතන මොනවාද කලේ කියලයි.අවශ්‍ය මූලික දේ වත් කරන්නේ නැතිව ???

    කරුණාකර ඔබේ භාවිත ඊ මේල් ලිපිනය මට එවනවාද (මගේ ඊ-ලිපිනය gui@ramadasa.name ), මම එවූ පණිවුඩය නැවත එවන්නම්.

    ReplyDelete
  7. ගෞරවනීය වෙද මහත්මයා,

    අපේ රටට කවදාවත් අවංක නායකයෙක් බිහි වුනේ නැහැ. අවංක කෙනෙක් නම් රට ජාතිය වෙනුවෙන් වැඩ කරනවා. දේශපාලනය ගැන මම කවදාවත් සාකච්ඡා නොකරන්න හිතාගත්තු නිසා මීට එහා මම මොනවත් කියන්නේ නැහැ.
    නමුත් අපට අවශ්යර අපේ රටට ආවේනික වූ දේශීය වෛද්යය ශාස්ත්රාය ගරා වැටීමකට ලක් කිරීම නොව, එය නගා සිටුවීමයි. බටහිර වෛද්යත ශාස්ත්රීය මේ රටට ඇවිත් මුල් බැසගෙන අවසානයි. ඒකෙත් අපට ප්ර්යෝජනවත් දේවල් තියෙනව. මම නැහැ කියන්නෙ නැහැ. ආයුර්වේදයෙ අතීතය සලකා බලන කොට ඒකෙත් තියෙනව ඉතාමත් ප්රේයෝජනවත් දියුණු කලයුතු උපාංග. අපේ රටේ වෙලා තියෙන්නෙ බටහිර ක්ර්මය ඉස්මුදුනෙන් පිලිගෙන අපේම ආයුර්වේදය වල පල්ලට දැමීමයි. දැන් ඉතින් පෙරදිග අපරදිග කියන වචන අමතක කරල, ලාංකික වෛද්ය මණ්ඩලයක් පත්කරන්න ඕන, මේ දෙක සමෝධානය (integrate) කිරීමට. අනිත් එක මේ සංවිධානය විනිවිද විය යුතුයි. සියල්ලන්ගේම යෝජනා සලකා බලා සුදුසු තීරණයක් ගත යුතුයි. ඒක බලවත් අයට පමණක් කිරීමට ඉඩ දී බලා සිටිය නොහැක. මෙහෙම් දෙයක් කිරීමට කොන්ද පණ ඇති නායකයෙක් අවශ්යියි. නැත්නම් කොහේ හරි යන පඹයෙක් ඇවිත් මිනිස්සු ගස් බඳියි. රජ කාලේ දඳුවම් දෙන්න පටන් ගනියි. මට මතකයි සුෂෘත සංහිතායේ ශල්යඇ වෛද්ය ක්රිම වලට අවශ්යු රෙදි පිලි පඬු පොවා අව්වේ වියලීමෙන් එහි විශබීජ නැතිවන බව කියෙව්ව. ඒකෙ දි සෙවනැල්ල එක්තරා දිගක සිට අවරයට යන අවස්ථාවේ දුගෙන් කාලය මැන ගන්නා අන්දම හොඳට විස්තර කරල තිබුන. ඉතින් එහෙම තිබුන ශාස්ත්රයයක් අමතක කරල මේ බටහිර පණ්ඩිතයො ඇවිත් නවීන යන්ත්රල සූත්ර මගින් විශබීජ නසන හැටි ඉගැන්වීම හාස්යර ජනක කරුණක්. අපට තිබුනෙ ඒ ආයුර්වේදය දියුණු කරල බටහිරෙන් ගත හැකි දේවල් පමණක් පිලිගන්න. අනිත් එක වෙද මහත්තයෝ කවුරු මොනවා කීවත් වෛද්යෙ වරයාත්, රෝගියාත් අතර බලපාන අදෘශ්යිමාන බල වේගයක් තියෙනව. මේ බල වේගයට නොයෙක් නොයෙක් නම් භාවිතා කරනව. එකක් තමයි අත්ගුණය කියන වචනය. ඒක අදෘශ්යකමාන බල වේගයක්. බටහිර වෛද්යර වරුන් අතර මේක නැත්තටම නැති තරම්. ඔවුන් පිලිගන්නෙ ඖෂධය තමයි බලවත්, ඒකෙන් සියල්ල සිදුවෙනව කියලයි. එහෙම වෙන්නෙ නැහැ. මේ අදෘශ්යධමාන බල වේගය ඉතාමත් බලවත්. ඒ නිසාම බොහෝ රෝග සුවවනබව බ්රරයන් වයිස් ආදී නව මාණසික වෛද්යමවරු එකහෙලාම පිලිගන්නව. අපි පිරිත් කියල ඒ පිරිතේ ඇති සත්ය් තාවයෙන් මේ රෝගය සුව වේවා කියන සත්යපක්රිදයාවෙන් තමයි සුවයක් බලාපොරොත්තු වෙන්නෙ. මේ වෛද්යේ - රෝගී හමුවෙත් බලපාන්නෙ ඒ සංකල්පයමයි. වෛද්ය් වරයාගේ කරුනා දයා මෛත්රී් ගුණාංග හරි විදියට යොමු කලොත් සුවය නිශ්ඨව්වටම ලැබෙනවාමයි.

    දැන් ඉතින් ඕක කරණ එක බලලගෙ කරේ සීනුව බැඳීම වගේ වැඩක් වගෙයි පේන්නෙ. ඔබට ජය වේවා.

    ReplyDelete
  8. බොහොම ස්තුතියි. මම නැවත ඊ මේලය එව්වා. කලින් ඒවා තිබුනෙත් නිවැරදි ලිපිනයට. මේ වතාවෙත් ඇවිත් නොතිබුනොත් කරුණාකර SPAM ෆෝල්ඩරයේ බලන්න. එහෙමත් නැති වුනොත් මම ඔබව අමතන්නම්.

    ReplyDelete
  9. ජනතාවගේ පැත්තේන් තිබෙන අකමැත්තට ඔබ තුමන්ලා ගත් නවීන පියවර ඔබ තුමාම පැහැදිලි කලා. (තෙල්, කෂාය, චූර්ණ, ගුලි වෙනුවට ටැබ්ලට් ආදේශ කිරීම.) සිද්ධාලේප කියල දෙයක් අපි පොඩි කාලේ අහල තිබුනේ නෑ. සීනී නැතුව තේ දුන්න අම්මගේ කාලේත් ගෑවේ වික්ස්. සිද්ධාලේප වෙද මහත්තයා සයිකලේ පටවගෙන ගිහින් අද ඒක ලංකාවෙම ප්‍රචලිත කරල තියෙන්වා. ඒ වගේ තව ප්‍රමෝට් කරන්න පුළුවන් ඔඋ සමහර වෙද මහත්තුරු ගාව තියෙන ක්‍රිම් වර්ග තුවාල සඳහා ගාපූ ගමන් බඩු බනිස්... පස් පංගුව වාතයක් කියල හිතපු අය සමහන් බොනව එකසිය ගානට. කොහොමත් මේ රටට දෙයක් කලේ පෞද්ගලික අංශය. රජයේ ප්‍රතිපත්තිත් එකයි සේවකයොත් එකයි. තනිකර හාල් පාරුවෝ. පයිසෙකට ගනන් ගන්නේ නැති කැපෙන්න ඉන්න එකෙක් නැත්නම් ඉතුරු වෙන එකෙකුට තමයි ඔඅය අමාත්‍යශය දෙන්නේ. කොච්චර බැන්නත් ජේ. ආර්. පප්ප විතරයි වී ජ මූ දාලා ආයූර්වේදයක් කියල එකක් තියෙන බව අපෙ ගොන් බූරූ ජනතාවට වටහල දුන්නේ.

    ReplyDelete
  10. ඔබගෙ ලිපියට අනුව මේ ආයුර්වෙද ක්‍රමය එදා සිට අද දක්වාම ඇවිත් තිබෙන්නෙ එකාකාරිව නෙමෙයි . මට පෙන විදිහටනම්. වඩා ප්‍රචලිත නැති මෙ ක්‍රමය මෙ ක්‍රමයෙ පැවැත්මට උපකාරී වෙනවා.(හිමින් ගමන කෝකටත් හොඳයි ) නැත්නම් පොඩ්ඩක් ඉගනගෙන හන්දියක් හන්දියක් ගානෙ ආයුර්වෙද කඩ දාගත්තොත්........


    ප:ලි ආයුර්වෙදය ගැන මගෙ දැනුම =NIL

    ReplyDelete
  11. ඕනයා,
    එසේමයි.

    ලකී,
    ඔබට තේරෙන දේ අනිත් අයට තේරෙනවනම් ?????

    ඔබා අයියා,
    එසේමයි.

    ශෙරාත්,
    ඔබට පිලිතුරු දීමට මට ඔබගේ ඊ ලිපිනය දෙන්න.

    සරත් ගුණතුංග,
    මැතිතුමණි, මම කවදත් ඔබට ගෞරව කරමි. ඔබ මට ඉතාමත් ලබැඳි ජ්‍යේෂ්ට මිතුරෙක් ලෙස මම සලකමි. ඔබගේ යෝජනාවමයි මමත් කරන්නේ. අපිට වෛද්‍ය ක්‍රම දෙකක් අවශ්‍ය නැහැ. ඇයි අපිට බැරි ඉන්ටිග්‍රේටඩ් ක්‍රමයකට යන්න? බැරි නැහැ වෙලා තියෙන්නේ අපේ ආකල්ප තාම දියුණු නැති එකයි.

    ඉඳුනිල්,
    ඔබට මම පිලිතුරු ලබා දී ඇත.

    මාතලන්,
    ඇගේ ලේ රත්වෙනව තමයි මේ දෙවල් පෙනෙත්දි. ඔබට කියන්න මොවුන් අපිට චෝදනා කරනවා ආයූර්වේදයට මෙතරම් සලකද්දිත් වැඩක් වෙලා නැහැ කියලා. අපි නිදහස් වෙලාත් අවුරුදු 60 ගනනක් ගොහිනුත් සලකලා තියෙන අපූරුව පේනවනේ. හැබැයි මගේ මිත්‍රයෙක් වන මට නිතර මුණ ගැසෙන වි. ජ, මු. ලොක්කා හැර වෙන කොකෙක්වත් තාම මේකට වැඩ කලේ නැහැ. පියසෙන ගමගේ උන්නැහැ හොද සැලැස්මක් හැදුවා. මම ඒක දන්නවා මමත් ඒ වැඩේට සහභාගි වූ නිසා. හැබැයි තීන්ත වේලෙනකොට පොරට යන්න වුනා.

    ලොකු ජෝන්,
    ඔබගේ අදහස සමග එකගයි. පිරිහීමත් එක්ක එන දියුණුවට වඩා හැංගිලා තියන එක හොදයි. එතකොට අනාගතයේදී හරි මොලේ තියන මිනිස්සු බලා ගනියි. ඒකත් හරි.

    ReplyDelete
  12. බටහිර වෙදකමට මිනිස්සු කැමති ක්ෂණික සහනය නිසා . ආයුර්වේද ක්‍රම වල තියෙන සංකීර්ණ බව සමහර විට දරන්න අමාරුයි . අනික හරි සුදුසුකම් ඇත්දැයි සැකයි.හැබැයි කරන්න දෙයක් නැහැ කියල බටහිර වෙදකමෙන් කිව්වම අනිවාර්යයෙන් අයුර්වේදෙට යොමු වෙනවා . අංශබාගය , කැඩුම් බිඳුම් විශේෂයි . තව සර්ප විෂට බටහිරින් හරි හමන් ප්‍රතිකාරයක් නැහැ . ඇන්ටි වෙනම්[ ප්‍රති විෂ] තියෙන්නේ සර්පයින් කීපදෙනෙක්ට විතරයි . උදාහරනෙකට කැලණියේ විෂ වෙද රෝහල හරිම හොඳ තැනක් . අපේ අම්මට පොඩි සර්පයෙක් කාල ඒ අය සැහෙන සැලකිල්ලෙන් බෙහෙත් කළා . ඕන නම් නවත්තගෙන උනත් බෙහෙත් කරනවා .[ වසර 10 කට පමණ පෙර ]
    හරි තැන සහ හරි වෙද තුමන් හමු වුනොත් ආයුර්වේදය ඉතාම හොඳයි . ශල්‍ය කර්ම නම් ආයුර්වේදයේ එතරම් දියුණු වෙලා නැහැ නේද . තව දෙයක් තමයි අරිෂ්ට වර්ග . ආයුර්වේද කථිකාචාර්ය තුමෙක් අපට කිව්වා අරිෂ්ට ,කල්ක වල අඩංගු විය යුතු දේවල් අඩු කිරීම නිසා ප්‍රශ්න ඇති වෙන බව . ඒ කියන්නේ එක දෙයකින් ඇති වෙන අතුරු පල වලක්වන්න යොදන දේ නැති වුනොත් බෙහෙතෙන් වෙන කාරිය වෙන්නේ නැහැ . ඔබ කියන විදියට රජයෙන් තියෙන්නෙත් කුඩම්මාගේ සැලකිලි. පර්යේෂණ අංශයත් දියුණු වීම අත්‍යවශ්‍යයි වෙනස් වෙන ලෝකයේ .
    චීන කටු චිකිත්සාව ට හොඳ තැනක් තියෙනවා ලෝකේ පුරාම . අනික දැන් ඔය මිල අධික සම්භාහන ආයතන වල අරෝමා තෙරපි කියා කියා කරන්නේ තෙල් සාත්තුවනේද ?

    ReplyDelete
  13. වෛද්‍ය තුමනි මෙන්න මගේ ඊ ලිපිනය sherath123@gmail.com

    ReplyDelete
  14. වෙදමහත්තයො ඔය සුද්දා ඉන්නව නේද..ඔකුන් කොහෙත්ම කැමතිනැ..අපේ වගේ ආසියාතික රටවල් දියුනුවෙනවට...හැබැ..අපේ තියෙන සියලුම හොඳ දෙවල් වල සාරය උරා බොන්ට නං උං හොඳට දක්ෂයි...
    ඔකුං උන්ගේ ඉංගිරිසි බෙත් හදලා අපේ වගේ රටවල් වල ඔව ටෙස් කොරාගෙන..අපටම විකුනන එකනේ කොරන්නේ..හැබැ ඔකුන් අපේ පෙරදිග වෛද්‍ය ක්‍රම අගේට පාවිච්චිකොරනව උංගේ අසනිපවලට...
    හැබැ අපේ ඔය ඉන්න දේශපාලුවො කොරන්නේම අර පර සුද්දගේ දේවල් අපට බලේන්ම ඔබ්බවන එක..මොකැ කොමිස් එක යස අගේට උංට ලැබෙනව නොවැ..
    හැබැ කවදා හරි මේ සිරිලංකාවත් එක්කම ආසීයාකරේ පෙරදිග වෙදකම ඔලුව උස්සාවී...තක්කේටම..

    ReplyDelete