Thursday, October 13, 2011

නවීන ලෝකෙට ආයූර්වේදයෙන් වැඩක් තිබෙනවද?

ටික දිනකින් වෙදගෙදරට ලියන්න මට නොහැකිවුනා. අද ඒ වෙනුවෙන් කාලයක් කැප කිරීමේ හැකියාව තිබෙනවා. මගේ අධ්‍යාපන වැඩ නිසා මම මේ දිනවල ඉතාමත් අවිවේකී. ඒ අතර සෑහෙන කාලයක් සිතාගෙන සිටි වැඩකුත් හදිසියෙම කරන්න සිදු වුනා.

දැන් මගේ වයස අවුරුදු 44 මේ කාලය පුරාවටම මම ඉතාම නිරෝගීව සිටියත්, එක පිට පැමිනි නොයෙක් ප්‍රශ්න නිසා මට සෑහෙන විවේකයක් අවශ්‍ය වී තිබුනේ දැන් ටික කලක සිට. මේ අවශ්‍යතාවය මට හොදින් දැනුනා. ඒ නිසා ගිය සතියේ අවසානයේ මම හදිසියේම තීරනය කලා රොහල්ගත වෙන්න. කිසිවකුට නොදන්වා, රෝහල් ගත වුනා. මම සිතාගෙන ගියේ විවේකීව සිටිනා දින ටික වටිනා විදියට ගත කරන්න ඕනෙ කියලා.

ඒ කියන්නේ සැලසුම් කරගෙන සිටි ලිපි කීපයක්වත් ලියා ගන්න සිතුවා. නමුත් එතැනදි මට දැනුනු කම්මැලිකම නිසා කිසිවක් කලේ නැහැ. බ්ලොග් කියවූවා. කමෙන්ට් දැම්මා. වෙන කිසිම ප්‍රයෝජනවත් වැඩක් කලේ නැහැ. රෝහලෙන් පිට වූ පසු තමයි තරු පෙනුනේ.

වෘත්තීය වැඩ, අධ්‍යාපන වැඩ, ඒ අස්සේ බ්ලොග් කර්මාන්තය සෑහෙන්න කඩා වැටිලා. රෝගීන්ට නම් ප්‍රශ්නයක් නොවෙන්න කලින් සැලසුම් කර තිබූ නිසා නැවත සේවයට පැමිනි විගස ඇතිවන තද බදය හැර වෙන කිසි ප්‍රශ්නයක් ඇති වන බවක් පෙනුනේ නැහැ. ඒත් අධ්‍යාපන වැඩ කඩා වැටිලා සෑහෙන්න අමාරුයි ගොඩ එන්න. මේ කාරණය නිසා මම ටික දිනක් ගතකලා ඒ වෙනුවෙන්. දැන් නම් එක පිලිවෙලක් තිබෙනවා. ඒ නිසා බ්ලොග් ව්‍යාපෘතියට ඇන්ටර් වෙන්න තමා මේ සූජානම.

අද මාතෘකාව තමයි නවීන ලෝකෙට ආයූර්වේදයෙන් වැඩක් තිබෙනවද?
ඇත්තෙන්ම මම මුලින්ම අයූර්වේදයට පැමිණි මුල්ම දිනවල මේ ප්‍රශ්නෙ සිතේ ඇතිවන හැම වෙලාවකම මගේ කොන්ද දිගේ විදුලි ධාරාවක් යනවා වගේ ගතියක් මට තිබුනා. මොකද කාගෙත් අකමැත්ත පිට මගේ වෙනත් විද්‍යා උපාධියක් හදාරන එක නවත්තල ආයුර්වේදෙට එන්නේ. හැබැයි මම තීරනය කලා ඒකට මුහුන දෙන්න. මගේ චරිත ස්වභාවය අනුව මම හැම වෙලේම කැමතියි අභියෝග වලට . මෙතැනදිත් මම තීරනය කලා මේ අභියෝගයට මුහුන දෙන්න……………...

අද ලෝකෙ ගත්තම බොහෝ රෝග තිබෙනවා කලින් නොතිබූ රෝග. අන්න එතැනදි කොහොමද මේ ආයූර්වේදයෙන් වැඩක් ගන්නේ?

මේ ප්‍රශ්නේ මට මෙන්ම ඔබටත් ඇති වෙනවා මම සිතන විදියට. ඒක එහෙම වෙන්න ඕනෙ.

ඇයි අපි තාම මේ වෛද්‍යක්‍රමය ගැන නියම විදියට දන්නේ නැහැ.

අපේ ජීවිත වලින් ආයූර්වේදෙ ඈතට ගිහින්.

දැන් ගන්න ඒඩ්ස් මම හිතනවා මේ රෝගයට නියම ප්‍රතිකාර සොයා ගන්න හොදම ක්‍රමය තමයි ආයූර්වේදය කියලා. හැබැයි එතනදිත් දේශීය වෛද්‍ය විද්‍යාව වඩා සුදුසුයි කියලා තමයි කියන්න වෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ?

මම ඔබට සුලු උදාහරනයක් දෙන්නම්. ඔබ දන්නවා ඇති ඉස්සර යම් යම් ඖෂධ පාවිච්චි කරන කොට අපි ගන්නවා අනුපාන කියලා දෙයක්, එහෙමත් නැත්නම් ගුලි ගන්නේ කුඩා ක්ෂායක් එක්ක. මේක මේ දේශීයවිද්‍ය විද්‍යාවේ පමණක් දැකිය හැකි විශේෂයක්. මෙකෙන් කෙරෙන්නේ අද අපි ප්‍රතිජීවකයක් ගන්නවා වගේ වැඩක්.

එතකොට බහුලවම ප්‍රයෝජනයට ගන්නා අනුපානයක් තමයි නෙල්ලි රසකිඳ කියන ශාඛ දෙකින් ලබා ගන්නා ක්ෂාය. (නෙල්ලි ගෙඩිත්, රසකිඳ වැලත් තමයි මේකෙදි වැදගත් වෙන්නේ.) මේ ක්ෂාය භාවිතා කල විට අපේ ප්‍රතිශක්තිය හොඳින් ඇති වෙනවා. ඒ නිසා ඒඩ්ස් වැනි රෝගයකට වැදගත් වෙනවා. මම මේ ගැන මීට කලිනුත් ලියා තිබෙනවා. එතකොට අපිට මේ ගැන ඇයි පර්යේෂණ කරන්න බැරි?

මම හිතනවා නිසි විශේෂඥයන් එකතුවෙලා පර්යේෂණයක් කලොත් ඉන් හොද ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා නිසැකවම. මේවා විතරක් නෙමෙයි, ඔබ දන්නවා සමහර ශාඛවල ඖෂධ සදහා ගන්න කියන්නේ දලු. ඇයි මේ දලු? මේවායේ දලු අවස්ථාවේ තිබෙන රසායනික උපාධානයන් ඉතා ඉහලයි. උද්භිද විද්‍යාව කරන කෙනෙක් ඒ ගැන කමෙන්ට් එකක් දමනවා නම් මම සතුටුයි.

කොහොම හරි දේශීය වෛද්‍යවිද්‍යාව කියන විෂය පර්යේෂණාත්මකව භාවිතා කලොත් අපිට විශාල සේවයක් ගත හැකියි. මම නම් දැණුම ගැන සිතන්නේ එක තැනක දැණුම පල්විය යුතුයි කියන මතයෙන් නෙමෙයි. දැණුම හැම වෙලේම හුවමාරු විය යුතුයි. එතකොටයි එම විෂයන් එකිනෙකින් ජනතාවට වැඩි ප්‍රයෝජනයක් ගත හැක්කේ.
බලන්න අපේ දේශීය වෙදකමේ පාවිච්චි කරනවා, ඉතාමත් පහසු ක්ෂායක් කුබුරු දලු ක්ෂාය. මේක ඉතා වැදගත්. ඇයි ඒ මේක තමයි අපේ පණු බෙහෙත්. මම 100% ස්තිරව කියනවා. මේ ක්ෂාය ( පෙතිත් තියනවා) කුඩා ලමුන්ට දෙනවනම් පණු බෙහෙත් දිය යුතු නැහැ. (මේකට නොයෙක් කථා කියයි) නමුත් මම ස්ථිරවම ඒක කියනවා.

ඔබ දන්නවා මම මේ බ්ලොග් ලෝකෙට පැමිණි අලුතම මඳසරුභාවය පිළිබඳ ලිපි පෙලක් ලියූවා. එහිදී මම ලියූවා පුරුෂ මඳසරුභාවය අද ලෝකයට අභියෝගයක් වෙලා තිබෙන බව. නමුත් මගේ ලිපි පෙලටත් හිනහා වුනා මිසක් ඒ ගැන යමක් හිතට ගත්තේ ඉතාම සුලු පිරිසක් විතරයි. මේ ගැන ඕනෑම අභියෝගයකට මුහුන දෙන්න ආයූර්වේදය සමත්. මේ ගැන අතිසාර්ථක පර්යේෂන දැනට ආයූර්වේදයෙන් කෙරිලා තියනවා. ආයූර්වේදයට මේ රෝගය පරාදයි.

ඒත් ජාතියක් විදියට,……...

අනේ මන්ද අපි බොහෝම පරාදයි. ගොඩ ඒමක් නම් නැහැ.

මම තවත් එක් උදාහරනයක් දෙන්නම්. මේ පුරුෂ මඳසරුභාවය ගැන පර්යේෂණ ගැන ලංකාවේ යම් තැනක (පර්යේෂණ සඳහා රාජ්‍ය අනුග්‍රහය දෙන තැනක.) එක් නිළධාරියෙක් කිව දෙයක් මේ,

"ඕගොල්ලො මොනවද මේ කරන පර්යේෂන? ලෝකෙට ජනගහනය වැඩිවෙලා ඉන්නවා තවත් වැඩි කරන්නද මේ ලෑස්ති වෙන්නේ? මේවට රජයේ මුදල් නාස්ති කරන්න බැහැ". ඔන්න අපේ රටේ හැටි. නමුත් මම දන්නවා බොහෝ පිටරැටියන් පුරුෂ මඳසරුභාවයට මෙම වෛද්‍ය ක්‍රමය ප්‍රයෝජනයට ගන්නවා. (ඒ කියන්නේ ලංකාවේ ජනගහනය තමයි දැන් ලෝකෙට තියන ප්‍රශ්නේ, හැබැයි සුද්දො බෙහෙත් අරන් උන්ගේ ජනගහනය වැඩි වුනාට කමක් නැහැ. හැබැයි ඒක ගැන මට නම් කියන්න තියන්නේ එහෙම හිතන මහත්තුරුන්ට පින්සිද්ද වෙන්න අපිට හොදට පොල් කඩන්න පුලුවන්.)

එතකොට අපි දන්නවා බොහෝ රෝගවලට කිසිම අභියෝගයක් නැතුව ආයූර්වේද ප්‍රතිකාර කරන්න පුළුවන්. රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි අයට, කිරීටක ධමණීවල කොලෙස්ටරෝල් බැදීම නිසා ඇතිවන හෘද රෝගවලට ඉතාම ප්‍රත්‍යක්ෂ ඖෂධ තිබෙනවා.

රජය වහාම මේ ආයූර්වේද ක්‍රමයෙන් තව දුරටත් වැඩක් ගන්නවනම් ඉතාම ක්‍රියාශීලී නිළධාරීන් සහ වෛද්‍යවරුන් අදාල ආයතන වලට දමලා වැඩ පටන් ගන්න………..

අපි අපිට හැකි සෑම සහයක්ම ලබා දෙනවා.

මේ අනුව මට කියන්න පුළුවන් ආයූර්වේදයට නවීන පුරාණ බේදයක් නැහැ. ඕනෑම රෝගයකට ප්‍රතිකාර තිබෙනවා.

සමහර රෝග වලට ආයූර්වේද ප්‍රතිකාර පමණක් හොඳින් සෑහෙනවා. එපමනක් ඇති. නමුත් සමහර රෝග වලට ආයූර්වේද ප්‍රතිකාර වලින් වැඩක් නැහැ. කිසිම ප්‍රතිඵලයක් අත් නොවෙන රෝගත් තිබෙනවා. මේවා තෝරා බේරාගෙන රෝගියාට යහපතක් වෙන විදියට ආයූර්වේද වෛද්‍යවිද්‍යාව හසුරවන්න නම් හොද මොලයක් ඇති නිළධාරීන් පත් කරන්න.

දාගෙන තියන ලෙඩවලට තවත් එකක් එකතු කර ගත්තවත්දෝ කියලා හිතෙනවා.


කමක් නැහැ අත්ත කියන්න බය වෙන්න ඕනෙ නැහැ.......

16 comments:

  1. වෙදමහත්තයො මොනාද මේ කතා..අනිවා සිංහල වෙදකම නැත්තං කොහොමද...දැන් බලන්ඩ හොඳම උදාහරනේ මම..මේ මගේ කකුලේ රිදිල්ලක් තියෙනව..ඔකට හොඳම දොස්තරලා ගාවට ගොහින් බෙත්ගත්තා කොහේ හරියන්නැ....ටිකක් හරී අඩු උනේ ගමේ සිංහල බෙත්කොරලා....( ඔය මගේ බ්ලොග් එකේ ලියලත් තියෙන්නේ)
    අනික...ඔය ඉංගිරිසි බෙත් වලින් ගොඩක් පාලනය කොරන ලෙඩ ටිකක් කල්ගිහිල්ලා හරි සිංහල වෙදකමින් හොඳකොරන්ඩ පුලුවං වෙලාවල් අප්‍රමානයි නේද වෙදමහත්තයො...

    ReplyDelete
  2. හරිම වටිනා, ඒ වගේම රසවත් ලිපියක්. ඔය කියන දේවල් ඇවිත් පරීක්ෂා කරලා බලන්ටත්, මෙහේ ඉන්න අයට ඔය බෙහෙත් දීලා, ඒවාවල ප්‍රතිපල කොහොමද කියලා දැනගන්ටත් කැමතියි.

    ආවොත්, වෙලාවක මුන ගැහෙන්ට පුලුවන් වෙයිද? නැත්නම් ලංකාවේ ඥාතීන්හට ඔබ මුන ගැහීමට පුලුවනිද?

    විවේක ගැනීම සඳහා උන්නෙත් ආයුර්වේද ප්‍රතිකාර කෙරෙනා රෝහලකද?

    ReplyDelete
  3. හරිම වටිනා ලිපියක්....ආයුරුවේද වෛද්‍යක්‍රමය මා දැඩි ලෙස විශ්වාස කරනවා..එයට හේතු බොහෝමයි.... මගෙ නැගනිය පිලිකා රෝගයෙන් පෙලෙන අයෙක් .ඇගේ වයස යන්තම් අවුරුදු 21 යි... වෛද්‍ය විද්‍යාවේ ආශ්චර්යකම් මොන තරම් තිබුනත් ඇය යන්තම් හෝ පණ ගැට ගසාගෙන් සිටින්නෙ ආයුරුවේද වෛද්‍යක්‍රමයට පින්සිදු වන්නටය...

    ReplyDelete
  4. සම හරක් අයගේ බාධා, නොසැලකීම් මැද ඔබතුමන්ලා පුළුවන් හැටියට කරන සේවය විශිෂ්ටයි. ඉදිරියටත් එහෙමම කරමු. පුළුවන් උදවුවක් අපිත් දෙනවා සුළුවෙන් වුනත්. :)

    මම අනුමාන කළා ගියවර ලිපියෙන් කීවේ ඒඩ්ස් රෝගය ගැන කියලා.ගිය වර ලිපිය කියවීමෙන් පසු යම් කාරණාවක් ගැන ඊ මේලයක් දමන්න හිටියත් නොහැකි වුනා.බොහෝ විට අද එවන්නම්.

    ReplyDelete
  5. ප.ලි. ඊ මේලය එව්වා.

    ReplyDelete
  6. කොහොම හරි ඔබේ ගමන යන්න. සුළු පිරිසකට හරි සේවයක් වෙනවනේ. අධ්‍යාපන කටයුතුවලට හදවතින් සුභ පතමි.

    ReplyDelete
  7. ඇත්ත කියන්න බය වෙන්න ඕනි නැ කියල හිතන එකම , වර්ථමාන ලංකාවේ ඉතාම ඉහලින් අගය කල යුතු දෙයක්

    ReplyDelete
  8. මේ "රජයේ උදව්" කියන එක නැතුව ඔබ වගේ හිතන වෛද්‍යවරු ටිකක් එකතුවෙලා ආය්‍රවේදෙ ඵල තීන පුද්ගලික ආයතනවල උදව්වෙන් යමක් කරන්න බැරිද?

    ReplyDelete
  9. ඇත්ත මගේ පරම්පරාවේ කීප දෙනෙක්ම ආයුර්වේද වෛද්‍යක්‍රමය ගැන හොඳ දැනුමක් තිබුනු අය . ඒ අය ගැන මට විස්වාසයි ඉතින් මම මේ ගැනත් ඉහලින්ම විස්වාස කරනවා ..

    ReplyDelete
  10. වෙද මහත්තයෝ . . . . මං ඔබතුමාට කලිනුත් වතාවක් කීව . . . ආයෙත් කියනව . . . ලංකාවෙ රාජ්ය අනුග්‍රහය හෝ අනුමැතිය ඇතිව යම් පර්යේශනයක් කරන්න නම් . . . . ඒක අඩුම ගානෙ අටපට්ටමේ පෙන්නන්න පුලුවං විදියෙ එකක් (බල්ලෙක් නැට්ටෙං ඇවිද්දනව වගේ) වෙන්න ඕනෙ.

    ප.ලි.
    පනු අමාරුවට කොහොඹ පොතු තම්බලා බොන එකත් හොඳයි නේද ???

    ReplyDelete
  11. රාජ්,
    මිත්‍රයා ඔබගේ වදන් මට හරි හයියක්. මමද ඔබ ස්මග ඒකගයි. හැබැයි මගේ අදහස සියලුම වෛද්‍ය ක්‍රම තිබිය යුතුයි. ඒවා තෝරා ගැනීමේ අයිතිය තිබිය යුත්තේ මහජනයාටයි.

    පොඩි කුමාරිහාමි,
    මම ඉතාම කැමතියි මම ලියන මේ දෙවල් සත්‍යද කියලා පෙන්වීමට අවස්ථාවක් ලැබෙනවා නම්. ඔබ සිටින රට කුමක්ද මමත් ඉදහිට රවුම් ගහනවා. අපි මුණ ගැසෙමු. බ්ලොග් ලෝකයේ අයට මම මගේ නියම නමින් ලිපි ලියනවා ඒකට ටිකක් කල් ඕනෙ මට. ඒත් යම් පුද්ගලික උදව්වක් ඕනෑම විටක දෙන්නම්. මවා මුණ ගැසීම පහසුයි. දැනටත් බ්ලොග් කරුවන් මම මුණ ගැසී තිබෙනවා.

    දිල්,
    ඔබගේ නැගනියට ඉක්මන් සුවය පතනවා. ඇයට යම් උදව්වක් අවශ්‍ය විටක මා අමතන්න. ඇයට ප්‍රතිකාර කිරීමේ හැකියාව මට නැතත් මට ඇය වෙනුවෙන් යමක් කල හැකියි. පොඩ්ඩිට දුන් පිලිතුර ඔබටද නැවත කියනවා.

    ඉඳුනිල්,
    මට ඔබගේ ඊය ලැබුනේ නැහැ. නමුත් මට එය නැවත එවන්න. ඔබගේ දිරි ගැන්වීමට ස්තුතියි.

    මාතලන්,
    ඔබ මට හොඳම මිත්‍රයෙක්. මම දන්නවා ඔබ කියන්නේ හදවතින්ම බව. මිත්‍රයා ඔබට ස්තුතියි.

    බුවා,
    මේකනේ සහෝ අපි දන්නවා අපි මැරෙන මිනිස්සු. නගුට අස්සේ ගහගෙන මැරෙනවට වඩා හොදයි හරි විදියට මැරෙන එක. ඒ නිසා ඉන්න ටික කාලේ නියම විදියට ඉන්න එක තමයි මගේ පැතුම. ඔබට ස්තුතියි.

    ඉන්දික උපශාන්ත,
    මේකනේ මෙතැනදී රජය යම් පමනකට අවශ්‍යයි. මේ ගොන් රෑනනේ අවසාන තීන්දු ගන්නේ. ඒ නිසා නමුත් අපි මොන බාධක ආවත් අපේ ගමන යනවා. දැනටත් මම නම් වැඩි දුරක් තනියම ඇවිත් අවසානයට ලඟයි.

    සදරූ (හිසහස )
    ලියන්නකො මල්ලි ඔබගේ මේ ගැන අත්දැකීම් ටිකක්.

    ඕනයා,
    ඇත්ත මල්ලී. මොනවා කරන්නද ?
    කොහොඹ පොතු වැඩේ නම් හොඳයි. හැබැයි මේවායේ අයිතිය දැන් ඇමරිකාවට. ඒත් අපි ඒ සටන ජය ගත්තා. ඉන්දියාවේ උදව් ඇතුව. ඒ ගැන ලියන්නම් දිනක.

    ReplyDelete
  12. මේ ලිපිය වටිනාකම වඩාත් වැඩිවෙන්නෙ අපේකම පිළිබද හැගීමත් එක්ක. සිංහල වෛද්‍ය ක්‍රමයේ ඇති නිල වෙදකම, විදුම් පිළිස්සුම්ක්‍රම වලින් අවුරුදු 9ක් අංශභාගෙ හැදිල හිටිය සවුන්දර්යය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් එක පැය දෙකක් ඇතුලත සනීප වෙලා හොදින් දැනට කඩකටයුතු කරන් පටන් ගත්තෙ ගිය සතියෙ. ඉතින් කවර නම් කතාද? බොහොම පින් මෙවැනි පෝස්ට් වලට

    ReplyDelete
  13. ඒ එක්කම අපේ සිංහල වෙදකම අතින් දියුණු වෙච්ච රටවල ඉදපු ලංකාවෙ බටහිර වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරයෙක් පවා දෑතට ඔසවාගෙන විත් දෙපයින් පැයක් දෙකක් ඇතුලත ගමන් කරවපු සිංහල වෛද්‍ය ශාස්ත්‍ර තවමත් අප අතර ජීවමානව තිබෙන බව ප්‍රකාශ කරන්නෙ හද පිරි සතුටකිනි. නමුත් එය විකුණාගන්න එම බටහිර වෛද්‍යවරයා සිතූ සිතිවිල්ල පවා දැනගැනීමට හැකි වූ සිංහල වෙදතුමා පැවසූවේ ඔහු නැවත එතැනට නොපැමිණෙන බවය.

    ReplyDelete
  14. ආයුර්වේද ප්‍රතිකාර වල ප්‍රතිපල ලැබෙන්නෙ හෙමින්. මිනිසුන්ට ඕනෑ කරන්නෙ ඉක්මන් සුවය. ඒත් ඉංග්‍රීසි බෙහෙත් හැම එකකින්ම " සයිඩ් ඉෆෙක්ට්ස්" රාශික්ම ලැබෙන බව ගොඩක් අය දන්නෙ නෑ. ආයුර්වේද ප්‍රතිකර්ම වලින් එහෙම සිද්ද වෙන්නෙ නෑ.
    ඉක්මන් කොටයි කියල එක ලෙඩක් හොඳ උනාම තව ලෙඩ කීපයක් නිකම් හදා ගන්නව.

    ReplyDelete
  15. This comment has been removed by the author.

    ReplyDelete
  16. ඇත්තෙන්ම ලියුකේමියාව වගේ පිළිකා රෝගවලට බටහිර බෙහෙත් නවතා අයුරුවේද ප්‍රතිකාර තියනවද?

    ReplyDelete