Thursday, May 26, 2011

මසාජ් සහ ආයුර්වේදය.. කොහොමද මේ දෙක එකට යන්නේ??????

මම අද කියන්න යන්නේ සමාජයේ ලොකු කතිකාවක් ඇති වෙන්න ඕනෙ දෙයක්.

මේක මට මතක් වුනේ ගිය සතියේ මගේ මිත්‍රයෙක් මගෙන් ඇහුව කාරණයකින්. එවලෙම මම හිතා ගත්තා ලිපියකට ගන්න හොද මාතෘකාවක් කියලා. ඒත් අපේ වෙද හාමිනේට හොරෙන් ඕනෙ මේක ලියන්න. එයා කැමති නැහැ මම මේ මාතෘකාවට පැටලෙනවට. දන්නවනේ මේක පිටිපස්සේ ඉන්න කට්ටිය ඉතාම බලවත් මිනිස්සු. උන්ට අපි නිකම් හාල් මැස්සො.

හොදයි මෙන්න කථාව…………..

දැන් අවුරුදු කීපෙකට කලින් සති අන්ත පත්තරයක ආයුර්වේද වෙළද දැන්වීම තිබ්බේ ඉතාම සුළු ගනනක්. නමුත් දැන් බලන්න සති අන්ත පත්තරයක වෙළද දැන්වීම අතිරේකයක් ගත්තම සෑහෙන විශාල ප්‍රමාණයක් තියනවා ආයුර්වේද වෙළද දැන්වීම. මේවා වර්ග කීපයක් තියනවා.

1. ඖෂධ දැන්වීම - ඒක අපි ලොකු සටනක් කරලා පිලිවෙලකට හදා ගත්තා. ඒත් තාමත් නීතියට පිටින් මේ දැන්වීම් යනවා. අපි ඒවා වාර්ථා කරනවා. අවශ්‍ය වුනහම යම් යම් පියවරවල් ගන්නවා. ඒ පැත්ත යම් ප්‍රගතියක් ලබලා තියනවා.
2.වෛද්‍යවරු පිළිබඳ දැන්වීම් - මේවා සපුරා තහනම්. කවුරු හරි එහෙම කලොත් ඒක නීති විරෝධී වැඩක්.
3. ආයතන පිළිබඳ දැන්වීම - මේවා තහනම් නැහැ. කාටත් දාන්න පුළුවන්. පොඩි අවසරයක් විතරයි ඕනෙ වෙන්නේ.
4. ආයුර්වේද ඇබෑර්තු - මෙන්න ප්‍රශ්නේ. මේවා මොනවද. මෙහෙම රැකියා දෙන්න ලංකාවේ ආයුර්වේදෙ ඒ තරමට රැකියාත් නැහැ. ඒ තරම් ආයතනත් නැහැ.

ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරු දැනට ලියාපදිංචි කරලා තියන අය ඉන්නේ 20,000 විතර ගනනක් ඕකෙන් වැඩිම ප්‍රමාණයක් රජයේ වැඩ කරනවා. එයාලට පුද්ගලික සේවය තහනම්. (ගෙදර කලාට ප්‍රශ්නයක් නැහැ.) තව කොටසක් පාරම්පාරික වෛද්‍යවරු. ඉතාමත් සීමිත ගනනක් තමයි යම් ප්‍රමානයකට විශාල රෝහලක් හෝ එවැනි ආයතනයක් පවත්වා ගෙන යන්නේ. මේක ඉතාමත් සුළු ගනනක්.

එතකොට මොනවද මේ රැකියා. බලන්න වැඩි හරියක් ඉල්ලන්නේ තෙරපිස්ට්ලා.
කව්ද මේ?
ආයුර්වේදෙ මෙහෙම කට්ටියක් ඉන්නවද?
නැහැ. කොහෙත්ම නැහැ.
එහෙනම් මේ මොකක්ද?

මෙයාල තමයි මසාජ් ක්ලිනික් වල මසාජ් කරන්න සේවිකාවන් ගන්න අලුත්ම ක්‍රමය.
මට මසාජ් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. කරන්න කට්ටිය ඉන්නව නම් කස්ටො (රංගගේ වචනයක්) ඉන්නව නම් මට මොකද? ඕන කෙනෙක් කර ගත්තදෙන්. හැබැයි කොහෙවත් තියන ආයුර්වේදේ ඇයි මේකට ගාවන්නේ?

ඔබ දන්නවද ආයුර්වේදෙ සහ මසාජ් අතර කිසිම සම්බන්ධයක් නැති වග.....
ඔව්......
ඇත්ත ඒකයි....

ආයුර්වේදෙ තියනවා රෝගියෙක්ට ප්‍රතිකාර කරන යම් ක්‍රමවේදයක්. ඒක අපිට ඕනෙ විදියට හිතු මතේ කරන්න බැහැ. ඉතා පුරානයේ සිටි මහා බුද්ධිමත් මිනිසුන් තමයි මේ ක්‍රම සොයාගෙන තියන්නේ. අවුරුදු දහස් ගනනක් මේවා අත්හදා බලල පරීක්ෂණ කරලා තියනවා. ඒ බව ආයුර්වේදයේ මූලික ග්‍රන්ථ වන චරක සුශ්‍රැත අශ්ටාංග හෘද්‍ය වගේ පොත් පරිශීලනය කරද්දී අපට පෙනෙනවා. මෙවා ඉතාමත් විද්‍යානුකූල මෙඩිකල් ජර්නල් කියන්න පුළුවන්.

මේ ග්‍රන්ථ වලට අනුව යම් රෝගියෙක්ට යම් රෝගයකට ප්‍රතිකාර කරත්දී අපට උදව් වෙනවා එම රෝගයට අදාල චිකිත්සා සූත්‍ර කියන දෙ. මේ චිකිත්සා සූත්‍ර හැම විටම මූලික කරගෙන තමයි රෝගියාට ඖෂධ, ආහාර, ව්‍යායාමය, විවේකය ලබා දෙන්නේ. මේවායින් වෙනස් වෙන තැන් පවා මෙම ග්‍රන්ථ සාකච්ඡා කරල තියනවා.

ඒ කියන්නේ ක්‍රමාණුකූල වෛද්‍ය අද්‍යාපනයක් ලැබූවෙකුට රෝගියෙක්ට ප්‍රතිකාර කරනකොට මේ සූත්‍ර ඉතා වැදගත්.

යම් රෝගයක් වැලදුනාම ශරීරයේ ඇති වෙනවා යම් යම් විෂ තත්වයන් (Toxic Factors). එතකොට ශරීරයේ කොහොමත් පරිවෘත්තියේදී සෛලවල මේවැනි විෂ ස්වභාවයෙන්ම ඇති වෙනවා.
මේ විෂ නිසා තමයි නැවත නැවත රෝගය වැලදෙන්නේ. එතකොට ආයුර්වේද ක්‍රමයට අනුව මේ විෂ ඉවත් කරන්නත් ක්‍රමයක් තියනවා. ඒක තමයි අපි පංච කර්ම කියන නමින් හදුන්වන්නේ.

ඔන්න වැරදුන තැන.....

මොනවද මේ පංච කර්ම...
1. නස්‍ය (නස්න කිරීම )
2. වමන
3. විරේචන
4. වස්ති
5. රක්ත මෝක්ෂණ

මේ කියන කර්ම (ක්‍රම ) 05 ට අපි කියනවා පංච කර්ම කියලා

එතකොට කොහොමද මේක මසාජ් ප්‍රශ්නෙත් එක්ක සම්බන්ධ වුනේ.....

ඒක වුනේ මෙහෙමයි......
මිනිස් ශරීරයට යමක් කරත්දි ඒක දරා ගන්න විදියට ශරීරය සකස් කරන්න ඕනෙ ( worm up)
මේ සදහා තියනවා පූර්ව කර්ම කියලා කොටසක්. ඒ කියන්නේ ශරීරය පංච කර්ම වලට ඔරොත්තු දෙන විදියට සකස් කරන ක්‍රම.
එක් එක් රෝග වලට අයිති අදාල ප්‍රධාන කර්මයේ හැටියට අදාල පූර්ව කර්මය කරන්න ඕනෙ. අපි උදාහරනයක් ගමු. නස්යකදී හිස කොටස අදාල වෙන නිසා හිස සහ ඒ කොටස් ඒ තත්වයට ගේන්න ඕනේ. එහෙනම් කොහොමද් ඒක කරන්නේ...
හිස ශරීර උශ්ණත්වයට සමානව රත්කරගත් සුදුසු තෙලකින් නාවනවා. සම්භාහනය කරන්නේ නැහැ. රෝගියාගේ ඇගට අත තියන්න ඕනෙ නැහැ.
තව දෙයක් කියන්න ඕනෙ නස්‍යකදී තෙල් බැරල් ගනන් නාසයට දමන් නැහැ. ඉතාම අංශුමාත්‍රයයි දමන්නේ. ඒකයි විදිමත් ක්‍රමය. ඒකටම විශෙෂ වූ තෛල වර්ගත් තියනවා.

අනිත් රෝග වලදීත් එසේමයි. සර්වාංග රෝග තත්වයක්දී ශර්ර්‍රයම තෙලින් නාවනවා. මේකට කියන්නෙ ධාරා ප්‍රතිකාරය කියලා. ශරීරයට තෙල් ධාරාවක් වගේ වැටෙන්න සලස්වනවා කියන එක.

හිසට ශිරෝධාරා,

ඇගට සර්වාංග ධාරා.

මෙන්න මේකට තමයි මසාජ් කෑල්ල අමුණලා තියන්නේ. දැන් ප්‍රධාන කර්ම යට ගිහින් මසාජ් සමඟ පූරව කර්ම විතරයි.
අනේ කාලේ....
අබුද්ධස්ස කාලේන........................
කජ්ජේන පුහුලං..................

දැන් ඔබට තේරෙනවද කොහේවත් තියන ආයුර්වේදයක් අල්ලගෙන මේ නටන නාඩගම.
කොටින්ම අපි ලගට දවසකට කෙනෙක් දෙන්නෙක් එනවා සහතික ඉල්ලන් අපේ ආයතනවල වැඩ කරලා පුරුද්ධ තියනවා කියලා ලියවගන්න. පව් තමයි කාටත් රස්සාවක් ඕනෙ ඒත් තව විෂයක් විනාශ කරන දේකට උද්ව් වෙන්න පුලුවන්ද?
ගොඩක් අපි එක්ක තරහා වෙනවා මේ ප්‍රශ්නෙ නිසා. මිනිස්සු දැන් හිතන් ඉන්නේ ආයුර්වේද කියන්නේ මසාජ් කරන එකට කියලා. (හැමෝම නෙමේ.) මෙකට දැන් වචනයකුත් එකතු කරගෙන ආයුර්වේද මසාජ් කියලා. {මම අවු 20 වැඩිය (1988 සිට ) ආයුර්වේද විදයාවත් එක්ක ඉන්නව. ශිෂ්‍යයෙක් විදියට අවු 8 පමණත් (අවු 2 , පමණ ගෙදරට වී සිටියා 1988 /1989 කාලයේ), අනිත් ටික වෛද්‍යවරයෙක් විදියටත් ඉදලා} තාම මෙහෙම වචනයක් මට කියවන්න ලැබිලා නැහැ.

ඉතින් මට ඕනෙ කරන්නේ ආයුර්වේද විද්‍යාව ගැන කථා කරන්න. ඒක මගේ යුතුකම. ඒ යුතුකම මම මැරෙනකම්ම කරනවා.
ජය!!!!!

9 comments:

  1. හැබයි වෙද මහත්තයෝ... වැඩේ නම් නැගලම ගොයිං....

    සුද්දො හොයාගෙන එන්නේ..

    ReplyDelete
  2. ඔබ කියන කථාව හරි. වැඩේ නැගල යනවා. ඒකට කමක් නැහැ. ඒත් මේ දෙවල් නිසා ආයුර්වේදෙ විනාශ වෙන්න හොද නැහැ. මොකද මේ වෙන්නේ ප්‍රතිකාරමය වැඩක් නෙමේනෙ. කරන්න තියන්නේ මසාජ් කියන කර්මාන්තය හරි හැටි උගන්නන්න. එතකොට ඒකට පිලිගැනීමක් දෙන්න. අපේ ප්‍රශ්නේ විසදගන්න හොදම වැඩේ ඒකයි. නැත්නම් මේදෙක එකට යන්න ගිහින් ආයුර්වේදෙ තියන ප්‍රතිකාරමය අගය විනාශයට යනවා. සංචාරක අමාත්‍යන්ශයට මෙ වගකීම පැවරුවා නම් හරි.
    ස්තුතියි!

    ReplyDelete
  3. අනේ ඉතිං මේ ඉහෙන් බහින ලෙඩක් නැති අය මේවට
    ගිහින් නැති ලෙඩත් හදා ගෙන එනවා ඇති...

    ඉන්දරා ලිදේ වැටුනට මක්කරමී.

    ආයුර්වේදෙ රැකගැනීමටනම්
    මෙවැනි දැනුවත් කිරීම් අවශ්‍යයි.


    ජය!!

    ReplyDelete
  4. මට දැනෙන හැටියට නම් අපේ කම කියන එකට තියන ඉල්ලුම අරහා වෙන යමක් මාකට් කරගන්න බලනවා කට්ටිය..

    ReplyDelete
  5. සමාවෙන්න.. ඔතන පොඩි කොස්සක් තියෙනව.. අපේ කෙල්ලො බැංකොක් කෙල්ලො වගේ ලස්සන නැති නිසා.. ඕක තමයි සුද්දෝ බාගන්න තියෙන කොරොමේ, නැත්තං කැසිනෝවලට වගේ බඩු ආනයන කොරන්න වෙනව..

    ReplyDelete
  6. මගේ මිත්‍රයෝ දෙන්නෙක් ඉන්නවා ආයුර්වේද අංශයේ. මේ දෙන්නාවම ඔබ අඳුණනවා මට හිතෙන විදියට.
    ඒ එක් කෙනකේ මට කිව්වා වාජීකරණ ඖෂධවලට ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා. (අනිත් එකා නං දැන් නිලධාරියෙක්!)
    වාජීකරණයට ඉල්ලුමයි, මේ තෙරපිස්ට්ලාට ඉල්ලුමයි පරස්පර විරෝධී නේද?

    ReplyDelete
  7. කතන්දර,
    ඔබ මට හොද ලිපියකට පොටක් අල්ලලා දුන්නා. ඉක්මනටම ඔබට සියළුම තොරතුරු ඇතුලත් ලිපියක් දෙන්නම්.

    ReplyDelete
  8. ඕක ජංගම ගණිකා ව්‍යාපාරයක් වෙලා අපෙ රටේ

    ReplyDelete
  9. මසාජ් කියන්නේ දැන් ලංකාවේ ගණිකා නිවාස වෙනුවට ආපු විකෘතිය. එයට ආයුර්වේද නම වැටීම නම් ආයුර්වේදයට කරන නිගාවක්..
    නමුත් මේ දේ මර්ධනය කරන තේරුමක් නෑ..විධිමත්ව පවත්වාගෙන යන්න යම්කිසි රාමුවක් අවශ්‍යයි..අඩු තරමෙ කස්ටමර්ට ටිෂූ‍දෙකක් වත් හරියට දෙන්න කියලා රෙගියුලේෂන් එනවා නම් වටිනවා..

    ReplyDelete