Wednesday, October 5, 2011

කුමන ආයූර්වේද පර්යේෂණද?

ලේකම්,
දේශී‍ය වෛද්‍ය අමාත්‍යාංශය,
නාවින්න,
මහරගම.
ගරු ලේකම්තුමනි,

_________ පිලිබඳ පර්යේෂණය සඳහා රජයේ අනුග්‍රහය ලබා ගැනීම.
මාගේ පර්යේෂණය සඳහා, පර්යේෂණ කමිටුව වෙත ඉදිරිපත් කරන ලද පර්යේෂණ යෝජනා පත්‍රය, ඉදිරිපත් කර කාලයක් ගත වී ඇතත් ඒ පිලිබඳ දැනුම් දීමක් මා වෙත නිල වශයෙන් මේ වන තෙක් දන්වා නැත. වාචිකව මට දැනගන්නට ලැබී ඇති අයුරු, මෙම පත්‍රිකාව සායනික පර්යේෂණයක් ලෙස කරගෙන යාමටත්, ආචාර ධර්ම කමිටු අනුමැතියට යොමු කරීමටත් අවසර ලබා දුන් බවය. නමුත් මට තවමත් ඒ ගැන දන්වා නැත. දැනටත් වසර හතරක් පමන කාලයක් තිස්සේ පර්යෙෂණ කමිටු අනුමැතිය ලබා ගැනීමට ගත වී ඇත.

ගරු ලේකම්තුමණි,
1. ----------------- විශ්ව විද්‍යාලීය වෛද්‍ය පීඨ ආචාර ධර්ම කමිටුව වෙත මෙම පර්යේෂණය ඉදිරිපත් කිරීමට මවිසින් සියළු කටයුතු සූදානම් කරගෙන ඇත. ඒ සදහා අප දෙපාර්තමේන්තුව යටතේ පර්යේෂණ කමිටු අනුමැතිය ලද තොරතුරු එම ආචාර ධර්ම කමිටුව වෙත දන්වා යැවීමට අවශ්‍යය.

2. එංගලන්තයේ කැන්ටබරි විශ්ව විද්‍යාලය සමඟ එක් වී කරන පර්යේෂණයක් ලෙස මෙය සිඳු කිරීමට මට මේ වන විට සියළුම පහසුකම් ලැබී ඇත. මා හට අත්‍යාවශ්‍යම වන ආයූර්වේද පර්යේෂණ කමිටු අනුමැතියෙන් හෝ ශ්‍රී ලාංකික සම්බන්ධයකින් තොරව මෙම පර්යෙෂණය කිරීමට හැකියාවක් ඇතත් එහිදී මෙහි අයිතිය ලැබෙන්නේ අපට නොව ඔවුන්ටයි. නමුත් මම, නාවින්න පර්යෙෂණායතනය, හා කැන්ටබරි විශ්ව විද්‍යාලය යන ආයතන එකමුතු වී කරන පර්යේෂණයක් මගින් (මෙහිදී සියළුම අනුමැතියන් ලබා දෙන්නේ අප ආයතනය බැවින්) පර්යේෂණයේ සම්පූර්ණ අයිතිය හා එහි ගෞරවය ලබෙන්නේ අප ආයතණයටයි. තවද මෙහිදී ඇතිකර ගන්නා සම්බණ්ධතාවය නිසා ලෝකයේ ප්‍රමුඛම ආයතනයක් හා එක්වී පර්යේෂණ කිරීමේ වාසිය ඉදිරියටත් අපට ලැබෙනු ඇත.

මාහට ඉහත කමිටු අනුමැතිය පිලිබඳ එම තොරතුරු නොපමාව ලැබීමට සලස්වන්නේනම් එය මට මෙම පර්යේෂණය සදහා ඉතිරි වැඩ කටයුතු වලට මහත් උපකාරයක් වන්නේය.
ඔබතුමා මාහට මෙම පර්යෙෂණය සඳහා ලබා දුන් අනුග්‍රහය මෙම කරුණ සම්බන්ධයෙන්ද ලබා දෙන මෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
විශ්වාසී


පිටපත්.
1. ආයුර්වේද කොමසාරිස්,
2. අධ්‍යක්ෂ බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ ආයතනය,

__________________________________________________________

2006 පමන සිට 2010 දක්වා මවිසින් යවන ලද ලිපිවල තොරතුරු මෙහි සදහන් කොට ඇත.
(2010/07/19) ගරු ලේකම් තුමාවෙත මාගේ ලිපිය.

(2006/09/11) පළමු වරට මාගේ පර්යේෂණ පත්‍රකාව ඉදිරිපත් කල පසු, මගෙන් ඉල්ලූ නිවැරදි කිරීම සම්බන්ඳ ලිපිය.

2007/07/27, මවිසින් ආයූර්වේද පර්යේෂණ හා ආචාර ධර්ම කමිටුව වෙත යොමු කරන ලද ලිපිය

2007/06/05 දින ගරු ලේකම් තුමා විසින් මවෙත සාකච්ඡාවක් සදහා ඉදිරියේදී දිනයක් ලබා දෙන බව දන්වන ලද ලිපිය.

2007/06/05 දින ගරු දේශීය වෛද්‍ය අමාත්‍ය තිස්ස කරලියැද්ද මැතිතුමාද මා වෙත එවන ලද ලිපිය.

2007/06/13 දින ගරු ලේකම් තුමා 2007/06/20 දින පෙ.ව.11 සාකච්ඡාවක් සදහා පැමිනෙණ ලෙස දැන්වූ ලිපිය.

2007/11/13 දින මාවෙත ආයූර්වේද පර්යේෂණ ආචාර ධමර්‍ කමිටුවෙන් මාගේ පර්යේෂණයේ, පර්යේෂන ක්‍රමවේදය නිසියාකාරයෙන් නැවත සකස් කර එවන මෙන් ඉල්ලා සිටි ලිපිය.

2009/03/20 දින ගරු කොමසාරිස්තුමිය මා වෙත එවන ලද ලිපිය.

2010/06/01 දින මගේ පර්යේෂනයේදී මවිසින් භාවිත කරන ඖෂධ වට්ටෝරුව සදහන් කර නැති බව මවෙත දන්වන ලද ලිපිය.

පලමුව ඉදිරිපත් කරන ලද මාගේ පර්යේෂන යෝජනා පත්‍රය. (2010/02, මස ඉදිරිපත් කලෙමි.)

2010/06/10 දින දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි නිවැරදි කර ඉදිරිපත් කරන ලද පර්යේෂන පත්‍රිකාව.
-----------------------------------------------------------------------------------------------

ඔබ ලංකාවේ ආයූර්වේද වෛද්‍ය විද්‍යාව සම්බන්ධව පර්යේෂණ කෙරෙන්නේ නැතැයි සිතන බව මම දනිමි.

එහි යම් සත්‍යතාවක්ද ඇති බව දනිමි.

නමුත් එසේ වන්නේ ඇයිද යන කාරණය ගැන පැහැදිලි කිරීමට මම මෙය අවස්තාව කර ගනිමි.

ඉහතින් සදහන් වන්නේ මවිසින් ආයූර්වේද අමාත්‍යාංශයේ ගරු ලේකම් තුමා වෙත යවන ලද ලිපියකි. මීට පසු 2011 වසර පුරාවටත් තවත් ලිපි කීපයක් හුවමාරු වී ඇත.

නමුත් තවමත් ප්‍රතිඵලය 2006 මම මගේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ඇරබූ තැනමය. එක් හෝ අඩියක් ඉදිරියට ගොස් නැත. මේ නිසා කුමන ආයූර්වේද පර්යේෂණද?

මම මේ වන විට මගේ පශ්චාත් උපාධිවලත් අවසානයට පැමින ඇත. තවත් නොබෝ දිනකින් මට තවත් අධ්‍යාපනයේ යා යුතු සියළු කඩඉම් මම ජයගනු ඇත.

එහෙත්!

මම මට ලද අවස්ථාව ලබා ගතිමි.

මේ නයින් බලන කල මට මම ද්‍රෝහියෙක් දැයි සිතෙන වාරද අපමනය. නමුත් හුදු පෘතග්ජනයෙක් ලෙස මමද යමක් ලැබීමට ආසා ඇත්තෙමි.

ඒ නිසා මට විදේශයකින් ලැබුනු අවස්තාව පිලිගත්තෙමි. එහෙත් මෙය නිවැරදි කිරීමට සෑහෙන උත්සාහයක් 2011 වසර වනතෙක්ම දැරූයෙමි.

අවසන් ප්‍රතිඵලය 0 නිසා දැන් වෙනතක් බලාගෙන සිටිමි.

කෙසේ හෝ අවසන ලොව පෙලන මහත් වූ දරුනු ලෙස පැතිරී යන රෝගයකට, කල පර්යේෂණවල ප්‍රතිඵල ලැබී ඇත. අප සාර්ථකය.

වැඩි දිනක් ගත වීමට පෙර ලොව ජනතාවට ඒ ප්‍රතිලාභ ලැබෙනු ඇත.

හැබැයි මගේ මව්බිමේ නම ඒහා නොකියවෙනු ඇත.

මා මැරෙන මොහොතේත් එය මගේ සිතට වදදෙනු ඇතැයි මට සිතේ.

ඔබ මට ද්‍රෝහියෙකැයි නොකියනු ඇතැයි මම සිතමි…………..

27 comments:

  1. මම නම් ඔබට ද්‍රෝහියෙකැයි කිසිවිටකත් කියන්නේ නෑ...:D

    ReplyDelete
  2. ඔබේ පෙර ලිපියට
    මා එක්කල කොමෙන්ටුව නැවත බලනු.
    :D

    ReplyDelete
  3. නර්ඩ් එකේ කොංක්‍රීට් කුලසිංහ මහත්තයගෙ කොංක්‍රීට් සිල්පර කොටං වලට උනෙත් ඔය වගේම වැඩක් . . . . රේ විජේවර්දනගෙ අත් ට්‍රැක්ටරේට උනෙත් ඔහොම්මමයි . . . . තව දෙනවනං උදාහරන සියගානක් දෙතෑකි . . . .
    ලංකාවෙ ගේමක් නැතුව කරන්න පුලුවං දේවල් ලංකාවෙදි නොකර ඒව පිටරටවල කලාම ඉතා අධික මිලක් ගෙවල මිලදීගන්න විතරයි අපේ උන්නාන්සෙලට පුලුවං .. . . .

    ප.ලි.
    අයිය සමහරවිට දෙයියංගෙ මල්ලි කලිං යවල ඊට පස්සෙ ඔය ලිවුං ටික යැවුවනං . . සමහරවිට ලියුං කීපයකිං වැඩේ ගොඩදාගන්න පුලුවං වෙන්නත් තිබුන.

    ප.ප.ලි.
    මම හිතන්නෙ නෑ ලංකාවෙ කීයටවත් ලැබෙන්නෙ නැති අවස්තාවක් ප්‍රයෝජනයට අරගෙන "මිනිසා" වෙනුවෙන් යමක් කරන්න හදන අයිය "ද්‍රෝහියෙක්" කියල

    ප.ප.ප.ලි.
    අයියට තිබුනෙ "අටපට්ටමේ" පෙන්නන්න පුලුවං විදියෙ පර්යේෂනය්ක් කරන්න . . . . බලලෙක් නැට්ටෙං ඇවිද්දනව වගේ . . . . ආන්න ඒවගේ දේවල් තමයී මිනිස්සුන්ටයි බලධාරීන්ටයි පේන්නෙ . . .

    ReplyDelete
  4. කියන්න වදන් නෑ සිතුම් සිතේ ගොළු වෙලා..
    පවසා ගන්න බෑ වදන් සිතේ හිර වෙලා...

    ReplyDelete
  5. මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු //

    මම නම් හීනෙන්වත් පතන්නේ නෑ ආයෙත් ඉපදෙනවනම් මේ කාළකන්නි රටේ ඉපදෙන්න.

    ReplyDelete
  6. ඔබ තුමා බැංකුවකට කතා කරළා බැලුවේ නැද්ද. සමහර විට උදව්වක් ගන්න පුළුවන් වෙයි. අය්යෝ මේ වගේ කාළකන්නි රටක්. පුදන්න ඕන මිනිස්සු පැත්තක. කාළකන්නින්ට වැන්දේ නෑ කියල අරෙහෙ මරා ගන්නවා.

    ReplyDelete
  7. අඬල වැඩකුත් නෑ හිනාවෙලා වැඩකුත් නෑ. ඔහේ බලං ඉන්නයි වෙලාතියෙන්නෙ වෙන්න තියන දෙයක් වෙනකං. රට අපි ගැන හිතනවනම් අපි රට ගැන හිතුවා කමක් නෑ. ඔය තත්වයේ මම හිටියනම් ඔච්චර කල් බලං ඉන්නෙ නෑ. මොකද මම හැදෙනව, මගේ එවුන් හදනව මිසක් රට හදන්න කිසිම උවමනාවක් නැති නිසා. අනික මගෙ විකිණීමේ මිලත් බොහොම අඩුයි වර්තමානයේ නම්.

    මං දේශද්‍රෝහියෙක්ද මංද.....

    ReplyDelete
  8. නිකංයෑ ඕවට පස්තාච්චි කියන්නේ!
    උඹේ කටෙත් පස්, මගේ කටෙත් පස්.

    ReplyDelete
  9. වතුරවලින් කාර් දුවන,
    ලෙඩ සනීපවෙන
    රිසර්ච් එකක් කරන්න!

    ReplyDelete
  10. ඕනයාගේ අදහස + මාතලන්ගේ පලවෙනි කමෙන්ටුව +

    සැබැ ද්‍රෝහින් කව්ද කියා රටම දනී , එහෙත් නොදනී

    ReplyDelete
  11. පොඩි කුමාරිහාමි,
    එය මම දන්නවා. ඔබට ස්තුතියි.

    රාජ්,
    එය තමයි හරිම කමෙන්ටුව. එයාල දන්නේ නැහැ යන්නේ කොහේද කියා. ඒකයි මේ ගැටළුව.

    ඕනයා,
    මල්ලි මට ඔය කියන බොහෝ දෙනා, කුලසිංහ මහත්මා, එතකොට රේ විජයවර්ධනයන් මුණ ගැසී තිබෙනවා. කුලසිංහ මයාගෙන් නම් මම එතරම් දෙයක් ගත්තේ නැහැ. එතුමා මට අගනා පොතක් තිලින කලා. හැබැයි මුළු දිනක් මම රේ විජයවර්ධනයන් සමඟ කථා කර තිබෙනවා. එතුමාගේ කන් ඇසීම දුර්වල වුවත් කියූ දේවල් මට ජීවිතේටම ඇති. එතරම් වටිනා මිනිසෙක්.
    ඔබේ අදහස හරි පර්යේෂණ නමින් ලංකාවේ හදුන්වන්නේ ඒවා තමා.

    ගිම්හාණී,
    මේ ලිපිය තමයි මම ඉතා තදබල කලකිරීමකින් ලියූ පලමු ලිපිය. මට තදින් දැනුනා අද උදේ මට මගේ විශ්වවිද්‍යාලයෙන් ලැබුනු ලිපිය. ඒ ලිපිය බලා මට හිතුනා මෙය ලංකාවට වැඩක් නැහැ නේද කියා. ඒකයි ඔය ලිපිය ලියන්න හිතුනේ.

    මාතලන්,
    ඔබ සමග එකගයි. දැනටත් මම වෙන රටක මගේ අවසාන කාලය ගත කරන්න සියල්ල සූදානම් කර හමාරයි.

    ඔබේ දෙවනි කමෙන්ටුවට කියනව නම් මට මුදල් එතරම් ප්‍රශ්නයක් නැහැ. මේ අවසර එකල ලැබුනා නම් මම මගේ වියදමින් හෝ මෙය කරනවා. ලංකාවට ප්‍රතිලාභය ලැබෙන්න. නමුත් පමා වුනා වැඩියි.

    නවම් මාවත,
    ඔබ අපි කවුරුත් මේ අයගේ මිම්මෙන් ද්‍රෝහීන් නමුත් අපි අපේ හදවතට එකඟවයි මේ හැම දෙම කර ඇත්තේ. ඒ නිසා අපි තැවෙන්නේ නැහැ.

    කතන්දර,
    සහතික ඇත්ත. අන්න කලොත් වැඩ.

    බුවා,
    ඇත්තෙන්ම ඔබ හා එකඟයි. අපි අපිම රැවටෙමු. නැත්නම් එහෙම හිතාගෙන ඉමු.

    ReplyDelete
  12. දුක තමයි... අපේ රජතුමාට කියලා බැලුවේ නැත්ද? දැං ඉතිං මක් කොරන්නද? ලෝක ජනතාව ඇතුලත අපිත් ඉන්නවා නොවැ...

    ReplyDelete
  13. කියලා වැඩක් නේ. ඔබ තුමා කල දේ කිසිම වැරද්දක් නෑ.

    අධ්‍යයන කටයුත්තකට නෙමෙයි, නිකමට ආපු අදහසක් මත මම වරක් ආපදා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ගැන යෝජනාවක් වසර හතරක් තිස්සේ නිසි බලධාරීන්ට යොමු කළා.ඒ දේ මට තනි පුද්ගලයෙකු නිර්මාණය කිරීමට හැකියාවක් නැහැ. කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නැහැ, ඒත් මගේ යෝජනා හා රූපසටහන් අමු අමුවේ කොපි කර අදාල බලධාරීන් රුපවාහිනී වැඩසටහනක ඔවුන්ගේ මෙන් ඉදිරිපත් කළා. අදාළ පුද්ගලික රුපවාහිනි ආයතනයට මම එය සාක්ෂි සහිතව ඔප්පු කලත් ඔවුන් මට කිසිම සහායක් දුන්නේ නැහැ. මම එක්තරා පුද්ගලික සන්නිවේදන ආයතන ප්‍රධානියෙක් සමග ඒ ගැන සාකච්ඡා කලා ප්‍රයෝගික නිර්මාණයක් කිරීමට, ඔවුන්ගෙන්ද සහයෝගයක් ලැබුනේ නැහැ. නමුත් පසුව ඔවුනුත් මගේ යෝජනාවේ ඩමියක් ඉදිරිපත් කර යම් ප්‍රචාරයක් කළා. කොහොම වුනත් අදටත් මම යෝජනා කරපු දේ ක්‍රියාත්මක වෙලා නැහැ.

    වසර 4කට පස්සේ කාරණය ජනාධිපති ලේකම්ට දෙනුම් දීමෙන් පසු, එතුමා හරහා අදාළ ආයතනයෙන් මට ඔවුන්ගේ සමුළුවක මගේ යෝජනාව ඉදිරිපත් කරන්න ආරාධනා කලත්, පුද්ගලික ප්‍රශ්න මත සහභාගී වෙන්න බැරි වුනා. එපමණයි... සියල්ල අවසානයි... දැන් දැන් ආනයනික විකල්ප ක්‍රම තියෙන නිසා මමත් ඒ පස්සේ යෑම නවත්වලා දැම්මා, ඒත් මගේ ක්‍රමය ඒවාට වඩා ඵලදායකයි...

    ReplyDelete
  14. චතුර,
    රජතුමා නෙමෙයි මේ කරුණ ගැන පාර්ලිමෙන්තු අය වැය විවාදයකදීත් විපක්ෂයෙන් ප්‍රශ්න ගෙන ආවා. නමුත් ඒ හැමෙකක්ම අන්තිමට මට අවාසියටමයි හිටියේ.

    ReplyDelete
  15. ඉඳුනිල්,
    ඔබට එදා ඇතිවූ වේදනාව මම දන්නවා. මම එය විඳ තිබෙනවා.

    අපිට හොරෙන් අපි විකිනෙන පුදුම රටක් මේක....

    ReplyDelete
  16. පවුකාරයෝ අතර ඉපදෙන්න පිං කල අපි....!

    ReplyDelete
  17. ප්‍රසන්න,
    අනේ මන්ද මට නම් මතක් වෙන්නේම දීපාල් සිල්වා.

    ReplyDelete
  18. ඉතින් දැන් ඔබ තුමා අපිට කියන්නෙ ඔය උඩ තියන පිංතූරේ දිහා බලාගෙන ඉන්න කියලද ????????

    ReplyDelete
  19. ගිම්හාණී,
    ඔබ අසන්නේ කලින් ලිපිය ගැන නම්, මගේ පිලිතුර වන්නේ. අප කල්පනාවෙන් වැඩකලයුතු තැනදී සියල්ල වරද්දාගෙන ඇත. යහපත් සමාජයක් වෙනුවට පොරබඳමින් ඉහලට නැඟීම පෙරටුකොටගත් අදහස් වලට අපේ අනුමැතිය දී ඇත. නමුත් ඔබ සොයන්න ඔබට ලැබේවි. මට මේ දේවල් නමින් හදුන්වා දීමට හැකියාවක් නැත. මගේ ප්‍රචාරයක් බවට බ්ලොගය පත් කරගැනීමටද අදහසක් නැත. ඒත් ඔබට මේ දේවල් පොඩි මහන්සියකින් සොයාගත හැකි බව පවසමි. ස්ථානයක් හදුන්වා දීමට නොහැකිවීම පිළිබඳව මගේ අවංක කනගාටුව පිළිගන්න.

    ReplyDelete
  20. ස්තුතියි . මම සොයා ගන්නම්කො .

    ReplyDelete
  21. ලංකාවේ Research and Development ගැන ලොකුවට කියෙව්වට ඒවාට කිසිම අත හිත දීමක් නම් නැහැ කොහොමත්ම !

    ReplyDelete
  22. ඔබ සමග එකගයි. දැනටත් මම වෙන රටක මගේ අවසාන කාලය ගත කරන්න සියල්ල සූදානම් කර හමාරයි.............................

    මම තවමත් තරුණ් වෛද්‍යය ශිෂ්‍යයෙක්මි,
    මටද පරීක්ෂණ කිරීමට බොහෝ කුඩා කල සිට ආසවක් තිබුණි.
    එහෙත් මගේ පරීක්ෂණයට උදවු ගැනීමට ඔබවන් සම්පත්දායකයින් අනාගතයේ ඉතිරි වේද යන්න මම නොදනිමි.
    මම ඔබට රට හැර නොයන්න යැයි නොකියමි.
    මන්ද මම ඉතා ළාබාල එකෙකු වන හෙයිනි.

    ReplyDelete
  23. ලංකාවේ බොහොමයක් ක්ෂේත්‍ර වල අමුතුම මොනොපොලියක් තියනවා.ඒ ඒ දේවල් වලට අරක් ගත්ත භූතයො ඉන්නවා. උන් ඉන්න තැන් වල ඉන්න පුළුවන් එහෙයියන්ට විතරයි. උන්ට අභියෝගයක් වෙන්න පුළුවන් කිසිම කෙනෙකුට ඒ වෘත්තීන් වලින් ඉහල එන්න දෙන්නෙ නැහැ......හැම ෆීල්ඩ් එකකම ඔය වගෙ සෙට් එකක් ඉන්නවා මහ වෙදනා...

    අර කොසොල් රජ්ජුරුවන්ගෙ සිහින ගැන හිතලා හිත හදා ගන්න.

    ReplyDelete
  24. obathuma rata hara yanawa kiwwama lagama kenek yanawa wage dukak hithuna

    ReplyDelete
  25. තනියෙන් දෙයක් කරමු වෙද මහත්තයෝ... ඔය දැන් යන ක්‍රමේ තියෙන්නේ තව අවුරුදු 8-10 යි. මිනිස්සුන්ට වුනත් ගොනා වෙන්න පුළුවන් සීමාවත් තියෙනවා නොවැ. අනේ මන්දා, හෙට ගේ ඉස්සරහ සුදුවෑන් නවත්තයිද දන්නෑ. ඔබතුමා වගේ කෙනෙක්ගෙන් වැඩක් ගන්න බැරිවුනු අපියි පව්කාරයෝ...!

    මේ එකක් පමණයි. තව වෙදනාවරු කොපමණ ඇත් ද ? තව උගත්තු, බුද්ධිමත්තු, නැණවත්තු කොච්චර ඇත් ද ? කියන්න කෙනෙක් නැතුව, විදියක් නැතුව කළකිරීම හිතේ තද කරගෙන...???

    මටත් මතක් වෙන්නේ දීපාල් උන්නැහේව තමයි. අනේ මන්දා !!!

    ReplyDelete
  26. කණගාටුයි වෙලා තියෙන දේට... හැබැයි අයියේ (අයියා කිව්වට කමක් නැනේ ) ඕකට අපි දුක් වෙලා වැඩක් නෑ නේද? අපි දන්න කාලේ ඉඳලම මේ සමාජේ/රටේ හැටි ඔහොම තමා.. තව ඉස්සරහටත් ඕවයේ වැඩි වෙනසක් වෙන එකක් නෑ.... තව පරම් පරා 2-3ක් වත් යනකම් ඔය සිස්ටම් වෙනස් වෙන එකක් නෑ...ඒක එහෙමයි කියල අපි බැන බැන ඉන්න එක තේරුමක් නෑනේ... රට දාල යන එකත් ඉතින් හොඳයි කියල කියන්න බෑ.. හැබැයි තම්න්ගේ ජීවිතේ / පවුල ඔය ඔක්කොටොම වැඩිය වටිනවා...

    කරගෙන ආපු පරීක්ෂණ දිගටම කරගෙන යන්න... රටට කීර්තිය නැති වෙන එක ගැන එච්චර හිතන්න ඕනේ නෑ... අන්තිමට මිනිස්සුන්ට සෙතක් වෙනවනම්... ඔය කොයි රටෙත් ඔය වගේ දේශපාලකයෝ ඉන්නවනේ... ඒ මිනිස්සු ඔක්කොම හැදෙනකම් ඉඳල වැඩ කරන්න හිටියොත් අපිට මොකුත් කරන්න වෙන්නේ නෑ....

    මේ ලෝකෙට සෙතක් කරපු හැම මනුස්සයටම ඔය වගේ ප්‍රශ්න එන්න ඇති... මම නම් දකින්නේ ඒ ඒ අවස්තාවට හරියන විදියට අපි හැසිරිලා අපේ වැඩේ සාර්තක කරගන්න ඕනේ කියලා... තියෙන සිස්ටම් එකට බනින එක හරි ලේසියි... අපි හැමෝම ගොඩක් වෙලාවට කරන්නේ ඒක... හැබැයි ඒ සිස්ටම් එකේ ඇතුලේ ඉඳගෙන ලෝකෙට වැඩ කරන මිනිස්සු තව ඕනේ තරම් ඉන්නවනේ...

    ReplyDelete
  27. ලිපියය්, කොමෙන්ට් ටිකය් කියෝල ලොකු හුස්මක් හෙලුව.

    ReplyDelete